.

.

Apr 5, 2024

ඊශ්‍රායලය GPS සිස්ටම් එක බ්ලොක් කරයි ඉරාන ප්‍රහාරයකට බියේ සුපර් මාර්කට් සිඳී යයි


ඊශ්‍රායලය GPS සිස්ටම් එක බ්ලොක් කරයි

ඉරාන ප්‍රහාරයකට බියේ සුපර් මාර්කට් සිඳී යයි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


2023 ඔක්තෝබර් 7 වෙනිදා හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන්, පොලීසි හා හමුදා කඳවුරු එල්ල කර ගනිමින් කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන්, 1200 ක් මිලේච්ඡ ලෙස ඝාතනය කරලා 240 ප්‍රාණ ඇපකාරයෝ ලෙස ගාසා තීරයට පැහැරෙගෙන යාම මුලු ලෝකයේම අදාල ආගමට අයත් ත්‍රස්තවාදීන් විසින් ජයපැන් බොමින් සමරද්දී, ඒකට මෙහේ සෙට් එකත් එකතු වුනා... 


එයාල ඒදා ඊශ්‍රායලය ඉවරයි කියද්දී.. මාතලන් කිව්වේ... බලාගෙන හිටගන් ඊශ්‍රායල් කාරයෝ ගාසා කුඩු කරලා තමා නවතින්නේ කියලා... කිව්වා වගේම ඒ දේ වුනා... ගාසා තීරයේ 2/3 මේ වෙනකොට පොලොවට සමතලා කරලා ඉවරයි... මියගිය ගනන අති විශාලයි... දැන් යන්නේ ජෙනොසයිඩ් එකක්... ඒක අනුමත කරන්න බෑ වගේම.. ත්‍රස්තවාදයත් කිසිසේත් අනුමත කරන්න බෑ.. 


 වටේම තියන රටවල් වල ඉන්න ටෙරාලගෙන් පොඩි පොඩි ඇටෑක් ආවට, රාජ්‍යයන් වශයෙන් ඒ එක රටක්වත් ඊශ්‍රායලයට ඇටෑක් කරන්න ගියෙත් නෑ. දිනපතා නොකඩවා එල්ල කරන හමාස්ලගෙ අහස් ගුන්ඩු වලට වගේම අර වටේ පිටේ ඇටෑක් වලටත්, ඊශ්‍රායල් ජනතාව, බය වුනෙත් නෑ..


යුදෙව්වෝ ගැන නොදන්න උන් බෙන්ජමින් නෙතන්‍යාහූ උන්නැහේගේ අම්මට බැන්නට, ඔය ඇන්ජියෝ කාරයෝ වගේ ඉතා සුළු යුදෙව්වන් පිරිසක් හැර, අති බහුතරය යුදෙව්වෝ ඔක්කොම... බෙන්ජමින් නෙතන්‍යාහුලාම තමා... ඒ නිසා උන් එක්සත් ජාතින්ගේ සංවිධානය තියා දෙයියන්නාසෙවත් පයිසෙකට මායිම් කරන්නේ නෑ. 


හැබයි එහෙම කියලා... උන් අම්බ බය රටවලුත් තියෙනවා. ඒ කාළේ සදාම් හුසේන්ට උන් ගූ බයයි. දැන් ඉරානෙට ගූ බයයි. සදාම්ට බය වුනේ... "වෙපන්ස් ඔෆ් මාස් ඩිස්ට්‍රක්ෂන්" ඌ ළඟ තියෙනවා කියාලා ඇමරිකාව පතුරපු නැව් පචේ නිසා. ඉරානයට බය - උන් ළඟත් න්‍යෂ්ටික අවි වගේම කි:මි: 2000 ක් දුර ටාගට් වලට කෙලින්න පුලුවන් මිසයිල තියෙන නිසා.


බෙන්ජමින් ලොක්කගෙ ගාසා සුද්ද කරන වැඩේ හබක් වුනේ ... ඉතිරි වෙලා තියෙන රෆා ප්‍රදේශයත් පොලොවට සමතලා කරන්න යද්දි එංගලන්ත සහනාධාර කණ්ඩායම් සෙට් එකක බ්‍රිතාන්‍ය ජාතිකයින් 7 දෙනෙක්ම එක සැරේ ඊශ්‍රායල් ප්‍රහාරයකින් මිය යාමෙන්.


බයිඩන් ලොක්කා මුල ඉඳලා මිනිස්සුන්ට ආහාර යවන්න නොදී පලස්තීන දරුවෝ කුසගින්නේ මිය යනේකට මල පැනලා උන්නේ... ඒකයි, මේ ඝාතනයි, ඔක්කොම අල්ලලා, බයිඩන් ලොක්කා බෙන්ජමින් නෙතන්‍යාහූ ලොක්කගෙ ජාතිය ඇමතුවයින් පස්සේ... දැන්.... ඊශ්‍රායලයට ඔක්තෝබර් 7 ප්‍රහාර එල්ලවුනායින් පස්සේ ඒ ප්‍රදේශයෙන් වහලා දාපූ සැපයුම් මාර්ගත් ඕපන් කරලා... ජෝර්දානයේ ආධාර බෙදන්නට පවා අවසර දීලා තියෙනවා.


ඔය අස්සේ තමා නෙතන්‍යාහූ කාරයා සිරියාවේ ඩමස්කස් වල ඉරාන කොන්සල් කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ල කරන්නේ... ඒකෙන් ඉරාන විප්ලවීය හමුදාවේ රටවල් තුනකටම අණදෙන ඉහළම පෙලේ බුවෙක් වෙච්චි "මොහොමඩ් රෙසා සෙහේඩී" ඝාතනය වීම ඉරානයට වස ලැජ්ජාවක් උනා.


ඒ නිසා ඉරාන ජනාධිපති විසින් ඊශ්‍රායලයට මාරාන්ත්‍රික ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට වෝනින් දීලා ඉවරයි. මේකට නම් ඊශ්‍රායල් පාලකයොයි ජනතාවයි අම්බානෙට බය වෙලා සුපර් මාර්කට් ඔක්කොම සුද්ද කරලා බංකර්ගත වෙන්න සූදානමෙන් ඉන්නේ. වාර්තා වෙන අන්දමට ටෙල් අවීව් හා ජෙරුසලමේ පාරවල් පාලුවට ගිහින්, "ගෝස්ට් ටවුන්" වෙලා කියලා තමා ආරංචිය. 


මේ දේම ඉරාක ආක්‍රමණය කාළේ, මාතලන් එහේ ඉන්දැද්දිත් වුනා. ගෑස් මාස්ක් එක කරේ එල්ලගෙන නැත්නන්, පාරට එන්න දුන්නෙත් නෑ. බංකර්ගත වෙන්න සියල්ල ලෑස්ති කරගෙන උන්නේ.


මේ සැරේ GPS සිස්ටම් එකත් බ්ලොක් කරලා විතරක් නෙමේ හැක් කරලා... රටේ උන්ට GPS ඇක්සස් නෑ. පිටරට ඉන්න එකෙක්ට ජෙරුසලමේ ඉන්න එකා පේන්නෙ ඊජිප්තුවේ ඉන්නවා කියලා. ඉතින් ඉරාන කාරයා GPS වලින් මිසයිලයක් ජෙරුසලමට ගැහුවොත්, යන්නෙ කයිරෝ වලට 😁. ඒවා ඉතින් යුදෙව්වන්ගේ වැඩ.


ඒ කෙසේ වෙතත්... ඉරානේ මේ ත්‍රෙට් එක දාන්න බෙන්ජමින් ලොක්කට බයිඩන් ලොක්කත් සද්දෙ දාපූ නිස,  ඊශ්‍රායලය හුදකලා වෙලා වගේ තියන අවස්ථාවක. හැබයි ඉතින් ඉරානේ එහෙම ඇටෑක් එකක් ඊශ්‍රායලයට එල්ල කලොත්, ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානේ නිකන් ඉන්න එකකුත් නෑ.


.

 

3 comments:

  1. පලස්තීනයේ ගාසා තීරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නා ලෙස ඉල්ලා ඊශ්‍රායල ජාතිකයන් දස දහස් ගණනක් අගනුවර වන ටෙල් අවිව්හි රැස්ව උද්ඝෝෂණ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වර්තමාන අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ මුග්ධ ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේනය කරන ජනතාව පවසන්නේ දෙශපාලන උවමනාවන් මත යුද්ධයක් පවත්වා යමින් අහිංසක ජනතාව බිල්ලට දෙන්නට අගමැති කටයුතු කරන බවයි.

    දැනටත් අගමැති නෙතන්යාහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා ටෙල් අවිව්හි විරෝධතාකරුවන් උද්ඝෝෂණ කරමින් සිටී.

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ විරුද්ධවාදීන් පවසන්නේ රජයට එරෙහිව 100,000 ජනතාව මෙයට එක්වූ බවයි.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ප්‍රාණ ඇපකරුවෙකු වූ Elad Katzir ගේ සිරුර සොයා ගැනීමෙන් පසුව මෙම විරෝධතා ව්‍යාපාරය ඇරඹිණි.

    ReplyDelete
  2. ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් ද ආණ්ඩු විරෝධී විරෝධතා කරුවන් සමඟ එක් විය.
    හමාස් සහ එහි සහචරයින් විසින් ගාසා තීරයේ රැඳී සිටින ප්‍රාණ ඇපකරුවන් 130ක් පමණ මුදා ගැනීමට ආන්ඩුවට නොහැකි වීම සම්බන්ධයෙන් පෙලපාලිකරුවෝ තම කලකිරීම ප්‍රකාශ කළහ.

    විරෝධතාකරුවන් ඊශ්‍රායලය පුරා ස්ථාන 50 ක පමණ රැස්වී සිටි බව සංවිධායකයෝ පවසති.

    ටෙල් අවිව්හි පැවති විරෝධතාවයේදී මෝටර් රථයක් සෙනඟ අතරට කඩා වැදීමෙන් පස් දෙනෙකුට තුවාල සිදු විය. සිද්ධියට හේතුව අපැහැදිලි විය.

    පොලිසිය බලහත්කාරයෙන් ටෙල් අවිව් ජනතාව විසුරුවා හැරියේය.

    ReplyDelete
  3. වියට්නාම බෞද්ධයන් සමූලඝාතන කිරීමට ඇමරිකානු ක්‍රිස්තියානි පල්ලියේ නියෝගය මත කඩාවැදී (වියට්නාමය පමනක් නොව කාම්බෝජය ලාඕසය කම්පුන්චියාව තායිලන්තය) මිලියනගනනක් මිනිසුන් ඉතා කෲරලෙස සතුන් සේ මරාදමමින් සති දෙකකින් ඉවරකරනවා කියූ වියට්කොන් ගරිල්ලාවන් සමග වසර 20ක් සටන්කර අවසානයේ මිසින් ජිවිත මිලියන 2 හමාරක් පමන විනාශකර ඇමරිකානු සෙබලුන් 57දාහකගේ පමන ජීවිත අහිමිකරගෙන තවත් දහස්ගනනක් අබ්බගාත කරගෙන අවසානයේ නිර්ලජ්ජිතව පලාගියහ ! වියට්නාම යුද්ධය යනු එකමුතුකම හා නොපසුබසිනා ධෛර්‍යයේ හොදම උදාහරණයක් ! එමෙන්ම වියට්කොන් ගරිල්ලාවන් තමුන්ට එරෙහිව සතුරා සමග එකතුවූ වියට්නාම ජාතිකයන් ඉතා දරුණු ආකාරයෙන් විනාශකර දැමූහ ! සමස්ථ යුද්ධයේදී ඇමරිකානු හමුදාව හෙලිකොප්ටර පන්දාහකට වඩා අහිමිකර ගත්තා !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න