.

.

Apr 4, 2024

නූල නොකැඩුන බන්ස්

 



නූල නොකැඩුන බන්ස්

➖➖➖➖➖➖➖❤️


එක පුන් සඳෙන් දුරු වේ නම් ඝණ ...........අඳුර

පයා සඳු දෙකක් දන ගහගෙන උඩ .........පැදුර

රහසක් කියමි රන් කඳ සවනට ...........කොඳුර

නොකඩා නූල ගිලුවට රස නැත ...........ගොඳුර


® කාව්ව සිරෝමනී මාතලන්


 #කුප්පකවි 

.

6 comments:

  1. මාතේ හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.

    It's amazing that your country is found to be the safest for solo travellers. Because in UK it is really horrible when it comes to safety. Have you any idea how many stabbings, shootings are reported daily? And honestly I feel it is safe to travel in a Sri Lankan train rather than a metro in London.

    මෙහෙම කිව්වේ UK වලින් ආව foreigners ලා තුන්දෙනෙක්, සහ මම ඕක කතා වුන forum එකක.
    එතනින් එක්කෙනෙක් එහෙ PhD studentsලගෙ lecturer කෙනෙක්. අනිත් දෙන්නා විසි ගණන් වල. තව එතන කතා වුනා school and college students and their discipline ගැන. We all agreed about one thing all together, තනිකර කලු, හරි සුදු හරි කියලා situations කිසිම රටකට specify නෑ කියලා.
    කොහොමටත් අපි කිසිම දෙයක් අතිශෝක්තියෙන් ගන්න ඕනම නෑ කියන එකයි මගේ නම් හැඟීම. 🙂

    ReplyDelete
  2. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවසුවේ මෙම 2024 සිංහල අලුත් අවුරුද්දේ වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස විශාල ගණනකින් වැඩිකිරීමට කටයුතු කළ බවත් ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ඉහළ දැමීම නිසා ජනතාවට සහන ලැබී තිබෙන බවත් රජය මගින් 2024 අප්‍රේල් මාසයේ සහ ලබන මැයි මාසයේ සහ ජූනි මාසවලදීත් තවත් සහල් කිලෝ 20ක් බැගින් මිලියන ගණනක අඩු අදායම්ලාභී ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් එසේම විමධ්‍යගත අයවැය යටතේ රජයෙන් මුදල් ලබාදීම ආරම්භ කර තිබෙන නිසා ගමේ ආර්ථිකයට නැවත මුදල් ලැබී තිබෙන බවත් පැවසීය.

    ගෝලීය කොවිඩ් වසංගතය සහ ගෝලීය සහ දේශීය ආර්ථික කඩාවැටීම හමුවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාතයත් පසුගිය 2020-2022 කාලසීමාව තුළ ඉතා දැඩි අසීරුතාවකට මුහුණ දුන් අතර මැණික් කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්ව තිබූ නමුත් කෙසේ හෝ ගෝලීය වසංගතය පහව යාම සමග 2023 වසරේ මෙම කර්මාන්තයේ යම් දියුණුවක් ඇති වුණ අතර එය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

    රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ ලංකා ආර්ථිකය 2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ රජයේ ආදායම 50%කට වඩා ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බවත්, ඒ සමගම රජයේ වියදම් ඉහල නැංවීම
    සමග ජනතාවට ද ප්‍රතිලාභ රැසක් ලබා දී තිබෙන බවත් ජනපතිවරයා වසර දෙකක් ඉතා අසීරුවෙන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවත් එහිදී බදු වැඩි කිරීම ඇතුළු ඉතා අසීරු තීරණ ගැනීමට සිදු වුණ නමුත් අද එහි ප්‍රතිඵල දෙස බැලීමේදී අධික ලෙස බදු වැඩි කිරීම සමඟ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මතුව ඇති බරපතල ගැටළු පිළිබඳ පසුගියදා එම ක්ෂේත්‍රයේ නියුතු විශාල පිරිසක් පැමිණ ජනපති රනිල් සමඟ පවතින අධික බදුබර නිසාම කර්මාන්තය දැඩි ලෙස කඩා වැටී ඇති නිසා බදු සහන අනිවාර්යයෙන්ම අවශ්‍ය බව අවධාරණය කර සාකච්ඡා කළ බවත් ඒ අනුව ඒ සඳහා ලබාදිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කර මෙම අප්‍රේල් මාසය අවසන් වන විට වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරින්ට උපදෙස් දී තිබෙන බවත් ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයෙන් අවම වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක වත් ආදායමක් උපයා ගැනීම ඉලක්ක කර ගනිමින් අප වැඩ කළයුතු බවත් මෙම ක්ෂේත්‍රය දියුණු කරන විට මැණික් පතල්කරුවන්ටත් මෙහි වාසිය හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

    තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා

    "එදා 2022 ජූලිවල විදේශ විනිමය අනුපාතය ඩොලරයකට රුපියල් 361.8යි. අද රුපියල් 296.4 යි. අප උත්සාහ කරන්නේ එය රුපියල් 280 දක්වා පහතට ගෙන ඒමටයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා.

    2022 හා සංසන්දනය කරන විට 2023 වසරේදී රජයේ ආදායම 50%කට වඩා වැඩි වී තිබෙනවා. ඒ වගේම සමාජ සේවා වෙනුවෙන් කරනු ලබන වියදම තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා.

    ඒ වගේම අපි දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩකටයුතු අවසන් කරගෙන යනවා. දේශීය ණය ගැන අපි සාකච්ඡා කර අවසන්. දැන් අප අපට ණය ලබා දුන් රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට නම් අදාළ ඉලක්ක අනුව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන එම එකඟතාවන් අනුව අප ඉදිරියට යා යුතුයි."

    "සංචාරක ව්‍යාපාරයෙන් අද ඉහළ ආදායමක් ලැබෙනවා. එය මේ වසරේ ඩොලර්ඒ බිලියන පහ හමාරකට වැඩි වේවි. ඒ වගේම ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණය අතිවිශාල ලෙස ඉහල යාම සමග විදේශ විනිමය අපේ රටට නැවත ලැබීමට පටන් ගෙන තිබෙනවා. මේ අයුරින් අද රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය නැවත ගොඩනැගෙමින් තිබෙනවා.

    එදා ත්‍රිවිල් රථයකට කුලී ගමනක් යාමට කෝවිඩ් නිසා රට වසා තිබීම නිසාත් පසුව ඩොලර් නැතිවීම නිසා ඉන්ධන තිබුණේත් නැති නිසාත් ඒ අය අනාථ වී සිටියා.

    ඒ කාලයේ විදුලිබලය තිබුනේ නැහැ. අද ඕනතරම් ඉන්ධන තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිසා ත්‍රිවිල් රථ රියදුරන්ගේ ආදයම විශාල ලෙස වැඩි වී තිබෙනවා.

    අද හයර් දුවන ත්‍රිවිල් රථවල පවා අපි නම් අහවලුන්ට කියා පෝස්ටර් ගහගෙන ඉතාම මෝඩ ලෙස පක්ෂ දේශපාලනය කරනවා. නමුත් අප පසුගිය වසර දෙක තුළ මෙම පියවර ගත්තේ නැත්නම් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.අපි මේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. මින් ඉවත් වුවහොත් අපි නැවත වැටෙනවා. තවමත් අප සිටින්නේ ඒදණ්ඩ මතයි. ඒ නිසා එයින් වැටෙනවද, නැද්ද කියා අප තීරණය කළ යුතුයි."

    මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කථාව අවසන් කළා.

    ReplyDelete
  3. ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) වාරණයක් නිකුත් කළේය.

    අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත.

    ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම්දී තිබේ.

    ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබීය...

    ReplyDelete
  4. රජයේ සේවයේ විශ්‍රාම යන්නේ ගුරුවරුයි . නර්ස් නෝනලයි විතරක් නොවේ.
    ඔවුන්ගේ පැන්ෂන් එකෙන් දරුවන් ගැන, පවුලේ සාමාජිකයින් ගැන බලාගන්න උදව්වට වත්මන් රජය රු.2500/-ක් වැඩියෙන් දුන්නත්.
    ඒ දෙන්නේ දුප්පතුන්ගෙන් කපාගන්නා වක්‍ර බදු බදුමුදලින් සහ වෙනත් පෞද්ගලික අංශය තුල රැකියා කරන අයගෙන් කපාගත් බදු වලින්


    ඒක හරි කියන ගමන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන සේවයේ සිටි විශ්‍රාමිකයන්ට ලැබුන 15% පොලිය ගැන අඳෝනා කියවනවා.

    ඔවුනට පැන්ෂන් නෑ. පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන්ටත් එසේමයි.
    ඔවුනට ලැබෙන EPF මුදල් වෙනත් බොහෝ රටවල් , විවිධ විධික්‍රම යටතේ පැන්ෂන් ක්‍රම බවට පත් කර තිබෙනවා. ඒත් ලංකාවේ එසේ විධික්‍රම සකසා නෑ.

    ඒ නිසාම ඔවුන් වෙනුවෙන් තමයි ඒ අර්ථසාධක මුදල් තැන්පතු සඳහා 15%ක් දෙන්න පසුගිය කලයේ රජයන් වලින් 2014 බලයේ සිටි රාජපක්ෂ රෙජීමය තීරණය කලේ.

    රජයට මුදල් නැතිවිට පසුගියදා ජනතාවගෙන් 30%ක් වැනි පොලියට බැංකු හරහා මුදල් එකතුකර ගත්තා.
    මේ 15% ක් ගෙවූ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පත් මුදලුත් ඒ සමග ඊට එකතු කර ගත්තා.

    දැන් රජයට සල්ලි තියෙන නිසා බැංකු පොලිය 8% දක්වා අඩු කරලා.
    අර 15% පොලියත් අයින් කරල.
    ඔවුන්ගේ අයිතිය අහිමි කරලා.
    දැන් පැන්ෂන් කාරයෝ කියනවා තමනට වැඩිකල 2500/- ගන්න ගමන් දුප්පතුන්ගේ බදු මුදල් ආරක්ෂා කරන්න කියලා .

    ReplyDelete
  5. ඔබේ කවෙන් මේකයි මතකෙට ආවේ
    ඉස්සර හිටි රජෙක් ‘තණ මැනපිය’ කීවේ
    අන්දරේත් මැන්නලු ‘තන’ ඇන්නෑවේ
    දැන් අන්දරේලා රජවෙල ලංකාවේ

    ReplyDelete
    Replies
    1. මරු කවිය නිදි, අන්දරේලා රජ වෙලා විතරක් නම් මදෑ, ඒ මදිවට විපක්ෂයේ ඉන්නෙත් දාර ගොන් ගස්, අන්දරේලා හොඳයි උන් එක්ක බලනකොට

      රනිල් වික්‍රමසිංහ අන්දරේයි රාජපක්ෂ අන්දරේලයි එක පැත්තක, අනිත් පැත්තට යන විට සජිත් ප්‍රේමදාස ගොන් රිලවයි අනුර කුමාර දිසානායක රට ගොන් පොල් බූරු මී හරකයි තරගයට තප්පු ලාගෙන නටන සීන් එකක්, අපරාදේ අපට නිවාඩුවට ලංකාවට ආවම වත් නිස්කාංසුව නිස්කලංක ඉන්න රටක් නැති කරනවා මේ මී හරක් හැත්ත බුරුතු.. නොදකින් මේ 226යි අනිත් උන්ගේ වහල් හැත්තයි හැඳිගෑවිලා අකුලෝලම පල කියලා කවියක් ලියන්න පුළුවන්ද නිදි ලස්සනට පද ගොතා ගණ පිහිටුවා හොඳ සුන්දර වස්කවි පන්තියක් ලියමු අපි 😄

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න