.

.

Jun 2, 2024

මේ "හාදයන්ට පුලුවන්යෑ රට ගොඩගන්න


 

මේ "හාදයන්ට  පුලුවන්යෑ

රට ගොඩගන්න

➖➖➖➖➖➖⭕➖


🔴 මුලින්ම කිව්වා බලේට ආපු ගමන් IMF ගිවිසුම ඉරලා විසිකරලනවා කියලා... උන්ගේ මහ එකා දෙරණේ කලිඳුට කියනවා රනිල් යන මඟ හැර වෙන මගක් නෑලූ....


🔴 ඊළඟට කිව්වා සවරින්ග් බොන්ඩ්ස් හෙවත් ස්වෛරී බැඳුම්කර ගත්ත උන්ට මචං කියලා කතා කරලා වැඩේ ෂේප් කර ගන්නවා කියලා..


🔴 සේපාල් එක්ක කිව්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක්ම රටේ ආර්ථිකය ගොඩ දානවා කියලා... ඒ උක් වවලා... දන්න රෙද්ද මුළු දිස්ත්‍රික්කයේම වැව්වත් රටේ පරිභෝජනයට 10% ක් වත් එන්නේ නෑ. 


🔴 මූදෙන් ඉල්මනයිට් ගොඩ දාලා රට ගොඩදානවා කිව්වා.. මූදේ නෙමෙයි මූ ගොඩ ඉඳන් නෑවා...


🔴 නැවේ කපිතාන් බැහැලා ගියාම නැවට නැගලා නැව අයිති කර ගන්නවා කිව්වා... ග්‍රික් නැව් අයිති කාරයෝ මුගෙ පුපේ නැව් අරින්නේ පාරත් හිටින්න..


🔴 සංචාරකයින්ටත් සීගිරිය ලෝකල් ගානට පෙන්නනවා කිව්වා.. සංචාරක ව්‍යාපාරයට රටින් එන සුද්දොම ඕන නැතිය.... සිගිරි යන්න මෙහේ පෙන්ෂන් ගිය උන්ට ආන්ඩුවෙන් පැකේජ් එකක් දෙනවා කිව්වා.. පැන්ෂන් ගිය උන් ගල උඩට ගෙනියන්නේ මූ වෙන්නැති... මූ රන්ජන් එක්ක රට ගිහින් වතුර හුවමාරු කරන් ආවේ තලවතුගොඩ චාර්ජර්ස් වලටම වෙන්න ඇති.


🔴 නිශ්පාදන ආර්ථිකයකින් රට ගොඩ දානවලු... රටේ නිශ්පාදනයට අත්‍යාවශ්‍යම විදුලි බල බලාගාර දාන්න යනකොට මූ උසාවි ගිහින් ඒවා නැවැත්තුවා..


🔴 පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන එකා... ඊයේ පෙරේද උගෙ දරුවා කොතලාවල ඇකඩමියට දැම්මා... සල්ලි ගෙවනවා ඇත්තේ දයාසාන්ත වෙන්නැති...


🔴 මෙච්චර ආර්ථික උස්තාද් ලංකාවේ මොන්ටිසෝරි දරුවොත් දන්න.... "එලෝන් මස්ක්" මොකාද කියලා දන්නෙ නෑ... දැන් බව්වා වගේ රෙදි නැතිව උගෙන් සමාව ඉල්ලනවා...


🔴 ධනපතියා - දානපතියා (Capitalist - Philanthropist) දන්නේ නැති හාදයා තමයි NPP රජයේ මුදල් ඇමති. මුන්ට නෙමේ ගහන්න ඕන මුන්ට හොර උපාධිය දීපු අම්බරුවන්ට...


🔴 පව් අප්පා මේ මෝඩ සෙට් එකක් පස්සේ යන උගත්තු! 😂 ඇත්තටම උනුඝ් උගත්තු කිව්වට අමු ගිරා පෝතක වහල්ලු. මොලයක් තියෙන එකෙක් යයිද මුන් පස්සේ.....


අනේ "හාදයෝ " තොපි හදයි මේ රට....

.

35 comments:

  1. අයිසේ ළමාතන් Elon Musk ගැන වත් නොදන්න පොල් බූරුවෙක් වන හඳුන්නෙත්ති වගේ උන් යටතේ ආර්ථික සංවර්ධන කමිටුවක් දාගෙන තියෙන පක්‍ෂ වලට මොන ආර්ථික කමිටු විවාද ද? මාලිමා (JVP) කෙබර පප්පලා නායකයො විදියට තියාගෙන හොඳයි පොඩි ළමයි රවට්ටන්න සුරංගනා කතා කියන්න නම් 🤣😂😄

    ReplyDelete
  2. ඒක නම් සැරටම දීල තියෙනව මාතේ, ඇයි අර කොවිඩ් කාලේ කේරලය දිහා බලන්න කියලා හඳුනා කිව්වා විතරයි කේරලයටත් කෙළවුණා ලංකාවට හපන් විදියට, කියුබාව ගැන ගහන බයිලා කොහොමද?

    ඇයි අනුර කුමාර දිසානායක කියන රට හරකා මිනිරන් වලින් ග්‍රැෆයිට් හදලා ඩොලර් බිලියන ගණන් ගන්නව කියලා කියපු ගොන් කතාව, පෝට් සිටියට යන කලුගල් ගාන ගැන අතේ පැලවෙන කෙබර ගණන් තැන් හතරක කියන වීඩියෝව බලන්න? ඔය මාලිමාව පසසේ යන මීහරක් හොඳයි බාන් වල බැඳලා කුඹුරු හාන්න 🤣😂😄

    ReplyDelete
  3. හදුන් කියන්නේ අමු කුහක මෝඩයෙක්. උපාධියත් හොරට අරගත්තු එකෙක්. නැත්තම් අරම හරක් කතා කියාවිද?. උන්ගේ ජනපති අපේක්ෂක අනුර කුමාර කයියනායකත් ඊටත් වඩා හද්දා ගොනෙක්... මතකනේ යන තැන නානවනේ හැමදාම එකම විදියට, ඉංග්‍රීසිය වත් පොඩ්ඩක්වත් බැරි ඒකටත් ඔය තියෙනවා කියන්නේ හොරට ගත්ත උපාධියක් වෙන්න ඕන, භෞතික විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරපු එකෙකුට ටිකක් මහන්සි වුණානම් භාෂාව හදාගන්න එක නතින් 😂

    මළපොතේ අකුරක් බැරි කෝච්චිවල වඩේ විකුණපු පල් හොරෙක් වන අර ගොනා කියලා හංවඩු ගහලා රටම හිනාවෙන චාමර සම්පත් වගේ එවුන්ට මොලේ තියෙනවා මෝඩ හදුන්ට සහ සමන්ත වගේ ජෙපි කුහකයෝන්ට වඩා බලාගෙන ගියාම 🤣. මේ සැරෙත් ඕකුන්ට 3නම තමයි.
    හැබැයි මේ යන විදියට නම් ආයේ තරගය සජබේ සහ පොහොට්ටුව අතර තමා. ගොබ්බ මාලිමාව ඉවරෙටම ඉවරයි. 😅

    ReplyDelete
    Replies
    1. හදුනා නම් මානසික ලෙඩෙක් 😅🤣 හො.ම.ත.ග.යු

      Delete
  4. අපෝ බන් මාලිමාව කියන්නේ පොදු වැසිකිළියට කියන තවත් නමක්නේ ඒක නෙමෙයි අර යහපාලන කාලෙ රටපුරා පොදු වැසිකිළි හදන්න අයවැයකින් මංගල සමරවීර මුදල් වෙන්කලා මතකයි.ඇත්තටම ඒව කොහේහරි හැදුවද බන්? සමහර පොදු තැන්වල තියෙන වැසිකිළි වස ගඳයි.ලඟට යනකොට අදාළ බර ඉබේටම යට යනව.ඒ බර ගෙදර ගිහිල්ලම අහවර කරගන්න කියල හිතෙනව.

    ReplyDelete
  5. මම බුකියේ සමිල මුතුමුණි එක්කත් ඔය දේවල් ගැන සාකච්ඡාවක් කළා මාතේ මම දන්න තරමට ලෝකයේ පලමු විශ්වවිද්‍යාල 1,000 අතරවත් ලංකාවේ එකම එක විශ්වවිද්‍යාලයක් නෑ ඒක එහෙම වෙන්න හේතුව දැන් මට වැටහුනා ලංකාවේ විශ්වවිද්‍යාල වලින් පිටවන අන්තිම නිෂ්පාදනය ඔය සුනිල් හදුන්නෙත්ති නාමල් කරුණාරත්න චතුරංග අබේසිංහ සහ මාලිමාව පොහොට්ටුව සජබේ වගේ පක්‍ෂ වල ඉන්න අනෙකුත් අය වැනි අමු තකතීරු මැටිගොඩවල් වෙනවා නම් එය හරියටම හරි ශ්‍රේණිගත කිරීමක් !!!

    ReplyDelete
  6. මාතේ,

    හඳුන්නෙත්ති සමන්ත අනුර කුමාර වසන්ත වගේ අය පිටිසර ගම්මානවල සිට දුෂ්කර පදනමට සරසවි වලට තේරුණාට අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අනවශ්‍ය දේශපාලන කරලා 1988/ 89 කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය මගින් සානුකම්පිතව බලා උපාධි සහතික ලබාදී සරසවි වලින් පිටකරන ලද බොරු උගතුන් මෙන් පෙනීසිටින නූගතුන් පිරිසක් බවයි ඔවුන්ගේ සමකාලීන සරසවි සගයන් පවසන්නේ, නමුත් මේක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වරදක් බවයි මගේ හැඟීම

    මෙහේ නවසීලන්තයේ 2-3 පංතිවල ළමයින්ට සතියෙන් සතිය විවිධ වෘත්තිකයින් ගෙන්වලා එයාලගෙ රැකියාව ගැන ඒ සතියෙම කියලා දෙනවා. ඒක ඒ ළමයින්ට අනාගතය හදා ගන්න බෙහෙවින් උපකාරි වෙනවා.

    ලමයි ඉහල පංතිවලට යනකොට කැමැති රැකියාවට අවශ්‍ය විෂයන් තමයි කරන්නෙ.. මම නම් දැඩිව හිතනවා AL fail උනා කියලා නැහෙන්න ඕන නැහැ. කොච්චර වෙන අවස්ථා තියෙනවද?
    වෘත්තීය පුහුනුව හොඳ විකල්ප මාර්ගයක්.

    උසස් පෙළ පාස් විය යුතුමද?

    කැම්පස් යා යුතු වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ, සිවිල් සේවක, හෙද, ගුරු, ව්‍යාපාරික වෙන්නද?

    උපාධි ලබා රැකියා ලැබුනට පස්සේ ඒ අයගෙ ඉලක්ක මොනවද?

    වෛද්‍යවරයෙක් විය යුතු ඇයි? වෛද්‍යවරයෙක්ගේ වගකීම මොකක්ද?

    නමුත් ළමයින්ට දැං එහෙම හිතෙන එකක් නෑ. සමහරවිට ලොකු වෙනකොට හිතෙයි. ක්ෂේත්‍ර 50 කිං විතර රාජ්‍ය විශ්ව විද්‍යාල පහලවක උපාධි 1,500 කට වඩා දෙනව. ලංකාවේ විශ්ව විද්‍යාල වල ඔය උපාධි ගත්ත අය තම පෞද්ගලික සහ සමාජයීය ඉලක්ක, යුතුකම්, වගකීම් ප්‍රසිද්ධියේ දාලා තියෙනවා දැක්කේ නෑ.
    එහෙම දාල ඒවා ඉටුකළා නම් රට මේ තැන තියෙන එකකුත් නෑ!

    ලංකාවේ ක්‍රමය අනුව විශ්ව විද්‍යාලයකට ගිහින් මොනම හරි උපාධියක් ලබාගන්න පුළුවන් කෙනා ඒක අතහරින්නේ හරිම කලාතුරකින්. අතහැරිය යුතුත් නෑ. ප්‍රථම උපාධියේ වටිනාකම මොනම ක්ෂේත්‍රයකින් වුනත් වටිනවා. හැබැයි වැඩේ තියෙන්නේ උපාධිය අරගෙන ඒ වෙනුවෙන් රටේ ජනතාව වියදම් කරපු මුදල් අපතේ යැවීමයි. ඉතින් හැමෝම තමන්ගේ වගකීම තමන් වෙනුවෙන් වගේම රට වෙනුවෙනුත් ඉටු කරන්න වග බලා ගත යුතුයි.

    මේක ලියන්නේ මෙවර university select වෙන අයට වඩා නොවෙන සහ A/L fail අය වෙනුවෙන්..Uni යන්න බැරි මෙන්ම A/L අසමත් අයට තම ජීවිතය ගොඩදාගන්න වගේම රට ගොඩ දාන්නත් යා හැකි ක්ෂේත්‍ර සීයකට වඩා තියෙනවා. ඒ ළමයි සිතිය යුතු පළවෙනි දේ තමුන් ආසා මොනවටද දක්ෂතා බොක්කෙන් එන්නේ මොන පැත්තටද යන්න නිවැරදිව හඳුනාගැනීම.

    ඔතන හරිම ට්‍රිකී තැනක්!
    දියුණු රට වල පොඩි කාලේ ඉඳලම අධ්‍යාපන ක්‍රම වලින් දෙන විචක්ෂණශීලී බව, නිර්මාණශීලී බව තමන්වම අභියෝගයක් කර ගත යුතු බව ලංකාවේ නැති නිසා ළමයින්ගේ දැනුම දියුණු නෑ තමන්ව තේරුම් ගන්න. සමහර ළමයි වාසනාවන්තයි දෙමව්පියො වැඩිහිටියෝ සහමෙන්ටර්ස්ලා ඉන්න නිසා සැලෙන් අධ්‍යාපන ක්‍රමයෙන් ඔය හැකියාව නොලැබුණත් වැඩේ ගොඩදාගන්න.

    ReplyDelete
    Replies
    1. @ මගේ ජීවිතයෙන් උදාහරණයක්, පොඩි කාලේ කාර් වලට ආස නිසා මට ඕන වුණේ මෝටර් රථ තාක්ෂණ ශිල්පය ඉගෙන ගන්න. නමුත් අවුරුදු ගානක් ඒකට කාලය නාස්ති කරාට පස්සෙයි මට තේරුනේ ඊට වැඩිය මගේ ඔළුව වැඩ කරන්නේ වෙන පැති වලට බව, ඒ ක්ෂේත්‍රයේ මට වඩා දක්ෂයෝ ඉන්න බව, මගේ ඉලක්කයට ඒකෙන් යන්න බැරි බව. ඉතින් පහු වෙලා මගේ niche එක හොයාගද්දි ජීවිතේ හොඳම දශකයක් අපතේ ගිහින්.

      වෛද්‍ය වගේ ක්ෂේත්‍ර ගත්තත් තත්ත්වය ඒකමයි. වෛද්‍යවරුන්ගේ සමාජ තත්ත්වය දැකලා ඒ වෙනුවෙන් මහන්සි වුණාට හොඳම දේ කරන්න හැකියාව passion තියෙන්නේ වෙන පැත්තකට නම් Doctor වෙන එක අපරාදේ. ඒක රටට වැඩකුත් නෑ.

      මේ වගේ කාලෙක ළමයි ගොඩදැමීම පැත්තක තියල තමන්ගේ ව්‍යාපාර ගොඩදාගන්න හදන ඇතැම් උසස් අධ්‍යාපන ආයතන වලිනුත් ළමයි අමාරුවේ වැටෙනවා, තමන්ට ඉස්සරහට ගෙනියන්න බැරි පාඨමාලා මුදල් ගෙවලා හදාරලා.

      විශ්ව විද්‍යාලයට නොතේරෙන ළමයි දැං කළ යුතු තමුන්ව වටහා ගන්න පුළුවන්, තමන් වෙනුවෙන් යම් කාලයක් වැය කරන්න පුළුවන් වෘත්තීමය වැඩිහිටියෙක්ව මෙන්ට කෙනෙක් වශයෙන් තෝරා ගැනීම. වැරදි සහ කුහක Mentoring වඩාත් භයානකයි.

      වෙන රටවල ළමයි proactively මෙන්ටර්ස්ලා හොයනවා අපේ එහෙම සිරිතක් නෑ. හරි මෙන්ට කෙනෙක් යනු විශ්ව විද්‍යාලයක්. මේ තත්ත්වය වැඩිහිටියන් දැනුවත් නැති, ලෝකයට විවෘත නැති, දරුවන්ට වඩාත් බලපානවා. එමෙන්ම peer pressure, herd mentality නොහොත් රැලේ යාම. යාලුවෝ යන පලියට කෝස් තෝරාගැනීම කේස්.

      කිසිම කෙනෙකුට ළමයෙක්ව හරියට තේරුම් නොගෙන එයාගේ අභ්‍යන්තර සහ සැඟවුණු දක්ෂතා අවබෝධ කර නොගෙන යා යුතු මාවත කියා දෙන්න හරි අමාරුයි. අපේ රටේ ගොඩවෙදුන් හරි වැඩියි. දෙමව්පියන් උදව් විය යුතුයි තමන්ගේ දරුවන්ට හරි මෙන්ටර් කෙනෙක් හොයලා දෙන්න. ඇතැම් දැනුවත් අයත් අනාගත ලෝකෙ අවස්ථා ගැන දන්නෙ නෑ.

      මේ වයසේ ළමයි දෙමව්පියන් කියන දේ පිලිගන්න මැලි නිසා දෙමව්පියන්ගෙන් බැහැර ජීවිතේ තමන්, රට, සමාජය වෙනුවෙන් ඇචීව් කරපු කෙනෙක් Mentor කරගන්න පුළුවන් වීම වඩාත් හොඳයි. ගුරුවරු මෙන්ටර්ස්ලා කර ගැනීමේදී බොහොම පරිස්සම් වෙන්න, ඒගොල්ලෝ තමන්ගේ ක්ෂේත්‍රයට biased නිසා.

      ඔය කියන විදියේ මෙන්ට කෙනෙක් හොයාගන්නම නැත්තං කළයුතු මොකක්ද කියල වෙනම පෝස්ට් එකකින් දාන්නම්. මේක දැනටම දිග වැඩියි.

      රට බංකොලොත් වීම ප්‍රශ්නයක් කර ගත යුතුත් නෑ. බංකොලොත් රටක තමා දියුණු වෙන්න රට දියුණු කරන්න opportunities වැඩියි. දියුණු රටක තරගකාරීත්වයත් අතිශයින් වැඩියි, අපේ එහෙම නෑ.

      A/L අතාරින්න කලිං තදින් හිතිය යුතු තව තැනක් තියෙනව.
      පේල් නං විෂයධාරාව මාරු කරන්නත් බය වෙන්නෙපා. Bio Maths කරලා පේල් නං second shy එක commerce or arts කරන්න අවුරුද්දක් ඇති. එහෙම කරපු අය මගේ කාලෙත් හිටියා මම නොකලට. දැන් අන්තර්ජාලයත් එක්ක ඒක තවත් ගොඩක් ලේසියි. විශ්ව විද්‍යාලෙ නොගියත් S තුන ජීවිතේ ඇක්සලරේට් කරනවා. මේ තීරණයේදිත් mentoring අතිශයින් වැදගත්.

      කාලය අපතේ යවන්න එපා, වයස විස්සට කලින් ජීවිතය හරි පාරේ තිබිය යුතුයි. විසිපහට කලිං ජීවිතේ විඳින්න පුළුවන් විය යුතුයි. දැනටම 25 පැනපු අය ඔහොම වෙලා නැත්තං කනගාටු වෙන්නත් එපා. මේක ලිව්වේ ඒඅයට නෙමෙයි. වයස පනහෙ හැටේදී ජීවිතේ නැවත පටන්ගත්ත අය ඉන්නව. ඊළඟ දශකය හොඳම දශකය කරගන්න 💪

      Delete
    2. ඔබ ලියා ඇති වටිනා අදහස්, ශ්‍රී ලංකාවේ දූ දරුවන් රැසකගේ නෙත ගැටේවා.

      Delete
    3. ඇනෝ සහ නිදී

      ඔය හැම එකාම ලෝකය දකින්නෙ තමාට සාපේක්ෂවනේ.. මෙයාට සාපේක්ෂව මේ ලෝකෙ මෙහෙමයි, චින්තන ධර්මදාස ලොකු උන්නැහැට අනුව මොකක් උනත් එකට හේතුව සෙක්ස්.. මිනිහ කියන විදියට දෙවනි ලෝක යුද්ධෙ උනත් මිනිස්සු හරියට සෙක්ස් කරපු නැති නිසා.. 😂

      Delete
    4. @ all

      මං දන්න විදිහට එකටත් හේතුවක් තියෙ මොකද ලංකාව තුල gov uni වල එක degree program එකකට ලමයි ගන්න capacity එකක් තියෙ අනික ඒ degree program එක කරගෙන යන්න නම් ලමයෙක්ගෙ ඔලුව හැදිල තියෙන්න ඔනි මට්ටමක් තියෙනව ඔන්න ඔය හේතු සාදක එක්ක තමයි මම හිතන විදිහට සහ අහල තියෙන විදිහට engineering degree වලට අදාල stream එකම ඉල්ලන්නෙ ඒකෙත් top ම අයව ගන්නෙ. private ගැන කියුවොත් එතන ප්‍රශ්නයක් වෙන්නැ මොකද private curriculum ගොඩක් මම දැකල තියෙන විදිහට හැදිල තියෙන්නෙම අර basic ම දෙවල් එක්ක මොකුත් නොදන්න කෙනෙක්ට උනත් මුල ඉදලම ආයෙ උගන්නන පුලුවන් තරමට.

      වැරදිනම් නිවැරදි කරන්න....

      Delete
  7. මම මේ ළඟදි දවසක හදිසියකට, තැනකට අදාල වෙලාවට ඉන්න ඕනා නිසා බොහොම පොඩි දුරක් යන්න ත්‍රීවීල් එකකට නැග්ගා.. ටිකක් වෙලා සද්ද නැත්තුව ගිය ඩ්‍රයිවර් උන්නෑහෙගෙ ජෙපි වහලා එලියට පැන්නා රටේ තත්ත්වය ගැන කතාවක් ඇති වුනාම. "මෙදා සැරේ මුන්ව ගහලම එළවමු" කියලා තමා උන්නැහෙ කිව්වෙ. මුන් රට කනවලු, විනාශ කරනවලු (ඒක ඇත්ත) රට හදන්නනම් අනුර එන්න ඕනාලු සහ ඔය වගේ විකාර මහා ගොඩක් කියෙව්ව්වා..ඒ කතාව පුරාම වෛරය කියන එක බොහොම තදටම තිබුනා.. මට හිතුනෙ ජෙප්පන්ට වැරදිලා හරි රට ගියොත් ආයෙ සැරයක් පොලීසිය්ට නිවාඩු හම්බෙයි කියලා.. මැයි නවය බලය නැතුවත් කරපු හරිය දැක්කනෙ.. ආතල්ම කතාව ඒක නෙමේ, මේ රට හදන්න ලොරි ටෝක් දුන්න ජෙපි වහලා කිලෝ මීටරයක්වත් නැති දුරට මගෙන් රුපියල් දෙසීයක් ගත්තා.. :):):) ආන්න එහෙමයි උන්ගෙ කෙරුවාව...කයියනම් රට හදන්න, හැබයි සූරාකෑමට මුල් තැන..

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ මචං

      කතාව 100% ක් ඇත්ත 😊👍

      Delete
  8. මැදමුලන හොර පවුලට කඹුරන ගොන් බයියොන්ට හපන් වස්ති මාලිමා බයියෝ, මාලිමාවට රෙදි නැතුව හෙලුවෙන් කඩේ යන අමු මීහරක් හැත්ත පේනවානේ.... තමන්ගේ හාම්පුතාගේ වැරදි පෙන්නන උන්ව මරාගෙන උනත් මැරෙන්නයි ලෑස්තිය, මාලිමාවේ ප්‍රධාන අනුග්‍රාහක භවතකු වන ඊබ්‍රාහිම් නානාගේ ආභාෂය ද කොහෙද ? 🤣😂

    ReplyDelete
  9. ශ්‍රී ලංකාවේ අනාගත මුදල් ඇමති වන්නට සිටින ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රධාන ආර්ථික විශේෂඥයා වන ආචාර්ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා වෙත,


    එක්සත් ජනපදයේ සිටින අහිංසක ව්‍යවසායකු වන මාව ලොවට වින කටින " ආර්ථික ඝාතකයෙකු " යැයි ඔබ විසින් පවසන වීඩීයෝ පටයක් දින කීපයකට පෙර අහම්බෙන් දකින්නට ලැබුණි. එය දුටු මා හට, මා එදා මෙදා තුර කර ඇති ආර්ථික ඝාතන පිළිබඳ සිහියට නැංවී මහත් පශ්චාත්තාපයක් දැනෙන්නට විය. මා කළ සියලු පවු ලිපියකින් ලියා ඔබට පාපොච්ඡාරණය කර මාගේ පශ්චාත්තාපය සමනය කරගැනීමට සිතුණේ ඉන්පසුවය.

    ඔබ ගේ අධ්‍යාපන සුදුසුකම් මා අන්තර්ජාලය පුරා සෙවූවත් මා හට සොයාගත නොහැකිවූව ද, ඔබ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙකු බව මට පැවසූවේ ඇමරිකාවේ සිටින ලාංකික මිතුරෙකි. ඔහුගේ වාහනය GPS තාක්ෂණයෙන් යුක්ත වුවත් මාලිමාවක ස්ටිකරයක් ද ගසා ඇත්තේ යල්පැන ගිය තාක්ෂණයන්ට ඇල්මක් දක්වන නිසා විය යුතු ය. කෙසේ වුවත්, තව පෝය හතරකින් ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් ගේ ඡන්දවලින් 90% ක් ඉක්මවා ගෙන තේරී පත්වන නව ජනාධිපතිවරයා ගේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ඔබ බව මට පැවසුවේ ඉහත සඳහන් කළ මිතුරා ය.

    මට ඔබ තරම් ආර්ථික විද්‍යා දැනුමක් නැත. කිසිදු උපාධියක් හෝ නැත. මාගේ Tesla සමාගමෙහි නිපද වූ විද්‍යුත් කාරය නිසා ඉන්ධන නිෂ්පාදනයෙන් යැපෙන රටවල ආර්ථිකයට විශාල පාඩුවක් සිදුවිය. මා ආර්ථික ඝාතකයෙකු වන්නට පටන් ගත්තේ Tesla මෝටර් රථය නිපද වීමත් සමග යැයි මට සිතේ. ඉන්පසු මාගේ SpaceX සමාගම නිෂ්පාදනය කළ රොකට් යානා සහ ඔවුන්කළ අභ්‍යවකාශ පරීක්ෂණ නිසා මහත් ධනස්කන්දයක් වැය විය. මට ඒවායෙන් දුප්පතුන්ට කන්න දෙන්න හෝ ඔවුන්ට වැසිකිලි සාදා දෙන්න තිබුණා යැයි කීවේ මාගේ ලාංකික මිතුරාය. මා කළ ආර්ථික ඝාතනයේ තරම වැටහුණේ ඉන් පසුවය.

    මාගේ Neuralink ස්නායු තාක්‍ෂණ සමාගම විසින් බරපතල මොළයේ ආබාධ ප්‍රතිකාර කිරීමට සහ අවසානයේදී මානව සංජානන හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරමින් වැඩ කරමින් සිටී. මෙය ඔබ ගේ පක්ෂයට ඉතා හානිකර බව මට වැටහුණේ පසුවය. එම තාක්ෂණය නිසා ඔබ ගේ පක්ෂයට ලැබෙන ඡන්ද සහ ආධාර මුදල් බොහෝ සෙයින් අඩු වෙන්නට ඉඩ තිබෙන නිසා මා එම ව්‍යාපෘතිය නවතා දැමීමට තීරණය කරන බව ඔබට සතුටින් දැනුම් දෙමි.

    මා මිලට ගත් Twitter ( X ) සමාගමෙනුත් දැඩි ආර්ථික ඝාතනයක් සිදුවන බව මා හට වැටහුණි. ඔබ ගේ නායකයා දැනටමත් Facebook ජනාධිපති වී ඇති නිසා, ඔහු ගේ පාක්ෂිකයන් වැඩිපුර X හි දක්නට නොලැබෙන බව මට නිරීක්ෂණය විය. එම නිසා වැටුප් ගෙන " අපි මාලිමාවට | NPP ජය වේවා " යැයි කමෙන්ට් දමන්නට පිරිසක් නැති නිසා ඔවුන් ගේ ආර්ථිකය නගාසිටුවන්නට මාගේ සමාගමට නොහැකි වී ඇත.

    මාගේ ඉහත සඳහන් කළ සමාගම් සහ සඳහන් නොකළ සමාගම් නිසා දැඩි ආර්ථික ඝාතනයක් සිදුවන බව මම නැවතත් පාපොච්ඡාරණය කරමි. මේ ලිපිය ලියූ නිසා මාගේ සිතට දැන් සැහැල්ලුය. ඔබට මෙන් උපදෙස් දෙන්නට හා ආධාර කරන්නට හැකි ජයශාන්ත වැනි මිතුරෙක් මා හට නැත. මා ලෝක ධනපති ලැයිස්තුවේ තුන්වන තැනට වැටුණේ එබැවිනි.

    මාතර ජනතාව ඔබ වැනි සුපිරි බුද්ධිමතෙකු පාර්ලිමේන්තුවට නො යවා ගෙදර යැවුයේ මන්දැයි මට තවමත් නොවැටහේ.

    කෙසේ වෙතත් ඔබ ගේ අනාගත කටයුතු වෙනුවෙන් සුබ පතමි.

    ඔබට දෙවි පිහිටයි !

    මීට,

    ඊලොන් මස්ක්

    ReplyDelete
    Replies
    1. 😂🤣😄

      This is hilarious 😂

      Delete
  10. මේ සුනිල් හදුන්නෙත්ති කියන මනුස්සයට තියෙන්නෙ මානසික රෝගයක් මට දැනෙන විදිහට. එයා හිතනව වගේ එයාට අමුතු බලයක් තියෙනව කියල. මේ වගේ අයට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕනෙ දෙයක් මිසක් උපහාසයට ගන්න ඕනෙ දෙයක් නෙවෙයි. රටේ පිළිගත්ත මාද්‍ය ජාලයකට අයත් මාද්‍ය ආයතනක් විදිහට මාතලන් මේ කරපු වැඩේ ලැජ්ජා සහගගතයි. අපේ රටේ මාද්‍ය ආයතනවල සහ සමාජයේ නොදියුණු කම පෙන්නන හොඳම උදාහරණයක් තමයි මේ කරපු වැඩේ.

    ReplyDelete
  11. මාලිමාවට කඩේ යන උන් වගේම මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු හැමදෙනාම පාහේ ත්‍රෛයිලෝක පත්‍ර මාත්‍රාව පමණට වඩා ගන්නා බවයි පේන්නේ, එම නිසා ඒ අය වගේම වෙනත් එම ත්‍රෛලෝකපත්තර පමණ ඉක්මවා ගන්නාවූ සියලු දෙනා හොදින් මතක තබාගතයුතුයි...මෙවන් අධි මානසික බලයක් ඔවුනට ලැබෙන බව...😂😂😂😂

    ReplyDelete
  12. මාතා හරියටම හරි....... මේ වෙනකොට ජවිපෙ මාලිමාව මෙහෙයවන්නේ කවුද කියල ගොඩක් අය දන්නවා ඒ වගේම ලංකාවේ පැවති පහුගිය 2022 අරගලයෙන් මම ඉගෙන් ගත්ත දේ තමයි කොපමණ ජනතා බලයක් පාර්ලිමේන්තු බලයක් තිබුනත් ප්‍රශ්නකල නොහැකි බාහිර හෝ අභ්‍යන්තර ස්ථානයකින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක බල්වේගයකින් පුලුවන් පාලකයා ඉවත් කරල ඒ බලවේගයට අවශ්‍ය වෙනත් පාලකයකු පත් කරගන්න....අනිත් එක තමයි රට තුල ආර්තික සමාගිය ගැටලු ඇතිකරල ජනතාව එයට එරෙහිව පෙල ගස්වන්න... ඊළඟ දේ රාජ්‍ය පාලනයේදී ආර්ථිකය/ එහි වර්ධනය සහ විදේශ විනිමය ගැටලු පාලනය කල හැකි මට්ටමේ විද්වතුන්ගේ සේවය ලබාගැනීම සහ ඔවුන් එය අවංකව සිදුකිරීම.......

    ReplyDelete
  13. රට ගොඩදාන එක ජවිපෙට බැරි වැඩය
    චන්ද ප්‍රතිශතය සියයට දහයක් ය
    රාහුල් ගාන්ධිටද නෝන්ඩි කෙරුවා ය
    ප්‍රතිපල ලැබෙනකොට වෙනසක් වී ඇතිය!

    ReplyDelete
  14. පොඩි කාලෙ ඉඳන් වැල පත්තර කියවලා තමන් මහා දාර්ශනිකයි කියන හිතන් ඉන්න එකෙක් සෙක්ස් උගන්වන්න ගියහම ඔහොම දේවල් කියවෙනවා. ඒ වගේ තමයි හඳුන්ලා ඇතුලු ජවිපෙ මාලිමාවේ මෙලෝ වැඩක් නොකර කයිවාරුවට පමණක්ම කාලය වැය කරපු පිරිසකට රටේ ආර්ථිකය ඇතුලු වැදගත් දෙයක් ගැන අදහස් දක්වන කොට වෙන වැඩේ

    මාතලන් කියන එක ඇත්ත. මේකේ සත්‍යය තාව ගැන බලන්න ගෝල් ෆේස් කැම්පස් එකේ කෑම්ප් ඇතුළේ වැඩ මුළු රාශියක් පැවැත්වූ බව කියනවා . ගෝඨාව ඉවත් කර රනිල්ව ගෙන ඒමෙන් රට ගොඩ යන මාවතට පිවිසි බව දැනුණු හෙයින් කැම්පස් එක පවා වසා දමා සෙක්ස් සම්බන්ධ යුරෝපීය ප්‍රතිපත්තිය එලෙසම මෙරට ස්ථාපිත කිරීමට මාලිමාව එන තුරු බලා සිටින නොනගත කාලයයි මේ ගත වන්නේ . සෙක්ස් ප්‍රශ්නය විසඳුනාම යුරෝපයේ මෙන්ම ලංකාවේත් අනෙක් ප්‍රශ්නත් ඉබේම මෙන් විසඳෙනවා .

    ReplyDelete
  15. කතාව ඇත්ත. හැබැයි පල්ප්‍රතිශතයක් විදිහට ගත්තත් මූල්‍යමය විදිහට ගහත්තත් නොදැනම උනත් වැඩිපුර බදු ගෙවන්නෙ මධ්‍යම පාන්තිකයිනුයි දිලින්දොයි. අනික රජයක් මාසෙකට ගානක් නිකං දෙනවට වඩා ඒ මිස්සුන්ට අවශ්‍ය ප්‍රමානෙට උපයගන්න පුලුවන් වෙ විදිහෙ සිස්ටම් එකකුයි හදන්නෝනෙ. ඒ වගේම වැඩ කරන තරමට සාධාරන වේතන ලබා දීම. පෞද්ගලික අංශ ශක්‍තිමත් කිරීම සහ රාජ්‍ය ආයතන කර්‍යශම කිරීම, අධ්‍යාපන ක්‍රම නූතන ලෝකයට ගැලපෙන විදිහට වෙනස් කිරීම වගේ දේවල් කරන්න පුලුවන්නම් නිර්ධන මධ්‍යම සහ ධනපති කියන පන්ති වෙනුවට සතුටින් ඉන්න සමාජ පන්තියක් බිහි කරන්න පුලුවන්. රටේ බහුතරය දිලිඳු වෙන එක රාජ්‍ය ප්‍රශ්නයක් වගේම තමන් ඳිලිදු වෙනවනම් ඒක රාජ්‍ය ප්‍රශ්නයක් නොවන බව තේරුම් ගන්න.

    ReplyDelete
  16. ජවිපෙ මාලිමාව කියන පක්‍ෂ කට්ටියගේ අධ්‍යාපනය පිළිබඳව ප්‍රබල ප්‍රශ්නයක් තියෙනවා මේක අනිත් දේශපාලන පක්ෂ වල අය බහුතරයකට සහ වෙන ක්ෂේත්‍ර වල පවා යම් තරමකට දකින්නට ලැබෙනවා ඒ වගේම ලංකාවේ පාසල් අධ්‍යාපනය ගොඩගන්න බැරි තරම් වේගයකින් කඩාගෙන වැටෙනවා. ප්‍රධානම හේතුව සුදුසුකම්-හැකියාව-ආකල්ප අතින් පිරිපුන් මිනිස්සු අඩු පඩියකට ගුරු වෘත්තියට එන්නෙ නැති නිසා. අද ඔිනේ කෙනෙකුට පෙරපාසලක් දාගන්න පුළුවන්. ළමා මනෝ විද්‍යාව ගැන අබමල් රේණුවක් දන්නෙ නැති උනත් උපාධියක් තියෙනවා නම් ප්‍රාථමික අංශයේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මම දන්න තරමින් ඉන්දියාවෙත් ළමයින්මට ඉගැන්වීම ගැන විශේෂ පුහුණුවක් නැති අයට ප්‍රාථමික ගුරුවරයෙක් වෙන්න බැහැ.ඉස්සර සමාජයේ තිබ්බ ඉහළම වෘත්තියක් තමයි ගුරු වෘත්තිය හැබැයි අද වෙනකොට රස්සාවක් හොයාගන්න බැරි මිනිස්සුන්ට රස්සා දෙන්න තෝතැන්නක් වෙලා ඒක
    නවීන ලෝකයේදි මේ ධම්මික පෙරේරා යෝජනා කරන Education Platforms අනිවාර්යයෙන් ඕනේ. හැබැයි ලංකාවේ ලොකු අවුලක් වෙනවා. මොකද මේ වගේ දේවල් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නිදහස් පාසල් ක්‍රමය අහෝසි වීමට අදාළ සියළු දේ කිරිමයි.

    දැනට Tuition හරහා යම් ආකාරයෙන් ඒ දේ වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් උසස් පෙළ ළමයි පාසල් යන්නේ නැහැ. ඔක්කොම වෙන්නේ ටියුෂන් හරහා. ටියුෂන් කියන්නේ උපකාරක පංති වුනත් උසස් පෙළ සම්බන්ධයෙන් එය දරුවන්ගේ මුලික ඉගැනුම් මාද්‍ය වෙලා. ඉදිරියේදී මෙය තවත් ව්‍යාප්ත වෙලා සමස්ථ පද්ධතියටම ක්‍රියාත්මක වෙනවා.

    මේ ලගදි මහාචාර්යවරයෙක් කියනවා පාසලේ 80% පැමිණිම අයින්කරන්න ඕනේ කියලා. ඒ අනුව රටේ පාසල්වල නිතිත් වෙනස් වෙනවා. එතකොට පාසල කියන දේ අකර්මණ්‍ය වෙනවා. පාසල් වැඩක් නැති වෙනවා. අන්න එතකොට තමයි ධම්මික පෙරේරා දැනට Free Trial එකක් විදියට දීලා තියෙන මේ Education Platforms මුදල් දීලා ලබාගන්න තැනට පත්කරන්නේ. ඔවුන් දක්ෂ ව්‍යාපාරිකයන්. ඔවුන් හිතන්නේ අනාගතය ගැන මිසක් වර්තමානය ගැන නෙමෙයි. ඉදිරිය බලා ඔවුන් ආයෝජනය කරනවා. ඒ විතරක් නෙමෙයි ඒවා නිකන් කියලා රටේ නායකයන් වෙන්නත් උත්සහා කරනවා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් දඩයම් කරනවා.

    ලෝකයේ බොහෝ රටවල් මේ වගේ Education Platforms හා Tuition වගේ දේවල්වලට අවස්ථාව දෙනකොට මුලින්ම කරන්නේ පාසල් ක්‍රමය ශක්තිමත් කරන්න අවශ්‍ය ක්‍රමය නිර්මාණය කිරීමයි. එතකොට මොන දේ ආවත් පාසල් ක්‍රමය බිදවැටෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රමය තුලින්ම අනික් ඕනේ දෙයක් ක්‍රියාත්මක වෙන්නත් අවස්ථාව හදනවා. හැබැයි ලංකාවේ එහෙම නැහැ. ලංකාවේ වෙන්නේ නිදහස් පාසල් ක්‍රමය නැතිකිරිමටම් මෙවැනි දේවල් ඉගැනුම් ක්‍රමවලට එකතු වීමයි. ඒකයි ඇත්තටම අවුල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ලංකාවෙ වැඩිම පඩිය හම්බෙන්න ඕනා ගුරුවරුන්ට.. අවමය ලක්ෂ දෙකක්වත් වෙන්න ඕනා.. ඊළඟට පොලීසියට..මේ දෙන්නා තම්න්ගෙ රාජකාරිය හරියට නොකරන තාක්, ඒක මුදලට විකුණන තාක් රටවල් හැදිලි බොරු...

      Delete
    2. @ ano 3.21

      පඩි වැඩි කරන කතාව නම් බයිලාවක්... නිකංම පඩි වැඩි කළ පලියට මුකුත්ම වෙනනේ නෑ පඩිය නෙවෙයි ඔවුන්ගේ කාර්යය හරියට ක්‍රියාත්මක කිරීමට ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමයි කළ යුතු, ඒකෙදී තාක්ෂණය භාවිතය, මනා පුහුණුව, ක්‍රමවේදය වෙනස් කරන්න ඕන නම් අනවශ්‍ය කටයුතු ඉවත් කර සරල ක්‍රියාමාර්ග හැකිතාක්දුරට ඇති කිරීම සහ අවශ්‍ය නම් පමණක් අවශ්‍ය අයට කාර්යසාධනය performance මත වැටුප් වැඩිකරගන්න ඉඩකඩ තිබිය යුතුයි. නමුත් ඊට වඩා වැදගත්ම කාරණය අධ්‍යාපන ඵලදායීතාවය එනම් අනවශ්‍ය බහුබූත ඉවත් කර අවශ්‍ය මූලීක දේ සහ විශේෂයෙන්ම STEM විෂයයන් විද්‍යාව තාක්ෂණය ඉංජිනේරු විද්‍යාව සහ කළමණාකරණය (මූල්‍ය සහ ආර්ථික ඇතුළු) වගේ අංශ පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීමයි.

      Delete
  17. ජාතික ජන බලවේග ගව රැලේ කුප්‍රකට ආර්ථික ඝාතක Elon Musk 😂😂 ගැන කතාව නම් තනිකරම උන්ගේ ගොබ්බ කම පැහැදිලිව පෙනෙන්නට ලැබෙන සිදුවීමක්

    ඇත්තටම Elon Musk උත්සාහ කරන්නේ ලංකාවේ වෙළඳපොළ අල්ලන්න නෙවෙයි. අඟහරු ලෝකේ ජනාවාස කරන්නෙ කොහොමද කියලා?

    Elon musk යන Albert Einstein ගේ physics theory තාක්ෂණයෙන් වෙනස් කර කෙනෙක්
    ලෝකයක් වෙනස් කරපු මිනිහෙකුටත් ආර්ථික ඝාතකය කියනවනම් කවර කතාද??
    වෙලාවකට හිතෙනවා මාලිමා මීගව සම්පත ඇත්තටම තණකොළ ද කන්න කියලා.
    ලංකාවේ විදේශ වත්කම් US $ 5.5 billion.🤣🤣🤣

    Elon musk සතු වත්කම US $ 210.7 billion

    ජවිපෙ ජාතික ජන බලවේගයේ පක්ෂ අරමුදලේ ඇති මුදල ඊට වඩා වැඩි ඇති ඒකයි එහෙම කියන්නේ. 😂

    ReplyDelete
    Replies
    1. මේක මාලිමා ගොබ්බයන්ගේ ගවකම පෙන්නපු කදිම අවස්තාවක්.. වැඩියෙන්ම මාලිමාව පස්සෙ දුවන්නෙ තුන්සක් නූගත් ප්‍රජාව.. මැයි 9 වෙනිදා ක්‍රියාකාරීවුනෙත් ඒ ගව රැලම තමා..

      Delete
  18. මාතා, නරේන්ද්‍ර මෝදි කා පරිවාර් සෙට් එකට මැතිවරණයේදී කෙළවීම ගැන ඔයාගේ අදහස මොකක්ද? ඇත්තටම චීනෙටත් වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් සහිතව, ලෝකෙ හොඳම ආයෝජන ඉන්දියාවට ගෙනාපු ධනවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ කරපු මෝදිව වමට බර ගම්බද සමාජයට ඇලජික් වුන එකේ ප්‍රතිපල තමයි. වාමාංශික ආර්ථික ක්‍රමවේද වලට හුරු සමාජයක් තියන ඉන්දියාව වගේම ලංකාව වගේ රටවලත් ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ කරනකොට ටික ටික කරන එකයි නුවණට හුරු. එහෙම නේද?

    ReplyDelete
  19. ලංකාව කියන්නෙ එන්න එන්නම කොලිටි එක අතින් බාල වෙන රටක් බවට පත් වෙලා තියෙන බව මේවායින් පැහැදිලිව පේන්නගන්නව.

    දේශපාලන පක්ෂ ක්‍රිකට් විතරක් නෙවෙයි හැම දේම.මේක දේශපාලන ක්ෂේත්‍රයේ විතරක් තියන ගැටලුවක් නෙමේ. ලංකාව සෑම දෙයක්ම බාල වෙලා. කලාව ගත්තත් සාහිත්‍ය ගත්තත් සිනමාව ගත්තත් මේ බිඳ වැටීම බලන්න පුලුවන්. රූස්ස ගස් වෙනුවට තුත්තිරි ගස් රජ වෙන කාලයක් මේක.

    උදාහරණ විදිහට ක්‍රිකට්වල ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ දිනේෂ් චන්දිමාල් ලබා ගත් ප්‍රථම එක්දින ශතකයට ඊයේ දිනයට වසර දාහතරක් පිරුණා.

    2010 වසරේ සිම්බාබ්වේ හි පැවැති සිම්බාබ්වේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කෝන් තරගාවලියේ දී ඔහු එක්දින වරම් දිනා ගත්තා.

    බුලවායෝ හීදි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔහු ක්‍රීඩා කළ මුල්ම තරගයේ දී චන්දිමාල් ලකුණු දහයකට දැවී ගියා.

    ඔහු දෙවන තරගය ක්‍රීඩා කළේ හරාරේ හීදි ඉන්දියාවට එරෙහිව.

    මේ තරගාවලියට කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රීඩා කළේ නැහැ.

    තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ නොම්මර තුන පිතිකරුවා ලෙස පිටියට පැමිණි ඔහු පන්දු 118 කින් ලකුණු 111 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ආවා.

    එම ඉනිමට හතරේ පහර හයක් සහ හයේ පහර පහක් අන්තර්ගත වී තිබුණා.

    පාසැල් සමයේ පටන් අනාගත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වීමට රසික විවරණ ලැබූ දිනේෂ් චන්දිමාල්, සිය දෙවෙනි තරගයෙන්ම එම අපේක්ෂා අතිශයෝක්ති නොවන බව සපථ කළා.

    ශ්‍රී ලංකාවේ 88/89 කැරැල්ල ගැන කතා කරන බොහෝ ඉතිහාසඥයන් සහ සමාජ විශ්ලේෂකයන් කියනා පොදු කතාවක් තිබෙනවා.

    එනම් මේ සමයේ රජයේ සහ කැරලිකරුවන්ගේ යන දෙපාර්ශවයේම ඝාතන නිසා ශ්‍රී ලංකාවට එක් පරම්පරාවක් අහිමි වූ බව.

    උගත්, බුද්ධිමත් සහ ක්‍රියාකාරී තරුණ ප්‍රජාවක් මේ සමයේ රටට අහිමි වුණා.

    රට පසුව මුහුණ ඛේදාන්ත වලට මේ පරම්පරාව අහිමි වීමත්, ඔවුන්ගේ දායකත්වය රටට හිමි නොවීමත් දැඩිව බලපෑ බව ඉතිහාසඥයින් කියනවා.

    රටකට එක් පරම්පරාවක් අහිමි වීම සුලුපටු පාඩුවක් නොවෙයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ අත්ව තිබෙනා ඉරණමත් මේ සිදුවීමෙන්ම කියවා ගත හැකියි.

    දිනේෂ් චන්දිමාල් සමගම ළහිරු තිරිමාන්නත් ජාතික කණ්ඩායමට එක් වු එවකට යොවුන් ක්‍රීඩකයෙක්.

    ඔවුන් දෙදෙනා නායකත්ව ලක්ෂණ තිබූ, තරග දිනවිය හැකි, අතිදක්ෂ ක්‍රීඩකයින් වූ බවට සැකයක් නැහැ.

    වඩා වැදගත් වූයේ ඔවුන් මෙරට ක්‍රිකට් සංස්කෘතියෙන් දයාද වූ ක්‍රීඩකයින් වීමයි.

    කෙසේවෙතත් කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ ආගමනයෙන් පසුව දිනේෂ් චන්දිමාල්ට පිතිකරණ ලයිස්තුවේ පහලට යාමට සිදුවුණා.

    සංගක්කාර සහ මහේල සමුගන්නා තුරුම නොම්මර තුන සහ හතර ඔවුන් වෙනුවෙන් වෙන් වුණා.

    එපමණක් නොවෙයි.

    කණ්ඩායම තුල අර්ජුන සහ සංගක්කාර, මහේල පාර්ශවය අතර දැඩි ගැටුමක් තිබුණා.

    මේ ගැටුමේ වින්දිතයෙක් වූයේ දිනේෂ් චන්දිමාල්.

    සිය පාසලේ නිසාත්, තමන් ප්‍රිය කරනා රාමුවේ සිටි නිසාත් අර්ජුන චන්දිමාල්ට ප්‍රිය කළා.

    එය සංගක්කාර සහ මහේල විසින් අනුමත කළේ නැහැ.

    අර්ජුන ක්‍රිකට් සභාපතීත්වය දරද්දී IPL තරගාවලි සමයක ශ්‍රී ලංකාවට එංගලන්තයේ සංචාරයක් යොදාගෙන තිබුණා.

    සංගා මහේල ගේ මෙහෙයවීමෙන් සමස්ත කණ්ඩායමම එයට විරුද්ධ වුණා.

    දිනේෂ් චන්දිමාල් පමණක් අර්ජුන සමග හිටගත්තා.

    සංගා සහ මහේල දිනේෂ් චන්දිමාල් එළිපිටම ප්‍රතික්ෂේප කිරීමට පටන් ගත්තේ එතැන් සිටයි.

    එතැන් පටන් ඔවුන් දිනේෂ් චන්දිමාල් කණ්ඩායම තුල කොන් කළා.

    අර්ජුනට කණ්ඩායම තුල රහස් කියනවා යැයි කියමින් ඔහු කණ්ඩායම් රැස්වීම් වලින් පවා ඉවත් කළා.

    එය යොවුන් ක්‍රීඩකයෙකුට දරාගැනීමට පහසු පීඩනයක් නොවෙයි.

    චන්දිමාල්ට සහ අර්ජුනට එරෙහිව ලසිත් මාලිංග යොදාගත්තේත් එම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා විසින්මයි.

    මාලිංග රත්ගම වැල්ලෙන් බිහි වූ 'කට හොඳ නැති' ක්‍රීඩකයෙක්.

    ඔහු ඇවිස්සූ විට ඕනෑම අරමුණක් ඉටු කර ගැනීම අපහසු නැහැ.

    2014 T20 ලෝක කුසලානයේ අතරමැද දී චන්දිමාල් ස්වේච්ඡාවෙන් නායකත්වයෙන් සහ කණ්ඩායම් ස්ථානයෙන් ඉවත් වුණා.

    ඔහුට එය යළිත් හිමි වූයේ නැහැ. ඔහුට එය යළිත් හිමි වීමට ඉඩ දුන්නේත් නැහැ.

    ඩිල්ෂාන්ගේ නායකත්වය උපක්‍රමශීලිව මැතිවුස්ට ලබා දීමත් එම සැලසුමේ කොටසක්.

    එතැන් සිට චන්දිමාල් සහ තිරිමාන්න ශ්‍රී ලංකා සැලසුමේ ස්ථිර ක්‍රීඩකයන් වූයේ නැහැ.

    විවිධ ස්ථාන වල ක්‍රීඩා කළ ඔවුන්ගේ දක්ෂතා ස්ථාවර වූයේත් නැහැ.

    එය සාධාරණයි.

    එවකට ශ්‍රී ලංකාව සිටි ස්ථානය අනුව සුපිරි දක්ෂතා බලාපොරොත්තුවෙන් සිටි රසිකයන් ද ඔවුන් දැඩිව විවේචනය කළා.

    දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න කණ්ඩායමෙන් විසි වුණා.

    ඔවුන් සැබැවින්ම සංගක්කාර, මහේල සහ ඩිල්ෂාන්ගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම භාරගැනීමට සිටි පරම්පරාවයි.

    එනමුත් බල අරගලයක් හේතුවෙන් එක් පරම්පරාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අහිමි වුණා.

    ReplyDelete
    Replies
    1. ඊට පසු කාලය තුල කුසල් මෙන්ඩිස් ලා, නිරෝෂන් දික්වැල්ල ලා, ධනුෂ්ක ගුණතිලක ලා, වනිඳු හසරංග ලා යොවුන් ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට පැමිණියේ ඉන්පසුවයි.

      එනමුත් ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතිය උරුම කර දීමට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් සිටියේ නැහැ.

      එසේ නොමැති නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුපුරුදු 'අයියා' ලා සිටියේ නැහැ.

      ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යොවුන් 'මල්ලි' ලා ගොඩනැගෙන්නේ, කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ 'අයියා' ලා මග යමින්.

      සනත් සහ මාවන් ලා සාර්ථක නායකයින් සහ විනයගරුක ක්‍රීඩකයින් වූයේ අහම්බයකින් නොවෙයි.

      අර්ජුනගේ මගපෙන්වීම සහ ආදර්ශය ඔවුන්ට ලැබුණා.

      සනත් සහ මාවන්ගෙන් සංගක්කාරට සහ මහේලට එම දයාදය හිමි වුණා.

      කෙසේ වෙතත් මේ අලුත් 'මල්ලි' ලාට මග පෙන්වීමට සිටි ඉහළ පරම්පරාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් හැලී ගොස් තිබුණා.

      එකල ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් පැමිණෙද්දී යොවුන් ක්‍රීඩකයින් පුටු වලින් නැගිටින සංස්කෘතියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක විවේකාගාරයේ තිබුණා.

      එය දුලිප් මෙන්ඩිස්ලාගේ කාලයේ සිට මහේල, සංගක්කාරලාගේ කාලයටම ආවා.

      එනමුත් එතැනින් දම්වැල බිඳුණා.

      කණ්ඩායමට පැමිණි වහාම මේ යොවුන් ක්‍රීඩකයින් 'අයියා' ලා වුණා.

      ඔවුන්ට වඩා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කණ්ඩායමේ සිටියත්, ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතියෙන් නායකත්වයට ගොඩනැගුනු චරිත නොවෙයි.

      කණ්ඩායමට පැමිණි වහාම මේ 'මල්ලි' ලා 'අයියා' ලා වුණා.

      ඔවුන්ට මග පෙන්වීමට හෝ ආදර්ශ සැපයීමට කිසිවෙක් හෝ කණ්ඩායමේ සිටියේ නැහැ.

      මේ යොවුන් ක්‍රීඩකයින්ට ක්ෂණයෙන් මුදල් සහ ජනප්‍රියත්වයේ රස දැණුනා.

      එතැන් සිට ඔවුන් 'ජීවිතය විඳීම' උපරිම වන, ක්‍රිකට් දෙවෙනි වන ඔවුන්ට අනන්‍ය සංස්කෘතියක් ශ්‍රී ලංකා ක්‍රීඩා විවේකාගාරයේ ගොඩනැගුවා.

      දැන් රසිකයන් ලෝක කුසලානයේ දී කාසියේ වාසිය උරගා බැලීමට පැමිණි නායක වනිඳු හසරංගගේ නිල ඇඳුම පිළිබඳ විවේචන කරනවා.

      ඉන්පෙර එක්දින නායක කුසල් මෙන්ඩිස්ගේ විනය සම්බන්ධව රසිකයන්ට බොහෝ විවේචන තිබුණා.

      කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් විවිධ විනය ගැටලුවලට හසු වුණා.

      ඇතැම් ක්‍රීඩකයින් නිසා ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය ලැජ්ජාවට පත් වුණා.

      ඒ සියල්ල පසුපස සැඟව තිබෙනා රහස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එක් පරපුරක් අහිමි වීමයි.

      දම්වැලක් ලෙස බැඳෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතිය දයාද වීම නැවතුණා.

      දම්වැලේ එක් පුරුකක් බිඳී ගියා.

      ඉන්පසුව අයාලේ ගිය තරුණයින් පිරිසක් බිහි වුණා.

      මාතර වැල්ලෙන් පැමිණි සනත් ජයසූරිය ගේ සහ වනිඳු හසරංග ගේ ඇත්තේ එකම වෙනසයි.

      එනම් සනත්, අර්ජුන ඇසුරේ හැදී වැඩීම පමණයි.

      එසේ නොමැති නම් සෑම අතින්ම සනත්, වනිඳුට හෝ කුසල් මෙන්ඩිස්ට වඩා බොහෝ දරුණු විනය විරෝධියෙකු වීමට තිබුණා.

      විවිධ ආරම්භ වලින් සහ පසුබිම් වලින් පැමිණි ක්‍රීඩකයින් විනයගරුක, එකම අච්චුවේ ක්‍රීඩකයින් බවට පත් කළේ මෙරට ක්‍රිකට් සංස්කෘතියයි.

      එය සෑම විටම ඉහළ පරම්පරාවෙන් පහළ පරම්පරාවට දයාද වුණා.

      එක් තැනක එය නැවතුණා.

      දැන් අපි මේ දකිමින් සිටින්නේ ශ්‍රී ලංකා මවට එක් පරම්පරාවක් අහිමි වීමේ ඛේදාන්තයයි.

      Delete
    2. මරු විග්‍රහය....

      Delete
  20. ලංකාවෙදි මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් ලංකාවේ ප්‍රවාහනය, නමුත් ජවිපෙ ජාතික ජන බලවේගයට ප්‍රධාන ප්‍රශ්නයක් වන ප්‍රවාහනය ගැන උත්තරයක් නෑ එක එක බයිලා ගහලා වටේ යනවා විතරයි, නිකම්ම ප්‍රවාහනය දියුණු කරනවා වෙනුවට ඒ පිළිබඳව විචාරාත්මක සවිස්තරාත්මකව විස්තර සහිතව වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට තරම් දැනුමක් ඔවුන්ට නැති බව ඉතාම පැහැදිලියි

    මම ලංකාවේදී හැමදාම expressway එකේ වැඩට ගියෙ ආවෙ. ඒකෙන් ස්ට්‍රෙස් එක ගොඩක් අඩු වුනා.

    ඒත් පෑලියගොඩ exit එකේදි පුදුම ටෙන්ශන් එකක් ආවෙ තියන ලේන් දෙකයි තව immergancy ලේන් එකයි අල්ලල මිනිස්සු ලේන් හතරකින් මර්ජ් වෙනකොට.

    ලංකාවෙදි මන් ගොඩක් ට්‍රැවල් නොකරන්නත්, මෙහෙදි හැම සතියකම කොහේ හරි යන්නයි ප්‍රධාන හේතුව පාරෙ ස්ට්‍රෙස් එක.

    ReplyDelete
  21. නයිටීඑන් එකේ යකඩබට හොරා එක්ක මොන දේශපාලන සාකච්ඡා ද බන්? හිරේ ඉන්න ඕන එවුන් එක්ක මොන සාකච්ඡා ද?

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ හිරු,දෙරණ පවා එහෙමනේ බොලාට? එහෙම නිසා මාලිමාවට අධිපති මෙලෝ වැඩක් බැරි බොනිකර තරු ලප කුමාර කයියනායක තූමාට තියෙන්නෙ කරත්තයක ලවුඩ්ස්පීකරයක් ගැට ගසන් ගමින් ගමට යමින් කයිවාරුව කරගෙන යන්න.කරත්තෙ එන්ජිමට බොලාගේ මහානායක සජිත් ප්‍රේමදාස අල්ලලා බඳිනවා ද? ඌට වඩා හොඳ කේප්ප හරක් මාලිමාවෙත් නෑනේ නේද බන්?

      Delete
  22. මේ වගේ මෝඩ දේශපාලකයො කියන ගොන් කතා විස්වාස කරලා posts දාන මිනිස්සු දැන් රටේ වැඩි වෙලා. මොකද දන්නවද හේතුව, මොලේ තියන මිනිස්සු බහුතරයක්ම දැන් ලංකවෙ නැහැ, ඒ අය රට දාල ගිහින්.

    අනික මෙන්න මේ විදියට තමයි ගිය සැරෙත් තාරැණ්‍යය යැයි කියාගත් දේසපාලුවන්ට රෙදි නැතුව කඩේ යන නිකමුන් පිරිසක් රැල්ලකට ගිහින් අර වීරයෙක්ව ගේන්න තාප්පවල පිංතූර ඇඳ ඇඳ මෝඩයන්ට ඇඳ ගත්තෙ. අන්තිමට ඒ වීරයා රට අතහැරල පැනල ගියා. ඒකෙන්වත් මේ මෝඩ මිනිස්සු ඉගෙන ගත්තෙ නැද්ද?

    දැන්වත් ඔය මෝඩ වැඩ නවත්තල තමුන්ගෙ රැකියාවෙ/ගෙදර දොරේ වැඩක් කරගත්තොත් ඒක ගෙදර ඉන්න මිනිස්සුන්ටවත් සෙතක් සැනසීමක් වෙයි.

    ඒවගේම ඔය බොහොමයක් මාලිමාවට සම්බන්ධ posts දාන මිනිස්සු කිසිම වැඩක් කරන්නෙ නැති නිකන් රස්තියාදුවෙ කැරකෙන උදවිය. ඒ අය කරන්නෙම දේශපාලුවො පස්සෙ ගිහින් තමුනගෙ කාලෙ නාස්ති කරගන්න එකයි. මේ අය තමයි ඔය දේශපාලුවන්ගෙ කුඩු, ගන්ජා, කසිප්පු හරි වෙන අපත වැඩ කරන අය හෝ එවැනි දෙයක් කරව ගන්න try කරන අය.

    හරියට මහන්සියෙන් ඉගෙන ගත්ත, හොඳ වැදගත් රැකියාවක් කරන, අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්නෙ නැති මිනිස්සු ඔය හොර, ජඩ නැත්නම් විපක්ෂ දේශපාලනය කරමින් කයිවාරුකාර නිකම් කන දේශපාලුවන් පස්සෙ යන්නෙ නැහැ. මේක තමයි ඇත්ත.

    අනික මේ බොහොමයක් දේශපාලුවො පස්සෙ යන අය ලෝකේ සිද්දවෙන්නෙ මොනාද කියලවත් දන්නෙ නැති උදවිය. එවැනි බහුතරයක් කිසිම රටකටවත් ගිහින් නැති ඒ රටවල වෙන්නෙ මොනාද, ඒ රටවල් පාලනය කරන්නෙ කොහොමද? ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ කොහොමද? කියලවත් දන්නෙ නැති මෝඩ මිනිස්සු කොටසක්.

    අනික මේ හාදයො තමයි රටේ කිසිම රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක් දියුණු වෙනවට කැමති නැති, දරැවෙකුට විශ්වවිද්‍යාලකට ගිහින් නියමිත කාලෙට ඉගනගෙන ඒකෙන් එලියට එන්න නොදී ඒවා කඩාකප්පල් කරන, රජයේ/පොද්ගලික ආයතන වල union දාගෙන ඒවයේ වැඩ කඩාකප්පල් කරමින් අවසානයේ එම ආයතන වසාදැමීමට කටයුතු කරන, මෙතුවක් කල් රටට කිසිම යහපත් වැඩක් නොකල, තමුන් වෙනුවෙන්ම සල්ලි හොයල ඒව බැංකු වල දාගෙන ඒවයින් ජීවත්වෙන, අපේ රට විනාස කරන ආපු කොටසක් තමයි ඔය JVP, NPP කියන්නෙ. ඉතිං මේ අය පස්සෙ යන අය ගැනත් තව කියන්න දෙයක් නෑ.

    ඔබ බුද්ධිමත් නම් මේ කියපු හැම දෙයක් ගැන ඔබට නැවත අවබෝධයක් ලැබුණු ඇතැයි මම සිතමි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න