.

.

Jun 10, 2024

ලාහෙට ගෙම්බන් එකතු කරමින් පොදු අපේක්ෂකයා විය හැකිද


 

ලාහෙට ගෙම්බන් එකතු කරමින්

පොදු අපේක්ෂකයා විය හැකිද

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මාතලන් නම් තවමත් කියන්නේ... පවතින තත්වය අනුව ජනාධිපතිවරණයක් නොතියා... රනිල්ට තව වසර පහකට බලය පවත්වාගෙන යා හැකි ක්‍රමයක් සකසා ගන්නවා නම් එය රටට මෙන්ම ජනතාවටද සෙතක් කියලාය.


එය කළ හැකි ක්‍රමයක් ව්‍යවස්ථාවේම තිබියදි.... එය භාවිතා නොකරන්නේ නම්... එය රටේ හා ජනතාවගේ අවාසනාවය. රංගේ බන්ඩාර එලියට දැම්මේ ඒ ක්‍රමයය. ඒ ජනමත විචාරණයක්‍ ය. ජේ ආර් මේවා ව්‍යවස්ථාවට ඇතුලත් කළේ ඔහු තුන් කල් දුටු දේශපාලුවෙක් නිසාය. ඒවා ඇත්තේ මෙවන් විශේෂ අවස්තාවන් වලදී භාවිතා කිරීමට මිසා පොත් ගුල්ලන්ට කන්නට නෙමේය.


යහපාලන සමයේ සිරිසේන නම් පිස්සා එලවා දැමීමට දෝෂාභියෝගයක් ගෙනාවේ නම්... එය පහසුවෙන් ජයගත හැකිව තිබියදි, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර වසර පහම පිස්සෙක් හා පිස්සු කෙලීමෙන් සිඳු වූ දේ මුළු ලෝකයම දැක්කේය. පිස්සා තවමත් පිස්සු කෙලිමින් සිටිනා අතර... අංගොඩ සිටිය යුතු පිරිසක් ඌ වටේ තවමත් කැරකෙමින් සිටීම මාර ලොල් සහගතය.


ජනමත විචාරණයකට යන්නේ වුවද, එහිදීද... දක්ෂිණාංශික පක්ෂ සියල්ල රනිල් වෙනුවෙන් පෙලගස්වා ගැන්මට රනිල් සමත් විය යුතුය. නැතිනම් ජවිපේ ජයග්‍රහණය ස්ථිර වන්නේ, ජනමතවිචාරණයද තම වාසියට හරවා ගැන්මට ඔවුන්ගේ ප්‍රචාරක ජාලය සවිමත් හා ප්‍රභල නිසාය.


රනිල් රට වැටුන අගාධයෙන් ගොඩ ගත්තාට...  සාමාන්‍ය ජනතාවට ඒ ගැන දැණුමක් ඇත්තේ නැතිය. එපමණක් නොව ජනතාවගේ ඇඟට දැනෙන වෙනසක්ද තවම ඇති වී නැතිය. උන් භාන්ඩ හා සේවා ඉල්ලන්නේ 2019 පැවති මිළටය. දන්සැල් දැම්මත් ඒ ගානට දෙන්න බැරි බව කියන්නට ආන්ඩුවේ එකෙක් ඇත්තේ නැතිය.


රජයට හා ආන්ඩුවට ඒ ගැන දැණුම්වත් කිරීමේ නිසි වැඩපිලිවලක් ඇත්තේම නැතිය. ඒ සඳහා ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් සමඟ ඇයි හොඳයියක් ඇත්තේම නැති අතර... ඔවුන් සියල්ල ආන්ඩු විරෝධි කඳවුරුවල සුවච කීකරු ගෝලයින් වී අවසානය.


එමෙන්ම රනිල් පොදු අපේක්ෂකයා යැයි කීවද... ඔහුගේම අලි ගාලේ හෙන අලි වලිය... ඊට හේතුව... ඉන්නේ ඇපත් නැති වූ අලි නිසා... උන් තවමත් ඉන්නේ පිස්සු වැටිලා වෙන්නට පුලුවනිය. සජිත් ළඟ ඉන්න අලි... ඕන් එනවා... මේන් එනවා කිව්වාට... අරගලේ එක්කම සජිත්ගේ ගාල කඩාගෙන ආ... හරීන් හා මනූෂ හැර... වෙන එක අලියෙක්කත් තමන්ගේ ගාලට ගන්නට රනිල් අසමත් වුනේය.


ඔහුට මේ වන තෙක් කිසිඳු පක්ෂයක හෝ සභාගයක හෝ සංධානයක සහාය කෙලින්ම ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කොට නැතිය. එවන් ප්‍රකාෂයන් පුද්ගලයින් වශයෙන් වෙන් වෙන්ව ලැබී ඇත්තේ කැබිනට් මන්ඩලේ ඉන්නා පෝට්ටුවේ මැති ඇමති කම් කරනා උන්ගෙන් පමණය.


එමෙන්ම පනත් සම්මත කර ගැන්මට තවම ලැබෙන්නේද පොහොට්ටුවේ චන්ද පමණය. 


ලංසා මුල සිටම රනිල් හා උන්නද එම කඳවුරටද යම් ශක්තියක් ගෙන ආවේ.... මහින්ද අමරවීරලාය. එය සිඳුවන්නේද පිස්සා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිකරණ ඇමතියාට විකුණූ නිසාය. එහෙත් ඔවුන්ද මේ වන තෙක් ඔවුන්ගේ සහාය රනිල්ට ලබාදෙන බව කෙලින් ප්‍රකාෂ කොට නැතිය.


එමෙන්ම ඒ කණ්ඩායම තුලද දැකගන්නට ලැබුනේ අනාත වූ සිරි ලංකා කාරයන් පමණි. රනිල්ට සහාය දෙන බව ප්‍රසිද්ධියේ කී ප්‍රසන්න ඇතුලු කැබිනට්ටුවේ තරුණ දක්ෂයින් රැල උන්නේ නැතිය.


දැන් හැම එකාම කියන්නේ මේ වැඩපිලිවල ඉදිරියට යා යුතු බවය.... සජිත් හා අනුර කියන්නේත් ඒකමය. අනුර කිව්වේ වැල් පාලමේ ඉතිරි භාගේ යන එක මහ දෙයක් නෙමේ කියලාය.


ඉදින් මේ රනිල් වටේ ඉන්න අයත් මේ වැඩපිලිවල ඉදිරියට ගෙන යන කෙනෙකුට සහාය දෙනවා කියන්නේ.....


අවසාන මොහොතේදී... දැන් යන රැල්ල අනුව... වළං ශානී වගේ අනුර සහෝදරයාට සහාය පලකිරීමට ඉන්නවාදෝ කියා සැකයක්.... මාතලන් වන මා හට තියෙන්නේය.


මන්ද යත්... රැල්ලේ සැරට... තඹුත්තේගම බන්ඩා ලන්ඩන් ගොස් පැමිණි පසු... ග්‍රෑන්ඩ් මොනෑක් එකේ පවත්වන ජවිපේ මීළඟ සමුළුව... ජවිපේ හා එකතුවන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ සමුළුවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති නිසාය.


ගෙනියන්නේ රනිල්ගේ වැඩපිලිවලම නම්.... රනිල් ලොක්කාත් ඒකට ගියාම.... අපිටත් අවුලක් නැතිව ජවිපෙට සප් එකක් දීලා....


ඔවුන් බලයට ආවාම අපිට වෙන දේ බලාගනින් කියා තර්ජන කරනා එම පක්ෂයේ උගත් බුද්ධිමත් අනුගාමිකයින්ගෙන් අප වැනි හාල්පාරු අශූචී අනුභව කරනා වගලුන්ගේ ජීවිත බේරාගත හැකි වන්නේය...


ඒ වගත් මෙසේය.....

23 comments:

  1. මේ, මේ.. ඕවා බෑ , හරී? ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් ! රනිල් හදන්නේ ලංකාව ඊලෝන් මස්ක් ට විකුණන්න හරිද? බොරුනම් අහන්ඩකො හඳුන් සහෝ ගෙන්.... එයා තමා අපේ ආර්ථික ඔස්තාද්!

    ReplyDelete
  2. දැන් කාලේ කොල්ලො වැඩි හරියක් නිකං ගෑණු වගේ...

    හැබැයි ඉපදිලා අවුරුදු දෙක තුනක් යනකොට අපි නම් දැන ගත්තා අපේ දෙපැරැල්ල අස්සෙන් එල්ලෙන්නෙ හුජ්ජ කරන්න විතරක් තියෙන අවයවයක් නෙවෙයි කියලා...
    ඊටත් ටික දවසක් යනකොට තේරුනා ජීවිතේ සැනසීම තියෙන්නේ එතන කියලා...

    දැන් තමයි හරියටම තේරෙන්නේ මේ ලෝකය පාලනය කරන්නේ වෙන මොහොකින්වත් නෙවෙයි.. ඒකෙන් කියලා...

    👉 1977 ඔක්තෝබර් මස 21 වනදා පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා සුනිල් සාන්ත හමු වන්නට යන විට ඔහු ජීවත් වූයේ තහඩු වහලක් සහිත අතහැර දැමූ කුකුළු කොටුවකය.

    👉 ඊට හේතුව වූයේ තම ප්‍රතිපත්ති නිසාම ගුවන් විදුලියේ රැකියාව අහිමිව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සුනිල් ශාන්තයන්ට සිදුව තිබීමය.

    👉 රැකියාව අහිමි වූ පසු ඔහු දිවි ගැට ගසා ගත්තේ කරවල වෙළෙඳාම, වඩු වැඩ, ගුවන් විදුලි, පැට්‍රොමැක්ස්, ගෑස් ලාම්පු අලුත්වැඩියා කිරීම, බයිසිකල් සෑදීම වැනි අවිධිමත් රැකියාවල නිරත වෙමිනි.

    👉 බොහෝ දෙනා සරලව දන්නා ආකාරයට සුනිල් සාන්ත යනු ගායකයෙකි. සංගීතඥයෙකි. එහෙත් බොහෝ දෙනා ඔහු ගැන ගැඹුරු නොදන්නා කතාවක් තිබේ.

    👉 ඒ දේශීය සංගීතයක අක්මුල් සොයායමින් අපේම වූ සංගීත සම්ප්‍රදායක් ගොඩනැගීම වෙනුවෙන් සුනිල් සාන්තයන් කළ සංස්කෘතික අරගලයේ කතාවය.

    👉 අපේම වූ සංගීත සම්ප්‍රදායක් තිබුණාද නැද්ද යන ශාස්ත්‍රීය ප්‍රශ්නය ගැන කවර වාද විවාද තිබුණද, සුනිල් සාන්තයන් දුෂ්කර වෘතයක පිහිටමින්, ප්‍රතිපත්ති පාවා නොදෙමින් අරගල කළේ ඒ සඳහාය.

    👉 1915 වසරේ අප්‍රියල් 04 වන දින ජාඇල රෝමානු කතෝලික පවුලක උපත ලැබූ සුනිල්ගේ මුල් නම වූයේ ජෝසප් ජෝන්ය.

    👉 කුඩා කළ සිටම සංගීතයේ විවිධාකාර දක්ෂකම් පෙන්වූ ජෝසප් ජෝන් තරුණයා පාසලින් ඉවත් වීමෙන් පසු 1933දී මග්ගොන කතෝලික ගුරු විදුහලට ඇතුළත්ව, 1936 වසරේදී ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබීය.

    👉 පසුව ඔහු 1939 වසරේදී සංගීතය ඉගෙනීම සඳහා ඉන්දියාවේ ශාන්ති නිකේතනය බලා ගියේය. ඉන් නොනැවතුන ඔහු භාත්ඛණ්ඩේ සරසවියට ඇතුළත්ව, එහි දක්ෂතම ශිෂ්‍යයා ලෙස ප්‍රථම පංති සාමාර්ථ්‍යයක්ද සහිතව, 1944දී ඔහු නැවත මෙරටට පා තැබුවේය.

    👉 අනතුරුව ගුරු වෘත්තියට සමුදුන් සංගීතය ඔස්සේ ස්වාධීන ගමනක් යාමට තීරණය කළේය.
    මේ කාලය වන විට ආනන්ද සමරකෝන් වැන්නෝ ස්වාධීන හෙළ සංගීත ආරක් පිළිබඳ අදහස් පළ කරමින් සිටියෝය.

    👉 දේවාර් සූරියසේන, සූර්යකුමාර් මොල්ලිගොඩ වැන්නෝ උඩරට වන්නම්, ජන ගී හා පහත රට රබාන ආශ්‍රිත සංගීතය ඇසුරෙන් අපේම වූ සංගීතයක් සෙවීමේ පර්යේෂණයක නිරතව උන්හ. දේවාර් සූරියසේන කේම්බි්‍රජ් සරසවියේ නීති උපාධිය පසෙක දමා පූර්ණ කාලීන ලෙස පරීක්ෂණයේ නිරතව සිටියේය.

    👉 මේ අතර ජෝසප් ජෝන්ට කුමරතුංග මුනිදාසයන් හමුවීම ඔහුගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් විය. තම සමීප හිතවතුන් වූ ගරු මෝසැසි පෙරේරා පියතුමන් හා ගරු මර්ලින් ජයකොඩි පියතුමන් හරහා ජොසප් ජෝන් හෙළ හවුල හා එක් විය.

    👉 බටහිර සහ පෙරදිග සංගීතය හොඳින් දැන ඒ ඔස්සේ අපගේම සංගීතයක් පිළිබඳ ඉව අල්ලමින් සිටි ජෝසප් තරුණයාට හෙළ හවුලේ ඇසුර මනා ශක්තියක් වූ අතර, ජෝසප් ජෝන් නාමය මැරී සුනිල් සාන්ත උපත ලැබුයේ ඒ අනුවය.

    👉 සුනිල් සාන්තයන්ට අරිසෙන් අහුබුදු, රැයිපියෙල් තෙන්නකෝන්, හියුබත් දිසානායක වැනි භාෂා ප්‍රබෝධයට උර දී සිටි යෝධ සෙන්පතියන්ගේ ඇසුර හෙළ හවුල තුළ හිමි විය.

    👉 මෙරට නොනිල ජාතික ගීය බඳු වූ “ලංකා ලංකා පෙම්බර ලංකා” ගීතය අරිසෙන් අහුබුදු අතින් ලියැවී සුනිල් සාන්තයන් අතින් සංගීතවත් වී ගැයෙනුයේ ඒ හරහාය.

    👉 1952 වසරේදී ගුවන්විදුලි සංගීත ශිල්පීන් පරික්ෂාවට ලක්කොට ඔවුන් ශ්‍රේණිගත කිරීමට රජය තීරණයක් ගත්තේය. ඒ සඳහා ආරාධනා කරන ලද්දේ ඉන්දියාවේ සිටි ජ්‍යෙෂ්ඨතම උත්තර භාරතීය සංගීතඥයා සහ ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයේ ප්‍රධානියා වූ රතන ජංකර් පඬිතුමාටය.

    👉 එවක ගුවන්විදුලි ගායකයකු හා සංගීත ශිල්පියකු ලෙස කටයුතු කළ සුනිල් මෙයට විරෝධය පළ කර සිටියේය. ඔහුගේ තර්කය වූයේ උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතය පදනම කොටගෙන මෙරට සංගීත ශිල්පීන් ශ්‍රේණිගත කිරීමත්, එය මෙරට සංගීතයේ පදනම ලෙස සැලකීමත් නිවැරදි නොවන බවය.

    👉 මේ මත ගැටුම දුරයාමේ ප්‍රතිඵලය වූයේ එම පරීක්ෂණයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ සුනිල් සාන්තයන්ට ගුවන් විදුලියේ රැකියාව අහිමි වීමය.

    ReplyDelete
    Replies
    1. ඉන් අනතුරුව...

      👉 ගුවන් විදුලියෙන් ඉවත්ව දුෂ්කර රැකියාවල නිරත වෙමින් සංගීතය පිළිබඳ පොත් හා ලිපි සම්පාදනය කරමින් සිටින සුනිල් සාන්තට සිනමා අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවූ අතර, ඒ 1956 වසරේදී ලෙස්ටර් නිර්මාණය කළ පෙරළිකාර චිත්‍රපටය වූ රේඛාවේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සුනිල් සාන්තය.

      👉 “ඕලු නෙලුම් නෙරිය රඟාලා” “වෙසක් කැකුළු අතු අග හිඳ’ “සීගිරි ළඳකගෙ මල්වට්ටියෙ ලා” “සුදු සඳ එළියේ” ආදී දකුණු ඉන්දීය බයිස්කෝප් ආකෘතියෙන් මිදුණ, එමෙන්ම දේශීය සංගීතයක සලකුණු සහිත ගීත නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

      👉 සුනිල්ගේ ගීත නිර්මාණවල තිබුණේ පල්ලියේ සංගීතය බවට ඔහුට විරුද්ධ බොහෝ අයගේ මතය වුවද ඒ මතයට එරෙහිව ශාස්ත්‍රීය පිළිතුරු සැපයූ අයද විරල නොවූහ.

      👉 යළි 1967 වසරේ යළි සුනිල් සාන්තයන්ට ගුවන් විදුලියේ දොරටු විවර වුවද ඒ වනවිටත් මෙරට හින්දුස්ථානී සංගීතය තහවුරු වී සුනිලුන් ඇතුළු කණ්ඩායමේ ගෙල සිඳ දමා තිබිණ.

      👉 සුනිල් සාන්තයන් යනු එවක ගුවන් විදුලිය හෙවත් රේඩියෝ සිලෝන්හි පළමු පටිගත කළ ගීතය ලියා, සංගීතය නිර්මාණය කර, ගායනා කළ ශිල්පියා විය. අදටත් ජනප්‍රිය “ඕලු පිපීලා” නම් වන එම ගීතය සම්පූර්ණයෙන් ඉන්දීය රාගධාරී සංගීතයෙන් මිදුණා වූ නව සංගීත රටාවකට අයත් වූවකි.

      👉 මීට අමතරව “දියගොඩ සැමැතැන කිරි ඉතිරේ” “වළාකුලෙන් බැස සමන් කුළත් වැඳ” ”එම්බා ගංගා” “බෝවිටියා දං පලුකන් වාරේ” “සුවඳ රෝස මල් නෙලා” “කෝකිලයන්ගේ කෝකිල නාදේ” “මිහිකත නලවාලා” ආදී ගී විමසා බැලීමෙන් ඔහුගේ අනන්‍යතාව කුමක්ද යන්න වටහාගත හැකිවනු ඇත.

      👉 හෙළ සංගීතයේ බොහෝ පෙරළි කළ, බොහෝ පෙරළි කිරීමට සැලසුම් සකස් කළ මේ යෝධ මිනිසා 1981 වසරේ දිවියෙන් සමුගන්නා විට කළ නිර්මාණ ප්‍රමාණය ගණනින් අතලොස්සකි. නමුත් ඒ සියල්ල පර්යේෂණාත්මක හා නව මගක් සෙවූ මිනිසකුගේ අනන්‍යතා ගැබ් කරගත් නිර්මාණ බව අප අමතක කළ යුතු නැත.

      Delete
  3. ලංකාව තුල රනිල් වික්‍රමසිංහ චරිතය එක්සත් ජනපදය ප්‍රමුඛ භූ දේශපාලන කඳවුර ලංකාව වගේ රටවලට කරන මගෝඩි වැඩේ සෘජු නියෝජිතයෙක්. ඒක උන්නැහේ පරම්පරාවෙන්ම උරුම කරගත්ත දෙයක්. ඉතින් ලංකාවේ බහුතර ජනතාව උන්නැහේව හතුරන්ගේ ගොඩට දාලා සළකන එක සාමාන්‍ය වැඩක්.

    ඒත් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ අපි වගේ ලංකාවේ සාමාන්‍ය ජනතාව ගම්වලින් ආපු අය. මුන් අහවල් අමාරුවකට ද මේ ඇමරිකන් ඉන්දියන් ව්‍යාපෘති කර තියාගෙන යන්නේ?

    ගම්වලින් ආවා මදිවට මාක්ස්වාදී වෙස් මූණකුත් දාගෙන නටනවා.

    මුන් බටහිර වේක් ලිබරල් ඇංග්ලිකන් සංස්කෘතිය වෙනුවෙන් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ සංස්කෘතියට පහරදෙන තරමට පහළට වැටිලා.

    ඉතින් මේ කරන කුපාඩි වැඩවලට සහ මිනිස්සු රවට්ටන සෙල්ලමට උදේ ඉඳලා රෑ වෙන කල් නෙවෙයි පැය 24 ම එළව එළවා ගැහුවත් මදි.

    ReplyDelete
  4. මාලිමා වේදිකාවට දැන් අඩු කුවෙට් කුමාරි අක්කා විතරයි... ! 😄😂🤣

    ReplyDelete
    Replies
    1. @ Ano

      Looking go, බලාගෙන යනකොට ඒ ගෑනිත් එයි, ඊටත් වඩා ගොබ්බ හත්වලාමවල් ටිකක් ඉන්නේ අර බඩුම තමා ගොන් ජෝකරයගේ මොංගල් දුවයි තව මන්ද මානසික නීතිඥ ගෑනියෙක් ඉන්නේ අර කොටහුජ්ජී ද මොකක්ද නමක් තියෙන වේසාවක්, ගණිකා ලයිසන් වේස බඩුයි දීපානි සිල්වා මලහෝන්තුවයි තරගයකට වගේ ගොන් ආතල් දෙන්නේ මාලිමාවට රෙදි නැතුව කඩේ යන අමු මැටි මීහරක් හැත්තට... 🤣😂😄

      Delete
  5. මෙතරම් හද පෙලන දවසක් තවත් නැත.
    ___________________________________
    මෙය 1930 දශකයේ සිදුවූ සත්‍ය සිදුවීමක්. හෝමාගම ප්‍රදේශයේ තිබුණු පාසලකට දරුවෙකු ඇතුලත් කරන්නට තාත්තා කෙනෙක් පැමිණෙනවා.

    දැන් කාලෙ වගේ නෙවෙයි ඒ කාලේ පාසලකට දරුවන් ඇතුලත් කරගැනීමට වත්තේ හතරමායිම, පාසලට තිබෙන දම්වැල් ගණන අවශ්‍ය වුණේ නැහැ.
    සමහරක් විදුහල්පතිවරුන්ට අත මිට මොළවන්නට අවශ්‍ය වුණේත් නැහැ ඒ කාලෙ.

    ඒ කාලෙ විදුහල්පතිවරුන් කැමති වුණේ පාසලට ගෙදර ඉන්න දරුවා ගෙනත් දෙන එකටයි.

    උගතෙක් බිහිකරන්නටයි මුල් තැන තිබුණෙ. ඒ කිව්වෙ අධ්‍යාපනයටයි මුල් තැන තිබුණෙ. ගෞරවාන්විත රැකියාවක් තමයි ඒ කාලෙ කළේ ගුරුවරු.
    ඉතිං ඒ කාලෙ දරුවෙක් පාසලට ඇතුලත් කරන්නට අවශ්‍ය වෙන්නෙ එකම එක ලියවිල්ලයි.

    ඒ ළමයගෙ උප්පැන්න සහතිකේ පමණයි. ඒ වයස හොයාගන්න විතරයි.
    එයා ඉන්නෙ කොහෙද මොනවද කරන්නෙ තරාතිරම මොකක්ද ඒ මුකුත් අවශ්‍ය නෑ.

    ඉතිං එක තාත්තා කෙනෙක් තමුන්ගෙ කුඩා දරුවව පළවෙනි ශ්‍රේණියට.. ඒ කාලෙ කිව්වෙ හෝඩිය කියලා. හෝඩිය පන්තියට දාන්න ළමයව එක්කගෙන ආවා.

    ළමයට පොඩි කොට කලිසමක් අන්දලා අත් දිග සුදු ෂර්ට් එකක් අන්දලා.. ලස්සනට පිළිවෙලට අරගෙන ආවා. උප්පැන්න සහතිකෙත් එක්ක.
    අරගෙන විදුහල්පතිතුමාගෙ කාමරේට ආවාම විදුහල්පතිතුමා මෙන්න මෙහෙම කිව්වා.

    “මේ.. ළමයා ඉස්කෝලෙ දාන්න නේද..? හ්ම්ම්.. හ්ම්ම්.. හ්ම්ම්.. ඒක මම කොරන්නං. ඔහේ යනවා. ළමයව තියලා යනවා”

    විදුහල්පති කෙරෙහි තියෙන විශ්වාසය කොච්චරද කියනවනං ඒ තාත්තාට ළමයා එතන තියලා යන්න කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම තමයි විදුහල්පතිවරු.
    ඉතිං ළමයා එතන තියලා තාත්තා ගියා. දැන් හිතාගන්න හෝඩියෙ පන්තියට දාන ළමයෙක් විදුහල්පති ගාවට ගියාම මොනවගේ තත්ත්වයක් ඇතිවෙයිද..?

    නොදන්න පරිසරයක.. ඒ ළමයා සමහර විට බයවෙන්න පුළුවන්. අහිංසකයා වගේ පොඩි එකා හිටියා.

    හැබැයි ඒ අතරතුර විදුහල්පතිතුමා යමක් ලියමින් හිටියෙ.
    ඒ නිසා අවධානය ළමයා කෙරෙහි ගන්නෙ නැතුව ඒ ලියන දේ ලියලා අවසන් වෙන අතරෙ සැරින් සැරේ විදුහල්පතිතුමා ඔළුව උස්සලා බැලුවා ළමයා දිහා..

    ළමයා හිටියෙ අත්දෙකම සාක්කුවෙ දාගෙන.. කලිසමේ සාක්කුවට අත්දෙක දාගෙන හිටියෙ.

    ඒක එවකට තිබිච්ච විනයත් එක්ක විදුහල්පති කෙනෙක් ඉස්සරහ පිට
    අත්දෙක සාක්කුවෙ දාගෙන ඉන්න එක ඉතාම අසෝබන ක්‍රියාවක් හැටියට තමයි ඒ කාලෙ දැක්කෙ..

    ඒ පුංචි දරුවා දන්න දෙයක් නෑ.. නමුත් විදුහල්පතිතුමාට කේන්ති ගියා.. කේන්ති ගිහින් කිව්වා “ගනිං අත්දෙක එළියට..” කිව්වා.

    කියලා විදුහල්පතිතුමා ආයෙ එයාගෙ ලියන එක කර කර හිටියා. ආයෙ තව සුළු වෙලාවකින් බලනකොටත් ළමයා එක අතක් එළියට අරං තිබුණා, එක අතක් සාක්කුවෙ දාගෙන හිටියා.

    විදුහල්පතිතුමාට කේන්ති ගියා. ගත්තා වේවැල. හිතාගන්න.. මේ දරුවා පාසලට ආපු මුල්ම දවස. තාම පාසල් අධ්‍යාපනය ලබලත් නෑ. පුංචි දරුවෙක්. තාත්තත් යන්න ගිහිල්ලා..

    වේවැල් පහරවල් දෙකක් දෙනවා දරුවට. ගනිං අනෙක් අත එළියට කියලා. එතකොට ඒ ළමයා දකුණු අත එළියට අරං හිටියා. දැන් වං අත තමයි සාක්කුවෙ තිබුණෙ..

    ඒ ළමයා දකුණු අතින් වම් අත මෙහෙම කරලා අල්ලලා එළියට ගත්තා.. එතකොට තමයි විදුහල්පතිතුමාට තේරුණේ උරහිස ගාවින්ම අනිත් අත ළමයගෙ නෑ.. කියලා.’

    අත්දිග ෂර්ට් එකක් අන්දලා ඒක තමයි සාක්කුවෙ ඔබලා තිබ්බෙ.

    ඒ වෙලාවෙ විදුහල්පතිතුමා මොහොතක් නිහඬව ඉඳලා.. ඉස්කෝල ගුරු මහත්මියකට කතා කළා.. කතා කරළා කිව්වා “මෙන්න මේ දරුවව රෙජිස්ටර් කරලා අදාළ පන්තියට දාන්න” කියලා ඒ ළමයා පිටත් කළා පන්තියට.
    පිටත් කරලා.. හාෆ්ෂීට් එකක් අරගෙන ලියුමක් ලියනවා..

    “මගේ තිස් වසරක පාසල් ජීවිතයේ මෙතරම් හද පෙලන දවසක් තවත් නැත. හෘද සාක්ෂියට අනුව මේ රැකියාව කරගෙන යන්න මට බැහැ. මට විශ්‍රාම වැටුපවත් එපා..!

    කියලා ලියලා ලියුම මේසෙ උඩ තියලා ප්‍රින්සිපල් සර් ගෙදර යන්න ගියා.
    අපිට මේකෙන් ගන්න තියෙන එක දෙයක් තමයි පාසලේ තිබිච්ච විනය. අනෙක් දේ තමයි තමන් අතින් වෙච්ච වරද පිළිගන්න තරම් මිනිස්සු නිහතමානී වෙන එක..

    තිස් වසරක් ඔහු පාසල් ගුරුවරයෙක් විදියට, විදුහල්පතිවරයෙක් විදියට වැඩ කරපු කෙනෙක් විශ්‍රාම වැටුපත් එපා කියලා තමුන්ම ලියුමක් ලියලා තියලා යන්න ගියා.

    ඒ තමයි හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම..

    - සුරංග සතරසිංහ

    ReplyDelete
    Replies
    1. හද පෙලන නෙවෙයි පලන කතාවක්.... ස්තුතියි සුරංග!

      Delete
  6. රනිල්ට ඇමරිකන් හයිය තියෙනවා වගේ තව භාරත ක්‍රිකට් පාලක මණ්ඩලයේ හයිය තියෙන නිසාම මොන මගුල කළත් හැමදේම ලංකාවේ බුකියේ සද්දේ දාන යම්කිසි මිනිස්සු පිරිසකට ඕන විදියටම වෙන්න ඕන කියලා හිතන ගොන් රැලකගේ ෆැන්ටසිය කුඩුපට්ටම් කරපු එක ගැන විතරක් මට ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා ගැන තියෙන්නෙ ගෞරවයක්.

    මේ මැච් පැරදිලා මිනිස්සු කියන කතා, කරන යෝජනා තඹ සතේකට තියා පඩේකට වත් ගණන් නොගෙන මෑන් මෑන්ගේ ආතල් එක ගන්නවා.

    මිනිස්සුන්ගේ එක එක යෝජනා. ක්‍රීඩකයොන්ගේ පඩි කපන්න ඕන ලු. පරිපාලනේ වෙනස් කරන්න ඕන ලු. ඉන්ස්ටාග්‍රැම් තහනම් කරන්න ඕන ලු. අරක ලු මේක ලු. ගොන් හැත්තට ගහන්න බයිලා කෝටියයි

    ඒ පීඩනේ ලංකාවේ සාමාන්‍ය දේශපාලකයෙකුට වගේ ආවා නම් දමලා ගහලා දුවලා.

    මිනිහා මිනිස්සු එපා කියන දේම කර කර මිනිහගේ පුටුවෙත් ඉන්නවා.

    ඒක ආතල්. ඒක සෝෂල් මීඩියා වලින් රට පාලනය කරන්න යන ලංකාවේ මිනිස්සු පිරිසකට මොකක් හෝ ක්ෂේත්‍රයකින් ලැබෙන්න ඕන ට්‍රීට්මන්ට් එකක්.

    ඒ නිසාම රනිල්ට නන්දලාල්ලට අමතරව ශම්මි කියන්නෙත් වත්මන් ලංකාවේ දකින්න නොලැබෙන කොන්දක්, ලෙජන්ඩ්‍රියක්. නේද?

    ReplyDelete
    Replies
    1. ලෙජන්ඩ්‍රිය ඉවර වෙනකොට ලංකාවෙ ක්‍රිකට් කියලා දෙයක් නැත්තටම නැති වෙලා..කුලියට බැට් වනන, බුකී කාරයන්ට ඕනා විදිහට සෙල්ලම් කරණ මදාවියො ටිකක් විතරක් ඉතුරු වෙලා තියෙයි..

      Delete
    2. @ Ano 10.28

      අනේ යකෝ තමන්ගේ පක්ෂේ නායකයා එක්ක බහුතරයක් බටලන්දේ BBQ දාලා මරපු එකාව 2015 අගමැති කරන්න කඩේ ගිහින් දැන් ලොරි වදන් දෙන්න එපා..

      හඳුන්නෙත්ති කියපු දේ වැරදිද හරිද කියන්න කොන්ද පණ නෑ නේද ගොබ්බසේනට.. 😂😂 අරගලේ ගැනත් වචනයක්වත් නෑනේ.. 😂😂

      හා.. දැන් ගිහින් ඇඳිවතේ 💩 ටික හෝදගන්න.. 😂😂😂

      Delete
  7. කසකාරයන් විතරකි දැක්මට ඇත්තේ
    නිලමෙල තවම සූදානං වී නැත්තේ
    පෙරහැර දියාරුයි වාගේ මේ වැත්තේ
    ඔහොමයි අපට පෙනෙනා හැටියට තත්තේ

    ReplyDelete
    Replies
    1. @ නිදී

      ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ලංකාවේ ජනාධිපති වූවා කියා ඔහුට රට ගොඩනැගීමට විෂ්ම කර්ම බලයකින් පවතින ක්‍රමය අනෙක් පැත්ත හැරවිය හැකි ක්‍රමයක් නැති බව එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සහෝදරයා පවසයි.

      ජාතික ජන බලවේගය බලයට පත්වන පසුව සියලුම ජනතාව එකමුතු වී හැමෝම කැමැත්තෙන් ඉතාම අසීරුවෙන් කැපකිරීම් කරමින් කිරි තේක වෙනුවට කහට කෝප්පයක් හෝ බොමින් වෙනත් සුඛෝපභෝගී දේවල් සියල්ල භාවිත නොකර ඉතා සරල ජීවිතයකට හුරුවී දැඩිලෙස කැප කිරීම් කළ යුතු බවද විජිත හේරත් සහෝදරයා දැඩිව අවධාරණය කළේය.

      ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

      Delete
  8. යකෝ මාතේ, ඉතින් අපේ මාලිමාවේ ප්‍රධාන ආර්ථික විශේෂඥයා වන සුනිල් හඳුන්නෙත්තිම කිව්වනේ රනිල් නෙමෙයි බැංකු හොරා කියලා.. උගේ විෂය දැනුම අනුව බලලා කෝප් වාර්තාවෙන් නම කැපුවා කිව්වේ..

    උඹ කොහොමද රනිල් හොරාමයි කියන්නේ.. උඹ හඳුන්නෙත්තිට වඩා දන්නවද.. 😂😂😂

    අනික බැංකු හොරාව 2018 පැන්නුවම පාර්ලිමේන්තුවේ මීටර් 100 දුවලා රනිල්ගේ පුටුව බේරලා දුන්නේ අපිද..😂😂😂

    ගෝල්ෆේස් එකේ බුරියානි අරගලේ ගැන නැද්ද මුකුත් කියන්න.. අර පාර්ලිමේන්තුව වට කරන්න පෝස්ට් දාලා CID එකෙන් අල්ලන්න එනකොට රනිල් එක්ක ඩීල් දාලා බේරුණ ඒවා ගැන එහෙම පොඩ්ඩක් කියපන්කෝ සෙද්දේ සෙවාගන්නේ නැතුව.. 😂😂😂😂

    ReplyDelete
  9. රනිල් වික්‍රමසිංහට ඔහුව මෙහෙයවන එක්සත් ජනපද භාරත එකමුතුවෙන් ලැබීමට නියමිත සහයෝගය පිළිබඳව 2024 ඉන්දියානු මහමැතිවරණයේ අවාසනාවන්ත පරාජිතයා ඇසුරින් යමක් කියන්න පුළුවන්

    2024 ඉන්දියානු මහමැතිවරණයේදී සහ ඒ සමගාමීව පැවති ප්‍රාන්ත මැතිවරණ කිහිපයේදී අවාසනාවන්තම වූ පරාජිතයා ලෙස සැලකිය හැක්කේ ඔදීසා හි මහ ඇමති ලෙස වසර 24 ක් කටයුතු කළ නවීන් පට්නායික්.

    ඔහු මේ අවුරුද්දේ අගෝස්තුව වෙනකල් මහ ඇමති ලෙස කටයුතු කළේ නම් ඉන්දියාවේ දීර්ඝතම කලක් මහ ඇමති ධුරය දැරූ පුද්ගලයා වන්නටත් අවස්ථාව තිබුණා.

    1997 දී තම පියා වූ බිජූ පට්නායික්ගේ මරණයෙන් අනතුරුව දේශපාලනයට පිවිසි නවීන් පියාගේ මරණයෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට තරග කර ජයගත්තා. එම අවුරුද්දේම අවසානයේ ඔහු ජනතා දල් පක්ෂයෙන් ඉවත්ව බිජූ ජනතා දල් නම් පක්ෂය පිහිටුවාගත්තා.

    එකළ ඔහුට එම පක්ෂය පිහිටුවාගන්නැයි දිරි දුන්නේ බීජේපීයේ නායක අටල් බිහාරි වජ්පායි. එමගින් වජ්පායි වැදගත් මිත්‍ර පාක්ෂිකයකු ගොඩනගාගන්න සමත් වුණා. ඇත්තෙන්ම වජ්පායි අගමැති ධුරයෙ ඉන්න සමයෙත් ඉන් පසු කලක් යනතුරුත් බිජූ ජනතා දල් සහ බීජේපීය සන්ධානයක සිටියා.

    නවීන් පට්නායික් සද්ද නැතිව වැඩ කළ අයෙක්. ඔදීසා ප්‍රාන්තය ඔහු යටතේ තිබුණාට වඩා දියුණු තැනකට ගෙන එන්නට ඔහු සමත් වුණා. ඇත්තෙන්ම ඔහුට ඡන්දය නොදෙන අය තුළ පවා නවීන් බාබු ගැන අප්‍රසාදයක් නැහැ.

    මේ වතාවේ බීජේපීය නැවතත් නවීන් පට්නායික් සමග සන්ධානයක් ඇතිකරගන්න උනන්දු වෙමින් සිටියා. කෙසේ වෙතත් අවසානයේ එය ඉටු වුණේ නැහැ. දේශපාලන ආරංචිමාර්ග කියා සිටින්නේ අගමැති මෝදි එවන් සන්ධානයක් ඇති කරගන්න කැමැත්තෙන් සිටි නමුත් අමිත් ෂා සහ ඔදීසා ප්‍රාන්ත බීජේපී නායකත්වය ඊට එරෙහි වූ බවයි. මේ වතාවේ නවීන් බාබු පරාජය කිරීමට තමන්ට හැකි යයි ඔවුන් විශ්වාස කිරීම ඊට හේතුවයි.

    නවීන් පට්නායික්ට එරෙහිව බීජේපීය මැතිවරණ ප්‍රචාරක කටයුතු තීව්‍ර කළේ ඉන් අනතුරුවයි. එහිදීත් නවීන් බාබුගේ කාර්යය සඵලත්වය ප්‍රශ්න කෙරුණේ නැහැ. ඔහුගේ වයස සහ ශරීර සෞඛ්‍යය පිළිබඳ ඇති කරන ලද සැකය​, ඔහු විසින් තම අනුප්‍රාප්තිකයා ලෙස වී.කේ. පාණ්ඩ්‍යන් නම් දමිළ ජාතිකයකු සූදානම් කරන බව දිස් වීම වැනි කරුණු මතයි මේ ප්‍රචාරක කටයුතු ක්‍රියාවට නැගුණේ.

    නවීන් පට්නායික්ගේ පක්ෂයේ වූ ලොකුම අඩුව වූයේ අනුප්‍රාප්තිකයකු හරිහැටි සකසා නොතිබීමයි. වී.කේ. පාණ්ඩ්‍යන් යනු හිටපු පරිපාලන නිලධාරියෙක්. ඒ වගේම නවීන් බාබුගේ ලේකම් ලෙසත් කලක් කටයුතු කළා. ඔරියා වැසියකු නොවන්නෙක් ප්‍රාන්තයෙහි කටයුතු පාලනය කිරීමට යන්නේය යන බිය බීජේපීය විසින් ජනතාව තුළ රෝපණය කළා. මේ අතර​, නවීන් බාබු සාර්ථක​, ජනප්‍රිය අයකු වුනාට පක්ෂයේ මන්ත්‍රීන් වැඩි දෙනෙක් ගැන ජනතාව තුළ විශේෂ ප්‍රසාදයක් තිබුණේත් නැහැ.

    මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ විට සිදුව තිබුණේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයක්. ප්‍රාන්තයෙහි පාර්ලිමේන්තු ආසන 21 න් 20 ක් ම බීජේපීය දිනාගත්තා. කොන්ග්‍රස් පක්ෂය එක් අසුනක් දිනාගත් අතර බිජූ ජනතා දල් කිසිදු අසුනක් දිනුයේ නැහැ. ප්‍රාන්ත සභාවේ ද ආසන 147 න් බීජේපීය ආසන 78 ක්, බිජූ ජනතා දල් ආසන 51 ක්, කොන්ග්‍රසය ආසන 14 ක්, මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය ආසනයක් හා ස්වාධීන් මන්ත්‍රීන් 3 දෙනකු ලෙස ආසන දිනාගෙන තිබුණා.

    මේ පරාජයත් සමග බිජූ ජනතා දල් හි අනාගතය ගැනත් සැක සංකා මතුව තිබෙනවා. බීජේපීය බලාගෙන සිටින්නේ කවදා හෝ එම පක්ෂයත් තමන් වෙත අවශෝෂණය කරගැනීමටයි.

    ReplyDelete
  10. මාතේ ඉන්දියාවේ මිනිස්සු ආදරේ කරන කෑලි තුනක් තියෙනවා මම දන්න එකක් ක්‍රිකට්, අනික බොලිවුඩ් අනිත් එක භාරත නාට්‍යම්.

    පළවෙනි එක පිස්සුව ක්,😁 දෙවෙනි එක රසවින්දනය ,තුන්වැන්න ආරය
    හැබැයි තුනටම උඩින් හින්දු ආගමක් තියෙනවා. ඒ ඇතුලෙ ගොඩක් දේවල් එක්තරා සීමාකාරී තත්ත්ව ඇතුලෙහි පවතින්නේ. බොහෝ දුරට ඔවුන්ට බලපාල ඇති..
    චීනය දිහා ගත්තහම ඔවුන්ගේ සීමාකාරි දේවල් බොහෝ තිබුණා ඒත් දශක කීපයකට පෙර මාවෝ සේතුං ගෙන ආපු විප්ලවීය ගමනත් ඉන්පසු දශක දෙකකට පෙර දැන් සිටිනා පාලකයින් ඇරැඹූ විවෘත ආර්ථික සංවාදයක් ක්‍රමික ගමනක් ඔවුන්ගේ දියුණුවට හේතුවෙලා තියෙන්නේ. ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් ඔවුන්ට ැතිවුනාට මළල ක්‍රීඩා ,ගින්නාස්ටික් පිහිනුම් ආදී අනෙක් සියල්ලන්ගෙන්ම ඔවුන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනවා.. ඒ තුළ ලොකු උන්මාදයක් නැත්තේම නෑ😀

    ReplyDelete
  11. රනිල් වික්‍රමසිංහ ඡන්ද වලින් දිනන විදිය ගැන දන්න කෙනෙක් නෙවෙයි මිනිහා බලන්නේ මොකෙක් හරි දාලා ඡන්දෙන් බේරිලා ඉඳලා ඊළඟට බලයට පත්වන එකාට ගේමක් දීල බලය අල්ලාගෙන කාලයක් පාලන බලය ලබාගෙන ඉන්න

    ජනතාව පොහොට්ටුවට දුන්නත් එකයි මාලිමාවට දුන්නත් එකයි සජබයට දුන්නත් එකයි, මිනිස්සු මාලිමාවට ඡන්දය දෙනවා වගේ පේනවා නම් රනිල් වික්‍රමසිංහ ඒකට ඉඩ දීලා උන්ට බලය අරගෙන කෙලවගන්න ඉඩ දීල උන්ට තවත් කෙලවලා ලංකාවේ සමාජවාදී අදහස් නැත්තටම නැති කරන එක බවයි එක්සත් ජනපදයේ සැලසුම බව පේන්නේ

    මාලිමාවේ ඉන්නේ වෘත්තීය සමිති කාරයොයි ශානිලා වගේ දූෂිත යහපාලන ආණ්ඩුවේ අතවැසියන් වුණ දූෂිත පොලිසි කාරයො ටිකකුයි ව්‍යවසායකයෝ කියලා තමන්ම කියාගන්න ව්‍යාපාර කරන ටික දෙනෙකුයි විතරයි, මාලිමා ව්‍යවසායකයො කියලා කියන සැලෝන් කාරයෝ කියන විදියට මිනිස්සුන්ගේ කොන්ඩේ කපලා රට ගොඩ දානවා කියලා හිතන් ඉන්න මිනිස්සු ඉන්න රටක් නම් මහ විහිළුවක් මිනිස්සුන්ගේ කොන්ඩේ කපලා තමුංගොඩ යනවා මිසක් රට ගොඩ යවාගන්න බෑ ඇත්තටම වැඩක් කරලා රට ගොඩ යවාගන්න අවශ්‍ය නම්, කෘෂිකාර්මයට සම්බන්ධ වැඩක් කළ යුතුයි, නිෂ්පාදනයට සම්බන්ධ වැඩක් කළ යුතුයි, හදලා පිටරට යවලා විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන් ක්‍රමයකට වැඩක් පටන් ගත්තොත් රට දියුණු වෙයි කියලා හිතන්න පුළුවන්,

    හැබැයි ඇත්තටම රට හොඳටම ගොඩයා යවා ගන්න පුළුවන් ක්‍රමය තමයි දේශපාලනය කරන එක. ඒ දේශපාලන ව්‍යාපාර කළ යුත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතය විච්චූරණ කරනවා කියලා බයිලගහන එක නෙවෙයි ඒ අයගේ ජීවිත සරල කරන්න පහසු කරන්න වියදම අඩු කරන්න යමක් කරනවා නම් ඔන්න කෙරුවා කියලා හිතන්න පුළුවන්, එහෙම දේවල් ගොඩක්ම තියෙනව කරනවා නම්

    ReplyDelete
  12. අනාගතය අළුත් කරනවා යනු
    අතීතයේ ජනතාවට පරාද කරපං කීව කාරණා සහ ප්‍රස්තෘත කරේ,තියා ගැනීම නොවන්නේය..

    වසර විස්සකට පෙර 2001- 2004 රනිල් අගමැති වුන චන්ද්‍රිකා ජනාධිපති වුන කාලයේ අපිත් එවකට තිබ්බ රටේ ජාතික ආරක්ෂාවේ යතුර කියලා ජනතාව හදුන්වපු ජවිපයේ සක්‍රීයව ඉන්නකොට අභ්‍යන්තරව පණිවුඩයන්,සංසරණය වුනා

    ඒ,තමයි සිරසේ 🔺 රාජමහේන්ද්‍රන්ගේ සම්බන්ධීකරණයෙන් ඉන්දීය ඔත්තු සේවාවක් සහ ඇමරිකන් කදවුරේ ඔත්කු කරුවෙක් පක්ෂයේ ඉහළට එනවා කියන එක ‼️

    හැබැයි ඒ,සාකජ්චාව ඉහළ වාටියේ තියලා පහළ වැඩකලේ එවකට පළාත්සභාවට බළය බෙදීම හරහා රටේ ඒකීයඊාවය අනතුරට වැටීමට එරෙහිව පක්ෂය ක්‍රියාත්මක වු ගතහැකි ක්‍රියාමාර්ග සහ එය නතරකරන්න පෙනී සිටීමට. 🎈

    එදා ජාතික සමගිය වෙනුවෙන් කියා පළාත්සභාවට එහා ගිය බළය බෙදීමක් ජවිපය විදිහට පක්ෂය බලාපොරොත්තු වුනා නම් අද වගේ බිලියන ගනන් පක්ෂයට නැති කාලේ,අමාරුවෙන් පක්ෂයට ලැබෙන ආධාර වලින් ඉහළ තිබෙන පෝස්ටර් ගහලා එන රැයින් රට පුරා අලවන්නේ නෑ. ‼️

    උගුර ලේ රහ වෙනකල් පළාත් සභාව හරහා රට අස්ථාවර වෙන හැටි කියන්න පක්ෂයේ ප්‍රචාරක අංශය විදිහට විමල්ලා විතරක් නෙවේ ටිල්වින් පවා දේශණ වල ඉන්න විදිහක් නෑ.‼️

    ඒ වගේම පක්ෂය හරහා රහසිගතව සැළසුම් සහගතව දියත් වුන තානාපති කාර්යාළ ඔත්තු සේවා ව්‍යාපෘතිය හරහා බෙදුම්වාදයට පක්ෂ ඔත්තු කරුවා ඉහලට එන්න පෙර මහින්ද යුද්ධය අවසාන කර ඉන්දියානු බලපෑම සමනය කරගන්න 13÷ ගැන කීවම ඒකට වැඩිම විරැද්ධත්වයක් පෙන්වපු පක්ෂය විදිහට සෝමවංශ සහිත ජවිපය ඉතිහාසයේ ලියවෙන්නෙක් නෑ. ‼️

    අන්තිමට ඔත්තු සේවා හරහා බිලී බා ගත්ත ඉත්තන් අතට පක්ෂය ගියහමයි අපට තේරෙන්නේ

    අතීතය ලේ කදුළු දහඩිය වගුරා පෙනී හිටපු කාරණා වලට පටහැණි කාරණා වලට පක්ෂය අද දුවන්නේ කොහොමද කියන එක.‼️

    ප්‍රබාකරන්ගේ යුධමය යාන්ත්‍රණය ඉවර වුනත් අද වෙනකල් උතුරේ දේශපාලන යාන්ත්‍රණය ඇතුලේ බෙදී,වෙන්වීම නතර වෙලාත් නෑ.

    අද දවසේ ඇමරිකන් ඉන්දියන් ධනපති කදවුරේ උවමනාවට

    ටෙන්ඩර්,කරලනම් විදේශ සමාගම් ලංකාවේ රාජ්‍ය දේපල ගත්තට කමක් නෑ

    පෞද්ගලික අධ්‍යාපනය අපිත් පිළිගන්නවා

    කියන්නැහේ

    අපි ඉන්දියාව අපට ලබා දුන්න බළය බෙදීම පළාත් සභාව සහ අවශ්‍යනම් ඊටත් වඩා වැඩියෙන් ඉන්දීය උවමනාව පිළිගන්නවා කියන කටින්ම

    හෙට ඉන්දියාවට උවමනා නම්,ඇමරිකාවට උවමනා නම් ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාවට බෙදී,වෙන්වීමත් පිළිගන්නවා කියන්න

    තමන්ගේ හාම්පුතලා වෙනුවෙන් ඔත්තු කරුවා සුදානම්,කර තිබෙන්නට පුළුවන.‼️

    ඉදින් අනුන්,අතේ නැටවෙන ඔත්තු කරුවන් රටේ පාළකයන් වීමට මවන සිහින ගැන ඔබ දැනුවත් වන්න.

    ඉතිහාසය අළුත් කරනවා යනු
    තමන් ඉතිහාසයේ,ජනතාවට පරාද කරපං කීව දේවල් වලට නිරැවතින් පෙනී සිටීම නොවන බව අපගේ විශ්වාසයයි.

    ReplyDelete
  13. කයියණායකගෙ දේශපාලනය අවසන් වනහැටි:

    හැමෝම කියවන්න හැබැයි අඩන්න බෑ 😹🙏දින්නත් පරදින, පැරදුනත් පරදින,මාලිමාවට උතුර දකුණ හොයාගන්න බැරිවෙන බව නියතයි.
    මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය.....

    NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ.

    අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි.

    NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය.

    එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය.

    දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 )

    එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය.

    යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි.

    යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය .

    පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක.

    මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...?

    ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය .....

    හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ?

    කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි.

    රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය ....

    යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර ,

    කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය.....

    මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි.
    ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය.
    ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි.....
    එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි.

    සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත.
    දෙකඩ විම නියතය.... NPP හා JVP කියා.
    උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත.
    ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි.
    ම්ලේච්ඡත්වය හා කයිවාරු ගැසීම පමණියි .
    2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්.....
    කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි.
    මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය..
    අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත.
    71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි.....
    අනුර කුමාර කයියනායක නමැති පින්ගොනාගේ වහලුන් වන මීගවරැල දකින දවල් සිහිනය....... නිමාවට පත්වන්නේ එසේය 😂

    ReplyDelete
    Replies
    1. පොහොට්ටුව කියන්නෙ අලුතින් පිහිටවපු පක්ශයක්. ඒ පක්ෂයට ලක්ෂ 69ක් ගන්න බැරි වුනානම් අපිට බැරි මොකෝ කියලා ඉහත කමෙන්ට් එක කියවන උතුර දකුණෙ තියන කුණුහරුප බයියො කල්පනා කරන්න පුළුවන්.. කුණුහරුපු බයියන් හොඳින් සිහියේ තබා ගත යුතු කාරණය තමා පොහොට්ටුවට වැටුන ඡ්න්ද පොහොට්ටුවේ උන්ගෙ මහලොකු කෙරුවාවක් නිසා වැටුන චන්ද නොවන බව. ඒ චන්ද ඔක්කොම වැටුනෙ මහින්ද රාජපක්ෂ කියන නමට. මහින්ද රාජපක්ෂ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්..ලංකාවෙ විශාලතම පක්ෂය.

      අවුරුදු තිහක් තිස්සෙ කවදාවත් ඉවර කරන්න බෑ කියපු යුද්ධයක් ඉවර කරලා පෙන්නපු, ඒක නිසාම යුද්ධයෙන් හම්බ කරන් කාපු යූන්න්පී ජේවීපී වහල්ලුන්ගෙ වෛරයට පාත්‍ර වෙච්ච, අදටත් ප්‍රතාපවත් චරිතයක්..යූන්පී ජේවීපී උන් යුද්දෙන් වවාගෙන හම්බකරන් කන්කොට මහින්ද රාජපක්ෂ යුද්ධෙ ඉවර කරලා සංවර්ධනය පටන් අරං ඒවයෙන් හම්බකර කන්න ගත්තා.. ආන්න ඒක තමා උන්නැහේට උන පුංචි අත්වැරැද්ද... එක අතකින් ඒකෙ ඇති මහලොකු වැරැද්දක් නෑ.. මිනිස්සු තැන් තැන් වල මැරෙන්න් ඇරලා හම්බ කරගන්න එකාද හොඳ, මිනිස්සුන්ගෙ ජීවිතේ පහසු කරලා, දියුණු කරලා ඒවයින් හම්බකරගන්න් එකාද වැඩිය හොඳ?

      කුණුහරුප බයියන්ගේ නායකයා වෙච්ච අකුදි උන්නැහේ ඒ වගේ බ්‍රෑන්ඩ් එකක්ද සීයට තුන සීයට හැත්තෑව අසූව කරන්න. :-) කුණුහරුප බයියන්ට ඕවා තේරුම් ගන්න මොළයක් නෑ..උන් මේ දවස්වල අකුදිගෙ ගූ ගඳ සුවඳ කර කර අපිටත් කියනවා හම්මේ සුවඳ තොපිත් ඉබලා බලපියව් කියලා...

      Delete
  14. මාතා සහ ඇනෝලා වෙත. ...

    සාහිත්‍ය ඇසුරෙන් කිව්වොත්

    "මිතුරුව එතොත් දූවිලි වුව වැලඳගනු
    සතුරුව එතොත් මහ මෙර වුව පසිඳලනූ "

    කියන එක තමයි ජෙප්පන්ගෙ තියරිය

    ඒ කියන්නේ කාලය අනුව ජෙප්පෝ දූවිලිවලට මහ මෙර කියනවා
    මහ මෙරට දුවිලි කියනවා උන්ගේ
    වහල්ලු වන රටහරක් ලක්ෂ දෙකකට ආසන්න හැතිකරය ඒක බොක්කෙන්ම විස්වාස කරනවා

    අනේ බොල...!!

    ReplyDelete
  15. මාලිමාව ලකුණින් ජාතික ජන බලවේගය ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කර ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ලංකාවේ ජනාධිපති වූවාට පසුව වුණත් අනුර කුමාර දිසානායක සහෝදරයාට කියා විශේෂ මැජික් බලයක් හෝ රට ගොඩනැගීමට කියා විෂ්ම කර්ම බලයකින් පවතින ක්‍රමය අනෙක් පැත්ත හැරවිය හැකි ක්‍රමයක් නැති බව එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සහෝදරයා පවසයි.

    ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසුව සියලුම ජනතාව එකමුතු වී හැමෝම කැමැත්තෙන් ඉතාම අසීරුවෙන් කැපකිරීම් කරමින් දැනට උදේට පානය කරන කිරි තේ වෙනුවට වෙනුවට කහට කෝප්පයක් බොමින් වෙනත් සුඛෝපභෝගී දේවල් සියල්ල භාවිත නොකර ඉතා සරල ජීවිතයකට හුරුවී දැඩිලෙස කැප කිරීම් කළ යුතු බවද විජිත හේරත් සහෝදරයා දැඩිව අවධාරණය කළේය.

    ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න