.

.

Jun 21, 2024

බැසිල්ගේ සුරතාන්තය හා රාජපක්ෂලාගේ අවසානය


 

බැසිල්ගේ සුරතාන්තය හා
රාජපක්ෂලාගේ අවසානය
➖➖➖➖➖➖➖➖🔴➖

රාජපක්ෂලාට කෙලියේ වෙන කවුරුවත් නොව රාජපක්ෂලාමය. ගෝටා බැලුවේ රාජපක්ෂ පවුලටම ෂොට් එක දී.. සීරෝ වන් ගේට්ටුව ගාව උන් ත්‍රස්තවාදීන් එක්ක රට කරගෙන යන්නටය.

රාජපක්ෂලා ඉල්ලාගෙනම කෑ මැයි 9 වනදා, මහගෙදර හා අම්මා තාත්තාගේ සොහොනත් ගිනි තබා.. තංගල්ල කාල්ටන් නිවස ඉදිරියේ විරාජමානව වැඩ හුන් කළක් ජාතියේ පියාව වුන්... ඩී ඒ රාජපක්ෂ ශ්‍රීමතානෝ බෙල්ලෙන් ඇද පොලොවේ ගසන්නටත් ඉඩ හැර... තම පාක්ෂිකයින්ගේ නිවෙස් ගිනි තබා විනාශ කරනායුරු ටැලිවිෂන් එකෙන් ආතල් එකේ බලාන උන්නේ ඒ නිසාය.

එහෙත් ගෝටා කෑ ළණුවේ තරම උන්දැට තේරුනේ ඉන් මාස 2 කට පසු බැසිල් හාමූ එක්ක බව්වෝ වගේ ජීවිත බේරාගෙන රටිනුත් පැන ගිය දිනයේය. රනිල් වික්‍රමසිංහ නොවන්නට එදා රාජපක්ෂලාට හා බයියන්ට කන්නට වෙන්නේ මැයි 9 වනදා කෑ පරිප්පුවටත් එහා ගිය පරිප්පුවකි. දැන් උන්ට ඒවා මතක නැතිය.

එමෙන්ම කිසියම් ආකාරයකින් ජෙප්පන්ට බලය ලැබුනහොත්... රාජපක්ෂලාට හා බයියන්ට අත්වන ඉරණම ගැන අනාවැකි දැනටමත් ජේවීපී නායකයින්ගේ මුඛරි කටවල් වලින් එලියට පැන අහවරය.

මේ බව තෙරුම් ගත් මොළේ කළඳක් හෝ ඇති බයියන් වැඩිම පිරිසක් ජෙප්පන් සමඟද, තා පිරිසක් සජිත් හා ජලනි බලවේගය සමඟද, ඉතිරි පිරිස රනිල් සමඟද එක් වී අවසානය. දැන් බැසිල් හා නාමල් වටා ඉන්නේ... ශිරන්ති හා යෝෂිතගේ දිරච්ච ළණුව කා .. මැයි 9 වනදා අරලිය ගහ මන්දිරයට පැමිණ... ඉල්ලාගෙනම පරිප්පු කෑ.... කුර හා අං සහිත අමුම අමු ගොබ්බයන් පිරිසක් පමණි.

බැසිල් හිතන්නේ උන්නැහේ මාර පොරක් කියලාය. ඒත් රාජපක්ෂ පවුලේ එකෙක්වත් නොදන්නා දෙය නම් මුන් සියල්ලෝම රැකුනේ... මහින්ද රාජපක්ෂගේ රැස් වලල්ලේ එලියෙන් බවය. මොළ හතක් තිබෙනවා යැයි කීවාට උන්නැහේ දන්නේ කෙලවී ගෙන එන කොට පැනලා මාරුවෙන එක පමණයි කියා දැන් බයියෝ දන්නවාය.

මේ වන විට, නිහාල් විසින් තල්ලු කරගෙන එන මහින්ද මහත්තයාගේ රැස් වලල්ල නිවී ගොස් ඇති බව ගෝනා ඔනෙකුට තේරෙනවාය. තව කාළයක් ෆුල් ෆිට් එකේ ඉන්න සිටී ආතල් බුවා... අරලිය ගහ මන්දිරයේ කකුල් දෙකෙන් එල්ලා යොගී කරන්නට ගොස් ලෙඩෙක් කළෙත් මේ මැට්ටන් පිරිසම හැර වෙන කවුරුවත් නොවේය. තවමත් ඩයි නාවා, සැන් පවුඩර් දමා, නිහාල් විසින් තල්ලු කරගෙන විත් වෙඩින් කේක් එක වගේ ප්‍රදර්ශනය කලාට, ඇතුලේ කේක් නැති බවත්, ඇත්තේ රිජිෆෝම් බවත් දැන් සියල්ලෝම දන්නවාය.

රටක් ගෞරවය කළ.. ආදරය කළ.. මහින්ද මහත්තයාට මේ සියල්ල නැති කළේත් සතුරන් හෝ මිතුරන් නොව හාමු නෝනා සමඟ දරුවෝ තිදෙනා හා විශේෂයෙන් බැසිල් බ්‍රෝ බවත් දන්නෝ දන්නවාය. මහින්දගේ මිතුරන් සියල්ල ඔහුගෙන් ඉවත් කොට, ප්‍රාදේශීය මැරයන් හා කම්බා හොර අන්තේවාසික වහල් බයියන් පිරිසකගේ නායකයෙක් බවට මහින්ද මහත්තයා පත් කලේ මොවුන්ය.

තවමත් නෙළුම් මාවතේ රංඟනයේ යෙදෙන්නේ මොවුන්‍ය. ඔවුන් කිසිඳු පක්ෂයකට හෝ සංධානයකට වැද්ද ගන්නේ නැතිය. තනියෙන් ගමනක් හිතන්නටවත් බැරිය. කරපු කරපු රැස්වීම්... සම්මන්ත්‍රණ... කුමන්ත්‍රණ... වැඩ මුලු සියල්ල... පට්ට ෆේල්‍ ප්‍රොජෙක්ට්ස්‍ය. ඉන්නේ අර හාල්පාරුවෝ ටික පමණය.

එකම පිහිට හා ආරක්ෂාව ඇත්තේ රනිල් ළඟ පමණය. තත්වය එසේ තිබියදි... උන්නැහේට හා උන්නැහේ වටා එක් වූ පිරිසට පාට් දාන්නේ... මොළ හතක් ඇති නිසා නොව, මොළේ පුපේවත් නැති නිසාවෙන් බව ලියා තබා මේ පල්හෑල්ල මෙතනින් අකුලා දමනවාය...

ඉස්ධූතියි... නන්ඩ්‍රෙයි.... ටැම්ක්ස් හොඳේ...

20 comments:

  1. නිහාල් නෙවෙයි නෙවිල් නේද? මොනවා වුණත් සජිත් ප්‍රේමදාස ළඟට ජී එල් ගොඩහෑවා වගේ ගොබ්බයො ටික දෙනෙක් ගියාට ඡන්ද දායක මිලියන ගණනක දාර බයියො එච්චරම ඒ පැත්තට ගිහිල්ල නෑ, ඉතාම සුළු පිරිසක් ඇති.

    අනිත් අතට නන්දෙට ඡන්දය දීපු පාවෙන ඡන්ද යම් ප්‍රමාණයකට මාලිමාව පැත්තට ගියාට මාලිමාවේ උන්ගේ ලොකු කමයි චණ්ඩි පාටුයි නිසාම සෝෂල්මීඩියා වල රඟන තරමට පොදු සමාජයෙන් ඔවුන්ට ලොකු සපෝට් එකක් නෑ. රාජපක්ෂ කල්ලියට මොනවා කළත් සොලිඩ් ඡන්ද ලක්ෂ තිහකට වඩා තියෙනවා උන්ට වෙන විකල්ප නායකයකු නැති නිසා විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලන අදහස් දරන බහුතරය බැසිල් රඟන්නේ ඒ නිසා වෙන්න ඇති ඒ වුණාට බැසිලාගේ ගොන් වැඩ නිසා ඒ තියෙන සොලිඩ් ඡන්ද ටිකටත් කෙළවෙනවා, මහින්ද රාජපක්‍ෂ ජීවතුන් අතර ඉන්න තාක්කල් තමයි ඉතින්

    මම හිතන්නේ උවිඳු විජේවීරලා වගේ පොරවල් මීට වඩා සොලිඩ් විදියට ජාතිකත්වය මත විස්වාසය තබා සිංහල බෞද්ධ සමාජයට නායකත්වය දෙන්න ඉදිරියට එන්න ඕනේ, නැත්නං ධම්මික පෙරේරලා දිලිත් ජයවීරලා ඒ මහා දේශපාලන ප්‍රවාහයට ෂොට් එක දේවි තව ටික දවසකදී.

    වාහන මාකට් එකෙන් මුන්ට ඉගෙනගන්න දේවල් තියෙනවා උදාහරණ විදිහට මේවෙනකොට ජපන් වාහන වලට එරෙහිව වෙලදපොල තරගකාරිත්වය සෑහෙන්න වැඩී. විශේෂයෙන්ම BYD වගේ චීන වාහන ජපන්වාහනවලට සෑහෙන threat එකක්.ඒ වගේම Kia, Hyundai සුපිරිම වාහන ටිකක් , මෙහෙ UK වලත් හැම තැනම දකින්න තියෙනවා.

    නිසාන්ලාගේ Renault Nissan Mitsubishi alliance එකටත් බඩු බනිස් වෙයි, ඔයා overhaul කරපු එන්ජිම repair කරපු දවසේ ඉදන් oil පිච්චෙනවා කියලා customer බැන්නාට දුක් වෙන්න එපා.
    පාර දිගේ කැඩෙන Jatco CVT transmission හදන එවුන් කොච්චර බැන්නත් කවදාවත් transmission හදන එක නතර කරන්නේ නෑ . උන් ඒක නිවැරැදි කරලා හරියට හදන්නේත් නෑ.

    කොච්චර customer ලා නැති උනත් Nissan ලා Jatco CVT transmission හයි කරන එක නතර කරන්නේත් නෑ.

    දුකම වැඩේ අච්චර හොඳම වාහන හදන Honda ත් Nissan වගේ අපතයෝ එක්ක සෙට් වෙනවා කියන්නේ Honda පූරුවේ කරපු ලොකු පවක් ගෙවා දැමීමක් වෙන්න පුළුවන්.

    සමහර වෙලාව Jatco CVT transmission කියන්නේ Internal combustion engine වාහන වලට COVID වයිරසය වෙන්නත් පුළුවන් .

    ReplyDelete
  2. ඕකට විසඳුම මෙච්චරයි "මචන් ,ණය ගෙවන්න අපිට සල්ලි නැහැ ඒ නිසා අපි ගෙවන්නේ නැහැ " කියල කියන එක විතරයි.

    ReplyDelete
  3. අඩෝ බය නැතුව හිටපිය ලමාතං, අපේ අනුර කයියනායක සහෝදරතුමා ඡන්ද දිනලා ලබන අවුරුදෙ ජවිපෙ මාලිමාවෙ වහල් දාර මී හරක් හැත්ත එකමිටට ටික ටීක දාලා කුඹුරු ඔක්කොම අස්වද්දන්නලු ලෑස්තිය.

    ReplyDelete
  4. මාතලන් ට රෙ. රෙ. වගේ.😀😀

    ReplyDelete
  5. සෑම ක්‍රියාවකට ඊට විශාලත්වය සමාන වූද, දිශාව ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත කියල නිව්ටන් කියුව. බොහෝ පසු කාලීනව නිව්ටන්ගෙ නියමයන් බිදී ගියද, චිරාත් කාලයක් විද්‍යාධරයින් පවා එකගවී සිටි කියමණක් තමා ඒක. ඒකට හේතුව නම්, අතිශය දුර්ලභ තත්වයන් තුලදී හැර, යම් ක්‍රියාවකට පතිචාර දැක්විය යුත්තේ ඊට අනුරූපී පතික්‍රියාවකින්‍ය යන සම්මතය.
    උදාහරණයක් ලෙස බුදුන්ට බුදුවීමට පිටදුන් බෝධියට සතියක් ඇස්පිය නොහෙලා නෙත්‍ යොමා සිටීමට බෞද්ධයා එකගයි. නමුත් බැරිවෙලා හරි බුදුහාමුදුරුවන් එම ගසට බිමපෙරලී ඔලුව ගසාගෙන ගරුබුහුමන් දැක්වූ යැයි සදහන්වූයේ නම්, මුලු බෞද්ධ ධර්ශනයම විහිලුවකින් අවසන් වීමට එයම ප්‍රමාණවත්.

    මේව තේරුම් ගන්න intelligence එක ඇබිත්තක් තිබීම ප්‍රමාණවත්.
    මේ ප්‍රශ්ණයම ප්‍රමාණවත් ඔබතුමා කියවා ගැනීමට මාතලන්...😏😏

    ReplyDelete
  6. මෙහෙමයි ඔය දිලිත්ගේ සමහර දේවලට එකග නොවුනත් ඔහුගේ ව්‍යවසායකත්ව සංවර්ධන කියන තේමාව හොදයි .ඔහු එය කෙතරම් අවංක බවයෙන් කරයිද ප්‍රයෝගිකව එම මතය මහා පොළොවේ ක්‍රියාත්මක කරයිද නම් නොදනිමි කියලයි මට කියන්න තියෙන්නේ

    ReplyDelete
  7. වරාය නගරයේ වහාම ආරම්භ කල යුතුයි වෛද්‍ය විශ්ව විද්‍යාලයක්.
    චීනයේ වෛද්‍ය විද්‍යාලවල විදේශ් සිසුන් වැඩි හරියක් ඉගෙන ගන්නවා. විශේෂයෙන් ඉන්දිය සිසුන්. ලංකාවේ වරාය නගරයේ නව විශ්ව විද්‍යාලයකට එම සිසුන්ගෙන් කොටසක්වත් ගෙන්වා ගැනිමට හැකිනම් විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ලබා ගැනිමට හැකි වේවි එසේම එම සිසුන්ගේ ඥතීන් ලංකාවට පැමිණිමෙන් සංචාරක කර්මාන්තයද දියුණු වේ.
    එසේම චීනයට,බංගලිදේශයට,
    බෙලරුස්වල දේශීය සිසුන් වෛද්‍ය උපාධියට යන බැවින් ලංකාවේ සිසුන්ගේ විදේශ අධ්‍යාපනයට යොමු විමෙන් ඒ සඳහා යන මුදල්ද ඉතුරු වේ.

    ReplyDelete
    Replies
    1. මොකද මගේ දුව චීනයේ වෛද්‍ය විද්‍යාලයක අවසන් වසර. 90% ඉන්නේ ඉන්දියන් ළමයි.මම දෙවරක් එතනට ගිහින් තියෙනවා.මගේ අදහස රජය මැදිහත් වි දේශීය සහ විදේශීය සිසුන් වෙනුවෙන් වෛද්‍ය විද්‍යාල වරාය නගරයේ ආරම්භ කල යුතු බවයි. මේ මගින් අපේ ළමයි මෙරට ඉගෙනුම ලැබිමෙන් ඩොලර් ඉතුරු වෙනවා මෙන්ම විදේශ් රටවල ළමයි මෙම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න ඇවික් චීනයට ගිය ඩොලර් අපේ රටට පැමිණෙනු ඇත.

      Delete
  8. මාතලන් මේ කියන සියලුම දේශපාලන පක්ෂවල චරිතවල හැසිරීම හරියට අපි පොඩි කාලේ අනූ ගණන්වල බලපු ගිරය කියන ටෙලිනාට්‍යයේ චරිත ගොඩනැගීමට සමානත්වයක් තියෙනව නේද? ගිරය කියන්නෙ ඩැෆ්නි ඩ්යූ මෝරියර්ගෙ රෙබෙකා වගේ ගොතික් නවකතාවක්. ඒ නිසා නවකතාව තුළ කොහොමත් ගුප්ත, හොරර් ගතියක් තිබෙනවා. විශේෂයෙන් ඒකේ අවසානයෙන් ලංකාවෙ එවක කතා නොවූනු සමාජ ගැටළුවක් ගැන අවධානය යොමු කරන්න ලලිත් කොතලාවල සොයුරිය වූ ලේඛිකා පුන්‍යකාන්ති විජේනායක සමත් වෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙ ටෙලිනාට්‍ය විකාශය වෙද්දි මට අවුරුදු 8ක් වගේ ඇති. තේමා ගීතය වගේම ලුසිය හාමි සම්බන්ධ කොටස්වල රෝහණ වීරසිංහගෙ සංගීතයත් මා බියට පත් කළ බව තමයි මගේ මතකය.
    කෙසේ වුවත් නවකතාවේ ලාල් හා ටෙලියෙ ලාල් අතර යම් වෙනස්කම් තිබෙනවා.

    ඒවායින් මුලින්ම තේරුම් ගන්න ඕනෑ එම නිර්මාණය nostalgia වෙන් කුලුගැන්වුණු අදහස් තමයි මෙතන එන්නෙ.

    ලොකු ගුප්ත නිවසක් ලුසිහාමි තනිව මතුරන දර්ශනයක් සහ ඒ හා සමගාමීව ලාල් ගේ අසනීප වීම සමඟ එන මුල් දර්ශනය තිගැස්මක් ඇති කරනවා.

    අනිත් අතට ගිරය අතින් අරගෙන කතාව පුරාම නපුරු විදිහට හැසිරෙන ට්‍රිලීශියා ගුණවර්ධන ශිල්පිණිය ගැන අපේ හිතේ යම් තරහක් තිබුණා. ඔක්කොම නපුරු කම් වෙන්නෙ ඇය නිසා කියන එක.

    (නූතන ටෙලි නාට්‍ය වල ගැස්සිලි පැද්දිලි සහ ගෙරවිලි වලට ඇස් පුරුදු වුණාම ඒ කාලෙ කතා වල සියුම් චලනයකින් දනවපු දේ නොදැනී යාමත් තව හේතුවක්. ඒත් ඒක මෙතන කතා කරන්න කැමති නෑ..ඒ ගැන වෙනම ලියන්න ඕන)

    Spoiler alert ⚠️
    පුණ්‍යකාන්ති විජේනායක මැතිණියගෙ නවකතාව සහ සෝමවීර සේනානායක ගෙ ගිරය අතර ලොකු වෙනස්කම් තියෙනවා.
    මම අදටත් හිතනවා ඒ කතාව අපරාදෙ නාස්ති කරල දැම්මා කියල.(ඒත් ඉතින් අද හැදුවනං කතාවට අත් වෙන ඉරණමට වඩා ඒ කාලෙ හදපු එක හොඳයි ද මන්දා එක අතකට)

    Original කතාවේ
    ලාල් කියන්නෙ සමරිසි පුද්ගලයෙක්. ඒ වගේම ලාල් කියන්නෙ අවජාතක දරුවෙක්. ඔහුගේ මව සහ ලුසිහාමි තමයි ඔහුගේ ආරක්ෂකයන්. ඔහුගේ සියලුම රහස් ආරක්ෂා කරගෙන ඉන්නෙ ඒ දෙන්නා.

    අනික් අතට ලාල් ගෙ සොහොයුරිය වත්තෙ වතුපාලකයා එක්ක අනිසි සම්බන්ධයක පැටලෙනවා. ඇය ඉන්නෙ මව සමඟ වෛරයෙන්. ඇය කාමිණීට උදව් කරන බව තමයි පේන්න තියෙන්නෙ.
    එහෙම තමයි ලුසිහාමි ගෙ අතින් හාමු මැ@රෙන තැනට වැඩ සලස්සන්නෙ. ලුසිහාමි ට පෝය දවස්වලට උත්සන්න වන මානසික රෝග තත්වය තමයි ඒකෙදි ඇය ප්‍රයෝජනයට ගන්නෙ.

    කතාව අන්තිමට තමයි නියම plot twist එක එන්නෙ. හාමු මැ@රෙන්න සලස්සල කාමිණී බලාපොරොත්තු වෙන්නෙ ලාල් එක්ක නිදහසේ ජීවත් වෙන්න. නමුත් තමන් ලාල්ගෙ සහෝදරියගෙ උපායට රැවටුණු බවත් ලාල්ට වලව්වෙ හාමුගෙ දේපල කිසිවක් හිමි නැති බවත් ,තමන් විනාශ කළේ ලාල්ට තිබුණු පිළිසරණ බවත් කාමිණීට තේරුම්යන්නෙ අන්තිමට.
    ලාල්ගෙ සහෝදරිය නිර්දය ලෙස සියල්ල අත් කරගන්නකොට අවසානයේ කාමිණී දැඩි අධිෂ්ඨානයකින් තමන්ගෙ පුතා එක්ක මඟට බහිනවා.

    ඒ වුණාට ටෙලිනාට්‍ය අනුව ලාල් රෝගියෙක් සහ මිතුරු ඇසුර ට යන සෙල්ලක්කාර වගකීමක් නැති කෙනෙක්. ලුසිහාමි මිත්‍යා විශ්වාස වල එල්බ ගත්ත වලව්වෙ නිල නොවන පාලිකාව. හාමු තමන්ගෙ පුතාට තදින් ආදරේ නිසැම එයාව spoil කරපු කෙනෙක්.කාමිණී ලස්සන පවුලක් අපේක්ෂා කරන අහිංසක, මැද පන්තියෙ පවුලක යුවතියක්.
    වතුපාලකවරයා වලව්වට හිතඇති හොඳ ගති තියෙන සේවකයන්ට සැර කෙනෙක්. ලාල්ගෙ සහෝදරිය වලව් මානයට අකමැති, සහෝදරයාට ලැදි හොඳ කාන්තාවක්.

    එම කරුණු නිසාම පුණ්‍යකාන්ති මහත්මියගේ පොත සහ ටෙලිනාට්ය අහසට පොලව වගේ ..මොකද ඒකාලේ පොත කියවල තිබ්බේ නැති නිසා මේක මාර නිර්මාණයක් වගේ දැනුනට නාට්‍ය බලල අවූරුදු 20 විතර පස්සේ වගේ තමයි ඉංග්‍රීසියෙන් ලියපු මුල් පොත කියවන්න ලැබුනේ එතකොට නාට්‍ය මතක නැ බලන්න විදිහකුත් නැ මේලගදී නාට්‍ය බැලුවහම හිතෙන්නේ මොකක්ද මේ කියල එතරමට පොත අතිසාර්ථකයි..ලංකේය ඉංග්‍රීසි සාහිතයේ ඇත්තටම ලෝක මට්ටමේ කතුවරුන් ඉන්නවා පුන්යකාන්ති මහත්මිය මටනම් ජාත්යන්තර තලයේ ලේකිකාවක් ඒවගේ මමනම් කියන්නේ ලංකාවේ ඒවගේ නිර්මාණ නිර්භයව සිනමාවට ටෙලියකට ගෙන්න බැ Amulet එහෙම කරොත් ඉවරෙටම ඉවරයි අනික පුන්යකන්ති මහත්මිය ගිරය ඇතුළු නිර්මාණ හුගක් කරලා තියෙන්නේ කොලබ ප්‍රභූ සමාජයේ ඉදන් ..එතුමියට ගැමි ජිවිත ගැන කිසිම අද්දැකීමක් නැ ඔකොම imagination ඒ උනාට පොත ඇතුලේ ගැමි ජිවිත ගොඩනැගීම මාරම පුදුමාකාරයි ..

    ReplyDelete
  9. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලංකාවේ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණි පියුමී හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයට අදාළව ලංකාවේ බදු වංචා ආදී ජාවාරම් පිළිබඳව කුප්‍රකට පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ඉහළ පෙලේ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

    ලංකා පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් එම පුද්ගලයාට ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඊට කට්ටි පනිමින් සිටින ඔහු මේ වනතුරු ඒ සඳහා පැමිණ නැති බවද වාර්තා වෙයි.

    පියුමි හංසමාලිගේ ප්‍රධාන ආදායම් ලෙස ඇය සඳහන් කර ඇති ආයතන සම්බන්ධයෙන්ද මෙවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන පවත්වමින් ඇත.

    ඇයට සමීපතම පුද්ගලයන්ගේද බැංකු ගිණුම් පරීක්ෂාකොට ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද රහස් පොලිසිය මේ වන විට විමර්ශන පවත්වමින් සිටී.

    ReplyDelete
  10. ඇත්ත යට ගැසිය හැකි ටික කාලෙකට
    නැත්ත ඇත්ත ලෙස කිව්වැකි පොඩ්ඩකට
    පුම්බල බඩ පෙන්නුවට ලොකුකම රටට
    ගෙම්බෙකු වෙන්නෙ නෑ හපනෙක් එක දිගට

    ReplyDelete
    Replies
    1. @ Ano 3.01 & Nidi

      අවුරුද්දකට කලින් හරියකට ඉන්න තැනක් නැතිව හිටපු, තව ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ 6ක් ණයට අරන් ගෙවාගන්න බැරුව ෂේප් කරල දෙන්න කියල රංජන් රාමනායකගෙන් ඉල්ලුව ඒකෙ හඩපටත් එලියට ආපු පියුමි හංසමාලිට කොහෙන්ද මෙච්චර සල්ලි?

      අනික හංසමාලි මේ ලගකදි ඉඳලා සල්ලි විසිකරන විදියට.හිටපු ජනාධිපති ගෝටාබය පාවිච්චි කරපු කෝටි අටකට වඩා වටින රේන්ජ් රෝවර් එක ගත්තා. කෝටි තිහකට ආසන්න ලක්ෂරි අපාර්ට්මන්ට් කීපයක් මාරු කරා.ඊයෙ පෙරේද අම්මට ලක්ෂ 30 මාලයක් සහ පවුලට කෑෂ්වලට ජුවලරි ගත්තා. අත්පිට මුදලට කොළඹින් නයිට් ක්ලබ් ගත්තා.ගෙදරට අදින්නෙත් ක්‍රිස්ටියන් ඩියෝර්,වර්සාචි වගේ බ්‍රෑන්ඩඩ් ඇදුම්.පාවිච්චි අරන බෑග් YSL ඔරලෝසු රොලෙක්ස්.නිතරම ෆේස්බුක් දාන වීඩියෝ වලින් සෑහෙන ලක්ෂරි ජීවිතයක් ගෙවන බවත් ප්ලාස්ටික් සර්ජරි සෑහෙන්න ගානක් වියදම් කරගෙන කරපු බවත් පේනවා.

      ඇත්තටම කොහෙන්ද මේවට සල්ලි? ලෝලියා ක්‍රීම් විකුනලාද? එහෙම වෙන්න තිබ්බා කිසිම අනුමැතියක් සහ ප්‍රමිතියක් නැති ඩප්පි ක්‍රීම් ලංකාවේ විකුනන්නෙ හංසමාලි විතරක් නම්. ඊටවඩා සෑහෙන ජනප්‍රිය චන්දනාලේප,නේචර් සීක්‍රට් වගේ ප්‍රමිතිය තහවුරු කරපු නිෂ්පාදන වලත් අයිතිකාරයෝ පෝසත් වුනෙත් වෙලදපල අල්ලගත්තෙත් එක රැයින් නෙවේ.

      ඒ දේවල් එක්ක සසඳනකොට හංසමාලිට සල්ලි වේගයෙන් ගලාගෙන එන විදිය උභතෝකෝටිකයක්.
      ලංකාවේ කවුරුත් සාධාරණ බිස්නස් එකක් කරල රජයට බදු ගෙවමින් දියුණු වෙන එක ඉතාම හොද දෙයක්.නමුත් මේ වගේ අසාමාන්‍ය ධනපතියන් බිහිවීම පුරවැසියන් විදියට ප්‍රශ්න කල යුතුමයි. එහෙම නේද?

      Delete
  11. මේකෙන් කියවෙන අනිත් කාරනය , ඔය දෙන්නේ 2019 දුන්න වගේම තමා මේදත් අනුර දිනුවොත් අවුරුදු එකහමරට වඩා නම් රට පලානේ කරන්නේ නැහැ 😔

    ReplyDelete
  12. මාතේ ත්‍රිමාවිතාන, වෙනුරලාගෙ වර්තමාන පරම්පරාව අදත් එදාමෙන්ම එකම සුපුරුදු සටන් පාඨ වෙනුවෙන් පෙළපාලි යනවිට , ඔවුන් මෙහෙයවන ජවිපෙ මාලිමා දේශපාලන නායකයන් ගේ දරුවන් NSBM , SLIT, SLTC, CINEC , ICBT වගේ අධික මුදලට උපාධි සුදුසුකම් ලබාදෙන පෞද්ගලික ආයතනවල සහ විදේශ රටවල මිල අධික උපාධි පාඨමාලාවල උගෙනුම ලබනවා.

    එදා ජවිපෙ අන්තරයේ ත්රීමාලා වෙනුරලා එරෙහි වීම නිසා ලංකාවෙන් ඉවත්වී මැලේසියාවේ ස්ථාපිත කෙරුණ මොනෑෂ් විශ්ව විද්‍යාලය නිසා අද මැලේසියාව ලංකාව ඇතුලු විදේශ සිසුන්ගෙන් ඩොලර් මිලියන ගණන් ආදායම් ලබනවා .

    කොහොම වුනත් වෙනුරලා, ත්‍රිමාවිතානලා වෙනුවෙන් අපිත් පාසල් වියේ උද්ඝෝෂණය කලා ..
    අදත් ඔවුන්ට ගරු කරත්, ඔවුන් මෙන්ම උතුරේ ඒකීය රාජ්‍ය බේරාගැනීමට දස දහස් ගණනින් දිවි පිදු බිලීබෝයිස්ලා බවට පත්කල ජවිපෙ දේශපාලනය අද 13 + දීමට කතා කිරීම ඊටත්වඩා දුකට හේතුවක් ...!

    ReplyDelete
  13. මාතයියේ මට ඉස්සර තිබ්බේ ඩිමෝ බට්ටෙකුයි ත්‍රීවිල් එකකුයි. හිටියේ පොඩි ගේක. මට සාමාන්‍යයෙන් වයරින් වැඩේ ඉදන් පරිගණක වැඩ දක්වා ගොඩක් වැඩ පුළුවන්. අපේ පවුල් වල අනිත් අය ටිකක් යමක් කමක් තිබ්බ අය. මගේ සහෝදර සහෝදරින්ට පවා. එයාලගේ වෙඩින් එකක් පාටියක් තිබ්බොත් කවදාවත් මට හරි මගේ පවුලේ අයට හරි කියන්නේ නෑ. මොකද මන් එන්නේ වීල් එකේ නිසා. හැබැයි බඩු ටිකක් ඇද ගන්න, රෝහලකට යන්න හරි වෙන මොකක් හරි මහන්සි වෙලා කරගන්න ඕන වැඩක් තිබ්බොත් මට තමයි කියන්නේ. එයාලා දන්නවා මන් මොන කට්ට කාලා හරි බොක්කෙන්ම ඒ වැඩේ කරනවා කියලා. ඉස්සර මාත් ඉතින් කියන පරක්කුවට ඒ දේවල් කරලා දෙනවා මට නැතත් මගේ පවුලේ අයට පොඩි හරි පිලිගැනීමක් එයාලගෙන් ලැබෙයි කියලා. අඩුම එයාලගේ පොඩි කෙනෙක්ගේ උපන්දිනේකට මගේ පොඩි එකෙක්ට හරි එන්න කියයි කියලා බලාපොරොත්තුවෙන්. මොකද මට ඕන වුනේ මාව කොන් වුනත් පොඩි උන්ට එහෙම නොවී තියා ගන්න. ඒත් කවුරුත් නිකමට වත් පොඩි උන්ව වත් කිසිම දේකට ගත්තේ නෑ. වෙඩින් කොච්චර තිබ්බත් අදුරන් නැති පොඩි උන්ව මල් කුමාරයට ගත්තත් මගේ එකාව ගත්තේ නෑ. මට ඒවට සල්ලි නෑ කියලා. පොඩි උන්ව බලන්න කියලා අපේ ගෙදරටවත් ඇවිත් නෑ. අපි එනවට කැමතිත් නෑ ආවොත් එන්නේ වීල් එකේ නිසා.

    ඒත් දැන් නම් මගේ තත්වේ වෙනස්. දැන් මට ඕන දේකට බලෙන්ම ආරාධනා කරනවා. හැබැයි අදටත් මන් උදව්වක් කරන්න ගියොත් මිසක් කිසිම පාටියකට වෙඩින් එකකට යන්නේ නෑ. ලමෙක්ව වත් යවන්නේ නෑ. මගේ කිසිම දේකට ගෙන්න ගන්නෙත් නෑ. වාහනේ ඕනේ වුනොත් යාලුවෙක්ව ඩ්‍රයිවර් කෙනෙක් විදියට යවලා හරි වැඩේ කරලා දෙනවා මිසක් වාහනයක් තියනවා කියලා පෙන්නන්නවත් මන් යන්නේ නෑ. ඒ නිසාම ඔය දේශපාලන පක්‍ෂ වල ක්‍රියාකලාප තත්ත්වයත් ඒ වගේමයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  14. ඉස්සර ආර ප්රේමදාසය ඔය විදියටම කොහේද රටක ගිහින් ඇවිත්, එහේ ඔරලෝසු කණුවක් දැකලා ලංකාවෙත් හන්දියක් හන්දියක් ගානේ ඔරලෝසු කනු හදාගෙන ගියා මහජන මුදල් වියදම් කර කර මහා නාස්තියක් කළා.
    දැන් මොකද වෙලා තියන්නේ.

    අනික ඒකාලේ ඇයි මැරුවෙ කියන එකට ප්‍රේමදාසගෙ කාලෙ දන්නෙ කෙනෙක්ගෙන් අහුව නම් දැනගන්න පුලුවන්. ප්‍රේමදාසට එදා මිනිස්සු කිව්වෙ, ගම් උදාවෙ කෙලින් තියන කනුවක් ඇදයි කියල ප්‍රෙමදාස කිව්ව නම් ඒක පිලි අරන් ඇදට හැදුවෙ නැත්නම් ඊලන්ග දවසෙ පාරෙ මිනිය තියනව කියල. නොදන්න මිනිස්සුන්ගෙ රෙදි හෝදන්න එපා. රනිල් කියන්නෙ කෙලින්ම කොල්ලො මරපු එකා. නමුත් උසාවියක ඔප්පු කරන්න සාක්ශි හැන්ගුවා.
    ප්‍රේමදාස මිනිහගෙ කුලේට වැඩ කරපු මිනිහෙක්, මොලයක් ඇතිව නෙවේ හරකෙක් වගේ වැඩ කරේ. ගම් උදාව කියල හදපු කොන්ක්‍රීට් කනු මාලිගා ඕන එකෙක්ට ගිහින් දැනුත් හොයල බලන්න පුලුවන්. බැසිල්ට දෙවෙනි නෑ ප්‍රමදාස කරේම හොරකම. අන්තිමට මිනිහ සින්හාසනයක් හදාගත්ත රත්තරන් වලින්, නිදියන ඇන්ද රත්තරන් කර ගත්ත. නුවර බහිරවකන්ද බුදු පිලිමෙත් රත්තරන් ගෑව, උගෙ පුතා සජිත් ගොඩ දාපු නිදාන වල බාර ඔප්පු කරන්න හැම තැනම රත්තරන් පාට ගෑව. උම්බල ඉතින් fb එකේ පන්ඩිතයො මිසක් අතීතයක් දන්න උන් නෙවේනෙ මාතලන්.

    ReplyDelete
  15. මීට පෙර පැවැති ජනාධිපතිවරණයකට තරග වැදි ප්‍රධාන අපේක්ෂකයෙකුට අයත් ඇමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් බැංකුවක තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇති බව වාර්තා වෙයි.

    එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට අධික වන අතර විනාශ වූ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු ලංකාවේ ප්‍රධාන ආර්ථික මෙහෙයවන ආයතනය හරහා මෙම අපේක්ෂකයාගේ ඉල්ලීමට මෑතකදී නිකුත් කර ඇති බවද සඳහන් වෙයි.

    ඒ සඳහා එක්තරා රටේ ප්‍රබලතම පුද්ගලයකුගේ මැදිහත්වීමක් සිදුකර ඇති බවද සඳහන්ය.

    මෙම හිටපු අපේක්ෂකයා තරග වැදුනු ජනාධිපතිවරණයේදී විදේශීය තානාපති කාර්යාල හරහා විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආකාරයට මෙම මුදල ලැබී ඇති බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා දාමයකින් පසුව ඔහුට නැවත හිමි වී තිබින.

    ඒ අනුව එම මුදල් නැවත ලබා ගැනීමට පරීක්ෂා කර ඇති අතර එහිදී එම නෝට්ටු විනාශ වී ඇතැයි දැකගන්නට ලැබී තිබිණි.

    මෙම පුද්ගලයා හිටපු හමුදා ලොක්කෙක් වන අතරම ඉතා භයානක කුකුල් කෙන්තිකාරයකු වශයෙන් ද ප්‍රසිද්ධියක් උසුලන අතර මාලිමාව නමින් දැනට දේශපාලනය කරමින් සිටින ජවිපයේ ලනු කා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වී පැරදී මේ වනවිට සජබයේ සිට ජනපති රනිල් මහතා ලඟට කරණමක් ගැසීමට සැරසෙන පුද්ගලයකු බවටද එම ආරංචිමාර්ග සඳහන් කළේය.

    ReplyDelete
  16. ඔබට තාප්පය පෙරළන්න බැරිනම්, එහි පාදමේ ගල් කැටය කැටය ඉවත්කරන්න. ඒ විට කාලයත් සමග පාදම දුර්වල වී තාප්පය පෙරළෙනු ඇත. බෞද්ධ සභ්‍යත්වය මූලීකව නිර්මාණය වූ ශ්‍රී ලංකා සංස්කෘතික රාජ්‍ය නම් වූ මහා තාප්පය පෙරළන්න කරන්න ඕනේ ඒ බෞද්ධ පදනමේ වටිනාකම් එකින් එක ඉවත් කිරීමයි. ඒ විට ශ්‍රී ලංකා සංස්කෘතික රාජ්‍ය ඉබේම පෙරළෙනු ඇත.

    ශ්‍රී ලංකාවේ බොහෝ මිනිස්සු එය නොදන්නා නමුත්, ශ්‍රී ලංකා සංස්කෘතික රාජ්‍ය නම් තාප්පය පෙරළන්න බලාගෙන සිටින අය මෙය ඉතා හොදින් දනී. විදේශයන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් වැඩකරන පාලකයන්ගේ වැඩ නිසා ආර්ථිකය දුර්වල තත්වයක පැවතියත්, ඒ මහා ශ්‍රී ලංකා සංස්කෘතික රාජ්‍ය පවතින්නේ මෙන්න මේ ශක්තිමත් බෞද්ධ පදනම නිසයි.

    ඔබ බොහෝ වෙලාවට දැක ඇති අයුරු, සෝශල් මීඩියාවල එක් එක් පුද්ගලයන් විසින් ගලවන්නේ ඒ මහා බෞද්ධ පදනමේ ගලුයි. එය හදුනාගන්නේ නැතිනම් ඔවුන් ඒ සමස්ථ බෞද්ධ පදනමේ ගල් ගලවා ඉවත් කර ශ්‍රී ලංකා සංස්කෘතික රාජ්‍ය නැවත ගොඩ ඒමට නොහැකි තරම් පෙරළා දමනු ඇත. ඒ විට පවතින්නේ ශ්‍රී ලංකා රාජ්‍යයක් නොව වෙනත් රාජ්‍යයක් විසින් පාලනය කරන භූමියකි. ඇමෙරිකාවේ රතු ඉන්දියානුවන්, ඕස්ට්‍රේලියාවේ ඇබොර්ජිනිවරුන් සිටින්නේ තමන්ගේම රටේ එක් එක් ආරක්ෂිත කලාප තුලය. ඒ ආකාරයටම මූලික වශයෙන් සිංහල මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ තමන්ගේම මවු භූමියේ ආරක්ෂිත කළාප තුලය!

    ReplyDelete
  17. මාතා හර්ෂ ද සිල්වා ෆොන්සේකාට දොස් කිව්වා තම පක්ෂයේ නායකයා ආරක්ෂා කලේ නෑ කියලා. මම ළඟ හිටියා නම් අහනවා ඔබ නායකයා විතරක් නෙමේ පක්ෂයත් විනාශ කරලා ආපූ එකෙක් නේද කියලා.

    එතනදී ආචාර්ය හර්ෂ ද සිල්වා මතුකරන එක තර්කයක් ඉතාම සාදාරණයි. ඇත්තටම මාලීමාවේ ආර්ථික ප්‍රතිපත්තිය කිසිසේත්ම පැහැදිළි නැති බව ඔහු කියනවා. සුනිල් හදුන්නෙත්ති එක වෙලාවක ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියනවා. අනික් වෙලාවේ එහෙම නැහැ කියනවා. හැබැයි සෝරෝස්, පැකර් තවම ආර්ථික ඝාතකයෝ. අනුර කිවුවා, නායකයන් අතර විවාදය පැවැත්වුණේ නැතිවුනාම, අනිවාර්යයෙන් පක්ෂ දෙකේ ආර්ථික කමිටු විවාදය පවත්වන බව. එහෙනම් කරුණාකරලා ඇවිත් ඔබලාගේ ආර්ථික ප්‍රතිපත්තිය සජබයේ හෝ යුන්පියේ හෝ පොහොට්ටුවේ ආර්ථික ප්‍රතිපත්තියෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා කියන්න කියලා අපිත් කියනවා. මම හිතනවා මේක අනිවාර්යයෙන් සිදුවෙන්න ඕනේ දෙයක් කියලා. මොකද මේ වෙලාවේ වැදගත්ම වෙන්නේ ඒ ඒ මූලික පක්ෂවල ආර්ථික ප්‍රතිපත්ති දැනගැනීමයි (මම කිසිසේත්ම සජබ හිතවාදියෙක් නෙමෙයි. මේ හර්ෂ කොහොමත් ක්‍රියාත්මක කරන්නේ හෝ ඔවුන්ගේ වැඩසටහන මිසක් ජාතිකවාදී වැඩපිළිවෙළක් නෙමෙයි. හැබැයි එතනදී ඔහුගේ තර්කය නිවැරදියි).

    ඒ වගේම අනික් පැත්තෙන් හර්ෂ ද සිල්වා කියන්නේත් ඉතාම පටු ආත්මාර්ථකාමි එකෙක්.
    බොරු ආර්ථික කතා කියෝන බොරුකාරයෙක්. Imf යෝජනා සමාලෝචනය කරනවලු. මූ ඉතා හොඳින් දැනුවත්භාවයෙන් ඔය බොරුව කියන්නේ එසේ කිරීමේ කිසිම හැකියාවක් නෑ කියන එක. ඔවුන්ට එසේ කරන්න කිසිම හැකියාවක් නෑ. බලයට ආවොත් රනිල් කරනදේ ඊටත් වඩා වැඩියෙන් කරනවා හැර වෙනත් කලහැකි කිසිවක් සජබයට හෝ මාලිමාවට නෑ. එහෙත් ඔවුන් බලයට පත්වෙන්නේ අමූලික බොරුවක් සමාජගත කොට නිසා රනිල්ට මෙන් මෙම ක්‍රියාවලිය දැන්වගේ ඉදිරියට ගෙනයාමේ හැකියාවකුත් නෑ. අන්න ඒ නිසා සමාජයෙන් එන දැඩි ප්‍රතිරෝධයට මුහුණ දෙන්න වෙනවා. ගෝඨා දෙක රඟදැක්වෙන්නේ එදාට. මුන්ට පාරවල්වල ගුටිකන්න වෙන්නේ හොඳම එකෙන්. ඒ නිසා බලයට පත් උනොත් ඉල්ලන් කන්න වෙන්නේ.

    ReplyDelete
  18. මාතා ලංකාවේ ඉතාම පිටිසර ගමක සිට කොළඹට ආපු ඉතාම දුප්පත් වත්තක මුරකුරුවකුගේ පුතෙක් බාබර් රැකියාව ස්මාට් විදියට කරලා කොළඹ ලොකුම හෙයාර් ස්ටයිලිස්ට් බවට වසර පහළොවක් තුල පත්වෙලා ආසියාවේම ලොකුම සැලෝන් එක දාලා කොළඹම විශාල ධනවතෙකු වෙලා ඉන්න කොට මම වැඩ කරන්නෙ UAE Dubai වල ..අද අපි පැය 8 සදහා Food Stylist කෙනෙකුට මෙහේ දිරාහ්ම් Dhs. 7,200 ගෙව්වා. එය ලන්කාවෙ මුදලින් නම් 7200 x 82 =Rs. 590,400.

    මෙයත් සෞන්දර්යාත්මක/කලා විශයන්..නොවෙද? ලන්කාව යනු කාලාන්තරයක් තිස්සෙ ආර්ථික නිසි කලමනාකාරිත්වයක් නොමැතිව පාලනය උනු රටක්..එම රටෙහි හැම දෙයක්ම සිදු උනෙ සන්විධිත සැලැස්මකට අනුව නොවෙයි. එම නිසා කාලයක් පුරාවට උඩු දුවමින් පැවති ප්‍රශ්නයක් නිසා රට බන්කොලොත් උනා. තවත් වසර10ක් යනකන් වත් ලන්කාව ආර්ථික අතින් ප්‍රකෘති තත්වයට පත් කිරිම අසිරුයි. එය සරල උදා. පැහැදිලි කරන්නම්..2022 වසර
    රජයෙ ආදායම රු.බි. 2212
    රජයෙ වියදම රුබි. 4472
    හිගය රු.බි 2460 (Covered via Borrowings)
    රජයෙ වැටුප් රු.බි.956 (43% to Income)
    පොලි රු.බි.1565 (70% to income)
    වෙනත් රු.බි. 1951
    ඉහත උදා. පැහැදිලි වන සරල යථාර්ථය නම් ලංකාව රටෙහි ආදයම් අඩුකරගනිමින් (GDP) වියදම් වැඩිකරගනිමින් කටයුතු කර ඇති බවයි. රටෙහි ආදායමෙන් හරි අඩක්‍ රාජ්‍ය සෙවය වැටුප් සහ විශ්‍රාම වැටුප් සදහා වැය කරනවා.
    රටෙහි තත්වය මෙය නම් අප තවදුරටත් ජාත්‍යන්තර රැකියා වෙලදපොල ඉලක්ක කරගනිමින් පුහුනු ශ්‍රමිකයින් හදන්න සුදානම් නැත්නම් ....විකල්ප ඇත්තෙ 2..
    * බිහිවන උපාධිදාරින් ටියුශන් පටන් ගැනිම (GDP හො රටෙ රැකියා බිහිවිමක් නැත )
    * රාජ්‍ය සෙවයෙ රැකියා ලබා දිම (රජයෙ වියදම් තවත් වැඩිවි අයවැය පරතරය වැඩි වනු ඇත. උන සම්පත් උපයොජනයක් විය හැක.)
    රටෙ විශ්ව වි. සහ වගකිව යුත්තන් මෙ අභියොග වලට මුහුන දිමට සුදානම්ද ? නැත්නම් GDP 6% ඉල්ලමින් තමන්ගෙ පඩි වැඩිකරගනිමින් ...ආතල් එකෙ පැත්තකට වෙලා ඉදිමින් දාර්ශනික කතා පවත්වමුද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න