.

.

Apr 30, 2010

දෙවියන් වහන්සේ ........


මේක මගෙ යලුවෙක්ගෙන් ලැබුන ඊ-මේල් එකක්

ව්දේශ චාරිකාව නිමවා පැමිනි පාප් වහන්සේ තවමත් වාහනයට ගොඩ නොවූ බැවින් රියදුරු තැන, ඉතා බැගැපතව විමසා සිටියේ....

සමාවෙන්න ස්වාමීනි, ඔබ වහන්සේ වාහනයට ගොඩවුනානම් අපිට යන්න පුලුවන්....

ඔයාට කියන්න මම කාදිනල් වුනාට පස්සෙ වාහනයක් එලවන්නම බැරි උනා, අද වාහනේ එලවන්නෙ මං...

ස.. සමාවෙන්න ස්වාමීනි, ඒකනම් කීයටවත් කරන්න දෙන්න බෑ.. ඔබවහන්සේට යම් අනතුරක් වුනොත් හෙම මං විනාසයි... මගෙ රස්සාවත් නැතිවෙයි ....

කවුද ඉතින් කියන්න යන්නෙ.. එලෙව්වෙ මං කියල ... මේක දන්නෙ ඔයයි මමයි විතරනේ .....

ඉතාමත් අමාරුවෙන් රියදුරු තැන පිටුපස ආසනයට දැමූ පාප් වහන්සේ, ලෑල්ලටම පාගන්න ව්ය.

අනේ.. හෙමින් යමු ස්වාමිනි.... යැයි පැවසුවද පොලිස් සයිරන් හඬ ඇසෙන තෙක්ම තවත් වේගය වැඩි උනා මිස අඩු වුනේ නැත...

අනේ දෙවියනේ !!! මගේ රස්සාවයි .. ලයිසන් එකයි දෙකම ඉවරයි.. යැයි රියදුරු තැනට ඉබේටම කියවිනි .......

පාප් වහන්සේ විසින් අඳුරු වීදුරුව පහත් කරන ලදුව.... රාලහාමිගෙ ඇස් උඩගොස්, ඉහින් කනින් දාඩිය දමන්නට විය.... වචනයක් වත් කතා නොකල ඔහු, යතුරු පැදිය වෙත ගොස් වෝකි ටෝකියෝව අතට ගත්තේය ......

මට ලොක්කව දෙන්න....... ආ සර්, සර් 100 ට නෙමෙයි 200 ට ගියපු වාහනයක් අහුවුනා.........

ඉතිං.. මට මොනවද කියන්නෙ යකෝ.... දඩ කොලයක් ලියල දියං .....

මං හිතන්නෙ අපිට ඒක කරන්න බෑ සර්.. ඉතාම වැදගත් කෙනෙක් ඒකේ යන්නෙ....

කවුද? .... නගරාධිපතිද? ....

නෑ සර්... ඊට වැඩියෙ ලොක්කෙක් .....

එහෙනං?.... ඇමති කෙනෙක්ද? ....

නෑ සර්... ඊටත් වැඩියෙ ලොක්කෙක් .....

අගමැතිවත්ද යකෝ? ......

නෑ සර්.. ඊ ..ඊ.. ඊ.. ඊටත් වඩා ලොක්කෙක් සර් .

එහෙනං මොකාද යකෝ දෙවියන් වහන්සෙද?.....

සර්.... ඔ ඔ ඔ ඔව් ඔව් සර්.......

මොකා !!! ... කොහොමද යකෝ තෝ එහෙම කියන්නේ? .....

ඩ්‍ර.. ඩ්‍ර.. ඩ්‍රයිවි කරන්නෙ, පාප් වහන්සේ.. ස ස සර්...........

14 comments:

  1. අහම්බෙන් දැක්ක රසවත් බ්ලොගයක්නේ...
    මෙන්න මෙතනත් පදිංචි වෙන්න.
    http://blogs.sinhalabloggers.com/

    පුළුවන් නම් settings > comments > Show word verification for comments? කියන තැන no දාල මේ word verification අයින් කරන්න.

    ReplyDelete
  2. මචං ශ්‍රි ලංකාවේ නීතිය අනුව පාප් යන තැනට බුදු කියලා දැන්මනම් උබට බඩු පැකට්.

    දාල බලමුද ?

    ReplyDelete
  3. @ h

    බොහොම පින්.. කොමෙන්ට් එකට සහ උපදේශයට....
    මම තවම තන කිරි බීල... බොග දාන කෙනෙක්....
    දහස් වර පින් !!! ........

    @ V

    සහතික ඇත්ත.......

    ReplyDelete
  4. ඔබව සාදරෙන් පිලිගනිමු

    ReplyDelete
  5. V හිතන්නෙ අපෙ කස්ටිය බුදු හාමුදුරුවො වාහනෙ පදවගෙන ආවනන් ලොක්කට කතා කරයි කියලාද.. මම නම් හිතන්න්නෙ නැහැ .. පැත්තකට අඬ ගහලා රුපියල් 100, 200, 300 , 500 ඉල්ලයි.. නැත්තම් "අපිත් කන බොන මිනිස්සු තමයි " කියලා කියයි.

    ReplyDelete
  6. @ රවා

    සහතික ඇත්ත බොලන්

    ReplyDelete
  7. අඩේ මාතලන් අයියා බට්ට කාලේ ලිව්ව එකක් නේ මේක!!! එල එල! අවුරුදු දෙකට ආපු ගමනට සුභපැතුම්!

    ReplyDelete
  8. මිස්ටර් ඇනෝත් එක්ක100% එකඟයි. ජයවේවා!

    ReplyDelete
  9. අෆ්ෆා.. ලංකාවෙ නම් අවුලක් නෑ. දැන් ඔක්කොල ලැම්බොගිනි නිසා ඉස්පීඩ් ලිමිට් එකක් නෑ

    ReplyDelete
  10. ඒකාලේ උබේ, සහ දැන් කාලෙ උබේ වෙනස පේනවා පරන පෝස්ට් බැලුවාම.

    :)

    මේක නරකයි කිව්ව නෙවේ.. දැන් උබ ඊට වඩා සැරට ලියන නිසා.

    ජය..

    ReplyDelete
    Replies
    1. අඩෝව් සෑමා... මොකද්ද යකෝ උබේ කියන්නෙ... කම්මැලි නැතුව ගහපන්කො කැපිටල් බ යන්න

      Delete
  11. මේවා අහුවෙන්නෙ ඔය වගේ ලින්කුවක් දැම්මොත් තමයි... ජනප්‍රියම ලිපි ටිකනෙ ඉතින් පේන්න තියෙන්නෙ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න