.

.

Sep 20, 2011

රථ ගාය - Mad Max


"කොළුවට රථ ගාය" පට්ටම පට්ට ඇඩ් එකකි. බැලුවේ නැත්නම් දවසක්ම රූපවතී දිහා බලාගෙන ඉඳලා බැලුවත් පාඩූ නැත. ඉන්නේත් පට්ටම පට්ට නළු නිළි සැට් එකොකි. මටත් පොඩි කාළේ රථ ගාය තදටම තිබිනි. තාත්තාගේ ඇන්ජිම නැති පුස්සගන් එක තාප්පයට ඇන හොඳටම බැනුම් අසා ගත්තෙමි. මල්ලිගේ රථ ගායට, රතු පාට ලී කෑල්ලක් දෙහි ඇඹුලෙන් ඌරච්චි කර ගෑ බවත් මතක ඇත. ඒවා ගෑ විට තවත් රතුවේ. ඒත් දෙසරයක් තුන් සැරයක් ගාන විට අර රථ ගාය නැතිවේ.

මදන විසෙත් එක්කම තවත් රථ ගායක් ආවේය. ඒ බයික් ගායයි. අස්වයා වගේ කකුල බිම තියාගන්නත් බැරි ට්‍රේල් බයික් පිස්සුව තදින්ම තිබුනේය. හැම්ලට් උවමනා නැත. ගමටම ඇහෙන්න සද්දේ දාගෙන යන කොට බඩු වැටෙනවාය. ඊළගට බඩුවත් දාගෙන පදිනවාය. හරි ජොලිය. බඩුව ඇඟටම එනවාය. ඒ බයිසිකොල් වල හැටිය. හදපු එකාට පින් අයිති වෙනවාය. වැටුනු බඩුවත් එක්කම, දෙන්නම වැටෙනවාය. එතකොට හොන්ඩා වාට්ටුවට දමනවාය. ඒ කියන්නේ ඇක්සිඩොන්ට් වෝඩ් එකය. ඒ තරමට පුටුං බුංම් හැප්පිලාය.

හොන්ඩා, යමහාට අමතර කෑව හැකි ද වැහි වැහැලා තිබුනේය. මොකක්ද වර්ගේ කියලා ඇහුවාම නොසන්ඩාල එවුන් කියන්නේ හොන්ඩා ජුලෝලා කියාය. අනිත් පැත්තට හැරෙව්වාම කුණුහබ්බයක්ය. බෙල්ල අනික් පැත්තට හරවපු කතාවක්ද ඇත. දන්නෙ නැති උන්ට පස්සේ කියන්නේය. ඊට පස්සේ රෝද හතරේ ගාය ආවෙය. දැන් නම් රථ ගාය නැත. එළවන එකත් මළ වදයක්ය. ඒත් අපට තිබුනු ගාය තියෙන් එවුන් තවමත් පාරේ යන්නේය. හොඳම රියදුරු සම්මානය ත්‍රී වීල් මල්ලිලාටය. පට්ට රියදුරන්ය. හිතෙන තැන යූ ටර්න් ගහනවාය. මල්ලි පමනක් නොව සියල්ලන්ම නිවන් යනවාය.
  
අනෙක් කෂ්ඨිය බයිසිකල් මල්ලිලාය, ලීස් දමා ගන්නවාය. ලූස් වගේ මැද්දෙන්ම යනවාය. අනෙක් රථ අයින් කරන් යනවාය. මහාචාර්ය පදවිය බස් රථාචාර්යටය. කන ගෑවෙන්න වංගු ගත්තේ නැත්නම් හිතට මදි වගේය. උපරිම වේගය හැටය. වංගුව ගන්නේ අසූවටය. ඉස්සරහ බේරූනත් පුක මූනේ වදිනවාමය. හැමෝටම රථ ගායය. ලීසීන් පහසුවෙන් දෙනවාය. ඇප කරුවන් අනවශ්‍යය. ඇල්ටෝවක් ගන්නවාය. බරභාගේ වගේ කොට කොටා යනවාය. අත් දෙකෙන්ම ස්ටියරින් එක බදා ගත්ත ගමන්ය. සීට් කවරත් කඩා නැත. නම පෙරුම් පුරාය.

පොස්ට් එක ලිව්වේ මේ බයිලා කියන්නට නොවේය. හොඳම රථ ගාය ගැන ලියන්නටය. ඒක අමුතුම එකක්ය. යුද්ධය සඳහා කැප වී සිටී බැවින් හා කැප කර සිටි බැවින් ඉවසාගෙන සිටියේය. මහා එකාත් නන්දිකඩාල්වලදි විමුක්තිය ලබාගත්තේය. එත් ගොන් ඇ.මැට්ටලා තවමත් කාටදෝ බයය. යන්නේ ආරක්ෂක රථ පිරිවරාගෙනය. යනවා නොවේය ඉගිලෙනවාය. ඇ.මැට්ටායි ආරක්ෂකයොයි සන් ග්ලාස් දමාගෙනය. ඒ නිසා දවල්ටත් පේන්නේ නැත. උන්ට කොහොමත් ජනතාව පේන්නේ නැත. ඒ නිසා පට්ට දවල්ටත් හෙඩ් ලයිට් දමාගෙනය.ඇ.මැට්ටා ඇතුලේය, ජනතාවට දැකීම අප්පිරියය. ඒ නිසා ආරක්ෂක කෂ්ඨිය අත වනනවාය. අපි නැමෙනවාය. මාරම ආතල්ය. හෝන් ගහනවාය. අත වනනවාය. අපි මැරෙනවාය.

ඊයේ පෙරේදාත් එකෙක් හැප්පුවේය. බබා ගේන්න එයාපෝට් යන ගමන්ය. ඇ.මැට්ටා ගේන්න නෙමේය. ඇ.මැට්ටාට දුකය. අපටත් දුකය. මළ එකාට සැපය. මේ විකාර තවත් දකින්නට නොලැබේය. ලොක්කාත් ගේමක් ඇද්දේය. ඒත් තවමත් යනවාය. ඇති වැඩකුත් නැත්තේය. කරන මළදානයකුත් නැත්තේය. නාන්න යනවා වෙන්නැතිය. ඒ වගත් මෙසේය.

ඔබ සැමට සුබ අනාගතයක්ය...!!!

42 comments:

  1. ඔව්ව ඔහොම තමයි..ඔව්ව ඔහොම තමයි.. !!! කියලා තමා කියන්න වෙන්නේ..
    ඇ-මැටි කේස් කෙසේ උනත් රථ ගයේ ඇඩ් එක නම් පංකාදු පහයි..පොඩ් මල්ලි ඉතින් දැක්කත් හිනා යන තත්වයක් නේ තියෙන්නේ.. :D

    ReplyDelete
  2. ලියපු ස්ටයිල් එක මරු..
    කතාව නම් සහතික ඇත්ත.....

    ReplyDelete
  3. ඔය කට්ටිය mad max බලල තමයි ඔය කුලප්පුව!

    ReplyDelete
  4. අම්මප අකුරක් ගානේම ඇත්තය.

    ReplyDelete
  5. මැටි ඇමැටිලාගේ රථ ගාය පිළිබඳ නෙත් FM බැලුම්ගල විවරණය (2011 සැප්තැම්බර් 20) මෙතනින් අහන්න....

    ReplyDelete
  6. ලියාපු ස්ටයිල් එකට තමා මම පස්ට ලයික් .. කමෝන් මාතලන්

    ReplyDelete
  7. @ ChammA
    ඌව දැක්කත් හිනා යනවා..
    ක්‍රියෙටිව් පොරක්...

    ReplyDelete
  8. @ පිසාචයා
    මේ ස්ටයිල් එකට ගොඩක් අය කැමතියි..
    ටැන්කූ හොඳේ..

    ReplyDelete
  9. @ hare :-)
    මටත් ඒ වගේ පෙනේ...

    ReplyDelete
  10. @ උන්නැහේ
    සහතික කොරන ලද ඇත්ත..

    ReplyDelete
  11. @ ඇනෝ
    මග පෙන්වීමට ස්තූතියි...

    ReplyDelete
  12. @ සඳරූ
    ජයවේවා...!!! වරේවා...!!!

    ReplyDelete
  13. @ ගිම්හානී
    අනේ මෙහෙමත් කෙල්ලෝ..
    හප්පන් යන එක එළකිරි කියන්නේ..

    ReplyDelete
  14. හෆොයි අදනෙ මේ පැත්තෙ ආවෙ.පට්ට ආතල් ලිවිල්ලක්

    ReplyDelete
  15. එළකිරි කිවේ හප්පන් යන එකට නෙමේ අනේ ඔයාගේ පොස්ට් එකට.

    ReplyDelete
  16. @ Networkදිසා
    එහෙනම් වෙල්කොම් කිව්වා..
    පරණ පොස්ට් වලත් ඇති ඔය වගේ ඒවා..

    ReplyDelete
  17. @ ගිම්හානී

    කවුද අනේ දන්නේ.. එහෙම පැහැදිලිව කියන්ට එපෑය..

    ReplyDelete
  18. මාත් මේකම ලීවෙමු.ඉස්ටැයිල් එක වෙනස්ය.(ඒකද කොහෙ දෝ)හිට්ස් නම් අඩුය.කමක් නැත.කාරනේ පට්ටම ඇත්තය.

    http://meeghaya.wordpress.com/2011/09/02/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A/

    ReplyDelete
  19. කථාවනම් පස්ටම ඇත්තය, මොකද මම තුමාත් රෝද හතරක් කරකවන නිසා හොඳ හොඳ අත්දැකීම් එමට ඇත. ත්‍රීවීල් මල්ලිලා, බස් මහාචාර්‍ය අයියලා, රෝද දෙකේ මාමලා පාර මැද කරන සෙල්ලම් ඉවසතැහැකිය ඒත් ඇ.මැට්ටයනුයි උන්ගෙ සනුහරේ එවුන් කරන දෙවල් දැක්කාම තමයි ඉවසුම් නැතිව යන්නේ. මේවා අපේ මහරජතුමාටවත් හරි හැටි නොතේරෙන එක තමා එකම පුරස්නය.

    ReplyDelete
  20. @ ජය ශ්‍රී
    හිට්ස් ගැන හිතන්න එපා දිගටම ලියන්න. දැන් බලන්න, W3Lanka, ඇටමැස්සා කොතරම් වටින දේවල්ද ලියන්නේ. ඒත් කොමෙන්ට්ස් අඩුයි. බලන එකා බලයි. සැලෙන්න එපා..

    ReplyDelete
  21. @ Knowledge Boost
    අර අත වනනකොට අත වනන්නට එහෙම යන්න එපාය. බැහැලා ඇවිත් කන අත ගානවාය. මට කියන්නට අමතක උනාය.

    ReplyDelete
  22. @ නිසූපා
    අනේද කියන්නේ....

    ReplyDelete
  23. ඔය රථ ගාය එසේ මෙසේ එකක් නොවේය. ‍දේශප්‍රේමී රථගායකි. රට නගන්නට හැම්මේ යනවාය. අගනා පෝස්ටයකි. පින්....

    ReplyDelete
  24. @ තිසර
    මට තේරුනේ දැන්ය..
    මේ යන්නේ ඒ ගමනය..

    ReplyDelete
  25. ලියපු ඉට්ටැයිල් එක මරුය.... ඊයෙ බැලුම්ගලෙත් ඔය ඇමතිලා සහ බව්වන්ගේ ගමන් බිමන් ගැන වැඩසටහනක් ගියා...

    ReplyDelete
  26. @ පිස්සා පළාමල්ල
    බැලුම්ගලෙන් සෑහෙන සේවයක් ඉටු වෙනවා...

    ReplyDelete
  27. හපෝ මුන්ගෙ උලව් ගාය ගැනනම් කියලා වැඩක් නැතිය. මම මේ ගිය මාසෙ නිවාඩුවට ආ ගමන මොරටුවේ තල්මහෙක් ගොඩගහලා නිසා පාර බ්ලොක් වෙලාය. ඒ වෙලාවෙ එතනට ආපු මොකාද මන්දා එකාගේ රථ ගොන්නට ඉඩ දෙන්නට මගේ රථය පේමන්ට් එකට දාගන්නට කී විටනං මලම පැන අහක ගත්තෝය. හාමිනේටද මල පැන සිටි බව දැනුන නිසාදෝ ගෝලයන් අහක බැන බැන ඔහේ හිටියා මිස කණ අල්ලන්නට නාවෝය. ආවානම් ඒ වෙලාවේ අප දෙන්නා සිටි මලේ තරමට කාරෙක අර ලොක්කාගේ එකේ හප්පාගෙන මරාගෙන මැරෙනවා සිකුරුය...
    ඔය හැත්තට හෙන මිස වෙන පතන්නට දෙයක් නැත...

    ReplyDelete
  28. ඉට්ටැයිල් එක නම් පට්ටය... කතාව පට්ට ඇත්තය...

    ReplyDelete
  29. @ ඉන්දික උපශාන්ත
    හාමිනේ ගැන ආඩම්බරය..
    කට ඇති දුවක් බව පෙනෙන්නේය..

    ReplyDelete
  30. @ ගීතක
    ඉට්ටයිල් එකට කවුරුත් මනාපය..
    දිගටම මෙහෙම්මම ලියන්නට සිතේය..

    ReplyDelete
  31. කියවන්නෙක් පමණිSeptember 21, 2011 at 11:22 PM

    බබා ගේනනට ගිය රථාචාර්යයා මගියා යටකොට පලාගොස් පසුව මාට්ටු වී පැවසූ දෙය සිත්ගන්නා සුළුය. එනම් එය මා නොදුටුවේය යන්නයි.
    අනේ දෙවියනේ ඇස් නොපෙනෙන රථාචාර්යයා හා පිරිවර කාලිමෑණියන්ම බලාගනිත්වා!

    ReplyDelete
  32. සහතික ඇත්ත. මේ අයට රථගාය විතරක් නෙමෙයි, අහස් යාත්‍රා ගායත් තියෙනවනෙ මදි නොකියන්න.

    ReplyDelete
  33. @ කියවන්නෙක් පමණි
    සමහර විට ඇත්ත වෙන්නැතිය. සන් ග්ලාස් නිසා එහෙම වන්නට පුළුවන්ය..

    ReplyDelete
  34. @ මහෝදර
    එව්වා ගැන කියලා වැඩක් නැත. පට්ට බොගක්ය. සින්ඩියට දාගත්තේය..

    ReplyDelete
  35. ඔය ගාය මටද සැරටම ඇත . . . . හැබැයි ඇත්තේ රෝද දෙකේ ගායකි. . . .. . ඕනෑතරම් ඇනගෙනද ඇත . . . . .ඒත් තවමත් ගාය සුවවී නැත . . . . .

    ReplyDelete
  36. @ ඕනයා
    මැද්දෙන් යාම හොඳ නැත. අයින කාගෙන යන තරමට ඇඟට හොඳය. අම්මාටත් හොඳය..

    ReplyDelete
  37. Mae anduwe wediyenma show daala ayuthu lesa balaya paavichchi karanne Harin Pranandu. Mewata janadilathithuma piyawarak gatha yuthui.

    ReplyDelete
  38. 2011 ලියපු එක අදටත් වලංගුය නේහ්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න