ආන්ඩුවට පැන ගන්නේ........
ඊට පස්සේ එක දෙකා බැගින් අලි
හෙමිහිට පාර පනින්නේ.......
සද්ද බද්ද නෑ ජොනියා පැන්න පසු
අවුරුද්දක් ගත වෙන්නේ.....
සිරි ලක දරු පරපුර බේරන්නට
ග්‍රේරෝ ඔන්න පනින්නේ......
බබා වගේ ඇවිදින් අලි ඡන්දෙන්
දියවන්නාවට යන්නේ.....
සුනේත්‍රා දේවිට කොක්කක් ඇදගෙන
කලින් පනින්න බලන්නේ.....
බදු ගෙවලා නැති කතාවකුත් ඔය
දැන් දැන් පත්තරෙ යන්නේ.....
පූසෝ උපාසක මීයෝ... දෙක දෙක
අල්ලති බොරුද කියන්නේ......
මෙහෙම තියරියක් භෞතික විජ්ජා
පොතකයි ලියලා තියෙන්නේ.....
එවරි ඇක්ෂන්, හෑස් අ රියැක්ෂන්
කියලා ෆිසික්ස් කියන්නේ....
ෂෆල් එකෙන් පසු නිද..හස් අධ්‍යාපනේ
ටියුෂන් වලටයි යන්නේ.....
පුක උඩ දාගෙන ඡන්දේ දුන්න උන්
ග්‍රේරෝ... මෑනීට පින් ලැබදෙන්නේ....
-0-
වන්නම් තාලයට ගයා සැනසෙන්න....
දැන් සිද්ධ වෙන දේවල් වල හැටියට නිව්ටන් ගොයියා කියා ඇත්තෙ බොරුදැයි සැක සිතේ...
ReplyDeleteදැන් සිද්ධ වෙන රියැක්ෂන් වැඩි හරියක් වෙන්නෙ ඇක්ෂන් ගන්නවාට බයේය..හරියටම කිව්වොත් ඇක්ෂන් එකට පෙර රියැක්ෂන් ය.
මැක්සා... මට තාලේ පොඩ්ඩක් අවුල් ගියා.. පොඩි උදව්වක් කරන්න බැරිද..?
ReplyDeleteවන්නමේ නම වෙනස් කරමි. මේකට කියන්නේ කානු මීයා වන්නම කියාය. දන්නෝ දනිති.
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම් වෙදමහත්තයා දන්නෝ දනිති...........:D
ReplyDeleteමමත් කියන්න හිටියෙ උපාසක පූසෝ මීයන් දෙක දෙක ඇල්ලුවට මේකා නමටම ගැලපෙන මීයෙකුය.
ReplyDeleteහීන් සීරුවෙම රින්ගන්නට දන්න
ඌඇම්පී එක තමයි මේවගේ හාල්පාරුවෝ කරලියට ගේන්නේ... එහෙම ගෙනල්ලා අනික් පැත්තට දන් දෙනවා අර මොකක්දෝ එකක ශක්තිය වැඩිකරන්න. අනික දැන් කාලේ චන්දෙ දෙන උන්ට බැනලා වැඩක් නෑ මොකද වෙන කට්ටිය චන්දෙ තොග පිටින් එහාට මෙහාට දානවා ජිල් මාල් දානවා.
ReplyDeleteවන්නම් තාලය හොයපල්ලකෝ දැන් ඉතිං...
ReplyDeleteපැනපු එකා වගෙම එලෝන උනුත් යන තැනට වැඩ සලස්සන උනුත් ඒ ඇරුනම ජීවිතේම විපස්සෙ ඉඳල කඹුරනව මිස හම්බකිරීමක් නැතිවෙන තැනට වැඩ සලස්සන උනුත් මෙව්වට වග කියන්න ඕන!
ReplyDeleteඅනේ මන්දා එක අතකට හිතෙනවා ග්‍රේෙරා වගේ පොරක් විපක්ෂේ ඉන්වාට වඩා ආණ්ඩු පක්ෂෙට යන එක හොඳයි කියලා, පොර ජනතාවට වැඩක් කරන මිනිහෙක්නෙ .......
ReplyDeleteදෙතුන් පරක්ම තාලෙට ගැයුවෙමි.
ReplyDeleteමගේ ප්‍රශ්ණය නම් ගජගා වන්නමට අනුව ගයන්නද, හනුමා වන්නමට අනුව ගයන්නද කියායි!
ReplyDelete'නරි වන්නම' යනුවෙන් එකක් නැද්ද?
ReplyDeleteමෙය මූසික වන්නම ලෙස නම්කල යුතුව තිබුනි . . . වෙද මහතා කියූ ආකාරයට කානු මීයා වන්නම ලෙසින්ද නම්කල හැක. මීයා තවමත් කානුවේද කියා කුමාරි නෝනාගෙන් අසාගතයුතුය.
ReplyDeleteමොන තාලයකට කිව්වත ලංකාවේ මහා ජනතාවට තෙරෙන්නෙ නැ....
ReplyDeleteදැං මේකට නටන්න ජැන්ඩියට ඇන්දල මැණ්ඩියට ඉන්නත් ඕනෙයි ?
ReplyDelete@ ලකී
ReplyDeleteමේ ළඟදී මොකක්ද තියරි එකක් වෙනස් උනා නේද වේගය සම්බන්ධව..
@ නරකයා
ReplyDeleteයූ ටියුබ් එකේ ගජගා වන්නම කියලා ගැහැව්වම බඩු එනවා. ඒ තාලෙට කියපන්.. පුලුවන්නම් ගයපන්..
අඩෝ මේ ලක්ෂ 40 ක් ළමයින් අධ්‍යාපනය වෙනුවෙන් ...සහ පුද්ගලික බස් කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් ගිය අහිංසක , උගත් බුද්ධිමත් නායකයාට පද හදන්න එපා හරිද ?
ReplyDelete@ වෙද මහත්තයා
ReplyDeleteමීයා කානුවේ කතාව කීප දෙනෙක්ම කිව්වේය. ෆිසික්ස් කල අය දන්න කතාවක් වෙන්ට ඕනෑය..
@ නිශ්
ReplyDeleteඅපටත් කිව්වනම් නේද වටින්නේ..
@ ලොකු ජෝන්
ReplyDeleteඔහෙත් මී කතාව දන්නවා වාගේය..
@ කැන්ඩියන්
ReplyDeleteජිල් මාල් දාන්න ඕනේද බන් මෙහෙම පාවලා දෙන ගෙම්බො ඉන්නකොට.
@ මාළු පැටියා
ReplyDeleteමාළු කෑල්ලත් අප්ෂෙට් ගිය වෙලේ.. පොඩ්ඩක් හොයලා බැලුවොත් පාඩූ වෙන්නේ නෑ.. නුවර පෙරහැරේ හේවිසි ගහන ටියුන් එක...
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteඑතකොට උඹ කියන්නේ මේ මිනිස්සූ මෙහෙම කරන්නේ හම්බ කරන්න.. චී චී චී කැත කතා කියන්න එපා. ජාතියේ දරු පරපුර වෙනුවෙන් ගිහින් තියෙන්නේ..
@ පන්සල් හංදිය
ReplyDeleteඉතින් බන් විපස්සේන් ඉල්ලන්නේ නැතුව ආන්ඩු පස්සෙන්ම ඉල්ලන්න තිබුනනේ. මටනම් මොන පැත්තට පනින එකත් පෙන්නන්න බෑ. චන්දය පාවාදීමක් නේ තනිකර.. මේ බූරූ වැඩේ නීතියෙන් අනුමත කල උන්ට හෙනම ගහන්න ඕන. තිබුනේ මන්ත්‍රිකම අහෝසි කරලා දාන එකනේ. ඒක තමයි නියම ක්‍රමේ..
@ රාජ්
ReplyDeleteඑහෙම හරි ආතල් එකක් ගමු මචං
@ කශූ
ReplyDeleteඒ දෙකම හරියන්නේ නෑ. ගෙබි වන්නම මැඩි වන්නම් කියල වන්නම් තියෙනවද දන්නේ නෑ... හනුමා වන්නම ජොනියටනම් නියමෙට මැච් වෙනවා ගිනි තියනවා එකසිය ගානට
@ ඔබා
ReplyDeleteනරි වන්නම වෙන්නත් බැරි නෑ. නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා...
@ ඕනයා
ReplyDeleteඋඹත් පිසික්ස් පොරක් වගේය...
@ ඉන්දික දිසානායක
ReplyDeleteතේරෙන උන්ටත් කෙලලා නේ මුන් පනින්නේ..
@ නවම් මාවත
ReplyDeleteමේවා නටන්න මක්කටෙයි බන් ඇඳුම් .. හෙළුවෙන්.. අමු හෙළුවෙන්..
@ බුවා
ReplyDeleteඒක තමයි බන් මාත් කිව්වේ. කවුද ඩෝ පද හදන්නේ.. මම ග්‍රේරෝ හරිය...
හරක් හොරු ඔක්කොම!
ReplyDelete@ සබිත්
ReplyDeleteසහතික ඇත්ත සබිතෝ...
නොදන්නා කමට අහන්නේ... රටේ විපස්සයක් තියෙයි දැන්
ReplyDelete@ පිස්ස පලාමල්ල
ReplyDeleteඅපොයි තියෙනවා. ඒකත් ආන්ඩුවේ..
@මාතලන්,
ReplyDeleteඒ කතාවත් හරි බං, අපි ඡන්දේ දුන්නෙ අපේ ඡන්දෙත් අරං ආණ්ඩුවෙ වාඩි වෙන්න නෙමේනෙ .......