.

.

Dec 21, 2011

සුහඳ ඇමති මාරූ - Career Exchange


සාමාන්නියෙන් මැටි ඇමතිවරු පත්තර බලන්නේ නැතිය. ඒවා බලන්න, මාද්දිය සැකට්‍රිලා දමා ඇත්තේය. උන් බලන පත්තරයක්ද නැත්තේය. ඌ තවෑකෙකුට දෙනවාය. ඒ බලන එකා ඇමතියාගේ මොකක් හරි කෙස් එකක් දැක්කොත් ඒක කපලා අරන් පයිල් කොරනවාය. ඒ උනාට මැටි ඇමතිවරු විතරක් නොව ලොක්කාද මුල් පිටුව බලනවාය. ඒ නිසා මල් කුමාරයාත් ජාම බේරගෙන සිටිනවාය. අද මල් කුමාරයා කිව්වේ මෙවර ඇමති මාරූ නැතෙයි කියාය. තියෙන්නේ සුහඳ මාරූ කියාය. ඒ කියන්නේ එකක්වත් කර ගන්න බැරුව ඉන්න නිසා කරන්න පුළුවන් එක ඉල්ලන්න කියාය.

මේක දැක්ක ගමන් කස්ටියම ටැම්පල් ගස් තියෙන ගේ ගාව පිරිලාය. ඒ උනාට මේ දවස්වල ලොක්කා හම්බ වෙන්න බැරිය. ඒ මේ දවස්වල නායකත්ව පුහුණු ප්‍රයිවට් ටියුෂන් එකක්, රනිල්ට දෙන නිසාය. හවස් වරුව ටිරාන් සමඟ වෙන මොකක්ද සාකාඡ්චාවක්ද මේ දවස්වල තියෙනවාය.ඒ නිසා ලොක්කා ලලිත්ට කිව්වේ ඔන්න ඔය හාල් පාරුවන්ට කරන්න පුළුවන් මළදානේ කොල කෑල්ලක ලියලා සුදුසු කම් එහෙමත් සඳහන් කොරලා ප්‍රොජෙක්ට් ප්ලෑන් එකත් දාලා දීලා යන්නෙයි කියලාය.

ලොක්කාගේ ඒවා ඉල්ලන්න ගියොත්, එතුමා අම්මා ආදරයෙන් මතක් කොරන නිසා, ලිබර්ටි ප්ලාසා එකෙන් A4 කොළයි පෑනුයි ගේන්න ගිය සමහර කස්ටිය කීවේ ජීනා මැඩම් සිරගත කල එක ගැන එකෙක්වත් උද්ඝෝශන කරන්නේ නෑ කියාය. එකෙක් කීවේ ඒකෙන් ජීනා ගේ පමණක් නොව අපෙත් මානුෂික අයිතිවාසිකම් අහෝසිවන බවය. සම හරක්ට අකුරු බැරි නිසා, කෝල් දීලා සැකට්‍රීලා ගෙන්න ගත්තේය. ඒ ආපු උන් කොල් කොරලා වෙන අය ගෙන්න ගත්තේය. අරෙහෙ මෙහෙ ඉඳන් ලියපු ඒවා ලලිත්ට දී කස්ටිය දියවන්නාවට දිව්වේ, හැන්දෑවේ ලොක්ක එන නිසා එතන අම්බානක පෝරියල් කන්න වෙන නිසාය.

එහෙම ලලිත්ට දීපූ ඒවා ටිකක් මටත් එහෙන් මෙහෙන් හම්බ උනේය. ඔහේලාට බලා ගන්න මේකේ දැම්මාට කාටවත් කියන්න එපාය. මොකෝ මෙව්වා රාජ්‍ය සේවය පිණිස පමණක් නිසාය.

දී මූ -ජේෂ්ඨ එකක් - මේකේ හිටියත් ඒකේ හිටියත් එකයි සෑර්
දිනේෂ් ගුනවර්ධන - ධීවර ඇමති - මාළු කාරයන්ට වඩා හයියෙන් කෑ ගැසිය හැක.
වාසූ - ජේෂ්ඨ එකක් - මූං එක්ක බෑ මචං මං කියන ඒවා කොරන්නේ නෑ
නිමල් සිරිපාල - විදේශ කටයුතු - සමහර රටවල් දැක නැති නිසා
ජී ඇල් -  පෝෂණ කටයුතු - අපේ රටේ මන්ද පෝෂණය තියෙන එක ඔබතුමාගෙන්ම පේනවා කියලා ෆොරින් අය කින්ඩි දානවා සෑර්
පුතා - ක්‍රීඩා ඇමති - අරූ පන්ඩිතයි තාත්තේ
මයිත්තිරිපාල - සහල් ඇමති - අලුත් එකක් හදලා දෙන්න සර් දන්න එකනේ
ඇස් බී - සෞඛ්‍ය - මහාචාර්ය වරුත් ගොනාට අන්දපු මට දොසතරලා මොක්කුද
සුසිල් - ජේෂ්ඨ - හැරීට ඇමතිකම දෙන්න
බන්දුල - සංස්කෘතික - ග්‍රේරෝත් නාන්න එපෑය අපිම නාලා හරියන්නේ නෑනේ.
සරණ ගුණවර්ධන - කතානායක - මම බලාගන්නම් සර් ඊට පස්සේ
කෙහෙලිය - ජේෂ්ඨ - බොරු එන්නේ නෑ සර්
ජගත් පුෂ්පකුමාර - ඉඩම් - තාම අර ටික බෙදාගන්න බැරි උනා සර්, අනික මෙහේ ජනතාව මම පොල් ඇමති උනාට උන් මට කියන්නේ මල් ඇමති කියලා
විමල් - මාධ්‍ය ඇමති - කියන්න ඕන නෑනේ බොස්
චම්පික - බුද්ධ සාශන කටයුතු - මේක කරන්න බෑ අයියේ.
ජොනී - ක්‍රීඩා කටයුතු - හිහ් හිහ්
ටී බී ඒකනායක - කාන්තා කටයුතු - අනේ සෑර් හිමි තැන දෙනවාදෝ
මහින්දානන්ද - වරාය - නියෝජ්‍ය හරි කමක් නෑ සර්. මම හම්බන්තොට බීච් එකේ ඉඳන් කෑ ගහලා හරි නැව් වලට අඬගහගන්නම්.
මර්වින් - අධිකරණ - මං බලාගන්නම් සර් කස්ටිය. ගේමට ආවොත් දන්නවනේ.
තිලංග - ජන මාධ්‍ය - ලක්බිම පාඩුඅට යන්නේ සර් අරක දුන්නේත් නෑනේ.
ඩිලාන් - මුකුත් එපා සර් මම හිතුවට වඩා අමාරුයි.
අර්ල් - සංචාරක - තව හෝටලයක් දෙකක් හදාගන්න ඕන ඉක්මනටම
අස්වර් - පශු සම්පත් - යේක සෑර් දෙනවනම්, පෝක් උනත් හලාල් කියන්නම්

මේ අතර පිට රටකින් ලැබුනු පැක්ස් කොලයක්ද තිබුනේය.
දුමින්ද - ආරක්ෂක - දැක්කනේ දොරේ අපේ ගේම්. ෂෙම නෑ ෂෙවල නෑ. තනිකර රාත්තල.


අලුත්ම එක නොබලපු අය මෙතනින් බලන්න
බලපු අයත් බලන්න තරහක් නෑ....

38 comments:

  1. හෙක්.. හෙක්.. ඔහොම යන්, ඔහොම යන්...

    ReplyDelete
  2. මේවට මොනව කියන්නද...හෙහ්..හෙහ්..ඇත්ත ඇති සැටියෙන් දැකීම..හෙහ්..හෙහ්..

    මාතලන් අලුත් බොලොග් එක ඩුබායි වලින් බොලොක් කර ඇති සෙයක් පෙනේ....මට ඒ පැත්තට යන්නට ගූගල් දෙයියා ඉඩ දෙන්නෙ නැත..

    ReplyDelete
  3. නියමයි ඈ ටීවී බලන්න වෙන්නේ නැති නිසා මේ කස්ටියගේ හැසිරීම් රටාව ගැන දැනගන්න මාතලන් හමුවටම එන්න වෙනවා ..

    රට ඉඳන් ආපු පැක්ස් එක තමා පැක්ස් එක . ඒ ගැන පරික්‍ෂනයක් පවත්වන්න වෙනම කමිටුවක් කැඳවන්න ඕනෙ ..

    ReplyDelete
  4. //කෙහෙලිය - ජේෂ්ඨ - බොරු එන්නේ නෑ සර්// ඇත්ත තමයි මේ ලගදිත් කොර වුණා.

    //ජොනී - ක්‍රීඩා කටයුතු - හිහ් හිහ්// ඒ වගෙම කලාව පැත්තෙන් මොනවත් දෙන්න බැරි‍වෙයිද බං.. මම කොළඹදි දැක්කා මේ ලගදී "ඔයා ගන්න මුදුන්කොටුව අපිට දෙන්න අපේ කොටුව" කියලා. මැනිං මාකට් එකේ කස්ටිය වෙන්න ඇති ගහන්න ඇත්තේ...

    මාතලන් රජ කලානම් ගොඩ වගේ.. ජය සිරි කිව්වා..

    ReplyDelete
  5. ආශ්චර්රෙට යන ගමන නේ ආයිබෝං!

    ReplyDelete
  6. ළගදීම බලාපොරොත්තු වන්න... නිවුස් සෙකන්ඩ්.... සුදුවෑන් රියක් පැමින් මාතලං උස්සා ගෙන ගොස්.....

    ReplyDelete
  7. එලම තමයි.. රටින් ආපු පැක්ස් එක ගැන අපි කතා නොකර ඉමු..

    ReplyDelete
  8. අයියෙ උඹ ඔතන නෙමෙයි ඉන්න තිබුනෙ.. විල මැද බංගලාවෙ.. :)

    ReplyDelete
  9. කෝප් වාර්තාව කේස් වගේ.ඩියූ එලියට ම දාලද?

    ReplyDelete
  10. කොහොමද අප්පා මේවා පැන්නුවේ..

    ReplyDelete
  11. මාළු ලෑල්ලේ දතාට මොකුත් නැද්ද????

    ReplyDelete
  12. මෙවුව ප්‍රින්ට් කොරල තියාගත්තොත් අපිත් ගස් යයිද ආයිබෝං ?????

    ReplyDelete
  13. මාතලන්ගෙ ඇත්ත රූප සෙට් එක අයින් කොලාට පස්සෙද කොහෙද, මීයගෙ බෝලෙ කරකෝන කොට දැන් සයිට් එකේ උඩ පල්ලෙහා යන්න කිසි කරදරයක් නා වගේ.

    @ සාතන්,
    //අයියෙ උඹ ඔතන නෙමෙයි ඉන්න තිබුනෙ.. විල මැද බංගලාවෙ.. :)//
    බොට අමු කැවිලද?

    ReplyDelete
  14. අන්න සුදු වෑන් එනවෝ!

    ReplyDelete
  15. චමල් - අනේ මල්ලියෙ මටත් මොකක් හරි කරගන්න චැන්ස් එකක්

    බැසිල් - අය්යෙ මට දෙවෙනි පුටුව

    (සරණට කථා නායක කම හා දි මුට ජේෂ්ටය දෙනව නම් මේ දෙකත් කොරන්න පුලුවන් )

    සුහද මාරුව අවසන් කිරීමේ ගීතය (පැත්තකින් අරාන් ටිලස් හා රනිල් බොසාද අත්වැල් ගායනයට එකතු වේ )

    ලොක්කා අපිව බේර ගන්නවා ...
    අපි ලොක්කව බේර ගන්නවා ...
    ඔය කුක්කලා මැක්කලා (රනිල් හා ටිලස් - ඔය කරුලා ෆොනිලා )...
    අපිට සරෙන්ඩර්....//

    ReplyDelete
  16. බැසිල් හා චමල් හැලී ඇත.
    පශු සම්පත් ජගත් පුෂ්පකුමාරටද ගැලපේ.

    ReplyDelete
  17. අපි නං ඕවා ගැන කතා කරන්නැ. කෙලින්ම ඡන්දෙ දාන්නං. දැං සයිට් එක සවුම්යයි. ඉස්සර එකත් එවුලක් නෑ. මම ආපු ගමන් රැවටුනා පාර වැරදිලාවත් ද කියලා. අර උඩම කහපාටට හුරු පටියයි, උඔගේ මූණයි යට කෑල්ලට යන්නැ වගේද මන්දා. ඒක ටිකක් මේවවා කරලා ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මේ විදිහෙ උත්තරයක් උ‍ඔගේ ඡන්ද පත්‍රිකාවේ නොතිබ්බ හින්දා ඔන්න මම ලියලම යනවා. කැන්සල් වෙයිද ඡන්දෙ?

    ReplyDelete
  18. ඕන එකක් දාගනින් අපේ මොකෝ

    ReplyDelete
  19. හෙහ් ගුටි ගුටි !!

    ReplyDelete
  20. @ වෙද මහත්තයා - ඔය ඉතින් වෙද මහත්තයත් අප්සට් ගිහිල්ලනේ. මෙහෙම ගිහින් අයිස්චර්යෙට යන්න වෙන්නෑ කවදාවත්..

    ReplyDelete
  21. @ ලකි - සමහර උන් ඇවිත් තියෙනවා. ප්‍රොක්සි වලින්ද මොනවයින්ද යන්න පුළුවන්ලූ නේ. අනේ මන්දන්නේ නෑ ඒවා. කවුරු හරි උදව් කරපියෝ..

    ReplyDelete
  22. @ සඳරූ - අපෝ සුළු දෙයක්නේ. කොමිටි දාන එක කජු කනවා වගේ දෙයක්නේ.

    ReplyDelete
  23. @ සෑම් - මම රජ උනත් උඹලා කියයි ටික දවසකින් උඹලා කියයි. මූට වඩා අරූ හොඳයි කියලා.

    ReplyDelete
  24. @ සබිත් - යන්න අමාරුයි බන් මුන් එක්ක.

    ReplyDelete
  25. @ නරකයාඅ - ඒකේ ඩ්‍රයිවර් නේ මං. උඹලා පරිස්සමෙන් හිටහන්..

    ReplyDelete
  26. @ දිනේශ්
    කවුද දන්නේ වෙන නොසන්ඩාලයෙක් එව්වද කියලා. ඉස්සර ගම් උදාවට නම් එවනවා වගේ.

    ReplyDelete
  27. @ සාතන් - මෙහෙම හොඳා. අපේ අම්මට හච්චින් යයි පැලෙන්න.

    ReplyDelete
  28. @ ජය ග්‍රී - දැනටත් පාන්කඩ(පේට්න්ට් - මතලන්.) පෙට්ටියේ නේ ඉන්නේ

    ReplyDelete
  29. @ චතුර විජේකෝන් - ෂ්..... ෂ්.... ඔය ඉතින්

    ReplyDelete
  30. @ කැන්ඩියන් - උඹ කිව්ව නිසා මම ලලිත්ගෙන් ඇහුවා, ජාතික ඒකාබද්ධතාද මොකක්ද ඉල්ලලා තිබුනා. පොර කියලා මාළු කඩේ සිල්වට දෙන්න කියලා.

    ReplyDelete
  31. @ ඕනයා - පිස්සුද බන් ලොක්කා ජෝක්ස් හොඳට දන්නවා. ඊයෙත් ඇහුවේ විපක්ෂෙන්, එතකොට මුදලාලි මම සියඹළා ගෙනාවෙම නැද්ද කියලා.

    ReplyDelete
  32. @ ඔබා - මීයගේ බෝල කරකවලා ඌ චූන් උනොත් මළ කෙළියක් වෙන්නේ.

    ReplyDelete
  33. @ විසිතුරු - විසිතුරුලා දාන් යනවා...

    ReplyDelete
  34. @ බුවා - උඹට කොයි වෙලාවෙයි හම්බ උනේ. හිටහන් මන් හොයාගන්න.

    ReplyDelete
  35. @ රාජ් - මට හම්බ නූනට, බුවාට හම්බ වෙලා ඒවා.

    ReplyDelete
  36. @ බුද්ධි - ඒක හදන්න බෑ බන්. දන්නවනම් කියපන්...

    ReplyDelete
  37. @ නවම්මාවත - කාටද...?

    ReplyDelete
  38. @ සිංහභාහූ - හෙහ් .... හෙහ්.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න