කිරිලියන් සිනා සෙන
කුරුළු පඬියන් පිරුණ
රේඩියෝ මළදාන
වදයක්ය දෙසවනට
එපාවී බෝ කල්ය....
කෙතරම් සුන්දරද
පෙර සිටී කිරිලියන්
රස බෙදන කුරුල්ලන්
නොමැත අද සියල්ලන්
පියඹලා දෙව් ලොවට
සිරවෙලා කැදළිවල ....
සතිය අග හිරුගෙ දින
සඳු නැගී හෝරාවකින්
ගත මෙන්ම සිත් නිවා
නැගෙති රෑ ඉරපාන
පුදුමයකි, අරුමයකි
නැහැ එහෙත් සත්‍යයකි
නෙතු කුමට දකින්නට
රූ රටා දෙසවනින්
පෙලගසයි
නිවී සැනසූ හඬින්
රස සපිරි මතකයන්
ගලා යයි හෝරා දෙකක්
මොහොතකින්
සෑහේවී මේ පිනම
පතයි නම් ඔබ නිවන....
-o0o-
ප: ලි:
කොමෙන්ට්ස් වලින් පේන්නේ මේ ගැන බොහෝ දෙනෙක් නොදන්න බවකුයි. ඇත්ත රේඩියෝ, ටී වී එපා වෙලානේ ඉන්නේ. ඒ උනාට මේක සඳරු පෝස්ට් වගේ රසවත්...
දෙසවනින්.. ඔව් ඔව්.... කන් දෙකෙන්.....
මොන එකක් ද මන්දා ඒත් මට මේ මනුස්සයට කැමති හිතෙන්නෙ නෑ :)
ReplyDeleteඒත් මනුස්සයාගෙ වැඩ නම් හොඳයි.
මීට අවුරුදු විසි පහකට විතර කලින් අහපු, පාලිත පෙරේරා ඉදිරිපත් කරපු "ආරාධනා ස්වර දැහැන" ට පස්සෙ මම අහපු හොඳම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක...
ReplyDeleteවචන,කටහඩ,ශෛලිය හැමඑකක්ම ලයාන්විතව සංකලනය වෙලා සිත් පතුලට කිඳාබහිනවා...
ReplyDeleteරෑ ඉරපාන....
ඒකටම ගැලපෙන මාතලන්ගෙ කවි පදවැල...
http://www.fmderana.lk/index.php?route=programs/reeirapana
ReplyDeleteහැමදාම හිතන් ඉන්නවා
ReplyDeleteඒත් බැරිවෙනවා
කොහෙද පොඩි එවුන්ගෙ
වැඩ අස්සෙ ඔවා අහන්නෙ ..
අන්න ජීවිතය ..
රේඩියෝ නැත . . . ටීවීද නැත . . . .
ReplyDeleteඅනේ කවි තේරෙන්නේද නැත...:)))
ReplyDelete"MIDNIGHT SUN" තමයි හොඳම යෙදුම...
ReplyDeleteඒක නෙවේ..කොහේද..මොකේද ඔය ප්‍රොග්‍රෑම් එක යන්නේ...අන්තර් ජංජාලයේ බලන්ට පුලුවන්ද???
.
ReplyDeleteඇසුවොත් කෙනෙක් හැමදාමත් අසනු ඇති
දෙඩුවොත් කෙනෙක් සැමදාමත් දොඩනු ඇති
කලා රසය පෙන්නා අප සැමට නිති
මූණු පොතෙත් මගෙනම් ඔහු හිතවතෙකි
ලින්ක් එකට ගිහිල්ලම ආයෙමත් එන්නන්
ReplyDeleteමටද ඕනයාට මෙන් රේඩියෝ නැත. ටී.වී. ද නැත. නොඅසමි නොබලමි.
ReplyDeleteමොකක් ගැනද බං මේ කියන්නෙ. අද රෑට ඔය කිය්න ලින්ක් එකට ගොහින් බලන්නං.
ReplyDeleteඑක පාරක් ඇහුවොත් සිරාවටම අයෙත් අහන්නමයි හිතෙන්නේ..
ReplyDeleteදුර්ලභ ගනයේ වැඩසටහනක්..!!!
මම නොවරදවාම අහන පොරෝග්‍රෑම් එකක්... සුපිරියි.. පට්ටයි... උපරිමයි රෑ ඉර පාන.
ReplyDeleteඕනයා... වෙද මහත්මයා... : ජංජාලේ ඔය දෙකටම බෙහෙත නෙව... රෑ ඉර පාන ඔන්ලයින් අහන්න පුළුවන්.
@ ගොර්දෝනියා සෙයිලනිකා
ReplyDeleteමම ඉතින් කළාකාරයන්ට ආදරෙයි නේ...
@ සපතේරූ උන්නැහේ
ReplyDeleteමට ගොඩාක් වෙලාවට කේ.ඩී.කේ මතක් වෙනවා. ලලිත් එස් මෛත්‍රිපාල, ආරියසිරි විතානගේ, සීලරත්න සෙනරත්, ප්‍රේමකීර්ති, ධර්ම ශ්‍රී, ඒ විතරක්ය අද කක්කා නාන හඩ්ඩා කොච්චර ලස්සන හඬවල්ද.. අද නිවේදකයෝ නෑ.. පිච්චෝ ඉන්නේ. මේත් ඉතින් නිවේදකයෙක් නොවෙයිනේ...
@ වැලිමැඩියා
ReplyDeleteබොහෝම ස්තූතියි... අවංකවම සමහර ගීත වලම මම කැමති නෑ.. ඒත් හඬ.. භාවනාවක්මැයි...
@ ඇනෝ
ReplyDeleteතෑන්ක්ස් ඇනෝ.. ඔන්න මම පෝස්ට් එකේම දැම්මා..
@ ළොකු ජෝන්
ReplyDeleteනැවත විකාශනය වෙනවා සෙනසුරාදා උදේ 7 ට. එහෙම නැත්නම් ගොන් පීටර්ගෙන් අහන්න..
@ ඕනයා
ReplyDeleteඉතින් බන් ගොන් පීටර් ඉන්නේ. ඔන්න ලින්ක් එකත් දැම්මා. එක ප්‍රෝග්‍රෑම් එකක් අහල බලපන් මම කියනවට. අනිවා උඹ තව කොමෙන්ට් එකක් දානවාමයි...
@ පොකූ
ReplyDeleteඋබැහෙට ඉතින් කෙලින්ම කියන්න එපැයි. දෙරණ ඇෆ් එම් එකේ ඉරිදා රෑ 7 ට රෑ ඉරපාන කියල ලස්සන වැඩ සටහනක් යනවා. ඔන් ලයින් අහන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඔය මම දීපූ ලින්ක් එකෙන් අහන්න.
@ කැන්ඩියන්
ReplyDeleteඋඹගේ යෝජනාව හරි.. ඒත් කවි ගතියක් එන්නේ නෑ.. ඔන්න ලින්ක් එක දැම්මා.. අහලා තව කොමෙන්ට් එකක් දාන්න..
@ ගිම්හානී
ReplyDeleteඉරිදා හතට දැම්මම එෆ් එම් දෙරණ
ගත සිත නිවයි බන්දුගේ රෑ ඉරපාන
@ ඔබා
ReplyDeleteලින්ක් එකට ගියොත් එනවමයි ආයේ ඒකේ දෙකක් නෑ...
@ වෙද මහත්තයා
ReplyDeleteඔය දෙකම ඕන නෑ. ගොන් පීටර් ඉන්නවනේ.. ඔබ තුමාගෙයි මගෙයි රසිකත්වය එකයිනේ. මම කියනවට එක ප්‍රෝග්‍රෑම් එකක් අහල බලන්න..
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteඅහල කියපන්කෝ....
@ ගිනි කුරුල්ලා
ReplyDeleteගිනි කුරුල්ලෙක් වගේ තමයි.. පට්ට...
@ පිස්සා පලාමල්ල
ReplyDeleteදැන් දැන් ඇඩ් ටිකක් වැඩිවේගන එනවා වාගේ....
ඇඩ් ය කිව්වෙ...
ReplyDelete@ පිස්සා පලාමල්ල
ReplyDeleteවෙළඳ දැන්වීම් ටිකක් වැඩිවෙලා වගේ. ඒක රස වින්දනයට බාදාවක්. නමුත් ඉතින් අද හැම එකම මුදල් නෙවැ...
මම අහන්නේ ගොන් පීටරෙන් බාගත්තු ක්ලිප් නෙව.. ඒවයේ ඇඩ් නෑ
ReplyDeleteඅපිත් අහනෝ... හැබැයි එලවලා නොවේ... මම රේඩියෝ නොඅසමි... සෙනසුරාදා වරුව ඔෆීසියේ වැඩ කරනා විට නිකම්ම කනට ඇහෙන නිසා ආසාවෙන් අසමි... !
ReplyDelete@ පිස්සා පලාමල්ල
ReplyDeleteඅපිට කොහෙද බූල් බල්ලෝ...
@ චතුරංග පෙරේරා
ReplyDeleteනියමක් මමත් එහෙමයි කිසිම දේකට ඇඩික්ට් නෑ.. මේකේ යන ගීත සමහර වෙලාවට මෙලෝ රහක් නෑ.. සමහර වෙලාවට මුලින්ම අහන්නේ එදා..
සාමාන්‍යයෙන් හොදට ලියන්න පුළුවන් අය කතා කරන්න ගියාම ඒ දක්ෂකම පෙන්නන්න බෑ. නමුත් බන්දුල ඒ අතින් ඉතා දක්ෂයි. අනික ඔහු කියන කතා ඔහුගේ අත්දැකීම්. ඒත් ඒවා අපේ අත්දැකීම් නෙවෙයිප කියලා කියන්න පුළුවන් කාටද?
ReplyDeleteජෝන් ලෙනන්ගේ ඉමැජීන් ගීතය ගැන ඔහු කතා කරපු විදිහට මම හරිම කැමතියි.
සිකුරාදා රෑ 7.00 ට දෙරණේ යනවා අනන්ත ගී රස. කැළුම් ශ්‍රීමාල්, දිලීප අබේසේකර වැඩසටහන කරනවා. ඒකත් එළ.
@ තිසර
ReplyDeleteකැලුම් ගෙයි දිලීපගෙයි වැඩසටහනත් අහනවා. කැලුම් ගේ හඬටත් මම ආසයි.. ඇයි ඊයේ රූමස්සල ගැන සඳහනේදි රාම රාවණා ගැන කියපු කතාව.. ලස්සනට කිව්වා ඒවා බොරු බව.. අපි වගේ කෙලින් නෙමෙයි.. බැලුවම වාල්මිකිටත් එහා කෙප්පයක් කේ.ඩී.කේ ඇදබාලා තියෙන්නේ..
මාතලන්- බන්දුල ශ්‍රී ල0කා ගුවන් විදුලියේ අනුමත නිවේදකයෙක්. ඔහු නිවේදකයෙක් වන්නේ ක්‍රිශාන්ත දයානන්ද , කුමාරී පෙරේරා යන නිවේදක කණ්ඩායමත් සමගයි. සමත් වු වසර-1996. ඔහු ඒ වනවිට (වානිජ බෑ0කුවක) කබුරුපිටියේ බැ0කු කලමනාකාරවරයා ව සිටි නිසා, දිගටම නිවේදන කටයුතු සදහා පැමිනියේ නැ.
ReplyDeleteThushara
@ තුෂාර
ReplyDeleteදැනුවත් කිරීමට බොහෝම ස්තූතියි.. ආයෙත් එකේ අහන්න දෙයක් තියෙනවද..? කොතරම් රස හඬක්ද...... අනෙක ගඟක් සේ ගලා යන හැටි.... ලියාගෙන කියවනවද දන්නේ නෑ.... ඒත් ලියන්නෙත් ඔහුම වෙන්න ඕනනේ.... ගී තනු දිහා බැලුවහම...
රේඩියෝ අහන්නේ නෑ බොලේ අනික මේ දවස් වල නඟා ඕලෙවල් කරන නිසා රේඩියෝව තනිකරම ඉවත් කලා මම ..
ReplyDeleteඅපි ගැනත් මතක් කලාට ස්තූතියි මාතලන් .
@ සඳරූ
ReplyDeleteඑක දවසක් විනාඩී 5ක් අහලා බලපන්...
සිරා මචං . . සිරාම සිරා . . . මම මේ වැඩසටහන අහන ගමං . . අද තමයි වෙලාව ලැබුනෙ . .
ReplyDeleteබන්දුල නානායක්කාරවසම් මහතා ලියපු ගීත රසවිඳල තිබුනට එතුමගෙ කටහඬ මම අහන පලවෙනි වතාව. වැඩසටහනේ ඉදිරිපත් කිරීම, ගීත එකතුව ආදී සියල්ලම මම හිතුවට වඩා ගොඩාක් ඉහලිං තියනව . .
උඹට පිං මචං . . මේ ලිංක් එකට සහ පෝස්ට් එකට
අඩේ . . මම ඒක බ්ලොග් එකෙත් එල්ල ගත්ත බං . . . .
ReplyDelete@ ඕනයා
ReplyDeleteටැන්කූ මචෝ ටැන්කූ.. මාතලන් කවදත් දෙන්නේ උසස් දේවල්නේ.. ලොහ් ලොහ්....