මගේ ප්‍රියතම චිත්‍ර ශිල්පියෙක් වන ජයසිරි සේමගේගේ මව සහ දරුවා |
ගායිකාවන්ගේ ගීත වලින් ඉන්ද්‍රානී පෙරේරාගේ "අම්මා යැයි කීමට, කෙනෙක් නොමැත සොයමී." නන්දා මාලනීගේ "අම්මාවරුනේ" වගේ ඒවටත් කැමතියි. මේ හැම ගීතයකට වඩා මම විඳින්නේ "මා ඔමෙරි මා" කියන හින්දි ගීතය..මේ හැම එකක්ම මව් ගුණ ගී ගායනා. ඒ උනාට මේ ළොකේ නරුම අම්මාවරුත් වැහි වැහැලා. මේ එහෙම අය ගැන.
-o-
ගබ්සා කලා මෙලොවට එන්නටත් පෙ ර
ගෙල මිරිකා කෙරුවා ජීවිතය තො ර
හැරදා ගියා කාණූවකට වීසී ක ර
මෙපින් බලෙන් නිමවේදෝ දිවි කත ර
කලු උනේ කොහොම සුදු මව් පිය දෙපල මැ ද
කඹුරති වලව්වල අපමන දුකක් වි ඳ
නැති බරි කමද මුදලට වහ වැටුනා ද
දරු සෙනෙහසට වටිනාකම ලැබුනා ද
හඬනා කළට බඩ ගිනිවී දැමු ගඟ ට
නැවුම් මලෙක රොන් දී සොර සැමියා ට
යොමු කළ මා සළෙළුන් හා නිදියන් ට
ඇහැකිද අම්මේ නිවනින් මතු සැනසෙන් ට
මේ කල සියළු පව්කම් නම් පලදේ වී
සතර මහ අපාවල දොර පෑදේ වී
දහම් දෙසන දිනයක මා මතු බුදු වී
දෙවදත් ලෙසින් මා හමුවට එනු මැන වී
-oOo-
මේ සියළුම දේ.. මේ පින් බිමේ සිඳුවූ සත්‍ය සිඳුවීම්. වැඩිමනක් ගැහැණු දරුවන්ට. (ගබ්සා කිරීමේ සාධාරන පැත්තක්ද ඇත.) දරුවෙක් හඬනා විට දැකීමටවත්, ඇසීමටවත් ප්‍රිය නොකරන මා. මේ සෑම සිඳුවීමකින්ම සසල උනා. මේ නිර්මාණය එලි දක්වන්න මා අකමැතියි. එහෙත් මෙය ලියූ දා පටන් පළ නොකර සිටීමත් හිතට වදයක්. සිත් රිදුනා නම් සමාවන්න..
හ්ම් සංවේදි භාවය ටිකක් වැඩියි වගේ....
ReplyDeleteඔබ දන්නවානේ මගේ රැකියාව තියන්නේ ලමුන් සහ අම්මලා එක්ක. මම හරිම වාසනාවන්තයි ඒ අතින්. ඒත් මගේ ජීවිතේදි මම වැඩියම දුක් වෙන්නෙත් මේ රැකියාවෙන්. මේ දැණුත් මට ලැබුනා දුරකථන ඇමතුමකින් සතුටට පත් වෙලා ඉන්නැද්දි තමයි ඔබගේ ලිපිය සහ කවි ටික දැක්කේ. සංවේදී වැඩිනම් තමා.
ReplyDeleteඅම්මා ගැන ලියවුනු සාහිත්‍යය පතපොත සහ ගී කවි පබදුම් අනන්තවත් ඇති....
ReplyDeleteඒ වගේම තවත් බිහිවෙයි
නමුත් මක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත එයාගේ අම්මා මුලික කොටගෙන ලියවුනු පොතක් නෙමෙයි කියල තමයි මට තේරෙන්නේ
ඒකෙ ප්‍රධාන චරිතය දිවෙන්නේ ගෝර්කිගේ ජීවිතය හරහා, පුංචි ගෝර්කිට දිරිය දෙන්නේ එයාගේ "ආච්චි අම්මා" මිසක් අම්මා නෙවෙයි
අඩුගානේ ගෝර්කිගේ අම්මා එයාගේ දෙවෙනි ළමය "කෝල්යා" ඉපදුනාට පස්සේ වෙන මිනිහෙක් එක්ක යනවා ඒ පුංචි පොඩි එකාව මහගෙදර දාල
හරියට කන්න නැතිකමින් ඒ පොඩි එකා ටික කාලෙකින් මැරිලා යනවා
ඇත්තටම ඒ පොත "අම්මගේ මව්ගුණ" ගැන ලියවුනු පොතක් නෙමෙයි කියලයි මට දැනෙන්නේ
ගෝර්කිට ආදරේ රැකවරණය, දයාව, දැනුම හැමදෙයක්ම වගේ දැනෙන්නේ "ආච්චි අම්මා" හරහා
නමුත් ගෝර්කි මව්ගුණ කියල අදහස් කරන්නේ මේ "ආච්චි අම්මගේ" ආදරේ ගැන වෙන්න ඕනේ
ඔහු කාන්තාවට ගොඩක් ගෞරව කළා...
ඒකට හේතුව අර "ලිපිකරුගේ බිරින්දෑ", මර්ගෝ රැජින වගේ කාන්තාවන්...
ඒකෙ තියෙන්නේ ගෝර්කිගේ ජිවන අරගලය සහ එයින් ඔහු පන්නරය ලබපු හැටි
ඒ තමයි ගෝර්කිගේ සැබෑ ජීවිතය....
(මගේ ළඟ තිබිල නැතිවෙච්ච පොත් අතරින් මම ගොඩක් ආදරේ කරපු පොතක්
අලුත් පොතක් ගත්තට ඒකෙ තියෙන අක්ෂර දෝෂ සහ තවත් දෝෂ මට ලොකු බාධාවක් උනුනිසා මම ඒක කියෙව්වෙවත් නැහැ)
නෑ කමක් නෑ! එ්වත් කතා කරන්න ඔ්න! ඔහොම දේවලුත් වෙනව කියල මතක තියාගන්න ඔ්න.
ReplyDeleteතිත්ත ඇත්ත... සංවේදී උණත් කරන්න දෙයක් නෑ....
ReplyDeleteඅම්ම ගැන ලියවුනු මම කැමත්ම ගීතය තමයි දිවුල්ගනේගෙ ගමට කලින් හිරු මුළුතැන්ගෙට කියන ගීතය.
ReplyDeleteකොච්චර ගී පද ලියවුනත් මව් ගුණ කියලා නිම කරන්න බෑ...
ReplyDeleteමේ ලඟදී දවසක අහන්න ලැබුනු දුක හිතෙන කතාවක් කියන්නම්... අපේ මිතුරියක් වැඩකරනවා මම ඉන්න රටේ ලමයින් සම්බන්ධ ආයතනයක. එයාට පසුගිය දවසක ඉස්කෝලෙකින් පණිවිඩයක් එවලා තියනවා අවු 5ක ලමයෙකුට එයගේ දෙමව්පියෝ හිරිහැර කරනවා ඒගැන හොයලා බලන්න කියලා. ඉතින් මෙයත් වැඩේට බැහැලා බලනකොට කතාව ඇත්තලු. වෙලා තියන්නේ මේ ලමයාගේ දෙමව්පියෝ සුදු අය වුනාට ලමයා සුදු කලු මිශ්‍ර ලමයෙක් වගේලු..කොන්ඩෙත් පොකුටුයි..හමත් දුඹුරුයි. ඩී එන් ඒ චෙක් කරලා බැලුවලු එකෙනුත් කියලා තියෙන්නේ දෙමව්පියෝ ඒ දෙන්නාමයි කියලා. අන්තිමට හොයාගන යනකොට අම්මාගේ මුත්තා කලු ජාතිකයෙක්ලු. ඒ ජානමය ලක්ෂන තමයිලු මේ ලමයාට ඇවිත් තියෙන්නේ. ඒ උනත් මේ පවුලේ අය මේ ලමයාට හරියට වෙනස්කම් කරනවාලු. අන්තිමට මේ ලමයා foster care එකට යවලා. ඔන්න බලන්න අම්මලා....
//මුත්තා කලු ජාතිකයෙක්ලු//
ReplyDeletesorry...මුත්තා කලු සුදු මිශ්‍ර කෙනෙක් ලු....
මාතලන්,
ReplyDeleteමේ ලොක්කා ඇහුවට තරහ වෙන්න එපා ඔය පසු ලිවීම යටතේ තියන මේ කතන්දරේ නං මට අඤ්ඤකොරොස්, පොඩ්ඩක් තේරුම් කලා නං .........
“දරුවෙක් හඬනා විට දැකීමටවත්, ඇසීමටවත් ප්‍රිය නොකරන මා“
කලාකරුවෙක්ගේ සිත සැලෙනවා සිද්ධියක සංවේදී බව හමුවේ..ඒක නිර්මාණයක් තුලින් දෝංකාර දෙනවා මෙන්න මේ වගේ ...මට හිතුනෙ එහෙමයි
ReplyDeleteකවි ටික ගැන මොකුත් නොකිය ඉන්නං . . .
ReplyDeleteඒත් . .
අම්මා අම්මා මේ මට (ජිප්සීස්) ගීතයට කැමත් නැද්ද බං උඹ ???
@ පන්සල් ජන්ෂන්,
ReplyDeleteඒකෙන් කියන්නෙ මාතලන් දරුවො අඬනව දකින්නවත්, අහන්නවත්, අකමැතියි. වැඩිදුරටත් කිව්වොත් දරුවන්ට අකමැතියි කියල නෙමේ පොර කියන්නෙ, දරුවො අඬවන්නෙ නැතුව තියා ගන්න ඕනෙ කියන එක. [මගෙ නැණ පමණට තේරුණේ නං එහෙමයි]
සංවේදී තමයි.. ඒත් එහෙමයි කියලා ඇත්ත දැකලා ඇස් පියාගෙන ඉන්න බෑ නේ.. අපි යතාර්තයට මුහුණ දෙන්න ඕන..
ReplyDelete@ මාළු පැටියා
ReplyDeleteඒ උනාට ඇත්ත..
@ වෙද මහත්තයා
ReplyDeleteමේක ලියලා ගොඩක් කල්.. කතා ගේ කතාව දැක්ක නිසා දැම්මේ. ඒකේ තියෙන්නේත් මරු අම්මා කෙනෙක් ගැනනේ..
@ ලොකු පුතා
ReplyDeleteබොහෝම ස්තූතියි විග්‍රහයට.. ඒකයි මම කිව්වේ ඒකේ තියෙන්නේ දිරිය කතක් ගැන කියලා..
@ තනි අලියා
ReplyDeleteඅනිවා...
@ නරකයා
ReplyDeleteමක් කොරන්නද...?
@ රාජ්
ReplyDeleteඒකත් ලස්සනයි....
@ කැන්ඩියන්
ReplyDeleteඔය තියෙන්නේ සාක්කී....
@ පන්සල් හංදිය
ReplyDeleteඕන් ඔබා දීලා තියෙනවා උත්තරේ.. මම දරුවන්ට හරි ආදරේයි.. ගෑණු දරුවන්ට නෙමෙයි අනේ. පොඩි ළමයින්ට..
@ වෙනී
ReplyDeleteඔබ හරි.. ස්තූතියි...
@ ඕනයා
ReplyDeleteඅපොයි මගේ ප්‍රියතම කෙනෙක් සුනිල් අයියා. පැදුරු පාටි වල මම කියන්නේම අද කතා නැත්තේ මොකද උඹ ලතා.. හැබැයි බන් ඒක මව් ගුණ ගීයක් නෙමෙයි..
@ ඔබා
ReplyDeleteතැන්කූ සෝ මච්....
@ නජාත් අක්‍රම්
ReplyDeleteඅනිවාර්යයෙන්.. කතා දෙකක් නෑ...
උඹ ලතා ගැන මතක් කල නිසා කියන්නං . . . "අද කතා නැත්තෙ මොකද උඹ ලතා" සිංදුවෙ ඔරිජිනල් ගායකය සුනිල් අයිය නෙමෙයි . . . සයිම කට් වෙලා සිංදුවටත් ඒ සංතෑසියම තමයි
ReplyDelete@ ඔනයා
ReplyDeleteසැන්ටිගේ නේ මචං
මේක කියවන්න ලැබුනෙ දැන් තමයි . ඔහොම ඒව්වත් ලියවෙන්න ඕනෙ. ඇඬෙනවා
ReplyDeleteඔවු ඔවු
ReplyDelete