.

.

Dec 19, 2011

රාජ යෝග - Raja Yoga

ඉදිරියට වන්නේ කුමක්දැයි කියන්න දැන්ම බැරිය. වියරු වැටුණ මහත්මා දේශපාලනයේ ප්‍රතිමූර්තියේ, කරු මහත්මයාට සහයෝගය දැක්වු මහත්වරු ඉතාම වැදගත් ආකාරයට ගල් ගසමින් රතිඤ්ඤා දමමින් තම දෙවොල (සිරිකොත.) ගිනි තියන්නට දඟලනවාය. රනිල් දින්නත් කරූ දින්නත් මට ඇති වැඩක් නැතිය. ඒත් මේ රටේ අනාගතයට එය බලපානවාය. කරූට සහයෝගය දැක්වූ සජිත් ඇතුලු පිරිසගේ එකම පරමාර්තය ඉක්මනින් බලය ලබා ගැනීමය. මේ සඳහා මුදල් පෙන්නු විගස මේ පැත්තට පනින්න, 94 පටන් මෙලෝ දෙයක් නොකල. රට කාපූ ශ්‍රී ලංකා ඇමති සෙට් එකක් මෙන්ම, ජනතාව පවාදී, ලොක්කාගේ දෑත ශක්තිමත් කරන්නට ගිය පිරිස, කරූ මහත්මයාගේ දෑත ශක්තිමත් කරන්නට පැනලාම එනවාය.

උන් මේ රටට මෙලෝ දෙයක් කරන්නේ නැතිය. ඊළඟට එන එකාට හේත්තුවී ආතල් එකේ ඉන්නවාය. තවමත් රූපවතීගේ කුකුලන් කෙටවීම් වලට ආවාම කතා කරන්නේ යූ ඇන් පී යේ කරපුවා ගැනය. අලි පාටිය පැරදිලා දැන් අවුරුදු 20ක් වෙන්නත් ලගයිය. මුන් ඉන්නේ 94 ය. පුදුම වෙන්න දෙයකුත් නැත්තේය. විවෘත ආර්ථිකයෙන් කකා කන පතේ රෙනවාය. දොරමඩලාවෙනුත් අපි ඈත අතීතයට ගෙනියනවාය. ජැකා කරන්නේත් එයමය. ඕවා ඉතිහාසය දන්නේ නැති උන්ට හොඳය. අනුරාධපුර පොලොන්නරු යුග වලින් පසු අපට කතා කොරන්න දෙයක් නැත්තේය

ලොක්කා එලවන්න දැගලුවාට වැඩක් වන්නේ නැතිය. පොඩි පොඩි කචල් තිබුනත් තවම ඉන්නේ පීක් එකේය. අනික ලොක්කා එලවන්න තවත් මහින්ද කෙනෙක් ඕනේ නැතිය. අද හෝ හෙට හෝ අවශ්‍ය වන්නේ වෙනසක්ය. සජිත්ලා කරුලා ගාව තියෙන්නේ මහින්ද චින්තනයමය. එය නියෝජනය කරන්නේ දේශපාලන වශයෙන් කළකිරි සිටින මහින්දට කැමැත්තෙන් හිටපු කස්ටියක්මය. මේ ලංකාවේ අලුතෙන් බිහිවූ, ලෝකය ගැන දන්නේ නැති, ආගම මුදු කුඩ මතින් හිසේ තබාගෙන යන පිරිසක්ය. ලුමපන් පන්තියක්ය. මෑතක කළ මත විමසීමකිනුත් පෙනෙන්නේ, මැදිහත් ජනතාව මොනම ආකාරයේ දේශපාලනයකටවත් අකමැති බවක්ය. එය හොඳ ලක්ෂණයක් නම් නොවෙය.

සජිත්ලා රජ කරන්න මහරාජාලා මාර ගේමක් දුන්නේය. ඡන්දයක්ම ඉල්ලුවෙය. දැන් රහස් ඡන්දයකින්ම රනිල් දිනලාය. ප්‍රජාතන්තවාදයට ගරු කරනවානම්. කර බාගෙන සිටිය යුතුය. නමුත් සිරිකොතටත් වාහානවලටත් අලාබ කරමින් පෙන්වන්නේ රජ වෙන්න හැදූ පිරිසගේ නිරුවතය. සිරස ගලේ රුන්න බලලා වගේ දැන් අඬනවාය. බිස්නස් කාරයන්ට පක්ෂ නටවන්න බැරි වෙන්න, උන් පැරදුන එකට කවුරුත් සතුටු විය යුතුය. මේ රටට අවශ්‍යව ඇත්තේ ඇත්ත මහත්මා දේශපාලනයක්ය. ඒ සඳහා එහෙ මෙහෙ පනින, අනුන්ගේ ලණු කන රූකඩ නායකයන් ඕනේ නැතිය. රනිල්ට ඡන්දය දුන් පිරිස හැඟීම් වලට වහල් නොවන. බුද්ධිමත් පිරිසක්ය. ඒ අයට අප ස්තූතිය පුද කල යුතුය.

මේ ඔක්කොම කළේ, රාජ යෝගයක් තියෙනවා කියාය. දියවන්නාවේ ජෝක්ස් දාන ජෙප්පන්ට හිටන් තියෙන්නේ රාජ යෝගයය. ඒ ඔවුන් පිරිසකගේ නායකයන් නිසාය. සම හරක් සිතන්නේ රාජ යෝග තියෙනවයි කිව්වම රජ වෙනවා කියාය. ජනරාළත් එහෙම හිතුවේය. අන්තීමේදී රාජ යෝගයෙන් පිරභාහරන්ට බලු යෝගය උදා කළ උන්නැහේ, අනුන්ගේ ලණු කා දැන් හිරේ ඉඳන් කඹ රෙනවාය. (මේකට මා විරුද්දය.) කරූ මහත්මයාටත් රාජ යෝගයක් ඇතැයි කියා කස්ටිය උන්නැහේට ලණු දුන්නේය. අන්තිමේදී තිබුන එකත් නැතිය. සජිත් නම් යන්තම් ජාම බේරා ගත්තේය. කරූ ආවොත් අපට පායයි හිරු කීවෙය. ඒ උනාට උන්දැගේ හිරු තාම ආවේ නැතිය. හැබයි කරූට තරු නම් පෙනෙන්නට ඇතිය. ඒ වගත් මෙසේය.

අළුත්ම බ්ලොග් එක මෙතනින් බලන්න.

50 comments:

  1. අම්මේ ඇති යන්තං..දැනුයි මටත් පොඩි කික් එකක් ආවේ... දැන් ඉතිං ආයේ ටික කලක් ඔහේ හිටියැකි පාඩුවේ...:D:D:D

    රාජ යෝග ගැන මාතලන් කියූ කතාවට සපුරා එකඟ වෙමි...

    එහෙම රාජ යෝග තිබුන පලියට රජ වෙනවනං මාතලන්ලගේ අනාගත ජනාධිපති මං වෙන්න පුළුවන්නේ...:P

    ReplyDelete
  2. දැන් ඊළඟ නාටකයට ලෑස්ති වෙමු..... ඔය පටන් ගැන්ම විතරයි... පෙට්ටි කේස් අර කේස් මේ කේස් සෑහෙන කාලයකට වතුරෙ යට ඔබාගෙන ඉන්න චෑන්ස් එකක් ඇවිල්ලා....

    ReplyDelete
  3. @ මාරයා
    අම්මට බොල.. උඹටත් රාජ යෝගයෙයි.. සැරද මහරජ...

    ReplyDelete
  4. @ කැන්ඩියන්
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද..?
    ආ...... දරය කරණු මිස...
    රනිල්ට...

    ReplyDelete
  5. උඹ මාර ඉක්මනට ටයිප් කොටනවනෙ බන් අයියෙ... කෝකටත් කියල නිකමට වගේ ඔලුව දැම්මෙ අළුත්ම නිවුස් එක දාලද බලන්න.. ඔය තියෙන්නෙ ගෙඩි ටික ලෙලිත් ඇරල.. :)

    කාලෙකට පස්සෙ ඊයෙ සිරසෙ ෆිල්ම් එකක් බලද්දි උන් නටපු නැටිල්ලට මම හිතුවෙ අද රනිල්ව භූමිදානය කරන්න වෙයි කියල.. ආතල් එක කන් දෙකෙන් බේරෙනව බන්.. :)

    ReplyDelete
  6. @ සාතන්
    ඇයි කරූ මහත්තයා කිව්වේ එයා නායක උනත් විපක්ෂ නායක කම රනිල්ටම දෙනවා කියලා. පව්නේ.

    ReplyDelete
  7. මාතලන් සුභ පැතුම!!! මේක ලිව්වේ මම.

    ReplyDelete
  8. කවුරු හරි දන්න කෙනෙක් කියන්න ඔය සජිත් රනිල්ට පැරදුනේ කීවෙනි වතාවටද?

    ReplyDelete
  9. @ වෙද මහත්තයා
    හෙහ් හෙහ් මම දන්නවනේ. සේම් අයිඩියාස් නේ.. ඒකනේ හිතවත්...

    ReplyDelete
  10. යන්න ළමායි ඉස්සරහට....තව කාටද රාජ යෝග තියෙන්නෙ....
    හෙහ්..හෙහ් හෙහ්....ඔය ඔය ඉතින්....දග නොකර පෝලිමේ යන්නකෝ..

    @ මාරයා
    පෝලිම පනිනවා එහෙම නෙවෙයි....

    ReplyDelete
  11. @ ජය ශ්‍රී
    රනිල් ඡන්ද පැරදිච්ච ගානට වඩා වැඩියි මගේ හිතේ. රනිල් කොළඹ දින්නා. එයාට සීට් එකවත් දිනාගන්න බෑ.

    ReplyDelete
  12. @ ලකී
    මාරයත් ඉන්නවා ලිස්ට් එකේ.. පලා බබාටවත්... නේ..

    ReplyDelete
  13. "සැරද මහ රජ"

    රජාල නෙමේ බං සැර දේවින්නාන්සෙලනෙ.

    ReplyDelete
  14. අනේද කියන්නේ u .n.p ට රනිල් හොඳනම් මට මොකැයි.2016 දීත් මහින්ද මහත්තය තමයි ජනාධිපති.අන්තිමට අලියාගේ හම විතරක් ඉතිරි වෙයි

    ReplyDelete
  15. තමංගේ ආසනයවත් දිනාගන්න බැරි පොඩි ප්‍රේමේ නායකයා කිරීමෙං රට අල්ලන්න බැරි විත්තිය තේරුං ගත්තෙ නැති සෙට් එකක් තාමත් උන්නැහේ වටේ කැරකෙමින් සිටිනවාය. උං හිතන්නේ කෑ ගසා කලබල කල විට සියල්ල හරියනවා කියාය. උන්නැහේලා තේරුංගතයුතු එකදෙයක් ඇතිය . . ඒ තාමත් මහින්දගේ සහ රනිල්ගේ පක්ශියෝ ඉහල අහසේ කරනං ගසනාවිතියය.

    ප.ලි.
    ලොකු ප්‍රේමේ ඉන්නා තැනක සිට මේ වෙන දේවල් බලා ඉන්න එකක් නැති වේවායි මගේ එකම පැතුමය . . . ඒ වෙන එකක් නිසා නොව . . . "කුඩාකල සිට ‍රැකගත් මාගේ චරිතය ඝාතනය කරන්නට එපා" කියන උන්නැහේගේ අවසං ඉල්ලීම ඉල්ලීම සජියා අමුඅමුවේම බල්ලාට දමමින් සිටින නිසාය

    ReplyDelete
  16. කේන්දරේ බලෝ ගන්න ඕනෙ, මාත් මේ දවස් වල රජ වෙලා ඉන්නෙ, ගෙදරට

    ReplyDelete
  17. දේශපාලනයක් අපි නැරඹීමට නම් දේශපාලනයක් තිබිය යුතුය..දැන් අපි නරඹන්නේ හින්දි චිත්‍රපටියකි..එක් ච්ත්‍රපටියක කොල්ලා වීරයාය..තව එකක සපෝටර්ය..තවත් එකක ජෝකර්ය..තවත් කලකින් එන චිත්‍රපටයක ඌ දුෂ්ඨයාය..

    ReplyDelete
  18. මාත් මේ සිරිකොතේ වැට ගලවන්න ගිහින් ආපහු එනගමන් ,ගලව ගත්ත යකඩ ඉන්නක් ගෙනත් ලැට් එක පිටි පස්සෙ හයි කලා . චිරං ජයතු මහරජ !

    ReplyDelete
  19. @ ඉන්දික උපශාන්ත
    ඒ මොකෑ එහෙම කියන්නේ...

    ReplyDelete
  20. @ ඕනයා
    නිදන් හාරපුවා ඉවර ඇති. ඒකනේ ආයේ හම්බ කර ගන්න නටන්නේ, තදියමේ..මහරාජා ඉස්සරහටත් සල්ලි දෙයිද දන්නේ නෑ සජිත් හාමුට බෙදන්න..

    ReplyDelete
  21. @ ඇනෝ
    බයවෙන්න එපා නියම අලි ටික වෙලාවට එයි..

    ReplyDelete
  22. @ ඔබා
    හෙහ් හෙහ් ගෘහ මූලිකයා මාළිගාවේ නෑ නොවැ..

    ReplyDelete
  23. @ බුවා
    අඬන්න එපා වෙච්ච දේ හොඳයි. රනිල් නියම වැදගත් නායකයෙක් කියලා නැවත වතාවක් ඔප්පු කලා..

    ReplyDelete
  24. මාතලන් - රනිල්ගේ වැදගත්කම ගැනවත් ප්‍රතිපත්ති ගැන වත් කිසිම ගැටලුවක් නැ , රනිල්ටත් අමතක වෙච්ච රිගේනින් ශ්‍රි ලංකා වගේ ඒවා වෙනුවෙන් මම තාමත් පෙනි ඉන්නව . අවුල තියෙන්නෙ එජාපයේ උන්ම රනිල්ව කිච කරල තියන එකයි . අනික එක් ලක්ෂ ගානක් මනාප ගත්ත චතුර කතිකයෙක් වෙනුවට , පලාත් සභාවක විපක්ෂ නායක කෙනෙක්ව ජාතික සංවිධායක කරන එපජ කෘත්‍යාදිකාරයේ ටෙස්ට් එක මට නම් විකාරයි වගෙ

    ReplyDelete
  25. @ බුවා
    ඌ මගේ හිතවතෙක්, ඒත් තාම එක්ස්පීරියන්ස් මදි. බලයට එන දවසට හොඳට තෙම්පරාදු වෙලා ඉඳියි. වේගය මරුවා කැඳවයි.. කට්ටියට උනෙත් ඒකයි.

    ReplyDelete
  26. යකඩෝ දයා මහත්තයා ජාතික සංවිධායකත් වුණා නේද ? අපිට පොත්පත් දීලා . පිටි උක්කුං දීලා , කවකටු පෙට්ටි දීලා බාටා සෙරෙප්පු දීලා ඒ කරගත්ත කුසල කර්මය මේ ආත්මයේදීම එතුමාට ජය ගෙනාපු හැටි බලන්න ..

    ReplyDelete
  27. @ සඳරූ
    ඇයි සෙවනගල ආන්ඩුවට දීලා.. ඒක හැලිලා උඹේ එකෙන්..

    ReplyDelete
  28. මටත් හිතෙනවා මෙහෙම යනකොට මාරයටම කියලා මගේ කේන්දරේ බලවගන්න....! හැබැයි මට රාජ යෝගයක් තිබුනොත් මාරයා කියන එකක් නෑ...! ඇයි ඒක ඌ රජවෙන්න යන එකට බාධාවක්නේ....!

    ReplyDelete
  29. සජිත් මහත්තයෝ, මෙව්වා ඔයාගේ තාත්තගේ වැරදි. ඔයාල ගැන, ඔයාලගේ අනාගතය ගැන හිතුවේ නැහැ. ඔන්න එකට රජතුමා. පුතාට පාර කපන්නේ බුල්ඩොසරේ දාලා. නැති රාජයෝගයක් කේන්දරේ අමුතුවෙන් ලියවාගෙන. දැන් කජ්ජ ගැහුවත් කුමාරය රජ පුටුවේ. ඔයා දශක කීයක් පෙරුම් පුරනවද?

    ReplyDelete
  30. @ අමිල චතුරංග
    සමාවෙන්න ඔබේ කොමෙන්ටුව දැක්කේ ස්පෑම් ගොඩේ තිබිලා.
    ඇත්ත කතාව..

    ReplyDelete
  31. @ දුමී
    උගෙන් බලලා හරියන්නේ නෑ.. හඳහන වෙනස් කොරයි..

    ReplyDelete
  32. @ ඇනෝ
    පවු ඊයේ මෑනීයන් වහන්සේ බත් පැකට් බෙදලා කුමාරයා සිංහාසනේ තියන්න..

    ReplyDelete
  33. කරැ තමා පැනලා ගිහින් සෙට් එකක් මහරජාට පූජ කරලා දැන් පජාත වෙලා ඉන්නේ. ඒත් කරැවා ආවා නම් සජියා හා කරැවා වෙනසක් කරනවාය. රනිලා දින්නත්, ඊයේ සිදුවීම දැක්කම නියම විරැද්ධපාක්ෂිකයන්ට (යූඇන්පී, ජේවීපි, සහ ප්‍ර.ජ.ස ..) ෆට්ට කික් විය යුතුය. ප්‍රධාන විරැද්ධ පක්ෂය වෙනුවෙන් බත් පැකැට්, මත් වතුර නැතිව ජනතාව එලිය බැස්සේ මහරජතුමාට හා රනිල්ට එදිරිවය. අපිට ඕනේ මේවගේ ජනතාවගේ නියම මතය මය. ජනතාවට අවශ්‍යව ඇත්තේ ජෙනරාල් එලියට ගැනීමත විපක්ෂයේ සියලු පක්ෂ සවිමත් කිරීමය. එය සෑමාට නම් ෆට්ට ආතල්ය.

    ෆොන්සේකා මහත්තයා නොදන්න දේෂපාලනේ කරන්න ගිහින් හිරේ ගියා කීම මා අනුමත නෙකරමි. දේශපාලනේ නිසා හි‍රේ ගියා කියලා කියනව නම් එය දේශපාලන පලිගැනීමකි. එවාට අපි විරැද්ධය.

    ජෙනරාල් තුමා කතා කරනකොට පොලිසියෙන් කරන බාධා කිරීම් ගැන කීමට කැමැත්තෙමි. ඔහු කට අරින විට වටේ සිටින පොලිස් මාමලාගේ හිස් වැසුම් පවා ගැලවේ, ඔහු කීවේ සිංහයා කතා කරනවිට බලු පැටව් කෑගසනවා කියාය. එතකොට අපිට හිතෙන්නේ මේ රටේ තියෙන දූෂණය නැති කරන්න තරම් කොන්දක් තියෙන්නේ එතුමාට කියාය.

    මා...තලන්න එපා... හිතුන දේ ලිව්වා.. උබත් ලෙසටම ලියලා. :)

    ජය ශ්‍රී...

    ReplyDelete
  34. @ සෑම්
    ඒ හඬ ඇසෙන්නේ පොලිස් මාමලාගේ නොවේය. බන්ධනාගාර ගාඩ් මහත්තුරුන්ගේය.

    ReplyDelete
  35. අපි ඊයේ ටී.වී. එකෙන් දැක්කා රජ කුමාරවරු කෙල ගන්න හැටි.හිකිස්..

    ReplyDelete
  36. මදැයි කොලා.
    @සදරු
    //....අපිට පොත්පත් දීලා . පිටි උක්කුං දීලා , කවකටු පෙට්ටි දීලා....//
    අන්න හෙලිඋනා බඩයන්න පිටි දීපු මහත්තය.

    ReplyDelete
  37. මම නම් ඕක දැනගෙන හිටියා රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙන්නෙත් ජනාධිපතිතුමාගෙම රාජ යෝගෙ මයෙ හිතෙ. ඒකනෙ විපක්ශයෙ නායක කම යලිත් ස්තාපිත කොර ගත්තෙ

    ReplyDelete
  38. පොඩ්ඩි ඉපදිලා තියෙන්නේ 'රැජිනි යෝගෙකින්'....:D

    ReplyDelete
  39. කොහොම හරි මට පේන විදියට විපක්ෂෙ කියන එක භංග වේගන යන්නේ ...........

    මටත් සක්විති රාජ යෝගයක් තියනවා කියලා මගේ හඳහනේ තියනවා ඒක හින්දා මම කාටවත් හඳහන පෙන්නන්නෙ නැහැ ..

    ReplyDelete
  40. සජිත් බේබි, දැන්වත් කරු මාමා එක්ක ගිහිල්ල මැදමුලන වලව්වට සෙට් උනොත් නරකද? මාමාට නම් වලව්වේ අගු පිල හොදට පුරුදුයි. ඔකේ ඉදල නොවැ ආවේ... මිනිස්සුන්ට ඔය මොනවා හරි හේතුවක් කියන්න පුළුවන්. .. දෑත සවිමත් කරන්න ගිය .. කියල වගේ.

    ReplyDelete
  41. @ ජෝතිෂලංකා
    ඒ ශිල්ප දැක්වීම. දැක්වීම ද දැක්කීම ද...?

    ReplyDelete
  42. @ රාජ්
    හරියට හිතා ගන්න බැරි දෙයක් උනා වගේ...

    ReplyDelete
  43. @ ලොකු ජෝන්
    නියම මහත්මා දේශපාලනය තියෙන්නේ කා ළඟද කියලා රනිල් පෙන්නුවා...

    ReplyDelete
  44. @ පොකු
    වලව්වක ඉපදුනා කිව්වම ආයි අහන්න දෙයක්යෑ...

    ReplyDelete
  45. @ පන්සල් හංදිය
    ඒක වෙන්නෑ හම්බවෙච්ච සීට් එකත් පූජා කොල්ල හිටන්, හිටන් යන්නේ....

    ReplyDelete
  46. @ ඇනෝ
    එයාලා හරියන්නේ ලොක්කටම තමයි ඔන්න අද උදේ කිරි කොක්කු වගේ ඇඳගෙන සිරිකොතට ගල් ගහපු උන් බලන්න ගියා. කන පත රෙන උන්. මුන් තව තියාගන්න තරම් රනිල් මහත්මයෙක්. කොහොමද විපක්ෂ නායක් මහින්ද වෙලා ඔය දේ උනා නම්..

    ReplyDelete
  47. මට අඳාළ දෙයක් නෙවෙයි ඒත් දැක්කම මොනව හරි කියන්න හිතුනා...

    "කොහොමද විපක්ෂ නායක් මහින්ද වෙලා ඔය දේ උනා නම්.."

    එහෙමනං සමහර විට මහින්ද උදේම කැහැපට ගහං ඔය කස්ටියව බලලා එන්නත් තිබුනා..මෑන්ස් එහෙමයි නාඩි අල්ලන්නේ.. රනිල්ට එච්චර හරියක් තේරෙන්නේ නැහැ...

    ReplyDelete
  48. @ මාරයගේ හෝරාව
    උඹට මතකද පා ගමනට පයින් යන්නේ නැතුව වාහන වලින් ඇවිත් ස්ටේජ් නැග්ග උන්ට වෙච්ච දේ...

    ReplyDelete
  49. තඩි ගලක් අරන් සිරසෙ පොරකට දුන්න රනිල් ලොක්ක මහරාජ ට දෙන්න කියල... හික් හික්

    ReplyDelete
  50. @ පිස්සා පලාමල්ල
    රනිල් ගල් වලට කැමතිනේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න