අනේ ලැජ්ජයි මැඩම්
හරිම ලැජ්ජයි අපට
කොහෙමෙයි කියන්නේ
මැඩම්ගේ ගේ කියා
කියන්නේ අප පියා
ගුබ්බෑයමකැයි කියා
සෝපාවක්ද නැති
ෆැල්ට් ස්ක්‍රින් ටීවී නැති
සවුන්ඩ් සිස්ටමක් නැති
කර්ටන් කාපට් නොමැති
ටයිල්ස් අල්ලලා නැති
සිහින නිවසක් නොවේ
යන්නාවු තැනට නොව
ඉන්නාවූ මේ ළොවේ
සැපම විඳ මියයන්න
ජනතාව පැත්ත නොව
මැති ඇමති වෙත යන්න
ජරාවක් අරගන්න
වෙඩි නොවේ මල් මාල
ගෙල වටා පළඳන්න
මැතිවරුන් සිටුවරුන්
පෙල ගැසෙයි සීරූවෙන්
රැජින සේ නමදින්න
තුටු පඬුරු කහවනින්
පහලවූ පෙර පිනින්
මාලිගය දොරකඩට
නිමිත්ත : සාධාරන ලෙස ක්‍රියාකරන ගාල්ල සංඝමිත්තා විදුහල්පතිනියගේ නිවසට (ගුබ්බෑයමට.) වෙඩි වරුසාවක්. බලවතුන්ගේ ලමුන් නොගත් නිසා..
අපේ ගෙවල් පැත්තේ නේද උදේ දැක්කේ නිව්ස් එක... සිදුවීමට හේතුවනම් හරියට දන්නෙ නෑ...
ReplyDeleteහෆොයි උඹත් එහෙද..?
Deleteමමත් ඕක දැක්කෙ මුල්පිටුවෙන් තාම හරියට විස්තර දන්නෙ නෑ ඇත්තට මොකද උනෙ ?
ReplyDeleteහරියටම දන්නේ නෑ. නමුත් ඒ පැත්තේ ඉන්න ගොනෙක්ගේ වැඩක් කියලා තමයි ආරංචි
Deleteaththatama mokada welaa thiyenne?
Deleteමමත් සිද්ධිය නොදනී...
ReplyDeleteයකෝ මේක දැන් ගොසිප් සයිට් එකටත් වඩා ඉස්සරහින්ද මන්දා.:)
ගමේ වැඩක් නේ මචෝ
Deleteඅනේ..... ඔන්න සාදාරනේට වැඩ කරන්න ගියාම වෙන දේ..
ReplyDeleteඒ උනාට ඒ මනුස්සය නෙමෙයි සැලෙන්නේ
Deleteමේ නිවුස් එක පත්තරෙන් දැක්කට ඇත්ත මොකක්ද කියල දන්නෙ නෑ..
ReplyDeleteමාතලන් මේ කවිය සර්කාස්ටික් එකක්ද නැත්නම් ඇත්තද ?
මෙහෙමයි මචන් මට ආරංචි විදියට ලිව්වේ. ඇත්තටම හොඳ මනුස්සයෙක්
Deleteසාදාරණව වැඩකරන මනුස්සයට තමයි හැම කරදරයක්ම.
ReplyDeleteකාටද බන් කියන්නේ
Deleteඊයෙ මාත් දුටුවා මේ ගැන රූප පෙට්ටියේ යනවා කාරණාවනම් නොදනී .
ReplyDeleteකාරනාව පවර්ෆුල් අයගේ ළමුන් පාසලට නොගැනීම
Deleteමාතලන් අයිය ගාල්ලෙද?
ReplyDeleteමාතලන් අයියා කොහොමද අනේ ගාල්ලේ වෙන්නේ. මාතලන් අයියා මාතලේ.
Deleteමාතලනුත් ගාල්ලෙ "කොල්ලෙක්" තමයි හරිය...
Deleteඉපදුනේ නම් කොළඹ ඒ උනාට දෙමව්පියෝ ගාල්ලේ.. එම නිසා මාද..
Deleteගම ගාල්ල පුක ලෑල්ල ගොඩේය
බට්ටි,
Deleteමාතලේ කීවට මාතලෙන් ටිකක් ඇතුලෙ . . මාතලේ හිඟුලෙ
@ ඕනයා
Delete++++++++++++++++++++++++++++++++++1
බි.පෙ.සි.
බි පෙ සි
Delete@ ඕනයා: මාතලේ හිඟුලක් කොයින්ද ? එහි ඇත්තේ වෙන එකකි...! ඒ සඳහා කේතලෙන් මල්ලක් එහෙම ඕනෑනම් මා හට කිවයුතුය.
Deleteඅවංකව වැඩ කරන අයට ලැබෙන අගය කිරිම් තමයි මේ.. අනේ මන්ද..
ReplyDeleteඅවංකත්වයට දෙන සම්මාන
Deleteඊළඟ වෙඩි වරුසාව මාතලන්ට
ReplyDeleteමම බුලට් පෲෆ් ඇඳලා ඉන්නේ
Deleteබුලට් පෲෆ් ජොකෙක්ද?
Delete@ රාජ්
Deleteනෑ බං උඹලට දැන්මම අමතකයි ඉස්සර රනිල් හිටන් ඇන්දේ බුලට් පෲෆ් ජැකට්.
අද උදේ ටී.වී නිවුස් වලින් ඇහුව. ඒත් වැඩි විස්තරයක් තාම දන්නෙ නෑ.
ReplyDeleteකවියේ තියන සිද්ධියනම් වෙලා තියෙන්නෙ. වැඩිදුර පරීක්ෂණයක් එහෙම කෙරෙන එකකුත් නෑ.
ඕක තමයි විස්තරේ. පර්යේෂණ. ආන්ඩුවේ කොමිසන් සභා වගේ තමා ඉතින්
DeleteThis is a very meaningful and valuable article,i should greatly thanks the writer for creating such a marvelous post.
ReplyDeleteIn the mean time check:-
www.dark-code.com
This is a fresh proxy site.Dark-code.com provides 100% anonymous logs free browsing for our viewers.Super fast webserver without any popups.
good service....
Deleteමේ අපේ උදාර වූ මාතෘ භූමියයි - මාතෘ භූමියයි.
ReplyDeleteරත්නදීප... ජන්මබූමී
Deleteලංකාදීප.. විජයබූමී
'උතුර නැගෙනහිර කුණුවල අසලද '
Deleteසිංදුව කාටවත් මතකද ?
@ ඔබා
Deleteඅදයි ඇහුවේ... පැරණි රසාංගයක් වෙන්ටෑ
ඔබ්සර්වර් අයියා . . ඔය සින්දුව,
Deleteඅපි එකම දැයක දරුවෝ - නොවෙමුද එකම මවක දරුවෝ
උතුරු නැගෙනහිර පෙරදිග බටහිර - සතර දිගන්තේ
නේද ???
මහ අපත වැඩ ඔව්වා....
ReplyDeleteකාටෙයි කියන්නේ
Deleteකතාව හරියට දන්නෙ නෑ.... අසිරිබර මෙසිරිලක සිද්ධ වෙන වැඩවල හැටියට ඇත්ත වෙන්නත් බැරි නෑ....
ReplyDeleteකතාව දැනගන්න වෙන එකකුත් නෑ. ඔතනින් වැඩේ ඉවරයි
Deleteඅපොයි
ReplyDeleteඅනේ හෆෝයි....
Deleteහොඳ ලොකුවට ගෙදර තාප්පෙ බැඳලා ඇල්සේසන් බවුවෝ දෙදෙනෙක් මුරට තියාන උන්නා නම් ඔය වගේ ගල්පාරවල් වදින්නේ නෑ නෙව
ReplyDeleteඑහෙම ඉන්න උන්ට හෙනත් නෑ..
Deleteඔය ළමයි ගන්න සීන් එක නිසා මම මේ දවස්වල මාර පීඩාවක් විඳිනවා... මාතලන් මතක් කරහන් අවුරුදු උත්සවේ දවසේ මේ කථාව කියන්න.. බ්ලොග් එකේ ලියන්න අමාරුයි....
ReplyDeleteමම කාළයක් රට ගියෙත් ඔය වැඩේ නිසා. ඕල්ඩ් බෝයියෙක් වෙලත් මාර කට්ටක් කෑවේ.. එදාට කතා කරමු..
Deleteඑහෙම තමයි බන් අයියේ..ඔයින් පේන්නේ මොකක්ද... අපි රට ටිකෙන් ටික දියුණු වෙනවා කියන එක තමා..
ReplyDeleteඅද නිව්ස් එකක් ගියා තව ගුරුවරුන් දෙදෙනෙකුටත් මරණ තර්ජන කරලා කියලා ඒත් ගාල්ල පැත්තෙමයි..
Deleteමමත් සීන් එක ගැන හරියටම දන්නේ නෑ අයියේ.. අහිංසක උන්ට තමයි හැම හෙනයක්ම ගහන්නේ.. මේ ලඟදි අර ටයිල් වගයක් ඇඟ උඩට පාත් වුනෙත් අහිංසක මිනිස්සුන්ට නේ. මොනවා කරන්නද ඉතින්.
ReplyDeleteඒකනේ බන් කියන්නේ. ඒකනම් මගේ ඇහැට කඳුලකුත් ගෙනාවා. හරිම අවාසනාවන්ත මරණයක්.
Delete