පොකුගේ අන්තිම පෝස්ට් එකේ තිබුනා එයා හොයන කොල්ලගේ ගතිගුන මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා. එහෙම දෙයක් දාපු එක බොහොම හොඳයි. මොකෝ පස්සෙ කාළේක ඌට කියන්න බෑ, ආ ඇත්තද, එහෙමද, මට අමතක උනා වගේ ඇක්ස්කියුස්. ඇත්තටම මොනවද කෙල්ලෝ කොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගැහැණුන්මොනවද මිනිහගෙන් බලාපොරොත්තු වෙන්නේ..මේ විෂය පිළිබඳව විශේෂඥයකු වන Dr. මාතලන් වගේ කෙනෙක් මේ ගැන දක්වන, මනෝ විද්‍යාවේ නවීනතම සොයාගැනීම්, ජීවන රටාවේ වෙනස්වීම, ලිංගිකත්වය පිළිබඳ නවතම පර්යේෂණ අලලා ලියන අදහස් දැක්වීම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක්. මේ ඒ බලාපොරොත්තුව ඉටු කිරීමක්....
මුල් අවස්ථාවේ (වයස 22 දී පමණ.)
- බ්‍රැඩ් පිට් මෙන් ආරෝහ පරිනාහ දෙහයෙන් යුතු
- ලියනාඩෝ ඩි කැප්‍රියෝ මෙන් ප්‍රියජනක
- ෂාරුක් ඛාන් මෙන් සල්ලිකාර
- ටෙනියා මෙන් ජෝක්ස් දාන
- බූරුවෙක් මෙන් කී දේ අසන
- ජෝන් සීනා මෙන් ශක්තිමත්
- හමීඩියාස් ඩමීස් මෙන් අඳින පලදින
- මගේ සෑම දෙයක්ම අගය කරන
- ඇස් උඩ යන තෑගි ලබාදෙන
- වැල ෆිල්ම් වල කොල්ලා මෙන් ශෘංගාරාත්මක
- මනා පෙනුම (කොන්ඩය තිබිය යුතුය.)
- වාහනයේ දොර ඇරදීම, ෂොපින් යාම
- පීසා හට්, කේ ඇෆ් සී හා ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් හී ආහාර ගැනීම
- කතාකරනවාට වඩා සවන්දෙන
- මගේ විහිළුවලට සිනාසෙන
- අපහසුවක් නැතුව බඩු මළු අතින් කටින් ගෙන ඒම
- එක ටයි පටියක් හෝ තිබීම
- ගෙදර කෑම අගය කිරීම
- උපන්දින හා සංවත්සර මතක තබා ගැනීම
- සතියකට එක වරක් පමණ එක්වීම
- කැතම නැති (තට්ටය අවුලක් නැත.)
- මා අසුන් ගන්නා තෙක් වාහනය ස්ටාට් නොකරන
- යකා මෙන් මුදල් සෙවීම - ඉඳහිට ගෝල්ෆේස් එකේ හෝ ඩිනර් ගැනීම
- මා කතා කරන විට ඔළුව වැනීම
- මගේ ජෝක්ස් වලට සිනහ වෙන තැන් දැන සිටීම
- ගෙදර අස් පස් කිරීමට හැකිවීම
- නෙරා ඇති උදරය නොපෙනෙන ලෙස ඇඳුම් ඇඳීම
- පියන විවෘත කළ නොහැකි නිෂ්පාදන නොගෙනීම
- කොමඩ් සීට් එක නිතරම ඉහලට ඔසවා නොතිබීම
- සති කිහිපයකට සැරයක් පමණ එක්වීම
- නහයේ මයිල් හා කනේ මයිල් බෑම
- පඩ ඇරීම හෝ පුක කැසීම ප්‍රසිද්දියේ නොකිරීම
- මුදල් ඉල්ලා කරදර නොකිරීම
- මම පඩ අරින විට කිරා වැටෙමින් හිස නොසෙල්වීම
- එකම විහිළුව නිතරම රිපීට් කිරීමෙන් වැලකීම
- සතියකට සැරයක්වත් සෝපාවෙන් නැගී සිටීමට හැකි වීම
- කලිසමට ගැලපෙන මේස්, බෙල්ට් හා ෂර්ට් ඇඳිම
- රූපවාහිනියේ කුකින් රස බැලීම
- සමහර අවස්ථාවල මගේ නම මතකයේ තබා ගැනීම
- මාස කීපයකට පමණ හෝ එක්වීම
- කුඩා දරුවන් බය නොකිරීම
- ටොයිලට් එක ඇති තැන දැනසිටීම
- මුදල් අවශ්‍යම නොමැති වීම
- නින්දේදි තදින් නොගෙරවීම
- මොනවට සිනහවෙනවාදැයි දැන සිටීම
- යාන්තම් නැගී සිටීමට හැකිවීම
- කුමක් හෝ ඇඳුමක් ඇඳ සිටීම
- කෙටි කෑමකින් සැනසීම
- දත් කුට්ටම ඇති ස්ථානය දැන සිටීම
- මේ සති අන්තයයි යන්න පමණක් දැනසිටීම
- හුස්මගැනීම
- ටොයිලට් එකේ පමණක් චූ කිරීම
මාතලන් අය්ය කට්ටියව බය කරනව වගෙ උදේ පාන්දර .
ReplyDeleteඋදේ පාන්දර හොඳට හිනා උනා . :D
බලාගෙන කෙල්ලේ මහත් වෙයි
Deleteතව 10කට අවුලක් නෑ වගේ.
ReplyDeleteඑහෙනම් අවුලක් නෑ
Deleteමාතලන් අයියගෙ යන්නෙ 52න් පස්සෙ යන සෙට් එක මගෙ හිතේ... බය හිතෙනව බන් අයියෙ... එකම මිනිහට මේ ඔක්කොටම ගැලපෙන්න ඉන්න පුළුවන් වෙයිද?...
ReplyDeleteතවම ඒකට ගියේ නෑ.. මේ ඉන්නේ බන් යසට
Deleteකෝ මේකේ ඕනෙම ටික නෑනේ...
ReplyDeleteකමක් නෑ.. දැන් කෝ මේ අපේ ස්ත්‍රීන්.. එන්න බලන්න පෝළිමේ.. ඇවිත් කියන්න බලන්න මේවා කීයක් ඇත්තද කියලා...:)
මොකක්ද බන් ඕනම ටික...
Deleteදැන් මම පළවෙනි අවධියේ ඉන්නෙ... 3 වෙනි එක විතරයි අඩු....
ReplyDeleteඅනේ දුක හිතෙනවා :D
Deleteඇත්තටම 5නම් තියෙනවා කියලා ෂුවර් අනිත් එව්වත් දැන්නම් ෂුවර් නෑ අප්පා.....
Deleteඅපොයි බුදු අම්මේ තුන නැතුව මුකුත් කරන්න බැහැනේ
Deleteනියමයිනේ...:D
ReplyDeleteමොකක්ද
Deleteහ්ම්.... 80% වගේ හරිනෙ.... මට තාම අදාල පලවෙනි අවදිය විතරයි හැබැයි... :D
ReplyDeleteමොකෝ 80% ක් 100% ක්ම හරි
Deleteමොන සෙල්ලං දැම්මත් ජරාවට යන එක වලක්කන්න බෑ නේන්නනං...... අන්තිම අන්තිම වෙද්දි සෙක්ස් වලට තැනැක් ඇත්තමෙ නෑ නේද.....!
ReplyDeleteසෙක්ස් තියා බුද්ධි පිරිමි කමටවත් තැනක් නැති සීන් එකක් තියෙන්නේ....
Deleteonna buddiyoo adapan chittarayak mekata..meka wife ta karadara karanna yanakota wife hadi mitath aran muwa elawana seen kon ekak :P
Deleteඅපොයි තියෙනවා හැබැයි ගෙදර නෙමෙයි
Deleteපිරිමි අපිට උරුමේ මේකද මාතලන් , අෆොයි ....
ReplyDeleteපිරිමියෙක් වෙන්න පින් කරන්න ඕන කියන්නේ පට්ට පල් පල් බොරුනේ
Deleteඅහෝ දුකකි!:-o
ReplyDeleteඅපි නම් තාම මුල් අදියරේ :P
ඔච්චර තමයි ඊට පස්සේ ඉවරයි
DeleteLOL !
ReplyDeleteමේ මොකෝ ඇඩ්ස් දාන්නේ.. ඒවා ඔට්ටු නෑ
DeleteLOL = Lanka Orix Leasing
හයියෝ මොනා කියන්නද මේවාට.. ඔක්කොම හරි වගේ දැනෙනවා.. :D
ReplyDeleteබලං හිටපං හම්බෙයි මේං කියලා.....
Delete(කෙල්ලන්ට ෆිල්ම් බලන එක තහනම් කරන්න ඔ්නෙ...)
මොන ෆිල්ම්ද අෆ්ෆා :)
Deleteමොකක්ද වගේ.. ඇත්ත ඒක තමයි.. නරකයා කියන්නේ මයේ හිතේ නරක ෆිල්ම්
Deleteඅපි නම් තාම මුල් අවධියේ බලමුකෝ එහෙනම් පහුවෙද්දි මෙහෙම වෙයිද කියලා.
ReplyDeleteමොකක් බලන්නද බලාගෙන හිටහන් කට ඇරගෙන
Deleteවයස 55 දී මිනිස්සු පැන්ෂන් යන්නේ මොකද කියල සිරාවටම තේරුනේ මේක දැක්කම. සංසාරේ භවේ දුකා කියන්නේ ඕකනේ.
ReplyDeleteදැන් තේරේනවා නේ හේතුව
Deleteදැන් කොල්ලො කෙල්ලගෙන් බලාපොරොත්තු වල දේත් ලියාපල්ලකො අපට බලන්න.
ReplyDeleteවෙන මොනවද ඉතින්
Delete1. සැක්ස්
2. සැක්ස්
3. සැක්ස්....cont..
ඇත්තටම මගේ බලාපොරොත්තුව නම් හැටට මෙහා චුත වෙන්න. වයසට යන්න යන්න අනිත් අයට කරදර වැඩි වෙනවා. කොහොම වුනත් පර්යේෂණය නම් පට්ට. පට්ට කියන්නේ පට්ටපල් ඇත්.
ReplyDeleteමගෙත් පරම පැතුම එයයි
Deleteමාතලන් ගේ මේ ලිස්ට් එක දැන් කාලෙට ටිකක් ගැලපෙනවා මදි කියල හිතෙනවා මට. විශේෂයෙන්ම මුල් අවස්ථා 3. බලමුද මගේ ලිස්ට් එක.....
ReplyDeleteමුල් අවස්ථාවේ (වයස 22 දී පමණ.)
1. Twilight Movie එකේ Robert Pattinson මෙන් කඩවසම් වීම
2. ලියනාඩෝ ඩි කැප්‍රියෝ මෙන් ප්‍රියජනක
3. Mark Elliot Zuckerberg මෙන් සල්ලිකාර
4. ලෝකේ ඉන්න එකම කෙල්ල එයා යයි සිතා කටයුතු කිරිම
5. බූරුවෙක් මෙන් කී දේ අසන කෙල්ලගේ යාළුවන් ඉදිරියේ හරකා වෙන
6. ජෝන් සීනා මෙන් ශක්තිමත්
7. Back Street Boys මෙන් අඳින පළඳින
8. මගේ සෑම දෙයක්ම අගය කරන
9. ඇස් උඩ යන තෑගි ලබාදෙන
10. Aameer Khan මෙන් ශෘංගාරාත්මක
වයස 32 දී
1. මනා පෙනුම (කොන්ඩය තිබිය යුතුය.)
2. වාහනයේ දොර ඇරදීම, ෂොපින් යාම
3. හමීඩියාස් ඩමීස් මෙන් අඳින පලදින
4. පීසා හට්, කේ ඇෆ් සී හා ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් හී ආහාර ගැනීම
5. කතාකරනවාට වඩා සවන්දෙන
6. මගේ විහිළුවලට සිනාසෙන
7. අපහසුවක් නැතුව බඩු මළු අතින් කටින් ගෙන ඒම
8. ගෙදර කෑම අගය කිරීම සහ සමහර විට ඉවීමට හැකිවීම
9. දරුවන් බලා ගැනීමට හැකීවීම
10. උපන්දින හා සංවත්සර මතක තබා ගැනීම
11. සතියකට එක වරක් පමණ එක්වීම (මේක සමහර වෙලාවට දිනපතා වෙන්නත් පුළුවන්)
වයස 42 දී
1. කැතම නැති (තට්ටය අවුලක් නැත.)
2. මා අසුන් ගන්නා තෙක් වාහනය ස්ටාට් නොකරන
3. යකා මෙන් මුදල් සෙවීම - ඉඳහිට ගෝල්ෆේස් එකේ හෝ ඩිනර් ගැනීම
4. මා කතා කරන විට ඔළුව වැනීම
5. මගේ ජෝක්ස් වලට සිනහ වෙන තැන් දැන සිටීම
6. ගෙදර අස් පස් කිරීමට හැකිවීම
7. නෙරා ඇති උදරය හැකි තරම් අඩු කර ගැනීමට උත්සහ කිරීම
8. පියන විවෘත කළ නොහැකි නිෂ්පාදන නොගෙනීම
9. සතියකට දෙවරක් පමණ එක්වීම
මට අනාගතය දැක්කම ඇඬෙනවා අප්පා..
Deleteඕවා ඉතින් හදන්න ගියාට පොඩි පොඩි වෙනස්කම් එක්ක වෙන්නේ එකම දේ..
Delete@ ඊ මේල් කවිකාරි
ඔහේ මක්කටෙයි බය වෙන්නේ
පොඩි ප්‍රශ්නයක් තියනවා..ඔය වයස කොල්ලගේ වයසද? කෙල්ලගේ වයසද?
ReplyDeleteඋඹට පේන්නේ කාගේ වගේද
Deleteඅනේ.. මෙහෙම කියනකොට බයේ බෑ,..
ReplyDeleteකරන්න දෙයක් නෑ ඇත්ත ඕක තමයි
Deleteහඃ හඃ හා...මම ලියපු පොස්ට් එකක් තියනවා draft එකේ. පබ්ලිෂ් කරන්න ඕනෑ...
ReplyDeleteකියෙව්වා මරු පට්ට කෙල්ලෙක්නේ
Deleteමට 35යි ඕයි . . .
ReplyDeleteමමත් ඔය වයසෙදි රටෙන් පිට හිටියේ.. දෙයියෝ ඔය චාන්ස් හැම තිස්සෙම දෙන්නේ නෑ
Deleteඅයියෝ සල්ලි....
ReplyDeleteඅයියෝ සැලරි
Deleteහෆෝයි, මේ වගේ පෝස්ට් නම් තහනම් කරන්නෝන, මේවායින් කෙල්ලන්ට උල්පන්දම් දෙනවා. කෝ මේ මහින්ද මාමා?
ReplyDeleteමහින්ද මාමටත් ඔච්චර තමයි
Deleteමම තාම ඉන්නේ පළවෙනි කොටසේ.. මේ ටික හොදට අධ්‍යනය කරන්න ඕන.. ස්තූතියි මාතලන් වෛද්‍යතුමනි..
ReplyDeleteෆ්‍රේම් කොල්ලා තියා ගත්තත් අවුලක් නෑ
Deleteඅපිවත් බය කරනවනේ.....
ReplyDeleteබයකරනවා නෙමෙයි බන් දැණුවත් කොරනවා
Deleteඅවධි කිහිපයක් පහු කරා කිව්වා? :0 දැන් මාතලන් අයිය ඉන්නේ මොන අවධියේද?
ReplyDeletemama hithanne (3) wana eke wenne ona :D
Deleteමං හිතුවා :)
Deleteගිම්හානී හරි
Deleteඅපි කාටත් ඉතිං ඔය සෙතේ තමයි.
ReplyDeleteඅන්න බලන්න කිරිපුතාට තේරෙනවා මොකාටද වගේ
Deleteමමනම් තාම පලවෙනි අවදියටවත් ඇවිල්ලනෑ....
ReplyDeleteඒත්..ඔය කියන ඔක්කොම....අනේ මන්ද.....o.O
තාම හිතල නෑ...අනෙ අම්මෝ ඕනෙත් නෑ....:O
කැමැත්ත අකමැත්ත ඔබේ අතේ. අපි ඉතින් විඳින දුක කියනවා
Deleteඅද ඉදන් ටෙනියගේ නාට්‍ය කෑලි දෙකක් තුනක් වත සතියකට සැරයක් බලන්න ඕන...
ReplyDeleteසෑහෙන මාක්ස් ගන්න පුළුවන්
Deleteපිරිමි අපි තරං අසරණ ජාතියක් ඇතිද මේ මුළු තුන් ලෝකයේම ඈ.. ඇඬෙනව.
ReplyDeleteඅනේ ඉතින් අපිට අබ සරණයි
Deleteඅනේ බොරු කියන්ට එපා. සමහර කෙල්ලන්ට ඔය නලු බට්ටන්ව පේන්ට බෑ. ෂාරුක් අපොයි. විහිලු කරනවද? :D:D:D
ReplyDeleteඔහේගේ ඉල්ලීම් මීටත් දරුණුයි නේ
Deleteමට 22යි ඒ කියන්නෙ මුල් අවදිය .... එතකොට ඔය මුල් අවදියේදි පඩ යවන සීන් එක ගැටලුවක් නැද්ද... කෙල්ල නෙවෙයි මොකා ලග ඉදියත් එන පඩේ හොදට තටමල අරින එක තරන් වෙන සැපක් කොහෙද... ක්ලෝගාඩ් වලින් දත් මැද්ද වගේ පඩේ ඇරියාම පුක කූල් වෙන්නෙ... මම එයා ගාවද දෙසර යක් තුන්සැරයක් සද්දෙට පඩ ඇරල තියෙනව...චී,,,, වල් කොල්ල කියලා එකක ගහනවා එයා එතකොට......
ReplyDeleteඒ කැමැත්තද අකමැද්දත... Dr මාතලන් ආහෝ පහදා දෙනු...
ඔබේ රෝගය දරුණු රෝගයක බව පෙනේ 52 දී සෑදෙන රෝගයක් 22 දී සෑදීම කණගාඩුවට කරුණකි.. පඩ සාම්පලයක් ජෑම් බෝතලයකට දමා මුකවාඩමක් සහිතව වහාම එවන්න. ඇමරිකාවට යවා පර්යේෂණයකින් පසු ප්‍රතිකාර දන්වමි...
Deleteඇයි යකෝ... 22 උන් සද්දෙට පඩින එක ලෙඩක්ද ??
Deleteඕව ඉරිසියාවට කියන කතා... ඒ කාලෙ පුකට කූල් වෙන්න පඩින්න නිදහස තිබුනෙ නැති නිසා මාතලන්ට
සිරා බොල...
ReplyDeleteසෑමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඇයි ඕක 22,32,42,52,62,72 වගේ 2 ඉලක්කම එක්ක වයස දැම්මේ ?
ඒක මෙහෙම කියන්න බෑ.. ඔය වයස් පහි කරන කොට තේරෙයි
Deleteඅම්බෝ!මං බඳින්නේ නැ.මට දුක් විඳින්ට බැ.!!!!!!
ReplyDeleteඅඳෝමැයි!අනිච්චේ දුක්කේ කිව්වලු!
ඔන්න දෙයක් ගත්ත කෙනෙක්....
Deleteමාතලන් මේකෙ අංක වල සම්බන්ධයක් තියෙනවා නේද? උදාහරණයක් විදියට අංක දහය විතරක් කියවාගෙන යනකොට මාර ආතල් එකක් තියෙනවා. මේක ස්වයං නිර්මාණයක් නම් මාතලන් මෙන්න පහක් නිර්මාණ කුසලතාවයට.
ReplyDeletehenryblogwalker the Dude
ඔබ හරියටම හරි. බොහොම හෙමින් කියවලා තේරුම් අරන් තියෙනවා. මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි. නමුත් පරිවර්ථනයක්මත් නෙමෙයි. අපිට ගැලපෙන විදියට තමයි කලේ. මම කැමතිම 4 වන අංකයට ඒකෙත් වයස 52 දී එක. පොඩ්ඩක් හිතලා බලන්න.. හිනා වෙලා මැරෙනවා
DeleteDr මාතලන් DMO = Dangerous Medical Officer
ReplyDeleteමම නං ඉන්නෙ දැන් 62 ට ඔන්න මෙන්න...හෙහ්...හෙහ්...
එහෙනම් ඉතින් මගෙන් වත් දහයක් දෙන්නම්..
Deleteබය හිතෙන එව්ව මෙහෙම ලියනවද බොල... මෙව්ව තහනම් කොරන්න ඕනි....
ReplyDeleteඈ බන් අයියේ සැක්ස් වලට ඇති තැන ස්‍රීග්‍රයෙන් පහල යනවනේ
ඒ ගෙදරනේ බන්.. අල්ලපු ගෙදරට ප්‍රෙම කරන්න කියන්නේ ඒකනේ..
Deleteමෙ පොස්ට් එක මට මිස් උනානෙ . හප්පෙ මෙතුවක් නම් ඇත්තෙයි. ඉතින් කොහෙ තියන සුබ අනාගතයක් යැ
ReplyDeleteමෙව්වා මිස් කර ගන්න එපා ඉතාමත් වටිනා ලිපි නේ යන්නේ..
Deleteමට තාම 24 යි මේක කිව්වම හිතෙන්නේ මේ කපේදී මට කෙල්ලෙක් හොයා ගන්න බැරි වෙඉ කියන එකයි..
ReplyDeleteඔව් ඉතින් මේවා කොරන්න බැරිනම් නිකන් හිටහන්
Deleteතුන නැතුව මුකුත් කරන්න බැහැ......
ReplyDeleteකොයි තුනද
Deleteපිස්සු හැදෙනවා ඒ උනාට ඇත්ත කියලා හිතෙනවා
ReplyDeleteසහතික කරන ලද ඇත්ත
Deleteඔහු වෙනුවෙන් කළ හැකි දේ
ReplyDelete1- රසට පිස්සහැකි... විශේෂයෙන් ගමේ කෑම.
2- ගෙදර එනකම් බලා ඉදතැහැකි.
3- ඉදල හිටල ඔහු වෙනුවෙන් කවියක් ලියතැහැක.
4- තරහ වෙන්නෙපා රෙදි නම් සෝදන්න බැහැ. මැදල නම් දෙතැහැකි.
5- සපත්තු මැදල දෙතැහැකි
6- නින්ද යනකම් හිස අත ගෑ තැහැකි.
7- ගේ මිදුල හැමතැනම අතුගාලා පිරිසිදුවට තිය තැහැකි.
8- හැමදාමත් හිතගත සතුටින් තිය තැහැකි.
මා වෙනුවෙන් අවශ්‍ය දේ
1- ආදරය සහ කරුණාව
2- උයන දෙයක් කට පියාන කෑම.
3- ලියන්නට ඉඩ දීම
4- සැමදා මා සතුටින් බලා ගැනිම
5- මාව එපා නම් " මට උඹ එපා යන තැනක පලයන් " කියල කෙලින්ම කීමට හැකි වීම.
මේ වගේ ඇඩ්ස් වලට මම චාජ් කරනවා..
DeleteDr. මාතලන් අර වයස 72 න් පස්සේ වැඩේ නම් මරු හරිය !
ReplyDeleteඊට ඉස්සෙල්ලා මලානම් හොඳයි
Deleteඅපිටත් දවසක බඩු හම්බෙනවා....
ReplyDeleteඅනිවා
Deleteසංසාරේ භවේ දුකා...... :D
ReplyDeleteමාතලන්ද කීව මෙසේ
Deleteජීවිතේ පළමු වතාවට Blog එකක් කියවලා හොඳටම දාඩිය දැම්මා. මම තවම ඉන්නෙ පළමුවෙනි අවස්ථාවෙ. මේකෙ Comment කරපු ගොඩ දෙනෙක්ට මේක විහිලුවක් වුනාට මම නම් ඉන්නෙ අවංකවම බයවෙලා. මාතලන් සහෝදරයාට ස්තූතියි ජීවිතයේ නොදැකපු පැත්තක් පෙන්නලා දුන්නාට
ReplyDeleteදැනටනම් අදාල වෙන්නේ ෆස්ට් කැටගරි එක..!
ReplyDelete