.

.

Mar 11, 2012

කොමු පිළි # 3 ( තනපට - දෙවන කොටස ( කාන්තාවන්ට පමණයි)) - Lingerie # 3


තනපට ගැන ලියපු පෝස්ට් එකේ ( ලින්ක්ස් සඳහා ළිපියේ පහලටම යන්න.) හඳුන්වලා දුන්න වර්ග ගොඩක් අය දන්න ඒවාය. ඒක කොමෙන්ට් වලින් පැහැදිලි වෙනවාය. ගොඩක් අයට මලත් පැනලාය. ඒ දන්න ඒවා දාලා කියලායා. බලාගෙන ගියාම මුන් ජොක්කු ගැන දන්නේ නැති උනාට තනපට විශේෂඥ්ඥයෝය. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැති ජාතියක් නිසා පුදුම වෙන්න දේකුත් නැත්තේය.බොග් වල වටිනාකම මේ ලිපි වලින් ලැබෙන්නේය. බැසියර්වලට බොඩි කියලා කියන එක එහෙම පිටින්ම අමතක උනේය. ඒ වගේම ඕනයා කිව් ලෙස "පුෂ් අප් බ්‍රා" වලට "වොන්ඩ බ්‍රා" කියාද කියන්නේය. බොහෝ අය දන්නේ ඒ නමින්ය. වොන්ඩ බ්‍රා ය. වොන්ඩර් බාර් නෙමේය ඒවා තියෙන්නේ හිම කිරම කඩේය.


තන පට වර්ග හැට හුටහමාරක් තියෙනවාය. මම මේ ලියන්නේ කොමන් ඒවා ගැනය. අනෙක් දේ වගේම තාක්ෂනයත් සමග ශරීරයට හිතකර නව නිශ්පාදන වෙළඳ පොලට එනවාය. අපිටත් ආඩම්බර විය හැකිය. මොකෝ ළෝකේ හොඳම බ්‍රෑන්ඩ් මෙහෙත් නිපදවන නිසාය. තවත් කොටසක් පහලීන් දමනවාය. කැමති එකක් බලා ඇඳගත්තාට අවුලක් නැතිය. මේ පෝස්ට් එක හදන එක පට්ට අමාරු වැඩක්ය. එම නිසා හොඳම ටික ඊළඟට දමනවාය.

ඩෙමී බ්‍රා
දැන් තරුණියන් අතර ජනප්‍රියම ඩෙමී බ්‍රා,  තන පුඩු වලින් තරමක් ඉහල දක්වා ආවරනය කරනවා. මෙහි උරපටි තිබෙන්නේ ත් වලට බොහෝම කිට්ටුවෙන්. ඒවගේම කප් දෙක මැදින් යන පටියකින් තමයි කප් දෙක එකතුවෙන්නේ. අනිත් ඒවා වල වගේ වටේටම පටියක් යන්නේ නෑ. ක්ලෙවාජ් එකත් හොඳට පේනවා. අපේ රටේ සාරි අඳින අයට පටි එළියේ දාගෙන පටි රෝල් කර ගන්නේ නැතුව ඩෙමී බ්‍රා ගත්තනම් හරි. පුෂ් අප් වලින් කරන කාර්යයත් යම් පමනකට එරෙනවා..













ෆ්‍රන්ට් ක්ලෝෂර් බ්‍රා
 තනපට අඳින එකත් ලේසි වැඩක් නෙමේ සමහර අය පිටිපස්ස ඉස්සරයට අරන් හුක් එහෙම දාලා ආයෙත් රකවලා කප් ඉස්සරහට අරගෙන තමයි අත් දාගන්නේ. කොහොම හරි ටිකක් අමාරු වැඩක්. මේ වර්ගයේ එහෙම දුක් විඳින්න ඕන නෑ. හුක් එහෙම නැත්නම් කාස දාන්න තියෙන්නේ ඉස්සරහින්. පසුපස කිසිම දෙයක් නෑ. කොටින්ම හැට්ටයක් අඳිනවා වගේ.













මිනිමයිසර් බ්‍රා
ලොකු පියයුරු පොඩි කරන එහෙම නැත්නම් වැල වරකා කරන වර්ගය තමයි මේ. මෙමගින් විශාල පියයුරු කුඩා කර පෙන්වනවා. මෙය පියයුරු විශාල අයට සැපපහසු වර්ගයක් වූවත් අද වන විට මේ ලෙස පියයුරු තද කර ඇඳීම පියයුරු පිලිකා වලට අත වැනීමක් බවයි වෛද්‍ය මතය.













සොෆ්ට් කප් බ්‍රා
අන්ඩවයර් බ්‍රා වල මෙන් කප් යට තද ආවරණයක් නෑ. ඒ කාර්යය කරන්නේ ළමැද වටා යන පටියකින්. ඉතා සුවපහසු හිතකර වර්ගයක්.













කොන්වර්ටබල් බ්‍රා
මිළ අධිකයි. හේතුව උර පටි ගලවා කැමති ආකාරයකට සකස් කර ගත හැකි වීමයි. සමහර ඇඳුම් වර්ගවලට කර පටි නොපෙනෙන ලෙස අඳින්න අවශ්‍යනම් මේවා මිළදී ගත්තාට පාඩු නෑ. විශේෂයෙන් විවිධ මෝස්තරවල සාරි ජැකට් අඳින අයට.












මැටනිටි බ්‍රා
ගැබ් සමයේ පියයුරු වල සිඳුවන වෙනස්කම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවා ඇත. ඉතා සුවපහසු වර්ගයකි.












නර්සින් බ්‍රා
දරුවාට පහසුවෙන් කිරි බීමට තන පුඩුව ප්‍රදේශය පමණක් එනම් ඉදිරිපසින් විවෘත කල හැකි ආකාරයට නිපදවා ඇත.












රේසර්බැක් බ්‍රා
උරහිස ප්‍රදේශය පේන්න අඳින ඇඳුම් වලට ගැලපේ. කර පටි පිටුපසින් ඉංග්‍රීසි වී අකුරේ හැඩයට ඇත. ස්පොට්ස් බ්‍රා වල ඇත්තේද මේ ආකාරයේ පසුපස නිමාවකි.














බ්‍රයිඩල් බ්‍රා / කෝසෙට් බ්‍රා
අපේ කෙල්ලොත් දැන් වෙස්ටන් මනමාලියෝ විදියට අඳින්න කැමතියිනේ. මම නම් ඒකේ කිසිම වරදක් දකින්නේ නෑ. මොකෝ මුකුත් නැතුව හිටපු අපට ඇඳුම් ආවේ පිට රටින්නේ. එහෙම වෙස්ටන් ගවුමක් අඳිනවනම් ඇතුලට මෙයින් බ්‍රා එකක් අඳින්න.












ස්ට්‍රැප්ලස් බ්‍රා
උරපටි නොමැතිව නිපදවා ඇත. උඩුකය නිරාවරණය වන ලෙස නිපදවූ ගවුම් හෝ ටී ෂර්ට් අඳිනවනම් බය නැතුව ඇඳගෙන යන්න. මොකෝ ප්ලාස්ටික් උරපටි උනත් ලං උනාම පේනවනේ.












ටී ෂර්ට් බ්‍රා
ඉල්පුනු වාටී නොපෙනෙන ලෙස ඇඟටම ඇලෙන ලෙස විශේෂයෙන්ම නිපදවා ඇත්තේ, අද ජනප්‍රිය ඇඟටම හිරවෙන ලෙස අඳින ටී ෂර්ට් සඳහාමය.












ස්පෝර්ට් බ්‍රා
ජිම් යන අයට හොඳයි. පියයුරු නොසෙල්වන ලෙසත් එයින් ලැජ්ජාවට පත් නොවි එක්සයිස් කල හැකි ආකාරයටත් ඉතා තදට සිටින සේ නිපදවා ඇත.















ට්‍රේයින බ්‍රා
වැඩිවියට පත්වූ වැඩෙන පියයුරු සඳහාම නිපදවා ඇත. බොහෝ විට 100% සේද රෙදි වලින් නිර්මාණය කර ඇත.












බිල්ට් ඉන් බ්‍රා
බොහෝ විට මේක බ්ලව්ස් එකක් වගේ අඳින්නත් පුළුවන්. ළැමැද ප්‍රදෙෂය පුළුල් ඉලාස්ටික් පටියක් හෝ අන්ඩර්වයර් හෝ පැඩඩ් ඒවා වල මෙන් කප් වලින්ද යුතුය. සීතල රටවල අය ග්‍රීස්ම කාලයෙදී වැඩිපුර අඳින්නේ මේවායි.










ඔඩෙල් එකේ මිළ ගනන්, ඔය උඩම තියෙන "ඔඩෙල්" (ODEL)  කෙටුවම බලා ගන්න පුළුවන්

හොඳම ඒවා වන ට්‍රයිඈන්ග්ල බ්‍රා, ෂෙල්ෆ් බ්‍රා, සීම්ලස් බ්‍රා, ප්ලන්ජ් බ්‍රා, මෝල්ඩඩ් කප් බ්‍රා, බැල්කොනෙට් බ්‍රා, ඇඩ්හයිව් බ්‍රා, බෙලි ඩාන්ස් බ්‍රා සහ බැන්ඩෙඌ බ්‍රා ඊළඟට. මේකේ දාන්න ඉඩ මදි...

මේ හා සබැදි අනෙක් ළිපි
කොමුපිළි 1 -  ජංගි
කොමුපිලි 2 - තනපට 1
මීයාට කූඩුවක් - ජොක්කු

හොඳම ඒවා ටිකක් මෙතනිනුත් බලන්න.. හැබයි ගිනිගත් නරියා (Firefox) ගෙන් පමණයි.

84 comments:

  1. දන්නැති ජාති දෙක තුනක් තියෙනෙවා. අනික්වා නම් දන්නවා.

    ReplyDelete
    Replies
    1. එකක් දැනගත්තත් ඇතිනේ

      Delete
  2. කෝ එළද බ්‍රා ?

    ReplyDelete
  3. අප්පට සිරි. මේක දැනුම් සාගරයක්නෙ.

    ReplyDelete
    Replies
    1. විස්සකෝසයක් වගේ නේ .. හෙහ් හෙහ්

      Delete
  4. මම නම් අදම තමයි මෙව්ව ගැන දැනගත්තෙ... 1,2 පෝස්ට් මිස් වෙලා මගේ හිතේ

    ReplyDelete
    Replies
    1. සමහර ගෑල්ලමයි හිටන් අවංකව කිව්වා මේවා දැනන් උන්නේ නෑ කියලා.. අනිත් ඒවත් නිවාඩු පාඩුවේ බලන්න

      Delete
    2. යට කෑලි වල ගොඩක් ඒව දන්නව... උඩ කෑල්ල තමයි දැනන් හිටියෙ නැත්තෙ ;)

      Delete
  5. කපීකේකිMarch 11, 2012 at 9:42 PM

    ඔක්කොම දන්න දේවල්නේ

    ReplyDelete
    Replies
    1. වැරි ගුඩ්... වැරි ගුඩ්

      Delete
  6. මෙ බලහන් සුද්දා ඌගෙ ගැණිට හැමදෙම හදලා දිලා. එ කෙල්ලන්ගෙ හැමසැප පහසුවක්ම ඉෂ්ට සිද්ද කරලා දිලානෙ.
    එකටත් එක්ක අපෙ උන්... :D

    ReplyDelete
    Replies
    1. සුද්දා නාවනම් තාම උක්කුන් එළීයේ

      Delete
    2. Aparade sudda aawe

      Delete
  7. පුදුම දැනුමක් ලබා ගත්තෙ...මාතලන් අයියට පිං සිද්ධ වෙන්න ඕන.....

    ReplyDelete
  8. මෑන් බූබ්ස් තියෙන පිරිමි කට්ටියට අඳින්න ජාතියක් තාම නිපදෝල නැද්ද ? :-)

    ReplyDelete
    Replies
    1. තියෙනවා...... අන්තිම එකේ දාන්නම්

      Delete
  9. ඇයි ජංගි ලස්සනට මහන්නේ...???????????????

    හිතුමතේ සුදා

    ReplyDelete
    Replies
    1. පූජනීය වස්තුවක් ආවරණය කරන නිසා

      Delete
    2. ලෝකයේ තියෙන වටිනාම දේ ලඟට තියෙන දේ නිසා...

      Delete
  10. ඔන්න මන් නම් කියෙව්වෙ නෑ.. අපිට නෙවෙයිනෙ..ඕන්..

    ReplyDelete
    Replies
    1. එකෙක් හරි එහෙම ඉන්න එක කොච්චර දෙයක්ද

      Delete
  11. හොඳයි හොඳයි නොදන්න අයට දැනගන්න .

    ReplyDelete
    Replies
    1. හාමිනාගේ ප්‍රොජෙක්ට් එකක් නේ. නමුත් කාටත් ප්‍රයෝජනයි

      Delete
  12. අපොයි දෙය්යනේ පිරිමි ලමයි දැන් ගෑනු ලමයින්ගේ ඇඳුම් දිහා බල, බල මේවා මවාගන්ට හදයිනේ. :D:D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ . . ඊටත් යටිං එවුව තමයි මවා බැලුවොත්

      Delete
    2. ඇයි අර එකෙක් කලින් පෝස්ට් එකේ කොමෙන්ට් කරලා තිබුනේ. තනිකර ඇත්ත කතාව

      Delete
  13. දරුවාට පහසුවෙන් කිරි බීමට.......
    මහත්වරුන්ට?

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි බැට් එකෙන්..
      හික්ස්..

      Delete
    2. ඒකට වෙනම එකක් තියෙනවා. අන්තිම එකේදි දාන්නම්

      Delete
  14. පහලටම ස්ක්‍රොල් කරං ආවා ඉක්මනටම..
    මේකේ දාලා තියෙන පින්තුර නිසා ඔෆිස් එකේදී නම් බලනවා බොරු..

    ReplyDelete
  15. ඔය ඉස්සරහින් කොක්ක දාන ජාතිය තමයි මගෙ ප්‍රියතම . . . ෆිල්ම් එකක් බලන්න ගියත් කරදරයක් නෑනෙ . . . හැබැයි ඉතිං තෑග්ගකටවත්අරං දෙනව බොරු ගනං වල හැටියට

    ReplyDelete
    Replies
    1. ඇ බන් අයියේ බැදලාත් දැන් අවුරුදු ගානක් නේද?
      තාම ඔය ‍ෆිල්ම් හොල් ගැන හිතන්නේ ගෙදර අවුල් ද?....

      (මාතලන් අයියායි.. ඔබා මමායි අපිව නරක් කරනවා අෆ්ෆා)

      Delete
    2. අපොයි ගාන අඩු ඒවත් තියෙනවා...

      Delete
    3. හම්බ උනේම නෑ බං අඩුවට .. . බැරිම තැන රටින් ගෙන්නුවා

      Delete
  16. මේවා ඉතින් දැකලා පුරුදු ඒවා නෙමේනේ ඔය අනිත් අය වගේ...

    දැන් ඉතින් මේවා බලන්න විදිහක් හොයන්න හිතෙනවා අෆ්ෆා (ඔඩෙල් යන්න කියන්න එපා)

    ReplyDelete
    Replies
    1. එතෙන්ටම යන්න ඕන නෑ. ඔය ඕන තරම් තියෙන්නේ කොළඹ හැම තැනම

      Delete
  17. අනේ ඉතිං ඕවා දකින්න වෙන්නේ පින්තුරයකින් විතරයි නේ.තවම..

    ReplyDelete
    Replies
    1. දවසක් එයිනේ. එතකන් ඉවසපන්

      Delete
  18. දුටු සතුටු පමණි තව ම !

    ReplyDelete
    Replies
    1. දවසක් එයිනේ. එතකන් ඉවසපන්

      Delete
  19. රස්නේ කාලේ ආවම අපිට නම් මේවා ඕන තරම් බලාගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. මාත් එක එක තැන්වල කරක් ගැහුවයින් පස්සේ තමයි ඕවා දැන ගත්තේ

      Delete
    2. හොද වෙලාවට ඉසිමා එකේ කිවු සී නංගියෙක් දමාගෙන හිටියෙ කාලයක් . . . නැත්තං මටත් උඹට වගේ ඇවිදින්න වෙනව තැං තැං වල ඕව බලන්න

      Delete
  20. වැදගත් බං.. මාතලන් මාර බඩුවක් නොවැ..

    ReplyDelete
    Replies
    1. කොයි දේ දැනගත්තත් පාඩු වෙන්නේ නෑ නේ

      Delete
    2. මම බැලුවේ එයාට බර්ත් ඩේ එකට දෙන්නේ මොකක්ද කියල මචං !

      Delete
  21. පිස්කු පීකුදු

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒවා තියෙන්නේ ඇඟ ඇතුලේ

      Delete
  22. hiks...

    monawa unath wadagath samaaja kaaryayak me karanne :)

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ඔහේට තේරුනා

      Delete
  23. දැන් ගිනි ගනන් නෙ මේවා... අර පිරමීඩ ක්‍රමයට විකුණන එකේ නම් මේ හැම වර්ගයම තියේ.(ඔරිප්ලේම්)

    පාසල් විෂය නිර්දේශයට ඉගැන්නුවත් කමක් නැහැ වගේ... නැතිනම් මේ බ්ලොගය පාසල් විෂය නිර්දේශයට නිර්දේශිතයි කියල කියන්න වෙයි....

    ReplyDelete
    Replies
    1. පිස්සුද සින්දු වලටත් වාරණයක් ගේන්න යන්නේ.

      Delete
  24. ඉස්සර කට්ටිය උඩුකය තදවෙන්න ඇන්ද ඇඳුමේ නම " bodice ". කටවහරට ඒක "බොඩිය" වුනා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දැණුවත් කිරීමට

      Delete
  25. මම හොයපු එක තාම නෑනේ කෝ අර පටි මුකුත් නැති අලවන්න තියෙන අයිටම් එක???? ඒක දෙපැත්තට කප් දෙකක් වගේ අලවන්න තියෙන්නේ මම කනාවට එක පාරයි ඒක දැක්කේ ඊට පස්සේ මිසිං

    ReplyDelete
    Replies
    1. හොඳම ඒවා ඊළඟ එකේ.. ෂොරි ඈ...

      Delete
    2. මූට තියන තදියම :)

      Delete
    3. හත්ඉලව්වෙ තව ජාති තියෙනවද?

      Delete
  26. යකෝ මාතලන් කට ඇරලා කියනවා මේවා ඇන්දාම සුව පහසුයි මේවා හරිම තදයි කියලා .. කෝමද මචෝ ටක්කෙටම ඒම කියන්නේ ..

    මෙවන් ලිපි තවත් ලියැවේවා !!

    ReplyDelete
    Replies
    1. අදර්ස් ඇක්ස්පීරියන්ස්

      Delete
  27. හොද දැනුමක් තියෙනවා වගේ ..... කරගෙන යන්න ..... ජය වේවා .

    ReplyDelete
    Replies
    1. කාළයක් මම මේවා නිෂ්පාදනය කරන තැනක වැඩ කළා

      Delete
  28. තව එකක් තියනවා වගෙ ඒකත් බලමු .. මට පෙන්නෙ ODEL ඇඩ් එකක් වගෙ ?

    ReplyDelete
    Replies
    1. ඔව් හැපි එන්ඩින් එක.. ඇඩ් එකක් නෙමෙයි. සමහර අය ඇහුවා මේවා මෙහේ තියෙනවද කියලා

      Delete
  29. හනේ අම්මෝ....සෑහෙන්ඩ දේවල් ඉගෙන ගත්තා....:)

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ඉතින්.. දැන් බයක් නෑනේ

      Delete
  30. හෙහ්... මෙන්න පෝස්ට්.. ඔපීසියෙ එවුං ගෙදර යනකං උන්නෙ බලන්න. සැහ් නොදන්න දේවල් ගොඩයි නෙව බලාන ගියාම.

    ReplyDelete
    Replies
    1. මැරෙනකන් ඉගෙන ගන්නවා කියන්නේ ඕකනේ

      Delete
  31. ඔපීසියෙ ඉදන් ගෙදර එන්නෙ කොයි වෙලේද කියල හිත හිත හිටියෙ. වෙලාව කියන්නෙ 3.30 කරන්ට් එක ගියා. 4ට ඔපීසියෙන් මාරැ වුනා. කිවුවත් වගේ විශ්වකෝෂයක් නොවැ.

    ප.ලි.
    මේ වැඩෙන් මගේ පර්ස් එකටමයි කෙලවෙන්නෙ. මේක දැකල ‍හාමිනේටත් මේක තියෙන ඒවා ඕන වෙලා. මොනව කරන්නද. ඕන කියන ඒවා අරන් දීලා ආයෝජනයක් කරා කියල හිත හදාගන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම වටිනා ආයෝජනයක්.. පසු කාලීනව තේරෙයි..

      Delete
  32. අපොයි... කුක්කු තොප්පි ගොඩයි.

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. හම්මේ..සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත..
    අපිනං තාම ඔව්ව දැකල නෑ..

    ReplyDelete
  35. මගේ එකටත් ඇවිත් යන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න