නෙලා ගෙන ගොස්
පිපේ..වී රජ
සිටු මැදුරු තුල.....
මුදුව සැරසෙති
රේණූ මල් පෙති
සැවොම රොන් බොති
රේණූ මල් පෙති
සැවොම රොන් බොති
උරා සැනසෙති.....
සොයුරියන්ගේ
පහස වින්දෙමි
රේණු මුදු සුව
තනිව වින්දෙමි.....
තනිව වින්දෙමි.....
පරව යයි මල්
පුදපු මී පැණි
නොමැත වෙනසක්
මටද එය හිමි.....
පැණි කුරුල්ලනි
නඟන මිණි මිණි
රොන් සොයා යන
වණේ බඹරුනි.....
සමනලෙකු හෝ
නොමැත සපැමිණි
පරව යමි මම
කඳුළු නොසැලුනි.....
.oOo.
ප: ලි:
හැමෝම මේකේ නිමිත්ත අහලා තිබුනා. එහෙම දැම්මම කවියක අගයක් නෑ කියලා හිතෙනවා. නමුත් මෙකේ තිබුන දෑ ඒ ය තේරුම් අරන් තිබුනා. ඇත්ත කතාව මේකයි. මම අඳුනන ආන්ටි කෙනෙක් හිටියා. පුදුම ලස්සනයි. ඇත්තටම මගේ මිතුරියක් කිව්වොත් නිවැරදියි. පුදුම සුන්දර කාන්තාවක්. හැම වෙලාවෙම හිනාවෙලා හිටියේ. කවදාවත් අඬලා නෑ කියලා මට කියලා තියෙනවා. ඒ වගේම එයාට සුන්දර මරණයකුත් හිමි උනා. ඒයා නින්දෙදිම මැරුණා. මිනීයෙත් ඒ සුන්දර සිනහව තිබුනා. පිරිමි මිතුරන් සිටියට කවදාවත් එයාලත් එක්ක එක්වෙලා නෑ. මෙයා කැමති වෙන දෙයකට.
උලව්වේ මට මේක හරියකට තේරෙන්නෙ නෑ නෙව. අහවල් දෙයක්ද මංද....
ReplyDeleteමම හිතපු දේ දැම්මනම් මේකෙන් ඇති වැඩක් නෑ
Deleteනුපූදා මල් පෙති
ReplyDeleteනුඹ පරව ගියදා
හඬාවී ඉකිගසා
රොන් සෙවූ බඹරා !
"බඹරු නො-එන මල් කොයින්ද" කීවට එහෙම ඒවත් තියෙනවා..
Deleteඇයි කඩදාසි මල ?
Deleteනිමිත්තත් කිව්වනම්...
ReplyDeleteඑහෙම කිව්වොත් කවිය රස නැහැ. කැමති විදියකට් හිතා ගනින්
Deleteමොකද මේ හදිස්සියේ ???
ReplyDeleteනෑ මචං කලින් ලියපු එකක්.. මේ මෑතක සිඳුවීමක් එක්ක මතක් උනා
Deleteපිපෙන්නත් පෙර විදා පෙති මම
ReplyDeleteනෙලා ගෙන උන් ගියේ රහසෙම
මෑත් කර මුඳු සිනිඳු පෙති හැම
උරා ගත්තා නැවුම් රොන් සැම
වටවෙලා සල්ලාල දෙඹරුන්
හපකලා යෞවනය සැනකින්
අතින් අත ගිය මගේ පහසින්
සැනසුනා උන් මගේ සුවඳින්
පැණි කුරුල්ලන් නොමැත දුටුවේ
අහිංසක සමනලුත් නැත්තේ
කළුම කළු දෙඹරුනුයි ඇත්තේ
ඉතින් මියැදෙමි උන්ම මත්තේ
සෑහෙන ලස්සනයි.. අවංකවම
Deleteමේකෙන් කියන්නෙනම් වෙනස් කතාවක් වගේ ඒත් මේක දැකලා මට ලියවුන කවියනම් මේකයි.
ReplyDeleteමම කියන්නේ වෙන දෙයක් බව තේරුම් ගත්තා නේ. ඒ ඇති
Deleteතේරෙනව හොරයි.. කොමු පිලි නම් ගේමක් නැතිව තේරෙනවා නොවැ.. ;)
ReplyDeleteහික්ස්.... මේවා සම්බහිය ඒවා..
Deleteගෙදරට නාකි වෙවී ඉන්න ගෑණු පරාණයක් ගැනද කියන්නෙ.
ReplyDeleteඒ වගේ කවියක් මීට වඩා දුක්බර වෙයි නේද. මෙයා එහෙම නෑ..
Deleteඅන්තඃපුරයක ඉන්න අහිංසක පොඩි ගෑනු ළමයෙක් ගැන සිහියට එනව.
ReplyDeleteහරි ඒ වගේ දෙයක් ගැනත් කියවෙනවා
Delete" රැයේ පිපි කඩුපුල් මල නුඹ "
ReplyDeleteකවියේ නිමිත්ත මොකක් උනත් කවියනම් ඇත්තටම ලස්සනයි..
තෑන්ක්ස්.. කඩුපුල් මලුත් මේ වගේ තමයි
Deleteඅන්තඃපුර ජීවිත වගේ තමා අඩු වයසෙන් ගෘහ සේවෙට අරන් යන දැරිවියන්ට දරුවන්ට ගත කරන්න වෙන ජීවිතත් කියල හිතෙනව.
ReplyDeleteඅම්මට බොල ඔබාට කව්ත් තේරෙනවනේ. ඇත්තම කතාව මම නිමිත්තක් ලෙස දැන් එක කොරන්නම්
Deleteනිමිත්ත කියෙව්ව
ReplyDeleteමාතලං ගෙ වෙනස් පෝස්ට් එකක් ද මන්දා
ReplyDeleteඑහෙම ඒවත් ලියනවා ඉඳ හිට
Delete