කටුගේ තියෙන රන් කඩු නමයක් නැති යා
මහ රෑ ආපු හොරු ඒවට කෙලියෝ යා
තිර පිටපත හරියට ලියවී නැති යා
කැමරා පද්දතිය ගැන මුන් අමු පච කෙලි යා
චෝර සොළී එළාරලා පෙති කැපු වා
පෘතුගිසි ලන්දේසී ලබුගෙඩි මෙන් කැපු වා
ඒ විතරක්ද සුද්දට පැන පැන කෙටු වා
මෙව්වා ඔහොම තියලා වැඩකට නැතු වා
දුම් ගහ ගහා දුම් මැස්සේ වෙලේන වා
පෙට්ටගමේ ඇඳ යට මලකඩ කන වා
මුවහත තබා අරගනු දැන් වැඩ එන වා
ඔබා අපිට කෙලවන්නට සෙට් වෙන වා
ජිනීවා එකේ තද බල කේස් ය ති
පෙට්ටගමේ ඇඳ යට මලකඩ කන වා
මුවහත තබා අරගනු දැන් වැඩ එන වා
ඔබා අපිට කෙලවන්නට සෙට් වෙන වා
ජිනීවා එකේ තද බල කේස් ය ති
සුද්දා ඇමරිකන් මෙහි එනු කැස කව ති
අඩෝ ඔබා ඒවා නම් ලේසී නැ ති
කපනවා අපේ කඩුවෙන් තොපි පෙත්තෙ පෙ ති
කටුගෙයි තියාගෙන ඉන්නේ රෙද්දට ද
මෙව්ව එහෙම තියලා ඇති වැඩක් වෙ ද
බලෙන් අරන් යමු ශ්‍රි වික්‍රම එක ද
යුද්දෙට නැති කඩු ඇයි බං කොස් කොටන්න ද
මෙව්ව එහෙම තියලා ඇති වැඩක් වෙ ද
බලෙන් අරන් යමු ශ්‍රි වික්‍රම එක ද
යුද්දෙට නැති කඩු ඇයි බං කොස් කොටන්න ද
යුද්දෙට යන්න කඩු නමයට විද්දා ද
ඉන් කඩු එකක් හෝ වඳුරට ලැබේවි ද
ගේම ඉල්ලමින් මල පැන ඉන්න ස ඳ
මහ රජතුමාටත් ඒකෙන් කෙලීවි ද
ඉන් කඩු එකක් හෝ වඳුරට ලැබේවි ද
ගේම ඉල්ලමින් මල පැන ඉන්න ස ඳ
මහ රජතුමාටත් ඒකෙන් කෙලීවි ද
.oOo.
කොහොමහරි වදුරගෙ අතට කඩුවක් ගියානං මරු
ReplyDeleteළොකු අයියත් කනට ගහපු එකේ වඳුරට කොටන්නත් බැරි නෑ..
Deleteමං ඒත් බැලුව අර ඕට්ටේලියාවේ ඉන්න ඔබා අයියට බනින්නෙ අහවල් එකකටද කියලා. මේ අනිත් ඔබානෙ. දැක්කොත් බුවා. නැත්නං එබුවා.
ReplyDeletehenryblogwalker the Dude
මාත් හිතුවෙ අපේ අහිංසක ඔබා මාම කියලා.
Deleteඒ ඔට්ටේලියන් ඔබා මේ ඇමෙරිකන් ඔබා
Deleteඅම්මද බොල දැන් තේරුනේ. කඩු ගත්තෙ ඔබාට කොටන්නද ?
ReplyDeleteපලි - ඔබා කීවේ බ්ලොග් ගිලින ඕස්ටේලියන් ඔබා මාමා නෙවේය. ඇමරිකන් එක්කෙනාය.
සොරි.. ගිලින නෙවේ ලියන.. ;)
Deleteආයි අහලා. එන්න කියහන්.. පෙති ගහනවා
Deleteහරියටම පහලොස් වෙනිද වෙනකොට කැමරා පද්දතිය අක්‍රීය වෙලා. හරි පුදුමයි.
ReplyDeleteමාරයිනේ. කොමසාරිස් තුමය කියන්නේ එව්වා නියමෙට වැඩ කියලා..
Deleteහත්ඉලව්වට ගහපි කලාබරේ කිව්වලු... දැන් එතකොට ඔබාමට ගහන්න යන්නෙ කඩු වලින්ද?...
ReplyDeleteබැරිම උනොත් කිනිස්සෙන් හරි අනිනවා. ගල් කටසුත් තියෙනවනේ..
Deleteරටේ අභිමානයේ යාව ජීව සැමරුම් රකින්න එක බල්ලෙක් නෑ! කාලකන්නි රකින්න උන්ගේ වාහන ඉස්සරහින් පිටිපස්සෙන් බුරුතු පිටින් යන්නෙ!
ReplyDeleteපුරා වස්තු වගේද වත්මන් වස්තු ඒවා ජාතික වස්තු නේ..
Deleteගනු කඩු එනු සටනට...
ReplyDeleteවරේවා..
Deleteela..niyamai..
ReplyDeleteමොකක්ද රොබරියද
Deleteබිබිලි නඟින බෙලි කටු.. කිවුවලු ... එල කිරි :)
ReplyDeleteහොඳම කඩු ටික..
Deleteමේ දවස්වල කස්ටිය කරන වැඩ දැක්කාම නම් හිතෙන්නේම වඳුරට කඩුව අහුවෙලා වගේ කියලා තමා. . .
ReplyDeleteඅනේ ඉතිං ජාතික කෞතුකාගාරෙ වත් රැකගන්න බැරි ආන්ඩුවක් රටේ ජනතාව වෙච්චි අපිව කොහේ රකින්නද මෙයා . . .
කෞතුකාගාරේ කොහේ රකින්නද එයාලා රකින්න කියලා අපටනේ කියන්නේ. ඇයි අපි චන්ඩිද
Deleteකෞතුකාගාරයත් හොරු පනීනම් අනිත් දේ ගැන කුමක් කියන්නද?
ReplyDeleteඅනිත් දේ කිව්වේ..
Deleteඅනේ මන්ද මේ දවස් වල ලියන ඔක්කොම කතන්දර වල තිර පිටපත් අන්තිම සවුත්තුයි. කොළොන්නාවේ ටෙලිය , විභාග ටෙලිය , පෙට්ට්‍රල් ටෙලිය, කැළණි ටෙලිය, ගූ-ගල් ටෙලිය , ඔක්කොම අප්සට් ඒවා. මීට වැඩ හොඳයි අර පවුලේ නාලිකාවේ (අපේ පවුලේ නෙවෙයි) මෙගා ටෙලි
ReplyDeleteWWW.THUNSITHA.TK
මේවා වල විතරක් නෙමෙයි. සෝ වලත් එහෙමයි. ඒවත් මාෆියා එකකින්නේ කරන්නේ..
Deleteෂෙල් වෙඩි මිසයිල්ද උඩ ඉගිලෙන කාලේ
ReplyDeleteකඩුවෙන් කොස් කොටන්නට වත් බැහැ රාලේ
කටුගෙයි වලන් දැක්කම සමහරුන්ට හිතෙනවලු අපරාදේ උයන් පිහන් කන්න පුළුවන් වලන් නේද මේ කියල . ඒ වගේ කාට හරි හිතුනද දන්නේ නැහැ මේ කඩු වලින් වැඩක් ගන්න .
+++
Deleteඅපරාදේ මුතු මැණික් පිරිලා. ඕවා අපිට දුන්න නම් මගුල් ගෙදරකදි හරි ප්‍රදර්ශනේ කොරනවනේ..
Deleteදැන් බඩේ කඩු ගිණි ගනන්. (පද පෙරලි භාෂාවෙනි)
ReplyDeleteඩොලර් එක 130 ලාබයි..
Deleteමට මේවගක් කල්පනාවට ආවෙම නෑනේ. හරි! ජිනීව කේස්එකට පස්සෙ ඔය කඩුටික ආපිට අපේ අතට ලැබේවි. නිකං නෙවේ අලුත් ඓතිහාසික වටිනාකමකුත් එක්ක.
ReplyDeleteඑතකොට වටිනාකම මීටත් වැඩියි..
Deleteයුද්දෙට කඩුව ගත්තේ ඉස්සර කාලේ
ReplyDeleteගැමුණුගේ කඩුව හොයන්නටලු මේ තාලේ
ඔබ-මා මොනවා කෙරුවත් අපි නම් බාලේ
මිහි තෙල් එපා අපි කමු රට නැහැ හාලේ
ගැමුණුගේ කඩුව තියෙනා තැන දන්නා
Deleteඇට මැස්සාට ඊයේ ඔත්තුව දුන්නා
එහෙනම් කඩු හොරකම් කරලා තියෙන්නේ ඇමරිකාවට ගේම දෙන්න...
ReplyDeleteආයි අහලා නෝනේ. එක කඩුවෙන් සීය දෙසීය මරලා තියෙන්නේ..
Deleteකඩුව ගන්න ඇත්තේ සුවර් අර ලංකාවේ ගූගල් අයියා වෙන්න ඇති මයේ හිතේ.
ReplyDeleteදැන් ඉන්දියන් බඩුත් ගන්න එපා කියයි
Deleteලස්සන කවි පෙලකි..
ReplyDeleteපාට පාටින් තියෙන නිසැයි..
Deleteකෑගලු දිසාවේ ජන්මය ලබා ඇති
ReplyDeleteඋරැමය නොවේ මෙය අපේ කරැමයක් වෙති
මිනිහට වඩා ගෑනි කරලියේ රගති
මේ ඇමතියා සුරැට්ටු බී නිදති
හොද වැඩ නරක වැඩ කිසිවක් නොකරන්නේ
ගෙදරට යන පාරවත් නෑ මොහු හදන්නේ
ජාතික උරැමයන් රැකුමට තනන්නේ
මෙතුමා රකින්නේ පාරේ වලවල්නේ
මේ ගැන ඔහේ මක්කාටෙයි දුක් වන්නේ
Deleteසීයට අනුවක් වැඩ බැරි උන් ඉන්නේ
මේ ගොබ්බයො හොරකමක් වත් හරියට කරන්න දන්නේ නැහැ.ඇමති වරයාගේ කතා අනුව ඔහු පෙනී සිටින්නේ මංකොල්ල කරුවන් වෙනුවෙන් වගෙයි දැනෙන්නේ.සිංහලයන්ගේ අයිතිකාරයෝ වුන හෙළ උරුමයේ පින්වත් මහත්වරුන්ගේ කටේ කුරහන් පිට්ටු හිරවෙලා වගේ.රටකට ගිය කලක්.
ReplyDeleteඑයාලට හාමුදුරුවරු එච්චර මනාප නෑ වගේ
Deleteඔය TOEFL IELTS වලට යන ළම්යි ගැන තමා සැක
ReplyDeleteඊට සැකයි සෞන්දර්ය පීඨයේ උන්..
Deleteකඩුව කොහොමත් වඳුරගෙ අතේ.. ඌ කොච්චර කෙටුවත් අනික් උන්ට පේන්නෙ නැති එකනෙ වැඩේ..
ReplyDelete--
හරී
http://dreamsofharee.blogspot.com/
--
මසුරං කතාව.. කට ඇරහන්කෝ කඩුවක් ඔබන්න
Deleteකඩුවලින් පුළුවනි කිරි පැණි කන්න අගේට!
ReplyDeleteකිරි පැණි කෙසේ වෙතත් ටින් කිරි නම් කවනවා
Deleteඅර වයසක ඔබා මාමව පෙතිකපල ඇති වැඩේ මොකද්ද... ??
ReplyDeleteකොහේ වයසක්ද උඹලට වටා යන්ග්
Deleteනෝනා කිව්වා කැමරා ටික වැඩ කෙරුවා
ReplyDeleteපොලිස් මාමා ඒ බව අනුමත කෙරුවා
කව්දෝ මන්දා මහතෙක් එතැනට ආවා
අර දෙන්නගෙ රෙදි එතැනම ගැලවූවා
චීයා අනේ.....
- මහා කවි උඩුඇන්දෙ ධණ්ථඵාළ
නෝනා නෙමෙයි මහත්තයයි නා ගත්තේ
Deleteඒ මුත්තා තිර පිටපත කියවා නැත්තේ
උන්දැත් දැන් බයිලා කියමින් ඇත්තේ
කවුද යකෝ මේ කඩු ටික ගිල ගත්තේ
රොබින් හුඩ්ගේ කඩුව තමයි මතකයෙ ඇත්තේ
ReplyDeleteනයිට්වරුයි කඩුයි රවුම් මේසය පැත්තේ
අපෙ කටු ගෙයිකඩු හොරකම් කරන්න ඇත්තේ
රොබින් තමයි හොරගෙඩියා සැක කරන්න හැක්කේ
කඩු මොකටද යුධ වදින්න ඔබා මාමා ලග
යුධ කරන්නේ මාධ්‍ය වීඩියෝ වලින් අප
එහෙන් හදන එකට රිටන් හදල යවන අය
ඒ යුද්ධය ෆිල්ම් එකක් වගේ පෙනෙයි මට
කඩු විතරද රන් කහවනු අරන් ගිහිල්ලලු
මම හිතන්නේ ටයිම් මැෂින් එකෙන් එන්න ඇති
අතීතයේ ඉදන් ආපු කෙනෙක් වෙන්න ඇති
රන් කහවනු සොරා ගත්තේ ඒක වෙන්න ඇති
රන් කහවනු ඩොලර් ගන්න වෙන්න ඇති
Deleteමුදු අරගෙන කන් වල දාගන්න ඇති
බීඩි බීලා ආතල් එක ගන්න ඇති
ගේම දුන්නේ රොබින් හුඩ්ම වෙන්න ඇති
මාතලන් පරෙස්සන් වෙයං, තව දවස් දහයයි ඔබා ලංකාවෙ. සපෝට් එකට ඕනය, පිස්ස, එහෙමත් එනව කියල ආරංචියි.
ReplyDeleteඅම්මට උඩු. ඔබාගෙන් කොමෙන්ට් එකක්. ෂොරි අය්යා. ෂොරිම වෙන්න ඕන. අපි අරි අහිංසක අයියා...
Deleteවඳුරෝ ලංකර ගත්තනම් ඉතින් කඩුපාර කාපන් රජා කිව්වලු..
ReplyDeleteඔය කෙටුවේ ආයේ මොනව කොටන්නද
Deleteකටුගෙට පැනල හොරුටික කඩු ටිකටත්, රන් කාසි මල්ලටත් කෙළියා නම්,අපේ ගෙවල්වලට හොරු නොපනීවි කියන්නේ කොහොමද?
ReplyDeleteඕකට තමා කියන්නෙ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා..
මට දුක කඩු නැති උනාටත් වඩා. කොමසාරිස්තුමිය රස්සාව බේර ගන්න කෙප්ප කෙලින එකට
Delete