වැලි අල සෙවෙල් අල දෙහි අල නෙළුම් අ ල
හබරල ගහල කිරි අල මඤ්ඤොක්ක අ ල
හොද්දට රස ඉන්නල තම්බමු බතල අ ල
අර්තාපල් අලේ පරදයි ඔය සියළු අ ල
කිරි හොද්දට රසයි චුට්ටක් මිරිසුත් දම ති
මාළු සමග තම්බා පොඩි උන්ට දෙ ති
ච්ප්ස් මෙන් කපා තෙල් දැම්මම කෙල උන ති
රෝල්ස් පැටිස් කටලස්වල මැද වෙසෙ ති
කෑලී කපා තම්බා පැත්තක තබ ති
රත්වූ තෙලට රම්පේ ලූ....නූද දම ති
උම්බලකඩ එනසල් රස වැඩි කර ති
අල බැදුමක් කොයි තැනදිත් රජ කර ති
එනකොට විසි හතයි කිලෝව පෝට් එ කේ
හැත්තෑවකට ගත්තා ගිය වීක් එ කේ
ජිනී..වා ගිහින් ඔක්කොම ඉන්න ටි කේ
දහයක් වැඩි වෙලා කියනුයේ මක් කේ
පචේ කෙලියි සැමදා එන කුණු බයි ලේ
නුවර එළිය වෙනුවෙනි තීරන ආ ලේ
පිට රටටත් වඩා ගනන්ය ජොනි රා ලේ
මෑනීයො මතක් කෙරුවා කියපන් ලී ලේ
බැරිවිය විකුනගන්නට ඉම්පෝටඩ් කූ ඩ
එළවළු විසිකරයි නොහැකිව විකුනන් ඩ
එකම වවපු ගොයියට වෙයි වහ කන් ඩ
හොයපිය මෙතඩ් මුන් සැම බේරා ගන් ඩ
මලේ මලේ අල වැඩිවී පැන්න ම ලේ
දෙකට නැවී කෑවා මම මගේ අ ලේ
කන්න බැරි නිසා රජ මැතිතුන්ගේ අ ලේ
උඹලත් දෙකට නැමිලා කාපියව් අ ලේ
.o0O0o.
පහත පලවන්නේ අසල් වැසි රටවල් කීපයක අල කිළෝවක මිළයි. ඔබ කැමති රටක් සොයා..., හැකි ඉක්මනින් චුත වූවාට අවුලක් නැත.
ඉන්දියාව රු. 47.00
පකිස්ථානය රු. 47.00
නේපාලය රු. 50.00
බංගලාදේශය රු. 30.00
අපෙ උන්ට හෙන ගහන්න බදු 100%, ලාබය 100%. බලාගෙන ගියාම මුං කන්නේ අපෙම්මනේ..
අපෙ උන්ට හෙන ගහන්න බදු 100%, ලාබය 100%. බලාගෙන ගියාම මුං කන්නේ අපෙම්මනේ..
බතල රටල අර්තාපල් හොඳම අල
ReplyDeleteපොලේ තියන් විකුනනවා අන්න බල
ඒවා මිලට ගන්නට මම ගියපු කල
කන්න හිතුනි මාහට නියඟලා අල
මොකටෙයි කන්නේ නැමිලා මම මගේ අලේ
Deleteඅමතක උනා ඇති බව නියඟලා අලේ
අලගෙඩියත් හාල් ඇටෙත් මේ දීපේ....
ReplyDeleteහූරාගෙන කනව මහ ජනයාගෙ අලේ....
අපේ අලේ ලඟ තියාන සුසුම් හලේ.....
දෙවියන් රකීවා රජ්ජුරුවන්ගේ අලේ.....
දෙවියෝ රකින්නෙත් ඒ ගොල්ලන්ගේ අලේ
Deleteතම්බල දෙමුද පොඩි උන් හට අපේ අලේ
මෙහෙම ගියාම අපේ අලේ තමයි තම්බං කන්න තියෙන්නෙ
ReplyDeleteඅපේ අලේට කෙලලා දැන් ඔබාමගෙයි මූන්ගෙයි අලේට් කෙලින්න යනවා.
Deleteමොකක් කිව්ව ?
Deleteඅයියෝ ඔබාගෙ නාකි අලේ....
Deleteඅඩෙ බංගලාදේශය පැත්තෙ ගියානම් අලත් කාලා ASIA CUP එකත් බලාගෙනම එන්ඩ තිබුනා
ReplyDeleteහෙට එක දිනයිනේ
Deleteඒක නොදින්නත් දැන් දින්න වගෙ තමා .
Deleteනෑ මම කියුවෙ අල ලාබ හන්දා
ඒකනේ මම කිව්වේ ඩිලාගේ කවියේ කොමෙන්ට්ස් වල
Deleteනෑ මම කියුවෙ අපි ඊලඟ එක පැරදුනත් මෙ ටුවර් එකෙ ඔස්ට්‍රෙලියාවට තරඟ 4/7 ක් දිනලා තියෙන්නෙ. ඊලඟ එක දින්නත් ඔස්ට්‍රෙලියාව 3/7. තව වෙන මොන කතාද හිත හදා ගන්න ඒ ටිකත් ඇති. ඒත් මම හිතන්නෙ අපි ආයෙත් තරඟකාරියි කියලා. ඇත්තටම ඩිලා කියන්නෙ ටෙන්ඩුල්කාර් වගෙ පොරක් ඌට උගෙ පාඩුවෙ සෙල්ලම් කරන්න දෙන්නෙ නැතිව බර පටවන්න නරකයි.
Deleteඒකම තමයි මාත් කිව්වේ. කවියේ නෙමෙයි කොමෙන්ට්ස්වල
Deleteවෙන්නට එපා කලබල මාතලන් මලේ
ReplyDeleteආශ්චර්යෙ හැටි ඔහොමට තමයි බොලේ
හැමදා කොකාටම යන්නේ නැහැනෙ වලේ
හාරා බලන්නට දිනයක් එනව අලේ
ඇට නැහැ හැම එකාගෙම පල්ලෙහ බෝලේ
Deleteඒක නිසයි පෙන්නන්නේ මුන්ගේ බලේ
ඔබාමාට ගේමක් ඉල්ලනා වෙලේ
නරකද මිරිකුවානම් ජොනියගේ බෝලේ
බතල අලයක්.. මයියොකයක්... ගහල අලයක් තම්බන් කන්න පොලබවන්න කරපු වැඩක් වෙන්න පුළුවන්
ReplyDeleteඅල කන යුගේ ළඟදිම ආයෙත් එයි වගේ..
Deleteමා වැනි බිලින්ඳා
ReplyDeleteබඩු ගනන් කීව හන්දා
ලොක්ක මා කැන්දා
බඩු බලන්නට දඹුලු වැන්දා
ඇහැක් ඉඟි මැරුවා
අහුමුලූ නෑර හෙව්වා
අල වගේද මේවා
කියල කැව්වනෙ පිළුණු ගෝවා
ලොක්ක මා කැන්දා කියන තැන ජොනියා මා කැන්දා යනුවෙන් වෙනස් විය යුතුය
Deleteකුණුවෙනවා නොවැ තක්කාලිද ගෝවා
Deleteවවපු එවුන් හට අබ සරණම වේවා
අපි වවමුයි රට නගමුයි පැවසූවා
ඒවී නිව්ස් වවපු එවුන් වහ බීවා
ජිනීවා ගිය නඩයේ වියදම මිලියන 400 කට වැඩියි
ReplyDeleteශ‍්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව පරාජය කිරීම සඳහා යැයි කියමින් ජිනීවා ගිය විශේෂ දූත කණ්ඩායමට රුපියල් මිලියන 400 කට වැඩි මුදලක් වැයකර ඇත. මෙම සංචාරය සඳහා 52 කින් යුත් දූත පිරිසක් සහභාගී වී තිබේ. අමාත්‍යවරුන් හත්දෙනෙකු මෙම සංචාරයට සහභාගී වූ අතර ඇමතිවරයෙකුගේ ටිකට්පතක් වෙනුවෙන් පමණක් රුපියල් දසලක්ෂයක මුදලක් වැයකර ඇත.
"මෙම නියෝජිත පිරිස නවාතැන් ගෙන සිටි හෝටලයෙන් ඔවුන් දිනපතා සවස සුප්පානය කොට ඇති අතර ඒ සඳහා පමණක් වැයකර ඇති මුදල ලක්ෂ 5 කට ආසන්නය."
ජිනීවා ගිය මාධ්‍යවේදීන් ඇතුලූ බොහෝ නියෝජිතයින් ඔවුන්ට ලැබුණු මුදලින් දිනපතා සාප්පු සවාරි ගොස් ඇත්තේ ඔවුන්ට පවරා තිබූ වැඩකටයුතුද නොසලකා හරිමිනි.
මෙතරම් පිරිස් රුපියල් කෝටි ගණනක් වැයකරමින් ජිනීවා ගියද එයින් එතරම් යහපත් ප‍්‍රතිඵලයක් ලැබී නැතැයි ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බව පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකු සඳහන් කළේය.
http://www.lankaleaks.com/2012/03/05/%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%B1%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD/
හැම දෙයක්ම කියූ පමණින් පිළිගන්න එපා අයියා.....
Deleteදුකා
Deleteෂ්ෂ්ෂ්ෂ්...............
බංගලාදේසේ 30ට තියෙන අලේ අපි අසූවට නොගත්තොත් අනේ අර කස්ටිය සුප් බොන්නේ කොහොමද . . .??
ReplyDeleteහිත හදා ගනින් මාතලන් . . සුප් දන්සැලක් දුන්නා කියලා . .හික්ස්
මම හිතන් හිටියේ ලොක්කා පොරක් කියලා, බලාගෙන ගියාම ලොක්කා බේරිලා ඉන්නේත් කප්පං දීලනේ.
Deleteඅපේ රටේ අලවල ගාන කෝ?
ReplyDeleteඅර අලවලින් හදන කෑම නම් මාර රහ පාටයි....:)
අපෙ රටේ 70 ට තිබුනේ හෙට ඉඳලා 80 ට අඩු වෙන එකක් නෑ. අල බැදුම මට හැමදාම උනත් කන්න පුළුවන්. තව මගේ ප්‍රියතම කෑමක් තියෙනවා ඒවා කාලා ඉවරයි ඉතින්.
Deleteදියණුව අයියේ දියුණුව..ඔන්න කිරි පිටි ගෙන්නන එකත් ලබන මාසේ ඉදන් නතර කරන්න යනවයි කියන්නේ..
ReplyDeleteදියුණු වෙමින් පවතින එකක් නෙමේනේ. මධ්‍යම ප්‍රමාණයේ ආදයම් තියෙන රටක්. හෙහ් හෙහ්
Deleteඅපේ අලෙත් තියනවද දන්නෑ මේ දවස්වල තියන බඩු මිලේ හැටියට, ඒකත් දියවෙලාද කියලා බලන්න ඕන ......
ReplyDeleteඑච්චරයි තියෙන්නේ.. ඒකටත් බද්දක් වත් ගහවිද ගොයියෝ...
Deleteහ්ම්.... හරිම රසවත් කවි පද ටික. අලයක් ගිහින් තියෙන උඩ
ReplyDeleteඅවුරුදු නම් කාලා ඉවරයි වගේ. රනිල් ලොක්කා කියනවා වගේ.. තෑන්ක්ස්
Deleteකවෘම හරි නුවරඑලියේ ගිහින් අල තම්බලා තියෙනවද??
ReplyDeleteඅම්මපා කවදාවත් නෑනේ
Deleteඩොලරය නගිනවා රුපියල වීසි කොට
ReplyDeleteතෙල් මිල නගිනවා ජනයා කීතු කොට
බඩුමිල නගිනවා එතකොට නහුතයට
"වැඩේ අල වෙලා" අප රට කලක සිට
කියනට තිබෙන හැමදේමත් කියා ඇත
Deleteදියසෙන් කුමරු රජවීලත් පලක් නැත
මේ රට කාලකන්නි පාලකයෝ...
ReplyDelete<> එතකොට අනිත් අය මොන පාලකයොද ? <>
Deleteඅනිවා යුද්දේ දින්නට. ආර්ථිකය නිල්
Deleteහැමදේම උඩ යද්දි දැන් අලත් උඩ යන්න පටන් අරන්...
ReplyDeleteළඟදීම බලාපොරොත්තු වන්න, කිරි පිටි, ගෑස්, පැට්‍රල්, ඩීසල්
Deleteමුන්ගෙ අල වැඩ දැක්කම අපේ අල බහිනව අප්ප........:(
ReplyDeleteබහින්න අලේ වත් ඉතුරු උනොත් ඇති
Deleteමම මේ නිවාඩුවට ලංකාවට යන නිසා කට්ටියට චොක්ලට් ගන්න කියල හිතන් හිටියේ. දැන් බැලුවාම අල කිලෝ හතරක් පහක් මෙහෙන් අරන් ගිහින් දුන්න නම් ඊට හොඳයි වගේ. :D
ReplyDeleteචොකලට්ම ගේන්න.. ඒවා දැන් හිතන්නවත් බැරි ගනන්.
Deleteපරක්කු වෙලා ආවම කට්ටිය ඉතුරු කොරල නෑ කියන්න දෙයක්, මං යනව මැච් එක බලන්න
ReplyDeleteමාත් මේ බලන ගමන්.
Deleteගොය්යට හොද මිලක් දෙන්න නේද මේ හැම දෙයක්ම කරන්නෙ. මෙහෙම බනිනඑක හොද නැහැ නේද!
ReplyDeleteඅම්මපා ඇත්තනේ... ෂොරි ඈ.....
Deleteඅලේ.. අනේ කාලේ වනේ වාසේ..
ReplyDeleteවන වාසල
Delete