.

.

Aug 19, 2012

දයාසිරි යයිද මෙයා....? - Hunger for power


දයාසිරි ගැන පෝස්ට් එකක්ම ලියන්න හිතාගෙන උන්නේ නැතිය. ඒත් මගේ ඡන්ද විමසීම් ගැජට් එක වැඩ කොරන්නේ නැතිය. ඒ නිසා දැන් ඉතින් පෝස්ට් එකකින් වත් ඒ ගැන විමසිය යුතුය. දයාසිරි හැන්ඩියාය. කැළණිය පැත්තේ රවුම් ගහන කාළේ ඉඳන් මම මෙයාව දන්නවාය. ඒ වගේම උගෙනුමටත් දස්සයාය. ලොක්කාට පස්සේ මම දැකපු නම්බර් වන් පී ආර් එකක්ය. මනමාල හිනාවෙන ඕන එකෙක් අල්ල ගන්නවාය. කැම්පස් එකේ ඉඳන් පටන් ගත්ත පොලිටික්ස් දියවන්නාවටම ගියේය. ජී ඇල් ගේ ගෝලයාය. දැන් ගුරා ආන්ඩුවේය. ගෝලයා විපස්සයේය.
දයාසිරි ෂෝ බිස්නස් එකේ උන්නේ පොලිටික්ස් වලට එන්නත් ඉස්සෙල්ලා හිටය. ඒත් පොලිටික්ස් වලට ආවාට පසු පරිනත පොලිටික්කෙක්ගේ තත්වයට ළඟා වීම ලෙහෙසි නැතිය. මීටින් වල සින්දු කියන එකෙක්වත් මට නම් පොලිටික්කන් නෙවේය. ගරුත්වය සම්පූර්ණයෙන් නැති කර ගන්නවාය. ඕන බයිලාවක් ගෙදර පාටියක කිව්වාට කමක් නැතිය. දයාසිරි වගේම සමහර වීට ඊටත් වඩා ලස්සනට ගී කියන උන් නොව ගායනා කරණ උන් ඉන්නවාය. මේ ලඟදි පංචායුදත්, කපුගේගේ ගීතයක් ගායනා කොලේය. දෙවන වටයට යැවිය හැකි වූවද, තත්වේ බාල වෙනවාය. පලු යන්න සුන්දන්ට නෙලලා, ඊට පස්සේ සිංදු කිව්වාම,. කස්ටියට කලින් කියපු බයිලේ අමතක වෙනවාය. මේවා විමලේගේ ප්‍රොපගැන්ඩා වලට හොඳ නැතිය. එතකොට සම හරක් දේශප්‍රේමියෝ බයිලා කියන්න ඉඩ නොදී කමෝන් සහෝ අමමෝ අම්මෝ කියන්න ඉඩ තියෙනවාය.

දයාසිරිට රනිල්ගෙන් සජිත්ටත් වඩා තැනක් තිබුනේය. දයාසිරිට විතරක් නෙමේය. බුද්ධිකට, සුජීව සේමසිංහිටත් එවන් තැනක් තිබුනේය. කොයි රටේ දේශපාලනේටත් මුකරි කමත් වාචාල කම්ත් අවශ්‍යමය. ඕන හරකෙක් මාට්ටු කර ගත හැක්කේ කතාවෙන්ය. ලොක්කා ළඟත් ඉන්න තරමක් ඉන්නේ වැඩ බැරි ටාසන්ලා උනාට. කතාවටනම් උපන් හපන්නුන්ය. කොච්චර බැන්නත්, මහින්දානන්ද, විජිතමුනි සොයිසා, රත්තරන්, පවිත්‍රලා ආවම අනික් එකා පොලොවට සමතලා කරලාම යනවාය. ජය මනයාට අවශ්‍ය ඒ වැඩේය. මේ ඡන්දෙට කරන්නෙත් ඒකමය. කාළගුනේ කෙසේ වෙතත් ජනතාව කළගුණ දන්නවා කියා ජනතාව ගොනාටම අන්දනවාය. ආධාර නුදුන්නත්. ආධාර පත්‍රිකා දෙනවාය. ජනතාව මේ පාරත් ගුලිය කනවාමය. මෙන්න කැට. මම ඕනම බෙට්ටක් දානවාය..

කියන්න ගිය මළදානේ අමතක උනේය. දැන් අලි පාටියේ කතා කොරන්න එකෙක් නැත්තේය. ඉන්නේ එකම එකාය ඒ මහියන්ගනේ හරීන්ද්‍ර ප්‍රනාන්දු විතරය. හර්ෂලා කොච්චර ලස්සනට කතා කොලත් ඒවා ජහ මනයාට දිරවන්නේ නැතිය. හරියට රනිල් කතා කොරනවා වගේය. සමහර උන් කුකුලන් කෙටවීම වලට ආවාම පල්ලියේ ස්වාමී කතා කොරනවා වගේය. ජයලත් එව්වාම. කොටියා කියපු ගමන් මල පනිනවාය. ඊට පස්සේ සංවාදේ ඉවරය. කොහොම හරි කරු එක්ක පැන්න එජාපේ දිදුලන තරු ටික ගියයින් පස්සේ අලි පාටියේ බැබලුනේ රෝසි, තලතා, බුද්ධික, සෙමසිංහ සහ දයාසිරි වගේ තරුය. මුන් ආවොත් තමන්ට කෙලවෙන බව දැනගත් තාත්තගේම පුතා වෙන සජිත් ඩබල් එකේම කරූද සමග කස්ටියටම ගේම දුන්නේය. අද පාටියෙන් මේ අයට මෝන ගේම ඇද්දත් වචනයක් වත් කියන්නේ සජිත් නෙමේය.

දයාසිරිලා නොදන්නේ මේ ඩබල් ගේම්ය. අද විජමූගේ පුතාත් කිංඩිය දානවාය. උන් කියන්නේ සල්ලිත් දීලා එන්න යනවා. ගන්නේ නෑ කියාය. මීටිමක කතා කොරන්නවත් දෙන්නේ නැතිය. කතා කොරන එකෙත් අඬනවාය. කලබල නොවි, නිවිහැහිල්ලේ උන්නානම් අදටත් දයාසිරි පොරක්ය. අම්පාරේ දයා පෙරහරේ යන අලියා බව දැන දැනම ඌ එක්ක හැප්පෙන්න ගියේය. එතනින් නාගත්තේය. අද එක අත්තක් වත් නැත්තේය. මහපාරේදි වගේම පොලිටික්ස් වලදීත් හයි ස්පීඩ් හොඳ නැතිය. එක දිගට වාහන පේලියක්ම ඕවටේක් කරන්න හොඳ නැතිය. ඉදිරිය පැහැදිලිනම් පමණක් සිග්නල් දමා හෝන් ගසා ඉදිරියෙන් යන රථය පසු කර යා යුතුය. මෙහෙම හයි ඉස්පීඩ් ගිය එක්කෙනෙක් අන්තිමේදී නැවතුනේ මහ උළු ගෙදරය. ඒ හඟුරන්කෙත සුදු බන්ඩා මහතාය. අද යන යන තැන නානවාය.

දේශපාලනයේදි, කට්ට කම්, මුඛරි කම්, වෙට්ට පිත්තල කම්, වගේම ඩබල් ගේම් සහ ඉවසීමත් ප්‍රගුණ කළ යුතුමය. එහෙම යන එකා ලේසියෙන් වට්ටන්න බැරිය. අනික් ජොබ් වගේම මේකෙත් ඇක්ස්පීරීයන්ස් කියන් එක සෑහෙන බලපානවාය. හොඳම උදාහරනේ රටේ ලොක්කාය. දැන් නම් අලි පාටියේ ගොඩ එන එක අමාරුයි වගේය. ඒ මොකෝ දැන් ඉන්නේ ඉස්සර රනිල් නෙමේය. ලොක්ක එක්ක කෝපි බොන රනිල්ය. ඒ නිසා මෙහේ කිච වෙන්නේ නැතිව. යන එක හොඳය. ඇමතිකන් කෙසේ වෙතත් වටේ ඉන්න උන් ටිකවත් ගොඩ යනවාය. ඒ වගත් මෙසේය....

56 comments:

  1. මටනම් ඉතිං කියන්න තියෙන්නෙ ‘අයියෝ දයාසිරි‘ කියල විතරය.

    ReplyDelete
  2. අපරාදෙ දයාසිරි කියන්නෙ මාකට් කරන්න පුළුවන් චරිතයක්. මේ වගේ වැඩවලින් පිරිහෙන්න හොඳ නෑ. දේශපාලනයේදී හයි ස්පීඩ් ගමන් යන්න බෑ කියන එක ඇත්ත. යන්න පුළුවන් උදවිය/අවස්තාවල් තියනව. (94දි චන්ද්‍රිකා නෝන ආව වගේ). කොහොම උනත් මේ අනාථ වෙන්නෙ යූඇන්පී එකේ අනාගතය. අනිත් අතට රනිල් උන්නැහේ ඉන්නකල් එයා තමයි පක්ෂ නායකයා. මහින්ද රටේ නායකය. හොඳයි නේ?

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා හයි ස්පීඩ් කේස් එකක් නෙමෙයි. පැරෂුට් කේස් එකක්. ඒත් පැර්ෂුට් වලින් පනින්න. පරම්පරා උරුමය අවශ්‍යයි...

      Delete
  3. මට තදවෙන්නෙ යන එකා මේ විශ්වයෙදි විතරක් නෙවෙයි සමාන්තර විශ්වයෙදිත් ගිහින්. මුංගෙ ආච්චිලට හාල් ගරන්ඩ ඕනැ.

    ReplyDelete
    Replies
    1. ආච්ච්ලා මක් කොරන්නද. මුණුබුරාලා කරන පිස්සුවලට..

      Delete
  4. තමන්වටෙ ඉන්න අයටවත් මොනාහරි කරල දෙන්ඩ ඔන කියල අපු අයත් නැත්තේ නෑ නේ ඉතින් දයාසිරි ලොක්කත් ආවම මොකෑ

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්නයක් නෑ.. එකම පිහිට රින්සෝ තමයි...

      Delete
  5. "මහියන්ගනේ හරීන්ද්‍ර ප්‍රනාන්දු" නෙමෙයි ය,බදුල්ලේ හරීන් ප්‍රනාන්දුය.ඇත්ත වශයෙන්ම මිනිහා බදුල්ලෙත් නොවන්නේය.කසාදයෙන් පස්සේ බදුල්ලේ බින්න බස ඇත.

    ReplyDelete
    Replies
    1. පස්සෙම් පහු සජිත්ලයි ගෙදර බින්න බහින්න හදලත් මොකද්දෝ කේස් එකක් ගියා නේද?

      Delete
    2. සමාවෙයන් ඇනෝ.. මට හරීන් මතක් වෙනකොටම අර බල්ලා තියලා මාරු වෙලා ගිය සෙනෙවිරත්න උන්නැහේ මතක් වෙනවා..

      Delete
  6. මට නම් ඇඩුනා එදා අඬනව බලල... දුකේකේකේකේ බෑ.... ;)

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම ඇඬුනා හැබැයි.. ඔහොම තමයි.. ගුලි කෑවම කඳුළු ගලනවා තමයි..

      Delete
  7. මටනම් ඇල්ලුවේ හයි ස්පීඩ් කතාවය මොකද හයි ස්පීඩ් යන එකේ පොඩි ආතල් එකක්ද නැත්තා නොවේ

    ReplyDelete
    Replies
    1. හයි ස්පීඩ් යන එක හොඳයිය. ඒ උනාට මාට්ටු උනොත් නඩුය. අනික.. වේගය කැඳවයි මරුවා...

      Delete
  8. රාජ් කියනවා වගේ හයි ස්පීඩ් යන්න බැරිමත් නැ , කොහොම වුනත් රනිල් ලොක්කටත් දයාසිරිලා වගේ මිනිස්සුන්ගේ අගය තේරෙන්නේ නැ , දයාසිරිලව එලව ගන්න හදන රනිල් තුරුලු කරගන්නේ වික්‍රමබාහුලව....ඉතින් "චිරං ජයතු මහරජ" ඇර වෙන මොනා කියන්නද ?

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා ඇර හයි ස්පීඩ් ආපු කෙනෙක් නෑ. එයත් හයි ස්පීඩ් කැටගරි එකට දාන්න බෑ. ඒවට කියන්නේ පැරෂුට් ක්‍රමේ කියලා. ඔය නාමල් බේබී එහෙම පැනලා ඉන්නේ. ඒ අර හයි ස්පීඩ් ගිය ඔක්කෝම ඇක්සිඩන්ට් වුනා...

      සමහර විට අයි ඔපරේෂන් එකෙන් පස්සේ රනිල්ට හොඳ පෙනීම ලැබෙයි..

      බාහූ පවු අනේ.. ඊට පවු එයාලගේ අර මැස්සෝ ඇහිරෙන සම්මන්ත්‍රණ.. පව්නේ..

      Delete
  9. දයාසිරි යන්නේ නැහැයි කිව්වට ඔයිට වඩා යන්නේ නැහැයි කියපු ලොක්කෝ යනවා දැකලා තියෙනවා.දයාසිරි ගැනත් හරියට කියන්න බැහැ.දේශපාලනයෙකුගේ ප්‍රධාන ලක්ෂණයක් තමා ප්‍රතිපත්ති මාරු කරන එක

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්ති නම් මාරු වෙන්න ඕන තමයි. කාගෙත්.. ඒත් යහපතක් සඳහා මිසක් නැති භංගස්ථාන වෙන්න නෙමෙයි....

      Delete
  10. දේශපාලකයන්ට මාරු කිරීමට ඇති එකම දේ ප්‍රතිපත්තිය. ඒ නිසා එයාලා පවුය.

    ReplyDelete
    Replies
    1. ඇයි පක්ෂ, පාට, අර හේමකුමාර එහෙම කොළ පාට සාටකයක් එහෙම දාගෙන හිටියේ.. පව්නේ...

      Delete
  11. //මීටින් වල සින්දු කියන එකෙක්වත් මට නම් පොලිටික්කන් නෙවේය.//

    එහෙම කියන්ට එපා බං...ට්.බී. තෙන්නකෝන්ලත් එක්ක බලනකොට මෙයා මල්ටි ටැලන්ටඩ් පොලිටික්කෙක්නෙ....:-)

    ReplyDelete
    Replies
    1. දැන් පරිනත් පිලිටික්කෝ හරි අඩුයි. පරිනත වගේ උන්නත්, කට ඇරපු ගමන් ගඳගහනවා.. පේන්නේ නැද්ද ඩෙංගූ සිරිසේන..

      Delete
  12. දයාසිරි කියන්නෙත් මේ කල දුටු කල වල ඉහගන්න දේශපාලනයේම පාර්ට් එකකි.සජිත් රනිල් ගේම් එකේදී දයාසිරිගේ ඩබල් ගේම්ද මාට්ටු වුනි.අද දයාසිරි ගොය්යා පමණක් නොව UNP යේ සිටින කොයි කොයි ගොය්යගේත් රතු ඉර පැනලාය.අම්පාරේ දයාලට වගේ හැමෝටම සල්ලි නැතිය.අවුරුදු දහ අටක් විපක්ෂයේ ඉඳීම පොඩි කෙලියක්ද.මේ කාලය තුල චන්ද කීයකට නම් වියදම් කලාද.ආසාවකට ටෙන්ඩරයකින් ප්‍රොජෙක්ට් එකකින් ලැබෙන කුට්ටියක් අතගාන්නට අඩුම ගානේ අවුරුදු දහ අටකට පස්සේ වත් ...

    ReplyDelete
    Replies
    1. //.ආසාවකට ටෙන්ඩරයකින් ප්‍රොජෙක්ට් එකකින් ලැබෙන කුට්ටියක් අතගාන්නට අඩුම ගානේ අවුරුදු දහ අටකට පස්සේ වත්//

      :D

      Delete
    2. එ උනාට ෆොන්සේකා කතා කරාම කියලා තියෙන්නේ. මේ ආන්ඩුවෙන් අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් එකේ. මොකටද ආන්ඩූ පෙරලන්නේ කියලා. රනිල් මරාගෙන කන්න හදපු සජිත් මහත්තයා දැන් කියන්නේ එයාට හදිස්සියක් නෑ කියලා.

      Delete
  13. දයාසිරි ගිහිල්ල කොයි කාලේද මෙයාල?ඒකට වියදමටවත් අතේ සතේ නැතිවේගන එනකොට නොවැ අචල කෙල්ල ඒකව ඒ පැත්තට ගෙනහිල්ල ගොඩ දැම්මේ.

    ReplyDelete
  14. දයාසිරි ගෙ අයියා කිත්සිරි මේ දවස්වල ලංකාවෙ නෑ... මම හිතන්නෙ පිටරටක පදිංචියට ගිහිල්ලද කෙහෙද... මේ මඩගොහොරු දේශපාලනේට සමුදීලා අයියගෙ සින්දුවක් කියාගෙන... හිටියා නම් හොදා කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. එයා කැනඩාවේ ගියා ස්ථිර පදිංචියට.. මගේ හොඳ යාළුවෙක්. සිංදු කියනවා වගේද, බයිලා එකක් ගහගෙන විපස්සේ හිටියත් තියෙන සිවිල් බලය..

      Delete
  15. හු ඇන් පී පාටියේ ඉන්න තුරු මට නම් දයාසිරි හොදය. වැරදීමකින් හො ගියොතින් ඕකා ගිය එක හොදය. මගේ කලට්පොල් එසේය. අම්ම අප්පගෙන් ලැබුන ලේ වල පාට මා කෙසේ නම් වෙනස් කරන්නද.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්.... කාටවත් කියන්න එපා.. මමත් ඔය වගේමද කොහෙද...

      Delete
  16. ඔව් ඒක තමයි වැරදි අඩු නං පාර්ලිමේන්තු යන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ....

      Delete
  17. ශක්තිමත් විපක්ෂයක් නැති එක ගැන අපි පක්ෂ පාට පැත්තක තියලා දුක් වෙන්න ඕන කාරනයක්..ශක්තිමත් විපක්ෂයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක්! රටටමයි අවාසි එහෙම එකක් නැති එක

    ReplyDelete
    Replies
    1. මේක විපක්ෂයේ අවුලක් නෙමෙයි ජන විඥානයේ අවුලක්....

      Delete
  18. දයාසිරිලා බුධ්ධිකලා අමුතුවෙන් ආණ්ඩුවට යන්න උවමනාවක් නැත.දැනටමත් ඒගොල්ල ආණ්ඩුවේය.UNP යේ බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් ආණ්ඩුව සමග (කෙටියෙන් කීවොත් ලොක්කා සමග) ඩීල් එකකය.ඉතින් පැන්නා නොපැන්න කියා ලොකු මෙව්වා එකක් නැත.දයාසිරියල සජිතලාට UNP ය ගොඩ ගන්නට කියා කොරන්නට පුළුවන් අටමගලක්ද නැත.පරාජයෙන් උකටලී වූ පාක්ෂිකයාට බයිලාවක් ගයා ආතල් එකක් දෙනවා හැර අහම්බෙන් එන රැල්ලකින් උඩ ගියොත් මිස ලොක්කා ළඟ මේගොල්ලෝ ටෙඩි බෙයාර්ලය.UNP යට හිටි අවසාන නායකයා ගාමිණී අතුකෝරලය.එකා පිට එකා සෙත්ත පෝච්චි වූ එම නායකයන් ටික ඉතුරු වී සිටියා නම් දයාසිරිලා තවමත් දහම් පාසල් ළමුන්ය.කොටින්ම ලොක්කාත් ඔතන නැත.සද්දන්ත දල ඇතුන් නැති නිසා ප්ලාස්ටික් සෙල්ලම් අලි ටිකක් එතැනට පැමිණ ඇත.කුන්ච නාද වෙනුවට උන්ගෙන් ඇසෙන්නේ බාබි ඩෝල්ලා අඬන සද්දයකි!

    ReplyDelete
    Replies
    1. යස අපූරු කොමෙන්ටුව. එච්චරයි ඇහුනෙ

      Delete
    2. //කුන්ච නාද වෙනුවට උන්ගෙන් ඇසෙන්නේ බාබි ඩෝල්ලා අඬන සද්දයකි//

      :D

      අතුකෝරල සිටියා නම් ලෝක්කාද නැත යන්න සහතික ඇත්තය

      Delete
    3. මමත් කිව්වේ ඔය ටිකමය. බාබී ඩෝල් නෙමෙයි බන්.. අර රබර් අලි මිරිකන කොට... චීස් චීස් ද... කීස් කීස් ද ගාන්නේ...

      Delete
  19. දයාසිරි කෙහෙල්මල් දේශපාලනයට නොපැමිණ සින්දුවක් කියාගෙන හිටියා නම් කොතරම් අගනේ ද කියා මෙන්න මේ වෙලාවට මට සිතෙන්නේ ය.

    ReplyDelete
    Replies
    1. කොහේ හිටියත් බෙල්ල කෙලින් තියාගෙන ඉන්න පුළුවන් පොරක්ය.. අද ගුලි කා අඬනවාය..

      Delete
  20. යු ඇන් පී එකේ ඉන්නකන් මටත් ඌ හොදයි පැන්නොත් ඌ මට අප්පිරියා වෙයි.පරම්පරාවෙන් ලැබුන දායාද කෙසේ වෙනස් කරමුද?

    ReplyDelete
    Replies
    1. එක නම් නරුම කතාවක්ම තමා

      Delete
    2. මෙයා කොහොමත් එහේ ඉඳන් මෙහේ ආපු කෙනෙක් නේ. මහ ගෙදර එහේ.. ඉතින් ගියත් අවුලක් නෑ වගේ නේ...

      Delete
  21. දයාසිරි යයිද.. දයාසිරිට යයිද කියන එක තමයි වැඩේ රනිල් කියන්නෙ දේශපාලනය පිළීබදව හොද දැනුමක් තිබෙන නායකයෙක් හැබැයි රනිල්ට ලැජ්ජා නහරෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා නහරේ කපලම එපැයි දේශපාලන හෝඩී පොත කියවන්න...

      Delete
  22. ඔය චුට්ටක් මොනවා හරි කියා කියා ඉදල බුරුසු රෑවුලගේ අර මොකක්ද එක හයිය කරන්න කියල පැනපන් මචෝ. ඊට පස්සේ දෙයියනේ කියල කොමිස් පාරක් ගහගෙන, හොරකම් කරගෙන, ආසා නම් ඉද හිට මල් කැකුලක් දෙකක් තලාගෙන නිදහසේ රජ පැටියෙක් වගේ ඉන්න පුළුවන්. පොඩි බෙබිටත් සෙට් උනොත් හතර මහා නිධානෙම තමයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඌට මේ වගේ උපදේශකයෙක් වත් උන්න නම්...

      Delete
  23. දේශපාලනයේදී සිවු උපායන් වෙන සාම, දාන, භේද, දණ්ඩ කියන ඒවා පාවිච්චි කරන්න මහින්ද හැබෑ දක්ෂයෙක්. රනිල් ලොක්කාත් මේවයින් කීපයක් ගැට ගහගන්න දන්නවා. දයාසිරිලත් මේවා පුරුදු වුණොත් හොඳා :D

    ReplyDelete
    Replies
    1. දේශපාලන් විජ්ජාවට කප් ගහපු ටියුෂන් මාස්ටර්, මහින්ද මහත්තයා තමයි.. රනිල් හොඳයි දේශපලන ව්ද්‍යාව ඉගෙනගන්න..

      Delete
    2. Mahinda mahaththaya No2 ,No1 is J.R

      Delete
  24. ලංකාවේ දේශපාලනයට ස්ථිර ප්‍රතිපත්තියක් තමන් විසින් තමන්ට යා යුතු පාර කපා ගන්නවා හැර එයින් ජනතාවට වන සෙතක් නැත.

    ජනතාවගේ ජන්දය ජනතාව නියෝජනය කිරිමට යැයි කියා ලබාගෙන අන්තිමේදී පිල් මාරු කිරීම තමන්ගේ වාසියට මිස රට වැස්සාගේ යහපතට නොවේ.

    අපට ඉතිරිව ඇත්තේ සිදුවන දේ දෙස බලා සිටීම පමණි. ඒ එසේ වුවද රටට ශක්තිමත් විපක්ෂයක් නම් නැත්තටම නැත. ඒ රටක විනාශයට මුලය

    ReplyDelete
    Replies
    1. විපස්සේ ගක්තිමත් නැතිද. නැත්නම් ලොක්කගේ දෑත ශක්තිමත් නැතිද. අනේ මන්දා මෙච්චරක් අරගෙනත්... මට නම් තේරෙන්නේ නෑ දයෝ...

      Delete
  25. User name nometi nisa Ano - Lankawe Minisu oyala mama,api okkoma ratee deshpalanaya gena dannawa kiwata danna magulakne, Danne okoma rata pawala dena, gasa kana, boruwata dodawana oya prasidda kattiya gena witari, Mechchra loku emati mandala, Lokuma parlimenthuwak tiynawa una eken api danne oya prassidda boruwata dodawana aya gena witarai, ehema netnam jara weda, pawadim karala prasidda una aya. Api hemogenma kiyen ki denada danne anik samnyen honda deyak ratata karana minisunta karana emathi sa manthtri gollogena?? Ape minisunta ewain wedak ne .. weda karana minisu gena danne, ee ada;a plathe minissu tika witarai. Ape anik minisu ee udawiyata kemathi ne, kemathi oya jara weda karana prasiddi katiyata witarai, katha karaneth ee katiya gena witarai, weda karana unawa amatakai ilanga election ekata.

    ReplyDelete
  26. Ko giye nane,,Nondiya beda dan..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න