.

.

Aug 12, 2014

සම්මාන උළෙලක් - Another Award Festival



ඕනෑම සම්මාන උළෙලක පොඩි පොඩි කේස් තියෙනවා. මෑතකදි පැවති බ්ලොග් සම්මාන උලෙළක් නම් මට පෙනුණේ, තවත් ඇස් ඇම් ඇස් තරඟයක් වගෙයි. ඒත් ඉතින් කාට හෝ සම්මානයක් දෙන එක ලොකු දෙයක් නේ. ඒත්...., සයිබර් අවුරුදු උලෙළේ සම්මාන ගැන, මට තියෙන්නේ ලොකු පැහැදීමක් බවත් මේ වෙලාවේ කියන්න ඕන.

මේ සම්මාන උලෙළේ ත්‍යාගයන් මගේ සිත් අරගත්තා. තවත් සිණ්ඩියකින් කරණ සම්මාන උලෙළක්. ඔබත් ඉදිරිපත් වෙලා බලන්න. මම මේක මෙතන පළ කරන්නේ, සම්මාන ගැන උනන්දුවක් නැති උණත්, සිහළ බ්ලොග් කලාවට ඉතා ආදරය කරන කෙනෙක්නිසා. මොකෝ ඔය හැම සම්මානයටම වඩා වටින්නේ ජනතා සම්මානය නිසා...
එකතුව බ්ලොග් සම්මාන සැනකෙළිය...

 
එකතුව.org සිංහල ෆෝරමය සහ රේඩියෝ කලුතර මගින් සංවිධානය කරන මෙම තරගය ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ට හොද අවස්ථාවක් කරගත හැක..එකතුව බ්ලොග් සම්මාන සැනකෙළිය සදහා මෙම තරග අංශ වලින් ඔබට ඉදිරිපත් විය හැක.

* ගොසිප්
* නිර්මාණශීලි බ්ලොග්
* පර්යේක්ෂණාත්ම විවරණශීලි බ්ලොග්
* රැඩිකල් බ්ලොග්
* තාක්ෂණික බ්ලොග්
* අධ්‍යාපනික බ්ලොග්
* ආත්ම කථනය,පුද්ගලික බ්ලොග්
* සාහිත්‍යමය බ්ලොග්
* කාන්තා බ්ලොග්
* ඡායාරූපකරණය


  • මෙම සෑම අංශයකින්ම හොදම බ්ලොග් අඩවි තුන බැගින් තෝරගන්නා අතර

ප්‍රථම ස්ථානයට - සහතික පත්‍රය + Unlimited Web Hosting
දෙවන ස්ථානයට - සහතික පත්‍රය + 10 GB Web Hosting
තෙවන ස්ථානයට - සහතික පත්‍රය + 1 GB Web Hosting   හිමිවනු ඇත..


  • ඊට අමතරව සියලුම බ්ලොග් අඩවි අතරින් ජනප්‍රියතම බ්ලොග් අඩවිය සදහා 

සමරු තිලිණයක් + සහතිකපතක් + Unlimited Web Hosting සහ .com ඩොමේන් නාමයක් හිමිවනු ඇත..

තරගය සදහා නීති රීති..

* බ්ලොග් අඩවිය Blogger හෝ Wordpress බ්ලොග් අඩවියක් විය යුතුය.
* බ්ලොග් අඩවිය සිංහල භාෂාවෙන් ලියන බ්ලොග් අඩවියක් විය යුතුයි.
* එක් තරගකරුවෙකුට ඉදිරිපත් කලහැක්කේ එක් බ්ලොග් අඩවියක් එක් අංශයකින් පමණි.
* ජයග්‍රාහකයන් තෝරනු ලබන්නේ විශේෂ විනිසුරු මඩුල්ලක් විසිනි එයට අපගේ සම්බන්ධයක් නැත.තරගයේ අවසාන තීරණය ඔවුන් සතුය.
* බ්ලොග් අඩවිය අප විසින් දක්වා ඇති කැටගරි වලින් එකකට අයිති විය යුතුය.
* බ්ලොග් අඩවිය ලියාපදිංචි කිරීමේ වගකීම යොමු කල තැනැත්තා දැරිය යුතු අතර සම්මාන සැණකෙළියේ සංවිධායකවරුන් ඊට වගකියනු නොලැබේ.
* බ්ලොග් අඩවියේ අන්තර්ගතය සම්බන්ධව එහි හිමිකරු වගකීම බාරගත යුතුය.
* අසභ්‍ය දෑ අඩංගු බ්ලොග් අඩවි දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.


  තරගය පිලිබද වැඩි විස්තර සහ ලියාපදිංචිය මෙතනිත්

■ මේවන විට ඇතුලත් කර ඇති බ්ලොග් අඩවි 

144 comments:

  1. එක සරේකුත් කළුතර radio එකෙන් සම්මාන උළෙලක් කරා. සහභාගී වෙනවනම් එයාලගේ banner එක blog එකේ දාන්න කිව්වා.ඒකෙන එයාලා හෙන පබ්ලිසිටියක් ගත්තා. හැබැයි අන්තිමේට දීපු සම්මානයක් තියා ප්‍රතිපලවත් නිකුත් උනේ නෑ.මේ සැරෙත් එහෙම වෙයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. වටිනා කොමෙන්ට් එකක්. මම ඒ බවක් දැනන් උන්නේ නෑ.. ඒක අයින් කරන්න කියලා ඉල්ලීමක් කලා.. බලමු ඒ ගැන රෙස්පොන්ස් එක.. ඒවා මළ ජරා වැඩ තමයි...

      Delete
    2. යකෝ, මේ වෙන කොට බ්ලොග්කාරයෝ 44ක් ම සම්මාන ලබන්න පොලිම් ගැහිලනෙ. මුන්ට සම්මානයක් දෙනව කිව්වොත් කලිසමත් ගලවයි.

      Delete
    3. මාතලන් උබ නොන්ඩි වෙන්න හදන්නේ . මු වයස 16 පොඩි එකෙක් . මුට සල්ලි නැහැ සල්ලි නැතුව ඔය සයිට් එක විකුණන්න ගියා. උබ දෙසැරයක් හිතපන් මු කපටියෙක්

      මේ බලපන් මුගේ ජරා වැඩක් . වෙබ් සයිට් එකකට සයිබර් ප්‍රහාරයක් එල්ල කරලා නොන්ඩි උනා මු මෙන්න මාතලන් බලපන් ලිපිය http://www.lkhelp.com/discussion/1173/lkhelp-%E0%B7%80%E0%B7%99%E0%B6%AD-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%9A%E0%B6%BD%E0%B7%9A-tharindu-prabhath-pinnaduwa-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%87%E0%B6%A9%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF


      මාතලන් මෙයා තෑගි දෙන්නේ නැහැ උබ නොන්ඩි නොවී මුගේ ඇත්ත හැමෝටම පෙන්නපන්

      Delete
    4. මේක නදුන් රනවීර කරපු වැඩක් කියලා දන්න කට්ටිය දන්නවා.. :v

      Delete
  2. මට ඉදිරිපත් වෙන්න අංශයක් නැහැනෙ මචෝ.......අපරාදෙ .....

    ReplyDelete
    Replies
    1. ලබන පාර එකක් දෙන්නං..

      Delete
    2. හා....... බොකුස් .......

      Delete
    3. ශෘගාරාත්මක කියන්නත් බෑ නේ ඒවට..

      Delete
    4. ගොසිප්, නිර්මාණශීලි, පර්යේක්ෂණාත්ම විවරණශීලි, රැඩිකල්, අධ්‍යාපනික, ආත්ම කථනය,පුද්ගලික, සාහිත්‍යමය, කාන්තා කටයුතු ආදී සියල්ලෙන් ඕනෑම එකකට කෙන්ජිගෙ එක දාන පුලුවන්.
      තාක්ශනික හා ඡායාරූප කටයුතුවලට වුනත් අර සිනමා ඒව දැම්මහැකි.

      Delete
    5. kenji
      ආත්ම කථනය,පුද්ගලික යටතට දාන්න පුළුවන්.

      Delete
  3. ජනප්‍රියම බොග මාතලන්ට...
    නිර්මානසීලිම බොග --??? අඩේ ඒක කාටද... සෑහෙන්න බොන්න වෙනව

    ReplyDelete
    Replies
    1. කාටද....ඉතිං ....හෙක්...හෙක්....

      Delete
    2. ජනප්‍රියම පැරාගේ එක..
      නිර්මාණාත්මක එකක් නම් හිතේ තියෙනවා.. කියන එක හරි නෑ..

      Delete
    3. ඊයක් ව්ත් විදහන් දෙන්නම් හරිද බලන්න..

      Delete
    4. මටත් නොයෙක් නං ආව ඔලුවට...
      ඒත් එකක් විතරක් උඩම තියේ... ඒත් වැඩේ කියන්නෙ ඒක තාම ඒ බ්ලොග ලියාපදිංචි වෙලත් නෑ...
      මාතෙ පැරා නං ජනප්‍රියයි තමා ඒත් ඊට වඩා මට හිතෙන්නෙ මාතෙ ඉස්සරහින් ඉන්නව...
      වැඩිය ඕන්නෑ ගූගල් අංකල්ගෙන් අහල බලන්න.. දෙන්න ගැන... කව්ද ඉස්සල්ල ඉන්නෙ කියල...

      Delete
    5. පැරාත් ඔය කොච්චර සමාජවාදී අරවාදී මේවාදී කිව්වට සම්මාන වලට හරිම පෙරේතයි. සම්මානයක් කිව්වම අනේ තෑන්ක් යූ සර් කියල දෙකට තුනට නැවිලා ගන්නෙ. එතෙකොට ඔය බ්ලොග් වීරකම් මොකුත් නැහැ.

      Delete
    6. certified and truly correct.

      Delete
  4. ඕං මාත් මේක + කරනවා. මටත් ඔය ඉල්ලල අඹ ගන්න පුරුද්දක් නැහැ. කෝම උනත් මෙවැනි දේ බ්ලොග් කරුවන්ට ඉතා වටිනවා...ජය වේවා.. සියළු කටයුතු සාර්ථක වේවා..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචෝ... මමත් මේකක් කරන්න හදලා, අදහස සම්පූර්ණයෙන්ම අත ඇරියා..

      Delete
  5. ලෝකෙ නැති ඔක්කොම අච්චරු ලියන බ්ලොග මොන අංශෙට දානවද කියලා හිතා ගන්න බෑ නොවැ. :D :D

    වැඩේ නම් වටිනවා වගේ!

    ReplyDelete
    Replies
    1. වටිනා දෙයක් යටින් කලින් වතාවක වෙන දෙයක් උනා ලූ.. ඒකනේ ලෙඩේ..

      Delete
  6. කාට හරි බ්ලොග් රචකයින් අවංකව අගයන්න අවශ්‍ය නම් ඔය සින්ඩි දෙක තුනක එකතු වෙලා තියෙන බ්ලොග් බලලා සම්මාන දෙන්න. සම්මාන ගන්න අයැදුම් කරන්න කියන එක අවමානයක්. තමන්ගේ ලෝගෝ එකක් බ්ලොග් එකේ පළ කරන්න කියන එක ඊටත් අවමානයක්. ඒවා තමන් ප්‍රසිද්ධිය ලබා ගන්න කරන දේවල් මිසක් අවංකව බ්ලොග් රචනය ඇගැයීමක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      //කාට හරි බ්ලොග් රචකයින් අවංකව අගයන්න අවශ්‍ය නම් ඔය සින්ඩි දෙක තුනක එකතු වෙලා තියෙන බ්ලොග් බලලා සම්මාන දෙන්න. සම්මාන ගන්න අයැදුම් කරන්න කියන එක අවමානයක්//මේකට උඩින්ම එකඟයි. වියයුත්තේ මේක තමයි.
      ලෝගෝ එක ගැන සැකයේ වාසිය මම නං දෙනව අදාල අඩවියට.

      Delete
    2. මගේඅදහස මෙයට බොහෝ සමානයි, නමුත් තරමක් වෙනස්.

      මෙතැන අයැදුම් කරන් කියන්නේ සම්මානයට නොවයි, තරගයටයි.

      අපි විභාගවලට පවා අයැදුම් කරන්න ඕනෑ නේද? විභාගේ පාස් වෙලා යුනිවසිටි යන්නත් ඇයදුම් කරන්න ඕනෑ. ඒකේ වරදක් නෑ.

      මං රාජ් ගේ බ්ලොගයේ ලඟදී දවසක ලිව්වා තංගල්ල පැත්තේ ඉස්කෝලෙක ඉස්සර සිටි බ්‍රයිට් සිසුවෙකුට ශිෂ්‍යත්ව විභාගයට යන්න නොලැබුණු බව, ඒ ගුරුවරයා අයැදුම්පත අධ්‍යාපන දෙපාර්තමේන්තඔවට ඉදිරිපත් කරලා නැති නිසායි.

      මේ බ්ලොග් තරගයට අයැදුම් කරන එක තරමක් වෙනස් කර අයැදුම් පත්‍රයේ යෝජනා කරන කෙනෙක් සහ ස්ථිර කරන කෙනෙක් එකතු කළාම හරි.

      මං 2009 සහ 2010 රාජකීය විද්‍යාලීය සාහිත්‍ය සංගමයේ බ්ලොග් තරගයට ඉදිරිපත් වුනා, එයට මූල්ම හේතුව වුනේ, ඔවුන් වෙනම සාහිත්‍ය.එල්කේ කියලා සින්ඩිකේටරයක් සහ ඊ-මේල් ෆීඩ් සේවාක් පවත්වාගෙන ගිය නිසා, එමගින් අළුතින් පාඨකයින් ලැබේවිය කියන අදහසින්.

      ඒ ආකාරයේ ප්‍රයෝජනයක් නැති නම්, මේ තරගවල තේරුමක් නෑ.

      මං හිතන්නේ ටැබූ 2010 දී පමණ කළ තේරීම් වල මේ අප වැඩිය නොදන්නා කළුතර රේඩියෝ වගේ තැන්වලින් කරන තේරීම්වලට වඩා විශ්ල වැදගත්කමක් තිබුණා.

      Delete
    3. කතන්දර එක්ක මෙතැන කතාවට එකග වුවත් දැනට ඇති සින්ඩිකේටර් එකක හෝ දෙකක යන බ්ලොග් තෝරගත්තනම් තමා වඩා හොද. මා ඒ බව කළුතර අඩවියේ කමෙන්ට් කරලත් ආවා. මේකත් අර කර්තෘ සන්සදෙන් දෙන සම්මාන වගේ. සම්මානේ ගන්නනම් ඉල්ලුම් කරන්න වෙනවා. අර විභාගේ කේස් එකයි මේකයි දෙකක් නේ කකා. සුවිශේෂි තැනකින් බ්ලොග් ටික තෝරගන ත්‍යග දුන්නනම් කෙතරම් අගේද?

      Delete
    4. අසුචි ගොඩේ තිබුණත් සම්මානයක් නම් දිව ගාලා ගන්න බ්ලොග්කාරයොනෙ අපට ඉන්නෙ. ඉතින් මුන් අයැදුම් කරන්න කියලා නෙවෙයි හෙළුවෙන් නටන්න කියලා තිබුණත් ඒකත් කරලා සම්මාන ගනියි. නලින් උඹත් දැක්කනෙ කොච්චර තදියමක් තිබුණද කියලා කට්ටියගෙ බ්ලොග් එකක් පත්තරේ දා ගන්න.

      Delete
    5. සහෝ..මේ තරගය සංවිධානය කරේ එකතුව.org සිංහල ෆෝරමයෙන්..ඊට ප්‍රධාන අනුග්‍රය ලබා දෙන්නෙ රේඩියෝ කලුතර..ඒ බව මේ ලිපියේ සදහන්..ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා.. නමුත් මෙතනදි ප්‍රායා්ගික වෙන්න වෙනවා..මේකට සම්මාන උලෙල කිව්වට මේක තරගයක්..

      Delete
    6. ඔයිට වැඩිය හොඳ නැද්ද බං බ්ලොග්කරුවන් හා බ්ලොග්කාරියන් අතර නිරුවත් රූපසුන්දරී තරගයක් පවැත්වුවා නම්?

      Delete
    7. තරිදු ඉතින් ඔයාලට හැකියිනේ තෝරාගත් සින්ඩිකේටරයක හෝ කීපයක නිස්චිත කාලයක අප්ඩේට් වන බ්ලොග් ටික මේ තරගයට ගන්න. ඇයි අයදුම් කරවන්නේ.

      Delete
    8. මම යෝජනා කරන්නේ දෙවිදියම. අයදුම් කරන්න අකමැති අයත් ගන්න වෙනවා.. ඒ වගේම අපි නොදන්න බ්ලොග් හිටන් තියෙන්න පුළුවන්නේ..

      Delete
  7. රාජ් මහත්තයා කියනා පරිදි...

    //මෙතනදි ආමන්ත්‍රණය කරන්නෙ බ්ලොග් කරුවන්ට. පොදුවේ හරකුන්ට නෙවේ. වෙනස ඒකයි.//

    ඒ කියන්නෙ බ්ලොග් නොලියන අය Beef.... බ්ලොග් ලියන අය Human... (සමහර විට වෙන්නත් Pork පුලුවනි)... ඒ සම්මානයම මදෑ....

    ReplyDelete
    Replies
    1. හිකිස්.. උඹේ කොමෙන්ට්සුත් මල් හතයි බං..

      Delete
  8. හලෝ මාතලන්,

    මේක නං හොද වැඩක්. මම නං ඉතිං කියවන්නේ අපේ මාතලන්ගේ,හැලපෙගේ සහ අපේ රාජ්ගේ බ්ලොග් එකනේ. මම නං එව්වට කැමති අපේ ඇනෝ කොමෙන්ට් වාරණයකින් තොරව දාන හින්දා. ඉතිං මාතලන් ඔය සම්මාන උළෙලේදී ඇනෝලව තෝරන්නේ නැද්ද? මට නං සම්මානෙත් එක්ක ඔය වෙබ් හොස්ටින් එහෙම නං එපා. සම්මානේ එක්ක ගල් බෝතලයක් වගේ දෙනවා නං හොදයි.

    ඉතිං මාතලන් දැන් නං මම ඔපිස්‌ එකේ ඉන්නේ. අද අපේ ලොක්කත් හෙන ජොලි මුඩ් එකේනේ ඉන්නේ. ඉතිං මම කල්පනා කරේ තව ටිකක් දවල් උනාම ඔපිස්‌ එකේ මිත්‍රයෙක් එක්ක ටවුම පැත්තේ රවුමක් ගහන්න යන්න ලොක්කගේ කාර් එකේ නැගිලා. එන ගමන් ජයේ අයියගේ පොට් එකට ගිහිං හීනියට ඇඟ පත රත් කර ගන්නත් ඕනි.

    පෙරේදා හවස මගේ රට හිටපු මිත්‍රයෙකුත් ආවනේ අපේ ගෙදර. අපි ඉතිං අඩියක් එහෙම ගහලා බත් ඩිංගක් කළා ගොලිප් දෙකකුත් බිබී ඉන්නකොට මට මතක් උනා අපේ හැලපෙ එහෙමත්. මොකද හැලප ජර්මනියේ ගියා කියලා ලගදි දාලා තිබුනනේ. මගේ මිත්‍රයාත් එහෙනේ හිටියේ. ඒ පාර මම හැලපගේ බ්ලොග් එකත් පෙන්නුවා එයාට.

    ඒක නෙමේ මාතලන්,හැලපෙ,රාජ්, මම මේ කල්පනා කරේ රුපියල් 10,000 කට විතර තියෙන කැබරා ෆෝන් කටුවක් ගන්න. මොකද මගේ පරණ ෆෝන් ඒක සැහෙන්න අබලන් නේ. ඒකෙන් පොටෝ ගහලා මේකේ දැම්මට අපේ රාජ්ලට හරියට පැහැදිලිව පෙන්නේ නෑනේ. ඒත් මම ඔය ඔව්වා ගැන දන්නේ නැති නිසා මේ කල්පනා කර කර හිටියේ.

    මට දැන් ඔපිස්‌ එකේ වැඩ වැඩ වැඩ නේ. එහෙනං මං ආයේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ..

      බොහෝම හොඳ අදහසක්.. අපිට ගල් බෝතලයක් වත් එකෙක් වත් දෙන්නේ නැති නිසා.. අපි ඉඳ හිට සෙට් වෙලා ගල් බෝතලයක් ගහනවා. උඹත් කොළඹ නම් ඉන්නේ වෙලාවක වරෙන්.. ගෝලිප් ටිකක් වැඩියෙන් ගෙනෙන්. මොකෝ ගෝලිප් කන එකෙක් ඉන්නවා. ඌත් වැඩ කරන්නේ ආන්ඩුවේ කන්තෝරුවක. ඔව් මේ පත්තර කන්තෝරුවක් කීවොත් වඩා නිවැරදියි..

      Delete
    2. කැබරා පෝන් එකක් ඊ බේ එකෙන් ගෙන්න ගනින්කෝ ගෙදරටම.. සමහර වෙලාවට පට්ට ලාබෙට තියෙනවා..

      Delete
    3. උඹ දතක් ගලවන්න නෙමෙයි නේද රත්තරනෙ ඔය වටෙන් වටෙන් එන්නෙ?

      Delete
    4. හලෝ මාතලන්,

      මම දැන් යාළුවෙක් එක්ක එලියට ගිහිං එන ගමන් බැලුවා ෆෝන් එකක්. කැබරා එකක්.යාලුවා කිව්වා එක හොදයි කියලා. 12,000 විතර වෙන්නේ. මම ඒක ගන්නවා දවල්ට ගිහිං. මම ඉතින් අරක්කු ගැන දැන ගත්තට ඔව්ව ගැන දන්නේ නෑනේ. එකයි අපේ මාතලන්ගෙන් ඇහැව්වේ. ඒක ගත්තම පොටෝ එකක් දාන්නං කෝ අපේ මතලන්ට,රාජ්ට,හැලපෙට බලාගන්න.

      ආයේ අද ඕල්ඩ් ඇරැක් එකකුත් ගන්නවා. මට අද හම්බඋනානේ රුපියල් 20,000යේ සීට්ටුව. එකෙන් තමයි ඔය වැඩ ටික කරගන්නේ.

      මම එහෙනං ආයේ එන්නං කෝ දවල්ට.

      Delete
    5. මටත් නිවාඩුවක් දාලා හරි එන්න පුලුවන්.

      Delete
    6. ඇනෝ, ගිණිපෙලෙල්න් කාපු මිනිස්සුට කණාමැදිරි දකිද්දි සැකනෙ බං. අඉතක් හිතන්නෙපා මචෝ අරෙහෙම කිව්වට. උඹ පොඩ්ඩක් ඉවසල උන්නනම් මෙතන මේ දන්න කියන උන්ට හොඳ ෆෝන් ගැන ඔය බජට් එකට ගැලපෙන කමෙන්ට් ටිකක් දාල ඔත්තුවක් දෙනකල්?

      Delete
    7. ඇනෝ මිත්‍රයා,
      කැමරා ගත්තත් නැතත් උඹේ පොටෝ වලට අපි මනාපයි. ඒ නිසා අමුතු මහන්සියක් ඕන නෑ බං. සල්ලි තියනවනං විතරක් ගනිං. මොනවා කලත් කමක් නෑ බොන්න සල්ලි තියාගනිං.

      Delete
    8. විසි දාහේ සීටුවෙවන් කැබරා පෝන් එකයි පරණ අරක්කු එකයි... ගත්තම කීයක් ඉතුරු උනත් කමක් නෑ ඒක දාහං කැටේට..

      Delete
    9. අර මාතලන් ගේ 5G ෆෝන් එක විකුණනවා නම් ඇනෝට ගන්න පුළුවනි නේ.

      ;-)

      Delete
    10. අනේද කියන්නේ

      බීහං බං විසිදාහෙම

      Delete
    11. හලෝ මාතලන්,

      ඔන්න මම දැන් ගිහිං ෆෝන් එක අරන් අවා. 12,000 කිව්වට 10,000 වගේ ගියේ. ඊට පස්සේ මම ගත්තා ඕල්ඩ් රිසව් එකකුත්. මෙන්න ඔපිස්‌ එකේ කට්ටිය දවල් කෑමට එහෙට මෙහාට යනකං ඉදලා මම ගත්තා පොටෝ එකකුත් අපේ රාජ්ට,හැලපෙට,මතලන්ට බලාගන්න.

      පොටෝ එක

      හැබැයි මේ පොටෝ එකත් ගත්තේ පරණ පොට්ට කැබරාවෙන් නේ. අලුත් එකෙන් අරං ආයේ දවසක දෙන්නං කෝ.

      එහෙනං මම ආයේ එන්නං කෝ හවස් වෙලා.

      Delete
    12. මරු බං,උඹ නං සුපිරි ඇනෝවෙක්.ඔය දාල තියෙන පින්තුරෙත් මටනං වරදක් පේන්නෙ නෑ.

      Delete
    13. @ඉන්දික උපශාන්ත
      අනෙ පලයන් ගෙම්බො යන්න. උබලා වගෙ පඩශො කරයන්ගෙ දත ගලවන්නෙ අර අබෙපාල මාමා වගෙ රිලව් තමය්

      Delete
    14. ඇනෝ.. ඉරිසියා හිතෙනව බං, පොන් එකට නෙවෙයි ඔල්ඩ් රිසව් එකට....

      Delete
    15. ඔය බ්ලොග් තරගෙ පළවෙනි තෑග්ග හැටියට ඔල්ඩ් රිසර්ව් එකක් දෙන්න බැරිද? තරිඳුවෝ තොට කහනවද අපට ඔල්ඩ් රිසර්ව් එකක් දුන්නම?

      Delete
    16. This comment has been removed by the author.

      Delete
    17. මම යෝජනා කරනවා හොඳම ඇනෝට දෙන්න ඕන සම්මානෙ අපේ මේ ඇනෝ මචංට දෙන්න කියලා.. ඕ යේස්

      Delete
    18. ආතල් ඇනෝ කොළඹ අවට නං සෙට් වෙන්නේ කියපං ගොලිප් පැකට් එකකුත් අරං මාත් එන්නං . ඔය මාතාත් කියල තියෙන්නේ ඒ ගැන

      Delete
    19. හොදම ඇනො තොරනවනම්.ඇස් ඇම් ඇස් ගහන්නත් තියෙනවනම් අම්මප ඇනො මම ගහනව උබට 500ක් වත් ඇස් ඇම් ඇස්

      Delete
  9. කෝ මේ ලිස්ට් එකේ සංගීත බොග් නෑනේ
    මට දාන්න එකක් නැතෝ

    ReplyDelete
    Replies
    1. එක රාමුවකට කොටු උනාම කචල්... පේනවනේ..

      Delete
  10. මට පැහැදිලි අදහසක් නෑ මගේ බ්ලොග්ගිය ඔතනින් වඩාත් ගැලපෙන්නෙ මොන කැටගරියටද කියන එක. මාතලන් මොකද හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. මොහොකට හරි දාහන්.. සම්මාන ලැබිය යුතුම බොගක්...

      Delete
    2. අනිවා බස්සි

      Delete
    3. ඒත් දාම ඔබල නෑ

      Delete
    4. තවම කැටගරිය කුමක්දැයි කල්පනා කොරමින් සිටිමි.

      රැඩිකල් ද? නිර්මාණශීලී ද?
      කාන්තා බ්ලොග් කැටගරියට දාන්න බෑ මොකද මට වනිතා හඬට තරඟයක් දෙන්ඩ අමාරුයි. හික්ස්!
      සාහිත්‍යමය බ්ලොග් කියන එකට දැම්මොත් නම් සිංහල සාහිත්‍ය කාපු ලාමක ටින් ටින් කියලා මට මඩ වදියි.

      තවමත් කල්පනා කොරමි.
      :D :D

      Delete
  11. බලමු..... ලියාපදිංචි වෙලා.....අපි ඉන්නේ කොතනද කියලවත් දන්නේ නැ...... හැම එකම ලියන නිසා......

    ReplyDelete
    Replies
    1. තරඟයකට ඉදිරිපත් වීමත් බොහෝම හොඳ දෙයක්..

      Delete
  12. මාතලන් සහෝදරයාට ස්තූති වෙනවා මගේ ඉල්ලීම අහලා මේක බ්ලොග් එකේ පලකරපු එක ගැන... මම එකතුව.org ෆෝරම් එකේ ඇඩ්මින්. මමයි රේඩියෝ කලුතර කරන ලහිරු දිල්රංගයි එකතුවෙලා තමයි මේ සම්මාන සැනකෙලිය සංවිධානය කරේ..

    උඩින්ම තියෙක කමෙන්ට් එකට පිලිතුරක් දෙන්න ඕනා..

    සහෝ.. අපි මේක පවත්වන්නෙ අපිට ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන නෙවෙයි. අපි විජට්ටුවක් හදලා දුන්නෙ එමගින් අනිකුත් බ්ලොග් කරුවනුත් දැනුවත් වීමක් වෙන නිසා..(අපි අපේ ලෝගෝ එකක් දීලත් නෑ.. ඒ විජට් එක දිහා බලුවනම් මොකක්ද කියලා හිතාගන්න පුලුවන් වෙයි..අපි ඒක හැදුවේ බ්ලොග් කරුවන් දැනුවත් කරන්න..)

    #Jeevana සංගීත බ්ලොග් නම් සාහිත්‍යමයි අංශය යටතේ දාන්න.. ප්‍රියාගේ එකත් හොදයි කියලා හිතෙන එකකට දාන්න..

    අහ්..තව එකක්.. ඊයේ ෆෝම් එක ෆිල් කරන්න හදපු අයට සමහරවිට බාදාවක් එන්න ඇති..(රෙජිස්ටර් වීම අනිවාර්යයි කියලා ආපු එක) ඒක උනේ අපි දාලා තිබුන ප්ලගින් එකක් නිසා..දැන් ඒක මම නිවැරදි කරා..

    සාමාන්‍යෙයන් තරගයක් කියන්නෙ අයදුම් කරලා කරන එකක් හින්දා තමයි අයදුම් පත්‍රයක් හැදුවේ.. තව කවුරු හරි ඉන්නවනම් අපිට අනුග්‍රහය දෙන්න පුලුවන් ඊමේල් එකක් දාන්න..තව තෑගි ටිකක් වැඩිපුර දෙන්න පුලුවන් අපිට එතකොට (info@ekathuwa.org ).

    මේ තරගය ගැන තව ප්‍රශ්න තියෙනව නම් මේ ඩිස්කෂන් එකේ අහන්න..

    http://ekathuwa.org/discussion/161/%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B1%E0%B7%8F

    ReplyDelete
    Replies
    1. බලෙන් එල්ලීමේ නීතිය ඉවත් කර ගැනීම ගැන මගේ ප්‍රසාදය.. මුල්ම කොමෙන්ටුව සාධාරනයි..

      Delete
    2. හොඳ වැඩක්. හැබැයි ඔය ලින්ක් එක ලයිව් එකක් විදියට දැම්මනම් ටිකක් වැඩේ ප්‍රොෆෙෂනල්. නැත්තන් අර ආන්ඩුවෙ ඒව වගේ කිසි විස්වාසයක් නැතිවෙනව කස ඉඳලම අවුල් වගේ පෙනෙත්දි.

      Delete
    3. @තරිඳු, එක බ්ලොග් එකකට කැටගරි දෙකකින් ඇප්ලයි කරන්න පුලුවන්ද?

      Delete
    4. *එක් තරගකරුවෙකුට ඉදිරිපත් කලහැක්කේ එක් බ්ලොග් අඩවියක් එක් අංශයකින් පමණි

      මේ නීතිය ටිකක් අවුල් තමයි..නමුත් කරන්න දෙයක් නෑ..

      Delete
    5. තෑගි නම් ටිකක් මදි. ඔය සංවිධායක මහත්තයකුගෙ අක්කගෙ හරි නංගිගෙ හරි ජංගියක් දෙන්න බැරිද හොඳම බ්ලොග් එකට? අන්න අතකොට නම් ඔයිට වැඩිය කට්ටිය ඉඳීවි.

      Delete
    6. අබේ මාමා කාලෙකට පස්සෙ බ්ලොග් වලට හොට දාල තීන්නෙ. අන්න උපසාන්ත හැම තැනම කිය කිය යනව උඹවයි ගෑණිවයි දෙන්නම ඇතුලට දාලයි කියල.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ඇනෝට රිප්ලයි නෙකර ඉන්න හිතුවා..හොද දෙයක් කරන කොට රිදෙන අය ගොඩක් ඉන්නවා.. කමක් නෑ..අපි මේ තෑගි දෙන්නෙ අපිට පුලුවන් තරමින්..

      Delete
    9. දැන් මේ ගොන්නු ටිකකුයි එළදෙන්නු ටිකකුයි සම්මාන දෙනවා කියලා කුලප්පු කරලා උඹලා පබ්ලිසිට්යක් ගන්න එක හොඳ දෙයක්ද මචං? හොඳ කාටද? උඹලටද?

      Delete
    10. අනේ සත්තරන් ඇනෝ.. මේ උන්ට මොනවා හරි කරන්න දියන්කෝ.. අල කරන්නේ නැතිව.. යහපත් සිතින් කරන දෙයක් නේ..

      Delete
  13. ඉල්ලල සම්මාන ගන්නෙ මොකටද මචෝ.මම නං ඉල්ලල ගන්නෙ අඹ විතරයි.

    ReplyDelete
    Replies
    1. මාත් එච්චරයි..

      Delete
    2. මෙතැන අයැදුම් කරන් කියන්නේ සම්මානයට නොවයි, තරගයටයි.

      අපි විභාගවලට පවා අයැදුම් කරන්න ඕනෑ නේද? විභාගේ පාස් වෙලා යුනිවසිටි යන්නත් ඇයදුම් කරන්න ඕනෑ. ඒකේ වරදක් නෑ.

      මේ බ්ලොග් තරගයට අයැදුම් කරන එක තරමක් වෙනස් කර අයැදුම් පත්‍රයේ යෝජනා කරන කෙනෙක් සහ ස්ථිර කරන කෙනෙක් එකතු කළාම හරි.

      Delete
    3. කතන්දර කාරයා හරි.. සම්මාන දෙනවා නම් මේ ඔක්කොම බ්ලොග් ලියන අයට දෙන්න වෙනවා..ඒක ඉතින් කරන්නෙ කොහොමද..ඒක නිසා තමයි තරගයක් විදිහට සංවිධානය කරලා තියෙන්නෙ..

      Delete
    4. දැන් ඔය බ්ලොග් කාරයින්ට සම්මාන දෙන උඹලා උන්ටත් ඉහළින් ඉන්න මාර සුපිරි පොරවල් ටිකක් වෙන්න ඇති නේද? උඹලද දැන් බ්ලොග් ලෝකෙ ලෝඩ් පකීර්ලා මල්ලි?

      Delete
    5. එහෙම දෙයක් කියලා නෑනේ..

      Delete
    6. කරන්නේ හොද දෙයක් නම් සුබ පැතුම්. එත් අයදුම් නොකරමි. ඒ සදහා සුදුසු මග යෝජනා කොට ඇත.

      Delete
  14. ඔය කළුතර බොගට මමත් දැම්මා.... කිසි තේරුමක් නෑ...
    දැන් නං මට සම්මාන වැඩක් නෑ.... ජනතා සම්මානය හොඳටම ඇති.... හැක් හැක් හැක් හියැහ් පුහ්....
    සම්මානවලට ඉල්ලුම් කරලා සම්මාන ගන්න එක නං හරි නෑ වගේ.... සම්මාන දෙනවා නම් අර කවුද කිවුවා වගේ සින්ඩි දෙක තුන එකතු වෙලා සමගිව සමාදානයෙන් ඉල්ලුම් කිරීමකින් තොරව තෝරගෙන සාධාරණ පැනල් එකකින් තෝරා බේරා ගෙන දෙන්න ඕන... ඡන්දයත් පක්‍ෂපාතීයි... මගේ බොගට ඡන්දෙ දාන්න කියලා කැම්පේන් යන්න පුළුවන්.. එතැනදි වෙන්නෙ හොඳ බොග හැලිලා කට්ටිය වැඩිපුර එකතු කරගන්න පුළුවන් බොග් කාරයො දිනනවා...
    මේක සෑහෙන්න ප්ලෑන් කරලා සෑහෙන්න බීලා කරන්න ඕන දෙයක්....

    ReplyDelete
    Replies
    1. සම්මාන වලට වඩා අර අන්තීමට කරපු යෝජනාවට.. මගේ සම්මානය පිලිගන්න..

      Delete
    2. සහෝ..මෙතනදී ජන්ද ලබා දීමක් සිදුවෙන්නෙ නෑ..විනිෂ්ච මන්ඩලයක් මගින් තමයි හොදම බ්ලොග් තෝරන්නෙ.. ජනප්‍රිය බ්ලොග් එකත් එහෙමයි..එතනදී අපි ඒ බ්ලොග් එකේ ට්‍රැෆික් රෑන්ක්, පේජ්විව්ස් , විසිටර්ස්ල, කමෙන්ට්ස් ගැන බලලා තමයි ඒක තෝර ගන්නේ..කොහොම උනත් සහභාගී වෙලා බලන්න..අපිට පුලුවන් මට්ටමින් තමයි සංවිධානය කරලා තියෙන්නෙ..හිතලා බලන්න..

      Delete
    3. විනිෂ්ච මන්ඩලයට බ්ලොග් කාරයෝ එහෙම ඇතුලත් නැනේද .

      Delete
    4. යකෝ විනිශ්චය මණ්ඩලේට බ්ලොග්කාරයො ඇතුළත් නැත්නම් උන් බ්ලොග් ගැන දන්නෙ කොහොමද? උඹලගෙ මාර මොළේනෙ.

      Delete
    5. බ්ලොග් ලියන අය ඇතුලත් කරගන්නෙ නෑ විනිෂ්ච මන්ඩලයට.. බ්ලොග් ගැන දැනගන්න බ්ලොග් ලියන්න ඕනෙ නැහැනේ..

      Delete
    6. එතකොට පොත් වලට සම්මාන දෙන්නෙ පොත් ගැන දන්නෙ නැති එවුන්ද? චිත්‍රපටි වලට සම්මාන දෙන්නෙ චිත්‍රපටි ගැන නොදන්නා එව්න්ද?

      Delete
    7. අනුන්ට සම්මාන දෙන්න කලින් උඹලා බ්ලොග් ගැන ඉගෙන ගනින් බං ඔළුව උදුම්ම ගන්නෙ නැතුව. නැත්නම් උඹලා හිනාවට ලක් වෙන එක තමයි වෙන්නෙ.

      Delete
  15. උඩින්ම ඇනෝ කෙනෙක් කියල තියෙනවා වගේ මේකත් රේඩියෝ චැනල් එක සහ ඒ සිංඩිය ජනප්‍රිය කරන්න කරන පබ්ලිසිටියක්ද දන්නෙ නෑ. කොහොම උනත් අරමුණ පාරිශුද්දයි නම් මේ වැඩේ ගොඩක් වටිනවා. අපි බලමු.

    මගේ එක දානවනම් හොඳ සාහිත්‍ය කීයන කැටගරි එකද?

    ReplyDelete
    Replies
    1. චේතනා හඃ බිඛ්ඛවේ කම්මඃ වදාමී

      හ්ම්... ඒක හොඳයි...

      Delete
    2. මොකද්ද බං බිජ්ජවේ කියල කිවුවෙ..? කොහොමත් මේ දවස් වල බිජ්ජ හං වෙලා තමයි තියෙන්නෙ ඇදලම. මේක ඉතිං බොගස් ලගෙ පොස්ට් එකක්නෙ ඇනෝ අපිට මොන සම්මානද.....අර ආතල් ඇනෝට සේට් වෙලා ගල් සොට් එකක් ගහං ඉන්න තමයි තියෙන්නෙ...ඔය ඉන්න ගමං එහෙ මෙහෙ යන බොගකට හොම්බ දාල පොඩි කොමෙන්ට් එකක් දාල, පුලුවන්නං ගූගොඩක් අවුස්සල, මාතලං වගේ පුකේ මල් පිපුන උන්ගෙ මල පන්නල කුනුහරුපයක් දෙකක් අහල රාජ්ල වගේ බුද්දිමත් අයගෙ පෝස්ට් එකක් කියෝල (අර අරූ කිවුවවගේ පි බීෆ් හෑ).. ආතල් එකක් අරං ඉන්නව අප්ප.

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. කරුනාකර ටිකට් නැතුව කෝච්චියේ යන සියලුම මගීන්, ආසන පිටුපස තබා ඇති දඩ මුදල ගෙවීමේ ඇප්ලිකේශන් එක පුරවා, එයටම ස්ටේප්ල් කර ඇති "මම ඉබ්බාට යමි" සඳහන් ස්ටිකරය නලලේ අලවාගන්න. ඊලඟ ඉස්ටේසමේ දී ටික්කෝ කෝච්චියට ගොඩ වී ඔබගෙන් අදාල දඩ මුදල අය කර ගෙන ඊට අදාල කුවිතාන්සිය ඔබ හට ලබා දෙනු ඇත

    ReplyDelete
    Replies
    1. හුකෑස්...
      පට්ට කොමෙන්ටුව

      Delete
    2. ලැජ්ජා නැද්ද කකා දෙපැත්තට කතා කරන්න? උඩ අනේ මේක මාර හොඳයි, නැවිලා අයැදුම් කරලා උණත් සම්මානයක්නෙ කියලා දැන් එකට හිනා වෙනවා. ඔහේට ලජ්ජාවක් කියලා දෙයක් නැද්ද කකා?

      Delete
    3. නෝටි ඇනෝ,

      ඔයට සිංහල බෑ නේද අනේ?

      1. "අනේ මේක මාර හොඳයි" යනුවෙන් මා කියා නැත.

      2. "නැවිලා අයැදුම් කරලා උණත් සම්මානයක්නෙ" යනුවෙන් ද මා කියා නැත.

      යන්න අපසු ගොසින් මා මෙහි එක අංශයක් (එනම් අයැදුම් කිරීම) ගැන කී දේ ද, මා එකතු කළ යෝජනාව ද බලා එන්න.

      http://maathalan.blogspot.com/2014/08/another-aword-festival.html?showComment=1407915179690#c4820548032193308192

      මා මේ බ්ලොග් තරගය ගැන කුමක් කීවත් නැතත් මෙතැන Sa rasa කර ඇති අපූරු උපහාසාත්ම ප්‍රකාශය ගැන මගේ ප්‍රසාදය දක්වන්ණ එය ප්‍රශ්ණයක් නොවන බවත් මතක් කරමි.

      Delete
  18. ඕකෙ කොමෙන්ට් පමණක් ඇති බ්ලොග් කියල කැටගරි එකක් නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. කෙළින්ම තැග්ග ගොඩකවෙලට

      Delete
    2. පෝස්ට් නැති බ්ලොග් වල සම්මානෙ මං බුක් කළා :D

      Delete
    3. අනිවා උබත් දාපන් පත්තරේ ජූරියේ විශේෂ එකක් දෙයි උබට පෝස්ට් නැතුව වැඩිම පිරිසක් නරබපු එකට.:D
      මෙන්ඩෝ ගල් හොඳා :)

      Delete
    4. සැන්ටින් කරල බෝතලයක් ගෙනත් ගහමු අපි මචෝ …

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    5. එකෙන්ම!!!!:D ගල් කොතනද අපි එතන.

      Delete
  19. අර ආතල් බෝතල් ඇනෝටත් මොකක් හරි?

    ReplyDelete
  20. සම්මාන උළෙලක් (උලෙලක් තියනවද ඇත්තටම) පැවැත්වීම හොඳයි. වෙන මොකකටවත් නෙවේ පොඩ්ඩක් මේ බ්ලොග් කෙරුවාව නග්ගල ගන්න. බට්....

    දේශපාලන අඩවි වලට සම්මාන නැතිවීම අවුලක්.

    සම්මාන දීමක් ඉතිහාසයේ හොඳින්ම කරල තිබුනෙ ටැබූ. තමුන් කියවන බ්ලොග් වලට (මේ සඳහා සෑහෙන්න බ්ලොග් කියවලත් තිබුන) සම්මාන දීල තිබුන. ඉල්ලුම් නොකර සම්මාන දෙන්න පුළුවන් නම් හොඳයි.
    ආ.....*එක් තරගකරුවෙකුට ඉදිරිපත් කලහැක්කේ එක් බ්ලොග් අඩවියක් එක් අංශයකින් පමණි*
    කියන නීතිය තේරුමක් නෑ. උදාහරණයක් විදියට අටම්පහුරට ඕනනං පුළුවන් වෙන්න ඕන සාහිත්‍ය කැටගරියට "අටම්පහුර" දාල තාක්ෂණික කැටගරියට "මහන මැසිම" දාන්න. එක්කෙනෙකුට හොඳ අඩවි දෙකක් ලියන්න බෑ වගේ අදහසක් එනව ඔය නීතිය නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ නීතිය දැම්මෙ මේ තෑගි ගොඩක් දෙනෙක් අතරේ බෙදා දෙන්න පුලුවන් වෙන නිසා...දේශපාලන අඩවි විනිෂචය කරන කොට ගොඩක් බොන්න සිද්ධ වෙන නිසා නොදා ඉන්න තීරනය කරා..

      Delete
    2. /* සම්මාන දීමක් ඉතිහාසයේ හොඳින්ම කරල තිබුනෙ ටැබූ. */

      ඇත්ත! මාත් උඩින් ලිව්වා ඒ ගැන. සමාජයේ දැනටම පිළිගැනීමක් ඇති දන්නා කියන තැනකින් මේ වගේ දේයක් කෙරුණාම ඒකේ වැදගත්කම වැඩියි.

      Delete
    3. "සමාජයේ දැනටමත් පිලි ගැනීමක් ඇති..." හිකිස්....මොන සමාජයේද දන්නෑ නේහ්...සිංහල බොග යුටෝපියාවෙ වෙන්ටෑ මයිහිතේ... හුකෑස්... හිහ්..හිහ්..........

      Delete
    4. ඔන්න ඔය රාජ්ටත් මොනව හරි දෙන්න. බෝතලයක් නම් වැඩිය හොඳයි.

      Delete
    5. දැන් ඔය කකා නොකියා කියන්නෙ මං වගේ සමාජයේ පිළි ගැනීමක් ඇති පොරකට ඔය විනිශ්චය කටයුතු දීපන් කියලනෙ. කකාත් පොර වෙන්න ආසයිනෙ තවමත්.

      Delete
  21. මම හිතන් හිටියේ සිංහල බ්ලොග් කරුවෝ වනාහී කිසිම ජාතියකට, ආගමකට, පක්ශයකට හෝ කන්ඩායමකට ගැති නොවී කිසිම කොන්දේසියකට යට නොවී නිදහස්ව නිවහල්ව සත්යය වෙනුවෙන් හතර අතට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් උන්දැලා ටිකක් කියාය.

    එවුන්දැලාම පොඩි පහේ සම්මනයක් දිනා ගැනීමට අපෙ ප්‍රියතම දේසපාලු පොලිටික්කන් මැකෝ මහත්තයා ගේ සුවහසක් වූ මැතිවරන නීති රීති වලට හිස නමා අනුමතව, පොර අල්ලන්නාසේ නාමයෝජනා පත්තර පුරවා, වත්කම් ප්‍රකාශ බාරදී, විජිට්ටු එල්ලාගෙන (අර මහින්ද මහත්තයාගේ මූන සහිතව තමාගෙ පෝස්ටර් ගසනා සේ) පාදයක් ඉදිරියට ගෙන හොඳම බ්ලොග් කරුවා වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බ්ලොග් අවකාසය ගිගුම් දී රඟ දැක්වීම කොතරම් සුන්දර දසුනක් ද? අඩු තරමින් දේසපාලුවෝ දඟලන්නේ මහජන කැමත්ත දිනාගැනීමටය.... සම්මාන දින ගැනීමට නොවේය.....


    ඉහත ලිව්වේ ඉරිසියාවට කියනා පැල් කවි ය... ගනන් ගන්න එපා හොඳේ?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහසට එකග වෙන්න බෑ.. මොකද තරගයක් උනාම ඒක කරන පිලිවෙලක් තියෙනවා..නීති රීති ත් තියෙනවා.. නැතුව බැහැනේ..(සම්මාන උලෙළ කිව්වට මේක තරගයක්නේ..

      ( පැල් කවිය මරු..)

      Delete
    2. අනේ මේ වැලේ වැල් නැතුව ඉන්න හුජ්ජ කොල්ලො ටිකක තමන් පට්ට පොරවල් කියලා පෙන්නන්න අනුන්ටත් සම්මාන දෙන්න යනකොට, අනුනුත් දෙකට තුනට නැවිලා ඒ සම්මාන ගන්න යනකොට ඒක කඩා කප්පල් නොකර හිටින්.

      Delete
    3. //ඔයාගේ අදහසට එකග වෙන්න බෑ.. මොකද තරගයක් උනාම ඒක කරන පිලිවෙලක් තියෙනවා..නීති රීති ත් තියෙනවා.. නැතුව බැහැනේ..(සම්මාන උලෙළ කිව්වට මේක තරගයක්නේ..//



      මෙන්න බොලේ සිංහල බ්ලොග් අවකාසේ මැකෝ තුමා මට ලෙඩ දානෝ.....


      //( පැල් කවිය මරු..)//

      ඊරිසියාවන්තයා ජය ගනී කියන්නේ ඔන්න ඕකට තමා මැකෝ තුමෝ

      Delete
    4. විජට්ටුව එල්ලා ගැනීම මගේ ඉල්ලීම පරිදි ඉවත් කරණ ළදි..

      Delete
    5. // විජට්ටුව එල්ලා ගැනීම මගේ ඉල්ලීම පරිදි ඉවත් කරණ ළදි.. //

      ජනතා බලයට ජය වේවා!!

      Delete
  22. බලමු............

    ReplyDelete
  23. මගේ බ්ලොග් එකත් දාන්ඩ ඕනැ … ඕ යේස් !!!

    සම්මානයක් නං ඉතිං බඩේ බත් වාගෙ තමා.

    ReplyDelete
    Replies
    1. PM, මොනවටද බ්ලොග් එකක් එන්ටර් කරන්නෙ. එක කමෙන්ට් එකක් දැම්මහම ඇති සම්මාන 750 ක් ලැබෙයි

      Delete
    2. හරි නේන්නං ප්‍රා … ඕකට කමෙන්ට් එකක් දාමු එහෙනං.. :D
      750 තමයි මේ ලෝකෙ තියන වාසනාවන්තම අංකය. හා හා

      Delete
  24. මන් පුලුවන් තරම් ඔයාලා අහලා තිබුන ප්‍රශ්න වලට පිලිතුරු දුන්නා..ඔක්කොටම පිලිතුරු දෙන්න බැරි උනත්.. තව ප්‍රශ්න තියෙනව නම් අපේ ෆෝරම් එකේ අහන්න..මම නැතත් අපේ අනිත් අය ඔයාලට උත්තර දේවී.. http://ekathuwa.org

    ReplyDelete
  25. හොඳ වැඩක් වගේ..බලමුකො..

    ReplyDelete
  26. මාතලන් උබ නොන්ඩි වෙන්න හදන්නේ . මු වයස 16 පොඩි එකෙක් . මුට සල්ලි නැහැ සල්ලි නැතුව ඔය සයිට් එක විකුණන්න ගියා. උබ දෙසැරයක් හිතපන් මු කපටියෙක්

    මේ බලපන් මුගේ ජරා වැඩක් . වෙබ් සයිට් එකකට සයිබර් ප්‍රහාරයක් එල්ල කරලා නොන්ඩි උනා මු මෙන්න මාතලන් බලපන් ලිපිය http://www.lkhelp.com/discussion/1173/lkhelp-%E0%B7%80%E0%B7%99%E0%B6%AD-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%9A%E0%B6%BD%E0%B7%9A-tharindu-prabhath-pinnaduwa-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%87%E0%B6%A9%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF


    මාතලන් මෙයා තෑගි දෙන්නේ නැහැ උබ නොන්ඩි නොවී මුගේ ඇත්ත හැමෝටම පෙන්නපන්

    ReplyDelete
    Replies
    1. තෑගි මේ වෙනකොටත් ලෑස්ති කිරලා ඉවරයි නදුන්.. ඔයා බය වෙන්න එපා.. ඔයා ඔය කරන මඩ වැඩ වලට අපි බය නෑ.. ඔයා ඔය මඩ ගහගන්නෙ ඔයාටමයි..

      Delete
  27. මමනම් හිතන්නේ මේ වගේ අයදුම්පත් නොකැඳවා, ස්වාධීන මණ්ඩලයක් විසින්, අපේ බ්ලොග් අඩවි නිරීක්ෂණය කර, හොඳ නරක දෙකම පෙන්වමින්, කිසියම් ඇගයීමක් කරනවානම් හොඳයි කියලයි.

    ReplyDelete
  28. මමත් හිතන්නේ මාතලන් මචෝ තව ටිකක් හොයා බැලීම හොඳයි කියලා... අවසානෙදී ඊ මනි හොයන්න නෙට් ආව පොඩි උන්ගේ මගුලකට කඩේ ගියා වෙන්නේ නැතිව.. සම්මාන දීමත්.. සම්මාන උළෙලවල් පැවැත්වීමත් බොහෝම හොඳ වැඩ... අළුතින් ලියන අයට ඒක බොහෝම හොඳ උත්තේජනයක් වෙන්නත් ඇහැකි.. බ්ලොග් ලියන අය අතර නව පිබිදීමකට හේතුවක් වෙන්නත් ඇහැකි.. ඒත් කොහේවත් යන ළමයින්ගේ වෙනත් බාල අරමුණකට පෝර දානවා වගේ වැඩක් බවට ඒක පත් උනොත් ආයේ බ්ලොග් සම්මාන කියන කොටම කට්ටිය හිනා වෙන තැනට කාරණාව පත් වෙන්නත් ඇහැකි. ඒ හින්දා තව ටිකක් හොයා බලන්න... ඔය කළුතර රේඩියෝ කතන්දරේ මටත් මෙයිට කාලෙකට කලින් මොනවා හරි මගෝඩියක් සම්බන්ධව ඔළුවේ හිටිය නමක් කියලානං මතකයේ තියෙනවා... ඒ ඇර දාාසයේ දාහතේ ළමයි කාලෙන් කාලෙට නෙට් එනවා කොම්පීටරය ඉස්සරහා ඇඩ් කොට කොට හිටලා ලක්ෂ ගණන් හම්බ කරන්න පුළුවන්ය කියලා හිතං.. ඒ ඇවිත් අවසානෙදි තම තමන්ගේ අඩවි හිට් කරගන්න නොකරන මගුලක් නැහැ... ඔය උඩ දීලා තියෙන පට්ටන්තර දිග ලින්ක් එක දිගේ ගියාම මට අපේ පරණ ප්‍රසිද්ධ යාළුවෙක්වත් දකින්න හම්බ උනා.. එතැනින්ම මටනං ඔය උඩින් කමෙන්ට් කර කර උත්තර බැඳගෙන යන පොඩි ළමයා ගැනත් දැන්නං ඇත්තටම සැකයි.
    පරණ යාළුවා ගැන සමහර විට මාතලන් දන්නේ නැතිවත් ඇති... අතීතයේ කාලවකවානුවක අපේ බ්ලොග් ලියන බොහෝ දෙනෙක් දැන හිටිය කුප්‍රසිද්ධ “අනුරාධපුර සෝන්“ බ්ලොග් අඩවියේ හිමිකරු හෙවත් කවුරුත් දන්නා “සොහොනා“ වෙච්ච අපේ නඳුන් රණවීර මල්ලිත් ගෑවිලා ඉන්නවා මං දැක්කා... :D (සුදු මල්ලියේ ආයේම බැන අඩගහන්න ඔට්ටු නැහැ ඕං ඈ.. මං උඹේ කවදත් ආදර බර අයියා මාරයා.. :D :D :D ) නදුන් මල්ලි කොතැනද ඉතිං එතන ඉතිං බඩේ බත් ටික වගේ ඊ මනි.. ඇඩ් ක්ලික් කිරිලි... දූෂණ භීෂණ තියෙනවාම තමා... පොඩ්ඩ වැරදුනාම පස්ට කුණුහරුප වැලකුත් දැක බලා ගතෑකි... :D :D :D

    මට පේන්නේ ඔය උඩින් උත්තර බැඳ බැද යන පොඩි ළමයත් නඳුන්ගේ වල්ලේම පොල් ගෙඩියක් වගෙයි... ඒ හින්දා ටිකක් බලාගෙන වැඩේට අත දීහං.. (නැත්තං අනිත්මට අත නැහැ වගේ සීන් වෙන්නත් බැරි නැහැ.. :D )

    මෙව්වා හරිනං ඇනෝ දාන්න ඕන කමෙන්ට් ඈ... :D එක්කෝ ඔන්න ඔහේ ඇනෝ කමෙන්ට් එකක් කියලම බාර ගනින්කෝ.. :D :D :D

    ---------------------
    ඈ බං මාතලං මචෝ... අරයට මෙයාට තිය තිය ඉන්නේ නැතිව උඹම ලෑස්ති කොරහංකෝ ඔය සම්මාන කතන්තරයක්... ලොකුවට ඕනත් නැහැ... තෑගි අනං මනං ඕනත් නැහැ... ඔව්වට වඩා අළුතින් ලියන ළමයින්ටයි නාකින්ටයි අරුන්ටයි මුංටයි ඔක්කෝටම ඕන පොඩි ඇගයීමක් විතරයි... මහා විශාල පරාසයක කරන්න බැරිනං උඹේ ඔය මාතලං සිංඩියට අදාලව විතරක්වත් එකක් කරහං... ආයේ අරයගෙන් මෙයාගෙන් මුකුත් අහන්න ඕනත් නැහැ.. තමන්ගේම සිංඩිය නෙව... ඕනනං දැනට නැති බ්ලොග් ටික හොයලා එකතු කර ගනින්... එකතු වෙලා නැති බ්ලොග් බලලා එකතු කරන්න සතියක් දෙකක් තියලා... එයින් පස්සේ සතියක දෙකක කාලයක් දීලා අළුතින් පෝස්ට් එහෙමත් දාන්නය කියලා දැනුවත් කරලා (ඒ පෝස්ට් වලින් ඇගයීමක් දෙන්න නෙවෙයි ඒ ඒ අය ක්‍රියාකාරීව ඉන්නවා කියලා පෙන්නුං කරන්න.. සහ පොඩි කික් එකක් ගන්න) උඹම තෝරහං.. නැත්තං තව දන්න කියන දෙතුන් දෙනෙක් අල්ල ගනින්.. (එකෙන්ම මාව නැතිව) දැන් ඔය අපේ කතන්දර එහෙමත් පැන්ෂන් ගත්තයි කියන එකේ අවුලක් නැතිව සුවාධීන විනිසුරෙක් හැටියට පත් කරගතෑකිනේ... තව ඉතිං ලිවිල්ලට වඩා කියවිල්ලට කටයුතු කරන දෙමළ ණයන්නේ බාර් මුදලාලි... ගිම්හානි වගේ අය කිහිප දෙනෙක් සැට් කරගත්තනං ඕක සිම්පල් වැඩක්... ඔන්න පුතෝ කරනවනං වැඩ... :D

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව හරි . මට විස්වාසයක් නැහැ මෙයා ගැන . මේ ගැන හොදට හොයලා මාතලන් දාන්න තිබුනේ .

      මේ වගේ සම්මාන උළෙලවල් දැන් ගොඩක් ටිබුනා කලින් ඔය කළුතර රේඩියෝ එකෙන් එකක් කළා වගේ මතකයි එත් අන්තිමේ මොකුත් නැහැ , ඊට පස්සේ ගීක් එකෙන් කළා එකත් එහෙමයි ඊට පස්සේ තව 3-4 ඔය කතාන්දරයම ගැහුවා . එත් දුන්න දෙයක් නැහැ අපේ බ්ලොග් වල ටැපික් එක හිගා කෑවා විතරයි . මෙයත් ඒ සේතේම තමයි . මෙයත් ඔය හැම තැනම ස්පෑම් දාදා වෙබ් සයිට් වලට කෙලව කෙලව තමන්ගේ සයිට් එක ගොඩ දාගන්න මහන්සි වෙනවා මෙයත් අන්තිමට ඒ කතන්දරේම ගහයි . ඊට පස්සසේ මෙයාලා ඔකොම එකතු වෙලා කියයි බ්ලොග් කාරයෝ කියන්නේ මෝඩයෝ වගයක් කියලා . දැනුත් එහෙම කියනවා sinhalahelp.com එකේ අය

      Delete
    2. හම්මේ නදුන් මල්ලි දැක්ක කල් ඈ... :D

      Delete
    3. මාරේ අයියත් එහෙම තමා දැන් බ්ලොග් ලියන්නේ නැතිද ? මන් තාම ලියනවා අලුත් බ්ලොග් එක http://www.lktips.com පුංචි ස්පෑම් පාරක් :D

      Delete
    4. බොහෝම ස්තූතියි මචෝ දැණුවත් කිරීමට.. උන්ගේ ලේබලේ එල්ලන එක නම් මම ගැලෙව්වා.. ඕන් එහේ ඕන දයක් කර ගනිද්දෙන්.. මුන් මේකේ දාන්න ඉල්ලුවේවත් නෑ.. සින්ඩියේ දාන්නෙයි කියලා කිව්වේ.. කොහොමත් සයිබර් ෆෙස්ටිවල් එකේ යම් සාධාරණයක් තියෙනවා...

      මම ඉතින් හොඳ ඒවට සප් එක දෙනවනේ මචෝ දැනටත්..

      ඉස්සරහට බලමු..

      අර ළඟදි දීපු සම්මානේ නම් අමු විහිළුවක්.. ඒක ජනප්‍රිය කෙසේ වෙතත් බල්ලෙක් වත් බලන්නේ නැති එකක්..

      Delete
    5. හැබැයි මාතලන් බොස්..මාරයා කියපු දේට නම් මම එකෙන්ම කැමති...

      බොස්ට පුළුවන් නම් සම්මාන වැඩක් ලැස්ති කරලා ගන්න අපේ 100% සපෝර්ට් එක දෙනවා.

      Delete
    6. ඒ වගේ වැඩකට සුදුසුම පුද්ලයින් අතලොස්සෙන් එක්කෙනෙක් තමයි මාතලන් බොස්.

      කතන්දර ශූරී ත් හවුල් කරගත්තා නම් පංකාදු පහට වැඩේ යයි..

      Delete
  29. මෙන්න මුගේ තව හොර වැඩක් මාට්ටු වෙලා http://www.lkhelp.com/discussion/1543/lkhelp-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%BA%E0%B6%B1-%E0%B7%80%E0%B7%91%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92#Item_4

    තරිදු ලැජ්ජයි බන් රෙදි ඇදගෙන ද බන් මේවා කරන්නේ

    ReplyDelete
  30. දැන් ඇර " අසනේය කුසුම " රෝයල් කොලේජ් එකෙන් කරන සම්මාන එක නැද්ද.. ඔය අපේ කතන්දරලා මාරයලා වුනත් දින්නේ එවයිනේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න