.

.

Aug 5, 2014

පිපාසයට, ජලය වෙනුවට වහල් සේවය.. - Drought & Slavery


මේ රට ගැන, දැන් නම් ඇත්තේ පුදුමාකාර දුකක්ය. සම හරකුට අනුන්ගේ දුක් වේදනවන් දැනෙන්නේ හෝ හැඟෙන්නේ නැත. අනෙක දුක යනු සාපේක්ෂ දෙයකි. කෙනෙකුගේ දුක තවත් කෙනකුගේ සැපක් වන්නේද ඒ නිසාය. වතුර කියන්නේ මිනිසුන්ට නැතිවම බැරි දෙයකි. ඒ බව දැනෙන්නේ වතුර නැති වූ විටය. මේ දුක, කැළණිය වරාගොඩ පාරේ, ජළ නල පද්දතිය එලන තෙක් අපිද අත් විඳ ඇත්තෙමු. ඒ වැසි නොලැඹෙන කාලයන්හීදීය.

පැය 36 කට, වතුර නැතිවන බවට දැණුම් දෙන ලදි. මිනිසුන් ඒ කාළය සඳහා වතුර රැස් කර ගන්නට ඇත. අනික දිනපතා වතුර තිබෙනා පිරිසකට. කියපු ගමන් වතුර රැස් කර ගැනීමට භාජන නැත. කෙසේ හෝ පැය 36 ක් යනු මැනේජ් කර ගත හැකි වේලාවකි. එහෙත් සිඳු වූයේ කුමක්ද? දින හතරක් ගත් වීත්, අදත් සමහර ප්‍රදේශවලට වතුර නැත. හෙට වන නිට සියල්ල යහපත් විය හැක.

එහෙත්, මේ පෙන්වන්නේ කුමක්ද? අසමත් කම මිස වෙන කිසිවක් නොවේ. වග කිව යුතු නිළධාරියකුගෙන් විමසන කළ පැවසුවේ, බලාපොරොත්තු නොවූ ලෙස, වැසි ලැබුන බවත්, ඒ හේතුව හා තවත් හේතූන් නිසා මේ ප්‍රමාදය සිඳුවූ බවයි. එතකොට ඔය ඉන්ජිනේරුවෝ, තාක්ෂණ ශිල්පීන් කියන උන්ට, බැකප් සිස්ටම්, එතකොට විකල්ප සිස්ටම් ගැන කියලා දෙන්නේ නැද්ද? එහෙම නැත්නම්, ඒ පිළිබඳව අවබෝධයක් නැද්ද? එහෙම නැත්නම් දැනගෙන උන්නට, උන් ඒවා ගනන් ගන්නේ නැද්ද?

මේ වෙන කිසිවක් නොවේ. මේවාට කිසිම දඬුවමක්, දඩයක්,  නොමැති කමයි. වගකීමක් නොමැති කමයි. වගවීමක් නොමැති කමයි. සියල්ල විහිළුවකින් යටපත් කිරීමයි. වෙන රටක් නම්, මේ සියළුම නිළධාරින් රැකියාවෙන් ඉවත් කිරීමට මේ වරදම සෑහේ. එහෙත් එවන් තීරණයක් ගැනීමට. මේ ඉන්නා හාල්පාරු ඇමති වරුනට පුළුවන්ද?

ස්වාභාවික නස්පැත්තියක් වන නියඟය හේතුවෙන දිස්ත්‍රික්ක කීපයක්ම, උග්‍ර ජළ හිඟයකින් පෙලේ. ඒ බව පැය 24 පුරාම නිව්ස් චැනල් වලින් පෙන්වයි. වැව් හිඳි ඇත. කුඹුරු වගා. හේන් වගා, සියල්ලම විනාශය. මිනිසුන්ගේ පිපාසය නිවා ගැනීමටවත් වතුර නැතිව, උන්මත්තකයින් මෙන් බැරල් උස්සාගෙන, පාරවල් පුරා දුවති. මේ රටේ වාරි මාර්ග ඇමතියෙක් ඇත. ඒ යකා මේ දවස්වල වෙන ඇමතියෙක් එක්ක රෙස්ලින් පයිට් එකක්ය. අනික කට්ටියම ඌවේය. එයත් ඌවේය. එයත් එක්ක ඔට්ටු වෙන එකත්, ඌවේය. උන් ගොන් පොර අල්ලති, ජනතාව පිපාසයෙන් අඬති.

තව ආපදා කළමණාකරණ කියා එකෙකුත් ඉන්නවාය. ඒයා මේ දවස්වල ටී වී එකේ නිව්ස් කට් වලට ගොන් ආතල් දෙති. ලොක්කාගෙන් කාපු නිසා, ලොක්කා ෂේප් කර ගන්නට වෙන්න ඇතිය. තව සමාජ සේවා කියා එකෙකුත් ඉන්නවාය. මේ ඔක්කෝම ඉඳිද්දි පොලොන්නරුවේ දිසාපති, අපෙන් වතුර බැරල් ඉල්ලනවාය. උන්නැහේටහ් පිස්සුය. ඇමතිවරු ඉඳිද්දි ඒ යකාත් කෙලින්නම එන්නේ අපිටමය. එක අතකින් ජනතාවගේ දුක ඒ යකාටවත් දැණුන එක ළොකු දෙයක්ය.

උන්නැහේගේ ඉල්ලිමට කන් දුන් ජනතාව, දෙරණ නාලිකාව හරහා ජල ටැංකි ලබා දීලාය. ඒත් ඒකත් මල විකාරයකි. දවස් ගනනක් තිස්සේ නිව්ස් වලට පෙන්නනවා විනා, තවමත් ජනතාවට ඒවා ලබා දී නැත. ඒ කියන්නේ අවශ්‍ය ටැංකි සැපයීම නොව, ප්‍රචාරණයදෝ කියා සැක සිතෙන තරමට, එය විහිළුවක් වෙලාය. ඒ පොලොන්නරුවේය. පොලොන්නරුවේ ඉන්න එකා වෙන මොනවාද බයිලා වගයක් ගහනවා, චැන්ල එකකින්ම දැක්කේය. එයාට පුළුවන් ඒවා විතරමය. අනුන්ගේ වැරදි කිය කියා ඉන්නවා මිස, 1994 ඉඳන් කරපු මෙළෝ හසරක් නැත්තේමය.

දුටු විගස ඇඟේ මාළු නටන සීන් එක ඒක නෙමෙය. දකුණේ. ඒ කියන්නේ මේ ලොක්කගෙම ගම් පලාතේ නියගයෙන් පීඩා විඳින මිනිස්සු ලව්වා, වැව් වල රොන් මඩ ඉවත් කිරීමය. මේවා අමු තිරිසන් වැඩය. මේ මිනිසුන් ලවා වහලුන් මෙන් වැඩ ගන්නේ, රුපියල් 3000 ක වියළි සළාක මල්ලක් ලබා දෙන්නය. ඒ සඳහා දින 12 ක්, පැය 5 ක්, අනිවාර්යයෙන් සේවය කළ යුතුය. අඩියක් ගැඹුරටව් වර්ග අඩි 15 ක් ප්‍රමාණයක රොන් මඩ මෙසේ ඉවත් කළ යුතුය.

මේ ඔලමොට්ටල් බූරුවෝ රොන් මඩ ගැන දන්නා ඒවුන් වෙන්න බැරිය. රොන් මඩ වේලුන පසු, කොන්ක්‍රීට් වලටත් වඩා හයියය. ඒවා ඉවත් කිරීමට උපකරන ලබා දෙන්නේද නැත. පෝර බෑග් වල දමා, ගව්වක් පමණ දුරකට මේ දූවිලි ගොඩ ගෙන යා යුතුය. මේවා රජ කාළේ දඳුවම්ය. මෙවන් ක්‍රිකා ඒ කාළේ තිබු බව අසා තිබුනාට, මේ කාළේ සිඳුවනවා කියා අසා තිබුනේ නම් නැත.


අනෙක් නෙතට කඳුලක් උනන සිඳුවීම නම්. මේ වහල් සෙවයේ යෙදෙනුයේ කාන්තාවන් හා දරුවන් වීමයි. ගෙදර පිරිමින් රැකියාවන් සඳහා පිටත්ව ගොස් ඇති බැවුන්, ආන්ඩුවේ වහල් රජාකාරි කිරීමට පවුලේ උන් සහබාගි කරවා ගන්නේ එසේය. මේ නම් ආශ්චරයයේ හොඳම එකය.

මේ මිනිසුන් ඒ දුකත් විඳිනුයේ, අර වියලි සලාකය ලබා ගැනීමට නම්, අපි රටක් වශයෙන් ලැජ්ජා විය යුතුය. සමහර විට ජනාධිපති තුමා මේවා නොදන්නවා විය යුතුය. සම හරක් ආන්ඩුව අපහසුතාවයට පත් කිරීමට හා ජනතාව කළකිරීමට කරන ඒවා වන්නටත් පුලුවන. මේවා ආන්ඩුවේ වැඩ නොවේ නම්. නිළධාරින්ගේ තීරණ නම්, ඔවුන් හිටුවා පස් ගැසිය යුතුය. නැත්නම් උල තැබිය යුතුය. වතුර බිදක් නොමැතිව, අන්ත අසරණ වූ ජනතාවකගෙන්, හිඟන සහන මල්ලක් ලබා දීමට, වහල් සේවාය ලබා ගන්නා ඕනෑ එකෙකුට, වැහි නැති හෙන හතම ලැබේවා…!!!

අපට ඒ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් කළ හැක්කේ එපමනකි.


වැඩිහිටියෙක් වශයෙන් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තුමාට විවෘත යෝජනාවක් කරමි. ගරු මන්ත්‍රි තුමනි, කාල්ටන් රග්බි තරඟාවලියට සහභාගි වන සියළුම පිරිස සමඟ මේ වියළි කළාපයේ ජනතාවට බීමට දිය බිඳක් රැගෙන යන්න. අප කිසිදාක තරුණයන්ගේ විනෝදකාමී ජීවන් රටාවට විරුද්ධ අය නොවේ. එහෙත් මේ සුළු දෙය ඔබට ඉහලින්ම කිරීමට සියළුම පිරිස් බලය හා අවශ්‍ය සියලුම බලය හා ශක්තිය ඔබ සතුව ඇත. මේ ඔබ රට වෙනුවෙන් කරනා මහඟු යුතු කමකි. හැකිනම් ඔවුනට පානීය ජලය හෝ දිගටම ලබා දීමට කටයුතු කරන්න. ඒවා අනාග ආයෝජනයන්ය.

මේ පිළිබඳව මා දුටු වෙනත් ළිපි

හිරුගේ ළිපිය
විභීෂණගේ ළිපිය

115 comments:

  1. Wow mathalan. Brilliant. If you can mail this letter to temple trees. This is the true behind this MR regiem.

    ReplyDelete
    Replies
    1. එහේ අය මේක කියවනවා මයෙ හිතේ...

      Delete
  2. maathalan,therumganna ewuntanam melipiya hondatamaethi,Lassana aaradanawa! (Ranjan)

    ReplyDelete
    Replies
    1. විකල්ප හොයනවට වඩා. ඉන්න අයගෙන් වැඩක් ගන්න එපාය..

      Delete
  3. ලෝක ආහාර ආධාර වැඩ පිළිවෙල යටතේ මා දන්න කාලෙ ඉඳන් මිනිස්සුන්ට නියං ආධාර දුන්නා.ඒ දුන්නෙත් නිකං නෙවෙයි වැව්වල මඩ ඉවත් කිරීම ආදී ප්‍රජා සේවයේ යෙදවීමෙන් පසුවයි.රොන් මඩ ඉවත් කරනවාට මිනිස්සු කිව්වෙ කට්ටි කපනවා කියලයි.
    අසරණ වෙලා ඉන්න අයට ආධාර දෙන්න ඕනෑ.නමුත් පිනට නොවෙයි.ඔය ආධාර පිනට දුන්නනං මොකද වෙන්නෙ කියල මාතලන් හොඳටම දන්නවනෙ.වැඩි දෙනෙක් ඕව විකුණලා කසිප්පු බොනවා.වැඩක් කරවගෙන ආධාර දුන්නම විකුණුවත් හිතට දුකක් නෑ.
    මහාචාර්ය සෝමරත්න බාලසූරිය ලියපු වප් මඟුල පොත උඹ කියවල තියේද.මේ විස්තරය ඒ පොතේ ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මචෝ නොමිළේ දෙනවට තදින්ම විරුද්ධ කෙනෙක් මම. ඒත් මචෝ ආපදා අවස්ථාවල එහෙම කරන්න බැරිනම් අපේ රටේ ජනතාවගෙන් මෙන්ම පාළණයෙන්ද වැඩක් නෑ. උන් කසිප්පු බොන එක උන්ගේ වැඩක්. උදව් උපකාර කරණ එක රජයේ යුතු කමක්. ජනතාවගේ යුතු කමක්.

      සුනාමී ආධාර, ගං වතුර ආධාරත් දුන්නේ ඔය කියන ක්‍රමයට නෙමෙයි නේ. මේ මචෝ වැඩවසම් යුගයේ ක්‍රම. මනුෂ්‍යයන් විසින් මනුෂ්‍යන් උදෙසා හදපු ප්‍රතිපත්තියක් නම් නෙමෙයි. ඇත්තටම ලැජ්ජයි.

      Delete
    2. ඉස්සර කාලේ ඉදන්ම තිබුන වැව් ඇලවේලි පිලිසකර කරන ක්‍රමයක් මාතේ ඕක , අපේ වාරි සංස්කුරුතියේ තිබුන හොද ලක්ෂනයක්, අත්තමට කුඹුරු වැඩ කරනව වගේ පායල වතුර නැති උනහම හැමෝම එකතු වෙලා ඇලවේලි අළුත් වැඩියා කරගන්නව , වැව් නැති සබරගමුවේ උනත් එහෙමයි ,

      ඉස්සර නියගයෙන් කන්නයක් දෙකක් පාඩු උනත් කලින් කන්නවල අස්වැන්නෙන් අටු කොටු පිරිල තිබුන නිසා මිනිස්සුන්ට ඒක දැනුන්නැ , කාලයත් එක්ක සමාජක්‍රමය සංකීර්න වෙලා අවශ්‍යතාවයන් වැඩි වෙනකොට . ජනගහනය වැඩිවෙලා , ඉඩම් ප්‍රමාණය මදි වෙනකොට තමයි ඔව්වා මිනිස්සුන්ට දැනෙන්න ගත්තේ ,

      ඒකත් එක්ක ඔය නියං ආධාර බෙදල දෙන වැඩේ වැව් හැදිල්ලත් එක්ක පටලන්ඩ ඇත්තේ , මුලින් මුලින් ආධාර බෙදල දෙන්නේ කාටද , කොහොමද . කොතනදිද කියන කාරනාවට උත්තරයක් විදිහට ආධාර බෙදිල්ල වැව් හැදිල්ලට බද්ධ කරන්ඩ ඇති .

      හැබැයි ඕක සුද්දන්ගේ ඉස්සෙල්ලම වෙච්ච දෙයක්ද , නැත්තං පද්දන්ට රට බාර දුන්නට පස්සේ වෙච්ච දෙයක්ද කියල නං මං හරියටම කාල වකවානුවක් නං මම දන්නේ නැ .

      ඔය කතන්දරේ අද ඊයේ වෙච්ච මහලොකු බක්කක් නෙමෙයි මාතේ

      සමහරක් විට ඉස්සර ඔය පැත්තේ එහෙමවත් ආධාර නොදෙන්ඩ ඇති , ( මොකද ඒ පැත්තේ අැයොම කියනවනේ ලොක්කා ලොක්කාවෙලා එනකං එයාලට රටේ පාලකයෝ මොකුත් දුන්නේ නැ කියල )

      එහේ නොවී ඔය කතන්දරේ රටේ වෙන තැනක උනානං උඹල අපි මේ ගැන කතා කරන්නෙත් නැ ,

      මෙච්චර කතාවක් මේ ගැන අද ගොඩනැගිලා තියෙන්නේ ලොක්කගේ ගමේ කට්ටිය හැම දෙයක්ම ලොක්කගෙන් නිකං බලාගන ඉදලා . නොලැබුනහම හිත රිදෙන හන්දා .

      Delete
    3. ඉස්සර කාළේ තිබුනා කියලා තාමත් තියෙන්න ඕනද? යන්ත්‍ර සූත්‍ර තියෙන්නේ අහවල් ඉටි ගෙඩියටද? අඩු ගානේ පස් ටික බැකෝ එකකින් හාරලා දිය. අතීතේ කළා කියලා. තාමත් සජ්ජුරුවෝ දෝලාවෙද යන්නේ?

      Delete
    4. මේ ගැන මගේ අදහස ‍සහ ඒ අදහස ගොඩනැ‍ෙඟෙන්නෙ මෙහෙමයි.
      1.නියං සහනාධාර, ඒ කියන්නෙ කෑම ආධාර (වතුර නෙවේ, වතුර කාටත් ඕන) ඕනවෙන්නෙ නියඟය නිසා ගොවිතැන් පාළුවුන මිනිස්සුන්ට‍. සාමාන්‍යයෙන් මේ වගේ නියං කාලයට ‍මිනිස්සු බහුතරයකට කරන්න දෙයක් නෑ.(රැකියාවක් නෑ). අන්න ඒ මිනිස්සු යම් කාර්යයකට යොදාගෙන උපකාරයක් කලාට කමක් නෑ.(මාත් ගිහිල්ල තියනව ‍ඔය පස් කැපීමේ වැඩ වලට)

      2.නමුත් වැඩේ තියෙන්නෙ මිනිස්සුන්ට කරන්න අමාරු වැඩ දුන්නම ඒකෙන් වෙන සෙතක් නැතිවීම. එතනදි මාතලන් එක්ක එකඟයි. ගමක මිනිස්සු අලවංගු උදළු වලින් කරන කාර්ය බැකෝ එකකින් දවසක වැඩක් නං ඒක තේරුමක් නෑ.(අපි නම් ඒ කාලේ කලේ ගමේ පාර හැදිල්ල, ඇලවල් වේලි හැදිල්ල වගේ වැඩ. ඒව එච්චර අමාරු නෑ වගේම ඔය කියන විදියේ ටාගට් එකක් තිබුනෙ නෑ. පරීක්ෂාවට හිටියෙ ග්‍රාමසේවක මහත්තය.

      Delete
    5. රාජ් බැලුවද ඊයේ රෑ ටීඑන්එල් එකේ ගිය පිබිදීම වැඩසටහන. මම හිතන්නේ මාතලනුත් ඒක බලලා තිබුනා නං හොදයි. ඒකට ආවේ උතුරුමැද පළාතේ නියගයට අසුවෙලා ඉන්න ජනතාව,පුජ්‍යය පක්ෂය. එහිදී එතන හිටපු ගොවි සංවිධාන නියෝජිතයන් කිව්ව දෙයක් තියෙනවා. ඔවුන් කාටවත් අත නොපා ජිවත් උන අය. ඉතිං ඒ අය කියන්නේ තමුන්ගේ ශ්‍රමයෙන් රජයට යම්කිසි වැඩක් අරං මුදලක් ගෙවන්න කියලා. මොකද දැන් වතුර නැතිව වගා කටයුතු කරන්න බැරි නිසා ගොඩක් ගොවි පවුල් වල අය කොළඹ අවට මුර රස්සා වලට,ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරු රැකියා වලට ඇවිත් ඉන්නේ. ඉතිං ඒ අය කැමති ඒ පළාත්වල ඉදගෙනම යම්කිසි දෙයක් කරලා මුදලක් හොයා ගන්න,මේ නියගය මග හැරෙන තෙක්. අනික රජයෙන් වකොතරම් මුදල් වැය කර ඔය වැව්,අමුණු පිළිසකර කෙරුවත් ඒවා සිද්ධ වෙන්නේ ගොවීන්ට ඕනා විදියට නෙමෙයි. ඉතිං මේ වෙලාවේ ගොවින්ටම අවශ්‍ය විදියට ඒ කටයුතු සිදු කරගන්න ඉඩ දුන්නා නං හොදයි. සැප්තැබර් මස වර්ෂාවට කලින් මේවා පිලිසරක කර ගත්තොත් ගොඩක් හොදයි.

      කොළඹ ඉදං හිතනවා වගේ තත්වයක් නෙමෙයි මාතලන් එහෙට ගිහිං ප්‍රායෝගිකව බැලුවම තියෙන්නේ. පුළුවන් නං හැම අගහරුවදාම ටීඑන්එල් එකේ යන පිබිදීම කියන වැඩසටහන බලන්න. එකේ යනවා ඇත්තටම ගැටලුවකට මුහුණ දෙන ජනතාව දක්වන අදහස්. බලධාරීන්ට ඕනි විදියට නෙමෙයි,ජනතාව කියන දේ බලන්න.

      Delete
    6. ඇනෝ 9:16 PM
      පිබිදීම නං බලන්න බැරිවුනා. මම කියපු කාරණාව තමයි ඒ මිනිස්සු කියල තියෙන්නෙ. නමුත් වැව් හෑරිල්ල නං සාර්ථකයි කියන්න බෑ. වැඩක් ගන්න ඕන කියන මතයේ මාත් ඉන්නව.

      Delete
    7. වැව් හෑරීම අසාර්ථක වෙන්නෙ ඒක මේ කොහේවත් ඉන්න මනුස්සයෙක් ගිහිල්ල පොතේ හැටියට කරන්න යන හින්දයි. ‍ගමේ අතීතයෙ ඉඳල හිටපු, ගොවිතැන් කරන මිනිස්සු දන්නව ඔය වීදුරු කාමර වල ඉන්න කට්ටියට වැඩිය වැව් සහ ඇළවේලි කොහොමද හදන්න ඕන කියල. ඒ මිනිස්සුන්ගෙන් උදව්, අදහස් ගන්නෙ නැතුව පොතේ තියෙන හැටියට වැඩ කරන්න ගියාම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන්.

      Delete
    8. ඌ ගිහිල්ල ගස්වල උස මනින්න.

      Delete
    9. වාංපතුලට අලුත් හමක් හොයනව වෙන්ටැ.

      Delete
    10. මම මේ ළිපිය ලියන්නේ මිනිස්සුන්ගේ දුක ඇස් දෙකෙන්ම දැකලා. ඇත්ත ඒ මිනිස්සු ආඩම්බරයක් තියෙන මිනිස්සු. මම කියන්නේ නෑ ඔක්කෝම දේවල් දෙන්න කියලා. මම කියන්නේ බොන්න වතුර ටිකක් දෙන්න. ඒකට හරියන්න මුකුත්ම් ගන්න එපා කියලා. මහ ළොකු ඉතිහාසෙත් පින් තාලිය කියලා එකක් තිබුනා ඕන කෙනෙකුට බොන්න. ඇඩ් වල අඹ සීයට කූල් වෝටර් දෙනවා. පාර ආහන එකාට තැඹිලි ගෙඩියක් දෙනවා. පිපාසෙට දිය බිදක් නොදී, වැව් කප්පනවා. මරු සංස්කෘතිය..

      Delete
    11. දෙයියනේ මේ මිනිස්සු ඉල්ලන්නේ වතුර...පිපාසෙට වතුර

      Delete
    12. ඉර නිවුන ද අඳුරෙහි නොහඬා...................

      හනුමන්තලගේ ගිනි ගත් වලිගේ
      නිවු රාවණගේ පරපුර අපගේ
      ඉර නිවුන ද අඳුරෙහි නොහඬා
      ඉටිපන්දම් අරගෙන නටනා

      විලියම් ඒබ්‍රහම් ෆ්‍රැන්සිස් රොමියෝ ජුලියට්
      මගෙ නෑයෝ......
      වයිලින් මෙඩ්ලින් ජෑසස් දඩබඩ සින්දූර්
      මගේ ගීතේ
      වැලන්ටිනා අගොස්තිනා සෆාරියායී බටොම්බෙලායී
      අඳින්න ඉගැන්නු නටන්න ඉගැන්නු
      අපි උන්නෙ පුතේ - පෙර වැදි යුගයේ
      අද ඒ යුගයේ - ගති ඇත මතු වී

      අපෙ මුල් ගති අරගෙන අඳිනා
      අය හිටියත් ඒ මත දරනා
      හනුමන්තලගේ ගිනි ගත් වලිගේ
      නිවු රාවණගේ පරපුර අපගේ

      පැසිපික් ආක්ටික් අත්ලාන්තික් මහ මූදූ
      මැද පාවී.....
      පවුමෙන් පැන්සෙන් මේ රට හැඹිලියෙ දැම්මේ
      ඈ ඈයෝ.....
      උඩින් ගියේ යටින් ගියේ හඳේ පවා දෙපා තබා
      පනින්න ඉගැන්නු නටන්න ඉගැන්නු
      උඩ යන්න එපා - වරිගය වනසා
      වලිගය තනිවේ - නුඹලගෙ මිතුරේ

      පිටරට ටින්ටස් ඇණ ගහලා
      නැවතිය යුතු මේ රට දොඩනා

      පද - ප්‍රේමකීර්ති ද අල්විස්
      ස්වර - සරත් දසනායක
      හඩ - මොහිදීන් බෙග්/ එච්. ආර්. ජෝතිපාල/ෆ්‍රෙඩී සිල්වා
      චිත්‍රපටය - මධුවන්ති (1978)

      Delete
    13. @ ඇනෝ මචං....කොහෙන්ද බං මේ සින්දු හොයාගන්නේ. උඹ සින්දු උල්පතක්නේ. උඹව අගය කරනවා.

      Delete
    14. තැන්ක්ස් අරු ......මටත් දැන් බ්ලොග් බලන උන හොදට වැඩිවෙලා .අවුරුදු 4ක් විතර බලනවා කොමෙන්ට් නොදා ....පොස්ට් එකට අදාළ වගේ හිතෙන( ලගින් යන වගේ ) සින්දුවක් හොයල දැම්මනම් හොදයි හිතුනා ...ඉතිං පරණ අපි පරණ ඒවා හොයනවා ...කැමති අය බලනවා ...

      Delete
    15. Ano (Y)

      ඔය සින්දුව මන් ගාව තියෙනව. ඕකෙ බෙග් මාස්ටර් "නිව් රාවණගේ" කියල කියනකොට හිතෙන්නෙම මිනිහ මේ "අලුත් රාවණගෙ" පරපුරේ කියල උත්ප්‍රාසයෙන් කියනව කියලයි. සමහරවිට ප්‍රේම් එහෙම හිතෙන්න ලියුවද දන්නෙත් නෑ!

      Delete
    16. ඇනෝ බොස්… උඹට කොහොම ස්තුති කරන්නද බං..මල් හතයි !!! දිගටම යං …

      Delete
  4. අනේ අපොයි,, බලධාරියෙක්ගේ ඇස ගැටේවා

    ReplyDelete
    Replies
    1. එයාලා ඔක්කොම ඌවට ගිහින්..

      Delete
  5. පිපාසය නිවා ගැනීමටවත් වතුර නැතිව, උන්මත්තකයින් මෙන් බැරල් උස්සාගෙන, පාරවල් පුරා දුවති///ඇයි ගුටි කෙලි වතුර හොරකම් මෙවා ඇත්තම එවා ප්‍රවෘත්ති වලටවත් යන්නෙ නෑ

    වහල් සේවාය ලබා ගන්නා ඕනෑ එකෙකුට, වැහි නැති හෙන හතම ලැබේවා…!!!/// ,මෙහෙම හෙණ ගහණවා නම් ලංකාව හෙණ ගහලම විනාශ වෙනවා, තිබුණ වැව් ගොඩ කරලා කෙසෙල් දමපු බොන වතුර උල්පත් තමන්ගේ නමට ලියාගෙන ,එවා අපිටම බෝතල් කරලා විකුණන යුගයක් මේ,මේ ගැන දන්න තරමින් හරි මෙහෙම පොස්ටුවක් ලිව්ව මාතලන්ට මගේ අචාරය .......

    ReplyDelete
    Replies
    1. අළුතෙන් ලියන විභීෂණයත් මේ ගැනම ලියලා තිබුනා..

      Delete
  6. ඔය පලවෙනි නියඟයවත් අවසාන නියඟයවත් නෙවේ මචෝ. මිනිස්සුත් කට්ට කපයි තව සුමානයක් දෙකක්. බඩු මල්ලත් හම්බ්වෙයි ගුල්ලෝ ගහපු හාල්, පරිප්පු එක්ක. ඊට පස්සේ වැස්ස එයි..එතකොට ඔක්කොම අමතක වෙයි. රටටත් අමතක වෙයි. . ලබන අවුරුද්දේ මේ කාලෙට උඹත් ආපහු නියඟය ගැන පෝස්ට් එකක් ලියයි මේ පෝස්ට් එකේ ලින්ක් එකක් දාලා. ඕක තමයි චක්කරේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා ඇස් වලට පේන දේ නොලියා ඉන්න බැහැනේ.. මෙහමවත් කතිකාවක් ඇති වෙන්න අපි ලියන්න එපාය..

      Delete
  7. අන්න නාමල් බේබිට කරනවානම් වැඩක්..

    මේ තිරිසන් වැඩේ මනුස්සකමේ නාමෙන් නවත්තන්න පුලුවන්නම්..?

    ReplyDelete
    Replies
    1. එයාලගේ ඇඩ්වයිසර්ලත් පිස්සු යක්කු ඇත්තේ..

      Delete
  8. කලකිරුණා මාතෙ … !! අම්මපා ..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මචෝ.. ඇඬෙනවා..

      Delete
  9. ජීවිතය ජයගන්න
    පොරබදන අපට එරෙහි
    අකාරුණික
    ඉරිතැලුණු කාෂ්ඨක මහ පොලොව
    මදිවට වැස්සත්
    අහක බලන දෙස්පලුවන්
    පස්ස අපට,
    හිනා මූණ ඌවට හරවා

    වැස්සට පසු මෙහෙ වරෙල්ලා
    අපේ දුක සැප බලන්න

    ReplyDelete
    Replies
    1. ගැලුවාම එයි බත් පැකට් එකකුත් අරගෙන..

      Delete
  10. අයියේ අවසාන යෝජනාව ගැන ඇත්තෙන්ම සතුටුයි.. ඒත් එක ඒ විදිහටම වෙයිද.. එහෙම වෙනවනම් ඒ මිනිස්සු වෙනුවෙන් ඇත්තටම සතුටුයි...

    ReplyDelete
    Replies
    1. විය යුත්තේ එයයි.. නමුත් නොවන්නේද එයමය..

      Delete
  11. නාමල්ට කරලා තියෙන යෝජනාව නම් අපූරුයි.:)

    //එතකොට ඔය ඉන්ජිනේරුවෝ, තාක්ෂණ ශිල්පීන් කියන උන්ට, බැකප් සිස්ටම්, එතකොට විකල්ප සිස්ටම් ගැන කියලා දෙන්නේ නැද්ද? එහෙම නැත්නම්, ඒ පිළිබඳව අවබෝධයක් නැද්ද? එහෙම නැත්නම් දැනගෙන උන්නට, උන් ඒවා ගනන් ගන්නේ නැද්ද?//

    වග කියන්ට ඕනි මේ අය නම් නෙමේ. ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල්වලට මුදල් යොමු කරන්ට ඉහල තැන්වල ඉන්න අයයි.

    ReplyDelete
    Replies
    1. හැම දේම ලොක්කන්ටම කරන්න බෑ පොකු. ඒකට තමයි නිළධාරින් ඉන්නේ. උන්ගේ කොඳු පණ නැත්නම්. රාජකාරිය හරියට කරන්න බැරිනම්, තව තව රාජ්‍ය සේවය පුරවන එකේ තේරුම මොකක්ද? නිකං ඉඳගෙන කන එකද...?

      Delete
    2. පොඩිම එකා ඊට උඩ එකා කියනකම් ඉන්නවා. උඩ එකා ඌට උඩින් ඉන්න එකා කියනකම් ඉන්නවා. පෝලිමට ගිහින් අන්තිමට මහරජා කිව්වම තමයි වැඩක් වෙන්නේ.. .. :D

      Delete
    3. එහෙම එකකට මක්කටද බං මෙච්චර රාජ්‍ය සේවකයෝ..

      Delete
  12. තවත් එක කඳුළු කථාවක්. ලංකාවට ගිහිල්ල එන එවුන් ලංකාව මාර දියුණුයි මචන් . උන්ට අපට වැඩිය සල්ලි තියෙනෙව. මාර කාර් වල මාර පාරවල් වල යන්නේ කියනවා. මේවා කියෙව්වහම හිතෙනවා උන් යන්නෙත් මේ ලන්කවටමද කියල.

    ReplyDelete
    Replies
    1. ඔවු, සල්ලි තියෙනව, හොඳ පාරවල් තියෙනවා, අපට කාර් තියෙනවා....

      අවුලකට තියෙන්නේ නියඟයත් තියෙනා එකයි.... ඔබ තුමා ඉන්න රට අපි දන්නේ නැහැ... හැබයි අපි ජීවත් වන මේ ලංකාව ඔබ හිතනා තරම් පහත් නැහැ....

      Delete
    2. නැහැ එහෙම පහත් කරන්න කිව්ව කතාවක් නෙමේ. ලංකාව කියන්නේ අපි හැමෝටම ආදරණිය බැඳීමක් තිබෙන රටක්. නමුත් හොඳ කාර් හොඳ පාරවල් විතරක් නෙමේ තියෙන්නේ කියන එකත් දකින්න ඕනේ. මම පහුගිය අවුරුදු දහයක් තිස්සේ දුප්පත් ළමුන් විසි දෙනෙකුට ආධාර කලා චැරිටි එකක් හරහා. මේ මාසේ ඉඳන් ඒක නැවැත්තුවා. මොකද ලංකාව අපි හිතන තරම් දුප්පත් නැහැ කියල මිනිස්සු බනින නිසා. charity කරන කොට ලංකාව සවුත්තුයි කියල විදේශිකයෝ හිතනවා කියල. ඒ කියන්නේ ලංකවේ හැමෝම පොහොසත් ඇති. අනේ මම ඉන්න රටේ නම් එහෙම නැහැ. දුප්පත්තු ඕන තරම් ඉන්නවා. කැඩිච්ච පාරවලුත් තියෙනෙව.

      Delete
    3. ඔවු... ලංකාව ඔයා හිතන තරම් දුප්පත් නැහැ....ඔය කොයි රටෙත් තියෙන පොඩි පොඩි ප්‍රශ්න මෙහෙත් නැත්තේ නැහැ... ඒත් ලංකාව බොහෝ දෙනෙක් හිතනා (සහ පතනා ) පරිදි චැරිටි බලාගෙන ඉන්නා basket case එකක් නොවේ...

      Delete
    4. ලංකාවේ ජනගහනයෙන් 40% ඩොලට් 2 ආදායමෙන් පහල ඉන්නේ. අනිත් මිනිස්සුත් කන්නේ නෑ ලෙවකනවා.. සුළු පිරිසක් උපරිම සැප විඳිනවා. ඇත්ත කතාව ඕකයි..

      Delete
    5. ඇත්ත වහන්න බැහැ මාතා....රටේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයකට ප්‍රශ්නයක් තියෙනවා.හතර දෙනෙක්ගේ පවුලක් ජීවත්වෙන්න 50729ක් ඕන කියලා රජයේ සංඛ්‍යා ලේඛනවලින් කියනවා. එතනම පේනවා ප්‍රශ්ණේ බරපතලකම.

      Delete
    6. බරපතල ප්‍රශ්ණයක් තියෙනවා. ඒහෙම එකක් නෑ කියනවනම් එක්කෝ මේ රට ගැන දන්නේ නෑ. නැත්නම් දැන ගන්න ඕන නෑ..

      Delete
  13. ......දෙවෙනි විභීෂණ ට දාපු කමෙන්ට් එකකි.......

    //මේ වැඩ පිළිවෙලේ හැටියට මේ ගමේ කෙනෙක්ට නියං සහනාධාරේ හැටියට ආහාර මල්ලක් හරි මුදල් හරි ලබා ගන්න නම් ඔහු හෝ ඇය සිදී ගිය වැවක අඩියක් ගැඹුරු, අඩි 15ක් දිග අඩියක් පළල කොටසක රොන් මඩ ඉවත් කරන්න ඕන.//

    එහෙනං දැං හොදයි

    ඒ කාලේ වැව කැපිල්ල තිබුනේ ඔහොම නෙමෙයි , වැව් බැම්මට පස් දාන්ඩ කපන්නේ අඩි හතරයි හතර වගේ සයිස් වලවල් , වල කපන ගෑණි හරි මිනිහට හරි තනියම මිට කොට උදැල්ලෙන් කපල කූඩෙට පුරවල ගොඩට දෙන්ඩ පුලුවං සයිස් වලවල් තමයි කපන්නේ

    අඩුම තරමේ අඩි තුනක් හතරක් විතර උසයි

    දවසක් අම්මත් එක්ක මං ගියා වැවේ නාන්ඩ

    මං ඒකාලේ හරි පෙරේතයි අමු ඕලු හාල් කන්ඩ , කඩාගන්ඩ පුලුවං හරියක හොදට මෝරල තියනව දැක්කොත් , අනිවා කනව ,

    එදත් එහෙම එකක් කන්ඩ ගිහින් මාව වැටුනා කියහංකෝ ඔය වලක . ‍දෙතුන් පාරක් ....උක්කුං ...උක්කුං ....කියල වතුරත් පෙවිලා දගලනකොට , උඹලගේ අවාසනාවට මගේ කකුල වැදුනා වල ගැට්ටේ , යාන්තං ගොඩට ආවා , මොකවත් නොදන්න අම්මා තාත්තගේ කාකී කලිසමක් දත්මිටිකකා අපුල්ලනව ගලේ ,

    මාත් මොකවත් නොකියා සද්දේ වහල හිටියා , නැත්තං උන්දැ කලිසම වෙනුවට මාව ගලේ අපුල්ලනව

    ඔය වලවල් වලට කියන ලස්සන විශේෂ නමක් තිබුනා , මට දැං ඒක මතක නැ ( වයසයිනේ )

    තව එකක් ඔන්න දැං කට්ටිය කමෙන්ට් කරන්නේ එහෙම නැ හිරිද

    '' අනේ තෝ මකබෑවුන්නැනේ කියල හරිද ''

    ReplyDelete
    Replies
    1. //"නියගයෙන් පීඩා විඳින ජනතාවට නියං සහනාධාර ලබා දීම අද ආරම්භ කෙරුනා.මෙම නියං සහනාධාර ලබා දෙන ක්‍රමය වන්නේ සිදී ගිය වැව් අමුණු වල රොන් මඩ ඉවත්කිරීම සඳහා ජනතාව සහභාගී කරගෙන ඉන්පසු මුදල් ගෙවීමයි."//

      මචං ඕක අලුත් කතන්දරයක් නෙමෙයි

      ඉස්සරත් ඕක තිබුනා මිනිස්සුන්ට නියං ආධාර දුන්නේ මරවල වැඩ අරං

      පායන කාලෙට වැව හාරන්න , ඇල වේලි සුද්ද කරන්ඩ ඕන ,

      මට මතකයි 1985 1986 වාගේ කාලේ මං හිටියේ අනුරාධපුරේ , අපේ වත්ත පල්ලෙහා තිබුනේ පොඩි වැවක් , පැත්ත පලාතටම තිබුන සොසිදෙන ලිං තුනෙන් එකක් වෙච්ච අපේ ලිදට වැවේ වැඩ කරන මිනිස්සු වතුර බොන්න එනව , වැවට මීටර් හාර පන්සීයක මායිමේ නල ලීං දෙකක් තිබුනා , එකක වතුර සමහරක් වෙලාවට නිකංම පිටට එන තරමට තිබුනත් කවුරුවත් ඒවා බොන්න ගත්තේ නැ , කිවුල් ගතිය ගොඩක් වැඩි හන්දා

      මං විස්තර අහනකොට අපේ අම්මා කියපු අංඩර දෙමලේ මට නොතේරුනාට අපේ තාත්ත කියුවා

      පායන කාලෙට වැව් හදන්ඩ උදව් කරහම බත් කන්ඩ හාල් පරිප්පු එහෙම දීලා සල්ලිත් දෙනව කියල

      මං ඇහුවා

      '' සල්ලි දෙන්නේ එයාලගේ පුතාලට ටොපි අරන් දෙන්ඩද කියලත් ''

      Delete
  14. "වහල් සේවාය ලබා ගන්නා ඕනෑ එකෙකුට, වැහි නැති හෙන හතම ලැබේවා…!!!"

    මේකටනම් මමත් එකෙන්ම

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා ඉල්ලනද බං.. මේවා දැක්කහම..

      Delete
  15. කැමැත්තෙන් වන ගනු දෙනුවක් සිද්ධ වෙන්නේ දෙපිරිසටම වාසියක් වන විටයි කෙනෙක් රු. 3000ක වියලි ආහාර මල්ලකට වැඩකරන්නේ ඔහුට තම කාලයට ශ්‍රමයට වඩා එය වටින නිසා
    ඇාණ්ඩුව රු 3000ක ආහාර මල්ලක් දෙන්නේ එයට වඩා ශ්‍රමය ඔවුන්ට වටින නිසයි

    ReplyDelete
    Replies
    1. කැමැත්තේන්.. මාරම කැමත්තෙන් කරන්නේ.. කැමත්ත නෙමෙයි. ඒ මිනිස්සු ඒ තරම් අසරණයයි. මොන එකාද කට්ට අව්වේ කොන්ක්‍රීට් කුඩු කරලා. හැතැක්ම ගානක් දුර පෝර උරේක දාගෙන යන්න කැමති.

      Delete
    2. ජලසම්පාදන ක්‍රමවල අයිතිය පෞද්ගලික අයිතියට පැවරූ විට වඩා කාර්යක්ෂමව ඒවා කලමනාකරනය වී හැමෝටම වාසියක් වෙනවා මෙම ඇත්ත පිලිගැනීමට නොහැකි වී ඇත්තේ ආණ්ඩුව සැමට සාධාරණව බෙදීමට දන්නාවා යැයි යන පුද්ගල හැදියාවෙන් මිදීමට බොහෝ දෙනෙකුට නොහැකි නිසයි

      Delete
  16. වගකීම ........

    http://online.wsj.com/articles/japanese-stem-cell-scientist-yoshiki-sasai-is-dead-1407206857

    ReplyDelete
  17. වතුර බිදක් නොමැතිව, අන්ත අසරණ වූ ජනතාවකගෙන්, හිඟන සහන මල්ලක් ලබා දීමට, වහල් සේවාය ලබා ගන්නා ඕනෑ එකෙකුට, වැහි නැති හෙන හතම ලැබේවා…!!!

    ReplyDelete
    Replies
    1. "වැහි ඇති" හෙන වැදුනොත් නම් වතුර නැති ජනතාවත් ගොඩේ ගොඩ...

      Delete
    2. වෙන කියන්න දෙයක් නෑ..

      Delete
  18. කොළඹට වතුර නැති සීන් එකටනම් මම හිරු අක්කටත් කිවුවෙ කොටුව පැත්තෙ පිකට් එකක් යමු කියලා හෝදන්න තියන ඇඳුම් ටිකත් එල්ලගෙන. අගේට වැස්සෙ නානව වගේ නාගන්න තිබ්බා හයි ප්‍රෙෂර් වතුර මලකින්...

    ඔන්න බදුල්ල,මොණරාගල පැත්තට ඔය සීන් එක උනා නම් වැඩේ මෙලහකටත් ගොඩ. දැන් ඉතින් ලොක්කට හම්බන්තොටින් වැඩක් තියෙනවැයි.

    මෙහෙමයි. දවස් දොළහක් පුරාවට වැඩ අරගෙන ඒ මිනිස්සුන්ගෙ මහන්සියට ලැබෙන්නෙ රුපියල් තුන්දාහක වටිනාකමක් නම් ඒක මහ පොළව නූහුලන අපරාධයක්. හැබැයි ඒ මිනිස්සුන්ව යොදවන්න තිබුනානම් මොකක් හරි ප්‍රොඩක්ටිව් වැඩකට, දවස් තුනක් විතර වැඩ කරලා ආහාර සලාකය ලබා ගන්න, අන්න ඒක ඇත්තෙන්ම සාධාරණයි. බැකෝ එකකට පැය කිහිපයකින් කරන්න පුලුවන් වැඩක් අවතැන් වෙච්ච මිනිස්සුන්ව මරව මරවා පැය ගානක් තිස්සෙ කරවගන්න එකනම් මහ අමනුස්සකමක්.

    මේ ලිපිය ගොඩක් වටිනව. වගකිවයුත්තෙක්ගේ ඇස ගැටෙයි නම්.....!

    ReplyDelete
    Replies
    1. //මම හිරු අක්කටත් කිවුවෙ කොටුව පැත්තෙ පිකට් එකක් යමු කියලා හෝදන්න තියන ඇඳුම් ටිකත් එල්ලගෙන//
      පොලිසිය කලන්තෙ දාල වැටෙයි

      Delete
    2. ප්‍රයෝජනවත් දේකට යොදාගැනීමේ කිසිම වරදක් නෑ.. මේ රොන් මඩ ගිහින් දාන තැනින් ආයෙත් වැවටම එනවා. පිස්සු විකාර..

      Delete
  19. මේ වැව් මෙහෙම සුද්ද කරන්න බැහැ. වැව් කියන්නේ පද්ධතියක්. කුඩා වැව් මහ වැව් ගොඩක් ඒකට අයිතියි. මේ ඒ ගැන දැණුමක් තියන අයගේ උපදෙස් යටතේ වැව් පතුළට සහ බැම්මට හානි නොවන ආකාරයට රොන්මඩ ඉවත් කරන්න ඕනෙ. දැන් කරවන්නේ, මම මේ රටේ රජා කියලා හිතාගෙන යටහත් වැසියා යොදවා වැඩවසම් රාජකාරි කරවීම. තූ නොදකින්

    ReplyDelete
    Replies
    1. වැව් ගැන දන්න ඇමතියෙක්ය දාලා තියෙන්නේ. ඕන් කාන්තා ඇමතිකම දුන්නා නම් හරියට කරයි. ඒවා දෙන්න ඕන රජරට පැත්තේ කෙනෙකුට. ඒත් ඉතින් 94 ඉඳලා මෙළෝ දෙයක් නොකරපු එකෙකුට නෙමෙයි. දෙයක් කරන්න පුළුවන්, මොළයක් තියෙන එකෙකුට.

      Delete
  20. බොමහාම වැදගත්.. උඹට තියෙන්නේ මහ දේශපාලන මොලයක් බං..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් කියනවා..පොඩි කාළෙත්..

      Delete
  21. හලෝ මාතලන්,

    ඉතිං කොහොමද? අද නං මම තාම ඔපිස්‌ ගියේ නෑ. මොකද අපේ ලොක්කා රට ගිහිං අලුතින් එස් පහද මොකක්ද කියලා එකක් ඉගෙන ගෙන ඇවිත්නේ. ඉතිං එ වගේ ඔපිස්‌ එක හදනවා මේ දවස් වල. ඊයෙත් මම ඔපිස්‌ ගිහිං ඔපිස්‌ එකේ අපි ඉන්න කොටස අස් පස් කරන්න උදව් දීලා ආවා. ඉතිං අපේ රාජ් එහෙමත් ඊයේ පොස්ට් එකක් දාලා තිබුනා. ඒත් එව්වා බලන්න විදියක් තිබුනේ නෑනේ. උදේ තමයි අපේ රාජ්ගේ පොස්ට් එකත් බැලුවේ. එකේ කවුදෝ මහත්තයෙක් මම වගේ කොමෙන්ට් එකකුත් දාලා තිබුනා. මම ඒකත් කියවලා තමයි මේ ආවේ.

    ඉතිං මාතලන් මම අද නං ඔපිස්‌ ගියේ නෑ තාම. මම දැන් ජයේ අයියගේ පොට් ඒකට ගිහිං ලෝකල් බ්ලැක් ලේබල් භාගයක් බෝතලේකට දාගෙන ආවා. දැන් ඉතිං ඒක බොන ගමන් ගොලිප් එකකුත් පත්තු කරන් ඉන්නේ.

    මෙන්න මම පොටෝ එකකුත් ගත්තා,අපේ මාතලන්ට,රාජ්ට,හැලපෙට බලාගන්න.

    අද උදේ නං මම අපේ හැලපෙගේ පොස්ට් එක බලලා කොමෙන්ට් එකකුත් දාලා ආවේ. ඒක මෙතනින් බලන්න පුළුවන් අපේ මාතලන්ට.

    මම එහෙනං තව අඩියක් එහෙම ගහලා,ගොලිප් එකකුත් පත්තු කරන් පස්සේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. මචෝ ඕකට වැඩිය බ්ලැක් ඕපල් එක හොඳයි නේද? නැත්තං හල් මිල්ල

      Delete
    2. අනේ ඇනෝ මං මේ පිංතූරෙ දිහා බලාගෙන ඉන්නවා...
      කෙළ ගිලෙනවා මචෝ.....

      Delete
    3. මචං ඇනෝ......පිපාසායට ජලය වෙනුවට උඹ ගහන්නේ බ්ලැක් ලේබල් ඈ.

      Delete
    4. තැන්කු මචෝ.. රටක් වටින කොමෙන්ට් එක.. උඹලයි ඔෆීස් එකේ නම් මේ වගේ නෙමෙයි කියලා හිතනවා...

      Delete
  22. අහිංසකයින් යෝදාගෙන මේ කරන්න යන නිවට ක්‍රියවට අදාල ,රටේ මී හරක් බලධාරී හැත්තට හෙන වැදිලා මදී ... මුන්ටත් දවසක මේ කරන තිරිසන් වැඩ වලට ඵ්ල විපාක විදින්න වෙයි.... අපට ඔහුන් වෙනුවෙන් කල හැකි දෙයක් තිබේද?නොතිබේද?

    ReplyDelete
    Replies
    1. කළ හැකි යමක් තිබේ.. දෙරණ නාලිකාවේ "මනුසත් දෙරණ" වැඩ සටහනට ඔබේ ආධාර ලබා දෙන්න. ඔවුන් යමක් කරනවා..

      Delete
  23. //එතකොට ඔය ඉන්ජිනේරුවෝ, තාක්ෂණ ශිල්පීන් කියන උන්ට, බැකප් සිස්ටම්, එතකොට විකල්ප සිස්ටම් ගැන කියලා දෙන්නේ නැද්ද?// මේ ලංකාවෙ........

    ReplyDelete
    Replies
    1. නිකං ලංකාව නෙමෙයි. අම්මට සිරි ලංකාව..

      Delete
  24. නාමල් යෝෂිත රෝහිත බෙිබිලාට ඔිවා බලන්න වෙිලාවක් නෑ ඔිවා උන්ගේ කරැමෙනේ ඒ අංහිසක බෙිබිලා මෙනවා කරන්නද

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු මේවට වග කියන්න ඕන නෑ.. නමුත් එයාලට මිනිස්සුන්ට පිහිටක් වෙන්න පුළුවන්..

      Delete
    2. නෑ නෑ අයියන්ඞි මම ඒ බෙිබිලාට කින්ඞියක් දැම්මේ..උන්ට රේස් පදින්න රගර් ගහන්න රෝකට් යවන්න පුලුවන් අංහිසක මිනිස්සුන්ට හෙන ගැහිලා ගියත්.

      Delete
  25. මේ කියන වතුර ප්‍රශ්නේ ගැන ඒ තරම් අවබෝධයක් නෑ. ඒත් දවස ගාණක් දැනුම් දීලත් පැය දෙකකට තුනකට වතුර කැපුවම වෝටර් බෝඩ් එක අපෙන් බැනුම් අහන හැටි මතක් වුනා.

    දැන් ඔය විදේශාධාර හෙම දෙන්නෙත් මේ සංකලපයට වෙන්න ඇති නේ ඒකනෙ අපි චීන්නුන්ට මේ තරම් වැඩ කරන්නේ....
    නැති බැරි අහිංසක මනුස්සෙක්ට තවත් වදදෙන එක හිංසාවක් කියලයි මට හිතෙන්නේ. ඔය රුපියල් තුන්දාහට හම්බවෙන බඩුමල්ලෙන් කොමිස් කීයක් කැපිලා රුපියල් දෙසියපනහකවත් කෑම ලැබෙයිද දන්නේ නෑ. අනික ඒ මිනිස්සු කසිප්පු නෙමෙයි ඒකෙන් ඔළුව උඩ තියාගෙන හිටියත් අපිට ඒක ප්‍රශ්න කරන්න පුළුවන්ද? මට හිතෙන්නේ මේ වැඩවසම් සමාජ සංකල්පය. දෝලාවෙන් යන්න හැදුවට රෝද කරත්තයක්වත් පදින්න අපි පුරුදු නෑ.

    මිනිස් ශ්‍රමය ලබාගන්න ඕනේ. ඒත් අසරණ කන්න බොන්න නැති අහිංසකයන් තලා පෙලා දාලා නෙමෙයි!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් වැදගත් දේකට ලබා ගන්නවා නම් කමක් නෑ. නිකන් දෙන්න බැරි කමට මෙහෙම වහල් වැඩ අරගෙන හරියනවද?

      Delete
  26. වැඩක් කරන්න ගන්න කොට හරි සැලැස්මක් නැති එකේ විපාක තමයි ඔය.
    ජනාධිපතිතුමා මේවා නොදැන ඉන්න එයා බබාද..?සංවේදී නායකයෙක් කියලා මාධ්‍ය වලින් කෑගහලා පෙන්නුවාට සැබෑ සංවේදී නායකයෙක් නම් මේ දේවල් වලට මෙයට වඩා අවධානය දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. උඹ හිතනවද ජනාධිපති තුමා ශක්‍ර දෙවියෝ කියලා. ඒත් උඹ අපි වගේම මනුස්සයෙක්.. කරුමේ කියන්නේ දැන් හැම එකම ඒ මනුස්සයා කරන්න වෙලා.. ඇයි අනික් උන් පඹයෝද?

      Delete
    2. අනෙක් අයව පඹයෝ කරලා තියෙන්නෙත් එයාමනේ.වැඩ කරන්න පුළුවන් ඔක්කොම අමත්‍යංශ,ආයතන,දෙපාර්තමේන්තු,මණ්ඩල,තමන්ගේ යටතේ තියා ගත්තාම අනෙක් වුන් වැඩක් කරන්නේ කොහොමද?අධිකරණ ඇමතියෙක් ඉන්නවා නීතිපති දෙපාර්තමේන්තුව මෙයා ගාව.තියෙන අමත්‍යංශ කැලි,කෑලි වලට කඩලා.

      Delete
    3. බලාගෙන ගියාම අනික් ටිකත් මෙයාම ගත්තා නම් හරි. මොකෝ 94 ඉඳලා මේ රටට යමක් කලේ රාජපක්ෂවරු විතරයි. හොඳ හා නරක දෙකම. අනික් උන් නිකංම නිකං හාල් පාරුවෝ පිරිසක් පමණයි..

      Delete
  27. මිනිස්සුන්ට නිකම් දෙන්න ඔන නැ මුකුත්.එත් මෙ වතුර නැතුව ඉන්න මිනුස්සුන්ගෙන් වහල් වැඩ ගන්න එකනම් තිරිසන් වැඩක්.විභිෂනගෙ එකත් කියෙවල තිබුන.

    ReplyDelete
    Replies
    1. ක්කටද කියන්නේ මචෝ.. ඒකත් සාධාරණීකරනය කරන උන් ඉන්නවනේ.. අනේ මෙහෙම රටක්..

      Delete
  28. ජනතාවට ප්‍රශ්නයක් ඇතිවුනාම උත්තර ලබාදෙන්න වෙලා තියෙන්නේත් ජනතාවට. ඒ වෙනුවෙන් පත්කරපු එව්වො ඌවට වෙලා බූරු ගහනවා. පුදුම දහදුරා ආණ්ඩුවක් මේක. ඉඩෝරේ අපි ගෙනාපු එකක් නෙමෙයි කියලා ආපදා කළමනාකරන ඇමති කියනවා. ඌ දන්නේ නැහැ උගේ ආමාත්‍යාංශේ වගකීම්. මේ ආණ්ඩුවට අලිබබා සහ හොරු හතලිහ කියන්නද මහදැණමුත්තායි ගෝලයෝ සෙට් එකයි කියන්නද කියලා එකෙක් මගෙන් ඇහුවා. මම කිව්වා වෙන මුකුත් ඕන නැහැ මහින්ද රාජපක්ෂ සහ කැබිනට් එක කිව්වාම හොඳටෝම ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. ආප්ප දා කළමණාකරණෙට මක්කද කැවිලද කොහෙද. ඒ යකා මරු කියවනවා..

      Delete
  29. අවසානෙට කියලා දාපු ඔවදන නම් රටක් වටිනවා.කාළකන්නි මුන්ට එච්චරවත් මොළයක් තියන එකක්යැ බාලිකා ඉස්කෝල වල ජවුසන් නටන්න විතරයි උන් දන්නෙ

    (මේ ඔක්කෝම ඉඳිද්දි පොලොන්නරුවේ දිසාපති, අපෙන් වතුර බැරල් ඉල්ලනවාය. උන්නැහේටහ් පිස්සුය. ඇමතිවරු ඉඳිද්දි ඒ යකාත් කෙලින්නම එන්නේ අපිටමය. එක අතකින් ජනතාවගේ දුක ඒ යකාටවත් දැණුන එක ළොකු දෙයක්ය)

    පොළොන්නරුවේ දිසාපති විදියට ඉන්නෙ නිමල් මහත්තයා.මං එතුමා යටතේ මාතර වැඩකරා.
    පොලොන්නරුවෙ ඉන්නෙ ජනාධිපතිට උනත් කෙලින්ම බැරිනං බෑ කියන කොන්ද කෙලින් තියන් ඉන්න මිනිහෙක්.ලොක්කා අමාත්‍යංශ ලේකම් කමකටත් එන්න කියලා ඒත් එක එකාට සුදු හුණු ගාන්න මට බෑ සර් කියලා කෙලින්ම කියපු පොළවෙ පය ගහලා ඉන්න දකුණෙ මිනිහෙක් ඒ.ඔහොම මනුස්සයො හන්ද තමයි රාජ්‍ය සේවෙ මේ තරමටවත් ඉතුරු වෙලා තියෙන්නෙ.දකුණෙ ලොක්කගෙ අතකොලු දේසපාලුවො උන්දැව පොළොන්නරුවටම පන්නලා පවුලත් සී සී කඩ කරලයි නැවතුනෙ,ඒ උන්ගෙ ඕන එපාකම් වලට නැවුනෙ නැති හන්දා.මාතර ගොවිජන සේවා කොමසාරිස් විදියට එතුමා වැඩ කරද්දි අපි පුදුම සතුටකින්,උනන්දුවකින් රාජකාරිය කලේ,පුදුම මනුස්සකමක් එතුමට තිබුනෙ.කියන කතාවක් අහන් හිටියත් රටට වැඩක් කරන්න ඕන කියලා හිතෙනවා.හැමදේටම යස් සර් ගාන්නැති ඔය වගේ අවංක නිළධාරි 10ක් 12ක් හිටියනං මේක සිරිලංකාවම තමයි

    උපුල් විජේසිංහ - කැකණදුර

    ReplyDelete
    Replies
    1. සහතිකම ඇත්ත… !!!!!!!!
      එතුමා බෙලිඅත්‍ත ප්‍රාදේශීය ලේකම් හිටියා කාලයක්.. මිනිහෙක් නෙමෙයි දෙවියෙක්..පොළවෙ පයගහල ජීවත් වෙන නියම ගැමියෙක්.සරළ මනුස්සයෙක්.වැඩි විස්තරයක් අවශ්‍ය නෑ ඔහු ළමයි දෙන්නා නාමල්/සපුමල් හදපු විදිය දැක්කම මේ දිසාපතිගෙ ළමයි දෙන්නද කියලා හිතෙනවා.. ඒ තරම් සාමාන්‍යයි.

      Delete
    2. @උපුල් විජේසිංහ - කැකණදුර ++++++++++++++++++++++++++

      Delete
    3. අපිට මේ සමාජයේ මිනිස්සු දැක්කම කියන්න පුළුවන් හොරා මොකාද අවංක මනුස්සයා මොකාද කියලා. කටක් ඇරලා මනුස්සයෙක් කියන්න පුළුවන්. මේ ප්‍රශ්ණය කතා කරපු එකම රජයේ නියෝජිතයා ඒ මනුස්සයා. ඊට පස්සේ තමයි හැමෝගෙම ඇස් කන් ඇරුනේ..

      Delete
  30. කොරේ පිටට මරේ ! කලින් ඉඳන් සැලැස්මක් ඇතුව වැඩ කෙරෙනව නම් ඔහොම පැලැස්තර ගහන්න වෙන්නෙ නෑනෙ.

    මාතලන් අයියා පසුගිය දිනක බ්ලොග් ගමනේ පසු කල කඩ ඉමට මගෙනුත් සුබ පැතුම් ! (පහු වෙලා වුනත්)

    ReplyDelete
  31. >>සමහර විට ජනාධිපති තුමා මේවා නොදන්නවා විය හැක..... << ......... මොකක්ද මචං මේ කථාව .......
    පැහැරගත් ළමයි ගැන...... නිලියන්ගෙ "ආප්ප" කඩ ඕපන් කරන ඒවා දන්නවා නම්.....

    >>වැඩිහිටියෙක් වශයෙන් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තුමාට විවෘත යෝජනාවක් කරමි. << .................. මෙයාට එයිට වඩා වැඩ තියෙනව ..... උම්ම දිදී ඉස්කෝලෙ යන්න....

    >>ගරු මන්ත්‍රි තුමනි,<< ..... ගරු කියල කියන්නෙ නම් .... මුදල් නොලබා සේවයක් කරන අයට බවයි මගේ දැනුම..... මං වැරදිද මන්ද.....හෙක්....හෙක්......
    කෙසේ වෙතත් කාලීන සිදුවීම් ගැන තවත් හොද ලිපියක් මචෝ......

    ReplyDelete
    Replies
    1. //>>සමහර විට ජනාධිපති තුමා මේවා නොදන්නවා විය හැක..... << ......... මොකක්ද මචං මේ කථාව .......
      පැහැරගත් ළමයි ගැන...... නිලියන්ගෙ "ආප්ප" කඩ ඕපන් කරන ඒවා දන්නවා නම්.....//

      +++++++++++++++++++++++++++

      Delete
    2. කෙන්ජි අයියා +++++++++

      Delete
    3. උඹට එහෙමයි කියලා හිතන්න අයිතියක් තියෙනවා. මට මෙහෙමයි කියලා හිතන්න අයිතියක් තියෙනවා..

      Delete
  32. මා කෙන්ජි සමග එකඟ වෙමි. මරාට තතු දන්නෝ ෂුවර් එකටම මේවා දන්වනවා ඇති (අනිත්වා වගේම )
    මා අත්දැකීමෙන්ම දන්නා තරමින්, පාරම්පරික ගොවියා මහත් අභිමානයක් ඇත්තේ, ආධාර ගන්නවාට වඩා යම් වැඩක් කර එයට ගෙවීමක් ගැනීම සුදුසුයැයි සිතනවා ඇති. අටම් සහ රාජ් පවසා ඇති අයුරු, මෙවැනි දේ පාරම්පරිකව සිදුවෙන නිසාවෙන් නිලධාරීන් සහ දේසපාලුවනුත් එයට එකඟ වෙන්නැති.
    නියං කාලයට දෙන්නාවු මේ සහනාධාරය නියගෙං අතුරුආන්තරාවටපත් සැමටම ලැබුනාද නැත්නම් ඔය හැමෝම කියන්නාවූ ලිස්ට්වල ඉන්නා අයට පමනක් ලැබුනේද
    යන්න දන්නේ කවුද?
    කොළඹට දින හතරක් වතුර නැතිඋනේ වැස්ස නිසා පාලම යට පයිප්ප මාරුකරගන්න බැරි උනා කියනා නිලධාරියාගේ මොලය අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ
    මොලයට කෙතරම්ම සමානද කියාත් අපට සිතේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ දන්නවය කියලා. ලොක්කට දේවල් දැනුම් දෙන්නේ නෑ ගොඩක් උන්. මම හිතන්නේ වෙස් වලාගෙන රෑට රෑට ගමන් එලියට පහලියට බැස්සා නම් හොඳයි වගේ..

      Delete
  33. මාතෙ, උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත්, මුන් ටිකම අගේට ගිහින් මහ රජාටයි, බේබිලටයි, උන්ගෙ පක්කලින්ටයි කතිරෙ ගහන හටි බලපන්කො... බ්‍රෙෂ්ට් කිව්ව වගේ දැන් ඉතුරුවෙලා තියෙන්නෙ අලුතෙන් ජනතාවක් පත්කරගන්න එක විතරයි

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++

      මේ වැට බැන්ද නෙවෙයි... ඔබේ අදහසට ලකුණු...මගේ පූර්ණ එකඟතාවය

      Delete
    2. ammapa ow macho meke inne minissu nemei bath kana harak

      Delete
    3. මහින්ද මහත්තයා දිනනවා. මොකෝ දුප්පත් මිනිහා තාමත් ලොක්කට සලකනවා. මම නම් රනිල් ඉල්ලුවොත් රනිල්ට දෙනවා. ඒත් වෙනසක් නැත්නම් ලොක්කටම දෙනවා.

      Delete
  34. ඔය ඇත්තන්ට එහෙමද අප්පා??? හ්ම්... බොලාට ඉරිසියා හිතෙයි ඌවෙ අපිට මේ දවස්වල දෙන සැප දැනගත්තනම්..අප්පා...මෙහෙ නිකං කේතුමතී නුවර වගෙයි දැන්. ට්‍රැක්ටර්ද, ලෑන්ඩ් මාස්ටර්ද, නඟුල්ද, පාරවල්ද, සහනාධාරද අරවද මේවද, හම්මේ...තියාගන්න තැනක් නෑ. වැව් සේරම පුරවලා. මහියංගනේ ටවුමෙම වතුර මල් දෙකයි. අහස උසට වතුඅර විදිනවා. ඇත්තටම ඔහේලට වතුර නැත්ද? මෙහේනම් ජල සැනකෙලි, ඔව්..මේ අගෝස්තුවෙත්. කරවෙන්න පායනවා. ඒත් අවුලක් නෑ.

    කොහොමහරි ඉතින් මේ ඔක්කොම මෙහම ලියල තියල, ඊළඟ පාරත් මොනා උනත් ලොක්ක තමයි පොර කියල කතිරෙ ගහල එන්නකො සංතෝසෙන්.

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කේතුමතී රජ දහනේ
      ඉසුරු නැතේ ලංකාවේ //

      වැස්සට තෙමෙන පැල්පත්වල සිටින්නේ
      කිරට හඬන දරුවන් නෙත ගැටෙන්නේ
      බැරි බර කරට ගත් මිනිසුන් පෙනෙන්නේ
      කවදා මුවග හසරැල්ලක් දකින්නේ

      ඉසුරු සොයා මැද පෙරදිග ඇදෙන්නේ
      කඳුළු මැදින් යළි සිය රට වඩින්නේ
      කැදලි බිඳී සිත් විසිරී තැවෙන්නේ
      කවදා මුවග හසරැල්ලක් දකින්නේ

      පන්සල් පල්ලි ලඟ යදියන් යදින්නේ
      නම් ගම් නොමැති දරුවන් ඉන් යැපෙන්නේ
      කම්පා වෙවී උන් හදවත් හඬන්නේ
      කවදා මුවග හසරැල්ලක් දකින්නේ

      පද - රඹුකන සිද්ධාර්ථ හිමි
      ස්වර - ප්‍රේමසිරි කේමදාස
      හඩ - මාලනී බුලත්සිංහල

      Delete
    2. න්සැල් දොරෙහි නැත යදියෝ
      සල්පිල්වලය පුරවැසියෝ
      පන්සිල් රකිති මැරවරයෝ
      මේ කේතුමතී නුවරයි
      මේ කේතුමතී නුවරයි

      -නොමැත ඇසක කඳුලක්
      නොවැටුනොත් රොඩු කැබැල්ලක්
      දකිනු නොහැක ලේ බිඳුවක්
      නොමළොත් මකුණෙක් මදුරුවෙක්
      මල බැඳුනු ගිනිදණ්ඩේ
      දැල් බදිත් මකුළු සේනා
      වෙඩි හඩ අසනු රිසි දනො‍්
      පුපුරුවති අහෝ රතිඤ්ඤා

      මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
      උපදින්න මතු වාසනා

      දස රද දම් නිමිති පැවති
      නර පති ඇමති වඩන රුති
      සත වෙත පතන මෙත සදති
      මේ කේතුමතී නුවරයි
      මේ කේතුමතී නුවරයි

      රැකෙයි අකුරට නීතිය
      දෙයක් වේ නම් යම්
      සුදුස්සාටම අයිති වී ඇත
      නැත අක්රමිකතා
      වැඩෙයි සුහදතා
      සුන්දරතා
      සුවතා
      අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්

      මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
      උපදින්න මතු වාසනා

      කියමින් නිබඳ ගී මියුරු
      දකිමින් අවට රූ සොඳුරු
      සතුටින් රඟති මේ නුවරු
      මේ කේතුමතී නුවරයි
      මේ කේතුමතී නුවරයි

      නැත මුදලේ වටිනාකම්
      බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
      නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
      නැත බදු බර, පවුල් බර, ජීවන බර

      මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
      උපදින්න මතු වාසනා
      මේ කේතුමතී නුවරයි
      මේ කේතුමතී නුවරයි

      පද - සුනිල් ආරියරත්න
      ගැයුම - නන්දා මාලනී
      සංගීතය - එච් එම් ජයවර්ධන

      Delete
    3. ඇනෝටයි, ඉන්දිකටයි දෙන්නටම ස්තූතියි මේ ගීත දෙක මෙතනට ගෙනාවට.

      මට නිකමට හිතෙනවා දැන් ජාතික ගීයත් මෙතනටම ගැලපෙනවා කියලා. ඒක්ත් දැන් විහිලුවක් වගේ. එක පදයක් නෑනෙ ඇත්ත කියල කියන්න පුලුවන්.

      Delete
    4. මම මචෝ මේ ටිකේ මේවා දෑහින්ම දැක්කා. පත වතුර බෝතල් ටිකක් සුපර් එකකින් සුද්දන්ට කියලා අරගෙන පොඩි උන් ඉන්න ගෙවල් ටිකකට බෙදුවා. අපි කියලා වෙන මොනවා කරන්නද බං.

      Delete
  35. ඔය හම්බන්තොට පැත්තේ මිනිස්සු ගැන බ්ලොග් කියවන, ඒ පැත්තේ NGO එකක වැඩ කරන කෙනෙක් මට විස්තරයක් කිව්වා. මම ඒ ටික කියන්නේ නෑ. එයාට ලින්ක් එක යවලා තියෙන්නේ. සමහරවිට කමෙන්ට් කරයි. ඒ මිනිස්සු මේ කාලේ අහිංසයිකයි කියලා මාත් පිලිගන්නවා.

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද මචෝ... මම මේ ඇස් දෙකෙන්ම දැකපු දේ නේ.. යාල කැලේ සත්තුත් මැරෙයි හෙට අනිද්දට.. ආන්ඩුව නෙමෙයි නියඟේ ඇතිකලේ. ඒත් මේවට විසඳුම් ආන්ඩුවක් සතුව තියෙන්න ඕන. නැත්නම් අහවල් එකකටද, ආන්ඩුවක්..

      Delete

  36. මම රිප්ලයි නම් කියෙව්වෙ නෑ. ඒ නිසා උඩදි කියවිලා තියෙන දේවල් මම රිපීට් කලොත් සමාවෙන්න. මේ නියගය ගැන නම් කතා කරන්න දුකයි. පෝස්ටුවේ කියන දේ ඇත්ත. මේ දවස් වල මිනිස්සු අපායක වගේ ජීවත් වෙන්නේ. බොන්න වතුර ටිකක් නෑ... එළවළු පළතුරු වගාවල් ලපටි ගෙඩි පිටින් වියළිලා ගිහින්... මුරුංගා ගස් ඉපල් වෙලා. කිරිඳි ඔය වේලිලා මිනිස්සු එකෙ වලවල් හාරල වතුර හොයන්නෙ. එවා උණු වතුර. වැව් සේරම ඉරිතලලා... පිට්ටනි වගේ. මිනිස්සුන්ට ගොවිතැන් නෑ. වැවක නෙළුම් අලයක් විතරයි ඉතුරු, දැන් පවුල් පිටින් නෙළුම් අල හාරනවා මිටියක් රුපියල් 60යි. ගොවිතැන් නැති නිසා කුලී වැඩ නෑ. ගෙවල් වල කන්න කියල ඉතිරි වේලුන පොලොව විතරයි. අවු කාශ්ඨකේ පොලොව පුපුරු ගහනවා. මම කන්සෙප්ට් රිපොර්ට් එකක් ලියන්න ගියා. වාහනෙන් එළියට බහින්න බෑ. ඒ තරම් අව්ව සැරයි. ඉතින් ඒ වගේ පරිසරයක සහනාදාර මල්ලක් වෙනුවෙන් වැවක රොන් මඩ අයින් කරනවා තියා හිටගෙන ඉන්න පුලුවන් කමක් වත් නෑ. ඒ මිනිස්සු තුන්වේල යහමින් කන යහපත් ශරීර සනීපයක් තියෙන අයත් නෙවි. මම ගාව ෆොටො තියනවා දැක්කම මේ ලංකාවද කියල හිතෙයි. කවුරුහරි කියනවා නම් මේක ආන්ඩුවට පාලනය කරන්න බෑ කියල ඒක අයෙම හිතන්න ඕනි කාරනාවක්. මේ වියළි කාලගුනය හැම අවුරුද්දකම තියෙන දෙයක්. මේ පාර ඒක ගොඩක් බරපතල උනා. ඒත් කවදාවත් ආන්ඩුවෙන් ඒකට දීර්ග කාලින විසදුම් හෙව්වෙ නෑ. තණමල්විල මායිමෙන් එහාට දෙයියනේ කියල බොන්න වතුර ටික තියෙනවා ඌව මැතිවරණෙට පින්සිද්ධ වෙන්න. ඒත් ලුනුගම්වෙහෙරෙන් මෙහාට වතුර බවුරසරෙකින් බෙදන වතුර කඳුලක් ඇරෙන්න වෙන මොකුත් නෑ.ලමා ලපටි ටිකත් එක්ක වෙලිලා ගිය ගඟේ වැලි ගොඩදානවා හැර අන් යමක් නෑ ඉතිරි වෙලා. වැලි ලෝඩ් එකක් ගොඩ දැම්මොත් රුපියල් 3000 යි. තිබුන ඝන රූස්ස කැලැ කපලා මොනරුන්ට ගුවන් තොටුපලවල් හැදුවෙ නැත්නම් මීට වඩා සොබාදහමෙ පිලිසරනක් මේ මිනිස්සුන්ට තියෙනවා.

    ReplyDelete
  37. තිස්සමහාරාමේ වැව වටේ කෝටි ගණන් වියදම් කරලා ව්‍යායාම් මංතීරු හදනකොට වැවේ වතුර ටික හිදිලා යනව දැකපු නැති ඇස් පේන අන්ධයෝ ඉන්න රටක් මේක. ලුනුගම්වෙහෙර යෝජනා ක්‍රමයට පිං සිද්ධ වෙන්න තිස්ස නගරය මේ නියගයෙන් යන්තම් ශේප් වෙලා ඉන්නවා. ඒත් ..... දුක් විදින පරපුර ඊට වඩා ගොඩක් වැඩියි.

    ReplyDelete
  38. http://4.bp.blogspot.com/-siZPHrYYnJ8/U-UJWsa3WUI/AAAAAAABcjQ/KRenVzJq_QQ/s1600/dm2.gif

    me lipiya kiyawapan maathaliyo.... ita passe liyapan mewa me maharajaa kiyala kiya ganna eka nodena wena weda kiyala...

    ReplyDelete
  39. වගකීමක් සහ වැරැද්දට දඩුවමක් නැති කම තමයි මේ දේවල් වලට හේතුව. මම දවසක් කෝච්චිය පරක්කු නිසා ස්ටේෂන් එකට කොල් කරලා ඇහුවා ඇයි කලින් දැනුම් දුන්නේ නැත්තේ කියලා. මිනිහා මට කියපි, විනාඩි විස්සක් වගේ පරක්කු වෙන ඒවා අපි වැඩිය ගනන් ගන්නේ නැහැ, පැයකට වඩා පරක්කුනම් තමයි අපි පරක්කුයි කියලා විශේෂයෙන් දැනුම් දෙන්නේ කියලා. වගකීමක් නැති කිමට තවත් උදාහරණ ඕනෙ නම් මේ වගේ ඒවා ඕන තරම් හොයා ගන්න පුළුවන්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න