.

.

Oct 28, 2014

කතන්දර නැවතත් "රසිකලොජි" සමඟ - Welcome back Kathandara...!!!



"කකා", "කශූ", "කතා", "කතන්දර", ඔය මොන නමින් හැඳින් වූවත්, බ්ලොග් ලියන කියනව ඕන එකෙක් කතා ගැන දන්නවාය. බ්ලොග් ලියන කියවන ඕන එකෙක් "කතන්දර " දන්නේ නැතෙයි කියනවා නම්, එය අර නාථ නලීන් ද සිල්වා කියනවා වාගේ, "පට්ට පල් අමූලික බොරුවක්" වෙන්නම ඕනාය. බ්ලොග් හා කතන්දර යන නාමයන් එක සමානව යෙදෙන පද දෙකකි.ඒ කියන්නේ, බ්ලොග් වලට සමාන පදයක් ලියන්න කිව්වොත්, කතන්දර කියා ලියූ විට, ලකුණු පහක් ලැබේ..

කතන්දර බ්ලොගයට පස් වසක් පිරෙන දින, නැවත නොලියන්නටම, බොග දැමීම නතර කර දමන ලදි. එවන් දෙයක් කිරීමද ලේහෙසි පහසු දෙයක් නොවේ. සමහර විට මේ වේදනාව කතන්දරට තම දරුවකු දීග යන දිනෙක නැවත ඇති විය හැක. එහෙත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති කකා වැනි කෙනෙකුට, මෙය පඩයක් ගියා වැනි සිඳුවීමක් වුවද විය හැක.

මන්ද පඩයක් ගිය විට, අපට කිසි දුකක් නොදැනෙන මුත්, මහා සැහැල්ලුවක් දැනෙනා බැවිනි. සිත දියුණු කළ පුද්ගලායට හැර යාම මහා දෙයක් නොවේ. සිදුහත් කුමරුන් ගිහි ගෙය හැරයාම මෙනි. එහෙත් පඩයේ උපහැරනය ගතහොත්, පඩය ඇරීමේ හේතුවෙන්, අහල පහල අයට උහුලා ගැනීමේ අමාරුවක් දැනෙනවාමය. අපටද දැණුනේ එයයි.


බ්ලොග් ළොව දිදුලන තාරකාව, "බට කොස්සි" නොහොත්, "බස්සි", "ඉවාන් පවුලූෂාට" කියා තිබුනේ, කතා යන විට, කොඩිවිනයක් කරලා ගියා වත් දෝ කියාය. අම්මපා එහෙම තත්වයක්, ඊයේ වෙනකන් හින්ගල බ්ලොග් කලාවට උදා වෙලා නම් තිබුනේය. අපේ මාතර "සොසී ටීචැර්", බෝත් ඩේ විස් එකක් සමඟ ආයෙත් ලියන්නෙයි කියලා ඉල්ලපු ඉල්ලීමට ලියනවාදෝ කියාත් හිතුනේ, කෙල්ලෙක් කිව්වොත්, කොල්ලෙක් එවරස්ට් උනත් එක පයින් නගිනා නිසාය.

"ඔබා" අප හැර ගිය දිනද, ටැබූ බ්ලොග් ලිවීම නැවැත්වූ විටද, බියෝන්ඩ් ෆ්‍රේම් නැවත්වූ දිනද, අර කලින් කියූ වේදනාව, දුක, අපට දැනින. "මාරයා", "දුකා", "වෙදනා", "සොසී", "සඳරූ", "බින්දි", "බූරූ බබා", "හෙන්රී", "නිර්මලා", "පොඩි මෑන්", "චාමී", "බුවා" හා "මුදිත" වැන්නන්ට, බ්ලොග් අමතකව ඇත. "සහන්ට" පහරදී ඝාතනය කර දැමීය.

මේ සියල්ල බ්ලොග් ළොවට සිඳුවන පාඩුය. එහෙත් මේ සියල්ල මැද බ්ලොග් පවත්වා ගෙන ගියේ, කතන්දරගේ බ්ලොග් එක නිසාමය. මෑත්කදි ජනප්‍රියත්වයේ ඉහලටම පත්, "හැලපේ" සහ "අරූ" ලියන්නේද, අවාරෙට දෙල් ගානටය. මේ කිසිවකට අපිට ඔවුන්ට දොස් නැගිය නොහැක. එහෙත් කතන්දරගේ පුනරාගමනය, ඒ පෑරුනු සිත් සුවපත් කරනා ඔසුවකි.

කකා පැමිණ ඇත්තේ අළුත් නමෙකිනි.. ඒ, "රසික සූරියආරච්චි" යන නාමයෙනි. දැන් කකා ප්‍රාථමික පන්තිවල නොවේ. විජ්ජාව උගන්වන හයවන පන්තියේය. ඒ නිසා බොගේ නමත් දීලා ඇත්තේ සයන්ස් වලිනි. බොගේ නම "රසිකලොජිය". මෙහි "ජී" යන්න මහත්මයා ලෙසද, කැමති කෙනෙකුට "කක්කා" ලෙසද කැමති ආකාරයකට ගත හැක. එසේ නොමැති නම් කකා කියනාකාරයට සූලොජි, බයිලොජි, ඇස්ට්‍රොලොජි, සෙක්සොලොජි ආදී ලෙසැ, සයන්ස් වලින්ද ආදේස කොර ගත හැක.

කක්කා මතක් වූයේ. අර ඇනෝ කෙනෙක් කියනාකාරයට. කක්කා කතා, චූ කතා, පඩ කතා, ආදිය ලිවූයේ කතන්දර උන්නැහේ නිසාය. ඉදින් දැන් අපට, එවන් කතා නැවතත් ඇසීමට ලැබෙනවා ඇත. "පුක යනු කුණුහබ්බයක් නොවේ" කියා අපට කියා දුන්නේ, කතන්දරය. නුවර, "දතේ පන්සල" කියා පන්සලක් ඇතයි කියා දුන්නේද කතන්දරය. ජොකාගේ සිට සරම කලිසම දක්වාද, හෝඩියේ සිට හන්තාන කඳුවැටිය දක්වාද අපට කියා දුන්නේ කතන්දරය.

මේ බයිලා ගසනා විට, කකා කීවාක් මෙන්ම, "ඉතින් අපිට පාන්ද ඕයි..." කියා එකෙක් අසන්නට පුළුවන්ය. මට නම්, "පාන් නෙමෙයි ඕයි.... අල පාන්....." කියා, මාතලන් කියන්නේ. එදත් අදත් හෙටත්, මගේ මෙන්ම, කතන්දරගේත් ප්‍රියතම ආහාරය වනුයේ අල පාන් නිසාමය.

නෝ නීඩ් ටු ඇපොලජි,
වෙල් කම් බැක් ගුරු ජී...!
සමඟ ජොක්කුන්, යුරින්, පඩ, ජී...,
සදා වැජඹේවා... රසිකලොජී..!!!
 -x-

මෙන්න කකාගේ අළුත් බොග..

>>>>
"රසිකලොජි " <<<<< 

22 comments:

  1. මාතලන්ගේ බුකීයේ ලින්ක් එක දැකලා උදේනම කියවලා ආව...
    වෙල්කම් බෑක් කකා!

    ReplyDelete
  2. ම්ම්ම්.....කාටත් සතුටට කරුණක්.......

    ReplyDelete
    Replies
    1. @ මාමා ජී,

      අනිවා! දන්න පහක් මාමා ජී!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  3. දවස් දෙකකින්.... blog කියෙව්වේ නැති නිසා, කතාව නිකන් මොකද්ද වගේ මාතලන් අයියේ.... සමහරු ඇයි blog ලියන එක නතර කලේ සහ නම් වෙනස් කලේ? blog ලෝකයේ මට ගැන්සියක් නැ.... මං තනියමයි.....
    ඒ හන්ද...... නවතම තොරතුරු මට ලැබෙන්නේ නැ.

    ReplyDelete
  4. මං කිව්වෙ නැද්ද මාතෙ, අබිං කෑව වගේ තමා ලිවිල්ලත්, ඔය කිවුවට ආයි එයි කියලා. ඔය කාල තියෙන්නෙ කුඩු.
    මොක වුනත් අවංකවම සතුටුයි. ඉස්සර මං ෆෝන් එකෙං හිටං කකාගෙ පරණ කතා බැලුවා. ටිකයි...හොඳයි ඒවා.

    ReplyDelete
  5. සුභ පැතුම්... කකා....
    පරණ බ්ලොග් එකෙන්ම ආවනම් තමා වඩා හොඳ. මම කාලයක් බ්ලොග් ලිවිල්ල නතර කල නිසා කකා මිසින් කියලවත් දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
  6. කවියත් හරි මාතලන්ගේ කතාවත් හරි.

    ReplyDelete
    Replies
    1. හැලපේ......ලියපන්කෝ බං!!! උඹ හින්දා මාතගෙන් අපිත් බැණුම් අහනවා..

      Delete
    2. මාතලන් අකුරු පොඩි වැඩියි තව ටිකක් ලොකු කරපං . අපි වගේ උන්ට කියවන්න අමාරුයි . :P

      මීට අරූ සහ හැලපේ

      ( මම ඇනෝ කෙනෙක් )

      Delete
  7. එනකොටම කකා
    ඇනෝ දැම්මා කක්කා


    ReplyDelete
  8. මාතා.....උඹ තුල සොඳුරු බුවෙක් ඉන්නවා. අපේ මොන මතවාද තිබුනත් ඒවා අර උඹ කියන ජාතියේ පඩවගේ.

    කකා නැවත ලියනවා කියන්නේ fill in the blanks වගේ ලොකු පිරවීමක්. ඒක බොක්කෙන් අගය කරනවා!!!!!

    ReplyDelete
  9. @මාතලන් සහබ්,

    අරේවා!! අරේවා..!!!! අරේ.......වහ්!!!!!!!!!!!! "මෙරෙ දිල් බී කිත්නා පාගල් හේ........!!!"

    ෆට්ට නේ අෆ්ෆා!!!

    "කතන්දර" කෙනෙක් නැති තැන මොන "කතන්දර පිල්ලි" ද??? ඔන්න එහෙනම් පිල්ලියත් ක්ෂණිකව ඇක්ටිව් වුණා එහෙනම්!!!!!!!

    ප:ලි:- ඊයේ උදේ පහට නැගිට්ට පිල්ලියා තාම නිදි නැහැ. ඛොම්පූටරේ ඉස්සරහ ගතකරපු කාලය පැය පැය 18කටත් වැඩි මයෙ හිතේ......!!!
    තේ එකත් බීලා, බ්‍රෙක්ෆස්ට් පාරකුත් දාලා එහෙම්ම වරුවක් දපලා බුදියන තමයි පිල්ලියගේ අද දවසේ පරමාර්ථය වෙලා තිබුණේ......!!!!

    ඒත්, මේ ආතල් නිවුස් අහපු ගමන්ම ඒ ප්‍රෝගැම්ස් ඔක්කොම කැන්සල්.....!!!!! පිල්ලිය අදත් නිදියන්නේ නෑ ඕන්!!!!

    අර ඉස්සර වගේ......

    උදේ පාන්දරම මාමාජී පලවෙනි කමෙන්ට් එක දාපු......
    කැපිටල් දෝස්ට් අපිව හිනාවෙන් නවපු......
    අපූර්වි දීදී අතොරක් නැතුව නයි ඇරපු......
    ප්ල්ලි ජී, කාවා ජී, පත්තර මල්ලී භයියා අපි තුන්දෙනා සෙට් වෙලා විද්වත් ටෝක්ස් දීපු.......

    ඒ සුන්දර කාලේ ආයෙමත් උදාවේවා..............!!!!!

    හැමෝටම

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  10. හෙහ් හේ.. මට එදාම හිතුනා ඒ විරාමය පහේ පංතියෙන් හයේ පංතියට යන තාවකාලික විරාමයක් වෙන්නම ඕනි කියලා.

    ReplyDelete
  11. කකා ආපහු ඇවිල්ලා නෑනේ,

    මේ තියෙන්නේ කතන්දරකාරයාගේ පුනරාගමනය නෙවෙයි , රසිකලොජිස්ට් ගේ බ්ලොග් ආගමනය නේද ?..

    රසිකලොජිස්ට් කෝ ,පිළිතුරක් දෙනුමැන

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. Apahu ano comment walata idadeela thiyenne! Moko? Hits madida? Mama nam apahu me puke comment karanna ennaha.

    ReplyDelete
    Replies
    1. Oya nisamai opn kale. hemadaama ewilla nondi wena nisa'

      Delete
  14. ස්තුතියි මාතලන්

    ReplyDelete
  15. ඇයි හිස් අහස ලියන සඳරු මල්ලි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න