.

.

Oct 29, 2014

ජාතික ශෝක දිනයක්...! - Day of mourning...!



හපුතලේ, හල්දුම්මුල්ල,මිරියබැද්ද ප්‍රදේශයේ, නාය යාමකින් අතුරුදන් වූ හා මියගිය සියළුම සහෝදර ජනතාව වෙනුවෙන් අපගේ හද පිරි ශෝකය..!

පුද්ගලයින් 400 පමණ අතුරුදන්ව ඇති අතර, මේ වන විට මළ සිරුරු 16 ක් පමණ සොයාගෙන ඇත.

මේ අපේම සහෝදර ජනතාවයි. ඔවුන් වෙනුවෙන් දිනක හෝ ශෝකි කාළයක් ප්‍රකාෂ කරණු ඇතයි අප උදෙක්ම බලා පොරොත්තු වෙමු.

53 comments:

  1. හරිම දුකයි............. පරිසරය එරෙහි වෙන්නෙත් දුප්පතුන්ටමයි.... නෙළුම් කුළුණු, ආර්කේඩ්, සුපිරි නිවාස සංකීර්ණ ඉදිවෙන රටකම පස් කඳුවලට යටවෙලා අහිංසක මිනිස්සු මැරෙන හැටිත් දකින්න සිදුවීම කොයි තරම් ඛේදයක්ද?

    ReplyDelete
    Replies
    1. හදවතින්ම එකඟයි...!

      Delete
    2. "ඉන්දික උපශාන්තOctober 29, 2014 at 3:04 AM

      නැතිවුන අය අඩුවෙලා තුරුදන්වූවන් හමුවේවා කියල පතනව! ඒ වගේම ඒ හැම කෙනෙකු වෙනුවෙන්ම බලවත් ශෝකය ප්‍රකාෂ කරනව!

      මේ වගේ නායයාම් නිසා ගෙවල් ගම් විනාසහ වන ලෝකෙ එකම රට නෙමෙයි මේක. දියුණු රටවලත් අනන්ත මේ ගැටළුව තියෙනව. ජනඝහනය වැඩි වීම මේවට මූලික හේතුව.

      මෙතනදි, රජය අතේ තියෙන වැරැද්ද නොගිනිය හැකි තරම්. හැබැයි වතු අධිකාරීන්ට වගකීමක් තියෙන්ව තමන්ගෙ සේවකයන් හරි තැන් වල පදිංචි කරවල තියන්න."

      Delete
  2. Replies
    1. බ්ලොග් අඩවියේ දකිනකම් මේ පුවත ආරංචි වුනේවත් නැහැ. හදපිරි ශෝකය! 'අතුරුදහන්' උදවියගේ ජීවිතවලට ඇති හානිය අවම වේවා!!

      Delete
  3. මාතලන් අයියණ්ඩියේ, මේක දැනගත්තෙත් ඔයා දැන් මේක කිව්වමයි. මේ මොන අපරාදයක්ද...

    මේ මැරෙන්නෙ අපේම සහෝදර මිනිස්සු නේද. කවුද මේ ජීවිත වලට වගකියන්නේ.

    ReplyDelete
  4. ජීවිත හානි අවම වේවායි පතමි !

    ReplyDelete
  5. ගල් හෙල් මිටියාවත් මැද
    කාලෙකට පෙර වැඩ සිටි දෙවියන්
    නික්ම ගොසිනි පැදුරටත් නොකියාම
    පෝළව කොටන තැන මතු නොව
    නිල් කෙල් වත් බෝ රුක් මත
    නැත දෙවියන් නික්ම ගොසිනි

    සියල්ල සිදුවන්නේ හොදටලු කව්ද දන්නැ එහෙම කීවෙ... එහෙම කීව නං මෙහෙම වෙන්නෙ ඇයි කියල කියන්න කාටවත් පුලුවන් වෙයිද දන්නෑ නෙහ්..
    සියල්ලම බේරන්න බැරි වේවි එහෙත් බේරෙගන්න පුලුවන තරම් බේරගන්න අවස්තාවක් ලැබේවා...

    ReplyDelete
  6. සහතිකව ම මේ අපේ රටේ ජනතාවයි. බලවත් ශෝකය ප්‍රකාශ කරනවා!!!

    ReplyDelete
  7. මිය ගිය ,අතුරුදන් වූ සහ අසරණවූ සියලුම සහෝදර ජනතාව වෙනුවෙන් මගේ බලවත් ශෝකය !!!!

    "රුක් දෙවියන් ළඟ රෑ තුන් යාමෙට
    උලමගෙ හඬ ඇහුණා
    කල්ප විනාශයේ සත් හිරු පායා
    ගම් හත හඬා වැටුණා
    ගම ගිලගන්නට රකුසෙකු එන බව
    රෑ හී නෙන් පෙනුණා‍"

    ගීපද: පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
    සංගිතය: ප්‍රේම් රංජිත් විජේවික්‍රම
    ගැයුම: ජයතිලක බණ්ඩාර

    ReplyDelete
  8. අනේ මන්ද...... හැමදේම අපේ අහිංසකයින්ටමයි .............
    රට කන හැත්තට හෙනවත් .......නැහැ.......
    මේ වෙලාවට තමයි රෙද්දෙ බුදු දහමක් තියෙනවද කියල හිතෙන්නෙ .......
    මොන අවමද....... පස් වලට යට වුනාම......
    ආපදා වේසිගෙ බල්ලන්ට මේවත් රජ මගුල් මචං .....
    අහිංසක ජනතාවට මගේ ශෝකය........

    ReplyDelete
    Replies
    1. බුදුදහමට අනුව නම් සියල්ල අනිත්‍යයි.

      ඕකට කියන්නෙ දෙවියන් වහන්සේගේ කැමැත්ත - ආ මේන්

      Delete
  9. මට හිතාගන්නත් බෑ, මේ නැතිවෙන්නෙ ලංකාවෙ අපේ මිනිස්සුන්ගෙ වටින ජීවිත නේද,

    ReplyDelete
  10. හැකිතාක් ජීවිත බේරාගැනීමට හැකි වේවා...!

    ReplyDelete
  11. අනිවා..ජාතික ශෝක දිනයක් කල යුතුයි..

    ReplyDelete
  12. මමත් මාතලන් අයියා කියනකන් මේ ගැන දනන් උන්නේ නැහැ, මිය ගිය අයට ඒ මොහොතේ හෝ කලින් සිට හෝ පැතූ ගමනක් තිබේ නම් යාමට හැකි වේවායි පතන අතර අතුරුදන් වුවන්ගේ පන කෙන්ද ජීවිතය විඳවන්න සිදු නොවී කෙලෙසක හෝ ගැලවෙවායි පතමි. අතුරුදන් වුවන්ගේ සංඛ්‍යාව හැකි පමණ අඩුවේවා!!!

    එකම පානය මාතලන් අයියේ මේ දේවල් වුනාට පස්සේ හැන්දෑ දොඩා වැළපීම නොව මේවා වෙන්නට ප්‍රථම මේවා වලක්වා ගැනීම නොවේද? අපදා කළමනා කරන එවුන් ආපදාවක් වුනාට පසු එහි පසුපිම කළමනාකරණය කරමින් පත් පැකට් අරවා මේවා බෙදන එකද වටින්නේ මේ වගේ අනතුරු පෙර තියාම හඳුනාගෙන ඒවා වැළැක්වීමට කටයුතු යොදන එක නොවේද? කාලගුනේ හරි මොකා හරි ඉන්න මිනිස්සුන්ට අයින් වෙන්න කීවත් හරි එලෙස අයින් කරාන නිසි වැඩ පිළිවෙලක් තියෙනවද? ජීවිත කාලෙම හම්බ කරගත් දේත් එක්ක කඳු පාමුලක හරි ගෙයක් අටවාගෙන ජීවිතේ ගැට ගහගන්න මිනිස්සුන්ට ඒවා දමලා ගහලා යන්න කීවම යාවිද? ආපදා කළමනාකරණය ලංකාවේ සිදු වන්නේ හැමදාමත් පලයට බෙහෙත් දැමීම මිස හේතුවට බෙහෙත් කිරීම නොවේ. එය නම් සැබවින්ම කනගාටුවට කරුණකි. දැන් ඔතන ගිහින් පෙනී හිටින දේශපාලුවෝත් ශෝක ප්‍රකාශත් එක්ක ශෝක දින නිකුත් කිරීමට වඩා වෙන්න තියෙන මෙවන් දේ වලක්වා ගත නොහැකි වීම නිසා මෙලෙස නිරපරාදේ මිය යන්නේ මනුස්සයින්ම බව අපේම උන් බව වටහා ගැනීමට අරුන්ටද මොළ පෑදේවා කියාද කියමි.

    දෙවියනේ පන පිටින්ම වලලෙන්නට තරම් මේ මිනිස්සු මොන කරුමයක් කරලද?

    ReplyDelete
    Replies
    1. බෑවුම අධික සහ / හෝ පස අස්ථාවර ප්‍රදේශ හා ස්ථානවල එලිකිරීම, ගොවිතැන් කිරීම හා ගොඩනැගීම විද්යානුකූල නියමයන් අනුව කිරීම හෝ කෙසේත් නොකරසිටීම කලයුතුයි. නැත්නම් තමන්ට පමණක් නොව තමන්ට පහල ඉහල සහ සමීප සියලුදෙනාටම අවදානමක්. මේ වැනි නායයාමවලින් වන හදිසි ඛේදවාචකයන් සියල්ලන්ටම පේනව ඒත් පෙනෙන්නෙ අඩු දෙයක් තමයි උඩ සාරවත් පස සේදීයාම. රන්දෙනිගල රංටැම්බේ ජලාශ හා උමාඔය ඔයතරම් ගොඩවෙලා තියෙන්නෙ රාගල, කඳපොල වලපනේ ආදී ප්‍රදේශවලින් එන පස් වලින්. ඒකත් පාරිසරික හා ආර්ථික ඛේදවාචකයක්.

      Delete
  13. ඉතා කණගාටු දායකයි . ශෝක දිනයක් ප්‍රකාශ කිරීමටවත් කාටවත් මතක් වෙයිද දන්නේ නෑ .

    පොස්ටුව වෙනුවෙන් මාතලන් ට තුති

    ReplyDelete
  14. මොනවා ලියන්නද හිතාගන්නත් බෑ.
    මොකුත් නොදන්න මොකුත් කරගන්න බැරි දරු පැටව් කොච්චර ඇතිද?

    ReplyDelete
  15. හප්පා.... හද සසල කරන පුවතක්. විපතට පත් සියලු දෙනා වෙත මගේ ශෝකය පල කර සිටිනවා. මේ ඉදිරියේ දී වත් අවම කර ගන්න ට ගත යුතු ක්‍රියා මාර්ග වේ නම් ඒ වෙත අදාළ අංශ යොමු වේවා.

    ReplyDelete
  16. මාතලන්........ කතාව හරිම දුක්බරයි... මේ වෙලාවේ අපි ඉන්නෙත් ඒ පැත්තේ තමයි... අපිට කරන්න පුළුවන් දේ ඒ වෙනුවෙන් කරනවා....

    ReplyDelete
  17. ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් කණගාටුව පළ කරන අතරම, අතුරුදන් වූ අය නිරුපද්‍රිතව හමු වේවායි කියා පතමු.!!

    ReplyDelete
  18. නැතිවුන අය අඩුවෙලා තුරුදන්වූවන් හමුවේවා කියල පතනව! ඒ වගේම ඒ හැම කෙනෙකු වෙනුවෙන්ම බලවත් ශෝකය ප්‍රකාෂ කරනව!

    මේ වගේ නායයාම් නිසා ගෙවල් ගම් විනාසහ වන ලෝකෙ එකම රට නෙමෙයි මේක. දියුණු රටවලත් අනන්ත මේ ගැටළුව තියෙනව. ජනඝහනය වැඩි වීම මේවට මූලික හේතුව.

    මෙතනදි, රජය අතේ තියෙන වැරැද්ද නොගිනිය හැකි තරම්. හැබැයි වතු අධිකාරීන්ට වගකීමක් තියෙන්ව තමන්ගෙ සේවකයන් හරි තැන් වල පදිංචි කරවල තියන්න.

    ReplyDelete
  19. හරිම හරිම කණගාටුයි. මුලු හදවතින්ම ශෝකය ප්‍රකාශ කරනවා. :(

    රට නොදියුණුබව පැහැදිලිවම පෙන්නුම් කරන සිද්ධියක්.

    ReplyDelete
  20. දැන් ගිහිල්ලා හර්දය වස්තුව අතට අරං කතාකරයි හැම දේශපාලන පක්ෂයකම ඉන්න අයියලා. මේ මිනිස්සුන්ට මෙතනින් අයින්වෙයල්ලා කිව්වලු අවුරුදු දෙකකට කලින්. අයින්වෙලා යන්නේ කිව්ව එකාගේ අම්මගේ රෙද්ද අස්සටද?

    මේ වතු කොම්පැනි කාරයන්ට මුන් හිටියත් එකයි මලත් එකයි. උන්ට ඕනෙ ලාබේ විතරයි. ඔය තොණ්ඩයා, සිවාජිලිංගම්ලා, ඔක්කොම එකයි. උන්ට ඕනෑ මේ මිනිස්සුන්ගේ ඡන්ද විතරයි. මේ අය අහිංසක මෝඩ මිනිස්සු. ජීවිතයේ මහ බලාපොරොත්තු ගොඩක් නැති, නූගත්, දේශපාලු වල් බල්ලන්ට ලේසියෙන් රැවටෙන මිනිස්සු. මේ වතුවල තියනවා හොඳ ඉඩම්. වත්තට පාඩුවක් නොවෙන විදිහට ඒ ඉඩම් මේ මිනිස්සුන්ගේ වතු නිවාස වලට දෙන්න පුළුවන් (1988 -89 කාලයේ මගේ දෑහින් දැක්ක දේවල්)

    මේකේ කෙලවර කොහෙද?

    ReplyDelete
  21. මෙහිදී අප තේරුම් ගත යුතුයි වතු දෙමලු යනුවෙන් වෙනම ජන වර්ගයක් නැති බව මේ රටේ ඕනෑම පුද්ගලයෙක්ට ඕනෑම ස්ථානයක තරඟකාරී වැටුපක් යටතේ සේවය කල හැකි නිදහස් වෙළදපොලක් ඇතිකිරීමෙන් හැමටම පොහොසත් විය හැකියි නමුත් මාක්ස් වාදී හැදියාවක් සහිත වෘත්තීය සමිති වලට හා වතු කම්කරු චන්ද වලින් බලය ලබන දේශපාලන බල තන්හාධිකයන්ට අවශ්‍ය ඔවුන් වෙනම සත්ව වර්ගයක් ලෙස සිටිනු දැකීමටයි.

    ReplyDelete
  22. ලාංකික අනන්‍යතාව විදහා දක්වන ඡායාරූපයක්


    වැරැද්දක් නැහැ එක අතකට! උදළු කෙටියක්වත් නැති හමුදා භටයො ටිකක් මෙතනට යැව්වම, වෙන මොනා බලාපොරොත්තුවෙන්නද?

    ReplyDelete
  23. මේ ලයින් කාමර වල තියෙන්නේ ඉතාම දුකක්ඛිත ජීවිත.... මිනිස් ජීවිතයකට තිබිය යුතු මූලික පහසුකම් කිසිවක් මේ ලයින් කාමර වල නැහැ... පවුල් දෙක තුනක් ජීවත් වෙන්නේ එකට... මේ මිනිස්සු සම්පූර්ණයෙන්ම නොසලකා හැරපු ජනතාවක් බවට පත්වෙලා... ඔවුන්ට තියෙන්නේ ඉතාම ප්‍රාථමික විශ්වාස විතරයි... අයිතිවාසිකම් පිළිබඳ කිසිම හැඟීමක් ඔය මිනිස්සුන්ගෙන් බහුතරයකට ඇත්තේම නෑ... තමන්ගේ ජීවිත වෙනුවෙන් අරගල කරනවා වෙනුවට දෙවියන් පිදීම පමණයි ඔවුන් කරන්නේ... හානියට පත් සියළු දෙනාට බලවත් ශෝකය...

    ReplyDelete
  24. ඔවුන් නිසි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කලානම් ඔච්චර මැරෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මනුස්ස ජිවිතත් සමග ඔබ විනෝද වෙනවා වගේ නේද???

      Delete
    2. @ ඇනෝ - නිසි පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කලානම් ඔය වගේ අපත කමෙන්ටුවක් මෙතන වැටෙන්නෙත් නෑ අද

      Delete
    3. මුන්ගේ තාත්තා පවුල් සැලසුම් කරා නම් හරි..

      Delete
    4. අනේ අපොයි කියලා හිතුනා මේ ඇනෝගේ කමෙන්ට් එක දැක්කාම. හරිම කැතයි.

      Delete
  25. සාතිශය සංවේගය !!!!

    ReplyDelete
  26. ශෝක දින නෙවෙයි! ඒ අසරණ වෙච්චි ජනතාව වෙනුවෙන් මොනවා හරි කරන්න අපි එකතු උනොත්...

    ReplyDelete
  27. අනේ දෙයියනේ,
    පුංචි දරුවොත් ඇති,,,

    ReplyDelete
  28. මොනවා කියන්නදැයි හිතාගන්න බෑ... අතුරුදන් වූවන් අඩුවේවා කියන එකයි එකම සිතුවිල්ල.. පාසැල් දරුවන් ගෙවල් වලින් පිටවෙන වෙලාවට පසු මේ අනතුර සිදුවී ඇති බව අසන්නට ලැබුනා.. දැන් ඔවුන්ට ගෙවල් දොරවල් මව් පියන් අහිමි වී ඇති.. ඔවුන් ගැන සොයා බැලීම වැදගත්..

    ReplyDelete
  29. කලකට පස්සේ ලාංකිකයන්ට ආතල් එකක් ගන්ට වැඩක් සෙට් වෙලා... බර ගානක් මැරිලලු නේද? අනේ... අප්පෝ..... පව්.... ඌයී.... චූයි.... හෑයි... හූයි.... අනෙකාට සිදු වන පීඩාවකදී කිසිඳු ලාභ ප්‍රෙයෝජනයකින් තොරව ඕනෑම අභියෝගයක් භාර ගෙන ඉදිරිපත් වෙන්නේ මොකාද? වතු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැසෙන්නේ කවුද?

    ReplyDelete
  30. මිය නොගිය එක් අයෙක්වත් බේරාගැනීමට ලැබේවා

    ReplyDelete
  31. කියන්න බැරිතරම් දුකයි.. ඒ වගේ ම සංවේදීයි..
    මම එතැනට ගිය නිසාත් විනාශය දෑසින් දුටු නිසාත් දැනුනු ශෝකය අකුරුකල නොහැකියි..
    අතුරුදන් උවන්ගේ ජීවිත හානිය අවම වේවායි පතමි...
    තවත් මෙවන් උවදුරු කිසිඳු දිනයක දකින්න නොලැබේවායි පතමි..

    ReplyDelete
  32. ප්‍රවෘත්තිය උදේ දැක්කට සිදුවී ඇති ව්‍යසනයේ බරපතලකම දැනගත්තේ රාත්‍රියේ ප්‍රවෘත්ති වලිනුයි.විපතට පත් අහිංසක ජනතාවට මගේ හද පිරි ශෝකය පිරිනමමි.

    ReplyDelete
  33. 2004 සුනාමිය හැරුණු කොට ලංකා ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ආපදාව මෙය විය යුතුය. ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර විපතට පත් වූවන්ට උපරිම සහනය සැපයිය යුතුයි.

    ReplyDelete
  34. Miyagiya saha vipathata pathwu aya wenuwen sathishaya sanwegaya pala karami!!! Duppath kameth pathulema inna minissu kottasayak."Ranil Wikramasinhage widesha sancharaya/Demala dayasporawa ha me nayayama Athara sambandayak Addai Soyabeliya yuthui" Mathalan la Jathiyawenuwen megena unanduwenna.(Ranjan)

    ReplyDelete
  35. කමෙන්ට් අකක් දාන්න ආවම මතක් වෙච්ච ඒවා දිග වැඩි වුනා , ඊට පස්සේ ඒවා පොස්ට් එකක්ම දැම්මා .

    ReplyDelete
  36. හරිම ශෝකජනක අවස්ථාවක්. සොබාදහමත් පළිගන්නේ දුප්පතාගෙන්මයි.....

    ReplyDelete
  37. අනතුරින් මියගිය ජනතාවට සහ පීඩාවට පත්වූ ජනතාවට හදපිරි ශෝකය.....!!!

    ReplyDelete
  38. බලවත් ශෝකය,ඒ ඉන්නෙත් අපේම සහෝදරයෝ.

    ReplyDelete
  39. බදුල්ලේ නාය යාමෙන් විපතට පත් වු සැම සිහි කරමු.. සුද්දන් විසින් මෙහි ගෙන ආ වහලුන් තවමත් දුක් විඳින බවද ඔවුන්ගේ සුභසාධනය අපට භාරය. (තොන්ඩමන්ට නොවේ.)
    කලු සුද්දෝ දන්නේ සූරාකන්නට පමණි.

    ReplyDelete
  40. ආගම ජාතියක් පන්ති ගැන හිතන්නේ නැතුව මිනිස්ස්සුනේ කියල හිතල ගන්න තීරණයක් ගන්නානම් වඩා හොදයි අසරණ උන වෙලාවේ :)

    ReplyDelete
  41. මීරියගොල්ලට වැටෙන කදුළුත් දැන් වැස්ස තරම්ය.ඒත් ඒ අදුර ජීවිත වලට දැන් ඊට වඩා උනුසුමක් අවශ්‍යය වී ඇත.විශේෂයෙන් කාන්තාවන්ට සිය අවශ්‍යයතා වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ආදියත්,කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට උනුසුමට ඇදුම් ලබා දීමත් මේ අතරින වඩා වැදගත්ය.පිරිමින් නොසළකා හැර නැත.ඒ අය වෙනුවෙන්ද ඔබට දායක විය හැකිය.මේ සදහා පමා වන්නට කාලයක් නැත.ආලය ප්‍රමාද වී පැමිණෙන විට කාලය කල් ඉකුත් වී තිබිය හැකිය.ඔබට කළ හැකි උපකාරය වෙනුවෙන් හිමාශි කරුණාරත්න (0712 137 082) සහ නිශාන්ත ප්‍රියදර්ශන (0713 518 512) අමතන්න.විදේශ රටවල සිටින සහෘදයන්ට මේ සදහා ද්‍රව්‍යමය ආධාර ලබා දීම සදහා ඉක්මණින් දායක වීමට නොහැකිනම් ඒ දායකත්වය ලබා දෙන අයුරු හිමාශි සහ නිශාන්ත සමග සාකච්ඡෘ කරන්න.

    ReplyDelete
  42. අවාසනාවන්ත තත්වයක්. අහිංසකයින්ටම තමයි හැම විපතක්ම. ජීවත්වෙලා ඉන්න අයටවත් මීට වඩා පහසුකමක් ලබාදෙන්න වගකිව යුත්තෝ ඉදිරිපත් විය යුතුයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න