- චානුක වත්තේගම
වත්පොතේ
(ෆේස්බුක්) තරම් සිරා ගෝත්‍රවාදීන් පිරිසක් ලංකාවේ වෙන කොහේවත් නැතිය හෝ
සමාන ප්‍රකාශයක් මෑතක උපුල් ශාන්ත සන්නස්ගල විසින් කර තිබෙණු දිටිමි. මේ
ඇත්තය. සමාජ ජාලයන්හි හොඳ හා නරක ගැන වසරකට වරක් පශ්චාත් උපාධි
විද්‍යාර්ථීන්ට දේශන දෙකක් පවත්වන මා වැන්නකුට වුව, තරමක ලජ්ජාවකින් හෝ,
පිළිගන්ට වන තිත්ත ඇත්තය. ලජ්ජාව වත්පොතේ භූගෝලීය, දේශපාලනික, ජාතික
සීමාවන් බිඳින්ට වන හැකියාව ගැන මා කාලයක ලොරි ටෝක් දී ඇති නිසාය. දැන්
ලංකාවේ තරුණ පරම්පරාව වත්පොතේ සැබෑ වත අපට දක්වමින් සිටියි. තථ්‍ය ලෝකයේ
ගෝත්‍රවාදය බොහෝ විට ජාතිවාදය, ආගම්වාදය හා කුලවාදය යන කිහිපයකට සීමාවෙයි.
වත්පොතේ නිරුවත් ගෝත්‍රවාදය මින් බොහෝ එපිට යන්නේය. පළාත්වාදය, නගරවාදය,
ගම්වාදය, පාසල්වාදය ආදී විවිධාකාර වර්ගවාදයන් මේ අතථ්‍ය අවකාශය තුළ කලෙකින්
එළි පෙහෙළි නොකළ ඉඩමක වල් පැළ මතු වන්නාක් සේ බලා සිටිද්දීම මතු වෙමින්
තිබෙන්නේය.
ගෝත්‍රවාදයට මතු නොව වත්පොත අවිචාරයට හා මෝඩකමටද අතොරක් නැතිව වැඩෙන්නට ඇති තරම් ඔක්සිජන් සපයන තෝතැන්නකි. මුළු ධාරාවේ ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ මේවා වැඩීම එක්තරා මට්ටමකට හෝ පාලනය වේ. පිටු හතරේ අටේ මිථ්‍යා අතිරේක පළ කරන පුවත්පත් සකසුවෝ පවා ඉඳහිට, තමන්ගේ ඇඟ බේරා ගන්ට, මනෝ වෛද්‍යවරයකුගේ මතය පොඩියට හෝ පළ කරන්ට උත්සුක වෙති. ඊනියා ස්වයංපාලනය මිස වත්පොතෙහි එබඳු පාලනයක් නැත. එහි කපුටන්ට කූඩු හදා ගත හැකිය. රිලවුන්ට පිනුම් ගැසිය හැකිය. මී හරකුන්ටත් බෙටි ලෑ හැකිය. මීයන්ට රා බී වහසි බස් දෙඩවිය හැකිය. කොටින්ම ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කර ගත හැකිය.
වත්පොතේ
කාලයක පටන් ඇතිවෙමින් පවතින අයහපත්ම හා සමාජ විනාශකාරීම ප්‍රවණතාවයක් නම්
උසස්පෙළ හෝ සාමාන්‍ය පෙළ මට්ටමටවත් විද්‍යාව නූගත් ඇච්චන් බැච්චන් පිරිසක්
නිව්ටන්ලාගෙන් අයිස්න්ටයින්ලාගෙන් ගේම ඉල්ලමින් සිටීමය. මේ පුද්ගලයින්ගේ
'බුද්ධිය' විදහා දැක්වීම පිණිස ගෙන දැක් විය හැකි උදාහරණ රාශියක් වෙතත්
පුවත්පතෙහි ඉඩ ගැන හැඟීමකින් යුතුව පහත උපුටනයට පමණක් සීමා වෙමි.
“අපේ
මිනිස්සුත් හඳට ගිහින් තියෙනව කියලයි මම නම් විශ්වාස කරන්නෙ. අපි විතරක්
නොවෙයි, ඉන්දියාවෙ මිනිස්සුත් ඇතුලු ඇතුලු ලෝකෙ බොහෝ රටවල මිනිස්සු, හඳට
යන්න ඇති. අපේ මිනිස්සු හඳට නොවෙයි, චක්‍රාවාටවලත් සැරිසැරුව කියලයි අපි
අහල තියෙන්නෙ. ඒ අධ්‍යාත්මික දියුණුවෙන්. අනෙක් අතට, අද බටහිර දැනුම
භාවිතාකරල අභ්‍යවකාශයට යන එකෙයි, ඉස්සර මිනිස්සු අධ්‍යාත්මික දියුණුවක්
උපයෝගී කරගෙන අභ්‍යවකාශයේ සැරිසරපු එකෙයි ගුණාත්මකව සැලකියයුතු වෙනසක්
තියෙනව කියලයි මම නම් හිතන්නෙ.”
මේ
හුදෙක් ඉඳිකටු පැංචකුගේ මෝඩ කතාවක් කියා අපට නිහඬ විය නොහැක්කේ මේ පැංචාට
පිටුපසින් මෙවැන් පට්ටපල් බොරු සාධාරණීකරණය කෙරෙන ලොකු තියරි ගොඩක්
වත්පොතෙහිම ගොඩ නැඟෙමින් තිබීමය. ඒවා ගොඩ නඟන මහදැනමුත්තෝද බොහෝය. ඔවුන්ට
අනුව 'විද්‍යාව' යනු බටහිර උපන් ,බටහිර පෝෂණය වූ ,යුදෙව් ක්‍රිස්තියානි
ධර්මයන්හි දිගුවකි. එනිසා බටහිරටම සින්නකර ලියා දිය හැකි දෙයකි. 'අපේ'
දෙයක් නොවේ. එනිසාම අප විසින් ප්‍රතික්ෂේප කළ යුතු දෙයකි. නිකම්ම පිළිකෙව්
කළ යුතු දෙයක් නොවේ. දත කාගෙන, පොළොවේ අඩි හප්පා "එම්බල බටහිර ගැත්තනි ගනු
කඩුව එනු සටනට" කියා රණ හඬ නඟා පිළිකෙව් කළ යුත්තකි.
මේ
මහදැනමුත්තන් බටහිර ශිෂ්ටාචාර ඇතිවෙමින් පවතින අවධියේ භාරතයේ නිර්මාණය වූ
ශූන්‍යය පිළිබඳ සංකල්පය නොදන්නවා විය හැකිය. චීනයේ බිහිවූ දශම භාග,
දියවැඩියා ප්‍රතිකාර, සූර්ය ලප නිරීක්ෂණය, මිහිමත වැවෙන පැළ නිරීක්ෂණයෙන්
භූ සම්පත් නීර්ණය කිරීමේ ක්‍රමවේද ගැනද අසා නැතුවා විය හැකිය. ඉස්ලාමයේ
ස්වර්ණමය යුගයේදී (ක්‍රිව 750 සිට 1258 වන තුරු) ලෝකයේ විද්‍යා කේන්ද්‍රය
වූයේ අරාබිය බවත්, ඒ දැනුම් සම්භාරය විනාශ කළ ගින්න හා සතුරු උපද්‍රව
ගැනත්, කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීමෙන් පසුව යුරෝපයට ගෙන යන ලද්දේ ඉතිරි වූ
දැනුම කොටසක් බවත් යුරෝපයේ බුද්ධි ප්‍රබෝධයට මුල එසේ ගෙන යන ලද දැනුම බවත්
අඩුම ගණනේ ඉතිහාසය විෂයය යටතේ වත් ඉගෙන නැතුවා විය හැකිය. විද්‍යාව යනු
හුදෙක් බටහිර, නිරිතදිග, ගිණිකොණදිග ලෙස වෙන් කළ හැකි දෙයක් නොවන බවත් ,
හැම ශිෂ්ටාචාරයකින්ම පෝෂණය ලබා තනි විශ්වීය දැනුම් පද්ධතියක් සේ වැඩෙන්නක්
බවත් තේරුම් ගන්ට තරම් බුද්ධියක් මොවුනට නැත්තේ පාසල් සමයේ පූර්ණ
අධ්‍යාපනයක් නොලැබීමේ අභාග්‍යය නිසා නොවිය හැකිද?
මේ
පුද්ගලයින්ම පතුරන තවත් පට්ට මිථ්‍යාවක් නම් විද්‍යාව යනු හුදෙක්
ඉන්ද්‍රිය ඇසුරින් උකහා ගන්නා දැනුම මතම ගොඩ නැඟුණු , එනිසාම දරුණු සීමාවන්
සහිත දැනුම් පද්ධතියක්ය යන්නය. මේ ගැන තම දිවියම විද්‍යාභිවර්ධනය පිණිස
කැපකළ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් ඇසුවොත් ඔහු ඊට මෙසේ පිළිතුරු දෙනු
ඇත්තේය: "ඔය
මතය ඉතින් අළුත් දෙයක් නෙවෙයිනේ. ඒ එක්කම ඕක සම්පූර්ණයෙන්ම බොරුවකුත්
නෙවෙයිනේ. නමුත් ඔතන තියෙන ගැටළුව අළුත් දේ ඇත්ත නොවීම හා ඇත්ත දේ අළුත්
නොවීමයි"
පළමුව, මේ අළුත් දෙයක් නොවන්නේ ඇයි?
විද්‍යාවේ
ඉන්දිය ගෝචරමය ස්වභාවය පිළිබඳවත් විද්‍යාවේ ආධිපත්‍යය ගැනත් (වෙනත් අය අතර
) රැඩිකල් මතයක් පළකළ පුද්ගලයකු වන්නේ මහාචාර්ය පෝල් කාල් ෆයාබන්ට් ය. (මේ
නම මගේ පෙර ලිපියක 'ෆෙයිආබන්ට්' ලෙස ලිවීම නිවැරදි විය යුතුයි. ෆයාබන්ට්
යනු නිවැරදිම නොවතුදු මේ නමේ කිට්ටුම සිංහල ට්‍රාන්ස්ලිටරේෂණයයි.)
ෆයාබන්ට්ගේ නිරීක්ෂණ අද වන විට කිසිම පළමුපෙළ විද්‍යාඥයකු විසින් පිළි
නොගන්නා, හැත්තෑ ගණන් වලදීම ප්‍රතික්ෂේප වූ, විද්‍යාවටද (අනෙකුත් බොහෝ දේ
වලට සේම) දර්ශනයක් ඇතිය යන මිථ්‍යාව මත පදනම් වූ තියරියකි. තම ගමනේ මුඛ්‍ය
සැතැපුම් කණුවක් වූ 'අගේන්ස්ට් මෙතඩ්' නම් ග්‍රන්ථය ඔහු පළ කරන්නේ 1975
දීය. ඥාන මීමංසා අරාජිකත්වය (එපිසෙටමොලොජිකල් ඇනාකිසම්) නම් දාර්ශනික
ගුරුකුලය බිහි වන්නේ මේ හා සමාන්තරවය.
අද
අපේ වත්පොත් මහදැනමුත්තන් විසින් ලාංකීය සමාජය වෙත ප්‍රදානය කරනු ලබන්නේ
ඥාන මීමංසා අරාජිකත්වය පිළිබඳ මේ පොතේ තෝරා ගත් අදහස් ගොන්නක දේශීයකරණය කළ
පරිවර්තනයකි. (ඒ හැරුණු විට තෝමස් කූන්, කාල් පොපර් වැනි දාර්ශනිකයින්ගේ
යම් යම් අදහස්ද ඊට අනුපාන වශයෙන් එක්ව ඇත.) මේ අණ්ඩර දෙමළය දේශීය පාඨකයින්ට
ආකර්ෂණීය වනු පිණිස එයට දේශීයත්වයේ සළු පිළි අන්දවා "ගන්න අපිම හදපු අපේ
දේ" ලේබලයක්ද ඇලවේ. හැබැයි පිට පොත්තට යටින් ඇත්තේ මීට දශක කිහිපයකට පෙර
නිර්මාණය කළ මේ වන විට බටහිර බොහෝ දෙනාට අමතකව ගොස් ඇති දර්ශනයකි. (ඉඳහිට
'නිව් සයන්ටිස්ට් සඟරාව පමණක් ඒ ගැන කතා කරනු දිටිමි.) ෆයාබන්ට් හෝ
අගේන්ස්ට් මෙතඩ් ගැන නොදන්නා අපේ ලංකාවේ වත්පොත් ඉඳිකටු පැංචෝ මාර දර්ශනයක්
ලක් පොළොවේ පහළ වෙලාය, එහි නිර්මාපකයා නොබෙල් සම්මානයෙන් පුද ලැබිය යුතුය
එකකෝලාහල කරමින්ද ,මේ අදහස් තම තම නැණ පමණින් ඒ මේ අතට නවමින් ඒවාට තව
තවත් හුළං ගසමින්ද අංගම්පොර ශිල්ප දක්වති.
දෙවනුව, තව දුරටත් මේ ඇත්තක් නොවන්නේ ඇයි?
මානවයා
දැනුම ලබා ගන්නේ ඉන්ද්‍රිය ඇසුරින් ලබා ගන්නා සංජානන වලින් පමණකිය යන්න
පට්ට පැරැණි අදහසකි. ගල් යුගයේදී හෝ දඩයම් යුගයේදී නම් මෙවැන්නක් සත්‍ය විය
හැකිව තිබුණේය. බලංගොඩ මානවයාට තම ඉන්ද්‍රිය හැරුණු විට පරිසරය අධ්‍යයනය
පිණිස මාලිමා කටුවක් වැනි මෙවලමක් හෝ නොවූයේය. එනිසාම ඔහු අතිශය ප්‍රාථමික
වූ ජීවිතයක් ගත කරයි. ගොළු බෙල්ලන් ආහාරයට ගනියි. දහසක් දෙදහසක් කුඩා ගල්
ලෙනක් බෙදාගෙන රාත්‍රියේ තර්ජනයක් වේය සිතිය හැකි විලෝපිතයකුට මර බියෙන්
නිඳා නොනිඳා ගත කරති. මේ ‘පංචේන්ද්‍රියන්ගෙන්’ පමණක් දැනුම ලබා ගත් යුගයයි.
(ඇත්තටම 'පංචේන්ද්‍රියය' යනු ආගමික සංකල්පයක් විනා විද්‍යාත්මක සංකල්පයක්
නොවේ. විද්‍යාව මේ විෂයය සාකච්ඡා කරන්නේ ඉන්ද්‍රිය වශයෙන් නොව සංජානන හෙවත්
මිනිසාට දැනිය හැකි දේ ඇසුරිනි. අර්ථ දක්වන ආකාරය අනුව මානවයාට සංජානන
නවයක් හෝ විසිතුනක් හෝ වැඩි ගණනක් තිබිය හැකිය.)
අද
බොහෝ වෙනස්ය. අද විද්‍යාව යනු විශාල ලෙස ඉන්ද්‍රිය ගෝචර නොවන ආකාර වලින්
ලබා ගන්නා ලද දැනුමය. උදාහරණයක් ලෙස ආලෝක වර්ණාවලියේ අපට දර්ශනය වන්නේ
සියයට එකකටත් අඩු කොටසක්ය අපි දනිමු. ඉතිරි සියයට අනූනවය අපට නොපෙණේ නම් අප
එය පවතින බව දන්නේ කෙසේද? බල්ලන්, බළලුන්, පක්ෂීන්, මසුන්, මැස්සන් ආදී
විවිධාකාරයේ ජීවීන් ලෝකය දකින අයුරු දක්වන වීඩියෝ ක්ලිප් රාශියක් යූ ටියුබ්
හි වේ. ඒ මේ සතුන් විසින් පටිගත කළ ඒවා නොවේ. බල්ලකු, බළලකු නොවී අප උන්
ලෝකය දකින ආකාරය දන්නේ කෙසේද? අප සතුව ඇති මෙවලම් වලින් උන්ගේ ඇස
සිමියුලේට් කිරීමෙනි. මානවයා ඇතුළු ක්ෂීරපායීන් නින්දේදී දකින සිහින
උරගයින් අවදියෙන් සිටියදී දකින බැව් අපි දනිමු. උරගයින් නොවී අප එය දන්නේ
කෙසේද? අපේ දැනුම ලබා ගැන්ම තව දුරටත් ඉන්ද්‍රියයන්ට සීමා වී නැති නිසාය.
දැනුම ලබා ගැන්ම ඉන්ද්‍රියයන්ට සීමා වී නැති නිසා එසේ අප ලබන දැනුම
වාස්තවිකය. එය ඉන්ද්‍රියයන්ගේ සීමාවන්ගෙන් මායිම් නොවන දැනුමකි. එසේම
නිරීක්ෂකයාගෙන් ස්වායත්ත දැනුමකි. තවදුරටත් නිරීක්ෂකයා අපට වැදගත් නොවේ.
එනිසා විද්‍යාව නිරීක්ෂකයාගේ සංස්කෘතිය මත රඳා පවත්නේය කියමන තවදුරටත්
වලංගු එකක් නොවේ. විද්‍යාව එය බැහැර කරලයි. අද එය පවතින්නේ නම් ඒ විද්‍යාවේ
නොව දර්ශනයේ කොටසක් ලෙසිනි. දර්ශනය තුළ යමක් තහවුරු කළ යුතුය නියමයක් නැති
නිසා තවදුරටත් ඒ පැවැත්මට ඉඩ ලැබී තියේ. නමුත් එය විද්‍යාත්මක සත්‍යයක්
නොවේ.
දර්ශනය
යුගයෙක විද්‍යාවට පූර්වගාමී වූ බව ඇත්තෙකි. විද්‍යාවේ බොහෝ විෂය කොටස් ගොඩ
නැඟෙන්නේ දර්ශනය පාදක කොට ගෙනය. එසේම දර්ශනය ලොව පුරා බටහිර හා පෙරදිග
දෙකේම ප්‍රමුඛ විෂයය ධාරාවක් වූ බවද ඇත්තෙකි. එහෙත් මේ එළඹෙමින් ඇත්තේ
විද්‍යාව විසින් දර්ශනය දික්කසාද කෙරෙන, අනිවාර්යයෙන්ම එසේ කළ යුතු යුගයයි.
තවදුරටත් දර්ශනයෙන් විද්‍යාවට ඵලක් නොවේ. රිචඩ් ඩෝකින්ස් නිර්භීතව ප්‍රකාශ
කරන ලෙස නවයුගයේ දර්ශනයක් වේ නම් ඒ පරිණාමය පමණක්මයි. ඉතිරි සියළු දේ ගොඩ
නැඟිය යුතේ පරිනාමය කේන්ද්‍ර කොට ගෙනය. බල්ලා වලිගය වනනු මිස වලිගය විසින්
බල්ලා වැනිය යුතු නොවේ.
ශිෂ්ට සමාජය ඕනෑම කෙනෙකුට තමන්ට රිසි දර්ශනයක් වන්දනය කරන්ට අවකාශ ලබා දෙන්නේය. එතකුදු වුව ශිෂ්ට සමාජය නොඉවසන්නේ සැබෑතතු විකෘති කිරීමය. ෆේස්බුක් මහදැනමුත්තන් හා ඉඳිකටු පැංචන් විසින් අවබෝධ කොට ගත යුත්තේ එයයි.
/* මානවයා දැනුම ලබා ගන්නේ ඉන්ද්‍රිය ඇසුරින් ලබා ගන්නා සංජානන වලින් පමණකිය යන්න පට්ට පැරැණි අදහසකි. */
ReplyDeleteඇත්ත නේන්නං! විද්‍යා දැනුම නාථ දෙයියලා හීනෙන් ඇවිත් කියලා දෙනවා නේ?
විද්‍යාව සංවේදනය වන්නේ කොහොමත් මිනිසාට දැකිය හැකි ප්‍රමාණයට නේද?? මම නොදන්න නිසියි අහන්නේ එහෙම නොවෙන්න නං මිනිසා සියළු සංස්කාරයන් නැසූ, බුදුවරයෙක්ම විය යුතු වෙනවා නෙවද විශ්වය අතැඹුලක් සේ දැකීමට නං..
ReplyDeleteඅම්මෝ...උඔ දන්න දේවල්
Deleteයන්නතං වචන දෙක තුනක් ඇහිදගත්තා බං.. එච්චරයි..
Deleteමං වැරදි ඇති හැබැයි මමත් විද්‍යව 100%ක්ම සත්‍ය විදියට පිලි ගන්නවා කියලා කියන්නෙත් නෑ අනික් දෙවල් බැහැර කරන්නෙත් නෑ ,තම තම නැණ පමණින්...
ReplyDeleteමාතලන් ලිපියක් ලිව්වා නේද සයිබර ගොත්‍රිකවාදින් ගැන ?????
අතුල සිරිවර්ධන කියලා පොරකුත් බ්ලොග් එකක් ලියනවා නේද විද්‍යාවට චැලේන්ජ් කරලා...
ReplyDeleteමුහුදට වතුර එකතු වුනාට පස්සේ ඒවා මුහුදු වතුර වෙනවා....ඒවා ඊට පස්සේ වෙන්කර ගන්ඩ බැරි ඒකයි ප්‍රශ්නේ....ඒ වගේ දැනට ලොකේට අලුතින් එකතු වෙන දැනුම ඔක්කෝම ගලලා එකතු වෙන්නේ බටහිර පැත්තට....
ReplyDeleteඔයා ලියන ලිපිවලට තරම් චානකගේ ලිපි වලට ආස නැත.
ReplyDeleteසපුරා එකඟවෙමි. මාත් මේ වැඩේට එච්චර මනාප නෑ.
Deleteඑහෙම කියන්න එපා. මාත් මුලින් අකමැතියි. ඒත් මාතා චානකට දීපු පොරොන්දුව ඉටු කරනවා. ඒකට ගරු කරල මාත් දැං චානුක කියවනවා.. බොලා එපැයි කිව්වත් මේකා ඕවා දාන එක නතර කරයි කියල හිතනවනං බොලාට අබ සරණයි.. එළද බ්‍රා
Deleteඅපි කවදාවත් එකම රසකට හුරු වෙන්න හොඳ නෑ.. ඒක ලංකාවේ අයට තියෙන ලෙඩක්.. රසයන් කීපයක් එකම විඳියකට රස විඳින්න පුලුවන් නම් තමයි වටිනාකම.. උදාහරණයක් විදියට මාතලන්ට අමරදේව මාස්ටර්ගේ පාවේනා නිල් වලාවේ, නිමල් මෙන්ඩිස්ගේ මාස්ටර් සර් වගේම සැන්ටිගෙ සිරයලතාත් එකම විදියට රස විඳින්න පුළුවන්.. කිසි අවුලක් නෑ..
Deleteඅනික චානුක නිහඬව බ්ලොග් වෙනුවෙන් කරනා සේවය මම හිතන්නේ බ්ලොග් ලියන කියවන කිසි කෙනෙක් කරන්නේ නෑ. මට නම් චානුක සහ සිව්මංසල කොලු ගැටයා බොහෝ වටිනවා..
ඒ..බං, මං කිව්වෙ චානුක නොවටිනව කියල නෙවෙයි මාතලන් අයියා. කිව්වෙ, මේ ලිපි වල නිහුරු ගතියක් දැනෙනවා, ඔයාම ලියන ඒවා ආසාවෙන් කියවනවා, අර කිව්වත් වගේ ඒක අපේ වරදම තමයි. සීමාවකට කොටු උනාම එහෙම දැනෙනවා.
Deleteමාත් සදරෑ හා එකගයි...චානකට කවාදාවත් මාතලන් වෙන්න බෑ..
Delete@දේශ්
කවදාද බං මාතයියන්ඩි මේ බාරේ ඕප්පු කරලා ඉවර කරන්නේ?
මාතලන්ට චානුක වෙන්නත් බෑ...
Deleteචානුකට මාතලං වෙන්නත් බෑ.. ඖ යෑස්..
Deleteවිද්‍යාවට දැකිය හැකි මානයේ සීමාවට සීමාවෙලා කතාකරල තේරුමක් නෑ. අද ඇත්ත හෙට බොරුව වෙලා, අද බොරුව හෙට ඇත්තවෙනවා. විද්‍යාව එහෙමයි. දවසින් දවස අලුත් වෙනවා. ඒ නිසා මං ඕනිවටවඩා විස්වාස කරන්නෙ නෑ.
ReplyDeleteඔය බලාහන්කෝ උඔලා කියන කතා..මට නිකන් උතුර දකුන මාරැ වෙලා
Deleteමං අහල තියෙන හැටියට ඔය පේස් බුක් එකේ ඉන්නෙ අපි වගේ පිග්මි නෙවෙයි.හැම දේම දන්න මහා පුරුෂයොයි.ඇයි අපේ දුසකයා.ඌත් එයින් එකෙක්.
ReplyDeleteඅප්පට බොල.. දුසකයා නොද්දන මගුලක් තියේයැ..
Deleteඅපි අංග සම්පූර්ණ ලෝක සිතියමක් ඇන්දොත් ඒක පෘථුවි පෘෂ්ඨයට වඩා විශාල විය යුතුයි
ReplyDeleteඅපි සැලලිහිනි සංදේශය වගේ පොතක් විචාරය කලොත් ඒක අනිවාර්යයෙන්ම කවි පොතට වඩා විශාල විය යුතුයි අපි අංග සම්පූර්න මිනිස් සිරුරක ආකෘතියක් හැදුවොත් ඒක සැබෑ මිනිස් සිරුරකට වඩා ලොකු විය යුතුයි.
ඒ වගේම විශ්වයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අංගසම්පූර්ණ දැනුමක් ලබාගන්නට නම් විශ්වයෙන් පිටත සිටින විශ්වයට වඩා සංකීර්ණ තැනැත් වහන්සේ කෙනෙක් වියයුතුයි. මිනිසාගේ විද්‍යාවන්ට පුලුවන් හැමවිටම විශ්වයේ එක් ක්‍රියාවලියත් වෙන්කර පැහැදිලි කිරීමට පමණයි
බටහිර විද්‍යාව බටහිරට විතරක් නැතුව හැමෝටම අයිති වුනාට ලංකාවේ සම්මාදම අඩු ඇයි ?
ReplyDeleteඊළඟට අපේ රටේ තියන පාරම්පරික අත්දුටු දැනුම බටහිර හෝ නුතන දැනුමට එකතු නොවන්නේ ඇයි ?
මට පේන්නේ වරද තියෙන්නේ බටහිර දැනුමට ආවඩන , එහෙත් ඊට කිසි දෙයක් එක්කර නැති , දේශීය පාරම්පරික දැනුමට නිග්‍රහ කරන ඉවතලන , ඒවා ඇත්තද බොරුද කියා වත් නොසොයන අපේ අය ළඟයි . බොරුවට නිව්ටන් ලට බැනල වැඩක් නෑ
ඕපන් සෝස් මෘදුකාංග ගැන කියන කතාව තමයි මේවා හැමෝටම දියුනු කරන්න පුලුවන්ය,
Deleteහැමෝටම දෝශ හඳුනාගන්න පුලුවන්ය හැමෝටම තම අවශතාවය අනුව වෙනස් කරන්න පුලුවන්ය කියන එක
ඒ කතා ඇත්තනම් මේ වෙනකොට මයික්‍රොසොෆ්ට් සමාගම වහල දමලා
නමුත් ප්‍රායෝගිකව නෙවෙන්නෙත් ඕකම තමා
බටහිර විද්‍යාව කියන එකත් ඔහොමමයි
අපේ බුකියට අනම් මනම් කියලා අහුවෙන්ඩ ඈ,, එතනින් තමයි අපි ඔක්කොම ඉගෙන ගන්නේ,,, ලව් කරන්න, ගංජා ගහන්න ,සිගරැට් බොන්න, අරක්කු බීලා ෆොටෝ දාන්න, KFC , PIZZA කාලා ෆොටෝ දාන්න,,, බුකියෙන් තමයි අපි ජීවිතේට ඔක්කොම ගන්නේ ඉදගෙන
ReplyDeleteදැන් බලපං මාතේ..., මේ බොග උඹේද? වත්තේගමයාගේද? ඒ හාදයටත් බොගක් තියෙනවා නේද? ඉතින් ඇයි ඌ මේකේ බොග දාන්නේ..
ReplyDeleteඅපි දෙන්නම බොග දානවා කිසි අවුලක් නෑ. ඒ ගැන චානුක ඔහුගේ අදහස කලින් කියලා තිබුනා..
Deleteවිද්‍යාවේ සීමාවන් හඳුනා ගැනීමත් වැදගත්
ReplyDeleteබලන්න විද්‍යාවෙන් ග්‍රහලෝකයක චලිතය ගනනය කල හැකියි
නමුත් කතරගම දෙවියෝ ගිනි පාගන පුද්ගලයාට ආශිර්වාද කරනවාද ශාප කරනවාද කියා නිගමනය කල නොහැකියි මොකද ඔහු (දෙවියො) ඒකීය පුද්ගලයෙක් එමනිසා ඔහුට පුලුවන් වත් පිලිවෙත් කැඩූ අයෙක්ට වුවත් (කාලෝ ෆොන්සේකා වැනි) ආශිර්වාද කරන්න.
දෙවියන් යනු සංකල්පයක් පමණක්ද නැත්ද කියන එක තාම ඔප්පු කර ගන්න බැරි වෙච්ච එකේ, දෙවියො ඒකීය පුද්ගලයෙක් කියා ඔබ කොහොමද කියන්නේ ?
Deleteමටත් ඒ ප්‍රශ්නේ ආවා
Deleteකාලෝචිතයි ලිපියනම්. ලිපිය ගැන මාතලන්ගේ අදහස දාල විශ්ලේෂණයක් කලානම් වැඩ හොඳයි තමා. මොකද අපි කැමති මතලන්ගේ ශෛලියට
ReplyDeletehttp://maathalan.blogspot.com/2014/07/oh-no-i-am-afraid-of-social-media.html
Deleteගෝත්‍රවාදය ගැන කියූ කරුණු කාරණා හා එකඟය.
ReplyDeleteනවීන විද්යාමව සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ, අද සොයා ගන්න දෙයින් ඊයේ සොයා ගත්තු දේ වැරදියි කියල ඔප්පු වෙනවා.
එමෙන්ම පැරණි කාල වකවානු වල තිබු බව කියවෙන දේ බොරු බව කියන්න පුළුවන් බවක් නවීන විද්‍යාවටත් නැහැ. ඒ වගේම ඇත්ත බව කියන්න පැහැදිලි සාධකත් නැහැ
ඒකෙන් කියවෙන්නේ නැහැ එහෙම දෙයක් තිබුනේ නැහැ කියලා...
යමක් නැති බව, එලෙස යමක් නොතිබූ බව කියන්න පුළුවන් සාධකයක් නෙමෙයි කියල මම විශ්වාස කරනවා
(මම මෙතනදී කතා කරන්නේ ඉඳිකටු පැන්චන්ගේ කතා ලෙස උදාහරණ ගතකොට තිබු කොටසට අදාළව පමණි)
ඒ වගේම මුහුණුපොත සහ බ්ලොග් හරහා වෙනත් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා තමන්ගේ අදහස් හෝ හඬ නගන්න හැකියාවක් නැති ප්‍රබුද්ධ නොවන අයටත් අවස්ථාවක් ලැබිල තියෙනවා.
එතැනදී ඕනෙ කෙනෙකුට තමන්ගේ අදහස් පළ කරන්න පුළුවන්
ඒක පිළිගන්නවද නැද්ද කියන එක තියෙන්නේ කියවන අයගේ අතේ
මෙතන චානුක මහත්තය කරලා තියෙන්නෙත් ඒ හා සමානම දෙයක්. එයා යම් කරුණු කාරණා සහිතව ලියවිල්ලක් ලියනවා
ඒක කියවනවද, ඒක පිළිගන්නවද කියන එකත් කියවන කෙනාගේ කාරියක්.
යමෙක් අදහසක් ඉදිරිපත් කරද්දී ඒ පුද්ගලයා ඉඳිකටු පැංචෙක්ගෙද රබ්බඩ අයියෙක්ගෙද කියන එක සොයා බලන මානසිකත්වය මටනම් ප්‍රශ්නයක්...
මිනිස්සු අතරේ වෙනස් මත තියෙනවා, අදහස් තියෙනවා. සමහරු ඇත්ත බොරුව විදිහටත් බොරුව ඇත්ත විදිහටත් විශ්වාස කරනවා.
විද්‍යාව විශ්වාස කරන කෙනාව විද්‍යාව විසින්ම ඒ තැනට ගෙනත් දානව කාලෙන් කාලෙට කරන නව සොයා ගැනීම් මගින්.
බලාගෙන ගියාම එතැනදී රබ්බඩ අයියලත් ඉඳිකටු පැන්චන්ගේ ගාණටම වැටෙනවා නේද.?
එහෙම වෙන්න ගතවෙන කාල වකවානුව ටිකක් වැඩි නිසා රබ්බඩ අයියලට ඒක පේන්නේ නැහැ,
මම ෆේස් බුක් සාමාජිකයෙක්ව සිටි කාලය අතීතයට අයත්ය. දන්නා අය කියනා පරිදිනම් හැඟෙන්නේ මේ තුලින් දකින්නේ අන්ධ අනුගාමිකයින් රොත්තක් මිසක ස්වාධීන මිනිසුන් රැලක් නොවන බවය. මේ ෆේස්බුක් වරදක් නොව,,අපේ උදවිය ගෝත්‍රිකවාදි චින්තනයෙන් මිදෙනවාට වඩා බුරුතු පිටින් ඒ දෙසට ඇදීයාමේ අනුවන කමයි. මගේ ක්ෂේත්‍රයට අනුව විග්‍රහ කරනවා නම්,,දහස් ගණන් තරු පහේ 'කෑම වට්ටෝරු' සයිබරයෙන් බාගත හැක...නමුත් කටට දැණෙන 'මස් කරියක්' ලිපෙන් බාගත හැක්කේ ලිප මොකක්දැයි දන්නා එකාට පමණි. අපි තරම් පොතේ ගුරු ජාතියක් ලොවෙත් නැත!!
ReplyDeleteඅපි තරම් පොතේ ගුරු ජාතියක් ලොවෙත් නැත!!
Deleteඅන්න කතාව...බ්‍රා එකේ මයිල් හොයන්න හදනවා ඒක විකුනන්න පුලුවන්ද බැරිද කියලා තිරිනය කරන්න අපේ සමහර උන්ට බෑ.
අවසානයේ සියල්ල අදහස් පමණයි නේද?
ReplyDelete"මෝඩයෙකු සමග වාදයට යෑමෙන් පෙනෙන්නේ මෝඩයින් දෙදෙනෙකු ඇති බවයි"
ReplyDelete"මෝඩයෙකු සමග වාදයට යාමෙන් වලකින්න.මන්දයත් ඔහු ඔබවත් ඔහුගේ මට්ටමට දමා කතා කරන නිසා"
ඔය වගේ කතා අහලා තියන නිසා මමනම් ඕවා දැක්කේ නෑ වගේ ඉන්නවා. නැත්තන් ඒවාට පක්ෂව කතා කරන උන් අපිව මෝඩයෙක් ගානට දානවා කියලා මම අත්දැකීමෙන්ම දන්නවා
එකතු කරගත් පෙර දැනුමක් නැති කෙනෙකුට ෆේස්බුක් එක පවා නව දැනුමක් එකතු කරන තැනක් වෙනවා. ඉතිං ඒ අයට දැනුම බෙදන අය පොරවල් වෙනවා. චානුක වත්තේගම වගේ කෙනෙකුට බුකියෙන් එකතු කර ගන්න දැනුමක් නෑ. ඒ නිසා එතුමාට ඒ හරහා එතුමාගේ දැනුම සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. එහෙම කරන්න ගියාම අර ෆේස්බුක් එකේ දැනුම බෙදන අය එරෙහි වෙන්න පුලුවන්. මොකද එයාලටත් නොතේරෙන දේවල් කියනවා දැක්කම. ෆේස්බුක් එක ගැලරියක් නිසා ගැලරි ටෝක් තමයි හරි යන්නේ.
ReplyDelete