.

.

Oct 2, 2015

කොන්ඩයා මෙන්ම පොලිස්පතිද එල්ලා මැරිය යුතුය - Justice should not only be done but should manifestly



සේයාගේ ඛේදවාචකය මැකී යාමටත් මත්තෙන් නැවතත් කොටකෙතන වෙත පඩත්තල ජනමාද්දියවේදින් කෙල පෙරාගෙන මිනී මස් කන්නට දුවමින් සිටී. දැන් මෙය ධර්මද්දීපයක් නොව නොම්මර එකේ මිනී කන්නන්නේ දේශයක් වී ඇත. මිනී කන්නන්ගේ දේශයකටත් වඩා, මළමිනී කන්නන්ගේ දේශයක් යැයි කීවොත් වඩාත් නිවැරදිය.

සේයාගේ මිනීමරුවා සොයමින් අනෙකුත් මිනීමරුවෝ සියල්ලම පාරට බැස්සෝය. පෙරමුණ ගත්තෝ මේ රට යහපත් රටක් කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කරනවා යැයි කියනා ජන මාද්දියවේදියෝය. උන් සියල්ලෝම පොලිස් බල්ලෝම විය. බල්ලාගේ වැඩ කරන්නට ගොස් නොම්මර එකේ බූරුවන් පිරිසක් බවට ඉබේම පත් වූයේය. විසේසොයෙන් කිව යුත්තේ, එක්කෝ මේ පුවත් පත්වල කත්තුරුය කියා එකෙක් නැතෙයිය කියලාය. එහෙම නැත්නම් කතු කම් කරනුයේ නොම්මර එකේ පඩත්තල වේසිගේ පුතාලා කියලාය. ටැලිවිසොන් චැනල් ගැනද එසේමය.

අවසානයේ කොන්ඩයාගෙන් සියල්ල නිමා කොට සිල්ලෝම සතුටින් විසිර යාමට පෙල ගැසි සැදී පැහැදි සිටී. එල්ලන්නමයි ඕනෑ කිව් එල්ලුම් ගහේ දළු දමා, ඵල හටගෙන දිරලා ගියත්, යලි ඒ ගැන මතකයක් නැතිය. කොටකෙතන සීන් එක එච්චර දැනෙන්නේ නැත්තේ මිය ගිය කාන්තාව වතු දෙමළ කාන්තාවක් වීමය. මරා දැම්මේ හෙට මිය යන්නට පන අදිමින් හුන් හින්ගල ආච්චි අම්මා කෙනෙකුන් වූයේ නම් අපේ මිනීමරුවන් කැළ නැවතත් පාරේ රෙනවා නොඅනුමානය. 

පොලීසියටත් ඒක එච්චර කේස් එකක් නෙමේය. සේයා මෙන්ම මිය ගිය කාන්තාවද මේ රටේ පුරවැසියෝය. මේ රටේ උපන්, මේ රටේ ජීවත්ව, මේ රටේම කුරිරු ලෙස ඝාතනයට ලක් වූවන්ය. එහෙත් සැලකුම් වෙනස්ය. කපා කොටා මරා දමන ලද පිරිමි දරුවා ඒ තරම් දැනෙන්නේ නැත. මුහුදට තල්ලු කොට මරා දැමූ බිලිඳිය එතරම් දැනෙන්නේ නැත. මන්ද ඔවුන් සේයා මෙන් අයස්කාන්ත රූ සපුවකින් හෙබි දරුවන් නොවනා නිසාය. 

මේ රටේ පොලෝසිය ගැන අපූරූ යාං හෑල්ලක් ඇත්තේය. ඒ හාවෙක් වෙනුවට වලහෙක් අල්ලාගෙන ආ කතාවයි. එවන් සිද්දියක් මටත් සිඳු වෙලා තියෙනවාය. වරක් මගේ වාහනයේ පැති වීදුරුව කඩා සැටප් එක ගලවාගෙන ගොස් තිබුනේය. සාමාන්නියෙන් මේ ගේම් දෙන්නේ කුඩු කාරයෝ බව කවුරුත් දන්නවාය. කුඩු කාරයෝ කව්දැයි කියා පොලෝසිය දන්නවාය. සිඳු වූ පාසුව දරා ගත හැකි වුවද, වාහනය සමාගමකට අයිති වූවක් බැවින් ඉන්ෂුවරන්ස් ලබා ගැනීම සඳහා පොලොස් ඇන්ට්‍රියක් දැමිය යුතුමය. (අද මේ නීතිය නැත.) 

පොලෝසියේ ඕ අයි සී හිටපු එකා මගේ බොක්කක්ය. පොලිසියට ගිය වෙලේ ඌ උන්නේ නැතිය. මා ඌට සිද්දිය කියන්න ගියේද නැත. එහෙත් එතන ඉන්නා උන් මා ලොක්කාගේ  බොක්කක් බව හොඳින්ම දන්නේය. උන් ඇන්ට්‍රිය ලියා ගැනීම පැත්තක තබා, තුන් දෙනෙක්ම ජීප් එකත් අරගෙන අපේ ගෙදර ආවේය. සීන් එක බැලුවේය. ඊට පස්සේ පාරේ යන උන්ගේ මලු චැක් කොරන්න පටන් ගත්තේය. යාන්තම් කියා ඒ ගොන් බූරූ වැඩේ නවත්වා ගත්තේය. ඊට පස්සේ මුන් ඇහුවේ සැක කව්දැයි කියලයා.

මම උන්ට කිව්වේ එහෙම එකෙක් ඉන්නවානම් පොලීසිය වැඩක් නෑ නේ ඕයි කියලාය. ඉන් පස්සේ සර් අර අරු වෙන්න බැරිද මූ වෙන්න බැරිද කියා මුන් කිව්වේ හන්දියේ මා දන්නා කුඩු ගහන බොක්කේ උන් සෙට් එකක් ගැනය. මම කිව්වේ එහෙනම් තමුසෙලා යනවා මම අංජනමක් බලගෙන ඇවිත් හරියටම කියන්නම්. හැන්දෑවේ ලොක්කා ඉන්න වෙලාවට ඇවිත් ඇන්ට්‍රියක් දාලා යන්නම් කියලාය.

බොහෝ විට ඔය කේස් එකේ නියම සැකකාරයා කොන්ඩයා නොවන්නටත් පුළුවන. ඌ වමාරනවා කියා පඩත්තල පත්තර කාරයෝ කියුවාට, පොලිසියෙන් නෙලනා නෙලිල්ලට වමාරනවා පමණක් නොව මළ මුත්‍රාද පහ වෙන්නේය. ඒ බව හොඳින්ම දන්නේ බැටන් පොල්ලක් උස්සන්න ගිහිල්ලා මරදාන පොලිසියෙන් මාතලන්ද හොඳ සංග්‍රහයක් ලබලා තියෙනා නිසාවෙන්මය. ඒ කතාව වෙන වේලාවක ඔහේලාට කියන්නම්ය. 

මොකෝ කියනවානම් කොන්ඩයාගේ ජුන්ඩා, කියනා විදියට අතුරු ආන්තරාවකට ලක් වී තිබුනේත් නැතිය. පොලිස් බල්ලා කියන්නේ කොන්ඩයා කියනා දේ නෙමේය. අනික ඩී ඇන් ඒ සැසඳුන කතාවක් අද වෙනකන් කරලියට ආවෙත් නැතිය. බොහෝ විට කොන්ඩයා සොෆ්ට් ටාගට් එකක් විය හැකිය.

ප්‍රශ්ණය තියෙන්නේ කිසිම වරදක් නොකරපු වයස 17 වූ බාල වයස්කාරයකු කුදලාගෙන ගොස් ඒ දරුවා නොමරා මැරීමය. ඒ දරුවා නිරුවත් කොට පහරදි ඇත්තේ පොලිසියේ පොඩි උන් පමණක් නොවේ. මහා එකාද සංග්‍රහයට සහභාගි වී ඇත. එපමණක් නොව සී අයි ඩී එකේ මහ පොලිස් බල්ලෝද ඇස් ලෝන් බට වල ශක්තිය පිළිබඳව පවත්වනු ලබන්නා වූ පරීක්සොනයක්ද පවත්ව තිබෙන බව දැන් දැන් එලියට එන්නේය.

අපේ පොලොස් කොට්ටෝරුවන්ගේ පමණක් නොව අනෙක් ෆෝසස්වල අය්යියලාගේත් වැඩ කිඩ දන්නේ ජිනීවා එන කෝට් බෝට් දාගත්ත උදවිය නෙමේය. මේ මහ පොළොවේ උපන්න අපමය. ජිනීවාවල පෙන්නන චැන්ල් ෆෝ වීඩියෝ අපේ පරම්පරාවේ උන දකුණේදී ලයිව්ම බලලා තියෙනවාය. අපේම උන්ට කොලේ එහෙම නම්, දෙමලාට කෙලපු කෙලිල්ල ගැන දැන ගන්න චැනල් ෆෝ කාරයන්ට අපේ උන්ම ගානක් අරගෙන දීපූ පිචැර් බලන්නට වුවමනාවක් නැතිය.

වහාම අඟුලානේ කලාක් මෙන්ම මේ කාලකන්නින්ගේද වැඩ තහනම් කළ යුතුමය. නිරපරාදේ විනාශ කළ ජීවිත දෙකට දැනෙනා වන්දියක් ගෙවිය යුතුමය. කොන්ඩයා එල්ලන්නේ නම්, නඩු නැතිව සැකය මත පමණක් නිරපරාදේ මිනිසුන් මරා දමනා පොලීසියේ මහා එකාද එල්ලා දැමිය යුතුමය. 

මෙවන් අස්ශීල කාලකන්නි පොලීසිය හා මේ දරුවාට වූ විනාශය පිලිබඳ අපූරු රැප් ගීතයක් මිතුරකු විසින් මා හට එවා තිබිනි. ඇත්තටම රැප් සංගීතය කියන්නේ මෙයම විය යුතුය. මගේ ප්‍රියතම රැපර් කෙනෙක් වන එමිනෙම් (Eminem) තම ගීතයන් තුල කැටිකොට ඇත්තේ සමාජයේ සිඳුවන අකටයුතුකම් ගැනමය. මොකා කලත් පාතාල සංගිතයක් වන රැප් මගින් කළ ඇති මේ නිර්මාණය අගය කළ යුතුය. පඩත්තලයන් ඇමතිය යුත්තේ ගීතයේ සඳහන් ආකරයටමය.

යහපාලනය තුලද මෙවන් අසාධාරණයක් කොට ගැලව යා හැක්කේ නම් එය යහපාලනයක් නොව තවත් යමපාලනයක් බවද නොකියා සිටිය නොහැකිය.

ඒ වගත් මේසේය....

150 comments:

  1. පැරා දාපු මානසික රෝගියගෙන් ප්‍රශ්න කිරීම තමයි මතක් වෙන්නෙ.
    "ගහන්න කලින් ඇත්ත කියපං......"
    "ගහන්නෙ නැතුව කොහොමද රාලහාමි ඇත්ත කියන්නෙ?"

    ReplyDelete
    Replies
    1. ///අපේ පොලොස් කොට්ටෝරුවන්ගේ පමණක් නොව අනෙක් ෆෝසස්වල අය්යියලාගේත් වැඩ කිඩ දන්නේ ජිනීවා එන කෝට් බෝට් දාගත්ත උදවිය නෙමේය. මේ මහ පොළොවේ උපන්න අපමය. ජිනීවාවල පෙන්නන චැන්ල් ෆෝ වීඩියෝ අපේ පරම්පරාවේ උන දකුණේදී ලයිව්ම බලලා තියෙනවාය. අපේම උන්ට කොලේ එහෙම නම්, දෙමලාට කෙලපු කෙලිල්ල ගැන දැන ගන්න චැනල් ෆෝ කාරයන්ට අපේ උන්ම ගානක් අරගෙන දීපූ පිචැර් බලන්නට වුවමනාවක් නැතිය.///

      එහෙම නොකලනම් තෝ අම්මට උකන රස්සාව කරන්න එලියට බහිනා ගොපය්යෝ. බලාපිය ගොන් උත්තිගේ පුතා පුටින් නෙලන නෙලිල්ල එහෙමෙයි යුද්ද කරන්නේ පකෝ

      පැටන් එකපාරක් මෙහෙම කිව්වලු Sure, we all want to go home. We want to get this war over with. But you can't win a war lying down. The quickest way to get it over with is to get the bastards who started it. We want to get the hell over there and clean the goddamn thing up, and then get at those purple-pissing Japs. The quicker they are whipped, the quicker we go home. The shortest way home is through Berlin and Tokyo. So keep moving. And when we get to Berlin, I am personally going to shoot that paper-hanging son-of-a-bitch Hitler. ඉතින් උදව්වට උනුත් එක්ක පුක දෙන්න ගියපු එවුන්ට කෙලින එක යුද අපරාද නෙවි උත්තෝ. එක co lateral damages

      Delete
    2. @ රාජ්
      සම හරක් ගෑණුත් ඉන්නේ මිනිහගෙන් ගුටි පූජාවක් ලැබෙනකන් නින්ද යන්නෙ නෑ...

      @ ඇනෝ
      ස්තුතියි... පෝස්ට් එකේ තියෙන දේ අනුමත කිරීම ගැන...

      Delete
    3. ඇනෝ ගේ කතාව පැරඩියක්දැයි හිතෙන තරමටම ගැලපෙනවා!

      Delete
  2. Replies
    1. yela yela... WU tal lshj, ;snqfka keoao l,ska

      Delete
    2. ඇයි.... ගම් පෙරලිය...

      Delete
    3. දේශකයා ප්‍රසා..... අපේ පැත්තේ හොද ගොඩ වෙදෙක් ඉන්නවා මං අැපොයිමන්ට් පාරක් දාලා දෙන්නද????? ඔය වගේ මොලේ කචල් හැම ඒකක්ම පොර නියමෙට ගොඩ දානවා.....

      Delete
    4. fua rdma ldrhhs" foaYlhhs" fldk fou,hs urq lshjkjd lqrqgq yela yela''

      Delete
    5. @ කුරුටු,
      wfka fua" WU yokafk fjodg;a msiaiq jgagkak o?

      @CJ
      WU, ldra rsjia lrkj jf.a fkfuhs fuaj'

      Delete
  3. මම උවමනාවෙන්ම නොකිය හිටපු කතාවක් ඔබමතු කරලා. උඩුගම්පොල ළිදට දාපු දැරිය, අතුරුගිරියෙ කපා කොටා දැමූ දරුවා, ගාල්ලෙදි මූදට දැමූ දැරිය ගැන නැති භූමිකම්පාවක් සේයාට ආවෙ වෙන මොකක්වත් හින්ද නෙමෙයි සේයා මනස්කාන්ත දැරියක් නිසා. අපට රිදෙන්නෙ රූමතියන් ට කරදර වෙනකොටනෙ. ප්‍රේමවතී මනම්පේරි තවත් මාධ්‍යයට වරක මදුල වෙලා තියෙන්නෙ ඇය රූමතියක් නිසා. කතරගම රූමතිය මැරුව අනෙ අම්මෝ කියනව. ඒ වගෙ ලස්සන නැති කෙල්ලො මැරුවට ගානක් නෑ. කීවත් වගෙ කොටකෙතන මැරුනෙ දෙමළ අම්ම කෙනෙක් නිසා ඒක කොහොමත් අවුලක් නෑනෙ.

    පොලීසියට හුරු පුරුදු ක්‍රමය වධදීම. සාක්ෂි සපයාගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට අපරාධකරුවන් සොයා යාම වෙනුවට ලේසිම ක්‍රමය සැක කවුද කියල අහනව. අහවලා සැකයි කිව්ව හැටියෙ ඌව කුදලගෙන ගිහින් වධ දෙනව. මේවද මේ විමර්ශන කියන්නෙ.

    කොණ්ඩයම මේක කළා කියන්නත් මට නම් බෑ. මොකද පාපොච්චාරන කියන ඒවනම් පොලීසියෙන් වධදෙනකොට ඕනම එකෙක් කියනව. අර සුදුහාවගෙ කතාව වගෙ. සිසුව පාපොච්චාරනය කරනව සතියක් ඇතුලත එල්ලන්න කියල එන් ජී ඕ ගෑනියක් පාරෙ මරහඩ දුන්නෙ. මේක හරිම භයානකයි.

    නීතියේ ආධිපත්‍ය ශක්තිමත් විය යුතුයි. විමර්ශන කියල වධ හිංසා කරන්න දෙන්න බැහැ. මේ සදහා නීතීඥයන් පෙරට එන්න ඕන.විමර්ශන ක්‍රම පිළිබදව පොලිස් නිළධාරෙන් පුහුණු කළ යුතුය. පොලීසිය කියන්නෙ ගහන එක ඇර වෙන කිසිම දෙයක් නොදන්න පිරිසක් විය යුතු නෑ.

    හිටපු පොලිස් නිළධාරියෙක් පසුකලෙක ඇමතිකෙනෙක් වුනා. ඔහු කිව්ව ඔහු පොලීසියෙ ඉන්න කාලෙ උසස් නිළධාරියෙක් ඇහුවලු තමුසෙ පොලිස්කාරයෙක්ද අඩුගානෙ මිනිහෙකුට ගහලවත් තියනවද කියල.බලන්න පොලිස් මානසිකත්වය.

    පොලිස් නිළධාරීන් කරන වැරදි වලට දඩුවම් නොලැබෙන බවයි පේන්න තියෙන්නෙ. මේ සිද්ධියෙදිත් පොලීසිය පොලිස් පාට් එකෙක්න්ම උත්තර දුන්න දැක්කද.

    පසුගිය කාලෙ ආයුධ පෙන්නන්න යනකොට මිනිස්සු සතුටු වුනා. දැන් අපට හිතෙනව ඒ ගෙනිච්චෙත් ඇත්තටම ඒ ඇත්ත අපරාධකාරයොද කියල. ඒ කාලෙ ඩී එන් ඒ කතා මොකුත් නෑනෙ.

    මමනම් කිඅය්න්නෙ පොලීසිය නීතියට ඉහලින් ඉන්න එක වැරදියි කියලයි. ඒ වාගෙම අපරාධ විමර්ශනයට දක්ෂ පොලිස් නිලධාරීන් යෙදවිය යුතුයි. ඉන්න අය කසිප්පු අල්ලන්න දාල වෙනම පිරිසක් බදව ගත්තත් කමක් නෑ.

    ඒ වාගෙම පොලිස් පහරදීම් වලදී සකකරුවන් නිරුවත් කිරීම හා එම නිරුවත් ඡායාරූප ගැනීම අවශ්‍යද. ඒවට ප්‍රතිපාදන තියනවද

    ReplyDelete
    Replies
    1. රූමත්බව/ලස්සන නෙවේ හේතුව. අපරාධයේ ස්වභාවය, කුතුහලය වගේ දේවල්. දැරියගේ පැහැරගැනීම පුවතක් වූ පසුව ඉන් එහාට තියන කුතුහලය නිසා තමයි ප්‍රවෘත්ති වලට අලුත් නිව්ස් එකක් දැමීම කියන තරගයට මාධ්‍ය කරුවන් මැදිහත් වෙන්නෙ.
      සිද්ධිය ගැන ප්‍රවෘත්ති වලින් මම බලන වෙලාවෙ ආපු කෙනෙක් කියනව "අහවල් චැනල් එකේ නං කපන්නෙත් නැතුව යනව" කියල. මේවට අපි සමාජයක් විදියට වගකිව යුතුයි.

      Delete
    2. රාජ් +++++++++++++++++++

      Delete
    3. ඒත් ඒ කාලේ සිදුවුන මතුගම සමන් කුමාරගේ සිදුවීමත් ඒ කාලේ රටපුරාම මිනිස්සුන්ගේ හද කමිපා කලානේ මචං.ඒ වගේම මුහුදු වෙරලට ගහගෙන ආවා පුංචි පිරිමි දරැව ගැනත් මෙ රටෙ අපි පවා කමිපා වුනානේ.මම ළමා නිවාස වල දැකලා තියනවා අපයෝජනය වුන රෑමත් දරැවෝ.නමුත් ඒ අය ගැන කවුරැවත් කමිපා වෙන්නේ නැ.ඒ අය ගැන කවුරැවත්ම දන්නේ නැ.එහෙම දේකුත් තියනවා අපි ඒ පැත්තෙන් බැලුවොත්.එහෙනමි මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ.

      සේයාගේ රෑමත් පොටෝ එක තමන්ගේ නිවුස් එක හොටිම නිවුස් එකක් බවට පත්කරගන්න මාධ්‍යමගින් උපක්‍රමයක් විදියට භාවිතා කලා.අනිත් සියලු පුවත් වලට වඩා සේයාගේ සිදුවීම ඉස්මතු කලා.මිනිස්සුන්ට දවස පුරා මෙක ඇඅහෙන්න පෙනෙන්න උනා.අන්තිමට අර යුද්ධකාලේ ඊලගට මොකද වෙන්නේ කියලා කුතුහලයෙන් බලාගෙන ඉන්නවා වගේ මෙ ගැනත් බලාගෙන හිටියා.නැත්නමි සේයාට වඩා දරැනු විදියට කැගල්ලේ අවුරැදු 4 ක පිරිමි දරැවෙක් දූෂනය කරලා මරලා තිබුනා දැනට අවුරැදු තුනකට විතර කලින්.මම ඒ මල ගෙදර ගියා.යන්න බැරි තරමි සෙනග පාරෙත් එක්ක පිරිලා හිටියා.නමුත් ඒ දරැවගේ සිද්ධිය මාධ්‍යට හොටි නිවුස් එකක් උනේ නැ.නමුත් සේයාට වඩා කුරිරැ විදියට මරලා දාලා තිබබෙ.ගුද මාර්ගයෙනන් බඩවැල් එලියට ඇවිත් තිබුනා.ඒ පැත්තේ මිනිස්සු ඒ දවස් ටිකේම ඒ ගැන කමිපාවෙන් හිටියා.ඇත්තෙන්ම මිනිස්සු භේදයක් නැතිව කමිපා වෙනවා.මගේ මුල්ගමි පළාත් නුවරඑළියේ කොත්මලේ.අපේ ගමිවල සිංහල දෙමළ මිනිස්සු එකට ජීවත් වෙන්නේ.භේදයක් නැ.රමිබොඩ නාය ගිය වෙලාවෙ මල්ලි මට කතා කරලා කිවෙ අනේ පොඩි උන් පස් දෙනෙක් මැරිලා කියලා.ඒ පස් දෙනාම දෙමළ කොල්ලෝ.නමුත් සිංහල අයත් තමන්ගේ දරැවෙක් මැරැණා වගේ හැගීමෙන් ශෝකයෙන් ඉන්නේ අදටත් ඒ පැත්තේ.ඒක මාධ්‍යට නිවුස් එකක් වුනේ නැ නේද ඒ වුනාට.

      එහෙනමි මචං මිනිස්සුන්ට දැනේනේ නැති එකද තියෙන්නේ.නැත්නමි මෙ ජඩ මාධ්‍ය භාවිතයේ වරදක්ද තියෙන්නේ.මෙ භේදය මතු කරන්නේ මාධය හරහා.අරාබියේ හිස ගහලා දැමිම රිෂානගේ අවුරැදු 25 පොටෝ එකයි පුංචි කාලේ පොටෝ එකයි උඹලා දැකලා ඇති.පත්තර වල ගියේ පංචි කාලේ පොටෝ එක.ඒ පොටෝ එකෙන් තමයි නිවුස් හොටි කරගත්තේ.ඉන් පස්සේ ඒ සිදුවීම මුල්කරගෙන මාධ්‍ය මගින් ප්‍රචාරණය කරන දේ තමයි අපිට වැඩි පුරම ඉස්මතු වෙලා පෙනෙන්නේ.ඒකෙන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ මනසත් මාධ්‍ය ප්‍රචාරණයට අනුව හැඩගැහෙන එක.දැන් මිනිස්සු අඩන්නේ තමන්ට දැනෙන දුකට ශෝකයට නෙවෙයි.මාධ්‍ය තමන් හඩවන ශෝක කරවන හින්දා.අසල්වැසියන්ගේ පවුල් ජීවිත කඩාගෙන වැටෙනකොට දනෙන්නේ නැති සංවෙදි බවක්,දුකක් රිතික්රොෂන්ගේ පවුල් ජීවිතේ කඩාගෙන වැටෙන කොට දැනෙන්නේ ඒ හින්දනේ.අල්ලපු ගෙදර පුංචි එකා බඩගින්නේ අඩනකොට අනේ පොඩි එකා කියලවත් හිතෙන්නේ නැති උදවිය මෙගාටෙලි බලලා හූල්ල හූල්ල අඩන්නේ එකනේ.ආයෙත් තව මොනව කියන්නද මචං.මෙ ඇති.මෙක මගේ බිලොග් එකේ පෝස්ටි එකකටත් දාන්න පුලුවන් තරමි දිගයි වගේ.අන්තිමට කියන්න තියෙන්නේ දැන් මිනිස්සුන්ව පාලනය කරන්නේ මාධ්‍යට ඔන විදියට කියන එකයි.

      Delete
    4. රාජ් @ +++++++++++++++++++++++++++++++++++++++++


      මනෝ @ කෑගල්ලෙ සිද්ධිය මටත් මතකයි. ඒක කළේ සෙබලෙක්. හමුදාවෙන් පැනගිය එකෙක්ද මන්ද .බොහොම පොඩි නිව්ස් එකක් විදියට ගියෙ.

      ලුණුවිල පැත්තෙ ගාමන්ට් කෙල්ලෙක්වත් දූෂනය කරල මරපු සිද්ධියක් වුනා. ඒ කෙල්ල ලස්සන නෑ.දෙමවුපියො ත් නෑ .හරිම දුක හිතෙන කතාවක්. දූෂනය කරල රත්තරන් බඩුත් පැහරගෙන තිරිසන් විදියට මරල තිබ්බෙ. ලස්සන නැති නිසා ජනමාදිලියන්ට වැඩක් නෑ. ඒ නිසා නිරුවත් පොටෝ ලැබුනත් සාමාන්‍ය පොටෝ එකත් එක්ක එකට දාන්න හිට් වෙන්නෙ නෑ.

      පත්තරේ @කාගෙ අදහස් එකද එකඟ බන්

      Delete
    5. ඔතන හේතූ කීපයක් එකට එකතු වෙනවා...

      මුලින්ම තමන්ගේ පංතියේ එකෙක් වෙන්න ඕන..
      ගේම දුන්න එකා හොයා ගන්න බැරි වෙන්න ඕන..
      ගේම දුන්න උන් සොෆ්ට් ටාගට් වෙන්න ඕන.. (බලවත් එකෙක් නම් නෝ කතා නෝ සිනා... ලයික් තාජුඩින් කේස්)
      පත්තරේ මුල් පිටුවේ නිව්ස් එකේ දාන්න ටැලිවිසොන් එකේ මුල් පුවතේ දාන්න පුළුවන් පොටෝ තියෙන්න ඕන (මතකද අර රතුපස්වල වෙඩි වැදුන කොල්ලගෙ අම්මා.)
      නිකං මරලා මදි, රේප් වෙලා තියෙන්න ඕන.. අති දරුණු ගේමක් වෙන්න ඕන..
      කොළඹට ළඟ වෙන්න ඕන..
      ඕන් ඔය වගේ ගොඩාක් සාධක එකතු වෙනවා..

      Delete
    6. මේ මාධ්‍ය නාඩගම නවත්තන්න ඔ්නේ..... මේවාට විරුද්ධ වීමයි මේ වෙලාවේ කරන්න ඔ්නේ..... පොලෝසිය හැමදාම පිච්චු කෙලියා තමා.... හෙටත් අාය අමුතු දෙයක් කරන්නෑ.... පිච්චුම තමා කෙලින්නේ ..... ඒත් ඒ පිච්චු වලට මහා ප්‍රචාරයක් දෙන මාධ්‍ය නාඩගම පාලනය කරන්න වෙනවා..... අපරාද රහ කර කර විකුණන මාධ්‍ය නැත්තං අර දරුවාට මේ අපරාධය වෙන්නෑ......

      Delete
    7. පිච්චු කෙලින්නේ පොලීසිය නොව ජඩමාද්‍යයයි......! කොහොමද tv වර්ජනයක් පටන් ගත්තොත්...?

      Delete
    8. මචං chef

      අපි එහෙම වර්ජනය කළාම මුන් ඒකත් හොද නිවුස් එකක් කරලා ප්‍රචාරණයක් දෙයි බං.

      Delete
  4. මෙහෙමත් දෙයක් තියෙනවා... පොලිස් කියලා දකින කොට තමයි මතක් උනේ. වැඩිය පොස්ට් එකට අදාල නම් නැ... ඒ ගැන මම පොස්ට් එකක් දාන්න ත් හිටියේ... මෙතනම දාලා දාන්නම්...
    ඒ තමයි මාධ්‍යය වල හැසිරීම... මට තියෙන ප්‍රශ්නය තමයි,
    ඇයි ඒ අය පොලිස් අයගේ නම් එහෙම හංගන්නේ කියන එක.
    උදාහරණයක් විදිහට වෙළේ සුදා ගේ ආධාරකාරයෙක් වෙච්ච හිටපු පොලිස්පති ගේ නම කියන්නේ නෑ.(මේක පොලිස් විතරක් නෙමෙයි ප්‍රභූ කියලම වෙන්න ඕනේ) ඒත් සාමාන්‍ය අයගේ නම් ගම් විතරක් නෙමෙයි පරම්පරාවල් පවා එළි කරනවා... මොකක්ක් ද මේකට හේතුව???

    EMINEM කියන්නෙ මගෙත් ප්‍රියතම ගායකයා... (EMINEM කියන නමේ තේරුම දන්නවා ඇතිනේ...???)

    ReplyDelete
  5. පොලිසියට පොලිසියක් ඕන කාලෙ

    ReplyDelete
    Replies
    1. ජීනීවා යෝජනා වලට ඇතුලත් කළ යුතුම දෙයක්...

      Delete
    2. නෑ බං තියෙන පොලෝසිය අයින් කරලා දැම්මත් අැති..

      Delete
  6. අද මාධ්‍ය කලාවත් කුණුවෙන්න යන මාලු විකුණන එකත් දෙකම එකයි. නිව්ස් එක තරඟෙට විකුනන්න බලනවා මිසක් සදාචාරයක් ජම්මයක් මුන්ට නෑ. ඒවුනාට මුන් පෙනීසිටින්නේ මහා ප්‍රඥයන් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. ඒවයෙ ඉන්නේ ගොබ්බ හරක්..

      Delete
  7. අද මාධ්‍ය කලාවත් කුණුවෙන්න යන මාලු විකුණන එකත් දෙකම එකයි. නිව්ස් එක තරඟෙට විකුනන්න බලනවා මිසක් සදාචාරයක් ජම්මයක් මුන්ට නෑ. ඒවුනාට මුන් පෙනීසිටින්නේ මහා ප්‍රඥයන් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. කමිමලයගේ නිවුන් සහොදරයෙක්වත්ද මචෝ.කොමන්ටු ඩබල් දාලා තියෙන්නේ.

      Delete
    2. බලපන් මනෝ උඹලට දෙපාරක් කියන්න වෙන එක අරුමයක්ද , 'කමිමල' නෙමේ 'කම්මල'...කියපං ආයේ 'කම්මල '.

      Delete
    3. මාත් ආසයි බං දෙකක් දාන්න.
      (කොමෙන්ට් නෙමෙයි බොල, අර බෝතල්වල තියෙන ඒව)

      Delete
    4. ප්‍රසන්න අයියෙ.අන්න එහෙම වැදගත් දෙයක්න්කතා කරමුකො බං :D

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. 'කමිමල' කියලා ලියවෙන්නේ අකුරැ හල් වෙන්නේ නැ ටයිප් කරනකොට.උඹෙ ලැප් එකේ වගේ මගේ PC එකේ අවුලක්.

      Delete
  8. පොලිසියේ අයව පුනරැත්තාපනය කරන්න ඔීන අපරාධකාරයෝ පුනරැත්තාපනය කරන්න කලින්.ඒ වගේම පොලිසියේ අයටත් සිවිල් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඔීන.

    අපි එහෙම කිවිවට මෙ පොස්ටි එකයි කොමන්ටු දාපු අපිවයි දැක්කොත් හෙට අපිව ගෙනියලා ආයුධ පෙන්නන් කියලා වැඩෙ දෙන සත්ගුණවත් මහතුවරැ ටිකක් පොලිසි වල ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා... වෙන්නේ ඒ වගේ දේවල් තමයි... එකෙන්ම...

      Delete
  9. මම නම් ලංකාවේ නිවුස් බලන්නේ නෑ, පත්තර කියවන්නේ නැහැ. හෙඩ්ලයින්ස් බලලා නිකං ඉන්නවා. මොකද මුන් කරන්නේ වාර්තාකරණය නෙවෙයි, කතන්දර කීම. ඒකත් මාකට් එක අනුව. බලපං නිවුස් පටන්ගන්න කොට දාන ස්ලෝගන්ග සත්‍ය ප්‍රථමයෙන්, ජාත්‍යයන්තර ප්‍රමිතියේ වාර්තාකරණය, ඇත්ත දැනගන්න. එතකොට උන් ඇර අනිත් උන් කියන්නේ බොරුද?

    අනිත් එක මුන් නිවුස් එකක් දාන්නේ ඒකට තියෙන මාකට් එක බලලා. සේයාගේ කතාව මාකට් වුනේ ඒ දරුවව දූෂණය කරපු නිසා. මිනිස්සු කැමතියි කුණු රසයට. කෙල්ලගේ ලස්සන ෆොටෝ් එකක් දාලා, දූෂණය වුනා කිව්ව. තව විස්තර බලාපොරොත්තු වෙන්න කිව්වා. මිනිස්සු කට ඇරගෙන බලාගෙන හිටියා දූෂකයා කව්ද කියල දැනගන්න. ඇති වැඩකට නෙවෙයි පොඩි ආතල් එකකට. අම්මට හුඩු, පොලිසියෙන් කොල්ලෙකුත් අල්ලගත්ත සැකයි කියලා, වැඩේ නැගල ගියා උගේ ලැප් එකේ වැල තිබුනා. මුන් මීට කලින් කවදාවත් වැල තියෙන ලැප් එකක් තියෙන කොල්ලෙක් දැකල නෑනේ. දැම්මා නිවුස් එක ගෙඩි පිටින්. වැඩේ කියන්නේ අන්තිමට සාක්ෂ නැතුව ගියා. අල්ලගත්තා කොන්ඩයව, මේ මගුල් මීඩියා දිව්වා ඌ පස්සේ..... අර අහිංසක කොල්ල අමතකයි. අනිත්මට කොන්ඩයත් වැමෑරුවා කිව්වට පොලිසියට ෂුවර් නෑ වගේ. උන් සද්දේ වැහුවා. දැන් මීඩියා වලට වැලේ වැල් නැහැ. වෙලාව කියන්නේ පොලිසියෙන් අර කොල්ලා එලියට දැම්මා. ඌ එලියට ඇවිල්ලා ගියා ඉස්පිරිතාලෙට, ආයෙත් මුන් අර මගුල් කැමරා අටවගෙන ගියා කොල්ල පස්සේ. කිසිම හිරිකිතයක් නැතුව අම්ම වුනත් වේසකමට දෙන්න පුළුවන් වගේ මුන් දැම්මා ගෙඩි පිටින් කොල්ලගේ මූණ ටීවි එකේ....

    බලපං මේ සිද්ධි පෙල ගැහුණ විදිහ. මටනම් අප්පිරියයි මේ මීඩියා....

    දැන් අර අතපය කපල මරපු පොඩ්ඩගේ නිව්ස් එක මුන්ට හිට් නොවුනේ ඇයි. එතන කුණු රසය නෑනේ බං. කොල්ලව මරල දැම්ම, මැරුවේ කව්ද කියල මාට්ටු වුනා. ඌව දූෂණය කරලත් නැහැ. නිවුස් එක ඉවරයිනේ.... මිනිස්සුන්ටත් ඒක අමතක වුනේ, ඉදිරියට බලාපොරෝත්තු වන්න නවතම තතු කියන්න ඉතුරු වෙලා නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මමත් බලන්නෙම නෑ... ඔය කොහේ හරි දැක්කොත් මිසක්.. පත්තරේකට කියවන්නේ රාවය ඉතරයි... පොත් පත් බලන්නෙත් නෑ... ඊට හොඳා ජැපනීස් ඩ්‍රාමා පෝන් මූවී එකක් බලන එක...

      Delete
  10. ප්‍රවීන මාධ්‍යවේදී සීන් කොන්October 2, 2015 at 3:17 AM

    ‍කොළඹ, ගම්පහ, කළුතර සීන් ලොකු සීන්ය.
    පුත්තලම,රත්නපුර,මුලතිව් සීන් පොඩී සීන්ය.
    රෝයල්,ආනන්ද ,CIS සීන් කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් සීන්ය.
    හුංගම,බුත්ගම,කැකීරාව සීන් එම පාසැලේම සීන්ය.
    කළු අයගේ සීන් මාර්කට් නැති සීන්ය.
    සුදු අයගේ සීන් නැගල යන සීන්ය.
    වයසක සීන් වැඩක් නැති සීන්ය.
    තරුන සීන් මරු සීන්ය.
    මිනිමැරුම් සීන් කොමන් සීන්ය.
    රේප් සීන් අම්මට XXX සීන්ය.


    සීන් වවාගෙන කන මාධ්‍යවේදී හිඟන්නන්ට හෙණම ගහපිය.හෙණම ගහල අකුලලා පලයන්!!!!

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එකක්... බය නැතිව කවි ලියහන්..

      Delete
    2. ඔතනයි අවුල තියෙන්නේ..... මාධ්‍ය තමයි තෝරන්නේ මොකක්ද මාකට් කරලා ඒදා වේල හම්බකරගන්නේ කියලා..... ඔය මාධ්‍ය ම තමයි ඩයනාගේ මරණේ උඩ පැන පැන මාකට් කරලා ඒ ළගම මැරුණ තෙරේසා මව්තුමිය මැරුණද නැද්ද කියලා සද්ද නැතුව හිටියේ..... යකෝ කතා කළ යුතු දේ ජනතාවයි තේරිය යුත්තේ.... ඒත් මේ කරන කතාව නෙමෙයි.... සමාජය දැනුම්වත් කරන තාර්කික කතිකාවතක මුල....... ඒක මාධ්‍ය වල මාකට් කිරීමට අනුව තේරිය යුතු දෙයක් නෙමෙයි...... මේකයි නැවැත්විය යුත්තේ...

      Delete
    3. නිදහස් මාධ්‍ය සුරකින අයියා කෙනෙක්October 2, 2015 at 9:02 AM

      අපිට දන්නවා නිවුස්(ගොසිප්) වලින් උඹලගේ පොයින්ට් එක ටියුන් කරන්න.
      ඊට පස්සේ තොපි කල්මරාගෙන ඇඩ් සාගරයක ටීවී නිවුස් බලන බව අපිට ෂුවර්.
      එතකොට අපේ වෙබ් වලටත් ඇඩ්ස් ගලනවා.
      අපේ සිංහල පත්තර කඩමලුත් විකුනාගත්තැකි.
      (හැබැයි අපි අපේ ඉංග්‍රිසි පත්තර කඩමලූ ඉස්ටැන්ඩඩ් දුවවන්න පුල් ට්‍රයි කොරනවා )

      ඉතින් මේකට තමයි යකෝ ෆ්‍රී මීඩියා කියල සිංහලෙන් කියන්නේ....

      අපිට හෙණ ගහන් නෑ, එහෙනං බ්ලුමැන්ඩල් කුණු කන්දටත් හෙණ ගහන්න එපායැ..

      Delete

  11. මේ ගොසිප් ලංකා එකේ තිබුන කොමෙන්ට් එකක්. මේක කියවල මං මහත් වේදනාවට පත් වුනා. අවුරුදු 12 ක ළමයෙකුට මෙහෙම වධ දෙන මේ පොලිස්කාරයො කොයි ලෝකෙන් පාත් වුනාද
    මේ ළමයටත් අම්මල තාත්තල ඉන්නව ඇති සහෝදර සහෝදරියො ඇති. දුප්පත් දෙමවුපියො දත්මිටිකාල කරගන්න දෙයක් නැතිව ඉන්නව ඇති. පොඩි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් මේක දැකල පොලීසිය කියන වචනෙටත් වෙව්ලන්න ගනීවි.

    වැහි නැති හෙනවත් මුන්ට පාත්වෙන්නෙ නැති හැටි.

    නැගෙනහිර පළාතෙ පොලිස්කාරයො 600 ක් කොටි මැරුව එක අහල මට කිසි දුකක් දැනුනෙ නෑ. වෙලාවකට කාලකන්නි සතුටකුත් ආව.

    http://www.gossiplankanews.com/2015/10/seya-sandewmis-murder-updates-17.html#more

    channa · 1 hour ago
    මං දවසක් වැඩක ප්‍රස්නෙකට පොලීසියට ගියා පැමිනිල්ලක් නිසා . මං දැක්කා පොඩි ලමයෙක් පොලිස් කාරයෙක්ගේ මේසේ යට උගේ සපත්තු දෙකට ඒ ලමයගේ අත් දෙක යට කරල උෟ තදකරන් කරකවනවා පොඞිඞා මර ලතෝනි දෙනවා ගත්තේ නෑ සර් මං ගත්තෙ නෑ කියලා අවුරැදු දොලහක විතර පොඩිලෙක්. අසල අක්කෙ උන්නා එයාගෙ සෙල් එක ගත්ත කියල තමා ,මේ සේරම.පොඩිඩා නෑම කියනවා,ඒ සෑම වාරයක් පාසාම පොලිස් ලොක්කා ඇට ගෑලවෙන්න අබරබ ගමන් අත් දෙක පතුරැ තැවිචා .පස්සේ පැමිනිලි කාරියම මැදිහත් වෙලා .කොල්ලව බේරන් ගියා අඞ අඞා....... ඔන්න අපේ පොලෝසිය

    ReplyDelete
    Replies
    1. මම ඉස්කෝලේ යන කාළේ කල කුප්ප වැඩකට නෙලපු නෙලිල්ල ඇති පොලීසිය ගැන දැන ගන්න.. වෙලාවට යාළුවෙකුගේ තාත්තා කෙනෙක් බිග් ෂොට් එකක් උනේ.. නැත්නම් එළොව...

      Delete
  12. අම්මට සිරි ලංකාවේ අපිත් ඉපදුනා නේ හැබෑට ! කවදත් රැප් ගී අහන්න අකමැති මාත් මාතලන් කිව්ව නිසාම ඇහුවා. ඒ රැප් ගීය කරපු අයට වෙනම උපහාරයක් පුද කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්... දෙරණ මියුසිකල් එවෝර්ඩ් දෙන්න ඕන මේ වගේ උන්ට...

      Delete
    2. දෙරණත් කරන්නේ විකාර මාතා... ළගදි අර පන්තිගිය ළමයෙක් කියපු ගීතයක් කියලා ඒකක් ලෝකය සහ ලෝකයෝ ඒකේ දාලා අැණ ගත්තා සනීප වෙන්නම.......

      Delete
    3. අම්මපා ඇත්ත... නෑ.....වෙන එවොර්ඩ් සෙරමිනියක් නැති නිසා කිව්වේ...

      Delete
  13. වැඩක් නෑ මාතෙ ලේ කෝප වෙනවා විතරයි. අපි කොච්චර ඔය ගැන කතා කලත් ඕවා තෙරෙන්නෙ නෑ උවමනා උන්ට. ඕවා තේරෙන උන් ඔය වගෙ දේවල් කරන්නෙ නෑ. කරන උන්ට ඕවා තේරෙන්නෙත් නෑ. බීරි අලින්ට අලි වෙඩි දානවා වගේ තමා.

    ReplyDelete
    Replies
    1. කවදාවත් මේ රට හැදෙන්නේ නැද්ද අප්පා...

      Delete
  14. ජන මාධ්‍ය වල හැසිරීමනම් අන්තිමයි. මෙතන මාධ්‍ය හැසිරෙන්නේ ඔබ කියන ආකාරයටම මළ මිනී කන්නන්ගේ විලාසයට. මාධ්‍ය වලට ඕනේ මොනව හරි කුණු ගොඩක් බෙදල ජනප්‍රිය වෙන්න. වගකීමක් කියල දෙයක් ගැන මේ අය හිතන්නේ නෑ. කොටදෙනියාවෙදි වෙච්ච සිද්ධියට කී දෙනෙකුට පාරේ බැහැල යන්න බැරි වෙන තත්වෙට මාධ්‍ය වලින් මඩ ගැහුවද? මේවත් හෙන ගහන අපරාධ. පොලීසියට කවදත් හුරු මොකෙකුට හරි ගුටි පූජාවක් දීල බොරු සටහන් පාපෝච්චාරන කරවගෙන. මේ හෙන ගහන වැඩේට මුන්ටත් දඬුවමක් තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. යුද්ද කාලෙ මිනී ඇති පදන් තිබුනනෙ. යුද්දෙ ඉවරවුනාට පස්සෙ මාධ්‍ය කාරයො මිනී හොයාගෙන ගම් වදින්න ගත්ත. කෙළබේරෙන මාධ්‍යවේදියො රංචු රංචු මිනී හොය හොයා යන දසුන හරිම අප්පිරියයි.

      හැබැයි මේ උඩුවල වගෙ සැබෑ මාධ්‍යවේදීන්ට මුන් නිසා වෙන හානිය ගැනයි දුක. අපි අරුන්ට බනින්නෙ මාධ්‍යවේදියො කියලනෙ. රාවය වගෙ පත්තරවල නියම මාධ්‍යවේදියො ඉන්නව. ඔවුන් එඩිතරව ගවේශනශීලීව තම යුතුකම කරනව.ඔවුන් විද්වතුන්.

      මේ නිසා මින් ඉදිරියට ජඩවැඩකරන මීඩියා අයට මාධ්‍යවේදියො නොකියා මම උන්ට ජනමාදිලියො කියල හදුන්වනව. ජනතාවට මාදිලි නිර්මානය කරන්නන් කියා නිර්වචනය කරන්නත් පුළුවන්.

      සැබෑ භික්ෂූන් වහන්සේලාට අපහාස වන නිසා ජඩ චීවර රාලලාට ගරු නම්බු ඇතිව ගනරාල කියනව වගෙ .ගනරාල කියන්නෙ සමූහයට ප්‍රධානියා කියන එක.

      මාධ්‍යවේදීන්ට විනයක් තියනව; ජනමාදිලියන්ට විනයක් නෑ. උන් ප්‍රථම පුවතට මිනියක් හොය හොය රංචු පිටින් ගම් වදිනව.

      Delete
    2. මානව හිමිකම් කොමිසම පැමිණිල්ලක් එනකන් බලාගෙන ඉන්නවා... අම්මගෙ රෙද්ද...

      Delete
    3. මානව හිමිකම් එවුනුත් හොර ගල් අහුලනව අනෙක් පැත්තෙන් මේ අසාධාරනයට ලක්වෙන උදවිය ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය පියවර ගැන හිතන්නේ නැතුව මාධ්‍ය ඉස්සරහ කඳුළු සලනව. මෙතන බුද්ධිමත්ව කරන්න තියෙන හොඳම දේ පොලීසියේ ක්‍රියාකලාපයට එරෙහිව ගන්න පුළුවන් නීතිමය පියවර ඒ සාධාරණයට ලක් උන කීපදෙනාම එකතු වෙලා හොයල බලන එක.

      Delete
  15. පොලිසියත් එකයි මාධ්‍යයත් එකයි ඔක්කොම එකයි....... එව්වා ගැන කොච්චර කතා කෙරුවත් අන්තිමෙටත් ඔච්චරම තමයි.......... ඒකයි අවුල........ විසදුමක් නෑ.......... විසදුමක් දෙන්න පුලුවන් එවුන්ට උවමනාවක් නෑ.......... මොකද ඔය අසාධාරණකං එහෙම උන්ට බලපාන්නෙ නැති හින්දා......... ඉතිං හැමදාම ඔච්චරම තමයි............

    ReplyDelete
    Replies
    1. පොලීසියෙම උන් කියන විදියට උන් විඳවලා මැරෙන්නේ ඕකයි...

      Delete
    2. සල්ගාදුOctober 3, 2015 at 2:16 AM

      “ධම්මො භවේ රක්ඛති ධම්ම චාරී”

      Delete
  16. Replies
    1. නේවි එක ශෝක්නේ.....!

      Delete
    2. පොලෝසිය නොදකින් කිව්වට, උබ හිටපු නෙවි එකේ එවුනුත් පොඩිලමයි උස්සගෙන ගිහිල්ල මරල දැම්ම නේද ? බලය අයුතුවිදියට පාවිච්චි කරල දුප්පත් එවුන්ව මරලදපු බාගෙට මරපු හැම එකාම නොදකින් කියපන් මිනිහෙක් නම් උබ.

      Delete
    3. නේවි එක ශෝක්නේ.....! අනිවා ෂෙෆාකි :) මෙන්න සාක්කි.. http://kalahitha.blogspot.com/2015/04/yes-sir-yes-sir-three-bag-full.html

      මිස්ටර් ඇනෝ.. මං මිනිහෙක් නෙවේ බං.. :)

      Delete
    4. මිස්ටර් ක.මි. ඔවු උබ හරි. මමත් හිතන්නේ උබ මිනිහෙක් නෙවෙයි. හයිය තියෙන කාලේ බැටළුවෝ මරල, දත් හැලිලා පැන්ෂන් ගියාට පස්සේ බලුවෙන එක වහගන්න බැටළු හමක් පොරෝ ගතිපු වෘකයෙක්.

      Delete
    5. AnonymousOctober 4, 2015 at 6:15 PM

      හි හි.. ස්තුතියි මචෝ මට මාව කවුද කියල හඳුන්වල දුන්නට ..

      Delete
    6. බලපන්..ඇනෝ කියනකන් අපිට කමියාව අදුරගන්න බැරිවුනා..
      ටැංකියු ..

      Delete
    7. @KM

      http://www.killology.com/sheep_dog.htm

      Delete
    8. පොලෝසිය නෙමෙයි මචෝ...

      රටම නොදෝමකින්...

      Delete
  17. ඉස්සර නම් අපි මාතෘකා හදන්න පොලෝසියට අමතර ව තවත් කට්ටිය හිටියා..... අාචාර්ය අැමතිතුමා, අර කේන්දර බලන පොරවල්, ගිවිසුම් ගහන අපේ රාජ්‍ය අායතන වල ලොක්කෝ.... දැන් ඒයාලා නිවාඩු ගිහිල්ලා හින්දා පොලෝසිය ඒ අැරියස් ඒකටත් ඒක්කම අාතල් දෙනවා වගේ නේද??????

    ReplyDelete
    Replies
    1. රටේ ප්‍රශ්ණ අමතක කොරන්න පොලෝසියෙන්ම දෙන ආතල්ද මන්දා....

      Delete
  18. මේ වෙලා තියෙන දේවල් වල හැටියටනම් මචෝ කොණ්ඩයත් මේ වැඩේට ඇත්තම වැරදිකාරයද කියල සැකයි. ආරංචියේ හැටියට අර පොඩි කොල්ලටයි දෙදරු පියාටයි දෙන්නටම පොලීසිය නිරුවත් කරල පහරදීල තියෙනව වරද බාරගන්න කියල බල කරන ගමන්. කවුද දන්නේ කොණ්ඩයටත් මේ ටිකම වෙලා උට ටිකට් එක ඇදුනද කියල

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නේ ඒකම නේන්නම්... කොන්ඩයා මරාගෙන කන්න හැදුවට.., එකෙක්වත් ඇහුවේ නෑ නේ, කොන්ඩයගෙ ඇහැට උඩින් තුවාල වෙලා තියෙන්නේ කොහොමද කියලා...

      Delete
  19. අපේ තාත්තා මම පොඩිකාලේ එක උද්ගෝෂනයකට හවුල් වෙච්ච වෙලාවෙ දැකලා, හැන්දෑවේ ගෙදර ඇවිත් මගේ පස්සට බූට් එකෙන් දුන්නා පාරක් දොර රෙද්දත් ගලෝගෙන ඇඳ උඩට විසි වෙන්න....ගගන ගමන් කිව්වෙ මොකක්ද දන්නවද...?..." තොට කන්න දෙන තාත්තා පොලිස් බල්ලා නේද යකෝ.." කියල හිටං....
    කොන්ඩයගේ කේස් එකගැන නම් මට හිතෙන්නේ ඌ ලිංගික ආස්වාදයක් ගන්නවා ඌය ඒ ජරා වැඩේ කලේ කියලා....

    ReplyDelete
    Replies
    1. මාතේ ඔන්න ඔය හෙඩිම හදාං බං....manifest කිව්වාම ඇති වගේ...ly මොකොටෙයි....

      Delete
    2. කොන්ඩයා විතරක් නෙමෙයි පඩත්තල ජඩමාද්දියවේදියොත් පට්ට ආශ්වාදයක් ගන්නේ...

      අර ඇල් වයි කෑල්ල නැත්නම් ඒ ඉන්ගිලිසි වචනේ හින්ගල ගතියක් එන්නේ නෑ නේද ලොක්කෝ...

      Delete
  20. /මාතලන්ද හොඳ සංග්‍රහයක් ලබලා තියෙනා නිසාවෙන්මය/
    දිවි ඇතිතෙක් අමතක නොවන රසයක්..!
    :D

    ReplyDelete
    Replies
    1. ඔහෙත් කෑවයි..මටනං ගෙදෙද්දිම හම්බුනා.....

      Delete
    2. ජීවීතේටම ඇතිවෙන්න කෑවා... මරදාන පොලෝසියෙන්..

      Delete
  21. ඇයි මාධ්යට බනින්නෙ,උන් දෙන්නෙ ඉල්ලන දේ නෙ.දැන් තියෙන ටෙලි නාට්ය, චිත්‍රපටි,සින්දු මේ හැම දෙයක්ම විනාස වෙලාතියෙන්නෙ ඉල්ලන දේවල් දිපු හන්දනෙ.හදන්න ඕන මාද්ය නෙමේ,මිනිස්සුන්ගෙ ඔලුගෙඩි.එතනයි වැරැද්ද තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් තරමක් දුරට එකඟයි. හැබැයි ඉස්සෙල්ලම මුට්ටිය දාලා බලන්නෙ මාධ්‍යයන්.

      Delete
    2. හොඳට තිබුන ඔලු ගෙඩි කෑවේ කව්ද....?

      Delete
  22. රත්න දීප ජන්ම භූමි
    ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ
    මාතෘ භූමියයි
    මාතෘ භූමියයි

    ReplyDelete
    Replies
    1. සාර වූ උදාර වූ ලංක පොලිසියයි
      පොඩි උන් දුටු තැන ඉල්පෙන
      ලොකු උන් ලඟ දෙකට නැවෙන
      උදාර වූ ලංක පොලිසියයි

      Delete
    2. නිකන්ද මාතලන් ඕකට අම්මට සිරි ලන්කාවෙයි කියන්නේ...

      Delete
  23. ඒ කොල්ලට වුණු අසාධාරණේටනම් මෙහෙම ලිපි ලක්ෂයක් ලිව්වත් මදි බං. මළකඳං විකුණන කාලකන්නි.
    (උඹ මේල් බැලුවද?)

    ReplyDelete
    Replies
    1. කතා කොරලා වැඩක් නෑ මචෝ....

      Delete
  24. කැම්පස් වල පිකට් කරල අල්ලන් යන එවුන්ටත් ඔහොම ගහනවද බන්?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ...ඉදල හිටල අතුරුදහන් කරනව විතරයි.......

      Delete
    2. ඉස්සර පාර පුරා පුච්චලා දාලත් තිබුනේ...

      Delete
  25. දවසක් මම පාර අයිනේ හිටගෙන ඉන්නකොට නිල් පාට වැන් එකක් නවත්තලා ටි ෂර්ට් එකක් ඇදන් හිටපු එකෙක් මට
    “ඔයි..මෙහේ එනවා ...තමුසේ මොකද ඔතන කරන්නෙ?
    “මටද?...
    “තමුසේට තමයි...
    “ඇයි අහන්නෙ?
    “අපි පොලිසියෙන්
    “කවුද දන්නේ?..මම ගෙදර යන්න ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. පෙර පින් කරලා ඇති... නැත්නම් ඕකම ඇති අම්බානක සංග්‍රහයක් භුක්ති විඳින්න..

      Delete
  26. උඹ ගෝත්‍රිකයි කියල බැන්නට ඔය මහ ලොකු දියුණුයි කියන රටවල පොලීසිය මිනිස්සුන්ට සලකන්නෙ ඔයිට වඩා දරුණු විදිහට.

    ReplyDelete
    Replies
    1. 100% ඇත්ත. මේක බලන්නකො. අල්ලන් යන්නෙ මෙහෙමනං ගිහින් කරන දේවල් හිතාගන්න පුලුවන්නෙ. මෙයාල ලොකු වැරැද්දක් කරලත් නැතුව. ලංකාවෙ මේ විදිහට කෙල්ලෙක්ව අරං ගියොත් රටම කෑ ගහයි ඒකට විරුද්ධව.
      https://www.youtube.com/watch?v=mma1tlVHYZk

      Delete
    2. උබලට වගේ දෙශීට ගොන්නුන්ට ඉතින් හැම එකටම තියෙන උත්තරේ ඕකනේ. ගොන් බිජ්ජෝ, කොහෙහරි රටක වෙච්ච ජරාව් අඩක් පෙන්නලා වෙනරටවලත් එහෙමයි කියල හිටපන්. හැබැයි උබටත් ඔය සබ්බුව දවසක සෙට් වුනාම අහවල් එකේ ඇගිල්ල ගහගෙන අඩපන්.

      Delete
    3. මුන් කියන්න උත්සහ කරේ මොන රටෙත් පොලීසිය එකයි කියල. එක අතකින් ලංකාවෙ ටිකක් හොදයි. උඩ එකා දාල තියන වීඩියෝ එකේ කෙල්ලන්ව අරන් යනව වගේ ලංකාවෙ කැම්පස් වල පිකට් කරන කෙල්ලන්ව අරං යන්නෑනෙ.

      Delete
    4. AnonymousOctober 3, 2015 at 4:48 AM මීහරකෝ, ලෝකේ වෙනරටවල් වල වෙන නරකම දේවල් දිහා බලල ලංකාව ඊට වැඩිය හොදයි කියන උබ මීහරකෙක්ටත් වැඩිය මෝඩයෙක්. රටක් ඉස්සරහට යන්න කොරන්න ඕනේ වෙන රටවල් වල නරකදෙවල් බලල අපිට තවම එහෙම උනේ නෑ , තවම අපේ රට ඊට වැඩිය හොදයි කියන එකද ? බුරුවහනසේ, රටක් ඉස්සරහට යන්නේ අපි වෙනරටවල් වල හොද දේවල් දිහා බලල, අපේ රට තවම එහෙම නැහැ නේ කියල, ඒ හොද දේ අපේ රටේ ඇතිකරගන්න බලල එකෙන්. උබල වගේ බාගෙට උගත් තුන්කාලක් මීහරක් වෙන එවුන් තමයි මෙරට කෑවේ සහ කන්නේ.

      Delete
    5. උඹට දෙන්න ඕන උත්තරේ, අනෝ කෙනෙක් දීලා තියෙනවා නේද...?

      Delete
  27. මේ වගේ දෙයක් අපේ රටේ අහන්ට ලැබෙන්නෙ කලාතුරකින්.

    http://www.dailymail.co.uk/news/article-3145273/Colorado-police-officer-fired-colleague-s-body-cam-records-beating-taunting-suspect-holding-cell.html

    ReplyDelete
    Replies
    1. How to Reduce Police Brutality | Learn Liberty:

      https://www.youtube.com/watch?v=1tKVSANX5bU

      Delete
    2. ඒවයේ තියෙන එකම දේ.. එහේ අරුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවා.. ඒත් මෙහේ ලයිසන් මැරයෝ ටික තාමත් ආතල් එකේ ඉන්නවා..

      Delete
  28. www.youtube.com/watch?v=undcSXxA4F0

    අමරසිරි කලංසූරිය කියන පරණ කතාවක්
    කරුනාකර 14:00 සිට ඉදිරියට බලන්න.
    මෙහෙයවන පුද්ගලයන් දෙදෙනා ගැන නොසිතන්න.
    1980 යුගයේ පොලිසිය /උසාවීය / බන්ධනාගාරය ගැන පමනක් සිතන්න.

    අම්මා බුදුවේවා ! සැමට තෙරුවන් සරණයී !

    ReplyDelete
    Replies
    1. ඕක මම කලින් බැලුවා.. ෂෙයා කලාට බොහෝම ඉස්කෝතුයි...

      Delete
  29. යහපාලනෙ ගේනකොට කිව්වේ නීතියේ ආධිපත්‍ය සුරකිනවා. සැමට සමානව සලකනවා වගේ කතා ය.
    සුරකිනවා කියාපු නීතියේ ආධිපත්‍ය "ඒකාධිපතිත්වය" වෙලා තියෙනවා වගේ පෙන්නේ අර කොල්ලා ට කරපු දේ අහුවාමය.
    හරිනම් මෙදා පාර ආයුද හොයන්න ඒ අදාළ පොලිස් බල්ලන් ටික රැගෙන යා යුතු බවත් ඊට පස්සේ ඒ ආයුධාම තියන්න ජඩ මාධ්‍ය කාරයින්ව කුදලාගෙන යායුතු බවත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කල යුතුමය.

    ReplyDelete
    Replies
    1. සේයගෙ සිද්ධියෙදි රටේම ඉන්න පිරිමි අත් අඩංගුවට ගන්න නියෝගයක් නිකුත් වුනා කියල හිතමු.ඒ කියන්නෙ කෝටියක් අත් අඩංගුවට ගන්නව. මේ කෝටියම පාපොච්චාරනය කරනව සේය මැරුවෙ තමන්ය කියල. මාධ්‍ය ප්‍රචාරය කරනව " සේයා ඝාතනයට කෝටියක් පිරිමි පාපොච්චාරනයේ කියල " ඇයි වැරද්ද පිළිගන්න කියල ගහනකොට වෙන මක්ක කරන්නද

      Delete
    2. පොලිසියේ අය වද දෙන විදියට ඒක ඉවසගන්න බැරි කමට නපුංසකයෙක් උනත් පිළිගන්නවා ස්ත්‍රිදූෂණයක් කල බව.පොලිසියෙන් කරන්නේ අපරාධකරුවන් හොයන්න විමර්ශනයක් සිදු කරන එක නෙවෙයි.කවුරු හරි අල්ලගෙන අපි අල්ලගත්තේ අපරාධකාරයාමයි කියලා ඔප්පු කරන්න හදන එක.පොලිසියේ සැබැම දක්ෂයො නැතිව නෙවයි.අති බහුතරයක් මෝඩ අමන මැරයෝ වගේ හැසිරෙන්නේ.උගත් කමක් නැති කමත් මේකට ඒක හේතුවක්.පොලිසි වලට බැදෙන බොහෝ පිරිසක් ගමේ ගොඩේ රස්සා නැති පිඩනයෙන් ඉදලා කරන්නම දෙයක් නැතිව එ රස්සාවට ගිය අය.වැදගත් සමාජ ඇසුරක් තිබිලම නැ.කතා බහ අන්තිම පහල.ශබ්දකෝෂයේ වැදගත් වචන තිබිලම නැති නිසා දන්නේ පහත්වචන විතරයි.ඒ නිසාමද කොහේදෝ වැදගත් විදියට ජීවත්වෙන යමක් කමක් තිබෙන ඉහල රුකියවන් කරන අයට පුදුම තරහක් ඊර්ෂ්‍යාවක් තියෙන්නේ..සමහර වෙලාවට අපරාධකාරයන්ටත් වඩා දරැනු විදියට ක්‍රියා කරලා තියෙන්නේ පොලිසියේ උදවිය.අපරාදකාරයකුගෙයි පොලිසියේ උදවියගෙයි අපරාධ කරන්න පෙලඹෙන මානසික ස්වභාවයේ වෙනසක් ඇත්තෙම නැති තරම්.ඉතින් ගැටලුව වෙන්නේ අපරාධකරුවන් මැඩලා සමාජ සුරක්ෂිතබව තහවුරු කරන්න තවත් ඒ වගේම අපරාධකරුවන් පිරිසක් යෙදවීම සාර්ථකද කියන එක.

      Delete
    3. පොලිස් කාරයෝ කරපු අපරාධ වහන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය. ඉතින් කාට කියන්නද බන් දෙවියන්ට කියල ඔකුන්ගේ දරුවොන්ටත් එක්ක හෙණ ඉල්ලනවා ඇරෙන්න ?

      Delete
    4. මේක මොන යහපාලනයක්ද බං... මහින්දාගමනයටත් අන්ත විගඩමක්...

      Delete
  30. කොන්ඩයා තියාගෙන පොලිස්පති යි උගේ මාධ්‍ය ප්‍රකාශකයි එල්ලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. උන්ව ඉතරක් නෙමෙයි, මරණ දඬුවම ඉල්ලන ඔක්කෝම එල්ලන්න ඕන...

      Delete
  31. කැවුම් කන්න පමණක් දක්ෂකමක් පෙන්වන සිංහලයා 1977 දීත්, 1994 දීත්, 2010 දීත්, 2015 දීත් ටොප් එකට ගොනාට ඇන්දුනෝ ය. ඔය කියන වසරවල බලයට පත් වුණු පාර්ශව කිව්වේ මින් ඉදිරියට ධර්මිෂ්ට, සාධාරණ, බියෙන් තොර වූ සමාජයක් නිර්මාණය කරනවා කියා ය. නිව්යෝක් ගිහින් ආපසු පැමිණි යහපාලගේ පැයකට ආසන්න රූපවාහිනී කතාවට ඇහුම්කන් දුන්නු මට තේරුණේ මේ උදවිය දත කාගෙන ජිනීවා/නිව්යෝක් ගිහින් යාම බේරා ගත්තේ පාලක පෙලැන්තිය විවිධ චෝදනාවලින් බේරා ගන්න මිසක් මහජනයාට සාධාරණය වත්, යුක්තිය වත් ඉෂ්ට කරන්න නෙවේය කියා ය. ඒ නිසා පාලක පෙලැන්තිය මිනී මරු චෝදනාවලින් ගැලවී ආතල් එකේ ඉන්නා අතර, ජහමනයාට රජයේ ආයතනවලින් එල්ල වන පීඩනය ඒ ආකාරයෙන් ම ඉදිරියටත් පවතින එක ඉර හඳ මෙන් සිකුරු ය.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. බොහෝම වටිනා කොමෙන්ටුවක්..

      Delete
  32. ඕව ගැන කතා කරල වැඩක් නෑ. හැබැයි හුගක් රටවල ඔය තත්වෙ ඔහොමයි. ඇමරිකාවෙ අර ඉන්දියන් ගෑනියෙක් අරන් ගිහින් ඇදුම් ගලෝල තියෙන්නෙ. ලංකාවෙ එහෙම ගෑනියෙක්ට කරපු සිද්ධි අහන්න නෑනෙ.

    ReplyDelete
    Replies
    1. AnonymousOctober 3, 2015 at 11:00 PM මීහරකෝ, ලෝකේ වෙනරටවල් වල වෙන නරකම දේවල් දිහා බලල ලංකාව ඊට වැඩිය හොදයි කියන උබ මීහරකෙක්ටත් වැඩිය මෝඩයෙක්. රටක් ඉස්සරහට යන්න කොරන්න ඕනේ වෙන රටවල් වල නරකදෙවල් බලල අපිට තවම එහෙම උනේ නෑ , තවම අපේ රට ඊට වැඩිය හොදයි කියන එකද ? බුරුවහනසේ, රටක් ඉස්සරහට යන්නේ අපි වෙනරටවල් වල හොද දේවල් දිහා බලල, අපේ රට තවම එහෙම නැහැ නේ කියල, ඒ හොද දේ අපේ රටේ ඇතිකරගන්න බලල එකෙන්. උබල වගේ බාගෙට උගත් තුන්කාලක් මීහරක් වෙන එවුන් තමයි මෙරට කෑවේ සහ කන්නේ.

      Delete
    2. උත්තර දීපූ ඇනෝට ගොඩාක් ඉස්කෝතුයි...

      Delete
  33. හෙල ජාතික අභිමානේ// (ranjan)

    ReplyDelete
    Replies
    1. පොලෝසියත් රණවිරු ගොඩේ නේද ඉන්නේ...

      Delete
  34. Oya police genanam katha karala wedak ne. Kiyanta ona tika post ekenui rap ekenui dekenma lesata kiyala thiyanawa. Mata mathak una mage yaluwek police kaanthawakata kiyapu ekak. Ubala "dawalta police... Reta lokkage polla polish..!!" Uuta mokuth une ne. Mokada uge thaththa DIG kenek. Hak hak...

    ReplyDelete
    Replies
    1. තාත්තා ලොක්කෙක් නිසා පොලෝසියේ කෙරුවාව සහ සුද්දෙන්ම දන්නවා ඇති නෙව...

      Delete
  35. ලක්ෂ 62 අවදිවවු !!!

    යහපාලන රජය විනාශකරන හා සැලසුම් සහගතව අපකීර්තියට පත්කරන රජයේ සේවකයන් සහ ආන්ඩුවේ සිටින රාජපක්ෂ ඩීල් කාරයෝ පන්නමු !

    දිවි දී ලබාගත් ජනවාරි 08 ජයග්‍රහණය දිවි දී රැකගමු !
    දිවි දී ලබාගත් ජනවාරි 08 ජයග්‍රහණය දිවි දී රැකගමු !
    දිවි දී ලබාගත් ජනවාරි 08 ජයග්‍රහණය දිවි දී රැකගමු !

    ReplyDelete
    Replies
    1. ඇට දෙකේම ඇට කොරවෙලා ඉන්නේ කෙලින විගඩම් දැකලා...

      Delete
  36. "Not only must Justice be done; it must also be seen to be done." .

    ReplyDelete
  37. බාලගිරිOctober 5, 2015 at 12:40 AM

    //කොන්ඩයා මෙන්ම පොලිස්පතිද එල්ලා මැරිය යුතුය .//
    මාතා, ඉහත ඔක්.02 හෙඩිම ඔක්.05 වෙනිදා පහත ලෙස සංස්කරනය විය යුතු නොවෙද?

    කොන්ඩයාගෙ අයියා මෙන්ම පොලිස්පතිද එල්ලා මැරිය යුතුය.

    ඔක්. 07 ..........08........10.......?
    කෝටී 2.25 කොන්ඩයෝ ඉන්න පිස්සු රටක් සහ ඇනකොන්ඩා පොලිසියක් !!!

    ReplyDelete
    Replies
    1. කෞතුකාගාර කඩු සීන් එක "කන්ගැට්ටා" ගොඩ දාල දුන්නට..
      මේ සීන් එක නම් "කොන්ඩයා" අල කරයි වගේ...

      Delete
    2. ඕන් ආයෙත් තාත්තට කෙලින්න වගේ ලෑස්තිය...

      Delete
  38. මමත් කියන්න හැදුවේ, කොණ්ඩයාගේ අයියවත් එල්ලා මැරිය යුතුය කියලා.

    ඉරාජ්ගෙ පොලීසිය සිංදුව තමා ඉතින් මතක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ පාර අන්න අයියා කියනවලු ඌය කරේ කියලා...දැන් ඉතිං නඩුවත් අහක යයි....සක්...!

      Delete
    2. අන්තීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් එල්ලයිද දන්නේ නෑ..

      Delete
  39. සේයා දැරියගේ මරනය ගැන පුරුශ ලිංගයක් සහිත සෑම කෙනෙකුම සැකපිට අත් අඩංගුවට ගන්නා ලෙස යෝජනා කරමි.

    ReplyDelete
    Replies
    1. යෝජනාව එකෙන්ම ඉස්තිර කොරමි...

      Delete
  40. ආයුධයක් පාවිච්චි නොකළද එම ආයුධ ලගතබා ගැනීම නීතිවිරෝධී වන අවස්ථා ඇත. එසේනම් ස්ත්‍රීදූෂන කළ හැකි උපකරන ලගතබා ගන සිටින සියල්ලෝම සැකපිට අත් අඩංගුවට නොගන්නේ ඇයි. මෙය ආරම්භ කළ යුත්තේ මාධ්‍යවේදීන්යැයි කියාගන්නා මීඩියා පකාලාගෙනි ( මම යෝජනාකළ ජනමාදිලියා වන වචනයට වඩා විභීෂන කියන මීඩියා පකාලා යන වචනය වඩා උචිතය. )

    ReplyDelete
    Replies
    1. නිදහස් මාධ්‍යවේදීන්ට නම් පකාලා කියන එක වැරදි නෙහ්.
      නිදහස් මාධ්‍යවේදීන් කියන්නේ තදයෙකුගෙන් ඉල්ලං කාලා යුරෝපෙට වීසා ගන්න කට්ටියට නෙහ්. ඉතින් සමහර අය සීත රටවල් වල සිට අපට ගින්දර ටෝක්ස් දෙනවා විතරයී.
      අනිත් අයට මීඩියා වලින් සමාන්‍ය මිනිසුන්ට වෙන අගතීන් ගැන හිතන්නවත් වෙලාවක්වත් නෑ අයියෝ. ඒ අයට හුගාාාාක් පිකටින් තියනවනෙහ්...

      Delete
    2. දැන් ඔන්චිල්ලාව පැද්දෙන එක හොයනවා... ඉඳගෙන..

      Delete
  41. කන්ගැට්ටා වර්ෂන් ටූ

    ReplyDelete
    Replies
    1. මේක ඊට එහා... පට්ටෙත් හොඳම එක...

      අයියෝ... හැමිනෙනවා....

      Delete
  42. කිසිවක් නොකියා සිටින්නේ කෙසේද. ??
    රට තුල නීතිය අට පාස් නැති බල්ලන් පිරිසක් අතය....
    ධර්මය අධර්මය උනේ ආගම පමනක් දත්
    ධර්මය නොදත් පූජකවරුන් හා පූජ්‍යන් නිසාමය
    දේශපාලනය පක්ෂ මත තීරණය වූ නිසා
    මිනිසුන් පක්ෂ මත නිතරම නැහුනෝය....
    ආගමක් ධර්ශනයක් නොවැටහුනු අසරණ
    ජනතාව ආදි මුතුන්මිත්තන්ගේ පවුද ගෙවා දමන්නේ
    නොගෙවාම බැරි කමටය....

    ReplyDelete
    Replies
    1. ඩිග්‍රි කාරයොත් ඉන්නවා නේද... මහා ආචාර්ය වරුත් ඉන්නේ...

      Delete
  43. කිසිවක් නොකියා සිටින්නේ කෙසේද. ??
    රට තුල නීතිය අට පාස් නැති බල්ලන් පිරිසක් අතය....
    ධර්මය අධර්මය උනේ ආගම පමනක් දත්
    ධර්මය නොදත් පූජකවරුන් හා පූජ්‍යන් නිසාමය
    දේශපාලනය පක්ෂ මත තීරණය වූ නිසා
    මිනිසුන් පක්ෂ මත නිතරම නැහුනෝය....
    ආගමක් ධර්ශනයක් නොවැටහුනු අසරණ
    ජනතාව ආදි මුතුන්මිත්තන්ගේ පවුද ගෙවා දමන්නේ
    නොගෙවාම බැරි කමටය....

    ReplyDelete
  44. Brothel Raid Police Operation :ASP Inside - 2015.10.06
    http://www.gossiplankanews.com/2015/10/brothel-raid-police-operation-asp-inside.html

    සැකපිට අත්අඩංගුවට ගන්න සිවිල් මිනිසුන්ගේ හතර වරිගෙම නම් ගම් , කන බොන හුකන හැටි හෙලි කරන මාධ්‍යය ඇයි මෙම ගණිකා නිවාස සිද්ධියෙදී "සහකාර පොලිස් අධිකාරිවරයෙක්" යැයී පමනක් සදහන් කරන්නේ ?

    ගණිකා නිවාසය තුලදී හසුවන ASP අත්අඩංගුවට නොගෙන ඉන් මිදී යාමට ඉඩසැලසීම වැටලීම කල පොලිස් නිලධාරින් කල වරදක් නොවන්නේ ද?.

    ඔවුන්ට එරෙහිව ක්‍රියාකිරිමට ඉහත මාධ්‍යය සාක්ෂී ප්‍රමානවත් නොවෙද?

    නැත්නම් මේකද යහපාලනේ ?

    ReplyDelete
    Replies
    1. ඒකත් පොලිස් බලු කුක්කෙක්නම් මාර ගේමක් දෙයි... මූ මහ එකෙක් නේ...

      Delete
  45. අතින් පයින් පරීක්ෂණ පවත්වන පොලිස් සංකෘතියට ආයුබෝවන් කියන්න දැන් කාලේ හරි. පොලිසියේ ඉන්නේ මෝඩ ගොන් හැත්තක්.

    අර බැටන් පොල්ලේ කතාවනම් ඉක්මනටම අපිට කිව්වොත් හොඳයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මතක් වෙන කොටත් ඇඟ රිදෙනවා...

      Delete
  46. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මාධ්‍යය හමුවේ සේයා සිදුවීමට අදාලව සැකපිට අත්අඩංගුවට ගත් අයෙකුට කොන්ඩයා යැයි දිගින් දිගටම පවසමින් සිටියි.(2015.10.08 - රාත්‍රි 7.00 හිරු නිවුස් බලන්න)

    1. මෙම නම සැකකරුගේ සැබෑ නාමය නොවන බැවින් ඹහුට කරන අපහාසයකී.
    2.පසුගිය රජයේ ඝාතන, දූෂණ අක්‍රමිකතා වලට අත්අඩංගුවට හා ප්‍රශ්ණකිරීම් ලක්වන අයට ඔවුන්ගේ නමට අමතරව මහතා /මහත්මිය යැයී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සැමවිට පවසයී.

    මාතලන්, අපි උදාකරගත් යහපාලනය මෙයද ?

    ReplyDelete
    Replies
    1. කාටෙයි සත්තරනේ කියන්නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න