.

.

Oct 24, 2015

ටැපික් පොලිස් හා වැස්ස - Bloody Rain



චිහ්...!
මේ කුණු වැස්ස...

දැන් දවස් කීයක්ද..?

ජීවත්වනු කෙලෙස, 
එදිනෙදා
 (ගතමනාව)
සොයන් රැකියාවක්
කරනා
අසරණ
මිනිසුන්...!!!

-0-

65 comments:

  1. අම්මපා මේ අසරනයන්ගේ දවස් පඩිය හොයා ගන්න එකට කෙලින වැස්සවලාහකයට හොඳක් නම් වෙන්න එපා.

    පව් මාතලන්ට විතරයි මේ අය ගැන හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුක හිතිලා ලිව්වේ...
      වැස්ස අස්සේ ඩබල් ලයින් කඩයක් අස්සේ බලාගෙන ඉන්නවා..
      නීතීගරුක ජනතාව ඩබල් ඉරි කපාගෙන යනවා..

      Delete
    2. ඔව් මාතා දැන් දැන් පොලෝසිය ගැන හිතනවා වැඩියි වගේ......... ඔන්න කොණ්ඩයාට කියලා මාධ්‍ය සාකච්ඡාවක් කරනවා හරිය..

      Delete
  2. ටික දෙනෙක් පගා ගත්තට... මාධ්‍ය ප්‍රකාශක හැමදාම ඇණ ගත්තට...
    සමහර වෙලාවට වැස්සෙ තෙමි තෙමි පොලිස් රාලහාමිලා කරන සේවය නම් අගය කළ යුතුයි.. පොලීසිය හදිස්සියට තේ එකක් බොන්න ගියත් අපේ අය හැර කරගෙන ගැට ගහගෙන අනා ගන්නවා...
    මමත් ඉස්සර පොලීසියට බැන්නා තමයි.. නමුත් ඒ මිනිස්සු ඇත්තටම රාජකාරියකට වඩා කරන්නෙ සේවයක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..
      ඒක නම් මාර වටිනා සේවයක්..
      එතනදීම කීයක් හරි අරගෙන යන්න දෙන එක..
      නැත්නම්..
      මාර කට්ටක් කන්න එපාය..

      Delete
  3. අනේ මේ ට්‍රැෆික් පොලිස් මහත්තුරු තමා වාහන වල බදු වැඩි කිරිමට මුලින්ම වග කියන්න ඕනි.මොකද මෙයාලා හැම තැනම ඉඳගෙන අත වනනවා. ඉතින් ට්‍රැෆික්. දැක්කද පොයින්ට් එක.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... මෙයාලා ඉන්න වෙලාවට ටැපික් වැඩියි තමයි...

      Delete
  4. වෙලාවකටනම් දුක හිතෙනවා තමයි...... ඒත් අනික් හැම වෙලාවෙම @$$#@@!@!@...........

    ReplyDelete
    Replies
    1. මම,මගේ යාලුවෙක්,එයාගේ වයිෆ්,එයාලගේ අවුරුදු දෙකක විතර පොඩි දරැවා,අපි පිරිස ත්‍රීවිල් එකක නුවර ඉදලා පොල්ගහවෙලට යන අතරේ කෑගල්ලට ටිකක් කිට්ටුව වගේ පොඩි දරුවට උණවගේ ගැනෙන්න ගත්තා.වමනෙත් දැම්මා.එදා හොදටම වැස්ස.අපි කෙටි පාරක් තිබිලා කෑගල්ල හොස්පිට්ල් එකට යන්න ආවා.ඒ වෙනකොට නිදහස් උත්සවේට කෑගල්ල පාර හදනවා.හොස්පිටිල් එකට මීටර් 150 ක් වගේ උඩින් කෑගල්ල විද්‍යාලපාර ලගින් ප්‍රධාන පාර වහලා පොලිසියෙනුයි,හමුදාවෙනුයි එතැන යොදවලා හිටියා.අපි එතෙන්ටම ආවා.පොලිසියෙන් අපිට එතනින් එහාට යන්න දුන්නෙම නැ.මගේ යාලුවා වැස්සේම එලියට බැහැලා කීවා පොඩ් දරුවට උණවගේ හොස්පිට්ල් එකටයි යන්නේ යන්න දෙන්න කියලා.ගානකටවත් ගත්තේ නැ.අපිට බැහැලා යන්නත් බැ හොදටම වැස්ස නිසා පොඩි එකා තවත් තෙමෙනවා.අපිව ඒ ටික යැව්වා කියලා කිසිම ප්‍රශ්නයකුත් නැ.ඒත් දැන් අපිට කිලෝමීටර් හතරකටත් වඩා ලොකු රවුමක් ආයෙත් ඇවිත් සුපර්මාර්කට් එකලගින් කලුගල්ල පාරෙන් හොස්පිටිල් එකට එන්න වෙලා.පොලිසියෙන් කිව්වෙම ඒ රවුම යන්න කියලා.කොහොමටවත් මෙහෙන් යන්න දෙන්න බැ සක්කරයා ආවත් නීතිය එක් තමයි කිව්වා.

      ඔය අතරේ එහා විද්‍යාල පාර ලග හිටපු හමුදාවේ නිලධාරියෙක් අපි ලගට ආවා.මොකක් හරි ප්‍රශ්නයක් කියලා තේරුනා.මමයි මගේ යාලුවයි පොඩි එකා ගැන කීවට පස්සේ වැස්සෙම ලගට ඇවිත් පොඩි එකා දිහා බැලුවා.දරුවගේ මූන මැලවිලා වගේ ඇගේ වමනෙත් තියනවා.අර හමුදා නිලධාරියා අපිට කිව්වා,යන්න යන්න ඉක්මනට යන්න.ඔහු අපිට එතනින් යන්න දුන්නා...

      ඒ හමුදා නිලධාරියා යුධබිමේ අවිදරාගෙන හිටියත් මනුෂ්‍යකම වියකිලා තිබුනේ නැ...
      ඒත් අනුන්ගෙන් කන බොන තමන්ගේ පැලැන්තියේ එකාටම කඹුරන පොලිසියේ සමහරු ලග මනුෂ්‍ය කම නැ,තිරිසන් කම ඉහලටම තියනවා.

      Delete
    2. පොලීසිය වගේ නෙමෙයි හමුදාවෙ අය නීතිය කොහොම වෙතත් අවස්ථානුකූලව කරන්න පුලුවන් බුරුලක් දෙන එක බොහෝවිට කරනව.

      Delete
    3. ඔය වෙලාවට ඉතින් $&*^$@#$@% ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ මනෝ අයියා.............. ඒ හමුදා නිළධාරියාට මගෙ මෙව්ව එක............

      Delete
    4. ඒක නම් ඇත්ත අවංක ...වෙලාවකට ඇර අනිත් හැම වෙලාවකම #^***(&%##&**

      Delete
    5. මගේ යාලුවට අර පොලිසියේ දෙන්නව අමුවෙන් කන්න තරම් කේන්තිය...
      මේ මිනිස්සු තමන්ගේ එකාටමනේ බං කෙලවන්න හදන්නේ.....

      Delete
    6. මුන්ගේ පාදඩ වැඩ නිසා දුකක් නම් හිතෙන්නෙම නෑ...

      Delete
  5. බොහෝ අවංක දැහැමි පුද්ගලයෙක් උනත් පොලිස් රැකියාවට බැදිලා ටික කාලයක් ගියාම අවීනීත,අසීලාචාර,විදියට හැසිරෙන්නත් කතාකරන්නත් එදිනෙදා වියදම හොයාගන්න ලේසි ක්‍රමවලට පුරුදු වෙන්නත් ඉබේම පටන්ගන්නවා.ශබිද කෝෂය අසභ්‍ය වචන වලින් පිරිලා ගිහින් කලින් තිබුන සභ්‍ය වචන අමතකම වෙනවා.නීතිය රැකීම කෙසේ වෙතත් අසරණ පුද්ගලයන් ඉදිරියේ සිංහ වෙස් ගන්නත් බලපුලුවන්කාරයන් ඉදිරියේ නිවට වෙන්නෙත් පටන්ගන්නවා.තමන්ට අහුවෙන ඕනම අසරණයෙක්ගේ ඇටකටු කුඩු කරලා දාන්න තරම් ලොකු අවසරයක් නීතියෙන්ම ලැබිලා තියනවා කියලා හිතලා මිහින්තලේදි අබ්බගාත පුද්ගලයටත් චන්ඩි පාට් දැම්මා වගේ අමුම අමු ගොන්කම් ප්‍රසිද්ධයේම කරන්න පටන් ගන්නවා...අප්පේ තව මේකේ කොච්චර දේවල් ලියන්න පලුවන්ද ?...
    මේ අත්දැකීමෙන් කියන්නේ..හොද හැදියාවක් තිබුන ගුණගරුක යහපත් ජීවිතයක් ගෙවපු නැන්දගේ පුතත් පොලිසියට බැදුනට පස්සේ ගෙදර ආවම පොඩි උන් ටොයිලට් එකට යවන්නෙත් ට්‍රැෆික් ඩියුටි ක්‍රමේට...

    නීතිය අකුරට ක්‍රියාත්මක කරමින් අවංකව සේවයේ යෙදෙන පොලිස් නිලධාරියකුට ලොකු ඈයෝ ඉන්න දෙන්නේ ටික දවසයි.එක්කෝ රස්සාව එපා කරවනවා..නැත්තම් හොද කට්ටක් කන්න වෙනවා හම්බවෙන සේවා මාරූවීම් එක්ක...ටික දවසකින් අර රෝල් එකටම වැටෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වැරද්ද තියෙන්නේ පුද්ගලයන්ගෙ නෙමෙයි.. ආයතනයේ

      Delete
  6. ඔක්කොටම ඉස්සරවෙලා මේ මනුස්සයන්ගේ ඇඳුම වෙනස් කරන්න ඕන බං.. අර කාෂ්ටක අව්වේ ඕකත් ඇඳගෙන ඉන්න එකම ඇති බං මළ පනින්න..

    ReplyDelete
    Replies
    1. දයල් බතී කාලෙක ඉඳන් කියන්නේ පොලෝසියේ යුනිෆෝම් එක ඝර්ම කලාපීය රටකට ගැලපෙන විදියට වෙනස් කල යුතුයි කියල. තමිල්නාඩුවේත් ලංකාවටම සමානයි. කාකි, ඝනකම් රෙදි..?

      Delete
    2. ඇඳුම වෙනස් කලත් පාට වෙනස් කරන්න නරකයි ...මොකද ගැලපෙනම පාට තමයි තියෙන්නේ ...ජරාව කන වුන්ට ගූ පාටම ගැලපෙනවා ...

      Delete
    3. ඔව් බං..අර යුනිෆෝම් එක දාගෙන අව්වේ ඉන්නවට වෙනම ගානක් දෙන්න ඕනැ..මිනිස්සු නෙවැ.
      සිංදු :D හැක්..ඇඟේ ගාගත්තට පේන්නෑ නේ..

      Delete
    4. @ පත්තරේ - වෙන වෙන් පාට ඇඳුම් දීල හෝදලා දෙන්නේ උඹද? ඔය පාට අවුරුද්දක් හේදුවේ නැතත් පේන්නේ නෑ...

      Delete
    5. @PM,

      සමර් එකට WPC ?

      Delete
    6. අපි හැම තිස්සේම උන් ගැන වැරදියට හිතුවට හදවතක් තියන එවුනුත් ඉදලා හිටලා මුනගැහෙනවා බං..මේක කියන්නෙ පත්තර මල්ලිගෙයි මගේයි අත්දැකිමකින්.

      Delete
    7. මටත් එහෙම මුන ගැහිලා තියනවා....
      මම මුලින්ම කොළඹ කොටුවට ආව දවසේ ගෙදර එන්න බස් එකක් නැතිව මාර කට්ටක් කෑවා.උසස් පෙළ ලියපු මුල් කාලේදිම වගේ ඒක උනේ.අතේ සල්ලි තිබුනෙත් බස් එකේ ගානට වඩා පොඩි මුදලක් විතරයි,ඒ අස්සේ ඉවසගන්න බැරි බඩගින්නකුත් තිබුනා.කර කියා ගන්න දෙයක් නැතිව මම එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නකොට කොටුවේ රේල් ස්ටේෂන් එකේ පොලිස් පෝට් එකේ එදා ඩියුට් හිටපු PC මාව එකතු කරගෙන ගිහින් මට තේ හදලා දුන්නා.ඔහුගේ කෑම එක දෙකට බෙදලා මටත් දුන්නා.එලි වෙනකම් නිදාගෙන ඉන්න රේල් ස්ටේෂන් එක ඇතුලේ කාමරයක් හදලා දුන්නා.එතනට ආව අනිත් පොලිසියේ හැමෝටම කීවේ මේ මගේ අක්කගේ පුතා ගමනක් යන අතරේ මාව බලන්න ඇවිත් අද ඉදලා හෙට උදේම යනවා කියලා...මට එහෙම අය දෙතුන් දෙනෙක්ම මුන ගැහිලා තියනවා..නමුත් කලාතුරකින්

      Delete
    8. ඇඳුමේ වැරද්දක් නෑ... උන්ගේ චින්තනයයි වෙනස් කරන්න ඕන..

      Delete
  7. පගා ට්‍රැෆික් පොලොස් කස්ටිය ඉන්නෙ ඈත පලාත්වල. කොළොඹ කස්ටියට චාන්ස් එක අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... කොළඹ උන් පගා ගන්න බයයි..

      Delete
  8. ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න ගියාම උගත් වැදගත් ප්‍රින්සිපල් උන්දැත් පගා ගන්නවනම්, සුදෝ සුදු ඇඳගෙන ප්‍රාඩෝ වල යන කස්ටම්ස් එකේ කට්ටියන් ගන්නවනම්, සාටක දාගෙන වාහන දහයක එක පාරට යන මැති ඇමති වරුත් ගන්නවනම්, මේ කට්ටියත් කීයක් හරි අරගෙන පොඩි උන්ට හොඳ ඇඳුමක් අරන් දෙන එක කමක් නෑ. හදනවනම් රටම හදමු.

    ReplyDelete
    Replies
    1. මෙතන එකෙක් ගැන කතා කොලාට... රටේම දේවල් අපි කතා කොරනවා නොවැ..

      Delete
  9. Sabawe hina... Hak hak.. Api ekka ganja gahapu hora arakku genapu yaluwa den OIC. Uu FB eke danawalu wikunana spot okkoma elluwa promotion ekak hambunalu. Yako uu OIC unanam okkoma spot denagena mama police unaanam melahakata downsouth DIG.. Thuk nodakin. Welawata mama FB neththe. Shishshathwe pass wela galle hondama iskoleta ewith joint spot wala legala ganja gahala unwa pawala dunna polle police.. Thuk

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික කේස් එකක් වගේ නේ...

      එකම වැරද්ද තියෙන්නේ.. ඌ ඒ දෙවල් අදත් කරනවා නම් විතරයි... නැත්නම් ඌ කරන දේ වරදක් කියන්න බෑ...

      Delete
  10. ඉඳලා හිටලා හොඳ එවුන් එකෙක් දෙන්නෙක් මුණ ගැහුණම ජීවිතේටම උන්ගෙ මූණයි කතා බහයි මතක හිටිනවා. ඒ තරමට හිඟයි.

    ReplyDelete
    Replies
    1. මචං ඒහෙම ඒකෙක හම්බුණොත් පොටෝ ඒකක් ගහලා අපිටත් ඒවහංකෝ........

      Delete
    2. අම්මාපා සහතික ඇත්ත.. කට ඇරහන් පොඩි පගාවක් දාන්න...

      Delete
  11. අඹු දරුවන් බඩගින්නේ ඉතින් වැස්ස ඉවර වෙනකම්... පවු අහිංසක ට්‍රැෆික් පොලිස් මාමිලා ... මාතලන් මාමිටම මතක් උනා මිසක් අපිටනම් පොලිස් මාමිලා මතක් වෙන්නේ අකුණු ගගහ වහිනකොට..හැක් .. හැක් ..

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ වෙලාවට මතක වෙන්නෙම පාර්ලිමේන්තුව...

      Delete
  12. මෙයාලට පඩිය හරි තියෙනවා මාතයියෙ.අපේ සයිට් එකේ වස්ස දවසට 'නෝ වර්ක්.ගෝ හෝම්.නොව් වර්ක් නෝ මනි.' එව්වට ලේබර් ඔෆිස් එකෙන් වත් නෝ සද්ද..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලේබර් ඔෆීස් එකට හැමදාම ලැබෙන්නේ ලේබර්ලට බෙදන හොද්දම තමයි..

      Delete
  13. ඇ ගොයියෝ මේක චූ නේ

    ReplyDelete
  14. පවු අහින්සක පොලිස්කාරයො

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..

      අහිංසක එකෙක් නම් පවු..

      ප්‍රශ්ණේ තියෙන්නේ.. පොලීසියේ එහෙම උන් ඉන්නවද කියන එක.

      Delete
  15. අපි වැඩි වැඩියෙන් ඉරි කපල ඒ අයට පිහිට වෙමු. පව්නේ හලෝ.

    ReplyDelete
    Replies
    1. ටැපිල් පොලිස් කාරයෝද මනුස්සයෝය

      Delete
  16. "පොලීස් නිලධාරීන්ද මනුශ්‍යයෝය" කියලා පොලීසියෙ තාප්පෙ ගහන්න වෙයිද මෙහෙම යනකොට?

    ReplyDelete
    Replies
    1. මහින්දට ඡන්දෙ දෙන්න කියලා නම් ගහලා තිබුනා...

      Delete
  17. පට්ට පට පට...............මාතාගේ මිනි කවිය.... මිණි කිව්වත් වරදක් නැහැ....ඒත් කොටදෙණියාවේ ලොක්කාවත් දැක්කොත් මාතාගේ මිනී කවිය වෙන්නත් බැරි නැහැ නේද???

    ReplyDelete
    Replies
    1. කොටදෙනියාවේ ලොක්කට ඉස්කොට්ලන්ඩ් යාඩ් එකේ පෝස්ට් එකක් හම්බ වෙලා ගියානේ..

      එයාගේ රහස් පරීක්සොන් කටයුතු ගැන උන් පුදුම වෙලා තියෙනවා..

      Delete
  18. පවු හලෝ..දුප්පත් මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. අ #$ ට %කෝනවා වැස්ස වලාහක ගේ...

      Delete
    2. අඩේ මටත් හිතුනේ ඕකමයි... ෂුවර් එකට උන් ඕකමයි කියනවා ඇත්තේ..

      Delete
  19. මාතෘකාවට පිටින් ඇඩ්‍රස් නෑ ගැන ලිවීමට අවසර..
    කලාකරුවකුගෙ අදීන බව සමාජයක අදීන බවයි. ස්මාජයට හිතැති කලා කරුවකු සාධාරණය ඉල්ලන සමාජයක පෙරගමන් කරුවකු විය යුතුමය. සමාජය අදීනව සිටිත්දී බත් බැලයෙක් වූවෙක් කිසිදිනෙක එම සමාජයට ආදරය නොකරයි. එවන්නකුගේ කලා නිර්මාණද සමාජයට බොරුවක් විකුණා බඩ වඩා ගැනීමක් මිස කලාවක් වීමට ඉඩ නැත. මෙම කෘතිය නැරඹීමට කිසිදිනක නොයමි.

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන පත්තරේ ලිපියක් කියෙව්වා..මම හිතුවා කාලයකට පස්සේ එලියට ආපු එල ද බ්‍රා නිර්මානයක් කියලා..නමුත් උඔ මෙහම කියන්නේ හේතුවක් ඇතුව...ලියපන් ඒ ගැන පොස්ට් එකක්..

      Delete
    2. මම නම් ඔය බල්ලා ඉන්න කිසිම දෙයක් බලන්න සත පහක් වියදම් කරන්නේ නෑ..

      මේ තරම් පීචං කලාකාරයෙක් මගේ ජීවිතේට දැකලා නෑ..

      Delete
  20. රථවාහන පොලීසිය මගින් ගහන දඩ වලින් ප්‍රතිශතයක් ඒගොල්ලන්ට ලැබෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් . ඉතින් විචාරක , ඔහෙට මොකෝ එක ප්‍රශ්නයක්ද ?

      Delete
    2. ප්‍රතිශතයක් ගන්නේ මක්කටෙයි බං ගෙඩිය පිටින් ගන්න පුළුවන් කම තියෙද්දි... ටාගට් එකෙන් පස්සේ ඔක්කෝම සාක්කුවේ..

      Delete
  21. ඔය ටික ඔය විදිහටම ටැපික් ලාලහාමිලත් කියනවා

    ReplyDelete
  22. මම කැමතිම නැති කස්ටියක් මෙයලා...ඒත් ලගදි දවසක දැක්කා දඔ වැස්සේ ළමයි වගයක් පාර මාරැ කරනවා..ඒ වෙලාවේ නම් දුක හිතුනා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වැස්සේ තෙමෙනවා දැක්කම දුකයි අප්පා..

      Delete
  23. ඇත්තටම කොලඹ නගරය ඇතුලෙනම් ලොකු සේවයක් කරනවා
    ( මම ඇත්තෙන්ම අගය කරනව ඒක හැමදාම උදේ හවස )

    පිට පාරවල් වල නම් ලොකු ගාණක් (පඩියට සාපේක්ෂව) හොයාගන්නවා

    ReplyDelete
    Replies
    1. මගේ කමෙන්ට් එකේ රාලාහාමිව දැක්කේ කොළඔදි

      Delete
    2. කොළබත් මේ වගේම තමයි ඉස්සර.. දැන් ඉල්න ලොක්කා හොඳ ඇති..

      Delete
  24. හැක් හැක්... වහින වෙළාවට පාඩුවේ ගමනක් බිමනක් ගියෑකි.... හැබැයි වස්සේත් සේවය අකුරටම කරන මිනිස්සුත් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ කියන්නේ වැස්සෙත් පගා ගහන උන් ඉන්නවා.. නැත්තෙමත් නෑ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න