.

.

Oct 28, 2015

චන්ද්‍රිකාව කඩා වැටීම බටහිර කුමන්ත්‍රණයක් - Satellite falls is a western conspiracy


නුදුරේදි ලංකාවට කඩා වැටීමට නියමිත චන්ද්‍රිකාව, බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ජාතික නිදහස් පෙරමුණේ බුද්ධි අංශ මගින් බොහෝ කළකට පෙර තහවුරු කරගෙන ඇත. මේ පිළිබඳ මුලින්ම කරුණු අනාවරනය වී ඇත්තේ රාජපක්ෂ පාලන සමයේදීමය. 

මුලින්ම ජනාධිපති ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දුන් ජෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සඳහන් කොට ඇත්තේ චන්දිකාවකගෙන් මහින්දට අනතුරු සිඳුවිය හැකි බවයි. බුද්ධි අංශ විසින් සුමනදාසයන්ගේද සහභාගීත්වයෙන්, ජනධිපති තුමා සමඟ පැවති රැස්වීමකදී ඔහු නැවතත් මේ අනතුරු ඇඟවීම කරනාතුර ජනාධිපති තුමා පවසා ඇත්තේ, 'ඕකී කොහේද මට කෙලවන්නේ".. මම ඕකිට ඔළුව උස්සන්න බැරි වෙන්න ඇරලා තියෙන්නේ" කියායි.


එහෙත් අධ්‍යාත්මවේදි චන්ද්‍රසිරි බන්ඩාරයන් සඳහන් කොට ඇත්තේ, මේ චන්ද්‍කාව ඒ චන්ද්‍රිකාව නොවන බවත්, මෙය කක්ෂ ගත කොට ඇති චන්ද්‍රිකාවක් බවත්, එහි ඉලක්කය මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපති තුමා බවත්, වහාම මේ ගැන සොයා බලා කටයුතු කරනා ලෙසත්ය.

බටහිර කුමන්ත්‍රණ ගැන ශාශ්ත්‍රපති උපාධියක් ඇති විමල් වීරවංශ මහාචාර්වරයා ප්‍රමුඛ විද්වත් මඩලයකින් යුත් කමුටුවක් මේ සඳහා පත් කරණු ලබන අතර, සාර්ථක රහස් ඔත්තු සේවා මඟින් සමීක්ෂණය කොට පිරිනමනු ලබන වාර්ථාවේ සඳහන් වන්නේ, ඇමරිකාව මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කොට ඇති බවත්, බරක් ඔබාමාට අතට අත් දුන් අවස්ථාවේ, මහින්ද රාජපක්ෂගෙන් ලබාගත් ඩී ඇන් ඒ මෙහි අඩංගු බවත්, ඇමරිකාවට විරුද්ධව යුද්ධ ප්‍රකාෂ කරනා ඕනෑම මොහොතක, මෙය කෙලින්ම ඔහු සිටිනා ස්ථානය එල්ල කර කඩා වැටීමට සැලසුම් කර ඇති බවත්ය. 

සදාම් හුසේන් මෙන්ම, මුවම්මර් ගඩාෆිද ඝාතනය කොට ඇත්තේ චන්දිකා තාක්ෂණය ඔස්සේ බවත්, තව දුරටත් මේ වාර්ථාව මගින් හෙලි කරනාතර. මෙම චන්ද්‍රිකාව වහාම විනාශ කල යුතු බවටද, එය කඩා වැටීමට සැලැසුම් කලහොත්, ඉන් ආරක්ෂා වීම සඳහා ඉතා ශක්තිමත් බංකරයක් ඉඳිකල යුතු බවද, එම වාර්ථාවේ තව දුරටත් සඳහන්ව තිබී ඇත. 

වහාම ක්‍රයාත්මක වූ ජනාධිපති තුමා, පැරණි රජගෙදර, ආරක්ෂාකරි බංකරයක් ඉඳිකිරීමට උපදෙස් ලබා දෙන අතර. අජටාකාෂගාමි රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන්, චීන රජය සමඟ එක්ව, මෙම චන්ද්‍රිකාව උඩු ගුවනේදීම විනාශ කිරීම සඳහා මිසයිලයක් කක්ෂ ගතකිරීමටද උපදෙස් දී ඇත. එම ක්‍රියාන්විතය සාර්ථක වූවද ඇමරිකාව විසින් එහි කුඩා කොටස් පවා එල්ල කර ඇත්තේ ලංකාව දෙසට බව පසුව සොයා ගන්නා ලදි. 

කක්ෂගත චන්ද්‍රිකාවේ ප්‍රහාරයට මූලිකත්වය දීම හේතුවෙන්, ගොරගොල්ලේ චන්ද්‍රිකාවගෙන් එල්ල වීමට නියමිත් ප්‍රහාරයන් පිළිබඳ බුද්ධි අංශයන්ද අමතක කොට දැමූ අතර, වයිබර් තාක්ෂණය ඔස්සේ එල්ලවූ ප්‍රහාරයෙන් මහින්ද රාජපක්ෂ මහතා සුනු විසුනු වී ගියේය.

මේ පිළිබඳ විශේෂඥ දැණුමක් සහිත විමල් වීරවංශ මහතා දිවයිනෙන් පිටත් වීමට යන්නේ, යහපාලන ආන්ඩුවෙන් ඇමරිකාව වෙත කල ඉල්ලීමක් අනුව, එම කොටස් වෙනස් දිසාවකට යොමු කොට ඇති බව වත්මන් බුද්ධි අංශ මගින් ඔහුට දන්වා නොතිඹූ බැවිනි.

බින් ලාඩන්ට පසු ඇමරිකාවට එරෙහිව සිටිනා බලවත්ම සතුරා විමල් වීරවංශ මහතා බව මෑතකදි පෙන්ටගනය විසින් වාර්ථා කොට තිබිනි.

48 comments:

  1. සුපිරියට ලියල . දැන් සුමනය ,චන්දරසිරිය වෙනුවට ආදේශක ඇවිත් නේද ?
    යෝගිය ,අන්ධය ,පෙරේර වගෙ අය
    චන්ද්‍රිකාවකගෙන් වෙන අනතුරු ගැනනම් ඕකම තමා වෙලා තියෙන්නෙ
    ඒත් අපේ විමලය ඇමරිකාවට තියන ලොකුම තර්ජනේ කීවම කාටද අඩම්බර.ගූගල් වර්ජනය කළොත් මොන දෙයියට කියන්නද

    ReplyDelete
    Replies
    1. අන්ධයා නෙමෙයි පොට්ටයා...

      Delete
  2. මොකද යකෝ තවම මොකෙක්වත් ඇවිත් නැත්තෙ චන්ද්‍රිකාව වැටෙයි කියල බය වුනාවත්ද

    ReplyDelete
    Replies
    1. උඹලා වව්ලෝ උනාට, රෑට මිනිස්සු බුදි බං..

      Delete
  3. සිරිසේන....කෝ මේ සිරිසේන... 😊

    ReplyDelete
  4. HukeeeeeeeZzZZzzzz.... Menna ahasa peralenawoo... Wimalayooo... Passport tika aragena waroo...!!

    ReplyDelete
    Replies
    1. කොහේ කොහේ තියෙනවද දන්නේ නෑ නේ... අනික ඉතින් වීසා ගහපු එකකුත් වෙන්න එපාය..

      Delete
  5. මම මේ ඔයාගැන හිතවත්කමට මේ යෝජනාව කරන්නේ. රන බළලුව කියලා විද්‍යා පුබන්ධයක් තියෙනවා. වවුලුව කියලා සංදේශයක් තියෙනවා.
    කාලිදාස ශාකුන්තලය කියා පොතක් ලිව්වා. ඒ වගේ මේ ‍බ්ලොග් එකට "මන්න පෝතලය" කියලා දාන්න.

    ReplyDelete
    Replies
    1. ජගත් ඔයාගෙ අම්මගෙ නම වඳුරු පේසිද?

      Delete
    2. මලිත්ට ගහනකොට ජගත්ට රිදෙනව!

      Delete
    3. මම දන්න තරමට විමල් කොල්ලෝ ගහන්නේ නෑ බං.. ටොයි කෑලී වලට තමයි ගහන්නේ..

      Delete
  6. චක්කරේ අයියාOctober 28, 2015 at 9:54 AM

    පාස්පෝට් 1 = දේශද්‍රෝහින් 1
    පාස්පෝට් 2 = දේශප්‍රේමින් 1

    ReplyDelete
  7. බලාගෙන ගියාම විමලයා මාර බඩ්ඩක් ... හොර උප්පැන්න , හොර අයිඩෙන්ටි, හොර පාස්පෝට්, ඕකා දේශපාලනේට නොගිහිං හොර කච්චේරියක් දාගත්ත නං අපිත් මෙලහකට පී.එච්.ඩී. ගහල හිටං...

    ReplyDelete
    Replies
    1. අපිට නම් ගොඩ යන්න තිබුනා.. ඒත් මූ ඉන්නේ ඌට ගැපෙන නියම තැන.. මහින්දත් ඌගේ පස්සේ නේ බං...

      Delete
    2. හොර කච්චේරියක් මොකටද හොර ආණ්ඩුවක්ම දාගත්තනෙ අවුරුදු 4 ක් තිස්සෙ

      Delete
  8. මතා, යකෝ උගේ නම (සමාවෙන්න ජාතිය බේරාගත් පින්වතා ) සුමනදාස අබේගුනවර්දන නැතුව සුමනදාස සමරසිංහ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සුමනදාස සමරසිංහ මචෝ අර බාගෙට පිස්සු ඇමරිකන් ගෑනිගේ තාත්තා.

      Delete
    2. ඔය ගෑනි මේක දැක්ක නම් හෙම මෙලහට මාතෙව බාබකිව් කරලා.

      Delete
    3. අනේ සමාවෙන්නෝන... ඕන් හැදුවා...

      Delete
  9. විමල් ගොයියා සූරයා.... :D

    ReplyDelete
  10. කට්ටියම ටැම්පරි ලයිෆ් ඉන්සුවරන්ස් එකක් දාගනිල්ලා ඔය චන්ද්‍රිකාව රටේ කොතැනට වැටුනත් එතන හිටියා කියලා ගානක් කපාගන්න පුළුවන් වෙන විදිහට

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ලයිෆ් ඉන්ෂූරන්ස් දෙන එක නවත්තලාලූ...

      Delete
  11. එහෙම කොහොමද චන්ද්‍රිකාව කඩා වට්ටවන්නේ? එව්වා සුම්මා.

    අද උදේ කිව්වේ හම්බන්තොටට කිලෝමීටර් 64 ක් දකුණෙන් මුහුදට වැටෙනවා කියලා. මේක ඇමරිකන් රොකට් එකක තෙල් ටැංකියක්ලු. අම්මපා මේක ඇමරිකන් කුමන්ත්‍රණයක්.

    ReplyDelete
    Replies
    1. යහපාලනේ හන්දා දැන් රූට් එක වෙනස් කරලා... නැත්නම් මැදමුලනටලු ඒම් කරලා තිබ්බේ...

      Delete
  12. අපෙ අම්මලගෙ ගම බෝතලේනෙ මාතලන්

    ReplyDelete
  13. වැටෙන්නෙ වට්ටක්ක ගෙඩියක් ද නැත්නං එළුවගෙ ලබ්බද කියලා දන්නෙ නැතුව ජෝකරයො හතරදෙනා මත්තලට ගිහිං බල ඉන්නවළු.

    ReplyDelete
  14. අම්මපා මාතේ........... ඔය පොඩි කොලුවා යවපු චන්ද්‍රිකාවට මක් වුණාද?????? ඒකවත් කඩාගෙන වැටෙනවාවත්ද????? දකුණු මුහුදට වැටෙන්නේ ඒකද?????? පිටසක්වල ජීවීන් ටිකක් ඒනවද දන්නෑ මේක යවපු ඒකා මොකාද කියලා බලන්න......

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං... රොකට් එකක් නෙමෙයි යවලා තියෙන්නේ, පත මිසයිලයක්.. තව ටික දව්සක් උන්නා නම් ප්ලූටෝවලට හාල් යවනවා

      Delete
  15. බොහම ඉක්මනට උඔ බුද්ධි අංශයට බදවා ගන්නවා..අයියන්ඩි..ඇයි බං මේ වගේ දේවල් කලින් දැනගන්න එකම මදෑ..
    ඊට කලින් බත් එකකුත් අරන් උඔ බලන්න 4 වෙනි තට්ටුවට එන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මැන්ඩෝ... එහේදි දෙනවලු කෑම.. අම්බානක... අර දුනේෂ් කොලුවා කියන්නේ කන්න දුන්න හැටි..

      Delete
    2. එහෙම කරන්නේ ලසන්තලා එක්නැලිගොඩ ලා වගේ යමක් හරියට ලියන මිනිස්සුන්ට. එක එක දවසට කුලිය ලැබෙන විදියට කුරුගාන මේවගේ රියදුදරු මහත්තුරු ගැන මොකටද බන් එච්චර වද වෙන්නේ. අරක්කු කාලයි රුපියල් 1000 දෙනවා නැති නම් මරදානෙන් ගොනක් ගස්සවනවා. පහුවදාට බල්ලා වගේ කියන දේ ලියනවා.

      Delete
  16. කාලයක් පිස්සන් කොටුවේ ඉඳල එලියට දාන පිස්සන්ට හැබෑ ලෝකේ දකිනකොට ආයි පිස්සු හැදෙනවා.. විමලයට වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. විමලයට නෙමෙයි උන්ගේ සෙට් එකටම පිස්සු තද වෙලා ඉන්නේ...

      Delete
    2. එහෙම කියන්න එපා උන්ට පිස්සු නෑ
      උන් පිස්සන්ට තමන්ගේ දේවල් මාකට් කරනවා.
      කොන්ස්පිරසි තියරි කියන්නෙ හොඳට අළවි කරන්න පුලුවන් භාණ්ඩයක්. ඇමරිකාවෙ වුනත් පිට සක්වල ජීවීන් ඉන්නවා, උන් එනවා , මිනිස්සු පරීක්ශනයට ගන්නවා, ගෑණු ගැබ්බර කරනවා, මිනිස් වෙස් ගෙන රජයේ උසස් ස්ථානවල ඉන්නවා ලෝකෙ අල්ලගන්න ආදී නට් තියරීස් අදහන පිස්සො ඉන්නවා උන්ව අවුස්සන මාකට් කරන වෙනම කට්ටියකුත් ඉන්නවා.
      ලංකාවෙ දූපත් ලිං මැඩි xenophobia කට්ටියට පිටසක්වල ඒවවගේ නෙමෙයි බටහිර කුමණ්ත්‍රන මාකට් කරන එක ලේසියි . බලය හා සල්ලි අතින් ඉතා ලාභදායී හොඳ රිටර්න් එකක් ලැබෙන භාණ්ඩයක්

      වීරවංසලා ලිංමැඩි xenophobia විකුණන් කන හොඳ වෙලෙන්දෝ

      Delete
  17. මල් හතයි. ඕක ගාල්ල මුහුදට වැටෙනවා කියල තිබුණ , විමලේට හොද ටොපික් එකක්.

    ReplyDelete
    Replies
    1. ඕක විමලේ ඉන්න කිට්ටුවකට වැටුනොත් මල් හතයි... පට්ට කතා ටිකක් අහ ගන්න පුළුවන්..

      Delete
  18. වැටෙන මගුලක් අඩු ගණනෙ මත්තලටවත් වැටුනනම් ප්ලේන් නැතිවුනාට චන්ද්‍රිකා වුනත් බස්සන එයාපෝර්ට් එකක් අපි හැදුවා වී දාන්නෙ ඊරිසියාවට ඒවා වලක්වන්න කියල රිලා ප්ලෑටූන් එක ලව්ව කියවල විරෝදතාවකුත් කරවන්න තිබුනා

    ReplyDelete
  19. මම කල්පනා කෙරුවේ අපේ සිංහලයන්ට වඩා දෙමෙල්ලු කොයි තරම් හොඳද? ජයලලිතා රිමාන්ඩ් එකට දැම්මා කියලා දෙමළු සියදිවි නසා ගත්ත ඒ වුනාට අපේ උන් වීරවංශ නොකියන දේවලුත් කියනවා කියලා හිතාගෙන එතුමාට අපහාස කරනවා. එක අතකට කන්‍යා ධර්මපාල තුමාටත් ඕකම වුනානේ!!!!

    ReplyDelete
    Replies
    1. එතුමා..... අනේ ගොනෝ... මූ එතුමෙක්ද... ගොන් රජෙක්.. තොපි වගේ ගොන්නුන්ගේ..

      Delete
    2. අනෙ සොරි මචෝ..

      උඹ් කියපු දේ සහතික ඇත්ත. එතුමා සම කරන්න පුළුවන් හොඳම උදාගරණේ උඹ අරගෙන තියෙන්නේ. එකම වෙනස ජුන්ඩා ඉතරයි.

      එතුමට මක්කා මක්කා හරි උනොත් හෙම උඹ ගිනි තියා ගනින්. පැස්ටෝල් මගේ ගානේ.. ලයිටරෙත් තව කවුරු හරි දේවී..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න