අපි නිකමට හිතමු මෙහෙම.
චතුර අල්විස්ට කවුරු හෝ අම්බානක නෙලලා,
ගෙවල් ගාව ගෙනත් දාලා යනවා.
(වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්... අම්මට සිරි ලංකාව නිසා..., වීමේ සම්බාවිතාව ඉතා ඉහළයි.)
චතුර අල්විස් ජීවිත ආරක්ෂාව පතා ඔට්ටේලියා යනවා.
මේ ආන්ඩුව පෙරලෙනවා (හරි හරි දැන්ම නෙමෙයි.. කවදා හරි වෙනවනේ..)
චතුර ලංකාවට ආයේ එනවා
ඇවිල්ලා "අද ද රෙන" කරනවා
CID එක හොයා ගන්නවා, චතුර අල්විස්ට ගැහුවේ බුද්ධි අංශය කියලා..
බුද්ධි අංශයේ සෙට් එකම අත් අඩංගුවට ගන්නවා
ඕන්න චතුර අලවිස් පත්තර එහාට මෙහේට විසි කර කර, "දිවයින" පත්තරේ අතට අරගෙන හෙඩිම කියවනවා
"චතුර අල්විස්ට පහර දුන් බුද්ධි අංශ සාමාජිකයින් අත් අඩංගුවේ"
චතුර අල්විස් එයාකේ කොමෙන්ට් එක කියවනවා..
දැන් මෙහෙම බුද්ධි අංශ සමාජිකයින් අත් අඩංගුවට ගත්තම හරියනවද?
ඒ අය කොයි තරම් සේවයක් රටට කරපු අයද?
මේ ආන්ඩුව කරන්නේ බටහිර ටරවල න්‍යායා ප්තතරවල තියෙන දේ නේද?
චතුර අල්විස්ලා ඒ කාලේ කරපු දේ හරිද?
මේවා ජනතාව අනුමත කරයිද?
එතරම් විශිෂ්ඨ ලෙස සේවයක් ඉටු කළ අයට අද සලකන්නේ මෙහෙමද?
මෙහෙම කළාම බුද්ධි අංශ නිළධාරින් අධෛර්යමත් වෙනවා නේද?
මේ හදන්නේ බුද්ධි අංශය වසා දමන්න නේද?
(මෙය සෙනසුරාදා හා ඉරිදා දිනෙක සංඛ අමරජිත්ට වුවද අදාල විය හැක.. )
එහෙම කියන්න එපා හරිය චතුර හරිම අබීත මාජ්ජවීදියෙක්ය . ඒ කාලේ මහරජ කනිටු පුත් රොකට් රෝහිත රාජපස්සව අබීතව ඉන්ටවිව් කරන රඟ බවල ,
ReplyDeleteබලව රාජපක්ෂට බිය නොවූ චතුර
මහරජ.. ඒ චතුරත් මේ චතුරත් ඇර වෙනත් චතුරලා සිටීද...?
Deleteහෙහ්, හෙහ් ඔව්, වොව් ඒක නං හරිම අප්සට් " එන්වාර-මැන්ටල්" එකක් තමා. උදේ පාන්දර හොඳට ලේ පිරිසිදු වුනා.
Deleteස්තූතියි ලව්පූස්. ආ න් රොකට් රෝහිතටත්. චතුරටත් ස්තූතියි "විනෝද සමය" වැඩ සටහන ආයෙ පටන් ගත්තට.
සෑහෙන කම්ප්ලිකේටඩ් ප්‍රශ්නයක්.....
Deletehttps://www.youtube.com/watch?v=S3Nsva9MwD8
ReplyDeleteහිනා වෙලා මැරෙනවා බං
Delete
ReplyDeleteඇත්තටම මේ පහරදීම පිටිපස්සේ ඉන්න මිනිස්සු නෙමෙයි අහුවෙන්නේ!
එහෙම අහුවෙනවා නම් කොච්චර දෙයක්ද අප්පා...
Deleteඅපි නිකමට හිතමු මෙහෙම.
ReplyDeleteමාතලන්ට කවුරු හෝ අම්බානක නෙලලා,
ගෙවල් ගාව ගෙනත් දාලා යනවා.
(වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්... අම්මට සිරි ලංකාව නිසා..., වීමේ සම්බාවිතාව ඉතා ඉහළයි.) මාතලනුත් ජීවිත ආරක්ෂාව පතා ඔට්ටේලියා යනවා.
ඇත්තටම එහෙම වෙන්න බැරිද එකට නේද මේ ට්‍රයි කරන්නේ
පරණ බ්ලොග් පෝස්ට් කියවන්න... විශේෂයෙන් මහින්ද මහත්තයගේ කාළේ ඒවා...
Deleteගහල ගෙනත් දාන එක කෙසේ වෙතත් , අම්බානක ගහපුවාම ගෙදෙට්ටම ගෙනත් දානව. නැද්ද ඉවාන් පවුලිස් ?
Deleteකොයි චතුරගෙත් පඩේ විතරයි..
ReplyDeleteසද්දෙයි ගඳයි දෙකම සමඟ...
Delete:)
ReplyDeleteහුකා 😵 මාතෙ..!.. ඇත්තටම ඌට නෙලලද? පල වැල කඩා ගෙනද? අම්මටහුඩු.. තව ටිකකින් සිග්නල් නැතිවෙනව. ගෙදර ගිහින් නිවුස් බලලම කොමෙන්ට් කරන්නම්. ..
ReplyDeleteබායි 🤘🏽
එහෙම එකක් වෙලා නෑ... හැබයො නොවෙන්නත් බැරි නෑ... ඒත් සමයංට නම් දීලා නිවන් යන්නම...
Deleteඔය කොමන්ට් එක ඇතුලට එමොජියක් දැම්මෙ කොහොමද?
Deleteෆෝන් එකෙන් නේ බන් ටයිප් කරන්නෙ.. ඒකයි..
Deleteපට්ටම කතාව....ඕක නිකන් කෙටි කතාවක් වගේ ලිව්වනම් වසරේ හොදම කෙටි කතාව වෙන්න තිබ්බ...ඕ යෑස්....
ReplyDeleteමීට වඩා කෙටිය්ට කොහොම ලියන්නෙයි බං.... :)
Deleteඅම්මටහුඩු.. මාතෙ. හුටා පටා.. "සමයං" මූ පාතාලේද එහෙම නැතිනං.. එක්කො ඕන නැහැ. පව් නේ බන් මරුන මිනිහට අපහාස කරන එක.
ReplyDeleteමේ දැන්නම් පාතාලේ ඇවිල්ල නන්දිකඩාල් ගැහුවා වගේ 10ක් 15ක් ඇවිල්ල හමුදා ඇඳුම් වගේ එව්වත් ඇඳගෙන අවිල්ලලු ගේම දීල තියෙන්නේ.
එතකොට බං මේකයි චතුර අල්විස් එක්කයි දෙරණයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද මාතලන් තුමෝ..??
කීත් නෝයර් කේස් එක මහින්දගේ කාළේ එකක්.. ඒකට ඉන්ටෙලිජන්ස් සෙට් එකක් මාට්ටු වෙලා.. ඒකට චතුර දුන්න ටෝකම තමයි මම ඔය ලියලා තියෙන්නේ.. ඌට ඔය දේ උනත් ඌ ඔය කතාවම එපැයි කියන්න..
Deleteපාතාලේ කේස් එක වෙනම කේස් එකක්. 20 ඇවිල්ලා වෙඩි තියලා ගිහිල්ලේ උන්ගේ එකෙක්වත් නොමැරි.. අනික කලිනුත් ඔය විදියටම උසාවියෙත් ඌව මරන්න ගිහිල්ලා...
පොද්දල ජයන්තට ගැහුවෙත් ඔය කට්ටියමද? ඕකට ෆොන්සේකා මහතාගේ සම්බන්ධයක් නැත්ද?
ReplyDeleteවැටත් නියරත් ගොයං කා නම්...?
Deleteසිරිසේන මහත්තයා ළඟ ඉන්නේ ඔක්කෝම හොඳ මිනිස්සු.. මහින්ද මහත්තයා ළඟ තමයි හොරු, ගේම් කාරයෝ ඔක්කෝම ඉන්නේ..
Deleteටි වී එකක් නැති අඩුව
ReplyDeleteනැති තරමට හොඳයි...
Deleteකීත් නොයාර් පැහැර ගැනීමේ කල්ලියේ සැබෑ නායකයා හෙළි දරව් වෙනකල් බලා ඉන්නේ. ආංඩුවට ඇවිත් ඇමතිකම් අරං ෂේප් වෙන්න බැරි වෙනවනං ඔන්න යහපාලනේ.
ReplyDeleteහොර ගෙඩියා... ෂේප් එකේ නායකයා කියලා මහින්ද මහත්තයට දාන්න නේ යන්නේ... අපි නම් දන්න නායකයා එයා තමයි..
Deleteහා හා කට...
Delete///අපි නම් දන්න නායකයා එයා තමයි..///
Deleteබැඳුම්කරෙත් මහින්දගේ වෙච්ච කොට මේක එයාගේ නොවී කොහොමද...
බැඳුම්කරේ නම් ගොඩක් අයට නොතේරුනාට අපි නම් එදා ඉඳලා කිව්වා ඕක හොර කමක් නෙවේය, තිබුන සිස්ටම එකටම ගිය මගෝඩියක් පමණය කියලා. එදා නාලක ගොඩහේවලා, දිලිත් ජයවීරලා, කබ්‍රාල්ලා කළ දේ මේ සැරේ අර්ජුනලා කළා එච්චරයි...
DeleteFirst they came for the Socialists, and I did not speak out—
ReplyDeleteBecause I was not a Socialist.
Then they came for the Trade Unionists, and I did not speak out—
Because I was not a Trade Unionist.
Then they came for the Jews, and I did not speak out—
Because I was not a Jew.
Then they came for me—and there was no one left to speak for me.
Martin Niemöller
චතුරලට වෙන්නෙත් ඔය ටිකම තමයි.
Exactly
Deleteමම මේ මටම මඩු වලිගේකින් ගහ ගන්න ගමන්.. - මීට චතුර අල්විස්.. :)
ReplyDeleteඕකගේ කනේ ඉයර්පෝන් එකක් ගහලා, ඒකෙන් කියන ඒවා තමයි මූ කියන්නේ...
DeleteTV නොබලන මම වගේ එවුන්ට ගොඩක් ජෝක්ස් මිස් වෙනව වගේ.
ReplyDeleteඋඹ තාම ඉන්නවැයි....
Deleteඉන්නව, ඉන්නව උඹ ෆෝන් එක ආන්සර් නොකලට මම උපන්දිනේ දවසෙත් කතාකරන්න ට්‍රයි කොලා
Deleteවැඩ වෙලාවට ආන්සර් කරන්න බෑ... පස්සෙ බලන්න අමතක වෙනවා මචෝ...
Delete