.

.

Feb 2, 2017

සුද්දා අපෙන් නිදහස් වීම සමරමු...!!!




නිදහස් චතුරස්සරේ ගාව උදේට රජවරු බිසෝවරු වැහි වහැලා. එකසිය ගානට පොටෝ ෂූට්. ඒ අස්සේ නිකන් අමුතු ජාතියේ කපල් එකක් එකක් එනවා ආර්කේඩ් එක පැත්තෙන් අත් අල්ලගෙන. ගෑණු කෙනා නම් උඩරට විදියට ඇඳලා. ඒත් මනමාලයා පුල් සූට් ගහලා බ්‍රෙස්ට් කෝට් එකකුත් ඇඳලා ආප්පයක් ගැරැප්පුවේ ගහගෙන රවුම් කන්නාඩි දෙකක් දාලා. 

ඇක්ස්කූස්මී සෑර් පොටෝ ෂූට් එකක්ද?

ෂූට් කියපු වචනේ අහපු ගමන් මෑන් බය උනා. "නෝ මෙන් වී ආ හැවින් ඒ මීටින්" කියපු ගමන්, සික්කට තේරුනා සීන් එක.

ආ මීටින් සෑර්.... හියර් නෝ මීටින්... අදර්සයිඩ් මීටීන්... කියලා සික්කා ඩී ඇස් ප්‍රතිමාව පැත්ත පෙන්නුවා. 

සෑර් කව්ද සෑර්.... කියලා බොහෝම බය පක්ෂපාතව සික්කා ඇහුවාම.. 

මම තමයි අයිසේ සොලම්න් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරණායක කියලා අර මහත්තයා පපුව ඉස්සරහට දාලා කිව්වා. 

අම්මට හුඩු මූත් සුද්දෙක්නේ යකෝ කියලා තමාටම කියා ගත්තු සික්කා, 

සෑර් මේ අපේ නිද්හස වෙනුවෙන් පයිට් කරලා තියෙන්නෙ ඔක්කොම සුද්දෝ නේ සෑර්... උදේම ආවා සර් ජෝන් කියලා සුද්දෙක්. පිජාමා සරමක් හෙම ගහලා, ඒක එක අතකින් උස්සගෙන. ඒ යකාට සෑර් කිව්වේ නැතෙයි කියලා මට අම්බානක කෙලලා ගියේ.. 

ආ... එයැයිගෙ හැටි එහෙම තමයි. ඕන එකෙක්ට කෙලිනවා... ගනන් ගන්න එපා අයිසේ... තව කව්ද ආවේ...?

තව ආවා සෑර්.... හාමුදුරු කෙනෙක් .. 

හාමුදුරු කෙන්ක් කිව්වම, ආයෙත් දෙන්නම බය උනා. 

මොකාද බුද්ධරක්කිතයද...? 

බුද්ධා රකි එකෙක්ද..., ධම්මා රකි එකෙක්ද මන්දා..., උන්නාන්සෙත් සුද්දෙක් සෑර්... දොන් ඩේවිඩ් කියලා. 

ආ මේ අපේ අනගාරික නේ. ඔය යකා එකසිය ගානට පිස්සු කෙලින කොට, මමයි ඩී එසුයි තම්යි ඕකට ගේම දුන්නේ.., ඒ පාර තමයි මහණ උනේ. 

ඒවා නම් මම දන්නේ නෑ සෑර්... ඥානසාර හාමුදුරුවෝ කොච්චර හොඳද කියලා හිතුනා උන්දැ මට කතා කොරපු විදියට... 

තව ආවා සෑර් ඩොන් ඉස්ටීවන් කියලා සුද්දෙක්... ටෙල් කෝට් එකක් එහෙම ගහලා... උහ තොප්පියක් එහෙම දාලා... එයත් එක්ක ෆ්‍රෙඩ්‍රික් රිචර්ඩ් කියලා එයාගේ මල්ලියි, ඩඩ්ලි කියලා සුදු මහත්තයෙකුයි. 

ඉතින් සෑර්..., මම දන්න විදියට සෑර් රෙදි බැනියන් නේද අඳින්නේ... 

ආ... ඒ මම හරක් ගාල බලන්න එනකොට නේ.. නත්නම් ඉතින් ගෙදරට ඇඳලා ඉන්නෙ මෙහෙම.. 

ආප්ප කන්නෙත් ගරැප්පුවෙන්ද සෑර්.. 

ඔව් ඔව් අයිෂේ.. අපි අපේ දේ අගය කරන්න එපාය නේ.. 

ඒක ඇත්ත සෑර්.., ඒ උනාට අත් අල්ලගෙන නම් යන්න දෙන්න බෑ.. 

එහෙම කොහොම්ද අයිෂේ අත නැතිව... අපි දෙන්නටම මක්කත් කොරන්න බෑ.. 

ඒ උනාට සෑර්..., අත අල්ලගෙන ගියාම මෙතන එන කොල්ලො කෙල්ලෝත් ඕක පටන් ගන්නවා. අන්තිමට හනිමූන් එකත් මෙතන කරන්න සෙට් වෙන්නේ. ඒ නිසා එතනට යනකන් වත් අත අතඇරලා යන්න සෑර් පින් සිද්ද වෙයි.. 

සික්කා එහෙම කිව්වට දෙන්නා අත් අල්ලගෙනම ඩී එස් පිළිමේ පැත්තට යන්න ගියා. ගැරැප්පුවෙන් ආප්පෙත් කකා. 

ඒ දෙන්නා ගිහින් ටික වෙලාවකින් ගයිඩ් කෙනෙක් එනවා සුද්දෙක් එක්ක. ගයිඩා කොන්ඩෙ ක්‍රේල් නිකන් අයියා කෙනෙක් වගේ. සුද්දා හයේ හතරේ මෑන්. නැෂනල් එකක් ගහලා නලල ඔළුවේ පිටිස්සටම යනකන් වගේ තියෙනවා.  ළඟට ආවම ගයිඩා ටිකක් දැකලා පුරුදුයි වගේ නිසා, සික්කා ගයිඩගෙන් ඇහුවා, තමුසෙ මම කොහේදි හරි දැකලා තියෙනවා ඒත් හරියටම නිච්චියක් නැතෙයිය කියලා. 

තමුසේ... තමුසේ... අඩෝ උක්තෝ තෝ දන්නවද උක්තෝ මම කව්ද කියලා... මම තමයි ගෝනවල් සුනිල්.. 

අම්මට හුඩු ලොක්කා උඹත් ජාතික වීරයෙක්ද.. 

ඒවා වැඩක් නෑ ඩෝ.... කොහෙද මීටම තියෙන්නේ....? කියලා සික්කගෙ යුනිෆෝම් එකේ කොලර් එකේ කිළුටු තියෙනවද කියලා බලන්න හදන කොටම, සුද්දා සිගන්ල් එකක් දුන්නා අරූට පැත්තකට වෙන්නේ කියලා.. 

මේ තරුණයා අපි දැණුවත් කොරන්න ඕන.. මේ තරුණයා දැන ගන්න.. මම තමයි ජූනීයස් රිචඩ්.. මට පුළුවන් ඔහේව ඕනා නම් ගෑණියෙක් කොරන්න.. 

අම්මට හුඩු තවත් සුද්දෙක්.. අනේ සෑර් අහලා තිබුනට දැක්කේ අදයි.. මොකක්ද සෑර් දැන් ඔය ඔතන වෙන්නේ.. 

තරුණයා දැන ගත යුතුයි.. එතන ජාතික වීරයන්ගේ සාකඡ්චාක් පවත්වනව කියලා..

එහෙම කියපු ඒ සුද්දත් අර අයියත් එක්ක ඒ පැත්තටම යන්න ගියා. සික්කා දැක්කේ නැති උනාට සුද්දොම විතරක් නෙමෙයි. තලප්පාවල් බැඳපු දෙමෙල්ලුයි, තුර්කි තොප්පි දපූ තම්බිත් ඇවිත් උන්නා. ඒ අස්සේ ටයි කෝට් ඇඳන් මිටියක් ගත්ත එකෙකුත් උන්නා. ඩොන් බාරොන් කියලා සුද්දෙක්, සපත්තුවක් ගලවගෙන මොකක්ද පිස්සුවක් නටනවා.

මේ ඔකොම එකතුවෙලා , සෝල්බරි සාමී, ලෝඩ් ඩොනමෝර් කියන සුද්දෝ දෙන්න වටකරගෙන අඬනවා. අඬන්නෙයි කියන්නෙයි ඉන්ගිරිසියෙන්.. 

ඩොන් ස්ටීවන් කියන සුද්දා අඬනවා... අපි කිව්වනේ සාමි අපිට ඕන නිදහසක් නෑතෙයිය, අපිව දාලා යන්න එපාය කියලා. ඇහුවේ නෑ නේ සාමි. අපි කිව්වනේ සාමි සාමිලා ගියාම අපි අනාතයි කියලා ඇහුවේ නෑ නේ සාමී කියලා.. 

ඒ අස්සේ ආරුමුගම් අරුණාචලම් අඬනවා..., යේක අප්පිට පනාට පනාත් නේ (50-50) තුනෙන් එකත් නේ සාමී.... කියන කොටම සෝල්බරි සාමි කියපි, දැන් තුනම නෑ නේද කියලා... කට ඩොන් ඩේවිඩි හේවාවිතාරණට මැරෙන්න හිනා. අනික් ලෝකල් සුද්දෝ ටිකත් හොරෙන් හිනා උනා. සිරාමාවෝ නම් සාරි පොටෙන් කට වහ ගත්තා... 

ඒ අස්සේ තුවාන් බදුර්දීන් අඬනවා..., අයියා පලන්න සාමි.... යේක අපිලට නේනසාර තමා කානවා... යේක යප්පිලා මෙරනවා... යෙපි එනාතයි සාමි... කියලා.. ඒකට නම් සාමි කිව්වේ, අපිට ඒකට කරන්න දෙයක් නෑ දැන් අපිත් අහුවෙන තැන උඹලට නෙලනවා... අල්ලට කියලා බලහන් කියලා.

ඊට පස්සේ එක එකාගේ අඳෝනාවල් ටික අහවර උනාම සෝල්බරි සාමිගේ ඉස්පීච් එක. 

අර තමුසෙලගේ උනුත් විරුද්ධ වෙද්දි, කන්නන්ගර ඔක්කෝටම අජ්ජාපනේ දෙන්න ගියා... වැද්දන්ට මොන අජ්ජාපනේද... වැද්දන්ට අජ්ජාපනේ දෙන්න කලින් උන්ව මිනිස්සු කරන්න ඕන.... නැත්නම් අජ්ජාපනේ බල්ලට යනවා. කිසිම දෙයක් ෆ්‍රී දෙන්න නරකයි... ඒකේ ගයක් නැති වෙනවා.  පස්සෙ ඔක්කෝම නොමිළේ ඉල්ලනවා..  කාළකන්නි වෙනවා.. 

අපි තමුසෙලට කිව්වා ඔය ඡන්ද බලේ හැම එකාටම දෙන එකත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා. මොකෝ මී හරක්ට ඕවා දුන්නම් උන් පිස්සු කෙලිනවා කියලා අපි ඒ කාළෙම දැන් ගත්තා. 

තොපි මහා කම්මැලි ජාතියක්. වෙනස් වෙන්න කැමතිම නෑ. කැළේම ඉන්න තමයි කැමති. ඒකනේ වතුවල වැඩ කරන්න ඉන්දියාවෙන් ගෙනාවේ. අපි දීලා ගිය ටිකවත් තොපිට රැක ගන්න බැරි උනා. 

තේ ඉවරයි. පොල් ගිනි ගනන්. රබර් ඇදෙන්නේ නෑ. 72 ජනරජ ව්‍යවස්ථාවක් ගෙනත් ඉල්ලගෙනම කෑවා. කොල්වින් කියලා බූරුවෙක් තොපි නැත්තටම නති කළා. ආගමත් කොන්ස්ටිටියුසොන් එකේ එල්ල ගත්තා. දැන් උන් කියන විදියට නටන්න ඕන. නැත්නම් අඩු ගානේ උඹලා ගැන පොඩ්ඩක් හරි බලන්න තිබ්බා. 

තොපි වෙනස් කරන්න හරි අමාරුයි. අපිටත් උඹලා ගැන දුකයි. ඒත් කොරන්න දෙයක් නෑ. 

හැබයි අපිට එක සංතෝසෙකුත් තියෙනවා. 

ඒ තමයි..., තොපි වගේ කාළකන්නි ජාතියකින් අපි නිදහස් වීම... කියපු ඩොනමෝර් සාමි සිරිමාවෝ එක්ක බෝල් රූම් ඩාන්ස් එකකට සෙට් උනා. 

බන්ඩාරනායක මහත්තයා අප්පුඩි ගහුවා. 

සර් ජෝන් සරම කරට අරගෙන සෝල්බරි සාමිගේ නෝනට ඇහැක් ගැහුවා.

ඩී එස් අස්සයෙක් අල්ලන්න තිංලගගේ බුකියක් හොයාගෙන ගියා.

ලව්ස්පීකරෙන් සිරිසේන එයාගේ නිදහස් බයිලා කියනවා ආකෙඩ් එක පැත්තෙ ලව්ස්කීපරේකින් ඇහුනා..

රණවිරුවෝ පැරෂුට් වලින් පැන්නා..

ඒක බලන්න ඔක්කෝම කට ඇරගෙන උඩ බැලුවා..

ඒ වෙලාවම එතනින් නිදහසේ පියඹාගෙන ගිය, කොහෙන්දෝ ඇවිත් කොළඹ ලැයිට් කණු ආක්‍රමණය කරගෙන ඉන්න අර පත ෆෙලිකන් සෙට් එකක්, උන්ගේ කක්කා බර, අර ජාතික වීරයන්ගේ කටට නිදහස් කලා..

60 comments:

  1. Replies
    1. වීරවංශ කල්ලියේ කිසිවකු හෝ විසින් ලංකා සිතුවිලි අපහරණයට ලක් කොට ඇත..

      මගේ පෝස්ට් එකට වඩා මිනිස්සු හිනා වෙයි උඹේ කොමෙන්ට් එක කියවලා..

      Delete
    2. මාතේ,

      සුද්ද අපට ආදරේ නිසා නෙමෙයි නිදහස දුන්නේ, ඔවුන්ට ඉන්දියාවේ බලය ගිලිහෙන බව දැනගත්තහම ඔවුන් දැනගත්ත ඉදිරියේ අපි වගේ රටවල් මානසික වහලුන් කරලා ඔවුන්ට වැඩියෙන් ලාබ ලබන්න පුළුවන් කියල.

      අද හුග දෙනෙකුට නොතේරෙන්නේ බටහිර ති මාසික කම නිසා අපි කලකදී පෙලබුනා සියල්ල එංගලන්තයෙන් ගෙන්වන්න මේ නිසා එංගලන්තය දියුණු උනා, උදාහරණයක් ගත්තොත් ඉන්දියාවේ රෙදී විවීම තහනම් කරා එංගලන්තයෙන් රෙදි ආනයනය කිරීමට ඔවුන් නියමකලා මෙවැනි දෙවල් නිසා ඔවුන්ගේ ප්‍රාග්ධනය දියුණු උනා.

      නමුත් දැන් සිදුවෙන්නේ එම එකතුවුන ප්‍රාග්ධනය ඇති පුද්ගලික මිනිසුන් විසින් එංගලන්තේ ඇමරිකාවේ වැනි රටවල ප්‍රාග්ධනය දිලිදු රටවල ආයෝජනය කරලා වැඩි ප්‍රතිලාබයක් ගැනීමයි දැන් සිදුවෙන්නේ ඒ රටවල බහුතරයකගේ ධනය කීපදෙනෙකු අතේ එකතුවීමයි.

      මෙය දිගින් දිකටම සිදුවීමෙන් ඇමරිකාව එංගලන්තය වැනි රටවල මද්යම පන්තික මිනිසුන් දිලිදු වෙනවා ධනවතුන් ඉන්දියාව වනිරටවල අඩු ශ්‍රමයෙන් නිපදවන දේ තම රටවල අලවි කරනවා නමුත් මෙය දිගුකාලීනව විවුර්ත වෙළදාම එම රටවලට අහිතකර බව දැනගත්තහම එංගලන්තේ බ්රෙක්සිට් සහ ඇමරිකාවේ ට්‍රම්ප් පත්වීමෙන් පෙනෙන්නේ දැන් එම ආර්ථික කෙමෙන් සන්වුර්ත වෙන හැටියි, උබ කියන වෙනස්වීම මෙරටවල පවා ප්‍රතික්ෂේප වෙමින් තියනවා.

      රටක් විදියට සොයන්පොශිත වීමේ වැදගත්කම ඉදිරියේ දී උබට බලාගන්න පුළුවන්, සිරිමාගේ කාලේ මරි මෝඩ විදියට කලත් ඉන්දියාවේ ඔවුෂධ වියාපාරය දියුණු උනේ ආරක්ෂණ විදික්රම වලිනුයි.

      හැබැයි සුද්ධ ගැන කිව්වහම අපේ සිංහල මිනිසුන්ට වැඩිම අයිතිවාසිකම් ලැබුනේ බටහිර ආක්‍රමණ නිසයි, මොකද මේ රටේ රජවරු අතර සාමාන්‍ය මිනිසුන් ඉඳල තියෙන්නේ වහලුන් විදියටයි නමුත් සුද්දගේ හොදකමට මේව ලැබුන නෙමෙයි යුරෝපයේ පුනරුදයත් රාජ්ජත්වයේ පාලනය ප්‍රජාත්න්ට්‍රවාදයට යොමුවීමත් නිසා යුරෝපයේ ඇතිවූ තත්වය අපට ඉබේම ආදේශවිමයි සිදුවී ඇත්තේ.

      මම නම් කියන්නේ ලෝකයේ සිදුවෙන දේ ගැන හොදින් බැලුවහම පෙනෙන්නේ විශාල සමාගම් විසින් ලෝකය පාලනය කරන විදියකුයි මෙය තේරුම් ගනන බැරි අය ආණ්ඩු මත සහ ජනතාව මත වරද පටවමින් කරන විකාරයකුයි තියන්නේ.

      ඔබම හිතන්න ජනතාව හොදයි කියල හිතෙන මිනිහෙකු පර්ලිමෙන්තුවට යවනවා, බලවත් සමාගම් මේ යන අයට විශාල මුදල් දීල තමන්ගේ වැඩ කරගන්නවා ඉංග්‍රීසියෙන් මේකට කියන නම්බු කාර වචනය (Lobbying (also Persuasion) is the act of attempting to influence the actions, policies, or decisions of officials in his or hers daily life, most often legislators or members of regulatory agencies. ... Governments often define and regulate organized group lobbying that has become influential.)

      මෙවැනි තත්වයක් වලකන්න පුළුවන් එක ක්‍රමයක් මම කියන්නම් එනම් ජනතාව මේ වැනි දේ වලට යටවෙන වෙන මිනිසුන්ව පණපිටින් අල්ලා දරුණු ලෙස මරා දැමීමයි.
      මෙය මෑත යුගයේ සිදුවුනේ https://www.youtube.com/watch?v=hn9wujK0ho4

      ඉහත තියෙන්නේ බොලිවියාවේ වතුර විකිණීම නිසා සිදුවූ දෙයයි එනම් මෙරටට ලෝක බැංකු ආධාර ගැනීමට වතුර විකිණිය යුතු බව යෝජනා කළා සිදුවුනේ කරාම වලට මීටර් සවිකර වතුර විකිණීමයි, ජනතාවට මෙහි මිල දරන්න බැරිඋනා, ජනතාව කැරලි ගැසුවා, මෙය මර්දනය කිරීමට ආපු හමුදා ප්‍රධානියාව මිනිසුන් විසින් අල්ලලා පෙතිගසා මරාදැම්ම , මේවිදිය ලොම් කෙලින් වෙන වැඩ වලින් තමයි පාලකයන් බය වෙනේ ඉන්පසු කාලයක් යනතුරු පාලකයන් විනයක් අතුව කරයි.

      හැබැයි මතක තියාගන්න ඕනේ මෙහෙම වෙනසකින් පස්සේ බලයට එන මිනිසාත් ඔහොම කෙනෙක් නොවීමට කියන්නේ විසාල සම්බවිතාවක් සහ සුදුවක්

      Delete
    3. මාතේ උබ වගේ හිතනවානම් ඇමරිකාවේ මෙලහකට ඉන්නේ ප්‍රථම ජනාධිපතිනිය හිලරි තුමියයි. උබට ඇමරිකාවෙන් පාඩම් ඉගනහ්ගනිමට කාලය හරි.

      Delete
    4. හා මචං... තව ටික කාළයක් බලාගෙන ඉමුකෝ... ඇමරිකාව දිහා

      Delete
  2. ඇත්තටම සුද්දා අපෙන් නිදහස් වුනා .
    පට්ට !

    ReplyDelete
  3. // රබර් ඇදෙන්නේ නෑ. ///
    ඉතිං බලහං රනිල් ඇවිල්ලා නෑනේ.....රබර් අදිනව වෙන්නැති...!

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙකකින් ගොඩ දැමු රටක් නම් කොට ගම්මිරිස් ග්‍රෑම් 250 ක් දිනා ගන්න... :)

      Delete
    2. හෑ..ඈ යකෝ...දැන් ආංඩුවේ ඔක්කොම ලොකු තැන් දරන ඈයොන්ට දෑවුරුදු එක්ස්පීරියන්ස්ද තියෙන්නේ...සිරිසේන විරිඳු බයිලා කියනකන් අවුරුදු විස්සක්ම බල හිටීමේ එක්ස්පීරියන්ස් එකවත් රනිල් හාමුට නැද්ද සුද්දෝ..උඹනම් මාර ගොය්යෙක් බං...!

      Delete
    3. සම්පූර්ණයෙන්ම කාබාසිනියා කළ ආර්ථිකයක් මෙහෙමවත් ඇදගෙන යන එකම ළොකු දෙයක්.. තව අවුරුදු තුනක් ඉවසන්න.. ජේ ආර්ලා, ප්‍රේමදාසලා කරපු ටිකෙන් තමයි 2009 වෙනකන් ඇදගෙන ගියේ..

      Delete
    4. සංවුර්ත ආර්තිකය විවුර්ත කරපු එක ඔච්චර දෙයක්ද බන්? ඕනි ‍ගොනෙකුට කොරන්න පුලුවන්නෙ එ්ක....

      Delete
    5. ඒ උනාට එක ගොනෙක්වත් කළේ නෑ නේ... ඒ වගේම ගොන්නු ඒකට් අදටත් විරුද්දයි නේ...

      Delete
    6. කොහෙද බන් කලේ නැත්තේ... 1970 කලින් විව්ර්ත ආර්තිකයක් තමා තිබ්බෙ... 70-77 එක්ස්පෙරිමන්ට් එකක් විතරයි...

      Delete
    7. හා ඉතින්... ආර්ථික විජ්ජාග්නයෙක් කියලා පෙනුනා.. හරක් එක්ක සෙල්ලමට යන්න එපා කියලා අපේ ආච්චි කියලා තියෙනවා...

      Delete
  4. අපූරුයි. මාතලන් ඉස්ටැයිල් එක නියමටම තියෙනවා.

    මේක තමයි හොඳම
    /** ආ... ඒ මම හරක් ගාල බලන්න එනකොට නේ.. *//

    ReplyDelete
    Replies
    1. ඌ නෙමෙයි හැම එකාම එහෙම තමයි...

      Delete
  5. පෝස්ට් එක පට්ට. මාතෘකාව පට්ටම පට්ට. හැබැයි මාතලං ගුරුතුමා යහපාලනේ ආර්ථික ප්‍රතිපත්තිවලට මිනිස්සු බනින්නේ පට්ට යන්න.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කියන්නේ හරක් වෙන්න ඕන... මේ රට මෙහෙම තියෙන්නේ ඒ ආර්ථික ප්‍රතිපත්තිවලට පින්සිද්ධ වෙන්න.. 70-77 මතක තියෙන කෙනෙක්ගෙන් අහන්නකෝ ඊට කලින් තිබ්බ සිස්ටම එක... ඒක මාරයි...

      Delete
  6. සුද්දත් බේරුනා කෝම කෝම හරි නේ

    ReplyDelete
    Replies
    1. උන් හරි වාසනාවන්තයි.. අපේ උන්ගේ සරම ඔළුවෙන් ගලවනකන් මේ රට හදනවා බොරු...

      Delete
  7. mathe niyamayi
    ++++++++++++++++++++++++

    ReplyDelete
  8. අවසානයේදී සුද්දා අපගෙන් නිදහස් වී ගියේය

    ReplyDelete
    Replies
    1. උන් අර හොං කොං වෙනුවට මේක තෝරා ගත්තා නම්...

      Delete
    2. ඇයි බන් ඔච්චර දීන වෙන්නෙ... ස්වාධිනව නැගිටින්න.. තනියම හිතල දියුණු වෙන්න ක්රමයක් හිතා ගන්න උඹලට ඔච්චර බැරදි බන්? මෙලෝ රහක් නෑ බන් උඹ...

      Delete
    3. මට නම් තියෙනවා... ඒත් මේ රට කරවන උන්ට නෑ....

      Delete
    4. ඔවු ඔවු තියෙන බව ‍‍පේනවා දාන පෝස්ට් වලින්... උඹ දන්නෙම නැද්ද සුද්ද අපේ රට සම්පූර්ණයෙන් අත ඇරියේ 1972 විත්තිය... එත්කොට 1972 වෙනකන් සුද්ද අපේ රටින් නිදහස් උනේ නෑ නේ බන්...

      Delete
    5. පෝස්ට් එක නොකියා හිතේ තියෙන එරියස් කවර් කරන්න ගියාම ඔහොම වෙනවා... පෝස්ට් එක මුල ඉඳලා අගට... විවෘත මනසකින් කියවන්න.. මහින්ද ඔය වෙලාවටවත් පැත්තකින් තියන්න..

      Delete
    6. ඒ බයිලා වැඩක් නෑ.... සුද්දා ලන්කාව දාලා ගියේ උන් බංකොලොත් වෙච්ච නිසා... නැතුව අපිව එපා වෙලා නෙමේ.. හොදම වැඩ‍ේ කියන්නෙ 1948 අපෙන් නිදහස් උනත්.. කටුනායකයි, තිරිකුණාමලෙයි 1956 විතර වෙනකම්ම තියා ගත්ත එක... අනික සමසමාජ ලන්කාවට එන්න කලින් යූඇන්පී කියන සුද්දට ආවඩන පක්සයක් හදලා ඒකට පාලනය බාරකරන්න තරන් සුද්දට අපිව එපා වෙච්ච එක... උඹලට ඉතිහාසෙ අමතක උනාට හිතන්න එපා ඉතිහාසෙ නොදන්න උන් ලන්කාවෙ ඉන්නව කියල...

      Delete
    7. සූරුය මල් ව්‍යාපාරය හා සම සමාජ පක්ෂය පටන් ගත්තේ කව්ද්ද කියලා හොයා බලන්න..

      නොදන්න මගුල් කතා කරන්න ගින් පුක බිම ඇන ගන්න එපා සත්තරන්...

      Delete
  9. මේ ලගදි සිරිසේන කියනවා මහබැංකු වංචාව වගේ එකක් ගැන හරියට හොයලා බලලා රපෝර්තු කරන්න අවුරුදු දෙකකට වඩා යන්න පුලුවන් ලු..
    ඇත්තටම මේකෙන් අපිට යම්කිසි හැඩයක් ගන්නපුලුවන් අපේ පාලකයින් ගැන..ඔවුන් සැබැවින්ම අපි පත් කරන්නේ මක්කටයෙි..? ඒ ගොල්ලන් නිළධාරින් වගේ පරිපාලනය විතරක් කරන්න නෙමෙයි..නමුත් කරන්නේ මොකද්ද එදිනෙදා වැඩ විතරයි..නේ..

    රටේ යම්කිසි පරීක්ෂණ ක්‍රමවේදයක් බොහෝ කල් ගනී නම්..එය වෙනස් කිරිමට බැහැ කියල ජනාධිපතියම කියනෝ නම්..අපි ඉන්නේ කොහේද?.. මේක නිකං සුද්ද විසික් කරල ගිහිපු කොන්ඩම් එකක් වගේ..තාම හෝද හෝද ඒවම පාවිච්චි කරනවා..මිනිස්සු අලුත් විදියට හිතන්නෙත් නෑ..පාලකයෝ හිතන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. එක කාළයක් නම් තිබුනා අපේ විෂන් මිෂන් වලට වැඩ කරන්න පුළුවන්.. ඒත් ඒ කාළේ අපේ උන් පිස්සු කෙලියා.. දැන් අනුන්ගේ ඇජෙන්ඩා වලට වැඩ කරන්න වෙලා තියෙනවා.. ඒත් ඒකටවත් ග්‍රවුන්ඩ් එක හදා ගන්න බෑ.. එකෙක් හදන්න දඟළන කොට අනිකා ග්‍රවුන්ඩ් එකේ රෙනවා...

      Delete
  10. සුද්දා ගල විදලා අපේ එකාලව civilize කරලා නිදහස කළු සුද්දන්ට ප්‍රදානය කොට යන්න ගියත් තවම අපි හිතිං සුද්දෝය...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතනවා නම් අවුලක් නෑ... තාමත් ගෝත්‍රිකයෝ වගේ හිතන එකයි අවුල... සුද්දා වගේ ඇන්දට වැඩක් නෑ... වැඩත් සුද්දෝ වගේ වෙන්න ඕනා... :)

      Delete
    2. ඒක හරි. ඒකනේ අපි සුද්දා දීල ගිය වික්ටෝරියන් සංස්කෘතිය, අපේ කරගෙන සුද්දටවත් නැති කැක්කුමකින් ඒක පරිස්සං කරන්න හදන්නේ...

      Delete
  11. මේක දැක්කද?
    https://m.youtube.com/watch?v=N3a6SmrDayo

    ReplyDelete
    Replies
    1. ඒක හදලා තියෙන්නේ මගේ අයියද කොහෙද... පට්ටෙ හොඳම එක...

      Delete
  12. හෑ මාතෙ. හරිනම් නිදහස සමරන්ට ඕනි සුද්දො බං මේ මළ දානෙන් ගැලවුන වුන එක ගැන හිතල හිටං.

    නිදහස් දිනේටත් බාර් වහනකොට කොහෙද බං නිදහසක්..??

    😂😂😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං නිදහස කියලා සමරන්නේ... චීනෙනුයි, රුසියාවෙනුයි, බෙල්ජියමෙනුයි, ඊශ්‍රායලයෙනුයි ගෙනාපු යුද්ධෝපකරණ පෙන්නන එකද... තුඃ නෙද්දකින්... මෙහේ හදපු ඉඳිකට්ටක්කත් නෑ...

      Delete
    2. මෙහේ හදන්න මහින්ස වෙන වෙලේ දැනටම හොදට වැඩ කරන රෙපියුටේශන් එකක තියෙන තැනකින් අඩුවඩ ගන්න විතරනේ තියෙන්නේ.. නැත්තන් අපි ඉදිකටුව ඉදන් හදන කොට හතුරා අපිට ඇරල ගිහිල්ලත් තියෙයි...

      Delete
    3. To Maathe 👍🏽👍🏽👍🏽👍🏽

      Delete
  13. "මතකතියා ගනිල්ලා කවදා හරි සුද්‍දා මේ රට දාල යනවා..
    උන් යන්නේ උන්ගේ දරැවෝ වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ..
    ඊට පසසසේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ..

    උන් සිංහල භාෂාවට සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා..
    උන් උඔලගේ දරැවන්ට උගන්වාවි ජාති ආගම් භාෂා බේදයක් එපාය කියලා..
    දෙමලුන්. මරක්කලයන්. හම්බයන්.කොච්චියන් එකයි කියලා..
    උන් කියාවි මේ රට උන් ඔක්කෝටම අයිතියි කියලා..
    ඔෙහම කියලා උන් ඉංගිරිසියම රජ කරාවි..
    පන්සල් වටේ පල්ලි ෙකා්විල් හදාවි..
    උඔල උඔලෑ වෙනුවෙන් දියෙස්න කුමාරයල ඉපෙදනකන් බලා ඉන්නවා..
    උපදින්න ඉන්න දියෙස්නලා තිබිරිගෙයදීම මරා දමන්න මේ කලු සුද්දන්ට පුලුවන් වබ මතක තියා ගනිල්ලා..
    අපේ හාමුදුරැවන්ට උන් එදාට ඉනා බේතක් දෙනවා ..
    ඊට පස්සේ උඔලෑ කොල්ලෝ කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වෙවි.."
    අනගාරික ධර්මපාලතුමා
    මාතලන් වගේ සුද්දගෙ පස්ස ලෙවකන එවින් ගැන තම ධර්මපාලතුමා එදා සම්මා දිට්ඨියෙන් දැකල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගොබ්බ කොමෙන්ටුවක් දාන්ඩ පුළුවන් මෝඩ හරකෙකුටම තමයි. කදිමයි දාගත්ත නම. ජය වේවා මෝඩ හරකානෙනි.

      Delete
    2. ධර්මපාලතුමා වගේ ජාතිය වෙනුවෙන් සටන් කරපු කෙනෙක්ට ගරු කරන්න දන්නෙ නැති උඹල වගේ සුද්දගෙ ඩොලර් වලට කහින කාක්කන්ට ඉතින් තියෙන්නෙ හැමදාම සුද්දගෙ ගූ කකා ඉන්න එක තමා.

      Delete
    3. පෙර වාසනාවකට ධර්මපාල වගේ මළමූසලයෙකුට කෙලින්න බන්ඩාරනායක වගේ අවස්ථාවාදියෙක් උන්නා.. ඒක රටේ මිනිස්සුන්ගේ වාසනාවක්... මොනවා කළත් මේ රටේ මිනිස්සුන්ගේ පොඩි පිනක් තියෙනවා...

      Delete
    4. මාතලන් කියන එකා ජාතක වුනෙ එළදෙනකට දාවද?

      Delete
  14. අද වනවිට ඇත්තේ "බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහයේ" ආධිපත්‍යයක්. ඇමරිකා එක්සත් රාජ්‍යවලි ජනාධිපති වරනයේදී එරට ජනයා එම සුපිරි ව්‍යුහයට එරෙහිව කැරළි ගැසීමයි.

    ReplyDelete
    Replies
    1. මාර ෂක්මක් තියෙන පොරක්... එරෙහිව කැරළි ගැහුවා නෙමෙයි ලොක්කෝ... උන් රජ උනා.. එතනින් ඇමරිකාවත් අවසානයි...

      Delete
  15. මේ තරම් උපහාසාත්මක හා හාස්‍යජනක , ඒ වගේම සත්‍ය තොරතුරු ඇතුලත් කරමින් ඉතිහාස පාඩමක් මෙන් මනාව රචනා කළ මාතලන්ගේ "​සුද්දා අපෙන් නිදහස් වීම සමරමු...!!!​"​​ කියවා අවබෝධ කරගන්ඩ හැකියාවක් නොමැති වහලුන් හා දේශප්‍රේමීන් කුමක් කීවත් මට කියන්නට තිබෙන්නේ මාතලන් තුමා අති විශිෂ්ඨ නිර්මාණයක් කොට අප පිනවූ බවය.

    ReplyDelete
    Replies
    1. අයියෝ එයාලා කියන ඒවා ගනන් ගන්න එපා...
      හරක් කියන්නෙත් බොහෝම වටිනා සම්පතක්.. කිරි, ගොම, මස් ඉතරක් නෙමෙයි ලෙදර් හිටන් ලබා ගන්න පුළුවන් වස්තිවක් නේ අප්පා...

      Delete
  16. අම්මට හුඩු...දැන්නේ කියෙව්වේ

    ReplyDelete
  17. තොපි මහා කම්මැලි ජාතියක්. වෙනස් වෙන්න කැමතිම නෑ. කැළේම ඉන්න තමයි කැමති.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න