මම දැක්කා SAITM සේනාරත්න මැතිතුමට කින්ඩිය දානවා හැමෝම වගේ.
එහෙම කරන එක වැරදියි නේ.
දැන් බලන්න අයර්ලන්තේ ගෙවල් තියෙනවය කිව්වා.
බොරුද
නෑ නේ..
තියෙනවා තමයි..
ඒත් අනුරගෙ නෙමෙයි.
විජිත ගිහින් ලයිට් කණුවක හැප්පෙනවා.
බීලද
නෑ නේ....
බීපූ එකෙක් බේරන්න ගිහින්.
ඉතින් ඌ...,
බේරගත්ත එකට කෘතුගුණ සලකන්න.
විජිතව බදා ගන්නවා.
විජිත පුර සටනෙදි දීගජන්තු බදාගත්තා වගේ.
වෛද්‍ය සෙනාරත්නට වෙඩි තියනවා
(එයා වෛද්‍ය නෙමෙයි කියනවනේ)
ඉතින් රෝහණ විජේවීරත් මෙඩිසින් කළේ
එයාගේ A/L තියා O/L ලෙවල් රිසාල්ට්වත් අහනවය කවුරුවත්
නෑ නේ..
එයා දොස්තර කෙනෙක්ය
නෑ නේ..
හැබයි ඔපරේසොන් නම් කීපයක්ම කළා
ඔක්කොම පේල්
ඒ තියා දොස්තර නලින්ද ජයතිස්ස
එයා කියන්නෙත් නෑ නේ..
වෙඩි තිබ්බම වෙඩි වදින්නම ඕනද
නෑ නේ..
ඇයි බුලට් එකට බැයිද..?
තම ගමන් මාර්ගය වෙනස් කරන්න.
වංගුවක් ගන්න.
U turn එකක් ගහන්න.
විමල් වගේ,
පෙරටුගාමින් වගේ,
කොටින්ම...
JVP එක වගේ...
ඇයි බුලට් එකට බැයිද..?
තමන්ටම අතුරුදහන් වෙන්න,
එක්නැළිගොඩ වගේ..
එතකොට සේනාරත්නට බැයිද බේරෙන්න
රැම්බෝ වගේ,
ආර්නෝල්ඩ් සුභසිංහ වගේ,
වන් ෂොට් වගේ..
ඇයි බුලට් එකකට බැයිද...?
එක පාරටම නවතින්න.
පිස්සු කෙලින්න.
පිස්සු කෙලින්න.
GMOA එක ඉස්ටැයික් කරනවා වගේ.
එතකොට බුලට් එකට
බැයිද...?
වීදුරුවත් කඩාගෙන,
සේනාරත්නගේ පපුව ගාවටම ගිහින්,
පිස්සෙක් වගේ...., පිස්සෙක් වගේ...,
ආයෙත් ගන් එක ඇතුලට යන්න.
එතකොට බුලට් එකකට බැයිද?
සේනාරත්න වගේ උගත් කෙනෙක්ට
වෙන්නේ අසාධාරනයක්ය හාන්දුරුවනේ
කියා හිටන්
එක පාරටම
බැලට් එකක් වෙන්න
මහින්ද රාජපක්ෂ වගේ..
SAITM වෙඩි තැමීම ගැන රස පරීක්ෂක වාර්ථාව
කන ගෑවෙන්න නීතිය නමනා රටක,
වංගු ගන්නා බුලට් වුවද තිබිය හැක...
- අපරාධ විජ්ජාව පිළිබඳ මාහාචාර්ය, අපරාධ සිරෝමනි, අපරාධ නිදි මාතලන් -
කව්ද බං ආර්නෝල්ඩ් සුබසිංහ
ReplyDeleteමූ ගංජ ගහලද කොහෙද මේක ලියල තියෙන්නෙ
මේක කවියක්ද,
ගීතයක්ද, නිශඳැසක්ද, සොලෝකයක්ද
Arnold Schwarzenegger
Deleteමාතලන්ගේ පල් හෑල්ලක්
වංගු ගත හැකි උන්ඩ ලංකාවේ නව සොයාගැනිමක්. වෙඩි තිබ්බ එකාවයි පිස්තෝලේ හදපු එකාවයි හොයගෙන සම්මානයක් දීලා පේටන්ට් බලපත‍්‍රය අරන් දෙන්න වටිනවා.
ReplyDeleteඔළුව තදින් නරක් වෙච්චි
Deleteමිනිසුන් පිරිසක් වෙසිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි..
උඹ මොනාද බං දන්නෙ .. දුන්නෙන් විදිනකොට දුනුදිය අඟිලිදෙකෙන් වමට කරකවල අත ඇරියම ඊතලේ වමට වංගුවක් ගන්නව දකුනට කරකවල අත ඇරියම වමට වංගුවක් ගන්නව. ඇයි චයිනීස් පිලිම් බලල නැද්ද ?? ඒ වගේ මේකෙත් කොකා කරකෝල ගස්සන්න ඇති වංගුවක් ගන්න.ආං එහෙමයි.
Deleteදකුනට කරකවල අත ඇරියම දකුනට බං වංගුව ගන්නෙ. උඹ පිස්ස්ස්සෙක්නෙ
Deleteවිය හැකි සම්භාවිතාවන් බොහෝය මහ රජ..
Deleteඅහින්සක මිනිහෙක් කෙනෙක් ව හයර් කරලා තමන් ගේ කාර් එකට වෙඩි තියාගත්තාම ඒකටත් කතා හදන කාලකන්නි රටක් මේක!
ReplyDeleteඔහේ කොහෙමෙයි එහෙම කියන්නේ ටක්කෙටම... :)
Delete//ඔහේ කොහෙමෙයි එහෙම කියන්නේ ටක්කෙටම... :)//
Deleteකන්ට්‍රෑක්ට් එක දීලා තියෙන්නේ මෙතුමන්ලගේ සහෝදර වුර්තීය සමිතිය වන සර්වබලධාරී GMOA එකලු නෙ මාතෙ.
ඉතින් ටක්කෙටම කියන්න බැරුවැයි.... :)
බුකියේ තිබ්බේ වෙඩි තියපු එකාගේ තරහ තිබිල තියෙන්නේ කාර් එකත් එක්කය කියලා...
ReplyDeleteඌ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ වෙඩි තියල තියෙන්නේ කාර් එකේ වීදුරු හිල් කරන්න හිතාගෙන...
මම හිතන්නේ මේක එහෙම ලේසියන් අරින්න නරකයි... ඉස්කොට්ලන්ඩ් යාඩ් වගේ තැනකට දෙන්න වෙනවා...
Deleteසිරාවටම මාතෙ. නිවුස් වල හැටියට දැන් පරීක්ෂණ යන්නෙ සේනාරත්නට වෙඩි වැදුනෙ නැත්තෙ ඇයි කියන්ටලු. යකෝ මේක උන්ගෙ අම්මගෙ රටක්නෙ.
ReplyDeleteහරි තමන්ටම වෙඩි තියවගත්තම කියමුකො. ඒත් හොයන්ට ඕනි වෙඩි තිබ්බ එකයි තුවක්කුවයි තුවක්කුවේ අයිතිකාරයා මිසක් බේරුනේ කොහොමද කියල හොයන එකනම් මට ෆුල් හිලේරියස්.. 😂😂😂😂😂
සමහර සෝ තියෙනවා මචෝ එකසිය ගානට පබ්ලිසිටි දුන්නට පිටපත පුල් අප්ෂෙට්...
Delete///සමහර සෝ තියෙනවා මචෝ එකසිය ගානට පබ්ලිසිටි දුන්නට පිටපත පුල් අප්ෂෙට්... ///
Deleteමට හිතෙනවා දැන් ඇවිත් තියෙන අලුත් ෆිල්ම් එක "සරිගම" ත් එහෙම එකක්ද කියලා...
බැලුවෙනම් නැහැ, හැබැයි දාන ඇඩ් තොගේ දැක්කම එහෙම හිතුනා...
සිරිසේන උන්නැහේ නම් බලලා මාර ආදර්සොමත් කතාවක්ය කියලා හිටන් පාසල් දර්ශණ සඳහා යෝජනා කළා..
Deleteඅජිත් පැරකුම් නම් කිව්වේ තරුණ කැල්ලක් නාකියෙක් එක්ක හැමිනෙන එක ආදර්සොමත්ද හිටන් කියලා
ඕවා සෝමෙලගේ මෛත්‍රිලාගේ සප්තස්වර දරුවෝ..... තාලෙට පැද්දෙන්න.......
Deleteමේ මාතලන් කියන එකාට මොංගල්. ටිකක් දන්න, දන්නවට වඩා දන්නවා කියල පෙන්නන හිපාටුවෙක්.
ReplyDeleteප.ලි. මම රසික නොවෙමි.
Deleteවේදනා දෙන්නේ නෑ
Deleteඔබ හැර මා යන්නේ නෑ
බුලට් එකට මඟදී චූ බරක් හැදිලා දොට්ට පිලට ගියාද කියලා කවුද දන්නේ
ReplyDeleteසයිටම් ටොයිලට් එක චෙක් කරන්න වෙනවා..
Deleteඅපේ විචාරක තුමා අසනීපෙන් නේ.. නැත්තන් යවන්න තිබ්බ මේක ගැන සමීක්ෂණයක් කරන්න..
ReplyDeleteසමීක්ෂණ මක් කොරන්නද බං, පරීස්සනයක් කරනවා මිසක්...
Deleteවෙන උන්ටත් සිස්ටම් එක කියා දෙන්න වෙයි කියලා පොර මාරු වෙලා....
Deletehttps://www.youtube.com/watch?v=XJTXpItCqFU
ReplyDeleteෂුවර් එකටම ඔය ෆිල්ම් එකේ කොණක හරි දකුණු ඉන්දියන් බුවෙක් ගෑවිලා ඇති...
DeleteA corner of Angelina Jollie?
DeleteA corner of Angelina Jollie?
Deleteහා... මේක තමයි හොය හොය උන්න භාණ්ඩෙ.. තෑන්ක්ස් ප්‍රා
Deleteතෑන්ක්ස් ප්‍රා... ඕක මතක් උනේ නෑ පොඩ්ඩක්වත්..
Deleteඋඹ දන්නවද අර කැත්ත හිටෝලා වල් ඌරෝ දෙන්නටම තියපු කතාව...
එල්ලලාද මැරුවෙ...මරලාද එල්ලුවේ
ReplyDeleteශාන්ත අන්තෝනි මුණි තුමා.....
මීට..ඇන්ටන් ජෝන්ස්.
ඇයි අර සිඉන්දු දෙක ලැටපිලා කියපු එක මතක නැද්ද...
Deleteතරුණිය කෙලෙසා මැරුවේ...
සාන්ත අන්තෝනි මුනිතුමා...
හෆොයි......මේ වෙන්නේ අමුතුම වැඩ, හෙට අනිද්දා කියයි, ශාන්ත, තරුණියව මරලා මුනිතුමාව කෙලසලා කියලා.....
Deleteමේ කෑලි ටික අදමයි ඇහුවේ :-D . මාතලන්ගේ ශ්ලෝකෙත් පට්ට !!
Deleteඅපරාධ විජ්ජාවත් ජෝක් එකක් කරපු රටක් තමයි මචං
Delete//කන ගෑවෙන්න නීතිය නමනා රටක,
ReplyDeleteවංගු ගන්නා බුලට් වුවද තිබිය හැක...// නම් පහරම
හැබැයි අරකා සුපර් වැඩ්ඩා ඒ වගේ බේරෙනවා කියන්නෙ
හොලිවුඩ්ස් තීන ෆිල්ම් මොනාද අප්පා
හොලිවුඩ් ඒවට වඩා හපන් බොලිවුඩ්... ඊටත් ආතල් කොලිවුඩ්...
Deleteපිස්සු පීකුදු
ReplyDeleteඉඟුරු තේ හා රෝස් පාන්...
Deleteඅරුම පුදුම බුලට්
ReplyDeleteමෙහේ බැලට් පවා එහෙමයි...
Deleteඅයි අර ප්‍රක්ශිප්තයක යන බුලට් තියෙන්නෙ Wanted Movie එකේ මෙකත් එ වගෙ වෙන්න ඇති.....
ReplyDeleteඔය උඩින් ප්‍රා දාලා තියෙන්නේ ඒ කෑල්ල තමයි...
Deleteබොට තව ගොඩක් දේවල් කරන්න පුළුවන් මගේ බුලට් පුතී....
ReplyDeleteඅනිවා
Deleteමට හිතෙන්නේ පුංචි පහේ විහිලුවක් වගේ කරලා තියෙන්නේ. අර කාලෙකදි නඩුකරයෙකුගේ ගෙට ගල් ගහලා කව්ද කිව්වේ “ඒ ළමයි ගල් ගැහුවේ කොට්ටන් ගහේ හිටපු කපුටන්ට“ කියලා. මේකත් වෙන කාටහරි තියපු බුලට් එකක් වෙන්න ඇති මයේ හිතේ.
ReplyDeleteබුලට් එකක් නෙමෙයි .... පොඩි ගලක්...
Deleteමාතලන් කියන ටික රසටම ලියලා තියෙනවා
ReplyDeleteකාරනාවත් ඇත්ත තමයි බැලුවහම
මොනවද වෙන්න බැරි...!
මෝල්ගහ මිනී මරපු රට නේ...
Delete++++
ReplyDelete:)
Deleteඅපි ඕවට නැහැ නැහැ අපිට ඕවා බැහැ බැහැ
ReplyDelete:)
Deleteකුහක දොස්තරලා කොන් කරමු.. සයිටම් දොස්තරලා විතරක් චැනල් කරමු..
ReplyDeleteසයිටම් උන් චැනල් කරන්න තා ලොකු කාළයක් යයි... උන්ට සීමාවාසික එකක්කත් දෙන්න බය හාල්පාරුවෝ ඉන්නා රටක...
Deleteසීමාවාසික දීලා තෝ වගෙ බූරුවෙක්ට මොනවා හරි වුනොත් මේ වගේ ගොන් කතා කියලා ආතල් දෙන්න කවුරුත් නෑනෙ මාතෙ..
Deleteමම ගන්නවා නම් සීමාවාසික උන්ගෙන් ගන්නේ නෑ... උන් දන්නේ පැනඩෝල් පිරිටන් සහ ඇමොක්සිලීන් ඉතරනේ... ඒවා ගන්නේ පාමසියෙන්..
Deleteඅනෙ තොගෙ වැදි බණ. එහෙනන් තොගෙ පෙඩි එකාටත් අසනීප උනාම අරන් පලකෙ ෆාමසියට. එතකොටනන් අපූරුවට හොඳම දොස්තරව හොයනවා. මෙතන ඇවිල්ලා කියනවා පාමසියෙ එකාගෙන් බෙහෙත් ගත්තලු.
ReplyDeleteඑතකොටත් දෙකයි පනහේ පනඩෝල් උන් ළඟට යන්නේ නෑ... දාස් ගනන් ගෙවලා ඉස්පැසොලිස්ලගෙන් ගන්නේ... උන් මෙහේ පැනඩෝල්ලා වගේ නෙමෙයි සුද්දගෙන මක්කා හරි ඉගෙනගෙන එන උන්...
Deleteඒකටත් ෆාමසියෙන් ගත්තනන් තමා හරි. නැත්තන් ප්‍රතිපත්ති අප්සැට් යනවා
Deleteane muge pratipatti......harena harena pattata...
Deleteඑකම ප්‍රතිපත්ති තියෙනවා මී හරක්ට... හරක්ට...
Deleteබුලට් එකෙන් බැලට් වෙනස් කරපු රටක් නොවෙන්නං.
ReplyDelete:)
Deleteනිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි නොතකා හටන් කොරනා අපේ වෙද්දුන්ටද මේ අපහාස කොරන්නෙ?
ReplyDelete