.

.

Feb 22, 2017

විජය ඝාතනය, චතුර හා ෆේස්බුක් - CHAPA & CHATHURA on Insight, Ada Derana



චතුර සේනාරත්න කියන්නේ ගරිල්ලා මාකටින් පොරක්. මෑතක රැඩිකල් මාද්දියවේදියෙක් වෙන චාපා බන්ඩාරත් එක්ක පොර එනවා දෙරණ මාද්දියජාලයේ Insight වැඩ සටහනට. පොර එතනදි දෙන කොර ටෝක් ටික තමයි මේ දවස්වල බුකියේ නැඟලම යන්නේ. වීඩියෝවත් පහත් තියෙනවා කැමති කෙනෙකුට බලා ගන්න.. පහත තියෙන්නේ ඒ පිළිබඳ මාතලන් බුකියේ ලියපු පල් හෑලී කීපයක්...

චතුර චන්ද්‍රිකා සමඟ බැංකුවට යාම

එහෙම කියන්න එපා.. 
සල්ලි නැති නිසා ඒ කාළේ චන්ද්‍රිකා බේබී සිටින් කලාලූ.. 
ඉතින්, දෙන්නම් ඩොකාලා නිසා චතුර චන්ද්‍රිකා ළඟ තියලලු දත් ගලවන්න යන්නේ. 
ඔය අස්සේ විජේ මරලා යනවලුු ගාමිනි ළොකුගේ, 
මෝටර් සයිකලේක ඇවිත්. 
සයිකලේ පැදලා තියෙන්නේ ප්‍රේමදාස.
මරණේ වියදමට සල්ලි ගන්න, 
මිනීය ඇක්සිඩන්ට් වෝඩ් යවලා, චන්ද්‍රිකා බැංකුවට ගිහින්. 
බැකුවෙන් කිව්වලු චතුර නැතිව සල්ලි දෙන්න බෑ කියලා. 
මොකෝ ඒ කාළේ බන්ඩාරණායක් පවුලේ බැංකු කටයුතු කරලා තියෙන්නේ චතුර. 
සිරිමාවොන්ට චන්ද්‍රිකා හම්බ වෙන කොටත්,
චතුර බන්ඩා එක්ක ඉස්පිරිතාලේ ඉඳලා තියෙනවා.
පස්සේ චන්ද්‍රිකා ආයේ ගෙදර ඇවිත්, 
චතුරත් එක්කගෙන බැංකුවට ගිහින් සල්ලි අරගෙ
බොහොම අමරුවෙන් මරණෙ වැඩ කටයුතු කරන කොට, 
චතුර තමයි මදි පාඩු දීලා තියෙන්නේත්. 
එයාගේ විශ්‍රාමික ගිණුමෙන් අරගෙන.
චතුර තමයි කාළෝ ෆොන්සේකට කියලා තියෙන්නේ,
කාළෝ ඔයා අනිවාර්යයෙන් කතාවක් කරන්න ඕනමයි කියලා..
ඒක නේ කාලෝ කිව්වේ රන්ජන්ට,
තව කතාවක් කරනවා නම්,
 චතුරගෙන අහලා තමයි කරන්න වෙන්නේ කියලා.

--------------------------------------------------------------

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි............ පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි............... පුතේ
දුඬුමොණරේ දන් දුන්නෙත් නුඹයි......... පුතේ
විජයගේ නැවේ කප්පිත්තත් නුඹයි........ පුතේ

--------------------------------------------------------------

නීල් ආම්ස්ට්‍රෝං හඳට යන කොට,
චතුර පුතා හඳේ මලක් ගහනවලු...

--------------------------------------------------------------

බුදු හාමුදුරුවෝ බුදු වෙන්න බැරුව ෆුල් අප්ෂට් එකේ ඉන්න කොට,
චතුර පුතා තමයි සත්‍යය අවබෝධ කරලා දීලා තියෙන්නේ,
ඉතින් ඒකට කළ ගුණ සලකන්න,
උන්වහන්සේ ඒක නම් කලාලු,
චතුර ආර්ය සත්‍යයය කියලා.

--------------------------------------------------------------


--------------------------------------------------------------


මේක අපේ සොසී ටීචර්ගේ එකක්.. එකත් පට්ට.. 


“ මහ බොරුකාරයගෙ කතා “ 

දවසක් මම මහ බොරු කාරයා හමුවෙන්න එයාගේ ගෙදර ගියා. ගෙදර යද්දි හිටියේ මහබොරුකාරයගේ පුංචි කටකාර පුතා විතරයි. 
ඉතින් මම ඇහුවා “ කෝ පුතේ තාත්තා “ කියලා. 
මේකා ගත් කටටම කීවේ “අප්පොච්චා ගියා නේ අහසෙ ඉරිච්චි තැන් මහන්න ‘ කියලා. මූ ඉතින් මහ බොරුකාරයගෙම පුතා නිසා,
මම ඊළඟට ඇහුවේ “ කෝ පුතේ එහෙනම් අම්මා “ කියලා. 
මූ ටික වෙලාවක් කල්පලා කරල කීවේ,
 “ තාත්ත දැන් වයස නිසා ඉදිකට්ටට නූල දාල දෙන්න ඕන්න අම්මත් තාත්ත එක්කම ගියා “ කියලා. 
මේ ළඟ දි මට ඒ කොලුව හමුවුනා. 
හරි පුදුමයි , 
බොහොම සාමාන්‍ය විදිහට ඇත්ත කතා කරල පොළවෙ පය ගහල ඉන්නවා. 
ඉතින් මම ඇහුවා.“මොකද පුතේ දැන් තාත්තවගේ බොරු කියන්නෙ නැතෙයි ?"
කියලා. 
මූ ඒ සැරේ කියපි. 
“ දැන් ඉතින් අපි මක්කටෙයි, අත පය දිගෑරල මුලු ලංකාවටම අහෙන්න හොද ටොම් පච කියන පුතෙක් ඉන්වනේ “ කියලා



43 comments:

  1. හාපෝ මෙහෙම කියන්න හොද නෑ, යහපාලනේ ගේන්න මාතලං වගේම ඇත්ත කියල ජනතාව දැනුවත් කරපු කෙනෙක් චතුර

    ReplyDelete
    Replies
    1. පක්ෂ බේදයකින් තොරව, දේශපාලුවෝ බොරු නොකියන්න ගත්තොත්, බල්ලො අශූචි කන එකත් නවත්තයි...

      Delete
  2. අඩේ මාතෙ. ලියන්න ගිය ඔක්කොම උබල ලියල මලවලානේ..! 🤣🤣..

    දර්ශන හඳුන්ගොඩ ත් SL VLOG එකෙත් මු ගැන ෆුල් සැපක් දීල තිබුණ.

    අපරාදෙ බන් මූට පොදු අපේක්ෂක කම නොදුන්නෙ..

    බලග් බ්ලග් බ්ලග් බ්ලග්...

    චොස්‌ චොස් චොස්‌... බරාස් බරාස්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤡🤡🤡🤡🙉🙉🙉🙈🙈..

    මෙව්ව අහන අපේ ඔලුවට ගහන්න ඕනි 🔨 බං .. 😂😂😂

    ReplyDelete
    Replies
    1. මම නම් මේ වගේ ඒවට පට්ට කැමතියි... මේ මක්කද බං... ට්‍රම්ම්පට් අයියා කිව්වේ ස්වීඩන් වල ටෙරර් ඇටෑක් එකෙක් ගැන.... ස්වීඩන් උන් දැනගෙන තියෙන්නෙත් එවේලේ... චතුරලයි නෑයොද දන්නේ නෑ...

      Delete
  3. හරි වටිනව මෙහෙම හරි මිනිසුන්ට ආතල් දෙන්න එකෙක් ඉන්න එක. බුදු සරණයි දෙවි පිහිටයි ලංකාවට !

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. කන්න නැතත් මෙහෙම ආතල් දෙන රටක් නම් ලොවෙත් නැතිව ඇති.. සියළු දෙව් පිහිට රැකවරනේ ලැබෙන්න ඕන චතුර පුතාට...

      Delete
  4. චතුර ඝාතනය, විජය හා ෆේස්බුක්....

    ReplyDelete
  5. චතුර එක්කනම් මට එච්චර අවුලක් නෑ.. ඒත් චාපා බණ්ඩාර හා දෙරණ ගැනනම් පිළිකුල් සහගත බවක් තමයි දැනුනේ.. :/

    ReplyDelete
    Replies
    1. මටත් ඉෂූ එකක් තියෙනවා... ඒත් ඉතින් උනුත් ඉන්න එපාය..

      Delete
    2. ඇත්ත ...අරූ හිටගෙන බොරු කියනවා දැන දැනත් ...ගොනා වගේ උව පොම් කරනවා ...

      Delete
  6. රටේ අනාගතය භාරගන්න ඉන්න තරුණ දක්ස දේසපාලුවා.... නෙද්දකින් පච ගහන කන්ෆිඩන්ස් එක කොහොමද? තුන වසරෙදි අපේ එකෙක් කිව්ව උටත් තියනවා ප්ලේන් ලයිසන් කියලා. මහත්වරුණි,මේ අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.කමිටු බර ගානක සාමාජිකයෙක්.රටේ සංවේදී තීරන ගන්න තැන් වල සද්දෙට ඉන්න චරිතයක්..
    ආසයි නේහ්..?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලබ්ස්. යකෝ මිනිස්සුත් බොරු කියනව. ඒත් යකෝ බයක් ලැජ්ජාවක් නැද්ද බන් (විජය චන්ද්‍රිකා ප්‍රේමදාස යන අය පැත්තකින් තියමුකෝ) මේ හුයන්නා කියනවනෙ රනිල් මයිත්‍රී ගෙ නමුත්. ඒ බං... සිරාවටම මු ඔය කියන tv එකේ කියන වැඩසටහනත් බැලුව.

      සමහරක්විට ඇත්ත වෙන්නත් බැරිද බං..??

      දෙතුන් දෙනෙක් ඉස්සරහ වගේද බන් රටක් බලන TV එකක් ඉස්සරහ ඉඳන් මෙව්ව කියන්න තරම් ගටක්..??

      අම්මප මටනං තේරෙන්නේ නෑ බං 😳😳😳😳

      Delete
    2. වැඩේ තියෙන්නෙ මූ මේව කියන්නෙ සිරාවටම. නොමිනේශන් දීල වඩම්මලා ගෙනියන්නෙ මුන් වගේ අයවමයි ඉස්සරහට.
      අපට අබ සරණත් නැතිවෙයි වගේ ඉස්සරහට

      Delete
    3. මචෝ මට ඇත්ත කියන දේශපාලකයෙක් නෙමෙයි.. එක පුදගලයෙක් පෙන්නපන්.. වෙලා තියෙන්නේ මුන් මාර ක්‍රියේටිව්... ගොඩක් අය අනුන්ගේ ඒවා කියන්නේ...

      Delete
  7. පසු ගිය මහින්දගේ කාලේ මේ වගේ ගොන් ආතල් දුන්නේ කවුද
    පනික්කියා නේද

    ReplyDelete
    Replies
    1. ඇයි මහින්ද...? විදුලි පුටුව, මන්නාරමේ තෙල්

      Delete
  8. පබා ට නට්ට්යේ අසදරන්යක් උනා කියලා කරුට උඩින් පබාව පාර්ලිමේන්තු යවපු රටක මු කියන ඒවා විස්වාශ කරන එවුන් නැහැ කියලා හිතන්න පුලුවන්ද ...
    අනික පබා ඒ ජන්දේ දිනුවේ වැඩිම බුද්දිමත් පිරිසක් ඉන්න දිස්තික්කෙකින්

    ReplyDelete
    Replies
    1. ඒ දිස්තිරික්කෙ කියලා විශේෂයක් නෑ බං.. ඔක්කෝම දිස්තිරික්ක වලින් ඇවිල්ලා ඉන්නේ එහම උන් තමයි අති මහත් බහුතරයම...

      Delete
  9. http://thesoutherndaily.co.za/index.php/2017/02/19/girls-have-high-chance-of-pregnancy-says-mugabe/

    ReplyDelete
  10. චතුර සේනාරත්න කියන්නේ ගරිල්ලා මාකටින් පොරක්.////// 100 % true

    ReplyDelete
  11. අනුන්ට මඩ ගගහ ඉන්න උන්ට තමන්ගෙ වැරදි පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. 100 % පරිපූර්ණ මිනිස්සු ලෝකයේ නෑ.. සම හරක් නම් තමන් එහෙමෙයි කියලා හිතාගෙන ඉන්නවා.. විශේෂයෙන් ඇනෝ එන පොන්නයෝ...

      Delete
    2. රිදිල වගේ බුවාට. මටත් පුලුවන් ඔය හුගක් උන් වගේ නමක් ගමක් හොයන්න බැරි ප්‍රොෆයිල් එකක් හදාගෙන පොර වගේ එන්න. ඊට වඩා හොදයි කියල හිතුන ඇනෝ එන එක.

      Delete
    3. අපිට දා ගත්ත හරි නමක් තියෙනවා.. පොන්නයන්ට එහෙම කරන්න බෑ.. මොකෝ උන් පොන්නයෝම වන නිසා,...

      Delete
  12. දේශපාලුවන්ට නං ලැජ්ජා නෑ කියමුකො. ඒත් මුංගෙ පච අහගෙන ඒව ප්‍රශ්න නොකරන මාධ්‍යකාරයො ගැන නං අපුලයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අර අමීන් කොලුවා ප්‍රශ්ණ කොරන්නේ ලස්සනට.. ඒත් මුන්ට ඒවටත් උත්තර තියෙනවා...

      Delete
  13. තාත්තව ප්‍රසිඩන්ට් කරලා, පුතාව ප්‍රයිමිනිස්ටර් කරමු. එදාට ඔය මීඩියා බුවාලාම, මුන්ව කරේ තියන් තොපි මුන්ට වැඳපියව් කියයි. වෙනස් කරන්න රෑවෙයි. මා උගත් පාඩම්.

    ReplyDelete
    Replies
    1. ඕපන් ඉකොනොමි එකකදි සියල්ලටම වටිනාකමක් තියෙනවා... කොටින්ම දුප්පත් කමටත් මාකට් එකක් තියෙනවා...

      Delete
  14. මේක බොරු කියන්නේ ප්‍රසිද්ධිය ගන්නමද කොහෙද. නැත්නම් මානසික ලෙඩක්.
    -චතුර ආර්ය සත්‍යයය කියලා.-මේක තමයි නියම කෑල්ල :)

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ.... 99.9% බොරු කියන උන් ඉන්න රටක මේවා බොහෝම සිම්පල් දේවල්...

      Delete
  15. පහුගිය කාලේ බුකියේ රජකලේ මහින්ද මහත්තයාගේ එව්වෝ. මේක ඇවිත් පච පච පච කෙලලා උන්ව අනාථ කලා. දැන් බුකියේ හිට් වෙන්නේ මුගේ එව්වමනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මහින්ද...? එයා කියන කතා ඇහුවාමත් අපි වෙන රටකද ඉන්නේ කියලමයි හිතෙන්නේ...

      Delete
  16. මන් ළගදි දැනගත්තෙ. චතුර සේනාරත්නට මේ ඔක්කොම ශිල්ප උගන්නල තියෙන්නෙ ප්‍රියන්ත කියල පොරක්ලු.

    ReplyDelete
  17. ගරිල්ලා මාර්කටිං තියරියට රාජිත ගොඩ ගියාට ඒ තියරියෙන් චතුරට ගොඩ යන්න අමාරුයි මාතලන්.. රාජිත කියන්නේ හොරට විභාග ලියන්නේ නැතුව තමුන්ගේ දක්ෂකමෙන් දත් දොස්තර කෙනෙක් වෙච්ච පුද්ගලයෙක්. එතැනදී ප්‍රසිද්දිය වෙනුවෙන් මීටිං වල කෑගහල තමුන් විසින් තමුන්ව ප්‍රසිද්ධ කරගෙන ඔතනට ආපු කෙනෙක්. ඒත් චතුර හෝ චතුරගේ හිතවාදීන් හිතනවානම් රාජිතගේ තියරියෙන් චතුරට ගොඩ යන්න පුළුවන් කියල ඒක හීනයක්. මම එහෙම කියන්නේ මොකද චතුර කියන්නේ උගත් බුද්ධිමත් පුද්ගලයෙක් නොවෙන නිසා. රාජිත අද එතන ඉන්නේ රාජිතගේ හැකියාවෙන්. ඒත් චතුර අද ඔතන ඉන්නේ තමුන්ගේ තාත්ත දේශපාලකයෙක් නිසා. එහෙම නොවුනානම් චතුරට ආණ්ඩුවේ කන්තෝරුවක කා.කා.ස. කමක් කරන්නවත් සුදුසුකමක් නැහැ.

    ඇනෝ ආවට මුකුත් කියන්න එපා.. මම කියන දේ විතරක් තර්කානුකූලව හිතල බලන්න..මාර්කටින් වලින් ගල් පිළිම මාර්කට් කරන්න පුළුවන් උනාට බෝල් පිළිම මාර්කට් කරන්න බැහැ මාතලන්..

    ReplyDelete
    Replies
    1. මාකට් වෙලා ඉවරයි... තා මක්කා මාකට් වෙන්නද...? කියපු කතාව සහතික ඇත්ත උනත්, මේ ඇවිල්ලා අම්මට සිර් ලංකාව කියන එකත් මතක් කර ගත්තොත් හොඳයි.. මොකෝ මුතුහෙට්ටිගමත් ඉන්න ආන්ඩුවක් මේක..

      Delete
  18. මෙතුමා කොළඹ වෛද්‍ය පීඨයට 2002 ඇතුළු උනා.. නමුත් දෙවන වසර කඩඉම් විභාගය අසමත්ව ඉවත් වුණා.. රජයේ වෛද්‍ය පීඨ වලට එරෙහි වීමට ඒ අත්දැකීම බලපාන්න ඇති.. හැබැයි මුදලට, බලයට වෛද්‍ය උපාධි ලංකාවේ නොලැබුන බවට එක උදාහරණයක්..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න