.

.

Feb 6, 2017

දොස්තර මාෆියාව ගැන ඩොකෙක්ගෙන්...




ප්‍රමිතිය
  • තමන් ඉගෙන ගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී, පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. 
  • මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්‍යවරු හිඟය, 
  • ලැබ්වල කෙමිකල් නැත, 
  • උපකරණ යල්පැන ගොස් කැඩීබිඳී ගොසින්ය. 
  • කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත. 
  • ළමයින්ගේ හොස්ටල්, වැසිකිලි ගව ගාල් වැනිය. 
  • ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද ? 
  • මේ කෑ ගහන දොස්තරලාගේ දරුවෝ...., බංගලිදේශයේ, ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ, පිලිපීනයේ, රුසියාවේ, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති. 
  • දේශපාලුවන් තම දරුවන් දේශපාලුවන් කරන්නට දඟලන ඒකත් මේ වගේමය. 
  • බමුණු කුලය රැක ගත යුතුය. 
  • ලෙඩ්ඩුන්ට ආදරේට නොවේ.
  • හොද්ද බොරවෙන බව දන්නා නිසාය . 
  • නමුත් දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට මළාට ඉඩ දෙන්නේ නැත. 
  • මේ නිසා විදෙස් ගතවී වෛද්‍ය අධ්‍යාපනය ලැබිය නොහැකි මධ්‍යම පන්තික දරුවන්ට අඩු මුදලක් ගෙවා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමේ මග අහුරා තිබේ. 
  • පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඇති වුවහොත් තරඟ කිරීමට සිදුවන නිසා ගාස්තු පහළ යනු ඇත. 
  • මේවායේ ප්‍රමිතිය ඉහලම මට්ටමේ නොමැති නම්, ඒවාට කඩිමුඩියේ අනුමැතිය ලබා නොදිය යුතුය. 
  • කිසිම ප්‍රමිතියක් නැති සයිටම් එකේ ප්‍රශ්නය ඇතිවුනේ ඒ නිසාය. 
  • ප්‍රමිතියක් නැති සයිටම් එකට GMOA සාමාජික... රජයේ දොස්තරලා ගණනාවක්ම තමන්ගේ දරුවන් ඇතුලත්කර... ගලේ පැහැරූ බළලුන්සේ සිටීම හාස්‍ය ජනකය. 
  • ප්‍රමිතිගත පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙහි පටන් ගත් විට, විදෙස් සිසුන් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමට මෙහි පැමිණෙනු ඇත...  
  • අපේ මුදල් ඉතිරිවී, රටට ආදායමක් ලැබෙනු ඇත. 
  • අපේ ළමයි මේ සඳහා බංගලාදේශයටත් යනවා ඒ උපාධිය මෙහේ පිලි ගන්නවා.
  • එහි ගිය ළමයින්ගෙන් ඒකෙ ප්‍රමිතිය ගැන දැනගත හැකිය...ලැජ්ජයි !
  • රජයේ දොස්තරලා සමග එකතුවී ලෙඩුන් ගසාකන පුද්ගලික රෝහල් හරිම ශෝක්ය. ඔය කෑ ගසන්නේ වෙන මොකවත් නිසා නොවේ... 
  • දොස්තරලා වැඩි වී පුද්ගලික වෙදකමට කෙළවෙන නිසාය. 

පිපි පිපි රේණු සළන පී පී
  • හවස හතරටත් කලින් රෝහලෙන් පැනගොස් පුද්ගලික වෙදකම් රන.... ලයිට් කණුවට එක ගානේ ඇති ලේ/ මූත්තරා....මෙඩිසින් & සර්ජරි කියා බෝඩ්ගසා ඇති පෙට්ටි කඩවලටත් ප්‍රමිතියක් තිබේද ? 
  • ගෙඩියක් පලා බෙහෙත් දැමීමට වඩා සර්ජරියක් මේවායේ කල නොහැකිය . 
  • පෙට්ටි කඩේ PP එක හරි ගියොත්, ඉන්නා රෝහලෙන් මාරු කරන්නට මළාට බැරිය...
  • මාරු කළහොත් වැටෙන්නේ ගෙම්බෙකු මෙන් පෙට්ටි කඩේ දිහා බලාගෙනය...
  • ළඟ ඇති වෙනත් රෝහලකට කෙසේ හෝ මාරුවීම හදාගනියි...
  • ඔන්න දැන් කලින් සිටි රෝහලේ අලුත් දොස්තර ලෙඩේ අදිනවාය...
  • පෙත්සම් ගහනවාය...
  • වතුර ටැංකියට ග්‍රමොක්සෝන් දානවාය.
  • වෙනදා දොස්තරලා හතර දෙනෙක් සිටි මහ රෝහල් වල OPD එකේ දැන් දොස්තරලා 30/40ක් සිටිති. 

මෙන්න දොස්තරලාගේ අලුත්ම සෙල්ලම....
  • තමන්ගේ ශිෆ්ට් එක පුද්ගලිකව වෙදකම් නොකරන ඩියුටි ඔෆ් දොස්තර කෙනෙකුට රුපියල් 2000කට (ලෙඩ්ඩු දෙන්නෙකුගේ ගාන) විකුනා, රෝහලෙන් පැනගොස්...තමන්ගේ පෙට්ටිකඩය රෑ 11වනතුරු ෆුල් ටයිම් රන්කිරීම. 
  • මෙසේ කරන්නේ ලෙඩ්ඩුන්ට ආදරේටය. 
  • ඔවුන් ඉඳහිට රෝහලට පැමිණෙන්නේ මූණ පෙන්වා ඩයරියේ බොරු OT ලියා... ඒකටත් මුදල් වංචාවෙන් ගැණීමට පමණකි. 
  • මේවා ඇල්ලීමට කඩාපනින හමුදාවක් ඇතත් කිසිම දොස්තර කෙනෙක් මේ ලියන මොහොත අල්ලා ගෙදර යවා නැත. 
  • ඒ සෞක්‍ය සේවා ජනරාල්ගේ සිට පහලට සියළුම පරිපාලන කටයුතු කරන්නේ දොස්තරලාම බැවිනි...
  • පරිපාලන නිලධාරීන් නොවන නිසා දන්නා පරිපාලනයකුත්නැත...
  • මෙඩිසින් ප්‍රැක්ටිස් නොකරන නිසා මෙඩිසින් දන්නෙත් නැත....
  • ඉස්පිරිතාලවල වැදගත් අත්‍යාවශ්‍ය කිසිම බෙහෙතක් නැත්තේ, ලැබ්වල කෙමිකල් නැත්තෙත් මේ නිසාය. 
  • දොස්තර කුමන වරදක් කලත් තමන්ගේ එකා බේරාගැනීමට සංගමය පැනලා ඉදිරිපත්වෙයි. 
  • බේරෙන හැටි ගැන නීති උපදෙස් දෙයි. 
  • ඉතිං අයියන්ඩි කුමට බිය වන්නද ? 
  • ෆුල් ටයිම් කඩමු පොල් !.  
  • ඕනෑම මහරෝහලක තත්වේ ඕකය. . .
  • බොරුයි කියනවා නම් ඔප්පුකර පෙන්වීමට සූදානම්ය.

දත් ගැලවීම

  • ත් දොස්තරලා...හීන්නූල් කාරයෝය...
  • එක්කෝ චෙයාර් එක කැඩිලාය...
  • එක්කෝ ලයිට් නැත...
  • නැත්නම් වතුර නැත...
  • ෆිලින් මැටීරියල් නැත...
  • එහෙමත් නැත්නම් උදව් කරන සුලු සේවකයා නිවාඩුය. 
  • දත් ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත. 
  • ෆුල් ආතල් එකේ iPHONE එකේ ගේම් ගසමින්/ෆේස් බුකියේ කැරකෙමින් සිට දවල් 11වන විට පැනගනියි. 
  • ඩයරිය චෙක් කලොත් උදේ 8 සිට සවස 4 දක්වා වැඩකර තිබේ. 
  • කරන ඔන්කෝල් එකක් නැතත්, ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ. 
  • පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි.  
  • මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය. 
  • දත් දොස්තරලා වැඩ කරන්නේ උදය වරුව පමණකි. 
  • කඩා පනින හමුදාව චෙක් කලොත්, පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ. 
  • පුද්ගලික දත් කඩයේ ජෙනරේටර්, වතුර, ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර් එකක් තිබේ...
  • හෝගාලා වැඩය. 
  • දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති. 
  • දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩි වැඩිවීම් දත් දොස්තරලාටත් ඉබේම ලැබේ. 
  • ෆුල් ආතල්ය.
  • දොස්තරලා දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති කුඩා රෝහල් සහ ඩිස්පැන්සරිවල කොයි වෙලෙත් වැඩකරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණකි.  
  • එත් වරුවක් පමණකි. (අර ලීව් චිට්එක ? ආ ඒක තියෙනවා) 
  • හවසට අනික් දෙදෙනාගෙන් එක් අයෙක් කවර් කරයි. 
  • තිදෙනෙකුට කරන්නට තරම් දෙයක් මේ ආයතනවල නැත. 
  • වෙනදා එක දොස්තර කෙනෙක් පමණක් සිටි MOH ඔෆිස් වල පවා, දොස්තරලා හතර පස් දෙනෙක් සිටිති. 
  • වරුවක් පමණක් වැඩකරන මේ ආයතන වල දොස්තරලා එකිනෙකා මුණ ගැසෙන්නේ පඩි දිනයට පමණකි. 
  • සියළු දෙනාම ෆීල්ඩ් එකේය.
  • සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රයිවෙට් බස් එකක් මෙන් දොස්තරලාගෙන් පුරවා තිබේ. අතිරික්තයක් මිස කිසිදු දොස්තර හිගයක් නැත.

චැනල් ක්‍රීඩා


  • චැනල් ක්‍රීඩාවේ යෙදෙන විශේෂඥ දොස්තරලා ගැනද නොකියාම බැරිය. 
  • මේ බමුණු කුලයේ සුපිරිම එකය (සර් නොකියා ඩොක්ට කිව්වොත් බඩුම තමයි).
  • හවස 4ට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ.... රෑ අටවෙන තුරුත් පැමිණ නැත. 
  • රජයේ රෝහලේදී විනාඩි පහේ පරක්කුවට කෑ ගහන ලෙඩ්ඩු..., රෝගී මූණූ, හපුටු කරගෙන, මනා ඉවසීමෙන්... සීරුවෙන්... ප්ලාස්ටික් පුටු රත් කරමින් බලා සිතිති.
  • ඔන්න.... චැනල් සෙන්ටර් කීපෙකට ගොස්... සල්ලි පොට්ටනිය කාර් එකේ තැබූ එතුමාණෝ.... නලාව කරකවමින්... පුකට මෝටරයක් හයිකළාසේ කඩාගෙන බිඳගෙන පැමිණෙයි....
  • වෛද්‍ය පික්පොකට් මහතා හමුවීමට පැමිණි රෝගීන් 33 කාමරයට පැමිණෙන්න....
  • ලවුස්පීකරේ කෑගසයි... 
  • ලෙඩ්ඩු දොර ගාව පොරකති. 
  • සෙරෙප්පු ගලවන්න, ෆෝන් ඔෆ් කරගන්න...හා ෂර්ට් එක ගලවන්න ඉක්මනට... ඉක්මනට... සුදු කොට ගවුම් ගැටිස්සී මොරදෙයි. 
  • පුදුම හදිසියකි. 
  • මොකද අමාරුව...වැල්වටාරං නැතුව ඉක්මනට කියන්න... තව 68දෙනෙක් ඉන්නවා… 
  • විනාඩි පහයි... 
  • ගේම ඉවරයි 
  • පුදුම රෝගී පරීක්ෂාවකි...
  • කොලිටිම රෝගී පරීක්ෂාවකි....
  • කොම්පියුටරයක් වගේය ...
  • හරි...හරි...මේ පරීක්ෂණ ටික කරගෙන ආයෙත් එන්න...දැනට මේක බොන්න. (දකුණු අතින් නලාව තබා වම් අතින් පොකට් එකට විද්දේය.) 
  • Proper history taking, inspection, palpation, percussion, and auscultation... differential diagnosis? side effects of drugs? 
  • එන්න එපා මාත් එක්ක පණ්ඩිතකං දොඩවන්න... මේව බොනව හරිද... 
  • නාන්නද සර්..?????
  • හොඳට නාන්න...ඊළඟ එන්න...
  • මොනවද සෑර් කන්න හොඳ...????
  • ඇපල්, මිදී, චීස්,බේකන්,පිට්සා වගේ ඒව හොඳයි....මාමයිට් බොන්න...ඊළඟ එන්න.
  • මේ කරන සෙල්ලම...තමන් ඉගෙනගත්, උසස් අධ්‍යාපනය ලැබූ ඉංගලන්තේදී කරානම්...,
  • අවම වශයෙන් අවරුදු දහයකට හිරේ ගොස්....ලෙඩාට වන්දිත් ගෙවීමට සිදුවනවා සිකුරුය.  
  • සාමාන්‍ය චැනල් ගාස්තුව රුපියල් 1400යි (ලංකා හොස්පිටල්) 
  • දොස්තරට 1000යි. 
  • දිනකට 50 බැගින්(හුඟක් අය එයිට වැඩිය බලනවා)  
  • දවස් 330ක් (35ක් නිවාඩු කියමුකෝ) ලෙඩුන් බැලුවොත් 
  • වාර්ෂික ආදායම 
  • 50X 1000 X 330 = 16,500,000 + 
  • (වාර්ෂික වැටුප් )1,800,000 
  • = 18,300,000 (ලක්ෂ 183යි) (ලැබ්වලින්, බෙහෙත් වලින් එන කොමිස්, රට සවාරි, සම්මන්ත්‍රණ හැර )
  • නෑ...කොහෙත්ම පාඩු නෑ! .

බෙහෙත් හිඟය


  • දැන් කියන්නට යන්නේ, රෝහල් එකක වත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නොමැති වීමට හේතුවයි. 
  • ශ්‍රී ලංකාවට ගෙන්වන බෙහෙත් වර්ග අනුමත කිරීමට කොමිටියක් තිබේ. 
  • මේකේ සාමාජිකයෝ දොස්තරලාය. 
  • නියමෙටම හොද්ද බොර කරගෙන....කොළඹ ස්විමින්පූල් සහිත ගෙවල් දෙකතුනක් ඉක්මණටම හදාගතහැකි ජොබ් එකකි. 
  • කොම්පැණි (බොහෝවිට ඉන්දියන් ) කාරයින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන... කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් වර්ග (බෙහෙත් නිපදවීම ඉන්දියාවේ ගෘහ කර්මාන්තයකි)  
  • නිසි පරීක්ෂාවකින් තොරව අනුමත කිරීමට මේ දොස්තරලා සතයක් වත් පගාව ගන්නේ නැත. 
  • එක බෙහෙතක් අනුමත කරවා ගැනීමට අති විශාල මුදලක් වියදම් කිරීම...මේ සමාගම් වලට කජ්ජකි. 
  • තරුපහේ හෝටල්වල පවත්වන දොස්තරලාගේ සියලුම සම්මන්ත්‍රණ, ගෙට්ටු ගෙදර්, AGM වලට බරපැණ දරන්නේ දැවැන්ත ප්‍රකෝටිපති අන්තර්ජාතික ඹෞෂධ සමාගම්ය. 
  • කෝටි ගණන් වියදම් කර ගෙන්වන මේ ඉන්දියන් බාල බෙහෙත් වර්ග වලින් බොහොමයක් නියමිත දිනට කලින් නරක් වෙයි.
  • ඉන්ජෙක්ෂන් වල පාට වෙනස් වෙයි...
  • පෙතිවර්ග කුඩුවී දියවෙයි...
  • එවිට කරනුයේ මෙම බෙහෙත් වලලා දැමීම පිණිස ආපසු එවන ලෙස දන්වා චක්‍රලේඛන සිය ගණනක් වසරකට නිකුත් කිරීමයි. 
  • මේ වන විට මේ බෙහෙත් වර්ග බොහොමයක් රෝගීන් වෙත නිකුත්කර හමාරය. (ඔවුන් සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි ). 
  • මේක බොරුවක්ද කියා ඕනෑම රජයේ දොස්තර කෙනෙකුගෙන් අහන්න. 
  • මේ තක්කඩි වැඩේ දිගින් දිගටම අනාදිමත් කාලයක සිට සිදුවන නමුත්, බෙහෙත් හිඟයේ වගකීම බාරගන්නා කෙනෙක් නැත. 
  • මේ කෝටි ගණන් වලලන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. දොස්තරලාගේ ගෙට්ටුගෙදර් සියල්ලටම ස්පොන්සර් කරන්නේ ඔෞෂධ සමාගම්ය.
  • උපදේශකයින් ලෙස පමණක් වෛද්‍ය මණ්ඩලයක් තබාගෙන, 
  • සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අරක් ගෙන ඇති, 
  • පෙන්ෂන් යන තුරුම මහජන මුදල් ගසා කමින් දෙපාර්තමෙන්තුවේ ලැග ඉන්නා (මොවුන්ට මාරුවීම් නැත).... දොස්තර මාෆියා ඩිරෙක්ටර් නඩය එලවා දැමිය යුතුය.
  • සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් පරිපාලන නිලධාරීන්ට බාරදිය යුතුය. 
  • විසඳුම එයයි. 
  • මෙසේ කළහොත් දොස්තරලා මාස හයක් එක දිගට ස්ට්‍රයික් කරනු ඇත. 
  • කුහක බමුණුකුල GMOA එක...  හෙදියක් වෙදනලාව පාවිච්චිකර BP බලනවාට විරුද්ධ විය...

නර්ස්ලාට, පාමසිස්ට් ලාට පැරා මෙඩිකල් අයට, RMO ලට, ඔක්කොටම ඩිග්‍රීයක් ගන්න නොදී කැපුවාය..
දැන් සපෝට් එකට කව්රුවත් නැත !
මේ සුපිරි බුද්ධිමතුන් තමන්ගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දොස්තර පුතුට කසාද බැඳීමට සොයන්නේ අඟහරු 7 නැති බොදු ගොවි කේන්දරය...
බෙන්ස් කාර් එකේ දෙහි ගෙඩි සහ මිරිස් කරල්ද එල්ලා ඇත !

The End

104 comments:

  1. Simple , uba ungen beheth gannatiwa hotapan

    ReplyDelete
    Replies
    1. මම බෙහෙත් ගන්නේ ෆාමසියෙන්... උන්ට වඩා අළුත් බෙහෙත් දන්නවා ෆාමසියේ ඉන්න උන්.. අනික ගානත් අඩුයි...

      Delete
    2. ඒකනේ.. මාතා මීටරේ.. අපිත් කුහක දොස්තරලා කොන් කරමු.. සයිටම් දොස්තරලා විතරක් චැනල් කරමු..

      Delete
    3. Apith matagen beheth gamu....bamunukule pitudakimu...

      Delete
    4. මගේ යාළුවෙක් පාමසී කාරයන්ගෙන් බේත් අරං බීල මලා

      Delete
    5. //මම බෙහෙත් ගන්නේ ෆාමසියෙන්... දොස්තරලාට වඩා අළුත් බෙහෙත් දන්නවා ෆාමසියේ ඉන්න උන්.. අනික ගානත් අඩුයි...//

      අපිත් බෙහෙත් ගන්නෙ පාමසියෙන් හෝ සින්හල බෙහෙත් බඩු කඩෙන් තමයි බන් ඖෂධවේදී (ෆාමසිස්ට්) අංකල්

      නැත්නම් ගෙවල් වල බෙහෙත් හදන්න පුලුවනැයි?

      හැබැයි බෙහෙත් ලියලා දෙන්නෙ නම් දොස්තරයා නැත්නම් සිංහල වෙදරාල තමයි ඉතින්. ලංකාවෙ විතරක් නෙවෙයි දන්න හැමරටකම කාලකණ්ණි දොස්තර මාෆියාව උන්ගෙ රෙද්දෙ තුණ්ඩු කෑලි නැතුව ෆාමසි වලින් බෙහෙත් ගන්න තහනම් කරපු නිසා. බොලාට නම් ඉතින් ෆාමසිස්ට් සහතික කොළකෑලි තියෙනව, අපි ගන්න ගියාම තමයි බොලාගෙත් ගෑස්, බෙහෙත් ගන්න කාලකණ්ණි දොස්තර _ත්තිගෙ _ත්තුන්ගෙ කොළකෑලි ඕනෙලු, අම්මගෙ රෙද්ද. සිංහල බෙහෙත් වල වට්ටෝරු දන්නෙ නැහැ වෙද බල්ලො ඒවා රහස් කවි වලින් උන්ගෙ පරම්පරාවෙ ගුරුමුශ්ටි විදිහට තියාගෙන ඉන්නව රෙද්ද. මුන් ඔක්කොම එකයි වල් පාහර හැත්ත.

      Delete
  2. ගොඩක් දේවල් එක්ක එකඟයි. සමහර එව්වට නම් හොඳට හිනා ගියා.ඇරියස් ද මන්දා. කොහොම උනත් ඇත්ත ගොඩක් තියෙන්නෙ.

    ඒක පාර්ශවිකයි.පාලකයන් හිතා මතා ඇතිකරන බාධක මැඩගෙන අම්බානක් කැපකිරීම් කරන වයිද්‍යවරුන් ඇති තරම් සේවයේ යෙදිලා ඉන්නවා.ඔවුන් නීති රාමුවේ හිරවෙලා ඉන්නැතුව මානුශිකත්වය මත පදනම් වෙලා දිවි ගලවමින් ඉන්නවා.ඔවුන්ට අපේ ආචාරය හිමිවිය යුතුමයි.

    කම්මැලි නැතුව කියවන්න පුළුවන් පොතක් තමයි චේතන් භගත්ගෙ 'රෙවලූශන් 2020'.කියවලා බලන්න.(මාතෘකාවට අදාලයි.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිත හොඳ උන් මාෆියාවට බයේ රස්සාව ආරාස්සා කොරාන කට පුක වහගෙන ඉන්නවා...

      Delete
  3. පුත සඳ දෙස බලන්න...ඇඟිල්ල දෙස නොබලන්න !

    ReplyDelete
  4. මාත, මේ ගැනනම් මම ඉතා විස්තර වශයෙන් ලියල තියනවා, නමුත් මම වෙන පැත්තක් පෙන්වන්නම් මගේ නැන්ද කෙනෙකුව විශේසන්ය වයිදය වරියකට පෙන්වූව ඇය ට පාකින්සන් රෝගයේ මුලික අවස්තාව තිබෙන බවයි කිව්වේ, මේ දොස්තර වරිය ලබාදුන්නා බෙහෙත් වගයක් මගේ මාම මේ බෙහෙත් ලැයිස්තුව මගේ මවට පෙන්නුවා, මගේ මව ඔවුෂදවෙදිනියක් ඇය කිව්ව්වේ මේ දීල තියන බෙහෙතක් නිසා ඉතා නරක ප්‍රතිවිපාක ඇතිවීමට පුළුවන්, නමුත් මෙය දීල තියෙන්නේ විශේස්හන්ය විද්‍යාවරියක් නිසා තව දොස්තර වරයකුට පෙන්වා දෙවෙනි අදහසක් ලබාගන්නා ලෙසයි. දෙවැනි අදහසත් උනේ මෙය අහිතකර බවයි මෙනිසා hallucinations තත්වයක් ඇතිවන බව දෙවැනි නිගමනය උනා නමුත් මුල් දොස්තරවරිය විශේස්හන්ය වරියක් නිසා තීරණය උනා මෙය දිගටම ලබාදීමට අවසාන ප්‍රතිපලය ඇයට දරුණු පාකින්සන් රෝගය සමග hallucinations (අස්වාබවික ලෙස විවිද රුප පෙනීම ) තත්වයක් හටගත්ත.

    නවීන වයද්‍ය විදයාවේ තියනවා මුලික ප්‍රශ්නයක් ඒ තමයි කෙනෙක් ලෙඩවී දොස්තර වරයෙකු ලගට කියාම ඔහුට බලවත් ඔවුෂද නියමකරනවා, මේවා වලින් කරන්නනේ අදාළ රෝගියාගේ රෝගය වේගයෙන් යටපත් කිරීමයි නමුත් රෝගය තවම සුවවී නෑ රෝගියා හිතනවා රෝගලක්ෂණ යටපත් වී ඇතිනිසා තමාගේ රෝගය සුවවී ඇති බව ඒ අතරම නව රෝගයක් ඇතිවෙනවා දැන් ඔහු අර දොස්තර ලගටම යනවා බෙහෙත් ගන්න නමුත් ඔහු දන්නේ නෑ දැන් ඔහුට වැලදී ඇති රෝගයට ගෙතුව ඉහත දොස්තරගේ ම බෙහෙත් නිසා බව .

    මේ තත්වයෙන් මිදෙන්න අප දැනුවත් වියයුතු සරලම විදිය නම් දොස්තර ලගට ගිහිල්ල බෙහෙත් ගත්තට පස්සේ අදාළ බෙහෙත් වල නම් ඔබ අන්තර්ජාලයෙන් සොයල බල්ලන්න "Name of the drug side effects " ඉන්පසු ඔබ ඔබෙන්මත් අදාළ දොස්තර ගෙන්නුත් විමසන්න තමන්ට මේ බේත නිසා ඇතිවන ලෙඩවලට තමා සුදානම්ද නැද්ද යනවග අද ලෝකයේ අපට සම්පුර්ණ විශ්වාසය මේ මිනිසුන් කෙරේ තැබිය යුතු නෑ

    https://www.youtube.com/watch?v=kOW8LNU2hFE

    ReplyDelete
    Replies
    1. ලංකා සිතුවිලි......පාර්කින්සන්ස් වලට දෙන මැඩෝපා. ලෙවඩෝපා වගේ බෙහෙත්වලට එන සයිඩ් එෆෙක්ට්ස් වලින් හැලුසිනේශන්ස් ප්‍රධාන බව දන්නවා. පාර්කින්සන්ස් අයට දෙන ප්‍රධානම බෙහෙතක් නේද ඕක. වෙන ආදේශක බෙහෙත් තියෙනවද.. මම වෛද්‍ය විද්‍යාවට සම්බන්ද නැහැ. නමුත් ඔය ගැන මට වෙනත් අත්දැකීමක් තියෙනවා.

      Delete
    2. Aruna,

      මම දන්නේ දේ තමයි ඇයගේ තත්වය අසාද්‍ය උනා වගේම අතිරේක ලෙඩකුත් ඇතිවුනා, දැනට මාස කීපයකට පෙර ඇයගේ ජීවිතය නැතිඋනා.
      මේකට මමනම් කියන්නේ මහදැන මුත්තා එළුවාගේ බෙල්ල කපල මුට්ටිය බින්ද වගේ වැඩක්.

      මම මේ කිව්වේ මගේ පොඩි උදාහරණයක් මෙවැනි බොහෝ දේ මම අහල දැකල පුද්ගලිකව අත්විදලා තියනවා. ඉතින් මම කියන්නේ නෑ දොස්තර වරුන් ලගට යන්න එපා කියල මම කියෙන්නේ ඔබ ගන්න බෙහෙත් ගැන ඔබ දැනුවත් වෙලා ප්‍රශ්න කරන්න කියල.

      ශ්‍රී ලංකාව වැනි රටවල විශාල ලෙස යල්පැනගිය වගේම නවීන ඔවුෂද නියමකරනවා. මේවා දන්නේ බොහෝ ටිකදෙනයි හොද දොස්තරවරයකු නියම කරන ඔවුෂද අඩුගානේ වසර 4 ක් වත් වෙලදපොලේ තිබෙන ඔවුෂදයි මොකද වෙළදපොලට නිකුත් කරන ඔවුෂද වලින් 75% තරම් විශාල ප්‍රමාණයක් වසර 4 දී තහනමට ලක්වෙනවා.

      Delete
    3. මේකේ දත් ගැලවීම ගැන තියන නිසා අපේ සරසා තුමාට මේගැන වැඩි අත්දැකීම් ඉදිරිපත් කරන්න පුළුවනි

      Delete
    4. //මම කියෙන්නේ ඔබ ගන්න බෙහෙත් ගැන ඔබ දැනුවත් වෙලා ප්‍රශ්න කරන්න කියල.//
      සිංහලෙන් නම් එපා ඔන්න.ගස්ලබ්බ එක පාරක් අහල බල්ලෙක්ට වගේ.. බල්ලෙක්ට වගේ බැණුම් ඇහුවා ගූගල් කරල පණ්ඩිතකම් අහනවා කියලා.

      Delete
    5. ////////බල්ලෙක්ට වගේ.. බල්ලෙක්ට වගේ බැණුම් ඇහුවා/////////

      පිස්සෙක් වගේ....පිස්සෙක් වගේද..ඌ බැන්නේ...

      Delete
    6. හ්ම්ම්ම් ... ඔව්. ඉංග්‍රීසියෙන්,සිංහලෙන් හැඟීම්බරව බැන්නා.මූණ මතක තියාගෙන ආයෙ කොහෙන් හරි දැක්කොත් බෙහෙත් කරන්නැතුව ප්‍රතික්ශේප කරන්න කිව්වා.ඕනම හදිස්සියක් උනත් සෙකන්ඩ් ඔපීනියන් එකක් අරන් ආවෙ නැත්තන් බලන්න එපා කිව්වා.. තව ගොඩක් දේ කිව්ව.ආපහු බැන්නෙ නෑ යම් සම්බන්ධතාවයක් හරහා ඔහු වෙත ගිය නිසා. ඩොකාලගෙන් ලබපු අත්දැකීම් නම් ඉහටත් උඩින්.

      Delete
    7. ඔය වගේ කතා අනන්තයි අප්‍රමාණයි... මේ මෑතක අපේ පොඩි එකාගේ ඇහ පොට්ට කරනවා තව ටිකෙන් ඉස්පැසොල් වේසියෙක්. හොඳ වෙලාවට බේර ගත්තෙත් ඩොකෙක්ම තමයි..

      Delete
    8. Podiekata uvata beheth pamasiyen ganna tunane..

      Delete
  5. බයිතෙනවා...

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. බය වෙලා ඉන්න තරමට එයාලා කැමතියි...

      Delete
  6. 3.//ලෝකේ බොහෝ රටවල් වල වෛද්‍ය වෘත්තිකයන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය කලින් කලට අලුත් කලයුතුයි. එසේම බරපතල අත්වැරදී සිදුවීම සහ අවකල්ක්‍රියාවන් වැනි දේ වෛද්‍ය වෘත්තිකයෙකු අතින් නැවත නැවත සිදු වේ නම් එවැනි අයගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය ඉක්මනින් විදිමත්ව අත්හිටුවීමෙන් පසු වැරදි වල ප්‍රමාණය අනුව බලපත්‍රය සදහටම අවලංගු විය හැකයි.//https://nesciencetoscience.blogspot.com/

    ලංකාවේ වෛද්ය සභාව පවත්වාගෙන යන්නේ හුඟ කලෙකින් යාවත්කාලීන නොකල නීති රීති පද්දතියක් අනුව එය යවත්කාලීන කිරීම වෛද්යතවරුන් විසින්ම තම වාසිය උදෙසා පාමාකරමින් සිටිනවා. උදාහරණයක් විදියට ගත්තොත් දියුණු රටවල සහ බොහෝ නොදියුණුයයි සම්මත රටවල්වල වෛද්ය සභා මගින් වෛද්යටවරයෙක් පිළිබඳ පාරිභෝගික පෑමිනිල්ලක් ලැබුණ විට එය විභාග කරීමෙන් අනතුූරුව එම වෛද්යටවරයාගේ වැරද්දේ ස්වභාවය අනුව තවකාලික ලියාපදිංවිය අහෝසිකිරීම , පුනරුත්ඨාපනය කිරීම, මානෙසික ප්රොතිකාර සඳහා යැවීම, නැවත පුහුණු කීම සහ අවසන් වශයෙන් ලියා පදිංචි අහෝසිකිරීම වැනි ක්රිසයාමාර්ග ගන්නවා . නමුත් ලංකාවේ වෛද්ය සභාවට එවැනි බලයක් නෑ . තිබෙන්නේ ලියාපදංචිය අහෝසිකරණ බලය පමණයි. ඒක හරියට ඕනම වැරද්දකට අවම දඪුවම මරණ දඪූවම වගේ . ඒක නිසා කිසිම වැරද්දකට දඪුවම් නැහැ .

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වෛද්‍ය සභාවෙන් අවසර දෙන්නේ නැත්නම්, පිට රටකින් හරි කොලිෆයි කරලා ඒ ළමයි ගොඩ දාන එක රජයේ යුතුකමක්.. මුන් හැම එකාම පිස්සු කෙලින්නේ තරුණ ජීවත් ටිකක් එක්ක.. මොකෝ මෙහේ වෛද්‍ය සභාව ලෝකේ තියෙන හොඳම එකය...

      Delete
    2. බොහොම හොදයි . වෛද්‍ය ශිෂ්‍යයෙක් වසර 3ක් හෝ 4ක් අවම සායනික පුහුණුවක් ලැබිය යුතුමය. මෙරට රජයේ විද්‍යාලවල එය සිදුවේ. SAITM හදලා ළමයි අන්තිම අවුරුද්දට යනකනුත් ලෙඩ්ඩු බලන්න සායනික පුහුණුවක් නෑ. එහෙම එවුන්ට ලක්ෂ 120 ක් දුන්න හින්දා දොස්තර වෙන්න අනුමැතිය දෙන්න කියලද කියන්නේ ? අනේ ගොනෝ..

      Delete
    3. මෙලෝ හසරක් නොදන්න හරකෝ.. ඉස්සෙල්ලා සයිටම් එකට ගිහින් වරෙන්...

      කියන්නම් වාලේ කියවන්නෙ නැතිව..

      Delete
    4. දැන් එතකොට තෝ ගිහින්ද ආවේ හරකෝ....?

      Delete
  7. ලාංකික සිතුවිලි එක්ක එකඟයි...හේතුව මටම වෙච්චි පුද්ගලික අත්දැකීමක්...

    නියම ශ්‍රී ලාංකිකයකුට තිබිය යුතු සේරම ලක්ෂණ නැතිව ලංකාවේ දොස්තරලා බේත් දෙන්නෙ කෝමැයි...මේ ගැන පුදුම වෙන්න දේකුත් නෑ...

    අසංක

    ReplyDelete
    Replies
    1. හදවතින්ම සිරි ලාංකිකයි..

      Delete
  8. අපි සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි

    ReplyDelete
    Replies
    1. මේවා මෙහම අමුවට කතා කරන්න බැහැ වරෙන් අයියන්ඩි අඩියක් ගහලා කතා කරන්න

      Delete
    2. ඒ පිහිට හා අරාක්ෂාව නිසාවෙන් තමයි මෙහෙම හරී ඉන්නේ...

      Delete
  9. //නියම ශ්‍රී ලාංකිකයකුට තිබිය යුතු සේරම ලක්ෂණ නැතිව ලංකාවේ දොස්තරලා බේත් දෙන්නෙ කෝමැයි...මේ ගැන පුදුම වෙන්න දේකුත් නෑ...//

    මේ හැම ප්‍රශ්නයකටම මූලික වූ හේතුව මෙන්න මෙතන තියනවා.

    ReplyDelete
    Replies
    1. හදවතින්ම සිරි ලාංකිකයි....

      Delete
  10. දොස්තරලා පිලිබඳ රටේ ජනතාවට තියෙන්නේ කළකිරීමක් බව බොහෝ දෙනා කියන කතාව ඇත්තක් බව තේරෙනවා. පුරවැසියාගේ අයිතියට ගරු කරන රටක එහෙමනම් ඔය දොස්තරලාගෙන් බාගෙකට වඩා හිරේ යන්න වෙනවා. ප්‍රයිවට් චැනලින්වලට වුනේ ප්‍රයිවට් බස්වලට වෙච්ච වැඩේමයි. දොස්තරලයි, කොන්දොස්තරලයි දෙගොල්ලොම එකයි, කියලා තමයි මට හිතෙන්නේ. පුලුවන් තරම් පටෝගන්නවා. අපි නිකම්ම නිකම් කෑලි.

    ReplyDelete
    Replies
    1. විශ්වාසය ගැනත් වගකිවයුතු පාර්ශව බොහොම තදින් අවධානය යොමුකරන්න වෙනවා.
      මොකද 1981දි ඇපොතිකරි වයිද්‍යවරයෙක් තමුන්ලඟට ග්‍රැමක්සෝන් ගහල ආපු ලෙඩ්ඩුන්ව වැරදියට ඩයග්නොස් කරලා වැරදි බෙහෙත් දීලා.ඔක්කොම ලෙඩ්ඩු මැරුණලු.හැබැයි වැරැද්ද අහුවුනේ අද බුකියෙදි දාපු පෝස්ට් එක කියවපු ඩොකාලට.
      වයිද්‍යවරුන් හැදුවට මදි.යාවත්කාලීන කොරන්නත් ඕනෙ.එදා මැරුණු මිනිස්සු ප්‍රමාණය වත් දන්නවාද හා?
      සමහර ඩොකාල කියන අයගෙ ටෝක් නම් තියනවා.හැබැයි රෙද්දෙ තුත්තිරි.

      Delete
    2. දුප්පත්ම මනුස්සයගෙ ආරථික මට්ටම තව පෝඩ්ඩක් උඩ ආවානම්... මුන්ව පයිසෙකට ගනන් ගන්නේ නෑ... මුන් පාට් දාන්නේ බාහිර රෝගීන්ටනේ...

      Delete
  11. සරත් පොල්ලෙන් ගැහුවා වගේ දීලා තියනවා ; පරිස්සමෙන් පාරේ යන්න . හෙල්මට් පලඳින්න

    ReplyDelete
    Replies
    1. කොහොමත් බිල්ලක් දෙකක් ගන්නකම් හරි දෙනකම් හරි වැඩේ ඉවර කරන්න ආන්ඩුවට උවමනාවකුත් නෑ

      Delete
  12. කියල වැඩක් නැහැ මාතෙ. උබේ පොස්ට් එකට රෙස්පෙක්ට් කරනව. උබ හිතනවානම් උබේ පුතා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කොරන්ට, ඌව යවපන් වෙන රටකට. එතකොට ඌ කවදාහරි එන්නෙ උපාදිය වගේම තනියම හම්බ කරන් ඉගෙනගන්න කට්ට උපරිමයෙන්ම කාල.. ඌට තේරෙනවා සල්ලි හම්බ කරන්ට ඉගෙන ගන්න තියෙන කට්ට කොහොමද කියල. අනික අඩුම තරමෙ සමාජෙට මොකක්වත් නොකරුවත් ඌ ඌට දෙයක් කොරගනියි තමන්ගෙ පාඩුවේ.

    එකට ලංකාවේ උන් නිදහස් අද්‍යාපනයට පින්සිද්ද වෙන්ට ඉගෙනගෙන, කර පර්මිට් එකත් අරන්, ජාතියට වර්ගයාට වයිර කර කර ඇරියස් අල්ලන් නටන මේ පිස්සුව නම් නොදකින්. උබ කියල තියෙන ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම එකඟයි.

    නිකන් බලපන් ඔය මාද්‍ය සාකච්චා දෙන දොස්තරලන්ගේ ඩයල් ටික.

    2007 වසරේදී දරුණු බඩේ අමාරුවකට මම ජයවර්දන ගෙවන වාට්ටුවේ මම නැවතුනා. බිල ඒ දවස්වල ලක්ෂ 4ක් උනා. ඔපෙරේෂන් දෙකයි. ටෙස්ට් 10ක් වගේ. හිටියේ දවස් 5යි. සල්ලි බාගයක් ගෙව්වේ තාත්තගේ EPF එක අරන්.

    මෙහෙදී 2011 දී ඒ ලෙඩේම ආයෙ ආව. කේස් එක ෆුල් සීරියස්. දොස්තරලා ෂොක්. මට ඇඟට අතක් තියන්ට කලින් කිව්වෙ 2007 රෙකෝඩ්ස් අම්මට කියපන් මෙහෙට එවපන් කියල. බඩු ඔක්කොම ආව. ඒ වෙනකොට මට NHS එකෙන් GERMAN ඩොකෙක් මෙහෙට ගෙන්න ගන්න එපොයින්ට්මන්ට් එකකුත් දීල තිබ්බ ලෙඩේ හොයාගන්න. මොකද ලංකාවේ හිස්ටරි එකෙන් NHS එක බය වෙලා හිටියෙ ලංකාවේ කල ඔපරේෂන් නිසා..

    GERMAN ඩොක්ට මාස දෙකකට පස්සෙ ආව. මම තමයි ඉතිං ඔන්න ප්‍රයෝරිටි ලෙඩා. එයා පැය 4ක් මම එක්ක කතා කළා. ලංකාවේ රෙකෝඩ්ස් ඔක්කොම චෙක් කළා. පස්සෙ කොලොනොස්කොපි ටෙස්ට් දෙකකට දැම්ම.


    ආයෙ එයාම මට එන්න කිව්වා සතියකින්. පස්සේ මගෙන් ඇහුව ඇයි උබ ලංකාවේ ඔපරේෂන් වලට ගියේ කියල. මම කිව්වා ගියේ නැහැ. එයාල කිව්ව නිසා ඔපරේෂන් වලට ගියා කියල. මිනිහ මට කිව්ව උබ එව්වා සල්ලි වලට කලානම් උබේ සල්ලි අපරාදේ. නීතියෙන් බැහැ ලෙඩක් අඳුරගන්න කන් කිසිම මිනිහෙකුගේ අඟ කපන්න කොටන්න. මම උබට දැම්මේ කැමෙරා විතරයි. උබට ලොකු අමාරුවක් නැහැ. උබට තියෙන්නේ සිම්පල් ලෙඩක් ISB. උබට කිරි ඇලජික්. හැබැයි බෙහෙත් නැහැ. උබේ ෆුල් බොඩි එක ෆුල් ක්ලියර්.

    සමහරක්විට NHS එක පවුම් 10000ක් වොතර වය කරන්ට ඇති GERMAN වලින් දොස්තර කෙනෙක් ගෙනල්ල හරියට මට වෙදකන් කරන්ට. එත් ඒ ඔක්කොම මට නිකං. හිතන්න දොස්තරලගේ ආතල් වලට ගියපු සල්ලි. තාත්තගේ EPF එක.

    හිතපන් දුප්පත් අහිංසක මිනිස්සු. සල්ලි නැති නිසා මැරෙන ලෙඩ්ඩු.

    දේපල විකුණලා මේ කපටි කයිරාටික දොස්තරලට අහුවෙන මිනිස්සු,..??

    මේ වෙදකන් කරන්නෙ SAITAM දොස්තරල නෙමෙයි..

    තව මොන කතාද බං මාතේ...

    ReplyDelete
    Replies
    1. අපි සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි

      Delete
    2. හාට් ප්‍රොබ්ලම් නති උන්ටත් ස්ටෙන්ට් දාලා ගාන කපා ගන්නවා. ඒක ආන්ඩුවෙන් නොමිලේ දෙනවයි කිව්වම. ඔපරේසොන් ඔක්කොම නවත්තනවා. අක්ෂි කාචවලටත් එහෙමයි. ඒ තරම් තිරිසන්නු ඉන්නේ. ගැස්ට්‍රික් තද වෙලා ගියාම අයි සී යූ දානවා. උන හෙම්බිරිස්සාවට ගියත් රිපෝට් 500 ක් ඉතර ගේන්න ඕන. තනිකර මාෆියාවක්..

      ඔතන ඩොකාලගේ නෙමෙයි මිනිස්සුන්ගෙත් ප්‍රශ්ණයක් තියෙනවා. ඔය පාසල් ප්‍රශ්ණය වගේම. උණ හෙම්බිරිසාව හැදුනත් ඩොකා ළඟට දුවනවා.. අපි පොඩි කාලේ ඕවට අත් බේත් කොයි තරම් තිබුනද.. මොකෝ අපේ පරම්පරාවේ මිනිස්සු ලොකු වෙලා ඉන්නේ දොස්තරලා ළඟට ගිහින්ය...

      Delete
  13. ඔන්න මාතේ මම අවුරුදු 5 කට පස්සේ බ්ලොග් එකක් ලිව්වා.

    http://tikikatha.blogspot.co.uk/2017/02/me-myself-and-i.html

    ReplyDelete
    Replies
    1. ගියා ........
      මේවා මෙහම අමුවට කතා කරන්න බැහැ වරෙන් අයියන්ඩි අඩියක් ගහලා කතා කරන්න

      Delete
    2. මම මිතුරෙකුගෙන් දැනගත්ත (මිතුර ඉහල pharmaceutical කොම්පැනියක ඉහල තනතුරක් දරුවෙක් ) ඔහුගේ දොස්තර කෙනෙකුගේ මාර්ගයෙන් දැනගෙන තියනවා මේ දොස්තරට කාර් එකක් මිලදී ගැනීමට රුපියල් 75000 මුදලක් උවමනා වෙලා තියනවා මෙය මිලදීගන්න ඔහු කරලා තියෙන්නේ කිසියම් අපහසු තාවයකට පැමිණි පුද්ගලයකුට බඩේ ගෙඩියක් ඇතිබව කියල ඔහුගේ උදරය විවුර්ත කරලා නැවත වසාදමිමයි, ඔහුට පුළුවන් වෙලා තියනවා වාහනය ගන්න. මෙහෙම තමයි ලංකාවේ බොහෝ දේ වෙන්නේ. මේවා නොදන්නා මෝඩයන් කිසිම හේතුවක් නැතුව මේ මිනිසුන් ලගට යනවා

      Delete
    3. ඕක තමයි ලංකා සිතුවිලි මහත්තයෝ කියන්නේ..

      එලද බ්‍රා මහත්තයෝ.. මේ පොස්ට් එක ලියන්ට මට බෝතල් බාගයක් ගිය. දැන් ඉන්නෙත් ඉතුරු ටික බොන ගමං. මේ (ලොකුවට කියන්නේ නැහැ රත්තරනේ ) ඇපල් මගුලක් ගත්ත. ගත්තේ ෆිල්ම් බලන්න. එත් මේ සිංහලත් දාගෙන දැන් මට පිස්සු වගේ.

      Delete
    4. මල්ලි මචෝ බොක්ක පකෝ කිව්වත් කමක් නැහැ මහත්තයෝ එපා එතකොට අපි දුරස් වෙලා වගේ

      Delete
    5. එළකිරි... මම සින්ඩියෙත් එල්ල ගත්තා... දිගටම ලියපන්.. මොකෝ ගොඩක් ඒවා පටන් ගන්නවා විතරයි...

      Delete
  14. යකෝ මේවා කරන උන්ව තියන්න වටින්නේ නෑනේ බං. මම හිතාගෙන හිටියේ ලංකාවේ ලොකුම හොරු දේශපාලනඥයෝ කියලා. දැන් බලනකොට .......

    ReplyDelete
    Replies
    1. රන්ජන් ගේම ඇද්ද එක හොඳයි... අරකිගේ රස්සාවට කෙලවෙලා තමයි නවතින්නේ... ආන්ඩුවේ ඩොකාලා කියන්නේ පාතාලෙටත් වඩා දරුණු මාෆියාවක්...

      Delete
  15. -මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා නිකන් ස්ටෙන්ට් දාගෙන . ඒ දවස්වල ලක්ෂ 8-10 විතර වියදම්

    ReplyDelete
    Replies
    1. කෝටිපතියකු වන්නේ කෙසේද..?

      හැබයි රාජිත ඒ වැඩේට කෙලියා... දැන් ස්ටෙන්ට් දැමිල්ල නවත්තලා... කොමිස් කුට්ටිය නෑ නේ...

      Delete
  16. පිටරටක සේවයකරන ඩොකෙක් නිවාඩුවට ලංකාවට ගිහින් ඇවිත් මට කියපු කතාවක්.

    එයාගේ ගමේ මිනිහෙක් ඩොක් මුදලාලි කෙනෙක් ගාවට ගිහින් බඩේ අප්සට් එකකට. බලපු ගමන් කියලා ස්කැන් එකක් කරන්න කියලා. මගේ යාලුවා ලංකාවට ඇවිත් කියලා දැනගෙන මේ හාදයා එයාගේ ගෙදරට ඇවිත්. බලපුවාම දවස් ගානක ඉඳන් තියෙන මළ බද්ධයක්. දවස් දෙකක් ලැක්ටියුලොස් දුන්නාම වැඩේ ඉවරවෙලා. අර හාදය පින් දෙනවලු. දුප්පත් මිනිස්සුන්ව හූරන් කනවා.

    ReplyDelete
    Replies
    1. මල බද්දෙට හේතුව බඩවැලේ ගෙඩියක් එහෙම උනානම් අපේ online විසේසඥලා ටික කියාවි scan නොකර ලක්ටියුලොස් දීල ලෙඩා මලා කියල.. අය්යෝ සල්ලි..

      Delete
    2. මම මේ දන්නැති කමට අහන්නේ....ඉස්සෙල්ලා කරන්න ඕන බඩ සුද්ධ කරන එකද, පොකට් එක සුද්ද කරන එකද......

      .මට කියපු එක්කෙනා නම් කිව්වේ,ඒ අවට ප්‍රදෙශය මතුපිටින් අතගා බලා රෝග විනිශ්චය කරගැනීමට තරම්වත් ඩොක් මහත්තයාලට වෙලාවක් නැති බවයි. අනිත් එක සියල්ලා ලැබ් වාර්තා මත පමනක්ම යැපීම බවයි. මට මේ කතාව කියු ඩොක්ටර් බොහොම සීනියර් පොරක්. පඩියට වැඩ කරන්නේ ලන්ඩන් රෝහලක.

      Delete
    3. ෆාමසියෙන් බෙහෙත් ගත්තාම ගොඩාක් ලෙඩ සනීප වෙනවා. කොහොමත් මැරෙණ එක නේ අප්පා... අපි එක එකාගේ බෙන්ස් වලට දායක මුදල් ගෙවන්නේ මක්කටෙයි..

      Delete
    4. //ෆාමසියෙන් බෙහෙත් ගත්තාම ගොඩාක් ලෙඩ සනීප වෙනවා. //

      අපිත් බෙහෙත් ගන්නෙ පාමසියෙන් හෝ සින්හල බෙහෙත් බඩු කඩෙන් තමයි බන්
      නැත්නම් ගෙවල් වල බෙහෙත් හදන්න පුලුවනැයි?

      හැබැයි බෙහෙත් ලියලා දෙන්නෙ නම් දොස්තරයා නැත්නම් සිංහල වෙදරාල තමයි ඉතින්. ලංකාවෙ විතරක් නෙවෙයි දන්න හැමරටකම කාලකණ්ණි දොස්තර මාෆියාව උන්ගෙ රෙද්දෙ තුණ්ඩු කෑලි නැතුව ෆාමසි වලින් බෙහෙත් ගන්න තහනම් කරපු නිසා. ෆාමසිස්ට් සහතික කොළකෑලි තියෙන රිලවු කියනව (අපි ගන්න ගියාම) බෙහෙත් ගන්න කාලකණ්ණි දොස්තර _ත්තිගෙ _ත්තුන්ගෙ කොළකෑලි ඕනෙලු, අම්මගෙ රෙද්ද.

      අනෙක් පැත්තෙන් සිංහල බේත් ගන්න ගියාම, බෙහෙත් ගස් මුල් වැල් දන්නෙත් නැහැ, සිංහල බෙහෙත් වල වට්ටෝරු දන්නෙ නැහැ වෙද බල්ලො ඒවා රහස් කවි වලින් උන්ගෙ පරම්පරාවෙ ගුරුමුශ්ටි විදිහට තියාගෙන ඉන්නව රෙද්ද. මුන් ඔක්කොම එකයි වල් පාහර හැත්ත.

      Delete
  17. ආමි හොස්පිටල් එකේ හිටපු (පහුකාලේ ජෙනරල් ) මුණසිංහ ලොක්ක, හවසට ආසිරි එකේ CT ස්කෑන් කරලා එකේ හරියට පෙන්නේ නැහැ කියල පහුවෙනිදට ආමි හොස්පිටල් එකට ගෙන්නලා අල්ට්‍රසවුන්ඩ් කරනවා. හරිනං ඔකේ අනිත් පැත්තයි වෙන්ට ඕනේ, මුලින් අල්ට්‍රසවුන්ඩ්.

    ReplyDelete
    Replies
    1. ආමි එකේ සිස්ටම් ඔක්කෝම වෙනස් නේ අප්පා...

      Delete
  18. මාතාහාරීFebruary 7, 2017 at 11:27 AM

    //මේවා ඇල්ලීමට කඩාපනින හමුදාවක් ඇතත්...//

    හික්ස්..
    කඩාපනින හමුදාවත් අභිමානවත් උරුමයකින් පැවත එන සීලාංකිකයෝ අයියාහ්...

    ReplyDelete
    Replies
    1. එවයෙ තමයි ළොකුම හොරු ඉන්නේ... අර ප්‍රයිවට් බස් අල්ලන සෙට් එක එහෙම කොහොමෙයි ජරාව කන්නේ...

      Delete
  19. I don't know where to start my opinion on Sri Lankan doctors despite being a doctor. All I can say is most are only after money and if I was not a doctor and send him for the correct treatment per current guidelines, my Grandfather would have undergone unnecessary treatments for cancer and died with the side effects of it. But instead he is healthy and still living. It is disgusting to see how some of the "Consultants" behave.

    ReplyDelete
    Replies
    1. දැන් කැන්සර් එකෙන් බිස්නස් කරන්නත් බෑ.. රාජිතට පින් දෙන්න ඕන ඒකට.. ඕනම පිළිකා රෝගියෙකුට සීමාවකින් තොරව වියදම් කරනවා මහරගම ඉස්පිරිතාලේ... දන්න ඕනම කෙනෙක් එතනට යවන්න.. නැත්නම් මැරෙන්න ඉන්න මනුස්සෙයෙක් නොමරා මරනවා කාළකන්නි.. ඒ මනුස්සයා ඉතරක් නෙමෙයි මුළු පවුලම මරණවා.. අනාත කරනවා....

      Delete
  20. quoted from Sa rasa: ඔයි කෑල්ල ලියූ දොස්තර තුමා නාන නෑම බලන්න හිටන්:


    https://www.facebook.com/groups/thulawa/permalink/1462048780485814/

    ReplyDelete
    Replies
    1. එයත් ඉතින් සයිටම් එක්කෙනෙක් නෙමෙයි නේ... ඔහේලගෙම එකෙක් නේ... ඉතින් ආඩම්බර වෙන්න...

      Delete
    2. මගෙ කෙනෙක් වෙන්න මම දොස්තරයෙක් නෙමේ.
      මේ කියන කෙනා කොහෙන් අවුට් උනාද කියන්න නම් මම දන්නේ නෑ. MBBS/ MD(undergrad.) නොවුනට කොළඹ ට්‍රේන් උනා කියලා තියනවනේ.

      අනිත් එක බුකියෙ නාගන්න මහත්මයා ලියපු රචනාව බ්ලොග් එකේ දාගෙන ඉන්නෙ මම නෙමේ ඔයානෙ. ඉතින් ඔයා ආඩම්බර වෙන්නකෝ.

      Delete
    3. ea mahaththayaa pAththakin thiyaalaa... methana thiyena ekak hoe boru kiyalaa kiyannakoe...

      Delete
    4. මට මේ ගැන කියන්න වෙන්නෙ මට තියන සුලු අත් දැකීමෙන්. මම පහු ගිය මාස කිහිපයට ආන්ඩුවේ ඉස්පිරිතාලෙක සෑහෙන බෙහෙත් ගන්න ගියා.

      PP එකෙන් ආවා කියලා මට ලැබිච්ච වෙනසක් නෑ වගේම මට ලැබිච්ච නරක අත් දැකීමකුත් නෑ.

      මමත් අනිත් ලෙඩ්ඩු ගොඩේම පැය ගානක් වාඩි වෙලා හිටියා වගේම අනිත් වැඩවලටත් ඒ විදිහටම ඒ විදිහට පෝලිමේ හිට්යා.

      ඉන්න දොස්තරලා වගේම නර්ස්ලගෙනුයි අනිත් අයගෙනෙයි වෙච්ච වැරද්දකුත් නෑ.

      හැබැයි මම මෙහෙම කලේ මට පෝලිම් පනින්න ඉඩ තියෙද්දි. මට බෙහෙත් දෙන අය මොන වගේද කියන එකත් මම සාමාන්‍යෙන් දැනගෙන හිටියා.

      දැන් කියනවනම් මගේ අත් දැකීම ගැන මට 100%ක් සතුටුද හැමදේම සාර්ථකද කියලා එහෙම නෑ. දියුනු වෙන්න තව සෑහෙන තැන් තියනවා. සමහරක් ඒවා දොස්තරලට. අනිත් ඒවා ඊට ඉහලින්.

      හැබැයි ක්ලිනික් එක අතුලට ගියාම ඉන්න දොස්තරගෙ කොලිටි බලන්න ලෙඩ්ඩුන්ට විදිහක් නෑ. ඒ නිසා ලෙඩෙක් විදිහට මට මේකෙ කොලිටිය ඉහල යන වැඩ මිස පහල යන වැඩ වලට කැමැත්තක් නෑ. ලෙඩ්ඩු හරියට බලලා පුරුදු නැති කට්ටිය ගෙනත් දොස්තරලා කලාම කොලිටි එහල යනවා කියලා මාතලන් හිතුවට මට කරන්න දෙයක් නෑ. මමනම් එහෙම හිතන්නේ නෑ.

      Delete
  21. GMOA එකෙන් SMS එකක් එවලා තියනවා මහ දොස්තරලා හැර පොඩි එවුන්ට විතරක්. එයින් ඉල්ලන්නේ සයිටම් සටන සඳහා මේ මාසේ වැටුපෙන් රු 5000 දෙන්න කියලා. කොහොමද මුන්ගේ ගැහිලි?

    ReplyDelete
    Replies
    1. නිකංද ඕක මාෆියාවක් කියන්නේ...

      Delete
  22. Low quality saitam is not the solution

    ReplyDelete
    Replies
    1. ඒක ලෝ කොලිටි කියලා කියන උන්ගේ ඒවායේ කොලිටිය ගැන කියන කතා ඇහුවා නම් බල්ලො බත් කන්නෙත් නෑ...

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. දැන් එතකොට මාතලන් බත් කන්නෙ නැතැයි...

      Delete
    4. නෑ... මම කන්නේ පාන්.. බත් කන්නේ හරක් නේ...

      Delete
  23. 1/2

    My dear worthy companion the Rt. Hon. Sarasa,

    It is ridiculous in deed the shocking ignorance of that writer. I think his other observations are also in the same category of sloppy writing. I do not know who he is but I am sure he is a disgrace to the noble medical profession, and of course he cannot be a clinician even if he happened to be a doctor. Because a clinician who has ever treated a patient with paraquat poisoning would never write such nonsense. Even if you are to resuscitate a patient in cardiac arrest, there is no place for atropine in the latest guidelines issued by the AHA (not even single a dose). Ravindra who happened to be a superb physician and one of the finest toxicologists in the world, after writing so much about agrochemical poisoning in Sri Lanka, will be stunned to read such rubbish advocating atropine for paraquat poisoning. Dear Sarasa, this is for what my great surgical colleague Ganesharatnam used to call "Complete Rubbish" in our good old days! Jokers who are utterly confused about the therapeutics of paraquat poisoning and organophosphate/carbamate poisoning, could do nothing other than writing malicious and slanderous libels on doctors. Dear Sarasa, is he seriously a doctor?

    As you would know, I read Mātalan regularly and I happened to read that absolute nonsense about doctors written by a substandard doctor (if he is really a doctor) merely due to the fact that Mātalan had published the libel on his fine weblog. Of course, Priyantha Hewage alias Mātalan himself would not have written such rubbish as a man of practical versatility. His article in support of private medical schools is truly noteworthy with meticulous observations. The catastrophe is when Mātalan as a non-medical person could penetrate so deeply into the problem of medical education, a man who claims himself that he is a doctor could only write a hilarious note. Dear Sarasa, ye tell me young master, isn't this ridiculous topsy-turviness deserving our scorning?

    Look dear Sarasa, We should acknowledge that there are many inefficiencies, defects, malpractices, negligences etc in the medical profession in Sri Lanka; not only in Sri Lanka but also here in the UK. It's a truth and there is hardly any doubt about it. It is perfectly alright to emphasise the unacceptable practices of medical professionals with constructive criticisms. We all have done mistakes and there have been many clinical decision that we later felt: "I should have done it better". I remember Carlo Fonseka once wrote to the British Medical Journal (BMJ) about several patients who succumb to his mistakes. As clinicians we do have regular reviews, morbidly and mortality meets etc. to find out our practices that need improvement.

    ReplyDelete
    Replies
    1. 2/2

      When we make criticisms we need to focus them to the relevant target. We should not shoot here and there. That self-acclaimed unerring doctor in his loose observations had homogenised the entire community of doctors and erroneously extrapolated his "precious" observations indiscriminately. Thus, he fails to recognise that there are many doctors with exemplary conduct and work ethics. I wonder whether he has ever worked in a ward of any clinical speciality. If he had worked in a medical or surgical ward where you have full capacity casualty every other day, he would not have uttered rubbish in his unpleasant bray. He has just exhibited his inexperience, non-exposure and ignorance. My dear Sarasa, a fool dressed so elegantly may appear as a genius as long as he is silent. But when he opens his mouth his foolishness unveils!

      Let us have our mercy upon that utterly confused imbecile, and continue with our original topic. I really thought it was only pseudo-psychiatrists who write nonsense in the blogosphere in their animosity towards highly qualified doctors. But now I realise that there are others who do the same. I am grateful to that confused writer for revealing the existence of such confused persons, presenting himself as a prime example. Many Thanks to you dear Dr. Confused! You are my champion for a second!

      Bandula Kudalagama,
      Southampton.


      End.

      Delete
    2. මා හිතවත් කුදලාගමයානනි

      මේ සියල්ලා අදාල වන්නේ වෛද්‍ය මාෆියාවට මිස, සමහර විට මුදල පවා ප්‍රතික්ෂේප කොට තම සේවය සලසනා අති බහුතරයක් වූ වෛද්‍යවරුන් වෙත නොවේ. කරුමය වන්නේ මේ කාළකන්නි මාෆියාව හා දේශපාලන නරුමයන් නිසා ඉතා විශාල සේවයක් සලසන බහුතර වෛද්‍යවරුන්ද ජනතා අප්‍රසාදයට ලක් වීමයි.

      මා හිතවත් වෛද්‍යවරුන් කිසිවකුත් මේ විකාරවලට කැමති නැති මුත්, ඔවුනගේ රැකියාව රැක ගත යුතු බැවින් නිහඬ සිටි.. ඔවුන්ගේ නිහඬ බවද සාධාරණ වේ. මන්ද මාෆියාව එතරම්ම බලවත් බව ඔබද මමද ඔවුන්ද දන්නා නිසාවෙන්මය.

      ඇත්තටම වැරද්ද ඇත්තේ සයිටම් එකේ වත්, වෛද්‍ය සංගම් වලවත්, සිසුන්ගේවත් නොවේ. රට කරවන ගොබ්බ නායකයන්ගේය. මහින්ද බලයේ උන්නා නම් මේ වන විට සයිටම් දොස්තරවරුන් සෙට් තුනක් ජනතාවට බෙහෙත් ලබා දෙනවා ඇත. ඒ අය අතර මහරජානනේ ගීතය ගායනා කළ ඩොක්ටර් සහේලි ගමගේද සිටිනවා ඇත.

      මෙහි ඇති කිසිවක් බොරු හෝ අසත්‍ය යැයි කියා කිසිවකුටත් තර්ක කළ නොහැක්කේ ඒ නිසාමැයි..

      සිත් රිදවීමක් වුනි නම් සමා වුව මැන..

      Delete
  24. ඔය ඩොකාලගෙ කෙහෙම්මල් තුණ්ඩුකෑලි නැතුව බෙහෙත් ගන්න කෙරේමයක් කියාදියන්කෝ බන්, මොකෝ ඕකුන් ලියල දෙන්නම ඕනැයි අපිට පුළුවන් නෙව අපේ ලෙඩේට බෙහෙත් අපිම හොයාගෙන සල්ලි දීල ෆාමසියෙන් ගන්න, මොකටද බන් ඕකුන්ගෙ ගෑස් බලන්නෙ? නැද්ද?

    ReplyDelete
    Replies
    1. පලමුවෙනි විමල(ධර්ම)සුරිය නාගරාජේන්ද්‍රයාට කියලා ලෙඩේ කිව්වම ඉබේ බේත් සහ ටෙස්ට් ටික ලියවෙච්චි තුන්ඩු නිකුත් කොරන නව නිර්මාණයක් හදාගනිමු. සිම්පල් පැලෑනක්.

      Delete
  25. ඇත්තටම ඔය එම් බී බී එස් එකයි (All MBBS, BDS, etc.) කලා උපාධියයි අතර මහ වෙනසක් නෑ. දෙකම එකයි.
    නමුත් සායනික පුහුණුව සහ රෝහල්වල වැඩ කිරීමෙන් ලැබෙන අත්දැකීම නිසා දොස්තරලා වෘත්තිමය නිපුනතාව මත විශේෂ ප්‍රාගුන්‍යයක් ලබනව; ඔය කොයි ජොබ් එකත් එහෙමනෙ. එසේම විශේෂඥ වෛද්‍යවරු සතුව පොඩි දැනුමක් හා පුහුණුවෙන් ලැබුණු යම් සුළු කුසලතාවයක් තියනව.

    GMOA එකේ තක්කඩි හොර උප්පරවැට්ටි නොවේනම් ඔය ඩිග්‍රිය ආට් ඩිග්‍රියක මට්ටමටත් වඩා පහළට වැටිල හුගක් කල්.

    ReplyDelete
    Replies
    1. පැනඩෝල් පිරිටන් ඇමොක්සිලීන් දෙන්න අවුරුදු හතරක් ඉගෙන ගන්න ඕනය...

      95% පැනඩෝල් දොස්තරලා.. එහෙම නැත්නම් ඉස්පැසොලිස්ලා ඕනැන්නේ නෑ නේ...

      Delete
  26. මාතලන් කියන එකාට ⁣⁣ලොකු හි⁣⁣ත් අමාරුවක් තියන පාටයි. විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න වෙන මහන්සිය ගැන අබමල් රේනුවක් වත් ⁣දන්නෙ නැතුව මෙතන බරණැස් ටෝක් දෙන උන් දැක්කම පවු කියලත් හිතෙනව. එක්කො දන්නැති මගුල් කියන්නැතුව ඉන්නයි. මාතලන් කියන ඒවා අදාල වෙන අය නැතුව නෙවෙයි. හැබැයි බහුතරය එහෙම නෙවෙයි. එලියෙ ඉඳන් කහින උඹලා එහෙම උන්ව දකින්නෙ නෑ කවදාවත්. මොකද උන් වාට්ටු අස්සෙම ඉඳන් උඹලා වගෙ උන් වෙනුවෙන් නහිනවා. ඩිස්පෙන්සරියෙ එකාගෙන් බෙහෙත් ගන්න උඹ ඔය ටික දැකලා නෑ. අවුලක් නැ අමාරු ලෙඩක් හැදුන දවසටත් ඩිස්පෙන්සරියෙ වැඩ කරන එකාගෙන් බෙහෙත් ගනින්. බැරිම උනාම ඉස්පිරිතාලෙට ගිහින් දැන් උඹ බනින උන්ගෙන් බෙහෙතක් ඉල්ලපන්. ගොඩක් උන් දන්නවා මේ වගෙ පොර ටෝක් දෙන උන් තමයි කිබුහුමක් ගියත් පෙත්තක් ඉල්ලගෙන දුවන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++

      Delete
    2. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 2-3% කට පමණ මෙය අදාල වන්නේ නැත.

      Delete
    3. වැරදියි. ප්‍රසව හා නාරිවේද, ළමා රෝග, කායික රෝග කියන අංශ 3 ඔබ තුමාගෙ ගනන් හිලව් වලට කිට්ටු වෙනව ඇති. ඒකයි මන් කිව්වෙ ඔබතුමා දැකල නැති දේවල් තව ඕන තරම් තිනවා කියලා. Subspecialities කියලත් කට්ටියක් ඉන්නවා. වැඩිපුර ඉන්නෙ එහෙම අය. එයාලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න හිතුනත් කරන්න බෑ. මොකද එයාලට ඒ හැටි ලෙඩ්ඩු නෑ. ඒ බව දැන දැන ඒ විශයම තෝරා ගන්නෙ ඒකට තියන කැමැත්තට. එතකෙට 2-3% කතාව හරිද. ඒකයි මන් කිව්වෙ ඔබතුමා දන්නවා වගෙ කියෙව්වට දන්නෙ නෑ කියලා. වෛද්‍යවරු දිහා වෛරයෙන් බලන්න හේතුව හිතෙ තියන ඉරිසියාව කියන දේ නිසා බව පැහැදිලියි. නමුත් කවුරුත් ඒක එහෙමයි කියන්නෙ නෑ. ඒ වෙනුවට බරසාර හෙතු පෙන්නනවා. ඒ මිනිස්සු තමන්ගෙ මහන්සිනෙුයි එතෙන්ට යන්නෙ. දැන් ඉතින් ආපහු බරණැස් ටෝක් එකක් කියන්න.

      Delete
    4. ඉරිසියාව කියන දේ මම දන්නෙවත් නෑ...
      මම මොකටද දොස්තරලට ඉරිසියා කරන්නේ..
      ලංකාවෙ දොස්තරලට ඉරිසියා කරන්න, පිටරට දොස්තරලා, සල්ලිකාරයෝ.. ප්‍රකෝටිපතියෝ, උගත්තු, බුද්ධිමත්තු , ඒ මිනිස්සුන්ගේ ලයිෆ් ඉස්ටැයිල් දැකලා නැති එකෙක් නෙමෙයි මාතලන් කියන්නේ..
      මාතලන් ඒ මිනිස්සුන්ටවත් ඉරිසියා කරන්නේ නෑ ආදරය කරනවා මිසක්..

      ඒත් පාතාල උන්ට මාෆියාකාරයන්ට මිනිසුන් ගසා කන්නන්ට නම් මොන රටේ උනත් කැමති නෑ මම.

      Delete
    5. මන් කිව්වෙ.... ඉරිසියාව නෙවෙයි ⁣හ⁣රිය...

      Delete
  27. අනේ මන්ද මේ මිනිස්සු ඇරියස් කවර් කරනව.කෙලින්ම ටොකු ඇනපු එකට හිතේ අමාරැවට දැන් බහුබූත කියවනව. හඳපෙන්නන්දි ඇගිල්ල දිහා බලන් බුරනව.. මෙච්චර කල් නැට්ට පුකේ ගහගෙන හිටපු උන්, සරත් විමලසූරිය පෙන්නපු දේවල් වලට එක ඇගිල්ලක් උස්සන් බැරි වෙච්ච ඇරියස් එක හිතේ හැටියට ගන්න බව පේනව.. යකෝ පුලුවන්නම් මිනිහ කෙලින් පොයින්ට් කරල තියෙන එක දෙයක් වැරදියි කියාපල්ලා.. සරත් කියන්නෙ තමන්ගෙ මහන්සියෙන් ජීවත් වෙන මිනිහෙක් මෙතන කොටන කීබෛා්ඩ් පපයින්ට අහලකට ලංවෙන්න බැරි මිනිහෙක් සරත් කියන්නෙ.. අවුරැදු තිහකට කලින් උන, අවුරැදු බර ගානක් මෙඩිකල් ප්‍රැක්ටිස් එකෙන් අයින් වෙලා ඉන්න මිනිහෙකුට වැරදුන වචනයක් අල්ලගෙන උඩපනිනිව.. නොදෝකින් මේකාලා..
    -එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. නිකම් ණයට කහින්නේ නැතුව හිටපන්. සරත් විමලසූරියගේ ගැලරි ආතල් උඹලට ලොකු උණාට අපට පඩයක් තරම්වත් නෑ.

      Delete
  28. වෛද්‍ය මාෆියාවේ නිරුවත හෙලිකිරීම නිසා...බොහෝදෙනෙකුට ඌයියාවී තිබේ...මා ඉදිරිපත් කල කරුණු එකක් වත් ගැන අදහස් නොදක්වා...මේ කළු කොඩිධාරී හොර නඩය...මගේ පෝස්ට් විිකෘති කරමින්...බොරු ස්ක්‍රීන් ෂොට් හදා දමමින් මඩ ගසමින් සිටිති...බොහෝ දෙනෙකු එකවර රිපෝට් කිරීම නිසා මගේ FB ගිණුම දින ගණනාවකට අක්‍රිය විය...මගේ හැකියාවන්ට වෛර කරනා නුඹලා බොහෝ දෙනෙකු...නිකම්ම පිරිටන් පැනඩෝල් පමණකි. මම කව්ද කියා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සර් ගෙන් හෝ රෙයර් අද්මිරාල් ලක්ෂ්මන් ඉලන්ගකෝන් සර් ගෙන් විමසා දැනගත හැකිය...දෙදෙනාම FB එකේ සිටිති. තවදුරටක් මගේ ගිණුමේ කක්කා කිරීමට මම නුඹලාව ඉඩදෙන්නේ නැත. මගේ අදහස් වලට අකමැති අය මගේ පෝස්ට් බලා සිත් රිදවා ගතයුතු නැත... කුණුහරුප කියමින් මියගිය මගේ ආදරණීය මවට අපහාස කලයුතු නැත.... අන්ෆ්රෙන්ඩ් කර ඉවත්වී යන්න. මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දමා බොහෝ සතුරන් මිතුරන් ලෙස පෙනී සිටිමින් සිට ඇත...දැන් මට ඔවුන් හඳුනා ගතහැකිය...ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක සුද්ද කරමින් සිටිමි... !

    ReplyDelete
  29. බොරැ screen shot කොහෙද ලොක්කා අපි ss ගත්තට පස්සෙ තමුසෙ පෝසට් එක එඩිට් කලා

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපට ආඩම්බරයි ඔයා අපේ එකෙක් වීම ගැන...කියලා බොහෝ වෛද්‍යවරු මට කියා ඇත. මා මේ දේවල් රටට හෙළිකළේ...මට ෆෝන් කර බණින බව මඩ ගසන බව දැන දැනමය.

      Delete
  30. රටේ ජනතාවට අඩු කොලිටි වෛද්‍යවරුන් ලැබේ යැයි මෙතරම් කලබල වී හඩා වැලපෙමින් සිටින අය
    1. ටෙස්ට් කරගැනීමට රජයේ රෝහල වටා හතුපිපෙන්නාක් මෙන් බිහිවී ඇති ලැබ් වලට රෝගීන් යැවීම සම්බන්ධයෙන්
    2. රෝහල් වල පෝලිම් සම්බන්ධයෙන්
    3. ලෙඩ්ඩුන්ට පාන්දර 2/3 සිට රෝහලට පැමිනීමට සිදුව්ම
    4. පැය ගනන් රස්තියාදු වීමට සිදුවීම
    5. පිටින් මුදලට බෙහෙත් ගැනීමට සිදුවීම
    6. ප්‍රමානවත් ලෙස ඇදවල් නොමැතිවීම
    7. රෝගී අයිතිවාසිකම් (patients rights act යනාදිය)
    8. කඩ මන්ඩියට එක බැගින් ඇති කුඩා සෞඛ්‍ය කඩ ඇතිවීම

    යනාදි මෙකී නොකී ප්‍රශ්න ගැන කතානොකරන්නේ මන්ද ?

    ReplyDelete
    Replies
    1. මාතලන් කොමෙන්ට් මක මක යනවලු.

      Delete
    2. මාතලන් කියන්නෙ මිනිසුන්ට ආදරේ කරන කෙනෙක්. එයා ⁣හොඳ ලමයෙක්. ඉරිසියාව කියල දෙයක් තියනවා කියලා දන්නෙත් නෑලු. අත බැරි වෙලා මැකෙන්න ඇති

      Delete
    3. අපි ළිපියේ අඩංගු දේ ගන කතා කරමු... නැත්නම් ඉතින් තා කොච්චර දේ තියේද කතා කරන්න...

      Delete
  31. මාතලන් උඹ එක්කෝ හරි ජෙනිනුයින් එකෙක් එහෙම නැත්නම් පොඩි සම්තින් එකකට කාගෙ හරි කන්ට්‍රෑක් එකක් බාර ගත්ත එකෙක් මට මේක වෙරිෆයි කරගන්න මම උඹට චැලෙන්ජ් දෙකක් දෙනවා එක පුළුවන්නම් ලංකාවේ තියන නසරානි පොරවල් රිංගලා නැති වෘත්තීයක් නම් කරපන් දෙවෙනි එක ලංකාවේ තියෙන හැම ආගමික ආයතන වලම මේ වගේ
    අවස්ථාවාදීන් ඉන්න නිසා ඒ ආගම් වලටත් ලාවට වදින්න පොඩි ඇනලිසිස් එකක් දාපන්

    ReplyDelete
    Replies
    1. කොහෙද මචං එහෙම උන් නැත්තේ... බ්ලොග් වලත් ඉන්නේ... එකට කාලා බීලා පුකේ අරින උන්... ඉතින් තව කුමන කතාද... හැබයි මම ඔය ඔක්කෝම ගැන ලියනවා.. නිවාඩු පාඩු වෙලාවක පරණ ඒවා බලහන්...

      Delete
    2. මාතෙ. අද රෑටත් බොකක් දාලා වරෙන් හොඳේ...

      Delete
  32. මාතලං , අපේ රටේ එන මේ “ආදර රැළි“ , ඒ කිව්වෙ “නිදහස් අධ්‍යාපනේ රැක ගමු“  , “අප්පොච්චි රැක ගමු“ වගේ රැළි වල තියෙන්නෙ අවංක කතාවක් නෙවෙයි , මුන් රවටනවා , අපි රැවටෙනවා හැමදාම

    ReplyDelete
  33. මේක නම් අනිවා ඩොකෙක්ට කියවන්න දෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. Machan Eththa ookama thamai.

      1 Bangladesh hari oya khe hari magulaka gihin upaadiyak atawagena ewith mehe ACT16 eka keruwaama bawthisme lebenawa kiyala kiuyana mun gihin beluwada machan un ehe Studies karanne kukul koodu walada kiyala?

      2. Anika mehe indan redda kare thiyana ke gahana koi ekaada ban Privet Univercity ekak eheta wath dekalaa thiyenne? ( Ookun danne Board lella gena witharai.)

      3.Ape rate hondama Uni ya kiyala hithaana inna eka thiyenneth World Rank eke 2500 ta withara thiyenne.

      4. Dokek wen ekekuta Physics Chemistry ahawal dekatada ban? Namuth A 3 k nogena Medical College ekata yanna beri gaanata Exam ekakin kollo kello tika filter karanne pawathana rajaya kiyana eka munta therenne nehe.

      5. Mun karanna oone Oya Degree eka gaana thawa adu karpiyaw !
      Oya gaanen kuttiyak Rajaye waiddya widyaleta diyaw. E salli walin ena awruddata thawa ekekwa hari wediyen ganillaa!!
      Mewaye witharak newei , Rajaye Uni walath pramithi Internationala lecvel eka wedi kara palla!!! kiyala ke gahanaeka.

      6. Me seppadayo hithaana inne Oxford / Cambridge uni walin unth salli thiye nam Degree ekak , Kadeta gihin karola 100g gannawa wage dena ekak kiyala.

      Sessa Passata,

      THATTYA

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න