.

.

Jun 13, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය.


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය.
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️

ශ්‍රී ලංකට් ක්‍රිකට් නැවතත් විනාශයි කියා මාතලන් ලියූවේ... දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කළ දාය. මිනිසුන්ට එපා වෙලාම තිබූ ක්‍රිකට් වලට නැවත ආදරය කරන්න පටන් ගත්තේ... දසුන්ගේ නායකත්වයෙන් කණ්ඩායම තුල ඇති වූ... කණ්ඩායමම එකා මෙන් ක්‍රීඩා කළ කණ්ඩායම් හැඟීම නිසාය.

එය ක්‍රීඩා පිටියේදී මෙන්ම ක්‍රීඩාගාරය තුලදීද පැහැදිලිව දැක ගැන්මට ලැබින. එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු හා කළමණාකරුටත් වඩා ක්‍රීඩකයින් මෝටිවේට් කළ ක්‍රීඩකයෙක්ද කණ්ඩායම තුලම සිටියේය. ඒ චාමික කරුණාරත්නය.

ක්‍රිකට් ගැන නොදන්නා උන්ට මේ ක්‍රීඩකයින් දෙදෙනා කළ රෝල් එක ගැන කිසිඳු අවබෝධයක් නොමැති වීම නිසා ඔවුන් වෙත එල්ල වූ චෝදනා හමුවේ දෙදෙනාම කපා දැමීමට මාෆියාවට හැකි විය.

ඉන් පසු ආඬී හත් දෙනෙක් නොව හැට පහක්ම එක් වී..   විස්සයි විස්ස ලෝක ලෝක කුසලානය දිනන්නම යැවූ "දිනන කණ්ඩායම" මැච් දිණූ හැටි ලෝකයම දැක්කේය.

ක්‍රිකට් විචාරකටන්ට අනුවද... ශ්‍රී ලංකට් කණ්ඩායම අතිශය දුර්වල කණ්ඩායමකි. නායකයා නායකත්වයට කිසිසේත්ම නුසුදුසු නායකයකු බව පන්දු යවන්නන් කළමණාකරනයේදී මෙන්ම ඉන්පසු පැවති මාධ්‍ය සාකච්ඡා තුලදීද පැහැදිලිවම පෙනිනි.

අද ඔහු මාධ්‍ය සාකච්ඡා මගහරියි.. තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් ඇමරිකාවේ බඩු ගහන්න එක්ක යන්න වෙනත් ක්‍රීඩකයින් කැපූ එකා... දැන් කියන්නේ ක්‍රීඩාගාරයෙන් ඌට උපදෙස් ආවේ නැත කියාය. බක පණ්ඩිතයින්ට කිසුවකුත් උපදෙස් දෙන්න යන්නේ නැතිය.

මේ සියල්ල දැන් අතීතයට එක් වී අවසානය. කෙසෙල් වඟාවේදී වඳ පීදුන කෙසෙල් ගස් කපා ඉවත් කරන්නේය. ඒ පීදෙනා ගස් රැකගැන්මටය. එහෙත් පට්ටම ලොල් සහගත ක්‍රියාව වන්නේ අතීසාරයට අමුඩය ගසන්නා සේ... සිරි ලංකා ක්‍රිකට් විසින් බින්දුසාරයා නායකයා ලෙස නම් කිරීමය.

විය යුත්තේ එය නොවේ.

🔷 මුලින්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරිය යුතුය. (මෙහිදි ICC ය විසින් අපේ ක්‍රිකට් නැවතත් තහනම් කරණු ඇත. එය අනගත ක්‍රිකට් ක්‍රීඩාවට කරනා මහඟු සේවයක් වන අතර නැවතත් කණ්ඩායමේ දස්කම් පෙන්වා ලබාගත හැකි දෙයකි)

🔷 කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් පැතුම් නිශ්සංක සහ ඩිල්ශාන් මධුසංඛ, වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, සධීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත, නුවන් තුෂාර හා මතීෂ පතිරණ වැනි නැවුම් ක්‍රීඩකයින් හැර අනෙක් සියළුම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම් තුලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. වැඩ කාරයෝ නම් වෙන රටකට ක්‍රීඩා කර ඔවුන්ට අප වෙත පුප පෙන්විය හැක. (එහෙත් මේ එකෙකුටවත් ක්‍රිකට් තුල අනාගතයක් ඇත්තේ නැත.)

🔷 පුහුණුකරුවන්, කළමණාකරුවන්, තේරීම් බාර නිළධාරීන් ඇතුලු සියල්ලම එලවා දමා ඒ වෙනුවට විදේශිකයන් පත්කළ යුතුය. අර්ජුණලා, සනත්ලා, ඩිල්ශාන්ලා,මාවන්ලා, සංඝලා, මහේලලා තබා මුරලිලා දැම්මත් යන්නේ මේ සිස්ටම් එකමය.

🔷 කණ්ඩායමේ විනය මෙන්ම ඇඳුම් පැළඳුම් හා විශේෂයෙන් ඔවුන්ගේ කොන්ඩා හා රැවුල් ගැන සොයා බැලීමට විනය නිළධාරියකු පත් කළ යුතුය. මොවුන් නියෝජනය කරනුයේ ඔවුන් නොව රටක් ජාතියක් බව මොවුන්ට වෙනම දේශන පවත්වා පැහැදිලි කර දිය යුතුය.

🔴 ජාතික කණ්ඩායම තුල කිසිම ක්‍රීඩකයකුට පෞද්ගලික කළමණාකරුවන් පත්කර ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. (ක්‍රීඩාවට කෙලවීමේ මූලික හේතුව මෙය වන අතර, වැඩ බැරි නාකී  හාල්පාරුවන් කණ්ඩායම තුල රැඳී සිටීමේ මූලික හේතුවද මේ මාෆියාවය.)

🔴 මේ සියල්ල ක්‍රීඩා ඇමති විසින් ගත යුතු තීරණයන්‍ය. ඔහු  විසින් මෙය ඉටු නොකර පැරණි දක්ෂ ක්‍රීඩකයින්ට හා ෆේස්බුක් විචාරකයින්ට දෝෂාරෝපනය කරමින් මේ සිටිනා ගොබ්බයින් සමඟ ඉදිරියට යා හැකියයි සිතන්නේ නම්... ඔහේට මෙන්ම ඔහේගේ නායකයාටද සම්මා සම්බුදු සරණය.

🔴 අප කී දේ කළහොත්..  මෑතකදී නොව, 2048 දි හෝ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් හා ක්‍රීඩකයින් බිහිකර ගැන්මට රටට පුලුවන් වනු ඇත.

ස්වස්ති සිද්ධම්.... !!!!

.
 

44 comments:

  1. මේ පොස්ට් එකේ බොහෝ දේවල්වලට එකඟයි, මූලික අදහස නිවැරදියි

    ReplyDelete
  2. මම කවුන්සිලින් ගුරුවරියක්.උපාධිය සමාජ විද්‍යාව විශේෂවේදී.ඒ තුළ මම කෝණ දෙකක් හරහා මේ පෝස්ට් එකේ ක්‍රිකට්වල විනය ගැටලුවලට දී ඇති යෝජනා අගය කරනවා.එකක් මම මේක දකින්නෙ සමාජවිද්‍යාත්මක ඇහැකින්.අද වෙනකොට බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් ලිංගිකත්වය කියන සාධකය අවුල් වීමෙන් දෙදරා ගිහින්.එය පවුල් තුළ ගළපා ගැනීමට නොහැකි වෙලා.එහිදී එයාලගේ ජනප්‍රිය තාව සහ නවීන ලංකා සමාජයේ ස්වභාවය අනුව අද වන විට පිටින් ඒ අවශ්‍යතාවය සපුරා ගැනීමේ අවකාශ හා අවස්ථා වැඩියි.ඒ වගේම මිනිස්සු පවුලෙන් පිටත විකෘතිකර ලිංගික ආශාවන්,අත්හදාබැලීම් වලට යොමුවෙලා..මේකට සමාජ විද්‍යාත්මක හේතු බොහොයි.ෆේස්බූක් එකේ පොටෝස් අප්ලෝඩ් කරලා වෝල් සැරසුවාට නිදන ඇදේ දුරස්ථයි.නමුත් අපි කොලේ වහලා සභ්‍යත්වය මවා පානවා.අනිත් පැත්ත මම කවුන්සිලින් ගුරුවරියක් වශයෙන් මෙවැනි ප්‍රශ්න දරුවන්ට බලපාන ආකාරය දැඩිව දකිනවා.ඒ නිසා මේක කතා කළ යුතු ප්‍රශ්නයක්.එවන් තේමාවක් සිනමාවට ගේද්දි සුදු සංවර ඇදුම් ඇදලා රගපාන්න බෑ.දරූවන්ට නුසුදුසුයි ඇත්ත,ඒත් ඒ වෙලාවට දරුවන් බැලිය යුතුම නෑ.අනික ගූගල් එකේ සෙක්ස් වැඩිපූර ම සර්ච් කරන්නෙ ලංකාවෙ දරුවොලූ.වැඩිහිටියනුත් එහෙමයි.ඒකෙන් අහිතකර දේ හොරෙන් ගන්නවා.නමූත් නිර්මාණයක අඩ නිරූවත විවේචනය කරනවා.මේ නාට්‍ය බූද්ධිමත්ව බැලූවොත් ඇත්තටම පවුල කඩා ගන්නෑ. දර්ශන පමණක් රස විදින අයට එය එසේ විය හැකියි.ඒ තම සැමියන් වන ක්‍රීඩකයන් මොන වැරැද්ද කරත් එම බිරියන් පෙම්වතියන් මොන තරම් මානසික ස්වයං විදවීමකද ඉන්නෙ. එයාලා ඉන්නෙ ගින්දරක.ඒ පටලැවිලි වල ඇතුළත විදවීම සුන්දර නැති බව පෙන්වනවා.අනික බිරියක් වූණාම ගේ නීට් කරන දෙයින් එහාට ගළපාගත යුතු තැන් තිබෙන බව,සැමියෙකු වුනත් පිට රසය සොයනවාට වඩා ගේ ඇතුළෙන් එය ගළපා ගත්තා නම් හොද බව පෙන්වනවා. එය ඉතාම ඉතා තාත්විකයි.දැන් මගේ ගුරුකම විවේචනය කරයිද දන්නෑ.නමුත් මා කතා කළේ විවෘතව හා සත්‍යයි.

    ReplyDelete
  3. Well done our born again jungle dogs, It's just God's will - Deviyan wahansege kamaththa- nothing wrong with our beloved born again cricket team ! God bless you all!

    - Prophet Jerome

    ReplyDelete
  4. ඔහොම තමයි බන් මාතේ ඕවයේ හැටි, ආපහු දසුන් ශානක සහ චාමික කරුණාරත්න සහ ඒ වගේ ආකල්ප තියෙන දිනන්න ඇම්ම තියෙන සෙට් එකකට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට දාන්න ඕන ඒ වගේම පරිපාලනය වෙනස් කරන එක නම් ලේසි වෙන එකක් නෑ

    අර ආචාර්ය නලීන් ද සිල්වාට අනුව බටහිර විද්‍යාවන් ඉගෙන ගන්න නම් බටහිර විද්‍යාව පිළිබඳව දැඩි ශ්‍රද්ධාවක් අවශ්‍යයි කිව්වා වගේ ක්‍රිකට්වල තෝරන කණ්ඩායම ගැන සහ විනය සම්බන්ධව රසිකයන්ට දැඩි ශ්‍රද්ධාවක් අවශ්‍ය වේවි, ලංකාවේ ටියුෂන් ගුරාලාට අනුව සර් අයිසැක් විසින් සිය නිව්ටන් නියම හොයාගෙන තියෙන්නෙ ලංකාවේ උසස් පෙල කරන තරුණ තරුණියන්ට විභාගය පාස් කරගෙන රස්සාවක් හොයාගන්න , පරම්පරාවෙ නම්බුව රකින්න , සුපිරියට ජීවත් වෙන්න පමණයිනේ. විභාගයට පස්සෙ ඕව අදාල නෑනේ ලකේ පංකාවේ අපිට 😂

    ReplyDelete
  5. මාතේ සාමාන්‍යයෙන් SLC වල විතරක් නෙවෙයි පොදුවේ රටේම වංචා දූෂණ අර්ථ දක්වන්නෙ රජය විසින්.

    ලංකාවේ වුණත් බදු නොගෙවන එක වංචාවක් කියන්නෙ ආන්ඩුවනෙ. කිසිම ආගමක, පස්පව්වල හෝ හෝ ස්වභාවික නීති පද්ධතියෙ බදු නොගෙවීම වංචාවක් නෙමේ. නීති දාන කෙනා දූෂිතයි නම් ඒ නීතිවලට යට නොවෙන එක තමයි හරිම දේ. මිනිස්සු බදු ගෙවිය යුතුයි හැබැයි සාධාරණව ආන්ඩුව ඒ මුදල් වියදම් කරනවා නම්. කිසිම වගවීමක් නැතිව බදු මුදල් නාස්ති කරන ආන්ඩුවලට බදු නොගෙවා ඉන්න එකමයි සමාජයට කරන යහපත. මොකද අකාර්‍යක්ෂම රජයට ආදායමෙන් කොටසක් දීලා ඒ සල්ලි නාස්ති වෙනවට වඩා හොදයි මිනිස්සු තනි තනියෙන් ඒ ආදායම ඉතුරු කරගෙන කාර්‍යක්ෂමව වියදම් කරන එක හෝ ආයෝජනය කරන එක. ඒ අතින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ගත්ත තීරණය දිගුකාලීනව රටට යහපත් දෙයක්

    ලංකවේ සාමාන්‍යයෙන් cashless 100% කරන්න බෑනේ‍, ඕකෙ වෙන්නෙ යට ඉඳන් ලිමිට් එකක් තියලා එතනින් එහා කරන්න බෑ කියන එකනෙ.

    මං හිතන්නෑ ලංකාවෙ 100% cashless හෝ බොහොමයක් පොඩි ගනුදෙනු cashless කරගන්න පුලුවන් වෙයි කියලා.

    එහෙම උනත් ඒකෙන් එම හිඩස වැහෙන්නෑනෙ. සජබයේ හර්ෂ ද සිල්වා කියන විදියට අඩු ආදායම් තියෙන කෙනෙක්ට තෙල් වගේ දෙයකට අඩු ගානකට ඇක්සස් ලැබුනම ඕකෙන් කළුකඩයක් හැදෙනවම තමයි.

    ඔය වගේ ඒවට සහනාධාර දෙන්න ඕන නම් දිය යුත්තේ රටට වැදගත්ම කර්මාන්ත වලට‍, ඒකත් තෝරාගත් සීමිත කර්මාන්ත කිහිපයකට.

    ඔය සජිත්ගෙ සහනාධාර ආර්ථික
    සැලැස්මට හර්ෂලා යට වෙලා කුඩුපට්ටම් වෙලා යන බව තමයි පේන්නෙ. ඕකෙ මම නම් හිතන ඇත්තම කතාව මේකයි, 100% ම හෝ 1000/- ට වැඩි වගේ ගනුදෙනු සියල්ල ඔන්ලයින් ප්ලැට්ෆෝම් හරහා හෝ කාඩ් මගින් වෙනවා නම්, එතනදි සියලු දෙනා එලියට එක්ස්පෝස් වෙනවා.

    වැසිකිලි වලක් කපන මිනිහා දවසට 5, 000 ගන්නවා, මේසන් බාස් 4000, 5000 ගන්නවා, අත් උදවු කාරයත් 2500, 3000 ගන්නවා ඒ විතරක් නෙවෙයි උන්ගෙ දවස් බුක් කරගන්නත් මාස ගනන් බලං ඉන්න වෙනවා , ෆුල් ටයිම් ත්‍රීවිල් රියදුරෙක් ආසන්නව මාසෙකට ලක්ෂෙකට එහා හොයනවා ඔය සියල්ල එක්ස්පෝස් වෙද්දි ඔය සංගණන වලින් එන දරිද්‍රතා රේඛාවෙ ඉන්න අය ඉතාම සීමිත අල්ප පිරිසක් වෙනවා.

    අන්න ඒ වගේ අය තෝරලා ගත්තොත් ඇත්තටම එයාලට ඉන්දන වලින් කරන්න වැඩකුත් නැති වෙයි, මොකද බයිසිකලයක් වත් තියෙන්න විදිහක් නෑ එහෙම කෙනෙක්ට.

    මගෙ අදහස ඔය කියන දරිද්‍රතා රේඛා වල ඇත්ත යථාර්තය මහ පොලවෙ හුඟක් වෙනස්. ඇත්තම කතාව ලංකාවෙ සෘජු බදු ගෙවන්නෙ මේ පඩියක් අරන් 8-5 වැඩ කරන සීමිත පිරිසක් සහ සුලු ව්‍යාපාරික පිරිසක්. අනිත් අය හැමදාම හැංගිලා ඉන්නවා.

    cashless වැඩේ මරු!
    හැබැයි ඕක කවදාවත් වෙන්නෑ! :)

    ReplyDelete
  6. දැන්වත් තේරෙනවද දන්නෑ රොෂාන් රණසිංහ කියපු දේවල හරි කියලා...ක්‍රීඩාවක් මෙහෙය වෙන්නෙ බුකී කාරයන්ට ඕන විධිහටනම් ඒ ක්‍රීඩාවෙන් මීට වැඩිය දේවල් බලාපොරොත්තු වෙන්න බෑ..

    අර ගෝතයව නායකයා කරලද.. එහෙනම් අපි ක්‍රිකට් අතෑරලම දාමු තව අවුරුදු දහයකටවත්.. වෙන දෙයක් බලාගනිල්ලා නිකන් පෙට්‍රොල් පුච්චගන්නැතුව...

    ReplyDelete
  7. මීට ඇති එකම විසඳුම වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ජන බලවේගයේ මාලිමා ආණ්ඩුවක් පත්කර හොර තක්කඩි ශම්මි පන්නා ක්‍රිකට් පාලක මංඩලයේ නම වෙනස් කර එය සී/ස ශ්‍රී ලංකා ක්‍රිකට් සමූපකාර සමිතිය ලෙස එහි ව්‍යවස්ථාව වෙනස් කර ජාජබ මාලිමාවේ කණ්ඩායමක් එහි පරිපාලනයට පත් කර එම සමූපකාර සමිතියේ අභිනව සභාපති ලෙස චතුරංග අබේසිංහ සහෝදරයාවද ඔහුට උපදේශන ලබාදීමට ඉදිරි මාලිමා රජයේ අභිනව මුදල් අමාත්‍ය මහාචාර්ය සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාවද වහාම පත්කරනු! එවිට වහාම ක්‍රියාත්මක වන පරිදි පසුදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සෑම තරගයක් සෑම තරගාවලියක්ම 100% දිනන බව මාලිමාවේ අපි ඔබට 1000000% ක් සහතික කොට කියන්නෙමු.

    ReplyDelete
    Replies
    1. @ compass 🧭 slaves

      ආර්ථිකය අනෙක් පැත්ත හැරිවිය හැකි මැජික් බලයක් හෝ විශ්ව කර්ම බලයක් නැති බව Only now you JEPPOs begin to realise.??????????????????

      Only now you begin to tell the masses to drink plain tea instead of milk tea.BUT still you have not begun to drink plain tea but your party cardres have been drinking plain tea to date since then.

      So the JVP/NPP begun to experience tremors how to face masses after a gaining their support..

      Delete
  8. මොන වෙනස්කම් කලත් ශම්මිගෙයි හරින්ගෙයි කුරුස අන්තවාදී සෙට් එක වෙනස් කරන්නේ නෑ... ඔය මැන්දිසාලා ප්‍රනාන්දුලා පෙරේරරලා මැතිව්ස්ලා කියන එකාලා දැන් බොහෝ කාලයක සිට ලකුණු 10 ක් ගහ ගන්ඩ බැරිව දගලනව .කුසල් මෙන්ඩිය කොච්චර බිංදු ගැහුවත් ඒක ටීම් එකෙන් හොලවන්නෙ නෑ . පණක් නැති නාකි කෝලමක් වන ඇන්ජලෝ මැතිවුස් කියන අපත හාල්පාරුවා ගැන නම් කතා කරල වැඩක් නෑ .සදීර කියන්නේ ටෙස්ට් වලටවත් හරියන්නෙ නැති මන්දගාමී පිතිකරුවෙක් .බෝන් එගේන් තක්කඩි පාලක මංඩලය කරන්නේ වෙනස්කම් කරනව කියල ක්‍රිකට් බැරි කුරුසකාරයො ටීම් එකට පුරවන එක .මුලින්ම කලයුත්තේ හොර ශම්මි කුරුස කම්බා හොරා ඇතුලු කුරුස හොර නඩය පන්නා දැමීම, ඒක කරන්නේ නැතිව ලංකාවේ ක්‍රිකට් ගොඩගන්ඩ බෑ .

    ReplyDelete
  9. බීරි අලියො ඉදිරියෙ වෙණ වැයුවාට
    පලක් වෙයිද, නිකං වෙහෙස වූවාට

    ReplyDelete
    Replies
    1. ලපයට නිල වයස 56 (ඇත්තටම හැට පැනලා)

      ටිල් වින්ට නිල වයස 64

      ලාල් කාන්ත නිල වයස 62

      කොහොම ද යෞවනයේ පොපියන චමත්කාරය...

      Delete
    2. @ නිදී

      මම විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර් කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවා . ඔහු කියන්නෙත් ඇවන්ගාඩ් එකෙන් බිස්නස් එක කඩාගෙන නාවික හමුදාවට ගත් බවත් , එහෙත් ඉතාමත් සුළු කාලයකින් එය අසාර්ථක වූ බවත් කිව්වා .

      Delete
  10. ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් මේ සූදු, අන්තවාදි බෝන් අගෙන් කල්ලියෙන් මුදවා ගන්න කොන්දක් තියෙන් එකෙක් මේ වෙනකොට නෑ. එකයි බය නැතුව හිට ගත්තෙ ඒක සුද්ධ කරන්න, ඌටත් කෙලියා රනිලාගෙ හොර අඹුවව විවේචනය කරපු වරදට..දන් ඉන්න ඇමතියා සම්මියාගෙ සුවච කීකරු පිම්පියෙක්..මාතලන් කියනවා වගේ තව අවුරුදු තුන හතරකට තහනම් වුනත් කමක් නෑ මේ කාලකන්නි පාලක මනඩලය අත් හිටවලා මේක කරගෙන යන්න පුළුවන් ඇත්තටම රටට, ක්‍ර්‍රීඩාවට ආදරේ සෙට් එකකට මේක බාර දෙන්න ඕනා.. ICC යත් බූකී කාරයන්ට සපෝට්ද කොහෙද, උන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්ත ගමන් පැනලා තහනම් කළේ.. ICC ටත් ලොකු සූදු කාරයොනම් ICC එකට සූදු කාරයො එක්ක උන්ගෙ ක්‍රිකට් තියා ගන්න කියලා රටේ මිනිස්සුන්ට වෙන වැඩක් බලා ගන්න තියෙන්නෙ..

    ReplyDelete
  11. මාතේ හරිනමි අදටත් ටෙස්ට් වන්ඩෙි කැප්ටන් ඉන්න ඔින චන්දි ටුවෙන්ටි කෙසේවෙතත් එහෙම උනානමි අද ටීම් එකට මෙහෙම වෙන්නේ නැහැ, අර්ජුනගේ මාවන්ගේ හෙවනෙ හැදුන අරටුව හොඳම ගසක් තමයි චන්දිමාල්. රට වෙනුවෙන් සෙල්ලම් කරපු කිසිම විනය කඩකිරීමක් නොකරපු. අන්තවාදී කුරුසවාදී ආගමීකරණය නිසා ගොඩක් බෞද්ධ ක්‍රීඩකයන්ට කැපිල්ල ආව ඒක රහසක් නෙමෙයි. චන්දි ගොඩක් හොද මානුෂීය ක්‍රීඩකයෙක් ඔහු ගොඩාක් donation කරල තියෙනවා. චන්දිට ගොඩාක් කැපිලි ආව ඒත් ඔහු මහේල වගේ කැපෑසිටියක් තියෙන නායකයෙක්. කුරුසිවාදීන් එලවපු තව කෙනෙක් තමයි චාමික කරුණාරත්න, ඔහුත් බෞද්ධ ආගමික විශ්වාස වලට වැඩි බරක් තියෙන කෙනෙක් නිසායි කැපිල්ල වැටුණේ කියන එක රටටම රහසක් නෙවෙයි

    තව දෙයක් මාතේ උද්ධිකයා රටපැනපු කේස් එක මේ දවස්වල සෑහෙන වයිරල් වෙලා තියෙනවා මට මතකයි මීට වසර දහ තුනකට විතර ඉස්සර සරත් පොන්සේකගෙ මීඩියා ෆොටෝග්‍රැපර් කියල එකසිය ගානක් රටෙං පැන්නා දේශපාලන රැකවරණ හදං.

    හැබැයි ඇත්ත ම එකා අපේ හිතවතා විශ්වනාථ තේනුවර, ඒ යකා තවම ලංකාවෙ ඉන්නව...!! ඌට යාගන්න බැරි උනා 😂...!

    ReplyDelete
  12. ඕක පටන් ගත්තෙ මැතිව්ස්ලා,ඊට පස්සෙ ලසිත් මාලින්ගලා දැන් වනිදුලා...ලසිත් මාලින්ග T 20 විතරක් ගහන්න ගියා .පස්සෙ ලොකු තර්ජනයක් දාලා තමා නැශනල් එකට ගහන්න ආවෙ .මිනිහගෙ වෙලාවට T 20 world cup එක ලැබුනා ..එතකොට අර පඩත්තල ගේම් ඔක්කොම හබක්.... අපේ දේවල් වල වටිනාකම කවදාවත් ලංකාවෙ උන්ට දැනෙන්නෙ නෑ. ගස් යට තියෙන වෙරලු ගෙඩිය නොකා ඔලිව් හොයනවා. කොට්ටන් මදේ නොකා ආම්න්ඩ් හොයනවා. එරමිනියා වගේ කැලෑ ගෙඩි නොකා බ්ලූ බෙරි හොයනවා. තව කියනවා නම් ඕනෙ තරම් තියෙනවා . පාලකයන්ට බැනලා වැඩක් නෑ. අපේ දේ මේ ලංකාවෙ එකෙක්ටවත් වටින්නෙ නෑ. එච්චරයි මං දන්නෙ

    මුතුහර
    විදුසර

    අපිට අන්තර්ජාලය නැති කාලයේ ලෝකය කියවන්න ඉඩ හැදුව පුස්තකාල වගේ වුනා.ඒ පත්තරය කරපු මිනිස්සුන්ට
    උපහාර වේවා.

    අපේ,ළමා කාලයේ අපිට පාසලට පසුව ගුරුහරුකම්,දුන්න අදටත් මතක ජනකථා ප්‍රස්ථා පිරුළු ඉතිහාසය අපේ ලේ,වලට බින්න බස්සපු ඒ,වගේ ළමා පත්තර දෙකක් තිබුනා.

    විජය
    මිහිර

    මිහිර පත්තරය මුද්‍රණය අවසන් කරනවා කියලා දැක්ක ප්‍රවෘත්තිය එක්ක මට දුක හිතුනේ හරියටම දන්න අදුනන ගුරුවරයෙක් මිය ගිය විට දැනෙන ශෝකයට සමාන තත්වයක්.

    මම හිතනනේ සමහර දේශපාලකයන්ට වඩා සේවයක් වසර 50ක් විතර මිහිර පත්තරය මේ,රටට කරලා තියනවා.

    මම හිතන්නේ අද ළමා පත්තර කියලා ලමයින්ට එක වසරේ,ඉදන් ශිෂ්‍යත්වය දක්වා තරගකරුවන් අතර දක්ෂයෙක් කරන්න සුදානම්,කරන පත්තර අතරේ

    මිහිර පත්තරේ විජය පත්තරයත්,එක්ක එනතු,වෙලා ලමයින්ගේ නිර්මාණශීලී චින්තනවාදී ලෝකය ඔවුන්ට මවලා දුන්නා.

    කාලය සමග
    මිළ වටිනාකම් එක්ක
    වෙලදපළ ඉදිරියේ වටිනා දේවල් අතහැරෙනවා.

    ගමේ බංඩලා ක්‍රිකට් ගහන්න කොළඹ ගිහින් ජාතික කණ්ඩායමට තේරිලා කල දේ තමා වන්නියේ "බයියල" දෙස්පාලනෙ කරංට කොලඹ ගිහින් ජවිපෙට කලෙත්!🥲

    ReplyDelete
  13. ක්‍රිකට් ක්‍රීඩාව හදන්න නියම වෙනස්කම වෙන්න යන්නේ දැන්!

    කොහොමද සාලිය පීරිස් උන්නැහේ ක්‍රිකට් සභාපති වුණාම..

    මේකට තව වෙනස්කමක් යෝජනා කරන්න කැමතියි!

    පුලුවන් නම් මේ අනුකමිටුවට ඇමෙරිකානු තානපතිනි ජූලි චංග් මහත්මිය සහ සිවිල් සමාජය නියෝජනය කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ කියන යෝදිව නම් කරන්න.

    එතකොට කාන්තා නියෝජනයත් සම්පූර්ණයි..

    LG TV ප්‍රජාවට නියෝජනයක් දෙන්නත් ඕන නිසා භූමි හරේන්ද්‍රන් නම් කළානම් මේක පරිපුර්ණයි.

    ක්‍රිකට් ගොඩයයි සට සට ගාලා 😄🤣😂

    ReplyDelete
  14. එකගයි, මේ දේ හැර,
    බඩු ගහන්න කමති උන් ඇමරිකාවේම යන්න ඕනා නැත.
    අවශ්‍යතාවය ඇත්නම් අවුරුදු දෙකක් අතුලත සුපිරි ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් බිහිකළ හැක.

    "අද ඔහු මාධ්‍ය සාකච්ඡා මගහරියි.. තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් ඇමරිකාවේ බඩු ගහන්න එක්ක යන්න වෙනත් ක්‍රීඩකයින් කැපූ එකා... දැන් කියන්නේ ක්‍රීඩාගාරයෙන් ඌට උපදෙස් ආවේ නැත කියාය. බක පණ්ඩිතයින්ට කිසුවකුත් උපදෙස් දෙන්න යන්නේ නැතිය."

    "මෑතකදී නොව, 2048 දි හෝ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් හා ක්‍රීඩකයින් බිහිකර ගැන්මට රටට පුලුවන් වනු ඇත."

    ReplyDelete
    Replies
    1. @ Solitha

      Oya danne nadda Sri Lanka kitana rata palanaya karanne USA walin kiyala.😂😂😂

      Delete
  15. ක්‍රිකට්වල ලංකා ලොම්තයින්ට දැන් කරන්න තියෙන හොඳම දේ නෙදර්ලන්තෙ එක්ක තියෙන මැච් එක නෙදර්ලන්තෙට දිනන්න දීල බංගලියන්ව සුපිරි අටට යන එක නවත්තන එක. ඔය ගිය ගමනින් ඒකවත් කරගන්න පුලුවන් උනොත් සංචාරය සාර්ථකව අවසන් කරල ආපහු ආව කියන්න පුලුවන්.

    ඒක කොහොම වුණත් විදෙස්ගත අපේ මිත්‍රයො විනෝද වෙන වෙලාවල් වලට ෆේස්බුක් ලයිව් එනවා දැකලා තියෙනවා.

    අර අනුරගේ ප්‍රමෝෂන් වීඩියො එකක් කරපු ලාංකිකයො වගේ, විදෙස්ගත ලාංකිකයො විනෝද වෙන්නේ එකම විදියකට..

    කාගේහරි ගෙදරකට ඔක්කොම සෙට් වෙනවා..

    කනවා, බොනවා.. ඊටපස්සේ මයික් එකක් අරන් යූටියුබ් එකේ ලිරික්ස් රන් වෙන වීඩියෝ එකක් දාලා සිංදු කියනවා.

    ඕක තමයි විදෙස්ගත ලාංකිකයාගේ විනෝදවීමේ ෆෝර්මැට් එක..

    සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු නම් කරන්නේ "එළියට යන" එක.

    කොහේහරි පබ් එකකට, රෙස්ටෝරන්ට් එකකට, කොෆි ශොප් එකකට ගියා..

    බොනවා නම් බොනවා.. කනවා නම් කනවා.. කතා කරනවා නම් කතා කරනවා..

    මියුසික් ප්ලේ කරන්න පබ් එකේම බෑන්ඩ් එකක් තියෙනවා.. කැරෝකි මියුසික් ඕන නෑ.

    ෆුල් හැපනිං..

    ඕක තමයි සාමාන්‍යයෙන් ලෝකෙම මිනිස්සු කරන්නේ..

    "එළියට යන එක" ..

    මිනිස්සු ඩිනර් එකකට, කෝෆි එකකට හෝ බියර් එකකට එළියට යන්නේ ඒ වයිබ් එක ගෙදරෙන් සම්පූර්ණ වෙනස් නිසා.

    හැබැයි විදෙස්ගත ලාංකිකයො විනෝද වෙන්න හැමවෙලේම සෙට් වෙන්නේ කාගේහරි ගෙදරක..

    ඒ ඇයි ?

    සුද්දො පිරුණු, සුද්දොන්ගේ මියුසික් ඇහෙන තැන් සෙට් නෑ වගේද ?

    ඔය 'මේ රටට ආවම මම මුලින්ම දැක්ක දෙයක් තමයි' කියලා ලංකාව පහත් කරලා ලියන හෑලි වලටත්,

    ඒ රටේ PR තියාගෙන, ඒ රටේම ජීවත් වීමේ අරමුණෙන් හිටියත්, ලංකාවේ පොලිටික්ස් සහ ප්‍රශ්න වලට සංවේදි වීමටත්,

    ලංකාවෙන් නයි නටවන්නෙක් ආවත් හෝල් පිරිලා ක්‍රවුඩ් එකක් ඉඳීමටත්

    මූල බීජය මේ හීනමානය, තනි වුනු ස්ට්‍රේන්ජර් ෆීලිං එක සහ හෝම්සික් එක වෙන්න බැරිද ?

    ReplyDelete
  16. අඩෝ මාතා අර සංගගේ ගෑනිට කියලා ප්‍රේ පාරක් දා ගත්තනමි ඉවරයිනේ, ඒ ගෑනි ගියපාර ජෙරොමි ඉස්සරහට ගිහිල්ල දනගහගෙන සක් කරලා ලංකාවට කප් එකක් ලැබුණේ අන්න ඒ වගේ?

    ReplyDelete
  17. වේගයෙන් බටහිරකරණය වෙන රටක තලේබාන් නීති ගෙනාවට වැඩක් නෑ මිනිස්සුන්ගෙ මානසික සුවතාව ගොඩනගන වැඩපිලිවෙලක් හදන්න ඕන ලන්කාවෙ හැම තුන්දෙනෙක්ගෙන්ම එකෙකුට මානසික රෝගී තත්වයක් තියෙන ගානට බරපතලයි දේශපාලකයො වගෙම ආගමික පූජකයොත් මේ මනසික සන්ස්කෘතික බිද වැටීමට වග කියන්න ඕන දේශපාලන ඇජෙන්ඩා වලට වොයිස් කට් දිදී ඉන්නව ඇර ආධ්‍යාත්මික දියුනුවට මොනවද කරන්නෙ

    ReplyDelete
  18. දෙමළ ජන සංහාරයක් සිදුවී ඇතැයි පැවසූ කැනඩා අගමැති ජස්ටින්ගේ සුරංගනා කතාව කැනඩා ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි 😌

    කොටි ත්‍රස්තවාදීන් හමුදාමය වශයෙන් පරාජයට පත්වූ පසු, පරාජයේ ලැජ්ජාව වසා ගැනීම සඳහා "දෙමළ ජන සංහාරය" යන මැයෙන් ගොතන ලද බොරු පතුරමින්, දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කරන ලද මාකටිං කැම්පේන් එකක් මිස, මානුෂීය මෙහෙයුමෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් කිසිදු ආකාරයක දමිළ ජන සංහාරයක් සිදු කර ඇතැයි කොයියම්ම විදිහකින් හෝ සාක්ෂියක් නැති බව එම අධිකරණය විසින් ප්‍රකාශ කර ඇත.

    මෙතෙක් කලක් කරගෙන ආ පරිදි 2024 වර්ෂයේද දෙමළ ජන සංහාර සතිය යන මැයෙන් ප්‍රකාශන මාලාවක් මාධ්‍යයට මුදාහැරීමට සැලසුම් කර තිබූ අගමැති ජස්ටින්ගේ දේශපාලන ස්ථාවරත්වය මේ සමගම ඇද වැටීමේ ආරම්භය සනිටුහන් වී ඇති බව කැනඩාවේ සමහර මාධ්‍ය සඳහන් කර තිබුණි.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් නොව, තවත් බොහෝ අන්තර්ජාතික කාරණා සම්බන්ධයෙන් ජස්ටින්ගේ මෙම තුට්ටු දෙකේ දේශපාලන රඟදැක්වීම් නිසාම පවත්නා මීළඟ ඡන්දයේදී ඔහුගේ ආණ්ඩුව පෙරළා දැමීමට කැනේඩියානුවන් තීරණය කර ඇති බව සඳහන්.

    ලිංගික අතවර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, කොටි ත්‍රස්තයන් වෙනුවෙන් ස්මාරක ඉදි කිරීමට සැලසුම් ඉදිරිපත් කළ, බ්‍රැම්ටන්හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ද කොටි ත්‍රස්තවාදීන් උත්කර්ෂයට නංවමින් සිට, පසු කාලයක නැත්තටම නැති වූ චරිතයකි. නමුත් ජස්ටින්ගේ ඉරණම පැට්‍රික්ට වඩා අන්ත වනු ඇත්තේ, ජස්ටින් විසින් ශ්‍රී ලංකාව හැර ගිය කොටි ත්‍රස්තයන් සමහරක්ට පාර්ලිමේන්තු වරප්‍රසාද පවා ලබාදෙමින්, "දෙමළ ජන සංහාර සතිය" නමින් නම් කළ විශාල බොරුව කැනඩාවේ පාසල් දක්වාද ගෙන ගොස් කුඩා දරුවන්ගේ පවා මොල සෝදමින් නැටූ නාඩගම නිසාමය.

    නමුත් කිසිදු දේශපාලන තත්ත්වයක් මත, ජස්ටින් වැන්නවුන් අවසාන මොහොත දක්වාම සටන අතහරිනු අප දැක නැත. ජස්ටින්ගේ ආණ්ඩුව විසින් මීළඟට ගත හැකි ආසන්නතම පියවර වන්නේ ඡන්දයට පෙර ඇමරිකන් හෝ ඊශ්‍රායල් PR ටීම් එකක් කැනඩාවට බස්සවා ජස්ටින්ගේ අමුඩයේ ගෑවී ඇති මඩ සේදීම සඳහා ඩොලර් මිලියන කිහිපයක් වියදම් කිරීමය. කැනේඩියානුවන්ද සිංහලයන් මෙන් සති දෙකෙන් සියල්ල අමතක කරනසුළු ජාතියක් නම් ජස්ටින්ගේ මීළඟ අගමැති සිහිනයටද කිසිදු බාධාවක් නොවෙනවාට සැක නැත.

    මූලාශ්‍ර:
    https://policy-research.ca/

    ReplyDelete
  19. “ඇටදෙක බතල පිඟානේ“ ගීතයෙන් නිරූපනය වන දෙමලාගේ පුරුෂ ආදිපත්‍යය ගැන ඔබේ මතය කුමක්ද?

    ReplyDelete
  20. අන්තර්ජාලය මඟින් ලිංගික දර්ශන සජීවීව විදේශීය සමාගමකට යොමු කර මහා පරිමාණයෙන් විදේශ මුදල් ඉපැයීමේ ජාවාරමක නිරත තරුණ අඹුසැමි ජෝඩු දෙකක් පිළියන්දල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ

    එම සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම කාර්යය සඳහා යොදාගත් ඇස් ආවරණ සහිත වර්ණ වෙස් මුහුණු, මුහුණු ආවරණ, කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදා ගන්නා රබර් උපකරණයක්, ආලෝක කරන ෆ්ලෑෂරයක්, රූගත කිරීම සඳහා පරිහරණය කරන විශේෂ ඇප් එකක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකතන දෙකක්, සුදු පැහැති ක්‍රීම් අඩංගු ඇසුරුම්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25 ක් හා ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් එක් තරුණ යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි පාවිච්චි කරන බව පොලිසිය කියයි.

    පිළියන්දල බටකැත්තර කොංගහවත්ත පාර, දෙවන පටුමග කුලී නිවසක පදිංචි තරුණ අඹුසැමි ජෝඩු දෙකක ක්‍රියා කලාපය සැක සහිත බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

    අදාළ තොරතුර සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත් ගෙදර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස සොයාගෙන පොලිස් නිලධාරීන් බව පවසා නිවසේ දොරට තට්ටු කර විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට යාමේ දී කාමරයක සිට පිටතට පැමිණි කතුන් දෙදෙනා ඒවනවිටත් අඩ නිරුවතින් කාමුක ඇඳුමින් සැරසී සිටින අයුරු දැක ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීනියක් පැවැසුවාය.

    එවිට පොලීසිය මැදිහත්වී එහි සිටි තරුණයන් දෙදෙනාව සහ තරුණියන් දෙදෙනාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර ඔවුන්ගේ සිරුරු පරීක්ෂාකර බිම හිඳුවා පොලිස් නිලධාරීනියන්ගේ මූලිකත්වයෙන් නිලධාරීන් කාමරය පරීක්ෂා කිරීමේ දී එහි ඇඳ මත ඇස් ආවරණ සහිත වෙස් මුහුණු, ක්‍රීම් වර්ගයක් අඩංගු ඇසුරුමක්, කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදා ගන්නා රබර් උපකරණයක් මෙන්ම ඇඳ අසලම ආලෝක කරන ෆ්ලෑෂරයක් හා ජංගම දුරකතනයක් රැඳ වූ රඳවනයක් ද තිබූ බව පොලිසිය සඳහන් කරයි.

    ReplyDelete
    Replies
    1. තව දුරටත් මේ අය ස්ථානයට ගෙන ගොස් දැඩිව ප්‍රශ්න කිරීමේදී අත්අඩංගුවට ගත් තරුණ අඹු සැමි ජෝඩු දෙකෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී කොල්ලුපිටියේ පදිංචි තරුණ යුවළ විසින් ඉකුත් මාර්තු මාසයේ දී මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෙම නිවස මසකට රුපියල් 25000 බැගින් කුලී පදනම මත රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් ලබා දී නිවසෙහි පදිංචියට පැමිණ ඇති බවත් නිවෙස් හිමියාට පවසා ඇත්තේ අන්තඊර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු සිදු කරන බව යැයි පොලිසිය කියයි. එයින් මසකට පමණ පසු සමාජ ජාල වග ගෲප් හරහා හමුවූ බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ පදිංචි අනෙක් යුවළ මෙම නිවසට ගෙන්වාගෙන ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

      මෙම නිවස කුලී පදනම මත ලබාගත් තරුණු යුවළ මෙම ජාවාරම සඳහා යොමුව ඇත්තේ මෘදුකාංගයක් හරහා බවත් අනෙක් යුවළ යොමුවී ඇත්තේ මුහුණු පොත හරහා බවත් පොලිසිය කියයි.

      කුලී නිවසේ ඉදිරිපස කාමරය මේ සඳහාම විදුලි ආලෝක සවි කර මනාව සකසා ඇති අතර වරෙක අඹු සැමියන් අතර සජීවී ලිංගික දර්ශන මෙන්ම තවත් වරෙක කාන්තාවන් දෙදෙනා අතර ලිංගික දර්ශන සජීවී ලෙස අන්තර්ජාලය හරහා අදාළ විදේශ සමාගම වෙත යොමු කරන බවත්, එම අවස්ථාවල දී කිසිදු බාහිර ශබ්දයක් එම සජීවී දර්ශනයට හෝ ඊට සම්බන්ධ ශබ්දයට බාධා වන ලෙස අඩංගු නොවීමට වගබලාගත යුතු බවත් එසේ වුවහොත් තමන්ව නෙරපා හරින බව ද සැකකරුවන්ගෙන් සිදු කළ දැඩි ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.

      Delete
  21. හරියටම අවුරුදු 8කට කලින් අද වගේ දවසක වෙච්ච දෙයක්. 🫣👍

    ඒ අනුව ලංකාව වෙනුවෙන් ODI format එකේ එකම දවසෙ debut වුණ වත්මන් නායකයා, හිටපු නායකයා සහ වෙන්ඩ නායකයා කියන ජ්‍යෙෂ්ඨයො තුන්කට්ටුව batting-friendly modern era එකේදි ලංකාව වෙනුවෙන් වැඩි matches ගාණක් සෙල්ලම් කරල ගෙවීගිය අවුරුදු 8 පුරාවටම top 6 opponentsලට එරෙහිව performance තියාගත්තෙ මෙන්න මෙහෙමයි.

    Average S/R
    Kusal Mendis 28.69 85.03
    Dasun Shanaka 25.02 93.68
    Dhananjaya 24.91 75.09

    තුන්දෙනාගේ මුලු මැච් ගාන 291 යි ගහලා තියෙන 100 එවා තුන්දෙනාගේම එකතුව 5යි

    පැතුම් මැච් 55 යි 100 ඒවා 6 average 44
    චරිත් මැච් 59 යි 100 ඒවා 3 යි Average 43
    ජනිත් මැච් 9යි innings 6යි 100 1 & 50 3 average 69

    ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔතන කවුරු හරි කියනවනම් Back up player නෑ කියලා

    නිපුන් , නුවනිදු , පවන් , පසිදු සුරිය බංඩාර , ළහිරැ උදාර
    😌

    දසුන් ශානක "පිං -කැප්ටන්" කියන එක බොහෝ දෙනෙක් පිලිගන්නවා කියමුකෝ. බලද්දී නමට හරි lower order all rounder කෙනෙක් වෙච්ච ශානක ගේ strike rate එක විතරක් නම් කමක් නැහැ average එකත් මුන් දෙන්නගෙන් එකෙක්ට වඩා වැඩියි .... opening /no 3 ගහන මොරටු bradman ට වඩා average එකත් ටිකයි අඩු. දැන් පේනවා නේ ලංකාවේ best batsmen ල කියල උඩ දාගෙන ඉන්න උන්ගේ තරම

    ReplyDelete
  22. අඩෝ මාතා ලංකාවේ ක්‍රිකට් චක්‍රය මෙහෙමයි ♻️

    • ටූනමන්ට් එකක් දොබෙන් යන්න පරදිනවා.

    • ලක ෆෑන්ස්ලා කියන ගොබ්බරැල ටීම් එකට කුණුහරුප කිය කිය බනිනවා, ඇමතිගේ ශම්මිගේ SLC බෝනගෙන් පෞද්ගලික සමාගමට හමයනකම්ම දෙහි කපනවා.

    • ආයේ ලංකාවට එනවා, ෂම්මි හොරා ෂේප් එකේ අයිසීසී ටෝක්කරලා පොඩි ටීම් එකක් ලංකාවට ගෙනත් දාලා පිච් එක අපට වාසියට හදලා උන්ට තලලා දිනනවා.

    • ලකේපංකා ගොබ්බ ෆෑන්ස්ලා ටික අම්මට සිරි සුපිරි කොල්ලෝ ටික මුන් දැන් පට්ටවිදියට හැදිලා මාරම හොඳට සෙල්ලම් කරනවා කියලා ඉබේචූන් වෙලා සුරාන්තයට පත් වී ධාතුපහ වෙනවා.

    • ආයේ යනවා පූප උඩදාගෙන හොඳ රටක් එක්ක ගහන්න..

    • ජීවිතේට හැදෙන්නේ නැති හරක් ෆෑන්ස්ලා ටික ආයේ මැච් එක බලනවා මේ පාරනම් අපේ කොල්ලෝ ටික ගහවි දොඹෙන් යන්න කියලා...

    • ආයේ මුන් රෙද්දේ රෙවෙන්නම කුජීත ලෙස අම්බානට කනවා...

    • ආයේත් ලොලන්තයෝ ටිකට කුණුහරුපෙන් බනිනවා, ඇමතිට බනිනවා , ශම්මි බෝනගෙන් පෞද්ගලික සමාගමට බනිනවා...

    • ආයෙත් ලංකාවට ඇවිත් අරවගේම ජල්තර ලී කෙලි සැනකෙලියක් තියලා.. ගොබ්බ ෆෑන්ස්ලට පොඩි ලගචූන් එකක් දීලා ධාතුපහකරලා දෙනවා...

    ඉතුරු ටික බලාගන්න ආයෙත් මේක මුල ඉඳලා කියවපන් 😂

    මේ චක්‍රය අනන්තයට ගියත්

    කුසල් මෙන්දිසා කියන පාහර බලු බේසික පුතා ටීම් එකේමයි, 🥹

    ශම්මි බෝනගෙන් කම්බා හොර දෙටුවා සභාපතිමයි. 🥲

    අපි මුන්ට සමාව දීලා මැච් බලනවාමයි. 😋

    ඒත් මුන් ලොලන්තයොමයි 😏 ලංකාවේ දේශපාලනයයි රටේ පුරවැසියෝ වෙන අපියි ඔක්කොම එකයි...
    #SriLankanCricketMania...

    ReplyDelete
  23. මාත මෙහෙමයි කතාව ඉස්සර ක්‍රිකට් ටීම් එකෙත් බ්‍රෑන්ඩඩ් අඳින වටින වාහන පාවිච්චි කරන ක්‍රීඩකයො හිටිය. සෝෂල් මීඩියා වල රැලි නොතිබුණ නිසා ඒ අයට මිනිස්සු එච්චරම බැන්නෙ නෑ. ඒ කාලෙත් වැඩේ හරියට නොකෙරුනාම එයාට කාර් එකක් පෙන්නුවොත් විතරයි ගහන්නෙ කියල නෝක්කඩු කිව්ව අවස්තා ඕනතරම් තිබ්බ. අර සන්ෆ්ලවර්ස්ලා ගහපු සින්දුවකුත් තියෙන්නේ අනූ ගණන්වල

    දිනන දාට කොල්ලෝ
    ෂා නියමයි කියලා
    කරවට මල් මාල දමනවා
    එකක් දෙකක් අයියෝ
    පැරදුනාම ගොයියෝ
    මොකක්ද මේ කළේ අහනවා

    ඒක තමා ප්‍රේක්ෂකයන්ගෙ හැටි. තමන් යන වැඩේ හරියට නොකර ආවම ඔහොම තමයි ඉතින්

    ReplyDelete
  24. ඉලොන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතක හොරෙක්, මිනිමරුවෙක් , යකො, අන්න එහෙමයි හොරෙක් කපටියෙක් මිනිමරුවො වෙන්න තෙරුනාද පොන්ටියාට, කො කියපන් එකට වහල් රතු ජංගි පැටව් ටික තාලේට 'ආ කමක් නැහැ අපි මාලිමාවට' 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බන්

      .//පොඩි ජෙප්පො
      =========
      🔺මහ ජෙප්පෙක් මොනවා හරි ගොං කතාවක් කියලා ඇනගන්නවා.
      ▪️පොඩි ජෙප්පො : " සම්පූර්ණ කතාවම ඇහුව ද? "
      🔺ආණ්ඩුවේ ඇමති කෙනෙක් මොනවා හරි ගොං කතාවක් කියලා ඇනගන්නවා.
      ▪️පොඩි ජෙප්පො : " මේ වගේ නූගත් එවුන් පාර්ලිමේන්තු යවන..See more..."
      🔺මහ ජෙප්පෙක්ට දූෂණ චෝදනාවක් එල්ල වෙනවා.
      ▪️පොඩි ජෙප්පො : " සාක්ෂි තියෙනව ද? සාක්ෂි නැතුව චෝදනා කරන්න එපා"
      🔺ආණ්ඩුවෙ ඇමති කෙනෙක්ට දූෂණ චෝදනාවක් එල්ල වෙනවා.
      ▪️පොඩි ජෙප්පො : " ඕකා පට්ට හොරෙක්..ඔකුන් ගේ පවුල් පිටින් හැඳිගෑවි..See more.."
      🔺නිර්ධන පන්තියේ මහ ජෙප්පො Business Class එකේ රට යනවා.
      ▪️පොඩි ජෙප්පො : " පිටරට ඉන්න අපේ පක්ෂේ සහෝදරයෙක් නායක සහෝදරයට රට යන්න..See more.."
      🔺ආණ්ඩුවේ ඇමති කෙනෙක් Business Class එකේ රට යනවා.
      ▪️පොඩි ජෙප්පො : " මේ රටේ දුක් විඳින ජනතාව ගේ බදු මුදල්
      විනාශ කරන කාලකණ්..See more.."
      🔺මහ ජෙප්පො කොණ්ඩෙ Dye කරනවා.
      ▪️පොඩි ජෙප්පො : " මේ වගේ දැක්මක් සහිත තරුණ නායකයෝ ලබන්න අපි..See more.."
      🔺ආණ්ඩුවේ ඇමතිලා කොණ්ඩෙ Dye කරනවා.
      ▪️පොඩි ජෙප්පො : " මේ වගේ නාකි මයිනෝ එකතු වෙලා හදපු රටවල්..See more.."
      🔺රාජාංගනේ සාදු JVP එකේ හොඳ කියනවා.
      ▪️පොඩි ජෙප්පො : " මේ වගේ කොන්ද පණ තියෙන හාමුදුරුවෝ 10ක්..See more.."
      🔺රාජාංගනේ සාදු JVP එකට බණිනවා.
      ▪️පොඩි ජෙප්පො : " මේ කහකඩයට ආණ්ඩුවෙන් හොඳ ගානක්..See more.."
      🔺මහ ජෙප්පෙක් කරපු කතාවක් Facebook තියෙනවා.
      ▪️පොඩි ජෙප්පො : " මේ පාර මාලිමාවට" | " NPP ජයවේවා ! "
      🔺ආණ්ඩුවෙ ඇමතියෙක් කරපු කතාවක් Facebook තියෙනවා.
      ▪️පොඩි ජෙප්පො : " නිවන් සුව ! " | " නිවන් සැප ලැබේවා ! "
      //

      Delete
  25. මාතේ, මේක බලන්න

    https://www.facebook.com/100002984157273/posts/pfbid02NzBf2Pyb25zhxsPGiPZYnE6mprovw86Gjxk8gx2Sb2idXDJgjL3KqKrBk5TcKaNpl/?app=fbl


    මෙතන IZY ගේ කතාව සහතික ඇත්ත .මිනිහා විතරයි මේ අර්බුදය හරිම තැනින් ටච් ක්ලේ..මේකට සම්පුර්ණයෙන් වගකියන්න ඔනේ...එ era එක කපලා දාපු ඔය ප% ලෙජන්ඩ්ස් ලා කියන උන්ම තමා..!! අනික දැන් ඔය කොච්චර ටොක්ස් දැම්මත් ඩිල්ශාන්, ලා , සන්ගා ලා මහේල ලා වුනත් අන්තිම 2014, 2015 වෙනකම් බැලුවේ තමන්ගේ runs achievements, personal goals වලට යන්න මිසක් අනාගතය ගැන නෙමෙ.. 2014 t20 දින්නා තමා..ඒත් අඩුගානේ නිකන් පොඩි ටිම්ස් එක්ක සිරිස් වලදිවත් නවකයන්‍ට චාන්ස් දුන්නෙ නැහැ ...ඒකට බලන්න ඉන්දියාව, අපෙ ක්‍රිකට් මෙ තත්වයෙන් ගොඩ එන්න සෑහෙන කාලයක් යන බව නම් කනගාටුවෙන් වුනත් පිලිගන්නම වෙනවා..! 💔

    ReplyDelete
  26. මත්වීම සහ බදු..

    හැමතැනම මත්ද්‍රව්‍ය අල්ලනව නේද??👮👮🚔
    ඔයාට මොකද මේ ගැන හිතෙන්නෙ.....
    අනේ මේකනන් බොහොම හොද දෙයක් මේ මත්ද්‍රව්‍ය ‍රටින් තුරන් කරාම මේක සුර පුරයක් වෙනව එහෙමද හිතෙන්නෙ...

    මත්ද්‍රවය ශරීර සෞඛ්‍යට බලපාන හැටි ගැන නන් ඔය ඕනතරම් කට්ටිය පොත් පිරෙන්න තොග පිටින ලියල තියෙනවනෙ...

    ඉතිං අපි අද බලමු මත්ද්‍රව්‍ය බදු වලට බලපාන හැටි...

    මේක ගැන කතාකරන්න කලින් මුලින්ම මත්ද්‍රව්‍ය ගැන මද්‍යස්ත මතයකට එන්න ඕනෙ (Neutral). නැත්තන් ඔයාලට මේක තේරෙන්නෙ නැතුව යනව...

    මේ මත්වීම කියන්නෙ මිනිස් ශිස්ටාචාරය පටන් ගත්ත දවස් වල ඉදන්ම පැවතගෙන එන එකක්.. ඒ කාලෙ ඉදන් මිනිස්සු විවිද දේවල් මේ මත්වීම කියන දේ සදහා යොදා ගත්ත..

    අපි මුලින් බලමු මත්ද්‍රවය තහනම් කිරීම හා බදු ගහල තියෙන්නෙ ඇයි කියල...

    ඇගට හොද නැති නිසාද???...

    එතකොට මත්පැන් ඇගට හොදද??

    මේකෙ ඇත්ත තමයි මත් වීම කියන්නෙ සමාජ විරෝදයක් නැතුව බදු ගහන්න පුලුවන් දෙයක් වීම. මොකද විනෝද වීමට බදු ගැහන එක කෑම බීම වලට බදු ගහනවට වැඩිය සමාජ විරෝධය අඩුවෙන්ම එන එකක්.

    ඒකෙනුත් මත්වීම කියන එකට සමාජයේ හොද ආකල්පයක් නැති නිසා...කොච්චර බදු ගැහුවත් සමාජයෙන් විරෝදයක් එන් නෑ... හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනව ඒක තමයි...මිනිස්සු බදු ගෙවල මත් වෙනව වෙනුවට වෙන විකල්ප භාවිතා කිරීම..

    දැන් මිනිහෙක් ගංජ පැලයක් ගෙදරදීම හිටවන් හරි හැලියක් ගෙදරදීම පෙරා ගෙන මත් වුනොත් මොකද වෙන්නෙ...

    රජයට මත්වීම කියන එකට බදු ගහන්න බැරි වෙනව... සහ විශාල බදු ආදායමක් අහිමි වෙනව...ඊට අමතරව මත්ද්‍රව්‍ය හා බැදුනු වෙනත් මාෆියත් බිද වැටෙනව.. උදා. ස්කාගාර license , බාර් license , restaurant license.

    හිතන්න කවුරු හරි ශරීරයට කිසිම හානියක් නැති මත් වෙන්න පුලුවන් මොකක් හරි පැනඩෝල් වගේ පෙත්තක් හැදුව කියල...

    රජය මොකක් කරයිද???🤔🤔

    එක්කො ඒකට දරන්න බැරි අදික බද්දක් ගහනව ..
    නැත්තම් තහනම් කරල දානව.......

    රටේ හැමතැනම ඔය කරන වැටලීම් වලින් ඇත්තටම කියන දේ තමයි.

    "තොපිට මත් වෙන්න ඕනෙ නන් අපිට බදු ගෙවල බීපියව්... අපිට බදු ගෙවන් නැතුව තොපි මොනව බීල මත් වුනත් අපි අල්ලනවා" කියන එක

    හොදම දේ තමයි ආන්ඩුවට පාඩමක් උගන්නන්න හිතාගෙන හරි ඔය මොනවත්ම නොබී ඉන්න එක...

    ජය වේවා.....

    ReplyDelete
  27. " නුවන් තුෂාරගේ තිබුනු ප්‍රශ්නේ තමයි එයා ගහන්නේ T10, T20 කියලා හිතාගෙන ප්‍රැක්ටිස් කරද්දි දාන්නේ ඕවර හතරයි. මං දැකපු දෙයක් තමයි මැච් වලදි මෙයා ඉක්මනටම හෙම්බත් වෙනවා. මං IPL එකේදි එයාට කොන්දේසියක් දැම්මා එයාට මෙතන ඉන්න ඕන නම් දවසට ඕවර හතක් දාන්න ඕන කියලා...

    දැන් එයා මුල් ඕවරේ වේගයෙන්ම අන්තිම ඕවරේත් දානවා. ක්‍රීඩකයෙක්ගේ ස්කිල් එක හැදෙන්නේ ජිම් එකේදී නෙවෙයි, බෝල් කරලා. බෝල් කරලම තමයි ක්‍රීඩකයෙක් මැච් එකේදි කරන දේ ඉගෙන ගන්න ඕන. එයා දැන් ගොඩක් Improve වෙලා තියෙන එක ගැන සතුටුයි.."

    - ලසිත් මාලිංග-

    ReplyDelete
  28. දැන් පෙන්වන චිත්‍රපටියේ සම නිෂ්පාදනය මෝධි සහ බයිඩං, අධ්‍යක්‍ෂනය රනිල්, සම අධ්‍යක්‍ෂණය ජූලි චංග්, වීරයා අනුර​, ජෝකර් සජිත් දුෂ්ඨයෝ රාජපක්ෂ හොර හවුල. මේක තේරුම් ගන්න බැරිව එක එකාට බැන බැන හිටපල්ලා.

    ReplyDelete
  29. කතා තුනක්!

    පළමු කතාව!

    ඊයේ ලෝක කුසලාන පූර්ව විචාරක වැඩසටහනකට සහභාගි වෙලා ඉසුරු උදාන ඉතා වටිනා කතාවක් කියලා තිබුණා.

    ඒ මෙතෙක් ක්‍රීඩාවේ පරිහානියට හේතු කතා කළ මෙරට කිසිවෙකුට හෝ අහුනොවුනු තැනක්.

    ඉසුරු කියූ කතාව සැකවින් මෙසේයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආසන්නතම ස්වර්ණමය යුගයේ කණ්ඩායමේ ලෝක පූජිත ක්‍රීඩකයන් හිටියා.

    ඒ සංගා, මහේල, ඩිල්ෂාන්, මාලිංග ලා.

    ඔවුන් නිසා කණ්ඩායමට පැමිණීමට නොහැකි වූ, නමුත් ලෝක මට්ටමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් මෙරට පළමු පෙළ ක්‍රීඩා කළා.

    ඒ කෞෂල්‍ය ලොකුආරච්චි, කෞෂල්‍ය වීරරත්න ආදී ක්‍රීඩකයන්.

    එකල ඔවුන් මෙරට පළමු පෙළ ජ්‍යේෂ්ඨයන්. ඉදහිට ඔවුන් ජාතික කණ්ඩායමත් නියෝජනය කළා.

    අති විශිෂ්ඨ ලෝක පූජිත ක්‍රීඩකයන් නිසා ජාතික කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් වෙන් කරවා ගැනීමට නොහැකි වුනත් සංගා, මහේල, ඩිල්ෂාන් පරම්පරාවෙන් පසුව මෙරට ජාතික කණ්ඩායමේ වගකීමක් දැරීමට ඔවුන් පරිනත වුණා.

    මෙරට පළමු පෙල ක්‍රීඩකයන්ට විශාල ගෙවීමක් හෝ ආදායමක් නැහැ.

    මේ ක්‍රීඩකයන් පළමු පෙල තරග ක්‍රීඩා කළේ ඉදිරියේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුව නිසා පමණයි.

    එක්වරම ශ්‍රී ලංකා A සහ එමර්ජිං කණ්ඩායම් වල පුහුණුකාරීත්වයට අලුත් පුහුණුකරුවන් පැමිණියා.

    ඔවුන් සෘජුවම මේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ තේරීම් සඳහා නොසලකා හරින බව මුහුණටම කිව්වා.

    ඒ සඳහා යොවුන් ක්‍රීඩකයන් පමණක් සලකා බලන බව කිව්වා.

    ඒ පුහුණුකරුවන්ගේ අවශ්‍යතාවය ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද ක්‍රීඩකයන් පිරිසක් ජාතික තලය නියෝජනය කිරීම වුණා.

    තවදුරටත් මේ ක්‍රීඩකයන්ට මෙරට පළමු පෙල ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

    ඔවුන් ශ්‍රී ලංකාව හැරදා ඕස්ට්‍රේලියාවට ගියා.

    ඒ ඔස්සේ මෙරට පළමු පෙල කඩා වැටුණා.

    මෙරට පළමු පෙල සහ ජාත්‍යන්තර ක්‍රීඩාව අතර විශාල වෙනසක් හැදුණා.

    ඒ වෙනස දරා සිටි ජාත්‍යන්තර ක්‍රීඩාවට සමීප ජ්‍යේෂ්ඨයන් පළමු පෙල හැරදා යාමත් සමග, මෙරට පළමු පෙල පාසැල් ක්‍රිකට් මට්ටමටම වැටුණා.

    සිදුවීමට සම්බන්ධ ප්‍රධාන පුහුණුකරුවා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රාහීම කණ්ඩායමක, කඩුලු රකින්නෙක් සහ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ හිටපු ක්‍රීඩකයෙක්.

    දෙවෙනි කතාව

    එක්තරා කාලයක මෙරට පාසල් ක්‍රීඩාවේ සහ පළමු පෙල නිතර ඇසුණු නමක් වූයේ යශෝධ ලංකා.

    මුල් කාලයේ ඔහු හොඳින් දස්කම් දැක්වූවත්, පසුව ඔහු නොකඩවා අසාර්ථක වුණා.

    ඔහු ඔහුගේ කඩාවැටීමට හේතුව මෙසේ කියා තිබුණා.

    ඔහු යොවුන් කාලයේ දැක්වූ සුපිරි දස්කම් නිසාම පුවත්පතකින් ඔහු හා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

    එහිදී ඔහුගේ පුහුණුකරුවා කවුරුන්දැයි ඇසූ විට, ඔහු කියා තිබුනේ අනූෂ සමරනායකගේ නමයි.

    මේ බව දුටු එවකට ශ්‍රී ලංකා ඒ පුහුණුකරුවා යශෝධ කැඳවා ඔහුට දැඩිව දෝෂාරෝපනය කළා.

    තමන්ගේ නම නොකියූ නිසා ඉදිරියේ දී ඔහුට අවස්ථාවන් හිමි නොවන බව කියා තිබුණා.

    මේ පුහුණුකරුවා කීර්තිය පසුපස හඹා යන පුද්ගලයෙක්.

    මේ පුහුණුකරුවා පෙර කී හිටපු කඩුලු රකින ආරම්භක පිතිකරුවාමයි.

    තෙවන කතාව

    විරාත් කෝලි ගේ පුද්ගලික පන්දු විසි කරන්නා ලෙස කටයුතු කරන්නේ නුවන් සෙනෙවිරත්න නොහොත් 'බව්වා' ලෙසින් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ හැඳින්වූ ලාංකිකයෙක්.

    ඔහු ඉන්දීය කණ්ඩායමට බැඳීමට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පන්දු විසි කරන්නෙක් ලෙස සේවය කළා.

    ඔහුගේ විශේෂත්වය නම් ශක්තිමත් බාහු වලින් යුතු ඔහු ලොව වේගවත්ම පන්දු විසිකරන්නෙකු වීමයි.

    ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් සමුගැනීමට එක්තරා පුහුණුකරුවෙකු සමග ඇතිකරගත් ගැටුමක් හේතු වුණා.

    ඉන්පසුව අදාල පුහුණුකරුවා නුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට වැඩ සලස්වා තිබුණා.

    ඒ පුහුණුකරුවාත් පෙර කී පුහුණුකරුවාමයි.

    පසුව ඉන්දීය කණ්ඩායම සමග එක් වූ නුවන්, විරාත් කෝලිගේ පුද්ගලික පන්දු විසි කරන්නා වුණා.

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යනු දේශපාලනය තරමටම කැපිලි කෙටිලි බහුල, අළු සහ කළු චරිත පිරුණු මඩ ගොහොරුවක්.

    ඉතාම කලාතුරකින් ඒ මඩ ගොහොරුව පරයා පැමිණි නෙළුම් පුෂ්ප පැවැතිය හැකි වූවත්, අතිබහුතරය මඩගොහොරුවේම බල ක්‍රීඩා කරන්නන් පමණයි.

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතුලාන්තය රූපවාහිනියෙන් දකිනා තරමට සුන්දර එකක් නොවෙයි.

    අසීමිත ධනයක් සහ සමාජ බලයක් ගැවසෙන තැනක් එලෙස වීම පුදුමයකුත් නොවෙයි.

    වඩා වැදගත් වන්නේ ජාතික අභිලාෂ වෙනුවෙන්, මේ මඩ ගොහොරුවක බල ක්‍රීඩා කරනා කළු සහ අළු චරිත ද එක්කරගනිමින් කටයුතු කිරීමයි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 8.42

      ඒ කතාව මමත් ඇහැව්වා. ඒක ඇත්ත නම් අපි බාහිරින් බලලා වීරයො කියල හිතාගෙන ඉන්න මිනිස්සු ඇතුලේ මහා කුහකයො ඉන්නවා කියල හිතුනා.
      කොහොම උනත් මේ සැරින් සැරේ ඇහෙන විවිධ කතා මැද්දේ දැනෙන දෙය තමයි ක්‍රිකට් සමස්ථයක් ලෙස විශාල වෙනසකට ලක් විය යුතු බව. වරින්වර එක එක චරිත මාරු කර පෙන්වීමම ජනතාව නොමඟ යවමින් විනාශකාරී පාලනය පෞද්ගලික සැප වෙනුවෙන් රැඳී ඉන්න ගහන ගේමක් කියල දැනෙනවා.
      අංක එකට, ජයග්‍රහණ පිපාසය තියෙන පරිපාලනයක් බිහි වෙන්න ඕන. එහෙම නැතුව ඊට පහලින් කවුරු වෙනස් උනත් ඒක ඉහල අයගෙ අවශ්‍යතාවය අනුව වෙන දෙයක්.
      ජයගග්‍රාහී කණ්ඩායමක් ඕන නම් බලය ඇත්තන් පරිපාලකයන් පත් වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.

      Delete
    2. @ Anoo

      මචං ඔය කියන කෞෂල්‍යලට වැඩිය වැඩ්ඩො එක එක හේතු නිසා ලංකාවට අහිමි වුනා - චින්තක ජයසිංහ එයින් එක්නෙක් - මිලින්දු සිරිවර්ධන ආව ගියා -කාගෙන ෆිල්ඩ් කරන අශේන් බන්ඩාරට අදටත් තැනක් නෑ - නුවනිඳු ඇමරිකා යවන් තිබුනා - ටීම් එකෙන් බාගයක් අසංග කියන මැනේජර්ගෙ එක්ක ගිවිසුම්ගත වෙච්ච උන්දැලා -- තරග ගාස්තු කට්ටිය එක්ක ලසස්නට බෙදා ගන්නවා ඇති -------- ඊට අමතරව අසන්ත ද මෙල් නුවල් කුලසේකර වැනි පරිණත අයගෙ ඇසුර අලුත් අයට අහිමි කරලා ලොන්තයො ටිකක් බිහි කලා - ලියන්න ගියොත් තව කතා ලියන්න පුඵවන් - මේ සේරටම මුල ෂම්මි සිල්ව ඇතුඵ පාලක මන්ඩලය - එච්චරයි කියන්න තියෙන්නෙ

      Delete
  30. මාතා වැරදියට තේරුම් ගන්නෙපා කියන්න දෙයක් නෑ බං. උඹ කියලා තියෙන්නෙ හරි දේ. වැරදියට තේරුම් ගන්නේ නූගත් උන්.

    ලංකාවේ සුද්දට කත් අදින ගොබ්බ කළුවෝ සුද්දා හිටියා නම් මීට වඩා හොඳයි කියන්න පලවෙනිම හේතුව ඉතිහාසය නොදන්නකම. හරියට ඉතිහාසේ දන්න එකා දන්නවා යටත් විජිත සමයේ තමුන්ගේ රටේම උන් තමුන්ගේ රටේ දෙවෙනි පුරවැසියෝ වෙලා හිටියේ කියලා. ලංකාවේ සම-හරක් උන් දැන් රට ගිහින් ගහන බොරු පම්පෝරි එක්ක ලංකාවේ උන් සමහරක් ඔහොම හිතනවා.

    දෙවෙනි කාරණේ ලංකා ඉතිහාසේ අපිට උගන්නලා තියෙන්නේ අපේ රට ගැන අපිට පම්පෝරි ගහන අරමුණින් විතරයි. හරියටම කිව්වොත් බෝක්කුවක් උඩ ඉඳගෙන "ඒ කාලේ අපි හිටියේ මෙහෙම නෙවෙයි" කියලා බොරු කයියක් ගහන්න විතරයි. ඒ ඇරුනම රට ගැන strategic decisions ගන්න පුරුදු කරන්න බලන් ඉතිහාසය ප්‍රයෝජනවත් විදිහට වත්මන් ලෝකයේ තීරණ ගැනීමට අධ්‍යයනය කරලා නිවැරදිව උගන්නලා නෑ. අන්තිමට පම්පෝරියක් පමණක් වෙන තත්වෙට ආපු නිසා ලංකාවේ උන්ට තමන්ගේ ඉතිහාසෙම ජෝක් එකක් වෙලා.

    තුන්වෙනි කාරණේ සුදු ආධිපත්‍යය පවත්වන් යන්න සුද්දා හදපු white supremacy. 13 ශතවර්ශෙට කලින් සුද්දෝ ලෝකෙම අශිෂ්ට ජාතියක් හැටියට සැලකුවේ. කොටින්ම උන්ට ගාසා තීරෙන් පහලට එන්නවත් ඔටෝමන්වරු ඉඩ දුන්නේ නෑ. ආයේ කෙලවුනොත් කියන බයට තමයි ඔය ඊශ්‍රායලය හදලා හැම එකාටම දිරවගන්න බැරුව ඉන්නෙ දැන්. ලෝකෙම කොන් කරපු ජාතියක් වෙන රටකට ගිහිල්ල යටත් වෙයන් කිව්වම යටත් වෙන්න නම් ideologically උන් උසස් කියන මතය හදන්න වෙනවා. ඒක තවම සිංහල කළුවට දිරවගන්න බැරිව ඉන්නේ. එහෙම මතයක් නොහැදුව නම් ලංකාවෙ කොල්ලයි බල්ලයි හැම එකාම ජනාධිපති වෙලා ෆාමසිකාරයත් මට ජනාධිපති වෙන්න පුලුවන් කියල හිතන තැනට ආව වගේ වෙන්න පුලුවන්. සුදු හම තියන සුළුතරය විසින් දුඹුරු හම තියන බහුතරය යටත් කරන් ඉන්න නම් දුඹුරොන්ට හිතෙන්න ඕන සුදු උත්තමය නිසා තමයි අපි මේම හරි ඉන්නෙ කියල. නැත්තන් මොකෙක් හරි හිතයි මුන් අපේ රටේ බලෙන් ඉන්නේ දෙන්නෝන ගේමක් කියලා. එතකොට කැරලි ඇතිවෙනවා.

    ලංකාවෙ ගස්ගඳයො ටිකක් ඉන්නව අපිව සුද්දො අල්ලගත්තනම් අපිත් අද UK Citizenල කියල හිතන. මෙතන රිදුන උන්ගෙන් එක සෙට් එකක් මුන්. කොහෙවත් යන මිලියන22ක් රෙද්ද අස්සෙ ගහන් උන්ගේ රටේ සල්ලි වෙන ඈත පලාතක ඉන්න තව 22මිලියනයක් එක්ක බෙදාගෙන උන්ගෙ ජීවන මට්ටම පහල දාගන්න තරමේ පූපේ අමාරුවක් උන්ට නෑ.

    අනික තමයි 13 සියවසට කලින් ලෝකෙ ධනවත්ම රට ඉන්දියාව. ඒ රටෙන්ම විතරක් ඇඑජ ඩොලර් ට්‍රිලියන 45ක් උස්සලා තමයි අපේ කළුවොන්ට ස්ටුඩන්ට් දාන් ගිහිල්ලා කක්කුසි හෝදන ගමන් බොරු පම්පෝරි ගහන්න ඔසී, කැනඩා UK හැදුවේ. මේ සෙට් එකටත් රිදෙනවා. මොකද උන්ට කියලා පුද්ගලිකව තත්වයක් නැති නිසා උන් පාවිච්චි කරන්නේ උන් ජීවත් වෙන රටෙන් උන්ගේ සමාජ තත්වය උසස් කියලා ලංකාවෙ උන්ට පෙන්නන්න. හරිමන් විදියට ඉන්න උන් ගැන නෙවෙයි කියන්නේ ලංකාවෙ මස් කෑල්ලක්වත් කන්න නැතුව ඉඳලා සපත්තු දෙකක් දාන් කාරෙකේ යන ගමන් මහත්තැන් කියලා හිතන් පිටරට ඉන්න ගමන් ලංකාවෙ උන්ට පම්පෝරි ගහන සම-හරක් මීහරක් උන් ගැන.

    ReplyDelete
  31. උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ කෙටි කලක් තුළ උපයා ගත්තේ යැයි නිරූපිකාවක හා නිළියක වන පියුමි හංසමාලිට එරෙහිව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත රහස් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙන අතර එය විභාග කරන්නට අධිකරණය අවසර ලබාදී තිබේ.

    මීට ටික කලකට ඉහත මැණික් ව්‍යාපාරිකයෙකු ලබාදුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කුඩා නිවසක ජීවත්වූ පියුමි රංජන් රාමනායක සමග හඬපටයක පවසන්නේ ණය ගෙවීමට බැරි තරමට ආර්ථිකය දුර්වල නිසා එය ගොඩදමා දෙන ලෙසයි

    එසේ කී පියුමි දැන් වාසය කරන්නේ කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් සුඛෝපභෝගි මහල් නිවාස ඒකකයක වන බවත් ගිය වසරේ එකවරම ඉදිරිපත්වී ගෝඨාභය රාජපක්ෂ පාවිච්චි කළ රුපියල් ලක්ෂ අටසීයක රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් පවා ඇය මිලට ගත් බවත් කුරුඳුවත්තේ කෝටි 14 ක තවත් නිවසක්ද මිලට ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇත.

    ඇයට ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක් පවතින බවත් ඇයගේ මුදල් ඉපැයීම ප්‍රශ්නකාරී බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

    ලංකාවේ සමාජ මාධ්‍ය තුළ 'හම සුදු කරන' ක්‍රීම් වර්ගයක් අලෙවි කිරීම සම්බන්ධ ව්‍යාපාරයක් ගැන පමණක් ඇය පවසන අතර මෙතරම් වත්කමක් ඇය උපයාගත් ආකාරය සැකයට තුඩුදෙන බවත් පැමිණිල්ලේ ‍සඳහන් කර ඇත.

    ඇගේ බැංකු ගිණුම් 19 ගැනවාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.

    ReplyDelete
    Replies
    1. "මගෙන් රටට" සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

      කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හි පදිංචි පියුමී හංසමාලි පහුගිය කාලයේ ගෝඨාගෝ අරගලයට සක්‍රීය ලෙස සම්බන්ධ වී ගෝඨාභය රාජපක්‍ෂ එලවීමට දැඩි ලෙස ක්‍රියා කර පසුව ඔහු ධුරයෙන් ඉවත්ව ටික කලකින් ඔහු භාවිතා කරපු රථයම රුපියල් ලක්ෂ අටසීයකට (රේන්ජ් රෝවර් වර්ගයේ) මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක තවත් නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

      2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පැමිණිල්ල බහා තැබීය.

      Delete
  32. කොහොමත් ලංකාවේ ක්‍රිකට්වල තියෙන ප්‍රශ්නය හදන්න බෑ මුරලි කිව්වා වගේ.. ලංකාවේ හොදම සෙට් ඒකා තමයි ඔය සෙල්ලම් කරන්නේ.. ලංකාවේ domestic ලෙවෙල් එකෙන් ඉන්ට්නැෂනල් ප්ලේයර් ලා දැන් එළියට එන්නේ නෑ.. ඒ තරම් කොලිටි එක බැහැලා.. එනිසා ඇත්තටම මේ ඉන්න සෙට් එක මාරු කර කර ගහනවා ඇරෙන්න වෙන විසදුමක් නෑ.

    රටක් බනිද්දි, රටක් "නිහතමානී" කරන්න ට්‍රයි කරද්දි, ෆේස්බුක් විවේචන නිසා ඔලුව නමන් ඒවි කියලා රටක් බලාපොරොත්තු වෙද්දි, සුපුරුදු විදියට කැෂුවල් ස්වැග් එකෙන් රූඩ් උත්තර දීලා වනියා දෙකක් පෙන්නනවා.

    1) වනියට ෆේක් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒ වනිඳු වගකියන එකම තැනෙන් (ශම්මි ද සිල්වා) එහෙම ප්‍රෙෂර් එකක් වනියට දාලා නැති නිසා. වනියා ගිය සැහැල්ලුවෙන්ම තාම ඉන්න්නවා.

    2) රටක් මෙහෙම කියද්දිත් තඹ සතේකට කිසිම ගානක් නැතුව තමන්ගේ ටීම් එක බැක් කරන් ආතල් එකේ ශම්මි ඉන්නවා කියන්නේ ශම්මි ඇවිල්ලා ලෙජන්ඩ්‍රියක්. (මම ශම්මිගේ ඒ කොලිටි එකට රෙස්පෙක්ට් කරනවා)

    දැන් ඉතින් මිනිස්සුන්ට තියෙන්නෙ හිත හදාගන්න.

    ඔය බැනුම්, විවේචන, මඩ, ජෝක්ස් වලින් ක්‍රිකට් එකේ කිසිම වෙනසක් කරන්න බැහැ.

    එතන අත්තිවාරම පුදුම හයිය එකක්.

    ඒ වගේම මාතලා මේක ඔහේලගේ ක්‍රීඩාවක් කියලා හිතන් හිටියට මේක ඔහේලගේ ක්‍රීඩාවකුත් නෙවෙයි.

    ඒ බොරු මිත්‍යාවෙන් එළියට එන්න වෙනවා.මේක ඒ ගොල්ලොන්ගේ ප්‍රොපර්ට් එකක්.

    හැබැයි මෝදිලා වගේම ජය ෂාහ් ලගේත් උන්ගේ කුක්කා වන ෂම්මිගේත් සිකුරා හැමදාම රජවෙලා තියෙනවා කියලා මාතලන්ලා හිතනවා නම් ඒකත් වැරදියි මොකද ඔය කොයි ජගතයා වුනත් දණ ගස්සන්න කාලයක් එනවා, හැමදාම නත්තල් නෑ, සත්‍යය, යුක්තිය නැවත ඉපදෙන කාලයක් එනවා. එතකන් අපි මේ තක්කඩි රැළට එරෙහිව හඬ අවදි කිරීම නිෂ්ඵලයි කියා නකුට අහවල් එකේ ගහගෙන ඉන්න අවශ්‍යත් නෑ.

    ReplyDelete
  33. ලංකාවේ ක්‍රිකට්වල පහුගිය අවුරුදු 5 ඇතුලත තිබුන ඉහලම තැන තමයි 2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම. මැරිලා තිබ්බ ක්‍රිකට් ආයේ පැලවුනේ එදා

    ඒ ටූනමන්ට් එකට ප්ලේයර්ස්ලා සිලෙක්ට් කලේ කි.මී. 2ක් විනාඩි 8න් දුවලා, ස්කින් ෆෝල්ඩ් 90 බලලා. ඒවා නැති අය ගත්තේ නෑ. ක්‍රිකට් ගහන්න දුවන්න ඕනිද කියලා ඒ කාලේ ලෙජන්ඩ්ලත් ඇහුවා.

    හැබැයි භානුකත් ජිම් එකේ ඉඳලම ස්කින් ෆෝල්ඩ් අඩු කර ගත්තා. දුවන්න බෑ කිව්ව අය දිව්වා. මාලිංගලගේ ක්‍රිකට් ඉවර උනා. ඒ asia cup එකට බඩදරු අම්මලා ගියේ නෑ. ලංකාව දින්නා.

    ඊට පස්සේ උනේ ක්‍රීඩකයන් දෙවියන් උනා. ෆිට්නස් ටෙස්ට් එපා කිව්වා. දනිශ්කට දුවා ගන්න බැරුවුනා, භානුක, වනියා මහත්වුනා. ෆිට්නස් නැති අය ඩ්‍රොප් කරනවා වෙනුවට දඩයක් දාගෙන ටීම් එකට ගත්තා. ෆිට්නස් ගැන strict එක නැතිවුනා විතරයි ප්ලේයර්ලා ආයේ unfit. භානුකගේ, තීක්ෂණගේ ෆෝර්ම් නැතිවුනා. සමහර අයට ඕවර් 10ක් යනකොට හති වැටෙනවා.

    දුවන එකෙන් බලන එක දෙයක් තමා endurance එක. ඒක තියෙන්න ඕනි වර්ල්ඩ් කප් එක, IPL වගේ ටුනමන්ට් ගහන්න. මැච් එකෙන් මැච් එකට ට්‍රැවල් කරන්න වෙනවා. ඒව අසාධාරණයි කියලා අඬ අඬ ඉදලා හරියන්නේ නෑ. ඒ ලෙවල් එකට හැදෙන එක තමා වෘත්තිය ක්‍රීඩකයෙක් කියන්නේ.

    ආයේ ෆිට්නස් ටෙස්ට් ගේන්න ඕනි. ෆේල් වෙන අය කැප්ටන් උනත් එලියෙන් තියන්න ඕනි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න