.

.

Jun 8, 2024

ඇමරිකාවේදී ලංකාවේ ක්‍රිකට් ආදාහනය කළේය...

 


ඇමරිකාවේදී ලංකාවේ ක්‍රිකට්

ආදාහනය කළේය...

➖➖➖➖➖➖➖⭕


ලංකාවේ ක්‍රිකට් විනාශ කළේ ශම්මි සිල්වා ඇතුලු මාෆියා කල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැතිය. ඔවුන් කෙතරම් බලවත්ද යන්න රොෂාන් රණසිංහ විසින් කල්ලියට එරෙහිව ඇල්ලූ ජල්ලිය නිමා වූ අයුරු දෙස බැලීමෙන්... ගෝනා ඔනෙකුට තේරෙනවාය.


මාතලන් ඒ කාළයේම කිව්වේ රොෂාන් ගැසූ ගේම ගහන්න තිබුනේ රනිල් එක්ක කියලාය. එහෙත් ඒ ගැන වැටහීමක් නැති රොෂාන්.. සාගලට ගහන්නට ගොස් සියල්ල ඛේදවාචකයකින් නිම වී... මාෆියාව නැවතත්... සිටී තත්වයටත් වඩා ප්‍රභල තත්වයකට පත්ව සිටින්නේය.


ඊට රනිල් මෙන්ම, සජිත් හා අනුර කුමාර ඇතුලු සමස්ත දේශපාලුවන්ම වගකිව යුතුය. ඒ කිසිවෙක් රොෂාන්ගේ ගේමට සප් එකක් දුන්නේ නැතිය. බුවා තනි වුනේය. සජිත් හා අනුර කුමාර උන්නේත් මාෆියාව සමගය. 


දැන් ක්‍රිකට් ටීම් එකේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් නොව... කළමණාකරුවන් යැයි කියනා පිරිසක් හරහා උන් හා බිස්නස් කළ හැකි සුවච කීකරු ක්‍රිකට් සේවකයින් පිරිසක් පමණය.


සාමාන්‍යයෙන් ඕනෑම කණ්ඩායමක වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා අඩුම තුන හතරක් සිටිය යුතු වුවද... අපේ කණ්ඩායමේ ඉන්නේ කීයද කියා ක්‍රිකට් දන්නා වුන් දන්නවාය. 


දැන් කණ්ඩායමට පිවිසීමට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයින් විය යුතු නැතිය. මාෆියාවේ හිතවතෙක් හරහා සුවච කීකරු සේවකයකු වීම හොඳටම ප්‍රමාණවත්‍ය. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ දැන් ඉන්නේ රස්තියාදූකාරයින් පිරිසක් පමණි. උන්ට තරඟ ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැතිය. සාක්කුවට ගාන වැටුනාම ඇතිය.


එසේ අවශ්‍යතාවයක් තිබුනේ නම් දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කරන්නේ නැතිය. කළමණාකරුවන්, පුහුණුකරුවන්, භෞතචිකිත්සකයින්, කණ්ඩායම තේරීමේ කමිටු මෙන්ම, නමට වනිඳු හසරංඟ නම් නායකයෙක්ද සිටියද... සියල්ල සිඳුවන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සෘජු තීරණයන් යටතේය. 


ක්‍රිකට් මාෆියාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඈෂ්ලිද සිල්වා සිටිනා තුරාවට... ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමේ  සිටිනු ඇත. බෝනගේන් මාෆියාව එතරම් බලවත් මාෆියාවක්‍ය. 


උන්ට තරඟ දිනීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේ නැතිය. කණ්ඩායම් හැඟීමක් ඇත්තේ නැතිය. දසුන් නායකත්වය දරණ සමයේ තිබූ ක්‍රීඩකයින්ගේ ටීම් ඉස්පිරිට් එක ඇත්තේම නැතිය. අඩුම තරම මුණ සෝදන්නේවත් නැතිය.


පච්චා කොටන්නේ, රැවුල් කොන්ඩා වවන්නේ අපේ උන් පමණක් නොවේය. අනෙක් කණ්ඩායම් වල සිටිනා සුපිරි ක්‍රීඩකයින් අතරේද එහෙම වුන් ඕනෑ තරම් ඉන්නවාය. 


එහෙත් උන් තරඟයට එන්නේ මූණ සෝදලාය. රැවුල් කොන්ඩා නිසි ලෙස ට්‍රිම් කර නයිස් හෙයාර් ස්ටයිල් දමාගෙනය. ක්‍රිකට් ක්‍රීඩාවේ නොව ඕනෑම ක්‍රීඩාවක විනයක් තිබිය යුත්තේය. ඇඳුම් අඳින්නේත් අඳින්න ඕනෑ නිසාය.


හොඳම උදාහරණය ලසිත් මාලිංගය. ඔහු ඔහුගේ පන්දු යැවීම මෙන්ම ඔහුගේ කොන්ඩය හා ඇඳුම් පැලදුම්ද නිසි ලෙස මේන්ටේන් කළේය. දැන් අපේ උන් බංගලාදේශ කණ්ඩායමේ ඉන්නා මළපෙරේතයන් වගේය. බංගලියන් කියන්නේ ලොව ඉන්නා අපිරිසිඳුම ජාතියක්‍ය.


පළමු තරඟ පරාජයෙන් පසු සුපුරුදු බයිලා ගායනාවලට රැවටුන දේශපාලුවන් පාර්ලිමේන්තුවෙත් අපේ උන්ට වෙනස් කම් කරනා බව කීවේය. ඊට පිළිතුරු දුන් ක්‍රීඩා ඇමතිත් ඒවා ජාත්‍යන්තරයෙන්ම එන ඒවා කියා අත පිහිදා ගත්තේ මාෆියාව බබා කරමින්ය. 


එහෙත් ලසිත් මාලිංග උන්ගේ රෙදි ගැලෙව්වේ තමන් මීටත් වඩා කට්ට කා මැච් දිනලා තිබෙන බවද පෙන්වමින්‍ය.ම්ක්


අපි නම් කියන්නේ මේවා නටන්න බැරි එකා පොලොව ඇඳයි කිව්වා වගේ බයිලාම පමණය. එසේ නම් අනික් කණ්ඩායම දිනන්නේ කෙසේද?


තත්වය මෙසේ නම් මාෆියවටත් බිය නම්, අඩුම ගානේ ක්‍රිකට් ගහන්න පුලුවන් ක්‍රීඩකයින් 20 ක් හදාගැනීමට හෝ දේශපාලුවන් විසින් මාෆියාවට බලපෑම් කල යුත්තේ....


මේවා ගැන නොදන්නා සාමාන්‍ය ජහමනයා පලු අරින්නේ දේශපාලුවන්ට හා උන්ගේ අම්මාවරුන්ට නිසාමය.


දැනට නම් ලංකාවේ ක්‍රිකට් ආදාහනය කොට අවසානය.


කළ යුත්තේ නැවුම් ක්‍රිකට් ක්‍රීඩාවක් හා ක්‍රීඩකයින් පිරිසක් බිහිකිරීම පමණී. දැන් සිටිනා ක්‍රීඩකයින්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් එම කණ්ඩායමට සුදුසුකම් ලැබිය යුතු අතර, හාල්පාරුවෝ සියල්ල ගෙදර යැවිය යුත්තේය.


එහිදි කණ්ඩායමේ විනය ප්‍රධානම කරුණ විය යුත්තේ... මේ කරන්නේ උන්ගේ පෞද්ගලික විගඩම් ප්‍රදර්ශනය කිරීමක් නොව රටක සංස්කෘතිය හැදියාව සභ්‍යත්වය හා රටක ඉස්ටෑන්ඩර්ඩ් එකත් මුලු ලෝකයටම පෙන්වන වැදගත් ක්‍රීඩවක් නිසාමය.


ඒ වගත් මෙසේය...


.

24 comments:

  1. මාතේ මගේ අත්දැකීම මම මෙහෙම කියන්නම්.මම ඉන්නේ Western Europe මට මැච්එක බලන්න තිබ්බ time එක පාන්දර 1.30 ට. වැඩකරලා මහන්සිවෙලා ආවත් Alarm තියාගෙන පාන්දර ඇහැරගෙන මැච් එක බැලුවා උදේ 5.30 වෙනකන්.ඒ අපේ අය දිනයි කියලා.නමුත් අපේ අය පරාදයි.අපරාදේ මගේ නින්ද 😓.එය කෙසේ වෙතත් මෙය ලියා තැබිය යුතුමයි. ඇයි අපේ අයට ජයපරාජය ගානක් නැත්තේ.කියලා. මට අනුව වනිදු කියන්නේ මෝඩ$&@යෙක්.ඇග තිබ්බට මොලේ නෑ.ලංකාවේ ක්‍රිකට් වලට වැරදුන තැන තමයි දක්ෂයට නායක කම දෙනවා.එහෙම උනාම ඔහුරග් දක්ෂකම අඩුවෙනවා.තව දේ ලියන්න බොහෝ තිබුනත් දිග වැඩිවෙන නිසා නොලියා ඉම්.

    ReplyDelete
  2. මුන් කියනවා පළවෙනි ඕවර් 5ට 60ක් වත් ගහන්න ඕනි කියලා.

    ඉක්මනට අවුට් උන දාට කියනවා අල්ල්ගෙන ඉන්න තිබුණා කියලා
    පැතුම් 47ක් ගැහුව එක එයාටත් නෑ කණ්ඩායමටත් නෑලු.

    ඒ කාලෙ මැග්‍රාත් බෝලෙ ගන්නකොට අපි දන්නවා අතපත්තු ඉවරයි කියලා.දැන් බයිලා ගැහුවට චන්දිමාල්,තිරිමාන්න ඉවර කලේ අතපත්තු
    අර ශම්මිය එලවන්න ඇමතිය හදනකොට ඌව එලවල හරීන් දාගෙන ශම්මිව රැක්ක.

    තේරීම් කමිටුවක් ඉද්දි අරන් ගිහින් තියෙන්නෙ වනිදුට ඕනි ටීම් එක.
    එක එකාට ඕනි දේවල් කරන්නෙ නියෝජනය කරන්නෙ රටක් වෙලත්
    මූලිකම දේ මුන්ට ගෙවනව වැඩියි.
    උන් දන්නව දිනුවත් පැරදුනත් සල්ලි කියලා.

    මුන්ට අඩුවෙන් ගෙවලා ඒ සල්ලි යොදවන්න ඕනි පහල මට්ටම හදාගන්න

    ReplyDelete
  3. දැන් ක්‍රිකට් නොබලමි වුනේ මොකක්ද කියා කාගෙන්හරි පසුව අහගමි පපුවට ශාන්තය

    ReplyDelete
  4. //කළ යුත්තේ නැවුම් ක්‍රිකට් ක්‍රීඩාවක් හා ක්‍රීඩකයින් පිරිසක් බිහිකිරීම පමණී. දැන් සිටිනා ක්‍රීඩකයින්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් එම කණ්ඩායමට සුදුසුකම් ලැබිය යුතු අතර, හාල්පාරුවෝ සියල්ල ගෙදර යැවිය යුත්තේය.//

    හැම එකකටම පිළිකාවක් වෙලා නිසා
    සියලු දේට හෙණ වැදිලා තියෙන නිසා
    හාල්පාරුවන් තව තව ඉන්න නිසා
    උන්වත් ගෙදර යවලා ඉමු කතිර ගසා

    ReplyDelete
    Replies
    1. @ නිදී

      ඕකට කෙමක් තියෙනව කරන්න ඒ තමයි සජිත් ප්‍රේමදාස කියන මංඥං පිස්සවයි මාලිමාවේ කයියනායක මන්ද බුද්ධික ලප රිලා මොටාවා වන ලපකොටාවයි නගුලෙ දෙපැත්තෙ බැඳලා රටම විකුණන වික්කමසිංහ බ්රෝකර් රනිලයා ලවා මැදමුලන නාකි මයිනගෙ ගේ පෙරලලා හාලා කුඹුරක් කරපු දවසට තමයි ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නෙවෙයි රටටම කිරි උතුරන්නෙ.

      තාව මාලහොරා කුට්ටියා ජවනිකා බුරුවංසලා වගේ ගොබ්බ රැල ඒ වටේ වැටට හිටවලා නන්දසේන ගෝටා පඹයට දාන්ඩ ඕනෙ සිරිසේන රිලවත් වැටට ගන්න හොඳයි

      Delete
  5. Star sports හී ind vs pak තරගයට පෙර game planning වැඩසටහනට එක්වු ඉන්දිය හිටපු ක්‍රීඩක ගවුතම් ගම්බීර් මහතා දැක්වු අදහස්

    නිවේදක : ගම්බීර් සර් නවසීලන්තයේ පරාජය ගැන ඔබ දැන් පැහැදිලි කරා ඔවුන්ට වැරදුණ තැන කොතනද කියා.මම අහන්න කැමතියි සර් එතකොට ශ්‍රී ලංකානු කණ්ඩායමේ පරාජය ගැන ? මොකද ශ්‍රී ලංකාව 2021,2022 T-20 ලෝක කුසලානයේ ගෘප් වටයෙන්ම එලියට විසි උනා දැන් 2024ත් ගෘප් වටයෙන්ම එලියට විසිවිමට නියමිතයි අපි දන්නවා 2023 odi ලෝක කුසලානයේ ඔවුන් 9 වෙනියා ඇත්තටම ශ්‍රී ලංකාව මොකද වෙලා තියෙන්නෙ ගම්බිර් සර් ?

    ගවුතම් ගම්බීර් : එකම දේ දකින්නෙ මම ඔවුන්ගෙන් අවුරුදු 7,8ක සිට එ තමා විනයක් නැතිකම, දක්ශතාව මදිකම, තරගයක් කියවගන්න බැරිකම, බවුන්ඩ්‍රි ලයින් එකෙන් එලියට හයක් ගහන්න බැරි කම,මානසික දුර්වල කම ඔයා කාරණා වලට අමතරව තාක්ශණික දොෂත් මම දකිනවා..

    නිවේදක : ගම්බිර් සර් අපි දන්නවා ඔබ 2007 T-20 ලෝක කුසලානයේ මට මතක විදිහට ලකුනු 70 ගානක් ගහලා ඉන්දියාවට ජය ගෙන්න ලොකු ලකුනු පුවරුවකට කණ්ඩායම රැගෙන යනවා එ වගෙම තමා 2011 ෆයිනල් එකෙත් ඔබ ලකුනු 97ක් ගහනවා දෙවරක් IPL කුසලානය කොල්කටාවට හිමිකර දෙනවා නායකයෙකු ලෙස.දැන් ඔබ මෙ අවුරුද්දෙ පුහුණු කරුවෙකු ලෙස පැමිණ ගියවර ප්‍රසාද ලකුනු සටහනෙ අඩියෙම සිටි කොල්කටාව මෙවර ශූරයන් කරනවා. මම ඔබෙන් අහන්නෙ සර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දුරය භාර ගන්න කියා ඔබට ආරාධනයක් පැමිනියහොත් ඔබට පුලුවන්ද ඔවුන්ව ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න ?

    ගවුතම් ගම්බිර්: පුලුවන්. හැබැයි මට එත් ඔවුන්ගෙ කණ්ඩායම එපා. ඔබ ආහපු දෙට උත්තරයක් දුන්නහොත් නම් මට ඔනෙ මුලින්ම විනය අංක 1ට, මට ශ්‍රී ලංකා කණ්ඩායමෙ ක්‍රිඩකයන්ගෙ ස්ථාන වෙනස් කිරිම, ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තේරිම,ක්‍රීඩකයන් ආදේශ කිරිම හා 19 පහල 17න් පහල ක්‍රිකට් එකත් එක්ක කණ්ඩායම තේරිම ඇතුළු සම්පුර්ණ ක්‍රියාවලියේ කිහිප පෙලක් සමග කණ්ඩායම ලබා දෙනවනම් මට හැකියි අවුරුදු 3,4ක් ඇතුලතදී ඔවුන් ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න.

    ReplyDelete
  6. එංගලන්ත හිටපු නායක "ඔයින් මෝගන් " SKY sport නාලිකාව සමගින්✋

    මාධ්‍යවේදීයා ÷ ඔබ හිතන ආකාරයට මෙවර ශූරතාවය කාට හිමිවෙයිද?

    මෝගන් ÷ මම හිතන්නේ කණ්ඩායම් වල සංයුතිය අනුව එංගලන්තය - දකුණු අප්‍රිකාව -ඉන්දියාව සහා කොදෙව්වන් අවසන් කණ්ඩාම් හතරට ඒවි..විස්සයි විස්ස තරගයක් එක වයිඩ් පන්දුවකින් වෙනස් කරන්න පුලුවන් ඒ නිසා හරියටම ශූරතාවය දිනාගන්න කණ්ඩායම කවුරුන්ද කියලා නියත වශයෙන්ම කිව නොහැකියි

    මධ්‍යවේදියා ÷ කුඩා කණ්ඩායම් මෙවර ලෝක කුසලානයේදි ප්‍රභල කණ්ඩායම් පරාජය කරනවා
    ඇමරිකාව /ඇෆ්ගනිස්තානය/ බංගලාදේශය ප්‍රභල කණ්ඩායම් පරාජයට පත්කරා ඔවුන් ගැන කුමක්ද කියන්න තියෙන්නේ

    මෝගන්÷ ඒක ඉතාමත් හොද දෙයක් නවසීලන්තය වගේ රටකට එරෙහිව ඇෆ්ගනිස්තානය ලබාගත්ත ජයග්‍රහණය ඉතා හොදයි..මම හිතන්නේ ඔවුන් විශාල බාධක රැසක් සමගින් ක්‍රීඩාකරන්නේ පහුගිය අවුරුදු කිහිපය ඇතුලත ඔවුන්ගේ හොද ප්‍රගතියක් පෙන්නුම් කරා මම හිතනවා ඔවුන් ඉතා ඉක්මනින් ලෝක කුසලානයක් ජයග්‍රහණය කරයි.
    බංගලාදේශ තරගය ගැන කීවොත් ඔවුන් ක්‍රීඩා කලේ දුර්වල ආකාරයෙන් ශ්‍රී ලංකාව කියන්නේ මෙවර ලෝක කුසලානයේදී ඕනෑම කණ්ඩායමකට පහසුවෙන් පරාජයට පත්කල හැකි කණ්ඩායමක්..ඔවුන්ට එරෙහිව අසීරුවෙන් කල ජයග්‍රහණය ඉතා දුර්වලයි

    මාධ්‍යවේදීයා ÷ ඇයි ඔබ ශ්‍රී ලංකාව දුර්වලයි කියන්නේ

    මෝගන් ÷ ශ්‍රී ලංකාව ඉතා හොද ප්‍රභල රටක් නමුත් වර්තමානයේ දුර්වලම කණ්ඩායම ශ්‍රි ලංකාව..මට හිතා ගන්න බෑ මේ ඔවුන්ගේ දක්ශම ක්‍රීඩකයන්ද කියා..ඔවුන්ගේ නායකයාගේ පවා කිසිම නායකත්ව ලක්ශණයක් පෙන්නන්නෙ නෑ..ඔවුන්ගේ මෙවර ක්‍රීඩා විලාශය ඉතා දුර්වලයි.. මට තේරෙන්නෑ අසාර්ථක ක්‍රීඩකයන් දිගින් දිගටම කණ්ඩායමේ තියාගෙන බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා..කෙසේ වෙතත් ඔවුන් ඉතා ඉක්මනින් දක්ශතා අතරට එන්න හැකිවෙයි කියලා මම හිතනවා

    Source - Sky Sports 💙

    ReplyDelete
  7. අවුලක් නැහැ. ඊ ලග පාර world cup එකට අපි යවනවා මාලිමාවෙන් ටීම් එකක්.දෙකක් නැහැ cup එක අරන් එන්නෙ.තව පෝය හතරයි. අනුරයියා ජනපති වුනාම ප්‍රශ්න ඉවරයි. මාලිමාවට ජයවේවා.. 🤣🤣

    ReplyDelete
  8. අද අපේ බෝලිං චේන්ජ් අන්තිමයි. දනා මුල් ඔවර් එකට ලකුණු 3කට විකට් එකක් දානවා. ඊලග ඔවර් එක ඌට දාන්න දෙන්නේ නෑ. තව එක ඔවර් එකක් බලන්න තිබුනා. ඔවර් 6න් පස්සේ දසුන්ව ගෙන්නේ නෑ.. මතීෂව අලුත් බෝලෙන් දාලා ඉල්ලන් කෑවා. අන්තිමට ඩෙත් ඔවර් ටික දාන්න එකෙක් නැති නිසා දසුන්ට දීලා ඉල්ලන් කනවා. මුන් අපිට ක්‍රිකට් එපාම කරනවා. පට්ට දුකයි මේසැරේ නම්😢

    ReplyDelete
  9. අඩෝ, මාතේ, අවුරුදු විසි අටකට ඉස්සර අපි පුංචි කාලේ ලංකාවේ ටීම් ලෝක කුසලාන තරගාවලිය තුල තීරණාත්මකම අවසන් පූර්ව තරගයේදී කණ්ඩායමේ ප්‍රධාන ප්‍රාවණයන් දෙදෙනාම දැවී ලකුනු 0 ට විකට් එකයි එක ලකුණකට විකට් 2 යි. සෙනග ලක්ශයක් ඉන්දියාවේ සපෝට් එකට කොල්කටා ග්‍රවුන්ඩ් එකේ කෑගහනවා.❗❗
    මූනේ කිසිම හිනාවක් නැතිව ගැම්මටම ඇවිත් එක හාදයෙක් ඉස්සරහාට පැනලා හතරේ පාරවල් තුන හතරක් ගැහුවා..!!
    මුලු පිට්ට්නියම සද්ද නැහැ..!! පොර දිගටම ප්‍රතිවාදීන්ට බැට දෙමින් ඔවුන්ගේ මොරාල් එක කඩලා දැම්මා
    අන්තිමට ලංකාව 251/8 ක් ගහලා ඉන්දියාව 120 ට විකට් 8 යි..!! පිටියේ ප්‍රේක්ශක ලක්ෂයකට අධික
    ඉන්දියන් කාරයෝ බලාගෙන ඉන්න බැරිම තැන කේන්තියෙන් පුපුරමින් තරහට පිටියට වීදුරු බෝතල් විසිකෙරුවා..!!
    අපිට ක්ලයිව් ලොයිඩ් මහත්තයා දිනුම දුන්නා..!!

    මම ගොඩක්ම පොඩියි එතකොට..😊

    ඒතමයි අපි සජීවීව බලපු ක්‍රිකට්. අපි ඒ දවස්වල හරිම "වාසනාවන්ත මිනිස්සු" කියලා රටින් පිට ඉඳගෙනත් ඇම්මට ක්‍රිකට්හි ක්‍රීඩාවට ඇබ්බැහිව සිටින අපට තාමත් හිතෙනවා!!

    ඒත් ඒ ඇයි..!!

    ඒ ලංකාවේ පිනට උපන් අරවින්දය යි.❤

    එපමණයි. කීමට වෙන කිසිවක් නොමැත..♥

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      අනිව බන් දැන් යැව්වත් ඉන්න ලොන්තරයන්ට වැඩිය දෙයක් කරල එයි ❤

      Delete
  10. ක්‍රිකට් ටීම් එකේ ඔක්කොටම dressing room එකට ගෙනල්ලා කුකුල් චමින්දට කියල බත් කට කට කව්වන්න ඕන..

    (උපුටා ගත්තකි)😂

    ReplyDelete
  11. නුවන් තුශාරයි, පැතුමයි පව්. USA හරි Canada හරි ටීම් එකක් උන් දෙන්නව ගත්තනම් දුකක් නෑ..😏😏😏 එන එන රැල්ල එක්ක ගිහින් මේ රැල්ලත් එක්කත් යන ඔයගොල්ලන් වගේ ඡන්දදායකයන් තමයි ලංකාවට මේ විනාශය සිදුකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන පිරිස. ඔබ වැනි ජනප්‍රියවාදීන් සමග යන දේශපාලන පක්ෂයකට කළ හැකි කිසිදු වෙනසක් නැත. මන්ද, ඔබ වැනි අයට කිසිදු ඉවසීමක් නැත. 2020දී ගෝඨාභය අනවශ්‍ය ලෙස රට වසාගෙන සිටින විට අපි එහි ප්‍රතිඵලය දරුණු ආර්ථික අර්බුදයක් බව පෙන්වා දුන්නෙමු. එහෙත්, මුළු රටම එම වැසීමට පක්ෂ විය. එසේ කළා නම්, ආර්ථික අර්බුදය එන විට එයින් ගොඩ ඒමට පාලනයට උදව් කළ යුතුව තිබිණි. ඒ වෙනුවට විපක්ෂය විසින් කරන ලද ඇත්ත හා බොරු දෙකෙන්ම සමන්විත ප්‍රචාරක රැල්ල සමග ගොස් ඔබ කළේ කිසිදු ඉවසීමකින් තොරව ආණ්ඩු පැන්නීමේ ඊනියා අරගලයකට උර දීමයි. බල ලෝභීන්ගේ ගැටවලට අහු වන ඔබ වැනි මෝඩ ඡන්දදායකයන් සිටින තාක්කල් ලංකාවට ගොඩ ඒමක් නැත.

    ReplyDelete
  12. ලංකාවේ ක්‍රිකට් ඉස්සර දකුණු ආසියාතික රටවල තිබුණ හොඳම කළමණාකරණය තිබුණ රට වුණා, ලංකාවේ ක්‍රිකට් ඒ දවස්වල එංගලන්තය නවසීලන්තය දකුණු අප්‍රිකාව වගේ රටවලටත් වඩා හොඳට පාලනය වුණා ලංකාවට වඩා හොඳට තිබුණේ ඕස්ට්‍රේලියාව පමණක්ම වගේ නමුත් දැන් ඉන්දියාවෙන් ලංකාවට ඉගෙනගන්න වෙලා තියෙනව නේද?

    භාරතීය දේශය කියන්නේ අමුතුම තැනක් භාරතය

    -ගවයන්ට වඳිනවා ඒවගේම 10 වෙනියට වැඩියෙන්ම හරක් මස් අපනයනය කරනවා

    -ජෙට් යානා වල රෝද වලට දෙහි ගෙඩි තියෙනවා ඒවගේම තමන්ගෙම කියලා ජෙට් යානා ඉන්දියාවෙම හදනවා. දැන් හඳට යානාත් යවනවා

    -අළුත් නවීන පාර්ලිමේන්තුවක් හැදුවා හින්දු බමුණු පූජකයන් පිරිවරාගෙන ගිහින් ඒක විවෘත කරනවා

    -ඇමරිකාවත් ලස්සනට බැලන්ස් කරනවා රුසියාවත් ලස්සනට බැලන්ස් කරනවා. චීනය එක්ක BRICS එකෙත් ඉඳගෙන ඇමරිකාවට එරෙහිව පවතින කඳවුර සමගත් එකතුයි, ඒ වගේම බොරු බටහිර විරෝදයක් ඇමරිකන් එක්සත් ජනපදයට එරෙහිව හදාගෙන දඟලන්නෙත් නෑ

    ලංකාවේ ජනතාවට ඉන්දියාවෙන් සෑහෙන්න ඉගෙන ගන්න දේවල් තියෙනවා

    ReplyDelete
  13. මාලිමාවෙ රජයක් යටතේ SLCB වෙනුවට සී/ස ක්‍රිකට් සමූපකාරයක් හදමු සහෝදරයා . මාලිමාවන්ට ජයවේවා 👌

    ReplyDelete
  14. මාතේ දසුන් ශානකව නායකකමින් ඉවත් කරන්න එපා කියලා අපි කට කැඩෙනකං කිව්වා.

    බංකොලොත් වෙච්ච ටීම් එකක් මිනිහා කොහොමහරි එකට ගැටගහගෙන ටිකක් හරි ඉස්සරහට අරං ආවා. ඒත් උඹලා "පිං කැපා"යි අරකයි මේකයි කියලා ඌව එලෝගෙන අමු මැට්ටො දෙන්නෙක්ව ගෙනාවා.

    දැං උඹලා බංකොලොත් වෙච්ච රටක් අමාරුවෙන් ගැටගහගෙන යම් තැනකට අරං ආපු මිනිහටත් "පිං පියා"යි අරකයි මේකයි කිය කිය කරන්න හදන්නෙත් දසුන්ට කළ දේමයි. ලස්සන වැඩේ කියන්නේ මෙතැනදිත් උඹලට මිනිහව එලවලා ගේන්න අර ජාතියෙම දෙන්නෙක් ඉන්න එක!😀

    ReplyDelete
  15. ලෝකෙ sport teams ඔහොම තමයි. කාලෙකට වැඩ දානව කාලෙකට චොර වෙනව. බ්‍රසිල් Football team එක පේන් නැද්ද. එච්චර ගනන් ගත යුතු දෙවල් නෙවෙයි බං ඕවා

    ReplyDelete
  16. දසුන් ලස්සනට ටීම් එක හදාගෙන ඇන්ජලෝලා විනාශ කරලා තිබ්බ ක්‍රිකට් ආයෙ බලන්න පුළුවන් තත්ත්වෙට ගෙනාවා..ගොං සූදු ශම්මියව රකින්න ආපු අලුත් ඇමති කියන වස්සා පත් කරපු ගොබ්බ තේරීම් කමිටුවෙ ගොං තීරණ වල ප්‍රතිඵල දැන් පේනවනෙ...වන්නින්දු කියන්නෙ නායකෙයෙකුට තියා පන්තියෙ මොනිටර් කමකටවත් හොන්ඳ නැති කිසිම නායකත්ත්ව ලක්ශණයක් නැති, කටට එන දෙයක් ඔහේ කියවන වෘෂබයෙක්. ඌ දක්ෂයි උගෙන් වැඩ ගන්න පුළුවන් නායකෙක් යටතෙ ඉන්න ඕනා..මිසක් නායකයා වෙන්න නෙමේ.. ඇන්ජලෝ කියන බෝනගෙන් කාරයා සෝෂල් මීඩියා කැම්පේන් කරලා, ශම්මිට ගොටු අල්ලලා ආයෙ ටීම් එකට රිංග ගත්තා. වනිඳු කියන්නෙ උගෙ රූකඩයක් විතරයි.. කුසල් මෙන්ඩිස් කියන ගොබ්බ හාල් පාරුවා ගැන දැන් කතා කරලා ඇතිවෙලා තියෙන්නෙ. ඌ ගැන කතා නොකරම ඉන්නාම. ඕකගෙන් අද ඇහුවත් කියයි ක්‍රිකට් දන්න අය අපිත් එක්ක ඉන්නවා කියලා.. අර්ජුන මේ හැම දෙයක්ම දැක්කා, මේවා මෙහෙම වෙන බව දැක්කා.. එහෙම දැකලා ඒවා වෙනස් කරන්න උපරිම සටනක් දුන්නා.. අන්තිමට සූදු කාරයො ඇමතිටත් වඩා බලවත් කියලා ඔප්පු කරා...

    ReplyDelete
  17. මහේල ඔය ටීම් එකේ උපදේශකයෙක්ලු නේද? ලක්ෂ ගානක් පඩි ගන්නවලු. කෝ දැන් එයා? තාම මුම්බායි වල ද?

    ReplyDelete
  18. මාතා සහ සෙන්නා

    මගේ අදහස මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ අපි ක්‍රිකට් පැත්තකටම දැම්මත් මේ කොලිටියේ පරිහානිය මුළු රටේම තියෙන එකයි. ඒකෙ ප්‍රතිඵල දකිනකොට අපි ගොඩක් පරක්කු වැඩි වෙන එකයි.

    ක්‍රිකට් බැලිල්ල නැවැත්තුවා වුණත් ඒ ප්‍රශ්නය ඊට වඩා ගොඩක් භයානකයි. මම නම් හිතන්නෙ ලංකාව කෙමෙන් කෙමෙන් ඔහොම ආකල්ප,ක්ලාස් එක අතින් පහල මට්ටමකට යමින් සිටින පරිහානි වෙච්ච රටක්.වෙනස දැන් සෝශල් මීඩියා නිසා ඒවා එලියට පේනව හයිලයිට් වෙලා.

    ක්‍රිකට් ක්‍රීඩකයන් විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාවගේ සිට රටේ තීන්දුව තීරණ ගන්න නිලධාරීන් සහ දේශපාලන නායකයන් දක්වා තීරණය කරන්න ඕන කාරෙකෙං සල්ලිවලින් ඇඳුමෙන් ක්ලාස් එක මනින්න බෑ. ඒක සල්ලි වලට ගන්නත් බෑ. අසූව සහ අනූව දශකවල සහ මීට දශකයකට පමණ කලින් හිටපු ක්‍රීඩකයෝ ලොකු සීන් නොදැම්මත්, ලොකුවට නොදින්නත් අපි ලොකු ක්ලාස් එකක්, එනම් වැදගත්කමක් දැක්කා. අපි හදවතින්ම ගරු කළා.

    දැං ඉන්න පෝෂ පැදල පොෂ් වෙන්න යන උංගෙ ඇඟේ රට නියෝජනය කිරීමේ හැඟීමවත් නෑ! එහෙම වගකීමක් තියෙන එකා ගැහිල්ල කොහොම වෙතත් අඩුගානේ පිළිවෙලට වැදගත් විදියට team photo එකට, ටොස් එකටවත් ඉන්නවා. බාල මානසිකත්ව බාල ඩිසිප්ලින් එක්ක මළාට පෆෝමන්ස් ගන්නබෑ.

    රටේම ආකල්ප, class, quality පරිහානි තමයි ක්‍රිකට් ටීම් එකෙනුත් එළියට එන්නේ! රටේ පරිහානිය තාම අපට නොදැනුනාට නොපෙනුනාට ටීම් එකෙන් ඒව පැහැදිලිව පේනව!!!!

    ReplyDelete
  19. සෙන්නා ලංකාවේ තරුණ පරම්පරාව තුළ අභිමානය ගෞරවය දේශානුරාගය සදාචාරය වැනි තිබිය යුතු වටිනා චෛතසික ස්වභාවයන් සමහර පක්ෂ හා කණ්ඩායම් විසින් ඉවත් කරනු ලැබුවා.අප එහි ප්‍රතිඵලයන් සමාජයේ සෑම ඉසව්වකින්ම භුක්ති විඳිමින් සිටින බව මෙයින් පෙනෙනවා

    නමුත් ඉන්දියාවේ එම තත්ත්වය දක්නට තිබෙනවාද? බලන්න සෞරව් ගංගුලි ලංකාවේ ක්‍රිකට් ගැන ඔය සම්බන්ධව පැහැදිලි කිරීමක් කර තිබුණා.

    මෙතන ඊට අමතරව තව දෙයක් තියනව මේ ක්‍රිකට් වල දැං තියෙන තත්වෙ ඇවිල්ලා රාජ්‍යසේවක අයිස් ගැහිල්ලලෙම දිගුවක්. ජොබ් එක ස්තිරයි පඩිය හොඳයි දීමනා හොඳයි පේ‍රෂර් එකක් නෑ තරඟයක් නෑ. ෙජාබ් එක පවත්වගෙන යන්න කරන්න ඕන අවම වැඩ ප්‍රමානෙ කලාම ඇති.

    අනිත් උං අයිස් ගහනවනං අපි විතරක් මහන්සි වෙනනෙ මොකටද?
    පස්ස ඉරං ක්‍රිකට් ගහන්න ඕන නං මෙච්චර කට්ට කාල ජාතික කන්ඩායමට එනවයැ. එහෙනං හැමදාම ක්ලබ් ප්ලේ කරනවනෙ කියන මානසිකත්වය ඔය තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි..උන් දන්නවා මොන පිස්සුව කළත් දවස් අන්තිමට ගාන ෂුවර් කියලා..

      Delete
  20. ලෝක කුසලානයට ලබා දී තිබෙන තනතීරු කියවා ගැනීමට අපහසු බවට චරිත් අසලංක කියූ කතාව ඇත්ත.

    ඇමෙරිකාවේ අලුතෙන් සාදා තිබෙන මේ තනතීරු, ලොව සෙසු ක්‍රිකට් තනතීරු වලින් වෙනස්.

    ලොව වෙනත් ඕනෑම රටක තනතීරු ඒකාකාරියි.

    එක්කො ඒවා පැතලියි. පන්දුව පිත්තටම එනවා. ලකුණු ගැනීම පහසුයි.

    ඇතැම් තනතීරු වල තෘණ ස්වභාවය වැඩියි. එවිට ඒවායේ වැඩි දෝලනයක් සහ ඉපිලීමක් තිබෙනවා.

    තවත් තනතීරු වල ඉරි තැලීම් තිබෙනවා. ඒවා දඟ පන්දු යවන්නන්ට උචිතයි.

    ඇතැම් විටෙක ඒ කඩතොලු පින්න සමග යළිත් එක් වී පිතිකරුවන්ට උචිත තත්ත්ව නිර්මාණය කළ හැකියි.

    ඒ කුමන ආකාරයේ තනතීරු වූවත්, ඒවායේ හැසිරීම පිළිබඳව නිශ්චිත අදහසක් තරගයකට පෙර සිටම ක්‍රීඩකයන්ට තිබෙනවා.

    නමුත් ලෝක කුසලානය ක්‍රීඩා කරන මේ තනතීරු වෙනස්.

    මේ තනතීරු වල එක්වරම පන්දුව දඟ කැවීමට ගන්නවා.

    එක්වරම පන්දුව දෝලනය වෙනවා. එක්වරම පන්දුව ඉපිලෙනවා.

    මේ තනතීරු වල තත්ත්වයන් ක්ෂණයෙන් වෙනස් වෙනවා

    මෑතක පැවැති තරග බැලුවොත් ලකුණු 80 - 110 සීමාවේ කඩුලු පහ, හයක් බිඳ වැටීම සුලභ දසුනක් වුණා.

    මේ සමාන්‍ය ක්‍රිකට් තනතීරු වලට වඩා වෙනස් තත්ත්වයක්.

    මෙවැනි තනතීරු ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට උචිත නොවන බවට කිසිඳු සැකයක් නැහැ.

    ඒ අර්ථයෙන් බලනවිට මේ අසාර්ථක ලෝක කුසලානයක්.

    ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ ප්‍රචාරය කළ යුතු වූවත්, ප්‍රධාන ICC තරගාවලියක මූලික ක්‍රීඩා තත්ත්වයන් හෝ නඩත්තු කළ නොහැකි නම් එය අසාර්ථකයි.

    නමුත් එය කිසිසේත්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලැජ්ජා සහගත පරාජයන්ට නිදහසට කරුණක් ද නොවෙයි.

    බංග්ලාදේශ තරගය වුනත් ශ්‍රී ලංකාව අතහැරියේ දසුන් ශානක යැවූ ෆුල්ටොස් පන්දුවකින්.

    එය තනතීරුවේ පතිත කර යැව්වා නම් කුමක් හෝ වෙනසක් සිදුවීමට පවා ඉඩ තිබුණා.

    තරගයක අවසන් භාගයේ මෙවැනි තනතීරුවක ලකුණු හතරක්, පහක් වුනත් පහසු ලකුණක් නොවෙයි.

    ඊයේ පැවැති ඉන්දු - පාකිස්තාන තරගයේ දී එය පැහැදිලි වුණා.

    ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශයට කිසිඳු නිදහසට කරුණක් කිව නොහැකියි.

    එය හුදෙක්ම ඔවුන්ගේ වැරදි තීරණ, වගකීම් විරහිතභාවය සහ කුසලතා හිඟකමේ පරාජයක්.

    නමුත් අවම වශයෙන් නිවැරදි තනතීරු හෝ ලෝක කුසලානයට සපයා තිබුණා නම්, ලෝක කුසලානය මීට වඩා බොහෝ උද්වේගකර එකක් වීමට තිබුණා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න