.

.

Jun 27, 2024

අසුභවාදීන්ගේ සුභවාදී ප්‍රාර්ථනා....

 



අසුභවාදීන්ගේ
සුභවාදී ප්‍රාර්ථනා....
➖➖➖➖➖➖➖⭕

🔶 ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්න ගොබ්බසේනලා කියන්නේ... ඇමරිකන් ඩොලර් බිලියන 80 ක්ව තිබූ ණය දැන් ඇ.ඩො.බි. 100 ක් වෙලාය කියලාය.

🔶 ගිණුම් වාර්තාවල ඇතුලත් නොවී මේ බංකොලොත් රටට ඇ.ඩො.බි. 20 ක් ආයෙත් ණයට ගන්න පුලුවන් උනා නම්, රනිල්...., රාජපක්ෂලාටත් එහා වැඩ කරුවෙක්මය.

🔶 ආතල්ම කරුණ නම්, මේ වදකහ ගොබ්බයෝ හිතන්නේ, ඇමරිකානු ඩොලර් බිලියන් වලින් කියන නිසා, මේ ඩොලර් බිලියන 80 ම ෆොරින් ඩෙබ්ට්ස් හෙවත් විදේශ ණය කියලාය.

🔶 එහෙත් ඇත්තම කරුණ නම් ගැටලුවකට ඇත්තේ, ද්වීපාර්ෂවික හා ද්වීපාර්ෂවික ණය ඇ.ඩො.බි. 10 ක් සහ වානිජ් ණය හෙවත් ජාත්‍යන්තර බැඳුම්කර හෙවත් මචංලාගෙන් ලබා ගත් ඇ.ඩො.බි. 15 කට ආසන්න ප්‍රමාණයක් සඳහාය.

🔶 ඊට හේතුව, මේ බංකොලොත්භාවය අස්සේත් රජය විසින් බහුපාර්ෂවික ණය ගෙවමින් සිටිනා බැවිනි. රනිල් සුභ ආරංචිය ගෙන ආවේ ද්වීපාර්ෂවික ණය හිමියන් හා ඇතිකරගත් එකඟතාවය ගැනය.

🔶 ආන්ඩු විරෝධී අමන වදකහ ගොබ්බයන් මක්කා කීවද, එය වසර දෙකක් තුල අත්පත් කරගත් විශේෂ ජයග්‍රහණයක් බව IMF සංවිධානය පිලිගෙන අවසානය.

🔶 ලංකාවේ ආර්ථිකය ගැන තව්සන් ටොක් ඉෂූ කරනා දේශපාලුවන් අතරින් ඒ පිලිබදව යම් කිසි දැණීමක් ඇත්තේ, හර්ෂ ද සිල්වාට හා පාඨලීට පමණි. ජේ වී පී එකේ ඉන්නේ ලෝකල් කැම්පස් ඩිග්‍රී ලබාගත් ඉටිකොල ඩිග්‍රි කාරයෝය.

🔶 එයින් හර්ෂ ද සිල්වා හිතාගෙන ඉන්නේ... IMF එක හොයාගත්තේ බුවා කියලාය. 1950 පටන් ගත්ත IMF එකෙන් අපි ලෝන් දාන්නේ 1965 ඉඳලාය. එතකොට හර්ෂ බුවා අප්පගෙ ඇටෙත් නැතිය. අනික මීට කලින් 16 වතාවක් IMF එකට ගියේ... උන්නැහේට හෝ උන්නැහේගේ ආච්චිට කියලා වෙන්නට ඇතිය.

රටට කෙලවෙන තෙක් බලා සිටිනා මේ වදකහ ගොබ්බයින්...

🔴 මුලින්ම කිව්වේ IMF ලෝන් එක ලැබෙන්නේ නැහැ කියලාය. හැබයි ලැබුනේය.

🔴 ඊළඟට කිව්වේ 2 වන වාරිකේ ලැබෙන්නේ නෑ කියලාය. ඒකත් ලැබුනේය.

🔴 ඊට පස්සේ සපත කර කීවේ... තුන නම් කීයටවත් හම්බ වෙන්නේ නෑ කියලාය. හැබයි එහෙම කියනා උන්ට තුනත් නැති බව පෙන්වමින් තෙවන වාරිකයත් ලැබුනේය.

🔴 රෙද්දේම රෙවීමෙන් ඉනික්බිති කිව්වේ. ලැබෙන්නේ ඔච්චරම තමා. චීනෙවත්, පැරිස් ක්ලබ් එකවත් නෙගෝෂේට් කොරගන්න සංසාරේ බැරිය කියලාය. දැන් ඒකත් කරගෙන සතිංඤ්ඤා දමා කිරිබත්ද කා අහවරය.

😁 දැන් මුන් කියන්නේ දරුණුම ගේම තියෙන්නේ මචංලාගෙන් ගත්ත ණයත් එක්කය. උන් ඒවාට නඩු දාන්න යනවාය කියලාය. සමහර විට ඒ නඩුවල ලීගල් ඇඩ්වයිසර් හර්ෂ ද සිල්වා හා හඳුන්නෙත්ති හාදයා වෙන්න ඇතිය.

👍 රනිල් හා ෂෙහාන්, ඒකත් ගොඩ දා ගත්ත දවසට මුන්ට නඩුවක් බලාගන්න වෙන්නේ... අළුත්කඩේට ගොස් නොව, තලවතුගොඩ පැත්තේ හෝ ජුලියානා එක පැත්තේ ගිහිල්ලාය.

ඒ වගත් මෙසේය.......

27 comments:

  1. කතාව ඇත්ත, හර්ෂ ද සිල්වා නම් මෙලෝ රහක් නැති ජෝකර් කෙනෙක් හරියට බැලුවොත් ෆ්රේඩී සිල්වා ඊට වඩා වැදගත් විදියට කතා කරන පොරක්

    මට පරණ කතාවක් මතක් වෙනව

    දවසක් වයසක කෙනෙක් හමුවෙන්න ආපු තරුණයෙක් මෙහෙම අහනවා "ඔබතුමාට මාව මතකද?"

    "නෑ. කවුද ඔයා?"

    "මම ඔබතුමාගෙ ශිෂ්‍යයෙක්."

    "හා එහෙමද. බොහොම හොඳයි. ඔයා මොනවද කරන්නෙ දැන්?"

    "මම ගුරුවරයෙක්."

    "හොඳයිනේ. මම වගේ?"

    "ඔව්. ඇත්තම කිව්වොත් මම ගුරුවරයෙක් වුණේ ඔබතුමාව ආදර්ශයට අරගෙන."

    "ඇත්තද? ඒ කොහොමද?"

    "දවසක් ඉස්කෝලෙ අපේ පංතියේ ළමයෙක් ලස්සන අත් ඔරලෝසුවක් ගෙනාවා. ඒ ගැන ආසාවක් ඇතිවෙලා මම ඒක හොරකම් කළා. ඊටපස්සෙ ඒ ළමයා ඔබතුමාට පැමිණිලි කරලා ඔබතුමා මෙහෙම කිව්වා. 'පංතියෙ ළමයෙකුගෙ ඔරලෝසුවක් නැතිවෙලා තියෙනවා. මම දැන් හැමෝවම පරීක්ෂා කරනවා. හැමෝම තමන්ගෙ පුටුවලින් නැගිටලා ඇස් පියාගන්න' කියලා. මමත් නැගිටලා ඇස් පියාගත්තා. ඔබතුමා එක එක්කෙනා පරීක්ෂා කරගෙන ආවා. ඇවිත් මගේ සාක්කුව පරීක්ෂා කළාම ඒකෙ ඔරලෝසුව තිබිලා ඔබතුමා සද්ද නැතුව මගේ සාක්කුවෙන් ඔරලෝසුව අරගෙන අනිත් අයත් දිගටම පරීක්ෂා කරගෙන ගියා. අවසානෙට ඔබතුමා කිව්වා 'හරි ඔරලෝසුව හම්බවුණා, දැන් හැමෝම යන්න' කියලා. එදා තමයි මම තීරණය කළේ මම ඔබතුමාව ආදර්ශයට අරගෙන ගුරුවරයෙක් වෙනවා කියලා."

    "බොහෝම හොඳයි. පුතා, මට ඒ සිද්දිය හොඳටම මතකයි. ඒ ඔරලෝසුවත් මතකයි. ඒ වුණාට මට ඔයාව මතක නෑ. මොකද මමත් හිටියෙ ඇස් පියාගෙන."

    පරණ කතාවක් වුණත් ඒ කතාවේ හැටියට පැරනි ගුරුවරයා ගුරු දෙවියෙක්, අලුතින් ගුරුකමට ඇවිත් ඉන්න හාදයා අමු හොරෙක්.

    ReplyDelete
  2. අඩෝ මාතා ලංකාවේ දැනට පවතින තත්ත්වය අනුව රටේ ජන ජීවිතය අඩාල වෙන තරමට කාලකණ්ණි ජෙප්පෝ කියන මාලිමා මීහරක් හැත්තට පාඩුයි..... රට කපටි ලෝකෝත්තර රනිල් මුත්තාට වාසියි... එහෙම තමයි අපට පිටින් පේන්නේ.. උඹ ලංකාවේ ඉන්න නිසා වැඩිය හොඳට පේනවා ඇති.

    ReplyDelete
  3. ජවිපෙ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ආර්ථික අර්බුදයට ඇති උත්තර වන්නේ ණය ගැනීම, බදු දීම, ජාතික සම්පත් විකිණීම බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස සහෝදරයා පැවසුවා.

    ජවිපෙ මූලිකව ඇතිකර ගන්නා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්ද මීටත් වඩා වැඩියෙන් විදේශ ණය ගන්නා බවත් නමුත් ඒ රට ගොඩනගන සමාජවාදී සැලැස්මකට අනුකූලව බවත් නලින්ද ජයතිස්ස සහෝදරයා පැහැදිලිවම ප්‍රකාශකළා.

    එහිදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළුව ද්විපාර්වීය හා බහු පාර්ශ්වීය විදේශ ණය ලබාගන්නා බවත් ඔහු සඳහන් කළා.

    ReplyDelete
  4. අමන ජෙපි රැල මේ හදන්නෙ 77/88/89 නැටූ නාඩගමේ තුන්වෙනි එපිසෝඩ් එක රගන්නය. 2000 න් පස්සෙ ඉපදුනු, රටේ යුද්ධයක් තිබුනේදවත් නොදන්න, කුඩාරම්වලට රිංගගෙන බුරියානි ගිලලා රති කෙලියකුත් කර්ගෙන් ආපු උන් අද මාලිමාමට ජය වේවා කිය කිය බූමිතෙල් වැදුන ගැරඬි වගේ දුවනවා.. මොනවා හරි කිව්වොත් කුනුහරුපෙන් බනිනවා, ළඟ පාතක හිටියොත් මරලා දානවා. ඒ තරම් තත්ත්වෙ භයානකයි...මුන් ආයෙත් නටන්නෙ තරුණ පරපුර අල්ලගෙන, උන්ව ගොනාට අන්දගෙන පරණ සෙල්ලම කරන්න...බුද්ධි අංශ 2019 දි වගේ ඩෝං ගානකම් නිදාගෙන ඉන්නැතුව ටිකක් හොයලා බලන්න තියෙන්නෙ රටේ දැන් මොනවද වෙන්නෙ කියලා..

    ReplyDelete
  5. වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණයේ ඉඳලා වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගියාට පස්සේ දුමින්ද සිල්වාට සෙට් වෙලා කියලා කියන්නේ ඇත්ත ද මාතලන්?

    ගුරු වැඩවර්ජනයත් විකාරයක් වෙලා ගියේ මට නම් හිතෙන්නේ දැන් ඉන්න ටීචලා අවදානේ ගන්න ප්‍රසිද්ධ වෙන්න තමා ඕවා කරන්නේ කියලා, අනික දැන් කාලේ තමා ළමයින්ට සෙනෙහසින් කතා කරන්නේ අපි ස්කෝලේ යද්දි ඔහොම නෑ. හැම වෙලේම කෑ ගහපු ගමන්. මාර විදිහට ගුටි කෑවා නොකරපු දේවල් වලට. ගහන්න බලාගෙන ඉන්නේ, දවසක් මට 7 වසරේ වගේ ඉද්දී මැඩම් කිව්වා ගිහින් රතු පෑනක් ඉල්ලගෙන එන්න කියලා එහා පන්තියෙන් සර් ගෙන්. ඒ සර් උගන්වන ගමන් හිටියේ. නම් කියන්නෑ මම. මම ගිහින් පෑන ඉල්ලගෙන එන්න කියලා කිව්වාම ඒ සර් සාක්කුවේ තිබුන පෑන පහත්වෙලා කිව්වා ගන්න කියලා. මම සාක්කුවෙන් ගන්නකොටම කනට ගැහුවා ටීං ගාලා 😂. කවුද කිව්වේ සර්ගේ සාක්කුවට අත දාලා පෑන ගන්න කියලා. අනේ ඉතින් තව දෙක තුනක් ගැහුවා. පට්ට ලැජ්ජයි. වෙන පන්තියක නිසා. කාලය ගෙවිලා ගිහින්, දවසක් මම බාර් එකට යද්දි ඒ සර් කාරයා ඉන්නනවා බුලත් විට කාලා කාලා බීලා කවුරු හරි ආවාම බොන්න බලාගෙන එකතු වෙලා. මාව අදුර ගත්තේ නෑ. මට හිතෙන්නේ සර් කාරයා දන්නවා එයා දන්න කවුරු හරි ස්කෝලේ ගෝලයෙක් එයි කියලා බාර් එක ලගට. ඔය එකක්. අනිත් අයත් එහෙමයි. නැති බැරි එකා තැලුවා, කොහේ වැරැද්දකට නැති බැරි එකා අහු උනා. මුලින්ම නැති බැරි එකාගෙන් හොයන්න පටන් ගත්තා. තමන්ගේ ලමයි. නෑදෑවෙන ලමයිට බැලුවා, උත්සව ඉවර උනාම ඒ කෑම තිබුන කාමර වල තමන්ගේ උන් එක්ක ගිහින් කන්න දුන්නා. තමුසේ නිසා මේ ලමයි හදා ගන්නත් නෑ කියලා හැමදාම බැන්නා. මම උන්ට කරපු දේකුත් නෑ. ඒ කතාව මට අද වගේ මතකයි. මම තරහා නෑ එයාලා එක්ක. මොකද මගේම උනන්දුව නිසාම අද මම හොඳ තැනක ඉන්නවා ව්‍යාපාර කරලා උත්සාහ ගත්ත නිසා ජාතක පොතේ උට්ඨානවීර්යය ගැන තියෙන කතාවලින් ලබපු උත්තේජනය නීසා.

    ReplyDelete
  6. ඔහොම තමයි බන් මාතේ දකුණු පලාතේ මිනිස්සුන්ට ලංකාවේ අනිත් පැති වල මිනිස්සු එච්චර කැමති නැති බව කතා කරද්දි ඉබේටම පේනවා.

    ''අපෝ එයා බෙන්තර ගඟෙන් එහා පැත්තේ. මාර කපටියි ඒ මිනිස්සු''

    ''ඔය ගාල්ල, මාතර පැති වල ගෑනු අය හරි සැරයි. මම නම් කතාවට වත් යන්නේ නැහැ''

    ''ඔය පැතිවල ඉන්නේ වශී ගුරුකම් දන්න අය. පරිස්සමෙන් ආශ්‍රය කරන්න''

    ''බලන්නකෝ අනේ කතා කරන හැටි. ශුවර් එකට දකුණේ එකෙක්''

    ඇත්තටම මට ඔය වගේ කතා ඕනේ තරම් අහන්න ලැබිලා තියෙනවා. අනිත් එක කවුරුහරි කෙනෙක් නිසා රටට අපකීර්තියක් ඇති වෙනවා නම් සහ ඒ මනුස්සයා දකුණේ නම්, හැමෝම කියන්නේ.

    ''ඔය දකුණේ උන් ඔහොමමයි'' කියලා.

    හැබැයි ඒ දේම කරන වෙන කෙනෙක්ට බැන්නට එයාගේ පලාත එතනට අදාල කරගන්නේ නැහැ. ඇත්තටම අපි කවදාවත් අහලා නැහැනේ ''ආපෝ ඔය බස්නාහිර උන් ඔය වගේ තමයි'' වගේ කතා.

    ඔය හේතුව හින්දමද කොහේද දකුණේ මිනිස්සු කොහේ හිටියත් හිත යටින් දකුණට සපෝට්. අනිත් අය හැමවෙලේම දකුණ හෙලා දකින්න දකින්න, දකුණේ මිනිස්සුන්ට තමන්ගේ පලාත ගැන තියෙන ආදරේ වැඩි වෙනවා. උදාහරණයක් විදියට කොහේදි හරි අපිට දකුණේ කෙනෙක් මුණ ගැහුණම හෙනම සමීප ගතියක් දැනෙන්නේ. හරියට පිට රටකදි ලංකාවේ කෙනෙක් දැක්කා වගේ.

    ඇත්තටම මිනිස්සු දකුණේ අයට අකමැති ඇත්ත කතා කරන කියන්න තියෙන දේ මුණට කියන කන්න බොන්න දෙන්න ලොබ නැතුව රහට හදන මිනිස්සු තමා දකූණෙ ඉන්නේ සමහරු ව්‍යපාරය කරන්නේ දකුණේ නොවුනත් දකුණෙ නම දාගෙන මොකද කොච්චර මිනිස්සු බැන්නත් දකුණේ දේවල්වලටම තමයි කැමති ❤️💓❤️💓

    ReplyDelete
  7. බිස්නස් එකක් පවා ඔය විදිහමයි. ඕනේම දෙයක යුග තුනක් තිබේ.පළමු යුගය වනාහි බොහෝ කැපකිරීම් මැද නොකා නොබී අඩුපාඩු මැද ගොඩනගන යුගයයි...ඒ ගොඩනගන අයගෙන් පසු පරපුර ඔවුන් විදිනා දුක දකී.ඔව්න් ගොඩනැගූ දෙය මුදුන්පත් කරන්නට මේ පරපුර වෙහෙසෙති.එසේම ඒ දේ උපරිමයටම ගෙනයයි.ඊලග පරපුර වනාහි එය විනාශ කරන පරපුරයි.කිමද ඔවුන් එහි ප්‍රතිඵල භුක්ති විදින පරම්පරාව මිස ඔව්න් එහි අගය නොදනී.

    ක්‍රිකට් ලෝකයේ සැබෑම පුරාවෘත්තයක් වූ මිස්ටර් ප්‍රසිඩන්ට් හෙවත් මොහොමඩ් නබීගේ ජීවිත කතාව මේ වෙනකොට හැමතැනම කතාවෙනවා.
    සරණාගත කඳවුරක ක්‍රිකට් ආරම්භ කරලා, හරිහමන් උපකරණ පවා නැතුව ලෝකශූර ඔස්ට්‍රේලියාව පරාජය කරනතෙක් ආපු දුර දුෂ්කර ගමන ගැන ලියවුන කතා.
    ශ්‍රීලාංකීය ක්‍රිකට් ගැනත් මෙවන් කතා සුලභව ලියවුන අවධියක් තිබුණා. අද ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිටින තැන එදා ශ්‍රීලංකාවත් සිටියා.
    ක්‍රීඩකයන්ට රැකියා සොයාදී, ගෙදර නවත්තගෙන කන්න බොන්න දීලා ක්‍රිකට් ගස්සපු නායකයන් ලංකාවට හිටියා..
    දැන් ඒ යුගය අවසන්.

    " දුෂ්කර යුගයන් ශක්තිමත් මිනිසුන් බිහිකරයි, ශක්තිමත් මිනිසුන් සුවපහසු යුගයන් උදාකරයි, සුවපහසු යුගයන් දුර්වල මිනිසුන් බිහිකරයි, දුර්වල මිනිසුන් නැවත දුෂ්කර යුගයන් උදාකරයි"

    උවමනාව කැපවීම නැති තැන දුෂ්කර වෙන බව අමුතු විද්‍යාවක් නෙවේ. ලාංකීය ක්‍රිකට් දැන් ඇදීයන්නේ, සුවපහසු යුගය ගෙවූ සහ ගෙවන දුර්වල මිනිසුන් ගොඩ නගන දුෂ්කර කාලය වෙත...

    එතකොට ඔස්ට්‍රේලියන් ටීම් එක හැමදාම හොඳට ඉන්නෙ කොහොමද? 🤔🤔

    ReplyDelete
    Replies
    1. ඒ උන්ට කුසල් මෙන්ඩිස්ලා වගේ බේබදු, වැඩ බැරි, ඒත්හැමදාම ටීම් එකේ ඉන්න පගර නැට්ටො නැති නිසා...මැනේජර්ගෙ බලයට ක්‍රීඩකයො නොතෝරා දක්ෂයො විතරක් ටීම් එකට තෝරන නිසා...

      Delete
    2. @ ano 5.41

      "මුල්ම කාලේ මුරලි සර් හැමතිස්සෙම වගේ මගේ කඩුල්ල දවාගත්තා. ඔහු off-spinner කෙනෙක් නිසා, ඕන වෙලාවක ඔහුට පහරදෙන්න පුලුවන් කියලයි මං හිතාගෙන හිටියේ. ඒත් පාරක් ගහන්න ඉස්සරහට ආවම stumped වුනා, cut කරන්න ගියාම bowled වුනා. ඉතින් මට අවුරුදු දෙකක් විතර ගියා මුරලි සර්ව tackle කරගන්න.

      දවසක් මම මේ ගැන ටෙන්ඩුල්කාර්ගෙන් ඇහුවම ඔහු කිව්වේ, මුරලි බෝලේ release කරද්දි, Thumb එක පේනවා නම් ඒ දාන්නෙ doosra එකක් කියලා. ඉතින් මම ඒ ගැන හොඳින් අධ්‍යනය කලා. ඒත් මට ඒක හරියටම හොයාගන්න බැරිවුනා. ඒ නිසා මම එයා බෝල් කරන හැම එකටම 'outside the off stump' බැට් කලා. එතකොට මුරලි සර් හිතුවා මම එයාගේ doosra එක අඳුරගෙන කියලා. ඊට පස්සේ ඔහු මට doosra පන්දු එව්වේ නෑ. එයා මොන පන්දුව දැම්මත් මම බලන් හිටියේ offside එකට ගහන්න.

      සමහර විට මගේ උපක්‍රමය මුරලි සර්ට පීඩනයක් වෙන්නැති, ඒ නිසා ඔහු මාව දවාගන්නෙ කොහොමද කියන එකට වඩා ලකුණු යන එක ගැන වදවුනා.

      මම මුහුණදෙන්න බය ලෝකේ එකම පන්දුයවන්නා.
      හෙට මට ශ්‍රී ලංකාව එක්ක මැච් එකක් සෙල්ලං කරන්න තියෙයිනම්, අද රෑ මට නින්ද යන්නෑ. මොකද, මුරලි සර් හෙට ඉන්න නිසා. මුරලි සර් බෝල් කරන්න එන්න කලින් ලකුණු 50ක් වත් ගහගත්තොත්, ටීම් එකේ ප්ලේස් එක හරි බේරගන්න පුලුවන්."

      - Virendra Sehwag ('100 days to go' Programme)

      Delete
  8. අද දින මැදවච්චියේ සිට අපව සොයාගෙන පැමිණි නවීන පන්නයේ සුසුකි ඇල්ටෝ රථයට සිදුකරන ලද වෙනස්කම් කිහිපයක්🥰🥰🥰

    🍁Original JBL sounds system
    🍁Infinity grill
    🍁Digital Signal Processing Android audio with quality panel
    🍁9inch temperd glass
    🍁No1 super night vision wide angle reverse camera
    🍁Lenovo number 01 ADAS DVR
    🍁front and rear body kit
    🍁Alto sport spoiler
    🍁Full star lights inside the vehicle
    🍁Smoke Shell light on the front of the vehicle
    🍁kaier No1 horne set
    🍁hybrid wiper blade was replaced
    🍁solar Aroma number 01 perfume
    All this comes with a one-year warranty💪

    කාර් ඕඩියෝ නම්
    STREET DREAMS 𝚖𝚘𝚍𝚒𝚏𝚒𝚌𝚊𝚝𝚒𝚘n❤කාර් ඕඩියෝ නම් STREET DREAMS ම තමයි❤ ම තමයි💪

    ලංකාවේ අඩුම මිලට වගකීමක් සහිතව ගුණාත්මක නිෂ්පාදන යොදා ගනිමින් Genuine කොලිටියට වාහනේ ලස්සන කරගන්න ඕනෙනම් රට මැද පිහිටි අපගේ නවතම ශාඛාව මධ්‍යම පලාත මාතලේ දිස්ත්‍රික්කය ගලේවෙල නගරයේදී දැන් විවෘතයි.

    ලොව සුපතල සන්නාම රැසකින් ගුණාත්මක නිෂ්පාදන රාශියක් දැන් ඔබට අපගේ ව්‍යාපාරික ස්ථානයේදී පරීක්ෂා කර බැලීමේ අවස්ථාවද අප දැන් සලසා ඇත.

    ඕනෑම මොහොතක කාර් ඕඩියෝ සහ වීඩියෝ සම්බන්ධ ගැටලු සඳහා ප්‍රතිචාර දක්වන අපගේ වට්සැප් සහ ඇමතීම් අංකය 👇
    0️⃣7️⃣6️⃣2️⃣6️⃣3️⃣5️⃣2️⃣7️⃣3️⃣

    @සියලු දෙනා

    ReplyDelete
  9. හරියට දන්න එකෙක්වත් නෑ. කමෙන්ට්ස් නම් තොගයක් තියෙනවා. ඒ අස්සේ රටගොන් ජෙප්පොත් රිංගලා ටෝක්ස් දෙනව. ගොන් ජෙප්පො සිරිසේන ගෙනාවේ නැත්නම් අඩුම තරමේ මගීන්ට ඉන්දියන් isuzu බස් එකකවත් යන්න තිබ්බා. 😄

    ReplyDelete
  10. ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මගින් මෙරට දරුවන්ට හිමිවූ ශිෂ්‍යත්ව දහස් ගණනක් සඳහා අයැදුම් කිරීමට නොහැකි වූ බවත් ඒ අතර Full Bright ශිෂ්‍යත්ව ලෙස ඇමරිකාවෙන් මෙරට දරුවන් සීමිත පිරිසකට හිමිවන ශිෂ්‍යත්ව ද ඇතුළත් ය

    තවද මෙවර විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා පුරප්පාඩු සහිත විශ්වවිද්‍යාලවලින් නැවත යොමු කරන ලද ලිපි ඒ ඒ දරුවන් වෙත යැවීමේ දුෂ්කරතාවන් පවති

    මෙවැනි තත්ත්වයන් මත විශ්වවිද්‍යාල සිසුන් එක් ලක්ෂ හැටදහසකගේ අනාගතය අඳුරට වැටෙන බව දෙමව්පියන්ට හෝ නොදැනීම අතිශය ශෝචනීය තත්ත්වයක්

    ඉවසුවා ඇති 👍🏻

    ReplyDelete
  11. ඔවු මාතලන්, ඔය හැමෝටම තමන් කඩේ යන තමන්ගේ හාමුලා කරනකොට විතරයි හොඳ, අනික් උන් කරනකොට නරකයි ඒකනේ සරල සත්‍ය කතාව. ඒක රනිල් හාමුට සජිත් හාමුට අනුර හාමුට රාජපක්ෂ හාමුට ඇතුලු එක එක පක්‍ෂ කල්ලි කණ්ඩායම් සේරටම කඩේ යන වහල්ලුන්ට අදාලයි

    තමන් කරන ඕනම දෙයක් උනන්දුවෙන් අවංකව හොඳට කරනවා නම් ඕනෑම ක්ෂේත්‍රයක ඉහළට යන්න පුළුවන් බොහෝ දුරට.
    නමුත් අපි ගෙනාපු ලැබීම , වාසනාව, එහෙම නැත්නම් කර්මය කියලා දේකුත් තියෙනවානේ. ඒක ගැන තමයි මේ කියන්නෙ..

    සමහර මිනිස්සු කොච්චර ඉහළ මට්ටමෙන් කරත් ගොඩ එන්න බැරි වෙන්නේ එයාලගේ කලින් තියෙන කර්ම ශක්තිය දුර්වලතාවයක් නිසා තමයි..

    නමුත් ඔබ කිව්ව වගේ හැම දෙයක්ම උපරිමයටම දක්ෂතාවයෙන් කිරීම තමයි වැදගත්. .

    එතකොට වාසනාවක් තියෙනවනම් ඉහලටම යන්නත්, එහෙම වාසනාවක් නැත්තම් ඒත් යම් මට්ටමකට හෝ ලඟා වෙන්න හැකියාව තියෙනව.. 👌👌

    ඔය බොරු කයිවාරු නැතුව ඇත්තම කතා කරන දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළත් එහෙම කරලා කොච්චර මහන්සි උනත් ඒ ඒ කෙනාගෙ කර්මය ප්‍රබලව බලපානව හැමදේටම.. ඒකම තමා ලැබීම, වාසනාව කියන්නෙත්. නමුත් අපි උපරිම කැපවීම දරන්න ඕනෙ ගේමක් ගහගන්න පුලුවන් තරම්....
    ඔබේ කතාව හරියටම හරි

    හැබැයි තව මෙතන කියන්න බැරි වෙච්ච කාරනේකුත් තියෙනව.. ඒ ලැබීම නැත්තම් ඒ ලැබීම generate කරගන්න පුලුවන් ආකාර ගැනත් ඒ අයට කියාදෙන්න ඕනේ..ඒක මාර වටිනව මම දැක්කෙ මේ පෝස්ට් එක පමණයි.. සමහරවිට ඒගැනත් කලින් කියල තියෙනවද දන්නෙ නෑ.

    respect you 👌👌.

    ReplyDelete
  12. මොනවා වුණත් අන්තිමට හොඳම වැඩේ ලෝකෝත්තර රනිල් ආතා කටවාචාල මලහෝන්තු වෙච්ච ලක්අම්මා වේසාවයි කොලොන්නාවේ කටහැකර වට්ටි අම්මා පට්ට බේසිටයි හොඳම එකෙන් බෙහෙත් දුන්නා නේද? අන්තිම මොංගල් බූරු පුතාණෝ කියන පොල් බූරුවාට දෙකම නෑ, සදා සොත්ති 🤣😂😀 අනිත් පැත්තෙන් රාජපක්ෂ හොර හැත්තගේ බෙහෙත් හොරා දැනටම ඇතුලේ, නාමොල් පිංගොනයි ගොන් කපුටයි වලපය ගොඩපය නාකිමයිනයි සෙට් එකම අනාථයි, අනිත් උන්ටත් යන එන මං නෑ, අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා නම් උඩින් බොරුවට අපේ දාර මාලිමා මීහරක් වහල්ලුන්ට පේන්න වේදිකාවල රනිල්ට බැන්නාට යටින් රනිල් ආතා එක්ක බොක්කෙන්ම ෆිට් නීසා අපට නම් කිසිම අවුලක් නෑ අපි පුල් සැපේ ගුරු වැඩ වර්ජනයක් කරලා මිනිස්සුන්ට රජයේ අධ්‍යාපනය එපා කරවලා රනිල්ට අධ්‍යාපනය තව තවත්පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට විකුණන්න දීලා රජයේ වියදම අඩුකර ගන්න ෆුල් සප් එක දෙනවා. 😃 හැමෝම මේ පාර මාලිමාව දිනවන්න ඡන්දය අපට දෙන්න 😃

    ReplyDelete
    Replies
    1. @ මාලිමා ඇනෝ

      බළලා මල්ලෙන් එලියට225,න් දැමූ 3න් වෙනි මන්ත්‍රී වරයා ඔය අනුර සහෝදරයා තමයි

      1. රංගේ බංඩා
      2. ගම්මන්පිලයා
      3. අනුර සහෝ

      මේ 2024 අවුරුද්ද ඇතුලත මැතිවරන තියන්නෙ නෑ කියල මම කියන්නෙ රනිල් ජනාධිපති වෙන්නත් කලින් ඉදන් .

      Delete
  13. ඔබතුමාගේ කතාව අපි පිළිගන්නවා මාතලන් මැතිතුමා, නමුත් මේ පිළිබඳ ටිකක් හිතන්න. රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දරුවන්ට ළඟම පාසල හොඳම පාසල කියලා පාර්ලිමේන්තුවේ ඉන්න න්ත්‍රීවරු නීති හදනවා, නමුත් නීති හදන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට එම නීතිය වලංගු නැත. ඔවුන්ගේ දරුවන් කොළඹ සුපිරි පාසල් වල ඉගෙන ගන්නවා. කිසියම් පෙදෙසකින් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරන්නේ එම ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරමින් ය. නමුත් ඔවුන් කිසිවිටෙක එම ප්‍රදේශයේ ගැටලු හඳුනා ගන්නේ නැත, ඔවුන්ගේ දරුවන් එම ප්‍රදේශයේ පාසලකට යන්නේ නැත. එසේ පාසල් ගියොත් පමණි එම ප්‍රදේශයේ පාසල් වල පවතින ගැටලු පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ. එසේ පමණක් නොව ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දරුවන් කීදෙනෙකු රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හදාරා ඇද්ද යන්න ද මොහොතක් සිතන්න. ඊළඟ පරම්පරාවේදී දේශයේ පාසලකට පාසල් නොගිය, පිටරට උපාධියක් ගත්ත, රජයේ රෝහලකින් බෙහෙත් එකක් නොගත්, කිසිදිනක පොදු ප්‍රවාහන සේවය භාවිතා නොකර, පිටරටක සිටින වර්තමාන දේශපාලනඥයන්ගේ දරුවන් අනාගතයේදී රට පාලනය කරනු ඇත. එයද යටත්විජිත යුගයේ සුද්දන්ගේ පාලනයට සමාන වනු ඇත.

    ReplyDelete
  14. මිහිඳු හාමුදුරුවො මිහින්තලේට නැතුව රජයේ කන්තෝරුවකට වැඩියනම්......

    මේ මිස් සිටීද..?
    - නෑ...

    මේ මිස් හැර වෙනත් මිස්ලා සිටීද..?
    - නෑ. නෑ...

    මේ මිසුත්, වෙනත් මිස්ලාත් හැර තවත් මිස්ලා හිඳීද..?
    - නෑ හාමුදුරුවනේ නෑ...

    අවශ්‍යය කාරණාව දීර්ඝ ලෙස පැහැදිලි කිරීමෙන් පසු...

    - බුද්ධාගම ගේන්න ඕනනම් ධර්මාශෝක රජ්ජුරුවංගෙං ලියුමක් එක්ක, ඔබ වහන්සේගෙ බර්ත් සෙටිෆිකට් එකකුයි, ඔබ වහන්සෙ වැඩ ඉන්න පංසලේ ලොකු හාමුදුරුවංගෙං ලියුමකුයි, අරං එන්න...
    ආ.. ත්‍රිපිඨකේ ටෲ කොපියකුත් ඕනි...
    ඔය ටික ගෙනල්ලා, අයිඩින්ටි කාඩ් එකේ කොපි දෙකකුත් ටෲ කොපි කරගෙන, අර CC මිස්ටත් පෙන්නලා, ඩිරෙක්ටට ඇඩ්‍රස් කරලා ලියුමකුත් ලියලා තියලා, ආයෙ ඉන්දියාවටම යන්න...
    අවුරුදු දෙකක්වත් යයි මේ ටික ප්‍රොසෙස් වෙන්න...
    මේ පේනවනෙ තියෙන වැඩ ගොඩ. අවුරුදු දෙකකිං කෝල් එකක් දීලා බලන්න...

    කතෘ නොදනිමි෴

    ReplyDelete
    Replies
    1. @ Lalith

      ඔය අදහස එක්ක එකඟයි ඒත් ඔතනදි මහින්ද කියන භික්ෂුවට ආපහු යන්න කියන්න ඕන ඉන්දියාවට නෙවෙයි. ආපහු මගධ රාජ්‍යයට යන්න කියන්න ඕන මොකද ඉන්දියාව (India) කියලා කියන්නේ 1947 අගෝස්තු මාසයේ සිට පැවතෙන රටක් මිසක් ඊට කලින් කවදාවත්ම තිබුණ රටක් නෙවෙයි.

      Delete
  15. මේ දවස්වල ෆේස්බුක් එකේ රිපෝට් එකක ෆොටෝ එකක් දාගෙන ඔන්න ඒ පාර මාර ප්‍රොපගැන්ඩා එකක් යනව.විචාරබුද්ධියක් නැති හරක් ටික හෝල් සේල් එකේ ඒක ශෙයා කරනවා සුපුරුදු පරිදි හෑලි ලිය ලියා.මේකෙන් කියන්න හදන්නෙ මොකක්ද?

    මේ කියන ළමයා (මෙහෙම ළමයෙක් හිටියොත් අටපට්ටමට කියන්න) Maths, Science, English, ICT වලට අති දක්ශයෙක්.හැබෑවටම ඔය කියපු සබ්ජෙක්ට් හතර ඉතාම වටින සහ අමාරු සබ්ජෙක්ට් හතරක් බවත් හැබෑව.

    ඊටපස්සෙ මේ දර්ශීය ළමය Sinhala,Tamil වගේ languages වලට, Eenglish literature, fine arts වගේ කලා විශයන් වලට විතරක් නොවෙයි health and physical education, life compitancies and civics, history, religion වගේ මනුශ්‍යයෙක් විදියට මේ ලෝකෙ ජීවත් වෙන්න අවශ්‍යම කරන දැනුම් ලබාදෙන විෂයන්වලට නම් අති දුර්වලයෙක්.

    පළවෙනි එක මෙහෙම ළමයෙක් නෑ.එක විශේෂ විශයකට දෙකකට දුර්වල ළමයෙක් ඉන්න පුළුවන් අනික් ඒවාට ලකුණු හොඳට ගන්න.

    ඒත් මෙහෙම තෝරාගත් (ignorant, idiotic ජනසමාජයක් මහලොකුවට හොඳයි කියල හිතාගෙන ඉන්න විශයන් ටිකකට විතරක් ළකුණු ඇරගෙන, අනික්වාට පට්ට දුර්වල) විශයන් ටිකකට විතරක් ළකුණු ගන්න ළමයෙක් සිටීම ස්වාභාවික නෑ.මේක අර ආගම, සංස්කෘතිය, ජාතිය ඉතිහාසය එක්ක බැඳුනු ජීවිත කාලකන්නියි කියාගෙන බුකියේ අඳෝනා කියාගෙන වැලලෙන එකේ තවත් දිගුවක් විතරයි.

    රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම යල්පැන ගියපු, හණමිටි ක්‍රමයක් බව මාත් හැම වෙලේම කියන දෙයක්. හැබැයි ඒ යල්පැන ගියපු බව තියෙන්නෙ මේ මනෝමය ළමයා ස්කෝර් කරපු නැති ඒවට වඩා ස්කෝර් කරපු සබ්ජෙක්ට් වලයි. ලංකාවේ දැනට උගන්නන විද්‍යාව කියන්නෙ වසර 1900 ටත් පෙර බටහිර ලෝකයේ විද්‍යාත්මක සොයාගැනීම්.ඒවට ළකුණු ගන්න ළමයෙක් මාර දියුණයි කියා හිතාගන්න තරමටම,එහෙම අධ්‍යාපනයක් ලබපු ජනසමාජයක් එය උත්කර්ශයට නැංවීමම සමස්ථ සමාජ කඩාවැටීමේ ප්‍රතිඵලයක් .

    අනික අර කියපු ඉතිහාසය, ආගම, භාෂාව එහෙම වැඩක් නෑ, සංස්කෘතිය වැඩක් නෑ කියල මේ දවස් වල යන බුකි ප්‍රොපගැන්ඩාවෙ තවත් එක් ඇන්දවීමක් මේක.ඉතිහාසය තමයි තමන් ජාතියක් විදියට පවතින context එක කියන්නෙ.ඔය ඉස්කෝල වල උගන්නන රජවරුන්ගෙ නම් කටපාඩම් කරවන උලව් ඉතිහාසෙ නම් වැඩක් නෑ තමයි.හැබැයි නැතිවට වඩා හොඳයි .හැබැයි කාටහරි ඕන නම් තමුන්ගෙ ළමයට කියල දෙන්න වටිනා ඉතිහාසයක් මෙන්න තියෙනව පොත මේ ලින්ක් එකේ.

    https://www.facebook.com/share/p/x5MUtqkazaZD6Lkb/?mibextid=oFDknk
    බටහිර ජාතීන් මධ්‍යතන යුගයෙන් පසු නැගී සිටීම,1505 ලොරෙන්සො ද අල්මේදා අහම්බෙන් ලංකාවට ආපු දා ඉඳල ලංකාව බටහිර ජාතීන්ගෙ කෙලි මඬලක් වීම,ඉන්පසු ඉන්දියාව චීනෙ වගේ පසුව බලවත් වූ රටවලුත් ඒ සෙල්ලමට එක්වීම,උන් අපේ රටවල් තම තමුන්ගෙ ඇජෙන්ඩා වලට අනුව මැනිපුලේට් කිරීම වෙන්නෙ ඇයි කියල කවදාවත් තේරුම් නොගන්න ජාතියක් හදන්න නම් උන් ලවාම තම ඉතිහාසෙට වෛර කරවන්න ඕන කියල මේ සිස්ටම් එක හදපු උන් දන්නවා.

    මේ context එක නොදැන නිල් කොල කුරහන්පාට සහ රතු දම් පාටවලින් එන එකම ගූ ගොඩවල් ටික මාරුවෙන් මාරුවට ලෙව කකා අමුතු රහක් හොයනවා.( මේ ගැන නෙවෙයි කතා කරන්න ආවෙ. ඒ නිසා ඒක නවත්වන්නම් දැන්)

    අනිත් එක ඔය කියන ළමයා සෞඛ්‍ය ,සෞන්දර්ය ,ප්‍රායෝගික කුසලතා ,ආගම ධර්මය කියන දේවල් වලට ඉතාම දුර්වල වීම උත්කර්ශයට නංවන මෝඩයන්ට අනුව එහෙම ඉම්බැලන්ස් ළමයි සමාජයට දායාද වෙන්න වෙන්න මේ සමාජයේ පිරිහීම කොහොමද කියල නොතේරීම අරුමයක් නෙවෙයි .ඊටපස්සෙ ඉතිං පාරෙ වෙට්ටු දදා අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙවී පදින ත්‍රීවීල් කාරයෙක්ගෙ වීඩියෝවක් දැක්කත් ,ඌටත් ශාප කරකර, ආගමටයි, සංස්කෘතියටයි, ඉස්කෝලෙ කොන්ඩෙ කප කපා හදපු විනයටයි, අවුරුදු 76ක දේසපාළුවන්ටයි (උන්ට බනින්න ඕන කාරනාත් තියෙනව හැබැයි ) තමුන්ගෙ අම්ම තාත්ත ඇතුළු හත්මුතු පරම්පරාවටමයි බැන බැන සාප දීල බෝට්ටුවෙන් හරි මේ රටෙන් පැනගන්න ඕන කියනවා.ඊට පස්සෙ ඒ පැනපු රටෙත් රි රී හානවා වරද තමුන් ළඟමයි තියෙන්නෙ කියා නොදැන.

    ReplyDelete
  16. මාතා, ලංකාවේ ම දේශපාලන පක්ෂ චන්ද ලං වෙනකොට ඔය මේ දවස්වල මාලිමාවේ මොකක්ද මොනාක් ඉම්පීරියල් එකේ පෙන්නන සෝබනේ වගේ එක එක අමුතු සර්කස් දාන එකේ කිසි වරදක් නැහැ. ආතල් එක තියෙන්නේ තාමත් මේවා මාරයි කියල ඇඳ ගන්න උගත්තු කියාගන්නා හද්දා මීහරක් ඉන්න එක. එකතු වෙන එවුන් රට වෙනුවෙන් නෙමෙයි නම් එකතු වෙන්නෙ, එකතු කරන අයට දොස් කියල වැඩක් නෑ...
    ගෝටා කලෙත් උන්ව එකතු කරගෙන වෙනත් ගමනක් යන්න හදපු එක. අනුර කුමාර දිසානායක කරන්නෙත් ඒක.
    හැබැයි ඔය මොකා මොන චේතනාවෙන් එකතු කලත්, එකතු උනත්, අන්තිමට වැඩ කරන්න වෙන්නෙ ජූලි චංලා එලිසබෙත් හෝර්ස්ට්ලා කියන විදිහට. එහෙම බැරි නම් වැඩිකල් ඉන්න බෑ... එච්චරයි !

    ReplyDelete
  17. මේ උද්ගෝශනය කරන මාලිමා සහ ස්ටාලින් පින්ගොනාගේ කාලකණ්ණි සමිතිවල ගුරුහොරු හැතිකරය වහාම තනතුරුවලින් අයින් කරලා රැකියා විරහිත උපාධිදාර්‍රීන් බදවා ගන්න කියලා රනිලාට කියපන්. යකෝ කොච්චර ඉන්න වද රස්සා නැති අය. මුන්ව අයින් කරල රස්සා නැතුව වේගෙන උපාධිධාරීන්ටම මේ රස්සාවලට දැම්මනම් ගුරුහොරුන්ගෙ කටවල් නිකම්ම වැහෙනවා.

    ReplyDelete
    Replies
    1. මාලිමා ජෙපි හැතිකරය වර්ජන කරලා මේ රට විනාශ කරනවා තමා...ඕකුන්ට වෙනම ඇක්ශන් ගන්න ඕනා ඒවට.. ගුරුවරු වර්ජනය කරන එකත් එච්චර සදාචාර සම්පන්න වැඩක් නෙමේ.. එයාලා සෙල්ලම් කරන්නෙ රටේ අනාගතය එක්ක..

      හැබයි මජර ගොං කාලකන්නි පාලකයො දැනගන්න ඕනා ගුරුවරු මේ තත්ත්වෙට පත් නොවෙන තැනට වග බලාගන්න.. ගුරුවරු කියන්නෙ මේ රටේ වැඩිම වැටුප් තලයක් ඉන්න ඔනා පිරිසක්.. රට අනාගතයේ හැඩරුව අඹන මිනිස්සු ගෙවන්නෙ අඩුපාඩු සහිත, දුෂ්කර, අතෘතිමත් ජීවිතයක්නම් ඒ මිනිස්සුන්ට පුළුවන්ද ළමයින්ට හරියට අද්‍ය‍පනයක් දෙන්න? කොයි මිනිහගෙත් උපරිම පලදායිතාවය ලැබෙන්නෙ ඒ මනුස්සයා තෘතිමත්නම් විතරයි.. කළකිරුණු ජීවියෙක්ගෙන් මහා ලොකු විශ්ම කරම වැඩ බලාපොරොත්තු වෙන්න බෑ. මේක වහාම පාලකයන්ගෙ අවදානය යොමු වෙන්න ඕනා තැනක්.. රටේ මොන දේවල් කෙරුවත් වැඩක් නෑ ගුරුවරුන්ට හරිහමන් පඩියක් දෙන්නැත්නම්.. ඒක නිකන් ගඟට ඉනිකපනවා වගේ වැඩක්, හිල් මුට්ටියකට වතුර පුරවනවා වගේ වැඩක්...

      Delete
  18. පිං සිදුවන්න නිදහස් අද්යාපනෙට
    වික්කම සිංහටත් ලෝකල් ඩිග්රියකි
    ඉටිකොළ වගේ මයි මටනම් ඒකත්
    නාකිම නාකි හම්පඩයෙක් ගානයි

    ReplyDelete
  19. අඩෝ මාතා

    මැච් එක බැලුවද බන්?

    ලංකාවේ ගැමුණු කුමරුවා අද කාලේ හිටියනම් 😵‍💫 නූතන වංශකතා මෙහෙමවෙයි නේද:

    පුත, මෙසේ වකුටු වී නිදියන්නේ ඇයි?

    මෑණියනි,

    උතුරෙන් ටොක්සික් ෆෙමිනිස්ට් වෝක් රැල්ල ය;

    දකුණින් ටොක්සික් මැස්කියුලින් ඇල්ෆා මේල් රැල්ල ය.

    ඉතින් මා කෙසේ නම් අත් පා දිග හැර නිදියම් ද?

    මලසේක!

    ReplyDelete
  20. ඉතින් බං ජෙප්පොන්ට දකුනෙ ඉදන් උතුරට යනකම් ගහන පෝස්ටර් ටික දෙන්නෙත් නිරූපමා රාජපක්ෂලම තමා 😂
    ජා ඇල ප්‍රෙස් එක කාගෙද කියල බලපංකො,

    ReplyDelete
  21. ඔව් ඉන්දියාව බලවත් රටක් විදියට ලංකාවට නැගිටන්න දෙන්නෙම නෑ... ඒක උන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින්, ඇමරිකානු රජයයන්ට සපෝට් කරන එක් සත් ජනපදයේ අවි ආයුධ නිෂ්පාදනය කරන විශාල සමාගම් වලට නිතරම මොකක් හරි යුද්ධයක් ඕනේ ලෝකයේ කොහේ හරි, ඉතින් උන්ගේ ප්ලෑන් එකක් නිසා ඇතිවෙන අනාගත ඉන්දු චින ගැටුමකට ලංකාවේ ජනයා මැදි වෙනව කවද හරි.ලංකාවෙ මේකට සහාය දෙන NGO කණ්ඩායම් වල ප්‍රධානම එන් ජී ඕ එක තමයි JVP නැත්නම් මාලිමාව කියන්නෙ.අනෙක් හැම පක්ෂයකටම ඕන බලය අරන් වැඩ කරන එකෙන් කියක් හරි හොයාගන්නයි Ego පුශ්නයි ඒව සරලයි.නමුත් JVP එකට බලය අවශ්‍ය නෑ ඔවුන්ට ඕනේ ඊසිමනී ඒ නිසා මේක අවුල් කරල වට්ටවල ඉන්දියන් චීන සහ ඇමෙරෙිකා වුවමනාවන් ඉෂ්ඨ කරන්නෙ.ඇමෙරෙිකාවට ඕන කලාපය balance කරන්න විතරයි.උතුර ඉන්දියාවට දකුණ චීනෙට දිල මැදින් USA කොරිඩෝවක් දාන්න තියෙන ඉඩ කඩ වැඩියි.micro level එකේ පුශ්න අල්ලන් මිනිස්සු කුලප්පු කරවල යථාර්තවාදි නොවන ඊනියා විසදුම් කතා කර කර මේකට අවශ්‍ය fuel එකතු කිරිම තමයි JVP එකේ task එක.මේව කරන්න තරැණයො ගොනාට අන්දගන්න ඕන.රටෙ මිනිස්සු මේක තේරැම අරන් ආර්ථිකය වට්ටන පුහු වර්ජන,විරෝධතා වලට විරැද්ධ වුනානම් ආර්ථික ශක්තියක් හදා ගත්තනම් රම් උගුලෙන් ගැලවෙන්න අමාරැ නෑ.

    ReplyDelete
  22. මේ කියන්න යන්නේ සත්‍ය සිද්ධියක්! ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙක්. ඔහු මා ඉගෙනගත් පිරිමි විද්‍යාලයේම ආදි සිසුවෙක්.මට වඩා අවුරුදු 2කින් හෝ 3කින් වැඩිමහල්.මේ ඉරිදා ඔහු මට අහම්බෙන් මෙන් මුණ ගැසෙනවා මාතර කොළඹ බස් එකක.ඔහු මගෙන් ටිකට් ගන්නෙත් නැහැ.

    ඔහු එක්ක විනාඩි විස්සක් විතර සැරෙන් සැරේ මට කතා කරන්න ලැබුණා.ඔහු කලින් කලේ tourism කරපු වෑන් වල ඩ්‍රයිවර් ජොබ් එකක්.ඔහු ඒක මාස 6ක් කලා කිව්වා තැනින් තැන.

    ඉන් පසුව තමයි ඔහු ඔහුගේ මීලඟ වෘත්තිය ලෙස බස් රියදුරු රැකියාව තෝරගන්නේ.ඔහු එය මාස 2කහ මාරක් කලා කිව්වා..

    ඉන් පසුව තමයි ඔහු දැන් කරන රැකියාව වන කොන්දොස්තර රැකියාව තෝරගෙන තියෙන්නේ.. ඔහු දැනට එහි සේවය කර වසරකුත් මාස දෙකක් වන බව පැවසුවා. ඒ කාලය තුළ ඔහු ලංකාවේ සියළුම ප්‍රදේශ වලම වාගේ කොන්දොස්තර රැකියාවේ නිරත වූ බව පැවසූවේ ටිකක් ආඩම්බරයෙන්.

    "මට ලංකාවේ ඕනම ටර්න් එකක් නතින්ග් මචන් දැන් "
    මේ ඔහුගේ වචන..

    ඔහු A/L පවා ඉහළින්ම සමත් වූ තරුණයෙක්.මම ඔහුගෙන් ඇහුවා ඇයි මේ රැකියාවම තෝරගත්තේ කියලා..

    ඔහු මට දෙනවා ඇස් උඩ යන උත්තරයක්!

    "මචන් උබ මේ .............. බස් ගැන දන්නවද" ඔහු මගෙන් ඇසුවා.

    "ඔව් මචන්. උන්ට බස් හතර පහක්ම තියෙනවනේ"
    ඒ මම..

    හතර පහක් නෙවෙයි බන්. ඒකේ අයිතිකාරයට බස් 8ක් තියෙනවා. ඒ පාරේ දුවන පර්මිට් තියෙන ඒවා. ගාමන්ට් දුවන බස් 5ක් තියෙනවා. ට්‍රිප් යන්න වෙනම බස් එකක් තියෙනවා. ඒ ඇරුනම tourism කරන KDH අටක් තියෙනවා. tourism කරන AC බස් දෙකක් තියෙනවා..

    "අනේ එහෙමද?"
    ඒ මම..

    ඔව් බන්. ඒකේ අයිතිකාරයට ඉන්නේ එකම දරුවයි. ඒ තමයි මම..

    ඔබට හිතාගන්න පුළුවන් ඇති මට ඒ මොහොතේ ඇති වුණ හැඟීම.

    මම ඔහුගෙන් ඇහුවා "මේ උඹලගේ බස් එකක්ද"

    "නෑ මචන්.අද වෙනකල් මම වැඩ කරපු එකක්වත් අපේ ඒවා නෙවෙයි."
    ඔහු පැවසුවා.

    "එහෙනම් ඇයි උඹ අනුන්ගේ බස් වල වැඩ කරන්නේ. ගෙදරින් ලෙඩක්වත් දා ගත්තද? "

    මෙතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ..

    "ඔව් මචන්. ලෙඩක් දැම්මා තාත්තා. තාත්තට දැන් මහන්සි වුණා ඇතිලු. මට බිස්නස් ටික ඔක්කොම බාරගන්නලු. මම මේ බස් කොන්දොස්තර වැඩේ කරන්නේ මේ දෙසැම්බර් 31 වෙනකල් විතරයි බන්. අපේ අම්මා කිව්වා මට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරන්න කියලා.. ඒත් ඔය කොල කෑලි වල ලියපු certificate තිබිලා නෙවෙයි බන් අපේ තාත්තා ඔය තැනට ආවේ.. මට කාමරයක් ඇතුලේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙනගන්න බෑ බන්. මම තාත්තගෙන් අවසර අරගෙන සමාජෙට බැස්සා.. මුලින්ම tourism පැත්තට.. එතන වෙන හොර වැඩ ඔක්කොම මම අල්ලගත්තා.ඊට පස්සේ බස් ඩ්‍රයිවර් ජොබ් එකෙන් හොරා කන හැටි දැනගත්තා.. මම අපේ බස් දුවන හැම රූට් එකකම වැඩ කලා.අපේ බස් වල වැඩ කරන උන් මාව අඳුරන්නේ නෑ. පොඩි කාලේ ඉඳන් මම ගාල්ලේ හිටපු නිසා.. දැන් මම දන්නවා හැම රූට් එකකින්ම බස් එකට ලැබෙන ආදායම.මේක අල්ලගන්න තමයි මට ගොඩක්ම කල් ගියේ. අවුරුද්දකටත් වැඩියි.ඒත් මම දැන් ඔක්කොම දන්නවා.. මේවා අපේ තාත්තා බඩට නොකා ඇස් දෙකට නින්ද නැතුවා හම්බ කරපුවා මචන්.ඒ මනුස්සයා මේ තැනට ආපු අමාරුව දන්නේ මමයි අම්මයි විතරයි. මම ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් හයි වේ එකට බස් එකක් දානවා මචන්. මොකද මට අම්මට පෙන්නන්න ඕන බිස්නස් මැනේජ්මන්ට් තියෙන්නේ පන්ති කාමරයේ නෙවෙයි සාමාජේ කියලා.."

    කඳුළු ආවේ නැතුව විතරයි මට!

    බහින තැන ලං වුණා.
    ඒත් මට බහින්න ලෝභයි. තව අහන්න ඕන.

    ඒත් බහින්නම වෙනවා!
    ඉක්මනටම සෙට් වෙමු මිත්‍රයා!
    කතාව ආයේ අහන්න ඕන මට!
    සුභ ගමන්!!!

    ඉතින් ඔහු නොවෙද ලංකාවේ හොඳම CEO?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න