.

.

May 11, 2010

සැරද මැතිසඳ ? - Yes, Minister.?

සැරද මැති සඳ ? ඔව් මම සැර තමයි යකෝ.
අසාධරනේ දුටු තැන මට කට වහගෙන ඉන්න බෑ. වැරදි ගැනම ලියන්නෙ පෙන්නන්නෙ, ඉඳල හිටල හරි අපි කරණ හොඳ දෙවල් ගැනත් කතා කරපියකො.

අවසර දොස්තර, මේ කතා කරන්න යන්නෙ එහෙම දෙයක් ගැන තමයි. අපි ගාල්ලේ කියල කිව්වට, මට දැනෙන තේරෙන කාලේ ඉඳලම ඉන්නෙ කැළණියේ. කැළණියෙත් තොරණ හංදියේ. වරාගොඩ පාරේ පොඩ්ඩක් දුර. ඒ වටපිටාව, පරිසරය, අපි කරපු කියපු දේවල් ගැන කතන්දර පස්සෙ ටික ටික කියන්නම්.

තොරණ හංන්දිය කිව්වට මෙතන තොරණක් තිබුනෙ නෑ. රජතුමා විවේකය ගතකල කැලේ පිහිට් මාලිගාවේ (වනවාසල.) ඉඳල කැළණි රාජධානියට පිවිසෙන මෙතන ඒ කාලෙනම්, තොරණක් තිබූ බව කියවෙනව. (බයිල චක්‍රවර්ති ගෙන් වැඩි දුර වීස්තර ලබා ගත හැක.) අවට ප්‍රදේශය සීඝ්‍ර දියුණුවක් ලැබුවත්, මෑතක් වන තුරුම රජ කාලේ වගේ තමයි හංදිය තිබුනේ. තමන් උපන් ප්‍රදේශය දියුණු වෙන කොට ලස්සනට තියෙන කොට පෘතග්ජන මනුස්සයෙක් වන මට, සතුටක් දැනෙන එක කාටවත් වලක්වන්න බෑ.

දැන් මෙතනට බය නැතුව තොරණ හංදිය කියල කියන්න පුලුවන්, ලොක්ක ලොකු තොරණක් හදල තියෙනව. හංදියත් සෑහෙන එලියයි. කාලයක් ධීවර සංස්ථාවට අයත්ව වූ, වරාගොඩ පාර, වනවාසල පාර. ඉස්තරම්ම තත්වයෙන් තියෙනව.

ආචාර්ය තුමා, නාවලපිටියෙ කළවැද්දා වැනි චරිතවලට මම කැමතියි. මොකද මේ අය තමාගේ චරිතය තාත්විකව හා සාර්ථකව ඉඳිරිපත් කරනවා. අනෙත් සියලූම නළු නිලියොත් කරළියෙන් පිටතදී සාර්ථකව රඟපෑවත්. කරළියට පැමිණිවිට ඉඳිරිපත් කරණ බූමීකාව අන්තිම අසාර්ථ්කයි. කොටින්ම කියනව්නම් දෙබස් පවා පටලවගෙන, මහත්තරුන්ගේ සහ නෝනාවරුන්ගේ බූමීකාවන්ට එළබීමට දරණ උත්සාහය, සැබෑ ලෝකයේ එවැනි චරිතවලට පවා අපහාසයක්.

ඔවුන්ට, ගොන් සෝමේගෙන් හෝ ජනමූල ජැකී ගෙන් රංඟනය ගැන වැඩි දුර හැදැරිය හැක. මෙමගින් මෙලෝ දෙයක් නොකරන (ඔවුන් කිසි දෙයක් නොකල බවට ඔවුනොවුන්ම බැන අඬගහ ගනී) ඔවුනට සාර්ථක රංගන ශිල්පීන් හෝ විය හැක.

4 comments:

  1. හෙහ් හෙහ් !!!!
    දැන් ඔය ලංකාවෙ රඟපාන අයත් පාර්ලිමේන්තු ආපු එකේ පාර්ලිමේන්තුවෙ ඉන්න කස්ටිය රඟපාන ගියාට නරකේයි මං අහන්නෙ. චන්ද කාලෙ හොඳ පුහුණුවකුත් ලැබුනනෙ.

    ReplyDelete
  2. මචං, ඔයිට එහා පැත්තෙ තියෙන්නෙ පට්ටිය හංදිය. නරකද ඒකටත් ගැලපෙන්න මොකක් හරි හැදුවනම්......

    ReplyDelete
  3. පට්ටිය හංදිය.....

    අම්මප ඇත්තමයි... කාගේ රූපෙද දාන්නේ......

    ලොක්කට කියන්න අයිඩියා එකක් දීපන් මචෝ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න