.

.

Mar 7, 2012

අනේ මගේ අලේ - Ah ! My Potato


වැලි අල සෙවෙල් අල දෙහි අල නෙළුම් අ                   ල
හබරල ගහල කිරි අල මඤ්ඤොක්ක අ                         ල
හොද්දට රස ඉන්නල තම්බමු බතල අ                           ල
අර්තාපල් අලේ පරදයි ඔය සියළු අ                               ල 

කිරි හොද්දට රසයි චුට්ටක් මිරිසුත් දම                         ති 
මාළු සමග තම්බා පොඩි උන්ට දෙ                                ති
ච්ප්ස් මෙන් කපා තෙල් දැම්මම කෙල උන                   ති
රෝල්ස් පැටිස් කටලස්වල මැද වෙසෙ                         ති

කෑලී කපා තම්බා පැත්තක තබ                                     ති
රත්වූ තෙලට රම්පේ ලූ....නූද දම                                  ති
උම්බලකඩ එනසල් රස වැඩි කර                                  ති
අල බැදුමක් කොයි තැනදිත් රජ කර                            ති

එනකොට විසි හතයි කිලෝව පෝට් එ                      කේ
හැත්තෑවකට ගත්තා ගිය වීක් එ                                 කේ
ජිනී..වා ගිහින් ඔක්කොම ඉන්න ටි                            කේ
දහයක් වැඩි වෙලා කියනුයේ මක්                             කේ

පචේ කෙලියි සැමදා එන කුණු බයි                           ලේ
නුවර එළිය  වෙනුවෙනි තීරන ආ                             ලේ
පිට රටටත් වඩා ගනන්ය ජොනි රා                          ලේ
මෑනීයො මතක් කෙරුවා කියපන් ලී                        ලේ

බැරිවිය විකුනගන්නට ඉම්පෝටඩ් කූ                           ඩ
එළවළු විසිකරයි නොහැකිව විකුනන්                           ඩ
එකම වවපු ගොයියට වෙයි වහ කන්                             ඩ
හොයපිය මෙතඩ් මුන් සැම බේරා ගන්                         ඩ

මලේ මලේ අල වැඩිවී පැන්න  ම                             ලේ
දෙකට නැවී කෑවා මම මගේ අ                                  ලේ
කන්න බැරි නිසා රජ මැතිතුන්ගේ අ                         ලේ
උඹලත් දෙකට නැමිලා කාපියව් අ                            ලේ

.o0O0o.

පහත පලවන්නේ අසල් වැසි රටවල් කීපයක අල කිළෝවක මිළයි. ඔබ කැමති රටක් සොයා..., හැකි ඉක්මනින් චුත වූවාට අවුලක් නැත.

ඉන්දියාව              රු. 47.00
පකිස්ථානය          රු. 47.00
නේපාලය             රු. 50.00
බංගලාදේශය       රු. 30.00

අපෙ උන්ට හෙන ගහන්න බදු 100%, ලාබය 100%.  බලාගෙන ගියාම මුං කන්නේ අපෙම්මනේ..

53 comments:

  1. බතල රටල අර්තාපල් හොඳම අල
    පොලේ තියන් විකුනනවා අන්න බල
    ඒවා මිලට ගන්නට මම ගියපු කල
    කන්න හිතුනි මාහට නියඟලා අල

    ReplyDelete
    Replies
    1. මොකටෙයි කන්නේ නැමිලා මම මගේ අලේ
      අමතක උනා ඇති බව නියඟලා අලේ

      Delete
  2. අලගෙඩියත් හාල් ඇටෙත් මේ දීපේ....
    හූරාගෙන කනව මහ ජනයාගෙ අලේ....
    අපේ අලේ ලඟ තියාන සුසුම් හලේ.....
    දෙවියන් රකීවා රජ්ජුරුවන්ගේ අලේ.....

    ReplyDelete
    Replies
    1. දෙවියෝ රකින්නෙත් ඒ ගොල්ලන්ගේ අලේ
      තම්බල දෙමුද පොඩි උන් හට අපේ අලේ

      Delete
  3. මෙහෙම ගියාම අපේ අලේ තමයි තම්බං කන්න තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අපේ අලේට කෙලලා දැන් ඔබාමගෙයි මූන්ගෙයි අලේට් කෙලින්න යනවා.

      Delete
    2. මොකක් කිව්ව ?

      Delete
    3. අයියෝ ඔබාගෙ නාකි අලේ....

      Delete
  4. අඩෙ බංගලාදේශය පැත්තෙ ගියානම් අලත් කාලා ASIA CUP එකත් බලාගෙනම එන්ඩ තිබුනා

    ReplyDelete
    Replies
    1. හෙට එක දිනයිනේ

      Delete
    2. ඒක නොදින්නත් දැන් දින්න වගෙ තමා .

      …නෑ මම කියුවෙ අල ලාබ හන්දා

      Delete
    3. ඒකනේ මම කිව්වේ ඩිලාගේ කවියේ කොමෙන්ට්ස් වල

      Delete
    4. නෑ මම කියුවෙ අපි ඊලඟ එක පැරදුනත් මෙ ටුවර් එකෙ ඔස්ට්‍රෙලියාවට තරඟ 4/7 ක් දිනලා තියෙන්නෙ. ඊලඟ එක දින්නත් ඔස්ට්‍රෙලියාව 3/7. තව වෙන මොන කතාද හිත හදා ගන්න ඒ ටිකත් ඇති. ඒත් මම හිතන්නෙ අපි ආයෙත් තරඟකාරියි කියලා. ඇත්තටම ඩිලා කියන්නෙ ටෙන්ඩුල්කාර් වගෙ පොරක් ඌට උගෙ පාඩුවෙ සෙල්ලම් කරන්න දෙන්නෙ නැතිව බර පටවන්න නරකයි.

      Delete
    5. ඒකම තමයි මාත් කිව්වේ. කවියේ නෙමෙයි කොමෙන්ට්ස්වල

      Delete
  5. වෙන්නට එපා කලබල මාතලන් මලේ
    ආශ්චර්යෙ හැටි ඔහොමට තමයි බොලේ
    හැමදා කොකාටම යන්නේ නැහැනෙ වලේ
    හාරා බලන්නට දිනයක් එනව අලේ

    ReplyDelete
    Replies
    1. ඇට නැහැ හැම එකාගෙම පල්ලෙහ බෝලේ
      ඒක නිසයි පෙන්නන්නේ මුන්ගේ බලේ
      ඔබාමාට ගේමක් ඉල්ලනා වෙලේ
      නරකද මිරිකුවානම් ජොනියගේ බෝලේ

      Delete
  6. බතල අලයක්.. මයියොකයක්... ගහල අලයක් තම්බන් කන්න පොලබවන්න කරපු වැඩක් වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අල කන යුගේ ළඟදිම ආයෙත් එයි වගේ..

      Delete
  7. ලකී සිරිMarch 7, 2012 at 3:06 AM

    මා වැනි බිලින්ඳා
    බඩු ගනන් කීව හන්දා
    ලොක්ක මා කැන්දා
    බඩු බලන්නට දඹුලු වැන්දා


    ඇහැක් ඉඟි මැරුවා
    අහුමුලූ නෑර හෙව්වා
    අල වගේද මේවා
    කියල කැව්වනෙ පිළුණු ගෝවා

    ReplyDelete
    Replies
    1. ලකී සිරිMarch 7, 2012 at 3:08 AM

      ලොක්ක මා කැන්දා කියන තැන ජොනියා මා කැන්දා යනුවෙන් වෙනස් විය යුතුය

      Delete
    2. කුණුවෙනවා නොවැ තක්කාලිද ගෝවා
      වවපු එවුන් හට අබ සරණම වේවා
      අපි වවමුයි රට නගමුයි පැවසූවා
      ඒවී නිව්ස් වවපු එවුන් වහ බීවා

      Delete
  8. ජිනීවා ගිය නඩයේ වියදම මිලියන 400 කට වැඩියි

    ශ‍්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව පරාජය කිරීම සඳහා යැයි කියමින් ජිනීවා ගිය විශේෂ දූත කණ්ඩායමට රුපියල් මිලියන 400 කට වැඩි මුදලක් වැයකර ඇත. මෙම සංචාරය සඳහා 52 කින් යුත් දූත පිරිසක් සහභාගී වී තිබේ. අමාත්‍යවරුන් හත්දෙනෙකු මෙම සංචාරයට සහභාගී වූ අතර ඇමතිවරයෙකුගේ ටිකට්පතක් වෙනුවෙන් පමණක් රුපියල් දසලක්ෂයක මුදලක් වැයකර ඇත.

    "මෙම නියෝජිත පිරිස නවාතැන් ගෙන සිටි හෝටලයෙන් ඔවුන් දිනපතා සවස සුප්පානය කොට ඇති අතර ඒ සඳහා පමණක් වැයකර ඇති මුදල ලක්ෂ 5 කට ආසන්නය."

    ජිනීවා ගිය මාධ්‍යවේදීන් ඇතුලූ බොහෝ නියෝජිතයින් ඔවුන්ට ලැබුණු මුදලින් දිනපතා සාප්පු සවාරි ගොස් ඇත්තේ ඔවුන්ට පවරා තිබූ වැඩකටයුතුද නොසලකා හරිමිනි.

    මෙතරම් පිරිස් රුපියල් කෝටි ගණනක් වැයකරමින් ජිනීවා ගියද එයින් එතරම් යහපත් ප‍්‍රතිඵලයක් ලැබී නැතැයි ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බව පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකු සඳහන් කළේය.

    http://www.lankaleaks.com/2012/03/05/%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%B1%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD/

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම කියූ පමණින් පිළිගන්න එපා අයියා.....

      Delete
    2. දුකා
      ෂ්ෂ්ෂ්ෂ්...............

      Delete
  9. බංගලාදේසේ 30ට තියෙන අලේ අපි අසූවට නොගත්තොත් අනේ අර කස්ටිය සුප් බොන්නේ කොහොමද . . .??

    හිත හදා ගනින් මාතලන් . . සුප් දන්සැලක් දුන්නා කියලා . .හික්ස්

    ReplyDelete
    Replies
    1. මම හිතන් හිටියේ ලොක්කා පොරක් කියලා, බලාගෙන ගියාම ලොක්කා බේරිලා ඉන්නේත් කප්පං දීලනේ.

      Delete
  10. අපේ රටේ අලවල ගාන කෝ?

    අර අලවලින් හදන කෑම නම් මාර රහ පාටයි....:)

    ReplyDelete
    Replies
    1. අපෙ රටේ 70 ට තිබුනේ හෙට ඉඳලා 80 ට අඩු වෙන එකක් නෑ. අල බැදුම මට හැමදාම උනත් කන්න පුළුවන්. තව මගේ ප්‍රියතම කෑමක් තියෙනවා ඒවා කාලා ඉවරයි ඉතින්.

      Delete
  11. දියණුව අයියේ දියුණුව..ඔන්න කිරි පිටි ගෙන්නන එකත් ලබන මාසේ ඉදන් නතර කරන්න යනවයි කියන්නේ..

    ReplyDelete
    Replies
    1. දියුණු වෙමින් පවතින එකක් නෙමේනේ. මධ්‍යම ප්‍රමාණයේ ආදයම් තියෙන රටක්. හෙහ් හෙහ්

      Delete
  12. අපේ අලෙත් තියනවද දන්නෑ මේ දවස්වල තියන බඩු මිලේ හැටියට, ඒකත් දියවෙලාද කියලා බලන්න ඕන ......

    ReplyDelete
    Replies
    1. එච්චරයි තියෙන්නේ.. ඒකටත් බද්දක් වත් ගහවිද ගොයියෝ...

      Delete
  13. හ්ම්.... හරිම රසවත් කවි පද ටික. අලයක් ගිහින් තියෙන උඩ

    ReplyDelete
    Replies
    1. අවුරුදු නම් කාලා ඉවරයි වගේ. රනිල් ලොක්කා කියනවා වගේ.. තෑන්ක්ස්

      Delete
  14. කවෘම හරි නුවරඑලියේ ගිහින් අල තම්බලා තියෙනවද??

    ReplyDelete
    Replies
    1. අම්මපා කවදාවත් නෑනේ

      Delete
  15. ඩොලරය නගිනවා රුපියල වීසි කොට
    තෙල් මිල නගිනවා ජනයා කීතු කොට
    බඩුමිල නගිනවා එතකොට නහුතයට
    "වැඩේ අල වෙලා" අප රට කලක සිට

    ReplyDelete
    Replies
    1. කියනට තිබෙන හැමදේමත් කියා ඇත
      දියසෙන් කුමරු රජවීලත් පලක් නැත

      Delete
  16. මේ රට කාලකන්නි පාලකයෝ...

    ReplyDelete
    Replies
    1. <> එතකොට අනිත් අය මොන පාලකයොද ? <>

      Delete
    2. අනිවා යුද්දේ දින්නට. ආර්ථිකය නිල්

      Delete
  17. හැමදේම උඩ යද්දි දැන් අලත් උඩ යන්න පටන් අරන්...

    ReplyDelete
    Replies
    1. ළඟදීම බලාපොරොත්තු වන්න, කිරි පිටි, ගෑස්, පැට්‍රල්, ඩීසල්

      Delete
  18. මුන්ගෙ අල වැඩ දැක්කම අපේ අල බහිනව අප්ප........:(

    ReplyDelete
    Replies
    1. බහින්න අලේ වත් ඉතුරු උනොත් ඇති

      Delete
  19. මම මේ නිවාඩුවට ලංකාවට යන නිසා කට්ටියට චොක්ලට් ගන්න කියල හිතන් හිටියේ. දැන් බැලුවාම අල කිලෝ හතරක් පහක් මෙහෙන් අරන් ගිහින් දුන්න නම් ඊට හොඳයි වගේ. :D

    ReplyDelete
    Replies
    1. චොකලට්ම ගේන්න.. ඒවා දැන් හිතන්නවත් බැරි ගනන්.

      Delete
  20. පරක්කු වෙලා ආවම කට්ටිය ඉතුරු කොරල නෑ කියන්න දෙයක්, මං යනව මැච් එක බලන්න

    ReplyDelete
  21. ගොය්යට හොද මිලක් දෙන්න නේද මේ හැම දෙයක්ම කරන්නෙ. මෙහෙම බනිනඑක හොද නැහැ නේද!

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්තනේ... ෂොරි ඈ.....

      Delete
  22. අලේ.. අනේ කාලේ වනේ වාසේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න