.

.

Mar 26, 2012

අද රෑ නිකුත්වන, ඔබ මවිතවන ගැසට් නිවේදනය - The Best Gazette Ever


මේ ටිකේම අහන්න උනේ ආතල් නිව්ස්ය. ඉස්සෙල්ලාම බූමීතෙල්, පැස්ටෝල්, ඩීසල් 50% න් 30% න් අඩු කෙරුවාය. ඒ හේතුවෙන් පාන් මුදලාලි පාන් කියා ගන්න බැරිව හිටපු උන්ට රුපියල් පහක ආධාරයක් දුන්නාය. ලයිට් කපන ඇමති සීයට විස්සකින් බිල අඩු කෙරුවාය. බස් ගැමුණුත් අඩුම ගාන 10 දක්වා අඩු කරලා එයා පාඩූ පිට දුවන්න තිරණය කෙරුවාය. ඒ අස්සේ ජිනීවා වලදි අපි ඇමරිකාවට කෙළියේය. ඔය වැනි පුල් සොමි කාරනා මැද්දේ අද රෑ පිටවන ගැසට් නිවේදනයකින් ඔබගේ ගත සිතා පිනා යනු ඇතිය.

එම නිවේදනය මෙසේය..
අද මධ්‍යම රාත්‍රී 12 සිට, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයේ - විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, අධිකරණය ඇතුළු සියළුම රජ්‍ය සේවකයන්ගේ මාසික වේතනය පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩළය තීරණය කර ඇත..
  • ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී, ජනරජයේ අති ගරු ජනාධිපති තුමා - රු. 25,000
  • ගරු කතානායක - රු. 10,000
  • ගරු අගමැතිතුමා - රු. 10,000
  • ගරු විපක්ෂනායක - රු. 10,000
  • විවාහක ගරු ඇමතිවරු, ගරු මන්ත්‍රිවරු - රු. 10,000
  • තනිකඩ ගරු ඇමතිවරු හා ගරු මන්ත්‍රිවරු - රු. 5,000
  • මීට අමතරව විවාහක අමාත්‍යවරුනගෙ හා මන්ත්‍රීවරුනගේ "නීත්‍යානූකූල විවාහයේ" අවිවාහක දරුවන් සඳහා එක දරුවකුට - රු. 5,000
මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරන් හා තානාපතිවරුන්ද සුවිශේෂී පුරවැසියන් ලෙස සළකා ඔවුන්ද ඉහත සඳහන් ගණයට යටත් වනු ඇත.

  • විවාහක රජයේ විධායක නිළධාරීන් - උපරීම වැටුප - රු. 15,000
  • තනිකඩ රජයේ විධායක නිළධාරීන් - උපරීම වැටුප - රු. 3,000
  • විවාහක සමාන්‍ය රාජ්‍ය සේවකයකුගේ - උපරීම වැටුප - රු. 12,500
  • තනිකඩ සමාන්‍ය රාජ්‍ය සේවකයකුගේ - උපරීම වැටුප - රු. 2,500
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී, ජනරජයේ පිනට පහලවූ නෝබෙල් සම්මානයෙන් පවා පිදුම් ලද ළෝ පතල අර්ථ සාශ්ත්‍රඥ්ඥ, මහාචාර්ය ගරු ධන රින මැතිතුමා විසින්, සාමජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත සාමාන්‍ය කුටුම්බයකට මාසික පරිභෝජන වියදම රුපියල් 7,500 ලෙස ගනනය කිරීමෙන් අනතුරුව, ඒ සූත්‍රයට අදාලව සකස් කරන ලදි.
සූත්‍රය
පුද්ගලයින් තිදෙනෙකුට වියදම = Rs. 7,500
                                                    7,500 / 3 = 2,500

ඒ අනුව සමාන්‍ය පුද්ගලයකු සඳහා මාසික වියදම        = Rs. 2,500
විධායක ශ්‍රේණියේ පුද්ගලයකු සඳහා මාසික වියදම     = Rs. 3,000
සුවිශේෂී පුරවැසියකුගේ මාසික වියදම                        = Rs. 5,000


මෙම මාසික වේතනය අවප්‍රමාණය කිරීම මගින් දේශීය ආදායම රුපියල් කෙළ කෝටී හැට අට ලක්ෂයකින් පමණ ඉහල යන අතර එම මුදල්, භාන්ඩාගාරය විසින් රජයේ පුමුඛ අවශ්‍යතාවයන් ලෙස හඳුනාගෙන ඇති, පහත සඳහන් යෝජනා ක්‍රම සඳහා මුදා හරිණු ඇත.

  • ජා.නි.පෙ. සංවිධානයේ බටහිර කුමන්ත්‍රණ කරුවන් විනාශ කිරීමේ වැඩ සටහන හා ගූ මේල් නමින් පරිඝනක තොරතුරු සෙවීමේ යන්ත්‍රයක් හා විද්‍යුත් තැපල් සේවයක් ඇතිකිරීමේ ව්‍යාපෘතිය.
  • ගරු විදේශ කටයුතු අමාත්‍ය මහා ආචාර්ය ගූ ඇල් පීනස් මැතිතුමාගේ රාජ්‍ය නායකයා විදුලි පුටුවේ තැබීමේ ව්‍යාපෘතිය
  • ගරු මහජන සම්බන්ධතා අමාත්‍ය ජනරංජන මනරංජන සකල කළා වල්ලභ වෘෂභ රාජ ආචාර්ය දුටු ගැමුණු මැතිතුමාගේ ජඩ මාධ්‍ය වේදීන්ගේ කකුල් කැඩීමේ සහ ජඩ මාධ්‍ය වේදිනියන්ගේ පිට කැපීමේ ව්‍යාපෘතිය.
  • ගරු ජේෂ්ඨ අමාත්‍ය ආචාර්ය අමු ගොම මැතිතුමාගේ දේශීය හරකුන්ගේ කිරි පානය කිරීමේ හා ගොම අනුභව කිරීමේ ව්‍යාපෘතිය.

88 comments:

  1. නියමයි මාතලන් නියමයි.ආයේ කියන්න දෙයක් නැහැ

    ReplyDelete
    Replies
    1. අපොයි අපොයි ඒ කියන්නේ ඔක්කොම ලියලයි

      Delete
  2. හයියෝ.. මේක ආයේ සංශෝධනය කරන්න වෙනවනේ... අන්න ධන රින ආයේ කියල 2,500 කින් කාලා බීලා නොමැරී ඉන්න පුලුවන් කියලා...

    ReplyDelete
    Replies
    1. නෑ වාසල මේ පාර පොර කියලා තියෙන්නේ එක්කෙනෙක් ගේ ගාන... එතකොට ඒත් මේකමයි නේ....

      ඇත්ත.... මම නම් කියන්නේ එකෙකුට 500ක් තිබ්බත් ඇති ජීවත් වෙන්න.... :D :D

      Delete
    2. පැයක් ජීවත් වෙන්නද

      Delete
    3. නෑ වමිදේවා හරි දැන් ඒක වහ ගන්න බොරු සීයක් කියනවා..

      Delete
  3. මාතලන් අයියත් ඔ‍හොම හරියටම ගනන් හදන්නෙ ධන රින ගාව පන්තිවත් ගියාද?... :)

    අපිට කියන්න දෙයක් ඉතුරු කරල නෑ...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ගියා නේන්නම් ක්ලාස් එකෙත් දෙන්නේ ඔය වගේ ආතල් තමයි. ඉතින් අපේ හරක්ට වෙන දෙයක් නෑ. දවසක් මූ කිව්වා කවදා හරි ජනාධිපති වෙනවා කියලා අපි සෙට් එක හයියෙන් හිනා උනා. මූ ඇයි ඇහුවම මම කිව්වා ලංකාවම විනාසයි කියලා. පස්සෙ දව්සක මූ බඩු කේස් එකකට අපි සෙට් එකම එළෙව්වා. කරුමෙට මූ ඇමති කෙනෙක් උනානේ.

      Delete
  4. තව මුදල් ඉතිරිවන්නේ නම්

    ව්‍යාපෘති බර ගණනක් තිබේ.

    උදාහරනයක් ලෙස


    ඇමරිකන් බඩු තහනමේ ප්‍රතිපලයක් ලෙස ඇමරිකාව අපේ බඩු වර්ජනය නිසා ගොඩ ගැසෙන ඇඳුම් දේශීය වෙලඳ පලේ හෙවත් පේමන්ට් එකේ විකිනීමට අවශ්ය කඩ පේලි ගොඩ නැගීම හා ඉතිරිය පුච්චා දැමීමට අවශ්‍ය දහනාගාර ඉදිකිරීම

    එලියට වැටෙන ගාමන්ට් සේවිකාවන්ව ලාබෙට මැදපෙරදිගට විකිනීමට ව්‍යාපෘති සැකසීම

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවන් වෙයි සුලු පටු මුදලක් ඉතුරු වෙනවැයි කියලැයි

      Delete
  5. මේවා කියන උන්ට පිස්සුද..අහන් ඉන්න අපිට පිස්සුද ..

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම පිස්සු. ආයිත් දියවන්නාවට යවන්නේ නැද්ද බලපන්. වෙන රටකනම් කුණු බිත්තරයක් හරි ගහනවා

      Delete
  6. උදේම දැකපු හීනයක්...
    :D

    ReplyDelete
    Replies
    1. මාතලන්ද... ඇමතිතුමාද

      Delete
  7. සංශෝධනය හැහ් හැහ්...

    ReplyDelete
    Replies
    1. අපොයි උඹත් 2500 යට නේද අහුවෙන්නේ

      Delete
  8. අනේ මංද මට නම් කොහොමත් එකයි. මොකද මගෙ ගෑනි තමයි මට කන්න දෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. ගෑනූ තමයි ලංකාවටම කන්න දෙන්නේ. මම ඕක ගැන ලියන්න ඉන්නේ..

      Delete
  9. මම නම් හිතන්නේ මේ මැති ඇමතිවරුන්ගේ පඩි වැඩි කල යුතුමයි.
    පඩියට අමතරව තව තව දීමනා ලැබෙන බව අත්ත. ඒත් පවුලේ වියදම් හා සමාජ යුතුකම් කරන්න ගියහම කොපමණ වියදමක් වැය වෙනවද?
    (අපි දන්නවනේ අපේ පුංචි පවුල රකින්න තියෙන අමාරුව)
    දැන් ඔය කියන විදියට සාමාන්‍ය මන්ත්‍රී හා ඇමතිලට ජරාව කන්න තියෙන ඉඩ අඩුයි. එතකොට තමයි ජනතා නියෝජිතයෝ සමාජ විරෝධී ව්‍යාපාරවලට පෙලම්බවෙන්නේ.
    දැන් මේ රටාවට පුරුදු වූ අයට නම් කොච්චර පඩි වැඩි කරත් තමන්ගේ "දියුණු" කල ව්‍යාපාරවලින් ඈත් වෙය් කියා හිතන්න අපහසුයි.

    ReplyDelete
    Replies
    1. ඕක තමයි කරුමේ. උන් එන්නේ රස්සාවක් විදියට. මේක ඇවිත් ගරු සේවයක්.

      Delete
  10. අන්න දැම්ම බො‍රැල්ලෙ මුත්‍රනාලෙට ගාඩ් එක දාල.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කැබ්නට් එකෙන්ම උස්ස ගත්තේ..

      Delete
  11. මෙහෙව් ගොනුන්ට චන්දය දුන් අපි වැනි ගොන් රජුන්ට මෙහෙම වෙලා නම් අම්මප මදි.

    ReplyDelete
  12. අනේ හොදයි. මාතලන්ට සුදු වෑන් එකක් එවන්නද? මේකට වෛද්‍යවරු අයිති නැතිද?

    අගේ ඇති පෝස්ටුව මෙහෙම හරි අපේ විරෝධය මේ ගෙම්බන්ට පෙන්නමු. ජය! කවදා හරි මානවාදී සමාජයක් ඇති වෙනකන් අපිට හැකි විදියට මෙහෙම වත් කරමු. හැබැයි එන ආත්මෙත් ලියන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. පාවිච්චියට එව්වට නම් අවුලක් නෑ.. ඩොක්ටස්ලාට 3000 යි මදිනම් ඉස්ටයික් කොරන්න.. හෙහ් හෙහ්..

      Delete
  13. මදැයි අපිත් කලගුණ සැලකුවා....

    ReplyDelete
    Replies
    1. දැන් පස්සේන් එලවනවා...

      Delete
  14. එතකොට කොහොමද ගාල්ලේ මැච් එක බලන්නේ?????? ජනාටවත් මාසෙ පඩිය මදිනේ ඒකට.. :)

    ReplyDelete
    Replies
    1. පඩිය ඕක උනාට ඉන්කම් එක වසරකට ඩොලර් 2000 ක් නේ. අවුලක් නෑ..

      Delete
  15. According to Economic Expert Mr. Bandula Gunawardena, the monthly expenses of an average Sri Lankan:

    Food 1037.5
    Clothing 78.75
    Electricity, Gas, Rent Etc. 593.5
    Medicine 78.75
    transport 306.75
    Communication 119
    Entertainment 65
    Education 80.75
    Other 140
    Total (2500)

    Man you get 65 for entertainment too.What else you need ?

    ReplyDelete
    Replies
    1. අඩේ ෆන් ගන්නත් 65ක් තියෙනව... මම ඕක ඉතුරු කරල අවුරුද්ද අන්තිමට බ්ලොග් ලියන හැමෝටම පාටියක් දෙනව :)

      ඇත්තටම බන්දුල ගුණවර්ධන ඉගැන්නුවද බන්... පොරගෙන් ඉගෙනගත්තු උන් අනාථ ඇති ;)

      Delete
    2. Clothing 78.75 ??? :D :))

      Delete
    3. මෙහෙමයි මචන් අවුරුදු 5කට විතර සැරයක් තමයි ඇඳුමක් ගන්නේ , ඒ වියදම 60න් බෙදලා ගත්තාම එක මාසෙකට වැටෙන ගාන තමයි 78.50 , ඊලඟට බන්දුල මහත්තය්ගේ ඉල්ලුම අනුව මිල තීරණය වීමේ න්‍යාය අනුව ඇඳුම් වලට ඉල්ලුම අඩු වෙලා මිලත් පහල යනවලු කොහොමත් ,

      ප.ලි - කතන්දර අය්යා වගේ එක සැරේට ජොක්කු තුනා ගානේ එහෙම ගන්න නම් හම්බුවෙන්නේ නැ , අවුරුදු 5ටම එක ජොකයි

      Delete
    4. Wow... You can watch the test match for six minutes and still you have Rs. 2.51... :)

      What a man ///
      What a mighty good man....

      Delete
  16. පොඩි අවුලකට තියෙන්නෙ ටෙස්ට් මැච් එක බලන්න ගියොත් මාස දෙකක් බඩගින්නෙ ඉන්න වෙන එක... :D

    ReplyDelete
    Replies
    1. ඒකට ටෙස්ට් නොබල 20 -20 බලමු හම්බන්තොට පිට්ටනියේ තණකොල බිස්ස ටිකට් 27.50 ට තියනවාලු ! , එන්ටර්ටේන්මන්ට් 65 න් ලංකාව ගහන මැච් දෙකම බලලා කඩල ගොට්ටක් කන්නත් පුලුවන්

      Delete
    2. තව අවුලක්, එකකොට නෙලුම් පොකුණෙ නාට්‍ය බලන්නේ?

      Delete
    3. පටල ගන්න එපා ඇමතිතුමා කියලා තියෙන්නේ සාමන්‍ය පවුලකට. එතකොට සුපිරි පන්තිය ඕකට අයත් වෙන්නේ නෑ..

      Delete
  17. මගේ ගනන් මිනුම් වලට අනුව නම්., එලවලු 2ක්, සමග නාඩු හාල් බත් වේලකට(මස්, මාළු, බිත්තර හෝ කරවල වත් නැතිව) රු50ක් අඩුම යනවා. එතකොට කෑම විතරක්, රු. 4500 යි. තේ එකක්වත් නැතිව.

    ReplyDelete
    Replies
    1. ඇමතිතුමා මුතුහෙට්ටිගමගේ දොස්තර ගාවට යැව්වොත් හොඳයි වගේ...

      Delete
  18. කාලකන්නි පර සක්කිලි දේශපාලන හැත්ත. මුන්ට චන්දෙ දෙන එවුන්ටයි ගහන්න ඕනේ. එල ලිපිය බන්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අහිංසක සක්කිලි කියන මනුෂ්‍ය වර්ගයාට අපහාස කොරන්නෙ ඒ මිනිස්සු මොන වැරද්දක් කොලාටද ?

      Delete
    2. සිරාවටම සක්කිලි කියල වෙනම ජන කොට්ටාශයක් ඉන්නවද

      Delete
    3. ඔව්,ඒ පවිත්‍රතා කම්කරුවන් ලෙස දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණී දෙමළ ජනයා.

      Delete
    4. සක්කිලි කියන්නේ අහිංසකම මිනිස් කොඨ්ඨාශයක්. මුන් ඇවිත් මළ පෙරේතයෝ, කුම්බාන්ඩයෝ, කොඩිවින..

      Delete
  19. එහෙනම් මේ හෙට අනිද්දා මහා චන්දයක් එනවා කියන එක ඇත්ත වෙන්න ඕනි .

    ReplyDelete
    Replies
    1. තිබ්බත් නැතත් මුන්ට චන්දේ දෙන්න ඒ වගේම හරක් ටිකක් ඉන්නවා

      Delete
  20. ෆුල් අසාධාරණයි, එතකොට නීත්‍යානුකුල නොවන ගෑනුන්ව දරුවන්ව බලාගන්නෙ මාතලන්ද ?

    ReplyDelete
    Replies
    1. Daruwanwa kese wethath hora geenunwa nam janasathu koranna puluwan. Oba, mokada kiyanne? Kemathida?

      Delete
    2. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් බලා ගනීවී

      Delete
    3. කවුද මෙ Observer කියන්නෙ ,මට නම් පේනනෙ මහින්ද අබේසුන්දර වගේ කියල තරහ ගන්න එපා ඇත්තමයි ඹ්යි :D :D

      Delete
    4. Observer පත්තරේ ගහන්නෙත් වැවේ ගෙදරමනේ.

      Delete
  21. ගිනි පෙට්ටියත් දෙගුනෙකින් ගණං ගිහින් බොලං

    ReplyDelete
    Replies
    1. දැන් නම් ගිනිපෙට්ටි පරිස්සම් කරගන්න ඕන... ඉස්සර වගේ සිගරට් දෙකයි ගිනි පෙට්ටියයි ගන්න බෑ... :)

      Delete
    2. සයනයිට්වල තත්වේ කොහොමද දන්නේ නෑ

      Delete
  22. අප්පට සිරි මාත් එනවා ලංකාවට ජීවත් වෙන්න. මේ වගේ සෞභාග්‍යමත් රටක් (නමට) තියෙද්දි මොනවාට අපි මේ පණ ගැහෙන යුරොපෙ ජීවත් වෙනවාද? හෙට උදේ වෙනකොට මම නම් ලංකාවේ ඔන්න මාතලන්...

    ReplyDelete
    Replies
    1. වරෙන් මචෝ හයි වේ එකේ ගිහින් මැච් එක බලලා එමු ටිකට් එකක් දවසකට රුපියල්ම 5000 යි. මටත් එක්ක සල්ලි අරන් වරෙන්..

      Delete
    2. බොලේ ඕස්ට්‍රේලියාවෙත් ඊට වඩා ලාබයි.
      ඒ කියන්නෙ ලංකාව මාර දියුණුයි කියන එක නෙමේද හොඳා ?

      Delete
  23. නියම තර්කෙ...හික්ස්...

    ReplyDelete
  24. Replies
    1. පිස්සුද ? පොඩ්ඩක් වත් සැර නෑ , උන්නැහේ ඇල්වතුරත් නිවලා බොන්නේ

      Delete
    2. එයානම් මේවලින් පට්ට ආතල් ගන්නවා ඇති..

      Delete
  25. මට නම් පිස්සු වගේ බන් මෙව්වොන්ගෙ කතා අහලා.... ලැජ්ජ නැතුව කියනවනේ මෙහෙම කතා... නොදකින් මේ දේශපාළු හැත්ත

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා නහරේ කපලා නේ පොලිටික්ස් වලට ඇන්ටර් වෙන්නේ...

      Delete
  26. අපේ අයියා මෙතුමගෙන් ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාව විභාගෙදි ෆේල් උනේ මොකද කියලා මම දැනගත්තේ මේ ලගදි.. මම හිතුවෙම අපේ එකා පිස්සු නටලා කියලා.. බලාගෙන යද්දි එහෙම නෙමෙයිනේ වෙල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ජනාධිපති වැටුප ගැන කිවුවම මතක් උනේ.. දැක්කද මේ ටිකේ අර ඉරාන ජනාධිපතිතුමා ගැන යන විස්තරේ??

      Delete
    2. මාවත් හොඳ වෙලාවට එලෙව්වේ. නැත්නම් මාත් ෆේල්

      Delete
  27. අඩේ අප්පේ අපේ අප්පොච්චිගේ මාසික වැටුප 3000ක් ද ඒ කියන්නේ?අයියෝ සල්ලි.....පට්ට පෝස්ට් එක බං..........

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ.. දුක තමයි ඉතින්...

      Delete
  28. ටිකෙන් ටික ටිකෙන් ටික අපේ රට දියුණු වෙන අන්දම බලන්න එපෑද..

    ReplyDelete
    Replies
    1. මාරයිනේ.. ආශ්චර්යේ.. පිච්චූ පීකූදූ

      Delete
  29. සූත්‍රය හදා ඇත්තේ 7500 පාදක කොට ගෙන නිසා අපිට හොදට කාල බීල ඉන්න පුලුවං වෙයි බං..

    Z ස්කෝර් හදපු 'සුත්ත' වගේද ?

    (සුත්ත යනු පාලියෙන් සුත්‍රයට කියන නමයි)

    ReplyDelete
    Replies
    1. මේ සුත්ත ඒ සුත්තට වඩා සංකිර්නයැ.. තවත් සුත්තයන් ඉදිරිපත්විය හැක..

      Delete
  30. //"නීත්‍යානූකූල විවාහයේ" අවිවාහක දරුවන් සඳහා//

    හික්ස්...

    ගූ මේල් නෙමෙයි ගූ විමේල්

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු... හිකි.. හිකිස්...

      Delete
  31. මට කේමදාස මාස්ටර්ගේ "හිට්ලර්ගේ ඇමති මණ්ඩලය" මතක් වෙනවා.
    "මැති ඇමතිවරු සීරුවෙන්
    පෙන්වා දෙති වැසියනට
    ලෙහෙසි නැති පහසු නැති
    කාරියක් බව රට පාලනය
    රට පාලනය"........

    ReplyDelete
    Replies
    1. දැන් කේමදාසලා නෑ නොවැ.. කේවට්ටයෝනම් ඕසෙට...

      Delete
  32. යකෝ . . ආස්චර්රෙ පහලඋනදාට එහොම තමයි . . .

    ReplyDelete
    Replies
    1. පහල වෙලත් නැතුව මෙහෙමනම්.. පහල උනාම කොහොම තියෙයිද නේ මහත්තයෝ....

      Delete
  33. හපොයි දැන් ඔක්කොමලාම විවාහ වෙලා දරුවන් හදයිනේ. අර "නීත්‍යානූකූල විවාහයේ" අවිවාහක දරුවන් සඳහාත් පඩි වැඩිවෙනවනේ...:)))

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ නේ නෝනේ.. උපරීම ළමයි තුන් දෙනාටයි. දෙවනි ළමය උපදින කොට විතරක් ලක්ෂයක් දෙනවා..

      Delete
  34. දියවන්නාව අවට විකට නළුවො ඉන්නවලු ඕන තරම් චිත්‍රපටි වලට දෙන්න.......

    ReplyDelete
    Replies
    1. ටී වී කාරයිත් කට ඇරගෙන බලා ගෙන ඉන්නේ. උන්ට මේවා නිව්ස්. බැලුවහම මුලු රටම කොමඩියක්..

      Delete
  35. පිස්සු හැදෙනවනේ . ගුරුවරයෙක් වෙලා ඉඳලත් මෙච්චරම බුරු කතා කියයි කියල මන් හිතුවේ නැහැ .

    ReplyDelete
    Replies
    1. පන්තියෙත් ඔය වගේ ගොන් ජෝක් තමයි දාන්නේ. මම කින්ඩිය දාලා පන්තියෙන් එලෙව්වා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න