.

.

Mar 15, 2012

ජිනීවා, පිස්සෝ සහ බලු රේස් - Geneva, foolish delegates and dog races



අපේ රට ඉන්දියන් සාගරේ අමුතු ඇටේය. මෙකේ ඉන්නේ අමුතුම ජාතියක්ය. ඉස්සර මේකේ හිටියේ යක්කු හා නයිය, ඊට පස්සේ ඉන්දියාවේ ඉදන් ආපු මිනිස්සු වගයක් සිටියේය, ඊට පස්සේ සුද්දෝ වගයක් හිටියෝය. උන්ට මේකේ ඉන්න උන් එක්ක ඉන්න බැරුව යන්න ගියේය. දැන් ඉන්නේ ආයෙත් අර ඉස්සර හිටපු උන්මය. ඒ කියන්නේ යක්කු ඉන්නවාය. උන් පාලනේ කොරනවාය, නයිත් ඉන්නවාය උන් ණයට හා ක්‍රෙඩිට් කාඩ් වලට අරන් නයි අරිනවාය. ඒ ඔක්කෝටම හපන් අලුත්ම සෙට් එකක් ඉන්නවාය ඒ පිස්සෝය. උනට බෙහෙත් දෙන්න වෙනම ඉස්පිටිතාලෙකුත් තියෙනවාය. ඒ උනාට එළියේ බෙහෙත් ගන්න ඕන අය පිරිලාය. බෙහෙත් ගන්නේ නැතිය. පිස්සුම කෙලිනවාය. උන්ගේ අලුත්ම සෙල්ලම රේස් යන එකය.

අපේ පිස්සෝ රේස් වලට හරිම කැමතිය. අලි රේස් එකේ හිටන් නයිට් රේස් වෙනකන් රේස් ජාති තියෙනවාය. මේ කාලේට ගමේ කොල්ලෝ රෙස් දුවන්න පුරුදු වෙනවාය. ඒ ගම හරහා දුවන රේස් එකටය. ඒක තියෙන්නේ අවුරුදු උත්සවයටය. ඒ උස්සවේ නැති රේස් එකක් නැත්තේය. හරක් බැඳගෙන තිරික්කල රේස්ය, ගෝනියේ බැහැලා ගෝනී රේස්ය, දෙහි ගෙඩිය හැන්ද උඩ තියාගෙන යන රේස්ය, ලිස්සන ගහේ නගින රේස්ය. ඔය ඔක්කොටම වඩා නැගලා යන්නේ බයිසිකොල් රේස් එකය. ඒකට පොලෝසියයි ගමයි අහල පහල ගම් වල උනුයි ඔක්කොම සම්මාදම් වෙනවාය. රේස් පදින උන්ට වඩා යන්නේ සපෝට් කරන උන්ය. සමහර උන් රේස් එක කෙලින්ම් ඉස්පිටිතාලෙන්ම අහවර කරනවාය.

කස්ටිය දන්නේ නැති උනාට අපේ ජාතික ක්‍රිඩාව වොලිබෝල් නෙමේය. අස්ප රේස්ය. මෙහේ දුවන්නේ වසන්ත සැනකෙලිය කාලෙට නුවරඑළියේ විතරය. ඒ උනාට අපේ උන් දුවන්නේ එංගලන්තයේය. ජාතික පුවත් පත් එන්න ඉස්සෙල්ලා හංදියේ කඩේට රේස් කොලේ එනවාය. ජිටිං, මාටිං, සිටිං. බීටීං, සිරිසේන, ගුනසේන, ආරියසේන, ඉතරක් නොව අමල්, විමල්, නිමල් ඔක්කොම ඒක වටේ පිරිලාය. ක්‍රිකට් මැච් වල රිසල්ට් බලන්නවත් මෙච්චර උනන්දුවක් නැත්තේය. මොකෝ ඒවා හැමදාම පරාද නිසාය. මේක එහෙම නෙමේය දින්න එකා ගොඩය. ඒ උනාට හැම එකාම හැම දාම පැරදිලාය. නේරංජනා ගඟෙන් කන්තක අස්වයා පනින බෝඩ් එක තියෙන කඩේ අයිති මහත්තයා, හැමදාම දිණුම්ය. ඒ රෙස් එකේ හැටි එහෙමය.

විමලෙයි චම්පිකයි එක්ක රේස් එකක් දුවනවාය. ඒ දේශප්‍රේමි ගහ අල්ලන්නය. එකෙක් යුද්දෙට යන්න කතා කොරන කොට අනිකා කොකා කෝලා බොන්න එපා කියනවාය. උන්ට දීපු රේස් එක පැත්තකය. නොරිච්චෝලේ වේලෙනවාය. අනිත් එකා හදපු ගෙයක් තියෙනවානම් ලිපියක් ලියා උඩට විදින්නය. මම අහුලාගෙන පත්තරේ දාන්නම්ය. මේ ඔක්කොම කෙලි ජිනීවා වල අපිට කෙලින්න යන නිසාය. චැනල් ෆෝ ප්‍රභාගේ පුතා පෙන්නනවාය. අපේ පුත්තු පෙන්නන්න එකෙක් වත් නැත්තේය. යවපු උන් ටික ලොක්කාගෙන් ලකුණු දා ගන්න ජිනිවා වල රේස් එකක් දුවනවාය. ජී ඇල් කියන්නේ මම පොර කියාය. එයා කුනනායගම්ට ගේම දෙනවාය. කුනනායගම් ජී ඇල්ට දෙනවාය. මහින්දට (ජිනීවා මහින්ද.) දෙනවාය, සජින්ටත් දෙනවාය, සජින් අනික් උන්ට දෙනවාය, ඒ අවු අස්සේ සම්පන්තන් ලියුම් ලියනවාය, එකාට එකා කපනවාය. ලොක්කා මෙහෙ ඉඳන් වලි බේරනවාය. සුද්දෝ අපිට අරිනවාය. මුන්ට වඩා මොන්ටිසෝරි බබාලා ටිකක් ඇරියානම් ඊට හොඳය. උන්ට ඕන රටක් නැතිය. ලොක්කාගෙන් ලකුණු දාගන්න රෙස් එක දුවනවාය. ඒ රෙස් එක ඇවිල්ලා ඔට්ටේලියාවේ බල්ලන්ගේ රේස් එක වගේය.

ඒ අස්සේ මිනිස්සුන්ට පාරට බහින්න කියනවාය. බූමිතෙල්ද මව්බිමද කියා අසනවාය. අග්ග මහා පන්ඩිත ගම්මන්පිල පැයක් ලයිට් නිවන්න කියනවාය. ජිනීවා වෙනුවෙන් මැරෙන්න එන්න කියනවාය. ඒ අව් අස්සේ නුවර ටවුමේ ලයිට් දමාගෙන කාර් රේස් යනවාය. ඇත්තටම ආන්ඩුවට පිස්සුය. එක්කෝ ඒවා පිස්සු වගේ පේන අපිට පිස්සුය. අදයි හෙටයි නුවර ටවුමේ කාර් රේස්ය. මාළිගාවේ තේවාව ඉවර උන ගමන් රේස් පටන් ගන්නවාය. නුවර කියන්නේ ලංකාවේ සංස්කෘතික අග නඟරයය. චමත්කාරම නගරයක්ය. ඒ උනාට වායූ දූෂණයෙන් ඉහලම නගරයය. එහෙම වෙලා තියෙන්නේ. දුම්රිය ස්ථානය, බස් ස්ටෑන්ඩ් එක, පාසල්, රජයේ කාර්යාල, බැංකු, පෞද්ගලික ආයතන, සංචාරක හෝටල්, සුපර් මාර්කට්, රෙස්ටුරන්ට්, එළවළු මාකට්, මස් මාකට්, මාළු මාකට්, හිර ගෙදර, ඉස්පිරිතාල, තොග වෙළඳ සැල්, සිල්ලර වෙළඳ සැල්, රෙදි කඩ, තැබෑරුම් පමණක් නොව දිනකට දහස් ගනනින් බැතිමතුන්, සංචාරකයන් පැමිණෙන දළදා මාළිගාවත් එකම තැනක තියෙන නිසාය.

එක සැරයක් මාළිගාවට විමලෙලා බෝම්බ ගැසුවේය. ඊළඟට කොටි ගැසුවේය එද ඉඳන් මාළිගාව අසලින් තිබූ මාර්ගය වැසුවේය. නමුත් ඒකට අද වන තෙක් පිලියමක් නොයෙදිවේය. මීටර් දෙසියක දුරක් යාමට දැන් මීටර් 2500 ක් පැස්ටෝල් ඩීසල් පිච්චිය යුතුය. ඉතින් වායු දූෂණ වෙන එක අහන්න දෙයක් නැතිය. මේ මළ රේස් යන්න සවස 7 වන කොට පාරවල් වැහුවාම මිනිස්සුන්ට වන දුක, නායක කමුදුරුවන්ට පමණක් තේරිලාය. උන්වහන්සේ මහ උන්ගේ රෙදි ගලවන්න බැරි නිසා, පොලිස්පතිගේ කලිසම ගැලෙව්වේය. නුවර කොයි වේලේත් සුද්දන්ගෙන් පිරිලාය. සුද්දන් වෙනුවෙන් පවත්වන සංස්කෘතික සංදර්ශන 4 ක් දිනපතා නුවර වැව වටේ පැවැත්වෙයි මෙයට පැමිණෙන සංචාරකයින් පිරිස අති විශාලය, ඒ සෑම සංදර්ශනයක්ම අහවර වන්නේ 6.30 ටය ඒ තේවාව සඳහා සංචාරකයන් සහභාගී කරවීමටය. ඉන් පසුවය ඔවුන් හෝටල් වෙත ගෙන යනුයේ.


පාරවල් වහන පොලිසියෙන් ඇසිය යුතුව ඇත්තේ එතකොට සුද්දෝ ගෙනියන්නේ පොලිසියේ උන්ගේ අම්මලාගේ කරේද කියාය. එහෙම ප්‍රශ්නෙකට අවුලක් තියෙනවානම් පොලිසියේ අය රෙස් තියෙන අයගෙන් ඒ ප්‍රශ්නය ඇහුවාට කම් නැතිය. එතකොට ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලා ගෙදර යන මිනිසුන්, වැඩ ඉවරවී ගෙදර යන මිනිසුන්, යන්නේ කොහොමද කියා මුන්ට හිතෙන්නේ නැතිය. බලයෙන් ඇස් පොට්ට වෙලාය. සංචාරකයන් මේවාට හිනා වෙනවාය. උන් අහන්නේ අපේ රටේ පොලිටීසන්ලා හරක්ද කියාය. අපි කියන්නේ නෑ ඊටත් අන්තයි කියාය. කොරන්න දෙයක් නැතිය අනික් ඒවා ගැන බොරු කීවට මේවා ගැන එහෙම කියන්න වෙනවාය. රේස් යන්නම ඕනනම් රෑ 12.00 පස්සේ ඒවා බලන්න ඉන්න පිස්සන්ට ඒවා පෙන්නුවාට අපිට අමාරුවක් නැත්තේය. ඒ උනාට අපේ රස්සාවට කෙලිනවාට අපිට අමාරුය. මේ කොළඹ නෙමේය. නුවරය. රේස් පිස්සන්ට කියන්න තියෙන්නේ මෙහේ විකල්ප මාර්ග නැතෙයි කියලාය. නුවර පෙරහැර යන්නේත් රෑ 10.00 පස්සේය. ඒත් රේස් යන්නේ 7.00 පස්සේය. අපිට කියන්න ඇත්තේ එක දෙයක්ය. අනේ දළදා හාමුදුරුවනේ හෙන ගගහා වැහැපන් කියාය.

මගේ රටට දළදා හිමි සරණයි...!!!
මගේ දැයට දළදා හිමි සරණයි...!!!
රෙස් වලින් පිරි ආතල් දෙරණයි...!!!
පිස්සන් හට මේ බූමිය උරුමයි...!!!

53 comments:

  1. මේව අහල මට නිකං පිස්සු වගේ..........

    ReplyDelete
    Replies
    1. උඹට පිස්සු... මට මඤ්ඤං

      Delete
  2. අපි තාමත් වෙන රටක එකෙක්ට "අපි ලංකාවෙ" කියල ආඩම්බරෙන් කියනවා... ඒත් දැන් අපේම එකෙක් එක්ක රට ගැන කතා කරන්න දුකයි...

    ReplyDelete
    Replies
    1. මම පිටරට ඉන්න කොට ලංකාවේ කිව්වම ඒ කොහේද අහනවා. සිලෝන් ටී කිව්වම පොඩ්ඩක් දන්නවා. ඒත් තියෙන්නේ අප්‍රිකාවෙද අහනවා. අප්‍රිකාවේ රටවල් අපිට වඩා හොඳයි.

      Delete
  3. රෑ 7ටද රේස් පටන් ගන්නේ? ඒක උංගෙ අම්මගෙ රේස් යෑමක්නෙ.
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    එච්චරයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උන්ට ඕන දේ උන් කරනවා. රට මහා අන්තුරක කියන්නේ බොරු කියන දේ මේවා වලින් වත් තේරුම් ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ගොන් හරක්ට

      Delete
  4. වැස්සට රේස් යන්න බැරි කමක් නෑනෙ මාතලන් අයිය... ‍නයිට් රේස් එකට බර බරේ දාන්න විතරක් එපා.... අපි ක්‍රිකට් වලට බර බරේ දැම්මෙ නෑනෙ...

    මේ රටේ මිනිස්සුන්ට යකෝ රේස් එකක් යනව කිව්වහම පශ්චාත් භගෙට මොනාහරි කරන්න යනව ‍වගේනෙ දඟලන්නෙ...

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් මිනිස්සු යන පාරේ ගහන්නේ නෑනේ බන්

      Delete
    2. මොනා කරන්නද මාතලන් අයිය... ක්‍රිකට් වලට වගේ අපේ රටේ අනිත් ක්‍රීඩාවලට වියදම් කරන්නෙ නෑනෙ...

      Delete
  5. දැන් බටහිර රටවල් වල උන් රේස් එකේ ලංකාවෙන් ණය ඉල්ලන්න එනවාය.ආපුදෙන්කො එවුන්.දැන් අපිට කරන ඒවාට පොලියත් එක්ක දෙන්නෙ බැස්ටිය කියලා අපේ ගමේ බැරිසිල් මාමා කීවේය.

    ReplyDelete
    Replies
    1. ඉල්ලන්නේ ලංකාවෙන් නොව බැසිල්ලාගෙන්ය කියා අපූරූ බොග් පෝස්ට් එකක් කියෙව්වාය

      Delete
  6. සුභුතූච මහා ෙත්ෙරා්- මහාකාෙයා් මහාදෙරා්
    නීල වණ්ෙණා් මහා ෙත්ෙජා් - පවස්සන්තු වලාහකා

    අභිත්තනය පජ්ජුන්න - නිධිං කාකස්ස නාසය
    කාකං ෙසාකාය මංෙජ්හි- මංච ෙසා්කා ප ෙමා්චය
    ඒ ෙත්න සච්ච වච්ෙච්න -සබ්බ ෙද්ෙවා් පවස්සතු
    ෙම්ක මාළිගාවට ගිහින් දලදා වැදලා ෙදවියන්ට පින්දීලා සහම්පති බ්‍රහ්මයාටත් ඒක්ක හත්පාරක් කියපන් බඩු ෂුවර් (වැස්ස)

    ReplyDelete
    Replies
    1. රේස් යන එක ඉවසත් ඇහැකි. මේවා කියන එක අමාරුව

      Delete
  7. වැහි බෙරයක්වත් අරන් ගැහිවනම් හරි හෝ ගාලා වහින්න

    ReplyDelete
    Replies
    1. කන් බෙරේ පලා ගන්න කතා නොවෑ උඹ දොඩන්නේ

      Delete
  8. මාත් මෝටර් රේස් ෆෑන් කෙනෙක්ය... ලංකාවෙ හොඳ නරක හැම දෙයක්ම වගේ මේකත් කරන විදිහෙ තමා වැරැද්ද තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අපිත් මෝටර් රෙස් දිව්වාය. ඒ බුදු සාදුගේ රැස් වලල්ලට හයි කොරන්නටය.

      Delete
  9. මේව ගැන මතක් කිරීමෙන් නිකන් අපේ ලේ කෝප වෙනවාය.මුන් මොන පිස්සුව නැටුවත් ඒවාට හුරේ දමන්න ඹ්නෑ තරම් සෙනග ද ඇත්තේය..................................................ඹබගේ ලිවීමේ හැකියාව අගය මා අගය කරන්නේය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ලේ කෝප කරන් නිකන් ලෙඩ හදා ගන්නේ නැතුව මම වගේ මලක් ගසා ආතල් එකේ ඉන්නය

      Delete
  10. බේබි හාමුලගේ සුපිරි කාර්වල එන්ජින් පදම් කරගන්න එපැයි.දැන් අපිට අඩුවෙලා තියෙන්නේ මේක විතරයිනේ.

    ReplyDelete
    Replies
    1. තාත්තා විදුලි පුටුවේ තියන්න යනවාය. පුත්තු රේස් දුවනවාය. බැලුවාම අරන් හදා ගන්න පුතාට අර පුතා මේ පුතා කිව්වාට ඌ වදාපු පුත්තුන්ට වඩා හොඳය.

      Delete
  11. කාලෙකට පස්සේ මේ පැත්තේ,

    ඉස්සරද නුවර රේස් තිබුණේය. ඒ වැව රවුමට උඩ පාරේය. මිනිස්සුන්ට කරදර වුනේ නැතිය. අපි වගේ කැමති උන් රේස් බැලුවේය. එතකොට අපි චූ කොල්ලෝය. දැන් දළදා වීදියේ රේස් බලන්න පුළුවන්ය.ආමි අයියලා ටිකට් විකුණනවාය. පොඩි එකා රේස් බලන්න ආසය. මගේ කරේ නැගලා බලන්න හෙන ආසය. කොලේ අඩු උනත් පවුල පිටින්ම බලනවාය. අපිට බැරි වූ දේ දරැවන්ට දීමද ආතල්ය.

    මහනායක උන්නාන්සේලාගේ කටේ හිරවූ පිට්ටු බුරැල් වූවාට සතුටුය. කාර් රේස්ද ආතල්ය. හැබැයි ජහමනයාට කෙළවෙන විදිහට නොකළ යුතුය. රේස් ගැන තාත්තා දන්නේ නැතිළු. රටේ වෙන කිසි දෙයක් උන්නැහේ දන්නේ නැතිය. ජෙනරල් ලොක්කා කියන්නා සේ යුද්ධය ගැනද දැන් දැන් සැක සිතෙන්නේය. හේතුව අනික් ඒවා නොදන්නා එකා යුද්ධය ගැන විතරක් දැන ගත්තේ කොහෙමෙයි? බේබිලාගේ ආසාව නොවැ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අර පිස්සු පොන්සේකා සුදු කොඩි අරන් ආපු උන් මරලා දැන් ලොක්කාට පුල් කචල්ය. එතුමා මේව්වා දන්නේ නැතිය. පව්ය.

      Delete
  12. අපිට දැං හෙන ආාාතල්........ අනේ අම්මෙ ආතල් එක වැඩිකමට ඇස් පියවෙලා..

    ReplyDelete
    Replies
    1. කුඩු ගැහුවාම එහෙම වෙනවාය.

      Delete
  13. කෙටියෙන්ම අර කිව්ව වගේ අරාබියෙන් හරි ඉන්දියාවෙන් හරි ඔටුවො ගෙනල්ලා නුවර පොඩියට කාන්තාරයක් හදලා (අර මාගල් තොට වගේ)
    ඔටු රේස් දුවවන්ට බැරි නෑ....
    මුං නුවර කනවා,,
    මහවැලි ගඟ කෑවා ගල් කඩල විනාස කරල,
    හොරු,

    ReplyDelete
    Replies
    1. මින් පසු හැම මාර්තුවේම කාර් පෙරහැර තියෙනවාය. කැමතිනම් බලන්නය. නැතිනම් ඒත් බලන්නය.

      Delete
  14. ජපනා අංගොඩට බෝම්බ දාන්න එන ආරංචියට බය වූ එළියේ සිටි උන් "ජපන්නු පිස්සංකො‍ටුව බෝම්බ නොදමනු ඇතැයි" සිතා වහ වහා පිස්සං කො‍ටුවට රිංගා ගත්තෝය. එළියට පනින්නේ කොයි මොහොතේදැයි බලා සිටි පිස්සන් මේ අල්ල පනල්ලේ විහගට එළියට පැනගත්තෝය.

    කරුමයකි, ජපනා ඉන් මොහොතකට පසු පිස්සංකො‍ටුව හමුදා කඳවුරකැයි සිතා ඊට බෝම්බ දැමේය.

    යක්කුන්ගෙන් නයින්ගෙන් පසු මෙය පිස්සන්ගේ දේශය වීම ඉන් ඇරඹිණි.

    ReplyDelete
    Replies
    1. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කෙනෙක් වාගේය. දැණුම බෙදා ගත්තාට ස්තූතිය..

      Delete
    2. දං අංගොඩනෙ පදිංචිය . . . ඒකයි ඔය දැනුම

      Delete
  15. දැන් මම පත්තර කියවන්නෑ...මාතලන්ගෙ පෝස්ට් එකකින් රටේ විස්තර බලා ගන්නව.

    ReplyDelete
    Replies
    1. අප්පට බොල.. උන මට එරෙහිව උසාවි යයිද දන්නේ නැතිය

      Delete
  16. mewa kiyawapuwahama, rata mathak wee adenawaaya...



    blog - www.thunsitha.tk

    ReplyDelete
    Replies
    1. අඩන්න ඕනෑ නැතිය. ආතල් එකේ ඉන්නය. අපිත් ඉන්නේ ආතල් එකේය

      Delete
  17. muta pissua, thama apita athala deela iwra netha. me res eka podi athal ekakkya. ape rate ewunta ona athalya. illumata sepayuma lebe. nuwara ewunta huga dawasakin athal lebune netha. ithin den atalya. gallata muthu hetttiya ha anaga keli dama atal dunneya. gampahata kusa paba atala dunneya. ratema atalya... hiks...

    ReplyDelete
    Replies
    1. මාත් කොයි වේලේත් ඉන්නේ මලක් ගසා ආතල් එකේය

      Delete
  18. මොන race එකෙනුත් අන්තිමට වෙන්නේ අපි තැලෙන එකනේ
    http://magedinasatahan.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තය. රේස් බලන්න ගියාම තැලෙනවාය. සම හරක් තලනවාය. හැබැයි ඒකෙත් ආතල් එකක් ඇත්තේය..

      Delete
  19. ඒකනෙ මාතලන් අයිය සින්දුවක් තියෙන්නෙ......
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු//

    ReplyDelete
    Replies
    1. හා හා.. ඔය සිංදුව කියන්න තහනම් පිස්සෝ...

      Delete
    2. අයියෝ මුගේ සාමාන්‍ය දැණීම නම් අන්තිමයි. නිකන් ඉන්න වෙලාවට කුමාර රෝදය අරන් රෝද ගහපන් (ටෙනියගේ කෑල්ලක්.) ඔය දිනේශ් කියල තියෙන්නේ..

      Delete
  20. සම්පූර්ණ ඇත්ත, මහනුවර නගරය හරියට බේසමක් වගේ.වටේට කදු, ඒ අතර සානුවේ තමයි නගරය පිහිටල තියෙන්නේ.විෂ දුම පිරිල වායු දුෂණයට ලක්වෙලා තියෙන්නේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. මුන් ඒ බේසමේ පිණුම් ගහනවාය.පොඩි උන්ගේ ආතල් නේ. අප්පොච්චි දන්නෙත් නෑ..

      Delete
  21. මේ රේස් කෙරුවාව ලංකාවට ආවේ ඉන්දියාවේ ෆෝර්මියුලා ට්‍රැක් එක ගැහුවට පස්සේ නේද?

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න බැරිය එහෙම එකක් තියෙනවානම් තියෙන්න ඕන ලංකාවේය. මොකෝඅ ළෝකේ තියෙන හොඳම ඒවා තොයෙන්නේ මෙහිය

      Delete
  22. මගේ ඩ්‍රාෆ්ට් කල පෝස්ටුව.. "පංචාගුදය ඇරී දුගද හමයි දස අතේ.."

    ReplyDelete
    Replies
    1. එයා ගූ ගලේ රීලා හත් පොලේ ගා ගෙන ඉන්නේ.

      Delete
  23. මේ රට වැස්සෝ ඉතාම නිද්‍රාශීලියි. එතකොට අනික් උන් පිස්සු කෙළිනවා.ඒත් ජනතාව දන්නෙ නෑ ඒක.
    ඇත්ත කතාව හොඳට ලියල තියනවා

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද. එහෙනම් උද්ගෝසන වලට එන්නේ කිව්ව ගමන්. කොයි වෙලෙත් අවදියෙන් ඉන්නේ..

      Delete
  24. Kathawa nam istharam. Hondata angata wadinawaya.

    ReplyDelete
    Replies
    1. හැක්.. අඟට වදිනව?

      Delete
    2. හිංගලෙන් කොටන්නේ නැති උනාම පේනවනේ වෙන දේවල්. හරිම ලේසියි. ගූගල් සර්ච් එකේ (විමලෙගෙන් අහල.) සිංහල යුනිකෝඩ් කොන්වට (Sinhala Unicode Converter) කියලා ටයිප් කරාම බඩු එනවා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න