.

.

Mar 7, 2012

කහවත්තට යුක්තිය, ජඩමාධ්‍යවේදීන්ට පරාජය - Justice to Kahawatte, Shame to Doggy Journalists


අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. අවසානයේ ඒ අහිංසක කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය. ඇත්ත වශයෙන්ම කහවත්තේ ජනතාව යුක්තිය ලබාගත්තේය. අනුමත කල නොහැකි මුත් පාදඩ දේශපාලකයනට මිනී මැරීමට හොඳ නම්, උන්ගේ ගෙවල් ගිනි තැබීමේ වරදක් නැත්තේය. හැමෝම බනින්නේ මර්වින් සිල්වාට පමණය. නමුත් සංධානේ ලේඛම්ම කියන්නේ ඔක්කෝම එහෙමයි කියාය. සහතික ඇත්තය. රත්නපුරේ මත් කුඩු හා මත් ද්‍රව්‍ය මාෆියාව ගෙනියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුබලයෙකි. එය කවුරුත් දන්නවාය. ගොබ්බ පොලීසියත් ඌට බයය. මේය මේ තරමින් හෝ එළිවූවේ විශේෂ කාර්ය බලකායට පින් සිඳු වන්නටය. අර මූසලයා බැලුවේ ගම්මුන් බියකර, මේ කාන්තාවන්  දෙදෙනාගේ චරිත ඝාතනය කොට, පොලීසියේ හා ජඩමාධ්‍යවේදීන්ගේ සහායද ඇතිව සියල්ල අමතක කර දැමීමටය. නමුත් මුන්ට හැමදාම ජෝගී නටන්න බැරි බව ඔප්පු කරමින් සියල්ල එලිවී ඇත.

මිනිමැරුම සිඳුකලේ පාදඩ දේශපාලකයා බව මුළු කහවත්තම දැන ගෙන සිටියේය. නමුත් මාෆියාව පොලිසිය හා බෝතලයට, යෝනියට යට ජඩ මාධ්‍යවේදීන් හා එක්ව මෙය ග්‍රීස් යකා පිට පටවා, මව සහ දියණිය වෛශ්‍යාවන් බවට පත් කලේය. සමහර බල්ලෝ මේ කාන්තාවන් දෙදෙනා කීප වරක්ම ඝාතනය කළේය. සමහර උන් තලු මර මරා ලිව්වේ කාන්තාවන් දෙදෙනාම දූෂණය කර මරා දැමූ ආකාරයයි. තව එකෙක් මෑතකදී ලිව්වේ මුලින් ඝාතනය කොට පසුව නාවා දූෂණය කර ඇති බවයි. නමුත් මරණ පරීක්ෂණයේදි ඒ සියල්ල බොරු බව ඔප්පු වී තිබියදීත්. මෙවැනී කෙප්ප ලියා ආතල් ගන්නා බල්ලන් සිටින පත්තරවල කතෘවරුන්ද බල්ලන් මිස වෙන එවුන් නෙමේය.

මේ සබරගමුව පලාතය. හොඳම පලාත් සබාව තියෙන්නේත් මෙහිය. සර්ව සාධාරන සමාජයේ දෙවියන් වහන්සේ, "වාසූ" නියෝජනය කරන්නේත් මේ ප්‍රදේශයය. සියල්ලම දන්නවාය. කට තියා පුකවත් හොල්ලන්නේ නැතිය. ආන්ඩූකාර කම කොරන්නේ හෙට අනිද්දා බුදු වෙන්න ඉන්න. සියළුම රාජ්‍ය සේවකයන් පෝයට පන්සල් යවන, සියළුම දරුවන්ට දහම් පාසල අනිවාර්ය කරන, "වෙද පප්පා'ය. කටේ පෝයකට වළදපු පිට්ටු වෙන්න ඕනෑය. හාම් හුම් කියන්නේ වත් නැතිය. හේතුව මාෆියාවය. "කටසැර කාන්තාවක්ද" ආන්ඩු පක්ශය නියෝජනය කරයි නමුත් මේ කාන්තාවන් දෙදෙනා වෙනුවෙන් කටක් හෙල්ලුවේ නැතිය. විපක්ෂයේත් "බුලට්ම බඩුවක්" ඉන්නේය. එයත් කාන්තාවක්ය, හාල්පාරුවෙක් රජ කරන්නට මැරෙන්න හදනවා ඇර වෙන දෙයක් නැත්තේය. ඌ ආවොත් මීටත් එහා වන්නේය. අප්පොච්ච්ගේ වැඩ, ගොන් තකතීරු ජනතාවට මතක නැත්තේය.

පාදඩ පොලීසිය මාන බලන්නේ සාක්ෂී ගිනි තැබුවායයි කියා මුසලයින් තව දුරටත් බේරා ගැනීමටය. ඒ කෙලි හරියන්නේ නැතිය. මිනීමරුවන්ගේම දියණිය සියල්ල පාපෝච්චාරනය කර ඇත. තවත් සාක්ෂි අවශ්‍ය නැත. නමුත් නීතීය ඉදිරියේ මුන් බේරාගැනීමට ඕනෑ තරම් බලු නීතිවේදියෝ ඉදිරිපත් විය හැක, එය දන්නා ජනතාව මේ තරමින් හෝ දඬුවම් කිරීම, අනෙකුත් පාදඩයන්ටද කළ අනතුරු ඇඟවීමක්ය. මේ තරම් පාදඩයින් පිරිසක් රට පාළනය කළ කාළයක් ලක් ඉතිහාසයේම නොමැති තරම්ය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ගෙන් කෝටි දෙකක් ඉල්ලූ නියෝජ්‍ය ඇමති තවමත් නිදැල්ලේය. මේ සියල්ලටම නායකත්වය වග කිව යුත්තේමය. මේ මැර පාදඩ දේශපාලනය වහාම නැවැත්විය යුතුය. නැතිනම් ජනතාව එය නවත්වන එක නවත්වන්නටත් බැරිය.

ජඩ මාධ්‍යවේදී බල්ලන්ගේ යුතුකම අඩුම වශයෙන් සමාව ඉල්ලා ලිපියක් පල කිරීමය. තමන්ගේ වැරදි වහගන්නට මෙන් අද මුල් පිටු පුරවලාය. එයින් පව් සමාකර ගත නොහැකිය. තලු මර මරා දියණිය කීප වරක් දූෂණය කර බල්ලෝ එලවා දැමිය යුතුය. පදඩ දේශපාලකයන් මෙන්ම. උන්ට කඩේ යන පර මාධ්‍යවේදියෝ කරන්නේ කාළකන්නි දේශපාලකයන්ටත් වඩා අපරාධයක්ය. මන්ද දෙශපාලකයා කරන දෙය දන්නේ ඒ පැත්තේ උන් පමණය. සාක්ෂි දේ යයි බියවූ නිසා මන්නා පහර දී මරා දැමු දියනය. නාවා දූෂණය කර මරා දමන්නේ පත්තරවල බල්ලෝය. බැලුවාම මිනිමරුවෝ, ජඩ මාධ්‍යවේදීන්ට වඩා ගුන යහපත්ය. ඉවත් කිරීමට නොහැකිනම් මුන්ව අඩු ගානේ මුතුහෙට්ටියාගේ දොස්තර ගාවටවත් යවා සහතිකයක් ගෙන මාධ්‍යවේදී හැඳුණුම් පතේ එල්ලිය යුතුය.

ප: ලි: 
රාවයේ පටිසෝතිගාමි උත්සවේට ගිහින් මට රාවය එපා උන නිසා ගිය සතියේ ගත්තේ නෑ. නමුත් යාලුවෙක් කෝල් කරලා කිව්වා ගිය සතියේ ටිරන් කුමාර බංගගමආරච්චි මේ ගැන ලිපියක් ලියූ බවත් එයින් මේ සියළු දෙයම හෙලි කර තිබූ බවත්. එම මාධ්‍යවේදීයාට අපගේ ආචාරය.. 

69 comments:

  1. කියල තියන දේවල් දන්නා තරමින් 100%ක් හරි. "මාධ්‍යවේදී" ලේබල්එකට මුවාවෙලා දූෂණ කරන්නො ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. උඹ ලියන්න ඕන එකක් මම ලිව්වේ..

      Delete
    2. ඇත්ත මාතලන්.. රාජ් තමා මේව ලියන්න සූරයා..

      ඒත් උබත් සුපිරියට ලියලා..

      Delete
  2. මාත් එකඟයි ...

    සබරගමුව ගැන අතිරේක එකතු කිරීම්

    01) කට සැර නෝනගේ අත පයත් සැරයි , නගර මැද්දේ මහ දවාලේ වැඩ පෙන්නුවාලු කාලෙකට කලින්

    02) විපක්ෂ නෝනගේ අය්යා නම් රත්තරන් මනුස්සයා , කියලයි තතු දත් ආරංචි මාර්ග කියන්නේ

    03)අරාබියේ ගැනු ගැන කඳුලු සලන විපක්ෂ මන්ත්‍රි ඉන්නේ ඔය පලාතෙම තමයි , හැබැයි මේ ගැන කට හෙල්ලුවේ නැ මම හිතන්නේ

    04) ප්‍රධාන බෞද්ධ ගිහියා ගේ ගම්පලාතත් ඕකම තමයි , උන්දැගේ පරසිද්ධ අප්පුච්චාත් ඉහල තානාන්තර දරන කෙනෙක්

    ReplyDelete
    Replies
    1. රන්ජන් ගැන ලිව්වේ නැට්තේ අමු සෙවලයෙක් නිසා. නොම්මර එකේ පචයෙක්. ඌගේ වැඩ සෝ වල විතරයි. ඌට වඩා වැඩකාරයෝ දයාසිරිලා, සුජීවලා, සූත්තර පුංචලා නමුත් උන්ගේ ටැලන්ට් එක දන්න සජිත් දැන් ඉඳලම උන්ට ගේම දෙනවා. ඒ හරක්ට ඒක තේරෙන්නේ නෑ.

      අනිකා සහ උගේ පියා ගැන කතා කිරීමටවත් කැමති නැත. අම්මටත් එපා වෙලා වෙන්න ඇතිනේ ගිහි ගෙය හැර ගියේ.

      Delete
  3. අවසානයේ ඇත්ත හෙළි උන එක හොදයි.. සාධාරණයක් ඉටු වෙයිද කියලා බලාගෙන ඉමු..

    ReplyDelete
    Replies
    1. මොන සාධාරනයක්ද. දැන්මම පොලීසිය කියන්නේ සාක්ෂී විනාස උනා කියලා.

      Delete
  4. මාතලන්, මේ රටේ ඉන්න නායකයොත් ඔවැනි වැඩ කරලා තියනවා නේ, ඉතින් මේ වගේ පහඳොත් දැන් වැඩ පටන් අරන්. මේ රට යන්නේ කොහාටද? මුන්ට හෙන ඉල්ලන්න තරම් මම පහතට වැටෙන්නේ නැහැ. මගේ අදහස නම් නීතිය යුක්තිය නැති රටක මෙවැනි දේවල් වැඩිපුර නොවෙන්නේ මේ මජර දේශපාලකයන්ට වඩා ජනතාව බුද්ධිමත් නිසයි. නීතය රැකීම ජනතාවටම බාරදෙනව නම් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. මම අකමැතිම දෙයක්. නමුත් ඒ දේ වෙයි වගේ..

      Delete
  5. හැෙමා්ම අනෙකාට ඇඟිල්ල දිගු කරන්ට ආසයි...
    මේ සිද්දිය විසාල මාධ්‍ය වලින් ඇදල අරන් බ්ලොග් වල ගියා මිසක බ්ලොග් වලින් ඇතුල්වෙලා විසල් මිඩියා වලට ගියෙ නෑනේද?/
    කිසිම බ්ලොග් එකක මීට කලින් ඔය සිද්දිය ඔහොමයි උනේ කියල තිබුනද??
    අඩු තරමෙ ෆේස්බුක් ස්ටේටස් එකක්වත්..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි බුකිය කියන්නේ මොකක්ද මළ විකාරයක් මිස. ඔන්න එකෙක් අද එපා වෙලා කවියකුත් ලියලා තිබුනා. බ්ලොග් වල තත්වයත් ඒකම තමා. ඒත් අපි කීප දෙනෙක් හෝ යමක් කිරීමට උත්සාහ කරනවා. ඒවගේම මම පසුව ලියමි කෑල්ලක් දැම්මා. මාව දැනුවත් කල මගේ මිතුරාටත් ස්තූතියි..

      Delete
  6. මේවගෙ දේවල් වෙන එක හොඳනෑ...

    මිනිස්සු සාමාන්්යෙන් නීතියට බයයි. මිනිස්සුන්ට තියෙන්නෙ නිතිය විතරයි. මෙහෙම දේවල් කරන්නෙ නිතියෙන් වැඩක් නැති වෙනකොට. වෙන මොනව කරන්නද...

    මම හොඳනෑ කියන්නෙ මිනිස්සු මෙහෙම කරන එක නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අවංකව මමත් කැමතිම නැති දෙයක් මිනිසුන් නීතිය අතට ගැනීම. නමුත් නීතීයෙන් යුක්තිය ඉටු වන්නේ නැත්නම්..

      Delete
  7. කළුතර ඉන්නයා විෙජ්සිරි විද්‍යාෙස්කර කියලා ඒෙකක් දිවයිනට ලියන. උෟ දවසක් ලියුවා අයාෙල් ගියාට උසාවිෙයන් දඩ ගැහුවා කියාලා ගැහැනිෙයක්ෙග් මුළු ෙතා්ම්බුව ඒක්කම. නමුත් ඊළග දව ෙස් ෙපාලිටික්ෙකක් මිනිස්සුන්ෙග්න් සල්ලි අරෙගන රට යවන්න. ඒ ෙක් ලියනටා ප්‍රාෙද්ශීය ෙද්ශපාලකෙයක් කියලා. මුන් අැවිල්ලා ෙබා්තල් පත්තරකාරෙයා්. පත්තරයට අගලක ප්‍රවෘත්තියක් ලියුවත ඒදා ඉදන් මාධ්‍යෙව්දීයා.

    ReplyDelete
    Replies
    1. දිවයින කියන්නේ පත්තරයක්ද

      Delete
  8. සිද්දිය දන්නෙ නැති වුනත්, දේසපාලලා, උන්ගෙ ජරාව කන පත්තර කාරයො, එකතු වෙලා අසික්කිත වැඩක් කරලා තියෙනවා කියන එක පැහැදිළියි

    ReplyDelete
    Replies
    1. හැමතැනම පාදඩයෝ රජ කරන්නේ

      Delete
  9. සිද්දියේ අලුත්ම තතු නොදන්න නිසා කියන්න දෙයක් නැත. නමුත් ගිය ඉරිදා (වෙන්න ඕනෙ) ලක්බිම ඔන්ලයින් පත්තරේ ඔය ගැන ගියා . . . ඔය සිද්දිය දේශපාලකයො, පොලීසිය, දහදුරා මාධ්‍ය එකතුවෙලා වහගන්න හදන විදිය ගැන. පොලීසිය, වැඩිහරියක් මාධ්‍ය කාරයො මේ කුනුවෙච්චි දේශපාලනේ ඔඩොක්කු කුක්කො වෙලාබං ඉන්නෙ . . . අහින්සකයෙක් වෙනුවෙන් සාධාරනය, යුක්තිය ඉටුකරනවා තියා හඬක් නගන්නවත් එකෙක් නෑ . . .

    ReplyDelete
    Replies
    1. මුන්ගේ රෙදි ගලවන්න ඕන. මුන් නේ බන් මර්වින් සිල්වට විනය පරීක්ෂණ තියන්නේ. මහත්වරු වගේ ඉන්න තිරිසන්නු

      Delete
  10. පොදු ජනයා යුක්තිය පසඳලීමට නීතිය අතට ගැනීම නම් එච්චර සුභ දායක ආදර්ශයක් නෙමෙයි. ඒත් කල යුත්තන් කලයුත්ත නොකරනකොට, ලැබිය යුතු සාධාරණත්වය නොලැබෙනකොට කොහොමද මිනිස්සුන්ට විතරක්ම ඇඟිල්ල දික් කරන්නෙ. මේක මේ වගේ සිද්ධිවලට පලවෙනි උදාගරණය නෙමෙයිනෙ. ඒත් කාලයක් තිස්සෙ ක්‍රියාත්මකවෙන මේ පොදුජනයා යුක්තිය පසඳලීම වැලැක්වීමට ගත්තු කිසිම ධනාත්මක ක්‍රියාවක් මට නම් පේන්නෙ නෑ.

    මේ දෙකොණ විලක්කුව පත්තුවේගෙන ඇවිල්ල කට පිච්චුනදාට වචනයක්වත් කතාකරගන්න බැරි මිනිස්සු පිරිච්ච රටක් වෙන එක තව ටිකක් කල් පරක්කු උනොත් වලක්වන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ලෙසටම ලියා ඇත..

      Delete
  11. අවසානයේදී එය හමු විය.

    ReplyDelete
  12. කාන්තා දිනයේදී මගේ ප්‍රනාමය ඔබට. අනවසරයෙන් කොපි කරන්නම් පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.. කිසි අවුලක් නෑ

      Delete
  13. හැමදාම හැමෝවම මෝඩයා කරන්න බැරි වෙන ඒ දවස වැඩි ඈතක නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. හත් පොලේ ගාගෙන ඉන්නේ

      Delete
  14. මෙ ස්ත්‍රි දුෂකයින්ව සිංගප්පුරු යවයිද දන්නෙ නැහැ මුන්ගෙ මානසික ලෙඩවලට ප්‍රතිකාර ගන්න.. මහ දවල් අමු අමුවෙ මිනිමරපු උන්ව හෙලිකොප්ටර වලින් රට පැටෙව්ව රටක්නෙ මෙක..

    ReplyDelete
    Replies
    1. ඒවා කියන්න බෑ.. එහෙම පාලකයෝ ඉන්නේ

      Delete
  15. පත්තරයක මේ ගැන වූ ලිපියක් කියෙව්වා.ඒ ලියපු එකා මේ මව හා දියණිය ගේ චරිත ඝාතනය කරල තිබ්බේ ඉතා ජඩ විධියට.
    මෙහෙමත් මාධ්‍යකාරයෝ !

    ReplyDelete
    Replies
    1. මම නම් පත්තර වලට කෝල් කරලා බැන්නා. උඹලා එතන හිටියද කියලා

      Delete
  16. බහුතරයක් දේශපාලනේ කරනෙ සක්කිලි මාතලන් අයියෙ........ජනමාධ්‍ය උන්ට යට වෙලා.....

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ එන්න දඟලන්නෙත්. ගේන්න දඟලන්නෙත් ඒ වගේම උන්නේ. මහත්වරුන්ට තැනක් ඇත්තෙම නෑ.

      Delete
  17. වැඩේ ජෝන් බාස් ට ගිහින් වගේ නේද? උනුත් කාලකන්නි වෙන ගමන් අපිවත් කාලකන්නි කරනවා....

    ReplyDelete
    Replies
    1. ජෝන් බාසුත් සිල්වා කෙනෙක් කියලා අපි දැනන් උන්නට මේ වැඩේ නිසා රටම දැනගත්තා..

      Delete
  18. නඩුත් හාමුදුරුවන්ගෙ...........
    බඩුත් හාමුදුරුවන්ගෙ...........

    ReplyDelete
    Replies
    1. මූන් පොලීසීයට දාපු පාට් අදයි කියන්නේ..

      Delete
  19. lankawa madyawadiyo inna tika danai wadi hariyak inna mola una karayo..

    ReplyDelete
    Replies
    1. අනිවා උන් ජනාධිපතිටත් එහා හිතා ගෙන ඉන්නේ.

      Delete
  20. අද දැන ගත්තා මේ සිද්ධිය ගැන අහිංසක අප්‍රකට විරෝධතාවක් ගැන. අඩුම තරමේ ගොසිප් සයිට් එකකවත් ඒ විරෝධතාව ගැන තියෙනවා මම දැක්කේ නැහැ.

    ඝාතනය වුනු දියණියගේ පාසලේ ක්‍රීඩා උත්සවයට පැමිණි මිනීමරුවන්ට රැකවරණ දුන් ඇමතියාට පෙනෙන්නට ඇගේ ඡායරුප සහිත පුවරු ඔසවාගෙන , මිතුරියන් නිශ්ශබ්ද විරෝධයක් පල කරලා තියෙනවා.

    ජඩමාධ්‍යවේදීන්ට නැති කොන්දක් ඒ අහිංසක දැරිවියන්ට තිබීම ප්‍රසංශනීයයි. ඒත් සැබෑ නමින් මේ කමෙන්ටුව දාන්න තරම් කොන්දක් මට නෑ. එහම කරන්න බයයි.මමත් ඔය කිට්ටුවම තමා..

    ReplyDelete
    Replies
    1. ඒ දැරිවියන්ට අපි හිස නමා ආචාර කරමු

      Delete
    2. ආඩම්බරයි ඒ පොඩි දරුවො ගැන

      Delete
  21. ශ්‍රී ලාංකේය දේශපාලන තරම් කුප්ප කුජීත සහ පජාත මාතෘකාවක් තවත් නැත.. අදෝම ය.. නොදෝම ය.. අජුත ය..

    ReplyDelete
    Replies
    1. දැන් නම් කුණු වෙලා ඕජස් ගලනවා

      Delete
  22. දේශපාලුවන්ට බව නීතියක් දැන් තියෙන්නේ..

    නීතිය ඉටුවෙන්නෙ නැහැ නොවැ..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියන්න දෙයක්ද. පොලිස් මාධ්‍ය ප්‍රකාෂක කියන්නේ ගේ ගිනි තිබ්බයින් සාක්ෂී නැතු උනා කියලා. ඕවත් පොලිසියෙම වැඩ බව එයින් පේනවා.

      Delete
  23. ඕක කරපු යක්ෂයන්ට හෙනම ගහන්න ඕනා

    ReplyDelete
    Replies
    1. උන්ට කිසි හෙනයක් නෑ මෙයා. උන් දන්නවා උන් බේරෙන බව, අර තංගල්ලේ සුද්දා මරපු එකා රැස්වීම් වලට සහභාගි වෙන්නේ.

      Delete
  24. වර්ණා! හෙන ගහන්න නෙමෙයි ඕකුන්ගේ අහවල් එකේ ඉදල කුණු වෙන්න ඕන.මේ ගැන ලොකුවට කතා කරන්න බය වෙලා හිටපු පට්ට පරට්ට අසමජ්ජාති මාධ්‍ය කාරයන්ට මාතලන් ඔයා දුන්න පාර නම් very good.නීතිය මිනිස්සු අතට ගන්නේ යුක්තිය ඉටු වෙන් නැති නිසානේ.මමත් පහුගිය මාසෙක(දෙසැබ්බර්)ගිහින් පොඩි ඇන්ට්‍රියක් දැම්ම කහවත්ත පොලීසියේ අද වෙනකම් හාවක් හූවක් නෑ ඕන්න නීතිය රකින අපේ උත්තමයන්ගේ වැඩ.රටේ ප්‍රධානියාගේ ක්‍රියා කලාපය මේ සිද්ධියෙදි අපි බලාගෙන ඉමු.මේ සිද්ධියට සම්බන්ධ සියල්ලන්ගේ ම අහවල් එක කුණු වී ගැල වී පණුවොම ගසත්වා!!!!!!

    ReplyDelete
    Replies
    1. කිසි දෙයක් වෙන්නේ නෑ. උන් එලියේ. පොලීසිය ඒ විදියට තමයි සැරසෙන්නේ.. නමුත් ස්වභාවධර්මයෙන් ගැලවීමක් නොමැත.

      Delete
  25. අපි අවුරුදු දෙදාස් පන්සීයක ශිෂ්ටාචාරයක්, බුදුදහමක් ගැන කතා කරනවා. සුද්දන්ට ගරහනවා. අපි උසස් කියනවා. "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු" වගේ සින්දු වලින් කියන දේ හිතට අරන් හැදෙනවා වෙනුවට ගයකයට බනිනවා. "ලෝකෙන් උතුම් රට ලංකාවයි" කියා කියා ස්වයන් වින්දනයක් ලබනවා. බලනකොට දුෂ්ටකම, කුහකකම, අවනීතිය, දූෂණය අතින් අපි දෙවෙනි වෙන්නේ සමහර අප්‍රිකානු රටවල් වලට විතරයි. (මගේ හරි නම කිවුවොත් හෙට මාව අත්‍ අඩංගුවට ගනීවි දේශද්‍රෝහී වීමේ චෝදනාව උද, නැත්නම් SF ගේ යාලුවෙක් කියල.)

    ගිනි තියපු ජනතාවට මගේ උපහාරය. හැබැයි පරිස්සමින් ඉන්න, ඔය පොටෝ වීඩියෝ බලල ඔයාලත් අත් අඩංගුවට ගනීවි. මට විශ්වාසයි පොලීසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි මුන්ව බෙර ගනියි සාක්කි නැහැ කියල. එහෙම නැත්නම් වැඩේ කූල් ඩවුන් වුනාට පස්සේ මුන් ජනාධිපති සමාව යටතේ නිදහස් වෙලා වෙන පැත්තක පදිංචි වෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවා ඒ විදියට තමයි තිර පිටපත ලියාගෙන යන්නේ.

      Delete
  26. මේවා අහන කොට බය හිතෙනවා අප්පා...:(

    ReplyDelete
    Replies
    1. ඔයාලා බය වෙන්න එපා. ඔයා ඉන්නේ මෙහේ නෙමෙයිනේ

      Delete
  27. ෙමතනදී ෙකාන්ද ෙකළින් තියාෙගන යම් තරමකට හරි හිටිෙය් ලක්බිමයි රිවිරයි විතරයි. අෙනක්වා ප ෙතා්ල නැත්නම් බණ්ඩක්කා. මුන් උන්ව හදුන්වාගනෙන් ෙකාෙහාමද?

    ReplyDelete
    Replies
    1. ඔවුනට අපේ ආචාරය

      Delete
    2. ලක්බිම කියවන්න ලැබුනෙ නෑ . . ඒත් රිවිරෙ කෙලින්ම අමතල තිබුන පොලීසිය සිද්දිය යට ගහන්න හදන එක ගැන

      Delete
  28. ඇත්ත..වෙලාවකට කලකිරෙනව මේව දැක්කම..පත්තර කරන්නෙ ටිරාන් අලස් වගේ බල්ලො, ටී වී කරන්නෙ සෝමා වගේ බැල්ලියෙ උන්ට සල්ලි එනව නම් අනිත් උන්ට හෙන ගැහුනත් කමක් නෑ.රත්නපුරේ පැත්තෙ ඉන්න උපාසකයො(ලොකුබණ්ඩා වගේ) මේව ගැන කතා නොකරට හෙට අනිද්දා දොරමඩලාවේ සදාචාරෙ ගැන කයිවාරැ ගහයි .දේශපාලනෙ කරන කොයි බල්ලත් එකයි. වැඩේ තියෙන්නෙ මේව තාමත් මිනිස්සු තේරැම් නොගන්න එක. පොලිසියේ බල්ලන් ගැන විශ්වාශය නැති නිසා ගෙවල් ගිනි තැබු මිනිස්සු න්ට පුණාමය.

    ReplyDelete
    Replies
    1. ලෙසටම කියා ඇත. ස්තූතියි කොමෙන්ට් කලාට

      Delete
  29. මුන්ට චන්දෙ දෙන මිනිස්සුන්ටයි බූවල්ලෙන් ගහන්න ඕන... කාලකන්නි හැත්ත

    ReplyDelete
    Replies
    1. මිනිස්සුත් එහෙමනේ. ආයිත් ඉල්ලන්න කියපන්කෝ. උඩින්ම එන හැටි බලන්න. අනික සජිත් වට කරන් ඉන්නෙත් ඕකෙම ලොක්කට් අකමැති සෙට් එක

      Delete
  30. මාතලන් ඔබ වැදගත් කරුණක් මෙතැනදී මතු කරලා තියනවා. මේක ජඩ මාධ්‍ය වේදීන් එදා ඉඳන්ම කරන දෙයක්. අපේ රටේ මේ වගේ මිනීමැරුම් වලට විතරක් නෙමේ අතවරයට ලක්වන කාන්තාවන් ගැන පුවත් පල කරන්නේ හරිම ජුගුප්සා ජනක ආකාරයට. මේවයින් බලාපොරොත්තු වන්නේ කාලකන්නි ලිංගික රසයක් ලබාදීම. අර පුවත් වෙබ් අඩවි වලත් බල්බ් පත්තු වෙන්න දානවනේ "දැරිවියක් දුෂණය කරයි" කියලා. මේවා ක්ලික් කරන අයත් මේ ජඩයන්ගේ පැවැත්ම තහඋරු කරනවා.

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව තහනම් කරන්න ඕන ඒ වගේ වෙබ් අඩවි. අපේ ජනතාවත් පුරුදුවෙලා තියෙන්නේ කුණු රසය විඳින්න. නමුත් ජාතික පුවත් පත් කියන්නේ වගකීමක් තියෙන මාධ්‍යයක්. කුණුහරුප පත්තර වල ඕන එකක් ලිව්වට කමක් නෑ.

      Delete
  31. පෝස්ට් එක ඉස්සුවඕන් එළකිරි එකේ දාන්ඩ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මගෙත් ඒකේ එකවුන්ට් එකක් තිබුනට් පබ්ලිෂ් කරන විදිය දන්නේ නෑ. පුළුවන්නම් හොඳයි කියලා හිතෙන අනික්වත් දාන්න. එකේ මෙම්බර්ස්ලා ගාන වැඩියි. මගේ සමහර ලිපි එළකිරි එකේ ගිහින් තියෙනවා. ඒවට තමා ඔය හිට්ස් වැඩිම

      Delete
  32. කතා කරලා කිසිම වැඩක් නැති මාතෘකාවක් ගැන කතා කරන්න හිතෙන්නේ නෑනේ..
    :/

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ

      Delete
  33. ඇත්ත... ජනමාධ්‍ය කාරයින් හිතන් ඉන්නේ උන් තමයි ලොක්කො කියල..

    ඒකනේ උන් මොන වැරැද්ද කරල ගුටි කාල ආවත් රැට ටිවි එකේ උන්ගේ චැනල් එකේ නිවිස් වලට යනවා අද මාධ්‍ය ආවරණයක් සදහා ගිය අපගේ මාධ්‍යෙව්දියකුට අමානුෂික ලෙස පහරදී රෝහල් ගත කොට තිබෙ වගේ නිවිස්

    අපේ මනුස්සයොත් ඒකේ වග විභාග නැ කෙලින්ම ගිලිනවා ..පව් අනේ අර මාධ්‍යෙව්දියා කියල...

    ග්‍රිස් යකා කහවත්ත ආච්චිලා මරන අත්භුත මිනිසා වගේ චරිත තනිකරම ජනමාධ්‍ය නිෂ්පාදන කියලයි මට හිතෙන්නේ..එකෙන් වැඩි වගකිම ගන්න ඔන සොම ඇන්ටිගේ සුවර්නවාහිනි එකේ ලයිව් @ 8.හරියටම ඇත්ත නොදැන පච ගහල උනුසුම් පුවත් නිර්මාණය කරල මිනිස්සු බයකරල ප්‍රවත්ති වල රේටින්ස් වැඩි කර ගන්නවා..

    දේෂ පාළුවො එක්ක මගේ ගනුදෙනුවක් නැ ..ඒ නිසා උන් ගැන කතා කරල වැඩක් නැ...

    ReplyDelete
    Replies
    1. සෝමාගේ වාහිනියට බැනලා වැඩක් නෑ. උන් දෙන්නෙත් ඉල්ලන දේ. බලන් උන්ට ගහන්න ඕන. සංස්කෘතික ඇමතියගේ මොලේ මයිල් ඌ කරන්නේ වෙන වැඩ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න