.

.

Feb 29, 2012

රුපියල උඩ යනවෝ - Floating Rupee


ගෙදර කොටු කරන් හදනා හොඳ කොල්ලෝ
අත ඇරියම අල්ලනවා නම් බොරුය
කොටු පැනලා පවුලේ නම්බුවත් කති
ගමම කකා රස්තියා පාරම දමති

ඉකොනොමි නම් ස්ටේබල් නෝ ප්‍රොබ්ලම්
ගන්නවා එකෙක් ඩොලර්වලින් ටූ තවුසන්
පච කෙල කෙල හිර කරගෙන උන් රුපියල්
අත ඇරලා ඔන්න යකෝ ඉගිලෙනවෝ

රුපියල බාල්දුයි පීචන් ඩොලරයට
කියන නිසා ඌ යනවා තවත් උඩ
අයි ඇම් ඇෆ්  චොප්පෙලවත් අල්ලගෙන
විසිල් ගහල බාපන් උඩ යන රුපියා

සීයට තුනකි කෙරුවේ අව පරමාණේ
සීයට දහයටත් උඩිනුයි ඉගිලෙන්නේ
බරහිර කුමන්ත්‍රණ කරුවෙක්දෝ රුපියා
අල්ලාලා හිර කෙරුවොත් හොඳයි වගේ

- රංචගොඩ ළමයා

38 comments:

  1. Replies
    1. බාන්නත් අමාරුයි රොකට් වගේනේ

      Delete
  2. ලන්තය කරවනා හාමුයි උගෙ බැලයොයි
    සිතුසේ කති, බොති, බඩ පිනුං ගසති
    බටහිර කුමන්ත්‍රන රුපියල් කරන පා
    ජෝගි බලා රට වැසියෝ ගසති පිනුං

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමේ රෙදි පල්ලෙන් බේරෙනවෝ
      රුපියල ඕහේ යන ළෝකෙක ගියාවේ

      Delete
  3. යන එක යනව ලෙසටම... හරි හෝ වැරදි අපේ එවුන් නම් මේ දවස් වල ඩොලර් ට්‍රේඩ් කරනව...

    ReplyDelete
    Replies
    1. අන්න ඩොලර් තියෙනවනම් නියම වෙලාව

      Delete
  4. මෙහෙව්‍ රටෙ පාවෙන විට රුපියල
    …කියාගන්න බෑ වැසියට පාන් පාන්
    …කොමන් වෙල්ත් කිරිකට් ගැන හිතන කොට
    ගියදෙන් අහසටම සුපියල ඔන්න ඔහේ

    ReplyDelete
    Replies
    1. කියන දෙයක් ඒ හැටියට කොරාඤ්ඤාං
      අනේ අපේ මැච් එක අද දිනනවනම්

      Delete
  5. මේ පාවෙන පාවිල්ලට කොහේ නතර වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. දියිය ළෝකෙම යයි වගේ...

      Delete
  6. රුපියල පාවේ
    ඉන්ධන වැඩිවේ
    කිරිපිටි හිඟවේ
    ඩොලරය රජවේ.............

    සංතෝසයි රජතුමනි one more!

    ReplyDelete
    Replies
    1. ගෑසුත් වැඩිවේ
      අම්මව සිහිවෙ

      Delete
  7. අනේ සාධු.. තව පලයන්.. අපිට හුස්ම ගන්න බැරිවෙන්නම පලයන්....

    ReplyDelete
    Replies
    1. දැන් නම් කට ගාවටම ගිලිලා ඉන්නේ

      Delete
  8. ඉතින් විගහට අල්ල ගන්ටෝ...:D:D:D

    ReplyDelete
    Replies
    1. අමාරුයි කෙල්ලේ ඒ තරම් උඩ ගිහින්

      Delete
  9. Replies
    1. එතකොට කියෙව්වේ නැද්ද

      Delete
  10. ඩස්බින් කිවුව නේද ඩොලර් එක රුපියල් 130වෙනකං නග්ගනව කියල . . . . ජය වේවා . . .!!!!

    ReplyDelete
    Replies
    1. ඒ ගානෙන් හරි නැවතුනොත් ලොකු දෙයක්

      Delete
  11. පාවෙනවලු රුපියල මේ දවස්වල
    පුවතක් ඇසුනයි මහ බැංකුව පැත්තෙන්
    පොඩි මිණිහා පයිසෙට යන මේ කාලේ
    ඕවත් වැඩද ගොයියෝ ඕවත් වැඩද.

    ReplyDelete
    Replies
    1. මේ යන විදියටම ගියොතින් ලංකාව
      හිඟන්නෝ නැති මොන්ටී කාලොවක් වේවී

      Delete
  12. වැඩක් නෑ කතා කරලා අද රුපියල් 500ක් අරගන පාරට බැස්සත් බස් වලටම පුදලා ඉවරයි ඒ ටික

    ReplyDelete
    Replies
    1. බස් එකේ නගින්න ඕන නෑ.. හන්දියට ගියාම ඉවරයි

      Delete
  13. රුපියල පාවෙන තරම දුටුවොතින්
    සරුංගලය ඕනෑ නැත්තේ
    මාම අපට දෙන මේ වගෙ ආතල්
    ඕන තරම් ඇත හැම පැත්තේ

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවේ ආතල් ඔක්කොම විඳලා
      නිවන් යන්න වෙයි හැමටම ළඟදීම

      Delete
  14. මෙච්චර කල් අල්ලල හිරකරගනිපු එකෙන් තමයි මේ නස්පැත්තිය උනේ.

    ReplyDelete
    Replies
    1. කාටද ඉතින් කියන්නේ හොරෙක් කියලා ගෙදර යවපු එකෙකුයි ආරථිකය ගැන මෙළෝ දෙයක් නොදන්න එකෙකුයි නේ ගුලි අඹරන්නේ..

      Delete
  15. ඩොලර් දෙදාහක් උපයන එවුන් රටේ
    කීයක් ඉන්නවද කියලා හොයපියව්
    ඒකෙන් හූර කන උන් ටික අඩුකරලා
    ඉතුරු උනොත් ඒකයි සුභ අනාගතේ

    ReplyDelete
    Replies
    1. දුප්පත් එවුන් නැති උන ළෝකයක් වෙත
      සිංගප්පුරූවක් කොරනට සැරසෙන්නේ
      දුප්පත් එවුන් බඩගින්නේ මැරුනාම
      ලේසියි වැඩේ එදිනයි සුබ අනාගතේ

      Delete
  16. කියවල තියේද ජී.බී සේනානායක ගේ "දුප්පතුන් නැති ලෝකය"

    ReplyDelete
    Replies
    1. බොහො කල් දැන් එච්චර මතකය නෑ

      Delete
  17. රුපියල මෙහෙම උඩ ගියෝතින් නප්පියට.. අය්යෝ කන්න වෙන්නේ ඉතින් ඩොලරයට

    ReplyDelete
    Replies
    1. ඇතුලෙම ඉන්න උන් කරනා කුමන්ත්‍රණ
      බවකුයි පෙනෙන්නේ මේ යන ක්‍රොමේටනම්
      මරන් නොකා නපුංසකයෝ විපස්සයේ
      ඇතුලම සුද්ද කරගත්තොත් හොඳයි වගේ

      Delete
  18. රුපියල භූමදාන කරයි වගේ මුන් සෙට් එක

    ReplyDelete
    Replies
    1. වැඩි කල් යන්නට මත්තෙන්

      Delete
  19. 2004 2014
    දදේනි ඩොලර් බි 20.7 ඩොලර් බි 74.9
    ඒක පුද්ගල ආදායම ඩොලර් 1062 ඩොලර් 3625
    විදේශ සංචිත ඩොලර් බි 2.3 ඩොලර් බි 8.3
    රාජ්‍ය ණය බර දදේනි % 102.3% 75.5%
    සෘජු විදේශ ආයෝජන ඩොලර් බි 0.24 ඩො බි 1.4
    කොටස් වෙළඳපොල ප්‍රාග්ධනීකරණය රු බි 382 රු බි 3,105
    විරැකියාව 8.3% 4.3%
    උද්ධමනය 9% 3.3%
    දිළිඳු ජනතාව 15% 6%
    විදුලිය ඇති නිවාස 73% 98%

    ReplyDelete
  20. දදේනි ඩොලර් බි 20.7 (2004) ඩොලර් බි 74.9 (2014)
    ඒක පුද්ගල ආදායම ඩොලර් 1062 (2004) ඩොලර් 3625 (2014)
    විදේශ සංචිත ඩොලර් බි 2.3 (2004) ඩොලර් බි 8.3 (2014)
    රාජ්‍ය ණය බර දදේනි % 102.3% (2004) 75.5% (2014)
    සෘජු විදේශ ආයෝජන ඩොලර් බි 0.24 (2004) ඩො බි 1.4 (2014)
    කොටස් වෙළඳපොල ප්‍රාග්ධනීකරණය රු බි 382 (2004) රු බි 3,105 (2014)
    විරැකියාව 8.3% (2004) 4.3% (2014)
    උද්ධමනය 9% (2004) 3.3% (2014)
    දිළිඳු ජනතාව 15% (2004) 6% (2014)
    විදුලිය ඇති නිවාස 73% (2004) 98% (2004)

    This is how Percy Mahendra Rajapaksa destroyed the Sri Lankan economy.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න