.

.

Aug 21, 2012

කැම්පස් කම්බස් - Campus Closed


දැන් ජැනරේසොන් එකේ වාසිටි කෙල්ලෝ කොල්ලෝ දන්නේ නැති උනාට, අපේ ජැනරෙසොන් එකේ විස්ස විජ්ජාල පද්දතිය වැඩිපුරම තිබුනේ දින නියමයක් නැතිව වහලා දාලාය. තේරිච්ච උන් අවුරුදු ගනන් ගෙදර හිටියේය. ඒ කාළේ කැමපස් විතරක් නෙමේය, සිල්ලර කඩත් වැහුවේය. චිට් එක දීලා විනාඩි පහක් යනකොට, මුළු ටවුමම ගෙදර ගියේය. බස් යන එකත් නැවතුනේය. එහෙම චිට් දීපූ අය, අද චිට් එකෙන්ම දියවන්නාවේය. දෙගොල්ලෝම තරඟෙට පද්දතිය වහලා තිබ්බේය. කොල්ලන්ට කෙල්ලන්ට ඉතරක් නොව ආචාර්ය කස්ටියටත් නිවාඩුය. මේ තුන් කස්ටියගෙන්ම සමහරු රට පැන්නේය, සමහරු කැළෑවේ පැන්නේය, සමහරු නිවන් ගියේය.

අද පටන් ආයෙත් කැම්පස් වහලාය. ඒත් දින නියමයක් නැතිවය. අර නාථ සිල්වා කියනවා වගේ ඕවවල මෙළෝ දෙයක් වෙන්නේ නැත්නම් සදහටම වහලා දැම්මාම ඉවරය. ඒ උනාට මැඩිකල් ෆැකල්ටි ඕපන්ය. ඒ මොකෝ නාථ සිල්වා, බූරූ බන්ධුල, ගොන් බන්ඩා වැනි පිස්සන්ට බෙහෙත් දෙන්න දොස්තරලා ඕන නිසාය. දියවන්නාවේ පිස්සන්ටත් බෙහෙත් දෙන්න ඕනෑය. පලා බබාලාටත් ප්‍රියඩීසියන්ලා ඕනෑය. ප්‍රාදේශිය සභාවල බල්ලන්ට බේත් විදින්න බලු දොස්තරලාත් ඕනෑය. ඕනම නම් ඔය මළදානත් වහලා දාලා අර මාලබේ එකෙන් මේ බූරුවන්ගේ බූරූ පැටව්ම දොස්තරලා කොරන්නත් පුළුවන්ය.

අචාර්යවරුත් ඊට හපන්ය මස් රාතලම ඉල්ලනවාය. ප්‍රශ්න 6ක් විතර දාගෙන තියෙන්නේ පාජාවටය. ඕන ගොනෙකුට ඒක තේරෙනවාය. ඔතන ගේම යන්නේ බේසික් එක වැඩිකරගන්නය. ආන්ඩුව කියන්නේ දීමනාත් එක්ක පඩි වැඩි කොලා කියලාය. එයාලා කියන්නේ එයාලා කොරන දෙයක් නැති නිසා දීමනා එපා බේසික් එක වැඩි කොරලා දෙන්න කියාය. ඒ කතාව ඇත්තය. මොකෝ එයාලාටත් විශේෂ වෘත්තිකයින් පිරිසක් ලෙස සලකන්න කියලාය. මම නම් එකෙක්වත් විශේෂ වෘත්තිකයින් වනවාට අකමැතිය. හැම එකාම කරන්නේ රස්සාවක්ය. මෙයාලා නැති උනොත් උපාධිධාරින් නැතිවන්නේය. ඒත් කුණු අස් කරන එකා නාවොත් රටම ගඳ ගහනවාය. ලෙඩ රෝග බෝවෙනවාය. නහුතයක් ප්‍රශ්නය. එතකොට උන් කිව්වොත් උනුත් වෙනම කොට්ටාසයක් ලෙස සලකන්න කියලා කස්ටියටම වෙන්නේ නාන්නය.

නමුත් සාධාරනයක් තිබිය යුතුය, රටේ උගත්ම කස්ටිය ඉන්නේ මෙතනය. රටක් දියුණු රටක් ලෙස පිලිගන්නා ප්‍රධාන සාධකයක් වන්නේ එරටේ අධ්‍යාපන මට්ටමය. එයිනුත් උසස් අධ්‍යාපන මට්ටමට විශේෂම තැනක් තියෙනවාය. බුද්ධිමතුන් බිහි නොකෙරුවත් උගතුන් බිහිකරන්නේ මෙතනින්ය (බුද්ධිමතුන් බිහිකරන තැනක් නම් මෙවන් ඇමති බූරූවන් දෙදෙනෙකු මෙයින් බිහිවිය නොහැක.) එම නිසා ආචාර්ය කස්ටියගේ බෙසික් එක වැඩි කලාට අනෙක් උන් ගේම් අදින්නේ නැතිය. හොඳ කාරෙකකට ලීස් එකක් දාන්න ගියත්, බලන්නේ සැලරි එකේ, බේසික් එකය. ගෙයක් හදාගන්න ගියත් එහෙමය. කැම්පස් එකේ ටීචර්ලාට ලැජ්ජා නැතුව පේ ස්ලිප් එක පෙන්නන්න පුළුවන් කමක් තියෙන්න ඕනැය. ලේසිම දේ දීමනාවලට දෙන ගානේන් සීයට පනහක් බේසික් එකට එකතු කරණ එකය.

ආචාර්ය කස්ටියත් මස් රාත්තලම් ඉල්ලන එක කැතය. පොඩි උන්ගේ උත්තර පත්තර ටික බලා පොඩි පිනක් දහමක් කොර ගත්තාට අවුලක් නැතිය. මොකෝ බූරුවන්ගෙයි, ආචාර්යලාගෙයි ගේමට, ඒ දරුවෝ පලි නැතිය. මොකෝ මේ පිස්සෝ හමුදාවේ උන් දමා උත්තර පත්තර බලන්නත් පුළුවන්ය. එහෙම නැත්නම් උසස් පෙල ගුරුවරුන් දමා ඒ දේ කළ හැකිය. එහෙම කළොත් කැම්පස් ගන්නේ නෑ කියන්න එයාලාට බැරිය. දරුවන්ගේ තාත්තා කිව්වොත් ගන්න වෙනවාමය. මේ ඇමති බූරුවන්ට හා ගොන් නිළධාරින්ට ප්‍රශ්ණ වලට සොලියුෂන් නැතිය. හැම මළදානෙම රජතුමාම විසඳිය යුතුය. එතුමා මේ දවස්වල බිසිය මොකෝ ළෝකයේ දියුණු රාජ්‍යයන්වල රජවරුන්, පාලකයින් එතුමා බැහැදකින්න එනවාය. ධාතූ වඳින්න යනවාය. මළගෙවල්, මගුල් ගෙවල් ආදි දහසකුත් රාජකාරී වැහි වැහැලාය. ඒවා ඉවරවෙලා මේවාට සොලියුසන් දෙනවාය. එතකන් ටිකක් ඉවසන්න වෙනවාය.

 මට දුක මේ එකක්වත් නෙමේය. ළෝකයේ දියුණුම රාජ්‍යයන් දෙකක් වන ස්වාසිලන්තය හා සී ෂෙල්ස් සමඟ අනිත් ගිවිසුමුත් අතරේ අපේ මොට්ට ඇමතියාත් එක්ක අධ්‍යාපනය පිළිබඳ ගිවිසුමකටත් අත්සන් කළ එකය. අනේ ඒ රටේ අධ්‍යාපනයටත් සිසු පරපුරටත් අබ සරණය. ඒ රටවල අයටත් වෙන රටවලට යන්න බෝට්ටු කර්මාන්ත ශාලාවක් හැදුවානම් අපිත් ගොඩය.

78 comments:

  1. මොකක් ද කරන්නේ අප්පා.ආචාර්‍යවරුන්ට කියමු හොඳ පඩියකට රට යන්න කියලා. නැතිනම් පුද්ගලික විවි වල උගන්වන්න කියමු. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියමු සල්ලි දීලා ඉගෙන ගන්න කියලා. සල්ලි නැති අයට කසාඳයක් බැදල ළමයෙක් දෙකක් හදා ගෙන .........ඔය මොකක් හරි කරගෙන ඉන්න බැරියැ. මේක ඉතින් සෞභාග්‍යමත් රටක් වෙච්චි. ජීවත්වෙන්න මොනා ද අප්පා කරන්න බැරි.ඔන්න ඔහේ නිකම් තියෙන විවි වහල දැම්මත් ඇරල තිබ්බත් එකයි.

    කොහොම වුනත් පොඩි වුන් ගැන දුකයි. පලි ගන්නෙ කාගෙන් ද? අපෙන්. අපේ පොඩි වුන්ගෙන්.

    වයස ? රස්සාව ?

    ඔය සැරේ කිසි කෙනෙක් කැම්පස් යනේකක් නැහැ.

    වැඩේ හරි. බුද්ධිමතුන් නැති රටක් පාලනයට පහසුයි.

    ReplyDelete
    Replies
    1. බුද්ධිමතුන් නම් ලංකාවේ ඇත්තෙම නැති තරම්. ඒත් උගතුන් ඉන්න එකත් පාලකයන්ට ලොකු හිසරදයක්...

      Delete
  2. මොකට කැම්පස් ගියාද මන්දා :/
    දුකයි දැන්නම් ඒ ගැන.ලෙක්චර්ස් නොතිබුනත් අපි කැම්පස් එකට ගිහින් කම්මැලි කම යන්න යාලුවොත් එක්ක හරි හිටිය.දැන් එකත නෑ..:(

    ReplyDelete
    Replies
    1. ලෙක්චර්ස් ලෙක්චර්ස් ගගා උඹලා ගස් යට ඉඳන් කොරන ඒවා කන්‍යාරත්න මහත්තයා ලොක්කගේ කනේ තියලා කියලා ආරංචියි...

      Delete
    2. හෑ...එතකොට කන්‍යාරත්න මහත්තය හිටියෙ ගහ උඩෙයි.මරු නම අප්පා.....

      මට මතකයි දවසක් ඔන්න ඔහොම මනුස්සයෙක් ගහක් උඩ ඉදල අවාසනාවන්ත ලෙස පෙම්වතුන් දෙදෙනා මැද්දට කඩා පාත් වෙලා. එදා තමයි වැඩේ.ඇතුලෙ දි කොල්ලො එකතු වෙලා ඌට ගැහුවා.පිට දි ගම්මු එකතු වෙලා කොල්ලොන්ට ගැහුවා.

      ගැටුම දුර දිග ගියා.

      දෙපිරිස අතර ගැටුමක්. විවි වැහුවා.

      හෙහ්........

      ගස් කපනෙක තමා එකම විසඳුම.

      Delete
    3. ඒකනේ කැලණියෙ පදුරු සහිත සයිබීරියාවක් හැදුවෙ... ගන්න ආතල් හැංගිලාම ගන්න...

      Delete
    4. ගර්ර්ර්ර්ර්ර්ර්

      Delete
    5. @ සිරාගේ කාමරේ

      කැලණියේ සයිබීරියාවත් දැන් එළි පෙහෙළි වෙලා තියෙන්නේ. පුස්තකාලයට අලුත් ගොඩනැගිල්ලක් හදන නිසා ඒ හරියේ හුඟක් ගස් කොළන් කපලා දැන් පඳුරු එච්චර නැහැ :D

      Delete
    6. පුස්තකාලෙත් අවුලක් නැහැ !

      Delete
  3. කාලීන කථා බහකි.. රට යන්නේ කොයිබටද කියා දැන් නම් අවිනිශ්චිතය... මේ රටේ ඉස්ට්‍ර‍යික් නොකොලේ වීරෝධාර රණවිරු සගයන් පමණි.. උනුත් ස්ට්‍ර‍යික් කොලා නම් විස්ස විද්‍යාල ආචාර්ය වරු අද බේසික් වැඩි කරගන්නේ එලොව සිටය... මේ ඉල්ලීම් දුන්නොත් හෙට තව උන් ටිකක් ලෙඩ වෙයි... අනිද්දට තවත් උන් ටිකකි... චක්‍ර‍ය මේ ආකාරයෙන් කැරකීගෙන පළමු සැට් එක නැවතත් ලෙඩ වේ. විපරීත බුද්ධි කියන්නෙ මේවාට තමා

    ඉන්දියාවෙන් ගණිකා නිළියො ටිකක් ගෙන්නලා 3.30 සහ 6.30 දර්ශන පෙන්නුවා නම් රට තවත් සුඛිත මුදිත වී ආසියාවේ නොව ලෝකයේම ආශ්චර්යය විම වළක්වනු එකෙකුටවත් නොහැකි වන්නේය.

    ReplyDelete
    Replies
    1. තරු ලකුණක් දෙන්න හිතෙනවා මේ කතාවට නම්....

      Delete
    2. ඉන්දියාවෙන් ගේන්නේ අහවල් කාරනේකටෙයි.. මෙහේ ඉන්න තරමක් ඉන්නේ එහෙම අයනේ..

      Delete
  4. ආශ්චර්යයේ තරම කොහොමද කියනවානම් මේ පටන්ගැන්ම විතරය. එහෙං කන්න බොන්න බඩු ගණන් ය. ඒවා ගන්න සල්ලි ඕනෑ ය. සල්ලි නැතිම එකා හොරකමේ ය. ඇති එකාත් හොරකමේ ය. ඒත් මකුළු දැලට අලි අහුවෙන්නේ නැතිය. විශ්වවිද්‍යාලයේ අවුරුදු 4 - 7 කරගෙන ඉන්න උන් ටික දිහා රුසියා ඕස්ට්‍රේලියා ගියපු උන් බලා හිනාවෙන්නේ ඇයිද මට නොතේරේ.. එහෙම ගිය වුන්ගේ දෙමාපියෝ හැම එකාම හොරුද නොවේ..

    ReplyDelete
    Replies
    1. මේ යක්කු ඒවා මෙහේ පටන් ගන්නවාට අකමැතිය. අකමැති හැම එකාගේම දරුවෝ ඉන්නේ පිටරටය.

      Delete
  5. මහින්ද මාමගේ බේබි කෙනෙක් ඔයින් එකක් ඇතුලේ හිටිය නම් ඔය සෙතේ වෙන්නෙ නැතෙයි කියලා කවුදෝ කොහෙදො කියලා තිබුනා!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. එහෙනම් උපකුලපතිටත් බේබිලාට සෑර් කියන්න තමයි වෙන්නේ.

      Delete
  6. ඉස්සරම මට මතකයි කොල්ල කැම්පස් තේරුණා කිව්වම අහල පහල උනුත් එක්ක එකතු වෙලා පවුලේ සෙට් එකම රබන් ගහල කිරිබත් උයනව.මීට අවුරුදු විස්සකට විතර ඉස්සර.වැඩේ කියන්නේ ඒ කොල්ලොමයි තාම කැම්පස් වල ඉන්නේ.ලෙචාලත් උන්මයි.සිලබස් එකත් එහෙමමයි.එකම වෙනස දැන් කොල්ල කැම්පස් තේරුණා කියල රබන් ගහන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් රබන් ගහන්නේ කිරිබත් උයන්නේ කාට හරි කෙල උනාම නේ.

      Delete
  7. බෝට්ටු සීන් එකට මාත් එකගයි බං !

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නේ ඩිරෙක්ට බෝඩ් එකට ගන්නද...?

      Delete
  8. විසදුමක් නැති ප්‍රශ්ණ..

    ReplyDelete
    Replies
    1. මෙව්වා ඉතින් සදාතනික ප්‍රශ්ණ තමයි.... අර බන්දුල කියන්නේ ළෝකේ හැමදේම වැඩි වෙනවා මිසක්ක අඩු වෙන්නේ නෑ කියලා නේ.

      Delete
  9. "ඒ කාළේ කැමපස් විතරක් නෙමේය, සිල්ලර කඩත් වැහුවේය. චිට් එක දීලා විනාඩි පහක් යනකොට, මුළු ටවුමම ගෙදර ගියේය. බස් යන එකත් නැවතුනේය. එහෙම චිට් දීපූ අය, අද චිට් එකෙන්ම දියවන්නාවේය."

    ඇයි තව සමහරු මැරිල ඉපිදිල වගෙ බ්ලොග් එකක් ලියගෙන් ඉන්නෙ. ඔය මිනීමරුවන්ට සුදුහුණු ගෑවට හැමෝම මෙ අයව දන්නව.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ එහෙම යත් ඉන්නවා තමයි...

      Delete
  10. මට නම් පෙනෙන්නේ මේක දියවන්නාවේ සෙට් එකයි, ආචාරි සෙට් එකයි එකතු වෙලා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න කරන රඟපෑමක් වගේ. දැන් ආණ්ඩුවේ එවා වහලා බැවින් හෙට පෞද්ගලික ඒවා ඇරෙනු ඇත ආචාරියෝද වැඩි බේසික් එකකට එහි යනු ඇත. ආචාරියන් අතරින් බුද්ධිමතුන් දැන් අඩුම තරමින් බොට්ටුවකින් ස්වාසිලන්තයට හෝ පැනගෙනය. ලොකු ටෝක් දුන්නාට දැන් ලංකාවේ ඉතුරු වෙලා ඉන්නෙ අති බහුතරයක් උගත් නමුත් බුද්ධිමත් නොවන ආචාරියෝය, එ ගොල්ලන් මෙහි ඉන්නේ රටට ආදරය ඇති නිසා නොව බෝට්ටුවට ගන්නේ නැති නිසාය. ඔවුන් රටට ආදරේ නම් මස් රාත්තලම ඉල්ලමින් මාස ගණන් චාටර් වෙන්නේ නැත, අඩුම ගණනේ උසස් පෙළ උත්තර පත්‍රවත් පරීක්ෂා කරනු ඇත. ආචාරියන්ට පමනක් නොව සමස්ත රාජ්‍ය සේවකයාටම ජීවත් වීමට අමාරුය ඔවුන්ට කාර් පර්මිට් තියා බයිසිකල් කටුවක් වුව ගැනීම සිහිනයකි. අද ආචාරියන්ට ඔය ඉල්ලන තරම දුන්නොත් එය වැරදි පූර්වා දර්ශයක් වනු ඇත හෙට අනිත් අයත් පාරට බසිනු ඇත. පෞද්ගලික අංශයේ අති බහුතරයකගේ තත්වය අයිස් ගහන රාජ්‍ය සේවකයාටත් වඩා අන්තය. මේ මල ඉලව් දකින විට මට නම් හිතෙන්නේම අඩුම තරමින් ස්වාසිලන්තයටවත් පැන ගැනීමටය.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය අඩුතරමෙ බෝට්ටුවකින් හරි රට පනින එක හරි යයිද. අනේ ගොනෝ. උඹ කියන්නෙ මොනාද කියල වත් දන්නවද???

      Delete
    2. සමාවෙන්න ඔබ දරන්නේ එකතරා රැඩිකල් මතයකි. නමුත් මේ රටට ආදරය කරන පිරිසක් තවමත් තැන් තැන් වල සිටිති.

      Delete
  11. අප්‍රේල් 27 විභාගය අවසන් වූ දා පටන් නිවාඩු සුවයෙන් විවේක සුවයෙන් මාස 4 ක් පමණ පසුවෙමි :(

    ReplyDelete
    Replies
    1. ආතල්නේ.. ගහක් කොලක් හිටෙව්වනම් ගෙඩිත් හැදිලා...

      Delete
  12. මුලින්ම පාර්මේන්තුව මොන්ටිසෝරියක් කරන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං දැනටත් මොන්ටිසෝරියක් වතේ නේ... හි හි....
      ටීචර්ගේ වේවැල හොරෙන් උස්සන් දුවන වල් කොල්ලෝ ටික වගේ සෙංකෝලෙත් උස්සන් ගියා නේද සැරයක්......

      Delete
    2. සීසෝවක් ලිස්සන බෝට්ටුවක් ලනුවල එල්ලපු ටයර් වගේ දේවල් ටිකක් තිබුනනං ඇති.

      Delete
    3. පොඩි උන්ට අපහාස කොරන්න එපා බං...

      Delete
  13. උඩ ටිකේ මට කියන්න හිතුන ඔක්කොම වගේ කියලා තිබුනා නේ...... ඕකෙන් වෙන්නේ හෙට අනිද්දා අවුට් වෙන්න ඉන්න ඔවුන් ටිකට ඉතුරු විභාග ටික ලියාගන්න තවත් තල්ප කාලාන්තරයක් බලං ඉන්න වෙන එක තමයි..

    ReplyDelete
    Replies
    1. එච්චර කල් වහන එකක් නෑ දෙවනි පඩියට ඉස්සෙල්ලා අරීවී...

      Delete
  14. අපි කියලා මොනවා කරන්නද???

    හොද වෙලාවට දෙවනි පාර උ.පෙ නොකර ප්‍රයිවට් එකකට පැනගත්තේ. නැත්තන් අපරාදේ නාකි වෙනවා මේ පොඩි එකා..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උමේ මොනවද පොඩි... කියන කථා ඇහුවාම නම් තිදරු පියෙක් වගේ...

      Delete
    2. අන්න මොළේ ඇති උන්.. ඒත් ඉතින් දුප්පත් එකාට තමයි හෙනේ....

      Delete
  15. මේ පාර ලෙක්චරර්ස්ලගෙ ප්‍රධාන ඉල්ලීම පඩි නෙවෙයි. අධ්‍යාපනයට වෙන් කරන හිඟන මුදල වැඩි කරන්න, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්න වගේ තවත් දේවල්. ඒත් ආණ්ඩුව උලුප්පන්නෙ පඩි කතාව.

    අපිටත් අවුට් වෙන්න පරක්කු වෙනවා. ඒත් එයාලගෙ ඉල්ලීම් සාධාරණයි කියල හිතෙනවා.

    පඩි ගැන විතරක් බැලුවත් අපේ ෆැකල්ටි එකේ තත්වෙ බලන්න. (මම මෝරා) අපේ instructor (junior lecturer) විදියට ගන්නෙ class තියෙන උන් විතරයි. එතකොට පඩිය 38000ක් විතර. ඒත් ඉන්ජිනියර් කෙනෙක් විදියට ජොබ් එකට ගියොත් එහෙම එකෙකුට 50000ක්වත් පඩියක් ගන්න පුලුවන්. සමහරවිට ඒටත් වඩා ගොඩක් වැඩි. ඉතින් කවුද උගන්නන්න ඉතුරු වෙන්නෙ? මේක ඇත්තටම මහා බරපතල ප්‍රශ්නයක් නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. නෑ නේ පුතා මේක කොහොමද බරපතල ප්‍රශ්නයක් වෙන්නේ? ගුරුවරයෙක් වෙනවද, ඉංජිනේරුවෙක් වෙනවද කියන එක තමන්ගේ තේරීම මිසක් කාගෙවත් බලකිරීමක් නෙවෙයිනේ? ඔයා අහල තියෙනවද ගුරු කම කියන්නේ වෘත්තියක් නෙවෙයි සේවයක්. ගුරුකම කරන්න ඕනි සමස්ත ශිෂ්‍ය ප්‍රජාව සහ සමාජය ගැන භක්ති ආදරයෙන් සමාජ සුභ සාධන අරමුණෙන් මිසක් සල්ලි හම්බ කිරීමේ අරමුණෙන් නෙවෙයි. කවුරු හරි ලාභ නොලබන අධ්‍යාපන සේවයේ ඉඳගෙන ලාභ ලබන පෞද්ගලික අංශයේ වැටුප් බළාපොරොත්තු වෙනව නම් එයා අවංක ගුරුවරයෙක් නෙවෙයි.

      Delete
    2. nekan uganwanna keyalada keyanne???

      Delete
    3. කසුන් මහතාගේ කතාවට මටත් එකඟ විය නොහැකිය. බුදු හාමුදුරුවන්ගේ ධර්මෙටත් මිලක් කියන වෙලේ ආචාර්ය වරුන් මිලකට ඩිමාන්ඩ් කොරන එක සාධාරණය. මෙළෝ දෙයක් නොකරන පලා බබාලටත් 80,000 විතර දෙන එකේ ආචාර්යවරුන්ට අඩුම පඩිය 40,000 වත් දෙන්න ඔනෑය. ගරු සේවා තිබුන කාළේ ඉවරය. දැන් හැමදේටම මිලක් තියෙන්නේය.

      Delete
    4. නිකන් වැඩ කරන්න ඇයි කැම්පස් යන උන්ගෙ විතරක් කොහේ හරි කහනවද? ඔය ඉතුරු උන්ටත් රටට ස්මාජෙට ආදරෙන් සේවය කරන්න බැරියැ. ඇමතිවරු නිකන් වැඩ කරනවා. (ආ.. අමතක උනා. උන් මොකුත් වැඩක් කරන්නෙ නෑ නෙ.) ගොවියො ලාබ ලබන අරමුනෙන් නැතුව බත සපයනවා. මුදලාලිලා අපිට ආදරේට කන්න දෙනවා. ඔන්න එහෙම උනා නම් අපිට භක්ති ආදරයෙන් සමාජ සුභ සාධන අරමුණෙන් වැඩ කරන්න තිබුනා.

      උඹලට ඇමති වරුන්ට පඩි වැඩි කරනකොට සතුටුයි. ජීවිත කාලෙම ඉගෙනගෙන සුදුසුකම් වලින් රස්සා කරන අපි කාල ඇඳල ඉන්නවට දුකයි.

      ඉගෙනගත්ත උන් මේ රටෙන් යන එකමයි වටින්නෙ මේ රටේ උන්ගෙ තියන කුහක කමට.

      Delete
    5. ඇයි බන්... ඉන්ටා ගන්නෙ 38000ට නෙවෙයි බන් 23000ට. අපිත් එක්ක හිටපු බැචාලා 60000ට විතර වලට Job යද්දි අපි අවුරුද්දක් විතර ඉන්ටා ඉදල අමාරුවෙන් Scholarship එකක් හොයාගෙන කොහේහරි රටක තව අවුරුදු 4ක් විතර කට්ට කාලා ඇවිත් ලෙචා වුනත් 45000යි... හෙන ගහන කතාවක්නෙ බන්....

      Delete
  16. ෂැහ්.. මදැයි උගත්තු වෙන්න ගියා, අපිත් එක්ක ඒ දවස් වල පිස්සු කෙල කෙල හිටිය වුන් දැන් හොඳ රස්සා කරන ගමන් කසාදත් බැඳලා... ස්වාසිලන්තෙත් මරු ඈ....

    ReplyDelete
    Replies
    1. නියමයි... 25% කට ඒඩ්ස්....

      Delete
  17. /* එයාලා කියන්නේ එයාලා කොරන දෙයක් නැති නිසා දීමනා එපා බේසික් එක වැඩි කොරලා දෙන්න කියාය. */

    ඇයි මන්ද මට ඔය ටික කියෙව්වහම හිනා ගියෙ... ආචාර්ය වරුන්ට විතරක් නෙමෙයි ඕක ගොඩක් අයට වලංගුයි නේද?...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේක ඒ අයම කියනවනේ. ඒකනේ වටිනාකම..

      Delete
  18. මට මතක ඇතිකාලේ අර ලිපියෙ උඩින්ම තිබුන විදියට අපෙ රටෙ තිබුනෙ විශ්ව විද්‍යාල දෙකයි
    …1 Open University
    2 Close University

    දැන් ආයෙම එහෙමයි. ඔය මේ පරම්පරාවට අතීතය මතක් කරන්න නොවැ

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය රිපීට් වෙනවයි කියනවනේ..

      Delete
  19. අර රත්ගමය කැම්පස් ගියත් හරි ඒකත් කුජීත වුනා

    ReplyDelete
    Replies
    1. රත්ගමයා විතරක් නෙමෙයි තව කීප දෙනෙක් ඉන්නවා බොග දාන අතරේ ඔතන විනාශ කොරපු..

      Delete
  20. මොනා වුනත් කැම්පස් යන උන් ටික පව්.

    ReplyDelete
    Replies
    1. මට නම් දුක කැම්පස් ගිහින් ලව් කරන උන් ගැන.. අනේ ඉතින් කවදා දකින්නද...?

      Delete
  21. මේක නිකන් හිඟන්නගෙ තුවාලෙ වගේ. අර කොමිෂන් පත් කොරල ගතිපු තිස්ස දේවේද්‍ර උන්නැහේගෙ වාර්ථාවත් ඇන්ටි යනකොට අරගෙන ගිහිල්ලද කොහෙද.
    එක එකා ස්ට්‍රයික් කරන කොට ඌ ඉල්ලන ඉල්ලන හැටියට උන්ට දෙන්න වෙනව. ඊට පස්සෙ තව කෂ්ටියක් අපිට අසාධාරණයක් උනා කියල ආයෙත් පටන් ගන්නව. දැක්කනේ සෞඛ්‍ය සේවෙ. මූලික වියදම වැඩි වුනත් සියළුම වැටුප් විෂමතා ඉවත් කරනව නම් මේ කරදරේ ඉවර වෙයි සමහර විට. ඒ කාලෙම කළානම් සමහර විට ගොඩදාගන්න තිබ්බ. දැන් සමහරුන්ට අහස උසට වැඩිකරල ඒ මට්ටමට ඔක්කොම ගේන්න ගියොත් ඉතිං ආණ්ඩුවට හොම්බෙන් යන්න වෙනව තමා.
    ඔය මොනවට සල්ලි නැති වුනත් සමහර විට ඊළඟ ඔලිම්පික් එක අපිට තියන්න හම්බුවුනා නම්, හඳට යානයක් යවන්න පුංචි කුමාරයට හිතුන නම් බලන්ට තිබ්බ නැති සල්ලි ඇති වෙල ප්‍රකෝටි ගණන් මකර කටට දාන හැටි.

    ReplyDelete
  22. ප්‍රමුකත්වය ආරක්ෂාවටද? අධ්‍යාපනයටද?

    ReplyDelete
    Replies
    1. කොටි බලය සුනු විසුනු කරානම් දැන් කාගෙන ආරක්ෂා වෙන්නද...? ජනතාවගෙන්ද....?

      Delete
  23. අනේ මළ මගුල.. මුංදැලා අපේ පේපර් ටික බලලා රිසල්ට් දෙනකොට නාකි වෙලා ඉදී ද මන්දා.. මුංගෙ ආශ්චර්ය.. නොදකිං තූ‍‍..

    ReplyDelete
    Replies
    1. බන්දුල මාමා කොහොම හරි බලවලා දෙයි... බය වෙන්න එපා.. හෝමාගම පැත්තේ මී හරක් දාලා හරි වැඩේ කොරයි...

      Delete
    2. ඕකා බලවලා දුන්නොත් සමහර විට මට ෆස්ට් ශයි ම යන්න පුළුවන් වෙයි. අනිප්පැත්තටනෙ මුංගෙ වැඩ..

      Delete
  24. //මම නම් එකෙක්වත් විශේෂ වෘත්තිකයින් වනවාට අකමැතිය. හැම එකාම කරන්නේ රස්සාවක්ය.//

    මේකටනම් මමත් සම්පූර්‍ණයෙන්ම එකඟයි. කෝ බං ඔය උදේ හවා කවි බණවලයි කතා බණවලයි කියන සමානත්මතාවය???

    ReplyDelete
    Replies
    1. එතකොට එව්වා නෑ... සමානාත්මතාවය.. මෑනියන්ගේ සෙද්ද....

      Delete
  25. ඉල්ලීම් බොහොමයක් සාධාරණයි. ඒත් 6%ක් වෙන්කිරීම වගේ කතා දේශපාලන සීන් වෙන්න පුළුවන්. කොහොම උනත් කැම්පස් යන එවුන්ගෙ හොඳම සෙට්එක තමයි ආචාර්යවරු වෙන්නෙ. එයාලට මීට වඩා වටිනාකමක් ලැබෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවා.. අන්තීම සාධාරන ඉල්ලීමක්.. බේසික් එක වැඩි කොරානම් ඉවරනේ..

      Delete
  26. මට තියන එකම ප්‍රශ්නෙ . . . මෙඩ්ඩො විතරද සුල්තාන්ලා ?? අනිත් එවුං ඔටුවොද ???

    ප.ලි.
    බෝට්ටු ප්‍රොජෙක්ට් එක

    ඒ අදහස බෙහොම අගෙයි, මගෙන් මුදල් අඩක් ලැබෙයි

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඩිපියුටි චෙයාමන් කම දෙන්නම්.. මෙඩ්ඩෝ නැතිව මේ පිස්සන්ට කවුද බේත් කොරන්නේ...

      Delete
  27. බෝට්‍ටු සීන් එක මරු. ස්වාසිලන්තෙත් මරු. ස්වාසුලන්තෙ රීඩ් ඩාන්ස් එකත් මරු. ඒ වුනාට අපිට චාන්ස් එක නෑනේ. ඒ රටේ රජාට විතරයි..

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ.. ඔය හොරෙන් හරි සෙට් වෙන්න බැරිය.. ඒඩ්ස් තියෙන එකත් සෙට් උනොත් බඩුම තමයි... කොහොමද ඒක...

      Delete
    2. එහෙම වුනොත්නම් බඩුම තමයි. කොහොමටත් ස්වාසිලන්තෙ 46% ඒඩ්ස් මම දන්න හැටියට. (සංඛ්්‍යා ලේඛන වෙනස් වෙන්න පුලුවන්.)

      Delete
  28. මොනවා කීවත් අපේ රජ සභාවේ තමයි නියම මොළ කාරයෝ ටික ඉන්නේ. කුඩු මැරවින්, ඇස් බූ වගේ හැම එකම කොයිකටත් කියල තමන්ගේ ළමයින්ව උසස් අද්‍යාපනය සදහා පිටරට යැවුවා. වෙන එකක් තියා, සුද්දන්ට අම්ම මෝ නැතිව බනින රජා උනත් කොල්ල ඉගෙන ගන්න ඇරලා තියෙන්නේ එංගලන්තෙට.

    ReplyDelete
    Replies
    1. උන් විතරක්යැ ඔය දේශප්‍රේමී නාථ දෙවියන්ගේ අමරසේකරලගේ දව්වෝ ඉන්නෙත් නොරට තමා...

      Delete
  29. විශ්ව විද්‍යාලය වසා දැමීම වූ කලී විශ්ව විද්‍යාල ප්‍රශ්නවලට ඇති අපේ කාලයේ සිටම අනුගමනය කළ අත්දුටු ප්‍රත්‍යක්‍ෂ පිළියමයි.

    ReplyDelete
    Replies
    1. තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩළය, රේල්වේ එක, ස්ටොක් මාකට් එක, ආන්ඩුවේ ඉස්පිරිතාල ඕවත් වහලා දැම්මනම් කිසි අවුලක් නෑනේ...

      Delete
  30. මේ ටිකට මම මාරම ආසය.. 'අද පටන් ආයෙත් කැම්පස් වහලාය. ඒත් දින නියමයක් නැතිවය. අර නාථ සිල්වා කියනවා වගේ ඕවවල මෙළෝ දෙයක් වෙන්නේ නැත්නම් සදහටම වහලා දැම්මාම ඉවරය. ඒ උනාට මැඩිකල් ෆැකල්ටි ඕපන්ය. ඒ මොකෝ නාථ සිල්වා, බූරූ බන්ධුල, ගොන් බන්ඩා වැනි පිස්සන්ට බෙහෙත් දෙන්න දොස්තරලා ඕන නිසාය.'

    පෝස්ටුව කදිමය :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.. අපි ලිව්වොත් ලිව්වාමය

      Delete
  31. ඹ්කේ ටිකක් නිවැරදි වෙන්න ඕනේ බන්දුලලා ඇස් බී ලටත් බෙහෙත් ගන්න බලු දොස්තරලා හිටියාම මැදැ..
    ආචාර්ය වරුන් සූත්‍රයක් දැම්මත් නැතත් ඔවුන්ගේ පඩි වැඩි විය යුතුය...එපා වෙනකන් විභාග කර අමාරුවෙන් අමාරුවෙන් සෑහෙන්න මහන්සි වී වැඩිදුර ඉගෙන ගත් ඇයින්ට වැඩිපුර ගෙවිය යුතුය...මුදල් වියදමින් ඡන්දයක් දිනා 6 හතර නොදන්නා ඇමැටිලාට ලැබෙන සල්ලි කන්ද ට සාපේක්ෂව ආචාර්ය ගොල්ලන්ට ලැබෙන්නේ සොච්චමකි.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න