.

.

Aug 5, 2012

Z ළකුණ, ගණන්කාරයෝ, බූරුවෝ සමග ජාතික අනන්‍යතාව - Z Score, Bloody Fools, Thugs and Nationality

බුදු හාමුදුරුවෝ මෙළොව උපදින්නට පෙර, තව්තිසාවේ සිටන් පස් මහ බැලුම් බලන්නෝය. මන්ද මතු බුදු වූ කළ ධර්මය කෙසේ වෙතත්, කස්ටිය බුදු හාමුදුරුවන්ගේ "බැක්ග්‍රව්න්ඩ්" එක හොයන නිසාය. එහෙම නැතුව යේසුස් වහන්සේ වගේ උපන්නානම් වන්නේ, යේසුස් වහන්සේට සිදුවු දේමය. ඒ බුදු වෙන්න ඕන නිසාය. ඒත් අද කාළයේ ළෝකෙන් උතුම් රටේ, පිරිසිඳුම බුදු දහම් තියෙන රටේ, පස් මහ බැලුම් බලා උපන්නත් වැඩක්ම නැත්තේය. මන්ද බුදු බව ලැබුවායයි දෙසුවොත්, අම්බානක කන්න වෙන නිසාය.


ඒ බුදුවරුන්ටය, සාමාන්‍ය ජනයා නොහොත් හුදී ජනයාගේ තත්වයත් එසේමය. පස් මහ බැලුම් නොව කෝටියක් බැලුම් බැලුවත් වැඩක් නැත්තේය. අපට බුදු වන්නට බැරිය, නමුත් ගොඩ එන්නට පුළුවන්ය. ඒ ශිල්ප සතර ලබාගත්තොත්ය. සුදු වෑන් එකෙන් ඇවිත් අරන් ගියත්, ලබාගත් දැණුම අරගෙන යන්න බැරිය. ඒ නිසා, උපදින්නත් පෙර සිටන්, ඒ කියන්නේ, මව සහ පියා දරුවන් හදන වැඩේට සෙට් වෙන්නත් ඉස්සර හොඳ ඇඩ්‍රස් එකක් හොයා ගන්න ඕනෑය. ඉන් පස්සේ පොඩි එවුන්ටත් කෙප්ප කෙලින්න උගන්වා සුපිරි පාසලකට දමාගෙන, බොරුවෙන් ජීවත් වන ජාතිය ගොඩ නැගීමට දායක වනවාය..

අපේ රටේ මිනිස්සු ජීවත් වන්නේ බොරුවෙන්මය, පාසලෙන් ආරම්බ කරන වැඩේ ව්‍යවස්ථායකය, විධායකය, අධිකරණය දක්වාම යනවාය. ඒ විතරක් නොවේය. ධනවාදි ආර්ථිකයේ සුක්කානම වන පෞද්ගලික අංශයද එසේමය. ඉතින් අධ්‍යාපනයේ කියා වෙනසක් නැත්තේය. ඇමතිවරුන්ගේ සිට කොමසාරිස්, අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, නිළධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් පමනක් නොව සුළු සේවකයා පවා ජීවත් වන්නේ බොරුවෙන්මය, කට ඇරියොත් කෙලින්නේ බොරුමය. වත්මනේ ඇතිවී ඇති " Z ස්කෝර් " ප්‍රශ්නයේදී, පැහැදිලිවම පෙන්වන්නේ මෙයයි.

සෑම සිද්දියකදී මෙන්ම ලක්ෂ තුනකට පමණ සිඳුවු අසාධාරනයක් වෙනුවෙන් සියළු දෙනාම පිට්ටූ කා, කටේ පිට්ටූ වගේ සිටියේය. අද අධ්‍යාපනය ගැන අඬන විස්ස ව්ජ්ජාල ආචාර්යවරුන්ද කටක් ඇරියේ නැත. ආචාර්ය තටීල්, ගුරුවරුන් සුළු පිරිසක් හා සිසුන් 16 ක් පමණක් අධිකරණයේ පිහිට පැතුවේය. සිසුන් දිණුවේය. නමුත් ඒ තීන්දුවටත් විස්ස විජ්ජාල කොමිසමේ ලොක්කා ගේම ඇද්දේය. එහෙම ගේම අදින්නේ බය නැති නිසාය. මොකෝ උසාවි ගිනි තිබ්බත් බලේ තියෙන එකා ශේප් කියන කාරනේ හැම එකාම දන්නා නිසාය.

කටවල් වල පිට්ටු තියන් උන්න එවුන් දැන්නම් පාරට බැහැලාය, උපවාසත් කොරනවාය. මේ අය කලින් උන්නේ කොහේද කියා හිතාගන්නවත් බැරිය. ඒ අපේ ජාතියේ හැටිය තමන්ටම කෙළ වෙනකම් ඉන්නවාය. Z එක මේ සැරේ සෑහෙන කස්ටියකට කෙලලා වගේය. එහෙම නැත්නම් කලින් ගොඩ ගිය උන්ට මේ සැරේ කෙලවෙලාය.. "A 3" ගත්ත එකාටත් විස්ස විජ්ජාලේ යන්න බැරිය, දිස්තිරික්කේ 400 වෙනි එකා විස්ස විජ්ජාලේ යනවාය. ඒ කියන්නේ අපේ උන් ගණන්කාරයෝ උනාට උන්ට "ගණිතය" බැරිය. එහෙම නැත්නම් ඇ-මැට්ටන්ටත් තේරෙන්නේ නැති "Z ස්කෝර්" මළදානේ අයින් කළ යුතුය. ඔය වැඩේට ඔයිට වඩා ලේසි ක්‍රම අතීතයේ පාවිච්චි කළේය. ඒ කියන්නේ විෂය නිර්දේශ දෙකෙන් ඉදිරිපත් වූ අපේක්ෂයක්න්ගේ අනුපාතයට විස්ස විජ්ජාලේට ගැනීමය.

දැන් කොරන්නේ අසාධාරන කොරොමයක්ය. පරණ නිර්දේෂයෙන් ඉදිරිපත් වූ ප්‍රමාණය ඇතුලත්කරගන්නා ප්‍රතිශතය අසාධාරනය. එය 30% කි නමුත් එතරම් සිසුන් පිරිසක් ඉදිරිපත් විය නොහැක. අනෙක් කාරනයනම් අසාධාරන දිස්ත්‍රික් ක්‍රමය නිසා "A 3" ගත්තත් ගෙදර ඉන්න වන එකය. පහසුකම් නැතිනම්, ගස් යට තියාගෙන හෝ මේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දිය යුතුය. මන්ද මේ දක්ෂතාවය ලබා ගන්නේ දිස්තිරික්කය නිසාවත් පාසල නිසාවත් (එහෙම කාළයක් තිබිනි.) නොව තනිකරම සිසුන්ගේ උත්සාහය නිසාමය.

පක්ෂ බේදයකින් තොරව අපේ රටේ පාලකයන්ට අවශ්‍ය උගත් ජනතාවක් බිහිකිරීම නොවේ. පාලකයන් පමණක් නොව උගතුන්ගේ තත්වයද එසේමය (අපේ රටේ බුද්ධිමතුන් නැත.) ඒ බව මනාව පෙනෙන්නේ, ආචාර්යවරුන්ගේ කුකුළන් කෙටවිම් බැලූ විටය. විස්ස විජ්ජාලවලත් තනිකරම තියෙන්නේ බොරුවම බව මනාව පෙනෙන්නේ මේ වෙලාවේය. නමුත් බුදු වන්නට නොව ගොඩ යන්නට නම් උපාධි සහතිකයක් ඕනෑය. ජම්බුදීපයේ නැතත්, බෝට්ටුවකින් හරි වෙන රටකට පැන ගත්තොත්, අර සහතිකේ වටිනවාය. ඒක රටටත් ආඩම්බරයක්ය. (මැද පෙරදිග වැඩ කරන පිලිපීන ජාතිකයන්ට, මක්කා නැතත්, උපාධියක් නම් තියෙනවාය, ඒ නිසා උන්ගේ පඩිය වැඩිය.)

පුද්ගලයකු උපන් ස්ථානය නිසා, එම පුද්ගලයාට අසාධරනයක් සිඳු වන්නේ නම්, එම පුද්ගලයාට එම ස්ථානය ගැන කළකිරිමක්, පසුතැවීමක්, කනගාටුවක් නොව වෛරයක් වූවද ඇතිවීම, සාධාරනය. අවසානයේ උපන් දේශය නොව, වැදු මවට පවා වෛර කරන්නේ නම්, එහි වැරද්දක් මට නම් පෙනෙන්නේ නැත. අප එවන් කාළකන්නි ජාතියක් (ශ්‍රි ලාංකික) විය යුතුද..?

49 comments:

  1. මාතලන් ආයෙ ලියන්න පටන් ගත්තෙ කරපු ජොබ හබක් වුනාට පස්සෙ කියල දන්නව නම් මක්ක නැතත් ඒ උතුමන්ල ඔයාට ජොබ් එකක් සෙට්කරල දෙනව. හෙහ් හෙහ් හෙහ් .....

    අපේ ජාතික අනන්‍යතාව ගැන නම් කතාකරල වැඩක් නෑ ඕං. බල්ලො බත් කන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නමුත් මේ තමයි අපේ නියම ජාතිකත්වය. මේ ගැන පෝස්ට් එකක් දාන්න හිතන් උන්නත්, පටන් ගන්නේ කොහෙන්ද කියලා තේරෙන්නේ නෑ...

      Delete
  2. අදාල පුද්ගලයො මේවා දැක්කත් වැඩක් නෑ බන් අයියෙ.. මේවා කියන එකත් හරියට බීරි අලින්ට වීණා ගහනව වගේ...

    /*අපේ උන් ගණන්කාරයෝ උනාට උන්ට "ගණිතය" බැරිය. */ සහතික ඇත්ත කතාව...

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා.. පොඩ්ඩක් කල්පනා කරපන් ඇයි අන්තර්ජාලෙට කොයි ආන්ඩුවත් බය කියලා..

      Delete
  3. @අප එවන් කාළකන්නි ජාතියක් (ශ්‍රි ලාංකික) විය යුතුද..?

    නෑ එසේ වියයුතු නෑ !

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහස එයමයි.. අපන් දේශය හැර.. නැත අන් සරණා

      Delete
  4. ආයෙත් ලියන්න ගත්ත එක ගැන සතුටුයි... අධෝමුඛ නැකතට වැඩ අල්ලන අද්දයාපන ඇමතියකු සිටින තාක් කල් මීට වඩා වැඩි යමක් අපේක්ෂා කිරීම උගහටය...

    පටිජොකා පිළිබද මගේ පෝස්ටුවක ඔබේ ජොක් පෝස්ටුව ලින්ක් කරලා තියෙනවා... ආබාධයක් නෑ නේද ? ජය!

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ සිරා.. ඒක තමයි වෙන්න ඕන..නමුත් දුක.. අමු අමුවේ උස්සලත් ලින්ක් එකක් නොදාන එකට.. බ්ලොග් කියන්නේ ලින්ක් ළොකයක්.. බොරුනම් කතාගෙන් අහන්න..

      Delete
  5. //අප එවන් කාළකන්නි ජාතියක් (ශ්‍රි ලාංකික) විය යුතුද..?//

    විය යුතුනං නෑ . . .ඒත් නිකං වෙමින් පවතිනව වගේ නේද ???

    ප.ලි.
    මට මේලක් දාපං duliponline@gmail.com

    ReplyDelete
    Replies
    1. නිකං ඒ වගේ නේද.. අලේ මං ලල් ලෑ...

      Delete
  6. z අගය කියන මළ ඉලව්ව හදන සූත්‍රයවත් කිසිවෙක් හරියට දන්නේ නැහැ. අපි ගොඩගිය පර්න ක්‍රමේට නම් ඔය අවුල් මුකුත් නැහැ. හැබැයි z අගය ගණනය කිරීමෙන් අතිදක්ෂයන්ට යම් සාධාරණයක් වෙනබව ඇත්ත. ඒත් උන් කොහොමත් ගොඩ. ඒ නිසා මගේ නම් කැමැත්ත පරණ ක්‍රමේටමයි. ඒ කාලේ ඔය අවුල් තිබ්බේ නැහැනෙ. අපි හිතන විදියටම විස්සවිජ්ජාලෙට කට්ටිය ගියා. ප්‍රතිඵල ආව ගමන් අපි දන්නව යන්නේ කවුද කියලා. එතකොට අනිත් උන් උන්ගේ වැඩ වලට සෙට් වෙනවා.

    අනේ මන්ද ???? මේවාට මොනවා කියන්නද??? අපේ දරුවො තුන්වෙනි කැරැල්ලත් ගහයිද කියලයි මට බය.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ අපේ ජීවිත කාළය තුල නැවත කැරල්ලක් ඇතිවෙයි කියලා. උතුරෙවත් දකුනෙවත්. නමුත් රටක ජීවනාලිය කළකිරුන පිරිසක් වීම ඒ රටේ පැවත්මට කිසිසේත් හොද නෑ කියන එකනම් කියන්න පුළුවන්..

      Delete
  7. Z score ගැන මමත් ලීවා. වෙලාව තියේ නම් කියවන්න.

    http://meeghaya.wordpress.com/2012/07/26/z-score-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B8%E0%B7%94/

    ReplyDelete
    Replies
    1. කියෙව්ව මචෝ. කවදත් වගේ ඉතා හොඳ ළිපියක්. නමුත් මට ආරංචි විදියට නම් කැල්කියුලේෂන් ඒක ඔයිට වඩා සංකීර්ණයි සහ තවත් දත්ත මත පදනම්ව කළ දෙයක්..

      Delete
  8. කතාකර වැඩක් නැත. :/

    ReplyDelete
    Replies
    1. එහෙම කියාලා හරියනවනද පනේ...

      Delete
  9. හැම මඟුලටම හෙන ගහපු එකේ අද්යාපනේ බේරෙයිද ආයිබෝවං!

    ReplyDelete
    Replies
    1. ඉඳා මචෝ තරු දුසිමක් මගෙන්!
      ****************************

      -සූස්ති

      Delete
    2. නමුත් මචෝ හැම දේ වගේමද අධ්‍යාපනේ...

      Delete
  10. බොහොම සතුටුයි ආයි ලියන එක ගැන , ලිපියේ තියන අදහසට එකඟයි

    ReplyDelete
  11. අප්පිරියය් අප්පා :/ සිස්ස ප්‍රජාව අකමැතිම අකුර නේ ඕක

    ReplyDelete
    Replies
    1. අධිකරණයේ පිහිට පමණි...

      Delete
  12. බොරු දකින කොට කට පියන් ඉන්ට බෑ වගේ නේද...

    ReplyDelete
    Replies
    1. ඒකනම් උපන් දා හිටන් තියෙන කේස් එකක් මාළු පැටියෝ..

      හරියට කවුද බෝයි වගේ...

      Delete
  13. ආයෙම පුරුදු ලිවිල්ල.. අනේ මන්දා ඉතින් ඔය ගණන් කෙරුවාවනම්.. හැමදාම අවුල් නේ.. :)

    ReplyDelete
  14. දෙක ඒකාබද්ධ වෙලා නොවැ දැන් තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කෙළවෙලා කියන එකනේ..

      Delete
  15. //කටවල් වල පිට්ටු තියන් උන්න එවුන් දැන්නම් පාරට බැහැලාය, උපවාසත් කොරනවාය. මේ අය කලින් උන්නේ කොහේද කියා හිතාගන්නවත් බැරිය. ඒ අපේ ජාතියේ හැටිය තමන්ටම කෙළ වෙනකම් ඉන්නවාය. //

    ++++1

    ReplyDelete
    Replies
    1. ලිපියේ ආසම ටික.ඒ දවස්වල කැම්පස් වල උද්ඝෝෂණ යනකොට මිනිස්සු අපිට බැන්න හැටි මතක වෙනවා.බස් එකක කැම්පස් ටී ෂර්ට් එකක් ඇඳන් යනවා දැක්කොත් ඇති බනින්න.

      Delete
  16. එසේ විය යුතු නැත.එහෙත් එසේ වෙමින් පවතී.එය නැවත්වීමට හැකි ක්‍රමයක්ද පෙන තෙක් මානයේ නොමැත.
    අපි කුමක් කරමුද??

    ReplyDelete
    Replies
    1. එන්න ප්‍රමුදි..

      අපි නටමු
      නටමු ///
      තුටින තුටින ගීත ගයාලා..
      තන නා න නා න නාන නා...

      Delete
    2. ලා ලා ලා ලා ලා

      Delete
  17. ලොකු අයියේ ඉතින් ඔව්ව ඔහොම නේව

    ReplyDelete
    Replies
    1. හෙමෙයි කියලා බලන් ඉන්න බෑනේ පනේ..

      Delete
  18. කියවන්නෙක් පමණිAugust 6, 2012 at 1:56 AM

    ඉතිහාසයේ දූෂිතම ආණුඩුව විදිහට චන්ද්‍රිකා තියපු රෙකොඩ් එක මෙයා කවදාවත් බිදින්න බැරි විදිහට තියනවා. මේ වෙලාවේ මම නම් එජාපෙට කතිරේ ගහනවා. ආණ්ඩු පෙරලන්න බැරි වුනාට මේ ු්ි‍ේ පුතාලගේ කයිවාරැව තමා ඉවසන්නම බැරි. ලොවෙත් නැති අලුගුත්තේරැ වැඩ කරලත් අපෙන් අහන්නේ බය නැතිව පාරේ බැහැල යනන් පුලුවන් එකම මදිද කියලා. සබරගමුවෙන් සන්ධානෙට දූදරැවන් හතක් ඉල්ලනවා. ඇමැට්ටියෝ හැමෝම නාන එකේ සක්කිලි බල්ලා දිසානායක එහෙම නොනා ඉදියිද.

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙලින ඇමතිවරු සෙට් එකක් තියාගෙන ලොක්කත් නිළධාරින්ට සද්දේ දානවා. ඉස්සෙල්ල ඇමතිවරු වැඩ කරන්න එපාය. අකාර්යක්ෂම ඇමති මණ්ඩලය උන්න නායකයා ලෙස මෙතුමා ඉතිහාස ගත වෙනවා.

      Delete
  19. නැවත ලිවිමට සිතවිම පිළිබදව මගෙ සුබ පැතුම්...

    කහට කෝප්පේ පොගවා ගිලින්නට
    පාන් කැබැල්ලක් යදිනා දනන් හට
    ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
    එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට…

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      ආයේ අහල..
      නොවේ මෙවන් රටක් ළොවේ...

      Delete
    2. මාතලන්,

      //නොවේ මෙවන් රටක් ළොවේ...// :D

      සෝමාලියාවට ඉහළින් ලංකාව ඉන්නෙ කියා දැනගත් දවසට රටේ නිවාඩු දවසක් දාලා ජාතික උත්සවයක් පැවත්වේවි ද?!!

      Delete
    3. අනිවා... ඩෙෆා...

      ආයේ දෙකක් නෑ..
      කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ..
      ඇයි කිරිබත්...?

      Delete
  20. අඩේ මාතලන්... දැක්කත් සැපයි

    ReplyDelete
    Replies
    1. හෙලෝ ගුණේ..
      කොහොමෙයි ඉතින්

      Delete
  21. Z කියන්නේ ZERO කියන එකනෙ.... ඉතින් ඒ අකුර අපේ ක්‍රමේට ගැලපෙනවා... අද හුඟක් දේවල් ZERO වලටම බැහැලානෙ..

    ReplyDelete
  22. පළමුවෙන්ම කිව යුත්තේ මෙතරම් සුළු සිද්ධියක් දුර දිග අදී යන්නට සලැස්වීම ගැන ඇමතිවෞන් දෙදෙනා සම්පූර්නයෙන්ම වග කිව යුතු බවයි. නමුත් අනෙක් පාර්ශවද මෙහිදී සුදු හෝ බබාලා නොවේ.

    මෙහිදී බොහෝ අඳ බාලයන් Z අගය සෑදීමට ගන්න ක්‍රමයේ අඩුපාඩු ගැන කතා කරති. නමුත් එවැන්නම් නොමැත. Z අගය ගණනයට ඇත්තේ එකම සූත්‍රයක් පමණි. ගවුසීය ව්‍යාප්තියකට කුමන ක්‍රමයෙන් Z අගයයන් යෙදුවත් අවසානයේ උත්තර එකම වන බව සංඛ්‍යානයේ පිළිගත් සත්‍යයකි. ප්‍රශ්න ඇති වන්නේ ව්‍යාප්තිය ගවුසීය නොවන විටය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් මුලින්ම යොදා ගත් ක්‍රමය ඉතාම සාධාරණ හා කලින් අවුරුදු වල ප්‍රතිඵල වලට සම්රූපී එකක්ද වෙයි. (බලන්න: දිවයින ලිපිය) නමුත් තටිල් විසින් යෝජනා කරන ක්‍රමය ලබා දෙන්නේ සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රතිඵලයි. මේ අවස්ථාව සිය දේශපාලන වාසි වලට යොදා ගැනීමට අවශ්‍ය වූ ජොසප් ස්ටාලින්ගේ ඊනියා ගුරු සංගමය කලේ සිසුන් 16 දෙන්ක් හා එක්ව නඩු පැවරීමයි. තටිල්ද මෙයට දර දිය ඇදි අතර, තටිල් යනු දෙශපාලන වාසි සඳහා, තමන් විසින් 2001 සකස් කල Z සූත්‍රය වැරදි බවට අධිකරණය ඉදිරියේ 2005 දී සාක්ෂි දුන්, කිසිම ආත්ම-අවංක භාවයක් නැත්තෙකි. ඔවුන්ට අවශ්‍ය වූයේ උසස් පෙළ ප්‍රතිඵල අවලංගු කරවා එමගින් දශපාලන වාසි ලබා ගැනීමටයි. අවසන අධිකරණ තීන්දුව ලැබුණේ කොහේදෝ නැති Z අගයක් ගැනය.

    වගකීම් සහිත ඇමතිවරුන් ලෙස එස්.බී. සහ බන්දුල කල යුත්තේ ප්‍රශ්නය ඔඩු දුවන්නට හැරීම නොව, ශ්‍රේෂ්ටාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර පළමු නඩු තීන්දුව අවලංගු කර ගෙන මුලින්ම ගණනය කළ Z අගය අනුව සිසුන් තෝරා ගැනීමයි.

    ReplyDelete
  23. //මව සහ පියා දරුවන් හදන වැඩේට සෙට් වෙන්නත් ඉස්සර හොඳ ඇඩ්‍රස් එකක් හොයා ගන්න ඕනෑය. ඉන් පස්සේ පොඩි එවුන්ටත් කෙප්ප කෙලින්න උගන්වා සුපිරි පාසලකට දමාගෙන, බොරුවෙන් ජීවත් වන ජාතිය ගොඩ නැගීමට දායක වනවාය..// සමහර බොරු 'සම්‍යක්' වර්ගයට වැටෙන බැවින් පව් නැත, chees

    ReplyDelete
  24. */ මැද පෙරදිග වැඩ කරන පිලිපීන ජාතිකයන්ට, මක්කා නැතත්, උපාධියක් නම් තියෙනවාය, ඒ නිසා උන්ගේ පඩිය වැඩිය. /*

    කටේ රියලක් දාන්න හිතෙනවා මේවා දැක්කම..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න