.

.

Oct 24, 2014

අය නැති වැය 2015 - Bud Jet 2015


මාතලන් ඕනම දෙයක් ලයිව් බලන්න මනාපය. එහෙම බැලුවේ නැත්නම්, කිසි ගතියක් ඇත්තේ නැතිය. මාතලන් නිව්ස් බලන්නේත් එහෙමය. මේ ළඟදි, මාතලන්ට රෑ අටේ දෙරණ නිව්ස් එක මිස් උනේ පොඩි අඩියක් ගහන්න එළියට ගිය නිසාය. එහෙම ඇවිල්ලා බෝයිස් ටු ෆ්ලවර්ස් එකේ අන්තිම හරියත් බලලා, පියෝ ටී වී එකේ දෙරණ නිව්ස් බලන්න ගියම, එරර් මැසේජ් එකක් ආවේය. ඒ පාර 1212 ඇමතුවාම කිව්වේ දෙරණ පේන්නේ නැත්නම් රූපවාහිනි බලන්න කියලාය. එහෙම කිව්වාම බකාස් ගා හිනා ගියේය. එහ පැත්තේන් ඇහුවේ ඇයි කියලාය.

මම කිව්වේ මට බලන්න ඕන නිව්ස් මිසක්ක, ආන්ඩුවේ ගැසට් එක නෙමෙයි කියලාය. ඒ පාර කිව්වේ එහෙනම් සෝමවාහිනිය බලන්නේයි කියලාය. එක බැලුවාම  පැසොර් එක නගිනවා කිව්වම, එහෙනම් දෙරණෙම, 10.00 එක බලන්න කියා කීවාය. මම එහෙනම් එහෙමවත් කරමු කිව්වම, තව මොනවත් වෙන්න ඕනද කියා, සොඳුරු කටහඬින් ඇහුවාම. තව එකක් නම් තියෙනවා, එක්කෝ ඒත් ඕන නෑ කියා පෝන් එක තිබ්බේ, හෙට උදේම කාන්තා අපචාර යටතේ, මාව පොලෝසියට දක්කන බව දන්නා නිසාමය.

ඒ උනාට 10.00 වෙනකන් වෙන කොරන්න මක්කත් නැති නිසා, සෝමවාහිනිය දැම්මාම පට්ට නිව්ස් දෙකක්ම ගියේය. පළවෙනි එක මෙහෙමය. ඔන්න ඔය දුර පලාතක කොල්ලෙක්ට, කෝටී දෙකහාමාරක සුවිප් එකක් ඇදිලාය. මේක ඇදුන ගමන් මූ හතර වටේම ඉන්න උන්ට සලකලාය. ලොරි අරගෙනය, කැබ් අරගෙනය, බයික් අරගෙනය, ගමටම ඇහෙන්න සෙටප් එකක් එහෙමත් අරගෙනය. ඒ වගේම පට්ට ආතල් ගන්න හැමදාම ඩ්‍රින්ක් එකත් දාලාය. ඒ අස්සේ ගෑණියෙකුත් ගෙනල්ලාය.

ගෑණී නම්, මේ යකාගේ පිස්සු දිරවන්නේ නැතිව, අවුරුදු තුනකින් විතර මූව දාලා ගිහිල්ලාය. ඊට පස්සේ මූ කරන්නේ, යාලුවොත් එක්ක කන පැලෙන්න ගහලා, අර පත සෙටප් එකේ සින්දු දාගෙන තනියෙන් නටනා එකය. ඒ කියන්නේ තනි ආතල් එකක් ගන්නා එකය. අන්තීමට එක එක ඒවා නැතිවෙලා යද්දි, ඉතිරු වෙලා තියෙන්න, අර සෙටප් එකයි ගෙදර උනුයි විතරය. අව්සන් දවසේත් මූ යාළුවෝ තුන් දෙනෙක් එක්ක ගල් බෝතල් 7 ක් බීලා, මහ රෑ එකට විතර ගඟේ නාන්න ගිහින් ආවේ නැති නිසා හොයන කොට, ළඟම තියෙන පත ළිඳක තිබිලා මිනීය ගොඩ ගත්තේය. දැන්, මූ ළිඳට පැන්නද දැම්මාද කියා පරීක්සෝනයක් තියෙනවාය. මට ආතල් ඒක නෙමේය. කෝටි දෙකහමාරකින් පට්ට ආතල් අරගෙන මළ එකාගේ, ඉන්න ගේ තාම බ්ලොක් ගලුයි ෂීට් ටිකයි විතරක් නිසාය. ඒ කියන්නේ මූ ඔක්කෝම කරාට ගෙදරට කොරලා නැතිය.

අනිත් එක කහවත්තේ තිරි වීලර් ඇක්සිඩොන්ට් එකය. සමාන්නියෙන් ටවුන් එකේ යන්න වෙනම් ඉස්පීඩ් ලිම්ට් එකක් තියෙනවාය. ටවුන් එකේ සොලෝ එකේ ගිහිල්ලා, ටවුම පහු උන ගමන් ආයෙත් පුල් ඉස්පීඩ් එකේ යන්න පුළුවන්ය. ඒත් කහවත්තේ වෙන්නේ ටවුමෙන් එහා යන ඉස්පීඩ් එකටහ් පහු කරගෙන රේස් ගියපු ත්‍රි වීල් එක වයසක මනුස්සයෙකුත් මරගෙන ගෑණු මනුස්සයෙකුත් යට කරගෙන නවතින එකය. බැලුවාම තිරි වීලර් ඩැයිවර්ට ලයිසන් නැතිය. ගමේ උන් ඕවාට කියන්නේ ඉක්මන් කොටයි කියලාය. කොහොම හරි ලයිසන් නැතිව පැද්දාම වගේම, ලයිසන් තිබුනත් පදින්න බැරි හරක් ත්‍රි වීල් පැද්දාම එහෙම වෙන්නේය.


මට ඔය කතා දෙකම මතක් උනේ, ඊයේ හවස බලපු හින්ගල සෝ එක නිසාය. ඒ සෝ එකත් මේ කතා දෙක වගේමය. සමාන්නියෙන් මේ වෙලාවට ඔක්කෝම චැනල්ලොල යන්නේ හින්ගල සෝමය. 70 සෝ බලන්න අද ඉන්න උනුත් ආසාය. ඒ සෝ වල කොල්ලෙක් ඉන්නවාය, කෙල්ලෙක් ඉන්නවාය, ඒ වාගෙම දුෂ්ඨයෙකුත් ඉන්නවාය. දුෂ්ඨයා බලන්නේම කෙල්ල රේප් කොරන්නමය, ඌගේ යාළුවෝ බලන්නේ කෙල්ලගේ අම්මා රේප් කොරන්නය. සමහර සෝ වල ආච්චිත් රේප් කොරනවාය.

ඉතින් සින්දු, ජෝක්ස් වගේම, දුෂ්ඨයගෙයි කොල්ලගෙයි විතරක් පයිට් එක්ක පැය 2.30 විතර කතාව ගිහිල්ලා, අන්තීම විනාඩි 30 දී සෝ එකේ ක්ලයිමැක්ස් එක එනවාය. ඒ කියන්නේ, ඩොමී, 150 ක විතර සෙට් එකක් එක්ක, මාලනියි, ශාන්ති ලේඛයි, දෙනවක හාමිනෙයි තුන් දෙනාම උස්සගෙන ගිහිල්ලා, රේප් කොරනා සීන් එකය. ඉතින් හැට්ට ඉරලා, රෙදි ගලවලා රේප් කොරන්න හදන කොටම. හෝල් එක දෙදරන විසිල් සද්දෙත් එක්ක ගාමිණි එනවාය.

අර එකසිය පනහටම තනියෙන් ගහනවාය. සමහර විර දෙනවක හාමිනෙයි, ශාන්ති ලේඛයි රේප් කොලාට, මාලනීව රේප් කොරන්න හම්බ වෙන්නේ නැතිය. ඒත් ඉතින් අන්තීමට රේප් කරපු නිසාමද මන්දා, දෙනවක හාම්නිනේටයි, ශාන්තී ලේඛාටත් සන්තෝසය, මාලනිටත් සන්තෝසය. සෝ එක බලන්න ආපු උන්ටත් සන්තෝසය, ගාමිණිටත් මාර සන්තෝසොය. ඒත් එලියේ ඉන්න උන් නම් කිව්වේ ඩිෂුම් ඩිෂුම් කියලා ගැහුවාට ඔය ඔක්කෝම බොරු කියලාය.

ඊයේ බලපු සෝ එකත් එහෙමමය. සුදු පාට නැසොනල් එකක් ඇඳලා, රතු පාට ටයි එකක් දාපු ප්‍රධාන නළුවා ඇවිල්ලා, හතර අතේ දීගෙන දීගෙන ගියේය. දුෂ්ඨයෝ ටික, ශුක්‍රාණු වැළඳු රිලව් වාගේ බලාගෙන හිටියේය. ලොක්කා ඔක්කෝටම් දුන්නේය. ඒ අරලිය දන්සැලට ආපු උන් ඉලපු දේවල්ය. දීලා දීලා අන්තීමට තැපල් කාරයන්ටත් මෝටර් සයිකලුත් දුන්නේය. ආන්ඩුවේ උන්ට පට්ටම ආතල්ය. උන් මේස පැලුවේය. අර ගම්පොල අගමැති තුමා නම්, නියඟය හේතුවෙන් සහල් අස්වැන්නට කෙල උනා කිව්වාමත්, මේසෙට තට්ටු කලේය. ඒ ඉතින්, පෝස්ට් එක බේරා ගන්න පුළුවන් නිසා වෙන්න ඇතිය. ඔහොම දෙන්න සල්ලි කොහෙන්ද කියා, එකෙක්වත් ඇහුවේ නම් නැතිය. ලොක්කා කිව්වේත් නැතිය.

අද ජීවන වියදම ඉහළ ගිහිල්ලා තියෙන්න ආන්ඩුවේ වියදම පියවා ගන්න ගහන ටැක්ස් හින්දාය. දැන් එතකොට තව ආන්ඩුවට ගන්නා උන්ටයි, ඉන්න උන්ට වැඩි කරලා දීපු ඒවයි ගෙවන්න වෙන්නේ අපිටය. අපි කිව්වේ අපි ආන්ඩුවේ නොවන නිසාය. ආන්ඩුවේ උන්ට නම් මක්කා හෝ සහනයක් තියෙනවය. පාඩු පිට දුන රේල්ලුවට තව උන් කප්පරක් දැම්මාම, ඕක තවත් ලොස් වෙනවාය. ලංගමේට අළුත් බස් කෝටියක් දුන්නත්, පාරේ බස් එකක් නැතිය. අනික උන් ඒ බස් වල කෑලි ගලවා, පන්චිකාවත්තට ගෙනත් අමතර ආදයම් උපයා ගන්නවාය.

මිනිස්සු බලාපොරොත්තු උනේ ඕවා නෙමේය. ජීවන වියදම අඩු වෙන බජට් එකක්ය. මේකෙන් නම් වෙන්නේ තවත් ජීවන වියදම වැඩි වෙන එක විතරමය. අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල ටික අඩු කරලා, පැස්ටෝල්, ඩීසල් මිළ අඩු කලනම් ඔහොම දීමනා හා දන්සැල් දෙන්න ඕනත් නැතිය. දැන් කරපු වැඩෙන් වෙන්නේ මිනිස්සු උන්නාටත් වඩා දරුණු ආගාදෙකට වැටෙන එකය. ජනසවිය හය වන වටෙත් දීලා, තවම උන් හිඟන්නෝය. උන්ට සංසාරේ පුරා දුන්නත් ඔය ටිකමය.

ආන්ඩුවේ රස්සා දුන්නාට, උන්ගේ කාරයක්සෝමතාව දැක්කම, අපේ යකසයෝ ඔළුවට වඩිනවාය. බිල්ඩින් හැදුවට වැඩක් නැත. හදන්න ඕන වැඩ කරනා සිස්ටොම්ය. ආන්ඩුවේ ඔපීස් ගැන දන්නේ ඒවායේ වැඩක් කොරගන්න ගිය එකා මිසක්, ඒවායේ ඉන්න උන්වත්, ඒවා පාළණය කොරන උන්වත් නොවේය.  රාජ්‍ය සේව පිම්බීම ආන්ඩුවේ ඡන්ද ගොඩ හදා ගන්න හොඳ සිස්ටම් එකක් උනාට, දිර්ඝ කාලිනව රටට ඉතා හානිකර දායකය. මේවා තේරුම් ගන්න බැරි පාළකයන් හා නිළධාරින්ට කවදා හෝ උදාවෙන්නේ අබ සරණමය. අනික් කාරනේ නම්, ආන්ඩුවේ රස්සා කරන උන් කියන්නේ, ඔය කියපු තරම් වැඩි කරලා නැතිය, අන්තීමට වැඩි වෙලා තියෙන්නේ, රුපියල් 1000-2000 විතරයි කියලාය.

අලි පාටිය බලේට ඇවිල්ලා බෙදන්න හිටපු ඔක්කෝම ලොක්කා කලින්ම බෙදලා අත පිහදා ගත්තේය. අලීන්ට, අළුතෙන් බෙදන්න දෙයක් හොයන්න වෙනවාය. ඔක්කෝම බෙදල අන්තීමට ලොක්කා ඇහුවේ ඇද්ද...?, තව ඕනේද...? කොහොමද බයියාගේ බජට් එක...? කියාය. අපිට නම් කියන්න තියෙන්නේ, බයියන්ට ඕක හොඳ උනාට, රටටවත්, ආර්ථිකයවටත්, ඔය බඩ් ජෙට් (Bud Jet) එකෙන් මේළෝ වැඩක් නෑ කියාය. හැබයි ඉතින් මනාප නම්, එකසිය ගානට, ෂුවර් එකටම හම්බ වෙනවාමය. මොකෝ මේ රටේ බහුතරය බයියෝ නොව, පට්ට බුද්ධිමත් ජනතාවක් නිසාමය.

ඒ වගත් මෙසේය.

75 comments:

  1. මාත් ලයිව් බලන්න ආසයි......

    ReplyDelete
    Replies
    1. ඒ පාර බැට්ස්මන් ස්පෙක්ටේටර වෙලාද?

      Delete
    2. එහෙම බලනවා නම් තනියෙන් බලන්න ඕන..

      Delete
  2. මේවට කියන්නේ බජට් කියලද බං. මටත් තියෙන පුරස්සේ මේකයි කතා කරන කරන නංගිල ලස්සන වොයිස් එකෙන් ඔක්කෝම කියල අහවර උනත් අන්තිමට තව මක්කා හරි කරගන්න තියේද කියා අහන එකය...

    ReplyDelete
    Replies
    1. ඒ එයාලට උගන්නල තියෙන විදිය එහෙමය.....
      වල් සිත් තියෙන උන්ට නම් ගතට කිචිය.......
      සම හරක් නම් ලෙස්සලත් වැටෙන වලුය......
      මට නම් වගේ ,,,වගක් නැතිය.......

      Delete
    2. වෙලාවක අරක අහන්නත් හිතෙනවා බං

      Delete
  3. රාජ්ජ සේවකයෝ දන්නවාය හරියටම වැඩි කර ඇත්තේ 3'000/= අඩු ප්‍රමාණයක් බව.....
    ජනතාව නම් සිතන්නේ 10'000/= විතර වැඩි කරල කියලය.....
    සම හරක් ගෙ පත්තර වල තිබ්බෙ 25'000/= දක්වා අවමය නග්ගල කියලය.....
    ඒ නිවුස් එකම බත් ඔතන්න ගන්න පත්තරේ 5 කින් වැඩි කරල 30'000/= වෙලාය....ඒ 5 හ ලියන උන්ගෙ ආච්චිලාගෙ හැඹිලියෙන් ගෙනත් දෙන්න හදනවාද දන්නෙ නැතිය....
    හැබැයි ලොක්ක 20 යි 20 සෙදි ඒක පුද්ගල ආදායම US ඩොලර් 7'500 ගණන් හදල තියෙනව කියන්නෙ තෙවන වරත් එයා එන එක බුදු සුවර් නිසා වෙන්න ඇතිය....

    ReplyDelete
    Replies
    1. තනිකර මුලාවක්.. ඒත් මිනිස්සුන්ට ඒක තේරුන එක ළොකු දෙයක්.. ගොන් ඇමතියන්ට නොතේරුනාට..

      Delete
    2. කෙන්ජි හරියටම හරි මචං....
      රජයේ සේවකයාට බඩ පැලෙන්න දුන්නා ය කිව්වට දි ඇති රෙද්දක් නැත....
      බජට් එක බලපු උනුයි පත්තර කියවන උනුයි හිතං ඉන්නේ දැන් රජයේ සේවකයන් ගොඩේ ගොඩ කියලා...
      වැඩිකරපු සොච්චමත් දෙනවය කියන්නේ ජුලි ද සැත්තැම්බර් ද මන්දා මාසයේලු..

      Delete
  4. අම්මපා මාතෙටත් පේන්නෙ හරහටමයි :D මේ බලකො දීල තියෙන දීමනා,
    //වකුගඩු රෝගීන්ට රු.3000 ක දිරි දීමනාවක්
    යෝගට් රු. 3කින් අඩුකරලා
    නුවර සහ නුවරඑළියට ගුවන් තොටුපලවල්
    නඩුවලට බය නිසා නඩු බැලවිල්ල ඉක්මන් කරන්න උසාවි අලුතිං...(හිරගෙවල් පසුව...)
    අලුත් වාහන ආනයන බද්දක්
    සියලුම රටවැසියන්ට වෛද්‍ය පරීක්ෂණයක්//
    වෙනම කවි/විරිදු පෝසට් එකක් ලියන්න ඉන්නෙ විවාදෙ ඉවරවෙනංට කලිං...
    ගහපුවට වන්දි වශයෙන් හෝ වේවා මහපොල වැඩිකිරීම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. මහපොල වැඩි කරාට දෙන දවසක් කිව්වේ නෑ නේද...?

      Delete
  5. ලයිව් බැරි උනත් කණින් කොනින් අසා මා උන්නේ දෙනවක හාමිනේට කාලෙකට පසු ලැබුනු කික් එකෙන් උදම් වූවා වැනි සංතෝසයකින්ය.. අහෝ.. මාතා ගාමිණි පොන්සේකා මෙන් මැද්දට පැන හතර වටේටම නෙලා මේ මා මුදවා ගත්තේ ඒ කික් එකෙන්ම සුරතාන්තයට පත්වෙන්නට ඔන්න මෙන්න තියාය.. මේවාට කියන්නේ 'උපන් ගෙයි' කරුමේ කියාය.. දැන් නං හිතෙන්නේ මොන කෙහෙල් පුෂ්පයකට මේ 'ගෙයි' උපන්නාද කියාය..

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමට අනුව නම් දිවිය ළෝක තියෙද්දි අපි ඉපදිලා ඉන්නේ අපායක...

      Delete
  6. දෙශ් කියනවා වගේ සමහර ඡංගම දුරකතන නංගිලා අන්තිමට අපෙන් අහන්නේ මගෙන් තව මොනවා හරි අවශ්‍යද?
    මට කටට එන්නේම රැ2000/=කුත් අරන් ඉරිදාට 18 කනුවට එන්න...
    මම හිතනවා ඔයා කැපුවත් රතුකොල නිල් කියන ඝනයට වැටෙන්නේ නෑ කියලා. ඡන්දයක් එනවා පොදු අපේක්ෂකකේ ගැනත් ඇහැනෙවා..මහින්දගෙන් අයින් කරලා කාටද දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. දෙන්න එකෙක් නෑ.. හිතුනොත් ඡන්දේ කනවා එතනදි.. අඩු ගානේ පත්තරේ නිව්ස් එකක් වත් යයි නේ..

      Delete
  7. ඇත්තටම අයවැය ගැන අය වැයේ කතා කලාද. ඉදිරි වසර සඳා සැලසුම්ගත අය මෙච්චරයි. ඒ අය අයවෙන්නෙ මෙන්න මෙහෙමයි. ඒ වගේම සැලසුම්ගත වැය මෙච්චරයි.

    කොහොමද ගමේ බයියගේ වැඩ!

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒවා කියන්නේ අයවැයේදිනේ , මේ කිව්වේ මහින්ද චින්තන ඉදිරි දැක්ම part 2 ,

      Delete
    2. ඒක තමයි.. මං බැලුව ඒත් මේ අය වැය වත්දෝ කියලා.

      Delete
    3. ඒ අය වැය නෙමෙයි, ජනපතිවරනේ පළමු රැස්සීම..

      Delete
  8. දුවගෙනම ආවා මාතලන් අයියගේ විශ්ලේශනේ බලන්න, මේකේ තියෙන්නේ පිලුන් වෙච්ච පිලුම් එකක් ගැනනේ, මරා තමයි ප්‍රදාන නළුවා, සීන් එක මැද්දේ දුෂ්ටයා වෙච්ච කොළ පාටියේ ලොක්කගේ මුණ පෙන්නවා දෙපාරක් තුන් පාරක් විතර, තනි ඇහැට නෙවෙයි පන්චස් කන්දෙන්ම අඬලා හිටියේ ඒ වෙනකොට.

    අවනත ආටිගල ඇඳලා තිබුනා හොඳ කාටුන් එකක් අයවැය ජනවාරි මස කල් ඉකුත් වෙනවා කියලා, හෙක් හෙක් එහෙන් පිටින්ම අර ලංකාවේ ඉන්න බහුතරයක් පට්ටම බුද්දීමතුන්ගේ බ්‍රේන් වොෂ් කරලා උන්ට අලුතින් මොළ තියන්න කරපු වැඩක් වගේ.

    ලබන සැරේ කොළ පාටියේ එවුන් අවරුදු උස්සවේදිවත් අලියට ඇහැ නොතියා මොළ තිබ්බොත් ලොකු දෙයක්, හැබැයි ඉරහඳ වගේ ෂුවර් ඕකුන් ඕක තියන්න ඉඳගන්න කොට තැලෙන තැනින්, ආයේ දෙකක් නැහැ.

    ජනවාරි වෙනකොට මොන මොන ඒවා ගැසට් වෙලා අලුතෙන් ෆිල් වෙයිද දැනේ නැහැ, හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙටනේ.

    ReplyDelete
    Replies
    1. මේක තනිකර පච මල්ලක්..

      Delete
  9. අනේ මන්දා.....මේ පාරත් වෙසක් එකට දාපු බලුප් වැලක් විතරයි වගේ. වෙන මොනවා කියලා කරන්නද. එන්න එන්නම හිර වෙනවා.

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නෙ?? පොඩ්ඩක් බලන්නකො ජාතික රූපවාහිණිය. ආචාර්ය වරු, මහාචාර්ය වරු, ආර්තික විශේෂඥයෝ ඔහොම නෙවෙයි කියන්නෙ. ඉතිහාසයේ එදා මෙදා තුර පහල වූ ශ්‍රේෂ්ඨතම අවයවය මේක..!! හැක්!!

      Delete
    2. මේකෙන් වෙන්නේ ජීවන වියදම තව වැඩිවෙන එක විතරයි. එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕන. නැත්නම් පිටරටින් ගේන්න ඕන. කියන්නේ නම් අපි ණය ගන්නේ කන්න නෙමෙයි කියලා. ඇත්ත තමයි. කන්න නෙමෙයි පිස්සු කෙලින්න.

      Delete
  10. ඔය ඔක්කොම ජනවාරි වල එක්ස්පයර් වෙනවා

    ReplyDelete
    Replies
    1. මේවා දුන්නොත් ඊළඟ අවුරුද්දෙත් මේ විදියටම දෙන්න වෙයි. මේක ඇවිල්ලා මිනිස්සුන්ට බිලී පිති දීමක් නෙමෙයි.. කෙලින්ම මාළු දීමක්..

      Delete
  11. Replies
    1. ඉවාන්.......ඕක ඔතනින් අයින් කරලා වැඩක් නැහැ. ඕක යුටියුබ් එකේ දැනට 20000කට වඩා බලලා තියෙනවා. මාතාට ඕන්නම් අයින් කරයි. අද දිවයින පත්තරේ තියෙනවා සුමන තෙරගේ වර්ෂන් එක, උඹට ඕන්නම් ඒක ඔතනට ගෙනත් දාපන්. ඉවාන් අමතක කරන්න එපා අපි ජීවත්වෙන්න සියල්ලකම් විවෘතවූ ලෝකයක. ඒක මැටි කෝප්පයකින් වහන්න යනවා නම් ඒ තරම් මැටි වැඩක් තවත් නැහැ. උඹේ අදහසට ගරු කරනවා. මේ මගේ අදහස.

      Delete
    2. සමාවෙන්න අරු අයියා

      Delete
    3. ඉවාන්.....සමා කොහෙද ඩෝ අපි ගාව. සුදු වෑන් තමයි දන්නවනෙ :

      Delete
    4. අර කියුවත් වාගේ මේක එලනේ බං , මොකටද අයින් කරන්නේ

      Delete
    5. මෙන්න ඔය සිද්ධියට අදාල අනිත් වීඩියෝ දෙක

      Delete
    6. http://www.youtube.com/watch?v=igt0JPougqk

      Delete
    7. http://www.youtube.com/watch?v=nKXfMqHyyOI

      Delete
    8. ඔහු වරදක් කර තිබෙන බව සැබැව නමුත් ඔහු කියන අනිදේවල් ඇත්ත , දරාගන්න බැරි තරම් මානසික පීඩනයක ඔහු ඉන්නේ . අර ගිණි තියාගත්ත හාමුදුරුවොත් එහෙමයි , දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගන ඉන්නේ නැතුව සමාජයේ වැරදි ගැන පසුතැවෙන , රට ජාතිය වෙනුවෙන් මොනවහරි කරන්න උත්සාහකරල අපහසුතාවයට පත්වෙන මිනිස්සු අන්තිමට පත්වෙන්නේ මේ තත්වයට , ඒක එයාලගේ වරදක් නෙමෙයි වරද තියෙන්නේ අපේ ලග ,

      Delete
    9. ඉහලින් එන ආදර්ශ දැක්කාම උන්නාන්සේටත් අර්ෂශ් හැදුනා වෙන්ට ඇති. පොලීසියට තිබුනේ කනට දෙකක් ගහලා කූඩුවේ දාන්න. බුදු හාමුදුරුවොන්ටත් නිගාවක් මේ කාළකන්නි. කිසි සේත්ම අනුමටහ් කළ හැකි ක්‍රියාවක් නොවේ..

      Delete
    10. අහෝ එහිමියන්ගේ මුවින් පිටවන සුමධුරවූ ශ්‍රී සද්ධර්මය කෙතරම් මිහිරිද?මනමෝහනීයයි කර්ණරසායනීයයි.

      Delete
    11. දෙපිට කාට්ටුවෝ හෙවත් දේශපාලන කටුස්සන්

      https://www.facebook.com/video.php?v=429438663826191&set=vb.388772991226092&type=2&theater

      Delete
    12. මඩකලපුවෙ සුමන මඩකලපුවෙ සුමන ...

      Delete
    13. https://www.youtube.com/watch?v=8i7DQ-7j7sE
      කවුරුහරි කෙනෙක් මේ වීඩියෝ එකේ comment වලට රෙප්ල්ය් එකක් දාන්න. මෙ අයට පැහැදිලි කරන්න හාමුදුරුවො කිව්වට හැම කෙනාම බුද්ධාගමේ හැටියටම හැසිරෙන්නෙ නෑ කියල. මගේ english දැනුම මදි

      Delete
  12. පට්ට බුවෙක්නෙ මඩකලපුවේ සුමන ගොයියා.. අරූ අය්යත් මෙව්ව කොහෙං හොයා ගන්නවද දන්නෙ නෑ :D

    ReplyDelete
    Replies
    1. ඔලුව ගලක වැදුනා වගේ බං ඒක බලලා. ඕක ඊනිව්ස් එකේ යුටියුබ් එකේ තිබුනේ. ඇට ගැලවෙන්න දෙන්නේ සුමන තෙර.

      Delete
    2. අරූ අයියා සුපිරිම අයවැය කතාව ඇහුවා, ඇට මිරිකන එවුන් තමා ඉන්නේ, ඇට මිරිකා මිරිකා කිරි බොන එවුනුයි එවුන්ට කිරි පොවන එවුනුයි තමා ඉන්නේ

      Delete
    3. නීතී විරෝධි, විනය විරෝධී, සමාජ විරෝධී ඉතාම කනගාටුදායක සිඳු වීමක්. මම නම් කිසි සේත්ම අනුමටහ් කරන්නේ නෑ. මෙය අගය කරන අය ගැනත් මට තියෙන්නේ පුදුම කනගාටුවක්. මේ සමාජය ගැන පුදුම කළකිරීමක් ඇති උනේ..

      Delete
  13. "කොහොමද බයියගෙ බජට් එක" කියන කොට මට මතක් උනේ "කොහොමද මගෙ ජම්ප් එක" කියලා අර කවුද ආච්චි කෙනෙක් අහපු කතාව.

    "අපිනං ඕකට කියන්නේ ***" කියල අර අලුගුත්තේරු කොල්ලෝ ටික කියපු එක තමයි කියන්ට තියෙන්නෙ.

    ReplyDelete
  14. චිත්තරපටියෙන් ඇවිල්ල අපූරුයි මාතලන් ගෙ විග්‍රහය. ගොඩක් දෙනෙකුට බජට් එක තේරෙන්නෙ නෑ නෙ.. අර සුමන තෙර ගෙ වීඩියෝ එක බලනකොට හරිම සංවේගයක් දැනුනා. කොච්චර ටිකද අපි දන්නෙ. බොහොම ස්තූතියි ඔබ මේ කරන සමාජ විග්‍රහයට. (සමහර කරුනු ගැන මා එකඟ නොවුනත්)

    ReplyDelete
    Replies
    1. මැරෙන තුරා ඉගෙන ගන්නවා කියන්නේ බොරුවක්ද...?

      Delete
  15. //කොහොමද බයියාගේ බජට් එක//

    පොඩි එකෙක්ට කියලා දෙන්න හොඳ සුරන්ගනා කතා ටිකක් නම් තියෙනවා.බයිලා.

    ReplyDelete
    Replies
    1. ඒක ගොඩක් අය තේරුම් ගත්ත එක ළොකු දෙයක්..

      Delete
  16. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා

    ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලි

    අනේ අම්මපා මෙච්චර හොඳ වැයක් (අය නෑනේ ) දීලත් මාතලන්ලා වගේ කඩප්පුලි කොල්ලෝ කියන පොලොව නුහුලන කතා , අනික එයා මෙච්චර කල් බෙදුවෙත් මැදමුලනේ වත්තේ පොල් කඩලා විකුනලා ගත්ත සල්ලි, මේවටත් සල්ලි ඒ මැදමුලන වත්තේ පොල් කඩලා විකුනලාම ගෙනෙයි . ආයේ දෙනවා කිව්වම කොහෙන්ද ගේන්නේ කියලා අහනවා ...යකෝ මේක හඳෙන් හාල් ගෙනත් ජනතාවට දීලා ජනතාව රැකගත්ත පාලකයෝ හිටපු ඇති උත්තම පිං බිමක්. ඒ පිං බිමේ ඉන්න පිං ගොන්නු අපි ...ආ සොරි වැරදුනා පිං බර ජනතාව අපි.

    වැසියෝ අපි පුර වැසියෝ
    රට රකිනා ජනතාවෝ
    ලංකා සිරි ලංකා
    උගේ අම්මට සිරි ලංකා

    ReplyDelete
    Replies
    1. මෙච්චර කරලත් තොපිට

      * දක්‌ෂිණ අධිවේගී මාර්ගය 2017 දී බෙලිඅත්ත දක්‌වා
      * ළදරු කිරිපිටි බදුවලින් නිදහස්‌
      * ග්‍රාමීය ප්‍රදේශවලට බස්‌ රථ 500 ක්‌
      * ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000 ක දීමනාවක්‌
      * රජයේ සේවකයන්ගේ අවම වැටුප රු. 15000 යි
      * වැට්‌ බදු පහළට
      * කුඩා ව්‍යාපාර බදුවලින් නිදහස්‌
      * බීජ වී නොමිලේ
      * රබර් කිලෝවකට රු. 300 ක සහතික මිලක්‌
      * වී කිලෝවක සහතික මිල රු. 40 දක්‌වා ඉහළට
      * මහපොළ ශිෂ්‍යාධාරය රු. 4000 දක්‌වා වැඩි කෙරේ
      * පොහොර සහනාධාරය දිගටම
      * දේශීය කිරිපිටි හා යෝගට්‌ මිල පහළට
      * ඇඟලුම් සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌

      Delete
    2. සැළකුවෙ නෑනෙ මුන් මට.....මේව හොඳ පාඩං අපිට...

      Delete
    3. ඔය කියපු දේවල් වල ගන්න තියෙන එකම දේ දේශීය කිරිපිටි රුපියල් සීයකින් අඩු කිරීම. ඒත් ඒක කවද්ද කියලා නෑ. අනික් ඒවා ඔක්කෝම සුන්දර වචන පමණයි..

      Delete
  17. කොහොමද ගමේ බයියන්ගේ වැඩ.............. හඃ හඃ හඃ හඃ . අපිත් අවදියෙන් ඉන්නේ මහපොළට මොකද වෙන්නේ කියල බලාගෙන .

    ReplyDelete
    Replies
    1. දෙන දවසක් නෑ නේද ගොයියෝ... දෙනවා නම් හොඳ දෙයක්..

      Delete
  18. බජට් එකම මැජික් එකක් වෙලා!!

    //. ඒත් ඉතින් අන්තීමට රේප් කරපු නිසාමද මන්දා, දෙනවක හාම්නිනේටයි, ශාන්තී ලේඛාටත් සන්තෝසය//
    ඒ චිත්තරපටියේ විතරක් නොව මේ චිත්තර පටියේත් එසේමය. තමන්ටත් හොදම එකෙන් කෙළවලා ඇති බව පෙනි පෙනීත් සමහරක්ට පට්ටම හැපීය. හැපිය වැඩි කමට පොළවො හැපි හැපි ආණ්ඩුවෙ ගුණ වයනවාය. ඒ හැපියෙන් දඟලන හරකුන් ටික දැක්කාම නම් බඩ කපාගෙන මැරෙන්න හිතනවාය.

    තුඃ නොදකින් අඳෝමැයි!!!!

    ReplyDelete
    Replies
    1. ජනතාව බුද්ධිමත් කියන්නේ ඒ නිසා නේ..

      Delete
  19. කොහොමද බජට් එක ??

    අති විශිෂ්ටයි සෑර් … වැඩිත් එක්ක :D

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සෑර්... ළොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ... සෑර්...

      Delete
  20. අර ඇස්සිඩොන් එක කහවත්තේ නෙවෙයි ඇහැළියගොඩ. ඇහැළියගොඩ කියන්නේ යෝනක පුරයක්. ඉතා පටුයි නගරය මැද පාර. නමුත් කොළඹ>අවිස්සාවේල්ල>රත්නපුර>බලන්ගොඩ>බදුල්ල එහෙම නැත්නම් කොළඹ>අවිස්සාවේල්ල>රත්නපුර>පැල්මඩුල්ල>ඇඹිලිපිටිය>කතරගම පාර. ඔය නගරය පළල කරන්න අර යෝනක ජනතාව ඉඩ දෙන්නේ නැහැ.

    මුදලේ ක්‍රය ශක්තිය කියන එක පීබියා ලොක්කාට උගන්නලා නැහැ. ලොක්කා පීබියාගේ ධර්ම දේශනාව හැකිතරම් වේගයෙන් මාතර වචනත් දමමින් (ඔන්න දැන් තමයි හොඳම කොටහ කියලා කිව්වා) කියාගෙන ගියා. ගරු කථානායක තුමනි, කියන එකටත් ගම්පොළයා මේසෙට තඩි බෑවා. බබා සහ මාලනී ආච්චි, මේ දවස්වල තියන අළුත්ම ජංගි මෝස්‌තර ගැන කතාකරමින් හිටියා. ආණ්ඩුව පැත්තේ හුඟක් එවුන් දියවැඩියා කාරයෝ බව පැහැදිලිවම පෙනුණා. (වතුර බොනවා/චූ කරන්න යනවා)

    මුදලේ අගය උවමනාවට වඩා පාවෙන සහ ක්‍රය ශක්තියෙන් වැඩි වූ විට මිලදීගැනීමේ හැකියාව වැඩිවීමෙන් භාණ්ඩ හා සේවා මිල යලිත් ඉහල යනබව පීබියා කියලා දීලා නැහැ. මිනිස්සු බලා ඉන්නේ වැඩිවූ පඩියෙන් වැඩියෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නයි. එවිට ඉල්ලුම/සැපයුම න්‍යාය ඔස්සේ යලිත් බඩුමිල ඉහල යනවා. කලයුත්තේ භාණ්ඩ හා සේවා සැපයීමේ ක්‍රමවේදය වඩාත් දියුණු කිරීමයි.

    මේ අයවැයෙන් ගොඩක් දේවල් ලැබුනා කියලා හිතාගෙන ඉන්න අයට, තමන් ඉච්ඡා භංගත්වයට පත්වුනා නේද කියන එක තේරුම් යනවිට, ඔවුන් හොඳටම ප්‍රමාද වැඩියි.

    ReplyDelete
    Replies
    1. [ ඔය නගරය පළල කරන්න අර යෝනක ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ]

      යෝනක නෙමේ සිංහල ජනතාව පාර පලල් කරන්න ඉඩනොදෙන තැනුත් ලංකාවෙ තියෙනව නොවැ...
      "ජාතිය" අතෑරල කතා කලොත් නේද හොද...

      Delete
    2. අර යෝනක කතාව නම් මමත් පිලිගන්නේ නෑ.. මොකෝ මෙයාලා යෝනක තියා බුදු හාමුදුරුවො වත් මායිම් කරන්නේ නැත් සෙට් එකක්.. එතන තියෙන්නේ මහ උන්ගේ බලපෑම්.. කෑගල්ල පාර හදන්න කාපු කට්ට දන්නවනේ..

      බජට් එක ගැන කියා ඇති දේට නම් එකෙන්ම එකඟයි...

      Delete
    3. ඇත්තම කියනවා නම් ඇහැලියගොඩ නගරය හරහා දිවෙන A3 මාර්ගය පලල් කිරීමේ කටයුතු වල මුල් අදියර වන රෙසවේසමේ ඇති අනවසර ගොඩනැගිලි 90%ක් පමන ඉවත් කර ඇතත්, ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහල ඉදිරිපිට ඇති බෞද්ධ විහාරයත් මීට රත්නපුර දිශාවට පිහිට ඇති මුස්ලිම් පල්ලියත් රෙසවේසමේ පිහිටා තිබෙන නිසා පලල් කිරීමේ කටයුතු කල් යන්නට ඉඩ ඇත...ඇහැලියගොඩ පසු කරන ඕනම කෙනෙකුට මෙය පැහැදිලිවම පෙනේ...එක ආගමක අයට බැන වැදීම පිලිගත නොහැක්කකි....

      Delete
  21. අපේ බුද්ධිමත් ජනතාව වැඩි දෙනෙක් හිතන්නේ අය-වැය ප්‍රකාශනය කියන්නේ බඩු වල ගණන් අඩු වැඩි කරන එකක් කියලා. ඒ නිසා හැමෝම අය-වැය දිහා බලාගෙන ඉන්නේ මේ සැරේ වැඩි වුනේ මොනවද, අඩුවුනේ මොනවද කියලා දැනගන්න.

    රටක සම්පූර්ණ අනාගතය රැදිලා තියෙන්නේ මේ මත කියලාවත්, අය-වැය කියන්නේ රටක ආදායම් උපයන ආකාරය පිළිබදව සවිස්තරාත්මක ලියවිල්ලක් බවවත් ඒ උපයන දේ කාර්්‍යයක්ෂමව සහ ආයෝජනයක් වශයෙන් වියදම් කරන්නේ කොහොමද කියන එක බව හැමෝටම අමතක වෙලා. නැත්නම් මේ දෙකම නැති අය-වැය කට අය-වැයක් කියලා කියන්නේ කොහොමද?

    රට තවත් අගාධයට යනවා, ඒක නවත්තන්න බැහැ....

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුවට අය වැය කියන්නෙත් තව එක විගඩමක් විතරයි.. බජට් එකක තියෙන ගරුත්වය වත් ඒකට නෑ.. ඒ මගින් පෙන්වන්නේ රටේ පිරිහීම හා කිසිම දැක්මක් නොමැති කම..

      Delete
  22. බලන් ඉන්නෙ අප්පුඩියක් ගහන්ඩකෝ!

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම හරක් කියලා හිතාන ඇති...

      Delete
  23. නිවුස් බලන්නනම් ලංකාවෙ ටීවී බලල මෙලෝ වැඩක් නෑ.. ඒවා අඩුවැඩි වෂයෙන් රාජපක්ෂලාගේ බලපෑමට අහුවෙලා...

    ඇත්ත දැනගන්න Lanka enews වගේ මරා තහනම් කරපු වෙබ් සයිට් බලන්න...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඒකපාර්ෂවිකයි නේද..? වගකීමක් ඇති මාධ්‍යයක් නම් අර මඩකළපුවේ සාධුගේ වීඩියෝ එක දාවිද...?

      Delete
  24. මරාගේ මැජික් බජට්. රට කොරවයි ඉතින්. හැබැයි ඕන් මම හූනා කියන්නැහෙ කියන්නම් මේ පාරත් මරා දිනන එක සුවර්.

    ReplyDelete
    Replies
    1. අනිවා... විපක්ෂය බෙදී පවතින තුරා...

      Delete
  25. E unata ape gon rala me sareth M.R.tama kathire gahala ithiri tikath nathi wena thanata wada salassayida danne haha!

    ReplyDelete
  26. ඇති තරං කාපල්ලා කියලා සිරි කන්කන් එකටයි විහින් කංකා එකටයි ආයිත් දුන්නා නේද කෝටි ගානක්..

    මිනිස්සුන්ගෙ බර අඩු කරන්න ඔය මල ඉලව් ආණ්ඩුවෙ ව්‍යාපාර පුද්ගලික අංශෙට දුන්නත් විශාල සහනයක්.. කෝටි ගනන් උන් ගිලින සල්ලි ආපහු භාණ්ඩ හා සේවා මිලට වක්‍ර බදු හැටියට එකතුවෙන බව දන්නෙ ජනගහණයෙන් කීදෙනාද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න