.

.

Oct 26, 2014

භික්ෂූන් රජ කර බලාපොරොත්තු වන්නේ මෙවන් සමාජයක්ද...? - If, Sri Lanka Govern by Buddhist Monk...



මේ සමාජය ගැන තද බල කළකිරීමක් නැවතත් ඇති වී ඇත. මනුෂ්‍යත්වය හා මිනිස්කම් වලට කිසිම තැනක් නැත. ප්‍රචන්ඩත්වය පිලිකුල් කරනා මිනිසුන්ම, ප්‍රචන්ඩත්වය උත්කෘෂ්ඨත්වයට නගයි. ප්‍රචන්ඩත්වය සාධාරණීකරනයට ලක් කරයි. ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩ මිස, එය සුමට, මට සිලිටු, සාධරණීකරණය කළ හැකි දෙයක් නොවේ. එසේ නම්, එවන් වචන හා ක්‍රියාවන් දෙකක් තිබිය නොහැක. මේ ළොව පිලිගත් මානුෂික අයිතිවාසිකම් කියා දෙයක් ඇත. දරුණු ත්‍රස්තවාදියෙක් වූවද, යටත් වූ පසු හෝ තුවාල ලබා අත් අඩංගුවට පත් වූ පසු, මරා දැමීමේ සිරිතක් නැත. එය ඇමරිකාව සිඳු කළද, අප විසින් සිඳු කළද, ත්‍රස්තවාදීන් විසින් සිඳු කළද අසම්මත, අවිනීත හා විනය විරෝධි ක්‍රියාවකි. එය විවේච්නයට බඳුන් වීම නොවැලක්විය හැක.

එමෙන්ම මුනිවරයකු වුවද, ඇමතිවරයකු වුවද, දානපති උපාසක මහතකු වුවද, මිනිමැරීමක්, හොරකමක්, දූෂණයක් සිඳු කලේ නම්, එය ඔහු කළ පුණ්‍ය ක්‍රියා හේතුවෙන්, අහෝසි කම්මයක් වන්නේ නැත. ආගම අනුවද එසේමය. නීතිය අනුවද එසේමය. එහෙත් ලංකාව යනු නීතීය සාධාරණ ලෙස, සැමට එක ලෙස ක්‍රියාත්මක නොවන රටක් හේතුවෙන්, ජනාධිපති සමා යටතේ, ස්ත්‍රී දූෂකයන් සාමදාන විනිශ්චය කරුවන් වේ. මිනීමරුවන් නැවත සමාජයට එක් වේ. සමහර මිනීමරුවන්, පාර්ලිමේන්තුවේද සිටි. එවන් රටක, එක අතකින් බැලූ කල, මඩකලපුවේ භික්ෂුවගේ ක්‍රියාදාමය පුදුමයට කරුනක් නොවේ.

මේ වැපිරූ බීජ වල ඵල නෙලන කාළයයි. මෙරටට බුද්ධාගම වැඩම වූ දා සිටම, භික්ෂුවගේ පැවත්ම රඳා පැවතියේ, රජවරුන්ගේ කැමත්ත අකමැත්ත මතය. හින්දු ආගම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති රජවරුන් පාළණයට පැමිණි කළ, බුද්ධාගමට හා භික්ෂුවට අත් වූයේ ඉතා කනගාටුදායක ඉරණමකි. එමෙන්ම එකල පැවති මහායාන හා ථේරවාද කල්ලි ක්‍රමය හේතුවෙන්, එක් කල්ලියක් බැට කෑ වාර, ඉතිහාසයේ ඕනෑ තරම් ඇත. පන්සල් ගිනි බත් කෙරු අවස්ථාවන්ද, භික්ෂූන්, වන වැද, ජීවිත බේරා ගත් අවස්ථාවන්ද බොහෝමය. කෙසේ හෝ, නැත්තටම නැතිවී තිබු බුද්ධාගම, නැවත මතුවන්නේ, වැලිවිට ශ්‍රී සරණංකර සමයේ, දේශපාළණ වුවමනා මත, නැවත් මෙරට උපසම්පදා භික්ෂූ පරපුරක් ඇති කිරීමෙන් පසුය. 12 වන සියවසේ සිය 17 වන සියවස දක්වා බෞද්ධාගම ගැන හෝ භික්ෂූන් ගැන, ඉතිහාසයේ සඳහන් නොවන්නේ එබැවිනි.

යටත් විජිතයක් වීමෙන් පසුත්, මල්වතු අස්ගිරි විහාරයන්, බ්‍රිතාන්‍ය කිරීටයේ අතකොලු වන්නේ, රජුන්ගෙන් මිස ජනතාවගෙන් තමන්ට පැවත්මක් නොමැති බව, නිවන් මගටත් වඩා හොඳින් අවබෝධ කරගෙන සිටිනා නිසාවෙනි. භික්ෂුවක් හෝ දෙදෙනෙකු බ්‍රිතාන්‍යන්ට එරෙහි කැරළි හා බැඳෙන මුත්. බහුතර භික්ෂූන් හා පන්සල්, ඒ සඳහා කිසිදු දායකත්වයක් නොදක්වන්නේ, රාජ්‍යයෙන් තම පැවත්මට කිසිඳු හෝ බාදාවක් නොමැති නිසාත්, විශාල නින්දගම් හා දේපල, ඔවුනට ලැබෙන නිසාමය.

එහෙත්, නිදහසින් පසු, සමාජවාදි අදහස් හා ධනවාදි අදහස් පිරි පාළකයන්ගේ ආන්ඩු යටතේ ගිලිහෙන තම ආධිපත්‍ය, නැවත් ලබා දෙන්නේ 56 විප්ලවවාදියා විසිනි. එසේ ලබාදීමේ මහා පුණ්‍ය කර්‍ම්යට, ඔවුන් කෘතුගුණ සළකුනුයේ, විප්ලවවාදියාගේ පපුව හරහා මූනිස්සම් වැඩම කරවීමෙනි. ඒ ඔවුනට අවැසි ලෙස, ඔවුනට අවශ්‍ය වූ දේ ඉටු කර ගැනීමට නොහැකි වූ නිසාවෙනි. ජනරංජන මනරංජන නාමයන්ගෙන් පුද ලද මහින්ද රාජපක්ෂ රජතුමා සමග ඒ සෙල්ලම් දැමීමට කිහිප විටක්ම උත්සාහ කළ මුත්, ඒ සියල්ල ව්‍යවර්ත වී, දෙන දේ කා වෙන දේ බලාගෙන සිටිනා පිරිසක් වීම එක අතකින් සතුටු දායක් වූවද, ප්‍රධාන රාමුවෙන් පිට, භාහිරව ගොඩ නැඟූ, කරා බෞද්ධාගමේ ආදිනව, අද ඔහුටම පරා වලල්ලක් ලෙස කැරකී ඇති බව, ඕනෑම කෙනෙකුට වැටහී යනු ඇත.

ඔහු ගොඩ නැගුවේ, උගත් සිල්වත් ධර්මධර භික්ෂූන් පිරිසක් නොව, අවශ්‍ය විටෙක මහින්ද කහඳගමගේ ගේ පේමන්ට් හමුදාව මෙන්, ඕනෑම වලියකට සූදානම්, මරාගෙන මැරෙණ, සුවිසයිඩ් භික්ෂු පෙරමුණකි. බෝ පැලයක් දුටු විට එතන මඩුවක් සාදා, බිස්නස් එකක් ආරම්බ කිරීම, හංදියක් හංදියක් ගානේ බුදු පිලිම ඉඳිකර, මහ පත ලවුස්පීකරයක් කණුවක බැඳ, දෙසන්නේ, පිවිතුරු බුද්ධාගම නොව. අඩෝ තෝ කැමති උනත් නැති උනත් අහපන් ඩෝ. මේ තමයි අපේ බුද්ධාගම. නිවන් දකින්න පස්සේ පුළුවන් ඩෝ. ඉස්සෙල්ලා රට බේරාගෙන ඉන්න ඕන ඩෝ. ඊට විරුද්ධව එන ඕන එකෙකුට, අපි දෙනවා ඩෝ කන පැලෙන්න. අපි කියන දේ කොරන්න බැරි නම්, තොපිලට අබ සරණයි ඩෝ, වර්ගයේ මූලධර්මවාදි අමුතුම ආගමකි.

ඒය ථේරවාදද මහායානද යන්න අපට පැහැදිලි කොට දිය යුත්තේ, මහා නායක හිමිවරුන් විසින්. එහෙත් ඔවුන්ද මේව දැක දැක් නිහඬව ඉන්නේ, ඔවුන් බලාපොරොත්තු වන්නේද, මේ ආධිපත්‍යම වන බැවිනි. එහි සීලයක් නැත. ඇත්තේ බලහත්කාරයම පමණි. මඩකලපුවේ චන්ඩියා කියන්නේ මේ කතාවයි. ඔහු ආන්ඩුවේද, ජනාධිපති තුමාගේද, ඇමතිවරියගේද, නිළධාරීන්ගේද පලු අරින්නේ, අඩෝ මගේ බිස්නස් එකට, තොපෙන් කිසි සපෝට් එකක් නෑ ඩෝ කියනා පණිවිඩයයි. මොවුන් ෆෝම් කරන්නේද ආන්ඩුවමය. ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනයා පදිංචි කරවීමේ ක්‍රීයාවලිය තුලිනි. දැන ගත් ආකාරයට, මොහු යුධ සමයේ, මෙහි වැඩ වාසය කළ පුද්ගලයකු නොවේ.

උතුරු නැගෙනහිර සිංහලයන් පදිංචි කිරීම ආන්ඩුවේ කටයුත්තකි. එහෙත් එහි නායකත්වය පන්සලට පැවරීම, නොම්මර එකේ ගොන් කමකි. ඒ සඳහා ආන්ඩුවේ නිළධාරින් සිටිති. මෙහිදි කරනා නොම්මර එකේ ගොන් කම, හමුදාවටත් ඉහලින් පන්සල තැබීමයි. පොලීසිය නීතීය ක්‍රියාවේ යෙදවීමට නොහැකිව අන්ත අසරණව ඉන්නේ මේ හේතුවෙනි. ඔවුහු සියල්ල ආන්ඩුවෙන් බලාපොරොත්තු වෙති. ඔවුන් විනයධර භික්ෂූන් නොවේ. ඔවුන් බුද්ධ ධර්මය කිසිත් නොදනි. මෙය අසත්‍යයක් නම්, ඉත්තෑපානේ හාමුදුරුවන්ගේ ධර්‍ම දේශණවකට සවන් දීමෙන්, ඒ බව හොඳින්ම වටහා ගත හැක.

ලව්ස්පීකර දමා ගමටම දෙන්නේ මල්වත්ත පාරේ විරිඳුය, මොහොදීන් බෙග් ගේ පට්ට පරන සිංදුය, නැතිනම් වැදූ මව්ද එපා කරවන මව් ගුණ ගායනා සී ඩී එකකි. එවායෙන් බුදුන් දෙසු ධර්මය ප්‍රචාරය වන්නේම නැත. ඔවුන් වෙනත් සමාජ සේව කරනවා වන්නට පුළුවන. එහෙත් බලෙන් පින් කරපන් ඩෝ. මට මෙච්චර දියන් ඩෝ, අච්චර දියන් ඩෝ. ලයිට්, වතුර, ඉඩ කඩම්, නිකන් දියන් ඩෝ. අරු තම්බි නිසා එලවපන් ඩෝ කියමින්, මිනිස් සිත් තුල වෛරය ක්‍රෝධය ඉරිසියාව හා නොමිනිස්කම වපුරනවා විනා, බුදු හිමියන් දෙසු මහා කරුණාව කිසි දිනක දෙසන්නේ නැත.

ඉත්තෑපානේ සත්තම දමන්නට ගොස් ඉල්ලාගෙන වැළඳුවේ මේ මෑතකය. එහෙත් එහිදි හාමුදුරුවන් මෙන්ම, නිළධාරියාද හැසිරුනු ආකාරය ඉතා ඉහලය. හාමුදුරුවන් කලේ කිසි සේත්ම අනුමත කළ හැකි ක්‍රියාවක් නොවුනද, ඔහු තුලින්, ප්‍රචන්ඩත්වයක් ඉස්මතු වූයේ නැත. එහෙත් මෙහිදි, නිළධාරියා මෙන්ම, හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපයද, කිසි සේත් අනුමත කළ නොහැක. හාන්දුරුවෝ ගෑණුත් සමඟ නිදි වැඳිම, විදුලිය විසන්ධි කිරීමට යන පුද්ගලයාට අදාල නැත. එය අදාල වන්නේ, එසේ නිදි වදිනාවා නම්, එම උපාසිකාවන්ගේ පවුල් වල උදවියටය. ඔහුට තිබෙන්නේ විදුලිය විසන්ධි කර, භික්ෂුවට එරෙහිව නඩු පැවරීමය.

නිළධාරියාගේ වාසනාවට, මොවුන් තවමත් අවි ආයුධ වලින් සන්නද්ධ කොට නොමැත. එහෙත් සම හරක් එසේ සන්නද්ධ කළ බවටද කට කතා ඇත. එසේ කළේ නම් ඒවා නැවත ලබා ගැනීම කාගේ කාගේත් ශරීර සෞඛ්‍යයට හොඳය. අද මෙම නිළධාරියාට එල්ලවන ප්‍රචන්ඩත්වය, හෙට එල්ලවිය හැක්කේ කිසිවකුට දැයි කිව නොහැක. මේවාට විරුද්ධව ක්‍රියා නොකලහොත්, ඉන් පසු එනු ඇත්තේ මීට වඩා දරුණු ප්‍රචන්ඩත්වයක් බව කිව යුතුව නැත. භික්ෂූන් මෙන්ම, බෞද්ධ සමාජයම එසේමය.

තම නායකයා ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය විට රතිඤ්ඤා පත්තු කර කිරි බත් කන්නේ මෙවන් සමාජයයි. තවත් ප්‍රහාරයකින් තම නායිකාවගේ ඇසක් අහිමි වන විට, එය සමච්චලයට ලක් කරන්නේ මෙවන් සමාජයයි. රටේ නායකයන්ට කුණු හබ්බෙන් බැන අඬ ගසනා විට, එය පිලිකෙව් නොකොට, සාධරනීකරණය කොට සතුටු වන්නේ මෙවන් සමාජයයි. පක්ෂ බේදය පසෙක තබා, අප ඉස්මතු කර ගත යුත්තේ, අප තුල ඇති තිරිසන් කම නොව, මානුෂික හැදියාවයි

මේ භික්ෂුවට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ගයන් පිළිබඳව අප බලා සිටිමු. මන්ද ඔහු ජනාධිපති තුමාටද ප්‍රසිද්ධියේ අපහාස කොට තිබීමය. පවිත්‍රා වන්නිආරච්චි ජන අප්‍රිය ඇමතිවරියක් වුවද, කිසිවකුට ඇයට මෙසේ අපහාස කිරීමේ අයිතියක් නැත. එය ඇමතිවරියගේ ජන අප්‍රියත්වයටත් එහා ගිය තිරිසන් ක්‍රියාවකි. ඇය කරන්නේ රැකියාවකි. පිරිසකට ඇය වීරවරියක් වන විට, තවත් පිරිසකට හැතිරියක් විය හැක. එහෙත් ඇයද ලක් මවගේ දියනියකි, කාන්තාවකි, මවකි. මේවා අනුමත කරන්නන්ගෙන්ද ඇසීමට ඇත්තේ. මේ දේ තමන්ගේ කෙනෙකුට සිඳු වූවා නම්, ඔබ මෙසේ හැසිරෙන්නේද යන්නයි.

කෙසේ හෝ ජනාධිපති තුමාට අපට කීමට ඇත්තේ, ඔබම කිරි පොවා ඇති දැඩි කල දේශප්‍රේමය, ඔබතුමාටම පරාවලල්ලක් වී ඇති බවයි. ඔබ තුමාගේ ජීවිතය බේරා ගත යුත්තේ, බටහිර කුමන්ත්‍රණකාරින්ගෙන්වත්, දේශද්‍රෝහීන්ගෙන්වත්, ඩයස්පෝරාවෙන්වත්, විපක්ෂයෙන්වත්, ජනතාවගෙන්වත් නොව. දේශප්‍රේමීන්ගෙන්ම බවයි.

කාළෝ අයංතේ... මහ රජ..

67 comments:

  1. චීවරධාරියන්ගේ දේසප්‍රේමෙ ගැන නම් කියලා වැඩක් නෑ අප්පා. තනි ඇහැට ඇඬෙනවා.

    ReplyDelete
    Replies
    1. මට දුක මුන් මේ රටට සහ ආගමට ගේන අප කීරිතියට සහ ඒ දේ සාධාරණීකරණය කරන උන් ගැන..

      Delete
  2. ලංකාව ඊස්‍රායලය වගේ නිර් ආගමික රටක් වෙනවානම් මමත් හෙට ඉඳන් නිර්ආගමිකයෙක්

    ReplyDelete
    Replies
    1. කව්ද ඔයට කිව්වේ ඊශ්‍රායලය නිර් ආගමික රටක් කියලා..

      Delete
  3. මේ පෝස්ට් එක කියවගෙන යනකොට මට මතු වෙච්ච පලමුවන ප්‍රශ්නය තමයි කවුද මේක ලිව්වේ කියන එක..ආපහු උඩට පල්ලෙහාට ගිහින් බැලුවා කතෘ හොයාගන්න...මාතගේ අලුත්ම ඉස්ටයිල් එක වගේයි එහෙනම් මේ...
    ඊලඟට මට තේරුම්ගියේ මේ මාතෘකාව ගැන ලියනකොට මේ වගේ හික්මීමකින් ලියන්න ඕනි කියන ඒක..
    එතකොට, අපි හැමෝම (මහ රජු ඇතුලුව ) හික්මීම කියන දෙය ප්‍රගුන කරන්න පටන් ගත්තොත්, මේ මාතේ ඉදිරිපත් කරන සමාජ ව්‍යසනයෙන් ලාංකික සමාජයට ගැලවෙන්න පුලුවන් වෙන්න පටන් ගැනීවි...
    මේ ප්‍රචන්ඩත්වය/රැවටීම/ගොනාට ඇන්දවීම සහ ඇඳගැනීම කොච්චර ඔඩු දුවලා කියලද කියන එක අයවැය කථාව අවසන් කරපු බයියන්ගේ කථාවත්, ඊට පස්සේ රතිඤ්ඤා පත්තුකිරීමේ සිට,විරුද්ධ පක්ෂෙ මැති ඇමතිවරු අයවැය ගැන කියන ගොන් කතාවලින්ම පෙනේ...
    ආගමවත්, ආගම ඇදහීමවත් නෙවෙයි මෙතන තියන අවුල, මහරජානන් අන්දවන ඇන්දවිල්ලට එහා ගිහින්, තනියම කඩේ ගිහින් ඇඳුම් අරන් මහගෙනම ඇඳගැනීමයි...
    බුද්ධාගම මහායාන ථේරවාද කියන දෙකෙන්ම එහා ගිය මැදමුලනවාද හයිබ්‍රිඩ් ආගමක් බවට පත්වුයේද, යුධ ජයග්‍රහනයේ යුතෝපීය මාන්සිකත්වය කරපින්නාගත් ජාතියක් බවට සිංහලයා පරිවර්තනය කොට, මෙය සිංහලුන්ටම පමනක්ය යන අර්ථයෙන් රට පාලනය කිරීම අමු අමුවේ ප්‍රතිපත්තිවලින් සහ ක්‍රියාවෙන්ද, විදේශ ප්‍රතිපත්තියෙන්ද විදහා දක්වමින් බහුතර සමාජයේ සිතිවිලි මෙයාකාරයෙන් පහලට ඇද දැමුවේද මාතලන් විසින් මේ ආයාචනය කරන අයවලුන් විසින්ම නිසා, ඔවුනට මෙය ඇසේවිද...? අපත් බලා සිටිමු....

    ReplyDelete
    Replies
    1. ///""මේ පෝස්ට් එක කියවගෙන යනකොට මට මතු වෙච්ච පලමුවන ප්‍රශ්නය තමයි කවුද මේක ලිව්වේ කියන එක.""// මටත් ඔය ප්‍රශ්නේ තමා මේ මතු වෙලා තියෙන්නේ ?

      Delete
    2. අම්මට සිරි ලංකාවෙත් නම වෙනස් කරලා "ලංකාව" කියලා....

      Delete
    3. මෙහෙමනේ මචෝස්.. ඇදලා ඇරියාම හැලපෙලා එහෙම කියනවා ඒක පාර්සොවිකෙයි අරකෙයි මේකෙයි කියලා..

      අනික මගේ බොක්ක වගේ උනුත් මෙතනදි හාන්දුරුවන්ගේ පැත්තේ..

      ඔය ඔක්කෝම බලලා තමයි බොහෝම වැදගත් විදියට ළිපිය ලිව්වේ.

      හැබයි ඔහේලා පුදුම වෙයි.. මම මේක ලිව්වේ උදේම ලෙබනන් පොරක් එක්ක මලක් ගහලා..

      Delete
    4. "සම හරක්" කියන කෑල්ල නම් තියෙනවා නේද මිස්ටර් සූරියාරච්චි

      Delete
    5. \\\හැබයි ඔහේලා පුදුම වෙයි.. මම මේක ලිව්වේ උදේම ලෙබනන් පොරක් එක්ක මලක් ගහලා..////

      තෙරුවන් සරණයි ඩෝ..!

      Delete
  4. අපේ රටේ වෙන දේවල් අහන කොට මඤ්ඤං රටක්ද කියලා හිතෙනවා! හැමදේම උඩුකුරුඤ්ඤං වෙලා... හාමුදුරුවරු චොප්පෙලා වෙලා ...චොප්පෙලා රට පාලනය කරනවා. මිනිස්සු දේශපාලුවන්ගේ විච්චූරණ වලින් නන්නත්තාර වෙලා. අනේ මන්ද බං..

    ReplyDelete
    Replies
    1. මේ තරම් පිරිහුනේ නෑ පාර පුරා මිනි පිච්චුව කාළෙවත්..

      Delete
  5. පසුව කියවා අදහස් දක්වන තෙක්, පහත දැක්වෙන ගුරු පඬුර පුදමි.
    http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. මැක්සා... වෙල් කම් කිව්වා...

      Delete
  6. මීයන් එහෙන් මෙහෙන් එබිකම් කරන නිසා මා නිවසට පූස් පැටියෙක් ගෙනාවේය.. ටික ටික ලොකු වෙනුකොට ගෙදර හා වට පිටේ බල්ලන් අනුකරනය කරමින් ඌ පූස් ගති වෙනුවට බලු ගති විදහා පාන්නට විය.. සුවාමියා ඉදිරියට ගොස් නකුට වනා පුරු පුරු ගාන්නටත්, අහිංසකයෙක් ගෙට එනවිට බුරාගෙන පනින්නටත්, චන්ඩියෙක් නම් නැට්ට පුකේ ගසාගෙන ගෙට වෙන්නටත්, දෙන ඉඳුල් ටිකකින් සැනහී මදිපාඩුවට වටේම තියෙන ගූ කන්නටත් ඇර අපේ පූසාට දැන් වෙන වැඩක් නැත. ගේ පුරාම මීයෝ බෝ වෙලා මුත් ඌට ඒ ගැන වගේ වගක් නැත...

    ReplyDelete
    Replies
    1. පූසා කනෙන් අල්ලා එලියෙන් තැබිය යුතු කාළය පැමිණ ඇත. ඉස්සර අපේ ළොකු ටීචර් නිතරම ගමන් කොලේ, පූසා කනෙන් අල්ලා ගෙනය.

      Delete
  7. ඒක ඇත්ත කවදා හරි මහින්ද මහත්තයාට කෙලවන්නේ ඒයා කිරිපොවපු නයි පැටව් ටික

    ReplyDelete
    Replies
    1. ජුන්ඩාටම දෂ්ඨ කල දවසටය...

      Delete
  8. සෝමෙ හදපු පසේ, චම්පිකලා පැල කරපු ගහෙන් කඩාගෙන මහින්දයා කන ගෙඩියේ ඇටෙන් සුමනෙ අපිට ගහනවා බං..

    ReplyDelete
    Replies
    1. සුමනේ අපිට ගැහුවා නම් අවුලක් නෑ.. ගහන්නේ ජාතියේ පියාට වෙච්චි කොට... බොහෝම හිතට අමාරුයි නොවෑ...

      Delete
  9. මට මඩකලපු සුමනෙ අයියගෙ සීන් එක දැක්ක ම එච්චර පුදුමෙකුත් නැහැ මචං .....
    ලොක්ක අයක් නැති වැය කියවල....... කස්ටියට thnx කොරල ......අන්තිමට හැසුරන ගොන් විදිය දැක්කම......
    කාලෝ... අයංතේ... මහ රජ... තමා........

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම කරලා අන්තීමට සරම ඉස්සුවා වගේ වැඩක් නේ කලේ...

      Delete
  10. දුක හිතෙනව අප්පා..........
    හී....... මං ඒම කියයි කයල හිතුවද පික්ෂුද මෙයා...
    දැං බලන්න අපේ උන්නාන්සෙල බලයට ආවහම... නෝලිමිට් තහනං වෙනව එතකොට කේඑප් සී තහනං වෙනව... ඈ පොස් ඇත්තන්ට හුලං තම්බි සෙට් එක අරාබියට කිරිස්තියන් අය්යල ජෙරුසෙලමට ලංකාවම සමිපූර්ණ බවුද්ද (????) වෙනව නෙව මෙයා... එතකොට අපිට ඇදුමක් ගන්නගිහිං පඩ සෝ බලල ආවෑකි උදේ හවා පිරිත් දාල කුකුග්ගු මරණ තැං වලිං මස් ගත්තෑකි...
    තව මොන මොන බෙනිපිට්ස් තියෙනව ද මෙයා... අනික හාංදුරුවරුන්ටත් කසාදයක් කාරිය කරගෙන දායකයන්ගෙන් යැපෙන ගමන් ඔය තව උපාසකම්මකෙනෙක් දිහ බලන්නත් බැරිය ඈ....
    අපිටත් බැරිය සිවුරක් දාගෙන පන් එකේ ඉන්ට
    හා මං කියන්නෙ බොරුද....
    හම්මේ මං නං නානසාර උන්නාන්සෙටම කතිරෙ ගහනව... ඉදගෙන..

    ReplyDelete
    Replies
    1. කුකුග්ගු මරණ //?
      එහෙම නෙවී....
      කුකුල්ලු කියල නිවැරදි වෙන්ටෝන හොදේ

      Delete
    2. මට පේන්නේ රනිල භෝගත් බැක් කොරන්න යන්නේ හාන්දුරු කෙනෙක් වඩම්මන්නද කොහෙද.. අම්මට හැමිනිලාම තියෙයි...

      Delete
  11. බණ්ඩාරණායක ඝාතනයෙන් පසුව ලාන්කීය සමාජය තුල ජාතිකවාදී දේශපාලනයක් සදහා පැවතියේ රික්තකයකි.71-89 කැරළි නිසා යටපත්වී තිබු මෙම උවමනාව නැවත කරළියට පැමිනියේ චන්ද්‍රිකා සමයේ ඇරඹි සුදු නෙලුම,තවලම වෙනි වැඩ සටහන් වලට විරුද්ද වුවන් හරහාය.මාගේ දැනුම අනූව සිහළ වීර විදහන සන්විධානයෙන් පටන්ගන හෙළ උරුමය තෙක් විහිදී ආවේ මෙම ජාතිකවාදී දේශපාලනයයි.මහින්දට හේත්තු වී හෙළ උරුමය -හෙළ කරුමය වෙද්දී,එහි භික්ෂූන් අලි පැටවු විකුනද්දී,චක්‍රවර්ති වරු නිධන් හාරද්දී සමාජයට නැවතත් මෙම උවමනාව ඇතිවුනි.බො.බ.සේ.,රාවණ බලය වෙනි ස්න්විධාන වටා ගොනු වී ඇති බහුතරය මෙම උවමනාව සහිත තරුණ පිරිස්ය.ජාතිකවාදී දේශපාලනය වෙනුවට ජාතිවාදී දේශපාලණය තරුණයන්ට හා තරුණ භික්ශූන්ට පොවමින් මෙවනි සන්විධාන ලන්කාව ගෙනයන්නේ වලටමය.පාලකයන්ගේ වුවමනාවන් ඉටු කිරීමට සිවිල් ජීවිත අයිතීන් බල්ලට දමා කටයුතු කරනා මොවුන් හට රටේ පවතින නීතිය හරිහැටි ක්‍රියා නොකිරීමෙන්ම මොවුන් ක්‍රියාත්මක වන්නේ කාගේ බළල් අතක්ද වග මොනවට පැහැදිලි වේ.
    අමතක නොකලයුතු වැදගත්ම දෙයනම් හිට්ලර් අතට පත්ව නාසි ව‍යාපාරයක් වුවේ යුදෙවු ආර්ථික ත්‍රස්තවාදයෙන් මිදී අදීනත්වය පැතූ ජර්මන් තරුණයන්ගේ ජාතිකවදී වයාපාරයම බවය.දැනට ලන්කාවේ පවතින ජාතිකවාදී සන්විධාන පාලනයට තමන්ගේ බත් ගොට්ටන් දමා පාලකයන් කිරීමට සූදානම් වන්නේත් එරෙහිවන්නන් මර්ධනය කිරීම මිස වෙන කිසිවක් නොවේය.හිනායන වැඩය වන්නේ සන්විධානයේ ලොකු එවුන් කරනා මෝඩ චූන් අනුගමනය කරනාපොඩී එවුන්ගේ ගොන් චූන්ය.
    මෙම ආකාරයෙන් දිගින් දිගටම පැවතුනහොත් ලන්කාවේ කිසිම දිනක නැවත සැබැ ජාතිකවදී ආණ්ඩුවක්,ජාතියට ආදරය කරන ඇමත්තෙක් දැකගැනීමට නොහැකිවනු ඇත.ඒ වෙනුවට ඇසට ඇස ඉල්ලන ලේ පිපාසිත බලු රන්චුවක පහස ලැබීමට සින්හළ බෞද්ධ සමාජයට සිදුවනු ඇත

    ReplyDelete
    Replies
    1. මේ ඔවුන්ගෙන් මේ රට මේ ජාතිය බේරා ගත යුතු කාළයයි... අප ගමන් කරන්නේ අනාගතයට නොව.. අතීතයටයි..

      Delete
  12. “සාමිචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ“
    මගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝ රත්නය මහත් වූ ධර්ම ගෞරවයකින් යුක්තව ඒ ශ්‍රී සද්ධර්මය ම ලෝකයේ පතුරවා හරින හෙයින් සාමිචිපටිපන්න වන සේක.
    “කුණුහරුප පටිපන්නෝ.......?“

    ReplyDelete
    Replies
    1. මව් සමග සංසර්ගයේ යෙදීමත් අපූරුවට දේශණා කොලා නොවෑ... බුදු හාමුදුරුවෝ උන්නා නම් එවෙලෙම නිවන් දකිනවා.. මට බය අර පොලිස් හාමිනේ බඩ වෙයිද කියලා...

      Delete
  13. ලොක්කට දැන් ශුවර් එකටම හිතෙනවා ඇත්තෙ "අපේ නයි - අපිවම කයි" කියලා තමා.

    //තම නායකයා ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය විට රතිඤ්ඤා පත්තු කර කිරි බත් කන්නේ මෙවන් සමාජයයි. තවත් ප්‍රහාරයකින් තම නායිකාවගේ ඇසක් අහිමි වන විට, එය සමච්චලයට ලක් කරන්නේ මෙවන් සමාජයයි. රටේ නායකයන්ට කුණු හබ්බෙන් බැන අඬ ගසනා විට, එය පිලිකෙව් නොකොට, සාධරනීකරණය කොට සතුටු වන්නේ මෙවන් සමාජයයි. පක්ෂ බේදය පසෙක තබා, අප ඉස්මතු කර ගත යුත්තේ, අප තුල ඇති තිරිසන් කම නොව, මානුෂික හැදියාවයි.// අපේ සමහරක් ගොන්නු ජීවිතේට තේරුම් නොගන්න ඇත්ත මේකයි.

    නොදකින් මුන් නම් තුඃ!!

    ReplyDelete
    Replies
    1. මේක ජාතියේ අවාසනාව...

      Delete
  14. මේව ඉතින් අර දෙමලු විසිතිස්දාහ මරෙනකොට අප්පුඩි ගහගහා යුද්ධෙ කාලෙ උඩදාපු "ජාතියේ නාමයෙන් ඝාතනය කිරීමේ" සංස්කෘතියේ ඵල තමා...

    මීට කලින් 88-89 කාලෙත් ඝාතන උනා.. නමුත් මිනිස්සු රහසේ හරි ඒවා පිලිකුල් කරා... මරන ගාන ගනන්කරකර අප්පුඩි ගහන්නවත්, මරන එකට විරුද්ධවෙන අය දේස්ධද්‍රෝහියො කියන්නවත් ගියේ නෑ..

    කෙසේවෙතත් ඔක්කොටම කලින් ලංකාව ඇමරිකාව වගේ නිරාගමික රාජ්‍යක් කල යුතුයි...

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාව කවද ඉඳන් ද නිරාගමික උනේ ? එහෙම රටවල් ලෝකේ නැ

      Delete
    2. ඇමරිකාව නිරාගමිකයි කිව්වේ කව්ද...? ඉස්ලාමයට එරෙහිව කරන සටන් පසුපස තියෙන්නේ ක්‍රිස්තියානිකරණයයි...

      Delete
    3. නිකන් බොරු කියන්න එපා... මම ඇමරිකාවේ ජීවත්වෙලා තියෙනවා..
      මාතලනුත් අර නලීන්ද සිල්වාගේ ගොන් කථා විෂ්වාස කරන කෙනෙක් වගේ..
      ඇමරිකාව ඉස්ලාම්කරනයට විරුද්ධ ඒක බටහිර ආර්ථිකයට හා සාමයට හානියක් නිසා....
      ඇමරිකාවෙ ඉන්නේ සැබෑ ක්‍රිස්තියානි සුලුතරයයි...

      Delete
    4. සුළුතරයද බහුතරයද කියන එක නෙමෙයි ප්‍රශ්ණේ තියෙන්නේ.. එකෙක් අල්ලාහු අක්බාර් කියලා බෙලි කපන කොට.. අනෙක් එකා ගෝඩ් බ්ලෙස් ඇමරිකා කියන එකෙයි...

      Delete
    5. රටක් නිරාගමික කරනවා කියන එක මම දන්නේ නැහැ. ඒත් රටක ව්‍යවස්ථාව ආගමෙන් ගැලවෙන්න ඕනේ. ඉන්දියාවේ මොන තරම් ආගම් තිබුණත් ව්‍යවස්ථාවෙන් කිසිම ආගමක් ප්‍රධාන නැහැ. හැම ආගමක්ම අදහනවා නමුත් කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහය නැහැ. රටක මේ දේ වෙනවනම් ඒක ඇති.

      Delete
    6. රටක් නිරාගමික වෙනවා කියන්නේ ආගම් නෑ හෝ ආගම් අදහන්නන් නෑ හෝ දේෂපාලකයින් ආගම් ගැන කථාකරන්නෙ නෑ කියන එක නෙමේ...
      "ආගම්" වල ඉගැන්වීම් රටේ සිවිල් නීතියට හෝ සිවිල් පාලනයට සම්භන්ධ කර නොගැනීම හෝ හැකිතරම් අඩුවෙන් සම්භන්ධ කර ගැනීම කියන එක..

      දැන් ක්‍රිස්තියානි ආගමට අනුව දික්කසාදය, සූදුව, සමලිංගික සේවනය වැරදියි. නමුත් ක්‍රිස්තියානි බහුතරයක් හිටියා කියා ඇමරිකාවේ ඒවා තහනම් කරන නීති නෑ..
      හින්දු ආගමට අනුව මත්පැන් තහනම් උනත් හින්දු බහුතර ඉන්දියාවේ බීම තහනම් නෑ.
      මේ රටවල් දෙකේම පාසැල්වල අනිවාර්‍යෙන්ම ආගම ඉගැන්විය යුතුමයි කියල නීති නෑ
      ඒ ඒවා ආගමික රාජ්‍ය නොවන නිසා...

      දැන් අරාබියේ ආගමික රාජ්‍ය වල ඉස්ලාමයෙන් තහනම් කර ඇති බොහෝ දේ නීතියෙනුත් තහනම්.

      Delete
  15. ඉස්සෙල්ලම පහළට ගිහිං ලිව්වෙ කව්ද කියල සොයා බැලුවා,කවුරුවත්ම නෑ එහෙනං ලියා ඇත්තේ මාතලන්මයි.මෙය තොපගේ නවතම රටාවද?යහපති යහපති.අපද රස විඳිමින් කියෙව්වමෝ වෙමු.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ බනිස් වලට... ඒ ඒ කෙසෙල් ගෙඩි කිව්වලු හැලපයෝ..

      ඔහෙත් එක හේතුවක්...

      Delete
  16. රටකට අවශ්‍ය බුද්ධිමය මැදහත් වීමකි, බලධාරීන් ගේ යුතුකම හා වගකීම විය යුත්තේ ,බුද්ධිමත් කාර්යශුර නිලධාරීන් හරහා රට කරවීමයි. බුද්ධිමය මැදහත්වීම යනු මෙවැනි ගොබ්බයන් රැලක් පාරදිගේ දක්කාගෙන යාම නොවේ.
    උතුරු නැගෙනහිර සිංහලයන් පදිංචිකිරීම පවා බුද්ධි අංශ (සැබෑ ) හරහා සාර්ථකව කළහැකිව තිබුණි. ඒ සඳහා හෙංචයියන් නොව සැබෑ බුද්ධි අංශයක් තිබිය යුතුය. නැතුව බූරු පොලක් වැටලු විට විසුරුවාහරින නිලධාරින් හරහා පාලනය වන කිසිදු අංශයකින් මෙය බලාපොරොත්තු විය නොහැක.

    ඇමරිකාවේ හෝ ඊශ්‍රායලයේ මෙවැනි අවශ්‍යතාවයක් මතුවූවා නම් CIA හෝ Mozart හරහා මෙය සිදුකරන අන්දම බලාගන්නට තිබුණි, දැන් හත්පොලේ ගාගෙන අවසානය , අඩු ගානේ හෝදා ගන්නටවත් උත්සාහ කලානම් හොඳය

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ ඉවාන් කියලා... යුද්ධයෙන් පසු සියල්ලම නාගන්නවා පමණි...

      Delete
    2. ඊශ්‍රායලය මේ ආක්‍රමණය බොහෝම ලස්සනට හෙමීට කරනවා.. දහයක් විතර හදලා.. කචල් ආවම... දෙකක් විතර අයින් කර ගන්නවා.. මම කිව්වේ ජනපදකරණය ගැන...

      Delete
  17. සෝවියට් රජය පවා සෝවියට් දේශය හැම තැනම හැකිතරම් රුසියානු කරනය කිරීමට කටයුතු කලා

    ReplyDelete
    Replies
    1. ඒකේ අවුලක් නෑ.. ඒත් ඒවා කරන ක්‍රම තියෙනවා...

      Delete
  18. හැමදාමත් කියන කාරණේනම තමයි. ආගම කියන ආධ්‍යාත්මික සංකල්පයට රාජ්‍ය අනුග්‍රහය ලැබුනම ඔහොම වෙනවා. අනුග්‍රහයනම් කමක් නෑ, මේක ඊට හපන්නේ.

    ReplyDelete
    Replies
    1. මනොෂ් , norway sweden වගේ රටවල කොඩියේ ඉඳන් තියෙන්නේ ආගම . ඇතැම් රටවල රජයේ රැකියාවත් ලැබෙන්නේ නැ අන්‍ය ආගම් වල අයට .
      නමුත් ඒ රටවල ආගමික ප්‍රශ්න අඩුයි . හේතුව ආර්ථිකය යහපත් වීම සහ හැමෝටම කාලා ඇඳලා සිටීමේ හැකියාව .
      අපේ හැම ගැටුමක ම මුල තියෙන්නේ එතන

      Delete
    2. මනෝෂ් කියන දේ හරි.. කිෂාන් ඒ රට වල කුරුසේ කොඩියේ තිබුනට.. මිනිස්සුන්ගේ ඔළුවේ ඒක නෑ.. නමුත් අනාගතේ ඒ දේ වෙනස් වෙන්න පුළුවන් මේ ඉස්ලාම් ඩයස්පෝරාව නිසා.. ස්කැන්ඩිනේවියානු හා යුරෝපයේ බොහෝ රටවල් පල්ලිය සමඟ සම්බන්ධතා නෑ.. ජනතාවත් පල්ලි නොයන එක අද ඒ රටවල පල්ලිවල පැවැත්මටත් ගැටළුවක් වෙලා...

      Delete
    3. ඒකම තමයි මමත් කියන්නේ . ඒ මිනිස්සුන්ට සහනාදාර ඕනේ නෑ . සමබරව හිතන්න චිත්ත විවේකය තියනවා . ( ජීවත් වීම මෙහෙ වගේ යුද්ධයක් නෙවෙයි ) ඒ නිසා මරා ගන්න එක අඩුයි

      නමුත් ආණ්ඩු එහෙමම නෑ . ඒ අය සම්ප්‍රදාය රකිනවා . මිනිස්සුත් පල්ලි නොගියට ඒකට කැමතියි . ජාතික දිනයට ජාතික ඇඳුම ඇඳන් පෙළපාලියේ යන්නේ . රජයේ රැකියා ලැබෙන්නේ ඒ පල්ලියේ අයට විතරයි Norway වල . මම ඒක ගැන පුද්ගලිකව දන්නවා .

      මනොෂ් සහ මාතලන් කියන විදියේ අනාගමික රටවල් කොහෙවත් නෑ .

      අපේ රටෙත් මිනිස්සු සමුර්දිමත් නම් තත්වය මීට වෙනස් වෙනවා.

      නමුත් මං මාතලන් එක්ක එකඟ වෙනවා මේ කෑල්ලට .
      "නමුත් අනාගතේ ඒ දේ වෙනස් වෙන්න පුළුවන් මේ ඉස්ලාම් ඩයස්පෝරාව නිසා.."

      මේ නිසා ළඟදීම මුස්ලිම් සමුල ඝාතනයක් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ විය හැකියි . ඒ මිනිස්සු ඉන්නේ යම් පීඩනයකින් . කොච්චර සාමකාමී උනත් ලිමිට් එකක් තියනවනේ

      එහෙම උනොත් හොඳටම බේරෙන්නේ ලංකාවේ මුස්ලිම් අය තමයි . එකට හේතුවත් ඔය බනින හාමුදුරුවොම තමයි

      Delete
  19. haamuduruwange damage control video eka dhekkadha poosek wage. janaadhipathithumaata kunuharupen bennata Karunaata sir sir kiyana video ekakuth mama dhekalaa thiyenawaa.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.. ඔය චන්ඩි ගොඩක් එහෙම තමයි...

      Delete
  20. පොයින්ට් එකට කතා කර ඇත...

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි... උඹට මොකෑ බං වෙන්නේ.. මේ ඉන්නවා මේ නෑ...

      Delete
  21. හාමුදුරුවන්ගේ ප්‍රශ්න නම් සාධාරණයි .ඉදිරිපත් කිරීම අන්තිමයි.
    ඒ නිසා මෙතන විවේචනය වෙන්නේ හාමුදුරුවෝ මයි .
    මම ඒ අයගේ සුදු හුණු ගානවා නෙවෙයි .

    නමුත් මෙතන නිධාන කතාව හැමෝටම අමතක වෙලා නේද ?

    ReplyDelete
    Replies
    1. මොකක්ද නිධාන කතාව. මොන කතාව තිබුනත්.. ඒ සිඳුවීම සාධාරණීකරණය කිරීමට ඒ එකදු හේතුවක්වත් අදාල නොවේ..

      Delete
    2. හාමුදුරුවෝ කොහොමද සාධාරන වෙන්නේ....රටක නීතිය මඩකලපුවේ පන්සලට එක විදිහකටයි, තවත් තැනක තවත් විදිහකටයි වෙන්න බැහැනේ. ඕවා ඔහොම වෙන්න ගියොත් පන්සලක වෙන කිසිම නීති විරෝධි වැඩකට අත තියන්න බැරිවෙයි.

      Delete
  22. සුදුසු කාලය එළඹ ඇත....

    ReplyDelete
    Replies
    1. අනිවා.. තටු කැපිය යුතු කාළය පැමිණ ඇත.. නැත්නම් වන්නේ මහා විනාශයකි..

      Delete
  23. ගොනාට නොව
    හාමුදුරුවන්ට ඇඳගත්ත
    මේ පුද්ගලයා ගැන මට
    මහා දුකයි

    පාංශකූල රෙදි කැබැල්ල වෙනුවට
    දිස්නෙ දෙන
    පට...
    සිවුර සිරුරු රැඳි

    ලෝකයම බුදු දහමින් ආභාශය ලබමින් යද්දී
    අන් මගක යන මේ චීවර ධාරියා....
    දොස් කියනු බෑ

    මේ අපේම නිශ්පාදනයකි

    දයල් බතී

    ReplyDelete
    Replies
    1. සැබවින්ම. රාජ්‍ය අනුග්‍රහය සහිත කිරි පොවා ඇති දැඩි කල සර්පයන්ය...

      Delete
  24. පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
    මම නිහඬව සිටියෙමි..
    මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..
    ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..
    මා කුමක් කියම්ද..
    මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..
    ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..
    මා නිකං බලා සිටියෙමි..
    මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..
    ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..
    මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..
    ඔවුන් අවසානයේදී..
    මා සොයා පැමිනියේය...
    එවිම මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත

    මාර්ටින් නේමොලර්

    ReplyDelete
  25. මාතලන්,
    ඔබ මේ සිද්ධියට අදාළ වීඩියෝ එක මැදහත්ව බලවා නම් මේ භික්ෂුන් වහන්සේට තරහ ගිය කාරණය මෙංවින් පෙනෙන්න තිබුනා. ඒ උනාට ඔබට මැදහත් සිතක් නැහැනෙ.මේ හාමුදුරුවන්ට තරහ ගියේ ගැනු පාවාදීමක් ගැන විදුලි නිලධාරියා විසින් කීම ගැනයි.ඔහු ඒ කාරණය ගැන නිසි පරිදි සමාව ගන්නා තුරු මේ හාමුදුරාවන් වහන්සේ විරෝධය දක්වා තියෙනවා. ඒක හරි. ස්ත්‍රී සේවනයක් කල විගසින්ම ඒක කාරණය නිසාම භික්ෂුත්වය නැතිවී තමන් සාමාන්‍ය අයෙක් වෙන බව උන් වහන්සේ දන්නා නිසා. මට මේ හාමුදුරුවෝ සමාන කරන්න පුළුවන් අපවත්වී වදාළ දිඹුලාගල නායක හාමුදුරුවන්ට පමණයි.උන් වහන්සේත් කෙලින්ම බොහොම නරක විධියට J.R ජයවර්ධන ජනාධිපති තුමාගේ මාදුරුඔය ක්‍රියාකලාපය විවේචනය කළා . ඒ ප්‍රමදාස අගමැති ඉදිරියේ.
    හාමුදුරුවන්ගේ සිල්වත් භාවය ගැන බොහොම දෙනෙකුට ප්‍රශ්න තියෙන බව ඔබට් සහ comments දාපු බොහොම දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා වගේ. අන් අයගේ සිල්වත්බව ප්‍රශ්න කරන්නට පෙර ඔබලා අද තරමේ ගිහියන්ට රකින්න තියෙන පන්සිල් පද 5න් කියක් රකිනවාද කියලා තම හදවතින්ම හොයා බැලුවොත් නරකද? මම ඔබේ දිනපතාම පාහේ ඔබේ blog ඒක බලන නිසා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔබ මිදී නැති බව මට නම් වැටහෙනවා. මම නම් මත්ද්‍රව්‍ය ගන්න තැන ඉන්නවා.බයිටෙහෙමත් කනවා. අන් අයට උවමනා විට අරක්කු බෝතලය ලඟටත් ගෙන ගොස් දෙනවා.සින්දුත් කියනවා. පාටි එකේ ෂෙයාර් එකත් දෙනවා. ඒ උනත් බොන්නේ නම් නැහැ.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මිස්ට සාරසේකර කොහේද යන පාහරයෙක් ආරාමෙටම ඇවිල්ලා බුදු හාමුදුරුවන්ගේ මූණටම කෙල ගහලා යනවා.. උන් වහන්සේ කුමක්ද කළේ, නාලාගිරි ඇත රා පොවලා එවනවා.. උන් වහන්සේ කුමක්ද කලේ, ගල් පෙරලනවා උන් වහන්සේ කුමක්ද කලේ..

      ඒවා ඕන නෑ අම්බපාලි එක්ක සංසර්ගයේ යෙදෙනවය කියලා අපහාස කරනවා උන් වහන්සේ කුමක්ද කලේ..

      දන්නේ නැත්නම් පන්සල පැත්තේ ගිහින් ධර්මය ගැන දන්න හාමුදුරු කෙනෙකුගෙන පැහැදිලි කර ගන්න. මේ වගේ කාළකන්නි නම් ධර්මය දන්නේ නේ.. උන් දන්න ධර්මේ තමයි ඔය පෙන්නුවේ..

      බුදු සරණයි...!!!

      Delete
    2. මම පන්සිල් පද එකක්වත් රකින්නෙත් නෑ.. සමාදම් වෙන්නෙත් නෑ..

      මම පිලිගන්නේ බුදුන් දෙසූ ධර්මයේ මට අවශ්‍ය කොටස් පමණයි. ඒකට නිදහස මට කාගෙන් වත් ඕන නෑ. බුදු හාමුදුරුවෝම මට දීලා තියෙනවා..

      බුදු සරණයි...!!!

      Delete
    3. ///////ඒ උනත් බොන්නේ නම් නැහැ......////////
      මිස්ටර් සමරසේකර තරහවෙන්න එපා ඇහුවට,,,,ජොයින්ට් එකක් හෙම ගහනවද? මම සීරියස් අහන්නේ...කින්ඩියට නෙමේ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න