.

.

Oct 13, 2014

විජ්ජාව, අවිජ්ජාව හා ගැලවිජ්ජාව - Science for Barbarians


"එදා විජ්ජා සන්නිවේදනේ අද නැත්තේ ඇයි...?" කියලා, අපූරූ ළිපියක්, චානුක වත්තේගම ලියලා තියෙනවා. දැන්, සම හරක් චානුක මරාගෙන කන්න හදනවා. එයා ලියන්නේ නෑ කියලා.. එහෙම ලියන සම හරක්, නන්දා, අද සින්දු නොකිව්වට අවුලක් නෑ කියලා, කලින් කියලා තිබුනා. ඒවට නම් අපේ ගමේ කියන්නේ, සෙප්පඩ විජ්ජා කියලා. හැබයි චානුක මතු කරපු දේ ගැන, මගේ මතයත්, සමහර අදහස් අතරේ තිබුනා..

ඇත්තටම, අද ළෝකේ උතුම් ඇටේ, විජ්ජාවට තැනක් නෑ.. තැනක් තියෙන්නේ, අවිජ්ජවටයි, ගැලවිජ්ජාවටයි. ඒවා ප්‍රගුණ කරපු උන් නම්, පඳුරකට ගලක් ගැහුවොත් ඉන්න, ඩෙංගු මදුරුවන්ටත් වඩා ඉන්නවා. විජ්ජා හා තාක්සොන අමාත්තන්සෙ කියලා අමාත්තන්සෙකුත් තියෙනවා, ඒත් ඉතින් එකේ වැඩ පටන් ගන්නෙත්, පුහුල් ගෙඩියක් එල්ලලා, නැකත් බලලා, පිරිතක් එහෙම කියලා, පූසාරියි, මව්ලවියි, පාදරුයි ඇවිල්ලා ඉස්තෝත්තර, කුරාණ, බයිබල් එහෙම කියලා. සියළු දෙවි දේවතාවුන්ගෙන් අවසර අරගෙන, ඇමති තුමාගේ වේලපත්කඩේට හදපු සුභ නැකතට. ඉතින් මොන විජ්ජාවක්ද අප්පා. ඒකෙන් කොරන මෙළෝ ලබ්බක් නෑ.. ඊට හොඳා ඒකෙන් දහ අට සන්නිය, තොවිල්, කොඩිවින, නාථ ආනාථ, රාවණා සීතා ගැන පර්යෙසොන ටිකක් කොරානම්.

ඔය යක්කුත් එක්ක එකට ඩ්‍රින්ක් එක දාලද කොහෙද, උන් කරපු ඒවා දැක්කා වගේ ලියන ජේස්ඨ් හා සෙරේස්ඨ ජඩ මාධ්‍යවේදියොන්ගෙනුත් පුල් බැක් එක හම්බ වෙයි, ඒ වගේ පර්යේසොන එහෙම කොරනවනම්. මේ ළඟදි, අපේ ගමේ පන්සලේ තොවිලයක් නටන්න හොඳ කට්ටඩියෙක් හොයන වෙලාවේ, මම නම් කිව්වේ, ඔය සති අන්ත සිංහල පත්තර වල, කත්තුරු මහත්තුරු ටික ගෙනල්ලා නැටෙව්වා නම් අහවරයි කියලා. ඇයි අප්පා ඕකුන්ට පෙන්නේ නැති වෙන්න දිස්ටි වට්ටලා ඔය මහසෝන්, කාළි, ඔඩ්ඩි, මළ පෙරේත ළිපි පත්තරේ වැටෙන්න විදියක් නෑ නේ. ඕකුන් සෝදු පත් බැරිනම් මුද්දරනේට ඉස්සර මක්කා හරි කොරනවා ඇතිනේ. අඩු ගානේ මුන් මුද්දරනේ කොරාට පස්සෙවත් බලන්නෙ නැති වෙන්න බෑ නේ.

ටැලිවිසොන් ගැන කතා කොරලා වැඩක් නෑ. ඊට හපන්, සල්ලි දීලා ගන්න එකම පත්තරෙත් එපා කරනවා නිර්මාල් රංජිත් දේවසිරිලා.. එයත් රාවණාට ගූ බයයිද කොහෙද...? කොහොමත් සංඝයෙක් රජ කරන්න වලි කාපු පොරනේ.. එයා රාවණා උන්නා කියන්නෙත් නෑ ... නෑ කියන්නෙත් නෑ. හොඳ වෙලාවට සුපර් මෑන්ලා, ඉස්පයිඩර් මෑන්ලා "ලිප්ටන් සිලෝන්ටා" තේ එකක් හරි බීලා නොතිබ්බේ. එහෙම උනා නම් එහෙම, මුන් හදනවා දේවාල. ඉස්පයිඩර් මෑන් දේවාලය කියලා. සුපර් මෑන් දේවාලය.. පූසාරිට තියෙන්නේ, කලිසම ඇඳලා, ජොකා ඊට උඩින් ඇඳලා, සාටකේ දිග ඇරලා කරේ බැඳ ගන්න එක විතරයි. එක සැරයක් ලොක්කා ගෙන්න ගත්තා නම්, බැතිමත්තු එනවා පෝලිමේ. ඊට පස්සේ උන් ඉස්පයිඩර් මෑන් අපේ කර ගන්නවා. බුදු හාමුදුරුවො වගේ.

අනික ඉතින්, මහ රජ්ජුරුවෝ බෝලයක් මිරික මිරික යද්දි, ජනමාධ්‍ය, මහසෝනයි රීරී යකා එක්කයි සලු පාලිය නටද්දි. ජනතාව බුද්ධිමත් කරන්න ගෙනාපු ටැලිවිසොන් එකෙත්, අත්තම්මා හූනීයම් කරද්දි, තව එකියක් කාලි අම්මා ආවේස වෙලා දඟලද්දි, මහජනයා උදේ වැඩ අල්ලන්නේ, කළ දසාව බලලා.. උන් අම්බලන්ගොඩ රූකඩ වගේ.. කතරගම් දෙයියෝ එනවය කිව්වම, බැන්ස් බී ඇම් ඩබලිව්, පෝසේ විතරක් නෙමෙයි, ලැම්බෝගිනි නැති, බඩගිනි ගොන් හැත්තත් ගිහිල්ලා, පුල් ඩිසපොයින්ට් වෙලා එනවා. වෙන රටක නම්, ඒ කියපු එකා මරලා ගේත් ගිනි තියනවා.. ඒත් ඒ දෙයියා යහතින් ඉන්නවා.. ආයෙත් පච කෙලිනවා..

එතකොට අනාගතේ මේක වෙනස් වෙයිද්? කොහෙත්ම නෑ.. මොකෝ විපක්ෂ නායකත් පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් තිරුපති යනවා, වෙන්ඩ නායකත් යනවා, පක්සෙ ලේකන් තුමාත් යනවා, ශරීර කෘත්‍ය මණ්ඩලේ අයත් යනවා..උගෙ අම්මගේ ලිබරල් එකක් ඒක.. ලිබරසයිසේසොන් විත් විස්ණු මහා දිව්‍ය රාජ..

එතකොට විප්ලවයකින්.?. ඒ කියන්නේ ජෙප්පොද.. හ්ම්... උන් මේ ළඟදි පිරිකරකුත් අරගෙන මල්වත්තේ ගියේ.. තව ටික කාලෙකින් කතරගමත් යයි.. පා ගමන් නෙමේ යකෝ.. පූජාවට.. පූජාවට.. පළතුරු වට්ටිත් අරගෙන.. කොහොමද නිකං මෝලං පාරට අනුරලා, ටිල්වින්ලා, සෝමෙලා, ලාල් කාන්තලා, විජිත්ලා, සුනිල්ලා, වේට්ටි ඇඳලා, නලලේ අළු ගාලා.. රතු මොට්ටු තියලා.. නටන කොට.. අරූ නම් එන එකක් නෑ.. කව්ද..? සමන්තයා.. ඌ ආවොත් කතරගම දෙයියෝ දෙයි කන පැලෙන්න. අපරාදේ කාවඩි වලට විමල් වීරවංශත් ඉන්න තිබුනේ.. නියමෙට නටයි.. ඇක්ටින්, නම්බර් වන් නේ.. හැබයි ඩාන්සින් නම්, කොහොමද කියන්න බෑ..

එතකොට අපි මොකෑ කරන්නේ..? ඕන්... කරන්න ඕන දේ බස්සි කියන කොටම කරලා.. ආන් එහෙමයි, දැන් විජ්ජාව ගැන කතා කරන්න ඕන.. ඒ වගේම මම සිංහලෙන් කියවන්නේ නාලක ගුණවර්ධන විතරයි. පොර නම් දෙනවා සයන්ස් නිකන් ෆලූඩා වගේ.. මාර රහයි.. එහෙමයි විජ්ජාව පොවන්නේ.. එහෙම නැත්නම් නැසොනල් ජියෝග්‍රොපි හරි ඩිස්කවරි හරි බලනවා. මේවයේ තියෙන ඒවා සූදීකයා සමහර වෙලාවට ලියනවා. හැබයි ඒවා රහ නෑ. පරණ ඉට්ටැයිල්. ඒක ඉතින් උගේ ඉට්ටැයිල් එක නේ.

අපි කතා නොකලට, අපේ රටේ හංදියක් හංදියක් ගානේ ගනංකාරයෝ උන්නට, ඕ ලෙවල් ගනන් පේල් වගේ. රට පුරාම විජ්ජා කාරයෝ උන්නට, විජ්ජාවටත් ලයිට් කණුම තමා. නැත්නම් ඉතින් ලයිට් ඇමතිනීට, ගිගා, මෙගා, ටැපලෙන්න විදියක් නෑ නේ. නැත්නම් නොදන්න රෙද්ද, මාතලන් වගේ සද්දේ වහලා ඉන්න ඕන. ඒකට හේතුව උගන්වන නීරස ක්‍රමය. ඔය මිහින් විජ්ජාගාර ඉස්කෝලවල දැම්මට වැඩක් නෑ.. උගන්වන ක්‍රමය වෙනස් කරන්න ඕන. පොවන ප්‍රමාණේ අඩු කරන්න ඕන.. කන ලුණු වලට කියන සයන්ස් නමවත් දන්නෙ නැත්නම්, අහවල් රෙද්දකටද ලොක්කා විජ්ජාගාර.?

චානුක එයාලගේ ප්ලේස් එක නැතිවෙන නිසා, නලින්ද සිල්වලා, චන්දන ජයරත්නලා වගේ, ජෝකර්ලා වෙන නිසා, නොලියා ඉන්නවා කියන එකට නම් එකඟ වෙන්න බෑ. ම්ම නම් දන්න තරමින්, හොරකම් කරන්න බැරි එකම දේ උගත්කම. එතකොට තමන්ගේ දැණුම තියෙන්නේ තමන් ළඟ. තමන්ගේ තත්වේ තියෙන්නෙත් තමන් ළඟ. කොටින්ම.., චානුක නොදන්න කෙන්කුට, චානුකගේ වටිනා කමක් නෑ නේ. දන්න එකාට වටිනවා. නොදන්න එකාට චානුක තවත් මගියෙක්, පාරිභෝගිකයෙක්, හෝ තවත් පොදු පුද්ගල නාමයක් පමණයි.

අනික, ඒ කාළේ ඒ දේ කලා නම්, අද නොකර ඉන්න හේතුවක් නෑ නේ. ඒත්, පත්තර අද මිනිස්සු කියවන්නේ නෑ. එහෙනම් එයාලා එන්න ඕන, අන්තර්ජාලයට. එතනත් බ්ලොග් එකක් ලියලා බලාගෙන උන්නට වැඩක් නෑ. සංවාදයට එක්වන්න ඕන. බලන්න චානුකගේ ළිපියේ කොතරම් වැදගත් සංවාදයක් ගොඩ නැගුනද කියලා.

ඒ නිසා එන්න.. බ්ලොග් එකකින් එන්න.. හොඳ දේ කවුරුත් වැළඳ ගන්නවා. මාතලන් නිසා, දේශපාළණය අරහං වෙලා උන්න උන්, අද දේශපාළණය කියවනවා. ඒ මදිවට ලියනවා. "කවිය" කියන දිහා බැලුවෙ වත් නැති උන්, අද කවි ලියනවා. එදාට වඩා, ගුණාත්මක හා නිර්මාණාත්මක අතින් ඉහල බ්ලොග් රාශියක් තියෙනවා. ඒවා මේ, එක පාර කරන්න බෑ. හෙමීට කරන්න ඕන. අද මාතලන් කියවන උන්, පොලිටික්ස් වගේම පොලිට්‍රික්ස් පවා දන්නවා. අනික ඕනම දෙයක විජ්ජාව බලපාන නිසා, සයන්ස් එකෙන් දෙන එක, සිම්පල් වැඩක්. හැබයි ඉතින් ඒක කරන්න පුළුවන්, සයන්ස් දන්න උන්ට තමා..

උදාහරණයක් ලෙස මෑතකදි රාගම පැත්තේ සයන්ස් එක්කෙනෙක්, ඒ කියන්නේ සයන්ටිස් කෙනෙක්, සොයාගත් නිගමනයකින් මේ කතාව ඉවර කරන්නම්..

වල් ඌරාගේ ඇලපතට වෙඩි තැබීමේ විජ්ජාත්මක හේතුව...

ඔහේලා දන්නවද වල් ඌරට වෙඩි තියන කොට, ඇලපතට වෙඩි තියන්නේ ඇයි කියලා.? ඇලපතට වෙඩි තිබ්බම, මූනිස්සම් පෙනහල්ල ඉස්ප්‍රේ කොරගෙන වගේ ගියාම, ඒ තුල තියෙන මහා ප්‍රාචීරය, ඩැමේජ් වෙනවා. හුස්ම, මහා ප්‍රාචිරය අස්සෙන් ලීක් වෙනවා.. ඒකට තමයි ඔය සම හරක් කියන්නේ, පිඹිනවා කියලා. එතකොට ඌට හුස්ම ගන්න අමාරු වෙනවා. එතකොට වෙඩි කාපු ඌරට අපේ පස්සේ වැඩි දුර එලවන්න බෑ.. ඒ ඇයි..? අර මහා ප්‍රාචීරය ඩැමේජ් නිසා... ඌට හුස්ම ගන්න බෑ, හති.. ඉතින් ඌරා කියනවා... "මචෝ.. මට හති... මාව.... කරේ.... තියා... ගෙන..... පල....යන්..." කියලා.. අනේ ඉතින් පින්වත්නි අර හති වැටුන ඌරා කරේ තියාගෙන එනවා.. එනකොට මූ, හති වැඩිවෙලා මැරිලා.. මැරිච්ච ඌරා ආයේ කරේ තියාගෙන ගිහින් කැලේ දාන්නය. අපරාදෙ නේ අප්පා.. ඒ නිසා.. බිස්ටේක් දාලා, බයිට් එකට ගන්නවා..

අපි නොදන්න සයන්ස්..

123 comments:

  1. එල කිරි.. මම දෙක වෙලා... මාතලන් ගොය්යෝ... වේවා..

    ReplyDelete
  2. \\\එහෙම උනා නම් එහෙම, මුන් හදනවා දේවාල. ඉස්පයිඩර් මෑන් දේවාලය කියලා. සුපර් මෑන් දේවාලය.. පූසාරිට තියෙන්නේ, කලිසම ඇඳලා, ජොකා ඊට උඩින් ඇඳලා, සාටකේ දිග ඇරලා කරේ බැඳ ගන්න එක විතරයි. එක සැරයක් ලොක්කා ගෙන්න ගත්තා නම්, බැතිමත්තු එනවා පෝලිමේ. ඊට පස්සේ උන් ඉස්පයිඩර් මෑන් අපේ කර ගන්නවා. බුදු හාමුදුරුවො වගේ. //// thawa wena mona kathada.. Supiri viki :D

    ReplyDelete
    Replies
    1. ඔය බුදුහාමුදුරුවො කියන මනුස්සයා අපේද?

      Delete
    2. මේ බුදුන් උපන් ජම්බුද්වීපයයි!

      Delete
    3. ඔකටනම් මට හරි හමන් උත්තරයක් දෙන්ට විදිහක් නැහැ මචන්. විදිහට අපේ නෙමෙයි. එත් සම හරක් අපේ කියල බ්‍රෑන්ඩ් එකක් කරගෙන එකට ලේබල් එකකුත් ගහල පේටන්ට් එකත් අරගෙන ලමිනෙට් කරලා එකට ඔප්පුවකුත් හදන් ඉවරයි නෙව...

      Delete
    4. මේ බුදුන් උපන් දේශයයි...!!!

      Delete
    5. ඔය "මේ" කිව්වෙ ඉන්දියාවටද?

      Delete
    6. මනෝෂ් ඉස්ටිකර් එක දැකලම නැද්ද?

      Delete
    7. මං අහල තියෙන්නෙ මේ බුදුන් වැඩි දේශයයි කියලයි.

      Delete
    8. වෙන්නත් ඇති ඉන්දියන් ත්‍රී වීල් වල නේ තියෙන්නේ.. ඒත් කරුමේ කියන්නේ ජපන් වාහන වලත් තියෙනවා.. අනික හින්ගලෙන්..

      Delete
    9. සමහර විට ලංකාවෙ මයික්‍රෝ කාර් වලත් ගහයි.

      Delete
  3. ම්ම්ම්......මේ පෝස්ට් එකට නිකං කමෙන්ට් එකක් දාන්න බැහැ .......
    ටිකක් කම්පනා කොරල ....... බර සාර එකක් පසුව කොටන්න ඕන........
    නැත්නම් උඹ කියයි .....මේ හුත්ත දැන් නිකම්ම ලෙස්සල යනව කියල ...හෙහ්.....හෙහ්.....

    ReplyDelete
    Replies
    1. අන්තිම වාක්‍ය දැක්කම මට එක එක ඒව හිතුන නෙ කෙන්ජයියේ :D :D

      Delete
    2. හෙමීට වරෙන්කෝ

      Delete
  4. /* "කවිය" කියන දිහා බැලුවෙ වත් නැති උන්, අද කවි ලියනවා. එදාට වඩා, ගුණාත්මක හා නිර්මාණාත්මක අතින් ඉහල බ්ලොග් රාශියක් තියෙනවා. */

    මාත් සාහිත්‍ය මාසය වෙනුවෙන් කයි-කතන්දර සහ පොත් කතන්දර දාන කාලේ එක-එකා එක එක දේ කීවා.

    මං නොවෙයි සැලුනේ!

    නලීන්ද ලා නාථලා සිටියා කියා චානුකලා පසු බැසීම නම් කුජීත දෙයක්. හැබැයි මන්දා නාලනී තියරිය නම් හොඳ ලොජිකල් එකක්!

    ReplyDelete
    Replies
    1. එතන නම් උනේ, මාසයක්ම අපිට කතන්දර නැති වීමේ වේදනාව.. ඔය කියන්නේ අර හස්ත කර්මාන්ත කවි ගැන නේ...

      Delete
    2. චානුක හෝ ඇලා හෝ වෙන කවුරු හරි ලිවීම හෝ නොලිවීම පුද්ගලික තීරණයක්. ඒත් "නලින්ලා වගේ වෙන" බව කියා හෝ PhD එකේ තත්ත්වයට හරි යන්න ලිවිය යුතු බව කියා නොලියා සිටීමට කේස් හැදීම නම් මටත් තේරුනේ නැහැ.

      මේ ඉන්න තුන්දෙනාම ප්‍රොෆෙසර් ලා, ඒත් ජනමාද්‍ය වල විද්‍යාව ජනප්‍රිය කිරීමට ලොකු වැඩක් කරපු අය.

      Robert Wolke
      Michio Kaku
      Brian Cox

      මේ කීබෝඩ් එකේ ඉන්නේ ප්‍රොෆෙසර් කොක්ස්. බුවා වතාවක් පීපල් මැගසින් එකේ ටොප් 100 සෙක්සි මෙන් ලිස්ට් එකටත් තේරුනා.

      Delete
    3. සමහරුන්ට දෙයක් කොයි තරම් කියලා දුන්නත් තේරුම් ගන්න අමාරුයි.

      දැන් ඔතැන Robert Wolke ගන්නකෝ. ඔහු ලියන්නෙ The Washington Post එකට. ඒක ඔහුගෙ තත්ත්වය තියාගෙන ලියන්න පුළුවන් ගරු කටයුතු ප්‍රකාශනයක්. ලංකාවෙ එහෙම පත්තර නැහැනෙ. තියෙනවනම් ලියනවා තමයි. එහෙම නැතුව නලින් ද සිල්වා වගේ කෑල්ලට රුපියල් දාහ ගානේ දිවයින වගේ පීචං පත්තර වලට ලියන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ.

      Delete
  5. ජාන වලට කැවිලා තියෙන විශ්වාස තාමත් ඉවත්වෙලා නෑ. අපි විශ්වාස නොකලත් අප වටා ඉන්න අය වෙනුවෙන් අපිටත් ඒ විශ්වාසයම පළඳින්න වෙනවා. නැත්තං විසුමක් නෑනෙ. මිනිස්සු තරහ කොරගෙනත් බෑනෙ.
    මේ මාධ්‍යයට එක් වෙන්නෙ සීමිත පිරිසක්. වැඩිහරිය ලංකාදීප, නයිටීඇන් තමා බලන්නෙ. නමුත් පළමු පිරිස වැඩිවෙමින් දෙවන පිරිස අඩුවන ප්‍රවණතාව හොඳින්ම තියෙනවා. බලමු පුලුවං උපරිම හැටියට සංවාදයක් ගොඩනගන්න. විශ්වාසයන් සහ අවිද්‍යාව, දැනුමෙන් විද්‍යාෙවන් ප්‍රතිස්ථාපනය කරන්න ට්‍රයි කොරමු හැකි පමණින්.

    ReplyDelete
    Replies
    1. පටන් ගැන්ම බොහෝම අමාරුයි... ඊටත් අමාරුයි පවත්වා ගෙන යාම.. නමුත් අමාරුවෙන් හෝ එසේ කර ගෙන යාම... ජාතික යුතු කමක්..

      Delete
  6. ඔය වෙඩි වැදිච්ච ඌරන්ට හතිය වැඩිවුනාම අරන් යන්නේ "වැලිසර ලය රෝහලටලු" . එහෙම ගෙනාපු ඌරෙක් මැරෙන්න කලින් අන්තිම කැමතිපත්‍රය ලියද්දි තමයි අර සයන්ටිස් බ්ලොග් රචකයාට සීන් එක කියලා තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඒ සයන්ටිස් මහත්තයා මේක තවම දැකලා නැද්ද කොහෙද...

      Delete
    2. ඉතිං ඌරා මළාට පස්සෙ අවසන් කටයුතු කරන්නට සයන්ටිස් බාර ගත්තලු.

      Delete
    3. සයන්ටිස් නෙමෙයි අපිත් සහබාගී උනා... නැත්නම් හරි නෑ නේ..

      Delete
  7. අර සුපර් මෑන් තේ බොන කතාව ඇහුවම මට සුපර් මාන කතාවක් මතක් වුනා . මේක තිබ්බේ ඉස්සර ජෝකර් මල්ලි කියලා බ්ලොග් එකක් තිබ්බේ , අන්න ඒකෙ.. ස්තුතිය ජෝකර් මල්ලිට

    සුපර් මෑන් මොකද කරන්නෙ කියල කල්පනා කර කර අහසෙ පා වෙවී ඉන්නකොට නිකංම වොන්ඩර් වුමන් ඉන්න හෝටලේ පැත්තට පියෑඹුනාලු :P. ඈතදිම දැක්ක සීන් එකෙන් පොර අන්දුන් කුන්දුන්ලු.

    වොන්ඩර් වුමන් එයාගෙ බැල්කනියෙ හාන්සි පුටුවක දිගෑදිලා සැන්දෑ හිරු රැස් තපිනවලු. ඇ‍ඟේ නූල්පටක් නෑලු. රෝස පාට නිර්වස්තරේ දැක්කගමන් සුපර් මෑන්ට ඉවසන් ඉන්න අමාරුලු. පොර දැන් තනියම හිතනවලු.

    “මම සුපර් මෑන්…. මම ෆ්ලෑෂ් වගේ වේගවත්. වොන්ඩර් වුමන්ට මට තරං පවර් එකක් නෑ. වේගෙන් ගිහින් වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බැරි තරං වේගෙන් ඒකිට වැඩේ කරල මට මාරු වෙන්න පුලුවන් වෙයි.”

    ඔන්න සුපර් මෑන් ජොකාවත් ගලවගෙන විදුලි වේගෙන් “සූ….ස්” කියල වොන්ඩර් වුමන් දිහාට පියාඹල විදුලි වේගෙන් වොන්ඩර් වුමන්ට අතවරයක් කරල විදුලි වේගෙන් පියාඹල ගියාලු. වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බෑලු උන දේ. නිකං “සූ…” සද්දෙ විතරලු ඇහුනෙ.

    “ඒ මොකක්ද ඒ?”

    වොන්ඩර් වුමන් ඇහුවලු.

    එතකොට වොන්ඩර් වුමන්ගෙ ඇඟ උඩ නැගල හිටපු ඉන්විසිබල් මෑන් අමාරුවෙන් මෙහෙම කිව්වලු…

    “ඒ මොකක්ද කියලනං මං දන්නෙ නෑ… හැබැයි මගේ පුක නං අම්බානක රිදෙනව ඕයි…”


    ජෝකර් මල්ලි බ්ලොග් එකෙන් උපුටා ගත්ත කතාවකි

    ReplyDelete
    Replies
    1. හොඳ විජ්ජාත්මක කතාවක්... මිනිසුන්ගේ විඥ්ඥානය වඩවන ආදර්ශමත් කතාවක්..

      Delete
    2. සුපර් මෑන් නෙවැ බොල ඩිංගක් රිදුනට මොකෝ :D

      Delete
    3. පොඩි අවුලක් තියෙනවා ඉවාන් මචං... :D
      සුපර් මෑන් ජොකා ගලවං ආවට විතරක් වැඩක් නැහැ නේද...? හවස ගෙදර ගිහින් කිට් එක වොෂින් මැෂින් දාන්න යනකොට කලිසමේ ඇතුල් පැත්තේ වේළුන සව් කැඳ දකිනකොට තමා මෑන්ට ඇඳුම් කියන ජාතිය පිළිවෙලට අඳින්නේ නැති එකේ වරද අවබෝධ වෙන්නේ... :D

      Delete
    4. @ මාරයියා - එක ඇත්ත බොලේ , හැබෑට සිප් එකක්වත් නැද්ද දන්නේ නෑ ඔකේ නේ :P

      Delete
  8. ඒකනේ ඒකනේ.. මටත් ඇලජික් වෙලා තිබ්බ දේශපාලනේ මාත් දැං ඩිංග ඩිංග කියවනවා.. හැක්..

    චානුකට මක්කද වෙලා තියේන්නේ.. පොර පිට් බුවා නේද??

    ReplyDelete
    Replies
    1. පට්ට කවිත් ලියන්නේ...

      Delete
  9. ලිපිය සමග එකඟ වෙමි.

    මිනිස්සුන්ගෙ අවබෝධ කර ගැනීමෙ හැකියාව එකිනෙකාට වෙනස්. තමන් දන්න දේ සරළ භාෂාවකින් මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් නම් ඒක බොහොම වටිනව. මං හිතන්නෙ විෂයය කරුණු වලින් සන්නද්ධ කෙනෙකුට ඒක අමාරු දෙයක් නෙවෙයි. දශමයක් පහලට බහින්න විතරයි ඕන. පහනින් තව පුංචි පහනක් පත්තු කලාට එලිය අඩු වෙන්නෙ නෑනෙ.

    දැනුම ඇත්තෝ ගිනිකූරක් වත් දල්වත්වා !!!

    ReplyDelete
    Replies
    1. මගෙත් පරම පැතුම එයයි...

      Delete
  10. ඔහැක් මසුරං කතාව...
    නැගලම ගියෙ අර සුපර් මෑන් දේවාල සීන් එක...
    ඇත්තටම අපේ සමහරක් උංට පුලුවං නං ඒකත් නොකර ඉන්නෙ නෑ...

    මාතෙට මතකද (සමාර විට බැළුවෙ නැද්ද දන්නෑ) ඕ මයි ගෝඩ් කියල හින්දි පිචැර් එකක් ආව... සාමාන්‍ය බහුබූත හින්දි පිචැර් වලට වඩා ටිකක් වෙනස් එකක්... බොරු හොර දෙයියන්ටයි පූසාරින්ටයි ඔළුව අතගාල ඇනපු ටොක්කක්...
    ඒකෙ අන්තිමට ප්‍රධාන චරිතය රගපාන පරේෂ් රාවල් මැරුණ කියල ස්කූටරෙයි මනුස්සය වයි දාල දේවාල හදෝනව මතකද....
    මුන්ට දෙය්යෙක් නැත්තං දෙය්යො මවයි....

    ReplyDelete
    Replies
    1. හින්දි ෆිල්ම් බලනවා බොහෝම අඩුයි... පැය තුන හතරක් ඒකට කැප කරන්න එපාය.. අන්තීමට බැලුවේ ත්‍රී ඊඩියට්ස්...

      Delete
  11. මාතලන් (හා තවත් අය) බැස ගෙන ඇති වැරදි අදහස් එකක් දෙකක් නිවැරදි කිරීම පිණිස ලියමි.

    1. ලෙවල් එකක් තබා ගැනීම යනුවෙන් මා අදහස් කළේ ශාස්ත්‍රීය ශික්ෂණයයි. (academic discipline) මාතලන්ගේම උදාහරණයකින් පහැදිළි කරන්නේ නම් මට රාවණා කෙනෙක් සිටියේ නැතයි ලෙහෙසියෙන් කිව හැකිය. ඉතිහාසය මගේ විෂයය නොවේ. මම එහිදී layman කෙනෙක්මි. එහෙත් ඉතිහාස මහාචාර්ය ධුරයක් දරණ නිර්මාල්ට එසේ කිව නොහැකිය. එහිදී ඔහු ඉතාම පරෙස්සම් විය යුතු වේ. එසේම විදුසරට ලියන කාලයේ පැය කිහිපයකින් ලිපි ලියූ මට දැන් සමහර ලිපි පිණිස සතියක් පමණ ගතවේ. එදා හා අද අතර වෙනසක් ඇත. තව දුරටත් මට එදා සපත්තු වලට බසින්ට නුපුළුවන.

    2. අපට ලියන්ට හැටහුටහමාරක් තැන් ඇතැයිද කෙනෙකුට වැරදි නිගමනයකට එත හැකිය. මෙය වැරදිය. අද මට විදුසර තහනම් අඩවියකි. මා ලියන කිසිවක් එහි පළ නොවේ. මව්බිම, රිවිර, දිවයින වැනි පත්තර වලට රෙදි ඇඳගෙන ලියන්ට අමාරුය. ලංකාදීපයේ ඉන්නේ මිතුරන් මුත් එතැන විද්‍යා ලිපියක් ලියන්ට පුළුවන් පරිසරයක් නැත. අවසානයේ ඉතිරි වන්නේ කෝකටත් තෛලය රාවය හා (තරමක ලැජ්ජාවෙන් ලිවිය යුතු) සිළුමිණයි. මේ දෙකට අද මම ලියමි.

    3. අප ලිවිය යුතුය කියන කිසිවෙක් අනෙක් අතට අප ජීවත් විය යුත්තේ කෙසේද කියන ප්‍රශ්නයට පිළිතුරු නොදෙයි. විද්‍යා සන්නිවේදනය යනු අද ආදායමක් ලැබෙන දෙයක් නොව අතින් වියදම් කර ගෙන කළ යුතු දෙයකි. එනිසා අප කැමැති වුවද නැතද වෙනත් රැකියා කරන්ට වේ. එවිට ලියන්ට ඇති කාලය අතිශයින් සීමිත වේ. සමහරවිට නැති තරම්ය. මා මේ අද ලියන්නේ රැකියාවක් නැතුව ගෙදර ඉන්නා නිසා මිස වෙන දෙයක් නිසා නොවේ. මටද රැකියාවක් තිබුණේ නම් මේ කිසිත් කරන්ට නොහැකි වනු ඇත. ව්‍යාපාර ලෝකයේ අප පසුපසින් ඉන්නේ "තොට මේ මාසෙ ටාගට් තියන්න බැරිවුණේ ඇයි යකෝ?" කියා බෙල්ල මිරිකන්න බලාගෙන ඉන්නා රකුසන් පිරිසකි. සියල්ල කළ යුතු මේ යථාර්ථය මැදය.

    ReplyDelete
    Replies
    1. සියල්ල හා එකඟයි.. ඒකයි සයිබර් එකට එන්න කියන්නේ.. මම දන්න විදියට පත්තරේට ලියන්නෙත් මුදලට නෙමෙයි නේ.. ආත්ම තෘප්තියට.. එතකොට ඕනම බිසි පුද්ගලයෙකුට තම බ්ලොග් එක වෙනුවෙන් සතියකට පැයක් දෙකක් වෙන කර ගන්න බැරි නෑ නේ ඕනකම තියෙනවා නම්.. මම දැක්කා පැරා ලියලා තියෙනවා එයා කලින් නිදා ගන්නවය කියලා පාන්දර ජාමේ ලියන්න..

      රැකියාව අංක එක.. නැත්නම් ඉතින් මේසෙට බත් ඩිංග එන්නේ නෑ නේ.. විනෝදයට බ්ලොග් එක..

      Delete
    2. 1. ප්‍රායෝගික සීමාවන් තුළ කළ හැකි දේ කරමින් සිටිමි.

      2. විද්‍යා හා තාක්ෂණ සීනියර් මිනිස්ටර්ට විද්‍යා සන්නිවේදනය ගැන උනන්දුවක් ඇතිවා සේම සොච්චමක් හෝ මුදල්ද ඇත. (ගොඩක් නෙවෙයි, සීනියර් මිනිස්ටර්ලාට ගොඩක් සල්ලි නෑනෙ) බ්ලොග්කරුවන් උදෙසා දෙදින වැඩමුළුවක් පැවැතිවිය යුතුය මම යෝජනා කළෙමි. මගේ සම්පත්දායකත්වයද නොමිළේම ප්‍රදානය කළෙමි. කතාවක් නැත.

      Delete
    3. @Chanuka Wattegama
      එතකොට උවමනා නිගමන ලැබෙන පරිදි සංඛ්‍යාලේඛන වැරදි ලෙස භාවිතා කිරීම academic discipline එකක්ද?

      නලින්ද සිල්වා වයසට යන විට නාථ කතා කියා පිස්සු නටපු කතාව අමතක කලොත් ඔහු හොඳ විද්වතෙකි. විදුසර සහ දිවයින දැනටත් සමහර අය ගන්නේ නලින්ද සිල්වාගේ ලිපි කියවීමට වේ. ඔහුගේ ලිපි වලට දැනටද මාකට් එකක් ඇත. ඔවුන්ගේ ක්ෂේත්‍රයේ ඔබද layman කෙනෙක් බව ඔබගේ අදහස් වලින් පෙනේ.එමනිසා ඔවුන් විවේචන්නය කිරීම අනුව ඔබට academic discipline එකක් නැත.

      Delete
    4. @Chanuka Wattegama
      //බ්ලොග්කරුවන් උදෙසා දෙදින වැඩමුළුවක් පැවැතිවිය යුතුය මම යෝජනා කළෙමි. මගේ සම්පත්දායකත්වයද නොමිළේම ප්‍රදානය කළෙමි. කතාවක් නැත.//

      බොහෝ බ්ලොග් කරුවන්ට විද්‍යාත්මක පසුබිමක් නැත සිටින්නේ කිහිප දෙනෙකි. විද්‍යා සන්නිවේදනය සඳහා දැනට සිටින බ්ලොග් කරුවන් සඳහා දෙදින නොව දෙවර්ෂ වැඩමුළුවක් කලද වැඩක් නැත. කල යුත්තේ විද්‍යා ගුරුවරුන් සහ ඉංජිනේරු, වෛද්‍ය, සහ විද්‍යා උපදීදාරීන් මෙන්ම උපදී අපේක්ෂකයන් අතරට බ්ලොග් ගෙනයාම වේ. ඔබට හැක්කි නම් ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්යංශය මෙහෙයවන්න.

      Delete
    5. @මහා කළු සිංහලයා.

      මට දමා ඇති පන්දු වලට නිදැල්ලේ යන්ට ඉඩ හරිමි. මොකද මේවා කඩුල්ලට කිට්ටුවෙන් වත් නොයන බව මා දන්නා නිසාය.

      බ්ලොග්කරුවන්ට දමා ඇති පන්දුව ගැන මාතලන්ලා වග බලාගත්තාවේ!

      Delete
    6. ඉහත නමින් දම්න්ට ගිය කමෙන්ට් එක වැරදීමකින් ඇනෝ පළව ඇත. නිවැරදි කරමි.

      Delete
    7. චානුක මේ ගැන මම තව කීප දෙනෙක් එක්ක කතා කරලා කියන්නම්.. මොකද මගේ රැකියාව අනුව මට දින වෙන් කිරීමට නොහැකි නිසා..

      Delete
    8. හෙහ් හෙහ් හෙහ්....මාතලං දරුවා චානුකගෙ සහ මකසිගේ කමෙන්ටු නැවත කියවා තේරුම්ගෙන උත්තර දෙන්න. කලබල වෙන්න එපා, ඒක අගුණයි.

      Delete
    9. @Chanuka Wattegama
      කඩුල්ල ඔබ ට පිටුපසින් කියා හිතුවත් ඔබ පිටුපස කඩුල්ලක් නොමැත. එමෙන්න දැක්මක් ඇත කියා ඔබ සිතන ඔබට දැක්මක් නැත. ගහන්න මම දැමු පන්දු නිදැල්ලේ යන්න හරින්නේ දුවන විට අවුට් වන බව ඔබ දන්නා නිසාය.

      Delete
    10. ඉන්දික තාත්තේ මට ඔහේට දෙන්න තියෙන්නේ අර චානුක දීපු උත්තරේම තමයි.. මොකෝ බ්ලොග් ළෝකෙත් එක එක ජාතියේ යක්කු ඉන්න නිසා..

      Delete
    11. මකසිගේ කතාවට එකග වෙන්නේ වැඩි සම්පත් දායකයන් ප්‍රමාණයක් මේ සමාජයට එක් විය යුතු නිසයි. අපිට බ්ලොග් ආගන්තුක උනාට බෙහෝ වෘත්තිකයන් තමන්ගේ දැනුම සාකච්ඡා මාර්ගයෙන් බ්ලොග් වලදි ඉදිරිපත් කරනවා.. ලංකාවේ ඒක හුගක් අඩුයි.

      බ්ලොග් වල ඉන්නම ඕන කෙනෙක් ගාමිණි සමරකොන් (ගෙම්බා අයියා), චෙෆා, මහ වෙදනා, අනිත් කොන වගේ ක්ෂේත්‍රයට අදාළ දැනුම බෙදන අය. ඒත් කනගාටුවට කරුණ ඔවුන් බොහෝ දෙනෙක්ට රැදී සිටීමේ අපහසුතා හෝ ඇලර්ජි මතු වීමයි..

      Delete
    12. දැන්වත් මාරුවෙලා යන්නේ නැතිව පිළිතුරු දෙන්න චානුක.

      Delete
    13. /////////// විද්‍යා සන්නිවේදනය සඳහා දැනට සිටින බ්ලොග් කරුවන් සඳහා දෙදින නොව දෙවර්ෂ වැඩමුළුවක් කලද වැඩක් නැත. කල යුත්තේ විද්‍යා ගුරුවරුන් සහ ඉංජිනේරු, වෛද්‍ය, සහ විද්‍යා උපදීදාරීන් මෙන්ම උපදී අපේක්ෂකයන් අතරට බ්ලොග් ගෙනයාම වේ/////////////

      මකසියාගේ මේ යෝජනාව හරි වැදගත් කියා මට හිතෙනවා.

      Delete
    14. මහා කළු සිංහලයා කියා තිබෙන අදහස් ඉතා වැදගත් බව කිව හැකිය. බ්ලොග් යම් යම් වෘත්තීකයින් අතරට ගෙන යාමෙන් ඔවුන්ගේ දැනුම බ්ලොග්වලට ඇඳ ගත හැකිය. චානුකට කරන්නට අපහසු දේ ඔවුන් විසින් කරනු ඇත.

      Delete
    15. හප්පේ... මාරයා ඇවිල්ල..

      අනේ මේ අරක නොදි තෝ ලියනවද මැරුම් නොකා...

      Delete
  12. ඔය දේවල් ගැන මගේ මතය මෙහෙමයි. ඔය කියන අවිජ්ජාවට අපි කියමුකො නිකමට ගුප්ත ශාස්ත්‍රය කියලා. ඔන්න ඔය ගුප්ත විද්‍යාව තනිකරම මුසාවක් කියල මං හිතන්නෙ නෑ. හැබැයි ඒ මේ වර්ථමානෙ නෙවෙයි. අතීතයේ. මං හිතන්නෙ නෑ, ඔයපත්තර වල ඇඩ් දාගෙන ද්ඟලගෙන නටාගෙන ඕක කරන එකෙක් වත් හරියට ඕව කරනවා කියලා. උන් ඇවිල්ලා මිනිස්සුන්ගෙ අසරණ කමින්, අන්ධ විස්වාසයෙන් හම්බකරගෙන කන එවුන්.

    නමුත් මං තරයේ විස්වාස කරනවා අතීතයේ මෙවැනි විද්‍යාවක් තිබුන බව. කාලයේ වැලිතලාවෙන් ඒ පාරම්පරික දැනුම අද වියැකිලා. පුද්ගලිකව මං කවදාවත් මගේ ජීවිතේ දේවාල වලට බාර කරන්නෙ නෑ. බුද්ධ දර්ශනයට අනුව දෙවියන් ඇදහෙව්වත්, අදහන්න පුලුවන් එකම දෙවියො සුමන සමන් දෙවියො විතරයි. මොකද බුදු දහමට අනුව සෝවාන් වෙලා ඉන්නෙ එතුමන් විතරයිනෙ. ඉතින් බුද්ධාගම් කාරයෝ කියල මහ උජාරුවෙන් කයිවාරු ගහන ඇත්තො හතර අතේ දේවාල වල ඇවිදිනකොට මටනම් හිනා යනවා.

    හැබැයි ඔය ඔක්කොම දෙවි වරුන්ට නන්දා මාලිනී නම් මෙන්න මෙහෙම කිව්වා.

    දනන් රුහිරු බී පණ නළ හප කරන...
    හයින් හාගතේ තබවා උන් පෙලන...
    ඔවුන් මරු කටට නොයවන දෙව් වරම...
    දෙවුන්දරින් යනු පුදපෙත් නොපිළිගෙන...

    සතර උගත් දරු කැළ ඇවිදිති බඩගා...
    නිතර විකුම් පෙන්වයි කාසිය මුරගා...
    දුරැර හරිනු ඒ දොස් නැත නොකර නිගා...
    කතරගමින් පිටමන් වී යනු මුරුගා...

    නැගෙන්නට සදන අත්පෙළ බිමට නැමූ...
    සිතන්නට තිබෙන සිත් වල අගුළු දැමූ...
    යකුන් නසනු බැරිනම් තට අපි නසමූ...
    සමන් සුරිඳු යනු නොරැඳී සබරගමූ…

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
    ගාය්නය : නන්දා මාලිනී

    ReplyDelete
    Replies
    1. සුමන සමන් දෙවියෝ ගැන ත්‍රිපිටකයේ කොතනද සඳහන් වෙන්නේ... මම මේ මුල ඉඳන් කියවන්න පටන් ගත්තා...

      Delete
    2. “සුමන“ යනු සබරගමුව ප්‍රදේශය පාලනය කල දේව ගෝත්‍රික ප්‍රාදේශීය නායකයෙකි. සමන් යන්නෙහි අර්ථය “නැගෙන උදා හිරු“ යන්නයි. සම්‍යක් දෘෂ්ඨික දෙවියන් යනු මිනිසුන්ගේ ඇදහීමට ලක්වූ යහපත් ප්‍රාදේශීය නායකයන්ය.

      Delete
    3. ත්‍රිපිටකය මුල ඉඳල කියවන්න පටන් ගත්ත එකනම් හොඳයි, ආගමක් විදියට නෙවෙයි, දර්ශණයක් විදියට බුද්ධාගමේ තියෙන ප්‍රථුල බව, ප්‍රායෝගිකබව ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුලුව. එක එකා කියන ඒව අහල වැරදි අවබෝධයන් ලබාගන්නවාට වඩා.

      සමන් දෙවියන් ගැන ත්‍රිපිටකයේ නෑ. ත්‍රිපිටකය කියන්නෙ බුදු දහම ගැන ලියවුනු පොත. සමන් දෙවියො හිටියෙ ලංකාවෙනේ. ඒක ජනශ්‍රැති වලින් එන දෙයක්.

      Delete
    4. හා... හම්බ වෙච්චි වෙලාවක මාත් මතක් කොරා කියහන්..

      Delete
    5. මට කලින් මාතලන්ට අයියට හම්බුනොත් මාත් මතක් කොලා කියන්ඩ හොඳේ..

      Delete
  13. ජනතාව මිත්‍යාවේ ගිල්වීම නම් ඉතාම භයානක දෙයක් ලෙසයි මම දකින්නෙ.මෙතනදි ජනමාධ්‍ය විශාල කාර්යභාරයක් කරනවා.ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ නම් ගම් සහිතව පළවන ලිපි නිසා මිත්‍යාවට ලැබෙන්නෙ ජීවයක්.ප්‍රසිද්ධ පුද්ගලයන්ට කීවායැයි කියන අනාවැකි ආදිය පළවුනත් ඒ සියළුම අනාවැකි කියා ඇත්තේ අතීතයට අදාල වන පරිදියි.
    චන්ද්‍රිකා මෙන්න මේ කාලෙ ජනාධිපතිවෙනව කියා කියා 1950 ගනන් වල සාත්තරකාරයෙක් කීවාලු.
    එසේ කියූ බව පත්තරවල පළවෙන්නෙ ඊයෙ පෙරේදාය.
    කිසිම එකෙකුට පොදු අපේක්ෂකයා කවුදැයි කීමට බැරිය.
    යුද්දෙ තියන කාලෙ ප්‍රභා සිටින තැන කීමට එකෙකුටවත් බැරි විය.
    සුනාමිය එන බව කීමට කිසිවෙකුටත් බැරි විය.
    ප්‍රේමදාස යනු සාත්තර පස්සෙම ගිය කෙනෙකි.ඔහුගේ ඉරණම කීමට ඔය එකෙකුටවත් පුළුවන් වුනාද.නමුත් දැන් කියනව කිව්වලු ඔහු ගනන් ගත්තෙ නැහැල්ලු.
    ජ්‍යොතිෂ අනාවැකි ඉක්මනින්ම සමාජයට අමතක වෙයි.සීයක් වැරදී හරියන එකම එක ට අති විශාල ප්‍රසිද්ධීයක් ලැබේ.
    නමුත් මට එක්තරා පුරුද්දක් විය
    යමෙක් අනාවැකියක් කී විට මා එම පුවත්පත සුරැකිව තබා ගනිමි.ඒ පර්යේශනයකටය.
    පසුව බලන විට මොවුන්ගේ අනාවැකි වැරදීමේ සම්භාවිතාව 90% ක් පමණ වේ.

    එකෙක් යුද්දෙ ඉවර වෙනව කීවේ 1996 වසරේය.
    තවෙකෙක් ජෝන් කෙරී ඇමරිකානු ජනපති වෙන බව කීවේය.එවර ජනපති වුනේ ජෝජ් බුෂ්ය.
    2011 සැප්තැම්බරයේදී මහා විනාශයක් වෙන බව කොහෙදෝ කැලේක තාපසයෙක් කීවාලු.
    ආධ්‍යාත්මවේදියෙක් යැයි කියන එක බන්ඩෙක් කියන අනාවැකි 100% ක්ම වැරදිය.ඔහු මීට වඩා අන්තර්ජාලය භාවිතා කළැ යුතුය.(නවසීලන්තය ලෝක කුසලානෙ ගැනීම,රන්ජන්ට ලෝක සම්මානයක් ලැබීම ආදිය )
    මෙසේ වැරදුන අනාවැකි සිය ගනනකි.හරි ගිය ඒවා ඕනෑම කෙනෙකුට සාමාන්‍යයෙන් අනුමාන කළ හැකි ඒවාය.
    ලංකාදීපෙ සාත්තර අතිරේකයෙ ලඟදි තිබුනෙ බුලත් විට කෑම පිටුපසත් ග්‍රහ බලයක් තිබෙන බවයි.

    සාත්තරකාරයන්ගෙ තව සෙල්ලමක් ඇත.එනම් ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ නම් ගම් ඈද ගන්නවට අමතරව අපූරු භාෂා ශෛලියක් දමයි.
    ජනාධිපතිවරන කාලයේ එක සාත්තරකාරයෙකු ලඟට කෙන්දරයක් ගෙනා විට මේක මේ හිරකාරයෙකුගෙ එකක්නෙ කියා කීවාලු.සරත් ෆොන්සේකා හිරේ ගිය පසුව සාත්තරේ ඇත්ත වුනානෙ කියයි.එහෙත් ෆොන්සේකාගේ ජීවිතයේ සිරගත කාලය සුළු එකකි.එම කේන්ද්‍රය බලා මේක ආරක්ෂක අංශයක කෙනෙක්ගෙ වත් කීමට එම සාත්තරකාරයට බැරි විය.

    තව ක්‍රමයක් නම් ප්‍රබන්ධ කරනයයි.මට කේන්ද්‍රයක් ලැබුන.දුන්න කෙනා කිව්වෙ මේ දවස්වල කොහොමද බලන්න කියල.2009 දි මෙයාට මාරක අපලයක් තිබුන .කොහොමද බේරුනේ ඇහුව.එතකොට කිව්ව අන්න ඒ කාලෙ මෙයා නැතිවුනා කියල.මේ ආදී වශයෙන් කියයි.

    ජ්‍යොතිෂයේ ශක්තිය නම් එහි ගණිතමය පදනමයි.මෙසේම විද්‍යාත්මක පදනමක් සහිත ගූඩ විශයක් වන්නේ යෝගයි.යෝගවලින් කළ හැකි කෙහෙක්මලක් නැත.එකමදේ ව්‍යායාමයයි.

    අනෙක් ප්‍රචලිත බොරුව ෆෙන්ශුයි ය.මිනිසාගේ අසීමිත තන්හාවත් බියත් මේ හැම තක්කඩියාම කන්ටමංග සූත්‍රයක් කරගෙන ඇත.මුන් කොයි තරම් අයිටම් මෝඩයන්ගෙ ඇගේ ගහනවද බලන්න.ගෙම්බො විකුනනව හිනාවෙන බුදුවරු විකුනනනව.
    එදා ඒබ්‍රහම් කොවුර්ලා,සුමනදාස සමරසිංහලා සිටියහ .අද එවැනි එකෙවත් නැත.ඉන්නේ ලෝකෙ නැති බොරු කියමින් ජනතාව ගොනාට අන්දන රට කපටියන්ය.
    මෙවැනි ලිපි කාලීනව වටින්නේ එබැවිනි.

    ReplyDelete
    Replies
    1. අළුත්ම එක වාලම්පූරී.. නමෝ නාරයන්.. ඌගේ කතාව පට්ට යකෝ.. ඉස්සර තෙල් බෙහෙත් විකනපු එකෙක්ද කොහෙද.. මම රැවටුනා රන්ජන් රමණ යකාද කියලා..

      Delete
    2. ඒ මොකාද බං...ඇහුවෙත් අදයි

      Delete
    3. නමෝ නාරායන කියලා ඉන්ගිරිසියෙන් ගැහුවාම බඩු එනවා.. පිස්සු පීකුදු සමග ගිසර්ඩ්

      Delete
    4. දැක්කා..දැක්කා...'ප්‍රොෆෙසර්' කීර්ති දිසානායකව දැක්කා. පොර වගේම නළුවෙක් හිටියා බන්දුල දිසානායක කියලා. උගේ කවුරුහරිද මන්දා.

      Delete
    5. මේවට කොවූර් මහතා කියන්නේ අනාගත වැකි (අනාවැකි) නෙමෙයි අතීත වැකි කියලා

      Delete
  14. //මාතලන් නිසා, දේශපාළණය අරහං වෙලා උන්න උන්, අද දේශපාළණය කියවනවා.// සහතික ඇත්ත. මේ අපි වගේ උන්.

    ReplyDelete
    Replies
    1. ඔය පෝලිමේ මුලටම මං හිටගත්තා ඕං !!!!

      Delete
    2. කොයි තරම් සේවයක්ද නේ...

      Delete
  15. මම හේතුවාදයට විරුද්ධ වෙන්න ප්‍රධාන හේතුව ලංකාව තුල හේතුවාදය මගින් වෙන්නේ බටහිර වෛද්‍යවරු දෙවිවරු බවට පත්වීම නිසා. බටහිර වෛද්‍ය වරුන්ගේ ආධිපත්‍යයට සිහල ජාතිය පත්වීමෙන් වෙන හානිය මිත්‍යා විශ්වාස වලින් වන හානියට වැඩියි.

    ReplyDelete
    Replies
    1. දැන් වෙන්නේ බටහිර වෛද්‍යවරුනුත් නාත දෙය්යන්ගේ ආධිපත්යට යටත්කර සියලුදේ දේශීය ක්‍රමයට කිරීම නේද?
      ( නලින් සිල්වා කිව්වලු C 14 කාල නිර්ණයත් දේශීය වෙන්න ඕන කියල. ලංකාවෙ කාබන් වෙන රටවලට වඩා වෙනස් ඇති නේ? )

      Delete
    2. ඒත් මිත්‍රයා මේ මිත්‍යා විශ්වාස කියන්නෙ ජාතික ව්‍යසනයක්.බලන්න රාවණා කතාව.රාවණා කියන්නෙ අඩු තරමින් පුරාවෘතයක්වත් නොවෙයි.වාල්මිකී කියන පුද්ගලයෙගෙ නිර්මාණයක්.ගම්පෙරලියෙ පියල්,නන්දා වගෙ.වාල්මිකීගෙ ලංකාව ඉන්දියාවෙම භූමියක්ලු.
      අහුබුදු ක්‍රමයට නම් නිර්මානය කරල නටන නාඩගම බලන්න.මේව විශ්වාස කරන පිරිසක් ඉන්නව කියන්නෙ මොන අවාසනාවක්ද
      මිරැන්ඩෝගෙ පරිකල්පන හැකියාව හොඳයි .මාත් හිනාවෙන්න ඔය කතා කියවනව.ඒත් මේව ඇත්ත කියල හිතන විශාල පිරිසක් රටේ ඉන්නව.
      අන්ධයා මංමුලා කරන්නාට ශාප වේවා කියල බයිබලයෙ තියනව.මෝඩයො රවටන එක මහ කැත වැඩක් කියල මට හිතෙන්නෙ
      මිත්‍යාවට නිතරම පදනම් වෙන්නෙ ද්විතියික තර්කයක්.සුනාමියට හේතුව මොකක් වුනත් එහෙම වෙන්න මොකක් හරි ග්‍රහ බලපෑමක් තිබුන කියන එක.භූමිකම්පාව පිටිපස්සෙ ග්‍රහයෙක්.අන්න ඒ වගෙ ද්විතියික තර්ක දාන එක
      මේ වගෙ ද්විතියික තර්ක දාල කොහෙන්ද කෙළවර වෙන්නෙ

      Delete
    3. @යකා. ඔය lunatic fringe හැම රටේම ඉන්නව . වලංගු භාවයක් ගන්න pseudo-science, pseudo- religion ආදිය උන් හාවිතාත් කරනව. ඇමරිකාවෙ තමයි වැඩියම ඉන්නෙ. UFO වලින් ආපු ඒලියන්ස්ල නිසා ගැබ් ගත්තයි කියන ගෑණුත් එහෙ ඉන්නව. ලන්කාවෙ ප්‍රශ්නෙ පිටරට lunatic fringe එකට අයත් අය මෙහෙ main-stream වෙලා
      අපි පොඩි කලෙ එහෙම නෑ . ඒත් දැන් මොකක් හරි බහුබූතයක් කෙලින්ම විස්වාස නොකරන කෙනෙක් හොයාගන්න අමාරුයි

      Delete
    4. ජනිත් අසනීපයක් උණහම යන්නේ දොස්තර ලඟටද, වෙද මහත්තයෙක් ලඟටද?

      Delete
    5. තිසර මේ ප්‍රශ්නේ අහන්නේ ජගත්ගෙන් නේද... නැත්නම් අපිට ජනිත් කෙනෙක් එනකම් බලන් ඉන්නවා. එහෙම වුනොත් තිසර කියන්න හදන දේ බලාගන්න බැරිවෙනවා.

      Delete
    6. බටහිර වෛද්‍යවරු කිව්වට.. උන් අමුඩේ කරේ දාගත්ත නොම්මර එකේ ගොබ්බ හින්ගල දෙමල උන් නේද...?

      Delete
  16. //එහෙම උනා නම් එහෙම, මුන් හදනවා දේවාල. ඉස්පයිඩර් මෑන් දේවාලය කියලා. සුපර් මෑන් දේවාලය.//

    ඒගොල්ල තව හොඳයිනෙ මාතලන්,
    අපි විභාග පාස්වෙන්න බුද්ධිය වැඩි වෙන්න අලි ඔලුවක් තියාගෙන මීයෙක් වාහනය කරගත් දෙවියන්ට පූජා තියන්නෙ

    ReplyDelete
    Replies
    1. කස්ටමර් සර්විස් එක හොඳම කතරගම දෙයියන්ගෙ තමයි... ඇයි එක සැරේකට ක්ලයන්ට්ස්ලා හයක් එක්ක ඩීල් කරන්න පුළුවන්නේ..

      Delete
    2. ප්‍රා.......දැන් තියෙනවාලු විභාගෙට ලියන පෑනත් ජප කරලා දෙන තැන්..

      Delete
    3. මුන්ට පිස්සු ප්‍රා.. අපරාදේ කොල්ලෝ කෙල්ලෝ ටියුෂන් ක්ලාස් යන්නේ.. පන්සල් කෝවිල් ගිහින් පෑනට සෙත් පැතුවා නම් බඩු බනිස්...

      Delete
  17. හොඳටම විජ්ජා ලිපි තියෙන්නේ මබ්විම වගේ පත්තර වල! මොකෝ වැඩිම පිටු ගානක් තියෙන්නේ හොල්මන් අවතාර ගැනනේ.. මිනිස්සුන්ට දැන් හිතට වදින්නේ ඕවා විතරයි. ඔය මහා පාචිරේ කුඩා බඩවැල වගේ ඒවා එච්චර ගෝචර වෙන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. අපේ රාජ් බොස් ලිපියකුත් ලීව මතකයි ඔය හුටප්පර පත්තරේ ගැන …

      Delete
    2. හුටප්පර පත්තරයා? ඉතාලියෙ? රාජ් එහෙම කිව්වද?
      ශීඊඊඊ, අපේ යාලුවෙක්ට එහෙම කියනකොට අපිට දුකයි නෙ

      Delete
    3. පත්තර කාරයෝ මේ රටේ විනාශයට වග කියන්න ඕන දේශපාලුවන්ට වඩා...

      Delete
  18. දැන් අපේ ගෑනු අය ගෙවල්වලදී යක්ෂනියෝ වගේ ඉන්නවා නමුත් පාරෙදී දිව්‍යලොකෙන් ආව අය වගේ ලස්සනට යනවා. ඉතින් ලිංගික අසහනය එනවා.
    ඉතින් මේකෙ තියෙන අවිද්‍යාත්මක බව කියලා දෙන්න එක හේතුවාදියෙක්වත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. කුඩා සුදු සිංහලයාOctober 14, 2014 at 6:21 AM

      :p

      Delete
    2. අම්මට හුඩු....කුඩා සුදු එකෙකුත් ඇවිල්ලා...මහා කළු එකාට ගේම වගේ :D

      Delete
    3. ගෙදරදි ආටානාටිය කියන්න...

      Delete
  19. අපට පර්යේශන සංස්කෘතියක් නැතිකම ප්‍රශ්නයක්.ගිය ඉරිද පත්තරේ තියනව සදු නීච වුන අයලු වෙඩි ප්‍රහාරවලින් මැරිල තියෙන්නෙ.මේ එක උදාහරණයකින් නියමයක් ගොඩ නගනව.වෙඩි වැදිල මියගිය කීප දෙනෙකුගෙ කේන්දර අරන් මෙන්න මේ අයගෙ සදු නීච නෑ ඒ නිසා අර උපන්‍යාසය වැරදියි කියල ඔප්පු කරල පෙන්නන කෙනෙක් නෑ.
    ජ්‍යොතිර්වේදයෙ සාර්ථකත්වය තමයි එක හේතුවක් පස්සෙ තව එකක් යන එක.අනාවැකිය දළ කේන්දරේ ට ගැලපෙන්නෙ නැත්නම් භාව කේන්දරේ.ඒකට ගැලපෙන්නෙ නැත්නම් තත්කාලෙ,ඒකටත් ගැලපෙන්නෙ නැත්නම් විංශෝත්තරී මහා දශා,ඒකටත් ගැලපෙන්නෙ නැත්නම් යෝගිනී දශාව ,ක්‍රිශ්නමූර්ති ක්‍රමය,සූර්ය හා චන්ද්‍ර කේන්ද්‍ර ,ශ්‍රීපති ක්‍රමය,උප අධිපතියාගෙන් පලාපල කීම,සුබ අශුභ දෘෂ්ටි,ඔය විදියට 25 ක් විතර ක්‍රම .මේ නිසා ඔය කෝක හරි පටලල මොනව හරි කියන්න පුළුවන්

    ජ්‍යොතිෂය හැරුනහම අනෙක් මිත්‍යාවන් හැම එකකින්ම කෙරෙන්නෙ යටිසිත රැවටීම.
    කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේක රැකියා ප්‍රශ්නයට විසදුමක් කියල.ඒත් මුන් කරන විනාශය බලන්න.වශියකට රුපියල් 5000 ක් විතර අය කරනව,දැක්කනෙ සෝභිතගෙ අසපුවෙ පෝලිම,දවසක ආදායම ලක්ෂ දෙකක් විතර

    ReplyDelete
    Replies
    1. බන්ඩාරනායකගෙ සදු නීචලු,බන්ඩාරනායක වෙඩි වැදිල මළා.ඒක නිසා සදු නීච හැමෝම වෙඩි වැදිල මැරෙනව කියල ජ්‍යොතිෂ නියාමයක් පෙන්වල දීල තිබුන.
      කලකට ඉහත තිබුන කටක ලග්නෙ අය වෙලාවට වැඩකරන්නෙ නෑ කියල නියාමයක්.
      මේ දවස්වල කන්‍යා ලග්නෙ අයට සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙනව කියල ඍෂිවරයෙක් ටී වී එකේ කියනකොට ඒක අහගෙන හිටපු අය හිනාවෙලා සහෝදරයන්ගෙ නම් පවා කිව්ව.බලපුවාම මේව අහන අයත් ඍෂිවරුන්ගෙත් ඍෂිවරුනෙ කියල හිතෙනව.නම් පවා කියනව කිව්වම සුවල්ප දෙයක්ද
      ඔන්න ඔහොම තමයි ජ්‍යොතිෂයෙ නියාමයන් හදන්නෙ

      Delete
    2. පිස්සු හොඳම එක...

      Delete
  20. >>...නලින්ද සිල්වලා, චන්දන ජයරත්නලා වගේ, ජෝකර්ලා වෙන නිසා,...<<
    පළවෙනි නම ගැන නම් නිතර සංවාද ඇතිවෙනවනේ. නමුත් දෙවෙනි නමට එහෙම වුනේ ඇයි කියලා පැහැදිළි කිරීමක් කරපංකෝ මාතේ.

    ReplyDelete
    Replies
    1. //දෙවෙනි නමට එහෙම වුනේ ඇයි//

      Heat spectrum printouts,/ මනෝ විද්යා / භාවනා අච්චාරුවෙන් මුදලට රෝග විනිශ්චය කිරීම?

      Delete
    2. ඒ යකා දැන් බණ කියනවා...

      Delete
  21. එකක් බ්ලොග් පෝස්ට් නියඟය,අනික ලියැවෙන ටිකෙත් කියවන්නට ප්‍රමාණවත් යමක් නැතිකම.ඉතිං දේශපාලන ලිපි හරි කියවන්ට වෙනවා.අර බෙල්ල කැපුවා වගේ මග නවත්තල දාපු රොකට් රෝහිනීගෙ කතාවෙ ඉතුරු හරිය ලිව්වනං නරකද?

    ReplyDelete
    Replies
    1. කොයි බං ඒවා ලියන්න ඉඩක්.. ඕන් අද රතනේ අළුත් ව්‍යවස්ථාවක් හදලා.. මගේ ඇඟිලි නලියනවා ඉතින්...

      Delete
  22. Mathalan,ohege boho lipi wage mekath supiri,hema ekakatama comment nokalata hema lipiyakma balanawa. EKA Meka neweiDen,Mithya,Gurukam walata wenamama Amathyanshayak pihitewwoth hondai niyamakale, Ape minussunta neththeth echcharai,EMATHIKAMA Lokkatama Gannakiyala,Washi,katayuthu,Dhanasampath.Kodiwina kirim Adi wasayen niyojya amethimam detheki.Kdiwinakepim walata wenama.ethakota,amathyansha upadesakayan hetiyata Ruwanwelle A.sobitha,Ara Kundasale,Menikhinne game meniwarui,samilawai pathkalaheki. Aba Saranai,(Ranjan-Düsseldorf)

    ReplyDelete
    Replies
    1. ජර් මන් රන්ජාගේ කොමෙන්ටුව.. කියවනවා නම් ඒ මදෑ...

      Delete
  23. නලින් ද සිල්වාගේ සයන්ස් දේශීයකරණය ගැන නම් කතා කරලා වැඩක් නැත. බැනුන් අහන තරමට දුකත් හිතෙන්නේ අවුරුදු හතරක්ම අපේ ඩීන් සෑර් උන හින්දාය. මේ සයන්ටිස්ට්ලාට වෙලා තියෙන්නේ ලංකාවේ කස්ටමර්ලාට ගැලපෙන්න සයන්ස් කස්ටමයිස් කර විකුණන්න ගිය නිසා කෙලවීමය. චන්දන ජයරත්නට උනෙත් ඒකය. අනේ මන්දාය. වටින මොළගෙඩි සයන්ස් මුදලාලිලා වෙන්නට ගොහින් පච වෙන හැටි දකිද්දී තනි ඇහැට ඇඬෙනවාය.

    අනිත් කාරණය විද්‍යාව අමුතුම විජ්ජාවක් බවට පත්කර තිබීම ය. ඉස්සර අපේ ඉස්කෝලේ හැටියට සයන්ස් කරන උන් හෙන ලොකු ඩෑල් ය. ඉතින් තිර රෙදි වලින් වසා විජ්ජා අධ්‍යාපනේ දෙන්න යන එකත් මේකට එක හේතුවක් වෙන්න පුලුවන් ය. ඒ බෙදීම කොයිතරම් එක්ස්ට්‍රීම්ද කිවුවොත් සමහර සයන්ස් උන් අපි සාහිත්‍ය පොතක් කියවද්දිත් කින්ඩියට හිනා උනෝය. ආර්ට් උන් විද්‍යා පොත් කියෙවුවත් කරන්නේ ඒ ටිකමය. විද්‍යාව කියන එක සබ්ජෙක්ට් එකට විතරක් සීමා නොකර ලයිෆ් ස්කිල් එකක් විදියට යම් තරමක හෝ හැදෑරීමක් කරන්නට පුලුවන්නම් මොනතරම් අපූරුද?

    සිංහලෙන් දැන් දැන් විජ්ජා ලිපි ලියවෙන බරසාර භාෂා විලාසයත් මේකට එක හේතුවක් ය. ඉස්සර අපි විදුසර කියෙවුවේ මොනතරම් ආසාවෙන්ද! දැන් තියන විද්‍යා ලිපි බොහොමයක පරිවර්තනයට වඩා ඒවායේ ඉංග්‍රීසි මුල් ලිපිය අම්බානක සරලය. මව්බසට හරවා කරන්නේ බරසාර වචන ගොඩක් මැද අදහස ටැපලවීම ය.

    ReplyDelete
    Replies
    1. //විද්‍යාව කියන එක සබ්ජෙක්ට් එකට විතරක් සීමා නොකර ලයිෆ් ස්කිල් එකක් විදියට යම් තරමක හෝ හැදෑරීමක් කරන්නට පුලුවන්නම් මොනතරම් අපූරුද?//
      අපේ උන් විද්‍යාව ඉගෙන ගත්තත් එය ජීවිතයට සම්බන්ද කරගන්නේ නැහැ නේ. සුළුතරයක් හැර විද්‍යා ඉංජිනේරු වෛද්‍ය උපාධිදාරීන් පවා දේවාල ගානේ යනවා බාර වෙනවා නැකත් බලනවා කේන්දර හදනවා දරුවන්ට නැකතට බත් කනවා අකුරු කියවනවා. මුලින්ම ලියවන්න හදන්නේ සිංහල හෝඩියේ තියෙන ලියන්න අමාරු අකුරක් වන අ අකුර. ඉතින් ජීවිතයට සමීප කරගන්නේ නැත්නම් ඉගෙන ගත් විද්‍යාවෙන් වැඩක් ඇත්ද?

      Delete
    2. අපි උගන්වන්නේ තාම දිසාපාමොක් මැතඩ් වලට.. පොඩි උන්ට තාම චක්කරේ පාඩම් කරවන රට නේ...

      Delete
  24. අතක සෙළවෙනා ළා දළු කොහොඹ මිටියකී
    කලේ ගින්දරයි එය හිස මතේ දැල්වුණී
    නටා දෙපස යන එන දන පිනා සිතු ලෙසේ
    ඇදේ කොහොඹ කළ කරුවෙක් ඔන්න පෙර ලෙසේ...//

    පරළ වෙවී සිතු සැනෙකින් කවි ගී ගයමින්
    විරල කෙනෙකි ඔහු ඔබ හා මා වැනි අතරින්
    වයන පදට නටන දෙපය වෙව්ලමින් ඇදේ
    බලන කාට වුව විස්මයෙ ලකුණ පිළිසිඳේ...

    මොකක්ද බැලුවම දෙවියන් කෙරේ බැති කමයි
    පරළ වෙන්නෙ ඒ හින්දයි එය ද ගැති කමයි
    හිසේ කොහොඹ කල නැති මුත් පරළ වුණු සිතේ
    මෙසේ නටන වෙනත් අයත් ඇතේ මිහිමතේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : උපේන්ද්‍ර සහ ජස්ටින් පෙරේරා
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. අපූරු නාට්ටියක් ගියා ජයලත් මනෝරත්න එහෙම හිටපු.. රූපවාහිනියෙත් පෙන්නුවා.. එහෙමයි එදා මාධ්‍යවේදියෝ කළාකාරයෝ මේ මිත්‍යා මත වලට ගැහුවේ...

      බලන් කඩතුරා හැර දෑසේ....

      Delete
  25. අපි සේරම විද්‍යාවත් අවිද්‍යාවත් අතර එහාට මෙහාට තල්ලු වෙනවා. විද්‍යාව වර්ග කිරීමකටත අහුවෙලා. බටහිර විද්‍යාව පෙරදිග විද්‍යෘව කියලා. ඒ දෙගොල්ල අන්ත දෙකක ඉන්න නිසා, අන්තිමේදි විද්‍යාව මොකද්ද අවිද්‍යාව මොකද්ද කියලා තේරෙන්නෙ නැතුව ලත වෙන්නට සිදුවෙලා.

    ReplyDelete
    Replies
    1. ඒ දෙක වෙන්ස තේරුම් ගන්න එක නම්, මහා ළොකු දෙයක් නෙමෙයි...

      Delete
  26. මාතලන් නුයි ජීවන් fernando යි ඔක්කොමල මේ ගැන ඊයේ ඉඳන් ලියනවා. මගේ බ්ලොගය පටන් ගත්තේ විද්‍යාව ලියන්න (කොළඹ ගමය එක) පස්සේ ප්‍රාග්ධනය කියල දෙන්න කියපු නිසා ඒකට හැරුන. මම මේ කල්පනා කරන්නේ මම ඔරුව දාල බලන්න. අලුත් බ්ලොගයකින් එන්නද කොලඹ ගමය එකේම දානවද කියල තමා හිතා ගන්න බැරි . අනික සිංහල වචන දන්නේ නැත්නම් මොකද කරන්නේ ? ඉංග්‍රීසියෙන්ම දානවද පස්සේ හරි ගස්සන්න? ඔබ තුමන්ලාගේ අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියට විද්‍යාවෙදි සිංහල වචනෙට වඩා ඉංග්‍රීසි වචනම පාවිච්චි කරන එක ලේසියි... ඔය අපේ මහත්තය ගාව තියෙනව මෝටර් මිකෑනික් පොත් වගයක්.. මට මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නෑ ඒවයෙ සිංහල වචන.. ඒත් මෙන්න මෙයා මෝඩියෙ මේ කියන්නෙ මෙන්න මේක කියල ඉංග්‍රීසියෙන් කියන වචනෙ කිව්වම අගේට තේරෙනව...( අනෙ මං දන්න මෝටර් මිකෑනික්... හි හි) අනිත් එක අපිට ඉස්කොලෙ උගන්නපු විද්‍යාවත් අන්තිම ඇලජික් උනේ ඔය සිංහල ආදේශ වචන පාවිච්චි කරපු හින්ද... මොකද ඒවට අදාල හැම දේකම සෙල්ෆ් ස්ටඩීස් තියෙන්නෙ ඉංග්‍රීසියෙන්නෙ...

      Delete
    2. තනිකර සිංහලෙන් විද්‍යාව උගන්න ඕනේ කියල එකක් නෑනේ. ඔය දන්න දේ සිංහලෙන් ලියන්න .ඉංග්‍රීසි වචන ඒ විදියට ලියන්න . 100% සිංහල වෙන්න ඕනේ වගේ මානසික අවුල් තමයි ගොඩක් වෙලාවට මේ ගැටළු වල මුලික හේතුව . භාෂා 2ක් හෝ කීපයක් වත් අඩුම තරමේ මනුස්සයෙක් දැනගෙන ඉන්න ඕනේ . එතකොට තමයි ලෝකය ගැන යමක් දන ගන්න පුළුවන් . නොදන්නා අයට ඉගෙන ගන්නත් එක්ක ඉංග්‍රීසි වචන අවශ්‍යය තැනට යොදල සරල සිංහලෙන් දන්න දේ ලියන්න .

      Delete
    3. බොහොම ස්තුතියි. කතා දෙකම ඇත්ත. "භාෂා 2ක් හෝ කීපයක් වත් අඩුම තරමේ මනුස්සයෙක් දැනගෙන ඉන්න ඕනේ". ඒක නම් ඇත්ත . මට රුසියානු භාෂාව කතා කෙරුව හැකි. දැන් ජර්මන් ඉගෙන ගන්නවා. බලාගෙන ගියාම මේ භාෂා ඔක්කොම එක වගේ. කවුරුහරි භාෂා උගන්වන්න බ්ලොග් එකකුත් පටන් ගත්තනම් හොඳයි.

      Delete
    4. මේ රට කෑවේ බන්ඩාරණායකලා.. අපූරුවට ඉන්ගිරිසියෙන් දුන්න අජ්ජාපනේ සිංහල කරලා අහිංසක දූ දරුවන්ගේ අජ්ජාපනේ විනාශ කලා.. පුළුවන් තරම් ඉන්ගිරිසියෙන් ලියන්න.. මේ මම ලියනවා වගේ.. ඒක මිනිස්සු ග්‍රහණය කර ගන්නවා. අනික ඉන්ගිරිසිත් සද්ද නැතිව ඉගෙන ගන්නවා.. මම නම් කියන්නේ ඔය එෆ් එම් කුරුළු කිරිල්ලියෝ තව ඉන්ගිරිස් වච්න එකතු කර ගන්න තරමට හොඳයි..

      Delete
    5. //අපේ මහත්තය ගාව තියෙනව මෝටර් මිකෑනික් පොත් වගයක්.. මට මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නෑ ඒවයෙ සිංහල වචන..// මේක නම් සම්පූණ ඇත්ත. මගෙ ලඟත් තියනව එහෙම පොත් දෙක තුනක්. ගෙඩි පිටිම්ම සිංහලට පෙරලල. අලුතෙන් ම ඉගෙන ගන්න කෙනෙක් ට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.
      තාක්ෂණික විෂයයන් එපා වෙන්නෙ ඔක්කොම සිංහලට පෙරලන්න ගියාම. ඒ ක්ෂේත්‍රයේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන වචනය එහෙම්මම ලිව්වට අවුලක් නෑ.

      Delete
  27. කොච්චර ගොන් චූන් කාරයෝ ඉන්නවාද බලපන් අපේ රටේ. ආසියාවේ ආස්චර්ය අත ලඟ අවිජ්ජාව අතින් නම්. ඉංදියන් කාරයෝ අපිට වඩා දියුණුයි ඒ අතින්. උන් හොඳ පැත්තට වෙනස් වෙනවා. අපි රිවස් එකට දාගෙන රේස් පදිනවා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් උනුත් අපේ උන්ට හපන්.. රාවණාම තමා හොයන්නේ.. මම කියන්නේ මෙහේ උන්න රාවණා කෙනෙක් නෑ.. ගිහින් වාල්මිකිගෙන් අහගන්නෙය කියලා...

      Delete
  28. නාලක ගුණවර්ධන මහත්මයාගේ වෙබ් අඩවිය නම් මමත් නොවැරදීම බලනවා . විද්‍යා ලිපි ලියන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ අඩවිය මුලින් ටිකක් කියවල ඉන්න එක සෑහෙන ප්‍රයෝජනයක් වෙයි .

    මේ තියෙන්නේ ලිපිනය
    http://nalakagunawardene.com/

    ReplyDelete
    Replies
    1. නාලක සෑම දෙයක් ගැනම අවදියෙන් ඉන්න පට්ට ජනමාධ්‍යවේදියෙක්.. ඔහුගේ ලිපි බොහෝ සරළයි.. මගෙත් ප්‍රියතම මාධ්‍යවේදියෙක්..

      Delete
  29. එක පැත්තකින් තාක්ෂනය, සන්නිවේදනය දියුණු වෙද්දී අනික් පැත්තෙන් අවිද්‍යාව දළුලා වැඩෙන්නේ කොහොමද කියලනම් හිතාගන්නත් බෑ . මේවා ගැන ලියන එක හොඳයි .

    ReplyDelete
    Replies
    1. සල්ලිවලට බුද්ධිය ගන්න බෑ නේ.. ඒක ලබා ගන්න එක බොහොම අමාරු දෙයක්..

      Delete
  30. "විජ්ජා හා තාක්සොන අමාත්තන්සෙ කියලා අමාත්තන්සෙකුත් තියෙනවා, ඒත් ඉතින් එකේ වැඩ පටන් ගන්නෙත්, පුහුල් ගෙඩියක් එල්ලලා, නැකත් බලලා, පිරිතක් එහෙම කියලා, පූසාරියි, මව්ලවියි, පාදරුයි ඇවිල්ලා ඉස්තෝත්තර, කුරාණ, බයිබල් එහෙම කියලා. සියළු දෙවි දේවතාවුන්ගෙන් අවසර අරගෙන, ඇමති තුමාගේ වේලපත්කඩේට හදපු සුභ නැකතට."

    මොනවත් ඕන්නෑ මෙන්න මේ ඉහල තියෙන කෑල්ල තිබුනනම් ඇති ලංකාවේ විද්‍යාව ව්‍යාප්ත වීම ගැන දැන ගන්න... ඇඩෙනවා තනි ඇහැට....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙන්නේ මේකනේ කැස්...

      Delete
  31. අපේ සමහර බටහිර දොස්තරලාත් වැඩ කරන්නේ යකැදුරන් වගේ.
    උණ හෙම්බිරිස්සාවට වුවත් පාට පාට පෙති ගොඩාරියක් දෙනවා,
    එහි විටමින් වර්ග කීපයක්,
    පැරසිටමෝල් වර්ගම කීපයක් අඩංගුයි
    මං දන්න බටහිර දොස්තරලා කීප දෙනෙකු තමන්ගෙ උණ හෙම්බිරිස්සාවට බොන්නේ පස් පංගුව,
    තමන් ලඟට එන රෝගියාට එය නියම කරන්න බටහිර වෛද්‍යවරයාට නොහැකි බව ඇත්තයි

    දොස්තරලට වඩා බෙහෙත් ගැන දන්නේ මෙඩිකල් සේල්ස් රෙප්,
    ගොවියාට වල් නාෂක, පොහොර ආදිය උපදෙස් දෙන්නේ බහු ජාතික සමාගමේ සේල්ස් රෙප්, කෘශිකර්ම නිලධාරියා නොවෙයි
    කඩේ බඩු අහුරන්නේත් බහු ජාතික සමාගමේ සේල්ස් රෙප්, මුදලාලි නොවෙයි
    පාසලේ විෂයන් හරියට උගන්වන්නේ පුද්ගලික පංතියේය, පාසලේ නොවෙයි
    කන්න බොන්න අඳින්න පළදින්නහොඳ දේ තෝරා දෙන්නේ මුදලට වාල් වී ඇඩ්වලට පෙනී සිටින ක්‍රීඩකයො, නිළියො ආදීන්.
    හොඳ ගති ගුණ තිබිය යුත්තේ පිළිමවලය ඒකනේ හංදියක් හංදියක් ගානේ පිළිම හදන්නේ, මිනිස්සු තුල නොවෙයි

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ හොඳ මිනිස්සු ඕන තරම් ඉන්නවා... හැබයි හොයන්න අමාරුයි..

      මම හිතන්නේ දයල් මේ සින්දුව අහලා ඇති..

      "A good heart these days is hard ti find..
      So please be gentle with this heart of mine.."

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න