.

.

Oct 17, 2014

ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද? - Who needs an economic policy ?


 
- මාතලන් -

(චානුක වත්තේගමයන්ගේ ළිපිය පිලිබඳ, මාතලන්ගේ අදහස්...)

හදිසි ජනපතිවරණයක් එන බවට ඇති කට කතාවන් බොහෝමැයි. කටකතා කෙසේ වූවත්, "ඌවේ හූව" ආන්ඩුවට කන පුපුරන්න වැදී තිබෙනා බව, ඔවුන්ගේ හැසිරිම් වලින් පහසුවෙන් වටහා ගත හැකිය. දැන් බලන්නේ, හොඳින් හෝ නරකින් ආන්ඩු කිරීමට බව, කුකුළන් කෙටවීමේ සජීවී වැඩසටහන් තුල, පිස්සු බල්ලන් මෙන් හැසිරෙන, මැති ඇමතිවරුන් (ඇමතිවරියද ඇතුලත්ව) මෙන්ම, වෙන්න ඇමති පෙරුම් පුරනා, නඟරං කාරයෝ දුටුවාම, මොළේ කළඳක් ඇති ඕනෑම ජහමනයෙකුට වැටහී යනවා ඇත. (රන්ජන් රමන යකාට ගේමක් දීමට, හිරු නාලිකාව වටලන්නේ, විවාදයේදි මතු වූ දේ සත්‍ය නිසාද? අසත්‍යයක් නම් අපහාස නඩු වලට යා හැකියි නේද? මොකෝ බඩුයි, නඩුයි, ජජුයි, ඔක්කෝම එයාලගෙ නිසා...)

එමෙන්ම, කාළයකට පසු, තම පක්ෂයට උරුම ප්‍රතිශතය වෙත ළඟාවූ අලි පාටියේ නායකයන්, ශරීර කෘත්‍ය මණ්ඩලය මෙන්ම, අලි බෙට්ට පෑගුන හාල්පාරුවන් පවා, පිස්සු වැටී, මොළේ කොලොප්පන් වීමෙන් නොනැවති, මොළය ඉඳිමීමේ ජැපනීස් ඇන්සපලයිටීස් වැළදුන, මඳ කිපුනු අලි මෙන් හැසිරෙන ආකාරයද, කැළයකට හෝ පින්නවල නොගොස්, සවස හතෙන් පසු, අට අනූ කෝටියක් චැනල් වල පෙන්වන, ගොන් කතා තුලින්, අපූරුවට බලා ගත හැකිය.

තවත් වසර දෙකක කාලයක් කිසි අවුලක් නැතිව රජකම් කිරීමට විවස්ථාවද මොකක්ද එකෙන් අවසරයකුත් දීලා තියෙන එකේ, ආන්ඩුවේ ඉන්නා හැම එකාගෙම අකමැත්තත් නොසලකා, පත "රිස්ක්" එකක් ගන්න යන්නේ ඇයි? අපි නිකන් සිහිනයකට වගේ හිතමු ලොක්කා පැරදුනාය කියා. මොකෝ එහෙම හිතන්න අයිතියක් තියෙනවනේ. එක්කෝ ලොක්කා දිනන්න ඕන, එක්කෝ පරදින්න ඕන. සම්බාවිතාව ෆිෆ්ටි ෆිෆ්ටි. හරි..., හදිසියේ හරි පැරදුනොත් මොකෑ වෙන්නේ? ගෙදර යන්න වෙනවා. ඒ කියන්න කාල්ටන් හවුස් එකට යන්න වෙනවා.

එතකොට ලොක්කට කියන්න බෑ නේ, මට තව අවුරුදු දෙකක් තියෙනවා, ඒ නිසා මම ඒක ඉඳලා ගියාට අවුලක් නෑ නේද කියලා. එහෙම කියන්න බෑ. ඒ අර, විවස්ථවාද මොකක්ද මලදානේ නිසා. ඒ කියන්නේ මේක මේ ජීවීතයත් මරණයත් අතර ගේමක් වගේ, පත රිස්ක් එකක්. ලොක්කට විතරය.... නෑ. ලොක්කට පුක උඩ දාගෙන වඳින උන්ට, වන්දිභට්ට සැට් එකට, සට්ටැඹියන්ට, පෙත්තපුලට, වඳුරන්ට, ඩෝබිලට, වටේ ඉන්න හාල්පාරුවන්ට, ඔක්කෝටම, කෙල වෙන වැඩක්. හරියට බිසනස් එක උකස් තියලා, කැසිනෝ ගහපු සක්විතියා කලා වගේ වැඩක්. වා නා වා, පෝ නම් පෝ, කම් ඕ ගෝ චිකාගෝ ගේමක්.

ඉතින් එහෙම රිස්ක් එකක් ගන්නෙ ඇයි? ලොක්කා දන්නවා ලොක්කා යුද්දෙ දින්නට. ආර්ථිකය ෆේල් කියලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි කියලා. (නැහ්නං ඉතින් පිස්සට හැත්ප්ම නෑ වගේ දඩි බිඩි ගාලා ඔක්කෝම අඩු කරන්න ඕන නෑ නේ. පැස්ටෝල් ඩීසල් නම් ඔයිටත් අඩුවෙන් දෙන්න පුළුවන් බොර තෙල් මිළ බහින බැහිල්ලට.) මේ සිස්ටම් එකටම තව අවුරුදු දෙකක් ගිහිල්ලා මනාපේ ඉල්ලන්න ගියොත්, ඇපත් නෑ කියන එක.

අපි එදා ඉඳලම කිව්වා, මිනිස්සු මහා ළොකු දේවල් ඉල්ලන්නේ නෑ. මිනිස්සු ඉල්ලන්නේ හාල් තුනපහ සිල්ලර ටික, සාඩින් ටින් එක, (මාළු වල ගාන ඇහුවාම මිනිස්සුන්ට රජිතගේ මාළු කන්න හිතෙන්නේ. එහෙම හිතෙන්නේ, ලොක්කට ආදෙරේ නිසා. නැත්නම් ඉතින් ලොක්කගේ මාළුම තමයි කන්න හිතෙන්නේ), හාල්මැස්සෝ ටික, පරිප්පු, සීනී, ළදරු කිරිපිටි, ඔන්න ඔය වගේ අත්‍යාවශ්‍ය භාන්ඩ කීපයක මිල අඩු කරලා දෙන්න කියලා විතරයි. එහෙම දෙනවනම් මිනිස්සු වැඩි පඩි ඉල්ලන්නෙත් නෑ. වැඩි පඩි ඉල්ලන්නේ, බඩු මිල අම්බානක වැඩි නිසා. නැතුව වැඩි පඩි ඉල්ලන්නෙ, කැසිනෝ ගහන්න නෙමෙයිනේ. නමුත් කළේ මොකක්ද මේ අත්‍යාවශ්‍ය භාන්ඩ ඔක්කෝටම කන පැලෙන්න බදු ගහපු එක. මේවා මොකා කලත්, හෙන පාත් වෙන වැඩ.

ඇත්තටම මිනිස්සුන්ට කැසිනෝ නෙමෙයි, ඕන මළදානයක් දාගත්තට අවුලක් නෑ. මිනිස්සුන්ට ඕන, නිදහසේ කාලා බීලා, ආතල් එකේ ඉන්න. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මහා ළොකු බලාපොරොත්තු නෑ. කලින් කියපු විදියට ජීවත් වෙන්න තිබුනා නම් ඇති. එහෙම තියෙන කොට පිනක් දහමක් කර ගෙන, අවුරුද්දකට සැරයක් වට වන්දනාවේ ගිහිල්ලා එන්න තියෙනවනම්, ඒ ඇති. ඕන නම් මහා ළොකුවට දඹදිව යයි. මිනිස්සු තාමත් ඒ තරම් සරළයි. ඒ වගේම නූගත්. උගත් උන්ගෙත් ඊට එහා වෙනසක් නෑ.. ඔය ආන්ඩුවේ හිඟන පැන්සොන් රස්සාවක් අරගෙන, නාකි උනාම දරුවන්ගේ දරුවෝ බලාගෙන, පන්සල් වල පඩ ඇර ඇර, නිවන් හොයන එක තමයි කරන්නේ. ඒත් එහෙම මිනිහටත් මල පනින්නේ, අඩු ගානේ බඩේ බත් ටික දාගන්න බැරි උනාම. ඒ කියන්නේ, ආන්ඩුවට ඒ මිනිස්සු සැටිස් කරන්න බෑ. ඒ කියන්නේ ආන්ඩුව ෆේල්. ආර්ථික අතින්, අන්තිම ෆේල්.

ඔය සුපර් මාකට් වලයි, ටී වී වලයි ආශ්චර්යේ පෙන්නුවට, අනික් හැම කඩේම තියෙන්නේ, ෂැෂේ පැකට්. ඒ කියන්නේ ඒක පුදගල ආදායම ඩොලර් 3000 - 4000 යි කිව්වට මේ රටේ ආර්ථිකය ඇවිල්ලා "ෂැෂේ ආර්ථිකයක්". බොරු නම් ඕනම කඩේකට ගිහින් බලන්න. හැම භාන්ඩෙම, හින්නික්කිතර චූටී පැකට් එකකට දාලා, මුළු කඩේ පුරාම එල්ලලා. කොච්චර පැකට් ජාති තියෙනවද කියනවා නම්, ප්‍රීති පැකට් උනත් හංගන්නේ නැතිව, වැල් පිටින් එල්ලලා විකුණන්න පුළුවන්, කිසි අවුලක් නැතුව. හැම දේම, රුපියල් 20 කට, රුපියල් 10 කට අඩුවෙන් දෙන්න තමයි බලන්නේ.

ඉස්සර නම්, මිනිස්සු මේවා ගන්න ලැජ්ජයි. ඒත් දැන් හැමෝම ගන්නේ, ඒ විදියට. කොටින්ම කියනව නම් ලොක්කා..., "ගල්" කාලේ බෝතල් තිබුනට, බාර් එක ළඟ සෙට් වෙලා, හතර දෙනෙක් සෙට් උනාම, ගල් බෝතලයක් අරගෙන, හතර දෙනා බෙදා ගන්නේ මිනිස්සුන්ට ඒ රුපියල් 40-50 ත් බොහොම වටින නිසා. මේවා කරන්නේ,  පොලීසියට හොරෙන්. අහු උනොත් හෙම, පොලිස් පෙත්තප්පු, ඤෑ ඤෑ ගෑවට, ඡේතවනාරාමේ බුදු රැස් පේන්න, කන්න වෙනවා. මිනිස්සු රුපියල් 40-50 ට එහෙම රිස්ක් එකක් ගන්නේ, ඩ්‍රින්ක් එකක් දාන්නෙත් බොහොම අමාරුවෙන් නිසා. කොහොමත් ළඟදීම, අරක්කුත්, ෂැෂේ පැකට් එයි. ඩ්‍රෑම් පනහේ වගේ.. සිකැරට් එකත් දෙකට කඩලා විකුනයි. දැනටත් එක සිකැරට් එක හතර දෙනා ගහන්නේ. නැහ්නං බීඩී. පියෝ ටුබෑකෝ, ඉස්ට්‍රේට් ටු ද ලන්ස්...

දැන් අපි එමු චානුකගේ ළිපියට. චානුක කියන්නේ එජාපය බලයට එන්න නම්, එයාලගෙ ආර්ථික ප්‍රතිපත්තිය මිනිස්සුන්ට කියන්න කියලා. අර රාජ් කිව්වා වගේ ,එයාලගේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාවට කිව්වොත් හෙම, විමල් වීරවංශ දෙනවා, රනිල්ගේ මයිල් විතරක් නෙමෙයි, පුකත් නැතිවෙන්න.  රනිල් අදටත් කන්නේ, චානුකත් කිව්වා වගේ, ආන්ඩුවේ රස්සාවල් නොදීපු එකට. ඒත්, ඒක හොඳ දෙයක් කියලා චානුකත් පිලිගන්නවා, මාතලනුත් පිලිගන්නවා. ඉතින් ඕවා කිව්වොත් හෙම, ගමේ ඉන්න යූ ඇන් පී කාරයටත් ගොම ගහනවා. ඒවා කියන්න බෑ. ඒවා ආවම කරන්න ඕන වැඩ.

අනික චානුකම පිලිගන්නවා, යූ ඇන් පීය ආපු හැම වතාවෙම, ආර්ථිකය ශක්තිමත් වෙච්ච බව. ඒ වගේම නිශ්චිත ආර්ථික ප්‍රොතිපත්තියක් තිබුන බව. මධ්‍යස්ථ, කැපුවත් නිල්, කැපුවත් වම, කැපුවත් රතු එකා උනත් පිලිගන්න දේ තමයි, යූ ඇන් පීය ආවම ආර්ථිකය දියුණු වෙනවා කියන එක. ජීවන බර ඒ තරම් දැනෙන්නේ නැතෙයිය කියන එක. එතකොට හදිසියේ හරි රනිල් ආවොත්, මහින්ද මහත්තයා කරන, "රිගේනින් සිරි ලංකා මහින්ද ඉස්ටයිල්" වැඩ පිලිවලම, චීනත් එක්ක ඉස්සරහට යාවි. මොන මළදානයක් හරි කරලා, ආර්ථිකේ හදාවි. එතකොට ඇත්තටම ඉකොනමි පොලිසි එකක් ඕන රනිල්ට නෙමෙයි, මහින්ද මහත්තයට.

මහින්ද මහත්තයා දිනන්න නම්, දැන් බඩු ම්ළ අරවා මේවා අඩු කරලා වැඩක් නෑ. මුලින්ම කරන්න ඕන පුංචි බන්ඩා ජයසුන්දර මහා ආර්ථික විද්‍යඥ්ඥයයි, ආර්ථිකය පිළිබඳ සකල කළා වල්ලභ, අජිත් නෙවාඩ් කබරාලයි දෙන්නම විදේශ සේවයට අනුයුක්ත කරන එක. මොකෝ, ඒක අර රජ කාළේ කලා වගේ, රටින් පිටුවහල් කිරීමක් වන නිසා. ඒ දෙන්නා තමයි ලොක්කට දිරච්ච කඹ දිලා ලොක්කව විනාශ කරන්නේ. ඕනම නම්, අධික්සොන මන්තිරිට කියලා, කම්බුල් පාරවල් කීපෙකුත් දෙන්න බැරිය. හැබයි මෙහෙම දේකුත් කියන්න ඕන. ඒ මහත්තුරු දෙන්නට මුකුත් කොරන්න නොදි, ඒ මහත්තුරු වැඩ කරන්නේ ලොක්කා කියන විදියට නම්, ඒ දෙන්නා රටින් පිටුවහල් කරන එක පවු. එහෙම නම් අපට කියන්න තියෙන්නේ, මහ රජ, ඔබ තුමා අම්බානක වැරදියි කියලයි.

මේ රට හදන්න නම්, යටි තල පහසුකම් වලට විතරක් මුල් තැන දීලා වැඩක් නෑ. අනික ආන්ඩුව හැම දේම බදාගෙන බෑ. ආන්ඩුවේ රස්සාවල් දීලා, මෙළෝ රහක් නැති, රටටත් වැඩක් නැති, උන්ටත් වැඩක් නැති, පින් පඩි කාරයෝ බිහි කරලා වැඩක් නෑ. මොකෝ උන්ට දෙන්න වෙන්නෙත් අපි හම්බ කරන එකෙන්. බලන්න, දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු පහක් වෙලා. තාමත් අපේ ප්‍රධාන ආදායම, වහල් වෙළඳාම. ආන්ඩුවේ හැම එකාම බාර් දානවා වෙනුවට, රජයේ බැංකුවලින්ම ලෝන් අරගෙන, අර ප්‍රේමදාස මහත්තයා කරපු ඇඟළුම් කර්මාණ්තේ ව්‍යාපෘතිය දිගටම ගෙනිච්චා නම්, ඇමතිවරුන්ටත් සල්ලි හම්බ වෙනවා. ගමේ ගෑණු මිනිස්සුන්ට රස්සාවල් හම්බ වෙනවා. නිකන්ම ගම දියුණු වෙනවා.

බාර් අඩු උනාම මිනිස්සු බොන්නෙත් නෑ.. මිනිස්සු එතකොට සල්ලි වලට ආදරය කරන්න පටන් ගන්නවා. මිනිස්සු ඉතුරු කරනවා. එයාලම හමබ කරලා ගත්ත මොටෝ බයික් එකේ හරි, "කැට් කූල්" එකේ හරි, මග නැඟුම දිගේ, ආතල් එකේ යනවා. මහින්ද මහත්තයගේ පොටෝ එකකුත් අලවගෙන. මොකෝ ඒවා ඇලෙව්වම ලයිසොන් ඉන්සූරන්ස් ඕන නෑ. පොලෝසිය මහින්ද මහත්තයගේ පොටෝ එකටත් බයයි.

ඒ සුළු කාළය තුල, ගම් කොච්චර දියුණු උනාද? කී දෙනෙකුට රැකියා ලැබුනද? වක්‍ර රැකියා කොයි තරම් බිහි උනාද? සබ් ඒජන්ට්ලා කී දෙනෙක් බිහි උනාද? ගෙදර ඉඳගෙන මහලා කී දෙනෙක් හම්බ කලාද? ලංකාවේ ප්‍රධාන ආදයම ඒක උනා, ඉතා සුළු කාලයකින්. ඇඟලුම්ම වෙන්න අවශ්‍යමත් නෑ. මොකක් හරි එක ගමකට එක කර්මාන්ත ශාලාවක් පටන් ගත්තාම හරි. එතකොට කර්මාන්ත 33000 ක් ඉබේම ඇතිවෙනවා. මේ ඇති මුළු රටටම. මොකෝ, ඇමති තුමා කරන එක තමයි, (දැන් ජනතා සේවකයෝ කියලා පිරිසක් නෑ නේ. ඉන්නේ බිස්නස් කාරයෝ සෙට් එකක් නිසා.) වටේ ඉන්න උනුත් කරන්නේ.

අද හැම එකාම කරන්නේ, නිශ්පාදන ආර්ථික නෙමෙයි, සේවා ආර්ථික. ඒවත් පට්ට සේවා. කොල්ලන්ට කෙල්ලන්ට ඒ සී රූම්. ඒ කියන්නේ ගෙස්ට් හවුස්, බඩු ඉස්පොට්, බ්‍රොතල් හවුස්. බාර්, රැස්ටොරන්ට්, කුඩු ඉස්පොට්, ගංජා කල්ටිවේසොන්, කසියා පෙරීම්ස්, ඕන් ඕවා. ඒ වෙනුවට පළාතෙ මහ එකා, ගාමන්ට් එකක් පටන් ගත්තොත්, අනික් උනුත් පොඩි පොඩි ඒවා හරි දානවා, මොන ජල්බරිය හරි දාලා. හැබයි ඉතින් ආදරුසෙ එන්නේ ඕනා රජ මාලිගෙන්මයි.

ඒ කියන්නේ, මුල් තැන දෙන්න ඕන නිශ්පාදන ආර්ථික ක්‍රියාවලියකට. (හැබයි ඉතින් අරක්කු බියර් නෙමෙයි. ඒව නම් දැනටත් පටන් අරගෙන.) කෘෂිකාර්මික ජන පදනමක් ඇති පලාත්වල, කෘෂි නිශ්පාදන ක්‍රියාවලියක් වගේ දේවල්. ඒවට මේ තරම් මැති අමතිවරු ඕනත් නෑ.. මැද පෙරදිග කාන්තාරේ ගිහින් වවන්නෙ, අපේ කෘෂි විශේෂඥයෝ. ඉතින් නියමාකාරයෙන් කරනවා නම්, ඇයි උන්ගේ සේවය මෙහේට ගන්න බැරි. ඒ ඩිග්‍රිය ගත්ත එකා පනිනවා, ඔට්ටේලියා, නිව් සී ලෑන්ඩ්.

මහා ළොකු කාලයක් ඕන නෑ. අවුරුදු දෙකෙන් තුනෙන් මේ රට සුර පුරයක් කරන්න පුළුවන්, යටි තල පහසුකම් සංවර්ධනයක් එක්කම. එකම් දේ, දැක්මක්, ප්‍රතිපත්තියක්, නැති එක විතරයි. ඔය යටි තල පහසුකම් වැඩෙයි, නගර ලස්සන කරන වැඩෙයි, ඝෝථාභය මහත්තයා ලස්සනට කරගෙන යාවී. ඒයා යුද්දෙත් ඉවර කලා. අදත් හැම එකාටම කතා කරන්න තියෙන්නේ එච්චරයි. ඒ ඇරුනම නාගරික සංවර්ධනය හා නගර අලංකාරණය. එතකොට වැඩක් කරලා තියෙන්නේ ගෝඨාභය සෙනවියා විතරයි. අනෙක් එකෙක් ගෙන් වත් තඹ දොයිතුවක වැඩක් නෑ.

ආයේ දින්නොත්, මහින්ද මහත්තයට ඔප්සොන් දෙකක් තියෙනවා. පළවෙනි එක සහ හොඳම එක, ලොක්කට පුළුවන්, යටි තල පහසුකම් සංවර්ධනය අභිබවා යන නිශ්පාදන ආර්ථික ක්‍රමයක් ආරම්බ කර, අත්‍යාවශ්‍ය භාන්ඩ සුළු ප්‍රමාණයේ, සියළු බදු අඩු කොට, ජනතාව බඩගින්නේ නොතබා, මේ රට සුරපුරයක් වගේම, ආර්ථික අතින් ඉතා දියුණු,  ප්‍රීතිමත් පුරවැසියන් සිටින, දියුණු ළෝකයේ රටක් කරන්න.

ඒ වගේම,  දෙවන ඔප්සොන් එක තමයි, මේ තියෙන වර්ස් කේස් සිනාරියෝ එක ඉදිරියටම ගෙනියන එක. මේ ඉන්න හාල් පාරුවෝ සෙට් එකත් එහෙමම තියාගෙන, මීටත් වඩා චොර වෙලා, මේ රට විනාශ කරපු ජන අප්‍රිය නායකයෙක් ලෙස, ඉතිහාස ගත වෙන එක. ඒ විතරක් නෙමෙයි, ආර්ථික වශයෙන් පිරිහෙනවා කියන්නේ, මර්ධනය තව දරුණු වෙන එක. ඒකේ ප්‍රති විපාක මම කියන්න ඕන නෑ නේ. එක කාටත් අහිතකරයි. හැබයි ඉතින් මේ ඉන්න හාල් පාරුවෝ සෙට් එක එක්කම නම් ගමන යන්නේ, ඊළඟ පාර බලේට ආව ගමන්, ඔය ව්‍යවස්තාවද මොකක්ද එක ගිනි තියලා.. චීනේ ඉට්ටයිල් එකටම, රට කරවන එකයි තියෙන්නේ.

ආයේ ඡන්ද ඕන නෑ..

තැටිය රත් වෙච්චි වෙලාවෙත්, රොටියක් පුච්ච ගන්න බැරි විපක්සෙකට, අහවල් කාරිය කොරන්නෙයි චන්ද...?

106 comments:

  1. මට නං ඔය කරනා විශ්ලේෂණය කරන්න තරං මහලොකු දැනුමක් නං නෑ.මම උසස්පෙළින් පසු ව්‍යාපාරයක් පටන් අරං එය කරගෙන යන කෙනෙක්.

    හැබැයි ඉතින් මට තේරෙන විදියටනං මට නං කියන්න තියෙන්නේ යූඑන්පී ආණ්ඩුවක් නිකං රටේ නමට තිබුනත් ඒකම ඇති ව්‍යාපාර සරු වෙන්න. ආයේ යූඑන්පී ආණ්ඩුවකින් අමුතුවෙන් දෙයක් කරන්න ඕනි නෑ, ඒ ආණ්ඩු කාලේ ඕනි මිනිහෙක් අතේ සල්ලි තියෙනවා.

    ReplyDelete
    Replies
    1. විජය පරිගනක සඟරාවක ක්‍රිස්තියානි කාරයගෙ කතුවැකියක් මතක් වුනා

      Delete
    2. මට ඔබේ මෑණියන් මතක් වුණා.

      Delete
    3. සහතික ඇත්ත. හිඟන මානසිකත්වය නැති කරලා. මිනිස්සුන්ට තනියෙන් නැගිටින්න කියලා දුන්නේ අලි පාටිය තමයි.. ඇත්ත කිව්වම ගොඩක් උන්ට රිදෙනවා..

      Delete
  2. මාතලන් සහෝදරය 180° කින්ම හැරිල වගෙයි ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්... ජවිපෙ ප්‍රතිපත්ති එහෙම පිටින්. අංශක 180කින් වමටම හැරිලා.

      Delete
    2. මේ මගේ ඉස්ටයිල් එක හැමදාම.. එක තේරුම් ගන්න බැරිවට, මට කරන්න දෙයක් නෑ...

      Delete
    3. එහ‍ෙමනම් මාතලන් සහ‍ෝදර‍ය‍ෙක් (Comrade) ලෙස සාදරය‍ෙන් පිළිගන්නවා?

      Delete
  3. යූ එන් පීයටවත්, මහින්දටවත් නෙවෙයි ආර්ථික ප්‍රතිපත්තියක් ඕනි, මේ රටට. පුද්ගලයෝ වැඩක් නෑ, උන්ව ගොඩයන ආර්ථික ප්‍රතිපත්ති වැඩකුත් නෑ.

    අද මාතලන් අයියා ජවිපෙ ආර්ථික ප්‍රතිපත්ති සේරම කදිමෙට විස්තර කරලා අපේ බාසාවෙන්.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ එකක් මම දන්නේ නෑ.. මේ මම එදා ඉඳලා කියන දේ..

      Delete
    2. Anun kiyapuwa kiya kiya blog kadamaalla purawa ganin kohomahari. Mewa umbe adahasda? Aththata? Yako JVP eka Saha rate ugaththu mewa in detail kiyala thiyanawa goni ganan Saha awurudu ganan. Hora koppa....! Thawa tika kalekin kiyawi, Thomas ulwa EDison kiyala ekek mama danne Naha. Me bulb eka mamay haduwe. Meka eda indala ape takarame ellila thibuna kiyala. Mata puken hina.( dup balla para balla chip balla)

      Delete
    3. බල්ලාම දැන් ඌව එලව ගන්නවා.. චෝයි බව්වා.. ඉජුඃ.... ඉජුඃ

      Delete
  4. යූ එන් පි එකෙන් හොඳ කර්මාන්ත රටේ ඇතිකලා. සෝවියට් දේශයෙන් අපිට වටිනා කර්මාන්ත රාශියක් හම්බුනා. ඒත් යූ එන් පී එකට ඒවා පවත්වගෙන යනන්න උවමනාවක් තිබුනෙ නෑ. අලුත් තාක්ෂනය ඒවට අරන් ආවෙ නෑ. අතිරික්ත නිශ්පාදන පිටරට යවන කර්මාන්ත ශාලා අපිට තිබුනා. ඒත් ඒව යාවත්කාලීන කලේ නෑ. ඒවට සම්පත් යෙදෙව්වෙ නෑ. අන්තිමට යූ එන් පී එකේ ප්‍රධානම ආර්ථික ප්‍රතිපත්තිය වෙච්ච පුද්ගලීකරණය කියන න්‍යාය ඒ හැම එකකටම යෙදෙව්වා. ඊළඟට ආව ශ්‍රී ලංකා කාරයෝ ඉතිරි ටිකත් කෑවා. ලංකාවට පුද්ගලික ඇඟලුම් ශාලා ටිකයි, වහල් සේවයයි ඉතිරි වුනා.

    ලංකාවෙ රාජ්‍ය සේවකයො කරන්නෙ ආදායම් ඉපැයීම් වෘත්තීන් නෙවෙයි, ඒව රටේ මිනිස්සුන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් කැප වෙච්ච සේවාවන්. සෞඛ්‍යයෙන් හම්බකරන්න බෑ, අධ්‍යාපනෙන් හම්බ කරන්න බෑ. ප්‍රවාහනෙන් හම්බකරන්න බෑ. තැපෑලෙන් හම්බකරන්න බෑ. හම්බ කරන්න තියෙන එකම මාර්ගය බදු විතරයි.

    ReplyDelete
    Replies
    1. සිරිමාවෝ පටන් ගත්ත කර්මාන්තේ ඒ කාලෙට හොඳයි.. ඒවට විවෘත ආර්ථිකෙන් කෙල උනේ.. ඒකට දියුණු ප්‍රඩක්ට්ස් එක්ක ෆයිට් කරන්න බැරි උන නිසා. කවුරු හරි හිතනවනම් මේ රටට විතරක් නිශ්පාදන කරලා ගොඩ එන්න පුලුවන්ය කියලා. ඒකට කියන්න තියෙන්නේ ළිං මැඩි මානසිකත්වය කියලා විතරයි.

      ගියදේ ගියා.. අළුතෙන් හිතන්න හිතන්න පතන්න. අළුත් ළෝකෙත් එක්ක ගමනක් යන්න බැරි නම් සදා සොත්ති බවන්තුතේ...

      Delete
    2. \\ඒකට දියුණු ප්‍රඩක්ට්ස් එක්ක ෆයිට් කරන්න බැරි උන නිසා.//

      ඒකතමයි කියන්නෙ. කර්මාන්ත යාවත්කාලීන උනේ නෑ. ඒකෙ වරද පාලකයන්ගෙ නෙවෙයිද.

      Delete
    3. ආන්ඩුව ෆැක්ටරි සහ ව්‍යාපාර කරන්න යනවට හොඳ පාඩම්..

      Delete
    4. 1) ධනවාදී ආර්ථිකයක් වැලඳ ගැනීමත් හොඳ පාඩමක්.....
      2) මැතිණිග‍ේ කාර්මාන්තශාලා යාවත්කාලීන කළානම්, ලකුණ මැතිණිට යන නිසා එය අසාර්ථක ව්‍යාපෘතියක් බව මිනිසුන්ට පෙන්වන්නත් එපායෑ.

      Delete
    5. මැතිනිගේ කර්මාණ්ත ශාලා ගැන කතාවට නම් මමත් එකඟයි.. ඒවයේ ප්‍රමිතිය වැඩි කරලා.. පෞදගලික අංශයට දෙන්න තිබුනා..

      Delete
  5. හරිත සමාජයක් උදෙසා..

    රනිල් ජනපති කරමු...

    එක්සත් ජාතික පක්ෂයට ජය වේවා!!

    ReplyDelete
  6. සහතික ඇත්ත.... හරියට ලියල තියෙනවා.... මේ රට දියුනු කරන්න ලොකු ලස්සන නම් වලින් ලොකු ව්‍යාපෘති ඕනෙ නෑ..... පොඩි දේවල් වලින් පුලුවන්

    ReplyDelete
    Replies
    1. මේ රට හදන්න එකෙකුටවත් ඕන කමක් නෑ... හැම එකාම බලන්නේ තමන් හැදෙන්න..

      Delete
    2. මෙහෙමත් එකක් තියෙනවා. තමනුත් හරියට හැදිලා, අනික් අයටත් හැදෙන්ට අවස්ථාව දෙනවානම් රටම හැදෙනවා. මෙතන වෙලා තියෙන්නෙ තමන් සහ තමගෙ උන් හැදෙන එක විතරයිනෙ. අනික් උන්ට හුලං.

      Delete
    3. මෙතන තමන් හැදිලා කියලා කියන්න‍ේ තමා හම්බකර ගැනීම කියන දෙයද?

      Delete
  7. //හදිසියේ හරි පැරදුනොත් මොකෑ වෙන්නේ? ගෙදර යන්න වෙනවා. ඒ කියන්න කාල්ටන් හවුස් එකට යන්න වෙනවා.

    එතකොට ලොක්කට කියන්න බෑ නේ, මට තව අවුරුදු දෙකක් තියෙනවා, ඒ නිසා මම ඒක ඉඳලා ගියාට අවුලක් නෑ නේද කියලා. එහෙම කියන්න බෑ. ඒ අර, විවස්ථවාද මොකක්ද මලදානේ නිසා. //


    හෙහ් හෙහ්...නොදන්න මගුල්නෙ බං මේ කියන්නෙ. ව්‍යවස්ථාවෙ පැහැදිලිවම කියලතියෙනව දෙවෙනි වර පත් උනාම අනිව අවු 6ක් ඉන්නම ඕනෙ කියල. එක තියෙන්නෙ පප්පම ගෙනා සංශෝධනේ. සැකනං බලාගන්න ආයි අර ජොනියගෙ වාදෙ මුල විජිතගෙ කතාව බලන්න. ඌ කෙලිම්ම ව්‍ය්වස්ථා පොතේ අදාල පිටුවම ටී වී එකේ පෙන්නනව.

    පට්ට ආර්ථික යෝජනා...දාං පෙතක් විතරයි අඩු!

    ReplyDelete
    Replies
    1. ඒ ව්‍යවස්ථාවේම තියෙනවා නේද ජනාධිපතිවරණයක ප්‍රතිඵල වලින් පස්සේ වසරක් ඇතුලත නව ජනාධිපති දිවුරුම් දෙන්න ඕන කියලා

      Delete
    2. සිංහය ...උඹට කවදත් අරහං ගච්චාමි නෙ ..... සුද්දගෙ දේශපාලන මත...... නෙහ් ...

      Delete
    3. ඔව්.....ඉවාන් අයියේ........

      Delete
    4. මම කියන්න ඕන දේ ඉවාන් කියලා. ඒ ව්‍යවස්ථාවේ බොහෝම පැහැදිලිව තියෙනවා අවුරුද්දකින් පස්සෙ ඕන වෙලාවක ලොක්කට කැමති දයක් කරන්න පුළුවන්ය කියලා.. 18 ඒ නම් පොඩි අවුලක් තියෙනවා තුන ගැන. ඒත් ඉතින් මෙයත් එක්ක හැප්පෙන්න යන එක අන්තීමට තුනත් නැතිව, අර කිඹුලා කඩාගෙන ගිය ගේම කාලා තමයි අවසානේ නවතින්නේ..

      සරත් සිල්වා රතනගේ ගුලි ගිලලා....

      විමල් ගිය මග නොගියොත්... මෙන්න කැට.... එහෙම නම් ඉතින් රතනටත් අබ සරණයි....!!!

      Delete
    5. ඉවාන්, 3 වෙනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 2(2) වගන්තිය.

      "ජනාධිපතිවරයකු ෙතෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක්
      පවත්වනු ලබන අවස්ථාවක, ඒ ඡන්ද විමසීෙම් දී ජනාධිපතිවරයා ලෙස
      තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තාගේ ධුර කාලය එවකට ධුරය දරන
      ජනාධිපතිවරයාෙග් ධුර කාලය අවසාන වූ විට, ආරම්භ විය යුත්තේ ය"

      Delete
    6. ඔය එක කෑල්ලක්නේ.. ඒකේ තව තියෙනවා..

      Delete


    7. මාතලන්,

      "ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාව (2010 සැප්තැම්බර් මස 09 වැනි දින දක්වා සංෙශෝධිත )" නම් පිටු 214 ලියවිල්ල මේ දැන් අතේ තියෙනව. ඔයා ඔය කියන "තව තියෙන" කොටසෙ කොහොමද තියෙන්නෙ කියන්න පුලුවන්ද? මොකද මේකෙ පැහැදිලිව මම කියල තියෙන දේ සටහන්. ඒ විධිවිධානය ඉක්මවායන වෙන කරුණක් මෙහි මටනං පේන්න නෑ!

      Delete
    8. එහෙනම් මහින්ද ඡන්දේ තියන එකක් නෑ.. මොකෝ අන්තීමට හිරේ විලංගුවේ වැටෙන්න ඒ මනුස්සයා උනත් කැමති නෑ නේ..

      ඒ උනාට ජනවාරියේ ඉලෙක්සොන් එක තියෙනඔහෙන පාටයි බොහො දුරට. ලබන සඳුදට රතනත් බානවා.. අර වමෙ පඟර නැට්ටෝ තුන් දෙනත් සහයෝගේ දෙනවය කියන්නේ බොක්කෙන්..

      ඒකම තමයි මම කිව්වේ ඔය විවස්තාවද මක්කද එක ගිනි තියන්නය කියලා.. ඒක විතරක් නෙම්යි.. දැන් තියෙන නීතී පොතත් ගිනි ඒ ගිනි ගොඩටම දැම්මාම හරි..

      Delete
    9. මගේ සීමිත නෛතික දනුම අනුව මට කියන්න පුළුවන් ඉන්දික උපශාන්ත හරියි කියලා. මහින්දට තුන්වන වර ඉල්ලන්න බාධාවක් නැහැ. හැබැයි ඒක කරන්න පුළුවන් දෙවන වාරය සම්පූර්ණයෙන් ගෙවලා විශ්‍රාම ගිහිල්ලා. (එහෙම නැත්නම් ඉල්ලා අස්වෙලා) මොකද ව්‍යවස්ථාවෙ නැහැ දෙවනවර තේරී පත්වූ ජනාධිපතිවරයෙකුට ධුර කාලය ඉක්මවෙන්න කලින් ජනාධිපතිවරණයක් කැඳවන්න ප්‍රතිපාදන. ඕක ප්‍රායෝගිකව නම් මහින්දට බාධාවක් නැහැ. මම කිව්වෙ නෛතික තත්වය.

      Delete
    10. චානුක...../////ඕක ප්‍රායෝගිකව නම් මහින්දට බාධාවක් නැහැ. මම කිව්වෙ නෛතික තත්වය.//////ප්‍රායෝගිකව ඕකට විතරක් නෙමේ කිසිම දේකට ඒ අයට බාධාවක් නැහැ .

      Delete
    11. ප්‍රායෝගිකව වූ දේ අපේ ඇස් පනාපිට අපි දැක්කා නේ.. පොල් බූරුවෝ නඩු අහලා, අගවිනිසුරු විශ්‍රාම යවපු රට නේ..

      Delete
    12. //"මොකද ව්‍යවස්ථාවෙ නැහැ දෙවනවර තේරී පත්වූ ජනාධිපතිවරයෙකුට ධුර කාලය ඉක්මවෙන්න කලින් ජනාධිපතිවරණයක් කැඳවන්න ප්‍රතිපාදන."//
      එක සිද්ධ වුනේ ජනාධිපති වරණයට එකම පුද්ගලයෙකුට දෙවරකට වැඩියෙන් ඉල්ලන්න බැරි නිසා . දෙඅනි වර පත්වෙන්ව් පුද්ගලයා කොහොමත් 6 ඉන්න නිසා.
      , ජනාධිපතිවරණයක ප්‍රථිපල නිකුත් වෙලා වසරක් ඇතුලට නව ජනාධිපති දිවුරුම් දෙන්න ඕන . ඕක නිසා තමයි චන්ද්‍රිකා දෙවැනි වර දිවුරුම් දේ=උන්නේ ධුරකාලය ඉවරවෙන්න් අවුරුද්දකට කලින් , එදා ඒ නිසා චන්ද්‍රිකා බලයේ හිටියේ අවුරුදු එකොළහයි .ඒ කියන්නේ මොන විදිහට හරි ජනාධිපතිවරණයක් පැවැත්තුවොත් දිනන කෙනාට දිවුරුම් දෙන්න ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ. දැන් ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ මැතිවරණයක් කැඳවන්න පුලුවන්ද බැරිද කියන එක සහ මහින්දටම තුන්වැනි වරට ඉල්ලන්න පුලුවන්ද කියන එක .

      හරිම සරලයි ,මහින්දට තියෙන්නේ ශ්‍රේෂ්ටාධිකරණයේ අර්ථ නිරූපනයක් ඉල්ලන්න , ඔය ව්‍යවස්ථාවේ ගැට ඔක්කොම ලිහෙනවා එතනින්,

      Delete
    13. /මොන විදිහට හරි ජනාධිපතිවරණයක් පැවැත්තුවොත් දිනන කෙනාට දිවුරුම් දෙන්න ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ./

      මේක ඇත්ත.

      ඉතාම සරලව කියනවා නම් ප්‍රශ්නය මේකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නෙ වෙන්න පුළුවන් හැමදෙයක්ම කලින් හිතලා හදන පිටු දාස් ගාණක විස්තරාත්මක ලියවිල්ලක් නෙවෙයි. ඉතාම කෙටි ගයිඩ් එකක්. ඒකෙ දෙන උපදෙස් අවස්ථානුකූලව නිර්වචනය කර ගන්න අපට පුළුවන් වෙන්න ඕනැ. හුදෙක් ටෙක්නිකල් ප්‍රශ්නයක් රටට සමස්තයක් වශයෙන් වැදගත් තීන්දුවකට එරෙහි වෙනවා නම් ඒක වැරදියි. නමුත් ඒ ටෙක්නිකල් ප්‍රශ්නය ඇති වෙන්නේ මොකක් හරි වැරදි දෙයක් වළක්වන්න කළ දෙයක් නිසා නම් එය සැලකිය යුතුයි.

      Delete
    14. @ indika Upashantha. Sthuthiy obata. Me Mathalan kiyana gon bijja kiyana hama deyama piliganne nathiwa, counter argument ekak genawata. Muu danna labbak Naha. Ehem mehen ahula gaththu kaeli danne.

      Delete
    15. මොන ක්දහන්ගැටය හරි දාලා තුන්වන වරටත් ආව‍ෝත්, රටටම අඹ සරණයි.

      රතන සූත්ත්‍රයත් වැඩ කරන්න‍ේ නැති හැඩක් තිය‍ෙන්න‍ේ. නමුත්, ආණ්ඩුව‍ේ පාක්ෂික මන්ත්‍රීලාග‍ේ ම‍ේ ප්‍රතිරෝධී හැසිරීම රටට ආශිර්වාදයක් කරගන්න විපක්ෂ සමත් ව්‍ෙයැයි කියා සිතනවා.

      Delete
  8. ලෝක ආර්ථිකයේ අවසන් පිළිසරණ කෘෂිකර්මය. දිගුකාලිීනව රටක ස්ථාවර අර්ථ ක්‍රමය කෘෂිකර්මයද ඇතුලුව නිපැයුම් කර්මාන්ත. නමුත් අද ලෝකයේ දියුණු රටවල් බොහොමයක පදනම සේවා ආර්ථිකය. නමුත් මේ සබන් බෝල ආර්ථිකයන් බිඳ වැටෙමින් පවතිනවා. ඒකයි මගේ දැක්මේ සාරාංශය.
    මේ ගොන් සෙට් එකට මොලේ පෑදෙංට දෙයක් ලිව්වාට ස්තුතියි මාතලං. ඔබ යම් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බව පෙනේ. එය සතුටට කරුණකි.

    ReplyDelete
    Replies
    1. මම කවදන් උන්න ලක්ෂෙ මේක තමයි.. අනිවාර්යයෙන් සේවා ආර්ථිකයත් මීට සමගාමිව යන්න ඕන. ඒක ළිපියේ සඳහන් කරන්න බැරි උන විශාල අඩු පාඩුවක්. මේ ආන්ඩුව කරපු එකම දේ තමයි, හාබර් එක ගාව නව නගරයක් හදන එක.. ඒක නැගලා යන කොන්සෙප්ට් එකක්. ඒ වගේම විදේශ ආයොජනත් අත්‍යාවශ්‍යමයි. චීනය එක්ක විතරක් හැමිනිලා වැඩක් නෑ.. එන්න ඉන්න හැම එකාටම එන්න දෙන්න ඕනා.. මේ බටහිර කුමන්ත්‍රණ ඔක්කෝම වැල් බයිලා.. ඒකෙන් තමයි රට නැති කරන්නේ.. ඕක ලෙඩක්..

      Delete
  9. මරා හිටියත් නැතත් අනිවාර්යයෙන්ම මේ අනවශ්‍ය කාබාසිනියා වැඩවලට තිත තියන්න ඕන. මේ දේශපාලක පල්හොරු නඩය නඩත්තු කරන මුදලින් මාස්පතා කුඩා ග්‍රාමිය ව්‍යාපෘතියක් හරහා ජාතික ආර්ථිකයට යමක් එකතුකරන වැඩ පිලිවෙලක්වත් හදාගන්න බැරිද.....අවශ්‍යතා අනු පිලිවෙලක් නැති තැනක, අත්‍යාවශ්ය දේට වඩා උඩින් වෙන්නේ විකාර වැඩ. අපි කවුද, අපිට මොනවද තියෙන්නේ කියලා අමතක වුනාම තමයි අපි හඳ අල්ලන්න යන්නේ. කෑලි කෑලිවලට කැඩිච්ච ගැඩවිලෙක් වගේ ඇමති මංඩලයක් හදාගෙන කැරකිලා කැරකිලා එකම තැනකට එනවා. වගකීම් ගොනුවුනු කැබිනට් එකක් නැහැ. නිර්මානශීලි හිස්ගෙඩි ඒවාගේ ඇතුලේ ලොකු පුටුවල නැහැ.

    ඊයේ පෙරේදාත් උප ඇමතියෙක් පත්කල උද්‍යාන අමාත්‍යාංශය යටතේ ආයතන කීයක් ඇද්ද...හැබැයි ඇමතියෝ දෙන්නයි....ආයතන ප්‍රධානියෙක් යටතේ තියෙන්න ඕන තැන්වලටත් ඇමතියෝ දාලා.

    ReplyDelete
    Replies
    1. මේ සිස්ටම් එක නම් මළ විකාරයක්.. වෙන කියන්න දෙයක් නෑ..

      පිස්සට හැතැක්ම නෑ..
      දේසප්‍රේමෙට බ්‍රේක් නෑ..

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. කලබල වෙන්න එපා ඇනෝ..මාල කඩපු එවුන් ඇමතිකම් දරන රටේ, අට පාස් එවුන් කැබිනට් එකේ ඉන්න රටේ, පාන්පාරුවෝ හයි කමිශනර්ලාගෙ කණ් පලන රටේ, ගහපු එකා හරියි කියන බොස්ලා ඉන්න රටේ, කොන්ට්‍රැක්ට් ඔක්කොම කොටින්ට දුන් රටේ..බේබදු වේටර් කෙනෙක් බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්මාම ඇති වැරැද්දක් නෑනේ. ඒක නිකං කැළණි ගඟේ පොල් ලෙල්ලක් ගහගෙන ගියා වගේ නේ..නැද්ද

      Delete
    4. උද්‍යාන අමාත්‍යාංශය, ඇයි රටේම තුරුණු උයන් (පාර්ක්) බලාගන්න බාර ධූර වගකීම පැවරිලා තිය‍ෙන්න‍ේ.

      Delete
  10. වික්ටර් අයිවන් ලියල තිබුන ලංකාවේ තිබුනු ශිෂ්ඨ සමාජය 1978න් පසුව විනාශ උනා කියල. ශිෂ්ඨ සමාජය නැවත ගොඩ නගන්න ඕනෙ කියල.
    1978න් පසුව ඉපදුන අයට ඔය ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද?

    වැරද්දකට රජයේ සේවකයෙක් ගහක බැන්දාට කමක් නැත.

    ආයුධ පෙන්වන්න ගොස් වෙඩි කන සැක කරුවන් වෙඩි කෑම වෙන්නම් ඕන දෙයක්.

    හොර ඡන්ද දැමීම සාමාන්‍ය දෙයක් එය දිනන්න නම් කල යුතු දෙයක්. එහි වරදක් නැත.

    ඒ පස්සෙට වැඩ කලා නම් අනිවාර්‍යෙන්ම ආණ්ඩුවේ රස්සාවකට හිමිකම් කියයි.

    බොරු කීම- බොරු ඡන්ද පොරොන්දු- ඇත්ත කීවොත් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැති නිසා බොරු කීම වරදක් නොවේ

    ස්ත්‍රී දූෂණය- මාවින් මහත්තය කීවෙත් ගෑණු ළමයින්ගෙ වරද නිසා තමයි මේ දේවල් වෙන්නෙ.

    වාරියපොල නංගිගෙ පස්සෙන් ආපු සෙල්වත් කීවේ ඒක.

    මරක්කලයින්ගෙ පැත්ත ගන්න එවුන්ගෙත් සුන්නත් කරන්න ඕනෙ

    සියලුම මරක්කලයෝ ජිහාඩ්, තලේබාන් කාරයෝය.

    සියලුම දෙමෙල්ලු කොටිය.

    දොස්තරවරුන් පුද්ගලික සායන පැවත්විය යුතුමය.

    පගා ගන්නේ නැතිව ජීවත් වෙන්නේ කෝමද

    පස්ස පවු ල ට එරෙහි වන්නෝ රටට විරුද්ධවන්නෝය. මුන් දේශද්‍රොහියෝය. මරණය ඇර වෙන දඬුවමක් මුන්ට නුසුදුසුය.

    මිනිමැරීමට වඩා හරක් එලුවන් කුකුලන් මැරීම පව්ය.

    වරප්‍රසාදයක් ලෙස ලැබෙන බදු සහන ලැබෙන වාහන විකිණීම කමක් නැත.

    මැදපෙරදිග ගොස් කුස්සිවල වාල් සේවයට යන්නට වෙන්නේ ඉහත ආත්මයේ කල පව් නිසාය. ඔය යන ගෑනුන්ගේ ඔලුවලට ඇණ වදින්නේ උන් කල පව් නිසාය.

    තාත්තා පාර්ලිමේන්තුවේ නම් පුතාට පලාත් සභාව අනිවාර්‍යයෙන්ම අයිතිය.

    ලොක්කන්ගේ දරුවන් ඔය පොඩ්ඩක් විභාගය එහාට මෙහාට කරලා නීති විභාගය සමත් උනාට මොකද?

    ඇමතිවරුන් මහ ඇමතිවරුන් රූපවාහිනි වේදිකාවලදී ගහගන්න එක වෙන්න ඕනම දෙයකි.

    බාර් ලයිසන් ලැබෙන්න ඕනා පලාතේ මන්ත්‍රීට හා පවුලේ අයටය.

    ගුරුවරු පාසලට වඩා පුද්ගලික පන්තියෙදී හොඳට ඉගැන්වීමේ වරදක් නැත.

    පොලිසියේදී සැකකරුවන්ට වදදීම කෙරෙන්නම ඕන දෙයකි

    ළමෙක් හොඳ ඉස්කෝලෙකට දාගන්න නම් ළමයා කුඩා කල බොරු කිය යුතුමය. එය පවක් නොවේ. බලධාරීනට පගාදීම කල යුතු දෙයක්මය.

    ReplyDelete
    Replies
    1. වික්ටර් අයිවන් පත්තර 3000 - 4000 ක් විකුණලා.. අළුතෙන් පිහිටුවන ආන්ඩුවලට පේටන්ට් එකක් ගන්නවා.. එයාගේ මොලේ ඉස්කෑන් එකක් කලොත් කාට කාටත් හොඳා... මහින්ද පිස්සු කෙලින ඒවත් යන්නේ ජේ ආර් ගේ එකවුන්ට් එකට.. මහා ළොකු පත්තර කාරයා.. ඒ උනාට මහින්ද ළඟ නැට්ට පුකේ...

      Delete
  11. සංවාදයක් ඇති වීම හොඳයි. මගේ ප්‍රතිචාරය හෙට හෝ අනිද්දා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. විය යුත්තේ එයයි...

      Delete
    2. Dan me chanuka y Mathalan kiyana gom bettayda me rate economy pilibanda think tank eka? Ha ha honday, ehenam prathicharaya dennako apita aya waya hadanna.

      Delete
  12. මේ කියන දුෂණ හා චෝදනා මෙතෙක් පවතී හැම රජයක්ම තුලම තිබුණි.නැවු සංස්ථාව,මහවැලිය,ටයර් ගිනි,ඇලෝ මුදලාලි සහ තවත් නොයෙකුත් දේවල්.මට පුදුම ජනපති, අන්ද,බිහිරෙකු මෙන් ඇමතිකම් දීමය.විමුක්ති කාරයන්ට මේ රටේ චන්දෙකින් බලය ලබාගන්න බැරිය.ඒක,එන්.එම්,කෙනමන්ට වත් බැරි විය.විමුක්තිකාරයෝ කරන්නේ රජයේ රැකියාවකි.ඔඋන්ට පව්ර්ශත්වයක් නැත.මා කුඩා කල ජේ.වී, පි. එක ඇතිකළ බිහිසුණු ක්‍රියා ම සිත තුල තවම හොල්මන් කරයි.ඉඩක් ලැබුණු අවස්ථාවකදී මම ඔවුන් ගෙන් පලිගනිමි.ඕන පකයෙක් ආණ්ඩු කලාට මට කම් නැත.මගේ චන්දය හිමිවෙනුවේ. ඇමති මණ්ඩලය 32,පළාත් සභා විසුරුවන,සංස්ථා 50% අඩු කරන.මනාප ක්‍රමය අහෝසි කරන.දිවයිනේ සැම අගලකම ගසක් සිටවන,අතුරු මැතිවරණ නැවත පණගන්වන පක්ශ්‍යකටය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රජාචන්ච්‍රවාදී අයිතිය අපි ගරු කරමු..

      Delete
  13. මේ මොන දේ කරන්නත් කලින් අපේ බහුතරයකගේ ඔලු හදන්න ඕනේ. අපේ වැඩි දෙනෙකුට දීර්ඝ කාලීන දැක්මක් නැහැ. හැම දේම කෙටි කාලීනව වෙන්න ඕනේ. මොනවා හරි කරලා ගානක් කපාගෙන තමන් ජීවත් වෙන්න විතරයි බලන්නේ. අනිත එකාටත් රටටත් හෙන ගැහිලා ගියත් වැඩක් නැහැ. ලෝකයේ සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේ රටවල් අපිටත් පහලින් ඉදලා දියුණු වුනේ දීර්ඝ කාලින ප්‍රතිපත්ති නැත්නම් ව්‍යාපෘති නිසා. ඒ රටවල ක්‍රියාත්මක වුනේ අවුරුද් තිහේ ව්‍යාපෘති. මිනිස්සු අමාරුවෙන් වුනත් ඒවට සහය දුන්නා. දැන් බලන්න ඒ රටවල් ඉන්න තැන.

    2001 රනිල් ඇවිල්ලත් ක්‍රියාත්මක කරේ මේ වගේ ව්‍යාපෘති කීපයක්. ඒත් අපේ මිනිස්සුන්ට ඒ දැක්ම තිබුනේ නැහැ. ඉවසීම තිබුනේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ල කරන්න ඕනේ අපේ මිනිසුන්ගේ ඔළු හදන එක.

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සුන්ගේ ඔළු හදන එක නම් ලේසි වැඩක් නෙමෙයි. ප්‍රධානම හේතුවධ් ආගම් තුන. බුද්ධාගම, හින්දු ආගම හා ඉස්ලාම් ධර්මය. ඒ නිසා මේ රටට අවශ්‍ය මහින්ද රාජපක්ෂ වගේ නිර්භීත නායකත්වයක්. අද රජයේ ඉඩම් විදේශිකයන්ට විකුනන්නේ නැද්ද? විකුනනවා. ඒ වගේම මොකා එපා කිව්වත් ඕන දේ කරනවා. ඒත් කරුමේ කියන්නේ, එයාට මූලීකත්වය දිය යුත්තේ කුමක්ද කියන දේ නොතේරෙන එක. මේ රජය යටතේ මම දකින් එකම සාර්ථක ව්‍යාපෘතිය පෝට් සිටි පමණයි.

      රනිලුත් කලේ තමන්ට ඕන දේ. ඒත් එයාට මහින්දට ජේ ආර්ට ප්‍රේමදාසට තිබුන කොන්ද තිබුනේ නෑ.. ඒක රටේ කරුමේ..

      ඒ වගේම රනිල්ට කෙලවුනේ කොටි එක්ක ගහපු ගිවිසුම. ඒ දේ කලා නම් අද අපිට රටක් නෑ.. ඒ තමයි ළොකුම ගොන්කම..

      Delete
  14. මට නම් පෙනෙන්නේ...ආයිමත් රනිල් ආවත් මේ ඉන්න ඇමති මංඩලයේ වැඩි හරියක් ඔය විදිහටම ඉදියි, ලස්සනට පිල් මාරු කරලා, කරන දූශණ වංචා ටික ඒ ආකාර්යෙන්ම කරගෙන.

    මොකද රනිල් ගාවත්, ඇමති කමක් කරන්න තරම් හැකියාවක් (පරිණත බාවයක්) තියෙන අය ඉන්නෙ බොහොම ටිකයි.

    රනිල්ට වෙනසක් කරන්න ඕනෙනම්, අනිවාර්යෙන්ම ලොකු රිස්ක් එකක් ගන්න වෙනවා, අලුත් මූණු (වැඩ කාරයන්) එකතු කරන් රටේ පාලනය ඔවුන්ට බාර දීලා.

    අපි හැමෝගෙම පැතුම, හීනය වෙන්න ඕනෙ ඒක.

    ඒත් මම තාම රනිල්ගේ ඒ රැඩිකල් ගතිය දැක්කේ නැහැ.

    හැබැයි ඉතින් රනිල්, රාජපක්ශවරු තරම් දූශිත නම් වෙන්නේ නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. පළවෙනි කාරනය හා එකඟයි. අපි කොච්චර අකමැති උනත් ඒ මේ රටේ වත්මන් දේශපාළණ සංස්කෘතිය. නමුත් ඔවුන්ට පැවැත්මක් නෑ. දේශපාළණ අනාතයෝ. උන්ට පාඩමක් උගන්වන එක මිනිස්සුන්ගේ වැඩක්. ම්නිස්සු දැණුම්වත් කිරීම අපේ වැඩක්.

      දෙවන කාරණය මම පිලිගන්නේ නෑ. මොකෝ මම මේක බොරුවක් කියලා ප්‍රායෝගිකව ඔප්පු කරපු කෙනෙක්. අවශ්‍ය කළමණාකරනය පමණයි.

      රනිල් ජනපති උනොත්, මහින්දටත් වඩා දරුණු පාළකයෙක් වෙනවා. මොකද ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා, කළාමැදිරි එලියටත් බය නිසා. අනික මහින්ද කියා දීපූ පාඩම්..

      Delete
  15. මම කැමති ධනේශ්වර ක්‍රමයකටයි.පුද්ගලික අංශ දේසපාලන හෙන්චියලට රැකියා දෙන්නේ නැත.තම ආයතනේ දියුණුවට හැකිකම් කියන අය එකතු කර ගනිති.සංස්ථ සබහපතිවරු අඩුවෙයි.නාස්තිය වැඩි උනොත් ඔවුන්ගේම ආයතනය බංකොලොත් වෙනු ඇත.සංස්ථාවවේ කාර්ඩ් එක ගහලා, ඇමතිගේ ගෙදර වලන් හෝදන පන්දන් කාරයෝ නැති වෙයි. මහජනයාගේ මුදල් නාස්ති නොකර අඩුම මිල ටෙන්ඩර් කැදවනු ඇත.පොස්ටෙර් සුනකයන් අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවා... ඒත් ඉතින් රටක් කරන්න පාළකයෝ එපාය. උන් ඔක්කෝම හොරකම් කරනවා නම්, දූෂීතයෝ නම් මොකෑ කරන්නේ. මේ රටට අළුත් නීතී පොතක් අවශ්‍යයි, කෙටියෙන් කියනවා නම් අළුත්ම වෙනසක් සහිත ක්‍රමයක් අවශ්‍යයි.

      නැතුව පවුල් කීපයක් හැමදා රජ කරන්න ගියොත් නම් මේ රටට අබ සරණයි....!!!

      ඉන්දියාවේ උන් නම් ඒ වෙනස කලා.. ඒත් අපි..

      Delete
    2. //පුද්ගලික අංශ දේසපාලන හෙන්චියලට රැකියා දෙන්නේ නැත
      සංස්ථාවවේ කාර්ඩ් එක ගහලා, ඇමතිගේ ගෙදර වලන් හෝදන පන්දන් කාරයෝ නැති වෙයි.
      මහජනයාගේ මුදල් නාස්ති නොකර අඩුම මිල ටෙන්ඩර් කැදවනු ඇත.
      පොස්ටෙර් සුනකයන් අඩුවෙයි.//

      ඇන‍ෝ, ඔය ලක්ෂණ දරන ධනවාදී ක්‍රමයක්නම් ලංකාව‍ේ තිබුණ‍ේ නෑ.

      Delete
    3. ඒ නිසා කවුරු බලයට ආවත් ඔක්ක‍ෝම එකයි කියන්න බහුතරයක් පසුබට වෙන්න‍ේ නෑ. එය ඒ තරමටම මිනිසුන්ග‍ේ මනසට කිදා බැහැලා.
      මම වැරැදිද මන්දා?

      Delete
    4. නෑ සහෝදරී ඔබ හරි.. දැන් ඔක්කොම හරි..

      Delete
  16. දේශපාලන කටුස්සෝ ඉන්නකන් මොන ප්‍රතිපත්තිය ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ, ප්‍රතිපත්තිය මොළවලට නෙවෙයි බහුතරයක් මිනිස්සුන්ට ඕනා ඒක යකඩ කටකින් වීදිකාවකදී කන් වලට ඇහෙන්නයි ඕනා, එත් එකඟ අහන්නේ සුරංගනා කතා, මඩ, ඒවා පට්ට රසයි.

    බඩගින්නේ බඩේ බත් නැති කොට අර ඇහෙන කතා පෙන්නන සුරංගනා කතා කනෙන් (කටින් නොව) බඩට ගිහිල්ල දිරවලා, ලැට් වල පිරෙන්නෙත් නැහැ, කනට කන්න දුන්නම, දැන් තියෙන්නේ බඩට කන්න දෙන ක්‍රමයක් නෙවේනේ, කනටයි අහටයි කන්න දුන්නම හොඳටම ඇති. ඒ සිස්ටම් එක මාමා ඇතුළු හෙන්චයියෝ හොඳටම දන්නවා.

    කොළ පාටිය බඩට කන්න දුන්නට අර දෙකට කන්න දුන්නේ නැහැ. ඉතින් කොළ පාටිය ඒ පැත්ත ෆේල්. මාමි බඩ පැත්ත ෆේල්.

    ඔහොම තියෙද්දී මාමි බලන්නේ එයාගේ ෆෙමස් එක බහින්න කලින් රත් වෙච්ච තෛටියේ රොටිය පුච්චා ගෙන බලය අල්ලාගෙන අර පරණ පාරේම යන්න. මාමිගේ ආර්ථික පතිපත්තිය එහෙම පටින්ම විදේශ නය මිසක්කා නිෂ්පාදන ආර්ථික ක්‍රමයක්වත් සේවා ආර්ථික ක්‍රමයක් වත් නෙවේ. නය වලින් පුම්බන බැලුම පිම්බි පිම්බි සුරංගනා ලෝක මවන කොට මිනිස්සුන්ට පෙන්නේ කේතුමතී ඇත ළඟ බවත් එතකන් ටිකක බද ගින්නේ හිටියට මොකද කියලත් විතරමයි. බඩ දන්නා ගත්තු එවුන් පාරට බැහැලා නැටුවට එවුන්ට කරගන්න ඇහැකි දෙයක් නැහැ. උන් මලත් කිසි අවුලක් නැහැ.

    මුදුදවල් ගොඩ කරලා සුර පුර මවන්න කලින් මාතලන් අයියා කියනවා වගේ වෙන්න ඕන වැඩ කොටසක් තියෙනවා, එත් ඒ දේ උන්ට හැඟෙන්නේ දැනෙන්නේ නැති කොට අපි මොනවා කරන්නද, තමා සම්මතයේ සිට කටයුතු කරන එකෙක් හරි ඉන්නවද? තමන්ට දුකක් කනගාටුවක් බඩගින්නක් නොදැනී දරුවන්ගේ ඔනාකම් සියල්ල ඉටුවෙන කොට ඒවා එලෙස නොවන ප්‍රජාවක් ඉන්නවා කියන එක නිකන්ම අමතක වෙලා යනවා. උන්ටත් එක දැනුනු දාට තාමත් ඉන්නේ මහා පොලවේ කියලා හිතෙයි. එදාට රටට හිතකර ප්‍රතිපත්ති එයි. එතකනේ කනටයි ඇස් දෙකටයි කක ඉමු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි එහෙම ඉන්න ඕනා නෑ සොමි. අපි කියන දේත් රජ ගෙදරට ඇහෙනවා. ඒක මම හොඳටම දන්නවා. ඒ නිසා අපි කළ යුත්තේ අඩු පාඩු පෙන්වා දීම හා, විවේච්නය. ඒක හැබයි ක්‍රිටිසිසම්ම වෙන්න නරකයි. හොඳ දේ හොඳයි කියන්නත් බය නැති වෙන්න ඕන. ඇත්තටම සොමි කිව්වා වගේ මහින්ද මහත්තයා බඩටත් කතා කරනවා නම් එයාව හෙල්ලීම බොරු. ඒකත් මහා දේවල් ඕනා නෑ.. අපි කියන සුළු සුළු දේවල් කලාම හොඳටම ඇති.

      Delete
  17. මගේ ප්‍රතිචාරය (හැකි තරම් කෙටි කොට)

    1. මා කලින් කීවාක් ලෙස මේ අවස්ථාවේ මට එජාපය දිනන කිසිම ලකුණක් නොපෙණේ. ඒ ඔවුන්ට ප්‍රතිපත්තියක් නැතිවීම නිසාම නොව තවමත් පක්ෂයේ අභ්‍යන්තර අර්බූද විසඳී නොතිබීම, ජයග්‍රහණය පිණිස ක්‍රමවේදයක් නැතිවීම, සිංහල බහුතරයකගේ විශ්වාසය දිනා ගැනීම පිණිස කිසිම දෙයක් කර නැතිවීම වැනි දේ නිසාය. එනිසා එජාපයට ප්‍රතිපත්තියක් නැතිවීම ප්‍රායෝගික ගැටළුවක් නොව ඇකඩමික් එකකි. එජාපය දිනයි කියා නොහිතුවත් ඡන්දදායකයකු වශයෙන් තමුසෙලා බලයට ආවොත් මොකද කරන්නේ? කියා අසන්ට මට අයිතියක් තියේ. මා භාවිතා කරන්නේ ඒ අයිතියයි.

    2. මගේ ඉහත නිරීක්ෂණය වැරදී, වැරදිලාවත් එජාපය දිනුවොත් ඔවුන් ජනතාවට බොරු කියා තිබීම වෙනුවට ඇත්ත කියා තිබීම හොඳය. උදාහරණයක් හැටියට ඇත්තටම රැකියා දෙන්න බලාපොරොත්තුවක් නැත්නම් එහෙම දෙනවා කියා ජනතාව මුළා කරන එක වරදකි.

    3. මට නම් දැනට බලයේ තියෙන්නේත් එජාප ආණ්ඩුවකි. මේ ආණ්ඩුවේ එජාප නොවන එකම කොටස හෙළ උරුමයයි. කොටින්ම වීරවංශත් එජාපය. හෙළ උරුමය හළාගෙන සම්පූර්ණ එජාප ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව පවත්වා ගන්නවා නම් එය රනිල්ගේ එජාපයට වඩා බොහෝ කාර්යක්ෂ්මය. සර්ව සම්පූර්ණ නොවුණත් රටට වැඩක්ද කරයි. කොටින්ම හෙළ උරුමය හළා, තෙවන වර දිනා, පරාජය වන රනිල් වික්‍රමසිංහට අගැමැතිකම දෙනවා නම් මගේ මතය අනුව රටට ඊට වඩා හොඳ ආණ්ඩුවක් තිබිය නොහැකිය. එය x විසඳුමකි. සියල්ලන්ම දිනුම්ය. රනිල්ට අගැමැතිකම දුන්නොත් දැනට මහින්ද මුහුණ දෙන ගැටළු ගණනකට විසඳුම් ලැබේ.

    4. දූෂණය ගැන: හැම දියුණුවෙමින් පවත්නා රටක්ම දූෂිතය. රටවල් දූෂණය නැති කොට ගත හැක්කේ දියුණු වීමෙනි. හුදෙක් පක්ෂ මාරුවකින් රටේ දූෂණය නැතිවේය සිතට තරම් බොළඳ නොවෙමි.

    ReplyDelete
    Replies
    1. එය Win-Win-Win-Win-Win-Win විසඳුමකි

      Delete
    2. 1. අනිවාර්යයෙන් ප්‍රශ්ණ කළ යුතුව ඇත. මාතලන්ද මේ පිළිබඳ මීට කලින්ද විමසා ඇත. එහෙත් සියල්ලන් එකතු කර ගතහොත් ළඟ ළඟ ෆයිට් එකකට් බොහෝ ඉඩකඩ ඇත.

      2. රැකියා දෙනවා කීවාම් ඇතිය. එය රජයේද් පෞද්ගලික අංශයේදැයි සඳහන් කිරීම, ඉල්ලාගෙන කෑමකි. :)

      3. 100% එකඟයි.... විය යුත්තේ එයයි.. සිඳු නොවන්නේද එයයි.

      4. එකඟයි..

      Delete
    3. 4 ගැන ඉහලින් එකගයි.. ඒකයි මිනිස්සුන්ට ඔළු කටු පිපිරෙන්නම දෙන්න ඕන දේ..

      Delete
  18. එජාපයට (රනිල් වික්‍රමසිංහ යටතේ ) , ආර්ථික ප්‍රතිපත්තියක ඌනතාවක් මා දකින්නේ නැත . දශකයකත් වඩා පැරණි වුවත් , වික්‍රමසිංහ රජය ඉදිරිපත් කල රිගේනින් ශ්‍රි ලංකා වැඩපිලිවෙල අනික් පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මාලාවන්ට වඩා සාර්ථකය . ගැටලුව ඇත්තේ එම ආර්ථික ප්‍රතිපත්තිය බොක්කෙන්ම කීවොත් , එජාපයට ලැබෙන්න තියන ඡන්දත් නැති වීමය . නොමිලේ උගන්වා , ආණ්ඩුවෙන් ජොබක් සෙට් කල යුතුය යන දේශීය චින්තනය තවමත් ප්‍රභලය . මේක වෙනස් වෙන්නට නම් ලිබරල් ආර්ථිකයක වසර කිහිපයක් හෝ රට ගමන් කල යුතුය

    http://www.erd.gov.lk/publicweb/publications/regaining/Part%20I%20-%20Regaining%20Sri%20Lanka%20-%20Vision%20For%20Growth.pdf

    ReplyDelete
    Replies
    1. බුවා කිව්වත් එකයි. මාතලන් කිව්වත් එකයි
      කොමෙන්ටුවකින් හෝ නැවත් පැමිණීම සිත ගත පිනවයි.

      Delete
  19. Rate karumayada ape karumayada manda me kathawena kisi deyak nowana ekai prashnaya. Eth thawa awrudu 5 kin pasu janamathaya theeranaya kirimedi blog walata, fb ekata loku balapemak kirimata heki wewi. Ethakam mahinda dinanawa.

    ReplyDelete
  20. නිශ්පාදන ආර්ථිකය ගැන කියපු එකනම් සහතික ඇත්ත
    මේ ආණ්ඩුව හදන්නේ සංචාරක කර්මාන්තෙ ප්‍රධාන ආදායම් මාර්ගය කරගන්න
    ඕකෙන් වෙන්නේ ලංකාව තායිලන්තේ වගේ රටක් වීම
    එහෙට සුද්දො එන්නේ ගෑනු ආශ්‍රය කරන්න අඩුගානේ නම් ඒකත් දෙයක්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කළු ගෑණුන්ට සුද්දෝ කැමති නෑ. ඒකයි ඒ වැඩේට පිටරට අය ගෙන්වන්නේ..

      Delete
    2. මම කිව්වේ ගෑනු ගැන නෙමෙයි

      Delete
    3. එහෙනම් කොල්ලෝ ගැනද...

      Delete
  21. Galkal,kadala wakkara danna kathawa sahathika eththa,Salli thiyena eka vahanayen ewilla honda brand eken bothal aranyanawa.nethiminissu bothal kadanakan hengila indala,allala reta kuduwedala, udeta usawithdanawa,Ara ithuru Rupiyal 40-50 samaharu cigaretts hari gannawa.

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියන්නේ බොහෝම අඩුවෙන්

      Delete
  22. චක්‍රවර්තීOctober 19, 2014 at 11:09 AM

    මාතලන් ඉන්න මතය 'ආර්තිකය ඕකේ නම් මහින්ද හිටියත් එකයි රනිල් හිටියත් එකයි' කියන ගොබ්බ මතයෙ...
    ඒමදිවට ලැජ්ජ නැතිව 'ගෝටාභය මහත්තය හොදට කරයි' කියලත් ලියල..

    එතකොට 2005 ඉදන් මානව හිමිකම් කඩාපුව හොයන්නෙ නැද්ද?
    යුද්ධෙ කරපු යුධ අපරාධ හොයන්නෙ නැද්ද?
    සුදුවෑන් වලින් උස්සපු උන්, මරාදාපු මාධ්‍යකාරයො, ගිනිතියපු ඒව ගැන හොයල ඒව කරපු උන්ට අච්චු කරන්නෙත් ගෝටාභය මහත්තයමද?
    උතුරෙ දෙමලුන්ගෙන් බලෙන් හමුදාව අල්ලගෙන ඉන්න ඉඩම් ආපහු දෙන්නැද්ද?

    මාතලනයල වගේ උන් හිටියෙ යුද්ධෙ දිනපුවහම මරාව කරේ තියාගෙන, ඊටපස්සෙ කේතුමතී ආර්තිකේ හදයි කියල බලාගෙන...
    රටක යුක්තිය ඉටුවීම කියන්නේ ආර්තිකය හැදීමම නෙමේ ගොයියො...

    ReplyDelete
    Replies
    1. ගෝඨාභයලා මහින්දලා නැත්නම් අපිත් නෑ මහත්තයෝ. කළ හොඳ දේ හොඳයි කියන්න දෙසරයක් පැකිලෙන්න ඕන නෑ. නමුත් එතනත් වැරදි තියෙනවා. ඒක වැරදියි කියන්නත් අපි බය නෑ. කියලත් තියෙනවා. ඒ වෙනුවෙන් වෙන උන් එක්ක මරාගෙනත් තියෙනවා. මාතලන් මුල ඉඳලා කියවන අය ඒක දන්නවා.

      මධ්‍යස්ථව බලන එකාට හරි දේ පේනවා. අපිටත් දේශපාළණයක් තියෙනවා. නමුත් ඒ දේශපාළණය මේ රටේ නෑ. අඩු ගානේ බහුතරයක් මිනිස්සු ළඟත් නෑ.

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතර් විසින් ඉතා නින්දිත ආකාරයෙන් මේ කොමෙන්ටුව ඉවත් කොට ඇත.

      Delete
  24. මාතගේ ලිපිය මිස් වුනා මේ නලින් මැතිතුමාගේ ගෝලයන්ගේ ටෙරා ඇටෑක් එකක් ඇව්ල්ල මම ගුරුත්වාකර්ෂණය ගැන ලිව්වම. මේක මෙච්චර සෙන්සිටිව් කියල කවුද දන්නේ. මේ ලිපිය හොඳයි නමුත් යුඑන්පි එක ආවයි කියල වෙනසක් ඇත්තටම වෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ රටේ අති බහුතරය නලීන් ද සිල්වා වගේ පට්ට ගොන් හරක් තමයි.

      නලීන් ද සිල්වා නෙමෙයි අනික් උගත්තුත් ඒ කැටගරියෙම තමා. නමුත් නලින්ලා එලිපිට ගොන්කම ප්‍රදර්ශනය කිරීම අපි අගය කරන්න ඕන.

      Delete
    2. අන්න ලිපිය තියෙනවා ලංකා නිව්ස් වෙබ් එකේ. බස්සිගේ, ජිවනගේ හා ඉවන්ගේ එකත් තිබෙනවා.

      Delete
    3. වැඩ කාරයාට බොරු බෑ... බොරු කාරයාට වැඩ බෑ.. අජිත්ගේ ළිපිත් ඔක්කෝම වගේ ඒකේ ගියා.. විජ්ජාව නිසා අපිට ඒ රහ ළිපි ටික නැති උනා..

      Delete
    4. මට මේ සිංහල බ්ලෝග අවකාශයේ තියෙන ඉතා හොඳ ලිපි කියවීමට වෙලා නැතිවීම ගැන කණගාටුවෙන් ඉන්නේ. මාර නිර්මනශිලිත්වයක් තිබෙන්නේ. විද්‍යා ලිපි ලියන්න ශෛලිය එක පර එන්නේ නැහැ. ජිවන කිව්වා විධිහට සමීකරණ අයින් කලත් , අර ලියන විධිහත් එන්න ඕනේ බොක්කෙන්. ඉවසන්න දරුවා, ඉවසන්න .
      දුර බලන්න , ළඟ නොබලන්න

      Delete
  25. ඡන්දෙනම් එන්නෙ අලිය දිවුල ගිලියි කියල බයට.ඒක හරි.තව ටිකක් ගියොත් මදේ නැතිව තමයි මහින්දට වමාරන්න වෙන්නෙ.ආර්ථිකේ නෙමෙයි ඔක්කොම අවුල් වෙන්නෙ පවුලෙ හැමෝම දේශපාලනය කරන්න ගියහමයි.එතකොට හැමෝම සනසන්න හමබ කරන් කන්න මොකක් හරි හදා දෙන්න වෙනවා.අද වෙලා තියෙන්නෙ කතරගම දේවාලෙ ඉදල ඒ දේ ක්‍රියාත්මක වීම.

    හැබැයි අපෙ හාමුදුරුවනේ කිව්වට මහින්ද හාමුදුරුවරුන්ට ඕනි විදිහට නටන කෙනෙක් ආගම පිළිබද අනවශ්‍යය භක්තියක් ඇති කෙනෙක් නොවීමනම් හොදයි.එහෙම නැති නිසානෙ කතරගම දෙයියොත් සාක්කුවෙ දා ගන්නෙ.ඒ නිසා වෙන්නෙ මහින්දගෙ පදයට සිවුරු සෙලවීම.ඒක සිවුරු සන්නිය නෙමෙයි.සාටක වන්නමේම පොඩි කස්තිරමක්.

    මේව තමයි රටේ බහුතර ජන විඥාණයට බලපාන්නෙ.මෛත්‍රිය පිරිච්ච සිංහල බෞද්ධ හිත් ආසයි ‍දෙමළ හින්දුන් සහ කතෝලිකයන් යාපනේ හැදි ගෑවුණු එකට.ඒක දැක්කම සාදු කියලා කතිරෙ ගහන හැගීම තාමත් හිතන තරම් අඩු වෙලා නැහැ.මේක යටපත් කරන තේරෙන භාෂාවෙන් රටේ මිනිස්සුන්ට වෙන්න පුළුවන් දේ කියා දෙන්න විපක්ෂය මාධ්‍යයක් හදා ගන්න ඕනි.ඒක ඇතුලෙ තමයි පවතින බඩගින්න සහ එය නැති කරන හැටි කතා කරන්න ඕනි

    ReplyDelete
    Replies
    1. මේ රටේ ගොන්නුන්ට එහෙම ලේසියෙන් දන්නන්න බෑ. අලි මදිවට් කොටි කියන්නැහේ, ඌවෙදි විකුණ ගන්න බැරි වෙලා එක්ස්පයර් වෙලා තිබුන දේශප්‍රේමේ, නව නිශ්පාදනයක් ලෙසින් යුරොපියන් යුනියන් එකෙන් එලියට දාලා. මට පේන්නේ උනුත් මහින්ද මහත්තයට සපෝට්ද කොහෙද. මේ සැරේ ඒක ඇති ගොඩ යන්න.

      Delete
  26. දැං ඔය කියන්නේ මහින්ද පරදිනවා කියලද?? ඒක නං අමාරුයි පුතේ..

    ReplyDelete
    Replies
    1. කව් ද අනේ එහෙම කියන්න.. පැරදුනොත් කියලා අපිට සෙල්ලමට හිතන්න බැරිද.. එහෙනම් ඒ කාළේ රචනා ළියන්නේ, මා ජනාධිපති වුවහොත් කියලා..

      Delete
  27. ඒක නෙම‍ේ මාතලං ආචාර්ය්‍යතුමා.

    මහින්ද ඇයි විපක්ෂ නායක කාර්යාලයේ නඩත්තුවට විශාල මුදලක් වෙන් කරනුය‍ේ. මටනම් හිතනේන‍ේ මෙහ‍ෙමයි.
    මෙය පැරණි මිසර සිස්ටම් එකක් යැයි කියා සිතනවා. මරණින් පසු පිරමිඪයට වී දිවි ගෙවන්න එදා රජවරු අප‍ේක්ෂා කළා. අද, ඒකාධිපති රජෙක් බලය‍ෙන් පහ වෙනවා කියන්න‍ේ මැරුණා හා සමාන ‍දයෙක්න‍ේ. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය හොඳට හදා ගත්ත‍ොත් තව කාලයක් සැප විදින්න පුළුවන් කියා සිතනවා ඇති න‍ේද?

    ReplyDelete
    Replies
    1. මගේ ලියමනවල අකුරු දෝශ සහිතව වෙනස් වනුය‍ේ පරිගණක දෝශයක් නිසාය.

      Delete
    2. නිමා සහෝදරී කියනවා වාගේ හේතු දෙකක් නිසා වෙන්න පුළුවන් කියන එකේ පොඩි අවුලක් තියෙනවා ඒත් අපි මෙහෙම හිතමු.

      1. ජනාධිපති තුමාගේ හොඳම මිතුරා රනිල් විකුම්සිහ නිසා. මොකෝ රතනසූත්‍රයෙන් තරම් වත් රනිල භෝග වලින් හානියක් නොමැති නිසා. ළොක්කා දැන් රතන සූත්තරේ අහන්නෙත් නෑ ලූ.....

      2. ජනාධිපති තුමාට විපස්ස නායක් වෙන්න බෑ නේ. එයාට දියවන්නා පිස්සන් කොටුවේ සීට් එකක් නැති නිසා. ඒත් ආයේ ඒකට රිංග ගත්තොත්, කලක් හිටපු තැන නිසා අඩු පාඩු හෙම හොඳින් දන්න නිසා වෙන්නත් පුළුවන්.

      3. හදිසියේ හරි විපක්ෂයක් නැති උනොත්. ඒ කියන්නේ ඔක්කෝම මහින්ද මහත්තයා ගාවට ගියොත්, එතන කැසිනෝ එකක් දාන්න වෙන්නත් පුළුවන්..

      Delete
  28. මම මේ විහිලුවට නෙමෙයි කියන්නේ,
    අපේ රටේ විශ්ව විද්‍යාලවල සමාජ විද්‍යාව, මනේ විද්‍යාව වගේ දේ උගන්නව අධ්‍යයන අංශ වලට
    කරන්න හොඳ පරීක්‍ෂණයක් තියෙනවා
    ඒ තමයි ජාතික හෙල උරුමයේ විනාශය ප්‍රාර්ථනා කරන සිංහල බෞද්ධයන්ට එසේ කිරීමට හේතුවන කරුණු පිළිබඳ
    පිළිබඳව මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සොයාගැනීම.
    බලන්න චානුක මහත්මයා හෙල උරුමයට විරුද්ධයි ඒ වගේම ඒ මහතාගේ ආර්ථික දැක්මට සම්පූර්ණයෙන්ම විරුද්ධ
    කෙනෙක් ගත්තොත් ඔහුත් හෙල උරුමයට විරුද්ධයි.
    ඒ වගේම හතර පෝයට සිල් ගන්න අය වගේම දැඩි නිර්ආගමික මතයක් දරන අයත් එක වගේම හෙල උරුමෙට විරුද්ධයි
    ඒ වගේම නලීන්ද සිල්වා මහත්මයත් හෙල උරුමෙට විරුද්ධයි.
    හෙල උරුමෙට බනින අය බනින්න හේතුවක් නැත්නම් හෙල උරුමේ මෙහෙම වෙන්න ඇති කියලා හිතාගෙන
    හිතෙන් මවාගත් වැරදි වලටත් බනිනවා දැකල තියෙනවා. ඒ වගේම බොදු බල සේනාව, රාවනා බලය වලියක් දා ගත්තොත් ඒකටත් හෙල උරුමෙට බැනුම් අහන්න වෙනවා
    ඇත්තටම මට මේක හිතාගන්න බෑ. වෙනත් සමාජයකත් මීට සමාන්තර
    තත්වයක් වාර්තා වෙලා තියෙනවද?
    කවුරුහරි විද්‍යා ලේඛකයෙක් මේකට බලපාන මනෝ විද්‍යාත්මක කරුණු පැහැදිලි කරාවි කියා බලාපොරොත්තු වෙනවා
    ඒ වගේම අපි හෙලඋරුමෙට බනිද්දී තමිල්නාඩුවේ මිනිස්සු 66 දෙනෙක් ජයලලිතා වෙනුවෙන් සියදිවි නසා ගත්ත. වෙලාවකට හිතෙනවා ඒක දෙමළුන්ගේ හොඳ ගතියක්ද කියලා

    ReplyDelete
    Replies
    1. ඕකට ආයේ පරික්ෂනත් කරන්න ඕනෙද? ඔය කරපු දේම මදිද? නැත්නම් මොනවාද කෙරුවේ හරි විධිහට අහනවා නම්? අපිත් නොදැන මුලදී මුදල් වලින් හෙම ආධාර කරානේ. දැන් ඉතින් දිව විකාගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ.

      Delete
    2. හෙළ උරුමයට නෝ චෑන්ස්.. අපේ නානසාර හාන්දුරුවෝ බුද්ධාගම හා සිහල ජාතිය එයාලගෙන සල්ලි දීලා ගත්තා. දැන් ඒක බුන්වත් කොම්පැණියක්. දැන් තියෙන්නේ පක්ෂ මූලස්ථානේ රතන සූත්තරේ දාගෙන වෙසක් එකට දස පාරමිතා හරි ඇටකටු ඩාන්ස් එකක් හරි දාන එක..

      Delete
  29. පේන බලන්නට දෙයක් නැත. චානුක කිව්වා වාගේම මේ වරත් වත්මන් ජනාධිපති වරයාම වැඩි චන්දෙන දිනනවා ඇත. ඊගාවට වෙන්නේ මාතලන් කියලා තියන ඔප්සොන් දෙකෙන් දෙවෙනි එකය. මේ වර්ස් කේස් සිනාරියෝ එක දිගටම යනවා ඇත. රට මීටත් වඩා චොර වෙනවා ඇත.

    සජිත් ගේ පුකට පයින් ගසා එළවා දැමීමට ගටක් නැති රනිල් ඉන්නේ සිහින ලොවක බව පෙනේ (ඉබේ ඔටුන්න ඔලුවට වැටෙයි කියා). එහෙව් එකේ විසි වසරක යුද්දය නිමා කල වීරයා එක්ක මොන හටන් ද? ඇරත් පවතින ආණ්ඩුව යූ එන් පී ආණ්ඩුවකින් රිප්ලේස් වීමෙන් රටේ එවුන්ට වෙන සෙතක් නැත. දැන් ඉන්න අම්බරු රැලෙන්ම කොටසක් අනිවාර්යෙන්ම යූ එන් පී කැබිනෙට්ටුවේ වැජබෙනවා ඇත. ඉන්පසු පරණ රීල් එකම බොක්ස් ඔපිස් වාර්තා තියමින් දුවනවා ඇත. අද රනිල් වටකොට ඇති සජිත් ලාට තිස්ස ලාට දෙකක් කියා එළවා දමන්න බැරි එකේ, එදාට වෙනසක් වෙන්නේ නැත.

    වත්මන් ජනාධිපති ටත් වෙන ඔප්ෂන් එකක් නැත. අවුරුදු බර ගානක් තිස්සේ ගලන ගඟ හරවන්නට දැන් පරක්කු වැඩිය. ලඟම උදාහරණය ක්‍රිස් නොනිස්ට දුන්නු ෂොට් එකය. ලොක්කාට වෙලා ඇත්තේ කොටි වලිගේ අල්ලා ගත්ත එකාට උන එකය. මේක අතහැරියොත් කොටියා මාව කනවාය. ඉතිරි අවුරුදු දෙක හිටියොත් වැඩේ තව අමාරු වෙනවාය. කම් ඕ ගෝ චිකාගෝ කියලා දැන් ගහන්නේ එක හින්දාය.

    මෙව්වා කතා කරා කියලා මේ දේවල් වෙනස් වෙන්නේ නැතුවාය. මාතලන් ලා, චානුක ලා, අපි හැමෝම ලා නිකම් වචන නාස්ති කරගන්නවා පමණය.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා චන්දේ කාලෙට හරි අඩුවෙන්නේ අපි කෑ ගහන නිසා.. හරක් උනත් ඉඳලා හිටලා උම්බෑ කියනවනේ.. නැත්නම් ලොක්කා හිතයි මුන් හරක් නෙමේ බූරුවෝ සැට් එකක්ය කියලා...

      Delete
  30. කවුරු කොහොම කිව්වත් මේක හදන්න හැකියාවක් පේන්නේ දැනට මරාගෙන් විතරයි..රනිල්ගේ බුද්ධිමත්කම තිබුණට නායකයෙක් ලෙස ශක්තිමත් නෑ..සජිත් ගැන කතාකරලා වැඩක් නෑ..මිනිස්සු ප්‍රේමදාසට බෝක්කු කටා කිව්වා ඉස්සර..ඒවුණාට සජිත් වගේ චාටර් වුණේ නෑ ඒ මනුස්සය අඩුමගාණේ..
    වැඩේ තියෙන්නේ හැකියාව තියෙන එකාට උවමනාව නැති එකයි..ඔය වටේ ඉන්න එවුන් කන කෑමම නැවැත්තුවානම් මීටවඩා දුරක් යන්න තිබුණා..ශක්තිය තිබ්බට වැඩක් නෑ සාධාරණවෙන්න බැරිනම්...ඒක තමයි කවදාහරි මෙයාට කෙලවුනොත් වෙන්න ප්‍රධානතම හේතුව...අනේ මංදා ඉතින් එකෙක්වත් නැද්ද ඔය සරල කාරණය මෙයාට තේරුම්කරවන්න කියලා..මම හිතන්නේ ගෝඨාට ඊටවඩා යමක් කමක් තේරෙනවා ඇති කියලා...

    ReplyDelete
    Replies
    1. ඝෝඨා හොඳ වෙයි... ඒත් මිලිටරි පාළණයක් ඇති වෙයි.. ඒ කියන්නේ අති මර්ධනකාරී පාළණයක්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න