.

.

Jun 21, 2024

බැසිල්ගේ සුරතාන්තය හා රාජපක්ෂලාගේ අවසානය


 

බැසිල්ගේ සුරතාන්තය හා
රාජපක්ෂලාගේ අවසානය
➖➖➖➖➖➖➖➖🔴➖

රාජපක්ෂලාට කෙලියේ වෙන කවුරුවත් නොව රාජපක්ෂලාමය. ගෝටා බැලුවේ රාජපක්ෂ පවුලටම ෂොට් එක දී.. සීරෝ වන් ගේට්ටුව ගාව උන් ත්‍රස්තවාදීන් එක්ක රට කරගෙන යන්නටය.

රාජපක්ෂලා ඉල්ලාගෙනම කෑ මැයි 9 වනදා, මහගෙදර හා අම්මා තාත්තාගේ සොහොනත් ගිනි තබා.. තංගල්ල කාල්ටන් නිවස ඉදිරියේ විරාජමානව වැඩ හුන් කළක් ජාතියේ පියාව වුන්... ඩී ඒ රාජපක්ෂ ශ්‍රීමතානෝ බෙල්ලෙන් ඇද පොලොවේ ගසන්නටත් ඉඩ හැර... තම පාක්ෂිකයින්ගේ නිවෙස් ගිනි තබා විනාශ කරනායුරු ටැලිවිෂන් එකෙන් ආතල් එකේ බලාන උන්නේ ඒ නිසාය.

එහෙත් ගෝටා කෑ ළණුවේ තරම උන්දැට තේරුනේ ඉන් මාස 2 කට පසු බැසිල් හාමූ එක්ක බව්වෝ වගේ ජීවිත බේරාගෙන රටිනුත් පැන ගිය දිනයේය. රනිල් වික්‍රමසිංහ නොවන්නට එදා රාජපක්ෂලාට හා බයියන්ට කන්නට වෙන්නේ මැයි 9 වනදා කෑ පරිප්පුවටත් එහා ගිය පරිප්පුවකි. දැන් උන්ට ඒවා මතක නැතිය.

එමෙන්ම කිසියම් ආකාරයකින් ජෙප්පන්ට බලය ලැබුනහොත්... රාජපක්ෂලාට හා බයියන්ට අත්වන ඉරණම ගැන අනාවැකි දැනටමත් ජේවීපී නායකයින්ගේ මුඛරි කටවල් වලින් එලියට පැන අහවරය.

මේ බව තෙරුම් ගත් මොළේ කළඳක් හෝ ඇති බයියන් වැඩිම පිරිසක් ජෙප්පන් සමඟද, තා පිරිසක් සජිත් හා ජලනි බලවේගය සමඟද, ඉතිරි පිරිස රනිල් සමඟද එක් වී අවසානය. දැන් බැසිල් හා නාමල් වටා ඉන්නේ... ශිරන්ති හා යෝෂිතගේ දිරච්ච ළණුව කා .. මැයි 9 වනදා අරලිය ගහ මන්දිරයට පැමිණ... ඉල්ලාගෙනම පරිප්පු කෑ.... කුර හා අං සහිත අමුම අමු ගොබ්බයන් පිරිසක් පමණි.

බැසිල් හිතන්නේ උන්නැහේ මාර පොරක් කියලාය. ඒත් රාජපක්ෂ පවුලේ එකෙක්වත් නොදන්නා දෙය නම් මුන් සියල්ලෝම රැකුනේ... මහින්ද රාජපක්ෂගේ රැස් වලල්ලේ එලියෙන් බවය. මොළ හතක් තිබෙනවා යැයි කීවාට උන්නැහේ දන්නේ කෙලවී ගෙන එන කොට පැනලා මාරුවෙන එක පමණයි කියා දැන් බයියෝ දන්නවාය.

මේ වන විට, නිහාල් විසින් තල්ලු කරගෙන එන මහින්ද මහත්තයාගේ රැස් වලල්ල නිවී ගොස් ඇති බව ගෝනා ඔනෙකුට තේරෙනවාය. තව කාළයක් ෆුල් ෆිට් එකේ ඉන්න සිටී ආතල් බුවා... අරලිය ගහ මන්දිරයේ කකුල් දෙකෙන් එල්ලා යොගී කරන්නට ගොස් ලෙඩෙක් කළෙත් මේ මැට්ටන් පිරිසම හැර වෙන කවුරුවත් නොවේය. තවමත් ඩයි නාවා, සැන් පවුඩර් දමා, නිහාල් විසින් තල්ලු කරගෙන විත් වෙඩින් කේක් එක වගේ ප්‍රදර්ශනය කලාට, ඇතුලේ කේක් නැති බවත්, ඇත්තේ රිජිෆෝම් බවත් දැන් සියල්ලෝම දන්නවාය.

රටක් ගෞරවය කළ.. ආදරය කළ.. මහින්ද මහත්තයාට මේ සියල්ල නැති කළේත් සතුරන් හෝ මිතුරන් නොව හාමු නෝනා සමඟ දරුවෝ තිදෙනා හා විශේෂයෙන් බැසිල් බ්‍රෝ බවත් දන්නෝ දන්නවාය. මහින්දගේ මිතුරන් සියල්ල ඔහුගෙන් ඉවත් කොට, ප්‍රාදේශීය මැරයන් හා කම්බා හොර අන්තේවාසික වහල් බයියන් පිරිසකගේ නායකයෙක් බවට මහින්ද මහත්තයා පත් කලේ මොවුන්ය.

තවමත් නෙළුම් මාවතේ රංඟනයේ යෙදෙන්නේ මොවුන්‍ය. ඔවුන් කිසිඳු පක්ෂයකට හෝ සංධානයකට වැද්ද ගන්නේ නැතිය. තනියෙන් ගමනක් හිතන්නටවත් බැරිය. කරපු කරපු රැස්වීම්... සම්මන්ත්‍රණ... කුමන්ත්‍රණ... වැඩ මුලු සියල්ල... පට්ට ෆේල්‍ ප්‍රොජෙක්ට්ස්‍ය. ඉන්නේ අර හාල්පාරුවෝ ටික පමණය.

එකම පිහිට හා ආරක්ෂාව ඇත්තේ රනිල් ළඟ පමණය. තත්වය එසේ තිබියදි... උන්නැහේට හා උන්නැහේ වටා එක් වූ පිරිසට පාට් දාන්නේ... මොළ හතක් ඇති නිසා නොව, මොළේ පුපේවත් නැති නිසාවෙන් බව ලියා තබා මේ පල්හෑල්ල මෙතනින් අකුලා දමනවාය...

ඉස්ධූතියි... නන්ඩ්‍රෙයි.... ටැම්ක්ස් හොඳේ...

Jun 13, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය.


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය.
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️

ශ්‍රී ලංකට් ක්‍රිකට් නැවතත් විනාශයි කියා මාතලන් ලියූවේ... දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කළ දාය. මිනිසුන්ට එපා වෙලාම තිබූ ක්‍රිකට් වලට නැවත ආදරය කරන්න පටන් ගත්තේ... දසුන්ගේ නායකත්වයෙන් කණ්ඩායම තුල ඇති වූ... කණ්ඩායමම එකා මෙන් ක්‍රීඩා කළ කණ්ඩායම් හැඟීම නිසාය.

එය ක්‍රීඩා පිටියේදී මෙන්ම ක්‍රීඩාගාරය තුලදීද පැහැදිලිව දැක ගැන්මට ලැබින. එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු හා කළමණාකරුටත් වඩා ක්‍රීඩකයින් මෝටිවේට් කළ ක්‍රීඩකයෙක්ද කණ්ඩායම තුලම සිටියේය. ඒ චාමික කරුණාරත්නය.

ක්‍රිකට් ගැන නොදන්නා උන්ට මේ ක්‍රීඩකයින් දෙදෙනා කළ රෝල් එක ගැන කිසිඳු අවබෝධයක් නොමැති වීම නිසා ඔවුන් වෙත එල්ල වූ චෝදනා හමුවේ දෙදෙනාම කපා දැමීමට මාෆියාවට හැකි විය.

ඉන් පසු ආඬී හත් දෙනෙක් නොව හැට පහක්ම එක් වී..   විස්සයි විස්ස ලෝක ලෝක කුසලානය දිනන්නම යැවූ "දිනන කණ්ඩායම" මැච් දිණූ හැටි ලෝකයම දැක්කේය.

ක්‍රිකට් විචාරකටන්ට අනුවද... ශ්‍රී ලංකට් කණ්ඩායම අතිශය දුර්වල කණ්ඩායමකි. නායකයා නායකත්වයට කිසිසේත්ම නුසුදුසු නායකයකු බව පන්දු යවන්නන් කළමණාකරනයේදී මෙන්ම ඉන්පසු පැවති මාධ්‍ය සාකච්ඡා තුලදීද පැහැදිලිවම පෙනිනි.

අද ඔහු මාධ්‍ය සාකච්ඡා මගහරියි.. තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් ඇමරිකාවේ බඩු ගහන්න එක්ක යන්න වෙනත් ක්‍රීඩකයින් කැපූ එකා... දැන් කියන්නේ ක්‍රීඩාගාරයෙන් ඌට උපදෙස් ආවේ නැත කියාය. බක පණ්ඩිතයින්ට කිසුවකුත් උපදෙස් දෙන්න යන්නේ නැතිය.

මේ සියල්ල දැන් අතීතයට එක් වී අවසානය. කෙසෙල් වඟාවේදී වඳ පීදුන කෙසෙල් ගස් කපා ඉවත් කරන්නේය. ඒ පීදෙනා ගස් රැකගැන්මටය. එහෙත් පට්ටම ලොල් සහගත ක්‍රියාව වන්නේ අතීසාරයට අමුඩය ගසන්නා සේ... සිරි ලංකා ක්‍රිකට් විසින් බින්දුසාරයා නායකයා ලෙස නම් කිරීමය.

විය යුත්තේ එය නොවේ.

🔷 මුලින්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරිය යුතුය. (මෙහිදි ICC ය විසින් අපේ ක්‍රිකට් නැවතත් තහනම් කරණු ඇත. එය අනගත ක්‍රිකට් ක්‍රීඩාවට කරනා මහඟු සේවයක් වන අතර නැවතත් කණ්ඩායමේ දස්කම් පෙන්වා ලබාගත හැකි දෙයකි)

🔷 කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් පැතුම් නිශ්සංක සහ ඩිල්ශාන් මධුසංඛ, වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, සධීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත, නුවන් තුෂාර හා මතීෂ පතිරණ වැනි නැවුම් ක්‍රීඩකයින් හැර අනෙක් සියළුම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම් තුලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. වැඩ කාරයෝ නම් වෙන රටකට ක්‍රීඩා කර ඔවුන්ට අප වෙත පුප පෙන්විය හැක. (එහෙත් මේ එකෙකුටවත් ක්‍රිකට් තුල අනාගතයක් ඇත්තේ නැත.)

🔷 පුහුණුකරුවන්, කළමණාකරුවන්, තේරීම් බාර නිළධාරීන් ඇතුලු සියල්ලම එලවා දමා ඒ වෙනුවට විදේශිකයන් පත්කළ යුතුය. අර්ජුණලා, සනත්ලා, ඩිල්ශාන්ලා,මාවන්ලා, සංඝලා, මහේලලා තබා මුරලිලා දැම්මත් යන්නේ මේ සිස්ටම් එකමය.

🔷 කණ්ඩායමේ විනය මෙන්ම ඇඳුම් පැළඳුම් හා විශේෂයෙන් ඔවුන්ගේ කොන්ඩා හා රැවුල් ගැන සොයා බැලීමට විනය නිළධාරියකු පත් කළ යුතුය. මොවුන් නියෝජනය කරනුයේ ඔවුන් නොව රටක් ජාතියක් බව මොවුන්ට වෙනම දේශන පවත්වා පැහැදිලි කර දිය යුතුය.

🔴 ජාතික කණ්ඩායම තුල කිසිම ක්‍රීඩකයකුට පෞද්ගලික කළමණාකරුවන් පත්කර ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. (ක්‍රීඩාවට කෙලවීමේ මූලික හේතුව මෙය වන අතර, වැඩ බැරි නාකී  හාල්පාරුවන් කණ්ඩායම තුල රැඳී සිටීමේ මූලික හේතුවද මේ මාෆියාවය.)

🔴 මේ සියල්ල ක්‍රීඩා ඇමති විසින් ගත යුතු තීරණයන්‍ය. ඔහු  විසින් මෙය ඉටු නොකර පැරණි දක්ෂ ක්‍රීඩකයින්ට හා ෆේස්බුක් විචාරකයින්ට දෝෂාරෝපනය කරමින් මේ සිටිනා ගොබ්බයින් සමඟ ඉදිරියට යා හැකියයි සිතන්නේ නම්... ඔහේට මෙන්ම ඔහේගේ නායකයාටද සම්මා සම්බුදු සරණය.

🔴 අප කී දේ කළහොත්..  මෑතකදී නොව, 2048 දි හෝ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් හා ක්‍රීඩකයින් බිහිකර ගැන්මට රටට පුලුවන් වනු ඇත.

ස්වස්ති සිද්ධම්.... !!!!

.
 

කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන.. ඉටිකොල ජෙප්පන්ගේ... අනාගත කොමියුනිස්ට් රාජ්‍යය.



 


කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන..
ඉටිකොල ජෙප්පන්ගේ...
අනාගත කොමියුනිස්ට් රාජ්‍යය.
➖➖➖➖➖➖➖➖➖➖➖⭕

70-77 යුගයේ සිරිමාගේ මැයි පෙලපාලියේ ගිය බයි කම්කරුවන්ගේ සටන් පාඨය වූයේ....

සීනී නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව හොදි කන්නම්
මැතිනි අපේ කියනවා නම්
පිඳුරු වුනත් අපි කන්නම්

කියලාය..... ඒ කාළයේ නොව... මේ කාළයේද ඒ විදියට ගියා නම් රට ගොඩ යනවා කියන අමන අම්බරු බයියෝ ඕනෑ තරම් තවමත් ඉන්නවාය.

ගොබ්බ ගෝටා ගෙනෙගිය වැඩ පිලිවල වර්ණනා කරන්නේ එහෙව් ඔල්මොරොන්දම් මොරි මාඩ අම්බරු වහලුන්‍ ය. ඒ වහලුන් අති බහුතරය දැන් පෙරුම් පුරමින් ඉන්නේ... අනුර කුමාරයා රජ කරවා ඒ පරිප්පුව නැවතත් ඉල්ලාගෙනම කන්නටය.

මේ බව දන්නා ජෙප්පෝ... මේ මොහොතේ කිරි තේ එකක් බොන ජනතාවට අනතුරු අඟවමින් කියා සිටින්නේ... උන් ආ දා පටන්... නෝ කිරි තේ කියලාය.. ප්ලේන්ටිය බොන්න වෙන්නේත් සීනී නැතිවය. මන්ද උන්ගේ ප්‍රතිපත්තිය අනුව කිරි තේ එක අධි සුඛෝපභෝගී භාන්ඩයක්‍ ය.

බලය ලබා ගැන්ම බඩේ බත් වගේ විශ්වාසයෙන් උන් ජෙප්පෝ... දැන් බහුතරය 90% විතර යැයි කියූ ජෙප්පෝ... දැන් බලය ගත්තාට තොපිට සුර සැප දෙන්න වෙන්නේ නෑ... පරිප්පු කන්න රෙඩි වෙලා හිටපියව් කියා කිසිඳු පැකිලීමකින් තොරක කෙලින්ම කියන්නේය. ඒ උනට චන්දය දෙන්නේ අමු ගොබ්බ අම්බරුවෝ බව උන් අවබෝධ කොටගෙන අවසාන නිසාය.

උන්ගෙන් 2019 මිළට ගෑස් ගන්න බලාගෙන ඉන්නා උන්ට සම්මා සම්බුදු සරණය. පුප නමාගෙන ලිපට පිඹ පිඹ දර ළිපේ උයන කොට රනිල් ගෙදර යැවූ එක කෙතරම් අපරාධයක්දැයි කියා... එදාට උන්ට තේරෙනු ඇතිය.

ධනපති පන්තියට හා ප්‍රභූන්ට වෛර කිරීමේ පාපය මේ පරිප්පු කන දිනට උන්ට අවබෝධ වනු ඇත්තේය.

එහෙත් උන්ට තියා කිසිවෙකුටත්... ජේවීපි කොමියුනිස්ට් රාජ්‍යයට එරෙහිව කටක් හොල්ලන්න වෙන්නේ නැති බව ලාල් අයියා කියා අවසානය.

දේශපාලන බලය සමඟ රාජ්‍ය බලයද ලැබුන පසු ඒවා ක්‍රියාවේ යොදවන ආකාරය ඔවුන් දන්නා බවත්... ෂොට් එක දෙන්න ඕන සෙට් එක දැනටමත් මාක් කරලා ඇති බවත්... ෂොට් එක දීම සඳහා කණ්ඩායමක් ඉන්නා බවත්..  ලාල් මෙන්ම හඳුන්ද දැන් කෙලින්ම කියන්නේය.

අධි සුඛෝපභෝගි ජීවිත ගත කරනා රටේ බදු ගෙවනා ව්‍යවසායකයින් හා පෞද්ගලික බැංකු පද්දතියට මෙන්ම.... සුපර් මාකට් සංස්කෘතියේද අවසානය ඔවුන්ගේ පැමිණීම බව.... හඳුන්ගේ කතා තුල මෙන්ම චතුරංග අබේසිංහගේ සටහන් තුලද ඉතා නිරවුල්ව විග්‍රහ කර අවසානය.

උන්ට මේ රට දියුණු කිරීමේ කිසිඳු වැඩපිලිවලක් හෝ ප්‍රතිපත්තියක් ඇත්තේ නැතිය. උන් එවෙලෙට කටින් කියන දේ උන්ගේ ප්‍රතිපත්තිය බව කීවේ නලින්ද ජයතිස්සය.

ජනතාවට සිඳුවන්නේ... උන්ගේ පන්තියේම පිරිසක් අධි සුඛෝපභෝගි ජීවිත ගතකරනාකරය දෙස බලාගෙන.... සදාකාලිකව කියුබාවේ හා වැනිසියුලාවේ ජනතාව මෙන් ජීවත් වන්නටය.

නමුත් උන් එක දෙයක් කරනා බව විශ්වාසය. එනම් උන්ගේ ආර්ථික උස්තාද්ලා අනාවැකි පලකල ආකාරයට ඩොලර් එක රුපියල් 600 ට ගොස් සමස්ත ජනතාවම.. සම්පාකාර පෝලිමේ සිට පාන් ගෙඩියක් ගන්නා හිඟන්නන් පිරිසක් බවට පත් කරනා බවය.

ඇති නැති පරතරයක් නැති සමාජවාදී රටක 1970 - 77 දක්වා අප ඒ ජීවිතය අත්විඳ තිබුනද... සිස්ටම් චේන්ජ් ඉල්ල්න Z පරම්පරාවට ළඟදීම ඒ වාසනාව ජවිපේ විසින් ලබාදෙන බවත් දැන් ඔවුන් ප්‍රකාෂ කොට අහවරය....

දීලා බලන්න
ආස හිතෙයි......

Jun 10, 2024

ලාහෙට ගෙම්බන් එකතු කරමින් පොදු අපේක්ෂකයා විය හැකිද


 

ලාහෙට ගෙම්බන් එකතු කරමින්

පොදු අපේක්ෂකයා විය හැකිද

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මාතලන් නම් තවමත් කියන්නේ... පවතින තත්වය අනුව ජනාධිපතිවරණයක් නොතියා... රනිල්ට තව වසර පහකට බලය පවත්වාගෙන යා හැකි ක්‍රමයක් සකසා ගන්නවා නම් එය රටට මෙන්ම ජනතාවටද සෙතක් කියලාය.


එය කළ හැකි ක්‍රමයක් ව්‍යවස්ථාවේම තිබියදි.... එය භාවිතා නොකරන්නේ නම්... එය රටේ හා ජනතාවගේ අවාසනාවය. රංගේ බන්ඩාර එලියට දැම්මේ ඒ ක්‍රමයය. ඒ ජනමත විචාරණයක්‍ ය. ජේ ආර් මේවා ව්‍යවස්ථාවට ඇතුලත් කළේ ඔහු තුන් කල් දුටු දේශපාලුවෙක් නිසාය. ඒවා ඇත්තේ මෙවන් විශේෂ අවස්තාවන් වලදී භාවිතා කිරීමට මිසා පොත් ගුල්ලන්ට කන්නට නෙමේය.


යහපාලන සමයේ සිරිසේන නම් පිස්සා එලවා දැමීමට දෝෂාභියෝගයක් ගෙනාවේ නම්... එය පහසුවෙන් ජයගත හැකිව තිබියදි, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර වසර පහම පිස්සෙක් හා පිස්සු කෙලීමෙන් සිඳු වූ දේ මුළු ලෝකයම දැක්කේය. පිස්සා තවමත් පිස්සු කෙලිමින් සිටිනා අතර... අංගොඩ සිටිය යුතු පිරිසක් ඌ වටේ තවමත් කැරකෙමින් සිටීම මාර ලොල් සහගතය.


ජනමත විචාරණයකට යන්නේ වුවද, එහිදීද... දක්ෂිණාංශික පක්ෂ සියල්ල රනිල් වෙනුවෙන් පෙලගස්වා ගැන්මට රනිල් සමත් විය යුතුය. නැතිනම් ජවිපේ ජයග්‍රහණය ස්ථිර වන්නේ, ජනමතවිචාරණයද තම වාසියට හරවා ගැන්මට ඔවුන්ගේ ප්‍රචාරක ජාලය සවිමත් හා ප්‍රභල නිසාය.


රනිල් රට වැටුන අගාධයෙන් ගොඩ ගත්තාට...  සාමාන්‍ය ජනතාවට ඒ ගැන දැණුමක් ඇත්තේ නැතිය. එපමණක් නොව ජනතාවගේ ඇඟට දැනෙන වෙනසක්ද තවම ඇති වී නැතිය. උන් භාන්ඩ හා සේවා ඉල්ලන්නේ 2019 පැවති මිළටය. දන්සැල් දැම්මත් ඒ ගානට දෙන්න බැරි බව කියන්නට ආන්ඩුවේ එකෙක් ඇත්තේ නැතිය.


රජයට හා ආන්ඩුවට ඒ ගැන දැණුම්වත් කිරීමේ නිසි වැඩපිලිවලක් ඇත්තේම නැතිය. ඒ සඳහා ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් සමඟ ඇයි හොඳයියක් ඇත්තේම නැති අතර... ඔවුන් සියල්ල ආන්ඩු විරෝධි කඳවුරුවල සුවච කීකරු ගෝලයින් වී අවසානය.


එමෙන්ම රනිල් පොදු අපේක්ෂකයා යැයි කීවද... ඔහුගේම අලි ගාලේ හෙන අලි වලිය... ඊට හේතුව... ඉන්නේ ඇපත් නැති වූ අලි නිසා... උන් තවමත් ඉන්නේ පිස්සු වැටිලා වෙන්නට පුලුවනිය. සජිත් ළඟ ඉන්න අලි... ඕන් එනවා... මේන් එනවා කිව්වාට... අරගලේ එක්කම සජිත්ගේ ගාල කඩාගෙන ආ... හරීන් හා මනූෂ හැර... වෙන එක අලියෙක්කත් තමන්ගේ ගාලට ගන්නට රනිල් අසමත් වුනේය.


ඔහුට මේ වන තෙක් කිසිඳු පක්ෂයක හෝ සභාගයක හෝ සංධානයක සහාය කෙලින්ම ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කොට නැතිය. එවන් ප්‍රකාෂයන් පුද්ගලයින් වශයෙන් වෙන් වෙන්ව ලැබී ඇත්තේ කැබිනට් මන්ඩලේ ඉන්නා පෝට්ටුවේ මැති ඇමති කම් කරනා උන්ගෙන් පමණය.


එමෙන්ම පනත් සම්මත කර ගැන්මට තවම ලැබෙන්නේද පොහොට්ටුවේ චන්ද පමණය. 


ලංසා මුල සිටම රනිල් හා උන්නද එම කඳවුරටද යම් ශක්තියක් ගෙන ආවේ.... මහින්ද අමරවීරලාය. එය සිඳුවන්නේද පිස්සා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිකරණ ඇමතියාට විකුණූ නිසාය. එහෙත් ඔවුන්ද මේ වන තෙක් ඔවුන්ගේ සහාය රනිල්ට ලබාදෙන බව කෙලින් ප්‍රකාෂ කොට නැතිය.


එමෙන්ම ඒ කණ්ඩායම තුලද දැකගන්නට ලැබුනේ අනාත වූ සිරි ලංකා කාරයන් පමණි. රනිල්ට සහාය දෙන බව ප්‍රසිද්ධියේ කී ප්‍රසන්න ඇතුලු කැබිනට්ටුවේ තරුණ දක්ෂයින් රැල උන්නේ නැතිය.


දැන් හැම එකාම කියන්නේ මේ වැඩපිලිවල ඉදිරියට යා යුතු බවය.... සජිත් හා අනුර කියන්නේත් ඒකමය. අනුර කිව්වේ වැල් පාලමේ ඉතිරි භාගේ යන එක මහ දෙයක් නෙමේ කියලාය.


ඉදින් මේ රනිල් වටේ ඉන්න අයත් මේ වැඩපිලිවල ඉදිරියට ගෙන යන කෙනෙකුට සහාය දෙනවා කියන්නේ.....


අවසාන මොහොතේදී... දැන් යන රැල්ල අනුව... වළං ශානී වගේ අනුර සහෝදරයාට සහාය පලකිරීමට ඉන්නවාදෝ කියා සැකයක්.... මාතලන් වන මා හට තියෙන්නේය.


මන්ද යත්... රැල්ලේ සැරට... තඹුත්තේගම බන්ඩා ලන්ඩන් ගොස් පැමිණි පසු... ග්‍රෑන්ඩ් මොනෑක් එකේ පවත්වන ජවිපේ මීළඟ සමුළුව... ජවිපේ හා එකතුවන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ සමුළුවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති නිසාය.


ගෙනියන්නේ රනිල්ගේ වැඩපිලිවලම නම්.... රනිල් ලොක්කාත් ඒකට ගියාම.... අපිටත් අවුලක් නැතිව ජවිපෙට සප් එකක් දීලා....


ඔවුන් බලයට ආවාම අපිට වෙන දේ බලාගනින් කියා තර්ජන කරනා එම පක්ෂයේ උගත් බුද්ධිමත් අනුගාමිකයින්ගෙන් අප වැනි හාල්පාරු අශූචී අනුභව කරනා වගලුන්ගේ ජීවිත බේරාගත හැකි වන්නේය...


ඒ වගත් මෙසේය.....

Jun 8, 2024

ඇමරිකාවේදී ලංකාවේ ක්‍රිකට් ආදාහනය කළේය...

 


ඇමරිකාවේදී ලංකාවේ ක්‍රිකට්

ආදාහනය කළේය...

➖➖➖➖➖➖➖⭕


ලංකාවේ ක්‍රිකට් විනාශ කළේ ශම්මි සිල්වා ඇතුලු මාෆියා කල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැතිය. ඔවුන් කෙතරම් බලවත්ද යන්න රොෂාන් රණසිංහ විසින් කල්ලියට එරෙහිව ඇල්ලූ ජල්ලිය නිමා වූ අයුරු දෙස බැලීමෙන්... ගෝනා ඔනෙකුට තේරෙනවාය.


මාතලන් ඒ කාළයේම කිව්වේ රොෂාන් ගැසූ ගේම ගහන්න තිබුනේ රනිල් එක්ක කියලාය. එහෙත් ඒ ගැන වැටහීමක් නැති රොෂාන්.. සාගලට ගහන්නට ගොස් සියල්ල ඛේදවාචකයකින් නිම වී... මාෆියාව නැවතත්... සිටී තත්වයටත් වඩා ප්‍රභල තත්වයකට පත්ව සිටින්නේය.


ඊට රනිල් මෙන්ම, සජිත් හා අනුර කුමාර ඇතුලු සමස්ත දේශපාලුවන්ම වගකිව යුතුය. ඒ කිසිවෙක් රොෂාන්ගේ ගේමට සප් එකක් දුන්නේ නැතිය. බුවා තනි වුනේය. සජිත් හා අනුර කුමාර උන්නේත් මාෆියාව සමගය. 


දැන් ක්‍රිකට් ටීම් එකේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් නොව... කළමණාකරුවන් යැයි කියනා පිරිසක් හරහා උන් හා බිස්නස් කළ හැකි සුවච කීකරු ක්‍රිකට් සේවකයින් පිරිසක් පමණය.


සාමාන්‍යයෙන් ඕනෑම කණ්ඩායමක වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා අඩුම තුන හතරක් සිටිය යුතු වුවද... අපේ කණ්ඩායමේ ඉන්නේ කීයද කියා ක්‍රිකට් දන්නා වුන් දන්නවාය. 


දැන් කණ්ඩායමට පිවිසීමට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයින් විය යුතු නැතිය. මාෆියාවේ හිතවතෙක් හරහා සුවච කීකරු සේවකයකු වීම හොඳටම ප්‍රමාණවත්‍ය. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ දැන් ඉන්නේ රස්තියාදූකාරයින් පිරිසක් පමණි. උන්ට තරඟ ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැතිය. සාක්කුවට ගාන වැටුනාම ඇතිය.


එසේ අවශ්‍යතාවයක් තිබුනේ නම් දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කරන්නේ නැතිය. කළමණාකරුවන්, පුහුණුකරුවන්, භෞතචිකිත්සකයින්, කණ්ඩායම තේරීමේ කමිටු මෙන්ම, නමට වනිඳු හසරංඟ නම් නායකයෙක්ද සිටියද... සියල්ල සිඳුවන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සෘජු තීරණයන් යටතේය. 


ක්‍රිකට් මාෆියාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඈෂ්ලිද සිල්වා සිටිනා තුරාවට... ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමේ  සිටිනු ඇත. බෝනගේන් මාෆියාව එතරම් බලවත් මාෆියාවක්‍ය. 


උන්ට තරඟ දිනීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේ නැතිය. කණ්ඩායම් හැඟීමක් ඇත්තේ නැතිය. දසුන් නායකත්වය දරණ සමයේ තිබූ ක්‍රීඩකයින්ගේ ටීම් ඉස්පිරිට් එක ඇත්තේම නැතිය. අඩුම තරම මුණ සෝදන්නේවත් නැතිය.


පච්චා කොටන්නේ, රැවුල් කොන්ඩා වවන්නේ අපේ උන් පමණක් නොවේය. අනෙක් කණ්ඩායම් වල සිටිනා සුපිරි ක්‍රීඩකයින් අතරේද එහෙම වුන් ඕනෑ තරම් ඉන්නවාය. 


එහෙත් උන් තරඟයට එන්නේ මූණ සෝදලාය. රැවුල් කොන්ඩා නිසි ලෙස ට්‍රිම් කර නයිස් හෙයාර් ස්ටයිල් දමාගෙනය. ක්‍රිකට් ක්‍රීඩාවේ නොව ඕනෑම ක්‍රීඩාවක විනයක් තිබිය යුත්තේය. ඇඳුම් අඳින්නේත් අඳින්න ඕනෑ නිසාය.


හොඳම උදාහරණය ලසිත් මාලිංගය. ඔහු ඔහුගේ පන්දු යැවීම මෙන්ම ඔහුගේ කොන්ඩය හා ඇඳුම් පැලදුම්ද නිසි ලෙස මේන්ටේන් කළේය. දැන් අපේ උන් බංගලාදේශ කණ්ඩායමේ ඉන්නා මළපෙරේතයන් වගේය. බංගලියන් කියන්නේ ලොව ඉන්නා අපිරිසිඳුම ජාතියක්‍ය.


පළමු තරඟ පරාජයෙන් පසු සුපුරුදු බයිලා ගායනාවලට රැවටුන දේශපාලුවන් පාර්ලිමේන්තුවෙත් අපේ උන්ට වෙනස් කම් කරනා බව කීවේය. ඊට පිළිතුරු දුන් ක්‍රීඩා ඇමතිත් ඒවා ජාත්‍යන්තරයෙන්ම එන ඒවා කියා අත පිහිදා ගත්තේ මාෆියාව බබා කරමින්ය. 


එහෙත් ලසිත් මාලිංග උන්ගේ රෙදි ගැලෙව්වේ තමන් මීටත් වඩා කට්ට කා මැච් දිනලා තිබෙන බවද පෙන්වමින්‍ය.ම්ක්


අපි නම් කියන්නේ මේවා නටන්න බැරි එකා පොලොව ඇඳයි කිව්වා වගේ බයිලාම පමණය. එසේ නම් අනික් කණ්ඩායම දිනන්නේ කෙසේද?


තත්වය මෙසේ නම් මාෆියවටත් බිය නම්, අඩුම ගානේ ක්‍රිකට් ගහන්න පුලුවන් ක්‍රීඩකයින් 20 ක් හදාගැනීමට හෝ දේශපාලුවන් විසින් මාෆියාවට බලපෑම් කල යුත්තේ....


මේවා ගැන නොදන්නා සාමාන්‍ය ජහමනයා පලු අරින්නේ දේශපාලුවන්ට හා උන්ගේ අම්මාවරුන්ට නිසාමය.


දැනට නම් ලංකාවේ ක්‍රිකට් ආදාහනය කොට අවසානය.


කළ යුත්තේ නැවුම් ක්‍රිකට් ක්‍රීඩාවක් හා ක්‍රීඩකයින් පිරිසක් බිහිකිරීම පමණී. දැන් සිටිනා ක්‍රීඩකයින්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් එම කණ්ඩායමට සුදුසුකම් ලැබිය යුතු අතර, හාල්පාරුවෝ සියල්ල ගෙදර යැවිය යුත්තේය.


එහිදි කණ්ඩායමේ විනය ප්‍රධානම කරුණ විය යුත්තේ... මේ කරන්නේ උන්ගේ පෞද්ගලික විගඩම් ප්‍රදර්ශනය කිරීමක් නොව රටක සංස්කෘතිය හැදියාව සභ්‍යත්වය හා රටක ඉස්ටෑන්ඩර්ඩ් එකත් මුලු ලෝකයටම පෙන්වන වැදගත් ක්‍රීඩවක් නිසාමය.


ඒ වගත් මෙසේය...


.

Jun 2, 2024

මේ "හාදයන්ට පුලුවන්යෑ රට ගොඩගන්න


 

මේ "හාදයන්ට  පුලුවන්යෑ

රට ගොඩගන්න

➖➖➖➖➖➖⭕➖


🔴 මුලින්ම කිව්වා බලේට ආපු ගමන් IMF ගිවිසුම ඉරලා විසිකරලනවා කියලා... උන්ගේ මහ එකා දෙරණේ කලිඳුට කියනවා රනිල් යන මඟ හැර වෙන මගක් නෑලූ....


🔴 ඊළඟට කිව්වා සවරින්ග් බොන්ඩ්ස් හෙවත් ස්වෛරී බැඳුම්කර ගත්ත උන්ට මචං කියලා කතා කරලා වැඩේ ෂේප් කර ගන්නවා කියලා..


🔴 සේපාල් එක්ක කිව්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක්ම රටේ ආර්ථිකය ගොඩ දානවා කියලා... ඒ උක් වවලා... දන්න රෙද්ද මුළු දිස්ත්‍රික්කයේම වැව්වත් රටේ පරිභෝජනයට 10% ක් වත් එන්නේ නෑ. 


🔴 මූදෙන් ඉල්මනයිට් ගොඩ දාලා රට ගොඩදානවා කිව්වා.. මූදේ නෙමෙයි මූ ගොඩ ඉඳන් නෑවා...


🔴 නැවේ කපිතාන් බැහැලා ගියාම නැවට නැගලා නැව අයිති කර ගන්නවා කිව්වා... ග්‍රික් නැව් අයිති කාරයෝ මුගෙ පුපේ නැව් අරින්නේ පාරත් හිටින්න..


🔴 සංචාරකයින්ටත් සීගිරිය ලෝකල් ගානට පෙන්නනවා කිව්වා.. සංචාරක ව්‍යාපාරයට රටින් එන සුද්දොම ඕන නැතිය.... සිගිරි යන්න මෙහේ පෙන්ෂන් ගිය උන්ට ආන්ඩුවෙන් පැකේජ් එකක් දෙනවා කිව්වා.. පැන්ෂන් ගිය උන් ගල උඩට ගෙනියන්නේ මූ වෙන්නැති... මූ රන්ජන් එක්ක රට ගිහින් වතුර හුවමාරු කරන් ආවේ තලවතුගොඩ චාර්ජර්ස් වලටම වෙන්න ඇති.


🔴 නිශ්පාදන ආර්ථිකයකින් රට ගොඩ දානවලු... රටේ නිශ්පාදනයට අත්‍යාවශ්‍යම විදුලි බල බලාගාර දාන්න යනකොට මූ උසාවි ගිහින් ඒවා නැවැත්තුවා..


🔴 පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන එකා... ඊයේ පෙරේද උගෙ දරුවා කොතලාවල ඇකඩමියට දැම්මා... සල්ලි ගෙවනවා ඇත්තේ දයාසාන්ත වෙන්නැති...


🔴 මෙච්චර ආර්ථික උස්තාද් ලංකාවේ මොන්ටිසෝරි දරුවොත් දන්න.... "එලෝන් මස්ක්" මොකාද කියලා දන්නෙ නෑ... දැන් බව්වා වගේ රෙදි නැතිව උගෙන් සමාව ඉල්ලනවා...


🔴 ධනපතියා - දානපතියා (Capitalist - Philanthropist) දන්නේ නැති හාදයා තමයි NPP රජයේ මුදල් ඇමති. මුන්ට නෙමේ ගහන්න ඕන මුන්ට හොර උපාධිය දීපු අම්බරුවන්ට...


🔴 පව් අප්පා මේ මෝඩ සෙට් එකක් පස්සේ යන උගත්තු! 😂 ඇත්තටම උනුඝ් උගත්තු කිව්වට අමු ගිරා පෝතක වහල්ලු. මොලයක් තියෙන එකෙක් යයිද මුන් පස්සේ.....


අනේ "හාදයෝ " තොපි හදයි මේ රට....

.