මා හිතමිත්‍ර W3Lanka - අජිත් පැරකුම් සහෝදරයා, මා වෙනුවෙන් බ්ලොග් ළිපියක් ළියා පළකිරීම ගැන මාගේ ප්‍රණාමය ඔහුට මුලින්ම පිරිනැමිය යුතුව ඇත. ඔහු ඒ ළිපිය ළියා ඇත්තේ කීප දිනක් "විවේකයෙන්" ගත කොට නිවෙසට පැමිණ, (මන්ද විප්ලව කාරයෝ නැකත් වලට කිරිබත් උයා අවුරුදු කන්නේ නැත.) කොම්පියුටරේ ඔන් කරපු ගමන්, එයාගේ පෝස්ටුවේ තිබු සංවාසය දැක, ඔහු මවිතයටත්, වික්ෂිප්තභාවයත් පත්වීමෙන් පසුය. ඔහු සඳහන් කරන්නේ, එම බ්ලොග් පෝස්ටුවට ප්‍රස්තුත වූ කාරණය පිළිබඳ මා සඳහන් කල, "ඉතා සුළු" කරුණ ආඩපාලි කීමක් ලෙසිනි.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Apr 17, 2014
කුළු නැටුම්, වැදි නැටුම් හා අන්නෝන්න සුහඳතාවයද මොකක්ද එක - Winnowing Fan Dance, Kiri Koraha & Mutual Understanding
මා හිතමිත්‍ර W3Lanka - අජිත් පැරකුම් සහෝදරයා, මා වෙනුවෙන් බ්ලොග් ළිපියක් ළියා පළකිරීම ගැන මාගේ ප්‍රණාමය ඔහුට මුලින්ම පිරිනැමිය යුතුව ඇත. ඔහු ඒ ළිපිය ළියා ඇත්තේ කීප දිනක් "විවේකයෙන්" ගත කොට නිවෙසට පැමිණ, (මන්ද විප්ලව කාරයෝ නැකත් වලට කිරිබත් උයා අවුරුදු කන්නේ නැත.) කොම්පියුටරේ ඔන් කරපු ගමන්, එයාගේ පෝස්ටුවේ තිබු සංවාසය දැක, ඔහු මවිතයටත්, වික්ෂිප්තභාවයත් පත්වීමෙන් පසුය. ඔහු සඳහන් කරන්නේ, එම බ්ලොග් පෝස්ටුවට ප්‍රස්තුත වූ කාරණය පිළිබඳ මා සඳහන් කල, "ඉතා සුළු" කරුණ ආඩපාලි කීමක් ලෙසිනි.
Apr 13, 2014
දෙමළාගේ අවුරුද්ද - Tamil New Year
අපට අපේම යයි කිව හැකි කිසිවක් නැත. අනුන්ගේ දෙවල් බදාගෙන, ඒ සියල්ල අපේ යයි අප පාරම් බාන්නෙමු. බුද්ධාගමද, පාර්ලිමේන්තු ක්‍රමයද, ඔටුන්න සිහසුනද, සාරියද සරම පමණක් නොව සිවුර හා සාටකයද අපේ නොවේය. මේ අළුත් අවුරුද්දද එසේමය. එයද දෙමළාගේය. එයද සිංහල දෙමළ කරගෙන සිංහල ඉදිරියට දමාගෙන ඇත. නිවැරදිව නම් එය දෙමළ සිංහල ලෙස නිවැරදි විය යුතුය. ඒ නිසා, සියල්ල පැත්තක තබා අපට අවුරුද්දක් දුන් දෙමළාට සුබ පතමු.
Apr 12, 2014
සැණකෙළියේ පුක එළියේ හැවොම කතාවෙයි... - Cuber Carnival
හැම එකාම සයිබර් සැණකෙළිය ගැන ලියන නිසා මාත් ඒ ගැන බොක් පෝස්ට් එකක් දාන්න උන්නේ, නලියත් එක්ක කරන ඉන්ටවල් එකක් විදියට. ඒ උනාට ඒකව අල්ල ගන්න අමාරුයි වැඩේට. අනික ඉතින් ආයේ මට ලියන්න දෙයක් නෑ. බ්ලොග් ළෝකේ රස සාගරේ නොහොත් කෙන්ජියා දීලා ඇදලා තියෙනවා පෝස්ට් එකක් ආයේ මදි නොකියන්න. මේ සැණකෙළියේ පුක එළියේ ගැන දන්නෙම නැති එකෙක් ඉන්නවා නම් කෙන්ජියගේ එකෙන් බලාගන්න පුළුවන් පත්තරේ විස්තරේ.
Apr 9, 2014
ජීවීතේ සුන්දරද මෙතරම්..? (23+) - What a Life (13+)
මාතලන්ගේ කෙටි කතාවක්..
ජීවීතය මේ තරම් සොඳුරුද..?
සරත්ගේ උණුසුම් අතක්, ශාන්තිනිගේ උරහිස් ප්‍රදේශයේ දැවටුනේ කොයිතරම් කාළයකින්ද..? ඇගේ සිත අවුරුදු 30 ක් තරම් ඈතට දිව ගියේ කෙසේද.? සිතිවිලි වලට මේ තරම් වේගයෙන් ගමන් කළ හැකිද..? ශබ්දයේ වේගයට වඩා, ආලෝකයේ ගමන වේගවත් බව දැන උන්නත්, ආලෝකයක් නොමැති අඳුරු කුටිය තුල, සිතිවිලි වේගයෙන් ගමන් කරනා බව සොයා ගත්තේ, තමා යැයි ශාන්තිනීට සියුම් ආඩම්බරයක්ද සිත තුල ඇතිවිය.
Apr 8, 2014
මාලනී ෆොන්සේකා, කළු කුස්සිය හා අළුත් අවුරුදු - Malani, Black Kitchen and New Year
කරුණාවතී අපේ ගෙදරට ගොඩවෙන්නේ, කළාතුරකිනි. ඒත් අවුරුදු කාළයේ එක දිනක්, දිවා කාලයේ සම්පූර්ණයෙන්ම අපේ ගෙදරට ගොඩවන්න යයි කියනා අරාධනාව කරන්නේ, ආච්චි අම්මාය. කරුණාවතිගේ මව චාලට් නෝනාය. බංගලාවල හාමු පවා, චාලට් අමතන්නේ “චාලට් නෝනා” කියාය. කරුණාවතීට නෝනා කෑල්ලක් තිබුනේ නැත. ඒම නිසා ලොකු කුඩා කොයි කවුරුත් කරුණාවති ඇමතුවේ එම නාමයෙන්මය.
Apr 4, 2014
දර, කුස්සිය හා පොල් ගහ යට කොටියා.. - Fire Wood, Kitchen & Old Arrack
තොරණහංදියෙන්, වරාගොඩ පාරේ ටික දුරක් යන විට, "කැබීස්" රෙස්ටොරොන්ට් එක හම්බ වෙනවාය. මේ රෙස්ටොරන්ට් එක තියෙන මුළු වත්තම අයිතිය තිබුනේ කබ්රාල් පවුලටය. ඒ පවුලේ බොහෝ දෙනෙක්, රටේ පරසිද්ද උගතුන්ය. ඔවුන්ගේ මහ ගෙදර තිබුන භූමිය, අද රෙස්ටුරන්ටුව පවත්වාගෙන යයි. මහ ඉඩම කොටස් කර විකිනීමෙන් පසු, අද සිටින්නේ අළුතෙන් පදිංචියට පැමිණි පිරිස්ය. මහ ගෙදර වටේට තිබුනේ පොල් ගස් හා තන තිල්ලයි. පිටුපස වෙල පැත්තට වෙන්නට, විශාල උණ පඳුරු පිරී පැවතිනි. අද ඒ කිසිවක් නැත.
Apr 1, 2014
අමරදේව, වින්දනය හා කළා පොලීසී - Maestro, Music Taste & Cultural Police
මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන, බොහෝ ජනප්‍රිය වීඩීයෝවක් හේතුවෙන්, නොලියා අමතක කොට දමා සිටිය යුතු යැයි තීරණය කළ කතාවක්, නැවතත් ලියා දැමීමට සිත් විය. වීඩියෝව නම්, පන්ඩිත් අමරදේවයන්ගේ ගීයක් වන, "පෙර දිනයක මා පෙම් කළ යුවතිය..." නම් ගීතයයි. එහෙත් එය ජනප්‍රියව ඇත්තේ, අමරදේවයන් විසින් ගීතය ගැයීමට පෙර, එම ගීතයට රසිකයින් ලබා දී ඇති වෙනත් අරථකතනයන්, ඉතා රසවත්ව, මහා සංගීත ඝාන්ධර්වයා විසින්ම පැවසීමයි.
Mar 30, 2014
ආන්ඩුව පරාදද? - Is this a Victory?
ආන්ඩුවේ බත් බැලයන් වන, අයියෝ සිරි සේනලා කෙසේ කීවද, රාජ පක්ෂයේ යුව රජානන් වහන්සේ නමක් වන, බැසිල් තුමානෝ කියනා පරිදි, ජනතාව දෙන පණිවිඩය කෙරේ සිත යොමු කරවන එක, රාජ පක්ෂයේ අනාගතයට බොහෝ හොඳය. මන්ද, බලේ ඇති විටද, මොළේ ඇතුව ජීවත් වීම, පරම්පරාවට මෙන්ම, සුබ අනාගතයටද යහපතක්ම වන නිසාමය. මාතලන්ට පෙනෙන පරිදි පොදු පෙරමුණ සෝදා පාලුවකට ලක්ව නැත. නමුත් මේ තරමින් හෝ පවතින්නේ වෙන එකෙක්වත් නිසා නොව, රාජ පක්ෂලා නිසාම බවද නොකියාම නොහැකිය.
Mar 27, 2014
ඡන්ද අනාවැකි, අයිතිවාසිකම් හා ජිනීවා - Predictions, Rights & Geneva
දකුණට හා බටහිරට පලා බබාලා තෝරාගන්නේ හෙටය. සත පහකට වැඩක් නැති උනත්, දේශපාළණෙන් හම්බ කරනා උන්ට, මේක ඉන්දියාවෙන් ලද උතුම්ම තෑග්ගය. ඉන්දියාවෙන් අපට ලද උතුම්ම දායාදය මොකක්ද කියා අපේ පොඩි එකා ඇහුවාම. මම ඌට කිව්වේ පලාත් සභා කියලාය.
ගුරුතුමී කියලා තිබුනේ, පුතා හොඳ බුද්ධිමත් දරුවෙක් වනවා නොඅනුමාන බවය. එහෙම නැතිව මහින්ද ගෙනාපූ බුද්ධාගමවත්, හේමමාලී ගෙනාපු දන්ත ධාතුවවත් නොවේය. පක්ෂ විපස්ස බෙදයකින් තොරව හැම එකාම මල් පහන් පුදන්නේ රජීව් ගාන්ධිටය.
Mar 25, 2014
MH370, අධ්‍යාත්මවේදීයෝ හා ටොම් පචයෝ - MH370, Predictions & Tom Pachaya
මැලේසියාවේ සිරා කොලුවා MH 370 ගැන ලියාපු සවිස්තරාත්මක පෝස්ටුවකත්, තවත් පෝස්ටුවලත්, මාතලන් කිව්වේ, අහස් යන්තරේට බඩු බනිස් කියලාය. එහෙම කිව්වේ අඳුනෙන් බලාවත්, හඳහන් බලාවත් නොව, 9/11 කේස් එකේ, වෙච්ච සිඳුවීම හින්දාය. අද ඉස්මාර්ට් ෆෝන් එකක් නැති එකෙක් හොයා ගන්නට බැරිය. මේ ජැට් වල යන හැම එකාගේම අතේ, මේවා ඕන තරම් තියෙනවාය. ප්ලේන් එක හයිජැක් කරා නම්, ඒ බව සඳහන් ටෙක්ස්ට් මැසේජ්, එකක් හෝ අනිවාර්යයෙන් එනවාය.
Mar 23, 2014
බිග් මැච්, ලව් ලෙටර් හා තෝරූ - Big Match, Love Letters & Thora
ලව් ලෙටර් ගැන ලියන්න ගිහින්, ලිය උනේ වෙන මක්කාවත් නේ. ඒකට, සමහරු කැමති උනාට, සමහරු කැමති නෑ. ඒ, මේ ළෝකේ හැටි. ලව් ලෙටර් පැත්තක තියෙද්දි, මම ලිව්වේ අති භයානක රෝගයක් ගැනනේ. මම කිව්වා වගේ, 6-7 පන්තිවලදි මට ඔය් රෝගය බෝ උනේ නෑ. ඒත් 8 පන්තියේදි රෝගයේ ගොඳුරක් බවට පත් වෙන්නේ මගේ වරදකින් නෙමෙයි. ඒකටත් වැරදි කෙල්ලෙක්ම තමයි ඉතින්.
Subscribe to:
Posts (Atom)

.gif)










