.

.

Jun 20, 2023

මුළු රටම කාබාසීනියා කර දැමූ.... බන්ඩාරනායකගේ සිස්ටම් චේන්ජ්ජෙක

 



මුළු රටම කාබාසීනියා කර දැමූ....

බන්ඩාරනායකගේ සිස්ටම් චේන්ජ්ජෙක

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴▪️


ගැරැප්පුවෙන් ආප්ප කෑ, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරණායක හාමුගේ දියණියක් වන, හොරගොල්ල නීලපෙරුමාල් පන්ඩාරනායගම් පරම්පරාවේ අභිමානවත් දෙටු   එතනහාමී සුනේත්‍රා බන්ඩාරනායක තම පියානන් කළ අමනකම් ගැන ප්‍රසිද්ධියේ සමාව ගැනීම, ගස් ගෙඩ් කඩමින් සිට නිදහස් අජ්ජාපනේ පිහිටෙන් සීත කාමරවල හෝ සීත රටවල සිට, මසකට වරක් පොල් කඩනා උන්ගේ පුපේ ඉත්තෑවන් දුවා ඌයියා වීමට බලපා තිබෙනා බව පේනවාය.


මාතලන් මේ කණ්ඩායමට අයත් නොවන්නේ අපේ අප්පා මුත්තලා, ව්‍යවසායිකයින් වී ගොඩ ඇවිල්ලා තියෙන්නේ සුද්දා නිදහස දෙන්නටත් පෙර නිසාය. එහෙත් බන්ඩා කළ අමනකම් වල වින්දිතයින් වන්නට අපටද සිඳු වූ වේදනාව අපටද තියෙන්නේය. 


අප අජ්ජාපනය ලැබුවේ සුද්දාගේ කාළයේ ආරම්බ වූ මිෂනාරී පාසලක වුවද, ඒවා රජයට පවරා ගැනීමෙන් පසු ඒවායේ ඉන්ගිරිසියෙන් ඉගැන්වීමට කෙලවිලාම ගොස් තිබුනේය.

අපි හයේ පන්තියේ සිටියදි, එලකියුෂන් හා වෙස්ටර්න් මියුසික් කියා සුද්දාගෙන් ඉතිරි වූ නෂ්ඨාවශේෂ සබ්ජෙක්ට් දෙකක් තිබුනද, හතේ පන්තියේදී ඒවාටද නිවන් සුව අත් වූයේය.


“මොකක්ද ක්‍රිස් මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ ” කියා කිව්වේ මොකා වුනත් ඒ ප්‍රකාෂය කරපු එකා අමු වසලයෙක් බවට කිසි තර්කයක් ඇත්තේ නැතිය. 


කන්නන්ගර උන්නැහේ නිදහස් අජ්ජාපනය සඳහා මධ්‍ය මහා විජ්ජාල පටන් ගත්තාට ඉන්ගිරිසියෙන් අජ්ජාපනය ලබා දීම නතර කළේ නැතිය. මධ්‍ය මහා විජ්ජාලේ උන් සිංහළ සාහිත්‍යය හා බුද්ධාගම ඉගෙන ගත්තේත් ඉන්ගිරිසියෙන්මය.


අපේ කලාව, සඟිස්කෘතිය හා ආගම පිළිබඳ උන් ගිහි පැවිදි පොරවල් සියල්ලෝම ඉන්ගිරිසි ඇක්ස්පර්ට්ලා හෙවත් ද්වීභාෂා පරමේෂ්වරලා වූයේය. 


සමහරුන් ලියා තිබ්බේ රාජ්‍ය භාෂාව සිංහළ කිරීමේ යෝජනා මුලින්ම ගෙනාවේ එජාපයේ උන් යැයි කියාය. කොහොමත් වමේ අපතයන් හැර සෑම ජන කොඨ්ඨාශයක්ම නියෝජනය කල එජාපයට ඕක ගෙන එන්නට සිඳු වන්නේ නැති බව තේරුම් ගත් බන්ඩා එජාපයෙන් යන්නේ මේ අදහසත් මංකොල්ල කාගෙනය.


බන් ගොන්ඩා වන්දනා කරනා ප්‍රශස්ති පන්ඩිතයින් බොහෝමයක් ලියා තිබුනේ ඉන්ගිරිසියෙන් කතා කිරීම ගැන පමණි. එහෙත් ඉන්ගිරිසි අජ්ජාපනය තුල තිබූ සුද්දාගේ හැදියාව හා සඟිස්කුරුතිය උන්ට අමතකව තිබිනි. 


විශේෂයෙන් රාජ්‍ය සේවය හා දේශපාලනය තුල තිබූ මහත්මා කම්වලට හා සුද්දා වගේ වැඩ කරනා විදියට කෙලවෙලාම ගොස් එය නරා වලක් වූයේ, ඔය ගස් බන්ඩාගේ පිස්සුව නිසාමය. හින්ගල පමණක් දන්නා ගස් බන්ඩලාගේ දරුවෝ රාජ්‍ය සේවයට පැමිණ උන්ගේ හීනමානය කවර් කරගත්තේද උන්ගේ පන්තියෙන්මය. ඊටාමතරව ඉහළ පන්තියට ඊර්ෂ්‍යා කරමින් වෛර බැන්දෝය.


විස්ස විජ්ජාල උන්ගේ රුදුරු ග්‍රහණයට ලක් වුනේය... උන් ආචාර්‍ය මහාචාර්‍ය පට්ටම් ලැබීමෙන් පසු නවක වදයට ලයිසන් දී එවන් මිලේච්ඡයින්ගේ බොඩිගාඩ්ලා හා න්‍යායාචාර්‍යවරුන්ගේ රජ දහනක් විය. සමාජ විරෝධීන්ගේ මූලස්ථාන විය.


රටේ සෑම පන්තියකටම අයත් වුන් සමඟ එකම පන්තියේ සිටී පාසලකට ගිය අප, සුද්දාගේ මිෂනාරී අජ්ජාපනය අදත් ලබාදෙන සැන් තෝමස්, ට්‍රිනිටි වැනි පාසල් වලින් ආ උන්ගේ හැදියාවන් හා ක්ලාස් එක පැහැදිලිවම දුටුවෝය.


56 ගස් බන්ඩාගේ විකාරයෙන් පස්සේ අපේ රටේ එතෙක් තිබූ ෂේක්ස්පියර්ගේ ඉන්ගිරිස් හා ඉන්ගිරිසි සාහිත්‍යයට හැමිනිලාම ගොස් පඩත්තල රුසියන් සාහිත්‍යයක් බින්න බහින්නේ රටේ කරුමයටය. සුද්දා අරක්කු බෙදුවා වගේ ඒවා සිංහලට පරිවර්තනය කොට නොමිළේම බෙදාහැරියේය.


එමෙන්ම මහ රැජිණගේ අධිරාජ්‍යයේ ඉන්ගිරිසියෙන් උගත් සුද්දන්ගේ හැදියාවන් තිබූ වමේ නායකයින් නැත්තටම නැතිවී ගොස්, වමේ දේශපාලනයත් ග්‍රාමීය ගෝත්‍රික ළිං මැඩි ගස් බන්ඩලා අතට යන්නේය. වමේ දේශපාලනය තුල රෝහණ විජේවීර, විමල් වීරවංශ, නලීන් හේවගේ වැනි වාචාල ගෝත්‍රික මිලේච්ඡයින් බඩ පිණුම් ගසන්නේ අර හිඟන්නන්ගේ ඔල්වරසන් මැද්දේය.


උතුරේ හා දකුණේ ඒ පන්තිවලට අයත් උන්, ත්‍රස්තවාදයෙන් රට මිලේච්ඡයින්ගේ රඟමඩලක් කරන්නේත්..බන්ඩාගේ පස්සෙන් ගිය එකෙක්ගේ පුතෙක් උන්ට කෙලවා මහරජා වෙන්නේත් ඒ අනුවය.


සමහරු ලියලා තිබ්බේ මේ රටට කෙළවූයේ රටේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසා මිස, ඉන්ගිරිසියෙන් අජ්ජාපනේ දුන්නේ නැති නිසා නෙමේය කියලාය. 


එහෙත් උන්දැලාට අමතක වෙච්චි කාරනේ නම්, එසේ වීමට හේතූ වූයේ, මේ රටේ රාජ්ජ සේවය බන්ඩාරනායක වහලුන්ගෙන් පුරවා, රාජ්‍ය සේවය සාපයක් කළේ... ගස් බන්ඩාගේ ගෝලයන් විසින්ම බවය.


බන්ඩාගේ ඒ අමන ක්‍රියාව නිසා, රටේ සමස්ත සිස්ටම් එකම කඩා වැටී රට භංකොලොත් රටක් බවට ප්‍රකාෂ කළේත් බන්ඩාගේ පස්සෙන් ගිය බන් ගොන්ඩෙක්ගේ පුතෙක් බවත් දැන් ඉන්න ගොන් බන්ඩලා අවබෝධ කර ගත යුතුමය. උන්නැහේ විශ්වයෙන් එහාට රට ගෙනියන්නේ ගියේ වසර හතක් වමේ අපතයින් හා එක්ව රට විනාශ කළ හත් අවුරුදු සාපේ මැතඩ් එකෙන්‍ය.


වාසනාවකට අදින් වසර 10 - 12 කින් පසුව හෝ ඉන්ගිරිසි දන්නා පරම්පරාවක් බිහි කිරීමට වත්මන් රජය මුල පුරා ඇත. එමෙන්ම ඉන්ගිරිසි පමණක් නොව, සුද්දා සිතන පතන විදියේ පරම්පරාවක් ඇති කිරීමට නම්, රුසියානූ සාහිත්‍යය නොව, බටහිර සාහිත්‍යය විෂයන් තුලට ඇතුලත් කිරීමටත්, අජ්ජාපන බලධාරීන් ක්‍රියා කළ යුතුය. එමෙන්ම කසි කබල් සාම්ප්‍රදායික සබ්ජෙක්ට්ස් වෙනුවට, එමෙන්ම  STEAM ඇඩියුකේසොන් මොඩලය වහාම ඉස්තාපිත කළ යුතුමය.


එවිට රනිල්ගේ කුරුඳුවත්තේ ලෝකල් සුද්දන්ගේ 2.50 ඉන්ගිරිස් නොව, සජිත් ප්‍රේමදාසගේ, "ටු චේන්ජ් දී ඩ්‍රොකෝනියන් ඔටෝකැක්ටික් ඔතෝරිටේරියන් පවර් කන්සොන්ට්‍රේසොන්... මේජර් ට්‍රෙෂ් දැට් හෑව් බීන් කොන්කොක්ඩට්..." කියා ඉන්ගිරිසියෙන් සුද්දන්ට ටෝක්ස් එක දී ... සුද්දන්ටත් බඩ යන්නට දෙන්න පුලුවන් වෙනවාය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය..


ටෑන්ක්ස් හොඳේ...

සී යූ ලේටර්.. ඇලිගේටර්...

හව් ඉස් මයි ඉන්ග්‍රිස් ඈ.....

.

Jun 19, 2023

පෝට්ටුවේ දිස්ත්‍රික් නායකයින් ගයන්නේ.. ඔවුන්ගේ හංස ගීතයද?


පෝට්ටුවේ දිස්ත්‍රික් නායකයින් ගයන්නේ..

ඔවුන්ගේ හංස ගීතයද?

➖➖➖➖➖➖➖➖➖➖🔴➖


ජනතාවගේ වරමින් බලයට එන දේශපාලුවන් බලය ලැබීමෙන් ඉක්බිති කරන්නේ ජනතාව කැමති දේ නොව, නායකයා හා බිරින්දෑවරු කැමති දේය. බලයට එන්න ඉන්න උන්ගේත් පරම පවිත්‍ර චේතනාවද එයමය. 


එහෙත් ජනතාවට මල පැන්න විට සිඳුවන දෑ මේ රටේ කිහිප විටක්ම සිඳු වී තිබුනද, එහෙම එව්වා සිඳු වුනාදැයි කියා දැන් උන්ට මතක නැත්තේය. කොටින්ම අමරකීර්තී අතුකෝරාල වැලිගම්පිටි යැව්ව එකවත් උන්ට මතක නැතිය. 


පෝට්ටුවේ ලේකම්, සාගර කාරියවසම් චොප්පෙ අයියායේ පාට් එක රඟපාමින්, පුලුවන්නම් දැන් ගහපන් කියා ගේම ඉල්ලන්නේ ඒ නිසාය. 


ගේම ඉල්ලා දවසක් යන්නටත් මත්තෙන් කැළණියේ ප්‍රසන්න රණවීරගේ ගෙදෙට්ට බැස්ටිය දුන්නේ කින්ඩියටත් එක්ක වෙන්නැතිය. කෙසේ හෝ ප්‍රසන්න රණවීර නම් එයින් පුල් හොල්මන් වෙලා ඉන්න බව නම් වොයිස් කට් එකෙන් පෙනුනෝය. වෙනදා  දැමූ අයියා පාට් ඒ අයියාගෙන් නම් අප දැක්කේ නැතිය.


කොහොමත් පාලකයෝ අපි කියන දේ අහන්නේ නැතිය. උන් කරන්නේ උන්ට ඕනෑ දේය. මැතකම සිඳුවීම් උදාහරණ ලෙස ගන්නවා නම්, 


▪️අප උන්ට වාහන ආනයනය නවත්තන්න එපා කීවේය. ඒ රටේ සමස්ත ආර්ථිකය හා ජනජීවිතය හෙවත් ඉකොනමි කල්ට් එක බැඳී තිබුනේ ඒ වටා නිසාය. ආන්ඩුවට ඉන් අති විශාල බදු මුදලක් අහිමි වන බවත් කිව්වේය. උන් ඒවා පයිසෙකට මායිම් නොකළේය. අවසානයේ රට බංකොලොත් විය. වාහන ගෙනාපු උන් ඒවා ඩබල් කර විකුණා කෝටිපතියෝ වී උන්ගේ ඩොලර් ටික හංගා ගත්තේය. ආන්ඩුවට සත පහක් ලැබුනේ නැතිය. වාහන උපංග සියල්ලෙහි මිළ ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව සියල්ලටම කෙලවී උද්ධමනය සිම්බාබ්වේ ගියේය.


▪️අප උන්ට නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නෙයි කිව්වේය. ඒ අප වැඩියෙන් මුදල් හොයන්නේ ඉන්දියාවට කරනා ප්‍රතිඅපනයන්ගෙන් නිසාය. පාලකයෝ එය හූනියන් කාරයන්ට ලියා දී ඉන්දියාව හා ආයෝජකයෝ සියල්ල තරහා කර ගත්තේය. දැන්  හූනියන්කාරයෝ ඒකේ හාබර් බත් එකට කෙළවල්ලෝ බානවාය.


▪️අප උන්ට කොරෝනා නිසා රට වහන්නට එපා යැයි කිව්වේය. මෙරට නොව පිටරට ඉන්නා ලෝකල් බක පන්ඩිතයන්ගේද කීම් අසා, මුන් රට කීප වරක්ම වසා දැමුවා පමණක් නොව, මහා විශාල චීනයේ මෙන් සිතා මේ හූණූ බෙට්ටේ පලාත් අතර සංක්‍රමනයත් නවත්තා දැම්මේය. පට්ටම සීන් එක කියන්නේ... අර උපදෙස් දුන් ගොබ්බ විශේෂඥයින් උන්න රටවල් කිසි දිනෙක වැහුවේ නැති එකය.


▪️අප උන්ට කාබනික වැඩේ හොඳ වැඩක් උනත් එක වර කරන්න එපා කිව්වේ... කහ වලට වෙච්චි වැඩේ දැකලාය. අන්තිමට මෙහේ කහ වවලා,ගලවලා, වේලලා, ගිනි කන මිළකට කඩේට එනකන් පාරිභෝගිකයාට පුප කහ කහ ඉන්න වුනේය. කාබනික පෝර ගෙන්වා ඒක ගූ නැවක් කියා හරවා යැව්වේය. උන් කළේ ලෙඩාගේ බෙල්ල කපා බෙහෙත් කිරීමය.


▪️අප උන්ට ණය නොගෙන ඉන්න එපා කියා කීවේය. දේශීය අර්ථිකයකින් කිසිදා ගොඩ යන්න බැරි බව කිව්වේ, මේ රටේ ඇති  ලබ්බක් නැති නිසාමය. උන් කිව්වේ විදෙස් ණය නොගෙන සිරිමා අම්මාගේ ඉකොනොමියෙන් රට ගොඩ දානවා කියලාය. එහෙත් අවසානයේ බංගලාදේශයෙන්ද හිඟා කන්නට වුනේය..


▪️අප උන්ට සීනීයෝරොටි මාන්දම අනුව නාකි මයිනන්ට හා ඇමතිකම් දෙන්න එපා යැයි කිව්වේය. අවසානයේ දීපූ එකාගේ අම්මට හැමිනෙන්නටත් පෙර එවා කොල්ලන්ට දෙන්න සිද්ද වුනේය. මහින්ද මහත්තයාගේ ගෝලයන්ට, වන්දිභට්ටයන්ට හා පාක්ෂිකයින්ට හොම්බෙන් නොව පුපෙන්ම යන්න වැදුනායින් පස්සේ උන්නැහේටත් හැංගෙන්නට වුනේය.


දැන් රනිල් කරන්නට යන්නේත් එවන් පිස්සු කෙලිල්ලක්මය. මේවා ඇත්ත නිව්ස්ද ජඩමාජ්ජවේදීන්ගේ ප්ලාන්ට් නිව්ස්දැයි කියන්න අප දන්නේ නැතිය. 


කෙසේ හෝ මෙය ඇත්තක් නම්, සමහර විට උන්නැහේගේ හිතේ නැවත ජනපතිවරණයකට ඉදිරිපත් වීමේ අදහසක් ඇත්තේ නැති වෙන්ට හෝ 2030 වන තෙක් චන්ද නොතියා බලයේ සිටීමේ ප්ලෑනක් තිබෙනවා වෙන්නට පුලුවනිය.


එමෙන්ම පෝට්ටුවේ දිස්තිරික්ක නායකයෝ කළ යුත්තේ ඇමති සූට් ඉස්තිරික්ක කිරීම නොව, බේරෙන් නා ගුටි කා හෙලිවැල්ලෙන් ගොස් නිවාස වාහන දේපල අහිමි කර ගත් පාක්ෂිකයින් පිරිස නැවත සංවිධානය කරගැනීමය. 


හරියට මානවම්ම සජ්ජුරුවෝ කළාක් මෙන් මේ මොහොතේ අඩියක් පස්සට ගෙන මීළඟට එන මැතිවරණයකදි තමන්ගේ ශක්තිට පෙන්වා...අඩෝ මොකෝ ඩෝ දැන් කියන්නේ කියා... කෙලින්ම ගේම ඉල්ලීමය..


එසේ නොකර .. අපි බය නෑ ඩෝ කියනා මයික් ටයිසන්ලා වී ජෝක් වීම හෝ මළ පෙරේතයන් සේ ඇමතිකම්ම ඉල්ලා සිටීම නොවේය. 


සමහරක් විට ඔවුන් එසේ කරන්නේ, අපට වඩා දේශපාලනය දන්න උන්නැහේලාට තමන්ගේ දේශපාලනයඅහවරයි කියා ඔවුන්ට දැනෙනා නිසා වෙන්නටත් හැකිය...


ඒ වගත් මෙසේය......


.

Jun 15, 2023

ආන්ඩුවේ හා පෝට්ටුවේ පැවැත්මට... රනිල් බැසිල් සහසම්බධතාවය ... අත්‍යාවශ්‍යම සාධකයකි.



ආන්ඩුවේ හා පෝට්ටුවේ පැවැත්මට...

රනිල් බැසිල් සහසම්බධතාවය ...

අත්‍යාවශ්‍යම සාධකයකි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🟥➖


රනිල්ගේ දේශපාලන අරමුණ වී ඇත්තේ,ක් 2024 නැවත ජනාධිපති වෙන එකය. ඒ සඳහා සියුම් වැඩපිලිවලක් රනිල් හා එජාප හිතවාදීන් විසින් ගෙන යන බවත්, ආන්ඩුවේ මැති ඇමතිකම් දරණ පිරිස සමඟ පෝට්ටුවේ 40 පමණ පිරිසක් දැනටමත් රනිල් හා එකතු වී ඇති බවත් තව දුරටත් රහසක් වන්නේත් නැතිය.

ඉතිරි පිරිසෙන් කොටසක්ද බා ගැනීමට රනිල් දැරූ උත්සාහයට කෙලවූයේ, පෝට්ටුවේ සීනියොරොටි පොරවල් එය වර්ජනය කළ නිසාමය. එය බැසිල්ගේ ගේමක් බව සනාත වූයේ, පෝට්ටූ ලේකම් සාගර කාරියවසම් උන්නැහේ රනිල්ගේ මූණටම දුන් ටෝක්ස් එක නිසාය.

බොහෝ අය හිතුවේ ඒ අය ආවේ නැත්තේ එයාලට ඇමතිකම් නොදීපූ නිසාය කියලාය. ඔවුන්ට ඇමතිකම් ඉල්ලා බැසිල් උන්නැහේත් කීප වරක්ම ලිස්ට් ඇරියත් කැබිනට් රීෂෆල් එකක් වුනේත් නැතිය.

2024 ජනාධිපති වෙන්න පෙරුම්පුරනා මානවම්ම රජ්ජුරුවන්ට ... මේ දූෂණ චෝදනා එල්ලවූ පොරවල් වලට ඇමතිකන් දී හත්පොලේම ගා ගැනිමේ පිස්සුවක් ඇත්තේ නැතිය. අනික මෙයාලාගේ ඇමතිකන් වලට කෙලියේ මානවම්ම සජ්ජුරුවෝ නොව.... හිටපු කිං කැකිල්ලේය (ඝෝඨා). උන්දලාට ඉතරක් නොව යුද්ධය දිණූ යුව සජ්ජුරුවන්ගෙත් (මහින්දගේ) පුපට පයින් ගහලා එලෙව්වේත් ඒ කැකිල්ලේමය.  ඒ අරගලයේ හුජ්ජා කොල්ලන්ට බයේය. 

එහෙම එලවලා මදි නිසා, මැයි 9 වෙනිදා පොරට ගේම දෙන්න ආපු පෝට්ටු බයියන්ට, අරගල වීරයන් ලවා..  බේරෙන් නාවා .. හෙලිවැල්ලෙන් යවා ... කීපදෙනෙක් වැලිගම්පිටිද යවා.. පෝට්ටු මදාවියන්ගේ මාලිගා පමණක් නොව... තමුන්ගේ අම්මා අප්පාගේ සොහොනටත් කෙලියේ ඒ කිං කැකිල්ලේමය.

විරුවෙක් කියා ගෙන ආවේ දිරච්ච කරුවක් බව පෝට්ටු බයියෝ අත්දැකීමෙන්ම තේරුම් ගත්තේ එදාය.

අනෙක් අතින් බැසිල් උන්නැහේ ඔය ලිස්ට් මානවම්ම සජ්ජුරුවන්ට යැව්වාට, සීනියොරොටි පොරවලට තබා... පාර්ලිමේන්තුවේ ඉන්න පෝට්ටුවේ හාල්පාරුවෙකුටවත් තව මැති ඇමතිකම් දෙනවාට කිසිසේත්ම කැමති නැතිය. රජ වෙන්ට පෙරුම් පුරනා නාමල් කුමාරයාද කිසිසේත්ම ඒ වැඩේට කැමති නැතිය. ඒ මානවම්ම විසින් උන්ව අනිවාර්යයෙන් නවනා නිසාමය.

එහෙත් රාජපක්ෂලාගේ මෙන්ම පෝට්ටු බයියන්ගේ ජීවිත මෙන්ම... දේපල හා හරකා බානේ සුරක්ෂිතතාවය රැදී තියෙන්නේ මානවම්ම සජ්ජුරුවන්ගේ අතේය. 

ඒ නිසා රනිල් හා එක්ව 2030 තෙක් මේ ගමන යනවා විනා... සනත් නිශාන්ත වැනි ඇඟ පුරා මොලේ ඇති අමනයන් ඉදිරියට දමා රඹ ටෝක් දී වැඩේ අල කරගෙන... රනිල්ට කෙලවී.... සජිත් බලයට පැමිණයහොත්... නැවතත් සනත් නිශාන්තලාට ඉතරක් නොව පෝට්ටු බයියන්ටත් ඉස්ම බේරෙන්නම කන්න වෙන බව නම් අනිවාර්‍ය්යි කියා ලියා තබා... මේ පල් හෑල්ල නවතා දමනවාය.


ඒ වගත් මෙසේය....

Jun 13, 2023

රනිල්ගේ ඉතිහාසය ලැක්චරය අසා ලිංගික සංක්‍රාන්තිකයින් බවට පත් ඊලාම්වාදීන්



 රනිල්ගේ ඉතිහාසය ලැක්චරය අසා 

ලිංගික සංක්‍රාන්තිකයින් බවට පත් ඊලාම්වාදීන්

➖➖➖➖➖➖➖➖➖➖➖➖😁


රනිල් වික්‍රමසිංහ දිරවන්නේ නැති දෙපිරසක් සිටිනවාය.. පළමු පිරිස දේශපාලන වශයෙන් පසමිතුරු පිරිසය.. අනෙක් පිරිස නම් 2015 රනිල් හා මතවාදීව සිට, පසුව අරගලයට එක් වී රනිල්ගේ නිවස ගිනි තැබීමෙන් නොනැවති, රනිල් තෝත් පල කියූ ටොක්සික් අරගලියන්ස් සමඟ එක් වූ ජඩමාධ්‍ය හා ජඩමාජ්ජවේදීන්ය.


රනිල් බලයට පැමිණි දා සිට කරමින් සිටින්නේ රනිල් බලයට පැමිණීමට පෙර සිටි මතයන් ඉදිරියට ගෙනයාමක් වුවද, ඒ සියල්ලටම අර පිරිස විරුද්ධ වන්නේ, රනිල්ට බැක් කරන්නේ රාජපක්ෂලාගේ පොහොට්ටුවේ අමු බයියන් වීම නිසාය.


අප නම් ඉන් ප්‍රීතී ප්‍රමෝදයට පත් වී සිටින්නේ.. ඝෝඨා බලයට ගෙනැවිත් ඉටුකරගැන්මට සිතා සිටී සියල්ල.. ඊටත් වඩා හොඳින් සිඳුවන නිසාමය.


අනුරාධා යහම්පත් යනු දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වලට විරුද්ධව ජිනීවා ගිය තැනැත්තියකි. රාජපක්ෂලා ඇයව නැගෙනහිර පලාතේ ආන්ඩුකාරවරිය ලෙස පත් කරන්නේ නැගෙනහිර පලාත සිහලකරණය කිරීමේ වැඩේටය. සහායට ඩැනී ලෙස පත් කරන්නේ වියත් මගේ ප්‍රභල සාමාජිකයෙක් වූ මහාචාර්ය මනතුංග උන්නැහේය.


උන්ගේ එක වැඩක් වූයේ රජකාළේ සිස්ටම් අනුගමනය කරමින්... ගම් නියම්ගම් සාංඝික කිරීම හෙවත් පන්සල් වලට පූජා කිරීමය. ඉන් කෙළවූයේ පරම්පරා ගනන් කුඹුරු අස්වැද්දූ ගොවීන්ට, තම වගා ඉඩම් අහිමි වීමය. ඒ සියල්ල සිඳු කළේ පුරාවිජ්ජා පනතට මුවා වෙමින්ය. සමහරක් සංඝයෝ ඒ කුඹුරු ගොවීන්ට කුළියට දී හොඳ ගානකුත් කපා ගත්තේය.


දේශපාලන වශයෙන් ඔවුන්ගේ මතය හා එකඟ නොවූවද, සානික්‍ය රාසමානික්කම් පාර්ලිමේන්තුවේ හැමදා ගිරිය යටින් කෑ ගැසුවේ... මේ දෙදෙනාගෙන් ඔහු නියෝජනය කරන ජනතාවට සිඳුවන අසාධාරණයන් ගැනය. එහෙත් මැති ඇමතිවරුන් පවා ඔහුව බයිට් එකට ගත්තා මිස... ජනතාවගේ ප්‍රශ්ණ විසඳුවේ නැතිය.


අවසානයේ ඔවුන්ගේ නායකයින් හා එක්ව ජනාධිපති වෙත මෙම ජනතා ප්‍රශ්ණ රැගෙන යන්නේය. නැගෙනහිර ආන්ඩුකාරිවරියට බඩු බනිස් වන්නේ ඒ හේතුවෙන්‍ය. 


වැල් පාලමේ යමින් සිටිනා ගෲෂා ලෙස රඟමින් සිටින රනිල් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අසඩක්ගේ චරිතයට පණ පොවන්නේ මේ අතරේය. හුණුවටයේ කතාවේ දරුවා වන්නේ අසාධාරණයට ලක් වූ ද්‍රවිඩ ජනතාවය.


රනිල් වික්‍රමසිංහ හිස්ටරි ලැක්චර් එකක් සමඟ පුකෝගේ රෙදි ගලවා දමන්නේ සියල්ලන් ඉදිරියේය. පුකෝගේ කරුමය වූයේ පුකෝ හිතන්නට ඇත්තේ රනිලුත් රාජපක්ෂලා වාගේ හාල්පාරුවෝ ලෙස අන්දන්නට හැකියැයි කියලාය. රෙද්දේම රෙවුනු ඔහු හැම ඉදිරියේ පොරොන්දු වන්නේ ... අලුතෙන් සිට වූ මායිම් ගල් ගලවා දමනා බවය.


එසේ කියූ ඔහු එලියට විත් ඉල්ලා අස්වූයේ තව දුරටත් කලසන් කෝට් ඇඳගෙන ඒ පුටුවේ ඉඳගන්නට බැරි නිසාය. ඒ හෙතුවෙන් පුපේ ඉත්තෑවන් දිවිය යුත්තේ අමු ජාතිවාදී බයියන්ගේ වූවද...


ඉන් මල පැන ඇත්තේ.. එදා රනිල්, මංගල, චන්ද්‍රිකාලා ගෙනා ICCPR ... ජිනීවා කොන්වෙන්සොන්, හියුමන් රයිට්ස්, ප්‍රෙස් ෆ්‍රඩොම්, ෆ්‍රී එක්ස්ප්‍රෙසොන්.. මයිනොරොටි රයිට්ස්.. වලට හුරේ දැමූ ලිබ්බන්ටය...


දැන් උන් ඉන්නේ කාගේ පැත්තේද කියා උන් දන්නේත් නැතිය. ගෝල්ෆේස් කූඩාරම් අස්සේ එක එකා එක්ක නිදි වැදිලා උන් දැන්නේ ඉන්නේ සංක්‍රාන්ති ලිංගිකයින් වෙලාය. 


දෙවියනි ඔවුන් කෙරේ අනුකම්පා කළ මැනව...

අපි ඔවුන් වෙනුවෙන් යාඤා කරමූ...


ආ... මේන්...!


.

Jun 12, 2023

අනන්‍යතාවට හැමනිලාම ගිය.. අරගලියෝ හා වීකල්ප ජඩමාජ්ජවේදීයෝ



අනන්‍යතාවට හැමනිලාම ගිය..

අරගලියෝ හා වීකල්ප ජඩමාජ්ජවේදීයෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖😁➖


ටොක්සික් අරගලියන්ස්ලටයි... විකල්ප ජඩමාජ්ජවේදීන්ටයි ... දිගට හරහට ඔළුව ඔල්මොරොන්දන් වෙන වැඩමයි වෙන්නේ..


දැන් උන් කියන්නේ කරන්නේ මොකක්ද කියලා උන්ම දන්නේ නෑ..


උන්... බුදුන්ට අපහාස කළ නටාෂා ICCPR පනතට එරෙහිව කතා කර කර ඉද්දිම.... බුදුන්ට අපහාස කළ දිලිත් ජයවී‍රව ICCPR පනත යටතේම ඇතුලට දාන්නෙයි කිව්වා...


උන් නෙමේ අනේ.. උසාවියත් කොන්ෆියුස්

😁😁😁😁😁


නැගෙනහිර ආන්ඩුකාරවරිය ලෙස උන්න යහම්පත් නෝනට එරෙහිව කතා කළ සුමන්තිරන් හා පල්මානිකම්ට කඩේ යමින්..


උතුර හා දකුණ වෙන් කරන්න ඕනෙයි කියපූ... ටයිගර්ස්ලට ගොල්ෆේස් එකේ පෙලපාලී ගියපු.. බොරැල්ල කනත්තේ පහන් පත්තුකරපු අරගලියොයි, විකල්ප ජඩමාජ්ජවේදියොයි...


යහම්පත් එක්ක නැගෙනහිර බෞද්ධ රාජ්‍යයක් කරන්න ගොයියෝ එලවලා පන්සල් වලට ඒවා පූජා කරපු... පුරාවිජ්ජා මහ එකා ඉල්ලා අස්වුනාය කියලා පොලොවේ පස් කනවා...


අර පල්මානික්කම්ලට... සුමන්තිරන්ලට... පාදර් ජීවන්තට... ගල්කන්දේ ගල් ආඳාට.. ඕමල්පේ සෝභිතට... කාදිනල්ට... කුරුස අප්පුහාමිට... විදර්ශන කන්නංගරට... මොනවා හිතෙනවා ඇද්ද අප්පා....


ඌ ඉල්ලා අස් වුනාම හරි නම් අඬන්න ඕන... සරත් වීරසේකරලා ... ගොඩහෑවලා... යහම්පත්ලා... ටෝච් ඉල්ලපු ජොස්තර නෝනලා... නානෙලා සහ සිහළ බෞද්ධ බලවේගේ සිකුරිටි ගාඩ්ලා හෙවත්... පෝට්ටු බයියෝ


යකෝ පෝය දවසේ ගෝල්ෆේස් එකේ කොඩිවින කලාම ඒවා ආයේ බැක් ෆයර් වෙනවා...


කට්ටඩි එව්වෙත් මැදමුලනෙන්මද මන්දා අප්පා.. 😁😁😁😁😁

.

Jun 2, 2023

තිස්ස... තිස්ස.. පෝයට මොකද කරන්නේ...? -

 


තිස්ස... තිස්ස.. පෝයට මොකද කරන්නේ...? - Poson Full Moon Day

➖➖➖➖➖➖➖➖🟦🟨🟥⬜🟧➖➖➖


තිස්ස.. තිස්ස..


කවුද ඩෝ නම කියල කතා කරන්නෙ...?


මම මේ මිහිඳු..


මොන මිහිඳුද ඩෝ කෝ සිව්රූ..?


තිස්ස මචං මම මේ මහින්ද..


DP - මචං.. අංමුවාට හුඩූ මේ අපෙ 8 වෙනි මිහිඳු නේ.. මොකෝ මචං මේ කැලේ කරන්නෙ..?


උඹ මට කෝල් එකක් දුන්න නම් මම පැලස් එකට එනවනේ..


MR - ඒක හරි නෑනේ මචං උඹ නේ දැන් රජ්ජුරුවෝ... මං අටවන මිහිඳු.. උඹ අටවන ජනපති.. ඒකත් පට්ට නේ මචෝ... ඉකිඒත් මචං උඹ තාම මුවන් පස්සෙ එලවන්නෙ මක්කටෙයි..


DP - දැන් අපි මුවාට විඳින්නෙ නෑ පඳුරට තමයි විඳින්නේ ඒ උනාට උන්ගේ අවාසනාවට මුවාටමයි වඳින්නෙ. නම මුවා උනාට මුවා වෙන්න දන්නෙ නෑ..


MR - මොනවැයි මචං මේ ගස්...?


DP - ඇයි උඹේ ගොලයන්ට කියල මේ ටිකටත් වැඩක් දෙන්නද පලයන් බං යන්න.. තොපේ එවුන් කපල කපල දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ ටික විතරයි.


MR - ඉතිං බන් උඹ තාමත් දඩයමේ යන්නෙ විනෝදෙට වෙන්න ඇති..


DP - මොන පිස්සුද මචං මේ පොසොන් වෙසක් කියලා වෙනසක් නෑ දඩයමේම තමා. මුවෝ නෙමේ හාවෝ මීමෝ කොටි වලස්සු නෙමේ හිටපු අලින්ටත් විදිනවා. මේ ළඟදි උඹේ වල් ඌරන්ට විදින්න ගිහින් ලේකමාට මලත් පැන්නා


MR - ඉතිං ඉතිං උඹ මට කිව්වා නම් මම ඕකුන් නවනවා නේ මම රජා කාළේ නැව්වා වගේ.


DP - මොන පිස්සුද බන්... දැන් උන් උඹව ගනන් ගන්නේ නෑ... බැසිල් සරණ ගිහිල්ලා ඉන්නේ...


MR - ඒක නෙමේ උඹ මේ වලවා හැංගුන වැවේ බුවාට හෙන කැත වැඩේ නේ කළේ.. ලයිට් කපලා...


DP - පිස්සුද මචං මම කරයිද එහෙම වැඩක්.. උඹෙන් පස්සේ මම නේ බං සිංහල බෞද්ධ බලවේගේ රකින්න ඉන්නේ ... එහෙව් මම කරයිද ඔය වගේ වැඩක්... දැන් ඕමල්පෙ කස්සපලා නෙමෙයි දුලීකලා කූඹියොත් බුද්ධාගම වැළඳ ගන්නවා.. කොහොමත් මේ පොසොන් කාළේ නේ.. ඒ අස්සේ මපට් ජෙරමයි කුරුස අප්පුහමීත් අහනවා අපිත් එන්නෙයි කියලා...


MR - ඉතින් මචං උඹ මොකෑ කිව්වේ...


DP - මම කිව්වා... දෙවියන් වහන්සේ අවුලක් නැත්නම්... ආලෝකය නැති වෙලාවක හොරෙන් ඇවිත් ඕමල්පේ සෝභිත හම්බ වෙන්නෙයි කියලා...


MR - ඒ උනාට මචං වලවා හැංගුන වැවේ උන්නාන්සෙට කරපු වැඩේ හොඳ නෑ හරිය...


DP - මොන පිස්සුද මචං මමයි කංචනට කිව්වේ රටේ ජනතාව හිඟන්නෝ නෙමෙයිය.. හොඳ බර කාරයොය.. උන් තව දුරටත් සමෘධියෙන් ජීවත් වෙන්න ඕන නැති සමෘධිමත් පිරිසක්‍ය... උන් හොඳට කාලා බීලා රති කෙලියේ යෙදිලා.. පන්සල් පල්ලි නඩත්තු කරන්න පුලුවන් සයිස් එකේ ඉන්නවය කියලා IMF එකට පෙන්නන්න හොඳම අවස්ථාව මේකය... ඒ නිසා බුදුන් එපාය කිව්වත් ඔය සම්මාදමේ යන්න දෙන්නය කියලා...


MR -  ඒ කියන්නේ බුවත් ඔහේගේ පොරක්‍ය... කළේ ඔහේගේ ප්‍රොජෙක්ට් එකක්‍ය...


DP - ඇයි මචං උඹට සාරන්ලා මැල්කම්ලා දාලා ගේම් දෙන්න පුලුවන් උනා නම්... මට බැරි ඇයි... ජෙරොම්.. නටාෂා.. බෲනෝ... මංජූ... වලවා දාලා ගේම් දෙන්න.... මුන් ඔක්කොම මගේ බඩු තමා... මේ ගේම් ඔක්කොමත් මගේම තමා...


ඇයි උඹ දැක්කෙම නැද්ද... රහස් පරීක්ෂක ජංගි චින්තා සහ බුකියේ ඉන්න ෂැගීලා.. ෆ්‍රෙඩ්ලා... ඩෙෆ්නිලා... වෙල්මලා.. ස්කූබී ඩූලා... වගේ අය ලියලත් තිබ්බේ.... මේ ඔක්කොම කරන්නේ රනිල්‍ය... ආයේ බලේට එන්නෙයි කියලා...


MR - ඇත්තෙයි... මම හිතුවේ බුකියේ තියෙන්නේ ආතල් ගන්න විතරෙයිය කියලා ඕයි...


ඔබ සැමට පින්බර පොසොන් දිනයක් වේවා..!!

.

May 30, 2023

මෝඩාභීමානය ගැන අවසන් සටහන.


 මෝඩාභීමානය ගැන 

අවසන් සටහන.

➖➖➖➖➖🟥


මාතලන් සැමදා ලියූවේ බහුතර ජනතාවගේ මතයය. ඒ බැව් මුල් කාළයේ සිටම මාතලන් කියවන උන් දන්නා අතර, චන්ද ප්‍රතිඵල තුලින්ද ඒ බව සෑම අවස්ථාවකදීම සනාත වී තිබෙනවාය.


සමාජයේ බහුතර මතය ලිවීම නිසා නැති වූ මිතුරෝද, ඇති වූ සතුරෝද බොහෝය. ඒ කිසිවක් මාතලන් පයිසයකට ගනන් නොගන්නේ, මධ්‍යස්ත මතධාරී බුද්ධිමත් මිතුරන් පිරිසක් එදා සිට අද දක්වාම මාතලන් සමඟ සිටිනා නිසාය. දායක සභා නඩත්තු කිරීම් හෝ පේජ් මේන්ටේන් කිරීමේ හෝ රීච් ලබා ගැනිමේ මාන්දමක් මාතලන්ට එදා තිබුනේත් නැතිය අද ඇත්තේත් නැතිය.


මේ රටේ සාරාන්ලා කරන්නට දත කෑ විනාශය ගැන මාතලන් ලිව්වේ 2012 දීය. ඒ රාජපක්ෂලාගේ තකතීරූ තීරණ වලට එරෙහිවය. ඒ එයාලා සිද්ධාලේපත් හලාල් කොට, මේ රට තවත් ඇෆගනිස්තානයක් කිරීමේ මාර්ගය සලසා දීමට එරෙහිවය. අප පලකල අනාවැකි සපල වූයේ පාස්තු ඉරිදාය. සියල්ලන්ගේ ඇස් ඇරුනේ එදාය .


මාතලන් ඒවා ලිවූයේ මාතලන් ජාතිවාදියකු නිසා නොවේය. අදත් මාතලන් ජීවත් වන්නේ සාරාන්ලා ජාතියේ අය බහුතරය සමඟය. ඔවුන් මගේ මිතුරෝය, නෑදෑයෝය. එහෙත් අප විරුද්ධ වූයේ අන්තවාදයටය. ත්‍රස්තවාදයටය. ඒ ලිපි සියල්ල අදත් බ්ලොග් අඩවියේ තිබෙනවාය.


මෝඩාභීමානයේ නතාෂාගේ ප්‍රකාෂයට මාතලන් එරෙහි වූයේ එය එම සිඳුවීමට ලඝු කිරීමට මාතලන් කිසිසේත් අකමැති වූ නිසාත් මෙය කාළයක් තිස්සේ කරගෙන එන ජාත්‍යන්තර මෙහෙයුමක් බව හොඳින්ම දන්නා නිසාත්මය.


බුද්ධාගමට පහරදී තරුණ පරපුර ආගමෙන් ඉවත් කොට නිරාගමිකයින් කිරීමක් ලෙස ගෙන ගියද සියල්ල සිඳුවන්නේ තවත් ආගමික කණ්ඩායමක් සංවිධාන කීපයක් හරහාය. එවාවල සාමාජිකයෝ ගලේ රුන්න පූසෝ මෙන් හත් පොලේ ගාගෙන බුකියේ පිස්සු වැටී රඟනා රැඟුම් බුකිගතවන  සියල්ලන්ට මේ දිනවල දැක ගත හැකිය. 


මේ නිරාගමික පිස්සුව රැල්ලක් වූයේ ගෝල්ෆේස් අරගලය සමඟය. ඒ බව තේරුම් නොගත් අමන සංඝයෝද ඔවුන් හා එක් වූවද, අද ඕමල්පේලාට හා කස්සපලාට තමන් කළ අමනකම් වැටහී තිබීම සතුටට කරුනක්මය.


මෙය මෙසේ හෙලිදරව් වූවද, උතුරු ප්‍රදේශයේ ජනතාව හින්දු ආගමෙන් ඉවත් කොට කතෝලිකකරණය කිරීම සීඝ්‍රයෙන් සිඳුවන බවත්, ඒ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය දැන් හෝ යොමුවිය යුතු බවත් සඳහන් කළ යුතුමය.


මාතලන් බෞද්ධයෙක් නොවන බව මාතලන් ගැන හොදින්ම දන්නා උන් දන්නවාය. මාතලන් කිසිදු දහමක අනුගාමිකයකු නොවනාතර, මට මගේම ආගමක් හා දර්ශනයක් ඇත්තේය. 


එසේ තිබියදීත් මේ කාරනයේදී මාතලන් දිගට හරහට පෝස්ට් දැම්මේ ඇයි කියා මාතලන්  හොඳින් හඳුනන උන් පවා වික්ෂිප්ත වූයේය. මාතලන් එසේ ලියූවේ ඇයි කියා මේ පිළිබඳව Mahesh Hapugoda මහත ලියූ ලිපියේ ඉතා පැහැදිලිව තියෙනවාය.


අපට, නිදහස් අදහස් ඇති නිවහල් නිරාගමික මිනිසුන් ලෙස ජීවත් වන්නට ඉඩ ලැබී ඇත්තේ මේ රටේ ඇති බෞද්ධ සංස්කෘතික ජීවන රටාව නිසාය. රටේ බහුතරයක් අදහන ආගම එයයි, එය අදහන දෙසන එකෙක්වත් බුද්ධත්වයට පත් වූවන් නොවේ. මිනිසුන්ගේ ආගම හා ඇදහීම් යනු ඉතා සංවේදී මිනිස් ක්‍රියාකාරකමකි. නීතී රීතී වලින් පවා ඒවා ආරක්ෂා කර ඇත්තේ එබැවිනි. 


අපද ඒවායේ ඇති විකාර සහගත දෑ විවේචනය  කරනා මුත්, ආගමික සාශ්තෘවරුන්ට හෝ ඉගැන්වීම් නිර්ධය ලෙස විවේචනයට යන්නේ නැතිය. එබැවින්, එයට හානී කරන කිසිවකු වේද ඔවුන් විවේචනය කිරීම මාතලන් ඉදිරියටද කරණු ඇත්තේය.


🔴 එහෙත් මේ මොහොතේ අප එයින් සමුගන්නේ අපේ යුතුකම ඉටුකොට අවසන් නිසාය. 


දැන් ඒ පිළිබඳව වගකිව යුතු පුද්ගලයින් හා ආයතන සියල්ල, ඒ පිළිබඳව කටයුතු කිරීම ප්‍රමුඛ කාර්‍යභාර්‍ය බවට පත්කොට ගෙන අවසානය. ඔවුන් නියපොත්තෙන් කැඩිය හැකි මේ අවස්ථාවේම එය ඉටුකරනු ඇතයි අප බලාපොරොත්තු වන්නේය.


මේ රටට කෙලවූයේ එසේ සිඳු නොකොට, කට පුප වසාගෙන හිනා වෙවී සිට, අස්සයා පැන ගියායින් පස්සේ ඉස්තාල වසා දාන්නට ගොස් හත්පොලේ ගාගත් නිසාය.


ස්වස්ථි සිද්ධම් !!!!


.


May 28, 2023

එන ආයෝජනේටත් කෙලින්න දඟලන, රට වනසන මඩකරි අපතයෝ

 


එන ආයෝජනේටත් කෙලින්න දඟලන,
රට වනසන මඩකරි අපතයෝ
➖➖➖➖➖➖➖➖➖💀💀

අපේ රටේ උන්ට ලයිට් නැතිව උන්න එව්වා, පැස්ටෝල් නැතිව උන්න එව්වා, දැන් මතක නැතිය. 

එව්වා ඉබේ නැති වූයේ නැතිය. එව්වා සියල්ලම කළේ රාජපක්ෂලා විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ලෙසය. වැඩේට යොදාගත්තෙත් ඒ පවුලේම එකෙක්‍මය. ඒ නොම්මර එකේ ලණු කන්නෙක් වූ ගොම ගෝටාභයය.

කුමන්ත්‍රණයේ මහ මොළකරු විමල් වීරවංශය. ඉස්පොන්සර් දිලිත් ජයවීරය. වැඩේ කළේ මංගොනාපිල හරහාය. අණබෙරකාරයා ජනක රත්නායක නම් ගුණමකු අපතයාය. සියල්ලෝ එකතුව රටේ ඉන්ධන හා විදුලි අර්බුධයක් නිර්මාණය කලේය.

එහෙත් මුන් සියල්ලන්ටම කෙලවූයේ, ගෝටා විසින්ම ඇමතිකම කංචනට දීමෙන් අනතුරුවය. පොර කළේ QR කේත ක්‍රමය හඳුන්වා දීමය. ඒකෙන් අර්බුදයෙන් මතු වූ ඉන්ධන හොරා කෑ ත්‍රී වීල් මාෆියාවට මෙන්ම ඉහත නම් සඳහන් කළ, රට අඳුරේ තැබීමට අදත් පුප ඉරාගෙන දඟලන මාෆියාවටත් කෙලවෙලාම යෑමය.

ඒ අතරින් එකෙක්, දිගටම රඟපෑවේ කොමිසන් සභාවල ඇති නීතිමය බලයෙන් කවර් වෙමින්‍ය. ඒත් කංචන හා එක් වූ රනිල් වික්‍රමසිංහ නම් වියවස්තා විසේසග්නයා ඌටත් ඊයේ පෙරේදා ඇරියේ, බටර් නැතිවමය.

කංචනට අරින්න ගිය තෙල් සංස්ථාවේ පොහොට්ටුවේ හූනියන් බත්බැලයන්ටත් ඇරියේ පුපෙන්ම යන්නටය. මහින්ද තියා මොකා කිව්වත්, උන්ට ආයේ රැකියා දුන්නේ නැතිය. තාමත් සැට්ටෙකම ගෙදරය.

හොරුන්ට මාෆියා කාරයන්ට කෙලිනා විට හතුරෝ වැඩිවෙන්නේ ලයිට් බිල වැඩි වුනා වගේමය. එය කොතනටත් අදාලය.

හතර ගාතෙන් වැටී පුපෙන් යන්න දුන්නත්, ඉහත නම් සඳහන් කළ විමල්, දිලිත්, ජනක, මංගොනාපිල, උන් හා අලුතෙන්ම එක් වූ දියවන්නාවේ බඩු කාරයා මෙන්ම ජෙප්පෝද වැඩේ අත් හැර නැත්තේය.

දැන් ගේම දෙන්න යන්නේ එන ආයෝජකයන්ටය. ඒ සිනොපෙක් කාරයාගේ දුවට මඩ ගසලාය. අපතයන් රැල උන්ගේ මුදල් හා මීඩියා බලය උපයෝගී කර ගනිමින්, කංචනට මඩ ප්‍රහාරයක් එල්ල කළේ, එකම ලිපිය වෙබ් අඩවි හරහා එක මොහොතේ පලකරලාය.

ඒ සිනොපෙක් ආයතනයේ දේශීය නියෝජිතයා මැක්ලරන් කොම්පැණිය බවට අමු කෙප්පයක් නිර්මාණය කරමින්‍ය. මේවා කිසිම පදනමක් නැති ජඩමාධ්‍ය සුනඛයන්ගේ අතේ රෝල්‍ය.

වැඩේ බඩු බනිස් වෙන බව දැනගත්, මාතලන්ද කාළයක් ලිපි ලියූ lankanewsweb මුලින්ම ලිපිය ගලවා දැමුවේය. ඉන් පසු රෙද්දේම රෙවුන අනෙක් බ්ලොග් පඩංගුත්, නිව්ස් එක ගලවා දැමුවේය.

දැන් මුන්ට අවශ්‍ය ආයෝජකයන්ට මඩ ගසා, උන්ට ලංකාව අරහං කොට, නැවත වරක් රට අරාජික කිරීමටය. ඒ නිසා වැඩ්ඩන්ට නොව ආයෝජකයන්‍ටත් මඩ ගැසීමට පටන් ගෙන තියෙනවාය.

කස්ටියට බඩු බනිස් වුනේ, සිනොපෙක් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, තමන් මේ රටේ බිස්නස් කරන්නේ තමන්ගේම කොම්පැනියෙන් බවත්, මැක්ලරන් කොම්පැනිය හෝ කිසිම කොම්පැනියක් ඊට සම්බන්ධ නැති බවත් ප්‍රකාෂ කිරීමෙන් අනතුරුවය.

මේ බිජුහීනතාවයෙන් යුත් ගුණමකු මඩකරියන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඕකුන් සියල්ලටම ජම්පර් ඇන්දවීමකින් තොරව, මේ රට සංවර්ධනය කිරීම ලේසී පාසූ කටයුත්තක් නොවන්නේමය.

ඒ සඳහා මෙතෙක් තමන්ට එදිරිව ආ සියලු මාෆියා කාරයන්ට බටර් නැතිව පශ්චාත්භාගයේම ඇරිය, කංචන ඇමතිවරයාටත්, ජනාධිපති රනිල්ටත්, විදුලිබලයට හා ඉන්ධන බාර සියලු දෙවි දේවතාවූන්ගේ බලය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරමු...

ආයේ පෝලිම්වලයි... කරුවලෙයි ඉන්න බෑ ඕයි....

ඒ වගත් මෙසේය....

.

May 26, 2023

රත්තරන් පෙම් පුරාණේ රට බඩු හා කන පැලෙන බදු

 


රත්තරන් පෙම් පුරාණේ
රට බඩු හා කන පැලෙන බදු
➖➖➖➖➖➖➖➖➖➖🔴

අලී සබ්‍රී කියලා හාදයෙක් රත්තරන් සහ ස්මාර්ට් ෆෝන් වගයක් ගෙනත් බඩු මාට්ටු වෙනවා... හාදයා පාර්ලිමේන්තු මන්තිරි කෙනෙක්....

පොර ඩුබායි ඉඳලා ඇවිත්,  කටුනායක ප්‍රභූ පර්‍යන්තයෙන් එලියට එන්නේ.... මීට කලින් හත් වතාවක්ම, පොර විතරක්, මේ වැඩේ කරලා තියෙනවා... (තව කී දෙනෙක් එන්නැද්ද නේ )

දැන් ඔහේලට තේරුනැයි පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මන්ත්‍රිවරු, පාර්ලිමේන්තු සභාවාර වලට එනවටත් වඩා, ඩුබායි සිංගප්පූරූ බැංකොක් යන්නේ ඇයි කියලා...

දැනට මාට්ටු වුනේ දෙන්නයි... ඒ, ජේ ආර් පප්පගේ කාළේ මාට්ටු වෙච්චි අනුර ඩැනියෙලුයි...  මේ, අලී සබ්‍රියයි විතරයි... ජේ ආර්, අනුර ඩැනියෙල් ඉවත් කලාට ඊට පස්සේ ආවේ එයාගේ නංගී... 

ජේ ආර් ගේ කාළයේ තමයි, මේ වගේ දූෂණ ක්‍රියා මහා පරිමාණයෙන් පටන් ගත්තේ... මහින්දගේ කාළේ මේවා සාමාන්‍ය සිඳුවීම් සයිස් එකට ආවා විතරක් නෙමේ... මේ දූෂණ විතරක්ම නෙමේ, ස්ත්‍රී දූෂණ, ළමා දූෂණ... කරන උන් ප්‍රාදේශීය රජවරු වුනා..  ප්‍රසිද්ධියේ මිනී මරලා බේරිලා ඉන්නත් ක්‍රමය සකස් කළා... අන්තීමේ මිනිස්සුන්ට එපාම වෙලා ගියා..

මැයි 9 ක්‍රියා කිසිසේත්ම අනුමත නොකලත්, අමරකීර්ති අතුකෝරාල ජීවිතයෙන් වන්දි ගෙව්වේ මේවටම තමා....

එතකොට අලී සබ්‍රී ඇයි ආන්ඩුවට විරුද්ධව චන්දය දුන්නේ... පොර ප්‍රසිද්ධියේම කියනවා ඌ ජනාධිපති ලේකම් සමන් ඒකනායකටයි අගමැති දිනේෂ්‍ට කතා කළා.... එයාලා මූ බේරුවේ නැත්නම්... තව මොකටද උන්ට චන්දෙත් දෙන්නේ කියලා...

ඇත්තටම මේ තාක් කල් වුනේ ඒක... ඕකුන් විතරක් නෙමේ... සාමාන්‍ය ජනතාවත් කස්ටම් ඔෆිසර් කෙනෙක් අල්ලලා වැඩේ ගොඩ දාගන්නවා... එයාලගේ ජීවන තත්වය හා කෙරුවාවන් ගැන අමුතුවෙන් ලියන්නෝන නෑ නේ...

ඌ කෝල් කලා වගේම, රේගුවේ ලොක්කත් සමන් ඒකනායකට කතා කරලා තියෙනවා... සියළු විස්තර අහපු... විදෙස්ගත වෙලා හිටපු රනිල් කියලා තියෙන්නේ... නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න කියලා විතරයි...

ඒ විතරක් නෙමෙයි ... මින් මතුවට VVIP හෙවත් අති විශේෂිත ප්‍රභූවරුන්ගේ ගමන්මලු සියල්ලත් පරීක්ෂා කරන්න නියෝග කරලා... 

එයින් නැවතිලා නෑ.. දැන් එතන ස්කෑනින් යන්ත්‍රයකුත් ස්ථාපිත කරලා... 

හරි නම් එනකොට ඉතරක් නෙමේ... යනකොටත් චෙක් කරන්න ඕන...

සිස්ටම් චේන්ජ් වෙමින් තිබෙන බව මිනිස්සුන්ට දැනෙමින් පවතිනවා...
රනිල් වගේම නිළධාරීනුත් වෙනස් වෙලා...

ඒ කෙසේ වෙතත් .... මාතලන් මේ වැඩේට... ඒ කියන්නේ රත්තරන් හා සෙල්ෆෝන් වැනි දේ ගෙන ඒම නීතී විරෝධී වීමට විරුද්ධයි .. 

ඕක නීතී විරෝධි වෙන්නේ... ඕවට කන පැලෙන්න බදු ගගන නිසා නේ... ආන්ඩුවේ උන්ට පින් පඩි ගෙවන්න කන පැලෙන බදු ගැහුවාම.. අවසන් පරිප්පුව කන්නේ සාමාන්‍ය  පාරිභෝගිකයා ...

දැන් පෝට් සිටි හෙවත් වරාය නගරයේ ඩියුටි ෆ්‍රී ෂොපින් මෝල් එකක් දාන්න යනවලු සිංගප්පූරුවෙන්... එතකොටවත් මේ නීතී රීතී වෙනස් විය යුතුමයි....

මේ වගේ එදිනෙදා භාවිතා කරන දේට (ස්මාර්ට් ෆෝන්) කන පැලෙන බදු ගහලා .... ඒවා අධිපරිභෝජනවාදී ගොඩට දාන්නෙත් ආන්ඩුවේ ගොබ්බයින්මයි....

බිස්නස් කරන මිනිස්සුන්ගෙනුයි පාරිභෝගිකයින්ගෙනුයි කප්පම් අරගෙන ජීවත් වෙනවට වඩා... ආදායම් ලබා ගන්න වෙන මක්කා හරි කලා නම් බොහෝ වටිනවා...

බදු ගැහුවට කමක් නෑ...හැබයි ඒක ඉහමොළ හූරගෙන කන බද්දක් නොවී...

ඒ වගත් මෙසේය......
.

May 20, 2023

රාජපක්ෂලා නම් මාර බඩු ඕයි...

 


රාජපක්ෂලා නම් මාර බඩු ඕයි...

➖➖➖➖➖➖➖➖➖😁➖➖


මැයි 18

අති උතුම් ජීවන්ත පීරීස් දේවගැති තුමාට කියලා බොරැල්ල රවුන්ඩ් ඒ බවුට් එකේ ත්‍රස්තවාදී සැමරුමක් ඕගනයිස් කරනවා.


ඊට පස්සේ Tharindu Uduwaragedara ටයි කේ සංජීව ටයි කියනවා... උඹලා ගිහින් ලයිව් අප්ඩේට් දියන් කියලා...


එක්නැලිගොඩ හාමිනේට කියනවා ඔහෙත් එතනට යන්නෙයි කියලා... ඒ මනුස්සයා කියනවා මට අදාල නෑ නේ ලොක්කා කියලා... අදාල නැති වුනාට කමක් නෑ ඔහේ යනවකෝ.. අපි ආපු ගමන් එක්නැලිගොඩ ගෙනත් දෙන්නම් කියලා... අපෝ එයා ගෙන්නන්න එපා.. එතකොට මට වෙන්නේ අනෝමා ෆොන්සේකට වගේ ගෙදරට වෙලා කහමදේ සෙන්ටර් වෙච්චි බුල්සයි දාන්නයි... ඒ නිසා මම යන්නම් කියලා....


දිනක්ෂි ප්‍රියසාදගේ අයියට කියනවා උඹේ බලවේගෙත් අරගෙන ගිහින් අරුන්ගෙන් ගේම ඉල්ලපන්... ඕනම නම් බෙටර්ඩීන් ටිකකුත් අරන් පල කියලා.... 


පොලීසියට කියනවා තරිඳුට ගහයි බලාගෙන ඉන්න කියලා...


තරිඳුට කියනවා... අපිට ගගනවා පොලීසිය බලාගෙන ඉන්නවා කියලා දිගටම කියන්න කියලා...


යාන්තන් රනිල්.... කැරලි මර්දන හමුදාව එවලා ඒ ඩ්‍රාමා එක ඉවර  කරනවා...


ඒ අස්සේ අති පූජ්ජ ජෙරොම් දිව්‍ය ප්‍රසාදීන් වහන්සේට කියනවා .... බුදු සාදූ ටෝච් එක ඉල්ල ගත්තේ ජීසස්ගෙන්‍ය කියලා දේශනාවක කියන්නෙයි කියලා...


ඊට පස්සේ විදුර වික්‍රමනායකට කියනවා අඩෝ ඒකට කොක්ක ඇදපන් කියලා....


ආයේ විඳුරට කියනවා රනිල්ට කියපන් .... මේ පිළිබඳව මොකුත් නොකළොත් මම දළඳා හාන්දුරුවෝ ඉස්සරහා පැස්ටෝල් වක්කරන් ආලෝකය සොයාගෙන යනවා කියලා කොක්ක ඇදහන් කියලා....


හැබයි රනිලුත් මෙ ළණුව කාලා පොලීසියට කියනවා දිව්‍ය ප්‍රසාදීන් වහන්සේ අත් අඩංගුවට ගන්නෙයි කියලා...


අර නම ලිව්වොත් බුකියේ තහනම් වෙන සාධුට කියනවා.... මචං නානේ අපිට පොඩි සප් එකක් දියන් ... ආයේ නාමල් ආවම ඩිස්කවරියක් දෙන්නම්‍ය කියලා...


මේ ඩ්‍රාමා එක තාම යනවා...


ඒ අස්සේ.... ඊයේ සිරසේ සුසාර දිනාල්ට කෝල් එකක් දීලා කියනවා... මචං බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් ආපූ කොල්ලට කප් එක දියන්... අපි ආවම රනිල්ගේ ගේ 🔥 🔥 තියපු එකට අපි උඹලට සම්මාණයක් දෙන්නම්.... ෂෙවාන්ටත් කියහන් නැත්නම් වෙන දේ මතකනේ කියලා....


ඒ අස්සේ රමියා කප් එක දිනනවා...


ආන් එහෙමයි රාජ්පක්ෂලා නැවත බලයට එන්න කුමණ්ත්‍රණය කරන්නේ...


රමියා සිරස වොයිස් සීසන් ටූ දින්නේ....


.

May 15, 2023

රාජ්‍ය බුද්ධි අංශ අඩපන කිරීමට ඉඩ දිය යුතු නැත.

 


රාජ්‍ය බුද්ධි අංශ අඩපන කිරීමට 
ඉඩ දිය යුතු නැත.
➖➖➖➖➖🔴➖

පසුගිය සතියේ සිඳුවූ විශේෂ පොලිස් මෙහෙයුම කිසිසේත්ම ආන්ඩු විරෝධි කණ්ඩායම් හා ජඩමාධ්‍ය මගින් පෙන්වූ කරුණටම පමණක් ලඝු නොවූ මෙහෙයුමක් බව, පොලීසිපති කාර්‍යාලය විසින් 12 වෙනිදා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත නිකුත් කළ නිවේදනයෙන් ඉතා පැහැදිලිය.

ඕනෑම රාජ්‍යයක රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීන්දූ තීරණ හා මෙහෙයුම් පිළිබඳව මාධ්‍ය දැණුම්වත් කරන්නේ නැතිය. එසේ කලහොත් එම ක්‍රියාවන්ගෙන් සත පහක ප්‍රයෝජනයක් අත් නොවනා බව පොඩ් එකෙකුට වුවත් තේරුනද, අපේ රටේ ප්‍රවීන හා ජේෂ්ඨ යැයි කියනා ජඩමාජ්ජවේදීන් නම් දන්නේ නැතිය.

සියල්ලෝ චෝදනා එල්ල කළේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාටය. ඔහු බුද්ධි අංශ සම්බන්ධයෙන් අපට සිටිනා සුපිරිම නිළධාරියාය. ඒ බව රාජ්‍ය අරාජික කිරීමට සිටිනා බලවේගයන්ද හොඳින්ම දන්නේය. එබැවින් ඔහු ඉවත්කර දැමීම මේ බලවේගයන්ගේ එකම පරමාර්තයය.

විදේශ රටවල බුද්ධි අංශ පිළිබඳ විවරණ එම රටවල රට වැසියන්ට තබා මාධ්‍යවේදීන්ටද ලබා දෙන්නේ නැතිය. ඒකට ලංකාවේ හාල්පාරුවන්ට කෝකටත් මුව හම බුද්ධි අංශයය.

2015 සිරිසේනගේ සිවිල් ක්‍රියාකාරීන් විසින් වරක් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආරක්ෂාවට සිඳු වූ දේ පාස්කු ඉරිදාවක මුලු ලෝකයම දුටුවේය.

රට තවමත් ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණ තුලින් සිවිල් යුද්ධයක් වැනි තත්වයක් වුවත් පැන නැගිය හැකි වාතාවරණයකය. 

ආන්ඩුව තුලද ගැටුම් ඇති බව රහසක් නොවේ. එහෙත් එක එකාට කැමති ආකාරයේ තීන්දූ තීරණ ගෙන ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතු නැතිය. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා සෑම තීරණයක්ම ජනාධිපතිවරයා දැණුම්වත්ව ඔහුගේ අභිමතය පරිදි සිඳුවිය යුතුමය. 

එහෙත් පසුගිය සතියේ සිඳු වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම පිළිබඳව ඔහු දැණුම්වත්ව නොසිටී බවත්, එය යහපාලන සමයේ පැවති වාතාවරණයම ඉදිරියට ගමන් කිරීමක් බවත්, එය රාජ්‍යයේ ආරක්ෂාවට කිසිසේත්ම සුදුසු නොවන තත්වයක් බබත් ලියා තැබිය යුතුමය.

මේ රට පරිප්පු කෑවා හොඳටෝම ඇතිය.
.

May 13, 2023

බියර් ජනසතු කරණු


බියර් ජනසතු කරණු

➖➖➖➖➖➖ 🍺 ➖


රනිල් ලිබරල්වාදියෙක් නම් කළ යුත්තේ...


අරක්කු මිළ අඩුකොට... 


බියර් හා වයින් ඕනෑම වෙළඳසලකින් ඕනෑම දිනෙක මිළදී ගැනීමට ඉඩ දීමයි. 


අවශ්‍ය නම් ස්ට්‍රොන්ග් බියර්ද මත්පැන් කැටගරියට දමා, ඒවාට දැන් ඇති නීතී රීතී එලෙසම තැබූවටද අවුලක් නැත.


සුරාබදු ආදායම විශාල ලෙස ඉහළ යාම මහ බැංකුවද මවිත කරණු ඇත.


දැන් ඉතින් අමධ්‍යප හිඟන්නෝ එන්න එපා හැම කඩේටම බියර් දැම්මාම පාසල් දරුවොත් බොයි.... සංස්කෘතියට අම්මට හැමනෙයි කියාගෙන.


දැන් ඉන්න පොඩ් උන් අයිස් හා කුඩු ගහන්නේ... 


ආන් ඒවත් නවතිනවා මේකෙන්...


🔴 රාජ්‍ය ආදායම ඉතා පහසුවෙන් වැඩිකර ගත හැකි මෙවන් උපදෙස් මාතලන්ගෙන්ම පමණි...


සුරාබදු නිශ්පාදන බද්ද වැඩි කිරීමෙන් එමගින් දැන් ලබන ආදායමට කෙලවෙලාම යන බවට අනාවැකි කීවේද මාතලන්ම පමණි.


දැන් සැපද?

.

 

May 9, 2023

කළුතර දැරිය ගැන මගේ සත පහ

 


කළුතර දැරිය ගැන මගේ සත පහ

➖➖➖➖➖➖➖➖➖➖😭➖


කළුතර දැරියගේ මරණය ගැන බොහෝ අය දැරියට වගේම මවටත් දොස් කියනවා. සුපුරුදු පරිදි යෙහෙලිය හා සල්ලාලයා බබාලා වෙනවා. ඒ අපේ හැටි. 


හැබයි ඔක්කෝම මෙහෙම දේ සිද්ද වෙනවා කියලත් දන්නවා. බොහෝ ක්ෂේත්‍රවල රස්සාවල් කරලා තියෙන මාතලන්, මේ රටේ වගේම පිටරටත් හෝටෙල් ෆීල්ඩ් එකෙත් ඉඳලා තියෙන නිසා, මේ වගේ දේ ගැන අත්දැකීම් පවා තියෙනවා. ඒ කියන්නේ මරණ නෙමේ, මේ කල්ට් ගැන. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුනා නම් මුලින්ම අත් අඩංගුවට පත් වෙන්නේ හොටලේ කළමණාකරු. එහෙමයි නීතිය විසින් හෝටල් කාරයෝ මේ වැඩේට බය කරන්නේ. ඒත් මේ අම්මට සිරි ලංකාව නේ. අපි නම් මේ වගේ සිද්දීන් වලට ඉඩ නොදී පොලීසියට පවා මෙවන් උන් ගැන විස්තර දීලා තියෙනවා.


මේ වගේ සිද්දීන් ගැන විශ්ලේෂණ ලියන Chanya Herath හෙවත් හෑලී කුවීන් දැන් නොලියන එක බුකියට විශාල පාඩුවක්. නැතිනම් අපූරූ ලිපියක් නැවතත් බලා ගන්න තිබුනා. මේ දැරියගේ වයස අවුරුදු 16 යි මාස 9 ක්. 


මේ වයසේ දරුවෝ ඔක්කොම වගේ අද ගෙවල් වල ඉන්නවට වඩා ඉන්නේ ගෙයින් පිට මහපාරේ. ඒ අධ්‍යාපනයේ තියෙන තරඟය නිසා. තම දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න කරන්න පුලුවන් හොඳම දේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීම බව දෙමව්පියන් තේරුම් අරගෙන. ඉතින් අධ්‍යාපනය වෙළඳාමක් වෙලා. 


මොන්ටිසෝරීයේ ඉඳලා ඩිප්ලෝමා වගේම විදෙස් උපාධි ලබා දෙන ආයතන ගම් නියම්ගම්වල පවා බිහිවෙලා. කැම්පස් හා විශේෂයෙන් වෛද්‍ය විද්‍යාල බිහි නොවෙන්නේ දැනට තියෙන ඒවයේ ඉන්න ආචාර්‍ය මහාචාර්‍ය අපතයන් හා ගෝත්‍රික වාමාංශික පක්ෂ නිසා.


දැන් සමාජය ගලායන්නේ ඒ විදියට, ඒවා දැන් කැම්පස් වගේම උප සංස්කෘතීන්. කොටින්ම කල්ට් වෙලා ඉවරයි. ඒවයේ කිසිම වරදක් මම නම් දකින්නේ නෑ. හැබයි දැරියන් ඒ නිදහස භුක්ති විඳිනවා වගේම ඊටම අදාල අවරගනයේ ව්‍යාපාරත් ඉබේම මතුවෙනවා.


එක පාරටම මේවට වැටෙන ඕන කෙනෙක් ඒවයේ ගොදුරු වෙනවා. ඉතින් සෙක්ස් ගැන විතරක් නෙමේ, මේ සමාජය ගැනත් දරුවන් මෙන්ම වැඩිහිටියන්ද දැණුම්වත් විය යුතුයි.

මෙවන් සල්ලාලයන්ට බිලි වීම් කටුනායක ආයෝජන කලාපය ආරම්බ වූ කාළයෙත් අනන්ත වාර්තා වුනත්, සියල්ලන් දැණුම්වත් වීමෙන් පස්සේ දැන් එවැනි තත්වයක් නැති තරම්.


මේ ටීනේජර්ස්ලා කියන්නේ ජීවිතේ එක්ස්පරිමන්ට්, පැෂන්, කල්ට් ෆලෝවින්ග්, සෙක්ස් එක්ස්පීරියන්ස්, කෑම බීම, සියල්ල ගැනම භාවිතයෙන් හදාරන්න ඉගෙන ගන්න කාළේ. ඒකත් අධ්‍යාපනය වගේම තමා. මේ බනින අය මතක් කර ගන්නකෝ තමන් විසින් පසු කරපු මේ කාළේ. 


ඒකයි මම පොඩි පෝස්ට් එකක් දාලා ලිව්වේ මේ සියල්ලම සමාජය දන්න සාමාන්‍ය සිඳුවීම්‍ය. වෙනසකට උනේ මරණයක් සිඳුවීම පමණයි කියලා. 


අද කොල්ලෝ වගේම කෙල්ලොත් කල්ලි ගැහිලා, වින්ඩෝ ෂොපින් කිරීම, ට්‍රිප් යාම, ෆුඩ් කෝට් හා රෙස්ටුරන්ට් යාම, මත්පැන් පානය කිරීම, පාටි දැමීම, ෆේස්බුක් පාටී දැමීම, සාමාන්‍ය තත්වයක් වගේම, ඊට අවශ්‍ය මුදල් ගෙදරින් නොලැබෙනවා නම්, සල්ලි හොයා ගන්න සල්ලාලයන්ගේ ගොඳුරු වෙන එකත් සාමාන්‍ය දෙයක්. අඟලෙන් අඟල කාමර දෙන පොඩි හෝටල් බිහිවෙලා තියෙන්නේ ඒකයි. 


ඔය පොඩ් කෙල්ලෝ ෂුගර් ඩැඩීලා එක්ක ඔය කාමරවලට රිංගීම දැන් සාමාන්‍ය තත්වයක්. ඒවට පොලීසියේ මෙන්ම නීතියේ රැකවරණයත් හොඳින්ම ලැබෙනවා වගේම එය උපයෝගී කරගෙන වෙනම මාෆියාවක් බිහිවෙලා තියෙනවා. ඔවුන් බොහෝ විට නවතින්නේ කරෝකේ බාර් වල, නැත්නම් Spa වල. මේවා දැන් නීතීයේ රැකවරණය ලැබෙන හොඳ බිස්නස්.


අපේ පොඩි කාළේ කෙල්ලෝ මෙහෙම යන්න ආස වුනේ නළුවෝ එක්ක විතරයි. ඒත් දැන් නළුවෝ වගේ එළුවෝ රටේ ඕන තරම්. මේ නරුම සල්ලාලයින්ට මේ දැරිවිය තවත් එක බඩුවක් විතරයි.


දැනට ලැබී ඇති තොරතුරු අනුව නම්, හොඳ කළු කෝට් කාරයෙක් අල්ලපු ගමන් ඔක්කොම එලියට ගිහින් මේක තවත් සියදිවි නසාගැන්මක් වෙනවා. සැකකරුගේ පාපෝච්චාරණය එවන් පිටපතක්.


යෙහෙලිය විසින් මේ දැරිවිය විකුණපු බව අරූගේ පාපෝච්චාරණය අනුව පැහැදිලියි. මේ වැඩේටම හෝ වෙනත් යම් දෙයකට හෝ මේ දැරිවිය මේ කල්ට් එකට හුරු කිරීම ඇය විසින් කාළයක් තිස්සේ හොඳින්ම කරලා තියෙනවා. අම්මගෙ වොයිස් කට් වලින් ඒ බව පැහැදිලියි. ඇය මේ වගේ කෙනෙක් බවට පොඩි ඉවක් තිබූ බවත් එයින් පැහැදිලියි. වෙනත් කෙල්ලෙක්ගේ අයිඩෙන්ටියක් මේ දැරිවියට ලබා දීමත්, මාතලන් ඉහතින් කී කරුණු සනාත කරණවා.


මුලින්ම වැඩේ පටන් ගන්නේ දැන් තියෙන පාටි පැටන් එකට. ඔහොම හොටෙල් රූම් වලට සෙට් වෙලා, මත්පැන් සිගරට් විතරක් නෙමේ, ගොඩාක් වෙලාවට අයිස් කියන මත්ද්‍රව්‍ය තමයි වැඩියෙන් ගන්නේ. ඒකට ඔලුව විකාර වෙනවා.


ඊට පස්සෙ දැරිවිය කස්ටර්මර්ගේ ගොඳුරක් කරන මිතුරිය එයාගේ කස්ටමර් හෝ කොල්ලා එක්ක එතනින් මාරු වෙනවා. 


සැකකරු කියන විදියට දෙන්නම නිරුවත් වෙලා ඉද්දී දැරිවිය කාටද කෝල් එකක් අරගෙන රන්ඩු වෙලා ජනේලේ ගාවට ගිහින් නිරුවතින්ම උඩින් බිමට පනිනවා. මෙ කළු කෝට්කාරයන්ගේ පිටපත්. මේ දෙන්නම නිරුවත් කතාව කියන්නේ එයා බබා වෙන්න. ඒ කියන්නේ දැරිවියත් වැඩේට රෙඩි වෙලා උන්නා කියලා කියන්න.


දැරිවිය ලිංගික අතවරයකට ලක් වී නොමැති බව වෛද්‍ය වාර්තාවලත් තිබුනත්, ඇයගේ පපුවේ හා කකුල් වල දත් පාරවල් තිබුන බව සඳහන්. ඒ කියන්නේ වෙලා නැත්තේ යෝනී හෝ ගුද සංසර්ගයක් නොවුනා කියන එක. ඒ කියලා ලිංගික අතවරයකට ලක් වුනේ නෑ කියන්න බෑ නේ. අනේ මන්දා මෙහෙම වාර්තා. මේවා ගීනස් පොතට යන්න ඕන වාර්තා.


සැකකරුගේ රැකියාව අනුව, පොර අනිවාර්‍යයෙන් වයලන්ට් බුවෙක්. එහෙම නැතිව සීසින් ජොබ් එක හෙවත් වාහන උස්සන වැඩේ කරන්න බෑ. ඒක කරන්නේ පාතාල හා මාෆියාවලට සම්බන්ධයක් තියෙන උන්. ඒ වගේම උන් පොලීසිය එක්කත් හිතවත්. උන්ට කෙල්ලන්ගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ. 


බොහෝ විට දැරිවිය මත් බවින් මිදිලා මේ තඩියට අකමැති වෙන්න ඇති. මෙතන ගැටුමක් වුන බව දත් පාරවල් වලින් පැහැදිලියි. එතකොට ඊට අවැසි සාක්ෂි හොයන එක පොලීසියේ හා අධිකරණයේ වැඩක්.


ගෝරිය දුරදිග ගිහින් එක්කෝ බුවා කියනාකාරයට පිටපත අනුව දැරිය පැන්නා. නැත්නම් බුවා කෙල්ල තල්ලු කරලා දැම්මා. නැත්නම් විසිකරා. කොහොම හරි ලිංගික ක්‍රියාවට දැරිය කැමති නොවුන බවත් ඇය රැවටීමකට ලක් වූ බවත් සිඳුවීම් අනුව බොහෝම පැහැදිලියි.


හැබයි බිස්නස් එක කරපු උන්, තමන්ගේ කස්ටමර් අසරණ කරන්නේ නෑ. උන් ආයේ ඇවිත් බොඩිය හංගලා යනවා. ෆෝන් එක කළුගඟට විසිකරනවා. බුවාට පැනලා යන්න ෆුල් සප් එක දෙනවා. 


අපේ රටේ ඉන්න අති දක්ෂ කළු කෝට්කාරයන්ගේ පිහිටෙන් මේ ඔක්කෝම ඇප අරගෙන ආයෙත් සමාජයට එනවා. ඒ එන්නේ පාතාල මාෆියාවේ මාකට් එකක් ඇතිව. ඊට පස්සේ ආයේ අහිංසක දැරියක් සොයාගෙන දඩයමේ යනවා. 


සල්ලාලයන්ට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් හෙවත්, නොඉඳුල් දැරියන් ලබා දීම දිගටම යනවා.


ලෝකෙන් උතුම් රට ලංකාවයි.

අප නිජ භූමිය ලංකාවයි...


.